"අඟහරුවා මතුපිට මේ වනවිටත් ගලායන ද්‍රවජලය පවතිනවා "මෙම අපූර්ව සොයාගැනීම පිලිබඳව නාසා ආයතනයේ අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් මෙයර් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ප්‍රකාශකර සිටියා. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මෙලෙස අඟහරු ග්‍රහයා මත ගලායන ජලය පැවතීම නිසා, අප දන්නා ආකාරයේ ජීවයකට පැවතීමේ පසුබිම තිබෙන බව ප්‍රකාශකර සිටියා.
අඟහරු ග්‍රහයාගේ කක්ශයේ ඉඳිමින් ගන්නා ලද ඡායාරූප දසදහස් ගණනක් අධ්‍යනයකල විද්‍යාඥයින්ට සෑම ග්‍රීෂ්ම ඍතුවකදීම අඟහරුමට කඳුබෑවුම් හා ආවාට බෑවුම්වලින් වෑස්සෙන ද්‍රවජලය හා එම ජලය මගින් ඇතිකරන රටා දැකගන්නට හැකිවී තිබෙනවා.
මෙලෙස ගලායන ජලය අනාගත අඟහරු ගවේෂණ චාරිකාවලදී ගවේෂණයට බඳුන්කරන ප්‍රධාන ස්ථාන වනුඇති බවට නාසා ආයතනය පවසනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී සිදුවෙතැයි බලාපොරොත්තුවන මිනිසුන් රැගත් අඟහරු ගවේෂණ චාරිකාවේදීද මෙවැනි ද්‍රව ජලය බහුල ස්ථානයක් ප්‍රධාන ගවේෂණ ප්‍රදේශයක් වනු ඇති.
පසුගිය මාර්තුවේදී නාසා ආයතනය, අඟහරු ග්‍රහයාමත මීට වසර බිලියන ගණනකට පෙර දැවැන්ත සාගරයක් තිබූ බවට සාක්ශි සොයාගත්තා. වසර බිලියන 4.5කට පෙර ඇතිවූ මෙම සාගරය වසර බිලියන 2කට පෙර වියලීගියේ යම් තවමත් හඳුනා නොගත් යම් හේතුවක් නිසා අඟහරුවාගේ වායුගෝලය තුනීවී යාම නිසයි. තුනී වායුගෝලයට ද්‍රව ජලය බොහෝකල් තබාගැනීමට අවශ්‍ය වායුගෝලීය පීඩනය නොමැති බැවින් සාගර ජලය කෙමෙන් කෙමෙන් සිඳීගියා. කෙසේවෙතත් අඟහරුවා මත මෙම සාගරය වසර බිලියන 1.5ක් පමණ පැවතුනු අතර එම කාලය පෘථිවිය මත ජීවය හටගැනීමට ගතවූ කාලයට වඩා වැඩි කාලයක් බව පැවසෙනවා. ඒ අනුව එම ඉපැරණි අඟහරු සාගරයේ පෘථිවි සාගරය මත මෙන්ම යම් ආකාරයක කාබණික ජීවයක් හටගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.