Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

WTF-1190F උල්කාපාතය ලංකාවට කඩා වැටෙයිද?

$
0
0

මොකක්ද මේ උල්කාපාතය?- මේ උල්කාපාතය කොහොම ඇතිවුනාද කියලා විද්‍යාඥයින් හරියටම කියන්න දන්නේ නෑ කියලයි වාර්තාවන්නේ. මේක මීට කලින් සඳවටා කක්ශගතවෙලා තිබිලා තියෙනවා. මේ ඔක්තෝම්බර් මාසයේ, ඇමරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන Catalina Sky Survey නම්වූ උල්කාපාත හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය (meteors and space junk) හඳුනාගන්න යොදවාගෙන තිබෙන දුරේක්ශයකින් තමයි මේක පෘථිවිය දෙසට එනවා කියලා හඳුනාගෙන තියෙන්නේ.

විද්‍යාඥයින් අනුමාණ කරනවා මේ වස්තුව ඇපලෝ සඳ ගවේෂණ මෙහෙයුමකදී ඉවත්වුනු රොකට්ටුවක කැබැල්ලක් වෙන්න ඇති කියලා.

කොච්චර විශාලද? මීටර් 2, නැතිනම් අඩි 7ක් විතර විශාලත්වයෙන් යුතුයි කියලයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය කියන්නේ.

මොකක්ද මේ දීලා තියෙන නම? මේකට කියලා දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් මොකක්ද කියලා හිතාගන්න බැරි දෙයකට කියන WTF? (What The F*ck?) යන අර්ථයෙන් කියලා බ්‍රිතාන්‍යයේ ඩ්‍රේලි මේල් පුවත්පත කියනවා. මේ වගේ තවත් හඳුනාගන්න බැරිවස්තූන් වලටත් WTF කේතය දෙන නිසා ලංකාව පැත්තට එන මේ වස්තුවWTF-1190F කේතයෙන් මේක හඳුන්වනවාලු. (බොරු නෙමෙයි, ඇත්ත)

ඇත්තට කොහෙටද මේක වැටෙන්නේ?- ලංකාවේ සමහර පත්තර දැන් මේක පත්තර විකුණගන්න දෙයියෝ දුන්න දෙයක් වගේ සළකගෙන මේක විකුණාගෙන කන්න හදන බව පේනවා. මේක කඩාවැටෙනවා කියන්නේ ලංකාවේ දකුණුදිග වෙරලතීරයෙන් කිලෝමීටර් 60ක් විතර ඈත සාගරයට කියලයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය කියන්නේ.

Image Courtesy of Dailymail.co.uk 
ලංකා භූමියට වැටුනොත් හානියක් වෙයිද?මේකෙ විශාලත්වය මීටර් 2ක් කියලා හොඳින් තහවුරුවෙලා තියෙනවා. දුරේක්ශවලින්, රේඩාර් වලින් සෑහෙන දවසක් නිරීක්ශණය කරලා මේ බව තහවුරු කරගෙන තියෙනවා.

ඒවගේම රේඩාර් හා මයික්‍රෝවේව් තරංග මේකට යොමුකරලා ලැබෙන දත්තවලින් තහවුරුවෙලා තියෙනවා මෙම වස්තුව ඝණත්වයෙන් බොහොම අඩුයි කියලා. ඒවගේම විද්‍යාඥයින් කියන විධියට මේ වස්තුවෙන් විශාල ප්‍රතිශතයක් ඒක පොලොවට ලංවෙන්න ඉස්සෙල්ලා වායුගෝලීයේ ඝර්ෂණයෙන් දැවී යනවා. එය බොහෝ කුඩා උල්කාපාතවලට පොද් දෙයක්.

ඒ නිසා, බැරිවෙලාවත් පොලොවට කඩාගෙන වැටුනොත් ජීවිත හානි, දේපොල හානි වෙන්න ඉඩක් නෑ කියලයි ඔවුන් සහතික කරන්නේ.




Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>