2012 දෙසැම්බර් මස නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක ජොශ් බෙග්ලි සිය පාඨමාළාවේ එක් පැවරුමක් සම්පූර්ණ කිරීමට අමෙරිකාව විසින් 2002 වසරේ සිට විදේශ රටවල සිදුකරන ලද ඩ්‍රෝන ප්‍රහාර ට්විටර් ගිණුමක් ආධාරයෙන් "tweet" කිරීම හෙවත් සම්ප්‍රේෂණය ඇරඹුවේය. ඔහුගේ අරමුණ වූයේ සියලුම ඩ්‍රෝන ප්‍රහාර, එම ප්‍රහාර හා සබැඳු අන්තර්ජාල ප්‍රවෘත්ති සබැඳුම් (news links) හා සමග සම්ප්‍රේශණය කිරීමයි.
දැන් මෙම ට්විටර් ස්ම්ප්‍රේශණ search.dronestre.am නම් අන්තර්ජාලය ලිපිනයේ ස්ථාපනය කරන ලද සෙවුම් යන්ත්‍රයක් බවට පත්කොට ඇති අතර 2002 වසරේ සිට 2013 මැයි මස දක්වා අමෙරිකාව එල්ලකරන ලද ඩ්‍රෝන ප්‍රහාර 480ක තොරතුරු මෙහි අඩංගුය.
2002 නොවැම්බර් 3වැනි දින එල්ලකරන ලද පලමු අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය පිලිබඳ ට්විටර් පණිවුඩය. |
The Bureau of Investigative Journalism වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අමෙරිකානු ඩ්‍රෝන යුද්ධය පිලිබඳ දත්ත. |