ෆෝන් චාර්ජ් කලහැකි කෝපි ජෝගුවේ ක්‍රියාකාරිත්වය පෙන්වන 18හැවිරිදි ඈන් මැකොසින්ස්කි. |
ඇයගේ ප්‍රථම ජයග්‍රාහී නිර්මාණය වූයේ අතේ උණුසුමෙන් පමණක් ක්‍රියාත්මක වන, LED විදුලි පන්දමකි. වැඩි උණුසුම හා අඩු උණුසුම අතර තාප වෙනස ආධාරයෙන් විදුලිය ජනනය කල හැකි ඉලෙක්ට්‍රොණික, තාප-විද්‍යුත් උත්පාදකයක් (thermoelectric generator) ආධාරයෙන් මෙය ක්‍රියාත්මක වන අතර එය සෑම වසරකම ගූගල් සමාගම සංවිධානය කරන "Google Science Fair"නම් පාසැල් සිසු සිසුවියන්ගේ නවෝත්පාදන නිර්මාණ ප්‍රදර්ශණයේදී 2013 (කැනඩා ප්‍රදර්ශනයේ) ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
එම වසරේ සිට සෑම වසරකම නව නිර්මාණයක් කොට විවිධ නවෝත්පාද තරඟ වලදී ප්‍රථම ස්ථානය හෝ වෙනයම් දිනුමක් ලබාගැනීමට සමත්වූ දක්ශ නොවෝත්පාදක නිර්මාණ කාරියක් වන ඈන්ගේ අලුත්ම නිර්මාණය උණු කෝපි වත්කල විට එම උණුසුමෙන් ස්මාර්ට් ෆෝනයක් පැය භාගයක් චාර්ජ් කරගත හැකි කෝපි ජෝගුවක් (coffee mug) නිර්මාණය කිරීමයි.
පරිසර හිතකාමී නවෝත්පාදන නිර්මාණය සඳහා තරුණ තරුණියන් දිරිමත් කිරීමට කැනඩාවේ ෂෙල් පෙට්‍රෝලියම් සමාගම පිරිනමන The Quest Climate Grant නම් නවෝත්පාදන තරඟය සඳහා මෙම නිර්මානය ඉදිරිපත් කල ඇන්ගේ නිර්මාණය තරඟ තීරකයින් විසින් හොඳම නිර්මාණ 7න් එකක් ලෙස තෝරා ගත්තා. මෙලෙස තෝරා ගැනෙන නවෝත්පාදන නිර්මාණ 7ටම, එම නිර්මාණ තවදුරටත් සංවර්ධනය කොට වෙළඳපොල වෙත ඉදිරිපත් කිරීම සඳහා ඩොලර් 50,000 බැගින් ප්‍රදානයන් ලබාදෙන අතර ඒ අනුව ඈන් දැනටමත් තම නිර්මානය වැඩිදියුණු කොට වෙළඳපොලට එවිම සඳහා පර්යේෂණ හා මූල්‍ය දායකත්වයන් ලබාදෙන ලෙස අනෙකුත් තරුන නිර්මාපකයින්ට හා ආයෝජකයින්ට ආරාධනා කොට තිබෙනවා.
මේ වනවිට ඈන් මැකොසින්ස්කි දිනා ඇති වීවිධ නවෝත්පාදන තරඟ (විකිපීඩියා) |
__________________________________________________________________________.
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR.
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi .
__________________________________________________________________________
----------------------------------------------------------------------------------------------------------