අලුත්ම ආකාරයට හැඩවැඩ ගැන්වුනු User Interface එක
භාවිතා කරන්නාට වඩාත් පහසු, නිරවුල්, ඉතා ඉක්මණින් කලයුතු කාර්යය වෙත යාහැකි ලෙස මෙය නිර්මාණය කලබව ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධති නිර්මාණ අංශයේ ප්‍රධානී ජොනී අයිව්ස් පවසනවා.
" iOS 7 නිර්මාණය කරලා තියෙන්නේ මීට කලින් කවදාක්වත් ඇපල් ජංගම දුරකථනයක් භාවිතා කරලා නැති, ඇපල් මෙහෙයුම් පද්ධතිය අඳුනන්නේ නැති කෙනෙකුට වුනත් කරදරයක් නැතිව, ඉතා ඉක්මණින් තේරුම් ගන්න පුලුවන් විධියටයි... ඇත්තටම ඇපල් භාවිතා කරන්න ඉගෙන ගන්න ඕනෑ නෑ....දැක්ක ගමන් තේරුම ගන්න පුලුවන් මොනවත කරන්න ඕනෑ කියලා..." ජොනී අයිව් - iOS 7 නිර්මාතෲ
iOS 7 නිර්මාණය කිරීමේදී වැඩිම අවධානය යොමුකොට ඇත්තේ -one-swipe access to the things you often want to do on a moment’s notice - හෙවත් ඉතා ඉක්මණින් නිතරම සිදුකල යුතු දේ සිදුකරගත හැකි පරිදියි.
iOS 7 නිර්මාණයේදී සෑම පික්සලයක් වෙතම අවධානය යොමුකලා
ඉතා සියුම්, අනවශ්‍ය හැඩවැඩි නැති, නියම ආකාරයට වර්ණ ගැන්වූ අයිකන හා ඇප්ස් මෙහි දැකගන්නට පුලුවන්.