දකුණු කොරියානු යුධහමුදා ආරංචිමාර්ග පවසන අන්දමට උතුරු කොරියාව අද (ජූලි 9) හිමිදිරි පාන්දර සබ්මැරීනවලින් දියත්කල හැකි බැලිස්ටික් මිසයිලයක් අත්හදාබලා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර අමෙරිකාවට එරෙහිව යුධ ප්‍රකාශකල කිම් ජොන්ග් අන්, සිය තර්ජනය සක්‍රිය කිරීමක් ලෙස විචාරකයින් මෙම අත්හදා බැලීම හඳුන්වනවා.
මීට සති කිහිපයකට පෙර අමෙරිකාව හා දකුණු කොරියාව, උතුරු කොරියානු මිසයිල වලින් දකුණු කොරියාව ආරක්ශාකිරීම සඳහා "Terminal High Altitude Area Defense"නම් මිසයිල ආරක්ශණ පද්ධතියක් ස්ථාපනය කරන බව ප්‍රකාශකලා. උතුරු කොරියාව, මෙම පද්ධතිය තමන්ගේ ආරක්ශාවට තර්ජනයක් බව ප්‍රකාශ කලා.
මිසයිල කොටසක් පරීක්ශා කරන කිම් |
උතුරු කොරියානු සබ්මැරීන් මිසයිලයක් |
උතුරු කොරියානු මිසයිල පරීක්ශණයක් |
උතුරු කොරියානු විද්‍යාඥයින් නිර්මාණය කල න්‍යශ්ඨික පිපිරුම් හිසක් (nuclear warhead) පරීක්ශා කරන කිම් |
හමුදා අභ්‍යාසයක් නිරීක්ශණය කරන කිම් |
හමුදා සංදර්ශණයක ප්‍රදර්ශණය කෙරෙන ටේපොඩොන්ග් වර්ගයේ බැලිස්ටික් මිසයිලයක් |
ජාතික ආදායමෙන් අති විශාල කොටසක් යුධ අවි නිශ්පාදනය හා හමුදා නඩත්තුවට වැයකරන උතුරු කොරියාවේ ගම්බද සාමාන්‍ය ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලේ. |
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________