ඇමරිකන් හමුදාව විශාල ලෙස රොබෝ තාක්ෂණයට යොමු වන්නට එක් හේතුවක් වන්නේ මරණ අඩුකර ගැනීමයි. විදෙස් මෙහෙයුමවල යෙදෙන තරුණ අමෙරිකානු සෙබලුන්ගේ මළ සිරුරු රටට පැමිණීම එරට දේශපාලකයින් ජනතාවගේ දැඩි අප්‍රසාදයට බඳුන්වනවා.
අනුන්ගේ යුද්ධ වලට යවා තම දරුවන් මරාදමන බවට එල්ලවන චෝදනාවලින් ගැලවීමටත්, මිනිස් සෙබලුන් සඳහා වන පිරිවැය එන්න එන්නම ඉහල යාමත් නිසා විවිධාකාරවූ රෝබෝ තාක්ශණයන් දියුණු කිරීමට අමෙරිකාව පෙළබිලා තියෙනවා.
මෙම රොබෝ තාක්ශණයන් අතරින් වැඩිම ආයෝජනයක් සිදුකරලා තියෙන්නේ රොබෝ ට්‍රක් රථ නිර්මාණය කිරීමටයි. ඇෆ්ඝනිස්තානය ඉරාකය වැනි සතුරන් ගහන රටවල හමුදාකඳවුරු පවත්වාගෙන යාම සඳහා ඉන්ධන,ආහාර හා පතරොම් ගෙන ඒම සඳහා විශාල ට්‍රක් රථ තවලම් (convoys) යොදා ගන්නා අතර මේවා සතුරන්ගේ පහසු ඉලක්ක වනවා. පාර දෙපස ඇටවූ මර උගුල්, බිම් බෝම්බ මෙන්ම ප්‍රහාර සඳහා ඉතා පහසු ඉලක්ක වන මෙම රථ තවලමකට පහරදීමෙන් ඒවා පදවන හා ආරක්ශාව සපයන පිරිස මරාදැමීමට හැකිවනවා.
ප්‍රවාහන තවලම් වලට එල්ලවූ ප්‍රහාරවලින් වැඩිම විනාශයක් අමෙරිකානු හමුදාවලට සිදුවුනේ ඉරාකයේදී. මෙම ප්‍රහාරවලින් සිදුවුනු අමෙරිකානු ජීවිත හානි කොතරම්ද යත් 2004දී අමෙරිකානු යුධ තාක්ශණ නිර්මාණ ආයතනය වන ඩාර්පා ආයතනය, විශාල දුරක් තනිවම ධාවනය කල හැකි රෝබෝ ට්‍රක් රථයක් නිර්මාණය කිරීම සඳහා තරඟයක් සංවිධානය කොට ඩොලර් මිලියනයක තෑග්ගක් ඉදිරිපත් කලා.
දැනට අමෙරිකා වේ ගූගල්, ටෙස්ලා ආදී සමාගම් පරීක්ෂණවලට බඳුන්කරන රියදුරන් රහිත වාහන තාක්ශණයට අඩිතාලම වැටුනේ මෙම ඩාර්පා ආයතනයේ අභියෝගය නිසා කියලා විචාරයකයින් පවසනවා.
මාර්ග සළකුණු ඇති, න්යමාකාරයට සකසන ලද මහාමාර්ගවල ධාවයන දැන් රොබෝ රියදුරන්ට එතරම් අමාරු නැතත් යුධ බිම්වල, කාන්තාරවල, බොරළු පාරවල්වල, වලගොඩැලි, මඩ ගොහොරු මැදින් වාහනයක් නිරුපද්‍රිතව ගෙනයන්ට තරම් මෙම රොබෝ තාක්ශණය තවම දියුණු වෙලා නෑ.
මේ නිසා දැන් ඩාර්පා ආයතනයත්, පෙන්ටගනයත් නියමු වාහනයක් (lead vehicle) පසුපස යා හැකි රොබෝ ට්‍රක් රථ තාක්ශණය පරික්ශා කරමින් සිටිනවා. ඉදිරියෙන් යන වාහනය මිනිසෙකු ධාවනය කරන අතර ඊට පිටුපසින් තවත් රොබෝ රියදුරන් ධාවනය කරන වාහන 7ක තවලම් මේ දිනවල පරීක්ශණයට බඳුන් කරන බවයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ.
එවිට මිනිස් රියදුරා නිවැරදිව වාහනය ධාවනය කරද්දී රොබෝ අනුගාමිකයින් සිය ට්‍රක් රථ එය අනුගමනය කරමින් පසුපසින් යනවා. ඒ අනුව සිදුවිය හැකි ජීවිත හානි 1/7කින් අඩුකරගැනීමට ඇමරිකන් හමුදාව බලාපොරොත්තු වන අතර තාක්ශණය දියුණු වහාම 100% රොබෝවරුන් ධාවනය කරන ඇමරිකන් වාහන තවලම් විදෙස් යුධ බිම්වල දකින්නට ලැබෙන ඇති.

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________