Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

හයිඩ්‍රජන් බලයෙන් දිවෙන හමුදා ජීප් රිය

Image may be NSFW.
Clik here to view.


ජෙනරල් මෝටර්ස් සමාගම මගින් නිර්මාණය කරන ලද Chevrolet Colorado ZH2 ලෙස හඳුන්වන මෙය ගමන් කරන්නන්ට අතරමගදී එල්ලවන ප්‍රහාරවලින් ආරක්ශාවීම සඳහා සන්නාහ (amour plating)  වලින් සමන්විත කොට ඇත. අඟල් 37 විශ්කම්භය ඇති ටයර හා ඝණවනාන්තර හා කාන්තාරවලට ඔරොත්තුදෙන සස්පෙන්ෂන් පද්ධතිය නිසා ඕනෑම පරිසරයක ගමන් කිරීමේ හැකියාව ඇත.

මෙහි ඇති හයිඩ්‍රජන් ඉන්ධන පද්ධතිය (hydrogen fuel cell) සඳහා ෆොසිල ඉන්ධන යොදාගත හැකි අතර ෆොසිල ඉන්ධන දහනයේදී සිදුවන පරිසරදූෂණය හා ශබ්දයෙන් තොරව නිහඬව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත. යුධ මෙහෙයුම් වලදී මෙම ජීප් රියට ඉතා නිහඬව ක්‍රියාත්මක වීම නිසා සතුරු බළමුලු අසලටම ගෙන යාහැකි අතර හයිඩ්‍රජන් ඉන්ධන පද්ධතිය මගින් තාපය නිපදවන්නේ නැති නිසා මෙය අධෝරක්ත සංවේදකවලට හඳුනාගැනීමද අපහසුය.


එපමණක් නොව මෙහි බලය නිපදවීම සඳහා හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කිරීමෙන් අතුරුපලයක් ලෙස පැයකට ජලය ගැලුම් 2ක් පමණ නිපදවන අතර මෙම ජලය කාන්තාර මෙහෙයුම් වලදී සෙබලුන්ට පානය සඳහා භාවිතාකල හැකි ලෙස එකතුකර ගත හැකිය.

එමෙන්ම හමුදා කඳවුරක ගාල් කොට තිබියදී මෙම ජීප් රථයේ හයිඩ්‍රජන් බල පද්ධතිය ක්‍රියාත්මක කොට මෙය ඉතා නිහඬව ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍රයක් ලෙසද භාවිතාකල හැකි අතර රථයෙන් විදුලි බලය පිටතට ලබාගැනීම සඳහා පහසුකම් ලබාදී ඇත.


























ජීප් රථයේ එන්ජිම ලෙස ක්‍රියාකරන හයිඩ්‍රජන ෆියුල් සෙල් බලපද්ධතිය

__________________________________________________________________________

Image may be NSFW.
Clik here to view.
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>