පික්ට් ගෝත්‍රිකයාගේ ඇටසැකිල්ල හමුවූ ආකාරය |
පික්ට්වරු යනු යකඩ යුගයේ අවසානයේ (Late Iron Age) සිට මධ්‍යතන යුගයේ මුල්කාලය (Early Medieval) තුල උතුරුදිග ස්කොට්ලන්තයේ ජීවත්වුනු මානව ගෝත්‍රයකි. පික්ටිෂ් ලෙස හැඳින්වෙන දැන් අභාවයට ගිය භාශාවක් කතාකල මොවුන් බ්‍රිතාන්‍යයේ ආදිතම වැසියන් කොටසකි. අශ්වයින්, බැටළුවන් හා ඌරන් ඇතිකල මොවුන් තිරිඟු, බාර්ලි, රයි හා ඕට්ස් වැනි ධාන්‍ය වගාකරමින් ගම්මානවල ජීවත්වූ මොවුන් උතුරු ස්කොට්ලන්තයේ කුඩා රාජධානි කිහිපයක්ද ඇතිකර ගත්තේය.
උතුරු බ්‍රිතාන්‍යයේ පික්ට්වරුන් පැතිර සිටි ප්‍රදේශය හා මෙම පුද්ගලයාගේ අස්ථි හමුවූ බ්ලැක් අයිල් ප්‍රදේශය. |
රණකාමීන්වූ පික්වරු, ඔවුන් ගැන මතකය ඉතිහාසයෙන් මැකීයන්නට පෙර බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත්කරගෙන සිටි රෝමන් වරුන්හා දරුණු ලෙස සටන් වැදුනු බවට ඉතිහාසයේ සටහන් වනවා.දරුණු ගති පැවතුම් ඇති දරුණු වනචාරී ගොත්‍රයක් ලෙස රෝමන් ඉතිහාසඥයින් විසින් හඳුන්වනු ලැබූ පික්ට්වරුන්ට පින්සිදුවන්නට ස්කොට්ලන්තය ඇතුලත් උතුරු බ්‍රිතාන්‍යය යටත්කර ගැනීමට රෝමන් හමුදාවලට හැකිවුනේ නෑ. පික්ට්වරුන්ට ඒ නම ලබාදුන්නේ රෝමන්වරුන් විසින්. පික්ට් යන රෝමන් වචනයේ තේරුම මුහුණ/ඇඟපත පින්තාරුකරගෙන සිටින්නන් යන්නයි. පික්ට්වරුන් ප්‍රසිද්ධ වන තවත් එක් කරුණක් වන්නේ උතුරු ස්කොට්ලන්තයේ අධික ශීතල දේශගුණයේ වුවද සටන්වදිද්දී සම්පූර්ණයෙන්ම නිරුවතින් යුධබිමට පැමිණ බිහිසුණු ලෙස සටන් කිරීමයි.
පික්ට් රණකාමියෙකුගේ චිත්‍රයක් |
කාළයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම ජනගෝත්‍රයේ එක් පුද්ගලයේකුගේ හිස්කබලකින් ඔහු ජීවත්ව සිටියදී කෙසේ සිටින්නට ඇතිදැයි අනුමාන කෙරෙන ආකාරයේ මුහුණු ආකෘතියක් නිර්මාණය කිරීමට ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් සමත්වී තිබෙනවා.
පුරාවිද්‍යාව, අධිකරණ වෛද්‍ය තාක්ෂණය (forensic technology) හා ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් මෙම පුද්ගලයාගේ හිස්කබලේ හැඩය හා ප්‍රමාණයන් අනුව ඔහුගේ මුහුණේ මාංශපේෂි හා සම තිබෙන ආකාරය විද්‍යාත්මකව ගණන්බලා, ඩිජිටල් ග්‍රැෆික් තාක්ෂණයෙන් එම දත්ත පරිගණකයට කවා එමගින් මෙම රුව නිර්මාණය කොට තිබෙනවා.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________