Draper කියන ජෛව-ඉන්ජිනේරු තාක්ෂණ සමාගම බත්කූරන් යොදාගෙන ඔත්තු බලන්න පුලුවන් සජීවී ඩ්‍රෝන යානයක් නිර්මාණය කරමින් යනවා. රූපයේ පෙනෙන්නේ ඔවුන්ගේ පර්යේෂණ වලින් බිහිකල සයිබෝර්ග් බත්කූරා.
ජීවී බත්කූරෙකුගේ ඇඟවටා ක්ෂුද්‍ර සූර්ය කෝෂයක් හා ඉලෙක්ට්‍රොණික උපාංගවලින් මෙම ඩ්‍රෝනය නිර්මාණය කරලා තියෙනවා. ඉලෙක්ට්‍රොණික පද්ධතිය බත්කූරාගේ ප්‍රධාන ස්නායු පද්ධතියට යවන පණිවුඩ මගින් බත්කූරාගේ පියාසැරිය පාලනය කරන්න පුලුවන් කියලා සමාගම කියනවා.
![]() |
බත්කූරාව පාලනය කරන ඉලෙක්ට්‍රොණික පද්ධතිය |
බ්‍රිතාන්‍ය විද්‍යාප්‍රබන්ධ රූපවාහිණී වැඩසටහන් මාලාවේ එක් කථාංගයක මෙවැනි තාක්ෂණයක් යොදාගත හැකි ආකාරය පෙන්වනවා. කථාවේ විධියට මීමැස්සන් වඳවීම නිසා ආහාර දාමය බිඳවැටීම පාලනය කරන්න මෙම සමාගම කෘත්‍රිම ඩ්‍රෝන මීමැස්සන් ලක්ෂ ගණනක් පරිසරයට මුදා හරිනවා. මෙම ඩ්‍රෝන මීමැස්සන්ගේ ප්‍රධාන රාජකාරිය මල්වලට ගොස් පරාග තවරාගෙන වෙනත් මල් වලට ගොස් පරාග පෝෂණය කිරීම.
හැබැයි මෙම සමාගම බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමග රහසිගත ගිවිසුමක් ගහලා තියෙනවා. ඒ තමයි අවශ්‍ය ඕනෑම මොතක ඔත්තු බැලීමේ වගේම ඉලක්කගත ඝාතනයන් කරන්න මෙම ඩ්‍රෝන යොදාගන්නට හැකිවීමේ අවසරය. මේ සමාගම බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඔවුන්ගේ මීමැස්සන් ඔත්තු බැලීමේ මෙන්ම තොරාගත් පුද්ගලයින්ට විෂ කටුවකින් දෂ්ඨ කරලා මරා දමන්න හැකි විධියටයි මෙම මීමැස්සන් නිර්මාණය කරලා තියෙන්නේ.
__________________________________________________________________________
