![]() |
ඇමරිකානු F-15 Eagle ප්‍රහාරක යානා "එලිෆන්ට් වෝක්"අභ්‍යාසය සඳහා ජපානයේ කැඩේනා කඳවුරේ ධාවන පථයේ පෙලගස්වා ඇති ආකාරය (අප්‍රේල් 15). |
කොරියානු සංචාරයේදී උතුර හා දකුණ වෙන්කරන යුධ මුක්ත කලාපයට ගිය මයික් පෙන්ස් උතුරු කොරියාවට අණතුරු අඟවා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය මෙන්ම අමෙරිකානු යුධ ශක්තියද උරගා බලන්නට උත්සහ නොකරණ ලෙසයි.
එමන්ම මෙතෙක් කල උතුරු කොරියාව අරභයා ඇමරිකානු ප්‍රතිපත්තිය වූ "උපායමාර්ගික ඉවසීම - Strategic Patience"අවසන් බව මයික් පෙන්ස් නිළවශයෙන් ප්‍රකාශකොට සිටියා.
Elephant Walk ගුවන් ප්‍රහාර සඳහා සන්නද්ධකොට, ඉන්ධන පුරවාගත් ප්‍රහාරක යානා, බෝම්බ හෙලන යානා හා ටෑන්කර් යානා සමූහයක් එක පෙලට ගුවන්පථයේ පෙල ගස්වා දැවැන්ත සමූහ ගුවන් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සිදුකරන පෙරහුරුවයි.
මෙහිදී ගුවන්යානා එකිනෙකාට සමාන්තරව මෙන්ම එකාපස්සේ එකා මෙන් පෙලගස්වනවා. ප්‍රහාරය දියත් කිරීමට අණ ලැබුණු වහාම අඩුම කාළයකදී සියලූම ගුවන්යානා ගුවන්ගත කරගැනීම මෙලෙස යානා ඉතා ලඟින් පෙළගැස්වීමේ අරමුණයි.
ඉන්ධන හා ආයුධ පුරවාගත් යානා එකිනෙකාට ඉතා සමීපයෙන් ගුවන්ගත වීමේදී සම්බන්ධීකරණය හා සන්නිවේදනය ඉතා වැදගත් වන අතර සිදුවිය අණතුරු වලක්වා ඉතා කඩිනමින් සියලු යානා ගුවනට ගැනීමට මේ එලිෆන්ට් වෝක් අභ්‍යාසය උපකාරී වනවා.
![]() |
C-130 Hercules ප්‍රවාහන යානා එලිෆන්ට් වෝක් අභ්‍යාසයකට පෙලගස්වා ඇති අයුරු |
මෙම ක්‍රියාදාමයට Elephant Walk යෙදුම පටබැඳී ඇත්තේ දෙවැනි ලෝක යුධ සමයේදීයි. එකල ජර්මනිය හා ජපානය වෙත පහරදීමට දැවැන්ත බෝම්බ හෙලන යානා සිය ගණනක් ධාවනපථයන්හි ගුවන්ගත වීමට සූදානම්ව තිබියදී ඒවා එකා පස්සේ එකා යන විශාල ඇත් පෙරහැරක් මෙන් දිස්වීම නිසා බව පැවසෙනවා.
__________________________________________________________________________
