![]() |
මයික් පෙන්ස් USS රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනියන නෞකාවේ සිට ඇමරිකන් හා ජපන් නාවිකයින් අමතයි. |
අද (19) උදෑසන ටෝකියෝ වරායේ නැංගුරම්ලා තිබෙන USS රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනියන නෞකාවේ (CVN 76) ධාවන පථය මත රැස්වූ 2500ක් පමණ වන ඇමරිකන් හා ජපන් නාවිකයින් ඇමතූ ඇමරිකන් උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට තීරණාත්මක ලෙස මුහුණදීමට ඇමරිකානු අසිපත සූදානම් බව පවසා සිටියේ රැස්ව සිටි නාවිකයින්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේයි.
ඇමරිකාවට සාමය අවශ්‍ය බවත් එහෙත් අනවශ්‍ය ලෙස ප්‍රකෝපකාරීව හැසිරුණහොත් උතුරු කොරියාවට දරාගත නොහැකි දැඩි ප්‍රහාරයකින් පිලිතුරුදීමට සූදානම් බව පෙන්ස් පවසා සිටියා.
ටෝකියෝ වරායේ පිහිටි ඇමරිකාවට අයත් යොකොසූකා නාවික කඳවුරේ සංචාරය කල පෙන්ස්, අමෙරිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන්යානා ගෙනයන නෞකාවක් වන USS රොනල්ඩ් රීගන් නෞකාව මත සිටයි මේ අභියෝගය සිදුකලේ.
"ඇමරිකාව සෑම විටම සාමය අගයනවා, එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස සිටින තාක් ඇමරිකානු අසිපත යුධ වැදීමට ඕනෑම මොහොතක සූදානම්ව සිටිනවා..."
__________________________________________________________________________
