මනෝභ්‍රමික (psychedelic) මත්ද්‍රව්‍ය යනු යමෙකුගේ දැක්ම / අවබෝධය (cognition) හා ඥානණය (perception) වෙනස් කරන මත්ද්‍රව්‍ය වර්ගයකි. මේවා ක්‍රියාකරන්නේ මොළයේ සෙරටෝනින් ප්‍රතිග්‍රාහක (serotonin receptors) උත්තේජනය කිරීමෙනි. LSD ලොව ජනප්‍රියම සයිකිඩෙලික් මත්ද්‍රව්‍යය වන අතර සයිකිඩෙලික් ක්‍රියාකාරකම් පෙන්වන රසායණික ද්‍රව්‍ය සමහර හතුවර්ග වල ස්වභාවිකවම ඇතිවේ.
Nature Scientific Reports පර්යේෂණ සඟරාවේ පලකල නිබන්ධනයකට අනුව එල්.එස්.ඩී වැනි සයිකිඩෙලික් මත්ද්‍රව්‍ය ශරීරගතවූ විට මොළයේ ක්‍රියාකාරිත්වය අලුත්ම මානයකට ප්‍රවිශ්ඨවන බව සොයාගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ එසෙක්ස් විශ්වවිද්‍යාළයේ පර්යේෂකයින් පිරිසක් හා නවසීලන්තයේ පර්යේෂකයින් පිරිසක් සිදුකරන ලද මෙම පර්යේෂණ වලදී පුදගලයින් ගණනාවකට LSD, Ketamin, හා Psilocybin (හතුවර්ග වල සයිකිඩෙලික් ක්‍රියාකාරකම් පෙන්වන රසායණය) යන සයිකිඩෙලික් රසායණ ලබාදී ඒවා ඔවුන්ගේ මොළයේ සිදුකරන වෙනස්කම් පිලිබඳව MRI ස්කෑන් පරීක්ෂා මගින් විශ්ලේෂණය කොට තිබෙනවා.
මෙම MRI ස්කෑන් වල ප්‍රථිපල අනුව සයිකිඩෙලික් රසායණ ශරීරගතවූ පසු මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය ඉහල ගොස් නව මානයකට ලඟාවෙන අතරම එම ක්‍රියාකාරිත්වයන් සමාන්‍ය අවදියෙන් සිටිනා අවස්ථාවල ක්‍රියාකාරිත්වයට වඩා බොහෝ සෙයින් වෙනස් බව පෙනීගියා. එම ප්‍රථිපල අනුව සයිකිඩෙලික් මත්ද්‍රව්‍ය ශරීරගතවූ විට එම පුද්ගලයා ලොව දකින ආකාරය වෙනස් මානයකට ගෙන යන බව නිගමනය කොට තිබෙනවා.
මෙම සංසිද්ධිය පරීක්ෂණයට බඳුන්කල මත්ද්‍රව්‍ය තුනටම පොදු බවද පෙනී ගියා.
Sources:
http://www.telegraph.co.uk/science/2017/04/20/psychedelic-drugs-found-induce-higher-level-consciousness/?utm_source=dlvr.it&utm_medium=twitterhttps://www.newscientist.com/article/2128192-psychedelic-drugs-push-the-brain-to-a-state-never-seen-before/?cmpid=SOC|NSNS|2017-Echobox&utm_campaign=Echobox&utm_medium=Social&utm_source=Twitter#link_time=1492679154
__________________________________________________________________________
