Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : අද මිහිකත දිනය - ලංකාවේ ඔබ මිහිකත දින සැමරිය යුත්තේ කෙසේද?

$
0
0



මිහිකත දිනය සමරන්නට ලංකාවේ මොනවද කෙරෙන්නේ?

ආරංචි විධියට මුකුත් නෑ....

පසුගිය අවුරුදුවල නම් රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ වැඩසටහන් සිද්දවුනා.

ඒත් මේ සැරේ කුණු කන්දක් කඩාවැටිලා මිනිස්සු මැරිච්ච, රටපුරා පොඩි පොඩි කුණු කඳු ගොඩගැහෙමින් යන, කුණු දාන්න එපා කියලා සමහර පලාත්වල මිනිස්සු උද්ගෝෂණ කරලා කඳුලු ගෑස් කන කාලෙක ආණ්ඩුව කොහොමද රෙදි ඇඳගෙන මිහිකත දිනය සමරන්නේ? සමරපල්ලා කියලා රට්ටුන්ට කියන්නේ?  නේද?

කුණු ගොඩක ජීවත්වන ලංකාවේ ඔබ මිහිකත දින සැමරිය යුත්තේ කෙසේද?

රනිල්ටයි මෛත්‍රීටයි ආණ්ඩුවේ හැත්ත-බුරුත්තටයි බැන බැන කුණු බෑක් එක වාහනේ/බයික් එකේ දාගෙන ගිහිල්ලා කොහේ හරි පාළු පාරකට විසිකරලා දාමු.

උන්ව බලයට ගෙනාවේ අපිම බව අමතක කරමු.

උන් බලයට එනකොටත් කුණු කන්ද තිබූ බවද අමතක කරමු.

ඒ කුණු රනිල්ගේ හෝ මෛත්‍රීගේ කුණු නොව අපේම කුණු බව අමතක කරමු.

කුණු ප්‍රශ්ණය විසඳන්නට ගේන හැම විසඳුමකටම විරුද්ධ වෙමු, විවේචනය කරමු, උද්ගෝසණය කරමු.

හාමුදුරුකෙනෙක් හෝ පාදිලිතුමෙක් ඉස්සහරහට දාගෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කරමු. බොරු වපුරමු

කොළඹ කුණු කොහේ හරි ඈතක, මිනිස්සු නැති පැත්තකට ගිහින් දාන්න හැදුවොත් ඒ පැත්තේ පරිසරය විනාශවෙනවා, සත්තු පොලිතීන් කයි, ගස් මැරෙයි, ජලමූලාශ්‍ර විනාශවෙයි කියලා නොදන්න බයිලා දොඩවමින් මැරෙන්ඩ හදමු.

කුණු ගෙදරම පුච්චා ගන්න, කොම්පෝස්ට් කරන්න හිතන්නවත් එපා.

ඕවා කරන්න කොහෙද අපිට වෙලාව? ලංකාවේ අපි හරි බිසී පොරවල්නෙ.

IMAGE CREDIT : http://www.w3lanka.com/

-- පොලිටික්ස් ඉවරයි, දැන් විද්‍යා ගවේෂණ --

මිහිකත දිනයක් මොකටද? 

පෘථිවියේ ජෛවගෝලයේ අපූර්වත්වය අගයන්නට, පරිසරය ගැන කතාකරන්නට, පරිසර දූෂණය ගැන අවබෝධය වැඩි කරන්නට, ජනතාව බලගන්වන්නට, රජයන් පොළඹවන්නට ඇති කරගත් දිනයකි "Earth Day - මිහිකත දිනය"

පටන් ගත්තෙ කවුද? කවදාද? කොහෙදීද?

මිහිකත දිනය කියන නම තෝරාගෙන, වෙනත් පරිසර සංරක්ෂණ වැඩපිලිවෙලවල් ගණනාවක් ඒකාබද්ධකරගෙන "Earth Day"යන සංකල්පය හා වැඩපිලිවෙල ආරම්භකලේ ඩිමොක්‍රැටික් පක්ෂයෙන් විස්කොන්සින් ප්‍රාන්තය නියෝජනය කරන ඇමෙරිකන් සෙනෙට් සභිකයෙකු වන ගේලෝර්ඩ් නෙල්සන් විසින් 1970දී. ඇමරිකාව මූලික කරගෙන ආරම්භවූ එය පසුව ලොවපුරා ව්‍යාප්තවුනු "Earth Day Network"මගින් මෙහෙයවන ස්වාධීන ආයතනයක් වුනා.

ඇයි අප්‍රේල් 22 මේක සමරන්නේ?

හේතුවත් ඇමරිකන්. අප්‍රේල් 20න් පස්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල හා පාසැල්වල වසන්ත නිවාඩුව (Spring Break) ඉවරවෙලා ළමයි නැවත පංතිකාමර වලට ඇවිල්ලා. එතකොට පාසැල් හා විශ්වවිද්‍යාල සිසුන් මූලික කරගෙන සිදුකල හැකි ක්‍රියාන්විතවලට පහසුවක්.

දේශගුණයත් සෞම්‍යයි. සිසිරයේ වැස්ස, හිම, ශීතල අවසන්වෙලා දිවා කාළය දිගුවෙලා, ගස්වැල් මලින් පිරිලා සුන්දරවෙලා. එලිමහනේ වැඩසටහන් පවත්වන්න, පෙළපාලි හා රැස්වීම් පවත්වන්න, වගේම පරිසරය සුරකින්න ගස් හිටවන්නත් හොඳම කාලේ වීම, අප්‍රේල් තෝරාගැනීමට හේතුවුනා. 

ඒ අනුව මේ කාළය ඇමරිකාව ප්‍රමුඛ උතුරු අර්ධගෝලයට සුදුසුම කාළයක්. අපිට නම් දාඩිය වැක්කෙරෙන, රෑට නිදාගන්නකොට කොට්ට-ඇඳ ඇතිරිලි ඩාදියෙන් තෙමෙන එපාම කරපු කාළයක්නෙ මේක. දකුණු අර්ධගෝලයේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, චිලී වගේ රටවල් වලට මේ කාලේ කොළ හැලෙන, කාළගුණය ශීතල වන සරත් සෘතුව. 

ඒවගේම කතෝලික හා ක්‍රිස්තියානි බහුතරය සිටින ඇමරිකාව ඇතුලු රටවල ජනයා මාර්තු මාසේ පටන් ගන්න කොරොස්ම කාළය (Lent Period)අවසන් කරලා  පාස්කු ඉරිදා දේව මෙහෙයත් අප්‍රේල් 20 වෙනකොට අවසන් කරලා. 

කොරොස්ම කාළය නැතිනම් දුක්ප්‍රාප්ති කාලය කිතුණුවන් ජේසු සමිඳාගේ පාවාදීම, දුක් විඳීම හා කුරුසියේ ඇණ ගැසීම යන දුක්ඛිත සිදුවීම් මෙනෙහි කරලා ආගමානුකූලව දිවිගෙවන කාළයක් නිසා ඒකාලේ උත්සව හා විශාල වැඩසටහන් පවත් වන්න සුදුසු කාලයක් නෙමෙයි. 

අප්‍රේල් 22 මිහිකත දිනයට තෝරගන්න තවත් වැදගත් හේතුවක් තමයි මේ ආගමික සැමරුම් අවසන් වුනු කාළය වීම.

ලෝකය මිහිකත දිනය සමරන හැටි.

අද ලෝකය පුරාම පාසැල්වල විශ්වවිද්‍යාලවල, පරිසර සංරක්ෂණය හා සම්බන්ධ රජයේ හා රාජ්‍ය නොවන ආයතනවල විවිධ අධ්‍යාපනික වැඩසටහන්, ප්‍රජා-මූලික ක්‍රියාකාරකම්, ප්‍රදර්ශණ, සාකච්ඡා, පැළ සිටුවීම්, පරිසරය පිරිසිදු කිරීම් ආදී විවිධ වැඩසටහන් සිදුවනවා.

March for Science - විද්‍යාව වෙනුවෙන් පාදයාත්‍රාව  සිද්ධ වෙන්නේත් අද. අද දවසේ මිහිකත දිනයට සමගාමීව ලොව පුරා රටවල විද්‍යාඥයින්, විද්‍යා ගුරුවර-ගුරුවරියන්, විද්‍යා සිසුන් හා විද්‍යාව ගැන උනන්දුවක් දක්වන්නන් එක්ව පෙලපාලි හා පාගමන් සංවිධානය කරලා. 

මේ පාගමන් වල ලොකුම එක ඇමරිකාවේ වොෂිංටන් වල සිද්දවෙනවා කියලා තමයි ආරංචිය. විද්‍යා අධ්‍යාපනයට, විද්‍යා පර්යේෂණ වලට වැඩි අවධානයක්, වැඩි මුදලක් වෙන්කරන්න කියන ඉල්ලිම හා විද්‍යාවේ ඇති වැදගත් කම ඉස්මතුකරන්නට හා අවධාරණය කරන්නට මේ විද්‍යා පාගමන් සංවිධානය කරලා තියෙන්නේ.












__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>