Apple සමාගම බොහෝ කලක සිට කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන, ස්ව්වයංක්‍රීයව ධාවනය වන කාරයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියා. එහෙත් දැන් ඇපල් ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඔවුන් කාර් රථයක් නිපදවීම අත්හැර දමා ඒ වෙනුවට කෘත්‍රිම බුද්ධි කාර් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ආරම්භ කොට ඇත.
ඇපල් සමාගමේ සැලැස්ම වන්නේ මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතියේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉක්මණින් අවසන් කොට, ප්‍රධාන ධාරාවේ මෝටර් රථ සමාගමක් (හෝ සමාගම්) සමග ඒකාබද්ධව ඔවුන්ගේ මෝටර් රථවල ඇපල් කෘත්‍රිම බුද්ධි පද්ධතිය ස්ථාපනය කිරීමයි.
පසුගිය අප්‍රේල් 14 වැනිදා කැලිෆෝනියා ප්‍රාන්ත මෝටර්වාහන දෙපාර්තමේන්තුව ඇපල් සමාගමට කැලිෆෝනියාවේ මහාමාර්ගවල කෘත්‍රිම බුද්ධි ස්වයං ධාවන රථවල ධාවන පරික්ෂා සිදුකිරීමට අවසර දුන්නා. Lexus මාදිලියේ ජීප් රථ 4ක් ආධාරයෙන් මෙම පරීක්ෂණ සිදුකිරීමටයි ඇපල් සමාගම බලාපොරොත්තු වන්නේ.
මෑතක සිට ඇපල් සමාගම ඇමරිකාවේ හා වෙනත් රටවල මෝටර් රථ සමාගම් වල දක්ෂ ඉන්ජිනේරුවන් හා තාක්ෂණික විශේෂඥයින් බඳවාගන්නට පටන්ගෙන තිබෙනවා. ටෙස්ලා, ෆෝර්ඩ්, ජෙනෙරල් මෝටර්ස් වැනි ප්‍රසිද්ධ සමාගම් වලින් මෙන්ම, විශේෂිත අධිතාක්ෂණික උපාංග හා මෘදුකාංග නිර්මාණය කරන A123 Systems, MIT Motorsports, Ogin, Autoliv, Concept Systems, General Dynamics වැනි කුඩා සමාගම් වලින්ද ඇපල් සමාගම සේවක සේවිකාවන් බඳවාගෙන තිබෙනවා.
__________________________________________________________________________
