ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෙන්ඩල් නගරයේ ජීවත්වන 12 හැවිරිදි කොළු ගැටයෙක් සිය දෙමව්පියන් නිවසේ නිදා සිටියදී ඔවුන්ගේ කාර් රථය පණගන්වාගෙන කිලෝමීටර් 1300ක ගමණක් ගොස් තිබෙනවා.
වාහනය ගැන සැකසිතී පොලිස් නිළධාරීන් එය නවත්වා ඇත්තේ කෙන්ඩල් සිට කිලෝමීටර් 1300ක් ඈතින් තිබෙන බ්‍රෝකන් හිල් නගරයේදී. මේ අංකූරාගේ සැලැස්මවී තිබී ඇත්තේ කිලෝමීටර් 4000ක් ඈතින් ඇති බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙත ගමන් කරන්නටයි.
මොහු අතර මගදී රථයට ඉන්ධන ලබාගෙන ඇතත් ඉන්ධන හලේ කළමණාකරු ඔහු 18-19 තරුණයෙකු යයි සිතා තිබෙනවා. පොලීසියද පවසන්නේ වයස 12ක් වුවත් මොහු හොඳින් වැඩුණු තරුණයෙකුගේ පෙනුම තිබෙන බවයි.
__________________________________________________________________________
