ඔය ඡායාරූපයේ ඉන්නේ වැක්ස්-වර්ම් කියන පණුවා. මොවුන් ජීවත්වන්නේ මී වදවල. මී වදයේ මී-ඉටි කාලා තමයි මොවුන් ජීවත්වන්නේ. මී ඉටි කන මෙයාට ප්ලාස්ටික් කාගෙන කාගෙන යන්න පුලුවන් බව දැන ගන්න හම්බවුනේ අහම්බෙන්.
ෆෙඩෙරිකා බර්ටෝචිනී ස්පාඥ්ඥයේ කැන්ටබ්‍රියා පලාතේ ජීවත්වන ජිව-විද්‍යාඥවරියක්. ඒ වගේම ඇය විනෝදයට මීමැසි පාලනය කරනවා. නිවාඩු දවසක මීවද පිරිසිදු කරපු ඇය, මීවදයෙන් හමුවුනු වැක්ස්-වර්මා ටික ප්ලාස්ටික් බෑග් එකක දැම්මේ පිරිසිදු කිරීමෙන් පස්සේ ආපසු දමන අදහසින්.
ටික වෙලාවකින් බලනකොට වැක්ස් වර්ම්ලා සිටි බෑගයේ සිදුරු හැදිලා. මෙතෙක් කල් වැක්ස් පණුවන්ට ප්ලාස්ටික් කන්න පුලුවන් බව නොදැන සිටි ෆ්‍රෙඩෙරිකා මේ පණුවන්ව සිය පර්යේෂණාගරයට ගෙනිහිල්ලා සිය සගයන් සමග පර්යේෂණයට බඳුන් කලා. ඔවුන් සොයා ගත්තා මේ වැක්ස් පණුවන්ගේ මුඛයෙන් හා උදරයෙන් වහනය වන එන්සයිම නිසා මෙම ප්ලාස්ටික් ඉක්මණින් දිරායන බව.
ඒ වගේම මේ වැක්ස් පණුවන් ප්ලාස්ටික් ජීර්ණය කිරීම හරිම වේගවත්. ප්ලාස්ටික් ජීර්ණය කරන බැක්ටීරියා සොයාගෙන තිබුණත් ඔවුන් සාම්පලයකට පැය විසිහතරකදී ජීර්ණය කරන්න පුලුවන් ප්ලාස්ටික් ග්‍රෑම් 0.13ක් විතරයි. ඒත් වැක්ස් පණුවන් 100කට පැය 12කදී ප්ලාස්ටික් ග්‍රෑම් 92කට වගකියන්න පුලුවන්.
විද්‍යාඥයින්ගේ දැන් අරමුණ මෙම වැක්ස් පණුවන්ගේ ප්ලාස්ටික් ජීර්ණය කරන එන්සයිමය හඳුනාගෙන එය වෙන් කරගන්න. එවිට ජීවතාක්ෂණය (bio technology) ආධාරයෙන් එම එන්සයිමය මහා පරිමාණයෙන් නිපදවලා ලෝකය ගිලගන්න ප්ලාස්ටික් උවදුරට සාර්ථක විසඳුමක් දෙන්න පුලුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා.
__________________________________________________________________________
