ජෝන් මයිකල් ක්ලැවෙරී, ප්‍රංශයේ මාර්සෙලී විශ්වවිද්‍යාලයේ පරිණාමය හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙක්. මහාචාර්ය ජෝන් මයිකල් පවසන අන්දමට සාමාන්‍යයෙන් ලෙඩ රෝග පතුරුවන බැක්ටිරියා හා වෛරසවට සිය ධාරකයාගේ සිරුරෙන් පිට වැඩි කලක් ජීවත්වන්නට බෑ. එහෙත් අධිකශීතල හිමතට්ටු යට ඇති පසෙහි තිබෙන බැක්ටීරියා හා වෛරස වසර දහස් ගණනක් වුව නොනැසී නිද්‍රාශීලීව තිබෙන්න පුලුවන්. නිව්මෝනියාව, වසූරිය වැනි ඈත අතීතයේදී පැතිරී දැන් අයිස් තට්ටු යට නිද්‍රාශීලීව සිටින වසංගත රෝග පතුරන විශාල වෛරස (giant viruses) මේ අයිස් තට්ටු දියවීයාම හා එම දියවීයාම නිසා එම ප්‍රදේශවල පතල්කැණීම් ආදී කර්මාණ්ත ඇරඹීම නිසා මිනිසාට බෝවෙන්නට පුලුවන්.
දැනට බෙහෙත් හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නොමැති මෙම බැක්ටීරියා හා වෛරස ආක්ටික් ප්‍රදේශවල කර්මාණ්ත ඇරභීමට එන සේවකයින්ට බෝවීමෙන් ලොව පුරා තැතිරෙන, භයානක වසංගත ඇතිවිය හැකි බවට ජෝන් මයිකල් අණතුරු අඟවනවා.
2015දී ජෝන් මයිකල් කැවෙරි ඇතුලු පර්යේෂණ කණ්ඩායම රුසියානු ආක්ටික් ප්‍රදේශයේදී විශාල වෛරසයක් සොයා ගත්තා. වසර 30,000ක් නිද්‍රාශීලීව තිබූ එම වෛරසයට නැවත පණදෙන්නට පර්යේෂණ කණ්ඩායමට හැකිවුනා. ඒ අනුව නිද්‍රාශීලීව හිම තට්ටු යට ඇති වෛරස වසර වලට දහස්ගණනකට පසු නැවත අවදිවන්නට හැකි බව ඔවුන් පෙන්වා දුන්නා. Mollivirus sibericum ලෙස නම්කොට ඇති එම යෝධ වෛරසය, 2003 වසරේ සිට ආක්ටික් ප්‍රදේශයෙන් සොයා ගැනුනු සතරවන යෝධ වෛරසයයි.
මෙම වෛරස සොයාගත් ප්‍රදේශයේ ඛණිජ ද්‍රව්‍ය හා ෆොසිල ඉන්ධන බහුලව ඇති අතර ගෝලීය උණුසුම්කරණය සමග හිමි මිදී ශිතල අඩුවෙමින් යන නිසා මේ ප්‍රදේශවල දැවැන්ත පතල් කර්මාණ්ත ඇරඹීමට රුසියාව සූදානම් වනවා. මෙම කර්මාණ්තවල සේවයට එන දහස් ගණන් සේවකයින් අලුත් වෛරස වලින් ආසාදනයවීමට ඇති හැකියාව ඉතා වැඩිබවයි පර්යේෂකයින් පවසන්නේ.
__________________________________________________________________________
