මීට වසර 150කට පෙර අදවැනි දිනක (මැයි 7), ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවර ගොඩනැගිලි ඉදිකරන්නෙක් ලොව වෙනස් කරන සොයාගැනීමක් සිදුකලා. මෙතෙක් කල් භාවිතාකල වෙඩි බෙහෙත් වලට වඩා බල සම්පන්න, එහෙත් ආරක්ෂාකාරී ලෙස පරිහරණය කල හැකි පිපුරුම් ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන්.
ලොව පලමු කෘත්‍රිම පිපුරුම් ද්‍රව්‍යය වුනේ 9 වැනි සියවසේ චීනුන් සොයාගත් වෙඩි බෙහෙත්. ඉන් බොහෝකලකට පසු ඉතාලි ජාතික ඇස්කැනියෝ සොබ්‍රෙරෝ නයිට්‍රෝ ග්ලිසරින් නම් අධිබලැති පිපුරුම් ද්‍රව්‍යය සොයාගත්තා. එහෙත් නය්ට්‍රෝග්ල්සරින් ඉතාමත් අස්ථාවර, සුලු කම්පණයකින් හෝ උෂ්ණත්ව්ය ඉහලයාමකින් පුපුරා යන, භාවිතයට ඉතා අපහසු පිපුරුම් ද්‍රව්‍යයක් වුනා. නයිට්‍රෝගිසරින් වල ක්ෂණික පුපුරායාම මෙල්ල කිරීමෙන් තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් නිපදවූයේ.
අස්ථාවර නයිට්‍රෝග්ලිසර්න් වලට ඩොලමයිට් මිශ්‍රකිරීමෙන් භාවිතයට පහසු, මැටි මෙන් විවිධ හැඩවලට සකස්කල හැකි, ලෙහෙසියන් පුපුරා නොයන, එහෙත් පුපුරායන විට ඉතා බල සම්පන්න පිපුරුමක් ඇති කරන ඩයිනමයිට් හදන හැටි නොබෙල් සොයාගත්තේ.
ඩයිනමයිට් ලොව සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තය මෙන්ම යුධ තාක්ෂණයද මුලුමනින්ම වෙනස් කලා. අති විශාල ගල් පර්වත අඩුවියදමකින් කඩා ගැනීමට ඩයිනමයට් භාවිතාකල හැකි නිසා බටහිර ලෝකයේ දැවැන්ත පාලම්, විශාල වේලි, දිගු උමන් මාර්ග ආදිය ඉදිවෙන්න පටන් ගත්තා. මේ හැම දෙයකටම ඩයිනමයිට් භාවිතා වුනු අතර ඩයිනමයිට් පේටන්ට් බලපත්‍රය හිමි ඇල්ෆ්‍රඩ් නොබෙල් ප්‍රකෝටිපතියෙකු කලා.
1870දී ප්‍රංශ-ජර්මන් යුද්ධයේදී ඩයිනමයිට් බෝම්බයක් පලමුවෙන්ම භාවිතා වුනු අතර ඩයිනමයිට් විශාල වශෙයෙන් භාවිතාවුනු පලමු යුද්ධය වුනේ ස්පාඤ්ඤ ඇමරිකානු යුද්ධයයි.
ඩයිනමයිට් විකිණීමෙන් ලබාගත් ධනය පලදායි කටයුත්තකට යොදාගැනීමට සිතූ ඇල්ෆ්‍රඩ් නොබෙල්, නොබෙල් පදනම ආරම්භකොට මිනිස්වර්ගයාගේ යහපතට හේතුවන සොයාගැනීම් හා නිර්මාණ කල පුද්ගලයින්ට ත්‍යාග ප්‍රධානය කිරීමට කටයුතු කලා.
__________________________________________________________________________
