අද (මැයි 11) පැවැත්වෙන එන්විඩියා සමාගමේ NVIDIA's GPU Technology Conference සම්මණ්ත්‍රණය ඇමතූ එන්විඩියා සමාගමේ නිර්මාතෲ ජෙන්සෙන් හුඇන්ග්, ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම වන ටොයෝටා සමාගම නුදුරු අනාගතයේදී වෙළඳපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ස්වයංධාවන මෝටර් රථ සඳහා සිය සමාගම ස්වයංධාවන රථ පාලනය සඳහාම නිර්මාණය කල DRIVE PX 2 පාලන පද්ධතිය භාවිතා කිරීමට තීරණය කර ඇති බව අනාවරණය කලා.
පසුගිය වසර කිහිපය පුරාම එන්විඩියා විශේෂඥයින් ටොයෝටා සමාගම හා ඒකාබද්ධව පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරගෙන යමින් සිටින බවත්, ඒ අනුව එන්විඩියා ස්වයංධාවන පාලන පද්ධතියේ හැකියාවන් පිලිබඳව ටොයෝටා සමාගම දැඩි විශ්වාසයකින් සිටින බවත් ජෙන්සෙන් පැවසූවා.
NVIDIA DRIVE™ PX 2 කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අඩංගු වාහන පාලන පද්ධති ගොඩනැගිය හැකි තාක්ෂණයකි. අවශ්‍යතාවය අනුව ධාරිතාවය වෙනස් කිරීමේ හැකියාව (scalability) නිසා සරල වාහන පාලන යෙදවීම් වල (simple vehicle control applications) සිට පූර්ණ ස්වයංධාවන පද්ධති (fully autonomous systems) සැකසීම සඳහාද එන්විඩියා ඩ්‍රයිව් ප්‍රෝ PX පද්ධතිය යොදා ගත හැකියි. Full Autonomous
ධාරිතාවයෙන් සැකසීමේදී එන්විඩියා ඩ්‍රයිව් ප්‍රෝ පද්ධතියට ගණනය කිරීම් තත්පරයකට ට්‍රිලියන 24ක් (24 trillion deep learning operations per second) සිදුකිරීමේ හැකියාව ඇත. සිතියමක වාහනය තිබෙන්නේ කොහිදැයි නිවැරදිව වටහාගෙන, වාහනය වටා ඇති කැමරාවලින් නිරන්තරයෙන් එන දත්තද, ලයිඩාර් ස්කෑනර් යන්ත්‍රයෙන් එන දත්තද ක්ෂණිකව තේරුම්ගෙන ආරක්ෂාකාරී ලෙස වාහනය ධාවනය කලයුතු මාර්ගය නිර්ණයකර ගැනීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
RELATED
SELF DRIVING TECHNOLOGY : කොරියන් රොබෝ වාහන වලට ඩ්‍රයිවින් ඉගෙන ගන්න රොබෝ කාර් නගරයක් හදයි
SELF DRIVING TECHNOLOGY : ටොයෝටා ප්‍රියස් / ටොයෝටා ලෙක්සස් - ස්වයං ධාවන තාක්ෂණය නිර්මාණ සමාගම්වල ජනප්‍රියම පරීක්ෂණ වාහන.
SELF DRIVING TECHNOLOGY : ඇපල් සෙල්ෆ්-ඩ්‍රයිව් මෝටර් රථ මහාමාර්ග පරීක්ෂණ බළපත්‍ර ලබාගනී.
__________________________________________________________________________
