ඔබ මේ දකින්නේ නිසාන් ටයිටන් 4X4 පික්අප් රියක් ඕනෑම දුෂ්කර කැලෑවක යන්න පුලුවන් විධියට මොඩිෆයි කරලා තියෙන විධිය. මේ මොඩිෆිකේෂන් සිදුකරලා තියෙන්නේ නිසාන් සමාගම විසින්මයි. මේ රථය එලිදැක්වූවේ ඇමරිකාවේ විශාලතම ඔෆ්-රෝඩ් වාහන, උපකරණ හා සේවා පිලිබඳ ප්‍රදර්ශණය වන "Overland Expo 2017"ප්‍රදර්ශණයේදී.
මේ පික් අප් රථයේ මාදිලිය Nissan TITAN XD PRO-4X. මෙහි එන්ජිම 5.6-liter DOHC 32-valve V8 ඩීසල් එන්ජිමක්. අශ්වබල 390ක ජවයක් නිපදවන මෙම එන්ජිම හා සම්බන්ධව වේග 7ක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තිබෙනවා. ඉදිපස හා පසුපස ඩිස්ක් බ්‍රේක් වලින් සමන්විත නිසාන් ටයිටන් XD ප්‍රෝ රථයට ධාවනයේ සිදුවන අතරම 2WD සිට 4WD ආකාරයට වෙනස් කරගත හැකියි. මෙය සිදුකිරීමට ඩැෂ්බෝඩ් එකෙහි ස්විචයක් ලබාදී තිබෙනවා.
නිසාන් පික් අප් රථ ඕනෑම ඕෆ් රෝඩ් වික්‍රමයකට සූදානම් කරගත හැකි ආකාරය පෙන්වීම සඳහා නිසාන් සමාගම මෙම මොඩිෆයි කරනලද රථය ප්‍රදර්ශණයට ඉදිරිපත් කල එතර ඔවුන් එම ව්‍යාපෘතිය "Project Basecamp"ලෙස හඳුන්වන්නේ මෙම මොඩිෆිකේෂන් වලින් පසුව මෙම රථය ඕනෑම කැලෑවක් තුල සුවපහසු කඳවුරක ඇති පහසුකම් ලබාදෙන නිසායි.
රථයට සිදුකොට ඇති වෙනස්කම් හා සවිකර ඇති අමතර උපාංග.
1. ඉදිරිපස හා පසුපස ෆෙන්ඩර (බෆර්) වෙනස් කර ඇත
2. අමතර ෆොග් හා ස්පොට් ලයිට්
3. වින්ච් මෝටර් පද්ධතිය
4. විශේෂයෙන් නිපදවන ලද Rhino Rack හුඩ්රැක් එක
5. රූෆ් රැක් එක මත සවිකරන ලද කූඩාරම
6. ජංගම ශීතකරණය
7. අමතර ජලය හා ඉන්ධන ගෙනයා හැකි ටැංකි
8. ආපදා නඩත්තු කට්ටලය, සවල හා ලිෆ්ට්-ජැක් එක
__________________________________________________________________________
