සිකුරාදා ලොවම ව්‍යාකූල කල සයිබර් ප්‍රහාරය මේවනවිට පාලනය වෙමින් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ MalwareTech නම් කුඩා සයිබර් ආරක්ෂණ සමාගමක 22හැවිරිදි හැකර්වරයෙකු විසින් WannaCry වෛරසය තුල සයිබර් ප්‍රහාරකයින් සඟවා තිබූ "kill switch"නම් උපක්‍රමයක් සොයාගත් අතර ඔහු විසින් එමගින් වෛරසය පැතිරීම වැලැක්වීමේ උපක්‍රමය ලොවට හෙලිකලා.
එමෙන්ම වෛරසය වැඩියෙන්ම පැතිරුණු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP පරිගණක ආරක්ෂා කිරීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඉතා ඉක්මණින් යාවත්කාලීන කිරීමක් නිකුත් කිරීමෙන්ද පැතිරීම අඩාලවුනා. අලුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මෙම වෛරස් පැතිරීමෙන් ආරක්ෂා කිරීමේ අප්ඩේට් එකක් මයික්‍රොසොෆ්ට් මාර්තු මාසයේ නිකුත්කොට තිබුණා.
යුරෝපා සංගමයේ යුරෝපොල් පොලිස් සේවය හා බ්‍රිතාන්‍යයේ සයිබර් අපරාධ මැඩලීමේ ඒජන්සිය, මෙම සයිබර් ප්‍රහාරකයින් හඳුනාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබෙනවා.
__________________________________________________________________________
