Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

HISTORY : තත්පර 30ක වෙනසක් වූවානම් ඩයිනසෝරයන් තවමත් ජීවත්වන්නට ඉඩ තිබුණා....

$
0
0

























ඩයිනසෝරයින් අද නැත්තේ, ඔවුන් වඳකර දැමූ ග්‍රහකය පොලොවේ ගැටීම තත්පර 30ක් ඉක්මණ් වූ නිසා යැයි කිව්වොත් ඔබ පිලිගන්නවාද?
එනම් සැතපුම් නවයක් දිග එම ග්‍රහකය නැතිනම් යෝධ උල්කාපාතය පොලොවේ ගැටීම තව තත්පර 30ක්  ප්‍රමාදවූවා නම්  අදටත් ඩයිනසෝරයින් දෑසින් දැකගන්නට ඉඩ තිබුණා කියන එකයි. මේ නිගමනයට එළඹිලා තියෙන්නේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂෝන් ගුලික් හා ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොඇනා මෝගන් එක්ව සිදුකල මහා පරිමාණයේ ගවේෂණයකින් පසුවයි. 

ඩයිනසෝරයින් මිහිමතින් අතුගා දැමූ සැතපුම් 9 විශාල ග්‍රහකය පෘථිවියට කඩා වැටී ඇත්තේ මීට වසර මිලියන 66කට පෙරදීයි. පැයට කිලෝමීටර් 40,000ක වේගයෙන් පැමිණි බවට ඇස්තමේන්තු කරන මෙම ග්‍රහකය පෘථිවියේ වැදී ඇත්තේ මැක්සිකෝවේ යුටාකාන් අර්ධද්වීපයට සැතපුම් 24ක් ඈත මුහුදේ ස්ථානයකයි.


මෙම ගැටුමින් මුහුද යට සැතපුම් 111ක විෂ්කම්භයක් ඇති, සැතපුම් 20ක් ගැඹුරු ආවාටයක් සෑරුනු අතර ඒ මහා පිපුරුමෙන් ටොන් බිලියන 100ක පස් / අළු / ධූලි අහසට විසිවුනා. එමෙන්ම අඩි සියගණන් උස සුනාමි රළපහරවල් ලොව පුරා විහිදී ගිය අතර කම්පණය නිසා නිද්‍රාගතව තිබූ ගිණිකඳු පවා අවදිවූ බව පැවසෙනවා.

මෙම පර්යේෂණ සිදුකල මහාචාර්යවරුන් දෙදෙනා පවසන්නේ ග්‍රහකය පොලොවේ ගැටුනු තැන නොගැඹුරු ජලය ඇති, එමෙන්ම අතිවිශාල සල්ෆර් ප්‍රමාණයක් ඇති පස් අඩංගු ප්‍රදේශයක්. ගැටුමින් අහසට විසිවුනු සල්ෆර් මුසු අළු හා ධූලි වසර  10ක් පමණ යනතෙක් මුළු පෘථිවියම ආවරණය කරගෙන හිරු එලිය වැටීම වලක්වා හිම මිදෙන උෂ්ණත්වයටත් වඩා අඩු උෂ්ණත්වයක් ඇති කටුක ශීත සෘතුවක් උදාකලා. දසවසරක් හිරු නොනැගී අයිස් බෝලයක් වන් පෘථිවියේ ගහකොල මැරී ශාක භක්ෂකයින් මියගිය අතර ඉන් පසු මාංෂ භක්ෂකයින්ද මිය ගියා. පෘථිවියේ ඩයිනසෝරයින් ඇතුලු ජීවයෙන් 75%ක් පමණ මිය ගියා. විශාල ඩයිනසෝරයින් සියල්ලම වඳවී ගිය අතර ඉතිරිවූයේ යාන්තමින් දිවි ගලවාගත් කුඩා සතුන් පමණයි.


මහාචාර්යවරුන් දෙදෙනාගේ ගණනය කිරීම් වලට අනුව, මෙම ග්‍රහකය තවත් තත්පර 30 ප්‍රමාදවූවා නම් එය වැටෙන්නේ ගැඹුරු පැසිෆික් සාගරයටයි. තව තත්පර 30 ඉක්මණ්වූවා නම් එය වැටෙන්නේ යුටාකාන් අර්ධද්විපයට සැතපුම් 1000ක් පමණ ඈතින් ගැඹුරු අත්ලාන්තික් සාගරයටයි. මේ දෙකෙන් එකක් හෝ සිදුවුනා නම් දරුණු සුනාමි රළ පහරවල් ඇතිවී බොහෝ ජීවීන් විනාශවූවත්, පෘථිවිය ආවරණය කරගන්නා සල්ෆර් අළු අහස වසා ගන්නේ නෑ. එසේ වුනානම් ඩයිනසෝරයන් ආදී විශාල සතුන් කිසිවෙක් වඳවී යන්නට ඉඩක් නොමැති අතර අදටත් ඩයිනසෝරයින් හැබැහින් දැක ගන්නට ඉඩ තිබුණා.






__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles