WannaCry රැන්සම්වෙයා වෛරසයේ ප්‍රහාරයට ලක්වූවන් මෙන්ම සයිබර් ආරක්ෂණ ආයතනවලට වටහා ගැනීමට අපහසු එක් දෙයක් වූයේ මෙම ප්‍රහාරයට ලක්වූ පරිගණක නැවත නිදහස් කරගැනීම සඳහා වෛරසය නිර්මාණය කල හැකර්වරුන් ඉල්ලා සිටින කප්පම හෙවත් රැන්සම් එක බොහොම අඩුවීමයි. මෙතරම් ලොව පුරා ව්‍යාප්තවන ප්‍රහාරයක් සැළසුම් කරලා, සුලු මුදලක් කප්පම් ලෙස ඉල්ලා සිටීම අදහාගත නොහැකි දෙයක් බව බොහෝ සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ මතයයි.
සමහර සයිබර් ආරක්ෂණ විශේෂඥයින් දැන් මෙම ප්‍රහාරය උතුරු කොරියාවේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හැකර් කණ්ඩායමක මෙම ප්‍රහාරයට වගකිවයුතු බවට විශ්වාස කරනවා. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ගෙන හැර දක්වනවා.
එක් සාක්ෂියක් නම් WannaCry වෛරසයේ පරිගණක වැඩසටහන් කේත පරීක්ෂාකිරීමේ එහි පරිගණක කේත මාලාවේ (virus programme code) එක් කොටසක් 2017 පෙබරවාරියේදී මතුවූ Contopee නම් රහසේ පරිගණකවලට ඇතුලුවිය හැකි මෘදුකාංගයකද එලෙසම, වෙනසකින් තොරව තිබූ බව සයිබර් ආරක්ෂණ හා පරිගණක වෛරස විශේෂඥයින්ට පෙනීයාමයි. Contopee මෘදුකාංගය නිර්මාණය කොට ඇත්තේ Lazarus නම් හැකර් කණ්ඩායමක්. ලාසරස් කණ්ඩායම උතුරු කොරියාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවට තහවුරුවී තිබෙනවා. එනම් උතුරු කොරියානු හැකර් කණ්ඩායමක් නිර්මාණය කල පරිගණකවලට හොරෙන් ඇතුලුවීමේ මෘදුකාංගයක කොටස් වෙනසකින් තොරව WannaCry වෛරසයේද තිබීම, එම වෛරසය නිර්මාණය කරන්නට ඇත්තේ උතුරු කොරියානු හැකර් කණ්ඪායම විසින්ම බවට එක් සාක්ෂියක්.
ලාසරස් කණ්ඩායම උතුරු කොරියාවේ සිට මෙහෙයවන බව අමෙරිකානු ඔත්තු සේවයන් හෙලිකර ගත්තේ ලාසරස් කණ්ඩායම 2014දී සෝනි සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පැවැත්වූ පරීක්ෂණ වලදී. එපමණක් නොව උතුරු කොරියාවේ සිට මෙහෙයවන ලාසරස් හැකර් කණ්ඩායම ලෝකයේ බැංකු අතර මුදල් හුවමාරුවන SWIFT ජාලයට හොරෙන් ඇතුලුවී බංග්ලාදෙශ හා වියට්නාම් බැංකු හරහා මිලියන ගණනක් සොරාගෙන තිබෙනවා.
__________________________________________________________________________
Image may be NSFW.
Clik here to view.
