
1) ගූගල් ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන ෆෝන්, ටැබ්ලට් හා වෙනත් උපකරණ බිලියන 2 ඉක්මවයි.
2) ගූගල් ලෙන්ස් තාක්ෂණයේ ආධාරයෙන්, ගූගල් ඇසිස්ටන්ට් AI වැඩසටහනට තම අවට ලෝකය තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.
3) ගූගල් ඇසිස්ටන්ට් දැන් අයිෆෝන් වලටත් එනවා. ඒ කියන්නේ අයිෆෝන් භාවිතා කරන්නන්ට ඇපල් සිරී වෙනුවට දැන් ගූගල් ඇසිස්ටන්ට් භාවිතා කරන්න පුලුවන්.
RELATED : GOOGLE : Google Lens; ගූගල් I/O සමුළුවේ පලමුවෙනි දිනයේ හඳුන්වා දුන් හොඳම වැඩකෑල්ල4) ඇමසන් ඇලෙක්සා ස්මාර්ට් ස්පීකර් එක වගේම ගූගල් හෝම් ස්මාර්ට් ස්පීකර් එකත් දැන් ෆෝන් එකක් වෙලා, කෝල් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැන් ගූගල් හෝම් ස්පීකරේ හරහා ඇමරිකාවේ හෝ කැනඩාවේ ඕනෑම නොම්බරයකට නොමිලේ කෝල් ගන්න පුලුවන්ලු.
5) ඒ වගේම ගූගල් හෝම් ස්පීකර් එක දැන් බ්ලූටූත් ස්පීකර් එකක් විධියට පාවිච්චි කරන්නත් පුලුවන්ලු.
6) ඒවගේම ගූගල් ස්පීකර් එකට දැන් ඔබගේ ඇපොඉන්ට්මට් කැලැන්ඩරේ වගේම ඔබගේ නෙට්ෆ්ලික්ස්, ස්පොටිෆි වගේ සේවාවලටත් සම්බන්ධ වෙන්න පුලුවන්ලු.රි වගේම ඔබ ගමනක් යන්න ඉස්සෙල්ලා ඒ තැනට යන විධිය ගූගල් හෝම්ගෙන් ඇහුවහම එයා පාර හොයලා ගූගල් මැප් එකයි මග සළකුණුයි ඔබගේ ෆෝන් එකට යවනවා.
7) ගූගල් ෆෝටෝස් වලට ඔබගේ ඡායාරූපවල තියෙන අනවශ්‍ය දේවල් අයින්කරලා දාන්න පුලුවන්ලු ස්වයංක්‍රීයවම. ඡායාරූපය බලන්න. නියමයි නේද?
__________________________________________________________________________
