Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1216

APPLE WWDC 2017 : ඊයේ අවසන් වූ 2017 ඇපල් සමුළුවේ තොරතුරු

$
0
0

Worldwide Developers Conference (WWDC)  ලෙස හැඳින්වෙන ඇපල් මෘදුකාංග නිර්මාපකයින් හා ව්‍යාපාරික හවුල්කරුවෙන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික සමුළුවේ 2017 වසරේ වැඩසටහන ඊයේ (ජූනි 9) කැලිෆෝනියාවේ සැන් හෝසේ නුවරදී අවසන් වූවා. ඇපල් සමාගම ඉදිරි වසර කිහිපය තුලදී හඳුන්වාදීමට බලාපොරොත්තුවන අලුත් නිෂ්පාදන, මෘදුකාංග හා තාක්ෂණයන් පිලිබඳ විස්තර මේ සමුලුවේදී එලිදැක්වුනා.

ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් විසින් ප්‍රධාන දේශණය සිදුකරන ලද අතර ඉන් පසු ඇපල් සමාගමේ ජ්‍යේෂ්ඨ විධායක නිළධාරීන් හා විශේෂඥයින් අලුත්ම ඇපල් නිර්මාණ හඳුන්වාදුන්නා. මෙම සමුළුවේදී එලිදක්වන ලද අලුත්ම මෘදුකාංග හා ඇපල් නිෂ්පාදන තොරතුරු කිහිපයක් කෙටියෙන්.

iOS 11 - ඇපල් ජංගම මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන iOS 11 මෙහිදී හඳුන්වාදුන් වැදගත්ම මෘදුකාංගවලින් එකක්. 



macOS High Sierra - මැකින්ටොෂ් පරිගණක සඳහාද අලුත්ම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දුන්නා. මැක් ඕ.එස් හයි සියෙරා ලෙස නම්කොට ඇති මෙය, මැකින්ටොෂ් පරිගණක සඳහා නව පහසුකම් රැසක් රැගෙන එනවා.



watchOS 4 - ඇපල් ඔරලෝසු සඳහාද අලුත්ම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දුන්නා. වොච් ඕ.එස් 4 ලෙස නම් කොට ඇති මෙය මගින්ද අලුත්ම පහසුකම් රැසක් ලබා දෙනවා.


iMacPro 2017 - ඇපල් සමාගමේ ඩෙස්ක් ටොප් පරිගණක මාදිලිය වන අයි මැක් පරිගණකවල අලුත්ම 2017 මාදිලිය (හා තවත් අයිමැක් හා මැක් බුක් පරිගණක මාදිලි රැසක් ) මෙහිදී හඳුන්වා දුන්නා. 

අයි මැක් ප්‍රෝ පරිගණකයක් 18 Core ඉන්ටෙල් සියොන් ප්‍රොසරයකින් බලගැන්වෙන අතර ගිගාබයිට් 128ක උපරිම මතක ධාරිතාවයකින්, ටෙරාබයිට් 4ක හාඩ්-ඩිස්කයකින්, Radeon Pro Vega එන්ජිමකින්ද  සමන්විත අධිබල පරිගණකයක්.

iPad Pro  - අඟල් 12.9 හා අඟල් 10.5 ප්‍රමාණයේ තිර සහිත අලුත්ම අයිපෑඩ් ප්‍රෝ ටැබ්ලට් පරිගණක දෙකක්ද හඳුන්වාදෙනු ලැබුවා. 



HomePod - ඇපල් සිරී කෘත්‍රිම බුද්ධි සහයකයාද ඇතුලත් "හෝම් පොඩ්"නම් අලුත් උපාංගයක් ඇපල් හඳුන්වා දුන්නා. ඇමසන් ඇලෙක්සා හා ගූගල් ස්පීකර් කෘත්‍රිම බුද්ධි උපාංග හා තරඟයට මෙය ඉදිරිපත් කොට තිබෙනවා. අඟල් 7ක් උස, බැලූ බැල්මට කුඩා ස්පීකරයක් මෙන් පෙනෙන මෙයට කතාවෙන් දෙන විධාන තේරුම් ගෙන පිලිතුරු දිය හැකියි.







__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>