ගිණිගන්න, පුපුරන්න නමක් දිනාගත් සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 ෆැබ්ලට් එක ආයෙත් හඳුන්වාදෙන්න සැම්සුන්ග් සමාගම තීරණය කරලා. මේ රීබූට් මාදිලිය Galaxy Note 7 Fan Edition කියලයි හඳුන්වන්නේ.
මේ අලුත් ෆෑන් එඩිෂන් නෝට් 7 ෆැබ්ලට් එකේ බැටරිය වෙනස්ම එකක් කියලයි සැම්සුන්ග් කියන්නේ. ඒ අනුව ගිණිගන්න, පුපුරන්න කිසිම ඉඩක් නෑ කියලයි කියන්නේ. දැනට ෆෑන් එඩිෂන් එක දකු ණු කොරියාවේ විතරක් විකුණන්න සැම්සුන්ග් තීරණය කරලා.
බැටරි ගිණිගැනීම හා පිපිරීම නිසා සැම්සුන්ග් සමාගමට නෝට් 7 ෆැබ්ලට් මිලියන 3ක් ආපහු ගෙන්න ගන්න වුනා. මේකෙන් සිදුවුනු පාඩුව අති විශාලයි කියලයි විචාරකයින් පවසන්නේ. ආපසු කැඳවූ නෝට් 7 ෆැබ්ලට්වල පරණ බැටරි ඉවත් කරලා, අලුත් බැටරි දාලා රීකන්ඩිෂන් කරපු ෆැබ්ලට් විදියට තෝරාගත් රටවල විකුණන්නත් සැම්සුන්ග් සමාගම තීරණය කරලා තියෙනවාලු.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________