පසුගිය සතියේ වොල්වෝ කාර් සමාගම විප්ලවීය ප්‍රකාශයක් සිදුකලා. ඒ 2019 වසරෙන් පස්සේ ඔවුන් හඳුන්වාදෙන සෑම අලුත් වාහන මාදිලියක්ම එක්කෝ ඉලෙක්ට්‍රික් නැතිනම් හයිබ්‍රිඩ් මාදිලියක් විය යුතු බවට සමාගමේ පාලණාධිකාරිය උපායමාර්ගික තීන්දුවක් ගෙන ඇති බවයි. දැනට සමාගම අලෙවිකරණ පෙට්‍රෝල් හා ඩීසල් මාදිලි සුලු සුලු නවාංග එකතුකරමින් 2025 වනතෙක් නිෂ්පාදනය කරන නමුත් අලුතින් කිසිදු පෙට්‍රෝල් හෝ ඩීසල් මාදිලියක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තුවක් නැතැයි සමාගම පවසනවා.
වොල්වෝ ප්‍රධාන විධායක හකාන් සැමුවෙල්සන් පවසන අන්දමට මෙම පියවර ෆොසිල ඉන්ධන මගින් ධාවනය වන රථවාහන වල අවසානයේ ආරම්භයයි.
මේ අතර ටෙස්ලා සමාගම සිය අලුත්ම Model 3 මාදිලිය හඳුන්වාදීමට සූදානම් වෙමින් සිටිනවා. 2018දී වාහන ලක්ෂ 5කුත් 2020 සිට වාර්ශිකව වාහන මිලියනයකුත් නිෂ්පාදනය කරන්නට ටෙස්ලා සමාගම දැනටමත් සැළසුම් හදලා ඉවරයි. බී.එම්.ඩබ්ලිව් සමාගම 2025 වනවිට සිය වාහන වලින් 25% ඉලෙක්ට්‍රික් වාහන විය යුතුබවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________