Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

TV SERIES : ඩේවිඩ් ඇටෙන්බරෝගේ Blue Planet 2 ලඟදීම!!

$
0
0

බීබීසී රූපවාහිණිය නිෂ්පාදනය කොට, ලෝක පූජිත ස්වභාව විද්‍යාඥ සර් ඩේවිඩ් ඇටෙන්බරෝ ඉදිරිපත්කල විශිෂ්ඨ ගණයේ වාර්තාමය වැඩසටහනක් ලෙස ලොව පුරා ගෞරවාදරයට පාත්‍රවූ "ද බ්ලූ ප්ලැනට්"දොරට වැඩුනේ මීට අවුරුදු 17කට කලින්, එනම් 2001දී. මිනිත්තු 50ක් පුරා දිවෙන එපිසෝඩ 8කින්, ප්‍රේක්ෂකයා මින් පෙර කිසිදා නොදුටු ආකාරයේ මනස්කාන්ත දසුන් වෙත ගෙන යන්නට සම්ත්වුනා.එවක බ්ලූ ප්ලැනට් වාර්තා වැඩසටහන විචාරකයින් හැඳින්වූයේ ලොව සාගරවල ස්වභාවික ඉතිහාසය (natural history of the oceans) පිලිබඳව එතෙක් මෙතෙක් ඉදිරිපත් කොට තිබූ පරිපූර්ණ වාර්තා වැඩසටහන මෙය බවයි. බ්ලූ ප්ලැනට් රූගත කරන්නට වසර පහක් පුරා ලොව ස්ථාන 200ක සැරිසරන්නට වූ බව එහි නිෂ්පාදකයින් පවසා සිටියා. දැන් ඔබට, ඒ අපූර්ව වැඩසටහනේ යාවත්කාලීන කිරීම හෙවත් බ්ලූ ප්ලැනට් 2 ගෙන ඒමට බීබීසිය සූදානම් වනවා.

Blue Planet 2

2013 වසරේදී ආරම්භවී වසර හතරක් පුරා රූගත කිරීම් වලින් පසුව නිෂ්පාදනය වුනු බ්ලූ ප්ලැනට් 2 වාර්තා වැඩසටහනේ දොරට වැඩීමේ උලෙල පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවැත්වුනා.

90 වියැති, එහෙත් ජවසම්පන්න ඩේවිඩ් ඇටෙන්බරෝ මෙහි ඉදිරිපත් කිරීම සිදුකරනවා. අති නවීන කැමරා තාක්ෂණයන් යොදාගෙන, 4K විබේධනයෙන් නිෂ්පාදනය කොට ඇති මෙය ලොව පුරා ජනයාතුල සාගර පිලිබඳ දැනුම වර්ධනය කරනු ඇතැයි නිෂපදකයින් පවසනවා. සාගර පතුල හා එහි විශ්මයජනක ජීවීන් පිලිබඳව පෙර නොදුටු දසුන් රැගෙන එන මේ අලුත් වැඩසටහනට තමන් දායක වන්නේ ඉතා සතුටින් බවයි ඇටෙන්බරෝ පවසන්නේ.








__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>