චාර්ල්ස් එල්වුඩ් යීගර්, නැතිනම් "චක්"යීගර් එක්සත් ජනපද ගුවන් හමුදාව හා නාසා ආයතනයේ පූර්වප්‍රාප්තික NACA ආයතනය පැවත්වමින් තිබූ අධිවේගී ගුවන්යානා ව්‍යාපෘතියේ අති දක්ෂ ගුවන් නියමුවෙකි.
මීට වසර 70කට පෙර අද වැනි දිනක, එනම් 1947 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා, චක් යීගර්, ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කල පලමුවැනි මානවයා බවට පත්විය. බෙල් ගුවන්යානා සමාගම නිපදවූ X-1 නැමති රොකට් බලයෙන් ක්‍රියාත්මකවන අධිවේගී ගුවන්යානයකින් සිදුකල මෙම පියාසැරිය ගගන විද්‍යා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබනු ලැබුවා.
අද ඉතා සාමාන්‍ය දෙයක් වුවත් 1947 තරම් ඈතකදී අතිශයින්ම අණතුරුදාකවූ ශබ්ද බාධකය බිඳදැමීමේ අභියෝගය කොතරම් මරණයෙන් කෙළවර වියහැකි ක්‍රියාදාමයක් වුනාද යත්, මේ කටයුත්ත සඳහා මුලින් තෝරාගෙන සිටි ගුවන් නියමුවා ඒ සඳහා එකල මුදලින් ඩොලර් 150,000ක ගාස්තුවක් (එනම් අද ඩොලර් වලින් මිලියන1.6ක්) ඉල්ලා සිටියා. මේ ඉල්ලීම ඉවතලූ ගුවන්හමුදාව, එම අභියෝගය ජනගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේදී දක්ෂ හා නිර්භීත ප්‍රහාරක නියමුවෙකු ලෙස නමක් දිනාගෙන සිටි චාල්ස් යීගර්ව තෝරා ගත්තා.
Image may be NSFW. Clik here to view. ![]() |
යීගර් පියාසර කල බෙල් X-1 රොකට් ගුවන්යානය |
ශබ්දයේ වේගය අභිබවා පියැඹීමේ පියාසැරියට දින දෙකකට පෙර අසුපිටින් යද්දී බිමට වැටීමෙන් යීගර්ගේ ඉලඇට දෙකක් බිඳී ගියා. සිය පියාසැරියට අවසර නොලැබේ යයි සිතා හමුදා රෝහලට නොගොස් පෞද්ගලික වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ලබාගත් ඔහු කොතරම් වේදනාවෙන් සිටියාද යත් පියාසැරිය දින ඔහුගේ යානයේ පියන්පත වසා අගුල දමාගැනීමට පවා ඔහුට අපහසුවුනා. කෙසේ වෙතත් මෙම අණතුර පිලිබඳව කියා තිබුණේ බිරිඳට හා හොඳම මිතුරාවන තවත් ගුවන් නියමුවෙකුට පමණයි.
කැලිෆෝනියාවේ මොහාවී කාන්තාරයට මීටර් 13,700ක් ඉහලින් පියාසර කල ඔහු ශබ්දයේ වේගය මනින මක් ඒකකයෙන් මක් 1.07ක වේගයෙන් පියාසර කලා. පසුව ශබ්දයේ වේගය මෙන් 2.44ක වේගයෙන්ද පියාසර කොට වාර්තාවක් තැබූ යීගර් 1975දී විශ්‍රාම ගියේ බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුරකින් පිදුම් ලබමින්.
යීගර් සිය වික්‍රමයන් සිදුකල කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන්හමුදා කඳවුරේ ඔහු සිහිවීම සඳහා සිහිවටනයක්ද තනා තිබෙනවා.
Image may be NSFW. Clik here to view. ![]() |
එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුරේ ඇති චාර්ල්ස් යීගර් සිහිවටනය |
Image may be NSFW.
Clik here to view.
