කන්න නැතත් කමක් නෑ...බොන්න නැතත් කමක් නෑ....ටැංකියෙ තෙල් අඩුවුනොතින් ඉඳලා වැඩක් නෑ... |
"ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු............"
දැන් රඟ දැක්වෙන පෙට්රෝල් / ඩීසල් පෝලිම් දකින විට මට මතක් වෙන්නේ නැසී ගිය දීපාල් සිල්වා ගැයූ ලංකාවේ මිනිස්සු ගැන ඇත්තම ඇත්ත කියන එකම එක සිංදුවයි.
ඇත්තටම මොකක්ද මේ පිස්සුව?
මිනිස්සු පෙට්රෝල් පෝලිමේ ඉන්නේ ආයෙ තව සති දෙක තුනකට පෙට්රෝල් ඩීසල් නැතිවෙනවා වගේ නේද? ඛණිජ තෙල් සංස්ථාව වගේම ඛණිජතෙල් වෘත්තීය සමිතිත් හිඟයට හේතුව පැහැදිලිව කියා තියෙනවා නේද? අයි.ඕ.සී තෙල් නැවක් ප්‍රමිතිය බාල නිසා හරවා යවා ඇත. ඒ සමගම සිපෙට්කෝවට තෙල් ගෙන එන නැවක් ප්‍රමාදවී ඇත. ඊයේ පෝය නිසා තෙල් බෙදීම මදක් අඩාල වන්නට ඇත. ඒ නිසා ඇති තරම් ඉන්ධන සංචිත රට තුල තිබුණත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන හිඟයක් ඇති වන්නට ඇත.
මේ ඇතිවූ සුළු ඉන්ධන සැපයුම් ප්‍රමාදය රටපුරාම හිඟයක් බවට පත්කර ගත්තේ කවුද?
ඇත්තටම මේ හිඟය බ්‍රේකින් නිවුස් කාරයිනුත්, වාහන අයිතිකාරයිනුත් මැවූ හිඟයකි. නිවුස් සාගතයෙන් පෙලෙන මාධ්‍ය සරණාගතයින්ට සිල් ගන්නට ගිය ආච්චී කෙනෙකුගේ බොරු දත්සැට් එක දන්ත-කාර්මික දෝෂයක් නිසා දන් වලඳන පිඟානට වැටුනත්, ඒකත් බ්‍රේකින් නිවුස් එකකි. ඉන්ධන පිරවුම් හල් කිහිපයක ඇතිවූ හිඟය විනාඩි තිහෙන් තිහට හැම චැනල් එකකම බ්‍රේකින් නිවුස් වීම නිසා රට පුරාම වාහන අයිතිකරුවන් බියවද්දනට සමත් විය. කෘතිම හිඟය ඇතිවූයේ හිඟය නිසා නොව බ්‍රේකින් නිවුස් නිසා බියවී ඕනෑවටත් වඩා ඉන්ධන පුරවාගැනීම නිසාය.
වෙනදා රුපියල් සීයේ, දෙසීයේ, පන්සීයේ, දාහේ කෑලි වලට පෙට්රෝල් ගහන මිනිස්සු තුන් හාරදහක පෙට්රෝල් ගසමින් පිස්සු කෙලින්නට පටන් ගැනීම ඕනෑම සුළු තෙල් හිඟයක් දැඩි අර්බුධයක් වීමට හේතුවනවා. සාමාන්‍ය ඉල්ලුම මෙන් දෙතුන් ගුණයක ඉල්ලුමක් ඇතිවූ විගස ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වන අතර, ඒ සමගම ඉන්ධන බෙදාහැරීම වේගවත් කිරීම ප්‍රායෝගිකව කල නොහැකි නිසා රටපුරා හිඟයක් ඇතිවෙනවා.
ඉන්ධන හල් අසල කාර් පෝලිම්වල පොෂ් පොරවල් බොහෝම ඉවසීමෙන් පෝලිමේ ඉන්න හැටි දැක්කාම ලංකාවේ මිනිස්සු, විශේෂයෙන්ම හොඳ වාහන පාචිච්චි කරන, ලොකු රස්සාවල්, සාර්ථක බිස්නස් කරන මිනිස්සු මෙච්චර මෝඩ ඇයි දැයි හිතෙන්නේ මට විතරක්මද මන්දා?
ඔය හොඳ කාර් වල තෙල් පෝලිමේ තැම්බෙන පොෂ් එක්සෙකටිව් පොරවල්ගේ, නැතිනම් බිස්නස් මෑන්ස්ලාගේ වාහනවල ඩෑෂ් බෝඩ් එකට එබිලා බලන්න පුලුවන්නම් ඒ වාහන වලින් 60% -70% වාහනවල තෙල් ටැංකියේ අඩුම ගානේ ටැංකි කාළක්වත් තෙල් තියෙන බව හොඳටම විශ්වාසයි. එහෙම තෙල් තිබුණත් ඕනෑම අටමගලකට කළබළවී නන් දොඩවමින් දුවන්නන් වාගේ දිවීමේ හෙළ ජාතික ගතිය නිසාදෝ මන්දා බ්‍රේකින් නිවුස් එක ඇසුනු වහාම සල්ලි නැතිනම් නෝනාගේ කරාබුදෙක හරි උගස් තියලා තෙල් පෝලිමට දුවගෙන එන්නේ.
ඇයි තෙල් පෝලිම්වල ඉන්න මිනිස්සු ගැන මෙතරම් උපහාසාත්මකව කතා කරන්නේ? ඇයි අපහාස කරන්නේ?
ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති දැන් එන අලුත් වාහනවල ටැංකි කාළක් තෙල් තිබුණම දවස් දෙකක් කොළඹ වැඩට ගිහින් එන්න පුලුවන් බව මම වගේම මෙය කියවන ඔබත් අත්දැකීමෙන් දන්නවා. ඉතින් දවස් දෙකක් යන්න තෙල් ටැංකියේ තියාගෙන මොන මගුළකටද මේ මිනිස්සු පෝලිම්වල පව් ගෙවන්නේ? ඇත්තටම මුන්ට පිස්සුද ආයේ කාලෙකට තෙල් ටිකක් ගහ ගන්න බැරිවෙයි වගේ මෙහෙම පෝලිම් වල ලගින්නේ?
තෙල් නැත්තම් චේන්ජ් එකකටත් එක්ක පලයල්ලකො බස් එකේ දවසක් දෙකක්. බසුත් නැතිනම්, ඔෆිස් එකට කෝල් එකක් දාලා තෙල් නෑ....වැඩට එන්ඩ විධියක් නෑ කියලා ලීව් එකක් දානවලකෝ. සාධාරණ හේතුවකට වුනත් දවසක් දෙකක් නිවාඩු ගත්තම රස්සාවෙන් පන්නන "මෑන්පවර් ටෙම්පරිකාරයෝ"වගේනෙ මේ මිනිස්සු කාර් තියාගෙන පෝලිමේ ඉන්නේ.
/// දැන් කවුරුහරු වැරදිලා හරි හිතුවොත් විද්‍යා ගවේෂණකාරයා හොඳ ජොබ් කරන එක්සෙකටිව් පොරවල් ගැන මාරම ඊරිසියාවක් තියෙනවා කියලා ඒක වැරදියි කියලා දැනගන්න. උගන්වන්න එන්න ඉස්සෙල්ලා 1992 ඉඳන් අවුරුදු 18ක් විතර මමත් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ එක්සෙකටිව් කෙනෙක් තමයි. ඒනිසා මං එක්සෙකටිව් පොරවල් ගැන හොඳට දන්නවා :D ///
ටැංකිවල තෙල් තියාගෙන පෝලිම්වල චාටර් වෙන ජොබ්ලස් පිස්සන් නිසා ඇත්තටම ටැංකිය හිස් වෙලා තියෙන, හදිස්සියකට ගමනක් බිමනක් යන්න තෙල් අවශ්‍ය මනුස්සයාට තෙල් ගහ ගන්න බැරි වෙනවා. අතට හම්බුවෙන ගානට රුපියල් දෙසීය තුන්සීය තෙල් ගහගෙන දුවන ත්‍රීවීලර් මනුස්සයාටත් එක්කෝ හයර් දුවන්න තෙල් නැතුව ලත වෙන්න වෙනවා. නැතිනම් කාගෙන් හරි ඉල්ලගෙන ෆුල් ටෑංක් ගහගෙන නිකරුනේ ණය වෙන්න වෙනවා.
මේවගේ වෙලාවට තියෙන්නේ ඉන්ධන හල් තාවකාලිකව හමුදාවට බාරදෙන්න. එතකොට ටැංකියේ තෙල් තියෙන ප්‍රමාණෙ බලලා ඇත්තටම තෙල් අඩු අය ප්‍රමුඛතා පෝලිමකට දාලා තෙල් දෙන්න පුලුවන්. මේ වැඩ ශෙඩ් වල කොල්ලනට කරන්න බෑ. චන්ඩි රන්ඩුවට එනවා. ඒ නිසා හමුදාවට බාර දෙන එක තමයි හොඳ. මහ පාරේ කොච්චර චන්ඩි වුනත් වෙපන් අතේ තියෙන ආමි කොල්ලෝ එක්ක හැප්පෙන්ඩ එන චන්ඩි හරි අඩුයිනෙ ලංකාවේ.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________