Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

ARE U SERIOUS? : ටෙස්ලා එකක් හෙස්ලා කරපු සෙට් එක


TESLA + HYDROGEN = HESLA

ටෙස්ලා මොඩල් S එක කෙනෙකුට මිලට ගන්න පුලුවන් වැඩිම දුරක් යන ඉලෙක්ට්‍රික් කාර් එකක්. කිලෝමීටර් 400+ අඩුම දුරක් යන්න පුලුවන් ටෙස්ලා මොඩ්ල් S එකේ සමහර මාදිලිවලට කිලෝමීටර් 540ක් විතර එක චාර්ජ් එකකින් යන්න පුලුවන්.

ටෙස්ලා මොඩල් S එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් ගත්ත නෙදර්ලන්ත ගෑස් නිෂ්පාදන සමාගමක ඉන්ජිනේරුවන් කණ්ඩායමක් මේ කාර් එකට ගමන්කරන පුලුවන් දුර කිලෝමීටර් 1000ක් තරම් වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් හොයන්න උත්සහ කලා.

මොවුන්ගේ සැලැස්ම වුනේ තම සමාගමේ නිෂ්පාදනයක් වන ද්‍රව හයිඩ්‍රජන් භාවිතා කරන්න පුලුවන්දැයි සොයා බැලීමයි. ටෙස්ලා එකට හයිඩ්‍රජන් ෆියුල් සෙල් කියන ද්‍රව හයිඩ්‍රජන් වලින් විදුලිය නිපදවන ජෙනරේටරයක් හයිකරලා, ඒ මාර්ගයෙන් ටෙස්ලා බැටරිය රථය ගමනේ යෙදෙද්දීම ආරෝපණය කරන්නට ඔවුන්ට හැකිවෙලා තියෙනවා.

හයිඩ්‍රජන් ෆියුල් සෙල් එකකදී වන්නේ හයිඩ්‍රජන් වායුව විශේෂිට ඇනෝඩයක් තුලින් යවා, එම ඇනෝඩයෙන් හයිඩ්‍රජන් වායුවේ ඉලෙක්ට්‍රෝන උදුරා ගැනීමයි. මේ ඉලෙක්ට්‍රෝණ පරිපථ හරහා විදුලිධාරාවක් බවට පත්කොට එමගින් ටෙස්ලා බැටරිය ආරෝපණය කරවනවා. ඉලෙක්ට්‍රෝන අහිමිවූ හයිඩ්‍රජන් ධන අයන කැතෝඩයක් හරහා ගමන් කරවා එමගින් නැවත ඔක්සිජන් හරහා  ඉලෙක්ට්‍රෝන ලබාදී ජලය බවට හරවනවා.

මෙලෙස හයිඩ්‍රජන්වලින් ගමනේදීම ආරෝපනය වන ටෙස්ලා කාරයට "හෙස්ලා"යනුවෙන් අලුත් නමක්ද ලබාදී තිබෙනවා.



__________________________________________________________________________
Image may be NSFW.
Clik here to view.
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>