Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

PHYSICS : යුරෝපීය CERN විද්‍යාගාරයේ නටරාජා පිලිරුවක් තබා ඇත්තේ ඇයි?

$
0
0

යුරෝපීය CERN විද්‍යාගාරයේ නටරාජා පිලිරුවක් තබා ඇත්තේ ඇයි? කියන එක හොයන්න සිත්වුනේ කලින් පලකල "ARE U SERIOUS? : රාමා ඇත්තටම ලංකාවට පාලමක් හැදුවලු??"ලිපියට කොමෙන්ටුවක් දැමූ මේනක අසිත සොයුරා ඒ පිලිබඳව පලකල අදහස ඔස්සේ ගිහින්.

හොයාගන්න පුලුවන් වුනු විධියට European Center for Research in Particle Physics in Geneva, Switzerland (CERN) පර්යේෂණ මධ්‍යස්ථානයට මේ නටරාජා පිලිරුව තෑගිදීලා තියෙන්නේ ඉන්දියානු රජය විසින්. CERN ආයතනයත් ඉන්දියාවේ න්‍යෂ්ඨික පර්යේෂණ ආයතනයත් අතර දිගුකාළයක ඉඳලා තිබුණු සබඳතාවය සැමරීම සඳහා තමයි මේ පිලිරුව තෑගිකරලා තියෙන්නේ.


හින්දු දේවමතයන්ට අනුව ශිව කියන්නේ මහා මැවුම්කරු වන දෙවියා. විශ්වය මවලා තියෙන්නෙත්, එය පවත්වාගෙන යන්නෙත්, එහි අවසාන විනාශයත් ශිව දෙවියන් විසින් බවයි හින්දු විශ්වාසය. නටරාජා පිලිරුවෙන් දැක්වෙන්නේ විනාශයේ නර්ථනයේ යෙදෙන ශිව දෙවියන්. 

නැසීගිය සුප්‍රකට භෞතික විද්‍යාඥ කාල් සේගන් වරක් අර්ධ-පරමාණුක අංශුවල (sub-atomic particles) චලනයවීම් නටරාජා ස්වරූපයෙන් ශිව දෙවියන් සිදුකරන නර්ථනයට සමාන කරලා උපමා-රූපකයක් ඉදිරිපත්කරලා තියෙනවා. ඒ කාලයේ CERN විද්‍යාගාරය බිහිවී නොතිබුණත් ඉන්දියාව, CERN පර්යේෂණාගාරයට නටරාජා පිලිරුවක් තෑගි කරන්නට මෙය හේතුවෙන්නට ඇතියි සිතනවා.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>