ලංකාවේ ඉපදී කුඩාකලම දෙමව්පියන් සමග කැනඩාවේ පදිංචියට ගිය චමත් කැලිෆෝනියාවේ, සිලිකන් නිම්නයේ ජනප්‍රිය ආයෝජකයෙක් මෙන්ම ව්‍යාපාරික විචාරකයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මාර්ක් සකර්බර්ග් සමග ෆේස්බුක් සමාජ ජාලය ආරම්භවූ කාලයේ එහි ජ්‍යේෂ්ඨ විධායක නිළධාරියෙකු ලෙස සෑහෙන කාලයක් සේවය කොට, ඒ වෙනුවෙන් ලැබූ ෆේස්බුක් කොටස් පාරිතෝෂික විකුණා මිලියනපතියෙකු වීම නිසාය.
ඇමරිකාවේ CNBC රූපවාහිණී චැනලයේ ව්‍යාපාරික විමසුම් වැඩසටහන්වලට චමත් පලිහපිටියට නිතර ආරාධනා ලැබේ. විශේෂයෙන්ම තාක්ෂණික සමාගම් වල ප්‍රගතිය හා අනාගත සැළසුම්, ඔවුන්ගේ ව්‍යාපාර මොඩල පිලිබඳව චමත්ගේ විචාරයන් ඉතාමත් විචක්ෂණ වන අතර, සමහර අවස්ථාවලදී මතබේදාත්මක අදහස් නොබියව ඉදිරිපත් කිරීම ඔහුගේ විචාරයන් ජනප්‍රිය වීමට එක් හේතුවක් වී ඇත.
පසුගිය දෙසැම්බර් 12 වැනිදා CNBC සේවයේ "Squeak Box"ව්‍යාපාරික විචාරක වැඩසටහනට සහභාගී වූ චමත්, බිට්කොයින් පිලිබඳව සිය අදහස් පලකල සිටියේය. චමත්ට අනුව ඔහු බිට්කොයින් වල ආයෝජනය කරන්නට පටන් ගත්තේ 2012 වසරේ සිටය. ඒ වනවිට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 100ක් විය. අද දින (දෙසැම්බර් 24) බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 13,580කි.
චමත්ට අනුව ඉදිරිවසර 5-6 තුලදී බිට්කොයින් එකක වටිනාකම ඩොලර් මිලියනය දක්වා වැඩිවනු ඇත. වැඩටසටහන මෙහෙයවන්නන් බිට්කොයින් වල ආයෝජනය කල යුත්තේ කෙසේදැයි විමසූ විට චමත් පවසන්නේ තම සම්පූර්ණ ආයෝජනයෙන් 1%ක් බිට්කොයින් වලට යෙදවීම ඉතා ආරක්ෂිත මෙන්ම අනාගතයේ හොඳ ප්රතිලාභ ලබාගත හැකි උපක්රමයකි.
චමත් පලිහපිටිය සමග බිට්කොයින් පිලිබඳව සංවාදයකට එළඹුන "Tech Crunch"තාක්ෂණික වෙබඩවියට ඔහු කියාසිටියේමේවන විට ඔහු සතුව ඩොලර් මිලියන 5ක් වටිනා බිට්කොයින් ආයෝජන ඇති බවයි. ඉදිරියේදී සිය බිට්කොයින් ආයෝජන ඩොලර් මිලියන 10-15 දක්වා වැඩිකිරීමටද බලාපොරොත්තු වන බව ඔහු ටෙක්-ක්‍රන්ච් සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියා.
චමත්ගේ මතය අනුව බිට්කොයින් ආයෝජනවල අවදානමක් ඇතත්, මහබැංකුවල පාලනයකින් තොරව ක්‍රියාත්මකවන, සම්පූර්ණයෙන්ම peer-to-peer තාක්ෂණයේ ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට්කොයින්, ඒ නිසාම අනාගතයේ මූල්‍ය වෙළඳපොල බෙහෝ සෙයින් ව්යාකූලකල හැකි නිර්මාණයකි. ඔහුට අනුව බිට්කොයින් වලට අන්තර්ජාල තාක්ෂණය තරමටම ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු කල හැකි විභවයක් ඇත.

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________