Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1261 articles
Browse latest View live

පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

$
0
0
පර්සීඩ් උල්කාපාත වර්ශාවේ ඡායාරූපයක් - මෙම ඡායාරූපය ඩේවිඩ් කින්ග් හම් නම් ඡායාරූප ශිල්පියා විසින් 2012 වසරේ අගෝස්තු 12 දින අමෙරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේදී ගන්නා ලද එකකි (Photo Credit: David Kingham/DavidKingham Photography)

ප්‍රකට උල්කාපාත වර්ෂාවක්‌ වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට (10 වැනිදා) සිට 13 වැනිදා දක්‌වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි.

පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්‌තු 10 වැනිදා වන විට පැයකට  උල්කාපාත 15 ක්‌ පමණ ද අගෝස්‌තු 11, 12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක්‌ පමණ වශයෙන්ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක්‌ පැවතිය හොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක්‌ ඊසාන දිග අහස නිරීක්‌ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.

Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පෘථිවිය ගමන්කිරීම නිසා පර්සීඩ් උල්කා වර්ශාව හටගන්නා බව නාසා ආයතනය පවසයි. ස්විෆ්ට්-ටට්ල් වල්ගාතාරකාව සූර්යයා වටා ගමන්කරන අතර එහි ගමන්මාර්ගය හා පෘථිවියේ කක්ශය සෑම වසරකම අගෝස්තු මාසයේදි එකිනෙක කැපී යයි. විශාල න්‍යශ්ඨියකින් හෙබි ස්විෆ්ට්-ටටල් වර්ගාතරුවේ න්‍යශ්ඨියෙන් ගැලවී යන පාශාණ කොටස් එම ගමන් මාර්ගයේ තිබෙන අතර පෘථිවිය එම මාර්ගය හරහා යාමේදී මෙම සුන්බුන් වායුගෝලයට ඇතුලුවී දැවී යාමේදී උල්කාපාත ලෙස දර්ශණය වේ. ස්විෆ්ට්-ටට්ල් න්‍යශ්ඨියෙන් සුන්බුන් විශාල ප්‍රමාණයක් නිකුත්වන නිසා ඉහල තීව්‍රතාවයකින් යුතු උල්කා වර්ශාවක් ඇතිවන බව නාසා ආයතනය පවසයි.




ගැබිණි මවකගේ නූපන් දරුවා දැකගැනීමේ හැකියාව ඩොල්ෆින් මසුන් සතුයි?

$
0
0

ඩොල්ෆින් මසුන් සතුව ඇතැයි සැළකෙන අපූර්ව හැකියාවක් පිලිබඳ විවාදයක් විද්‍යාඥයින් අතර හටගෙන තිබෙනවා. ඒ ඩොල්ෆින් මසුන් හට මුහුදේ පිහිණමින් සිටිනා ගැබිණියකගේ කුසතුල සිටිනා ළදරුවාගේ රුව දැකගැනීමේ හැකියාවක් ඇතිදයි යන්න පිලිබඳවයි. ගැබිණි සායනයකට යන මවකට වෛද්‍යවරයා භාවිතාකරන "සොනොග්‍රෑම්" උපකරණය ආධාරයෙන් සිය නූපන් දරුවාගේ රුව දැකබලාගත හැකිය. සොනෝගෑම් උපකරණය මේ හපන්කම සිදුකරන්නේ අධි-සංඛයාත ශබ්ද තරංග ආධාරයෙනි. මෙම තරංග නිකුත්කරන කොටස මවගේ ගර්භාශයේ ස්පර්ශකිරීමෙන් එම තරංග දරුගැබේ ගැටී ආපසු පරාවර්තනය වන ආකාරය මගින් සොනොග්‍රෑම් උපකරණය කළලයේ චිත්‍රයක් නිපදවනවා. 

ඩොල්ෆින් මත්සයින්ද (මත්සයින් යයි කීවද ඩොල්ෆිනුන් ක්ශීරපායි සතුන් කොටසකී) බොරවූ හෝ ආලෝකය අඩු ජලයේ සිය ගමන් මාර්ගයේ ඇති බාධක සොයාගන්නේද, ආහාරය සඳහා සුදුසු සතුන් සොයාගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග නිකුත්කොට ඒවා ආපසු පරාවර්තයන වන ආකාරයෙන් අවට පරිසරය පිලිබඳව චිත්‍රයක් මවාගනිමිනි. එමෙන්ම සංකීර්ණ පණිවුඩ හුවමාරු ක්‍රමයක් නිර්මාණය කොටගෙන සිටිනා ඩොල්ෆිනුන් සිය සගයින් සමග පණිවුඩ හුවමාරු කරගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග ආධාරයෙන් සිදුකරන "කතාබහ" මගිනි. 

ඒ අනුව ගර්භිණී කාන්තාව ජලයේ පිහිණන විට අයගේ දරුගැබ වෙත ශබ්ද තරංග නිකුත්කොට ඇයගේ කුසතුල වැඩෙනා කළලයේ ස්වරූපය දැකබලා ගැනීමට ඩොල්ෆිනුන්ට හැකියාව ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් ඔවුන් දකින එම චිත්‍රය නූපන් මනුශ්‍ය දරුවෙකුගේ රුවක් ලෙස ඔවුන් වටහා ගන්නේද යන්න විවාදාත්මක කරුණකි. කෙසේවෙතත් ඩොල්ෆිනුන් අතිශයින්ම බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් බව වසර ගණනාවක් ඩොල්ෆිනුන්ගේ බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන ඇට්ලැන්ටා නුවර එමරි විශ්වවිද්‍යාලයේ ස්නායු-විද්‍යාඥ ලෝරී මැරීනෝ පවසනවා. ඔවුනට නූපන් බිළිඳෙකුගේ කළලයේ ස්වරූපය දැක ගැනීමට මෙන්ම එම කළලයේ හෘද ස්පන්ධනයට සවන්දීමේ හැකියාව ඇතැයිද ඇය පවසනවා.


එපමණක් නොව ඩොල්ෆිනුන් තමන් සමග කාන්තාවන් හා පුරුශයින් රැසක් පිහිනද්දී ඔවුන් අතරින් ගැබිනි කාන්තාවන්ට විශේෂ උනන්දුවක් දක්වන බව නිරීක්ශණය වී ඇති බව වාතාවෙනවා. ගැබිණි කාන්තාවන් අසලට පිහිනා එන ඔවුන් විශේෂිත ආකාරයකින් ශබ්ද කිරීමට පටන් ගන්නා බවත් එම ශබ්ද ඩොල්ෆිනුන් වෙනත් ඩොල්ෆිනුන් හා පණිවුඩ හුවමාරු කිරීමේදී නිකුත් කරන ශබ්ද වලට සමාන පවත් පැවසෙනවා. සමහර විට මෙම හැසිරීම, මේ බුද්ධිමත් ජීවීන් මවගේ කුස තුල සිටිනා කළලය හා පණිවුඩ හුවමාරු කරගැනීමට ගන්නා උත්සහයක් වන්නටද පුලුවන්


ෆොන්ටෙරා - DCD අර්බුදයෙන් බැටකන ලොව දැවැන්තම කිරි නිෂ්පාදකයා හඳුනාගන්න...

$
0
0
Image Source: http://www.adaderana.lk/news_images/744119924fonterra_logo.jpg
නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන කිරිපිටිවල DCD නම් රසායණිකය අඩංගු බවත් ඒ අනුව එම කිරිපිටි තහනම් කලයුතු බවට මතයක් මෙරට තුල පැතිරී යනවා. දැනටමත් රජය ෆොන්ටෙරා සමාගම සිය කිරිපිටි ආරක්ශිත බවට අඟවන එක්තරා දැන්වීමක් ප්‍රචාරණය තහනම් කොට තිබෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් මහජන සංවිධාන ගණනාවක් ආනයනික විශ සහිත කිරිපිටිවලින් මහජනයා ආරක්ශාකරගැනීමේ සටනේ යෙදී සිටිනවා.

මෙම ලිපියේ අරමුණ සුප්‍රකට ඇන්කර් කිරිපිටි සන්නාමයේ අයිතිකරු වන ෆොන්ටෙරා සමාගම පිලිබඳව මහජනතාවගේ අවබෝධය පුළුල් කිරීමයි. 

මෙම ලිපියේ අඩංගු කරුණු සියල්ලම පොදුස්වාමිත්වය (public domain) තුල පවතින මූලාශ්‍රවලින් උපුටාගන්නා ලද අතර එම මූලාශ්‍ර සියල්ලම මේ ලිපියේ අගින් සඳහන් කොට ඇත.

What is Fonterra?

ෆොන්ටෙරා යනු නවසීලන්තයේ මහා පරිමාණ කිරිගොවීන්ගේ සමූපාකාර ව්‍යාපාර හඳුන්වන නාමයයි. Fonterra Co-operative Group Limited  ලෙස හැඳින්වෙන මෙය බහුජාතික කිරි නිශපාදන සමාගමක් ලෙස හඳුනාගැනෙනවා.

Anchor මෙම සමාගම සතු ප්‍රධානතම කිරි නිශ්පාදන සන්නාමයයි.

නවසීලන්තයේ මහාපරිමාණ කිරිගොවීන් 10,600 දෙනෙකු හා නවසීලන්ත රජය මෙහි කොටස්කරුවන් බව විකිපීඩියා විශ්වකෝශය සඳහන් කරනවා. මෙම දැවැන්ත සමූපාකාර ව්‍යාපාරය ෆොන්ටෙරා ලෙස බෞතීස්ම වුනේ 2001 වසරේදීයි. මීට පෙර මෙය විශාල කිරිගොවි සමූකාර දෙකක්, එනම් "නවසීලන්ත කිරි ව්‍යාපාර සමූහය" හා "කිවි කිරිනිශ්පාදන සමූපාකාරය" ලෙස වෙනවෙනම ක්‍රියාත්මක වූ අතර නවසීලන්ත කිරි මණ්ඩලය නවසීලන්තයේ කිරි අපනයනයේ ඒකාධිකාරය දැරුවා.

2001 වසරේදී නවසීලන්ත කිරි මණ්ඩලය (New Zealand Dairy Board) හා මෙම සමූපාකර දෙක එකාබද්ධ කොට ෆොන්ටෙරා සමූපාකාර ව්‍යාපාරය පිහිටවනු ලැබුවා.

ලොව කිරි නිශ්පාදනයෙන් 30% ප්‍රමාණයකට හිමිකම් කියන ෆොන්ටෙරා සමාගම ලොව විශාලතම කිරි නිශ්පාදන අපනයන සමාගම වනවා. 2010-2011 මූල්‍ය වර්ෂය තුල ෆොන්ටෙරා සමාගම නවසීලන්ත ඩොලර් බිලියන 19.8ක ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2079ක්) ඉපයූ බව වාර්තා වනවා.

2005 වසරේදී ෆොන්ටෙරා සමාගම ඔස්ට්‍රේලියාවේ කිරි නිශ්පාදනයටද සම්බන්ධ වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි කලින් නෙස්ලේ සමාගම සතුවූ විශාල කිරි කර්මාන්තශාලාවක් අත්පත්කර ගැනීමෙන්. දැන් ෆොන්ටෙරා සමාගම ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවීන්ගේ නිශ්පාදන විශාල වශයෙන් මිලදී ගන්නා අතර එය සමස්ත ෆොන්ටෙරා කිරි නිශ්පාදනයෙන් 14% පමණ වන බව වාර්තා වනවා.

ෆොන්ටෙරා සමාගම හා බැඳුනු කිරි නිශ්පාදන අර්බුද...

2013 ජනවාරි මස සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් වාණිජ පුවත්පතට ලිපියක් සපයන ලේඛිකා ලුසී ක්‍රේමර් ෆොන්ටෙරා සමාගම හා සබැඳුනු පාරිභෝජනයට නොසුදුසු කිරි නිශ්පාදන අර්බුද කිහිපයක විස්තර සපයනවා.

* 2012නොවැම්බරයේදී ෆොන්ටෙරා සමාගම නවසීලන්ත ඩොලර් මිලියන 525ක ආයෝජන අරමුදලක් හරහා ආයෝජකයින්ගෙන් මුදල් ලබාගත් අතර මෙම ආයෝජන අරමුදල ආයෝජකයින් හට ඉදිරිපත් කරන අවස්තාව වන විටත් ෆොන්ටෙරා සමාගම සිය කිරි නිශ්පාදනවල අහිතකර DCD රසායණිකය අඩංගු බව දැනසිටිය මුත්, එම වැදගත් කරුණ ආයෝජකයින්ට හෙලි නොකොට සඟවාගෙන සිටි බවට චෝදනා නගනවා.

ෆොන්ටෙරා සමාගමට අනුව ඔවුන් එම තොරතුරු හෙලි නොකොට සිටියේ DCD රසායණිකය සුලු ප්‍රමාණ වලින් අඩංගු වීම එම කිරි පාරිභෝජනයට බාධාවක් නොවන බවට නවසීලන්ත රජයෙන් තමන්ට උපදෙස් ලැබුනු බැවින් බවට සඳහන් කරනවා. නවසීලන්තයේ විශාලතම විදේශ විනිමය උපයන්නා වන කිරි කර්මාණ්තය ආරක්ශා කරගැනීමට නවසීලන්ත රජය විශේෂ උනන්දුවක් ගන්නා බව රහසක් නොවේ. 2010 විකිලීක්ස් කේබල් හරහා හෙලිවුනු තොරතුරු අනුව නවසීලන්ත රජය ඉරාකයට 2003 වසරේදී හමුදා බළඇණි යැවුවේ ඉරාකය වෙත කිරි අපනයන වෙළඳාම ආරක්ශා කර ගැනීම සඳහා අමෙරිකාව සතුටු කිරීමේ අරමුණින් බවට සැකයක් තිබෙනවා. මෙහි ප්‍රධාන වාසිය නවසීලන්ත කිරි දැවැන්තයා වන ෆොන්ටෙරා සමාගමට ලැබුනු බව පිලිගැනීමට සිදුවෙනවා.

* 2008 චීනයේ මෙලමයින් විශ අඩංගු කිරි අර්බුදය - මෙයට මැදිවී ඇත්තේද ෆොන්ටෙරා සමාගම 43%ක කොටස් අයිතිය තිබූ සන්ලූ ගෲප් නම් චීන කිරි නිශ්පාදන සමාගමයි. ජලය යොදා තනුක කරන ලද කිරිවල ප්‍රෝටීන අගය ඉහල දැමීම සඳහා ප්ලාස්ටික් රසායණිකයක් වන මෙලමයින් එකතු කිරීමට මෙම සමාගමේ නිළධාරීන් කෲර ලෙස කටයුතු කල අතර එමගින් කුඩා බිළිඳුන් 6 දෙනෙකුට මරු කැඳවා තවත් 300,000ක් බිළිඳුන් රෝගීකල මෙම මහා අපරාධයට චීන හවුල්කාර සමාගම කෙලින්ම වගකිව යුතුවුවත්, එම කුමණ්ත්‍රණයට ෆොන්ටෙරා සමාගමේ කළමණාකාරිත්වය කෙලින්ම සම්බන්ධ නොවූවත් 43%ක කොටස් හිමිකරුවෙකු වන ෆොන්ටෙරා සමාගමට එම වගකීමෙන් ගැලවිමේ හැකියාවක් නොමැති බව විචාරකයින් පවසනවා. 

මෙයට හේතුව මෙම අර්බුධයේදී ෆොන්ටෙරා සමාගම කෙලින්ම වගකීම ගන්නවා වෙනුවට චීන ව්‍යාපාරික ආයෝජන ආරක්ශාකර ගැනීමේ ව්‍යායාමයක යෙදී සිටි බවට චෝදනා එල්ල වන බැවිනුයි. එවක නවසීලන්ත අගමැතිනිය වූ හෙලන් ක්ලාර්ක් පවා ෆොන්ටෙරා සමාගම මෙම අර්බුදයේදී ඉතා මන්දගාමීව ක්‍රියාත්මක වූ බව පවසා තිබෙනවා. 2008 සැප්තැම්බර් මස 21 පලකල ලිපියක් මගින් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත මෙම කරුණු හෙලිකල අතර එම පුවත්පත ෆොන්ටෙරා ප්‍රධාන විධායක ඇන්ඩෲ ෆෙරියර් ගේ නායකත්වය හා සදාචාරාත්මක ප්‍රතිපත්ති ප්‍රශ්ණ කිරීමකට බඳුන්කලා.

DCD රසායනිකය යනු කුමක්ද?

DCD යනුවෙන් හඳුන්වන්නේ 2-2-Cyanoguanidine නම් රසායණිකයයි. අවර්ණ ඝණ ද්‍රව්‍යයක් ලෙස පවතින මෙය පහසුවෙන් ජලයේ දියවනවා. නවසීලන්තයේ ගවයන් සඳහා සිදුකරන තෘණ වගා සඳහා භාවිතා කරන මෙය යොදන්නේ තෘණ වලට යොදන පොහොර වල ඇති නයිට්‍රේට  ජලයට එක්වී ගංගා ඇළදොල දූශණය වීම වැළැක්වීම සඳහායි.

මෙය ගවයන් ආහාරයට ගන්නා තෘණ සමග එක්ව ඔවුන් නිපදවන කිරිවලට එකතුවී තිබනවා. DCD ඉහල මාත්‍රාවලදී මිනිසාට හානිකර විය හැකියි.

මූලාශ්‍ර:

  1. http://en.wikipedia.org/wiki/Fonterra
  2. http://en.wikipedia.org/wiki/2013_Fonterra_recall
  3. http://en.wikipedia.org/wiki/Anchor_(brand)
  4. http://en.wikipedia.org/wiki/2-Cyanoguanidine
  5. http://online.wsj.com/article/SB10001424127887323539804578263033021413140.html
  6. http://www.3news.co.nz/Fonterra-contract-behind-NZ-involvement-in-Iraq/tabid/419/articleID/191612/Default.aspx
  7. http://johnminto.wordpress.com/2008/09/30/fonterra-has-failed-us-all/
  8. http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10533487&pnum=0
  9. http://www.3news.co.nz/Government-downplays-DCD-risk/tabid/418/articleID/284532/Default.aspx
  10. http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=10861424







ජාන පර්යේෂණ ආධාරයෙන් මහා භාරත ජනයා කුළබේධය ඇති කරගත් වකවානුව හෙලිවේ!!

$
0
0

කුළ අනුව මිනිසුන් වර්ග කිරීම ලොව පුරා බොහෝ ආදි ජනවර්ග අතර පැතිරි තිබුණත් (උදා: පැරණි ඊජිප්තු සිශ්ඨාචාර යුගයේදී ඊජිප්තු ජනසමාජය කුළ අනුව බෙදී තිබුණි) කුළබේධයේ තෝතැන්න ලෙස සැළකෙන්නේ පෞරාණික ඉන්දියාවයි. මෙම කුළ බේධය ඉන්දියානු ජන සමාජය තුලට කොතරම් කා වැදී ඇතිද යත් අද පවා ඉන්දියාවේ බෝහෝ කුළයන් වෙනත් කුළයන් හා ආවාහ විවාහ කර නොගන්නා අතර එසේ සිදුකරන තරුණ තරුණියන් සිය කුළයෙන් පලවා හරී.

American Journal of Human Genetics නම් ශාස්ත්‍රීය විද්‍යා සංග්‍රහයේ පළවුනු පර්යේශණ නිබන්ධනයකට අනුව භාරත ජනයා මෙලෙස කුළ අනුව බෙදුනු වකවානුව ආසන්න වශයෙන් මීට වසර 2000කට පෙර බව නිගමය කොට ඇත. නූතන ඉන්දියානු ජනවර්ග ගණනාවකින් ලබාගන්නා ලද ලේ සාම්පල ඇසුරින් කරන ලද ජාන හඳුනාගැනීමකට අනුව මීට වසර 4500කට පමණ පෙර සිටම භාරත ජනයා අතර සීම බන්ධන වලට යටත් නොවූ ආවාහ විවාහ සිදුවී ඇති බවත්, ඒ අනුව විවිධ ඉන්දියානු ජනවරග වල විශාල සම්මිශ්‍රණයක් එකල දක්නට ලැබුණු බවත් අනාවරණය වී ඇත. වසර 2500ක් පමණ කාළයක් මෙම සම්මිශ්‍රණය අඛන්ඩව සිදුවී ඇති අතර, මීට වසර 2000කට පමණ පෙර සිට මේ සම්මිශ්‍රණයන් එක්වරම නැවැතුනු බව නූතන ඉන්දියානුවන්ගේ ජාන සාක්ශි දරයි.

මෙලෙස ජාන සම්මිශ්‍රණය නැවතීමට හේතුව වසර 2000කට පමණ පෙර සිට කුළ අනුව බෙදී කුළ හා ජනවර්ග අතර ආවාහ විවාහ සිදු නොවීමයි.

වසර 3500කට පෙර උතුරු ඉන්දියානු භාශවක් වුනු සංස්කෘත භාශාවෙන් ලියැවුනු  සෘග් වේදයේ එන කාව්‍යවල ඇති සමඝර රණකාමීන්ගේ හා ඉහල නිළතල දැරූවන්ගේ නම් දකුණු ඉන්දියානු සම්භවයක් ඇති නාමයන් ලෙස භාශා හා සංස්කෘතීන් පිලිබඳ විශේෂඥයින් හඳුනාගෙන ඇත. එනම් උතුරු ඉන්දියානු රාජ සභාවල් උසස් නිළයන් හා හමුදාවේ ඉහල තනතුරු දකුණු ඉන්දියානු සම්භවයක් ඇතිවලුන් හොබවා ඇත.

මේ අනුව ඉන්දියානු සමාජය සෘග් වේදය ලියැවුනු කාළයේදී, එනම් මීට වසර 3500කට පෙර වකවානුවේ උතුරු ඉන්දියානුවන් හා දකුණු ඉන්දියානුවන් එකිනෙකා කෙරෙහි ඉමහත් ගෞරවයෙන් සිටින්නට ඇතැයි සැළකේ. ඒ අනුව රාජ සභාවල හා හමුදාවල ඉහල තනතුරු දකුණු ඉන්දියානුවන් හට පිරිනමන්නට ඇති බවත්, උතුරු දකුණු  හා කුළ බේදවලින් තොර ආවාහ විවාහ සිදුවන්නට ඇති බවත් සිතිය හැකිය.

අද ඉන්දියාවේ තත්වය මීට සපුරා වෙනස්ය. කලක් උතුරු ඉන්දියාවේ ජීවත් වුනු මා මෙය හොඳින් අත්දැක ඇත. උතුරු ඉන්දියානුවන් සමස්තයක් ලෙස දකුණු ඉන්දියානුවන් එතරම් පිලිගැනීමකට බඳුන් කරන්නේ නැති අතර දකුණු ඉන්දියානුවන්ද උතුරු ඉන්දියානුවන් එතරම් මායිම් නොකරති.

පර්යේෂකයින්ට අනුව මීට වසර 2000කට පමණ පෙර ඉන්දියානු සමාජය ඉතා දැඩි ලෙස කුළ අනුව වර්ගවී ඉහල කුළ පහලින් ඇතැයි සැළකූ කුළ පිලිකෙව් කරන තරමට බෙදී වෙන්වී ගොස් ඇති අතර එසේ සිදුවන්නට ඇත්තේ කුමන ආර්ථික,සාමාජීය හේතුන් මතද යන්න අපැහැදිලි බව පවසයි.

Source : http://www.livescience.com/38751-genetic-study-reveals-caste-system-origins.html

වර්ෂ 2154දී ලෝකය ගැන ඉඟිදෙන අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Elysium

$
0
0

සුප්‍රසිද්ධ හොලිවුඩ් නලුනිලි යුවලක් වන මැට් ඩැමන් හා ජොඩී ෆොස්ටර් රඟන එලිසියම් ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය (science fiction thriller) පසුගිය අගෝස්තු 9වැනිදා උතුරු අමෙරිකානු රටවල් තුනක සිනමා ශාලාවලදී එලිදැක්විනි. District 9 විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය අධ්‍යක්ශණය කල නීල් බ්ලොම්කැම්ප් විසින් තිර රචනය හා අධ්‍යක්ශණය කරන ලද මෙම චිත්‍රපටය ලබන අගෝස්තු 21වැනිදා බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපා රටවල්වල එලිදැක්වීමට නියමිතව තිබේ.

Cast

Matt Damon as Max Da Costa
Jodie Foster as Secretary of Defense Delacourt
Sharlto Copley as Agent C.M. Kruger
Alice Braga as Frey Santiago
Diego Luna as Julio
Wagner Moura as Spider
William Fichtner as John Carlyle


"එලිසියම්" කතාවස්තුව....



වර්ශ 2154දී මනුශ්‍ය වර්ගයා කොටස් දෙකකට බෙදී සිටී. එනම් සුපිරි ධනවතුන් හා සාමාන්‍ය මිනිසුන් වශයෙනි.

සුපිරි ධනවතුන් ජීවත්වන්නේ පෘථිවිය මත නොව, අභ්‍යවකාශයේ ගොඩනගන ලද, පාරාදීසයක් වන්වූ, සියලු සැප-පහසුකමකින්ම යුතු "එලිසියම්" නම් දැවැන්ත අභ්‍යවකාශ මධ්‍යස්ථානයකය. නිර්ධන සාමාන්‍ය මිනිසුන් ඒ වනවිට යුධ කෝලාහල,අධික ජනගහනය, ස්වභාවික සම්පත් ක්ශයවීම හා පරිසර විනාශය නිසා මිහිපිට අපායක් බවට පත්ව ඇති පෘථිවිය මත අපමණ දුක්විඳිමින් කල් ගෙවති.

සුපිරි ධනවතුන්ගේ කෙළිබිම වූ එලිසියම් අභ්‍යවකාශ පුරවරය
එලිසියම් පාරාදීසයේ ජීවත්වන ධනවතුන් සිය අතිසුඛෝපභෝජී ජීවන රටාව රැකගැනීම සඳහා එලිසියම් පුරවරය වෙත කිසිදු දුගී පෘථිවි වාසියෙකුට ඇතුලුවන්නට ඉඩ නොදේ. මේ සඳහා එලිසියම් ධනවතුන් ඔවුන්ගේම ජනාධිපතිවරයෙකු හා ආරක්ශක ලේකම්වරයෙකු පත්කොට ගෙන සිටී. ජෙසිකා ඩිලැකෝට් (ජොඩී ෆොස්ටර්) නම් මෙම ආරක්ශක ලේකම්වරිය එලිසියම් අභ්‍යවකාශ ජනපදය වෙත හොරෙන් ඇතුලුවීමට තැත්කරන නීතිවිරෝධී සංක්‍රමණිකයින් විනාශ කිරීම සඳහා කෲගර්  නම් ම්ලේච්ඡ දකුණු අප්‍රිකානු කුලීහේවායෙකුගේ නායකත්වයෙන් යුතු, අතිනවීන අවිආයුධ වලින් සන්නද්ධ හමුදාවක් සකස්කොට ඇති අතර කුඩා අභ්‍යවකාශ යානා වල නැගී එලිසියම් වෙත පැනගන්නට උත්සහ කරන පෘථිවි සංක්‍රමණිකයින් දුටු තැන විනාශ කිරීමට ආරක්ශක ලේකම් ඩිලැකෝර්ට් කෲගර් වෙත උපදෙස් දී ඇත.

එලිසියම් ජනාධිපතිවරයා ආරක්ශක ලේකම් ඩිලැකෝර්ගේ දරුණු පිලිවෙත් වලට විරෝධය දක්වන අතර ඩිලැකෝර්ට්, ජනාධිපතිවරයා බලයෙන් පහකොට තමන්ට ජනාධිපතිවරිය වියහැකි ලෙස රහස් කුමණ්ත්‍රණයක් දියත්කරයි. මේ සඳහා කෲගර් හා ඔහුගේ කුලී හමුදාවේ සහයද, එලිසියම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කල "ආර්මඩයින්" නම් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජෝන් කාලයිල්ගේ සහයද ලබාගැනීමට ඇය බලාපොරොත්තුවේ.

එලිසියම් කුලී හමුදාවේ නායක කෲගර්..
එලිසියම් පාරාදීසයේ බල අරගලය මෙසේ ඇවිලෙද්දී.....

මැක්ස් (මැට් ඩැමන්) විනාශවී ගිය ලොස් ඇන්ජලීස් අපසුවෙන් නුවර දිවි ගැටගසාගන්නා තරුණයෙකි. කලක් නීතිවිරෝධී කටයුතුවල නියැලී සිරගතව සිටි ඔහු දැන් නිදහස් මිනිසෙකු ලෙස ජීවත්වන්නට උත්සහ කරයි. "ආර්මඩයින්" සමාගමේ කර්මාන්තශාලාවක සේවය කරන මැක්ස් ෆ්‍රේ නම් හෙදියක හා මිතුරුව සිටී. කිසිදු පහසුකමක් හෝ බෙහෙත් හේත් නොමැති කුඩා රෝහලක සේවය කරන ෆ්‍රේ ගේ දියණිය මැටිල්ඩා ලියුකේමියා රෝගයෙන් පිඩාවිඳින අතර බෙහෙත් හෝ පහසුකම් නොමැති නිසා ඇයගේ රෝගය උත්සන්න වෙමින් පවතී.

මේ අතර මැක්ස් සේවය කරන කර්මාණ්තශාලාවේ විකිරණ කාන්දුවකින් ඔහු දරුණු ලෙස විකිරණ වලට අනාවරණය වන අතර මැක්ස් හා විකිරණ වලට අනාවරණය වූ අනෙකුත් සේවකයින් ඉදිරි සතිය තුල මියයන බව දැනගන්නා ආර්මඩයින්න් ප්‍රධාන විධායක ජෝන් කාලයිල් ඔවුනට වන්දි හා ප්‍රතිකාර ලබාදෙනවා වෙනුවට සේවයෙන් පහකොට දමයි.

එලිසියම් කොළණිය සුපිරි ධනවතුන්හට අති නවීන වෛද්‍ය පහසුකම් ඇති බව දන්නා මැක්ස් කෙසේ හෝ එලිසියම් වෙත පැන ගැනීමට ස්පයිඩර් නම් මිනිස් ජාවාරම්කරුවා හමුවෙයි. මැක්ස් හට උපකාර කිරීමට එකඟවන ස්පයිඩර් ඒ වෙනුවට ආර්මඩයින් ප්‍රධාන විධායක ජෝන් කාලයිල් සතුව ඇති වැදගත් තොරතුරු වගයක් තමාට ලබාදිය යුතු බව මැක්ස් හට දැනුම්දෙයි. මෙම තොරතුරු ජෝන් කාලයිල්ගේ හිස්කබළ තුල සඟවා ඇති පරිගණක චිපයක් තුල අඩංගු බව දන්නා ස්පයිඩර් එම දත්ත උකගාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් මැක්ස් හට ලබාදෙයි.


එමපණක් නොව දැඩි ලෙස විකිරණවලට අනාවරණය වීම නිසා වේගයෙන් ක්ශයවෙමින් යන මැක්ස්ගේ ශරීර ශක්තිය වැඩි කොට ගැනීම සඳහා ස්පයිඩර් ඔහුට එක්සො-ස්කෙලිටන් නම්වූ, සිරුරට සවිවන කෘතිම පිටසැකිල්ලක්ද ලබාදෙයි.

ඔවුන්ගේ සැලැස්ම වන්නේ ජෝන් කාලයිල් පෘථිවියේ සිට එලිසියම් වෙත ගමන්කරමින් සිටිනා අවස්ථාවක ඔහුගේ අභ්‍යවකාශ යානයට පහරදී කාලයිල් ප්‍රාණ ඇපයට ගැනීමයි. ප්‍රහාරය සාර්ථක වුවත් එම තොරතුරු වහා දැනගන්නා ආරක්ශක ලේකම් ඩිලැකෝර්ට්, කෲගර් හා ඔහුගේ කුලී හමුදාව යොදවා මැක්ස් ඇතුලු පිරිසට පහරදෙයි....




SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින

$
0
0

අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට හමුදාසේවය අනිවාර්ය වන අතර එකල  ආපාතෙයිඩ් නම් වර්ණ්බේධවාදී ප්‍රතිපත්තිය අනුගමණය කල දකුණු අප්‍රිකාවේ පාළකයින් මෙන්ම හමුදාවද සුදු ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලදී. හමුදාවට බැඳී කළු ජාතිකයින් මර්ධණය කිරීමට අකමැති වූ ඊලොන් කැනඩාවට සංක්‍රමණය වූ අතර 1992දී අමෙරිකාවේ පදිංචියට පැමිණියේය.

1999දී x.com නැමති අන්තර්ජාල මූල්‍ය හා ගෙවුම් පහසුකම් සපයන සමාගමක් ආරම්භ කල ඔහු පසුව එය තවත් සමාගමක් හා බද්ධකොට සුප්‍රකට PayPal නම් ගෙවුම් සමාගම පිහිටුවා එහි සම නිර්මාතෲ ලෙස ගෞරවයට පාත්‍රවිය. 2002 වසරේදී පේ-පෑල් සමාගම ඊ-බේ (eBay) සමාගම මගින් ඩොලර් බිලියන 1.5කට මිළදීගන්නා ලද අතර පේ-පෑල් සමාගමේ විශාලම කොටස් කරුවාවූ ඊලෝන් එම ගණුදෙනුවෙන් ප්‍රකෝටිපතියෙකු බවට පත්විය.

 කුඩා කාලයේදී විද්‍යා ප්‍රබන්ධ ඉමහත් ආශාවෙන් කියවූ ඊලෝන්, අයිසැක් ඇසිමොෆ්ගේ "Foundation series" නම් විද්‍යා ප්‍රබන්ධ පෙල ඔහු වඩාත්ම ඇලුම්කල විද්‍යා ප්‍රබන්ධ මාළාව බව පවසෙනවා.

ඊලෝන් පවසන ආකාරයට මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හැකි ඉක්මණින් අභ්‍යවකාශය ජනාවාස කලයුතු වනවා. අයාලයේ යන ග්‍රහකයක් හෝ සුපිරි ගිණිකන්දක් මගින් ඩයිනෝසරයින් මෙන්ම මිනිසාද අභාවයට යා හැකියි. එමෙන්ම පසුගිය දශක හයතුල මිනිසා ලබා ඇති දැවැන්ත තාක්ශණික දියුණුවද මිනිසාගේ විනාශය උදාකරන්නට ඉඩ තිබෙනවා. ඊට උදාහරණ ලෙස ඊලෝන් පවසන්නේ කෘතිමව නිර්මාණය කරන ලද සුපිරි වෛරසයක් (යුධමය කටයුතු සඳහා) විද්‍යාගාරයෙන් නිදහස්වීමෙන්, වැරදීගිය විද්‍යාත්මක පර්යේෂණයක් හේතුවෙන් විද්‍යාගාරයක බිහිවන ක්ශුද්‍ර කළු-කුහරයක් (micro black hole) මගින්ද පෘථිවිය විනාශවී යා හැකියි, එමෙන්ම තවමත් නිර්මාණය කොට නොමැති, එහෙත් නුදුරු අනාගතයේ එලිදකින තාක්ශණයක් මගින්ද මිනිස් වර්ගයා විනාශවී යාහැකියි.

ඊලෝන් පවසන ආකාරයට ඔහුගේ අධිතාක්ශණික සිහින මිනිස් වර්ගයාගේ අනාගත ආරක්ශාව පිනිසත්, පෘථිවියේ ආරක්ශාව පිණිසත් අවශ්‍ය තාක්ශණය නිර්මාණය කිරීමයි.

SpaceX : අභ්‍යවකාශ ගවේශණය පෞද්ගලික අංශයට ගෙනයාම

පේ-පෑල් සමාගම විකුණාදැමූ පසු අලුත් වැඩකට අතගැසූ ඊලෝන් 2002 වසරේදී SpaceX නම් සමාගමක් ආරම්භ කලේය. එහි අරමුණ වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය, හමුදා හා වෙනත් පෞද්ගලික සමාගම් සඳහා අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීමයි. එවකට අමෙරිකාවේ රොකට්ටු නිර්මාණයේ ඒකාධිකාරය නාසා ආයතනයට තිබූ අතර නාසා ආයතනය අධික මුදලක් වියදම් කර නිර්මාණය රොකට්ටුවලට වඩා අඩු පිරිවැයකින් රොකට්ටු නිර්මාණය කොට අභ්‍යවකාශ තරණයේ බරපැණ අඩුකිරීමට පෞද්ගලික ව්‍යවසායකයෙකු වූ තමාට හැකි බව ඔහු ප්‍රකාශ කලේය.

මෙය ඇසූ බොහෝ දෙනෙකු ඊලෝන් දවල් සිහින මවනවා යයි කියමින් සිනාසුනේ අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීම සඳහා යන දැවැන්ත ආයෝජන හා තාක්ශණික කුසලතා අමෙරිකාව, යුරෝපා සංගමය, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් අතලොස්සක රාජ්‍ය අභ්‍යවකාශ ආයතන සතුව පමණක් රැඳි නිසාය. දැනටත් විශ්වාසවන්ත භාවයකින් රොකට්ටු ගුවන්ගත කලහැකි තාක්ශණයන් වැඩිදියුණු කොට ඇත්තේ අමෙරිකාව, රුසියාව හා චීනය පමණකි. ඉහත ලැස්යිතුවේ අනෙකුත් රටවල් අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කොට ගුවන්ගත කොට ඇතත් ඒවා අතලොස්සකට සීමා වී ඇත. යුරෝපා සංගමයේ අරියාන් රොකට්ටුව පවා විශාල තාක්ශණික ගැටලු ගණනාවකට මුහුණදෙමින් තිබේ. එහි පියාසැරි බොහෝ ප්‍රමාණයක් අසාර්ථකවී ඇත.

ඊලොන් මස්ක් සිය SpaceX සමාගමේ නිර්මාණයක් වන Falcon 9 අධිබල රොකට්ටුව සමග
එහෙත් අශුභවාදීන්ගේ කෙනෙහිලි වලට පයින් ගැසූ ඊලෝන් සිය ධනය වැයකොට නාසා ආයතනය හා එහි කොන්ත්‍රාත්කාර සමාගම් වලින් විශ්‍රාම ගිය/නොගිය අති දක්ශ ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයින් රැසක් සිය සමාගමට බඳවාගෙන වැඩ ආරම්භ කලේය.

2006දී ඊලෝන්ගේ ස්පේස්-එක්ස් සමාගම සිය මුල්ම රොකට්ටුව වූ ෆෝල්කන් 1 රොකට්ටුව සාර්ථකව අත්හදා බැලුවේය. ස්පෙස්-එක්ස් සමාගමේ ප්‍රගතිය කෙරෙහි පැහැදුනු නාසා ආයතනය 2008දී ස්පේස්-එක්ස් සමාගමට ඩොලර් බිලියන 1.6ක කොන්ත්‍රාතුවක් ලබාදුන්නේ 2011 වසරේදී ඔවුන්ගේ අභ්‍යවකාශ ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අමෙරිකානු  ගගනගාමීන් හට අවශ්‍ය ආහාර හා වෙනත් සැපයුම් ගෙනයාම සඳහාය. 2012දී ස්පේස්-එක්ස් සමාගමේ ෆෝල්කන් 9 අධිබල රොකට්ටුව, ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ යානයද රැගෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධවූ අතර, මෙය පෞද්ගලික සමාගමක් නිර්මාණය කල අභ්‍යවකාශ යානයක් සාර්තකව කක්ශගතවී අන්තර්ජාතික අභ්‍ය්වකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවුනු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වුනා.

මේවන විට නාසා ආයතනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය ස්පේස්-එක්ස් සමාගමට භාරදී ඇතත් අමෙරිකානු ගගනගාමීන් ගෙනයාම සඳහා දැනට රුසියානුවන්ගේ වොස්ටොක් රොකට්ටුව හා සෝයුස් අභ්‍යවකාශ යානය භාවිතා කරයි. එහෙත් ස්පේස්-එක්ස් සමාගමට අමෙරිකානු අභ්‍යවකාශගාමීන් ගෙනයාහැකි අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීමේ වගකීමද නාසා ආයතනය ලබාදී ඇති අතර 2015දී මෙම මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගතවීම සඳහා සූදානම් කෙරේ.

ඒ අනුව ඊලෝන්ගේ එක් අධිතාක්ශණික සිහිනයක් සැබෑවිය.

Tesla Motors : සුපිරි ඉලෙක්ට්‍රික් කාරයක් නිර්මාණය කිරීම

ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා මෝටර්ස් සමාගම නිර්මාණය කල ටෙස්ලා මොඩල් S සුපිරි ඉලෙක්ට්‍රික් කාරය

2002 වසරේදී ස්පේස්-එක්ස් සමාගම ආරම්භකල ඊලෝන් 2003 වසරේදී තවත් අලුත් කර්තව්‍යයකට අත ගැසුවේය. ඒ කුඩා අවදියේ සිට ඔහුගේ සිහිනයක්ව තිබූ විදුලියෙන් දුවන, පරිසරය දූශණය නොකරන මෝටර් රථ නිපදවා ජනප්‍රිය කරවීමේ සිහිනයයි. තවත් සහෘදයින් කිහිපදෙනෙකු සමග විදුලි කාරයක් නිපදවීමේ සමාගමක් ආරම්භ කොට එහි ප්‍රධාන ආයෝජකයා වූ ඊලෝන්, එම සමාගමට "ටෙස්ලා" යනුවෙන් නම් තැබුවේය.

සමාගමට ටෙස්ලා ලෙස නම් තැබුවේ විදුලිබල තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් සිදුකරමින් පොදු මහජනයාට විදුලි බලයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරයට තාක්ශණය දියුණු කල "නිකොලා ටෙස්ලා"නම් භෞතික විද්‍යාඥයා හා නව නිර්මාපකයා සිහිවීම සඳහාය.

නිකොලා ටෙස්ලා 1856 වසරේදී සර්බියාවේ උපත ලැබ පසුව අමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ විද්‍යාඥයෙකි. නිකොලා ටෙස්ලාගේ ප්‍රධානතම නිර්මාණයන් වන්නේ ප්‍රත්‍යාවර්තන ධාරා ප්‍රේරණ විදුලි මෝටරය (alternating current induction motor ) හා ප්‍රත්‍යාවර්තන ධාරා විදුලි ට්‍රාන්ස්ෆෝමරයයි. ඒ අනුව අද විදුලි පංකාවේ සිට සියලුම විදුලි උපකරණවල අඩංගු විදුලි මෝටරයේ නිර්මාතෘවරයා වන්නේ නිකොලා ටෙස්ලාය. එමෙන්ම ලොව පුරා විදුලි බල සම්ප්‍රේශණය ප්‍රායෝගිකව ව්‍යාප්තවන්නට පටන්ගත්තේ නිකොලා ටෙස්ලා නිර්මාණය කල විදුලි ට්‍රාන්ස්ෆෝමරය හේතුවෙනි. ඒ අනුව නිකොලා ටෙස්ලා යනු නූතන විදුලිබල තාක්ශණයේ පියා ලෙස සැලකිය හැකිය. ඊලෝන් ඇතුලු ආයෝජකයින් පිරිස සිය විදුලි කාර් සමාගම "ටෙස්ලා" ලෙස නම්කලේ මෙම මහා ප්‍රාඥයාට ගරු කිරීමක් පිණිසය.



Tesla Roadster

2003 වසරේ සිට වසර 5ක පර්යේෂණ හා සංවර්ධන වෑයමකින් පසුව 2008 වසරේදී ටෙස්ලා මෝටර්ස් සමාගම ටෙස්ලා රෝඩ්ස්ටර් නම් පූර්ණ වශයෙන් විදුලියෙන් ගමන් කරන අධිවේගී කාරයක් හඳුන්වා දුනි. පරිසර හිතකාමීලෙස අධිවේගී ධාවනයට ප්‍රිකරන ධනවත් අධිවේග ලෝලීන් සඳහා නිර්මාණය කර ඇති මෙයට එක්වරක් බැටරි ආරෝපණය කරගත්විට කිලෝමීටර් 390ක දුරක් ධාවනය කල හැකිය. එමෙන්ම තත්පර 4කට අඩුකාලයකදී නිසල බවේ සිට පැයට කිලෝමීටර් 100ක වේගයකට ත්වරණයවීමේ හැකියාවද ඇත.

2008 Tesla Roadster 
අමෙරිකාවේ තරුණ ධනවතුන් හා හොලිවුඩ් නළුනිළියන් අතර ඉතා ජනප්‍රියවූ ටෙස්ලා රෝඩ්ස්ටර් මාදිලිය විවිධ සම්මාන ගණනාවකින් පුදලැබුවේ එහි අඩංගු වුනු නව තාක්ශණ නිපැයුම් සඳහා පමණක් නොව විදුලියෙන් දුවන වාහන ජනප්‍රිය කිරීමේලා පුරෝගාමී මහෙවරක් ඉටුකිරීම වෙනුවෙන්ය. විදුලි වාහන, පෙට්‍රෝල්/ඩීසල් වාහන මෙන්ම ප්‍රායෝගික, භාවිතයේදී තෘප්තියක් ලබාදිය හැකි බව ටෙස්ලා රෝඩ්ස්ටර් සුපිරි කාරය තහවුරු කරන ලදී.

Tesla Model S

ටෙස්ලා සමාගමේ දෙවන නිර්මාණය වන්නේ 2012 වසරේ හඳුන්වාදුන් දොර 4 සිඩෑන් වර්ගයේ "Model S" මාදිලියයි. එක් ආරෝපණයකින් කිලෝමීටර් 420ක් ගමන්කල හැකි මොඩෙල් S මාදිලිය ලොව වැඩිම දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි විදුලි මෝටර් රථය ලෙස වාර්තා තබා තිබෙනවා. අමෙරිකානු ඩොලර් 70,000කට පමණ මිලකොට ඇති මොඩල් S කාර් 12,000ට අධික ප්‍රමාණයක් මේවන විට විකිණී අවසන්.

BMW 5 Series මාදිලිය මෙන්ම ඒ හා සමාන හැකියාවන් ඇති මාදිලි සමග තරඟකල හැකි ලෙස නිමවා ඇති මොඩල් S සම්මාන රැසකින් පුදලබා තිබෙනවා. මෙම සම්මාන අතර 2013 World Green Car of the Year, Automobile Magazine's 2013 Car of the Year, Time Magazine Best 25 Inventions of the Year 2012 award යන සම්මාන විශේෂයි.



Tesla Model S digital dashboard

Tesla Model X (2014 SUV)

ටෙස්ලා සමාගම 2014 වසරේදී මොඩල් x නම් SUV මාදිලියේ රථයක් හඳුන්වාදීමට බලා පොරොත්තුවෙනවා. 7දෙනෙකුට ගමන්කල හැකි ලංකාවේ අප ජීප්රථ ලෙස හඳුන්වන Sports Utility Vehicle (SUV) මාදිලියේ රථයක් වන මෙහි අනුරුවක් 2012 වසරේදී මාධ්‍යවෙත නිකුත්කලා.



ඉපැරණි ග්‍රීක ශිෂ්ඨාචාර විනාශමුඛයට යැවූ වසර 300ක් දිගු ඉඩෝරය!

$
0
0

දැනට අප දන්නා ග්‍රීක ශිෂ්ඨාචාර වලට පෙර තවත් ඉපැරණි ශිෂ්ඨාචාර රැසක් ඇනටෝලියාව ලෙස හඳුන්වන මධ්‍යධරණී මුහුද අවට ග්‍රීක ප්‍රදේශවල තිබුණි. ඉපැරණි මයිසීනය මින් එකකි. වසර දහස්ගණනක් පැවති එම ශිෂ්ඨාචාරය එක්වරම නැසීගියේ කෙසේද යන්න බොහෝ කලක පටන් ඉතිහාසඥයින්ට වදදුන් ප්‍රශ්ණයක් විය. එමෙන්ම හෝමර් කවියාගේ ඉලියඩ් වීර කාව්‍යයේ විස්තර කෙරෙන, හෙලන් රූමතිය වෙනුවෙන් දැවැන්ත යුධයකට බට ට්‍රෝයි රාජ්‍යය හා ස්පාර්ටා රාජ්‍යයද සැබැවින්ම පැවති රාජ්ය බවත්, ඒවා හෝමර්ගේ ප්‍රබන්ධයක් නොවන බවත් දැන් සාක්ශි සහිතව හෙලිවී ඇත. එහෙත් එම ශේෂ්ඨ රාජ්‍යයන්ද වසර 3000-3500කට පෙර විශ්මය ජනක ලෙස අතරුදහන්විය.

පිත්තල යුගය (bronze age) ලෙස හැඳින්වෙන මෙම යුගයේ මේ ග්‍රීක රාජ්‍ය දියුණුවේ හිනිපෙත්තේ සිටියහ. උදාහරණයක් ලෙස හෝමර්ට අනුව හෙලන් කුමරිය මුදාගැනීමට ඇගමෙම්නන් රජ ට්‍රෝයි පුරය වැටලූවේ යුධ නැව් 1000ක් සමගිනි. නැව් 1000ක් යන්න කවියාගේ අතිශයොත්තියක් බවට තර්ක කලත්, එම ඉලක්කම 4න් බෙදා නැව් 250ක් ට්‍රෝයි පුරවරය වැටලූ ලෙස ගත්තත්, මීට වසර 3500කට පෙර එය කෙතරම් විශාල දියුණුවක්ද? තාක්ශණික දියුණුවේ හිනිපෙත්තේ සිටින අද යුගයේ අමෙරිකානු නාවික හමුදාවට පවා නැව් 250ක ආක්‍රමණික හමුදාවක් සමග රටක් වැටලීමේ හැකියාව නැත. එහෙත් හිටයිට්වරුන් ලෙස සාමූහිකව හැඳුන්වෙන මෙම ඉපැරණි ග්‍රීකයෝ එවැනි දස්කම් සිදුකලහ. ඔවුන්ගේ දියුණුව කෙතරම්ද යන්න සිතාගත හැකියිනේද?

ඉපැරණි ස්පාර්ටාවේ නටබුන්. හෙලන් රූමතිය වෙනුවෙන් ට්‍රෝයි වැසියන් හා යුධවැදුනේ මොවුන්ය.
ට්‍රෝයි පුරවරය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ශාකල සුප්‍රකට ප්‍රාකාර.
හෙලන් රූමතිය ආපසු රැගෙන යාමට පැමිණි 
ස්පාර්ටා ආක්‍රමණිකයින්ගෙන් ට්‍රෝයි පුරය ආරක්ශාකොට ඇත්තේ මෙම ප්‍රාකාර මගින් බව තහවුරුවී තිබේ.
මෙතරම් සශ්‍රීකවූ, නාවුක ගමනාගමනයේ, යුධශිල්පයේ හා වෙළඳාමේ කෙලපැමිණි මේ රාජ්‍යන් නිහඬව විනාශමුඛයට ගියේ කෙසේදැයි සොයාගන්නට ඉතිහාසඥයින් වසර ගණනාවක් පර්යේෂණ සිදුකලහ. නොනවතින යුධගැටුම් නිසා ඇතිවූ ආර්ථික පිරිහීම, ගිණිකඳු පිපිරීම් හෝ සුනාමි වැනි ස්වාභාවික ව්‍යසනයන්, ටයිෆොයිඩ් වැනි (එකල) සුවකල නොහැකි, මාරන්තික රෝග වැනි හේතුකාරක කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවී තිබුණි.

වසර 300ක ඉඩෝරය

ප්‍රංශයේ ටූලූස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැනිව්ස්කි හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මෑතකදී සයිප්‍රසයේ (සයිප්‍රසය ග්‍රීසියට දකුණින් පිහිටි දිවයිනකි ) ලාර්නකා කරදිය විලෙහි පතුලේ කැනීම් සිදුකල අතර ඉතා ගැඹුරට පස් සාම්පල ලබාගෙන ඒවා විශ්ලේෂණය කලහ.

දැන් කරදිය විලක් වුවල ලාර්නකා විල වසර 3500කට පෙර මුහුදට සම්බන්ධව තිබූ අතර එය ජනාකීර්ණ පැරණි ග්‍රීක නාවික තොටුපොලක් විය.මෙම කාර්යබහුල ග්‍රීක නාවික තොටුපොල වසර 100කටත් අඩුකාලයකදී ජලය හිඳීගොස් මුහුදින් වෙන්වී කරදිය විලක්වූ බව පස් සාම්පල් ආධාරයෙන් කරන ලද පර්යේෂණවලින් තහවුරු විය. එනම් ඉතා කෙටි කාලයකදී මෙම ප්‍රදේශයේ දැඩි වියලි කාළගුණයක් ඇතිවී තිබූ බව තහවුරුවෙමින් පවතී.

එමන්ම අවට ප්‍රදේශවලින් හමා ආ සුළඟ ගමගින් ගෙනැවුත් ජලයට වැටී රොන්මඩෙහි තැන්පත්වුනු පරාග පිලිබඳ වසර දහස්ගණනක සටහන්ද මෙම රොන් මඩ තට්ටුතුල තිබී හඳුනාගෙන ඇත. එම රොන් මඩ තට්ටුවල ඇති පරාග ප්‍රමාණ ගැන බැලීමේදී වසර 3500ක පෙර සිට, එනම් ලාර්නකා විල මුහුදින් වෙන්වෙමින් තිබුණු අවධියේ අවට පරිසයෙන් පැමිණි පරාග වල අතිවිශාල අඩුවක් දකින්නට තිබිණි. මේ අඩුවීම ක්‍රිස්තු පූර්ව 850 පමණ වනතෙක් පැවතිනි. මෙලෙස පරාග විශාල ලෙස අඩුවීම, අවට ප්‍රදේශවල කෘශිකර්මාණ්තයේ බිඳවැටීමක් ලෙස සැළකිය හැකිබව පවසන එම පර්යේශකයි මේ අනුව ඉපැරණි හිටයිට් ග්‍රීක ශිෂ්ඨාචාර වසර සියගැනනක් පැවති දැඩි ඉඩෝරය නිසා විනාශවන්නට ඇතැයි යන කල්පිතය තහවුරු කිරීමට දත්ත ලැබෙමින් පවතී.

පැරණි ඕලන්ද (ලන්දේසි) බලකොටුව, ගාල්ල

$
0
0

ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .

එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූ, පසුව ලන්දේසීන් විසින් 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලෝක උරුමයක් වේ. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. 



ගාලු කොටුවේ ඉතිහාසය


ගෝවේ ප‍්‍රතිරාජයාව සිටි ප‍්‍රැන්සින්කෝ ද අල්මේදාගේ පුත් ලොරන්සෝද අල්මේදා මාලදිවයින මුහුදු තීරයේ වෙළඳාමෙහි නිරතවන ආරාබි වෙළඳ නැව් පිළිබඳ සෝදිසි කරනු පිණිස පිටත් කර යැවුණි. නැව් 9ක බල ඇණියක් සමග මෙම මෙහෙයුමෙහි යෙදුණු ලොරන්සෝ ද අල්මේදාගේ කණ්ඩායමට මුහුණදීමට සිදුවූයේ බලාපොරොත්තු නොවු අකරතැබ්බයකටය. සාගරයෙහි හදිසියේ ඇතිවූ කුණාටු සහගත තත්වය නිසා නොසිතූ විරූ දිශාවකට නාවිකයිනට ගමන් කිරීමට සිදුවිය. එලෙස අහඹු ලෙස ගසාගෙන ආවේ ලංකාවට යැයි කියයි. මොවුන් කොළඹ ප‍්‍රදේශයට ගොඩබැස්ස බැව් ඇතමුන්ගේ මතය වන අතර, ගාල්ල ප‍්‍රදේශයට පැමිණි බැව් ඇතැම්හු අදහස් කරති.





ලංකාවේ වෙරළබඩ කළාපය තුළ බලකොටුව නිර්මාණය වූයේ මෙලෙස ක‍්‍රමක‍්‍රමයෙන් පෘතුගීසි ජාතිහු වෙරළබඩ කලාපය තුල බලය තහවුරු කරගැනීමත් සමගය. දකුණු ලක ගාල්ල කොටු පවුර නිර්මාණය වූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය. පෘතුගීසි ජාතිකයන් විසින් ගාල්ල කොටුව නිර්මාණය කිරීම ආරම්භ වූයේ 1589 වර්ෂයේදීය. ඉදිකිරීම් පිළිබඳ විස්තර ඇස්තමේන්තු සහිත ලේඛන මෙම තොරතුරු සනාථ කරයි. ගාල්ල කොටුව නිර්මාණය කිරීමෙන් පෘතුගීසි ජාතිකයින්ට අවශ්‍ය වූයේ ස්වකීය යුධ බලය ගාල්ල වරාය ආශ‍්‍රිතව වඩාත් තහවුරු කර ගැනීමටයි. තමන්ට අවටින් සපයා ගැනීමට හැකි ගල්, පොල්කොටන් වැනි ප‍්‍රාථමික අමුද්‍රව්‍ය උපයුක්ත කර ගත් පෘතුගීසි ඉංජිනේරුවෝ අර්ධද්වීපික හැඩයෙන් ස්වභාවිකව පිහිටියාවූ ගාල්ල කොටුව ප‍්‍රදේශයේ ගොඩබිමට හා  සම්බන්ධ කොටසෙහි මුර අටට්ටාල 3 ක් සහිතව ප‍්‍රාථමික මට්ටමින් කොටු බැම්ම නිර්මාණය කරනු ලැබූහ. සිපන්ට්ල ශාන්ත ඉයාගෝල කොන්සෙෂා ලෙස මෙම මුර අට්ටාල එකල හැඳින්වූහ. ඔවුන් නිර්මාණය කල බල කොටුවට ඇතුල්වීමට දැඩි රැකවල් යෙදූ ආරක්ෂක දොරටුවක් තිබුණි.
පෘතුගීසි බල කොටුවේ මර්මස්ථානය  කළු කොටුව ලෙස හැඳින්විය. ඈතින් බලන කෙනෙකුට මෙම ප‍්‍රදේශය කළු පැහැයෙන් දිස්වීම නිසා මෙය  කළු කොටුව නමින් හැඳින්වීමට හේතු 2ක් විද්වතුන් පෙන්වා දෙයි. ආයුධ නිෂ්පාදනය සඳහා පිහිටා තිබූ, කම්මල්වල වැඩ නිසා ප‍්‍රදේශය විශාල ලෙස කළු පැහැයට හැරීම නිසාත් එමෙන්ම මෙම ප‍්‍රදේශය තුල බහුල ලෙස කාලතුවක්කු භාවිත කිරීම නිසා ප‍්‍රදේශය අඳුරු පැහැගැන්වීම  කළු කොටුව ලෙස හැඳින්වීමට හේතුව බැව් සමහරෙකුගේ මතයයි.
පෘතුගීසින් විසින් නිර්මාණය කරනු ලැබූ ගාලු කොටුවේ පැරණි සිතියම් පරිමාණානුකූල නොවූවද නිවැරදි ප‍්‍රකාශනයකි. බලකොටුවෙහි මුහුදු ප‍්‍රදේශයෙන් පිහිටි ස්වභාවික ගල් පර්වත භාවිත කරමින් මුහුද දෙසින් ස්වභාවිකව ආරක්ෂාව තහවුරු කර ඇත. කෘතිමව තැනූ මුර අට්ටාල මත රඳවනු ලැබූ කාලතුවක්කු තුලින් ද ගොඩබිම පෙදෙසින් ආරක්ෂාව සලසා ඇත. ඇත. පැරණි සිතුවම් වලට අනුව පෘතුගීසි කොටුව තුල ආගමික ගොඩනැගිලි නිවාස සහ වෙළඳ ආයතන රැසක් පිහිටා තිබුණු බව පෙනේ.
පැරණි ලේඛන වලට පවුල් 275ක් පමණ පදිංචිව ඇත. බලකොටුව ආරක්ෂා කිරීම සඳහා පෘතුගීසි සොල්දාදුවන්, ලස්කිරිඤ්ඤ හෙවත් දේශීය හේවායින් හා කාපිරි ජාතිකයින් සන්නද්ධව සිට ඇත. 1640 මාර්තු මාසයේදී ලන්දේසි ජාතික විලියම් ජාකොබ් කෝස්ටර් ඇතුළු පිරිසට ගාල්ල කොටුව පෘතුගීසින්ගෙන් ලබාගැනීමට විශාල යුද්ධයක් කිරීමට සිදුවිය. ඇතිවූ යුද්ධය නිසාම ප‍්‍රධාන මුර අට්ටාල 3ක් සහිත පැරණි කොටු පවුර විනාශ විය. පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට ලබාගැනීමට හැකිවූයේ එලෙස විනාශ වී ගිය බල කොටුවකි.
ගාල්ල ප‍්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කොට ලංකාවේ වෙරළබඩ පාලනය කිරීමට ලන්දේසීන් උත්සාහ ගත්තේ ගාල්ල කොටුව සැලසුම් සහගත බලකොටු නගරයක් ලෙස නිර්මාණය කිරීමත් සමගය. ලන්දේසී වකවානු තුළ විවිධ අවස්ථාවල ගාල්ල කොටුව ප‍්‍රතිණිර්මාණය වූ බව ප‍්‍රන්සුවා වැලන්ටයින්ල, හෙයිඩිට්ල රයිමර් ආදී විදේශීය ජාතිකයින් විසින් ඇඳි සිතියම් වල මෙන්ම සිතුවම්වලින්ද ගාල්ල කොටුව තුළින් විද්‍යමාන වූ යුධමය පරිසරය පැහැදිලිවෙයි.
පෘතුගීසින් සමග ලන්දේසීන් ඇති වූ යුද්ධය නිසා විනාශ වූ ගාල්ල කොටුවේ ඉදිරි මුර අට්ටාල 3 නැවත ඉදිකල ලන්දේසීහු SON, MAAN, STER බැස්ටියන් ලෙසට නම් තැබූහ. SON බැස්ටියන් හෙවත් වර්තමානයේ හිරු අට්ටාලය ලෙසින් හඳුන්වන 
මුරඅට්ටාලය 1620දී අවසන් වරට පෘතුගීසි ජාතිකයින් විසින් සම්පූර්ණ කරනු ලැබුහ. ශාන්ත ඉයාගෝ හෙවත් ශාන්ත ජේම්ස් නමින් පෘතුගීසි කාලයේ හැඳින් වූ මෙම අට්ටාලය 1667 සොන් ZON හෙවත් හිරු අට්ටාලය ලෙස නම්කරනු ලැබීය. ගර්ටර් ඩි සොලි මිනි නම් එවකට  ඕලන්ද ආණ්ඩුකාරවර රිජ් ක්ලොෆ් ෆන් ගූන්ස් ගේ බිරිඳ විසින් වෙඩිමුර පත්තු කර අට්ටාලය විවෘත කරනු ලැබීය. හිරු අට්ටාලයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට ගමන් කිරීමට සකස් කළ රහස් උමග අදටත් දක්නට ලැබේ. එහි 1677 වර්ෂය දැක්වූ ගල් පුවරුවක් සවිකර ඇත. හිරු අට්ටාලයේ රහස් යුධ කාමර 4ක් අදටත් හඳුනාගත හැකිය. වර්තමානයේ එම ස්ථාන ආරක්ෂක ගේට්ටු යොදා ආවරණ කර ඇත. හිරු අට්ටාලය කොටුවට ඇතුළු වන මුරකපොල්ල සමග සමගාමීව ආරක්ෂාව සපයා දුන් ප‍්‍රධාන මුර කඳවුරයි. 1760 වර්ෂයේ මෙම අට්ටාලය මත කාලතුවක්කු 15ක් රඳවා තිබුණි. කොන්සෙෂා නම් පෘතුගීසින් විසින් හැඳින්වු ප‍්‍රධාන මුර අට්ටාලය  ඕලන්ද ජාතිකයින් විසින් මිඞ්ල් පොයින්ට්ල මිඩ්ල් බැස්ටියන් යන නම්වලින් හැඳින්වූහ. 1667 දී මෙම අට්ටාලය MEAN හෙවත් සඳු අට්ටාලය ලෙස නම් කර විවෘත කරනු ලැබීය. ජර්මන් ජාතික කාලතුවක්කු සොල්දාදුවන් මෙහි රැකවල් ලා ඇත. 1760 දී මෙම ස්ථානයේ කාලතුවක්කු 19ක් රඳවා තිබුණි. 

1883 නිර්මාණය කළ අන්තෝනිස් ඔරලෝසුව කණුව මෙහි පිහිටා ඇත. එම ඔරලෝසු කණුව සකස් කිරීමට පෙර බිත්ති දෙකකින් සහ ආරුක්කු ගල් වහලකින් සැදුම්ලත් ඝන්ඨා කුළුණක් හෝරා ස්ථම්භයක් ලෙස මෙහි ස්ථාපිත කරක තිබුණි.
කැවලියර් හෙවත් කැට් හෝල් නම් බංකරයක් මෙම සඳු අට්ටාලයේ පිහිටා තිබුණි. 263 දෙනෙකුගෙන් යුතු යුධ සේනාංකයක් මෙහි රැුකවල් ලා සිට ඇති අතර, 1760 දි කාලතුවක්කු 109ක් මෙහි රඳවා තිබුණි.පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ සේවය කල කාලතුවක්තු හමුදා භටයින් 19ක් මෙම ඒකකයට අනුබද්ධව සේවය කර තිබේ. ඔරලෝසු කණුව අසල පිහිටි රහස් බංකරයේ ආරුක්කු දොරටු අදටත් හඳුනාගෙන ඇති අතර, පවත්නා ආරක්ෂක හේතුන් මත එම බංකරය වසා දමා ඇත. සඳු අට්ටාලයේ පහළ මාලයට ඇතුළුවන ස්ථානය දකුණු පසින් පොළවට බැසිය හැකි උමගකි. මෙම උමග හරහා තාරකා අට්ටාලයට රහස් මගක් වැටී තිබුණි. වර්තමානයේ මෙම උමගේ කොටසක් හඳුනාගත හැකිය.
පෘතුගීසි ජාතිකයෝ ශාන්ත අන්තෝනි හෙවත් සීපන් ලෙස හැඳින් වූ තෙවැනි මුර අට්ටාලය 1667 ස්ටර් හෙවත් තාරකා අට්ටාලය ලෙස නම් තැබූහ. ලන්දේසී අණදෙන නිලධාරී අදිරියන් රූතාස්ගේ දියණිය විසින් කාලතුවක්කු පත්තු කර මෙම අට්ටාලය විවෘත කරනු ලැබීය. 1760 දී මෙම ස්ථානයේ කාලතුවක්කු 6ක් රඳවා තිබුණි. වඩාත් සංකීර්ණ ආරක්ෂිත බංකර කිහිපයක් මෙම අට්ටාලයේ හඳුනාගත හැක. එහි පහල මාලයේ සිට ආරක්ෂිත පඩිපෙළකින් පොළව යටට පිවිසිය හැකි රහස් උමගකි. පහල මාලය සඳු අට්ටාලයෙන් වෙන්වන්නේ ද ආරුක්කු හැඩැති දොරටුවකිනි. පහල මාලයේ පඩිපෙලක් දමා සකස් කර තිබූ උමග අනෙකුත් අට්ටාල සමග සබඳතා පැවැත්වීමට රහස් දොරටුවක් සේ සකස් කර තිබුණා විය හැකිය.
තාරකා අට්ටාලය යට විශාල යුධ කාමරයකි.  ඕලන්ද අවධියේ වෙඩි බෙහෙත් ඇඹරුම්හල ලෙස මෙය හැඳින්වූහ. වාස්තුවිද්‍යා ලක්ෂණ අනුව සිර මැදුරකට සමානය. වහලුන් ලවා මෙහි වෙඩිබෙහෙත් ඇඹරූ නිසා සිර මැදුර ලෙසට ව්‍යවහාරයට පැමිණෙන්නට ඇත. එම රහස් ගබඩාව ආරුක්කු ආකාර ගඩොළු වහලකින් සකස් වී ඇත. ඇතුළට වාතය ගමන් කිරීමට වාකවුලූ සහ කුඩා ජනෙල් පිහිටා ඇත. හිරු එළිය ලබා ගැනීමට L හැඩයේ වේදිකාවක් ඉදිකර ඇත. ඇතුළත ජනෙල් ගල් රාමුවලින් සකසා ඇත. ඇතුළට ගමන් කරන්නෙකුට අතීත අභිරහස් සැගවුණු ගුප්ත බලකොටුවක පිහිටි සිරමැදුරක ස්වභාව නිතැතින්ම සිහිගන්වයි.
තාරකා අට්ටාලයේ සිට ක්ලිපන්බර්ග් මුර අට්ටාලය දක්වා ඉතා පිරිසිදු දොළ පාරක් කොටු බැම්මට සමාන්තරව ඉතා සුන්දරව කොටු බැම්මෙන් පහලට ගලා හැලූණු බව පැරණි ලේඛනවල සඳහන් වේ. වර්තමානයේ මෙම දොළ මාර්ගය දක්නට නොලැබුණ ද වර්ෂාව සමයේ සිහින් දිය පාරක් දිස්වනු පෙනේ.
එවලූස් මුර අට්ටාලය ලන්දේසි වකවානුවේ නිව්පොයින්ට් ලෙස හැඳින්විණි. සූක්ෂම ලෙස රැකවල් ලා සිටිය හැකි යුධ කාමරයක් දක්නට ලැබේ. අට්ටාලය මත ටොන් 7ක් බලයට වෙඩි තැබිය හැකි කාලතුවක්කුවක් තිබුණු බවට සාධක ඇත. පස් කඳුවලට වැසී ඇති නිසා වර්තමානයේ මෙම කාලතුවක්කුව හඳුනාගත නොහැකිය. ක්ලිපර්න් බර්ග් මුර අට්ටාලය මතද ටොන් 7ක කාලතුවක්කු රැඳවුමක් දක්නට ලැබේ. මෙම මුරඅට්ටාල 2ක අතර දොරටු 3කින් යුත් යුධ කාමර දක්නට ලැබේ. ක්ලිපර්න් බර්ග්හි යුධකාමර මහජනයා සඳහා විවෘත කර තිබුණ ද එවලූස් හි යුධ කාමර තවමත් විවෘත කර නොමැත්තේ ආරක්ෂක හේතූන් මතය. සොල්දාදුවන්ගේ අවි ආයුධල වෙඩිබෙහෙත් ගබඩාකර තැබීමටත් ඔවුන්ට සැඟව සිටීමටත් මෙම යුධ කාමර සකස් කලා විය හැකිය.
කොටු බැම්මේ සෑම ස්ථානයකම සතුරන් ඉලක්ක කර තුවක්කු රඳවා ආරක්ෂිතව වෙඩි තැබිය හැකි විවෘත කවුළු නිර්මාණය කර ඇත. මෙම කවුලූ සැමකටම එක් දිශාවකට දෝලනය වන පරිදි ගල් පාදම් සවිකර ඇත. තුවක්කුව තල්ලූ කිරීමට මෙම ගල් පාදම් උපයුක්ත කර ගන්නට ඇත. හදිසි අවස්ථාවලදී තුවක්කු ගල් පාදම් දිගේ තල්ලූකර වෙඩිතැබීම සොල්දාදුවා සතු කාර්යයක් විය. ඉහතින් සඳහන් කළ එවලූස් මුර අට්ටාලය 1725 නිව්පොයින්ට් ලෙසටත් 1735 halve Bolwerh (අර්ධ අට්ටාලය) ලෙසටත් හඳුන්වා තිබුණි. 1770 දී තුවක්කු 5ක් මෙහි යොදා තිබුණි. 1726 සිට 1729 අතර කාලයේ පීටෲස් වුයිස්ට් ආණ්ඩුකාරවරයා විසින් නෙප්චූන් මුර අට්ටාලය ඉදිකරනු ලැබීය. 1735 දී තුවක්කු 8ක් මෙහි ස්තාපිත කර තිබුණි. එම ආණ්ඩුකාරවරයා විසින්ම ට‍්‍රයිට‍්‍රන් මුර අට්ටාලය නිර්මාණය කරනු ලැබීය. ඒ කාලවකවානුව තුල ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ ඉදිකිරීම් සිදුකල බව මින් පෙනේ.
ට‍්‍රයිට‍්‍රන් මුර අට්ටාලය ප‍්‍රදේශය තුළ බි‍්‍රතාන්‍ය පාලනය සමයේ ප‍්‍රසිද්ධ සුළං මෝලක් සවිකර තිබුණි. සුලං බලයෙන් ක‍්‍රියාත්මක වූ මෙම සුළං මෝල මගින් මුහුදු ජලය ගොඩබිමට පොම්පකරන ලදී. කරත්තවල සවිකරනු ලැබූ ටැංකිවලට මුහුදු ජලය පුරවනු ලැබූ අතර, දෛනිකව මෙම කරත්ත මගින් දූවිලි සහිත පාරවල් වලට ජලය ඉසීම සිදුකරන ලදී. 1890 ගාල්ල නගරසභාව කරත්ත වෙනුවට මැටි බට ආධාරයෙන් ජලය ඉසීම ආරම්භ කරනු ලැබීය. නගර සභාව ඉන්දියාවෙන් මැටි බට අඩි 1000ක් එලා එකල මෙම අත්හදා බැලීම සිදුකර බව පැරණි ලේඛනවල සඳහන් වෙයි.
කොඩි ගල අට්ටාලයේ  ඕලන්ද අවධියේ ප‍්‍රසිද්ධ සංඥා කොඩි කුළුණ පිහිටා තිබුණි. ඈතින් පැමිණෙන නැව පිළිබඳ හෝඩුවා සෙවීම මෙම කොඩි කණුවේ සංඥා භටයිනට පැවරුණු රාජකාරියයි. කොඩිකණුවේ රාජකාරී කරන භටයින්ට කිහිපවිටක්ම කොඩිකණුවට ගොඩවීමට සිදූවූ බැව් කියැ වේ. දුරේක්ෂ ආධාරයෙන් කොඩිකණුවේ සිට මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කරනු ලැබීය. වරායට පැමිණෙන නැව් පිළිබඳ ගොඩබිමට මෙමගින් සංඥා ලබා දෙන ලදී. එම නැව ඇතුළු කිරීමට සුදුසු නැවක් ද යන්න මෙම මධ්‍යස්ථානයෙන් සොයා බලන ලදී. මීට පෙර වරායට පැමිණ හුරුපුරුදු නැවක් නම් වෙඩි මුර එකක් ද ආගන්තුක නැවක් නම් වෙඩි මුර තුනක් ද නැවේ සිට පත්තු කරනු ලැබීය. මීට ප‍්‍රතිචාර වශයෙන් තොරතුරු සොයා බලා සංඥා මුරය ගොඩබිමින් පත්තු කරනු ලැබීය. ගාල්ල වරාය විශාල ගල් කුළු සහිත භයානක මුහුදු පරිසරයක් නිසා ගොඩබිමේ සිට නියමුවකු එම නැවට ගොස් වරායට කැඳවාගෙන ඒම එකල වැඩපිළිවෙලයි. එම වෙඩි සංඥා වලින් පසු ගොඩබිම කපිතාන් නැවට ගොස් නැව වරායට කැඳවාගෙන එනු ලැබීය.


රූමස්සල කඳුවැටිය ගාළු කොටුවට පෙනෙන ආකාරය



මෙම කොඩිගල පිහිටි ස්ථානයේ 1843 දී ලංකාවේ පළමු ප‍්‍රදීපාගාරය බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් ස්ථාපිත කරනු ලැබීය. නිමි යකඩ ඒක රාශී කර තැනූ මෙම ප‍්‍රදීපාගාරය අඩි 90ක් පමණ උසින් යුක්ත විය. භූමිතෙල් ගෑස් බලයෙන් මෙහි පහන දල්වනු ලැබීය. 1936 මෙම ප‍්‍රදීපාගාරය ගින්නෙන් දැවී විනාශ වීම නිසා ඌට්රිච් මුර අට්ටාලයේ ටොන් 7ක කාලතුවක්තු රැඳවුම් මධ්‍යස්ථානයක් කේන්ද්‍රකර වත්මන් ප‍්‍රදීපාගාරය 1939 දී ඉදිකරනු ලැබීය.
කොඩිගල සහ ඌට්රිච් මුර අට්ටාලය අතර හරවා වෙඩි තැබිය හැකි විශාල කාලතුවක්කු 2ක් ද කුඩා ප‍්‍රමාණයේ තුවක්කු කිහිපයක් ද ස්ථාපනය කර තිබුණි. මෙම ඌට්රිච් මුර අට්ටාලයට ලන්දෙසි අවදීයේදී අඩසඳ අට්ටාලය ලෙස හඳුන්වනු ලැබිය. තුවක්කු 15ක් මෙම ස්ථානයේ රඳවනු ලැබු අතර 220ක පමණ බට පිරිසක් මෙහි රැකවල් සඳහා යෙදවිම සිටියහ.අවුරෝරා මුර අට්ටාලය ද ලන්දේසි අවධියේ ප‍්‍රබල මුර කපොල්ලකි.මෙයට ඇතුළු විමට ගේට්ටු සවිකර තිබුණු අතර, වර්තමානයේ ද එම ගේට්ටු කණු දක්නට ලැබේ. අවුරෝරා යන නම ලැබිමට දේව චරිත කතා බලපාන්න ඇති බැව් පෙනේ. මෙහි තුවක්කු 6ක් රදවා තිබුණි. පෙඩ්ලර් වීදියේ සිට සෘජුව අවසාන අන්තයේ මෙම අට්ටාලය ස්ථාපිත කර ඇත. පැරණී කච්චේරි ගොඩනැගිල්ල පිහිටි භූමියේ ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය අවධියේ හමුදා බැරැක්ක ස්ථාපනය කර තිබුණු අතර, මෙම අට්ටාලය ද එම වැඩ කටයුතු සඳහා භාවිත කරන්නට ඇත. වර්තමානයේ හාබර්මාස්ටර් නිළ නිවස පිහිටි ස්ථානයේ ද මුරඅට්ටාලයක් තිබුණි. එය ඇකර්ස්ලූට් මුර අට්ටාල ලෙස නම් කර ඇත. අතිතයේ මෙය සෙයිලර්ස් පොයින්ට් (Sailors Point) ලෙස නම් හැදින්විණි. 1640 දි ගාල්ල අල්ලාගෙන පසුව ස්වදේශකයින් අතින් මරණයට ලක්වු ආණ්ඩුකාරවර විලියම් ජාකොබියන් කෝස්ටර්ගේ උපන් ගම වන ඇකර්ස්ලූට් සිහිපත් කරනු පිණිස එම නම යොදා ඇත. එකල ද මෙම ස්ථානයේ නිල නිවස නාවික නියමුවන්ගේ නිල නිවාසය භාවිතා වුණි. 1759 දී මෙම මුර අට්ටාලය වටා තාප්පයක් නිර්මාණය කරනු ලැබීය. කාලතුවක්කු 7ක් මෙම ස්ථානයේ පිහිටුවා තිබුණි. බි‍්‍රතාන්‍ය අවධියේ මෙම ගොඩනැගිල්ල හමුදා රෝහල(Militory hospital) ලෙස භාවිත කෙරුනු අතර එකල මෙම මුර අට්ටාලය රෝහල් බැස්ටියන් ලෙස හැඳින්වුනි.
කළු කොටු පෘතුගිසි ජාතිකයින් විසින් ඉදිකිරිම් ආරම්භ කරනු ලැබු ස්ථානයයි. මෙය Zwart Fort ලෙස ද හඳුන්වයි. පෘතුගිසි ජාතිකයින් Fortaleza ලෙස නම්කර තිබුනේ මෙම ස්ථානයයි. එකල ගාලූ කොටුවේ යුධ මධ්‍යස්ථානය ලෙස මෙම ස්ථානය ක‍්‍රියාත්මක වුණි. 1625 පෘතුගීසි ජාතිකයින් විසින් මෙහි ඉදිකිරීම් රැසක් සිදුකර ඇත. මෙහි ඉදිරි කොටස Water Pass ලෙසත් ඉහල කොටස Zawrt Fort  හැඳින්විණි. ලන්දේසි අවධියේ ගාල්ල පළාත භාර අණදෙන නිලධාරියාගේ නිවාසය මෙහි පිහිටා තිබීම නිසා දැඩි රැකවල් ලා තිබුණි. ඉහල මාලයේ සිට පහල මාලයට ගමන් කිරීමට විශාල උමගක් නිර්මාණය කර තිබුණ අතර, ඉහලට එසවෙන ගේට්ටුවකින් එම උමග විවෘත කිරීමටත් සලස්වනු ලැබීය. මෙම උමග දිගේ ගමන් කළ පසු කාලතුවක්තු ස්ථාපනය කල මළුවක් දක්නට ලැබුණි.
මෙම කොටසේ ද භටයෝ රැකවල් ලා සිටියහ. එම උමග දිගේ ඇතුළු වන්නෙකුට වම්පස තවත් උමගක් තිබෙනු දැකිය හැකිය. එම උමග කොටුවෙන් පිටතට විවෘතව තිබූ බවක් කියවේ. වර්තමානයේ ද උමං සියල්ල එලෙස දක්නට ලැබේ. අණදෙන නිලධාරියාගේ නිවසට පඩිපෙළකින් බැස යාමට හැකිවන ලෙස සිර කුටියක් නිර්මාණය කර ඇත. මෙය යකඩ ගේට්ටු යොදා අවරණ කර තිබු බව පෙනේ. මෙම අට්ටාලයේ එක් කොටසක සිර කුටි 6කින් සමන්විත සංකීර්ණයකි. මෙහි කොටසක් කඩා වැටී ඇත. බි‍්‍රතාන්‍ය අවධියේ දී ද මෙම සිරකුටි භාවිත කල බව පෙනේ. Zawrt Fort  හෙවත් කළු කොටුව බි‍්‍රතාන්‍ය අවධියේ ගාල්ල පොලීසිය ස්ථාපිත කරන ලදී. ඊට පෙර කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානය ද මෙහි පිහිටවනු ලැබීය. බි‍්‍රතාන්‍ය අවධියේ පොලීසිය වෙනුවෙන් ඉදිකල ගොඩනැගිල්ලක් වර්තමානයේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය භාවිත කරනු ලබයි. ඉතාමත් සංකීර්ණ හඳුනාගත නොහැකි රහස් උමං යුධ ඉදිකිරීම් රැසක් මෙහි දක්නට ලැබෙන අතර මේවා දුටුවන් තුළ නිබඳ කුහුල සහ භීතිය දනවන බැව් කිව යුතුය. ලංදේසි අවධියේ ගාල්ල කොටුව යුධ මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක වූ බව පැහැදිලිය. කොටුවේ පෙඩ්ලර් වීදියේ වත්මන් අංක 57 හෝ 61 දරන ස්ථානයේ පැරණි වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා තිබුණි.ඊට අමතරව වත්මන් ප‍්‍රදීපාගාරය අසල වෙඩි බෙහෙත් ගබඩාවක් පිහිටා තිබුණි.බි‍්‍රතාන්‍ය ජාතිකයෝ පසුව එම ස්ථානය වරායේ ගල් පිපිරවීම පිණිස භාවිතා කළ ඩයිනමයිට් තැන්පත් කිරීම සඳහා යොදා ගනු ලැබීය.
ගාල්ල කොටුවේ යුධ උපක‍්‍රම හා ඉදිකිරීම් සියල්ල විවිධ අරමුණු උදෙසා නිර්මිත ඒවා වෙයි. ඒ පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් ලබාගැනීම අපහසුය. නමුත් ඒ සමග වැළලුණු අතීතයේ ගුප්ත මතකය එම ඉදිකිරීම් දෙස බලන කාටත් කුතුහලය මුසුවුණු ගැනීම් අවදි වනු නියතය. මෙම ඉදිකිරීම් නැරඹීම සංචාරකයින් වශයෙන් දෙස විදෙස් කාටත් අපූරු අත්දැකීමක් වනු ඇත. එම අත්දැකීම් බිහිසුණු යුගයක තුවක්කුවට වෙළඳ බලයට අපේ රජවරුන්ගේ බල ලෝභයට මිරිකීගිය රටක ජාතියක අභිමානයේ සැමරුම් කියාපානු ඇත.

ගාළු කොටුවේ ඇති කෞතුකාගාර

ගාළු කොටුව තුල, ගාලු ප්‍රදේශයේ ප්‍රධාන කෞතුකාගාර තුනම පිහිටා ඇති බව බොහෝ දෙන නොදන්නා කාරණයකි. මෙම කෞතුකාගාර තුන නම්;

1] ජාතික සමුද්‍ර කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි

2] සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය - මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය කරයි

3] ගාල්ල ජාතික කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි

මේ තුනම ගාලු කොටුව පරිශයේ පිහිටුවා ඇත. සමුද්‍ර කෞතුකාගාර දෙක පිහිටුවා ඇත්තේ ගාලු කොටුවේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඇති පැරණි ඕලන්ද ගබඩා සංකීරිණයක් වූ ගොඩනැගිල්ලේය. අනෙක ඉන් මීටර් 150ක් පමණ ඈති පිහිටා ඇත.
සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය පිහිටා ඇති පැරණි ඕලන්න ගබඩා ගොඩනැගිල්ල - මේ දෙසින් ඇති දොරටුවෙන් සමුද්‍ර කෞතුකාගාරයට ඇතුළුවිය හැකිය.


සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරට ඇතුලුවන ඕලන්ද ගබඩා ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුව


Source article: http://si.archaeology.lk/article.php?articleID=958


නූතන මානවයා ආයුධ තනන්නට උගත්තේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන්ද?

$
0
0

ඔවුන් වසර 40,000ක් තරම් මෑත අතීතය වනතෙක්ම නූතන මානවයින් සමග සමකාලීනව ජීවත්වී ඉක්මණින්  අතුරුදහන්වී මිනිස් ඉතිහාසයෙන් සමුගෙන ගියෝය. යුරෝපයේ සිට මැදපෙරදිග ඇතුලුව ඈත බටහිර ආසියාව දක්වාම පැතිර සිටි මොවුන් ඉතා ඉක්මණින් වඳවීයාම නූතන මිනිසා අප්‍රිකා මහද්වීපයෙන් ඔබ්බට පැතිරීයාමත් සමගම එනම් මීට වසර 40,000කට පෙර ආරම්භවූ බැවින් නියැන්ඩර්තාලුන්ගේ වඳවීයාමට නූතන මිනිසා ආහාර පිණිස දඩයම් සඳහා දුන් තරඟය හේතුවන්නට ඇතැයි මතවාදයක් බොහෝකල් පැවතිනි. 

නූතන මිනිසා නියැන්ඩර්තාලුන්ට වඩා ඥාණවන්තවීම, වඩා හොඳ ආයුධ නිපදවා ගැනීම, වඩා සමාජශීලීව, සාමූහිකව දඩයම් කිරීම වැනි කරුණු නිසා නූතන මිනිසා අප්‍රිකාවෙන් පිටත් වී පැමිණි සෑම තැනකින්ම නියැන්ඩර්තාලුන් අභාවයට ගිය බව විශ්වාස කෙරුනි.

බොහෝකලක් මානව විද්‍යාඥයින් අතර පිලිගැනීමට බඳුන්වී තිබූ මේ මතවාදය බිඳහෙලීමට යෙදෙන කරුණු දැන් අනාවරණය කරගනිමින් පවතී. නූතන ජාන තාක්ශණය මගින් මිනිස් ජාන සම්පූර්ණයෙන්ම විශ්ලේෂණයට බඳුන්කොට විද්‍යාත්මකව අධ්‍යයනය කොට ඇති නිසා මේ අලුත් තොරතුරු කරලියට එමින් පවතී.

මින් එක් තොරතුරක් නම් නූතන මිනිස් ජාන වලින් 4%ක පමණ ප්‍රමාණයක නියැන්ඩර්තාල් ජාන අඩංගු බවත්, එම ජාන නිසැකයෙන්ම නියැන්ඩර්තාලුන් හා නූතන මානවයින් අතර සිදුවූ අන්තර්-ගෝත්‍ර ලිංගික සබඳතා නිසා බිහිවුනු දාරකයින් එම නියැන්ඩර්/නූතන මානව දෙවර්ගයේම ජාන ඇතිව බිහිවීම නිසා බවත් තහවුරුවී තිබේ.

ඒ අනුව, නූතන මිනිසා නියැන්ඩර්තාලුන්ගේ හතුරන් වූවට වඩා අන්‍යෝන්‍ය සබඳතා මේ මානව ගෝත්‍ර දෙක අතර තිබී ඇත. නූතන මිනිසාගේ ව්‍යාප්තියත් සමග නියැන්ඩර්වරුන් හෙමිහිට අභාවයට යන්නේ කෙසේද යන්න මෙම අලුත් දත්ත වලින් පැහැදිලි නොවූවත්, නියැන්ඩර්වරුන්ගේ විනාශය ගෙනවේ නූතන මානවයාය යන අපවාදයෙන් ගැලවීමට මෙම ජාන දත්ත ප්‍රමාණවත්ය.


එමෙන්ම නියැන්ඩර් වරුන්ගේ ආයුධ හා නූතන මානව ආයුධ පිලිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකොට තිබේ. එනම් නියැන්ඩර් වරුන් පදිංචිව සිටි ප්‍රදේශයකින් සොයාගත් ආයුධ වලට හැම අතින්ම සමාන ආයුධ එම ප්‍රදේශයේම පදිංචියට ආ නූතන මානවයින්ද නිමවා තිබීමයි. එම ප්‍රදේශයේ නියැන්ඩර්වරුන්ට පෙර නූතන මානවයින් නොසිටි නිසාත්, මානවයින් පැමිනියේ එම ප්‍රදේශයේ නියැන්ඩර්වරුන් ස්ථාවර ජනාවාස පිහිටුවාගෙන වසර දහස්ගණනකට පසුව බැවිනුත්, නියැන්ඩර් වරුන්, මානවයින්ගෙන් මෙම ආයුධ ලබාගත්තා හෝ තනන්නට ඉගනගත්ත යන තර්කය වලංගු නොවේ. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මෙලෙස නියැන්ඩර් වරුන්ගෙන පසුව ආ මානවයින්ද නියැන්ඩර් වරුන් තැනූ ආයුධ වලට සමාන ඒවා තනනට ඇත්තේ නියැන්ඩර්වරුන් ගෙන් එම ආයුධ තනන ආකාරය ඉගෙන ගත්  බැවිනි. එනම් නූතන මානවයාගේ ගුරුවරුන් ලෙස මෙන්ම සහකරු/සහකාරියන් ලෙසත් නි‍යැන්ඩර්වරු කටයුතුකොට තිබේ..

අනාගත අඟහරු ගවේෂණ මෙහෙයුම් - යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ 2016 ExoMars Orbiter / 2018 ExoMars Rover

$
0
0
European Space Agency (ESA) ExoMars Programme

අඟහරු ගවේෂණයේ ඊලඟ පියවර වනුයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සැළසුම්කොට ඇති එක්සො-මාර්ස් ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකින් යුතුය.

1] 2016 වසරේ අඟහරු වෙත සම්ප්‍රාප්තවන එක්සෝ-මාර්ස් කක්ශගත යානය

2] 2018 අඟහරු වෙත ගොඩබසින එක්සෝ-මාර්ස් රෝවරය

ExoMars Orbiter/Lander Programme (2016)


ලෑන්ඩරයද සහිත ExoMars ඕබිටර් යානය
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (ROSCOSMOS) එක්ව සැළසුම් කරන මේ ව්‍යාපෘතියේ ඕබිටර්/ලෑන්ඩර් මෙහෙයුම 2016 වසරේදී අඟහරුවෙත සම්ප්‍රාප්ත්වීමට නියමිතය. මෙම යානය අඟහරුවෙත පැමිණීමෙන් පසු එහි ඇති කුඩා යානාවක් නිදහස් කොට එය අඟහරු මත පතිතවීමට සලස්වයි.

ලෑන්ඩරය නිදහස් කිරීමෙන් පසුව ඕබිටර් යානය අඟහරු වටා කක්ශගතවී පර්යේෂණ ආරම්භ කරයි. මෙම යානය TGO හෙවත් ට්‍රේස්-ගෑස් ඕබිටර් ලෙස හඳුන්වයි. එහි මූලික මෙහෙයුම් පරමාර්ථය අඟහරුවාගේ ඉහල වායුගෝලය අධ්‍යයනය කිරීමයි.

මෙම ට්‍රේස්-ගෑස් ඕබිටරය අඟහරුවාගේ වායුගෝලයට මීතේන් ලැබෙන ආකාරය හා අඟහරු පෘශ්ඨයේ කුමන කොටස්වලින් එම වායූන් නිකුත්වේදැයි සොයාබලයි. ඒ අනුව මීතෙන් වැඩිපුරම ලැබෙන ප්‍රදේශයකට 2018දී අඟහරුවෙත ලඟාවන රෝවරය ගොඩබැස්වීමට යුරෝපීය ඒජන්සිය බලාපොරොත්තුවේ. මීතේන් වලට විශේෂ උනන්දුවක් දක්වන්නේ පෘථිවියේ මීතෙන් ජනනය වන්නේ ජීව ක්‍රියාවල ප්‍රථිපලයක් ලෙස බැවින්, එය අඟහරුවා මත ජීවය ඇති තැන් සොයාගැනීමට උපකාරීවේය යන උපකල්පණය මතයි.

එපමණක් නොව, 2018දී රෝවර් යානය අඟහරුට ලඟාවූපසු මෙම TGO ඕබිටරය අඟහරුගේ පහල කක්ශයකට ඇතුලුකොට, එය ගොඩ බසින රෝවර් යානය පෘථිවිය හා සම්බන්ධ කෙරෙන සන්නිවේදන චන්ද්‍රිකාව ලෙස ක්‍රියාත්මක කිරීමට සැළසුම් කොට තිබේනවා.

TGO ඕබිටරයෙන් වෙන්වන EDM ලෑන්ඩරය
මෙම යානය ගෙන එන ලෑන්ඩරය EDM ලෑන්ඩර් ලෙස නම්කොට ඇති අතර එය රෝවරයක් මෙන් නොව, ගොඩ බසින ලද ස්ථානයේ සිට සිය පරීක්ශණ කටයුතු කරනු ඇත. මෙයට EDM ලෑන්ඩරය ලෙස නම්තබා ඇත්තේ Entry, Descent and Landing Demonstrator Module යන අර්ථයෙනි. එහි මූලික රාජකාරිය, අඟහරු වෙත යානයක් ගොඩබැස්වීමේදී මුහුණපාන ගැටලු සොයා බලා 2018දී එන රෝවරය නිරුපද්‍රිතව ගොඩබස්වා ගැනීමට අවශ්‍ය තාක්ශණික දැනුම යුරෝපීය ඒජන්සිය වෙත ලබා ගැනීමයි.

EDM ලෑන්ඩරය ගොඩබැස්වීමේ සැළසුම


ගොඩබෑමෙන් පසු ලෑන්ඩරයට විද්‍යාත්මක තොරතුරු රැස්කිරීම සඳහා වර්ණ කැමරාවක් හා සෙන්සර් පද්ධති 11ක විද්‍යාත්මක උපකරණ පැකේජයක් අන්තර්ගත කොට ඇත. එම සෙන්සර් මගින් අඟහරුවාගේ කාළගුණය හා වායුගෝලයේ තොරතුරු එක් රැස් කර පෘථිවියට එවනු ඇත.

ලෑන්ඩරය හා ඕබිටරය රුසියානු එනර්ජියා රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. මෙය 2016 ජනවාරියේදී ගුවන්ගත කරන්නට බලාපොරොත්තුවන අතර 2016 ඔක්තෝම්බරයේදී අඟහරු වෙත ලඟාවී මෙහෙයුම් සැළසුම් ක්‍රියාවට නගනු ඇත.

ExoMars Rover Programme (2018)


2018දී රුසියානු එනර්ජියා රොකට්ටුවකි ගුවන්ගත වී අඟහරුවෙත ලඟාවීමට බලපොරොත්තුවන එක්සෝ-මාර්ස් රෝවරය යුරෝපීය එක්සෝ-මාර්ස් ව්‍යාපෘතියේ දෙවන අදියරයි.

රෝවරය ගොඩබැස්වීමේ ලෑන්ඩින් උපක්‍රමය අතීතයේදී චන්ද්‍රයා, අඟගරු හා සිකුරු ග්‍රහයන් වෙත යානා ගොඩබස්වා අත්දැකීම් ඇති රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් සැළසුම් කරනු ලබන අතර මේ සඳහා 2016 ඊ.ඩී.එම් ලෑන්ඩර් මෙහෙයුමෙන් ලැබෙන දත්ත උපයෝගීකර ගනු ඇත.

අඟහරු දිනකට (සොල්) මීටර් 100ක් බැගින් ගමන් කිරීමට බලාපොරොත්තුවන රෝවරයට බලය ලැබෙන්නේ සූර්යකෝෂ මගිනි.

මෙම රෝවරය අඟහරුමත අතීතයේදී පැවතියා යයි සැළකෙන ජීවීන් විසින් ඉතුරුකර ගිය කාබනික ද්‍රව්‍ය සොයාගැනීම සඳහා විශේෂිත උපකරණ රාශියකින්, කැනීම් සඳහා හිල් විදීමේ ඩ්‍රිල් උපකරණයකින්, අධි-විබේධන කැමරා හා රේඩාර් වලින් සමන්විතය.



මහා විද්‍යාඥ මයිකල් ෆැරඩේ නිර්මාණය කල විදුලි පහණකින් දැල්වුන ශ්‍රී ලංකාවේ මහා රාවණ ප්‍රදීපාගාරය!

$
0
0
*********************************************************************************
මෙම විශේෂාංග ලිපිය ගාල්ල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ. දයානන්ද හාමහින්ද කරුණාරත්න විසින් ලියා archaeology.lk අඩවියේ පලකරණ ලද අතර, මෙම වැදගත් ලිපියේ ඇති තොරතුරු ලාංකේය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් එම ලිපියේ කොටස් උකහාගෙන මෙම සටහන විද්‍යා ගවේෂණ අඩවියට ඇතුලත් කරන ලදී - කතෘ, විද්‍යා ගවේෂණ
*********************************************************************************

මහා රාවණ පරයේ පිහිටුවා ඇති ප්‍රදීපාගාරය Image Credit: Wikimedia Commons
ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් කිරින්ද හා යාල මුහුදු සීමාව ආශ‍්‍රිතව මහාරාවණා හා කුඩාරාවණා පරයන් ස්ථානගතව ඇත(Silva and etal 2007, 155,191,192). යාල ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 13ක් ඈත මුහුදේ මහා රාවණා පරය පිහිටා ඇත.

සිංහල හා දෙමළ ජනතාව ස්ථානය රාවණා පරය ලෙසින් හඳුන්වනු ලැබේ. එහෙත් ඉංගිරීසි භාෂාවෙන් හඳුන්වනුයේ Great Basses ලෙසින් වේ. Basses යන්න පෘතුග‍්‍රීසි වදනක් වන Baxios යන්නෙන් බිදී ආවක් ලෙසින් සැලකෙයි. එහි අර්ථය "පරය”(Reef or Shoal)  යන්න වේ. ඒ අනුව Great Basses යන්නෙහි සරළ අර්ථය Great Reef (මහාපරය) යන්න ය. (Clerk and Wilson 1964, 12). ඈත අතීතයේ සිටම නාවිකයන්ට මහත් හිසරදයක් වූ මහාරාවණ හා කුඩාරාවණ ගල් පර දෙක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වේ. එකිනෙකට නිශ්චිත දුරකින් පිහිටියා වූ මෙම පර දෙක හිරිගලින් නිර්මාණය වූවකි.

කිරින්දේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පිහිටි මහාරාවණ පරය කිලෝමීටර 25ක පමණ දුරට විහිදී ඇත. එමෙන්ම කිරින්දේ සිට කිලෝමීටර 22 ක් පමණ දුරින් පිහිටි කුඩා රාවණ ගල් පරයේ දිග කිලෝමිටර 35ක් පමණ ය  (Silva and etal 2007, 21). නැගෙනහිර බටහිර ලොව සම්බන්ධකරවන ජාත්‍යන්තර නාවික මාර්ගය මෙම පර පන්තීන් අසලින් වැටී තිබීම හේතුවෙන් අනාදිමත් කාලයක සිට සිදු වූ නාවික හා ජීවිත අනතුරු ප‍්‍රමාණය කෙතෙක් දැයි ප‍්‍රකාශ කළ නොහැක.

මහා රාවණ කොරළ් පරය හා ප්‍රදීපාගාරය, ගූගල් අර්ත් පෙන්වන ආකාරය (C) Google Maps, Google Earth

දිගින් දිගටම රාවණා පරයන්හී ගැටී නාවික අනතුරු බහුල ව සිදුවීම පිළිබදව අවධානය යොමුකළ එකළ ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍යය රජය මෙම අනතුරුවලින් ගැලවීමට සැලසුම් සැකසී ය. ඒ අනුව රාවණාපරයන්හී ගැටී නෞකා විනාශය පිළිබදව පර්යේෂණ කිරීමට ශ‍්‍රීමත් ජේ. ජේ. බ්‍රේමර් හා කපිතාන් ඩබ්ලිවි. එස්. ඩෝසන් පත්කෙරිණි. මේ පිළිබදව පර්යේෂණ කළ ඔවුන් ඉන් වැළකීම සඳහා යෝජනා ඉදිරිපත්කරන්නට විය. ඒ අනුව, දෙවුන්දර තුඩුවේ පහන් ටැඹක් ද, ත‍්‍රීකුණාමලයේ නාවික කොඩි කුළුණක් ද, මහාරාවණා කොටුවේ බීකන් පහන් කණුවක් ද, එයට අමතරව කුඩා රාවණා කොටුවේ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම ද යනා දී යෝජනාවන් ඉදිරිපත් කොට ඇත (විජේබණ්ඩාර 2011, 161). එම යෝජනා අතරින් කඩිනමින් ක‍්‍රියාත්මක කළ හැකිව තිබූ යෝජනාවක් වූ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම යන අදහස අනුව යමින්, සංඥා නිකුත්කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා පරය ආශ‍්‍රිතව නවතා තැබීමට තීරණය විය.

එහි කපිතාන් ලෙසට බුවනන් පත්කරණ ලදි. ඔවුන් ගොඩබිම හා නෞකාව අතර සම්බන්ධතාවය පවත්වා ගනු ලැබුයේ සංඥා නෞකාවේ පැවති කුඩා යාත‍්‍රාවක් මඟිනි. කපිතාන් බුවනන් හා පිරිස ඉතාමත් කටොර හා අවධානම් රජාකාරියක යෙදීමෙන් රාවණා පර පන්තිය සිට අනගි මෙහෙයක් ඉටුකළ ද ඔවුන්ගේ එම රාජකාරිය එතරම් පහුසු කටයුත්තක් නොවීය. වරක් නෞකාවේ සිට ගොඩබිමට ගිය පිරිසක් පොත්තන වෙරළ තීරයේදී අතුරුදහන් වී ඇත. තවත් විටෙක කපිතාන් බුවනන් ඇතුලූ පිරිස ගමන්ගත් යාත‍්‍රාව ගල් පරයක වැදී පෙරලී ඇති අතර එහි ගමන්ගත් දෙදෙනකු මියගිය බවත් බුවනන් ඇතුලූ ඉතිරි පිරිස පිහිනා දිවි බේරා ගෙන ඇති බවත් සඳහන් වේ. එමෙන්ම මෙම නෞකාවෙන් සපයන සේවය වෙනුවෙන් එහි සේවය ලබාගන්නා නෞකාවන්ගෙන් බඳු මුදලක් ලබාගන්නා ලදි. මේ තුලින් වසරකට පවුම් 1300ක මුදලක් ඉපැයු බව පැවසේ (විජේබණ්ඩාර 2011, 161-162).

සංඥා නිකුත් කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා ආශ‍්‍රිත නවතා සිඳුකළ සේවය එතරම් සර්ථක නොවීමෙන් කඩිනමින් ස්ථාවර ප‍්‍රදීපාගාරයක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව මෙම කලාපය පාලනය කළ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් පේලෝ කඩිනමින් රාවණාපරයේ ප‍්‍රදීපාගාර කුළුණූ ඉදිකරණ ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ය. බි‍්‍රතාන්‍ය රජය එම ඉල්ලීම පිළිගනිමින් පවුම් 40000ක (ඩොලර් 250, 000) මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරණ ලදි. නමුත් වසර 3ක පමණ පරිශ‍්‍රමයක් දැරුව ද ඔවුනට හැකි වූයේ කොඩි කුළුණක් ඉදිකිරීමට පමණක් වී ඇත  (Clerk and Wilson 1964, 13).

ඒ අනුව බි‍්‍රතාන්‍යයේදීම යකඩින් නිර්මාණය කළ විදුලි ලාම්පුවක් සහික කුළුණු කොටස් ගාලූ වරායට නැව් මඟින් ගෙනෙනු ලැබූව ද, රාවණා පර පන්තිය වෙත ගෙනයෑමට කළ උත්සහය අසාර්ථක වී ඇත. අනතුරුව එය බහමාස් දුපතේ (කැරිබියන් දුපත් ආශ‍්‍රිත) ඉදිකරනු ලැබූ බව සඳහන් වේ (Clerk and Wilson 1964, 13,  විජේබණ්ඩාර  2011, 163).

මුල් උත්සහය අසාර්ථකව අතහැර දැමුව ද ප‍්‍රදීපාගාරයක් ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමට බි‍්‍රතාන්‍යයේ රජය සුදානම් නොවී ය. ඒ අනුව දෙවන ව්‍යාපෘතිය ආරම්භකරමින් ඉදිකිරීම් කටයුතු සඳහා ප‍්‍රදීපාගාර ඉන්ජිනේරුවකු වූ ජේ. එන්. ඩග්ලස් (J. N. Douglass)  වෙත පවරන ලදි. මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ටි‍්‍රනිටි හවුස්(Trinity House) ආයතනය සහයෝගය ලබා දී ඇත.

එවක මහා බ්‍රිතාන්‍යයේ ජිවත්වුනු ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු DC විදුලි මෝටරයේ නිර්මාතෲවූ මයිකල් ෆැරඬේගේ (වසර 1791-1870) සහයෝගය ඇතුව ප‍්‍රදීපාගාරයේ විදුලි පහණ නිර්මාණය කරනු ලැබීය (Clerk and Wilson 1964, 13). ස්කොට්ලන්තයේ දී කපා සකස් කොට ගත් ටොන් 2 හෝ 3 බරැති ගල් කුටිටි දහස් ගණනක් නැව් මඟින් ගාලූ වරායට ගෙනවිත් ගාල්ලේ සිට නෞකා මඟින් රාවණා පරය වෙත ගෙනයන ලදී. එහිදී රාවණා පරයේ සවිකළ දොඹකරයක් ආධාරයෙන් ගල් කුට්ටි හිරිගල් පරය මත තබා ප‍්‍රදීපාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1870 දී ආරම්භ කොට ඇත. මෙසේ ඉතා දුෂ්කර තත්ත්වයේ ඉදිකළ ප‍්‍රදීපාගාරයේ ප‍්‍රථම ආලෝක ධාරාව විහිදුවාලීම 1873 වර්ෂයේ මාර්තු10 දින සිදුවී ඇත(Clerk and Wilson 1964, 14).

මෙලෙස අතිශය ශක්ති සම්පන්නව 1870දී නිර්මාණය කරන ලද මේ ප්‍රදීපාගාර කුළුණ, දැන් වසර 143ක් පැරණි වන අතර, 2004 වසරේ සුනාමි රළ පහර මෙම ප්‍රදේශයේදී ඉතා ප්‍රභලව එල්ලවූවත්, පැරණි ඉන්ජිනේරුවන් මෙය ඉතා ශක්තිසම්පන්නව නිර්මාණය කරතිබූ හෙයින්, එම රළ පහරින් මෙම ප්‍රදීපාගාරයට ඉතා සුලු හානියක් සිදුවූ බව වාර්තාවේ.



Antikythera device : වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය [2000 year old mechanical computer]

$
0
0
ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයේ විස්තීරණ රූපසටහනක් (Exploded view of the Antikythera Device)

කාළය : වසර 1900 ඔක්තෝමබර් මස
ස්ථානය : මධ්‍යධරණී මුහුදේ ඇන්ටිකිතීරා දිවයින අසල
පුද්ගලයින් : ග්‍රීක කපිතාන් දිමිත්‍රියෝස් කොන්ඩෝස් හා කිමිදුම්කරු ඊලියාස් ස්ටැඩියටෝස්

උතුරු අප්‍රිකානු මුහුදේ කිමිදුම් මෙහෙයුමකින් පසු ආපසු පැමිණෙමින් සිටි කපිතාන් කොන්ඩෝස්ගේ නැව ග්‍රීසියට ආසන්න මධ්‍යධරණී මුහුදේදී නොසිතූ ආකාරයකට කුණාටුවකට හසුවිය. කුණාටුවෙන් බේරීම සඳහා ඇන්ටිකිතීරා දිවයින අසල නැංගුරම් ලෑ කපිතාන් කොන්ඩෝස් කුණාටුව පහවෙනතෙක් කල් මැරිය යුතු නිසා සිය විශ්වාසවන්ත කිමිදුම්කරුවෙකු වූ ඊලියාස් ස්ටැඩියටෝස්ව නැව අසල මුහුදට කිමිදෙන්නට යැවුවේ කිසිවක් සොයාගත හැකිවේයයි යන විශ්වාසයෙන්ම නොව කාලය ගත කරන අතරේ යම් ගවේශණයක් කිරීමට ඉටාගෙනය.

දිය යටට ගිය ඊලියාස් විනාඩි කිහිපයකින් යලි දිය මතුපිටට පැමිණ උමතුවූවෙකු මෙන් දෑත් වනමින් කෑගසන්නට විය. කපිතාන් කොන්ඩෝස් ඔහුව වහා නැව මතට ගත්තේ කිමිදුමේදී ඔක්සිජන් මදවීම නිසා ඊලියාස් සිහිමද ගතියෙන් සිටිනවා යයි සිතාගෙනයි. නැවට පැමිණි ඊලියාස් සාගර පතුලේ ගිලුණු ඉපැරණි නෞකාවක් තිබෙන බවත් සෑම තැනම විසිරී ඇති වස්තුසම්භාරයක් තමා දුටුබවත් කියමින් කෑගසන්නට වූවා. ඊලියාස් කියනාදෙය ගැන කපිතාන් කොන්ඩෝස් එතරම් විශ්වාස නොකලේ සැබැවින්ම ඊලියාස්ට ඕනෑවට වඩා කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාණයවී ඔහු සිහිමදව ඇතැයි විශ්වාස කලබැවිනි. කෙසේවෙතත්, ඊලියාස්ගේ විස්තරය සැබෑදැයි බැලීමට කපිතාන් කොන්ඩෝස් වෙනෙකෙකු නොයවා තමාම කිමිදුම් කට්ටලයක් ඇඟලාගෙන් දියට බට අතර විනාඩි කිහිපයකින් පසු තම ගෝලයාගේ කතාව සත්‍ය බව වටහා ගත්තා. දිය යට පෞරාණික නැවක සුන්බුන් දසත විසිරී තිබූ අතර නැවේ ගෙනගිය පෞරාණික භාණ්ඩ විශාල සංඛයාවක් සොයාගැනීමට හැකිවුනා. හැකිතාක් කෞතුක වස්තූන් නැවට  පටවාගත් කොන්ඩෝස් වහාම ඇතැන්ස් නුවරට ගොස් තම සොයාගැනීම වාර්තාකල අතර ග්‍රීක රජය, නාවික හමුදාවේද සහය ඇතුව විශාල ගවේශණයක් දියත්කලා.

වසර දෙකක් පුරා ඉතා සීරුවෙන් සිදුකල ගවේශණ වලදී පිත්තල පිලිම, කාසි හා වෙනත් වටිනා කෞතුක භාණ්ඩ රැසක් සොයා ගත්තා. ග්‍රීක පුරාවිද්‍යාඥයින් එවක අනුමාන කල පරිදි මේ නැව ක්‍රිස්තුපූර්ව 100දී පමණ ගිලීගිය එකක්වූවා. එහි ගමනාන්තය රෝමය වූ අතර එකල ග්‍රීසිය රෝම අධිරාජ්‍යයේ යටත්විජිතයක් වූ අතර මේ නැවෙහි පුරවා තිබුනේ රෝමානුවන් ග්‍රීක ජනපදවලින් ලබාගත් හෝ කොල්ලකෑ වස්තුව බවට පිලිගැනුනා.

ඇන්ටිකැතීරා යන්ත්‍රය හමුවීම

නැවෙන් ගොඩගත් මහානර්ඝ වස්තු සම්භාරය පුවත් මවන්නට වූ අතර මේ කෞතුක වස්තූන් අතර පිත්තල කුට්ටියක් මෙන් පෙනුනු එක් වස්තුවකට පුරාවිද්‍යාඥයින්ගේ අවධානය එතරම් යොමුව නොතිබුනේ නැවෙන් ලැබුණු දහස් ගණනක් පුරාවිද්‍යා භාණ්ඩ අතර අධ්‍යයනය කලයුතු  කුතුහලය දනවන කෞතුක වස්තූන් බොහොමයක් තිබුණු බැවින්.


මේ අතර මේ නිර්ණාමික පිත්තල කුට්ටිය පිලිබඳව පුරාවිද්‍යාඥ අවධානය යොමුවන යමක් සිදුවූවා. කෞතුක භාණ්ඩ වර්ගිකරණය කරමින් සිටි එක් කෞතුකාගාර සේවකයෙකු අතින් මෙම පිත්තල කුට්ටියේ කොටසක් කැඩී ගිය අතර එයතුල ඔරලෝඩුවක දැතිරෝද මෙන් රෝද පෙනෙන්නට තිබූ බව නිරීක්ශණය කල එම සේවකයා ඒබව සිය ප්‍රධානීන්ට දන්වා සිටියා.

මෙය අතිශයින්ම වැදගත් සොයාගැනීමක් වුවත් 1900කාළයේ විසූ පුරාවිද්‍යාඥයින් මෙම වස්තුව පිලිබඳව එතරම් තැකීමක් කලේ නෑ. ඒ, මෙය හමුවූ නැව ක්‍රිස්තුපූර්ව 100 පමණ කාළයට කාළ නිර්ණය කොට තිබූ බැවිනුයි. ඔවුන්ගේ එකල අදහසට අනුව ක්‍රි.පූ 100 කාළයේ ග්‍රීකයින් හට මෙවැනි නිර්මාණයක් කිරීමට තරම් තාක්ශණයක් නොතිබූ බව පිලිගැනුනා. එම කාළයට පෙර හෝ ඉන් පසුව මෙවැනි උපකරණයක් පුරාවිද්‍යාඥයින් හට ග්‍රීක හෝ වෙනත් කිසිදු සිශ්ඨාචාරයකින් හමු නොවූ නිසත්, මෙවැනි දැතිරෝද සහිත කාළ යන්ත්‍ර වැනි නිර්මාණ මුලින්ම පහලවන්නට වූයේ ඉන් වසර 1500කට පමණ පසු වර්ශ 1400 ගණන්වල යුරෝපයෙන් බැවිනුත් ඔවුන් මෙය වැරදීමකින් නෞකාවේ පුරාවිද්‍යා භාණ්ඩ අතරට එක්වන්නට ඇති බව නිගමණය කොට, එම අපූර්ව යන්ත්‍රය ගබඩාවට යැවුවා.

බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්‍රයිස්ගේ පරීක්ශණ

ඇන්ටිකිතීරා යන්ත්‍රය නැවතත් කරලියට පැමිණුනේ 1951 වසරේදී එය පිලිබඳව කියවා කුතුහලයක් ජනිත කරගත් බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ඩෙරෙක් ප්‍රයිස් විසින්. ඒ වන විට එක්ස්-රේ වැනි තාක්ශණයන් මෙන්ම, සූක්ශම විශ්ලේෂණ ක්‍රම බිහිවූ තිබූ බැවින් ඇන්ටිකිතීරා යන්ත්‍රයේ රහස් යම් පමණකට හෙලිකරගැනීමට ඔහු සමත්වුනා.

ඇන්ටිකිතිරා යන්ත්‍රයේ එක්-රේ සටහනක්
යන්ත්‍රයේ පිට ආවරණය වටා තිබූ, ඉතාමත් අපහැදිලි අක්ශර දහස් ගණනක් ඡායාරූපකරණ තාක්ශණය ආධාරයෙන් මතුකරගත් ප්‍රයිස් එම අක්ශර අනුව එය නිර්මාණය කරතිබුනේ ක්‍රි.පූ 100-300 අතර කාළයේ ග්‍රීකයින් විසින්බව සනාත කරගත්තා. එම අක්ශර, යන්ත්‍රය භාවිතා කරන්නාට එය ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරන උපදෙස් මාළා බවද ඔහු වටහා ගත්තා. මේ අනුව, මින් පෙර කිසිවෙකුත් නොසිතූවිරූ ආකාරයේ තාක්ශණයක් පැරණි ග්‍රීකයන් සතුව තිබූබව තහවුරු වන්නට වුනා.

ප්‍රයිස්ගේ අණාවරණයෙන් පසු ඇන්ටිකිතිරා යන්ත්‍රය සූක්ශ්ම විද්‍යාත්මක විශ්ලේෂණයන්ට බඳුන්වෙයි.

කැබළි 82කින් යුතු මෙම යන්ත්‍රය ඊලඟ වසර 50 තුලදීම දැවැන්ත විශ්ලේෂණයන්ට බඳුන්වුනු අතර පුරාවිද්‍යාඥයින්, ගණිතඥයින් හා තාරකා ව්ද්‍යාඥයින්, මෙම යන්ත්‍රය ප්‍රතිණිර්මාණය කිරීමේ උත්සහයන් කිහිපයක්ද ගත්තා. 2005 වසරේදී පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වූ හිව්ලට් පැකාර්ඩ් (Hewlett-Packard : HP) සමාගම, අති නවීන එක්ස්-රේ තාක්ශණයක් මගින් යන්ත්‍රය ඡායාරූපගත කරන ලද අතර, එමගින් යන්ත්‍රයේ කොටා තිබූ ග්‍රීක අක්ශර වඩාත් පැහැදිලි කරගැනීමට හැකිවුනා. එමගින් යන්ත්‍රයේ දැනට ඉතිරිව ඇති කොටස්වල තිබූ අක්ශරවලින් 95%ක් පරිවර්තනය කරගැනීමට භාශා විශේෂඥයින් හට හැකිවුනා.

එම වසරේදීම X-ටෙක් නම් සමාගමක් ටොන් 8ක් බර කැට්-ස්කෑන් යන්ත්‍රයක් ග්‍රීක පුරාවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාගකල අතර එය ආධාරයෙන් අතිශය පැහැදිලි ත්‍රිමාණ රූප ලබාගැනීමට හැකිවුනු බැවින් මෙම අපූර්ව යන්ත්‍රය නිර්මාණය කොට තිබුනේ කෙසේද, කුමක් සඳහාද යන්න ගැන විශාල තොරතුරු රැසක් හෙලිකර ගැනීමට හැකිවුනා.


පෞරාණික ග්‍රීකයින්ගේ සෞරග්‍රහ මණ්ඩල පරිගණකය (Planetary Computer)

පුරාණ ග්‍රීකයන් නිර්මාණය කල මෙම යන්ත්‍රය සැබැවින්ම ලොව පලමුවැනි පරිගණකය ලෙස හඳුන්වන්නට පුළුවන්. පරිගණකයක් යන්න සරලව හඳුන්වන්නේ නම්, යම් දත්තයක් ලබාදුන් විට (input), එම දත්තය ඇසුරින් යම් ක්‍රියාවලියන් සිදුකොට (processing) යම් ප්‍රතිදානයක් (output) ලබාදෙන යන්ත්‍රයකි. ග්‍රීකයන් මීට වසර 2000කට නිර්මාණය කලැයි සැළකෙන ඇන්ටිකිතීරා යන්ත්‍රයද සැබැවින්ම එවැනි ක්‍රියාවලියක් සිදුකරමින් සෞරග්‍රහමණ්ඩලය හා අනෙකුත් තාරකාවිද්‍යාත්මක තොරතුරු ලබාදෙන යන්ත්‍රයක් බව ත්‍රිමාණ කැට් ස්කෑන් ක්‍රියාවලියෙන් ලැබුණු තොරතුරු වලින් තහවුරු වූවා. යන්ත්‍රයේ ඉදිරිපස මුහුණතේ ඇති ඩයලය මගින් ක්‍රියාකරවන්නාට යන්ත්‍රය වෙත දිනයක් (වර්තමානයේ, අනාගතයේ හෝ අතීතයේ) ලබාදිය හැකි අතර, එවිට යන්ත්‍රය සියුම් දැතිරෝද ක්‍රියාකාරිත්වයක් හරහා ක්‍රියාකරවන්නාට එම දිනය ඇසුරින් ඉතා නිවැරදි තොරතුරු රාශියක් යන්ත්‍රයේ පිටුපස ඩයල හරහා ලබාදෙන බව පර්යේෂකයින් හට පැහැදිලි වූවා.

උදාහරණයක් ලෙස, යන්ත්‍රයට අනාගතේ යම් දිනයක් ලබාදුන් විට එයට;

1] එම දිනයේදී හිරු අහසේ පැවතිය යුතු ස්ථානය (පෘථිවිය ඉලිප්සාකාර ලෙස සූර්යයා වටා යන බැවින් එය අහසේ පෙනෙන ස්ථානය දිනෙන් දින වෙනස්වේ - පුරාණ ග්‍රීකයන් මෙම සත්‍යය දැනසිටියා පමණක් නොව එය ගණනය කොට යන්ත්‍රයක දැතිරෝද වලට අනුරූප කිරීමට පවා දක්ශවී ඇත!)

2] එම දිනයේ සඳු පැවතිය යුතු ස්ථානය හා සඳෙහි පක්ශය (එනම් එම දිනයේ දී සඳෙහි කුමන කොටසක් අඳුරුවී ඇතිද යන්න-phase of the moon)

3] එම දිනයට ආසන්නව සිදුවියයුතු සූර්යග්‍රහණ සිදුවන වේලාව ආසන්න පැයකිහිපය දක්වා නිවැරදිව අනාවැකි පැවසීම!

මෙම යන්ත්‍රය කොතරම් නිවැරදිව නිර්මාණය කොට තිබුනේද යත් එයට අධික අවුරුද්ද සඳහා වසර 4කට වරක් වසරකට දිනයක් එකතුවන ලෙස නිර්මාණය කොට තිබුණි. පුදුමයට කාරණය නම් අධික අවුරුද්ද යන සංකල්පය බටහිර තාරකා විද්‍යාඥයින් නිර්මාණය කරගත්තේ මෙම යන්ත්‍රය නිපදවා තවත් වසර 100කට පසුවය.

Ancient Aliensහි දැක්වෙන පරිදි මෙය පෞරාණික පිටසක්වල ජීවීන්ගෙන් ලැබූ ඥාණයෙන් නිපදවූවක්ද? නැතහොත් කාළයට ඉදිරියෙන් ජීවත්වුනු මහා දැක්මක් ඇති ප්‍රාඥයෙකුගේ නිර්මාණයක්ද?

මෙවැනි තාරකාවිද්‍යා පරිගණකයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාපකයින් හට වසර සිය දහස්ගණනාවක් තුල රැස්කරමින් තහවුරුකරගත් තාරකාවිද්‍යා හා ගණිත දැනුම උපයෝගීකරගන්නට ඇතැයි යන්න අවිවාදිතය. කොතරම් උත්කෘෂ්ට සහජ බුද්ධි මහිමයකින් යුතු මනුශ්‍යයෙකුට වුවද මෙවැනි නිර්මාණයක් කිරීම සඳහා අවශ්‍ය දැනුම තනිවම ලබාගත නොහැකිය. මිනිසා වසර දස දහස් ගණනාවක් හිරුගේ, සඳුගේ හා ග්‍රහතාරකාවල ගමන්මාර්ග අධ්‍යයනය කරමින්, එම දැනුම සෙල්ලිපිවල, මැටි පුවරුවල, ගලින් නෙළන ලද දින දර්ශන මත, පැපිරස් පත්‍රිකා මත ලියාතබමින් අනාගත මිනිසා හට සිය දැනුම ඉතිරි කොට ගියෝය, මේ සියලු දැනුමින් මුවහත්වූ, අතිදක්ශ මනසක්, ඒ දැනුම මෙම යන්ත්‍රයේ පිත්තල දැතිරෝද හරහා ප්‍රයෝජනයට ගත හැකි උපකරණයක් බවට පරිවර්තනය කරන්නට ඇත.

මෙවැනි හපන්කමක් කරන්නට හැකිවූයේ පෞරාණික ග්‍රීසියේ විසූ කිනම් ප්‍රාඥයාහටද? එසේත් නැතිනම් මෙය එකළ මිනිස් ඥාණය ඉකමවාගිය නිර්මාණයක්ද? යන්ත්‍රයේ නිර්මාණය හා නිර්මාණය සඳහා අවශ්‍ය තාරකා විද්‍යා දැනුම, ගණිතකර්ම දැනුම, යාන්ත්‍රික විද්‍යා දැනුම යන දැනුම් සම්භාරයේ සංකළණයක් අදින් වසර 2000කට පෙර කෙසේ එක්තැන් වීද යන්න ගැන විවිධ මත පලවනවා.

අමෙරිකානු රූපවාහිණී චැනයලයක් (History Channel) මගින් නිපදවන ලද "ඒන්ෂන්ට් ඒලියන්ස් - Ancient Aliens" නම් ඉමහත් ජනප්‍රියත්වයට පත් වැඩසටහන් මාළාවේ මුල්ම කථාංගයේ (pilot episode) මෙම යන්ත්‍රය පිලිබඳව විස්තරයක් ඇත. මේ ලේඛකයා ඇන්ටිකිතීරා යන්ත්‍රය පිලිබඳව මුලින්ම දැන ගත්තේද එම Ancient Aliens Pilot Episodeහි විස්තරයෙනි. ඉන් ඇතුවුනු කුතුහලය මත වසර කිහිපයක තොරතුරු ගවේශණයෙන් එකතුවුනු තොරතුරු ගොන්න ලිපියක දමන්නට ඉස්පාසුවක් ලැබුනේ මේ නොබෝදාය.

ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපට මාළාවේ මූලික ප්‍රස්තුතයට අනුව මීට වසර දසදහස් ගණනකට ඉහතින් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ ඔවුන්ගේ විද්‍යා ඥාණය පෘථිවි වැසියන් අතර බෙදා දුන්හ. මේ තාක්ශණයන් පිලිබඳව ඉඟි හා සාක්ශි අද ඉතිරිව ඇති පිරමීඩ වැනි අපූර්වවූත්, එදා ජීවත්වූ මිනිසුන් සතුව තිබුණායයි පුරාවිද්‍යාඥයින් පවසන තාක්ශණයට බිහිකල නොහැකි, අද පවා විශ්වකර්ම නිමාණ ලෙස සැළකිය හැකි නිර්මාණ තුල ගැබ්වී ඇත. ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයද එවැනිම, බිහිකල කාළයේ තිබූ තාක්ශණයට වඩා ඉහලින් ඇති දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් බවත්, එය නිර්මාණය කරන්නට ඇවැසි දැනුම පිටසක්වලයින්ගෙන් ලැබෙන්නට ඇති බවට සැකකල හැකි යැයිද පුරාණික පිටසක්වල ගවේශකයින් පිලිබඳ යෝජකයින් ඒන්ෂන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපටතුල පවසති.

මාගේ පෞද්ගලික මතයට අනුව ඒන්ෂන්ට් ඒලියන්ස් ප්‍රස්තුතය විශ්වාස කල හැකි ප්‍රස්තූතයක් වුවත්, ඇන්ටිකිතීරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව බොහෝ කරුණු හැදෑරීමේදී, මෙම යන්ත්‍රය පිටසක්වලයින් විසින් දුන් දැනුමකින් නිර්මාණය කල යන්ත්‍රයක් විය යුතුය යන්න ප්‍රතික්ශේප කිරීමට මාහට සිදුවේ.

එයට එක් සාක්ශියක් පමණක් ඉදිරිපත් කිරීමට කැමත්තෙමි. මෙම යන්ත්‍රය කෙතරම් සංකීර්ණ වුවද, එහි භාවිතා වන සමහර තාරකා විද්‍යා සංකල්ප (අධික අවුරුද්ද, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිවැරදිව පෙන්වීම වැනි) සමකාළීන දැනුමට වඩා ඉදිරියෙන් තිබුණද එහි නිර්මාපකයින්ගේ දැනුම එකල දැනුමට සීමා වූ බව පෙන්වන එක් සාක්ශියක් නම් යන්ත්‍රය නිර්මාණය කිරීමෙහිලා උපයෝගී කරගත් සෞරග්‍රමණ්ඩලය පිලිබඳ ආකෘතිය එකල ග්‍රීක ආකෘතිය වූ, ග්‍රහලෝක පහකට සීමාවූ ආකෘතියවීම පෙන්විය හැකිය. පැරණි ග්‍රීකයින් දැන සිටි ආකාරයට අනුව සෞරග්‍රහ මණ්ඩලයට හිරු,සඳු හැරුණුකොට ග්‍රහලෝක පහකි. බුද, සිකුරු, අඟහරු, සෙනසුරු හා බ්‍රහස්පතී එම ග්‍රහයන් පංචයයි. යුරේනස්, නෙප්චූන් හා ක්ෂුද්‍ර ග්‍රහයෙකු ලෙස දැන් පිලිගැනෙන ප්ලූටෝ ඔවුන්ගේ සෞරග්‍රමණ්ඩලයේ පිලිඹිබු නොවීය. මෙම යන්ත්‍රයද නිර්මාණය කොට ඇත්තේද මෙම පංච ග්‍රහ සෞරග්‍රහ මණ්ඩළයේ ආකෘතියට අනුවය. පිටසක්වල ඥාණයකින් මෙය බිහිවූවානම් අනිවාර්යයෙන්ම යුරේනස් හා නෙප්චූන් යන යෝධ ග්‍රහයින් දෙදෙනා හෝ මෙම යන්ත්‍රයේ පිලිඹිබුවිය යුතුය යන්න මාගේ හැඟීමයි.

මෙම යන්ත්‍රය නිර්මාණය කලේ පුරාණයේ විසූ සුපිරි ග්‍රීක ගණිතඥ ආකිමිඩීස් විසින්ද?

ආකිමිඩීස් ජීවත්වූයේ ක්‍රි.පූ 200හි ග්‍රීසියේය (ක්‍රි.පූ 287-212). එනම් ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය වූවා යයි සැළකෙන වකවානුවේය. ඔහු විසින් සිදුකල යාන්ත්‍රික නිර්මාණ හා සොයාගත් ගණිතමය සිද්ධාන්ත විශාල ප්‍රමාණයකි. ආකිමිඩීස් එකල මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ගණිතඥයෙකු වූ අතර ඔහු පිලිබඳව විස්තරයක් ලියන ග්‍රීක ගණිතඥ පැපුස් (Pappus of Alexandria: ක්‍රි.ව 290-350) ආකිමිඩීස් විසින් ලියන ලද නිබන්ධනයක් ගැන පවසයි. මෙම නිබන්ධනයේ ආකිමිඩීස් සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයෙන්ගේ ගමනාගමනය දැතිරෝද ආධාරයෙන් යාන්ත්‍රිකව දැක්විය හැකි උපක්‍රමයක් විස්තර කල බව පවසයි. පැපුස් යනු ගණිතය පිලිබඳව පැරණි ග්‍රීසියෙන් බිහිවූ අවසන් මහා ප්‍රාඥයා බවට පිලිගැනෙන අතර ඔහු ගණිතමය සිද්ධාන්ත පිලිබඳව වෙළුම් අටකින් යුතු "Synagoge" නම් මහා පුස්ථකයක් ලේඛනගත කලේය. මෙම පුස්ථක අටෙන් වැඩි ප්‍රමාණයක් තවමත් තිබෙන අතර එම ග්‍රන්ථවල පැපුස් විසින් ඔහුගේ කාළය වනතෙක් තිබූ සියළුම ගණිතමය ඥාණය එක් රැස්කොට ලියාතිබේ.

පැපුස් ප්‍රකාශකරන ආකිමිඩීස්ගේ මේ නිබන්ධනය සොයාගත නොහැකි නමුත්, එහි අඩංගුවූවායයි පැපුස් පවසන තොරතුරු සත්‍යවිය හැකි බව බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි. ඒ අනුව ආකිමිඩීස් සිය දෑතින් මෙම ඇන්ටිකිතීරා යන්ත්‍රය නිර්මාණය නොකළත් (එසේ වන්නටද පුළුවන), ඔහු එවැනි යන්ත්‍ර කිහිපයක් හෝ නිර්මාණය කරන්නට ඇතිබව අදවන විට පොදු පිලිගැනීමක් වනවා. කෙසේවෙතත් ආකිමිඩීස් පවා පෙර ආදර්ශ කිසිවක් නොමැතිව මෙම යන්ත්‍රයේ සම්පූර්ණයෙන්ම සිය මනසින් නිර්මාණය නොකරන්නට ඇති බවත්, ඊට පෙර නිර්මාණය වූ, මීට වඩා සරල නිර්මාණ හදාරා, ඒවා වැඩිදියුණු කොට, වඩා නිවැරදි හා සංකීර්ණ යන්ත්‍ර ඔහු විසින් නිර්මාණය කරන්නට ඇතැයි යන්නද පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයක් වනවා.

ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකය ආකිමිඩීස්ගේ නිර්මාණයක් (හෝ ඔහු ඇසුරු කල/භාවිතා කල හෝ වැඩිදියුණු කළ නිර්මාණයක්) වන්නට ඇතිබවට ඉඟියක් ක්‍රි.පූ 1වැනි ශතවර්ශයේ විසූ රෝම දර්ශණවාදියෙකු වූ සිසේරෝ (Marcus Tullius Cicero) විසින් රචනා කරන ලද "ඩෙ රිපබ්ලිකා" නම් ප්‍රබන්ධයක දක්වා තිබෙනවා. එහි ආකිමිඩීස් විසින් රෝමයේ ප්‍රබුද්ධයින් හා පාළකයින් රැස්වූ සභාවකට රැගෙන ආ යන්ත්‍රයක් පිලිබඳව විස්තර කරනවා. ආකිමිඩීස් ගෙන ආ මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් රැස්වසිටි ප්‍රභූවරුන් විස්මයට පත්කල බව පවසන සිසේරෝ මෙම යන්ත්‍රයට හිරු, සඳු හා පංච ග්‍රහයින්ගේ ගමන් මග පිලිබඳව අනාවැකි, සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ පිලිබඳ අනාවැකි නිවැරදිව දැක්විය හැකිවූ බව පවසනවා.

ආකිමිඩීස්ගෙන් වසර 200කට පසු ජීවත්වූ සිසේරෝ ලියාතැබූවේ ප්‍රබන්ධයක් වුවත්, ආකිමිඩීස්ගේ මෙම යන්ත්‍රය පිලිබඳව පුරාවෘත්තයන් පැරණි රෝම අධිරාජ්‍යයේ පවා පැතිරී තිබූ බවත්, ඒවා සත්‍ය බව එකල වැසියන් දැනසිටි බවත් සිසේරෝ ගේ මෙම විස්තරයෙන් සිතාගත හැකි බව ඉතිහාසඥයින් පවසනවා. එමෙන්ම 2005 වසරේ සිදුකල ත්‍රිමාණ ඡායාරූපකරණයෙන් පසු එළඹි නිගමනයන් හා ක්‍රි.පූ 1වැනි සියවසෙහි විසූ සිසේරෝ, ඊට වසර 200කට පෙර ජීවත්වූ ආකිමිඩීස්ගේ නිර්මාණයේ හැකියාවන් පිලිබඳ කල විස්තරයත් කදිමට ගැලපෙන ආකාරය හුදෙක් අහඹුවක් විය හැකිද?


ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

$
0
0

අපි හැමෝම දන්න දෙයක් තමයි අභ්‍යවකාශයට ගිය පලමුවැනි මිනිසා සෝවියට් අභ්‍යවකාශගාමී යූරී ගගාරින් කියන එක

අජඨාකාශයට ගිය පලමුවැන්නා ගගාරින් නොවේනම්?

මුලු ලෝකයම විවාදයකින් තොරව පිලිගන්න මේ තොරතුර වැරදි බවත්, ගගාරින්ට පෙර අභ්‍යවකාශ ගතවෙන්නට උත්සහකර ඒ වෙනුවෙන් දිවිපිදූ අභ්‍යවකාශගාමින් මෙන්ම අභ්‍යවකාශගාමී කාන්තාවන් රැසක්ම සිටින බවත් ඔවුන් ඉතිහාසයෙන් ඉතා අසාධාරන ලෙස මකා දමා ඇතිබවත් විස්වාස කරණ පිරිසක් ඉන්නවා. මොවුන් මෙසේ විස්වාස කරන්නේ විව්ධ සාක්ශි මත පදනම් වෙලා ඉඳගෙනයි. ඔවුන්ගේ තර්කය වෙන්නේ අමෙරිකාවත් එක්ක අවි තරඟයක හා අභ්‍යවකාශ තරඟයක පැටලී සිටි සමාජවාදී රුසියාව සිය අසාර්ථක අභ්‍යවකාශ ගමන් ලෝකයෙන් වසංකරන්නට මෙලෙස අභ්‍යවකාශ ගතවෙන්න ගිහින් දිවිපිදූ වීරෝධාර සෝවියට් පුරවැසියන් වුවමනාවෙන්ම ඉතිහාසයෙන් මකාදැමූ බවයි.

මෙලෙස ඉතා ලෙහෙසියෙන්ම මෙම විරුවන්ගේ මතකය මකාදමන්නට සෝවියට් පාලකයින්හට පුලුවන් වුනේ 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පස්සේ සෝවියට් දේශය මුලු ලෝකයෙන්ම වෙන්වුනු, සැඟවුනු, ඉතා රහසිගත ලෙස පාලනයවෙන රටක් බවට සෝවියට් පාලකයින් විසින් තම වාසිය සඳහාම පත්කරගෙන තිබුණු නිසා. යකඩ තිරයෙ (iron curtain) ලෙස හැඳින්වුනු මේ දැඩි පාලනය නිසා සෝවියට් රුසියාව තුල වෙන්නේ මොනවද කියන එක බාහිර ලෝකයාට දැනගන්නට ලැබුනේ නෑ. මේ සැඟවුනු සෝවියට් රහස් හෙලිදරව්වෙලා තියෙන්නේ සෝවියට් දේශයේ ඉඳලා බටහිරට පලා ආපු සෝවියට් දේශයේ උසස් නිළධාරීන්ගෙන්.

ලැබිලා තියෙන තොරතුරු ව්ලට අනුව මින්සුන් සහිත සෝවියට් අභ්‍යවකාශ මෙහෙයුම් ආර්ම්භ වෙලා තියෙන්නේ 1957 වගේ ඈත අතීතයේ ඉඳන්. (ගගාරින් ගුවන්ගත වුනේ 1961 අප්‍රේල් 12වැනිදී). මේ තොරතුරු වලට අනුව මිනිසුන් සහිත සෝවියට් අභ්‍යවකාශ ගමන් 18ක් පමණ අණතුරට ලක්වෙලා ගගනගාමීන් මිය ගිහින් තියෙනවා.

1] ඇලෙක්සී ලෙඩොව්ස්කි

ලෙඩොව්ස්කි ගුවන්ගත වී තිබෙන්නේ 1957 අගභාගයේ මිනිසෙකු රැගෙන යාම සඳහා අනුවර්තනය කරනලද ආර්-7ඒ (modified R-7A intercontinental ballistic missile )අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. අර්ධ කක්ශාකාර ගමනක් (sub-orbital flight)ලෙස සැලසුම්කර තිබුණු මෙය උඩුගුවනට යත්දී රොකට්ටුව විනාශවීමෙන් අවසන් වුනා. ලෙඩොව්ස්කිගේ පියාසැරිය පිලිබඳ විමසුමවලදී ලෙඩොව්ස්කි නම් අජඨාකාශගාමියෙකු නොසිටි බව නිළ සෝවියට්/රුසියානු ස්ථාවරයලෙස සෑමවිටම  ප්‍රකාශවූවා.

ලෙඩොව්ස්කි වැනි උඩුගුවනට ගොස් මියගිය ගගනගාමීන් ගැන මතකය සදහටම වැලලීම සඳහා ඔවුන් සිය සහෝදර අභ්‍යවකාශගාමීන් හා එක්ව පෙනී සිටින සමූහ ඡායාරූපවලින් පවා ඔවුන්ව මකාදමා තිබෙනවා.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීට එක් උදාහරණයකි





"ඉහත ඡායාරූපයේ නෙල්යුබොෆ් නැමති අජඨාකාශගාමියා පෙනී සිටින අතර, දෙවැනි රූපය, සෝවියට් Pravda පුවත්පතේ එම ඡායාරූපයම පලවුනු ආකාරයයි. එහි නෙල්යුබොෆ් නැත. ඔහුට කුමක් වුනිදැයි කිසිවෙකුත් නොදනී..."  නෙල්යුබොෆ් , ගගාරින් උඩුගුවන යැවුනු වොස්ටොක් 1 පියාසැරියේ දෙවැනි ආදේශක ගගනගාමියා (2nd back-up cosmonaut) ලෙසද සිටියා. පත්කර සිටියා. ඒ යම්හෙයකින් ගගාරින්හට අණතුරක් වුනහොත් මෙහෙයුමට සූදානමින්. ඒ 1961 අප්‍රියෙල් මස සිදුවුනු ගගාරින්ගේ පියැසැරිය දිනවලදී. මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1961 මැයි මාසයේදී. ගගාරින්ගේ ආදේශකයා ලෙස සිටීමට තරම් පලපුරුදු නියමුවෙකු වුනු මොහු හදිසියේම ඡායාරූපවලින් පවා ඉවත් කෙරුනේ ඇයි?

මේ ඡායාරූපයේ සෝවියට් අජඨාකාශ වැඩපිලිවෙලේ පියා ලෙස සැලකෙන සර්ගෙයි කොරොලෙෆ් පෙනී සිටිනවා (අසුන්ගෙන සිටින්නන් අතර මැදින් සිටින්නේ කොරොලෙෆ්ය). ගගාරින් උඩුගුවනට ගිය වොස්ටොක් රොකට්ටුව කොරොලෙෆ්ගේ නිර්මාණයක් වෙනවා.

2] සර්ගෙයි ශිබොරින්

සර්ගෙයි ශිබොරින් ( සෙරෙන්ටි ශිබොරින් ලෙසද මොහුව හඳුන්වනවා) ගුවන්ගත වුනේ 1958ටේ පෙබරවාරි: අර්ධකක්ශාකාර ගුවන්ගමනක් සඳහා රුසියාවේ කපුස්ටින් යාර් හමුදාමය රොකට් මධ්‍යස්ථානයෙන් (Kapustin Yar Rocket Testing Complex) ගුවන්ගතවුනු ශිබොරින් හටද අත්වුනේ ලෙඩොව්ස්කිහට අත්වුනු ඉරණමයි. මෙම මාරාණ්තික අනතුරුවලට හේතුව ලෙස සලකන්නේ මිනිසුන් සහිත ගමන් සඳහා අවශයය පමණට රොකට් තාක්ශනය වැඩිදියුණු කිරීමට කල්ගතවන නිසා බැලිස්ටික් මිසයිල උඩුගුවනට ගෙනයාමට නිපැදවූ හමුදාමය රොකට්ටු ආධාරයෙන් මිනිසුන් උඩු ගුවන්ට යැවීමට තැත්කිරීමයි. එකල සෝවියට්වරුන්හට අවශයය වුනේ මිනිස් ජීවිත වලින් කුමන මිලක් ගෙවාහෝ අමෙරිකාවට කලින් මිනිසෙකු උඩු ගුවනට යවාගෙන එහි ගෞරවය ලබාගැනීමයි.

3] අන්ද්‍රේ මිට්කොෆ්

මිට්කොෆ් ගුවන්ගතවුනේ 1959 දෙසැම්බර් මස දිනකදී අනුවර්තනය කරනලද ආර්-7ඒ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. මිට්කොෆ්ටද ශිබොරින් හා ලෙඩොව්ස්කි හට අත්වුනු ඉරණම මයි. අත්වුනේ උඩුගුවනට යත්දී හෝ ආපසු එනගමනේදී අණතුරකට මුහුණපා මියගිය ඔහුගේ මතකයත් සදහටම මිහිදන් කිරීමට සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියේ පාලකයින් වගබලාගත්තේ සෝවියට් පරාජයන් සිය සතුරාවන අමෙරිකාවෙන් වසාගැනීමටයි.

4] මිර්යා ග්‍රොමෝවා

මේ කාන්තා ගගනගාමිණිය ගුවන්ගත වුනේ 1959දී . බව විස්වාස කෙරෙනවා. සෝවියට් ගුවන්හමුදාවේ කාන්තා ජෙට් ගුවන් නියමුවෙකු වුනු මීර්යා ග්‍රොමෝවා "බූර්යා" නැමති අභ්‍යවකාශ රොකට් ගුවන්යානයකින් ගුවන්ගතවෙමින් සිටියදී එය කඩාවැටී මියගිය බව වාර්තාවුනා

















මීර්යා ග්‍රොමෝවා වන්ගතවුනා යයි සැලකෙන බූර්යා අභ්‍යවකාශ ගුවන්යානා රොකට්ටුවක් (Burya Rocket Powered Space Plane) කපුස්ටින් යාර් රොකට් පර්යේශණ මධ්‍යස්ථානයේදී නිමැවෙමින් පැවතුන අයුරු. 

කපුස්ටින් යාර් රොකට් අංගනයේම කොටසක් වුනු ව්ලැඩ්මිරොෆ්කා පර්යේශණ අංගනයෙන් (Valdmirovka Flight Test Center) බූර්යා යානා ගුවන්ගත කෙරුනා.



බූර්යා අභ්‍යවකාශ ගුවන්යානා රොකට්ටුවක් දියත් කරන ආධාරකය (launch pad) මත ස්ථානගත කෙරෙන ආකාරය




අසාර්ථක ගුවන්ගතවීමකින් පසු කඩාවැටෙන බූර්යා අභ්‍යවකාශ ගුවන්යානා රොකට්ටුවක් 

5] ගෙනඩි මිකහයිලොෆ්
ගෙනඩි මිකහයිලොෆ් ගුවන්ගතවුනේ 1961 පෙබරවාරි 2වැනිදා බව පැවසේ (එනම් ගගාරින්ගේ වොස්ටොක් 1 පියාසැරියට මාස හතරකට පමණ පෙරයි). තහවුරු නොවූ වාර්තාවලට අනුව සාර්ථක ලෙස පෘථිවි කක්ශයට ඇතුලුලුවී පෘථිවිය වටා කක්ශගත වුනු පලමුවැනියා විය හැකිවන්නේ ගෙනඩි මිකහයිලොෆ්ය. එහෙත් අවසනාවකට මෙන් තම අභ්‍යවකාශ යානයේම මිය යන්නේ හදිසි හෘදයාබාධයක් වැලදීමෙනි. පෘථිවිය වටා කක්ශගතවුනු රුසියානුවෙකු හෘදයාබාධයකින් මියයමින් සිටින බවට තොරතුරු තහවුරු වුනේ පොලව වටා යමින් සිටි ඔහුගේ යානයෙන් අභ්‍යවකාශ ගාමියාගේ හෘදස්පන්ධනය පිලිබඳ දත්ත පොලවේ පාලන මධ්‍ය්ස්ථානයට එවමින් සිටි නිසයි.(අභ්‍යවකාශගාමින්ගේ හෘද ස්පන්ධන දත්ත නිරන්තරව ලබාගනීම ඕනෑම අභ්‍යවකාශ ගමණකදී සිදුවන්නකි )

යානයෙන් ගුවන් විදුලි තරංග හරහා පොලවට විකාශය කෙරුණු මේ දත්ත පටිගත කරගත් ඉතාලියේ වෙසෙන ආධුනික අභ්‍යවකාශ පර්යේශකයින් පිරිසක් මේ පටිගත කල හෘද ස්පන්දන සටහන් ඉතාලි හෘද රෝග විශේශඥයෙකුට පෙන්වූ අතර ඔහු ඒ හෘදස්පන්ධන ක්‍රමයෙන් හෘදය අක්‍රියවීමෙන් මියයමින් සිටින පුද්ගලයෙකුගේ බවට තහවුරු කලා.

6] ව්ලැඩිමිර් ඉල්යුශින්
ව්ලැඩිමිර් ඉල්යුශින් ප්‍රහාරක ජෙට් නියමු ඇඳුමින් සැරසී...මෙය 1959දී ගන්නා ලද ඡායාරූපයකි
ගගනගාමී ඉල්යුශින්

ව්ලැඩිමිර් ඉල්යුශින් යනු සෝවියට් දේශයේ ප්‍රමුඛතම ගුවන්යානා නිර්මාණ ඉංජිනේරුවෙකු වන සර්ගෙයි ඉල්යුශින්ගේ පුත්‍රයායි. සර්ගෙයි ඉල්යුශින් සෝවියට් ගුවන් හමුදාව දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානා නිර්මාණය කරන සුප්‍රකට පුද්ගලයෙකු වුනා. තරුණ අවධියේම සෝවියට් ගුවන් හමුදාවට බැඳුනු ව්ලැඩිමිර් ඉල්යුශින් දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවෙකු ලෙස සම්මාන ලබා තිබුණා.

අජඨාකාශ තරණයේ මුල් පියවර තබන අවධිය වුනු මේ සමයේදී අමෙරිකාව මෙන්ම සෝවියට් රුසියාවත් සිය අජඨාකාශගාමීන් ලෙස තෝරා ගත්තේ අති දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවන් පමණයි. නිළවශයෙන් පිළිගන්නා පරිදි මුලින්ම උඩුගුවනට ගිය යූරි ගගාරිනුත් සම්මාන ලැබූ දක්ශ ජෙට් නියමුවෙකු වුනා. ලැබී ඇති තොරතුරු අනුව දක්ශයෙකු වුනු ව්ලැඩිමීර් ඉල්යුශින් හටත් විශිෂ්ඨයන් හට පමණක් සීමා වුනු ගගනගාමී පුහුණු වැඩපිළිවෙලට ඇතුලු වීමට වරම් ලැබුණා.

අනුමාන කෙරෙන ආකාරයට සර්ගෙයි ඉල්යුශින්, ගගාරින්ගේ පියාසැරියට සති දෙකකට පෙර, එනම් 1961 අප්‍රියෙල් 7වැනිදා ආර්7ඒ රොකට්ටුවකින් සාර්ථකව ගුවන්ගතවී පෘථිවි කක්ශයට පිවිසුනා. ඉල්යුශින් රැගත් වොස්ටොක් යානය පොලව වටා එක් වටයක් ගොස් ස්වයංක්‍රීයව කක්ශයෙන් ඉවත්ව රුසියාවට ගොඩබැස්සවීමට සලසුම්කර තිබුනා. යානයේ වේගය බාල කර නැවත පෘථිවියට පැමිණීම සඳහා දැල්විය යුතු ප්‍රති-රොකට්ටු (retro rockets) යම් කාර්මික දෝශයක් නිසා නියමිත කාලයට ප්‍රථම දැල්වීම නිසා ඉල්යුශින්ගේ වොස්ටොක් යානය එවකට සෝවියට් දේශය විසින් සතුරු රාජ්‍යයක් ලෙස හඳුනාගෙන සිටි චීනය ගොඩබැස්සවුනා.ඉල්යුශින් හට අණතුරක් සිදු නොවුනත් සෝවියට් දේශය සමග ඇතිකරගෙන තිබුණු කෝන්තරය නිසා චීන රාජ්‍යය ඉල්යුශින්ව වසරකට වඩා සිරකරුවෙකු ලෙස රඳවාගෙන තිබෙනවා.

තම ප්‍රථම ගගනගාමියා කාර්මික දෝශයක් හේතුවෙන් සතුරු චීනයට ගොඩබැස එහි සිරකරුවෙකු බවට පත්වී ඇති බව ලොවට හෙලිකරනවා වෙනුවට සෝවියට් බලධාරීන් සිදුකලේ එම තොරතුර සඟවාගෙන ඊට දින 14කට පසු 1961 අප්‍රියෙල් මස 21වැනි දින ගගනගාමී සංචිතයේ සිටි තවත් දක්ශයෙකු වන ගගාරින්ව උඩුගුවනට යවා නිරුපද්‍රිතව ගෙන්වාගෙන ජයග්‍රහණය භුක්තිවිඳීමයි.

යම් හෙයකින් ගගාරින්ගේ පියාසැරියත් යම් අණතුරකට ලක්වුනානම් ලොව කිසිවෙකුත් යූරි ගගාරින් යනු කවරෙකුදැයි දැන නොගන්නට ඉඩ තිබෙනවා.  චීන සිරභාරයෙන් නිදහස්ව ආපසු මව් රටට පැමිණි ඉල්යුශින් මියයන තුරුම නිහඬ දිවියක් ගතකල අතර කිසිදිනකත් මෙම කටකතා සත්‍ය බව හෙලිකිරීමට හෝ ප්‍රතික්ශෙප කිරීමට සූදානම් වුනේ නෑ.

නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්‍රේට ප්‍රතිශතයක්!

$
0
0



මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම්  නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල නයිට්‍රටේ ප්‍රමාණය 15 ගුණයක් දක්වා වැඩි බව සොයා ගැනීමත් සමග ඒවා බෙදා හැරීම වහාම නතර කර ඇත.

කිරි වල අඩංගු උපරිම නයිට්‍රටේ ප්‍රමාණය 150ppm වුවද සාම්පල වල 2198ppm දක්වා අඩංගු වූ බව තහවුරු වී ඇත. මෙම ලක්ටෝෆෙරින් ප්‍රෝටීනය අඩංගු කිරිපිටි ළදරුවන්ට විශේෂයෙන් ගුණදායි ලෙස පෙන්වමින් අලෙවි කරයි. තවද යෝගර්ට් නිෂ්පාදනයටද යොදා ගනී.නවසීලන්ත කිරි නිෂ්පාදනය මුහුණ දෙන අලුත්ම ප්‍රශ්නය පිළිබද මීට සුළු වෙලාවකට පෙර එරට Radio New Zealand ගුවන් විදුලියද විකාශය කර තිබුණි.

සමාගම පවසන ආකාරයට කිලෝ 390ක්වූ තොග දෙකක මෙම ඉහල නයිට්‍රේට් ප්‍රතිශතය අඩංගුවූ බවත්, ඒ පිලිබඳව අදාල රේඛීය අමාත්‍යාංශය දැනුවත් කල බවත්ය.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ලැක්ටොෆෙරින් යනු වෙනත් කිරි නිශ්පාදන සඳහා සුළුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. එබැවින්, ලැක්ටොෆෙරින්වල නයිට්‍රේට ඉහල ප්‍රතිශතයක් අඩංගු වුවද, එය ඉතා සුළුවශයෙන් එකතුකරන බැවින් සෞඛ්‍ය හානියක් සිදුකල හැකි ප්‍රමාණය කිරි ආහාර තුලට ඇතුළු නොවන බව ඔවුන් පවසති.

Source : http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892

තාක්‍ෂණික ලොව නවතම නිර්මාණ රැගත් SLIIT RoboFest තරගාවලිය මෙවරත්

$
0
0


ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය SLIIT සිව්වන වරටත් සංවිධානය කරනු ලබන, SLIIT RoboFest තරගාවලිය 2013 සැප්තැම්බර් 12 සහ 13 දෙදින තුළ මාලබේ SLIIT ආයතන පරිශ‍්‍රයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. පසුගිය වසරේ සාර්ථකත්වය මත මෙවර රොබෝ තරගාවලිය ඉතා ආකර්ශනීය හා ආනන්දනීය වියහැකි බවත් මෙම කිරුළ දිනා ගැනීමේ අපේක්‍ෂාවෙන් තරගකරුවන් විශාල පිරිසක් තරගයට සහභාගීවනු ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ තරග සංවිධායකත්වය පවසයි.

මෙම තරගාවලිය SLIIT ආයතනයේ විදුලි සහ පරිගණක ඉංජිනේරු විද්‍යා අංශය විසින් සංවිධානය කරන අතර මෙමගින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සමූහිකත්වයත්, සහභාගීවන්නන් අතර සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට හැකි වීමෙන් තරගාවලිය පැවැත්වෙන දෙදින තුළ තම රොබෝ තාක්‍ෂණික ඥානය සමාජයට විවර කිරීමටද හැකි වනු ඇත.

SLIIT RoboFest තරගාවලිය දිවයින සිව්කොන විසිර සිටින පාසල් සිසුන්ට සහ උපාධි අපේක්‍ෂකයින්ටද විවෘත අතර තනිව හෝ පස්දෙනෙකුගේ කණ්ඩායම් වශයෙන් තම නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. පාසල් තරගකරුවන් සඳහා ලබාදී තිබෙන නිර්ණායකයන් තුළ අපේක්‍ෂා කෙරෙනුයේ ජංගම රොබෝ නිර්මාණයක් ඉදිරිපත් කිරීමය. තරගාවලියේ ප‍්‍රාථමික තරග වටය තුල අවසන් මහා තරගයට සහභාගී වීමට වරම් ලබන ජයග‍්‍රාහකයින් දසදෙනා තෝරා ගන්නා අතර මෙහි ජයග‍්‍රාහකයින්ට වටිනා කුසලානයන්ට අමතරව පිළිවෙළින් රුපියල් 50,000ක් ල රුපියල් 25,000ක් සහ රුපියල් 10,000ක් හිමිවේ. මීට අමතරව අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් අතුරින් ඉහලම ලකුණු තිබෙන කණ්ඩායම් තුනට රුපියල් 5000ක මුදල් ත්‍යාගය බැගින් ලබාදීමට සංවිධායකයින් තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල සිසුන් අතර තරගයේදී තනිව හෝ කණ්ඩායම් වශයෙන් තරග කළයුතු අතර අවසන් කණඩායම් දහය තොරාගැනීමෙන් පසු අවසන් වටයේ දී ඔවුන්ගෙන් ජයගන්නා පුද්ගලයින්ට හෝ කණඩායම් තුනට වටිනා කුසලානයන්ට සමගින් රුපියල් 65000, රුපියල් 40000 සහ රුපියල් 20000 බැගින් මුදල් ත්‍යාගද පිරිනමයි.

මෙහිදී ආයතනික තරගකරුවන් සඳහා විවෘත තරග ඉසව්වක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර මෙහි අරමුණ වන්නේ ආයතනික කටයුතු සහ නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීමට රොබෝ තාක්‍ෂණය උපයෝගී කර ගන්නා ආකාරය සමාජයට විවර කිරීමය. මෙම කාණ්ඩයේ ජයග‍්‍රාහකයින්ට වටිනා සහතික පත‍්‍රයක් පිරිනැමීමට SLIIT ආයතන පියවර ගෙන ඇත. මේ පිළිබඳව අදහස් දක්වන SLIIT ආයතනයේ කුලපති මහාචාර්ය එස්.කරුණාරත්න මහතා ‘‘ මෙවර තරගාවලිය වෙනත් වසරවලට වඩා උණුසුම් සහ උද්‍යෝගීමත් වන බව මගේ විශ්වාසයයි. එබැවින් වඩාත් උසස් නිර්මාණ මෙවර අපට දැක ගත හැකි වේවි’’ යනුවෙන් පැවසීය.

‘‘වර්තමාන රැකියා ක්ෂේත‍්‍රය තුළ රොබෝ තාක්‍ෂණය පිළිබඳව යම් හැදෑරීමක් සහිතව සිටීම සිසුන්ට අත්‍යාවශ්‍ය වෙනවා. එමෙන්ම නව නිර්මාණකරණයට පිවිසීමට සහ ඒ තුළින් නව දැනුම ගවේෂණයට සිසුන්ට ඉඩ ලැබෙන බැවින් මෙම තරගාවලිය ඔවුන්ට අතිශය වැදගත් වෙනවා’’ යනුවෙන් SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය. 


හඳුනාගන්න : Jet Fighters [Past, Present & Future]

$
0
0


ප්‍රහාරක හා සටන්වදින යානා යනු මොනවාද? (What are fighter planes?)

ප්‍රහාරක අවියක් ලෙස ගුවන් යානා භාවිතය ඇරඹුනේ 1914 සිට 1918 දක්වා පැවතුන ප්‍රථම ලෝක මහා සංග්‍රාමය සමයේදීයි. මුලින්ම සතුරු කඳවුරු වල ඡායාරූප ගැනීම සඳහා ගුවන් යානා යොදාගැනුනු අතර යුධය දරුණු වත්ම සතුරු පෙරමුණු වලට බෝම්බ හෙලීම සඳහා ගුවන් යානා අනුවර්තනය කරගන්නා ලදී. ඊලඟ පියවර වුනේ බෝම්බ හෙලන යානා පලවා හැරීමට හා විනාශ කරදැමීමට මැශින් තුවක්කු සවිකරගත් ගුවන් යානා පිටත් කර හැරීමයි. මෙලෙස මැශින් තුවක්කු සවිකරගත් යානා මුල්ම සටන් වදින යානා (fighter aircraft) බවට පිලිගැනුනා.

මැශින් තුවක්කුවක් සවිකරන ලද ජර්මන් යුධ ගුවන් යානයක් - ප්‍රථම ලෝක මහා සංග්‍රාමය

එහෙත් මේ කාලයේ යුධ කටයුතු සඳ භාවිතා කෙරුණේ සාමානය ගමන් බිමන් වල යොදාගන්නා ගුවන් යානාමයි. ඒවා ඉතා පහසුවෙන් බිම හෙලිය හැකි, අඩු වේගයෙන් පියාසර කරන යානා වුනා. යුධ අවියක් ලෙස ගුවන් යානා දියුණු කිරීම ඇරඹුනේ ජර්මනියේ ආඥාදායකයා ලෙස හිට්ලර් බලයට පත්වීමෙන් පසුවයි. මෙසර්ශ්මිට්, හයින්කෙල්, ඩෝනියර්, ජුන්කර්ස් වැනි අති දක්ශ ගුවන්යානා නිර්මාණකරුවන් හිට්ලර්ගේ ගුවන් හමුදාවට අති විශිෂ්ඨ ප්‍රහාරක යානා, සටන්වදින යානා, හා බෝම්බ හෙලන යානා නිර්මාණය කර දුන්නා. මේ අනුව ප්‍රහාරක හා සටන්වදින යානාවල නිළ ආරම්භය ලෙස ගැනෙන්නේ දෙවන ලෝක යුධ සමය හා ආසන්න පස්චාත් යුධ සමයයි.

Messerschmitt Bf 109 - ජර්මන් මෙසර්ශ්මිට් ප්‍රහාරක යානාවක් - දෙවන ලෝක මහා සංග්‍රාමය
RAF Spitfire - බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාවේ ස්පිට්ෆයර් ප්‍රහාරක යානය - දෙවන ලෝක සංග්‍රාමය

පරම්පරාව (generation) අනුව ප්‍රහාරක යානා වර්ගීකරණය

Generation 1: Jet propulsion - (mid-1940s to mid-1950s)

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා බිහිවුනේ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වෙමින් පවතින අවදියේයි. මෙම යානාවල ඇති විශේශත්වය ඒවා අවරපෙති වලින් නොව ජෙට් එන්ජින් වලින් බලගැන්වීමයි (Jet Propulsion). මේ නිසා මෙම යානාවල වේගය අවරපෙති යානා වලට වඩා බෙහෙවින් අධික වුනා. ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක යානාවන් වන්නේ හිට්ලර්ගේ මෙසර්ශ්මිට් 262 ප්‍රහාරක යානාවයි. ජෙට් බලයෙන් පියාසර කිරීමට අමතරව රේඩාර් වැනි නවීන උපකරන මේ යානාවල අඩංගුවුනේ නෑ. තාක්ශණය එතරම් දියුණු නොවීම මෙයට හේතුවයි. මැශින් තුවක්කු හා ප්‍රාථමක  වර්ගයේ රොකට්ටු මේ යානාවල ප්‍රධාන ආයුධ වුනා.

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා ලයිස්තුව (විකිපීඩියා විශ්වකෝශයෙනි )

දෙවන පරම්පරාවේ යානා නිර්මාණයත් සමග ජෙට් ප්‍රහාරක යානා වල ස්වර්ණමය යුගය ඇරඹෙයි


Generation 2: (mid-1950s to early 1960s)
1950 දශකයේ මැද භාගයේ සිට 1960 දශකයේ අවසානය දක්වා නිර්මාණය වුනු ප්‍රහාරක හා සටන්වදින යානා දෙවන පරම්පරාවේ යානා ලෙස සලකනවා. පලමුවන පරම්පරාවේ යානා නිර්මාණයට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගුවන් සටන් වලදී  උගත් පාඩම් මහත් සේ උපකාරී වූවාසේම දෙවන පරම්පරාවේ යානා කොරියානු යුද්ධයේදී සිදුවුනු ගුවන් සටන් වලදී ලබාගත් අත්දැකීම් වලින් වැඩිදියුණු වුනා.

වේගයෙන් වැඩි දියුණු වෙන ජෙට් එන්ජින් තාක්ශණය නිසා මේ ප්‍රහාරක යානා තව තවත් වේගත්වූ අතර යානයේ වේගය ක්ශණිකව වැඩි කරන ආෆ්ටර්බර්නර් (after-burner) තාක්ශණය හඳුන්වාදුන්නේ දෙවැනි පරම්පරාවල යානායි. එමෙන්ම වායුගතිවිද්‍යාවේ (aerodynamics) නවතම සොයාගැනීම් නිසා මෙම යානා පසුපසට විහිදෙන අත්තටු (swept wing) හා ඩෙල්ටා හැඩැති අත්තටු (delta wing) සහිතව නිර්මාණය වුනා. අධික වේගයෙන් පියාසර කරන මේ යානාවල පෘශ්ඨයන් වායු ඝර්ශණය (air-friction) නිසා දැඩි ලෙස රත්වී ඇදවීයාම වැලැක්වීමට නව මිශ්‍රලෝහ නිර්මාණය කෙරුණා.

මේ අතරම 1954දී සිලිකන් ට්‍රාන්සිස්ටරය නිපැදවීමත් සමගම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහත් විප්ලවයක් වූ අතර සිලිකන් ඉලෙක්ට්‍රොනික තාක්ශණය ප්‍රහාරක යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති විශාල ලෙස වැඩිදියුණු වුනා. මෙහි එක් ප්‍රථිපලයක් වුනේ ඉතා බලසම්පන්න එහෙත් ප්‍රමාණයෙන් කුඩා රේඩාර් යන්ත්‍ර ප්‍රහාරක යානා වලට සවිකිරීමට හැකිවීමයි. මේ අනුව දෙවැනි පරම්පරාවේ යානා වලට දෘශ්‍ය මායිමෙන් එහා (beyond visual range tracking) ගමන් ගන්නා සතුරුයානා පිලිබඳව නියමුවා දැනුවත් කිරීමට හැකිවුනා.  ඒ අතරම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ දියුණුව සමගම දෙවන පරම්පරාවේ යානාවලට අධෝරක්ත ආලෝකය මගින් සතුරු යානා සොයාගත හැකි හීට් සීකින් (heat seeking) වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල හා රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා රේඩාර් හෝමිං (radar homing) වර්ගයේ බලසම්පන්න මිසයිල වලින් සන්නද්ධ වූවා.

Soviet Air Force : MiG 15

RAF - English Electric Lightening(Swept Wing Fighter)

මහා බ්‍රිතාන්‍යයේ ඉන්ග්ලිශ් ඉලෙක්ට්‍රික් ලයිට්නින්, සෝවියට් දේශයේ මිග් 15 හා මිග් 17 මෙන්ම අමෙරිකානු F-86 දෙවන පරම්පාරාවේ ප්‍රහාරක යානා අතරින් වඩාත් භාවිතයට ගැනුනු යානා වනවා.

Generation 3: Supersonic speed; pulse radar; able to shoot at targets beyond visual range (mid 1960s to the 1970s )

තුන්වැනි පරම්පරාවේ යානාවල ප්‍රධානම ලක්ශණය වන්නේ ශබ්දයේ වේගය ඉක්මවා (supersonic) පියාසර කිරීමේ හැකියාවයි. මීට අමතරව බලසම්පන්න රේඩාර් හා ඉතා නිවැරදිව ඉලක්කය සොයාගත හැකි මිසයිල නිසා දෘශ්‍යමානයෙන් එපිට ඇති සතුරු යානා බිම හෙලීමේ හැකියාව (beyond visual range combat) මෙම යානාවලට ලැබී තිබුණා. එමෙන්ම එම යානාවල නියමුවන්ට නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ උපකාර ලැබීම නිසා ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරමින් සටන් වැදිමේ හැකියාව ලැබුනා.ඉලෙක්ට්‍රොනික පරිගණක ප්‍රහාරක යානාවල නියමු සහයකයන් ලෙස හදුන්වාදුන්නේ තුන්වන පරම්පරාවේ ප්‍රහාරක යානා මගිනුයි.

මීට අමතරව මෙම යානා වලට ඉලෙක්ට්‍රොනික් කවුන්ටර්-මෙශර්ස් (electronic counter-measures) නම් නවතම තාක්ශණයක් හඳුන්වා දී තිබුණා. කවුන්ටර්-මෙශර් යනු යම් ප්‍රහාරයක් වලක්වාගැනීම සඳහා සතුරු යානා හා මිසයිලවල රේඩාර් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නොමග යැවිය හැකි ප්‍රති-ප්‍රයෝග වලටයි. මේ තාක්ශණය මගින් සතුරු යානාවලට හා ඒවායේ මිසයිල වලට යානය හඳුනාගැනීමට අපහසු වන ලෙස විවිධ ඉලෙක්ට්‍රොනික ප්‍රයෝග උපයෝගීකරගත්තා. මෙම ප්‍රයෝග මගින් සතුරු රේඩාර් කිරණ නිශේධනය කිරීම, මිසයිලවල රේඩාර් යන්ත්‍ර නොමග යැවිය හැකි බලසම්පන්න රේඩාර් තරංග මිසයිල වෙත යොමු කිරීම වැනි ප්‍රයෝග ඇතුලත් වුනා.

USAF F- 4 Phantom

Mikoyan MiG 21

තුන්වන පරම්පරාවේ යානා වලින් වඩාත්ම ප්‍රචලිත යානා වන්නේ අමෙරිකානු F-4 ෆැන්ටම් යානාව හා සෝවියට් දේශයේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිර්මාණය කල මිග් 21 යානයයි.

Generation 4:  (1970 to mid-1990s)

හතරවන පරම්පරාවේ යානාවලට දියුණු ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහිමයෙන් හා දියුණු ජෙට් එන්ජින් තාක්ශණයෙන් විප්ලවකාරී හැකියාවන් ලබාදී තිබුණා. හතරවන පරම්පරාවේ යානාවලින් ඉමහත් ප්‍රචලිත යානා හඳුනාගමු.

අමෙරිකා එක්සත් ජනපදය;
  • F-16 ෆයිටින් ෆෝල්කන් (ගුවන් හමුදාව)
  • F-15 ඊගල් (ගුවන් හමුදාව )
  • F-14 ටොම් කැට් (නාවික හමුදාව - ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
  • F-18/A හෝනට් (නාවික හමුදාව හා මැරීන් බලකාය- ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
General Dynamics F-16 Fighting Falcon : United States Air Force

McDonnell Douglas F-15 Eagle : United States Air Force

Northrop Grumman F-14 Tomcat : United States Navy

 යුරෝපය;
  • ප්‍රංශයේ ඩැසෝල්ට් මිරාජ් 2000
  • ප්‍රංශයේ ඩැසෝල්ට් රෆාලේ
  • ස්වීඩනයේ සාබ් 37 විගන්
  • මහා බ්‍රිතාන්‍යයේ පැනවියා ටෝනේඩෝ F2 හා F3
  • යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්
Dassault Mirage 2000 : French Air Force

Saab 37 Viggen : Swedish Air Force
Eurofighter Typhoon : Royal Air Force, Luftwaffe, Italian Air Force, Spanish Air Force

සෝවියට් දේශය (1997 වනතෙක්)

  • මිකොයාන් මිග් 29 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • මිකොයාන් මිග් 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 27 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 33 (නාවික හමුදා සේවාව සඳහා)
  • සුක්හොයි එස්.යූ 34 (සටන් වදින හා බෝම්බ හෙලන මෙහෙයුම් සඳහා)
  • සුක්හොයි එස්.යූ 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
ඉහත දැක්වෙන යානා සියල්ලටම නව තාක්ශණයේ මහිමයෙන් විවිධවූ සටන් හැකියාවන් ලැබී ඇති අතර මෙම හැකියාවන් විවිධ තාක්ශණික යෙදුම්වලින් හැඳින්වේ. හතරවන පරම්පරාවේ යානා සතු මෙම තාක්ශණයන්ගෙන් හා හැකියාවන් (capabilities) සමහරක් හඳුනාගමු.

High maneuverability

මැනුවරබිලිටි යනු සටන් උපක්‍රම සඳහා යානාව ඉතා පහසුවෙන් හැසිරවීමේ හැකියාවයි. ශබ්දයේ වේගයෙන් පියාසර කරමින් සටන්වදින මේ යානාවල අධික වේගය පවත්වාගනිමින්ම ඔබ මොබ හරවමින් පියාසරකිරීම ඇති හැකියාව මෙලෙස හඳුන්වනවා. මෙම යානාවල ඇති පරිගණක මගින් නියමුවාට යානය පාලනය කිරීම පහසුකරවන අතර යානය නියමු පාලනයෙන් මිදීමට ඇති අවස්ථා අවම කරනවා.
Look-down/shoot-down capability

ලුක් ඩවුන්/ශූට් ඩවුන් හැකියාව යනු ප්‍රහාරක යානයකට ඈත ක්ශිතිජයට එපිටින් යානයට නොපෙනී, පෘථිවි ගෝලයේ නැම්මට මුවාවී පියාසර කරන සතුරු යානා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාවයි. හතරවැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වලට සවිකර ඇති ඩොප්ලර් වර්ගයේ ත්‍රිමාණ රේඩාර් උපකරණය එහි පරිගණකයට ක්ශිතිජයට එපිටින් පියාසර කරන යානා හඳුනාගැනීමට උපකාරී වෙයි. මෙම යානා හඳුනාගැනීමෙන් පසු, යානයේ පරිගණකය මගින් යානයේ ඇති Fire & Forget වර්ගයේ මිසයිලයකට එම සතුරු යානාවේ තොරතුරු ලබාදෙන අතර නියමු අණින් මුදා හැරෙන මිසයිලය, යානයේ පරිගනකයේ ආධාරයක් නොමැතිව තනිවම සතුරු යානය සොයාගෙන ගොස් එය බිම හෙලයි. නවීන පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ශණය මගින් මෙම විස්මිත හපන්කම් සතරවන පරම්පරාවේ යානාවලට ලබාදී තිබේ.
Reduced radar and heat signature technologies

ගුවන් යානා තාක්ශණ පාරිභාශික පදමාලාවේ "සිග්නේචර්" ලෙස හඳුන්වන්නේ ගුවන් යානයක් රේඩාර් හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාවයි. ඉහල සිග්නේචර් එකක් නැතිනම් ඡායාවක් ලබාදෙන යානා සතුරු රේඩාර් යන්ත්‍ර මගින් හෝ සතෘ මිසයිලවල අධෝරක්ත සංවේදක මගින් පහසුවෙන් හඳුනාගනී. රිඩියුස්ඩ් සිග්නේචර් තාක්ශණය යනු ගුවන් යානයක් රේඩාර් යන්ත්‍රයකට හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාව හැකිතාක් අඩු කිරීමයි. මෙය රේඩාර් වලට නොපෙනී යාඅ හැකි ස්ටෙල්ත් හැකියාවට වඩා අඩු හැකියාවක් වුවත් සතුරු ප්‍රහාරවලින් ගැලවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා නියමුවාට යම් ඉස්පාසුවක් ලබාදෙයි.
Supercruise, 

සුපර්කෲස් යනු අතිශය දියුණු ජෙට් එන්ජින් තාක්ශණයකි. මේ තාක්ශණය මගින් ප්‍රහාරක යානාවකට මුලු පියාසර කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ලබාදෙයි. සාමාන්‍ය ජෙට් ප්‍රහාරක යානාවක් සුපර්සොනික් වේගයෙන් ගමන් කරන්නේ එය ඉලක්කයට ලඟාවූ විට ඉක්මණින් ප්‍රහාරය එල්ලකොට පලායාමට හෝ සතුරු ප්‍රහාරයක් එල්ලවූ විට ඉන් ගැලවීම සඳහායි. සාමාන්‍ය ජෙට් එන්ජින් සුපර්සොනික් වේගයෙන් ගමන් කරනවිට අධික ලෙස ඉන්ධන දහනය කරන අතර මේ නිසා එහි මෙහෙයුම් පරාසය සීමාසහිත වෙයි. 
සුපර්කෲස් හැකියාව ඇති හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානා වලට මුලු මෙහෙයුම් කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් ගමන්කල හැකි අතර ඉන් යානයේ මෙහෙයුම් පරාසය අඩුවීමක් නොවේ. සුපර්කෲස් හැකියාව නවීනතම තාක්ශණයක් වන අතර මෙම තාක්ශණය 4 වැනි පරම්පරාවේ යානා නිර්මාණය කරනවිට ඒවාට ලබාදී තිබූ තාක්ශණයක් නොව ඉතා මෑතකදී නවීකරණය කරමින් සුපර්කෲස් එන්ජින් සවිකොට 4වැනි පරම්පරාවේ යානා වලට අලුත ලබාදී ඇති හැකියාවකි. සාමාන්‍යයෙන් සුපර්කෲස් 5වැනි පරම්පරාවේ යානා වල හැකියාවකි.
Head-up displays (HUD), 

හඩ් යන කෙටි නමින් හැඳින්වෙන හෙඩ්-අප් ඩිස්ප්ලේ යනු නියමූවාට ඉතාම වැදගත් වෙන තොරතුරු නියමුවාගේ මුහුණට තිරස්ව ඉදිරියෙන් ඇති පාරදෘශ්‍ය තිරයක් මත දැක්වීමේ තාක්ශණයයි. මේ අනුව නියමුවාට යානයේ ඩෑශ් බෝඩ් එක හෙවත් ප්‍රධාන පැනලය දෙස නොබලා හිස කෙලින් තබාගෙන යානයේ වේගය, සතුරු යානා හා අවි ආයුධ, ඉන්ධන තත්වය, වේගය, ගමන් කරන උස වැනි තොරතුරු ලබාගතහැකිය. අධික වේගයෙ පියාසරකරමින් සටන්වදිද්දී උපකරණ පුවරුව දෙස බැලීමෙන් නියමුවාගේ අවධානය මොහොතකට හෝ බිඳ වැටීම HUD තිරය මගින් වලක්වාලයි.
ප්‍රහාරක යානයක HUD තිරය. මෙය පාරදෘශ්‍යවන අතරම පැහැදිලිව යානයේ වැදගත් තොරතුරු පෙන්වයි.
Hands On Throttle-And-Stick (HOTAS) controls

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය යනු ප්‍රහාරක යානය සියලුම ප්‍රධාන පාලන ස්විච්, යානය හැසිරවීම, වේගය අඩුවැඩි කිරීම මිසයිල මුදාහැරීම වැනි සියලුම ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ස්වීච හා බොත්තම් අඩංගු පාලන යශ්ඨියකටයි (control stick). මේ අනුව නියමුවාට සිය දෑත යානයේ විවිධ තැන්වල ඇති බොත්තම් හා ස්විච වෙතට ගෙනයමින් සිය අවධානය බිඳ ගැනීමට සිදුවන්නේ නැත. වැදගත් සියලුම ක්‍රියාකාරකම් සිය දෑත් රඳාවගෙන පාලන යශ්ඨිය මත ඇත.

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ උපක්‍රමය නිර්මාණ නිර්මාණය කොට ඇත්තේ නියමුවාට අවධානය බිඳ නොදමාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීම සඳහාය.
රුසියානු සුක්හොයි Su-35 යානයේ හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය

Generation 5 : (2005 to the present)

ප්‍රහාරක ජෙට් යානා පරිනාමයේ පස්වැනි පිම්ම ආරම්භ වුනේ 2005 වසර අගභාගයේදී ලොක්හීඩ්-මාටින් හා බෝයිං සමාගම් ඒකාබද්ධව ඉතා රහසිගතව නිර්මාණය කල F-22 Raptor ස්ටෙල්ත් ප්‍රහාරක යානය ලොවට හඳුන්වාදීමෙන් පසුවයි. සැම අතින්ම විප්ලවීය ලෙස වැඩිදියුණු කොට තිබුණු F-22 යානය පූර්ණ වශයෙන්ම රේඩාර් වලට නොපෙනෙන, අධෝරක්ත සංවේදක වලට පවා හඳුනාගැනීමට අපහසුවන තරමට ජෙට් එන්ජින් වලින් නිකුත් වන අධික ලෙස ගිණියම්වූ සම්පීඩිත වාතය සිසිල් කොට පිටතට යවන, මුලුමනින්ම පරිගණක මගින් පාලනය වන විශ්මිත යානයක් වනවා. මේ යානය පැදවීම සැබැවින්ම නවීන පරිගණක ක්‍රීඩාවක නිරතවීමට සමානයයි නියමුවන් පවසන තරමටම යානය අති නවීන පරිගණක තාකශණයෙන් පුරවා තිබෙනවා.

Lockheed-Martin/Boeing F-22 Raptor on a training mission


F-22 යානය හඳුන්වාදී වසරක් යන්නටත් මත්තෙන් අමෙරිකාව තවත් නවතම 5වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන් වදින යානයක් හඳුන්වාදුන්නා. ලොක්හීඩ්-මාටින් සමාගම මගින් නිර්මාණය කළ මේ යානය F-35  Lightening ලෙස හඳුන්වා තිබෙනවා. මේ  යානය ස්ටෙල්ත් යානයක් වන අතර එය මාදිලි තුනකින් නිපදවා තිබෙනවා. මෙම යානා මාදිලි තුනම එකට ගත්විට එය ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් (Joint Strike Fighter - JSF) ලෙස හඳුන්වනවා.

* F-35A, conventional take off and landing (CTOL) variant. [සාමාන්‍ය ගුවන් යානයක් මෙන් දිගු ධාවන පථයකින් ඉහල නැග්ගවීමේ හා පහලට බැස්ස්විය හැකි මාදිලිය]

* F-35B, short-take off and vertical-landing (STOVL) variant. [ඉතා කෙටි ධාවන පථයකින් ඉහල නැග්ගවිය හැකි හා ධාවන පථයක් නොමැතිව සිරස් අතට හෙලිකොප්ටරයක් මෙන් බිමට බැස්සවිය හැකි මාදිලිය]

* F-35C, aircraft carrier-based variant. (CV) [ගුවන්යානා ගෙනියන නෞකා මතින් ඉහල නැග්ගවීමට හා එම නෞකා මතට ගොඩ බැස්සවීමට නිර්මාණය කල මාදිලිය]




පස්වැනි පරම්පරාවේ යානාවලට 4වැනි පරම්පරාවේ යානාවල ඇති සියලුම හැකියාවන් ඉතා වැඩිදියුණු ආකාරයකින් ඇති අතර ඊට අමතරව පූර්ණ ස්ටෙල්ත් හැකියාව, සුපර්කෲස් පියාසැරියේ යෙදීමේ හැකියාව, පූර්ණලෙසම පරිගණක මගින් පාලනයවන-නියමු රාජකාරි ඉතා පහසුකරවන ලෙස නිර්මාණයකොට තිබීම, චන්ද්‍රිකා හා අවට පියාසර කරන වෙනත් හිතවත් යානාවල (friendly aircraft) පරිගණක සමග ස්වයංක්‍රීයව දත්ත හුවමාරු කරගැනීම මෙන්ම සතුරු යානා පිලිබඳව එකිනෙකාව ස්යංක්‍රීයව දැනුවත් කරගනිමින් ප්‍රහාර සම්බන්ධීකරණය කරගත හැකිය. මේ අනුව පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා පියාසරකරණ පරිගණක ජාල මෙන් ක්‍රියාකරයි. මෙම හැකියාව යුධ තාක්ශන පාරිභාශික යෙදුම් විශ්වකෝශ network-centric combat environment හෙවත් පරිගණක ජාල මූලික සටන් පෙරමුණු ලෙස හඳුන්වයි.

මෙම යානා සතුව ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිෂේශී එන්ජින් තාක්ශණයද අඩංගුකොට ඇත. ත්‍රස් වෙක්ටරින් යනු ජෙට් එන්ජිමක නැසින්නෙන් පිටවන අධි සම්පීඩිත වාතය කෙලින්ම පිටුපසට යොමු නොකට අවශ්‍ය අතටකට යොමු කිරීමේ හැකියාවයි.

ත්‍රස්ට් වෙක්ටරින් තාක්ශණය නිසා සුපර්සොනික් වේගයෙන් පියාසර කරන අතරම යානය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරවීම හා පෙරලීම සිදුකල හැකිය (මෙය දල වශයෙන් මෝටර් රථයක පවර් ස්ටියරිං මගින් වාහනයේ හැරවීම හා මෙහෙයවීම පහසු කරනවාට සමානය, පවර් ස්ටියරිං ඇති වාහනයක් ඉතා පහසුවෙන් හැරවිය හැකි අතර, පවර් ස්ටියරින් නොමැති වාහන හැරවීමේදී රියදුරාට සිය දෑතේ සවිය ඉතා වැදගත් වේ )

අමෙරිකාවේ F-22 හා F-35 යානාවලට රුසියාවෙන් හා චීනයෙන් ප්‍රතිමල්ලවයින්

2005වසරේදී F-22 හා 2006 වසරේදී F-35 යානා හඳුන්වාදීමෙන් පසු පූර්ණ ස්ටෙල්ත් හැකියාව ඇති, ත්‍රස්ට් වෙක්ටරිං හා පූර්ණකාලීන සුපර්කෲස් පියාසැරියේ යෙදිය හැකි පස්වෙනි පරම්පරාවේ  ප්‍රහාරක/සටන්වදින යානා සතුවුනේ අමෙරිකා එකසත් ජනපදයට පමණයි. මේ අනුව අමෙරිකානු ගුවන් හමුදාවට ඉතා විශාල උපක්‍රමීය වාසියක් (strategic advantage) ලැබී තිබුණ. බටහිර යුධ විශේෂඥයින්ගේ ගණන් ඇස්තමේතු වලට අනුව රුසියාවට හෝ චීනයට මෙවැනි යානා නිර්මාණය කිරීමට 2020 පමණවන තෙක් නොහැකි බවට ප්‍රකාශවී තිබුණා. එහෙත් මේ අනාවැකි පුස්සක් කරමින් 2010 ජනවාරි මස රුසියාවේ Sukhoi සමාගම ස්ටෙල්ත් තාක්ශණය සහිත ත්‍රස්ට් වෙක්ටරිං හැකියාවද ඇතැයි සැළකෙන ප්‍රහාරක යානාවක් අත්හදා බැලුවා. Sukhoi  T-50 යනුවෙන් හඳුන්වාදුන් මේ යානාව නියම ස්ටෙල්ත් හැකියාව ඇති F-22 යානාවට හොඳ අභියෝගයක් එල්ල කල හැකි යානාවක් බව පිලිගැනීම අමෙරිකානුවන් මුලින් ප්‍රතික්ශේප කලත් දැන් හෙලිවෙමින් පවතතින තොරතුරු අනුව මේ යානය F-22 යානය හොඳ සටනක් දිය හැකි බලසම්පන්න යානයක් බව පිලිගතයුතුව තිබෙනවා. T-50 යානය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය රුසියානුවන් හඳුන්වන්නේ Perspektivny   Aviatsionny Kompleks - Frontovoy Aviatsiiහෙවත් PAK-FA යනුවෙනි. මෙහි දල තේරුම පෙරමුණු ගුවන් සටන් සඳහා නිර්මාණය කරන අනාගත ගුවන් සැළස්ම යන්නයි.


රුසියානු T-50 ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා T-50 පිලිබඳව පලවුනු Sukhoi T-50 : Russian Stealth Fighterලිපිය කියවන්න


පස්වැනි පරම්පරාවේ චීන සටන්කාමියා Chengdu J-XX

2011 ජනවාරි මස රුසියානුවන් සිය 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානය ඉදිරිපත් කිරීමෙන් පසු කිසිවෙක් නොසිතූපරිද්දෙන් චීනයද 2010 වසරේම දෙසැම්බර් මස මෙතෙක් කල් අතිශය රහසිගතව දියුණු කරමින් තිබූ ස්ටෙල්ත් යානයක් ලොවට හෙලිකලා. ශෙන්ග්ඩූ J-XX ලෙස හඳුන්වනු ලබන මේ යානය ඉතාමත් ඉදිරියෙන් තිබෙන ස්ටෙල්ත් යානයක් බව එම යානයේ පරීක්ශණ පියාසැරි දැක්වෙන වීඩියෝ පරික්ශාකල බටහිර ගුවන් විශේෂඥයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ එය රුසියානුවන්ගේ T-50 යානයටත් වඩා ඉදිරියෙන් තිබෙන බවයි. කෙසේ වෙතත් J-XX යානයේ හැකියාවන් පිලිබඳව තොරතුරු කිසිවක් මේ ලියන මොහොත වෙනතෙක් හෙලිවී නෑ.

Chengdu J-XX ස්ටෙල්ත් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්

පරීක්ශණ පියාසැරියකට සූදානම් වෙන J-XX

මිකොයාන් මිග් ගුවන්යානා සමාගම


~ End ~


6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා ගැන කියවන්න

6th Generation Strike Fighter
දැනට පිලිගෙන ඇති අන්දමට 6වැනි පරම්පරාවේ යානා වසර 2020-2025 අතර   කාළය තුල එළි දැක්වෙන බවට අනාවැකි පලකොට තිබෙනවා. දැනටමත් බෝයිං සමාගම F/A XX යනුවෙන් කේතගත කරනලද 6වැනි පරම්පරාවේ යානාවක සංකල්පිතයක් හඳුන්වාදී තිබෙනවා. එහෙත් 6වැනි පරම්පරාවේ යානා නිපැදවීම පිලිබඳව දැනට කෙරෙන පර්යේශණවලට හා අත්හදා බැලීමේ යානා ගැන සාඛච්ඡා කිරීමට පෙර 6වැනි පරම්පරාවේ යානාවක තිබිය හැකි හැකියාවන් (capabilities) පිලිබඳව  යම් අදහසක් ලබාගෙන සිටිමු.

Capabilities of a 6th Generation Fighter Aircraft

1. No human pilot - An advanced computer with Artificial Intelligence (AI) will pilot the aircraft :ගගනවිද්‍යා විශේෂඥයින් අනාවැකි පලකරන අන්දමට 6වැනි පරම්පරාවේ යානා ස්වාධීනව පියාසරකරමින් මෙහෙයුමක් දියත්කොට ආපසු පැමිණිය හැකි කෘත්‍රිම බුද්ධියකින් යුතු යානා වනු ඇති. බොහෝවිට මෙම යානාවල නියමුවන් සටන් බිමින් ඉතා ඈත බන්කරයක සිටිමින් යානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරනු ඇති අතර ප්‍රහාර එල්ලකිරීමේදී පමණක් යානයට මිසයිල විදීමට හෝ බෝම්බ හෙලීමට අවසරදීම ඔවුන්ගේ රාජකාරිය වනු ඇත. දැනටමත් MQ9 රීපර් නියමු රහිත යානය මෙවැනි යානයකි. එහෙත් 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල වෙනස මේවාට තනිවම සතුරු යානා සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ හැකියාව තිබීමයි. රීපර් වැනි යානා සටන් වදින යානා නොව සැඟවී ඔත්තු බලමින් ඉලක්කය දුටුවුට ප්‍රහාර එල්ලකොට පලායන යානාවේ. 6වැනි පරම්පරාවේ යානාවල කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක  මිනිස් නියමුවෙකුට වඩා දක්ශලෙසත් ඉතා නිවැරදි ලෙසත් සටන් වදිනු ඇතයි අනාවැකි පැවසේ.

මිනිස් නියමුවන් රහිතවීමේ තවත් වාසියක් නම් මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරමේ අධික ත්වරණ වලට හා ගුරුත්ව බලවලට (G Forces) ලක්වන අන්දමෙන් යානය මෙහෙයවීමේ හැකියාවයි. ඉතා අධික අත්වරණ ( acceleration) වලදී හා අධික ගුරුත්ව බලවලදී නියමුවාගේ මොලයට රුධිර ගමනඅඩාල වී ඔහු සිහි නැතිවීමට හෝ මොලයේ සියුම් ලේ නහර පුපුරා ඔහු මිය යාමට හෝ  ඉඩ තිබේ.

2. Two model concept - A 6th generation fighter will come as a dual model concept, one model is AI piloted model and other with human pilots : 6වැනි පරම්පරාවේ යානා නිර්මාණය පිලිබඳව තිබෙන තවත් සංකල්පයකට අනුව මේ යානා මාදිලි දෙකකින් නිර්මාණය වනු ඇත. එක් මාදිලියක් කෘත්‍රිම බුද්ධිය සහිත, ස්වාධීනව පියාසර කරමින් සටන් වැදිය හැකි යානාවේ. දෙවන මාදිලිය නියමුවන් සහිත මාදිලියයි. නියමුවන් සහිත යානා පරමාණු බෝම්බ වැනි රෝබෝවෙකුට වගකීම දිය නොහැකි මහත් විනාශකාරී අවිආයුධ රැගෙන යන යානා වනු ඇති අතර රොබෝ යානා මිනිස් නියමුවන් සහිත යානාවලට ආරක්ශාව සපයමින් ඒවා ඉලක්කය වෙත ගෙනවාමට උපකාරී වනු ඇත අතර සතුරු යානා සමග සටන් වැදීම, මිසයිල ප්‍රහාරවලින් මිනිස් යානා ආරක්ශාකිරීම, සතුරු රේඩාර් හා ආරක්ශක ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම වැනි රාජකාරි සිදුකරනු ඇත.

3. Engines will be powered by alternative fuels such as methane or hydrogen : 

ෆොසිල ඉන්ධන හිඟවෙමින් පවතින නිසාත් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව කෙරෙන පර්යේෂණ වේගයෙන් ඉදිරියට යන බැවිනුත් 2020-2025 කාළය තුලදී එලිදැක්වෙන 6වැනි පරම්පරාවේ සමහර ප්‍රහාරක යානා හෝ අඩුම ගණනේ විශාල බෝම්බ හෙලන යානා හයිඩ්‍රජන් හෝ මීතේන් වැනි විකල්ප බලශක්තිවලින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

4. Blended wing design :

 බ්ලෙන්ඩඩ් වින්ග් ඩිසයින් යනු මුලු යානාවම අත් තටු පුරා පැතිරුණු ආකාරයෙන් නිර්මාණය කිරීමයි. මෙවැනි යානාවලට පිටුපස වලිග කොටස (rudder) හෝ ඉදිරිපසින් තිබෙන කුඩා අත්තටු (canards) හෝ නොමැත.. මෙවැනි යානාවකට දැනට දිය හැකි හොඳම උදාහරණය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවයි. අනාගතයේ සියලුම ප්‍රහාරක යානා මේ අන්දමට නිර්මාණය වනු ඇතැයි සැලකෙන්නේ මෙම යානාවලට රේඩාර්වලින් සැඟවී ගමන් කිරීමට ඇති හැකියාව නිසයි.


5. 3D thrust vectoring engines : 

3D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණයට අනුව එන්ජිමෙන් නිකුත්වෙන සම්පීඩිත වාතය  එන්ජිම පිහිටුවා ඇති අක්ශයට සාපේක්ශව ඕනෑම අතකට යොමුකල හැක. ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය නිසා ප්‍රහාරක යානා යානය හැරවීමට යොදාගන්නා රඩර් හෙවත් වලිග කොටස නොමැතිව නිමාණය කල හැකි අතර ඉතාවේගයෙන් හැරවීම සිදුකල හැකිය. දැනට 5වැනි පරම්පරාවේ යානාවලට 2D ත්‍රස්ට් වෙක්ටරිං එනම් එන්ජිමේ පීඩනය ද්විමානව එනම් උඩට හෝ පහතට යොමුකරවමින් පියාසර කිරිමේ හැකියාව ඇත. F-22, F-35, සුක්හොයි Su-37 මෙවැනි 2D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය අඩංගුකල යානාවේ. 

දැනට ත්‍රිමාණ ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ මට්ටමේ ඇති අතර බෝයිං/මෙසර්ශ්මිට් X-31 ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හා නාසා ආයතනයේ F-15 ACTIVE (Advanced Control Technology for Integrated VEhicle) ව්‍යාපෘතිය මේ පිලිබන්දව පර්යේශණ පවත්වයි.

Boeing/Messerschmidt X-31 3D Thrust Vectoring Experimental Aircraft


6. Rear-facing radar 

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අනිවාර්‍යයෙන්ම අඩංගුවෙතැයි බලාපොරොත්තුවෙන තවත් අංගයක් නම් පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ගුවන්යානයක රේඩාර් යන්ත්‍රය නියමුකුටියට ඉදිරියෙන් යානයේ නාසය කොටසේ (nosecone) පිහිටා ඇත.  පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකින් යානය පසුපසින් හඹා එන සතුරු යානා හා මිසයිල හඳුනාගෙන ආරක්ශක පියවර ගැනීමට නියමුවාට හා යානයේ පරිගණකවලට පහසුවෙනවා.

Main Radar of Sukhoi Su-35

7. Helmet Mounted Display Systems & Sensory Fusion

6වැනි පරම්පරාවේ යානාවලට 4/5වැනි පරම්පරාවේ යානාවල ඇති HUDතිරය වෙනුවට හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සිස්ටම් (Helmet Mounted Display System) හෙවත් නියමු හෙල්මටයට ඇතුලත් කරනලද දර්ශණ පද්ධතියකින් සමන්විත වනු ඇත. මෙවැනි දර්ශණ පද්ධති නියමු රාජකාරි පහසුකරන අතර යානයේ ඇති සියලුම කැමරා, රේඩාර් හා අනෙකුත් සංවේදක වලින් ලැබෙන තොරතුරු සංකලිත කොට හෙල්මටයේ වයිසර් (helmet visor) මත ප්‍රක්ශේපණය කොට පෙන්වනු ඇත.මෙලෙස සියලු සංවේදක වලින් ලැබන තොරතුරු එකට සංකලිත කොට දැක්වීම sensory fusion ලෙස හඳුන්වයි. Sensory Fusion 6වැනි පරම්පරාවේ යානාවල විශේෂිත හැකියාවකි.

මේ අනුව නියමුවාට රාත්‍රීකාලයේ නයිට් විශන් පහසුකම ලැබෙන අතර, දිවා, රාත්‍රී හෝ ඕනෑම කාළගුණ තත්වයක් යටතේ හෙල්මටයේ ඇති සංවේදක මගින් නියමුවාගේ දෑස් යොමුවන ස්ථාන පිලිබඳව අවධානයෙන් සිට (eye tracking) එම ස්ථානයට අදාල වැදගත් තොරතුරු ක්ශණිකව තිරය මත දිස් කරනු ඇත. උදාහරණයක් ලෙස නියමුවා තිරයේ දිස්වෙන සතුරු යානාවක් පෙන්වන අයිකනය (icon) දෙස දෑස් යොමුකල විට එම යානය පිලිබඳ පූර්ණ තොරතුරු එනම් පියාසර වේගය, පියාසර උස, තිබෙන දුර පිලිබඳව තොරතුරු HMDS පද්ධතිය මගින් තිරයේ දිස් කරන අතර යානයේ මිසයිල පවා එම සතුරු යානය වෙත එල්ලකොට නියමු අණ ලැබෙනතුරු කල්බලයි.

8. Flight Management Systems with artificial intelligence (AI) 

6වැනි පරම්පරාවේ යානාවලට කෘත්‍රිම බුද්ධියෙන් යුතු පියාසැරි හා ප්‍රහාර පාලන පද්ධති (flight & fire control systems) අඩංගුවනු ඇතැයි අනුමාන කෙරේ. මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට මිනිස් නියමුවෙකු තරම්ම ස්වාධීනව කටයුතු කල නොහැකි වුනත්, යානයේ පාලන කටයුතු, සතුරු යානා, මිසයිල ගැන අවධානයෙන් සිටීම, යානයෙන් නිකුත්කරන මිසයිලවලට මගපෙන්වීම, සතුරු රේඩාර් හා ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම, අවට පියාසරකරන මිතුරු යානා, නියමු රහිත යානා හා චන්ද්‍රිකා සමග සම්බන්ධවී යුධ බිමේ තොරතුරු හුවමාරු කරගැනීම වැනි කටයුතු නියමුවාගේ මැදිහත්වීමකින් තොරව සිදුකල හැකිය.

9. Whole skin 360 degree radar 

දැනට අනුමාන කරන අන්දමට සමහර 6වැනි පරම්පරවේ යානාවල මුලු පිටත පෘශ්ඨයම රේඩාර් ඇන්ටෙනාවක් මෙන් ක්‍රියාකරනු ඇත. මෙහි ඇති වාසිය යානයට අංශක 360ක වපරිසයක සිදුවන දෑ පිලිබඳව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. මෙය ගුවන් සටන් වලදී විශාල උපක්‍රමීය වාසියක් ලබාදෙයි.

එහෙත් මෙවැනි සැකැස්මක අවාසි කිහිපයකුත් ඇත. පලමුවැන්න නම් සතුරු වෙඩිප්‍රහාරයක් යානයට එල්ලවුවහොත් රේඩාර් ඇන්ටෙනාව අබලන්වී යානාව ලෙහෙසියෙන් සතුරු ඉලක්කයක් බවට පත්වීමයි. දෙවැන්නනම් රේඩාර් ඇන්ටෙනාවේ අලුත්වැඩියාවන් කිරීමට යානයේ පිටත පෘශ්ඨය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කිරීමට සිදුවීමයි. මෙය කාලය හා ශ්‍රමය අධික ලෙස වැයවෙන කටයුත්තකි.

10. Mach 5-10 super-cruise speeds with combined turbo-jet/scramjet engines

දැනට F-22 හා F-35 යානාවලට මක් 2.5-3.0 අතර උපරිම වේගයක් එනම් ශබ්දයේ වේගය මෙන් 2.5-3.0 අතර උපරිම වේගයක් ඇත. 6වැනි පරම්පරාවේ යානාවලට මක් 5 සිට ඉහලට උපරිම වේග තිබිය හැකි බවට අනාවැකි පලවෙයි. මෙවැනි වේගයන් සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජින් වලින් ලබාගත නොහැකිය. මේ සඳහා ස්ක්‍රැම් ජෙට් (supersonic combustion ramjet) වැනි නවීන ජෙට් එන්ජින් අවශ්‍යවේ.

ස්ක්‍රැම් ජෙට් එන්ජිමක ඇති විශේෂත්වය නම් එය ක්‍රියාත්මක වීම සඳහා එන්ජිමට ඇතුලුවන වාතය සුපර්සොනික් වේගයෙන් ඇතුලුවිය යුතුවීමයි. මේ සඳහා එන්ජිම සවිකල යානය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරමින් පැවතිය යුතුය. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට ධාවනපථයේ නිසලව තිබෙන යානයක් ගුවන්ගත කිරීමේ හැකියාව නොමැත. එහෙත් ශබ්දයේ වේගයෙන් යන යානාවකට ශබ්දයේ වේගයමෙන් 5ගුණයේ සිට 25ගුණය දක්වා වේගයක් ලබාදීම ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට කල හැකිය.

දැනට ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලබාගෙන ඇති උපරිම වේගය මක් 9.2 හෙවත් ශබ්දයේ වේගයමෙන් 9.2ගුණයකි. නාසා ආයතනයේ X-43 නියමු රහිත පර්යේශණ ස්ක්‍රැම් ජෙට් යානය මෙම වාර්තාව තබා ඇත. X-43 යානයට ආරම්භක වේගය ලබාදී ඇත්තේ රොකට් බූස්ටරයක් ආධාරයෙනි. මීට අමතරව බෝයිං සමාගමේ X-51 ස්ක්‍රැම් ජෙට් යානය මක් 6ක වේගයක් වාර්තාකොට ඇත.

ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ප්‍රායෝගිකව ප්‍රහාරක යානයකට ඇතුලත් කිරීම සඳහා ඇති භාදකය නම් යානයට මූලික සුපර්සොනික් වේගය ලබාගන්නේ කෙසේද යන ගැටලුවයි. මෙයට විසඳුමක් ලෙස සංයුක්ත ටර්බෝජෙට්/ස්ක්‍රැම් ජෙට් වර්ගයේ ජෙට් එන්ජින් පිලිබඳව පර්යේශණ පැවැත්වෙන බව දැනගන්නට ලැබේ. මෙහිදී එන්ජිම මුලින් ටර්බෝ-ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාකරමින් නිසලව තිබෙන යානය ගුවන්ගත කොට සුපර්සොනික් වේගය ලබාදෙයි. ඉන් අනතුරුව එය ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගනී.

12. Active Optical Camouflage

ඇක්ටිව් ඔප්ටිකල් කැමොෆ්ලෑජ් යනු යානය සතුරු ඇස් වලින් වසන් කිරීමේ සක්‍රීය උපක්‍රම අඩංගු වීමයි. සක්‍රීය කැමෝෆ්ලෑජ් උපක්‍රම සඳහා හොඳම උදාහරනය කටුස්සා සිය පරිසරයේ හැඩයට පැහැය වෙනස් කරගැනීමයි.

ස්වභාව ධර්මය කටුස්සාට පරිසරයේ හැඩයට අනුව පාට වෙනස්කරගෙන සැඟවී සිටිමේ අවස්ථාව ලබා දී ඇති අතර මිනිසා ඊටත් වඩා ඉදිරියට ගිය, එනම් සැබැවින්ම ඇසට යම් වස්තුවක් ඇසට නොපෙනන ආකාරයට ආලෝකය එය තුලින් විනිවිද යන්නාසේ පෙනෙන ආකාරයේ නිපැවුම් දැනටමත් කරතිබෙනවා.

මින් වඩාත්ම ප්‍රචලිත වන්නේ ටෝකියෝ විද්‍යාලයේ පර්යේශකයින් නිර්මාණ්ය කොට ඇති ""invisible cloak හෙවත් අඳින්නාට විනිවිදභාවය ලබාදෙන කබායයි.


ඡායාරූපයේ පෙනෙන්නේ තවමත් පර්යේශණ මට්ටමේ තිබෙන මේ කබාය ඇඳගත් පුද්ගලයේකුගේ සිරුර හරහා ඔහුගේ පිටුපසින් එන පුද්ගලයින්ගේ හැඩරූ පෙනෙන ආකාරයයි. මෙය තවත් වැඩිදියුණු කලවිට අනාගත විශේශ බලකා සෙබලුන් හට හා 6වැනි පරම්පරාවේ යානාවලට 80%-90% අතර ප්‍රමාණයේ විනිවිදභාවයක් ලබාදිය හැකිබව පැවසෙනවා.


6th Generation Aircraft Projects

6වැනි පරම්පරාවේ ගුවන්යානා නිපැදවීමේ ව්‍යාපෘති ගණනාවක් අමෙරිකා එක්සත් ජනපදය තුල සිදුවෙනවා. මෙම ව්‍යාපෘති සියල්ලම පාහේ ප්‍රධාන ආයතන තුනක් හරහා ක්‍රියාතමක වෙනවා. 1] අමෙරිකානු ගුවන් හමුදාව 2] නාසා ආයතනය 3] ඩාර්පා (Defense Advanced Research Projects Agency - DARPA) ආයතනය. මෙම ආයතන තුනයි. මෙම ආයතන හරහා ක්‍රියාත්මකවෙන ව්‍යාපෘති කිහිපයක් ගැන දැනගනිමු.

* DARPA Falcon Project

ඩාර්පා ෆෝල්කන් ව්‍යාපෘතිය හයිපර් සොනික් වේගයෙන් ගමන්කල හැකි යානාවක් නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතියකි. මෙය අමෙරිකානු ගුවන් හමුදාව හා සිදුකෙරෙන හවුල් ව්‍යාපෘතියක් වන අතර මේ ව්‍යාපෘතිය මගින් නිර්මාණය කල නවතම පර්යේශණ යානය Falcon HTV-2 හෙවත් Hypersonic Test Vehicle - 2 යන්නයි.

HTV-2 යානය 2010 අප්‍රේල් 22 මුල්වරට ගුවන්ගත කරන ලද අතර එම පර්යේශණ පියාසැරිය අසාර්ථක විය. තවත් HTV -2 පියාසැරි කිහිපයක් 2011 වසර සඳහා සැලසුම්කොට ඇත.

මීට අමතරව HTV-3X යනුවෙන් තවත් ෆෝල්කන් පර්යේශණ ගුවන්යානයක් නිර්මාණය කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබේ. ඉතා අධික වේගයක් ඇති HTV යානා ව්‍යාපෘතියේ අවසාන අරමුණ අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන්පථයකින් ගුවන්ගතවී පැය දෙකක් ඇතුලත ලෝකයේ ඕනෑම රටක්වෙත ලඟාවී ප්‍රහාරයක් එල්ලකොට නැවත අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් කඳවුරකට ගොඩබැස්සවිය හැකි යානයක් නිපදවීමයි.


* Boeing X-51Waverider

එකසත් ජනපද ගුවන් හමුදාව, ඩාර්පා ආයතනය, නාසා ආයතනය හා බෝයිං ගුවන්යානා සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරන X-51 වේව් රයිඩර් ව්‍යාපෘතිය තවත් හයිපර්සොනික් ගුවන්යානා පර්යේෂණ ව්‍යාපෘතියකි. 2010 මැයි 26 වැනිදා X-51 යානයක් රොබෝ නියමුවෙකුගේ පාලනය යටතේ ශබ්දයේ වේගයමෙන් 6ගුණයක වේගයකින් පියාසරකොට වාර්තාවක් පිහිටවූයේය.

මෙම යානා වේව්-රයිඩර් නම් විශේෂ වායුගතිවිද්‍යාත්මක (aerodynamic) සිද්ධාන්තය මගින් සිය පියාසර හැකියාව (lift) උපරිම කරගනී. ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් ගුවන්යානයක් සුපර්සොනික් හෝ ඊට වඩා වේගවත් හයිපර්සොනික් වේගයෙන් පියාසරකරන විට අධිකවේගයෙන් යන යානය හා වාතය හා ගැටීමේදී බාධකයක් හටගනී. ශබ්දයේ වේගය ඉක්මවන්නට තැත්කරන ගුවන්යානාවක් ඉදිරියෙන් හටගන්නා සවුන්ඩ් බැරියර් ලෙස හඳුන්වන මෙම බාධකය බිඳගෙන ශබ්දයේ වේගය ලබාගත යුතු අතර යානය මෙම වායු භාධකය බිඳගෙන ඉදිරියට ඇදෙන විට පිපුරුම් ශබ්දයක් ඇසේ. මෙම පිපුරුම් ශබ්දය සොනික්-බූම් ලෙස හඳුන්වයි. සොනික් බූම් යනු සැබැවින්ම පිපුරුමක් නොව ගුවන් යානය වායු-භාදකය බිඳින විට ඇතිවන ප්‍රභල කම්පන තරංගයකි.

වේව් රයිඩර් යානා මෙම කම්පණ තරංග ආධාරයෙන් ගුවනේ රැඳී සිටිය හැකිවෙන ලෙස නිමවා ඇති යානා වර්ගයකි. කම්පණ තරංග ආධාරයෙන් ගමන් කරන බැවින් ඒවාට වේව්-රයිඩර් යන නාමය ලබාදී ඇත.

* Aurora (අව්රෝරා)

අව්රෝරා යානය සිත්තරෙකුගේ ඇසින්


අව්රෝරා යනුවෙන් ගගනවිද්‍යාලෝලීන් හා පර්යේශකයින් නම්කොට ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සතුව ඇතැයි සැකකෙරෙන, එහෙත් අමෙරිකානු රජය හා ගුවන් හමුදාව තමන් සතුව නැතැයි දැඩිලෙස ප්‍රකාශකරන ගුවන් යානයකි. ශබ්දයේ වේගය මෙන් 3 ගුණයක වේගයෙන් පියාසරකල හැකි, SR-71 බ්ලැක් බර්ඩ්ඔත්තු බලන යානය විශ්‍රාම ගැන්වීමෙ පසුව එයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇතැයි සැලකෙන මේ යානය මක් 6-8 දක්වා වේගයකින්  පියාසර කල හැකි හයිපර් සොනික් වර්ගයේ යානයක් බව පැවසේ.

 එහෙත් මෙවැනි යානයක් අමෙරිකාව සතුව ඇතැයි තවමත් නිශ්චිත ලෙසම සනාථවී නැතත් මෙවැනි යානයක අත්හදා බැලීමේ පියාසර බවට සැලැකිය හැකි අත්භූත යානා දර්ශණයවීම් ගණනාවක් ගැන තොරතුරු අමෙරිකාවෙන් වාර්තාවෙනවා.


* Ayaks (Soviet Union / Russia)

අයැක්ස් යනු සෝවියට් දේශය සමයේදී ආරම්භ කර තවමත් දියුණුකරමින් පවතිනා විප්ලවීය ප්‍රවාලන පද්ධතියක් ඇති ගුවන් යානයකි. ලැබෙන තොරතුරු වලට අනුව පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් හයිපර්සොනික් වේගයෙන් පියාසරක කල හැකි මෙම යානාවට අධිකවේගයෙන් යාමට අවශ්‍ය අමතර ජවය මැග්නීටෝ හයිඩ්‍රෝඩයිනැමික් ජෙනරේටර් නම් උපකරණයක් හරහා එන්ජිමට ඇතුලුවන අයනීකරනයවුනු වාතය (පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් ඇති වායුගෝලයේ වාතය බොහෝ සෙයින් අයනීකරණයවී ඇත) සම්පීඩනය කොට ඉන්ධන සමග දහනය කොට ලබාගනී.

අයක්ස් ව්‍යාපෘතියේ එන්ජින් තවමත් නිර්මාණය කෙරෙමින් පවතින නිසා පියාසරකල හැකි පර්යේශන යානාවක් තවමත් නිමවා නොමැත.





බෝයිං F/A XX 6වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන්වදින යානාව යනු තවමත් නිර්මාණ මට්ටමේ පවතින වසර 2020-2025 කාලපරාසය තුල අමෙරිකානු ගුවන් හා නාවික බලකා සඳහා අනුයුක්ත කරගැනීමට සැළසුම් කර ඇති අති නවීන යුධ ගුවන්යානාවකි. මේ යානයේ නාමය තුල XX යනුවෙන් සඳහන් කොට ඇත්තේ එය තවමත් පර්යේශණ මට්ටමේ හෙවත් experimental තත්වයේ පවතින බැවිනි. F/A යනුවෙන් සඳහන් කොට ඇත්තේ Fighter/Attack හෙවත් ප්‍රහාරක/සටන්වදින යන යානයේ කාර්‍යභාරය ඇඟවීමටයි.

National Geographic Traveler - ඡායාරූප තරඟය 2013

$
0
0

සෑම වසරකම පැවැත්වෙන නැෂනල් ජියෝග්‍රැෆික් සමාජයේ (National Geographic Society) නැට්ජියෝ ට්‍රැවලර් සඟරාව (National Geographic Traveler)මගින් මෙහෙයවන "නැට්ජියෝ ට්‍රැවලර් ඡායාරූප තරඟය"මෙවරත් පැවැත්වින. 2013 අප්‍රේල් මස පලමුවැනිදා ඇරඹුනු මේ තරඟයේ ඡායාරූප භාරගැනීම ජූනි 30 වැනිදායින් අවසන් විය. මේ කාළය තුල 15,500කට අධික ඡායාරූප සංඛ්‍යාවක් තරඟය වෙත ඉදිරිපත්කල අතර මේ ඡායාරූප (1) Travel Portraits, (2) Outdoor Scenes; (3) Sense of Place; and (4) Spontaneous Moments ලෙස කාණ්ඩ 4කට වර්ගීකරණය කොට නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ විධායක ඡායාරූපකරණ අධ්‍යක්ශකවරුන් හා තවත් සම්මානලාභී ඡායාරූප ශිල්පීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් අගැයිමට බඳුන්කොට ජයග්‍රාහකයින් තෝරන ලදී.

 මෙහිදී අගැයිමට බඳුන්වුනු ඡායාරූප කිහිපයක් ඔබගේ රසවින්දනය වෙනුවෙන් ඉදිරිපත් කරමු...

සැ:යු: මේ සියළු ඡායාරූපවල අයිතිය නැෂනල් ජියෝග්‍රැෆික් සමාජය සතුය. (Note: National Geographic Society is the copyright owner of all photographs shown here.)

[1]

ඡායාරූපය : මහා බාධක කොරල්පරය අසල, නැගෙනහිර ඔස්ට්‍රේලියාව
ඡායාරූප ශිල්පියා : ක්‍රිස්ටියන් රොත්

[2]

ඡායාරූපය : සහරා කාන්තාරයේ ජීවත්වන ෆෙනෙක් නම්වූ කාන්තාර හිවල් පැටවෙකු (The fennec, or desert fox)
ඡායාරූප ශිල්පියා : ෆ්‍රැන්සිස්කෝ මින්ගොරන්ස්

[3]

ඡායාරූපය : දකුණු අයිස්ලන්තයේ දර්ශණයක්
ඡායාරූප ශිල්පියා : ෆ්ලොරින් සුකෝ

[4]

ඡායාරූපය : ලොඩියන් (jellyfish) රෑනක් සමග පිහිණන කිමිදුම්කාරිය, බහාමාස් දිවයින්, දකුණු ඉන්දීය කොදෙව් දූපත්
ඡායාරූප ශිල්පියා : චියාන් චොන්ග්

[5]


ඡායාරූපය : දින කිහිපයක් වයසැති ජෙන්ටූ පෙන්ග්වින් පැටවුන්, ඇන්ටාක්ටිකාව.ඡායාරූප ශිල්පියා : රිචර්ඩ් සිඩ්ලි

[6]

ඡායාරූපය : ඔස්ට්‍රේලියාවේ කැරිජිනී ජාතික වනෝද්‍යානය මෙවැනි ගල් පොකුණු (rock pools) හා ගිරිදුර්ග වලට ප්‍රසිද්ධය.
ඡායාරූප ශිල්පියා : ඉග්නේෂියෝ පැලසියෝස්

[7]

ඡායාරූපය : මෙම කුඩා දැරිය සිය පියාව දකින්නේ සත් මසකට පසුවය. අමෙරිකානු නාවික හමුදා නිළධාරියෙකුවූ ඔහු පර්සියානු ගල්ෆ් කළාපයේ සත් මසක නාවික මෙහෙයුමකින් පසුව පැමිණි මොහොත, සැන් ඩියේගෝ නුවර, කැලිෆෝනියාව
ඡායාරූප ශිල්පියා : අමීර් ඇබ්‍රමොවික්

[8]

ඡායාරූපය : සංචාරකයින්ගේ වාහන හොඳින් හුරුපුරුදු මේ චීටාවන් කාචයට හසුවූයේ කෙන්යාවේ මසායි-මාරා ජාතික වනෝද්‍යානයේදීය.
ඡායාරූප ශිල්පියා : යනායි බොන්හේ

[9]

ඡායාරූපය : ධාන්‍යයකට සමවැදී මෙන් පියානෝ වාදනයට සවන්දෙන කුඩා දැරිය, ක්වීන්ස්ටවුන්, නවසීලන්තය
ඡායාරූප ශිල්පියා : නිකොලා සෙමර්නික්

[10]

ඡායාරූපය : සැඟවසිටීමේ දක්ශයෙකු වන Eastern Screech Owl බකමූණා, ඔකිෆෙනෝකී වගුරුබිම, ජෝර්ජියා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූප ශිල්පියා : ග්‍රැහැම් මැක්ජෝර්ජ්

උතුරු කොරියාව දේශීයව නිර්මාණය කලබව කියන ස්මාර්ට්ෆෝනයක් හඳුන්වාදෙයි!!!

$
0
0
උතුරු කොරියානු ස්මාර්ට්ෆෝනය ලෙස මාධ්‍යයට ඉදිරිපත්කල දුරකථනයේ ඡායාරූපය - බැලූබැල්මට මෙය ඇන්ඩ්‍රොයිඩ් OS එකකින් බලගැන්වෙන බව පෙනේ.. 


තම රට තුල නිෂ්පාදනය කළ පළමු ස්මාර්ට් දුරකතනය වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිදු කරන ලද කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවකදී මෙම නවතම ස්මාර්ට් දුරකතනය ඔහුට පිලිගන්වන ලදැයි වාර්තා වේ.

අරිරැංග් නමින් නම් කර ඇති මෙම ස්මාර්ට් දුරකතනය නිපදවීම,උතුරු කොරියානු ජනතාවට තම රටේ නිෂ්පාදන කෙරෙහි නැඹුරුතාවයක් ඇති කිරීමේ තීරණාත්මක කඩඉමක් වනු ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය පවසයි.

කෙසේවෙතත් සැම්සුන්ග්, එල්.ජී වැනි තාක්ශණික දැවැන්තයින් සිටිනා දකුණු කොරියානු වාර්තාවලට අනුව මෙය උතුරු කොරියාවේ සම්පූර්ණයෙන්ම නිපදවන ලද දේශීය උතුරු කොරියානු නිමැවුමක් නොව, චීනයේ කොන්ත්‍රාත් ක්‍රමයට නිශ්පාදනයන් සිදුකරන සමාගමක් හරහා ගෙන්වාගත් එකක් එනම් බාල චීන නිශ්පාදනයක් මෙන් මෙන් පෙනෙන බවයි.

සීයා, තාත්තා හා පුතා අනුපිලිවෙලින් රාජ්‍ය බලය හොබවූ/හොබවන උතුරු කොරියාවේ දැඩි කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්ති නිසා තවමත් ගොන් කරත්ත යුගයේ සිටින රටකි. න්‍යශ්ඨික බෝම්බ, මිසයිල හා රොකට තනන බව සත්‍ය වුවත් ඒ බොහොමයක් තාක්ශණය පවා රුසියාවෙන් හා චීනයෙන් ලබාගෙන, ජනතාව බඩගින්නේ තබමින් දුකසේ දියුණු කරගත් තාක්ශණයන්ය. ඒවා වුවද බටහිර තාක්ශණය හා සසඳන විට යල්පැන ගිය තාක්ශණ වේ. එවැනි පසුගාමී ආර්ථිකයක් හිමි රටක් එක්වරම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය කලහැකි ජංගම දුරකථනයක් දේශීයව නිපැයුවායි විශ්වාස කිරීම උතුරු කොරියානු ජනතාවට පමණක් සිදුකල හැකි දෙයකි.

ස්මාර්ට්ෆෝන් ගණයේ ජංගම දුරකථනයක් නිමැවීම සඳහා අවශ්‍යය ප්‍රොසෙසරය, ස්පර්ශ සංවේදී වීදුරුව, LED තිරය, ෆ්ලෑශ් මෙමරි, 2G/3G හඬ හා දත්ත සම්ප්‍රේෂණ පරිපථ, සෙන්සර්, GPS පරිපථ යනාදී සියගණනක් අධිතාක්ශණික උපාංග නිපදවීමට අවශ්‍ය තාක්ශණය මෙන්ම නිශ්පාදන හැකියාව උතුරු කොරියාව කෙසේ ලබාගත්තාදැයි ඔවුන් විස්තර කරන්නේ නැත. කියන්නේ තමන් ස්මාර්ට්ෆෝනයක් නිපදවූවා යන්න පමණකි. ස්මාර්ට්ෆෝනයක් කෙසේවෙතත් ටැලිෆෝනයක් හෝ කිසිදා දැක නැති අහිංසක උතුරු කොරියානු වැසියන් නම් මෙවැනි සුරංගනා තාක්ශණික ජයග්‍රහණ විශ්වාස කරනු ඇත.

කලක සිට මෙවැනි අධිතාක්ශණික විජ්ජා පෙන්වීමට ඉරාණයද පුරුදු වී සිටියි. ඉරාණයේ ඉස්ලාමීය තාක්ශණය හිටි අඩියේ ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්වය්ංක්‍රීය ඩ්‍රෝන යානා, සන්නිවේදන චන්ද්‍රිකා පමණක් නොව, වඳුරෙකු උඩුගුවනට ගෙනයා හැකි අභ්‍යකාශ යානාද පහල කරයි.

පහත සේයාරූ වලින් පෙනෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජන්ග් අන්, උතුරු කොරියානු ස්මාර්ට්ෆෝන් ෆැක්ටරියේ නිරීක්ශණ චාරිකාවක නිරතවන ආකාරයයි. සිනාවට කාරණය නම් ඔහු ෆැක්ටරිය තුල සිටින්නේ ෆැක්ටරි මැනේජර්ලා, ඉන්ජිනියර්ලා, ප්‍රඩක්ට් ඩිසයිනර්ලා, ප්‍රෝගැමර්ලා වටකරගෙන නොව හමුදා කඳවුරකදී මෙන් ජෙනරාල්ලා වටකරගෙනය.

එක්කෝ උතුරු කොරියාවේ ස්මාර්ට්ෆෝන් හදන්නට දන්නේ ජෙනරාල්ලාය, නැතිනම් ජෙනරාල්ලා ස්මාර්ට්ෆෝන් හදන ආකාරය ජනාධිපති-කොළුවාගෙන් ඉගෙනගන්නවාය. කලක් ස්විට්සර්ලන්තයේ පාසැලක ඉගෙනගත් කිම් ජන්ග් උන් ජනාධිපතිතුමා සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළ පැමිණි විද්වතෙකු බව උතුරු කොරියානු මාධ්‍ය නිරන්තරයෙන් කියා සිටින්නේය. එබැවින් මේ උතුරු කොරියානු ස්මාර්ට්ෆෝනයද එතුමාගේ සංකල්පයක් අනුව, එතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, එතුමාගේ ජෙනරාල්ලා නිශ්පාදනය කල එකක් විය යුතුය.








වසර 3000කට පෙර ශ්‍රී ලංකාවෙන් කුරුඳු ගෙන ගිය මධ්‍යධරණී ෆිනීශියන්වරු

$
0
0
ෆීනිශියන්වරුන් ගොඩනැගූ ලෝකඩ යුගයේ සිශ්ඨාචාරයක් වන ටෙල් ඩෝර් සිශ්ඨාචාරයේ නගරයක නටබුන්. මෙම ප්‍රදේශය නූතන ඊශ්‍රායලයේ පිහිටා තිබේ.
Credit: Photo by Lang Gito, CC Attribution 2.0 Generic


අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධවූයේ ලොව හොඳම කුරුඳු සඳහාය. ශ්‍රී ලංකාව හා මධ්‍යධරණී මුහුදේ ටෙල් ඩෝර් ප්‍රදේශයේ (නූතන ඊශ්‍රායලය ) මුල්බැසගත් ෆීනීෂියන් සිශ්ඨාචාරයක වෙළඳුන් ලොව හොඳම කුරුඳු සොයා මීට වසර 3000කට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇති බවට සාධක බව එම පුරාවිද්‍යා ප්‍රදේශයෙන් හමුවී තිබේ. ටෙල් ඩෝර් ප්‍රදේශයේ සිශ්ඨාචාරය ඇරඹුනේ ලෝකඩ යුගයේ, එනම් මීට වසර 3000කට පෙර බව විද්වත් මතයයි. මධ්‍යධරණී මුහුදට මුහුණලා පිහිටි මෙම ප්‍රදේශයේ එකල ඉතා වැදගත් නාවික තොටුපොලක් තිබූ අතර ටෙල් ඩෝර් සිශ්ඨාචාරයේ නිර්මාපකයින් අති දක්ශ මුහුදු යාත්‍රිකයින් වන ෆීනීශියන්වරුන් බව විශ්වාස කෙරේ.

Journal Mediterranean Archaeology and Archaeometry පුරාවිද්‍යා ශාස්ත්‍රීය සඟරාවට නිබන්ධනයක් ඉදිරිපත් කරන Weizmann Institute of Science, Tel Aviv University,  University of Haifa විශ්වවිද්‍යාලවල      පර්යේශකයින් පිරිසක් ටෙල් ඩෝර් ප්‍රදේශයේ නාගරික ප්‍රදේශයක් නටබුන් අතුරින් සොයාගන්නා ලද මැටි බඳුන් විශ්ලේෂණය කිරීමේදී මේ අනුමානයට සාක්ශි සොයාගෙන ඇත.

මෙම මැටිබඳුන් රසායණික විශ්ලේශණයකට බඳුන් කිරීමේදී ඒවා වසර 3000ක් පැරණි බවත් ඒවායේ ඉස්තරම් වරගයේ කුරුඳු ගබඩාකොට තිබූ බවත් සොයාගෙන ඇත. එම භාජනතුලින් සිනමැල්ඩිහයිඩ් (cinnamaldehyde) නම් රසායණිකය හමුවී ඇත. මෙම භාජන තුල කුරුඳු ගබඩාකොට තිබීමේදී කුරුඳුවලට එහි රසය හා සුවඳ දෙන රසායණිකය වන සිනමැල්ඩිහයිඩ් උරාගෙන තිබේ. මේ කුරුඳු ඉස්තරම්ම තත්වයේ ඒවා බවත්, ඊශ්‍රායලයට ආසන්නයේ ඇති අප්‍රිකානු රටවලද කුරුඳු ඇතත් එම කුරුඳු ශ්‍රී ලංකාවෙන් හා දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවලින් ලැබෙන කුරුඳු වලට වඩා තත්වයෙන් බාල බවත් පවසන පර්යේෂකයෝ වසර 3000කට පෙර ශ්‍රී ලංකාව වැනි ඉස්තරම් කුරුඳු හමුවන රටවල් සමග මෙම ශිෂ්ඨාචාරය වෙලඳ ගණුදෙනු සිදුකරන්නට ඇතැයි අනුමාන කරති.

Source : Evidence of 3,000-Year-Old Cinnamon Trade Found in Israel

බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි!

$
0
0
කැලිෆෝනියාවේ රාජ්‍ය බහුතාක්ශණික විශ්වවිද්‍යාලයේ touch surface තාක්ශණය අත්හදා බැලෙන අයුරු.

ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන ස්ලයිඩ් මාරු කිරීම අයිපෑඩයක මෙන් අතින් කල හැකිනම් කෙතරම් අගේදැයි සිතා ඇතුවාට සැක නැත? වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන මට එලෙස සිතෙන වාර අනන්තය. ස්ලයිඩ් මාරු කිරීම, ස්ලයිඩ් එක මත පැහැදිලි කිරීම් සඳහා අතින් හෝ ස්ටයිලස් එකකින් රූපසටහනක් හෝ කටු සටහනක් ඇඳීමේ හැකියාව ඇත්නම් මාගේ දේශන වඩාත් පහසුවෙන් මෙන්ම සිසුනට උගැනීම තවත් පහසුවෙන ආකාරයට කල හැකිය.

මේ සඳහා ස්මාර්ට්-බෝඩ් නම් තාක්ශණයක් ඇති අතර, එම ස්මාර්ට් බෝඩ් එක ස්පර්ශ සංවේදී පෘශ්ඨයකින් යුතුය. එය මතට ප්‍රසෙන්ටේශණයක් ප්‍රක්ශේපණය කලවිට, එම පෘශ්ඨය ස්පර්ශ සංවේදී බැවින් ප්‍රසෙන්ටේශණය මෙහෙයවීම හා සටහන් ඇඳීම පරිගණකයට අත නොතබා කල හැකිය. විදෙස් රටක ඉගැන්වීම කරද්දී මෙවැනි ස්මාර්ට් බෝඩ් භාවිතා කිරීමේ අවස්ථාව මට ලැබුණත්, පෞද්ගලිකව මා ස්මාර්ට්-බෝඩ් භාවිතයට අකමැති වූයේ එය ඉතා කරදරකාරී මෙන්ම, මිලෙන් ඉතා අධික, ගෙවන මිලට එතරම් උපයෝගීතාවයක් ලබා නොදෙන උපකරණයක් බැවිනි. එය භාවිතා කල හැක්කේද ස්මාර්ට්බෝඩ් එකක් සවිකල දේශණ ශාලාවකදී පමණකි.

එහෙත් දැන් ඕනෑම තැනක් ස්මාර්ට් ටච් ස්ක්‍රීන් පෘශ්ඨයක් කල හැකි තාක්ශණයක් බිහිවී ඇතිබව ඇසීම සතුටට කරුණක් වූ බැවින්, විස්තරයක් ගෙන එන්නට සිත්වුනි.

කැලිෆෝනියාවෙන් ලැබෙන වාර්තා අනුව Ubi Interactive නම් සමාගම සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් හරහා ඕනෑම පෘශ්ඨයක් ස්පර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කල හැකි මෘදුකාංගයක් බිහිකර ඇත. එම සමාගමේ පැහැදිලි කිරීම්වලට අනුව, ප්‍රොජෙක්ටරයකින් දසුනක් ප්‍රක්ෂේපණය කල හැකි ඕනෑම පෘශ්ඨයක් (බිත්තියක්, ප්‍රොජෙක්ටර් තිරයක්, මේසයක්) සර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කොට එයට අයිපෑඩ් (හෝ වෙනත් ටැබ්ලට්/ස්මාර්ට්ෆෝන් යන්ත්‍රයක ) ටච්-ස්ක්‍රීන් තිරයක ක්‍රියාකාරිත්වය ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මෘදුකාංගය දිවෙන වින්ඩෝස් 7 හෝ 8 පරිගණයකයක්, සාමාන්‍ය ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා මයික්‍රෝසොෆ්ට් X බොක්ස් ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරයක් පමණකි.

මයික්‍රොසොෆ්ට් X බොක්ස් පරිඝණක ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරය.
මෙය මගින් ත්‍රිමාණ අවකාශයේ භාවිතා කරන්නා සිදුකරන චලන හඳුනාගෙන එම චලනවල දත්ත පරිගණකයට ලබාදේ. ක්‍රීඩා කරන්නා සිය දෑත් මෙහෙයවන ආකාරය නිරීක්ශණය කරන මෙම සෙන්සරය එම චලන X බොක්ස් යන්ත්‍රයට ලබාදී ක්‍රීඩකයාට උවමනා ආකාරයට ක්‍රීඩාව මෙහෙයවීමේ හැකියාව ලබාදෙයි.
මෙම සෙන්සරය, පරිගණකය හරහා යූබී සමාගමේ මෘදුකාංගය හා සම්බන්ධ කලවිට, එය ප්‍රක්ෂේපණ තිරය මත භාවිතා කරන්නාගේ දෑත් සිදුකරන චලන නිරීක්ශණය කොට, එම දත්ත මෘදුකාංගයට ලබාදෙන අතර, එයට අනුරූපව පවර්-පොයින්ට් ප්‍රසෙන්ටේශන් එක ක්‍රියාකරවීමට මෘදුකාංගය සමත්වෙයි. ඒ අනුව භාවිතා කරන්නාට සිය බිත්තිය ස්පර්ශ සංවේදී තිරයක් ලෙස ක්‍රියා කරන බව හැඟේ.

Ubi Interactive සමාගම මෙම මෘදුකාංගය හා පද්ධතිය නිර්මාණය කොට ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගම වෙනුවෙනි.

Viewing all 1261 articles
Browse latest View live
<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>