Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1261 articles
Browse latest View live

අපේ සැඟවුණු තාක්ශණය : පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද?

$
0
0

වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක්‌ පමණ ගමන් කළ තැන්හි හමුවන "මාළිගාවිල" පුදබිමට ඇතුළුවිය හැකිය.

මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක්‌ ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක්‌ එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක්‌ වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස්‌ අතර පළල අඩි 10 ක්‌ පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක්‌ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.

මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක්‌ නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක්‌ සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක්‌ බවට විශ්වාසයක්‌ ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස්‌ ශිල්පීය ඥනය හා ශක්‌ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්‍ෂියක්‌ ලෙස මෙය දැක්‌විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති.

1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක්‌ ද පැවැසේ.

පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්‌ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ට උත්සාහයෙනි. කැඩී බිඳී ගොස්‌ තිබූ කැබිලි නව තාක්‍ෂණය ඔස්‌සේ එකලස්‌ කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක්‌ නැවත ඔසවා ස්‌ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක්‌ තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක්‌ නොමැතිවය. වෙනකක්‌ තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. ප්‍රතිමාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක්‌ දක්‌වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. 

ඉහත දැක්වෙන්නේ 2009 වසරේදී දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේමාළිගාවිල බුද්ධ ප්‍රතිමාව හා එහි ප්‍රතිසංසකරණය පිලිබඳව දැක්වූ විස්තරයකි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වෙබ්ඩවියෙහිද, මාළිගාවිල ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කොට නැවත සිටුවීමේ මහා කර්තව්‍යය පිළිබඳව විස්තරයක්හා ඡායාරූප ඇතුලත්කොට ඇත. එම වෙබ් අඩවියට අනුව, ඉන්ජිනේරු සංස්ථාව සාර්ථකව නිමකල දැවැන්ත ව්‍යාපෘති වලින් එකකි මාළිගාවිල පිළිමය නැවත සිටුවීම.

Photo credit : Sri Lanka Engineering Corporation
මේ සඳහා පලමු උත්සාහය දරා ඇත්තේ 1974 වසරේදී වන අතර එය අසාර්ථක වූයේ එතරම් අතිවිශාල බරක් එසවිය හැකි දොඹකර එම ස්ථානයට ගෙනයාමේ අපහසුව/ලංකාව තුල සොයාගැනීමේ අපහසුව නිසාය. දළ ඇස්තමේන්තුවලට අනුව හිස පමණක් ටොන් 50ක බරකින් යුතුවිය. මුළු පිලිමය ටොන් 100ක් බර බව සඳහන් වුවද එය ඉතා දළ ඇස්තමේතුවක් බවත් හිස පමණක් ටොන් 50ක් නම්, සම්පූර්ණ පිලිමය ටොන් 100කට වඩා විශාල බරකින් යුතුවිය බව ලේඛකයාගේ මතයයි.

මාළිගාවිල ප්‍රතිමාව පිලිබඳ වැදගත් දත්ත කිහිපයක් සාරාංශ ලෙස බලමු...

1. පිළිමය නෙළා ඇත්තේ තනි හිරිගල් කුට්ටියකිනි

2. දළ ඇස්තමේන්තු අනුව එහි බර ටොන් 100 ඉක්මවයි

3. පිළිමය නෙළීමට ඇවැසි එතරම් විශාල හිරිගල් පර්වත එම ප්‍රදේශයේ නැත.

4. එනම් පැරණි හෙළයා මේ අති දැවැන්ත හිරිගල් පර්වතය වෙනත් තැනකින් කපා මෙතැනට ගෙනැවිත් සිටුවා පිළිමය නෙළා ඇත.

5. පිළිම කර්මාන්තය කරවා ඇත්තේ 7වැනි සියවසේ (මීට වසර 1400කට පෙර ) රුහුණු රටෙහි රජකල අග්ගබෝධි නම් බළසම්පන්න ප්‍රාදේශීය රජෙකු විසිනි.

සාකච්ඡාව

1. ප්‍රාදේශීය රජෙකුට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදුකල හැකිනම් ඉන් පැරණි හෙළයා පිලිබඳව ගම්‍යවන කරුණු මොනවාද?

* මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ශණික ඥාණය රටතුල හොඳින් මුළ් බැසගෙන තිබිය යුතුය - එනම් පැරණි හෙළ ඉංජිනේරු ශිල්පය හොඳින් ව්‍යාප්තව තිබිය යුතුය, එවා උගන්වන ශික්ශණායතන, උගත් ශිල්ප ප්‍රගුණ කිරීමට විශාල ව්‍යාපෘති හා ඒවායේ බරපැන දැරීමට ධනවත්, නැණවත් පාළකයින් සිටිය යුතුය.

* මෙවැනි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට අතිවිශාල ධන සම්භාරයක් ඇවැසිය - ප්‍රාදේශීය රජෙකුට එවැනි ප්‍රාග්ධනයක් යෙදවිය හැකිව තිබුණානම් එදා රුහුණු රාජ්‍යය  කෘෂි/ අභ්‍යන්තර වෙළඳ/ අපනයන වෙළඳ ආර්ථිකයකින් අතිශයින්ම සමෘධිමත්ව සිටියා විය යුතුය. දිළිඳු යටත් වැසියන් පාළණය කරන ප්‍රාදේශීය රජෙකුට මෙවැනි ආයෝජනයක් කිසිසේත් සිදුකල නොහැකිය.

* එපමණක් නොව, රුහුණු රට මෙන්ම රටෙහි අනෙකුත් සියලු ප්‍රාදේශීය රාජ්‍යයන්ද සමෘධිමත් රාජ්‍යයන් විය යුතුමය. කළාව, තාක්ශණය, ශිළ්පීය ඥාණය දියුණු වන්නේ ආර්ථික වශයෙන් සමෘධිමත් රාජ්‍යයන් තුල මිස දුගී රටවල්වල නොව - අද බටහිර තාක්ශණයේ දියුණුවේ රහසද ඔවුන්ගේ ආර්ථික සමෘධියයි.


2. මෙවැනි ව්‍යාපෘතියකට ඇවැසි තාක්ශණය හා ශිල්පීය දැනුම (සරල විශ්ලේෂණයකි)

* ටොන් 100ක් බල ගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් නොකැඩී ප්‍රවාහණය කිරීමට ඇවැසි ප්‍රවාහණ තාක්ශණය (transportation technology) කොතරම් දියුණු එකක් වූයේදැයි සිතා ගැනීමට පවා නොහැකිය. 

* මෙවැනි ගල් පර්වතයක් කෙලින් සිටුවා ප්‍රවාහණය කල නොහැකිය. එනම් එය කපා, දික් අතට තබා ප්‍රවාහණය කොට, නැවත කෙළින් සිටුවා පිළිමය නෙළු බවට උපකළ්පණය කල හැකිය. මේ සඳහා කොතරම් දියුණු යාන්ත්‍රික ඉංජිනේරු තාක්ශණයක් (mechanical engineering) පැරණි හෙළයා සතුවූවාද?
  1. ටොන් 100ක ගලක් කෙලින් සිටුවන්නට ඇවැසි දොඹකර තාක්ශණය? 
  2. ඒ සඳහා භාවිතා කල කඹ කොතරම් ශක්තිමත් විය යුතුද? 
  3. ඔසවා කෙලින් කරන්නට ඇවැසි බළය ලබාදුන්නේ කුමණ ආකාරයක යන්ත්‍රයකින්ද?
  4. යන්ත්‍රයේ (හෝ මිනිස් ශ්‍රමයේ ) බළය වැඩිකිරීමට, පාළණය කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලීවර හා කප්පි පද්ධති (pulley system) වැනි ඉන්ජිනේරු ශිල්ප තාක්ශණය පැරණි හෙළයා ඉතා හොඳින් ප්‍රගුණ කොට තිබුණා විය යුතු නොවේද?

* මෙවැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘතියක් කළමණාකරණය කිරීමට දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් සිටිය යුතුමය - පැරණි හෙළයන් දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් (project managers) හා සැළසුම්කරුව්න් (project planners) සිටි බවට රටපුරා විහිදී ඇති විහාර දහස් ගණනක් කර්මාණ්තවලින් තහවුරු නොවේද?

* මාළිගාවිල සංකීර්ණය නිර්මාණය කරන්නට ඇත්තේ කොතරම් දක්ශ වාස්තු විද්‍යාඥයින් (architects) විසින්ද? එවැන්නන් හෙළයන් අතර හිඟ නොවන්නට ඇත්තේ අනෙක් ශිල්ප මෙන්ම වාස්තු විද්‍යාව හදාරන්නටද පැරණි හෙළ තාක්ශණික සිප්හල් (technical colleges) තිබූ නිසා වන්නට බැරිද?

* පැරණි හෙළ වාස්තු විද්‍යාඥයින් හට මෙවැනි හපන්කම් කරන්නට නම් ඔවුන් හා වැඩකල හැකි දක්ශ මිනින්දෝරුවන් (surveyers) හා අපටම ආවේනික ඉතා නිවැරදි මිනුම් තාක්ශණයක් (survey technology) තිබිය යුතුම නොවේද? අදටත් කුඩා ගෙපැලක් තනන්නට පෙරද මුලින්ම සිදුකරන්නේ මිනින්දෝරුවෙකු ගෙන්වා ඉඩම මැන මිනින්දෝරු සැලැස්ම අනුමත කරගැනීම නොවේද? අද මෙන්ම එදාද එසේමය

* මේසා විශාල ඉදිකිරීම් කර්මාණ්තයක් සාර්ථකව නිමකිරීමට ඉන්ජිනේරු හා අනුබන්ධ තාක්ශණයන් දියුණුව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඕනෑම ඉන්ජිනේරු ව්‍යාපෘතියක සාර්ථකත්වයේ එක් පාදමක් වන්නේ සාර්ථක මූල්‍ය කළමණාකරණයයි (finance management). මෙවැනි ඉදිකිරීමක් සැළසුම් කිරීමේදී මුලින්ම සිදුවන්නේ BOQ එකක් හෙවත් Bill of Quantities එනම් ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (උදා: ගල්, වැළි, පස්, ගඩොල්) යනාදියෙහි හා අවශ්‍ය මිනිස් සම්පත් (කම්කරුවාගේ සිට සියලුම වර්ගයේ තාක්ශණික ශිල්පීන් දක්වාම )ඉතා විස්තරාත්මක අය්තම ලැයිස්තුවක් සකසා හැකිතාක් නිවැරදිව සෑම අයිතමයකටම බරපැන ඇස්තමේන්තු කිරීමයි.

* ව්‍යාපෘති සැළසුම්කරුවන් මෙය (BOQ) ගණුදෙනුකරුවාට (මේ අවස්ථාවේදී එම ගණුදෙනු කරුවා ප්‍රාදේශීය රජෙකු විය) ලබාදෙන අතර අනුමැතියෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේ වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම, වියදම් පාළනය, සිය ගණනක් සැපැයුම්කරුවන්හට ගෙවීම, දහස් ගණනක් ශ්‍රමිකයන් හට ගෙවීම, එම ගෙවීම් ලේඛනගත කොට රජුට (හෝ රජුගේ භාණ්ඩාගාරිකට) ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නට ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක සොරකම් වංචා සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසා ඒවා වැලැක්වීම සඳහා සංකීර්ණ මූල්‍ය කළමණාකරන උපක්‍රම භාවිතාකරන්නට ඇත.  

* මේ සියලුම තාක්ශණයන්ගේ මූලික පාදම කුමක්ද? - උත්තරය ගණිතය යන්නයි. හොඳින් දියුණුවූ ගණිතමය ඥාණයක් නොමැතිව මේ කිසිවක් සිදුකල නොහැකිය. සකල විධ ඉන්ජිනේරු ශිල්පයන් හා මූල්‍ය කළමණාකරණය එකට බැඳ තබන පොදු සාධකය වන්නේ ගණිතයයි. ආදි හෙළයා අතර ඉතා දක්ශ ගණිතඥයින් බොහෝ සිටින්නට ඇත.

පැරණි හෙළයාගේ සැඟවුණු තාක්ශණය හා ආර්ථික සමෘධිය

රුවන්වැලි සෑයේ සිට, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහා ප්‍රාසාදය, අවුකන පිළිමය, ගල්විහාරය හා මාළිගාවිල සංකීර්ණය දක්වා ඇති සියළු හෙළ සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තයන් කිසිවක් නූතනයේ mathematics, architecture, mechanical engineering, project management, project planning, surveying, finance management (මෙම ලැයිස්තුවට තව බොහෝ තාක්ශණයන් ඇතුලත්විය යුතු බව සළකන්න) ලෙස හඳුන්වන තාක්ශණයන් හොඳින් ප්‍රගුණ නොකල ජාතියකට සිදුකල නොහැකිය. ගණිතය, විද්‍යා-තාක්ශණය මෙන්ම සකළවිධ කළාවන්ද දියුණු වන්නට නම් ඒ ජාතිය ධනවත්/සමෘධිමත් ජාතියක් විය යුතුමය. 

එනම් ආදි හෙළය ඉතා සමෘධිමත්, ටොන් 100ක හිරිගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් ගෙනගොස් සිටුවා පිලිම නෙලා රෝහලක්ද සහිතව මහා විහාර කර්මාණ්තයකයකට (එනම් ලාභ නොලබන අලෞකික ව්‍යාපෘතියකට) මුදල් කන්දරාවක් යෙදවිය හැකි තරමේ ධනවත් ප්‍රාදේශීය රජුන් සිටි රටකි.

~ // ~

ප.ලි - 

එහෙව් ඉතිහාසයක් ඇති අපේ සිංහල ජාතිය අද ගැහැණියකට නිදහසේ ජීවත්වන්නට බැරි, පියා (නැතහොත් සුළු පියා හෝ මවගේ සොර මිනිහා) ළදරුවන් දූශණය කරන, වාහනයේ ෆිනෑන්ස් ගෙවන්නට බිරිඳ ගණිකා වෘත්තියේ යොදවන පාපතරයින්ගෙන් පිරි නිවට රටක් බවට පත්වූයේ කෙසේද? - කෙසේවුවත් වරද දෙමළාගේ හෝ තම්බියාගේ හෝ ක්‍රිස්තියානිකාරයාගේ හෝ බටහිර සුද්දන්ගේ නොවන බව පමණක් කියමි.


COMMENTS

අද ඉඳන් හරි රටේ දරුවන්ගේ ආකල්ප හදන්නෙ නැත්නම් මේ රට ඉවරයි.. ඉන්න උං වැඩක් නැ.. අනාගත පරපුර හරි හදන්න ඕනා.. ඒවා කරලා හම්බ කරන්න බෑනෙ... ඒ නිසා අපි ණයට හයිවේ... නැව් නැති වරාය.. ප්ලේන් නැත් ගුවන්තොටුපොල හදනවා - Kanishka | කණියා















පාහියන්ගලින් හමුවූ ඇටසැකිල්ල වසර 12,000ක් පැරැණියි

$
0
0
Photos Courtsy : Lankadeepa |අලුතින්ම මතුවූ මිනිස් සැකිල්ල

මේ වසර මුල බුලත්සිංහල පාහියන්ගල ගල් ලෙනේ සිදුකළ පුරාවිද්‍යා කැණීමේදී සොයාගත් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඇටසැකිල්ල අවුරුදු 10,000ත් 12,000ත් අතර කාලයට අයත් බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කාලීන රසායනාගාරය දන්වා තිබේ.

මෙරට ප්‍රාග් ඓතිහාසික කැණීමකදී සොයාගත් අංග සම්පූර්ණ මානව ඇට සැකිල්ල පාහියන්ගලින් හමුවූ අතර එය වැඩිදුර ඇගැයීම හා සංරක්‍ෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියට යවනු ලැබීය.

ලෝක ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය ටොම් හිග් හැම් මහතා විසින් මේ කාලනිර්ණ පර්යේෂණ මෙහෙය වන ලදී. අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ඩේට්න් ටෙක්නික් නම්  නවතම තාක්‍ෂණය මේ ඇටසැකිල්ලේ කාලනිර්ණය සඳහා ඔක්ස්ෆර්ඩ් කාලීන රසායනාගාරය යොදා ගෙන තිබේ. වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවැසුවේ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමේදී හමුවූ මේ ඇට සැකිල්ල ඉතා දුර්වල තත්ත්වයක පැවැති බවය.

දැනට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරන පර්යේෂණ නිමවූ පසු එය තහවුරු කොට සංරක්‍ෂණය සඳහා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට බාරදීමට නියමිතය.

මෙයට ප්‍රථමයෙන් කුරුවිට බට‍ෙදාළ ලෙන, බළන්ගොඩ, බෙල්ලන්බැඳි පැලැස්ස, කෑගල්ල, අලු ලෙන ආදී ස්ථානයන්හි සිදුකළ ආදී ස්ථානයන්හි සිදුකළ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලදී වසර 13,000 සිට 27,000 දක්වා ගැනෙන මානව අවශේෂ සොයාගෙන ඇතත් දැනට අප සතුව පවතින අංග සම්පූර්ණ ආදි මානව ඇටසැකිල්ල වන්නේ පාහියන්ගල මානව ඇට සැකිල්ල බවද ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය.

නවීන මානවයා පිළිබඳව සාකච්ඡා කරනවිට අවුරුදු
ලක්ෂයකට පෙර නවීන මානවයා අප්‍රිකාවේ නැඟෙනහිරින් බිහිවී දැනට අවුරුදු 80,000කට පෙර සීනායි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත් තවත් කොටසක් ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වාත් විහිද ගිය බව තහවුරු කරගෙන තිබේ.

මෙහිදී වඩා වැදගත් වන දකුණු පිවිසුම් මාර්ගය අරාබි වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාවට, ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.

1986 දී පාහියන් ලෙන කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8 ක් ලෙස හඳුනාගෙන කැණීම් කළ අතර පිහිටිගල දක්වා කැණීම සිදුවිය.

2012 මේ සිදුකරන ලද කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව ඉතා සියුම් ලෙස පස් තට්ටු 131 කට ලෙස වෙන් කරගෙන පස් තට්ටු සියල්ලෙදීම හමුවූ අගුරු කාල නිර්ණය සඳහා යැවීමට කටයුතු කොට ඇති බව කැණීම් බාර ඬලධාරියා ලෙස කටයුතු කරන විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී එල්. බී. මෙල් මහතා ප්‍රකාශ කර සිටියේය.


නව කාල නිර්ණ වාර්තාවක් සඳහා කළ කැණීමේදී මෙවර හමුවූ මානව ඇටසැකිල්ල පාහියන් ලෙනෙන් හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. වළක් තුළ තැන්පත් කිරීමක් නොවන මේ මානව ඇටසැකිල්ල පොළොව මතුපිට තැන්පත් වීමකි. ගල් ලෙනේ මතුපිට මට්ටමේ සිට මීටර් 1 සෙන්ටිමීටර් 40 පමණ ගැඹුරින් හමු වූ මෙම මානව ඇටසැකිල්ලේ හිස 2010 - 11 පාහියන් ලෙන කැණීමේදී දක්න ලැබුණ බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරිහු ප්‍රකාශ කරති. විශ්ව කීර්තිධර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයකු වන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මානව ඇටසැකිල්ල කාන්තා ඇටසැකිල්ලක් වන බවට අදහස් ප්‍රකාශ කොට ඇත.

මානව සැකිල්ල නිරීක්ෂණය කළ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ වර්තමාන පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇටසැකිල්ලේ දත් ගෙවී යාම අස්ථිවල ඝණත්වය, වැඩීමේ ස්වභාවය අනුව මෙම සැකිල්ල වයස අවුරුදු 20 ක පමණ අයකුගේ බව තීරණය කර ඇත. මේ පුද්ගලයා අඩු වයසින් මිය යාම පිළිබඳව තොරතුරු ද විමර්ශනයට බලාපොරොත්තු වන බව කැණීම් බාර නිලධාරී ද මෙල් මහතා ප්‍රකාශ කරයි.

මානව සැකිල්ලෙහි උකුළු ප්‍රදේශය හා පපුව ප්‍රදේශය මත ඇති ගල් දෙක පිළිබඳව පුරාවිද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත. මියගිය තැනැත්තා සිරුර මතට ගල් අතහැරීම හේතුවෙන් මිය ගියා ද? චාරිත්‍රයක් ලෙස මිය ගියාට පසු සිරුර මත ගල් තැන්පත් කළා ද? එසේත් නැත්නම් පසුකාලීනව එතැන ජනාවාසයක් බවට පත්වීමේදී සිරුර මත ගල් තබා ළිපක් ලෙස භාවිත කළා ද යන්න පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් සොයා බලනු ඇත.

ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ සතුන් පුළුස්සා කෑ ගිනිමැල රැසක් පාහියන් ලෙනෙහි දක්නට ඇති බවයි. මේ ප්‍රදේශයේ සිටි අතීත මානවයා ආහාරයට ගත් සතුන් 800 කගේ පමණ අවශේෂ ලෙන කැනීමේදී හමුවූ බව ප්‍රකාශ කළ දිසානායක මහතා ඒ අතර කටුස්සා ගේ අවශේෂ ද අලි පැටවකු ගේ දතක් ද බංගලාදේශ ව්‍යාඝ්‍රයකුගේ අස්ථි කොටසක් ද ගවරා ගේ දතක් ද රයිනෝසිරස් ගේ ඇඟිල්ලක කොටසක් ද වන බව ප්‍රකාශ කරයි.

බුලත්සිංහල පාහියන් ලෙනේහි අද වැතිර නිදන්නේ හෝමෝ සාපියන් සාපියන් හෙවත් නූතන මානවයාගේ ආදිතම මිත්තනියකි. ඇගේ ඇටසැකිල්ල තැන්පත් වී ඇති ආකාරය අනුව නිරුපද්‍රිතව එතැනින් ඉවත් කිරීමේ හැකියාවක් නැති බව කැණීම් භාර නිලධාරියා පවසයි. ඊට හේතු වී ඇත්තේ ඇගේ සැකිල්ලට යටින් ඇති පසෙහි වැලි ගතිය වැඩිවීම සහ ඊට යටින් ඇති ගල හා පස් තට්ටුව අතර ඉඩ ප්‍රමාණය අවම වීමයි. හුංගම විණිඇතිලියෙ ‘මැණික් හාමි’ නිරුපද්‍රිතව අපි ගත්තට පාහියන් ගල සැකිල්ල නිරුපද්‍රිතව ගන්න අප සතු තාක්ෂණය මදි. නමුත් අපට දැනුම තියෙනවා. සැකිල්ල නිරුපද්‍රිතව තිබෙන ස්ථානයෙන් ඉවත්කර ගැනීමට අපි යුරෝපීයන්ගේ සහය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට සැකිල්ල පිළිබඳව පර්යේෂණ කිරිමටත් ආරාධනා කරන්න අදහස් කරනවා. ඉන් අපට විශාල ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ යුරෝපීයන් මැදිහත් වීම හේතුකොට ගෙන ලැබෙන ප්‍රතිචාර හා ප්‍රචාරය. දැනටමත් ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානය පාහියන්ගල ලෙනට යොමු වෙලා. ඒ නිසා අපේ දේශයේ ඓතිහාසික අගයක් හමුවූ සම්පූර්ණ සැකිල්ලේ ඓතිහාසික අගයත් ඉහළ යනවා” යි ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය.

එම පර්යේෂණ බිම කැණීමේදී අපේ අතීත ඥාති සමූහයා ආහාරයට ගත් සත්ත්ව හා ශාක අවශේෂ හමුවූ බවත් ගස් බෙල්ලන් ගේ කටු සහ අළු ද වල් දෙල් ඇටි කෙසෙල්, ගින්දර දැල්වීමට යොදාගත් කැකුණ ඇට කටුස්සා, ඉත්තෑවා, හබන් කුකුළා, වලි කුකුළා, තලගොයා හා සර්ප විශේෂයන්ගේ අස්ථි කොටස් පිඹුරා, හෝතඹුවා, වඳුරා, අලියා, ගවරා, දිය බෙල්ලන්, හා මිරිදිය මසුන්ගේ අවශේෂ කොටස් ද මේ ස්ථානයෙන් හමු වී ඇති බව දකුණු පළාත් පුරාවිද්‍යා කැණිම් නිලධාරී එස්. එම්. සුසන්ත මහතා පැවැසීය.

මධ්‍ය ශිලා යුගයට අයත් ජා්‍යාමිතික හැඩයෙන් යුත් ශිලා මෙවලම් සතුන්ගේ ඇට භාවිතයෙන් සකසා ගත් උල් ආයුධ ද හමු වී තිබේ.

මේ ආදි මිත්තනිය වැතිර සිටින ගල් ලෙන පාහියන් ප්‍රධාන ගල් ලෙනට ආසන්න කුඩා ගල් ගෙයක් වන බව පවසන සෙනරත් දිසානායක මහතා එතැනින් හමු වූ ලුණු බෙල්ලා අවුරුදු 37000 කට ඈත අතීතයේ මානවයා මුහුද සමඟ ගනුදෙනු කළ බවට ද ලුණු භාවිත කළ බවට ද සාක්ෂි දරන බව ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන් තොරව පවතිද්දී පාහියන් ලෙන ප්‍රධාන ගුහාවේ මතුපිට පස් තට්ටුව අඩි තුනක් පමණ ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පැවැසු සෙනරත් දිසානායක මහතා එසේ ඉවත් කළ පස් තිබෙන තැන හඳුනාගෙන ඇති බවත් එම පස් පුරාවිද්‍යාත්මක කැණීමකට ලක්කොට සැකය තහවුරු කරගන්නා බවත් ඇතැම් විට එතැනින් වැදගත් සාක්ෂි සපයා ගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය. එම ප්‍රධාන ගල් ගුහාවේ දැනට පිහිටි පොළොවේ සිට අඩි 18 යට දී ඇඹරුම් ගලක් පමණක් හමු වී ඇත. ඉන් යට පස් තට්ටුව පිළිබඳව අවධානය යොමු කිරීමට පුරාවිද්‍යා කැණීම් අංශය බලාපොරොත්තු වේ.

වත්මන් කැණීමේදී හමුවූ පූර්ණ මානව සැකිල්ල ඉවත් කිරීමෙන් පසු එතැනින් යට පස් තට්ටුව කැණීමට අවධානය යොමු කරන බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කැණීම හේතු කොටගෙන ලංකාවේ නවීන මානවයා ගේ හෙවත් හෝමෝ සාපියන් සාපියන් ගේ ඉතිහාසය තවත් ඈතට දිව යනු ඇතැයි පැවැසීය.

මේ යොවුන් අතීත මිත්තනිය දැක බලා ගැනීමට අප බොහෝ පි‍්‍රය කළ ද යුරෝපීය පුරාවිද්‍යාඥයන් ලංකාවට පැමිණෙන තෙක් ඇය වටා බැම්මක් බැඳ ඈ වැලි අතුරා වසා දැමීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ශිරාන් දැරණියගල මහාචාර්ය වරයා ඇතුළු පිරිස අදහස් කළේය.

http://www.sundaytimes.lk/120624/uploads/Pahiyangala-Graphic.jpg
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික කැණීම් ව්‍යාපෘතිය භාර නිලධාරී, වෙදගේ මංජුල චානක ඔෂාන් මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“මේක 2007 ඉඳන් අඛණ්ඩව පැවතගෙන එන ව්‍යාපෘතියක්. අපේ කැණීම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මූලික අභිප්‍රාය වුණේ දැනට ලෝකයේ ඇති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් පාහියන්ගල පර්යේෂණ කැණීම් මධ්‍යස්ථානය ඉතා හොඳ කාල නිර්ණයකට ලක්කර මෙම ස්ථානය ලෝකයේ ඉහළම ස්ථානයකට රැගෙන ඒමයි. එතුමාගේ උපදෙස් හා අදහස් අනුව කළ මේ පර්යේෂණවලින් අපිට මේ සුවිශේෂී ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම ඉතා හොඳින් ආරක්ෂා වෙච්ච මානව සැකිල්ලක්.

මෙම සැකිල්ලට අමතරව වසර 30,000 කටත් වඩා පැරණි වූ ප්‍රාග් ඓතිහාසික මානව හා සත්ත්ව කොටස් අපිට හමු වී තිබෙනවා. ඒවා මඟින් මේ වන විට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර පුරුදු, සිරිත් විරිත්, ඒ කාලයේ තිබුණු දේශගුණික රටාවන්, වෘක්ෂ ප්‍රජාව, ඉපැරණි සත්ත්ව ප්‍රජාව ගැන වගේම ඉපැරණි මෙවලම් ගැනත් තොරතුරු රැසක් අපිට දැනගන්න හැකි වුණා.”
පැරැණි ම පස්‌ තට්‌ටුවල කාලය වර්ෂ 1986 කැණීම්වලට අනුව වසර 37000ක්‌ තරම් ඈතකට යනවා. මේ නූතන කැණීම්වලින් වසර 37000කට වඩා ඈතකට යන පස්‌ තට්‌ටු හඳුනා ගන්න ලැබේ වි. මේ පර්යේෂණවලින් මේ ගල් ලෙන වසර 37000කට වඩා පැරැණි යෑයි තීරණය වුණොත් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙනට පාහියන්ගල සමාන වේ වි. මෙතෙක්‌ කරපු පර්යේෂණවලින් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙන තමයි පැරැණි ම ගල් ලෙන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. වසර 2005 කරපු පර්යේෂණවලට අනුව කුරුවිට බටදොඹ ලෙන පාහියන්ගල ලෙනට සමකාලීන වෙනවා. එම ගල් ලෙනේ ආදිතම පස්‌ තට්‌ටු අදින් වසර 37000ත් වසර 12000ත් දක්‌වා තරම් ඈත කාලයකට දිව යනවා. බටදොඹ ලෙනෙන් හමු වුණ මේ කාල පරාසයට අයත් පස්‌ තට්‌ටු පාහියන්ගලට බෙහෙවින් සමානයි. 

පාහියන්ගල පහතරට තෙත් කලාපයේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ මුහුද ආශ්‍රිතව පිහිටි මුහුදට වඩාත් සමීප ප්‍රදේශයක්‌. මේ මානවයන් ගේ ජීවන රටාවෙන් හා ඒ අවට සාධකවලින් පැහැදිලි වන දෙයක්‌ තමයි අදින් වසර 40000කට පෙර පහත රට ප්‍රදේශයේ ඝර්ම කලාපීය වර්ෂා වනාන්තර තිබුණු බව. ඒ බැව් මේ කැණීම්වලින් පැහැදිලි වෙනවා. මෙයින් පැහැදිලි වන තවත් දෙයක්‌ තමයි මේ මානවයා ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල තිබුණු අභියෝග ජයගෙන ජීවත් වූ අයෙක්‌ බව. ඒ බව මේ ගල් ලෙන්වලින් අපිට කියා දෙනවා. මොකද ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල යෑපීම් ධාරිතාව ඉතා ම අඩු මට්‌ටමකයි පවතින්නේ. නවීන මානවයා මේ වනාන්තරවල ජීවත් වූවා යෑයි කියන්නේ ඔවුන් අභියෝග ජයගත්තා කියන එකයි. එසේ නම් මේ මානවයා ඝර්ම කලාපීය වනාන්තරවල අභියෝග ජය ගෙන කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් සිය ජීවන රටාව ගෙන ගිය අයකු බව පහැදිලියි.

Source Articles;

1. http://www.mawbima.lk/34-34042-news-detail.html
2. http://www.silumina.lk/2012/06/24/_art.asp?fn=af1206241

අමෙරිකාව සිරියාවට එරෙහිව කෲස් මිසයිල ප්‍රහාර සැළසුම් කරයි : මොනවද මේ කෲස් මිසයිල?

$
0
0
ටොමාහෝක් කෲස් මිසයිලය| එක්සත් ජනපද නාවික හමුදාව
සිරියානු ජනාධිපති අසාඩ්ගේ රජය රසායණික අවි භාවිතාකල බවට ලැබෙන සාක්ශි වැඩිවීමත් සමගම ඔබාමා රජය සිරියාවට පහරදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. අමෙරිකානු ආරක්ශක ලේකම් චක් හේගල් පවසන ආකාරයට, ජනාධිපතිවරයා අණදෙන ඕනෑම මොහොතක සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට සියලු අමෙරිකානු හමුදා සූදානමින් සිටී. මේවන විට කෲස් මිසයිල ප්‍රහාර එල්ලකල හැකි USS Gravely, USS Ramage, USS Barry and USS Mahan  යන ඩිස්ට්‍රෝයර් වර්ගයේ අමෙරිකානු යුධ නැව් සිරියාව අසල ස්ථානගත කොට ඇත. එමෙන්ම ගල්ෆ් මුහුදේ දැවැන්ත අමෙරිකානු ගුවන්යානා ගෙනයන නෞකා වන USS Nimitz හා USS Harry S Truman ස්ථානගත කොට ඇති අතර මේවායින් ගුවන්ගතවන යානාවලට පැය කිහිපයකින් සිරියාවට ප්‍රහාර එල්ලකල හැකිය.(සිතියම බලන්න)

සිරියාවට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා : Graphic Credit - BBC News
මෙම ප්‍රහාරවල වැඩි බරක් යුධනැව් වලින් ගුවන්ගත කරන කෲස් මිසයිලවලින් ගනු ඇතැයි යුධ විශ්ලේෂකයින් පවසනවා.

මොනවද මේ කෲස් මිසයිල?


කෲස් මිසයිලයක් යනු, ඉතා ඈත පිහිටි ඉලක්කයකට පහරදිය හැකි (1500+ Km), අධික වේගයෙන් ගමන්ගන්නා, දියත් කල පසු මිනිස් පාලනයකින් තොරව ස්වයංක්‍රීයව පියාසර කරන මිසයිලයකි. මෙය සතුරු රේඩාර් වලින් සැඟව යාම සඳහා ඉතා පහතින්, පොලොවට සමාන්තරව පියාසර කරයි. කිලෝග්‍රෑම් 500ක් (ටොන් භාගයක්) පමණ බරැති ඉතා ප්‍රභල පිපුරුම් හිසක් (war-head) රැගෙන පියාසරකරන මෙම මිසයිල නිරවද්‍යතාවයෙන් ඉහලය. කෲස් මිසයිලය සිය ගමන්මග සොයාගන්නේ ජී.පී.එස් තාක්ශණය හා පියාසර කරන ප්‍රදේශයේ භූවිශමතා හඳුනාගෙන ඒවා, කලින් ලබාදෙන ලද සිතියමක් හා සංසංදනය කිරීම (terrain contour matching - TERCOM) යන මූලික ක්‍රම දෙක මගිනි.


ඉතා ඈතින් තිබෙන ඉලක්කවලට ගමන්කල යුතු නිසා කෲස් මිසයිල සාමාන්‍ය මිසයිල මෙන් රොකට් එන්ජින් භාවිතා නොකරන අතර රොකට් එන්ජින් භාවිතා කරන්නේ මිසයිලය දියත් කරන මොහොතේ එය අධික වේගයකින් ගුවන්ගත කිරීම සඳහා පමණකි. ඉන් අනතුරුව පියාසර කිරීම සඳහා බලය ජෙට් එන්ජිමකින් ලබාදෙයි

Image Credit : http://www.stuff.co.nz/

කෲස් මිසයිල ඉතිහාසය

මුල්වරට කෲස් මිසයිලයක් නිර්මාණය කොට එය සාර්ථකව ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හිට්ලර්ගේ නට්සි ජර්මනියයි. දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගයේ නිර්මාණය වූ V-1 (Vergeltung-1 : ජර්මන් තේරුම - පලවිපාකය - යන්නයි). එවකට ජර්මනිය යටත්කොට ගෙන සිටි ප්‍රංශයේ උතුරු වෙරළ ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ලවුනු අතර V-1 කෲස් මිසයිල 9,521 මෙම කාළය තුලදී නට්සීන් විසින් බ්‍රිතාන්‍යය වෙත එල්ල කරන ලදී.


ප්‍රහාරයක් සඳහා V-1 මිසයිලයක් ලෝන්චරය වෙත රැගෙන යන නට්සි සෙබළුන් | Image Credit - Wikimedia Commons
ලන්ඩනයට වැටුනු, එහෙත් පුපුරා නොගිය නට්සි V-1 මිසයිලයක් බ්‍රිතාන්‍යයේ London Imperial War Museum කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු.  | Image Credit - Wikimedia Commons


අධි-විබේධන රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය - Ultra HD TV

$
0
0
ඔබ සැම HD රූපවාහිණී ගැන අසා ඇත, සමහරවිට ඔබ නිවසේ එවැනි රූපවහාණියක් දැනටමත් තිබෙනවා වන්නට පුලුවන. LCD හා LED තිර තාක්ශණයෙන් වෙළඳපොලට එනම් මෙම රූපවාහිනී විබේධන (resolution) දෙකකින් දැන් ලබාගත හැකිය. එනම් 720p HD රූපවාහිණී හා 1080p Full HD රූපවාහිණී යනුවෙනි.


1080p හා යනු තිරයේ උස අතට තිබෙනා පික්සල ප්‍රමණයයි. (රූපසටහන බලන්න ). ඒ අනුව 1080p රූපවාහිණියක තිරයේ පික්සල ප්‍රමාණය වැඩි බැවින් ඉහල විබේධනයක තියුණු රූපයක් ලබාදෙයි. මෙවැනි රූපවාහිණියක සැබෑ විබේධන තීව්‍රත්වය (image quality) අත්විඳීමට නම් එම රූපවාහිණියක් අධිවිබේධන Blu-Ray Disk තැටි ධාවකයකට සම්බන්ධකොට බ්ලූ-රේ ආකාරයෙන් නිශ්පාදනයකල චිත්‍රපටයක් නැරඹිය යුතුය. එවිට සාමාණ්‍ය රූපවාහිණියකට වඩා කොතරම් ත්‍රීව්‍ර රූපයක් ෆුල්-එච්ඩී රූපවාහිණියකින් ලැබෙනවාදැයි ඔබටම වටහා ගත හැකිය.

1080p Full HD යල් පැන ගිය තාක්ශණයක්?

තවමත් අප රටේ ෆුල්-එච්ඩී රූපවාහිණී අධික මිළකට අලෙවි කලත් බටහිර තාක්ශණ ලෝකයෙන් ලැබෙන වාර්තා අනුව 1080p Full-HD තාක්ශණය දැනටමත් යල් පැන ගොස් ඇත. දැන් රූපවාහිණී තාක්ශණ ලොව අලුත්ම තාක්ශණය වන්නේ සුපිරි අධිවිබේධනයකින් යුතු අල්ට්‍රා-එච්ඩී රූපවාහිනී යන්ත්‍රයි. අල්ට්‍රා-එච්ඩී රූපවාහිනියක තිරයේ උස අතට විබේධනය ෆුල්-එච්ඩී තිරයක විබේධනය මෙන් දෙගුණයකි. එනම් පික්සල් 2160. හරස් අතට විබේධනය පික්සල 3840කි. එනම් මෙවැනි රූපවාහිණියක විබේධනය ෆුල්-එච්ඩී රූපවාහිණියක තිරයෙන් ලබාදෙන විබේධනය මෙන් 4ගුණයකින් ඉහලය.

අල්ට්‍රා එච්ඩී තාක්ශණයේ පුරෝගාමී සමාගමක් වන්නේ දකුණු කොරියාවේ LG සමාගමයි. ඔවුන් දැනටමත් අඟල් 55", 65" හා 85" තිර ප්‍රමාණවලින් අල්ට්‍රා එච්ඩී රූපවාහිණී වෙළඳපොලට ඉදිරිපත් කොට ඇත.







Best and Worst Notebook Brands 2013

$
0
0

Source : http://blog.laptopmag.com/best-worst-notebook-brands-2013/3

ඔබේ ස්මාර්ට්-ෆෝනය වෘත්තීමය තත්වයේ ඡායාරූප ගන්නා කැමරාවක් බවට පරිවර්තනය කරගත හැකි, සෝනි සමාගමේ Smartphone Attachable Lens-Style Camera

$
0
0

සෝනි සමාගමේ නිර්මාණයක් වන මෙය, DSC-QX10 හා DSC-QX100 යන මාදිලි දෙකකින් ඉදිරිපත් කොට ඇත. ඉහත රූපයේ පෙනෙන්නේ මිලෙන් වැඩි, ඉහල විබේධනයක ඡායාරූප ගත කල DSC-QX100 හැකි මාදිලියයි.

මූලික ක්‍රියාකාරිත්වය

Smartphone Attachable Lens-Style Camera යනු තිරය (view finder screen) හෝ පාලන බොත්තම් (control buttons), ශටර් බොත්තම (shutter release) නොමැති, ස්මාර්ට්ෆෝනයේ තිරය, මෙහෙයුම් පද්ධතිය හා ප්‍රොසෙසරය යොදාගෙන ඉහල තත්වයේ ඡායාරූප ගත හැකි කාච ඇටවුමකි (lens assembly). රැහැන් රහිතව Near Field Communication (NFC) තාක්ශණයේ ආධාරයෙන් ස්මාර්ට්ෆෝනය හා සම්බන්ධවන මෙය ක්‍රියාත්මක වන්නේ සෝනි සමාගම නිර්මාණය කල camera app එකක් හරහාය.

මෙම කැමරා මාදිලි දෙකම ඇපල් අයිෆෝන් හෝ ඕනෑම මාදිලියක ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සමග ක්‍රියාත්මකවේ.

DSC-QX100 මාදිලිය

* Attach to turn your Smartphone into a DSLR-like quality camera

* Bright F1.8 Carl Zeiss lens with 3.6x optical zoom

* Impeccable low light performance thanks to large 1" 20 Megapixel sensor

* High-quality 1080/30p HD video with low grain even in low light

* Conveniently save images on both camera and phone memory


* SONY SteadyShot Optical image stabilization


DSC-QX10 මාදිලිය




* 18 Megapixel

* 10x optical zoom

* 1/2.3 inch sensor

* High-quality 1080/30p HD video with low grain even in low light

* SONY SteadyShot Optical image stabilization

වැඩිම ජනතාවකට 4G LTE අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදී තිබෙන රටවල්...

$
0
0

වැඩිම පුරවැසියන් ගණනකට 4G LTE අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදී ඇති රටවල් දහය මෙන්න.

10. Philippines

About 1 percent (1.1 million) of the people in the Philippines are projected to be using 4G LTE mobile services this year. The country had 94.2 million mobile phone subscribers in 2011

9. Russia

About 2 percent (2.7 million) of the people in Russia are projected to be using 4G LTE mobile services this year. The country had 236.7 million mobile phone subscribers in 2011

8. Germany

About 3 percent (2.4 million) of the people in Germany are projected to be using 4G LTE mobile services this year. The country had 108.7 million mobile phone subscribers in 2011

7. United Kingdom

About 5 percent (3.3 million) of the people in the U.K. are projected to be using 4G LTE mobile services this year. The country had 81.6 million mobile phone subscribers in 2012

6. Canada

About 8 percent (2.9 million) of the people in Canada are projected to be using 4G LTE mobile services this year. The country had 27.4 million mobile phone subscribers in 2011

5. Sweden

About 14 percent (1.4 million) of the people in Sweden are projected to be using 4G LTE mobile services this year. The country had 11.2 million mobile phone subscribers in 2011

4. United States

About 19 percent (58.6 million) of the people in the U.S. are projected to be using 4G LTE mobile services this year.
The country had 290.3 million mobile phone subscribers in 2011

3. Australia

About 21.1 percent (4.9 million) of the people in Australia are projected to be using 4G LTE mobile services this year.
The country had 24.5 million mobile phone subscribers in 2011

2. Japan

About 21.3 percent (26.9 million) of the people in Japan are projected to be using 4G LTE mobile services this year. The country had 132.8 million mobile phone subscribers in 2011

1. South Korea

Taking the top spot was South Korea, where about 62 percent (30.3 million) of the people there are projected to be using 4G LTE mobile services this year. The country had 52.5 million mobile phone subscribers in 2011

නියමු රහිත F-16 ප‍්‍රහාරක ජෙට් යානා අත්හදා බැලීම සාර්ථකයි

$
0
0
නියමුවෙකු රහිතව ගුවන්ගත වන QF-16 යානය

තමන් F-16 ප‍්‍රහාරක ජෙට් යානයක් ඩ්‍රෝන යානයක් බවට සාර්ථකව පරිවර්තනය කළ බව ඇමරිකානු ගුවන් හමුදාව සහ බෝයිං සමාගම පවසයි.  මේ අනුව ප‍්‍රහාරක යානා වලට නියමුවන් රහිතව වුවද ශබ්දයට අධික වේගයකින් ගමන් කිරීම, ගොඩබැසීම සහ ගුවනේදී සාමාන්‍ය පරිදි මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව ඇතිබව තහවුරු විය. QF-16 ලෙස නම්කල මෙම පියාසැරිය සැබැවින්ම නියමුවන් රහිත රොබෝ යානයක් නොව, පළපුරුදු F-16 නියමුවන් දෙදෙනෙකු විසින් දුරස්ථපාළණ තාක්ශණය ආධාරයෙන් දුරස්ථව පියාසර කල යානයකි.

ෆ්ලොරිඩාහි ටින්ඩල් ගුවන් හමුදා කඳවුරේදී සිදුකරනු ලැබූ QF-16 යානයේ පළමු අත්හදාබැලීම සාර්ථක වූ බව වාර්තා වේ.  බෝයිං සමාගම පවසන්නේ ගුවන් හමුදාවේ පුහුණු වැඩසටහන් සඳහා QF-16 යානා යොදවන බවයි.  ටින්ඩල් ගුවන්හමුදා මූළස්ථානය දැනට F-22 රැප්ටර් යානා නියමුවන් සඳහා ගුවන් සටන් පුහුණුව ලබාදෙන පුහුණු පාසැල ලෙසද ක්‍රියාකරන අතර නියමු රහිත ලෙස පියාසර කිරීමට අනුවර්තනය කලන ලද F-16 යානා මෙම රැප්ටර් නියමුවන්ගේ සටන් ඉලක්ක ලෙස ක්‍රියාකරනු ඇති. අතිශය ජවසම්පන්නව හා සුචල්‍ය ලෙස (agile) ගුවන් සටන්වල යෙදීමේ හැකියාව ඇති F-16 යානා, F-22 නියමුවන්ගේ සටන් හැකියාවන් තියුණු කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිවාදී යානා ලෙස ක්‍රියාකරනු ඇතැයි බෝයිං සමාගම පවසයි. යානය නියමුවෙකු සහිතව වුවද පියාසර කළ හැකි ආකාරයට සකස් කර ඇති අතර නියමුවකු රහිත අවස්ථාවේදී යානය විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් එය ඉටුකිරීම සඳහා බෝම්බයක්ද යානයේ සවි කර ඇති බව වාර්තා වේ.

මේ වන විට නියමුවන් රහිත යානා 6ක් නවීකරණය කර ඇති අතර ඒවා දැනට පුහුණු කටයුතු සඳහා යොදාගන්නා Q-4 ඩ්‍රෝන යානා වෙනුවට යොදාගැනෙනු ඇති බව පැවසේ.  ගුවන් හමුදාවේ ලූතිනන් කර්නල් රයන් ඉන්මන් පවසා ඇත්තේ Q-4 ඩ්‍රෝන යානාවලට අවශ්‍ය අමතර කොටස් දැනට නිෂ්පාදනය නොකිරීම නිසා මතුවන අර්බුදය නව QF-16 යානය භාවිතයේදී පැන නොනගින බවයි.

Lamborghini Veneno @ 2013 Geneva Motor Show.

$
0
0

Based on the Aventador
Limited Edition - Only 3 cars built, all sold already
Designed to celebrate Lamborghini's 50th Anniversary
  • 6.5-litre V12, boosted to 739bhp 
  • 220mph (355kmph) max speed. 
  • Permanent 4WD, 
  • Inboard pushrod suspension 
  • Carbon monocoque chassis. 
  • Accelaration - 0 to 100kmph in 2.9 seconds
Price - Three million euros




කිව්රියෝසිටි රෝවරය අඟහරු මතුපිට පසෙහි ජලය අඩංගු බව සොයාගනී

$
0
0


කිව්රියෝසිටි රෝවරය සිය පර්යේෂණ උපකරණවල ආධාරයෙන් අඟහරුවාගේ මතුපිට පසෙහි 2% පමණ ජලය අඩංගු බව සොයාගෙන ඇත. මෙම තෙත් බව අඟහරු ග්‍රහයාගේ පෘශ්ඨය පුරාම පැතිරී ඇති බව පැවසේ.

නාසා විද්‍යාඥයින්ට අනුව අඟහරු පස් මිටක් ගෙන එය රත්කල හොත් පිරිසිදු ජලවාශ්ප ලබාගත හැකිය. ඒ අනුව අඟහරුවාගේ පස් කියුබික් මීටරයක් රත්කොට ජලය ලීටර් කිහිපයක් ලබාගත හැකි බව ඔවුන් පවසන අතර අනාගතයේදී අඟහරු ගවේශණයේ යෙදෙන මිනිස් ගවේශකයින් හට මෙය මහත් අස්වැසිලක් වන ඇතැයි විද්‍යාඥයින් පවසති.

මීට වසර මිලියන ගණනකට පෙර අඟහරුවා ඉතා  තෙත් කාළගුණයක් සහිත ග්‍රහලෝකයක් වූ අතර කිව්රියෝසිටි රෝවරය මෙන්ම ඊට පෙර අඟහරු ගවේශණය කල ස්පිරිට් හා ඔපචූනිටි රොබෝ යානා දෙකද අඟහරුවා මත වියලීගිය ගංගාවල සළකුණු සොයාගෙන ඇත. කිව්රියෝසිටි රෝවරය ගලාගිය ජලපහරවල් වල සළකුණු තිබූ ප්‍රදේශවලදී ඒවා ද්‍රව ජලය ගලාගිය මාර්ග විද‍යාතමක පර්යේශණ වලින් නිසැකව තහවුරු කරගෙන තිබේ.


ඉහත රූපසටහනේ දැක්වෙන්නේ වසර මිලියන 4කට පෙර අඟහරුවා පෘථිවිය මෙන්ම ජලයෙන් පිරි නිල්/කොල පැහැ ග්‍රහයෙක් මෙන් තිබූ ආකාරයයි. තවමත් නිශ්චිතව නිගමනය නොවූ සංසිද්ධියක් නිසා අඟහරුවා ක්‍රමයෙන් වියලෙන්නට වූ අතර වසර මිලියනයනකට පමණ පෙර අඟහරුවා සම්පූර්ණයෙන්ම වියලීගියේය.


ජර්මන් හැකර්වරු අයිෆෝන් 5S "Touch ID" fingerprint scanner ආරක්ශක උපක්‍රමය බිඳහෙලන සරළ ක්‍රමයක් සොයාගනී!! වීඩියෝව අන්තර්ජාලයට මුදාහරියි!!

$
0
0
ඇපල් සමාගම සිය නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වාදුන්නේ මේ මස මුළදී පමණය. එහි අඩංගුකොට තිබුණු විවිධාකාර තාක්ශණයන් අතර වැඩියෙන්ම කතාබහට බඳුන්වුනේත්, ඇපල් සමාගම වැඩිපුරම කතාකලේත්, අලුත්ම ආරක්ශණ උපක්‍රමයක් වූ "ටච් අයිඩී" ලෙස හැඳින්වුනු ආරක්ශණ උපක්‍රමයයි. අයිෆෝනයේ අඩංගුකොට තිබෙන අධි-සංවේදී ඇඟිලි සළකුණු ස්කෑනරයක් මගින් ෆෝන් අයිතිකරුගේ ඇඟිලි සළකුණු කියවා සටහන් කරගන්නා අතර, ඉන්පසු එම ෆෝනය භාවිතා කල හැක්කේ එම පුද්ගලයාට පමණකි. අතිශය පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් අයිෆෝන් වැනි ස්මාර්ට් ෆෝන තුල ගබඩාවෙන නිසා මෙම ආරක්ශණ උපක්‍රමය විප්ලවීය එකක් බව කියමින් ඇපල් සමාගම උදම් අනන ලදී.

මෙම උදම් ඇනීම සති කිහිපයකට සීමා කිරීමට ජර්මනියේ සුප්‍රකට හැකර්වරුන්ගේ සමාජයක් වන Chaos Computer Club-CCC හි සාමාජිකයින් සමත්වී තිබේ. මොවුන් ඇපල් ඇඟිලි සළකුණු ආරක්ශක පද්ධතිය පරාජයකිරීම සඳහා භාවිතා කරන ලද උපක්‍රමය සරළ මෙන්ම ෆෝනයට කිසිදු හානියක් නොකොට, එයට වෙනත් උපාංග හෝ මෙවළම් සවිනොකොට සිදුකරන එකකි.

මෙහිදී පියවර 4ක් අනුගමය කරන අතර ඒවා සරලව පහත දැක්වේ;

1] ෆෝනයේ තිරය මත සටහන්වී ඇති අයිතිකරුගේ ඇඟිලි සළකුණක් අධි-විබේධන කැමරාවකින් (2400dpi) ඡායාරූප ගත කරගැනීම

2] එම ඡායාරූපය ඡායාරූප සැකසුම් වැඩසටහනක් ඇසුරින් සුපිරිසිදු කරගැනීම හා invert කිරීම

3] සකස්කරගත් ඇඟිලි සළකුණ 1200dpi විබේධනයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රයකින් ප්ලාස්ටික් ශීට් එකක මුද්‍රණය කරගැනීම

4] ලේටෙක්ස් ද්‍රවයක් මුද්‍රණය වූ ඇඟිලි සළකුණ මත අතුරා ඇඟිලිසළකුණේ පිටපතක් ලබාගැනීම

මේ ලේටෙක්ස් ද්‍රවය ඝනවීමෙන් පසුව එය ඕනෑම අයෙකුගේ ඇඟිල්ලක් මත අතුරා අයිෆෝනයේ ඇඟිලි සළකුණු සෙන්සරය මත තැබීමේදී අයිෆෝනය එය අයිතිකරුගේ ඇඟිලි සළකුණ ලෙස වටහාගෙන ෆෝනය unlock කරනු ලැබේ.

මෙය සිදුකරණ ආකාරය පිලිබඳව CCC හැකර්වරුන් අන්තර්ජාලයට මුදාහල වීඩියෝව නරඹන්න.

මුලම ඩයිනසෝරයා මිහිපිට ඇවිදින විටත් සපුෂ්පික ශාක බිහිවී තිබුණා?

$
0
0
පැරණි සපුෂ්පික ශාකයක් ලෙස සැළකෙන Yellow water lily (Nuphar advena) ජලජ ශාකය
මෙතෙක් කාළයක් විද්‍යාඥයින් අනුමාන කරගෙන සිටියේ මල් හටගන්නා ශාක එනම් සපුෂ්පික ශාක බිහිවූයේ ඩයිනසෝරයින් මිහිපිට බිහිවී වසර මිලියන 100කට පමණ පසුව බවයි. එහෙත් මෑතකදී ස්විට්සර්ලන්තයේ භූගත සිදුරකින් ලැබුණු, ඉතා හොඳින් සංරක්ශණය වී තිබූ ෆොසිල සාම්පල දෙකක, නූතන ශාක පරාගවලට ඉතා සමාන පරාග දක්නට ලැබී තිබෙනවා. මේවා වසර මිලියන 245 පැරණි බවට ගණන් බලා තිබෙනවා, එනම් දැනට ලැබී තිබෙන ෆොසිල සාක්ශි අනුව මුල්ම ඩයිනසෝරයා ලෙස අනුමාන කරන ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) ඩයිනෝසරයා ජීවමානව සිටියදීද ලොව සපුශ්පික ශාක වලින් ගහන වන්නට ඇතැයි දැන් අනුමාන කෙරෙනවා. න්‍යාසාසෝරස් ඩයිනෝසරයා ජීවත්වී ඇත්තේ මීට වසර මිලියන 240කට පමණ පෙර මධ්‍යම ට්‍රියාසික යුගය ලෙස හැඳින්වෙන යුගයේදීයි.

ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) 

පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව

$
0
0


රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.

මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප‍්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු බොහෝ ගැටළු ඇති බවයි.

රුසියානු ගුවන් ආරක්ෂණ බලසේනාව විසින් මෙහෙයවන ටිටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා රුසියාවේ සිවිල් සහ යුධ සන්නිවේදන චන්ද්‍රිකාවලින් 80%ක් පාලනය කෙරෙන අතර අභ්‍යවකාශ යානා සහ උපක‍්‍රමික බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම්ද පාලනය කරනු ලබයි.

නිලධාරීන් සහ සෙබළුන් 1000ක් පමණ ටිටොව් මධ්‍යස්ථානයේ සේවය කරන බව පැවසේ.  2011දී මිසයිල ආරක්ෂණය, ගුවන් යානා යුධ කටයුතු සහ අභ්‍යවකාශ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍ර රැසක් සඳහා පැවති සේනාංකයන් ඒකාබද්ධ කර රුසියානු අභ්‍යවකාශ බලසේනාව ගොඩනගනු ලැබිනි.

රේඩාර් මධ්‍යස්ථානයන් රැසක් සහිතව ගොඩනැගූ බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම පිළිබඳ අනතුරු හැගවීමේ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ චරපුරුෂ මධ්‍යස්ථානයක්, ප්ලෙසෙට්ක් හි පිහිටා ඇති මිලිටරි ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානය සහ කුරාහි පිහිටා ඇති මිසයිල අත්හදා බැලීමේ අංගණය මෙම බලසේනාව සතුව පවතී.

පිටසක්වල ප‍්‍රහාරයකට මුහුණ දිය නොහැකි වුවද ගෝලීය පරිමාණයේ තර්ජනයන්ට මුහුණදීම සඳහා අතිශය ප‍්‍රබල සහ අධි තාක්ෂණික මාධ්‍යයන් රුසියානු අභ්‍යවකාශ බලසේනා සතුවන බව යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි.


Sources : 
http://lankacnews.com/sinhala/foreign-news/102132/
http://rt.com/news/russian-space-troops-aliens-631/

උතුරු කොරියාවේ ඔත්තුබැලීම සඳහා ලබන වසරේ සිට නියමු රහිත රොබෝ යානා යොදාගන්නවා - අමෙරිකාව

$
0
0
RQ-4 Global Hawk 

ලබන වසරේ සිට උතුරු කොරියාවේ න්‍යශ්ඨික වැඩපිලිවෙල හා වෙනත් හමුදාමය ක්‍රියාකාරකම් වල ඔත්තු බැලීම සඳහා දිගුදුර ඔත්තුබැලීමේ මෙහෙයුම් සඳහා නිර්මාණය කොට ඇති ග්ලෝබල් හෝක් රොබෝ ඩ්‍රෝන යානා යොදාගන්නා බව අමෙරිකාව පවසයි. මෙම යානා ජපානයේ ගුවන් කඳවුරකින් ගුවන් ගත කරවීම සඳහා දැනටමත් ජපන් රජයේ අනුමැතිය ලැබී ඇත.

කිලෝමීටර් 18ක් ඉහල අහසේ පියාසරකල හැකි ග්ලෝබල් හෝක් ඩ්‍රෝන යානාව එක දිගට පැය 28ක් පියාසර කල හැකි ලෙස නිපදවා ඇත. ග්ලෝබල් හෝක් ඩ්‍රෝනය යානය අමෙරිකාව සතු විශාලතම ඩ්‍රෝන යානය වන තර එහි ඇති සංවේදක මගින් දිනකට වර්ග කිලෝමීටර් 100,000 භූමි ප්‍රමාණයක ඡායාරූප හා දත්ත රැස්කල හැකිය. නෝත්රොප් ගෘම්මාන් ගගනවිද්‍යා සමාගම (Northrop Grumman) මගින් නිර්මාණය කොට නිපදවන ග්ලෝබල් හෝක් යානය රෝල්ස්-රොයිස් ජෙට් එන්ජිමකින් බලගැන්වේ.

ග්ලෝබල් හෝක් යානයක් මෙහෙයුමකට සූදානම් කරන අමෙරිකානු ගුවන්හමුදා නිළධාරීන්

අයිස් දියවුනු ඇන්ටාක්ටිකාව කෙසේ දිස්වේද?

$
0
0

ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින්  අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ඇත.

පහතින් ඇති යූ-ටියුබ් වීඩියෝව අමෙරිකාවේ නාසා ආයතනය මගින් නිර්මාණය කොට ඇති අතර එය ඇන්ටාක්ටිකාව අයිස්වලින් මිදුනු විට පෙනෙනා ආකාරය දක්වයි. මේ සඳහා දත්ත නාසා ආයතනයේ  විද්‍යාත්මක ව්‍යාපෘතියක් වන Operation IceBridge මගින් රැස්කල ඒවා මෙන්ම මහා බ්‍රිතාන්‍ය රජයේ ඇන්ටාක්ටිකා ගවේශණ ව්‍යාපෘතිය වන British Antarctic Survey මගින් රැස්කල ඒවාවේ.

 

පෞරාණික ඉතිහාසයේ අභිරහස්! - ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද?

$
0
0
පෞරාණික ඉතිහාසය අපට නොවිසඳුනු අභිරහස් රැසක් ඉතිරිකොට ගොස් ඇත. ඊජිප්තුවේ පිරමීඩ තැනුවේ කෙසේද? තාක්ශණය ලැබුණේ කාගෙන්ද?, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ගල්කවය නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද? ඒ සඳහා ටොන් ගණන් බර මහා ගල් ගෙනගියේ කෙසේද? මෙවැනි ඓතිහාසික අහිරහස් ඉතා ප්‍රසිද්ධ වන අතර පොත්පත් සියගණනක් මේ ගැන ලියවී ඇත. මේවා ගැන රූපවාහිණී වාර්තා චිත්‍රපට විශාල. සංඛ්‍යාවක්ද පවතී. යූ-ටියුබ් විඩියෝ ජාලයට පිවිසෙන අයෙකුට මෙම මාතෘකා පිලිබඳව වාර්තා චිත්‍රපට නරඹා දැනුවත්වීමේ හැකියාව ඇත.

මේ ලිපියේ අරමුණ වන්නේ පිරමීඩ, ස්ටෝන්හෙන්ජ්, පූමාපුන්කු, නැස්කා කාන්තාරයේ සිතුවම් මෙන් ලොව දැඩි අවධානය දිනා නොගත්, එහෙත් තවමත් ඉතිහාසඥයින් හට ගැටලුවී ඇති  අභිරහසක් වන ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ අවසානය කෙසේ සිදුවුනිද යන්නයි.

ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? ඉන්දු නිම්න වැසියනට කුමක් සිදුවුනිද?



උච්ඡතම අවස්ථාවේ බටහිර ඉන්දියාවේ සිට ඇෆ්ඝනිස්ථානය දක්වා පැතිර තිබූ, මිලියන 5ක පමණ ජනකායක් ජීවත්වූවායයි සැක කෙරෙන ඉන්දු නිම්න සිශ්ඨාචාරය ඉන්දියානු අර්ධද්වීපයේ පැරණිතම සිශ්ඨාචාරයයි. තාක්ශණයෙන් දියුණු නාගරික සිශ්ඨාචාරයක් (urban civilization) ඔවුහු නිර්මාණය කරගෙන සිටියහ.ලෝකඩ යුගයේ (bronze age) සිශ්ඨාචාරයක් වූ මොවුන් ඉතා දියුණු සැළසුම් වලට නිර්මාණය කල නගර, දියුණු වැසිකිළි හා මළපවාහන පද්ධති වලින් නිර්මාණය කල දක්ශ ඉන්ජිනේරු ශිල්පයන් බිහිකල එකක් බවට සාක්ශි තවමත් ඕනෑ තරමින් ඉතුරු වී තිබේ.

ලෝහකර්මය පිලිබඳව ඉතා හොඳ දැනුමක් තිබූ මොවුන් තඹ, ලෝකඩ, ඊයම් හා ටින් ලෝහ භාවිතා කරමින් නිර්මාණය කල විවිධ භාණ්ඩ හමුවී තිබේ. එපමණක් නොව ඉන්දු ගංගාවට මායිම්ව මෙම සිශ්ඨාචාරය නිර්මාණය ඉතා විශාල නෞකා තටාක, ධාන්‍යාගාර හා ගබඩා පවා හමුවී තිබේ. මේ සියල්ලෙන්ම තහවුරු වන්නේ ඉන්දුනිම්න සිශ්ඨාචාරය ඉතා සමෘධිමත් එකක් වූ බවයි. ඔවුන්ගේ නිවාස නූතන අපගේ නිවාස මෙන්ම පුළුස්සන ලද ගඩොල්වලින් නිමවා ඇති අතර සෑම නිවසකම පාහේ ඉතා දියුණු නානකාමර තිබී ඇත. එමෙන්ම ඉන්දු නිම්න සිශ්ඨාචාරය දිග, බර හා කාළය මැනීම සඳහා සම්මත මිනුම් ඒකක (standard units) මුලින්ම නිර්මාණය කරගත් සිශ්ඨාචාරය බවට දැනට තහවුරු වී තිබේ. සෑම දෙයක්ම ඉතා පිලිවෙලට, සැළසුම් සහගතව සිදුකල මොවුන් සමූහාණ්ඩු ක්‍රමයට රාජ්‍ය පාළනය සිදුකල බව විශ්වාස කෙරේ.

තවත් විශ්මය දනවන කරුණක් වන්නේ ඉන්දු නිම්න සිශ්ඨාචාරයට අයත් යයි සැළකෙන පැරණි සොහොනකින් සොයාගත් පිරිමි මෘතශරීර දෙකකම දත් වල කුඩා සිදුරු සාදා තිබීමයි. මේවා මොවුන් ජීවතුන් අතර සිටියදීම සිදුකරන ලද විදුම් බව ඒ පිලිබඳව පර්යේශණ සිදුකල විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව ඉහල දන්ත සෞඛ්‍ය තාක්ශණයක් ඔවුන් සතුව තිබී ඇති බව සැළකේ.

එහෙත් එවැනි සිශ්ඨාචාරයක් එක්වරම අතුරුදහන් වී ගියේය. වෙනත් සිශ්ඨාචාර විනාශවී යනවිට ඒවා නිරන්තර යුද්ධ, බල අරගල, කාළගුණික විපර්යාසවලට යටත්වී විනාශවී ගිය බවට සාධක ඇතත් ඉන්දු නිම්න වැසියන් හට එවැනි ඉරණමක් අත්වූ බවට තහවුරු කල හැකි සාධකයක් සොයා ගැනීමට නැත.

1922 දී මොහෙන්ජෝදාරෝ හා හරප්පා නගර සොයාගන්නා තෙක්ම්ම ඔවුන් ගැන කිසිදු සටහනක් ලෝක ඉතිහාසයේ ඉතුරු නොවන තරමටම වේගයකින් මෙම විශිෂ්ඨ සිශ්ඨාචාරය මිහිපිටින් තුරන්වීම තවමත් පුරාවිද්‍යාඥයින් හට පැහැදිලි කල නොහැකි ඓතිහාසික අභිරහස් වලින් එකකි. ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ යටපත්වීමට හේතු ලෙස දැනට ඉදිරිපත් කොට ඇති වඩාත් විශ්වාසකල හැකි කල්පිතය නම් කාළගුණ විපර්යාසයක් මගින් ඔවුන්ගේ කෘෂිකර්මානතයට හා වෙළඳාමට දැඩි බලපෑමක් එල්ලවූ බවය.





Canon 100D ලොව කුඩාම DSLR කැමරාව

$
0
0
දකුණු පසින් දිස්වෙන කැනන් 100D, කැනන් EOS 6D කැමරාව හා සසැඳිවිට 
කුඩා යයි පැවසූවද, පොකට් කැමරාවක් තරම් කුඩා නොවූවත්, කැනන්100D කැමරාව සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත, කැනන් DSLR කැමරාවලට යෙදිය හැකි සියලුම කාච ඇමිණුම් (attachable lens kits) සවිකල හැකි, දර්පණ/ප්‍රිස්ම සැකසුමකින් ලෙන්සයෙන් පෙනන ආකාරයට viewfinder යෙන් frame view ලබාදෙන (mirror/prism view finder) අංග සම්පූර්ණ DSLR කැමරාවකි.


ආසියාතිකරයේ, ජපානයේ හා යුරෝපයේ කැනන් 100D ලෙසත් උතුරු අමෙරිකාවේ කැනන් EOS Rebel SL1 නම්කොට ඇති මෙම කැමරාව මෙගාපික්සල් 18 සෙන්සරයකින් සමන්විත අතර බරින් ග්‍රෑම් 400කි. සසැඳුමක් ලෙස ගත්විට නිකොන් 5200 DSLR කැමරාව බරින් ග්‍රෑම් 500කි.

Cannon 100D කැමරාවේ ප්‍රධාන ගුණාංග
  • Canon EF-S 18-55mm f/3.5-5.6 IS STM lens
  • Weight 400g
  • 18MP APS-C sensor 
  • 14-bit DIGIC 5 image processor
  • 'Hybrid CMOS AF II' system with 80% frame coverage
  • Continuous autofocus in movie mode with subject tracking
  • ISO 100-12800 (expandable to ISO 25600)
  • 4 fps continuous shooting
  • 1080/30p video recording, monaural microphone (stereo input jack)
  • 3-inch fixed touch-screen
  • 9 point AF (central sensor is cross-type)
  • 'Creative Filters' image-processing controls, previewed live on-screen
මෙම කැමරාව පූර්ණ විශේෂඥ විමර්ශණයකට බඳුන්කල DPReview ඡායාරුපකරණ වෙබ් අඩවිය එයට 78%ක ලකුණු ප්‍රමාණයක් ලබාදෙයි. පහත DPReview වීඩියෝව කැමරාව පිලිබඳව කෙටි හැඳින්වීමක් සිදුකරයි.


ඔවුන්ගේ අවසන් නිගමන සටහන පහත දැක්වෙන අතර සම්පූර්ණ DPReview විමර්ශණ විස්තරයට මෙතනින්පිවිසිය හැකිය.



මිනිසුන් සිතන ආකාරය පරිගණකවලට තේරුම්කරදිය හැකි algorithm මෘදුකාංගයක් නිර්මාණය කෙරේ...

$
0
0
යමෙකු ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ-ජාල වෙබඩවියක තබන සටහන් වලින් එම පුද්ගලයා සිතන ආකාරය, ඔහු/ඇයගේ අදහස්, කැමති අකමැතිදේ, දේශපාලන දැක්ම, ආදර බැඳීම්, රැකියාවේ තත්වය, අධ්‍යාපනය වැනි අතිවිශාල තොරතුරු සංඛයාවක් පිලිඹිබුවේ. අප කවුරුන්ද, සිතන්නේ කෙසේද යන්න පිලිබඳ නොමැකිය හැකි සටහනක් ෆේස්බුක්, ට්විටර් වැනි සේවා මගින් තබාගනී.තමන් ෆේස්බුක් වැනි සමාජජාල තුල ලියාතබන දේ, ඇතුල්කරන ඡායාරූප, කොමෙන්ටු වැනිදෑ සැළකිල්ලෙන් සිදුකරන ලෙස සමාජ-ජාල විශේෂඥයින් අණතුරු අඟවන්නේත් මේ නිසාවෙනි.

අපගේ ෆේස්බුක් මිතුරන්, ට්විටර් ග්‍රාහකයින් සිතනපතන දේ ඔවුන් ලියාතබන දෙයින් වටහාගැනීම මිනිසුන් ලෙස අපට ඉතා පහසුවූවත්, පරිගණකයට මේවා තේරුම් ගැනීම තවමත් ඉතා අපහසුය. දැනට ඉතාම සංකීර්ණ data-mining මෘදුකාංග පවා සිදුකරන්නේ අප තබන සටහන් වල මූලපද (keywords) පිලිබඳව සෙවිල්ලෙන් සිටිමින්, ඒවා හා බැඳෙන රටා (patterns) හඳුනාගෙන අප පවසනදේ පිලිබඳව අනුමාන කරගැනීම පමණකි.

ඒ අනුව Google Ad-sense වැනි අන්තර්ජාල දැන්වීම් සේවා අපගේ ප්‍රොෆයිලයට එනම් අප පිලිබඳව එය උගෙන ඇති තේ අනුව අපට වැදගත් යැයි හැඟෙන භාණ්ඩ හා සේවාවල දැන්වීම දර්ශණය කරයි. එහෙත් සමාජ-ජාලා තුලින් මොහොතකට ජනනය වන ගිගා-බයිට දසදහස් ගණනක දත්ත ගූගල්, ඇමසන්, ෆේස්බුක් වැනි සමාගම්වලට තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට ගත නොහැක්කේ එම දත්ත තේරුම්ගැනීම හැකියාව ඉතා ප්‍රභල data-mining මෘදුකාංගවලට වලට පවා අපහසු නිසාවෙනි.

එම සමාජ-ජාල දත්ත අනුව අන්තර්ජාල සේවාලාභියෙකු පිලිබඳ ඉතා නිවැරදි ප්‍රොෆයිල තනාගත හැකි නම් එම පුද්ගලයාට දැනට අවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් නොව, එම පුද්ගලයා පවා තවමත් තමනට ප්‍රයෝජනවත් යයි නොදන්නා භාණ්ඩ හා සේවා පවා සොයාදීමේ හැකියාව ඇති බව  ගූගල්, ෆේස්බුක්, ඇමසන් වැනි සමාගම් දන්නා අතර මෙම භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට දායකවීම මගින් තම සමාගම් වලට කෝටි ප්‍රකෝටි ගණනින් ආදයම් වර්ධනය කරගත හැකි බවට ඔවුන් අනුමාන කරයි.

Richard Socher, Stanford University
මෙම අරමුණ කරා ලඟාවිය හැකි ඇල්ගොරිතම් මෘදුකාංගයක් අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ පස්චාත් උපාධි අපේක්ශකයෙකු වන රිචර්ඩ් සෝචර් විසින් නිර්මාණය කොට ඇති අතර, මේ සඳහා එම විශ්වවිද්‍යාලයේම කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) පිලිබඳව පර්යේෂකයින් වන ක්‍රිස් මැනින්ග් හා ඇන්ඩෲ ඇන්ග් දායකවී ඇත. මෙම ඇල්ගොරිතමය Neural Analysis of Sentiment — or NaSent ලෙස හඳුන්වයි නැසෙන්ට් ඇල්ගොරිතමය, පරිගණක විද්‍යාවේ අලුත්ම ශාඛාවක් වන "Deep Learning - ඩීප් ලර්නින්" හෙවත් ඉතා ගැඹුරු ලෙස ඉගෙනීම යන තාක්ශණයට ඇතුලත්ය.  කෘතිම බුද්ධි පර්යේශකයින් බොහෝ දෙනෙකු පරිගණක වලට මිනිසෙකු ලෙස සිතීමට හැකියාව ලබාදීමේ ඉක්මණ් ක්‍රමයක් ලෙස මෙම ඩීප් ලර්නින් තාක්ශණය හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ පරිගණක මෘදුකාංගයකට මිනිස් මොලය දත්ත සැකසුම් සිදුකරන ආකාරයට දත්ත සැකසුම් කිරීමට ඉගැන්වීමයි.


වසර මිලියන 1.3 පැරණි මිනිස් පා සටහන් හමුවේ? මිනිස් පරිණාමය පිලිබඳ කතාවස්තුව අලුතින් ලියන්නට සිදුවේවිද?

$
0
0
2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ  යමහල් අළු (ගිණිකඳු අළු)  මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණු මිනිස් පා සටහන් සොයා ගත්තා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගවේශකයින් පිරිසක් විසින් සිදුකරන ලද මෙම සොයා ගැනීම එවක මහත් ආන්දෝලණයක් ඇතිකලේ, උතුරු අමෙරිකාවට නූතන මානවයින් පැමිණියේ මීට වසර 11,000-12,000 අතර කාලය තුලදී බවට දැනට පිලිගැනෙන මතය මේ මගින් බිඳ හෙලන බැවිනුයි.

මීට වසර 11,000-12,000 අතර කාළය අවසාන අයිස් යුගය පැවති කාළය වන අතර පෘථිවියෙන් භාගයක් පමණ අයිස් වලින් වැසී තිබුණි. මෙලෙස පෘථිවි ජලය අති මහත් ප්‍රමාණයක් අයිස් ලෙස පොලොව මත තිබූ බැවින් මුහුද මට්ටම අදට වඩා බොහෝ පහතින් වූ අතර මේ හේතුවෙන් ආසියා මහද්වීපයත්, උතුරු ඇමරිකාවත් අද බීරිං සමුද්‍ර සංධිය ලෙස හඳුන්වන ස්ථානයේදී එකට යාවී තිබුණි. ගොඩබිම් පාලමක් (land bridge) ලෙස හැඳින්වන මෙම යාවුනු ප්‍රදේශය තරණය කරමින් නූතන මානවයා ආසියාවේ සිට අමෙරිකා මහාද්වීපයට පාතබන්නට ඇතැයි අද අමෙරිකාව ජනාවාස වීම පිලිබඳව පිලිගත් විද්වත් මතයයි. මෙම ගොඩබිම් පාලම බීරින්ජියා ලෙසද හඳුන්වයි.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම මගින් සොයාගත් පාසටහන් වසර 40,000ක් පැරණි බවට කාළනිර්ණ පරීක්ශණවලින් හෙලිවීමත් සමග බීරින්ජියා ගොඩබිම් පාලම් කල්පිතය උඩු යටිකුරු වූයේ එයට අනුව අමෙරිකාව ජනාවාසවීමට තවත් වසර 28,000ක් ගතවිය යුතු බැවිනි.

මෙම පාසටහන් පිලිබඳව කාළනිර්ණ වාර්තා සත්‍යනම් මේ මානවයින් කවුරුන්ද?, වසර 40,000කට පෙර ඔවුන් උතුරු අමෙරිකාවට පැමිණියේ කෙසේද? කොහි සිටද යන්න පිලිබඳ ගැටළු වලට විසඳුම් සොයන්නට මානව විද්‍යාඥයින්ට සිදුවිය.

එක් කල්පිතයකට අනුව මෙම මානවයින් නූතන හෝමෝසැපියන් මානවයින් නොව, ඊට වඩා ප්‍රාථමික දෙපයින් ඇවිදින අර්ධ-මානව වර්ගයකගේ වියහැකි බව පැවසිනි.

මෙම ගැටලුව නිසාම මෙම පාසටහන් පිහිටා තිබෙන ගල්වූ ගිණිකඳු අළු (යමහල් අළු) පරික්ශාවට තවත් විද්‍යාඥයින් එකතු වූ අතර ඔවුන් එම පාසටහන් පිහිටි ප්‍රදේශය, යමහල් අළුවල කාළ නිර්ණය සඳහාම නිර්මාණය කල palaeomagnetic analysis නම් කාළනිර්ණ පරීක්ශණ දෙකකට බඳුන් කරන ලදී.

මෙම කාළ නිර්ණ පරීක්ශාවෙන් ලැබූ ප්‍රථිපල මානව විද්‍යා ලෝකයම කළඹන්නට සමත්වූයේ එම පර්යේෂණ වලට අනුව මෙම යමහල් අළු වසර මිලියන 1.3ක් පැරණි බව තහවුරු වීම නිසයි. එනම් මෙම යමහල් අළු පතිතවී ගල් වීමට පෙර ඒමත ඇවිද යමින් සිය පා සටහන් තැබූ අප නොදන්නා මානවයා එසේ ඇවිද යන්නට ඇත්තේ මීට වසර මිලියන 1.3කට පෙරය!

නූතන මානව පරිනාම කල්පිත වලට අනුව නූතන මානවයා අප්‍රිකාවේ පහලවූයේ වසර 200,000ට පෙරය. විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි මෙම උභතෝකෝටිකය  හේතුවෙන් මේවා මානව පිය සටහන් නොවන බවත්, වෙනත් ක්‍රියාවලියක් නිසා පසු කලක ඇතිවන්නට ඇති බවත් යනුවෙන් කල්පිත ගොඩ නැගෙන්නට පටන් ගෙන ඇත.

එහෙත් මානවයාට දැනට මානව විද්‍යාවේ උගැන්වෙනවාට වඩා ඉතා පැරණි ඉතහාසයක් ඇති බව විශ්වාස කරන පර්යේෂකයින්ද ඇත. ඔවුනට අනුව නූතන මානවයායේ ඉතිහාසය වසර මිලියන ගණනක් ඈතට දිවයනවා පමණක් නොව මීට පෙර ඈත අතීතයේදී ඔවුන් සමෘධිමත්, ඉතා දියුණු සිශ්ඨාචාර පවා ගොඩ නැගූ බවත්, ඔවුන්ගේ තාක්ශණය අද අපගේ තාක්ශණය තරමටම හෝ ඊටත් වැඩියෙන් දියුණුව පවතින්නට ඇති බවද විශ්වාස කරති. එහෙත් මෙවැනි පර්යේෂකයින් ප්‍රධාන ප්‍රවාහයේ (mainstream) පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විසින් කොන් කරන අතර ඔවුන්ගේ කල්පිත හුදෙක් මනස්ගාත ලෙස බැහැර කරයි.

මේ අතර තවමත් වසර මිලියන 1.3කට පෙර පොලවට පතිතවී ඝණවූ යමහල් අළු මත මිනිස් පාසටහන් ලෙස ප්‍රධාන ප්‍රවාහයි විද්‍යාඥයින් පවා පිලිගන්නා පා සටහන් ඇති කරන්නට ඇත්තේ කවුරුන් විසින්ද යන්න නොවිසඳී පවතී.

On demand බස් සේවයක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇරඹේ

$
0
0
On demand සේවාවන් යනු අවශ්‍යතාවය පැන නැගුනු අවස්ථාවකදී පාරිභෝගිකයෙකුට ලබාගත හැකි සේවාවන්ය. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය වැඩිවත්ම ඔන්-ඩිමාන්ඩ් සේවාවලට ඉල්ලුම ඉහල යන්නට පටන්ගෙන ඇත. ඔන් ඩිමාන්ඩ් වීඩියෝ සේවා (යූ ටියුබ් වැනි), ඔන් ඩිමාන්ඩ් චිත්‍රපට සේවා (අමෙරිකාවේ නෙට්ෆ්ලික්ස්), ඔන් ඩිමාන්ඩ් සංගීත සේවා (ඇපල් අයිටියුන්ස්) මේ අතරින් වඩාත්ම ජනප්‍රිය ඔන් ඩිමාන්ඩ් සේවාවන් වේ.

මේ ඔන් ඩිමාන්ඩ් සේවා ගොන්නට අලුතින්ම එකතුවී ඇත්තේ ඔන් ඩිමාන්ඩ් බස් රථ සේවාවයි. ෆින්ලන්තයේ අගනුවර වූ හෙල්සින්කි නුවර පොදු ප්‍රවාහණ සේවා අධිකාරිය මගින් හඳුන්වා දී ඇති මෙම සේවය මගින් තමන් කැමති ස්ථානයකට බස් රථය ගෙන්වාගෙන, තමන් කැමති ගමනාන්තයකට යා හැකිය. ටැක්සි සේවාවකට වඩා මෙහි වඩාත් විශේෂත්වය වන්නේ කැමතිනම් තවත් මගීන් කිහිපදෙනෙකු සමග තම බස් රථයේ ගමන බෙදාහදා ගත හැකිවීමයි. කැමතිනම් තමනට පමණක් බස් රථය වෙන් කරවාගෙන ගමන යා හැකිමුත් එවිට ගිවිය යුතු ගාස්තුව වැඩිවේ. එහෙත් මෙම සේවා හෙල්සින්කි නුවර ටැක්සි සේවාවට වඩා ලාබදායක බව පැවසේ.

KutsuPlus ලෙස හඳුන්වා ඇති මෙම සේවාව විශේෂ ඇප් එකක් සහිත ස්මාර්ට් ෆෝනයකින් ඇනවුම් කල හැකි අතර, ඇනවුම් කිරීමේදී ගමන් අරඹන ස්ථානය හා ගමනාන්තය ස්මාර්ට්ෆෝන් ඇප් එක මගින් තෝරාගෙන ගෙවීම කලයුතුය. ගෙවීම් කිරීමද ස්මාර්ෆෝනය හරහා සිදුකල හැකිය.

ගමන ඇනවුම් කල විට කුට්සුප්ලස් සේවයේ පරිගණක ජාලය මගින් මගියා ආසන්නයේම ඇති බස් රථයක් එම මගියා දැනට සිටින ස්ථානයට ආසන්නම බස් නැවතුම වෙත යොමු කරන අතර ඒ මොහොතේම ස්මාර්ට්ෆෝනය වෙත එවන confirmation code එකක් මගින් බස් රථය නැවතුම වෙත එන වෙලාව දැනුම් දේ. එමෙන්ම මගියා දැනට සිටින ස්ථානයේ සිට බස් නැවතුම වෙත යන මාර්ගයද සිතියමක ආධාරයෙන් පෙන්වනු ලැබේ.

බස් රථයට ගොඩවන මගියා සිය ස්මාර්ට්ෆෝනයට ලැබුණු එක රියදුරාට පෙන්වා තමන් ගමන ඇණවුම් කල මගියා බවට තහවුරු කලයුතුය.

බස් රථය නැවතුම වෙත පැමිණීමට පෙර එතැනට පැමිණ සිටීම මගියාගේ යුතුකම වන අතර ටැක්සි සේවයක් නොවන බැවින් බස් රථය ප්‍රමාද වන මගියෙකු එනතෙක් බලා නොසිටී. එමපණක් නොව ගමන ඇණවුම් කිරීමෙන් පසුව එය අවලංගු කල නොහැකි අතර ලබාගත් ගාස්තුව ආපසු ගෙවීමක්ද සිදු නොකෙරේ.

කුට්සුප්ලස් සේවාවේ මෙහෙයුම් අධ්‍යක්ශක කාරී රීසනෙන් පවසන අන්දමට මෙම සේවාව ටැක්සි සේවාවට තරඟයක් දීමට නිර්මාණය කරන ලද්දක් නොව, පෞද්ගලික මෝටර් රථවලට ඇබ්බැහිවූවන් හට පොදු ප්‍රවාහණ සේවාවන් වෙත නැඹුරුවීම සඳහා පහසු කරවන සේවාවක් ලෙස ක්‍රියාත්මක වනවා. කුට්සුප්ලස් බස් රථ තුල නොමිලේ වයිෆයි අන්තර්ජාල සේවා ලබාදෙන අතර මගීන් හට ඉතා සුවපහසුව, යම් පලදායි කටයුත්තක නියැලෙමින් සිය ගමනාන්තය කරා ලඟාවිය හැකි බව පවසනවා.

 එමෙන්ම මගීන් හට සැළසෙන තවත් වාසියක් වන්නේ තම මෝටර් රථය ගාල්කොට තැබීමේ ගාස්තු ගෙවීමට සිදු නොවීමයි. හෙල්සින්කි නුවර මෝටර් රථක් පොදු රථගාලක නවත්වා තැබීමට පැයකට ඩොලර් 5ක් වැනි අධික මුදලක් අයකරනවා. කුට්සුප්ලස් රථ ගමනක අවම ගාස්තුව ඩොලර් 4.75ක් වන අතර අමතර කිලෝමීටරයකට ශත 60 (අමෙරිකානු) ගෙවිය යුතු වනවා. මේ අනුව parking ගාස්තුවට වඩා අඩු මුදලකින් පහසුවෙන් ගමන් යාමේ හැකියාව හෙල්සින්කි වැසියන්ට ලැබී තිබෙනවා.
Viewing all 1261 articles
Browse latest View live
<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>