Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1261 articles
Browse latest View live

එක්සත් ජනපද යුධ හමුදාව විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක් නිර්මාණය කරමින් සිටී....

$
0
0

Tactical Assault Light Operator Suit (TALOS) ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි. විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ හා පිපිරුම් වලින් ආරක්ශාව ලබාදීම සඳහා නවතම සුපිරි ද්‍රවයකින් පිරුණු, bullet stopping liquid armour ලෙස හඳුන්වන සන්නාහ කට්ටලයකින් මෙය සමන්විතය.

වෙඩි උණ්ඩ නවතන ද්‍රවය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණය magnetorheological fluid ලෙස විද්‍යාත්මකව  හඳුන්වයි.  සමාන්‍යයෙන් ද්‍රවයක් ලෙස පවතින මෙය විදුලි ධාරාවක් ඇල්වූ ක්ශණයෙන් එම ස්ථානය ඝණ බවට පත්වේ. මෙම පරිවර්තනය මිලිතත්පර කිහිපයකදී සිදුවන බව එම ද්‍රවය නිර්මාණය කිරීමේ පර්යේශණ වල නිරතව සිටින විද්‍යාඥයින් පවසයි. මෙය උණ්ඩ නවතන සන්නාහයක් ලෙස යොදාගැනීම සඳහා උණ්ඩයක් වැදුණු මොහොතේම එම ස්ථානයේ ඇති ද්‍රවයට විදුලි ධාරාවක් යෙදීමේ තාක්ශණයක්ද නිර්මාණය කරමින් පවතී.

එපමණක් නොව මෙම ඇඳුම් කට්ටලයට පරිගණකයක්, නයිට් විශන් උපකරණ, ජී.පී.එස් හා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ මෙන්ම සෙබලාගේ හදගැස්ම හා නාඩි වැටීම පිලිබඳව පරීක්ශාවෙන් සිටින සෙන්සර් වලින්ද සමන්විත බව පැවසේ. මීටත් අමතරව තුවාලවීමකදී ලේ ගැලීම නැවත්වීම සඳහා පීඩනය ලබාදෙන wound-sealing foam වලින්ද සමන්විතය. මේ සියල්ලක් මගින් විශේෂ බළකා සෙබලුන් හට සුපිරි හැකියාවන් මෙන්ම අණතුරුවලින් ආරක්ශාවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ  අවස්තාවද ලබාදේ.


යුධ බිමේදී තුවාල ලබන සෙබළුන්ගේ දිවි රැකදෙන ෆෝම් ඉන්ජෙක්ශන් බැන්ඩේජය...

$
0
0
එක්සත් ජනපද යුධ හමුදා ශල්‍යවෛද්‍ය පර්යේෂණ ඒකකයට අනුව යුධ මෙහෙයුම් වලදී තුවාල ලබන සෙබළුන් මියයාමට තුඩු දෙන ප්‍රධාන හේතුව නම් අධික ලෙස රුධිරය වහනය වීමයි. මෙවැනි මරණීය තුවාල බොහෝවිට උදර කුහරය වැනි යුධ පෙරමුණේ සිටිනා ප්‍රථමාධාරකරුවනට (battlefield medics) ලේ ගැනීම නැවත්වීමට කිසිවක් කල නොහැකි ස්ථානයකට සිදුවී ඇති අතර එවැනි තුවාල කරුවන් පැයක් තුල ශල්‍ය පහසුකම් ඇති රෝහලක් හෝ ශල්‍ය පහසුකම් ඇති පෙරමුණු ගිලන්හලක් (field hospital) වෙත ගෙනයා යුතුවනවා.

මෙවැනි දරුණු තුවාලකරුවන් මිනිත්තු 60ක් තුල ශල්‍යකර්මවලට භාජනය කල යුතු අතර මෙම පැයක කාලය තුවාල ලැබූ සෙබලාගේ ජීවිතය රැකගැනීමට කොතරම් වැදගත්ද යත් එම පැය "ගෝල්ඩන් අවර්" ලෙස හඳුන්වනවා. එහෙත් ඈත යුධබිම්වල දරුණු සටන් මැද්දේ තුවාල කරුවන් යුධ බිමෙන් ඉවත් කරගැනීම ඉතා මන්දගාමීව සිදුවන්නේ ප්‍රායෝගික ගැටලු නිසාමය. එහෙත් මේ හේතුව නිසා නිරපරාදේ වටිනා ජීවත රැසක් අධික ලේ වහනය නිසාවෙන් අහිමිවනවා.

මේ ගැටලුවට පිලියමක් ලෙස යුධ බිමේදී උදර කුහරය වැනි අභ්‍යන්තර ස්ථානය සිදුවන දරුණු ලේ ගැලීම් පාළනය කොට ශල්‍ය පහසුකම් ඇති රෝහලක් වෙත ගෙනයන තෙක් සෙබලාගේ දිවි රැකගැනීම සඳහා අධිතාක්ශණික විසඳුමක් සෙවීමේ ව්‍යාපෘතියක් අමෙරිකානු ත්‍රිවිධ හමුදා වෙනුවෙන් තාක්ශණයන් නිර්මාණය කිරීම සඳහා බිහිකරන ලද Defense Advanced Research Projects Agencyහෙවත් DARPA ආයතනය විසින් අරඹනු ලැබුවා.

Wound Stasis System (WSS) නම්  මෙම ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස උදර කුහරය තුල ලේ ගැලීම් පාළනය කිරීම සඳහා උදර කුහරය තුලට ද්‍රවයක් ලෙස එන්නත් කල හැකි, එසේ එන්නත් කල වහාම රිජිෆෝම් මෙන් ඝණ වෙමින් හා පරිමාවෙන් විශාල වෙමින් උදර කුහරය තුල පැතිරී තුවාලවලට තෙරපුම ලබාදෙමින් ලේ ගැලීම අවම කරන ද්‍රව-ෆෝම් වර්ගයක් නිමවා තිබෙනවා.


පොලිමර් ෆෝම් වර්ගයක් වන මෙය රසායන ද්‍රව්‍ය දෙකක් එකට එකතුවීමෙන් සෑදෙන ලෙස නිශ්පාදනය කොට තිබෙනවා. මෙම රසායන ද්‍රව්‍ය දෙකම එකට උදරකුහරය තුලට ඇතුලු කල විට මුල් පරිමාව මෙන් 30ගුණයකින් විශාලවෙමින් මෘදු ෆෝම් වරගයක් ලෙස පැතිරෙන අතර මිනිත්තු කිහිපයකදී උදරකුහරය පුරා පැතිරී එයතුල ඇති ඉන්ද්‍රියයන් වසාගන්නා අතර ඉක්මණින් ඝණවී තුවාලයට පීඩනය දෙනවා. මෙම පොලිමර් ෆෝම් වර්ගයේ විශේෂත්වය නම් එය කිසිදු ආකාරයකින් අභ්‍යන්තර අවයව වෙත ඇලී නොපැවතී රෝගියා ශල්‍යාගාරයකට ගෙනැවිත් මිනිත්තු 10කින් පමණ පහසුවෙන් ඉවත් කරගත හැකිවීමයි.

තවමත් මිනිසුන් යොදාගෙන මෙම ෆෝම් ද්‍රව්‍යය අත්හදා බලා නොමැති නමුත් විවිධ අණතුරු අභ්‍යන්තර තුවාල ඇතිවූ සතුන් යොදාගෙන කරන ලද පර්යේශණ වලදී මෙම පොලිමර් ෆෝම් ද්‍රවය මගින් අභ්‍යන්තර ලේගැලීම 6 ගුණයකින් අවම කරන්නටත්, ප්‍රතිකාර පැය 3 දක්වා පමාවුනු අභ්‍යන්තර ලේගැලීම් වලදී ජීවිතය රැකගත හැකිවීමේ සම්භාවිතාවය 8% සිට 72% දක්වා සුවිශාල ලෙස ඉහල දැමීමටද සමත්වී තිබෙනවා. ලබන වසරේදී මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂණ කිරීමට සැළසුම් කොට තිබෙන බව ඩාර්පා ආයතනය පවසනවා.

නැනෝ උද්‍යානයේ වගතුග

$
0
0

2006 වසරේදී නැනෝ තාක්ෂණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිරීම සඳහා සැළසුම් සකස් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 2008 වසරේදී ශ‍්‍රී ලංකා නිනිති තාක්‍ෂණ ආයතනය (SLINTEC) බිහි විය. 2009 වර්ෂයේ දී ඔවුන් සිය පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1771.5 කි. පෞද්ගලික අංශයෙන් MAS, බ‍්‍රැන්ඩික්ස්, ඩයලොග්, හේලීස්, ලෝඞ්ස්ටාර් සහ ලංකෙම් ආයතන මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 310 කි.



තරඟකාරී ලෝක තාක්‍ෂණික වෙළෙඳපොලට සුදුසු ස්වභාවික අමුද්‍රව්‍ය ආශ‍්‍රිත නැනෝ තාක්‍ෂණික නිෂ්පාදන බිහි කිරීම මෙහි එක් අරමුණක් වේ. කෘෂි කාර්මික, සෞඛ්‍ය ආරක්‍ෂණ, ජල පවිත‍්‍රකරණ, ඇඟලූම් අංශ වල දේශීයව සහ විදේශීයව පවතින ගැටළුකාරී තත්ත්ව හඳුනාගෙන ඒවාට නැනෝ තාක්‍ෂණය ආශ‍්‍රයෙන් විසඳුම් ලබාඑදීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට ද ඔවුන් මේ වනවිටත් කටයුතු කරමින් සිටී.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම දායකත්වය සහිතව හෝමාගම පිටිපනදී ඉදිවූ එහි පළමු අදියර වන නිනිති (නැනෝ) තාක්‍ෂණ ‘‘ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’’ අද පෙ.ව. 10.30 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කෙරිණ.


මේ වනවිට ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍ර 08 ක් සහ දේශීය පේටන්ට් බලපත‍්‍ර 02 ක හිමිකාරීත්වය සිලින්ටෙක් ආයතනය සතුවන අතර ඒවා භාවිතයෙන් වාණිජ මට්ටමේ සේවා සැපයීමට ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇත. තරුණ පර්යේෂණ විද්‍යාඥයන් 23 දෙනෙකු, ඉංජිනේරුවරුන් 04 දෙනෙකු සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ මහාචාර්යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට කණ්ඩායම් නායකයන් ලෙස, මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න සහ මහාචාර්ය නලින් ද සිල්වා කටයුතු කරයි. ආයතනයේ ප‍්‍රධාන ඉංජිනේරු වශයෙන් ආනන්ද හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර නව සංයෝග නිර්මාණය මෙන්ම ආයතනයේ ප‍්‍රධාන පර්යේෂක විද්‍යාඥ වශයෙන් මහාචාර්ය ගෙහාන් අමරතුංග කටයුතු කරයි. සිලින්ටෙක් ආයතනයේ ප‍්‍රධාන විධායක වශයෙන් කටයුතු කරන්නේ හරීන් ද සිල්වා විජේරත්න මහතායි.

නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු (www.techwire.lk / si.wikipedia.org අනුග්‍රහයෙනි)

ඕනෑම පදාර්ථයක් නිර්මාණය වී ඇත්තේ අණුවල එකතුවෙනි. පදාර්ථයේ මූලික ඒකකය වූ අණුවක ආකෘතියේ අප විසින් ඇති කරනු ලබන වෙනසත් සමඟ එකී ආකෘතිය හරහා නිර්මාණය වන්නා වූ නව්‍ය පදාර්ථයන් හී ඇති රසායනික හා භෞතික ගුණාංගයන් මානව වර්ගයාගේ යහපත උදෙසා යොදා ගැනීම, නැණෝ තාක්‍ෂණවේදය හරහා සිදුවෙමින් පවතී.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 10^7 වාරයක් (10,000,0000) විශාලය.

ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්‍ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.

කෘෂි කර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (nano sensors) නමැති සංවේදී උපකරණ මගින් කෘෂි කාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්‍ෂණය කොට දත්ත ලබා දීමත්, සක‍්‍රීය නැණෝ අංශු මගින් පසෙහි වූ අහිතකරතාවයන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළදිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීම, පසෙහි සරු බව සේම, භෝග වලට ඉතා කාර්යක්ෂමව, වර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (nano capsuls) මගිවන් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්‍ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්‍ෂණය වර්තමානයේ දී භාවිතා කෙරේ.

මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්‍ෂණය භාවිතා කරයි. නැණෝ අංශු මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝන, එන්නත් සහ ජාන ඉංජිනේරු තාක්‍ෂණය සඳහා DNA භාවිතා කිරීමේ ක‍්‍රමවේද පහසු කොට තිබේ.

රෙදි පිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදවා ගැනීමට දැන් නැණෝ තාක්‍ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයින් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (wool) වර්ග සහ සිල්ක් (silk) වර්ග වල රෙදි, නැණෝ තාක්‍ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (nano fabric) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහණියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ.

එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්පේ‍්‍ර කිරීම මගින්) ඔබගේ මුළු තැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යලි එකතු වීමද වලකා දමයි.

නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍ෙයදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිතිනි - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයන්ටද ඉඩ සැලසී තිබේ.

අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂෙත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

iPad Air - First Look!

$
0
0













Price
iPad Air




 $499
Microsoft Surface 2



$449
Samsung Galaxy Note 10.1 (2014)
 $599
Sony Xperia Tablet Z


 $499
Kindle Fire HDX 8.9


 $379
Screen size  9.7 inches10.6 inches 10.1 inches 10.1inches 8.9 inches
Resolution 2048 x 1536 1920 x 1080 2560 x 1600 1920 x 1200 2560 x 1600
CPU Apple A7 chip with 64-bit processing, M7 motion coprocessor
Quad-core Nvidia Tegra 4
 1.9-GHz Exynos 5420 1.5-GHz Qualcomm Snapdragon S4 Pro 2.2-GHz Qualcomm Snapdragon 800
OS iOS 7Windows RT 8.1 Android 4.3 Jelly Bean Android 4.1 Jelly Bean Fire OS 3.0
Size  0.29 inches thin10.8 x 6.8 x 0.4 inches 9.57 x 6.75 x 0.31 inches 10.47 x 6.77 x 0.27 inches 9.1 x 6.2 x 0.31 inches
Weight 1 lb1.5 lbs 1.23 lbs 1.1 lbs 0.8 lbs
Storage 16GB/32GB/64GB/128GB32/64GB 32GB 16GB 16, 32 or 64GB
Ports TBAUSB 3.0, HD video out, microUSB, SD card slot, headset jack Headset jack, IR, microUSB, microSD card slot Headset jack, microUSB, microSD card slot, SIM card slot Headset jack, USB 2.0
Battery Life Estimated 10 hours Estimated 10 hours  7:44 (LAPTOP Battery Test) 9:51 (LAPTOP Battery Test) Estimated 12 hours

එළවළු ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවනවා!!! - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සමීක්ශණයකින් හෙළිවේ!!

$
0
0


ශ‍්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් පර්යේෂකයන් තිදෙනායි.
මෙරට වෙළඳපොළේ දැනට අලෙවි කැරෙන පලිබෝධනාශක වෙළඳ නාම 462න් 73ක් මේ සමීක්ෂණයට පාත‍්‍ර වූ එළවලූ හා අර්තාපල් ගොවීන් පාවිච්චි කරන බව හෙළි වුණා. මේවා සියල්ල නීත්‍යනුකූලව, රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වා බෙදාහරින විස රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රශ්න මතු වන්නේ පරිහරණයේදීයි.
ඉක්මනින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා පලිබෝධ නාශක නිසි මාත‍්‍රාව ඉක්මවා අධික ලෙස යෙදීම බොහෝ ගොවීන් කරන බව HARTI සමීක්ෂණයෙන් නැවතත් තහවුරු වුණා.
එයින් සොයා ගත් ගොවි චර්යා කිහිපයක් මෙසේයි.
  • ගොවීන්ගෙන් 40%ක් දෙනා පලිබෝධකයන් කිසිවකතුත් පෙනෙන්නට නැතත් පුරුද්දට මෙන් පලිබෝධ නාශක ඉසිනවා.
  • පලිබෝධ නාශක නිර්දේශිත මාත‍්‍රාව හා වාර ගණන නොසෑහෙන බවට බොහෝ ගොවීන් අතර විශ්වාසයක් තිබෙනවා. බහුතරයක් ගොවීන් නිර්දේශිත මාත‍්‍රාව මෙන් එක හමාර ගුණයක් හෝ ඊට වඩා යොදනවා.
  • සමහර ගොවීන් විවිධ පලිබෝධ නාශක එකට මිශ‍්‍ර කොට යොදනවා. ඒ හරහා පලිබෝධයන් ක්ෂණිකව මැරී වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂ කරනවා.
  • ඇතැම් ගොවීන් සිතන්නේ බෝග වර්ධනයට ද පලිබෝධ නාශක උදවු වන බවයි! (ඒ සඳහා වෙනම රසායනික පොහොර ද යොදනු ලැබුවත්.)
  • අස්වැන්න නෙළා ගන්නට දින 10 – 14කට පෙර කිසිදු රසායනිකයක් බෝගයට ඉසීම නොකළ යුතුයි. මෙය ශෙෂ ඉතිරිවීම වළක්වාලීමේ උපක‍්‍රමයක්. එහෙත් උඩරට එළවඵ හා අර්තාපල් ගොවීන්ගෙන් තුනෙන් එකක් ම මේ අවම කාලයට ගරු නොකරන බව පිළිගත්තා.
අපේ සමහරුන් සිතන තරම් නොදැනුවත් හෝ නූගත් ගොවීන් අද කාලේ නැහැ. සමීක්‍ෂණයට ලක්වූ ගොවීන්ගෙන් 75%ක් පළිබෝධ නාශක පරිසරයට හානි කරන බවත්, ගොවීන්ගේ හිතමිතුරු ගැඩිවිලූන් වැනි සතුන් ද මරා දමන බවත් දැන සිටියා.
එමෙන්ම ඔවුන් අහිංසකයන් ද නොවෙයි. ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවන බව පිළි ගත්තා. (එසේ විවෘතව පිළිගැනීමට මැළි වූ ගොවීන් ද සිටියා විය හැකියි.)
HARTI සමීක්‍ෂණයේ වඩාත් ම බියජනක සොයා ගැනීම ලෙස මා දකින්නේ මෙයයි. තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන් සඳහා දැන දැන ම වෙළඳපොලට එවන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?
මෙය සරසවියක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් කළ සමීක්‍ෂණයක් ද නොවෙයි. රාජ්‍ය පර්යේෂණායතනයක් කළ සමීක්‍ෂණයක්.
මේ තරම් සාහසික කි‍්‍රයා කලාපයකට අපේ සමහර ගොවීන් යොමුව සිටින්නේ ඇයි යන්න පුඵල් ලෙස සංවාදයකට ලක් කළ යුතුයි. “සුඵ පරිමාණ ගොවියා වෙළඳපොළේ සිරකරුවකු වී සිටීම” වැනි සරල තර්කවලින් මේ කුහකත්වය පහදා දිය නොහැකියි.
මේ සමීක්‍ෂණයෙන් ම හෙළි වූයේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් හරහා දැනුම හා උපදෙස් ලබා ගෙන ඇත්තේ ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණක් බවයි. බහුතරයක් එක්කෝ සෙසු ගොවීන්ගෙන් අසා දැන ගන්නවා. නැත්නම් පළිබෝධ නාශක විකිණීමට තිබෙන ළඟ ම ඇති කඬේ මුදලාලිගෙන් සියඵ උපදෙස් ලබා ගන්නවා.
‘ළඟ එන කෘෂි රසායනික සුනාමිය’ තේමාවෙන් 2013 මාර්තු 17දා (රාවය පුවත්පතේ) කොලමෙන් ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක් වන මැලේසියානු ජාතික ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) උපුටා දැක්වූවා. “අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි!”
ආචාර්ය හියොං කීවේ: “ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්.”
ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනෙන පළිබෝධ නාශක නියාමනය කැරෙන්නේ 1980 පළිබෝධ නාශක පාලන පනත යටතේයි. ආහාර බෝග වෙළඳපොලට එනවිට ඒවායේ පළිබොධ නාශක ශෙෂයන් ‘නිර්දේශිත මට්ටම්වලට වඩා අඩුවෙන්’ තිබිය යුතු යයි එහි කියනවා. එහෙත් වසර 33ක් ගත වීත් මේ නිර්දේශිත මට්ටම් මොනවාදැයි නිර්ණය කර නැහැ!
පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්‍ෂණය ගැන අපට වඩා තැකීමක් කරන රටවල නම් අවසර දෙන උපරිම ශෙෂ මට්ටම් (Maximum Residue Levels) පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. එය පිළිපදිනවා ද යන්න ගැන විටින්විට අහඹු පරීක්‍ෂා ද කැරෙනවා.
එහෙත් අපේ රටේ තවම මෙබඳු ආරක්‍ෂිත පියවර කිසිවක් හඳුන්වා දී නැතැයි ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IPS) පර්යේෂක රවීන් ඒකනායක 2013 මාර්තුවේ පළ කළ විග‍්‍රහයක පෙන්වා දෙනවා. http://tiny.cc/IPSFS
මේ පසුබිම තුළ සාහසික ගොවීන්ට දැන දැන ම විස යෙදු එළවඵ අපට දිගට ම සපයන්නට හැකිව තිබෙනවා.
රසායනික පොහොර හා අධික විසැති පළිබෝධ නාශක මත මේ තරම් යැපෙන ගොවිතැන තවමත් මේ රටේ නිල කෘෂි කාර්මික ප‍්‍රතිපත්තියයි. මහජන සභාවලදී දේශපාලකයන් හා නිලධාරීන් කුමක් කීවත් 1960 ගණන්වල සිට හැම රජයක් ම කි‍්‍රයාත්මක කළ “වැඩිපුර දමා – වැඩිපුර උකහා ගැනීමේ” ගොවිකම (high external input agriculture) දැන් ජාතික මට්ටමේ ඇබ්බැහිකමක් වී හමාරයි.
යමකට ඇබ්බැහි වූවන්ට තම කි‍්‍රයාවල වරදක් හෝ දිගුකාලීන විපාක හෝ හරිහැටි තේරෙන්නේ නැහැ. අයාලේ ගිය අපේ ගොවිකම යළිත් හරිමඟට ගත යුත්තේ ගොවීන් අතරමං නොකර, රටේ ආහාර හිඟයක් හෝ අහේනියක් ද ඇති වීමට ඉඩ නොතබායි.
කාබනික ගොවිතැනට තනිකර මෙය කළ හැකි ද යන්න තුලනාත්මකව විවාද කළ යුතුයි. පරිසරවේදීන් හෝ ජාතිකවාදීන් හෝ නිර්දේශ කරන හැම දෙයක් ම ප‍්‍රායෝගික නොවිය හැකියි. එහෙත් ඔවුන්ට ද සවන් දිය යුතුයි.
ගොවිතැන, ගොවිකම හා ගොවියා ගැන අපේ සමාජයේ ගෞරවය මුසු වූ ධනාත්මක හැගීම් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ 12%ක් වුවත් එය තවමත් සැළකිය යුතු ජන සංඛ්‍යාවකට ජීවිකාව සපයනවා. තමන් ගොවිතැනෙහි තව දුරටත් නියැලීමට නොකැමැති නව පරම්පරාවේ අය බොහෝ දෙනා පවා ගොවිකම ගැන රොමැන්ටික් හා අතීතකාමී හැගීම්වලින් යුතුව කථා කරනවා.
මෙයට ඓතිහාසික හේතු ඇතත් ගොවිතැන් ගැන තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමට මේ හැගීම්බර තත්ත්වය බාධාවක්. ජාතියට වස කවන ගොවීන් ඒ තැනට ඇද දැම්මේ කුමන ප‍්‍රවාහයන් ද කියා හඳුනාගෙන ක‍්‍රමීය විසඳුම් සොයා යා යුතුයි.


උපුටාගැනීම : සිවුමංසල කොළුගැටයා # 140 (නාළක ගුණවර්ධන)

වැඩිදුර තොරතුරු සඳහා කියවන්න: ලඟ එන කෘෂි රසායණික සුනාමිය (සිවුමංසල කොළු ගැටයා #109)

ලංකාවේ පෞද්ගලික අංශය වැනි INFOTEL ප්‍රදර්ශණය

$
0
0

ඉන්ෆොටෙල් යනු 1992 වසරේ සිට මෙරටතුල පැවැත්වෙන, එකම  තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණයයි. 92' වසරේ සිටම, විදේශගතව සිටි වසර 5 හැරෙන්නට සෑම වසරකම පාහේ ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය වන්දනා කිරීම ලේඛකයාගේ පුරුද්දක් වී තිබෙනවා. මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය පසුගිය සතියේ (ඔක් 27) අවසන්වූ වත් ඒ පිලිබඳව සටහනක් තබන්නට මෙතෙක් කල් ගතවූයේ ඉකුත් කාළය රාජකාරි බහුලවූ බැවිනුයි.

සංවිධායකයින්ගේ කයිවාරුව හා ප්‍රදර්ශකයින්ගේ බොරුව 

සංවිධායකයින් හා ඔවුන්ගේ ප්‍රෙස්-රිලීස් වචනයෙන් වචනයට පිටපත් කරන අපේ පත්තර මොනවා ලිව්වත්  මට පෙනන ආකාරයට ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය පිලිබඳව කිව හැක්කේ සංවිධායකයින්ගේ කයිවාරුව (සෙළුව කිව්වොත් වඩාත් නිවැරදිය) හා ප්‍රදර්ශකයින්ගේ (exhibitors) බොරුව පමණක් පෙනෙන්නට තිබුණු, ඇතුල්වීමේ ටිකට් පතට ගෙවූ රුපියල් 50 වටිනාකමට හෝ වැදගත් දෙයක් ගන්නට නොමැතිවුනු ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සල්පිලක් පමණක්ම වූ බවයි.

මාගේ දියණියන් දෙදෙනා ඉන්ෆොටෙල් බලන්නට රැගෙන ගිය අතර, ප්‍රථම වතාවට ඉන්ෆොටෙල් නරඹන්නට ගිය ඔවුන් දෙදෙනා SLECC පෝර ගබඩාවෙන් එලියන් වන් විගසම මට පවසා සිටියේ "ආයෙ ඉන්ෆොටෙල් බලන්න එක්කන් එන්න එපා, හරිම කම්මැලියි.." යන්නයි. මට රජ්ජුරුවන් හෙළුවෙන් යනවා දැක ඒ බව ඇහෙන්නට කියු පොඩි එකා මතක්විය.

මගේ පොඩි එවුන් දෙන්නාගේ කොමෙන්ටුවත් ඉන්ෆොටෙල් සංවිධායකින් පාසැල් හා උසස් අධ්‍යාපන ආයතනවලට ඉන්ෆොටෙල් නරඹන්නට ළමුන් රැගෙන එන්නැයි ඉල්ලමින් එවූ ආරාධනා පත්‍රයේ ලියාතිබූ දැයත් අහසට පොලොව මෙනි. ඉන්ෆොටෙල් සංවිධායකවරුන් අධ්‍යාපන ආයතනවලට එවා තිබූ ලිපියේ ළමුන් එය බලන්නට ගෙන එන මෙන් ඉල්ලා තිබූ අතර නව තාක්ශණය පිලිබඳ අලුත් දැනුම ලබාගන්නට ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය මහගු අවස්ථාවක් පවත් පවසා තිබුණි.  මේ ලිපිය කියැවූ විදුහල්පතිවරුන්, අධ්‍යාපන ප්‍රධානීන්, පාසැල්වල ICT/තාක්ශණ විෂය ගුරුවරුන් කීදෙනක් අතින් වියදම්කරගෙන බස් හයර් කරගෙන මේ වැදගැම්මකට නැති ලැප්ටොප් සල්පිල වෙත ළමුන් රැගන ආවාදැයි දැනගන්නට හැකියාවක් නැත.

පාසැල් දරුවන්ට ආසා හිතෙන යමක් නැති, ඉගෙන ගන්නට දෙයක් නොතුබුණු.  ඉන්ෆොටෙල් 2013 ප්‍රදර්ශණය පිලිබඳව "Daily FT" වාණිජ පුවත්පතේ ඔක්තෝම්බර් 26 පලවූ ලිපියක සීර්ශපාඨය තිබුණේ "INFOTEL 2013, South Asia’s premier ICT exhibition" යනුවෙනි.

මේ සීර්ශපාඨය, එම ලිපිය ලියූ "සාරා හනන්" නම් ලේඛිකාව ප්‍රදර්ශණය බැලීමෙන් ඇය ලැබූ නව දැනුම මුසු උද්දාමය නිසාවෙන් ලැබූ පහන් සංවේගය කරනකොට ගෙන දැමූ හෙඩිමක් නොව සංවිධායකයින්ගේ ප්‍රෙස් රිලීස් එකේ තිබූ කෑල්ලක් ගෙඩි පිටින් ගෙන දැමූවක් බව ලේඛකයා විශ්වාස කරයි. ඉන්ෆොටෙල් 2013 නැරඹීමෙන් ලැබූ උද්දාමය හේතු කොටගෙන එම ලේඛිකාව එය දකුණු ආසියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණය ලෙස හඳුන්වන්නට යෙදුනා නම් ඇය 2013 ඔක්තෝම්බර්වලට පෙර  ලැප්ටොප් එකක්වත් නොදැක ජීවත්වූ ගල් යුගයෙන් ආ ඇත්තියක් විය යුතුය.

ඇමරිකාවට පසු ලොව තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයේ දැවැන්තයා කවුද?      Infosys, TCS, Cognizant, HCL, Wipro වැනි දැවැන්ත තොරතුරු තාක්ශණ සමාගම්වල නිජබිම වූ ඉන්දියාවයි (පුදුම වන්නට එපා!)

ඒත් ලොකුම ICT එක්සිබිශන් එක තියෙන්නේ ලංකාවේය!!

තොරතුරු තාක්ශණයේ අංක 2 වූ ඉන්දියාව තිබෙන්නේද දකුණු ආසියාවේය, එහෙත් දකුණු ආසියාවේ ප්‍රමුඛතම (premier) තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණය තිබෙන්නේ කොහිද? ලංකාවේය, නමින් ඉන්ෆොටෙල්ය, මෙවර පැවැත්වුනේ, වාහන 10ක් ගාල් කරගන්නට රථගාලක් නැති, හරිහමන් වැසිකිලි පහසුකම් නැති, ගැලවෙන ගඳගහන කාපට් අතුරා ඇති, නමට පමණක් "Exhibition & Convention Centre" එකක්වූ තැනකය. එහෙත් මෙවැනි මාධ්‍ය ප්‍රකාශණ ලියාදෙන ඉන්ෆොටෙල් ලොක්කෝ, ලෝකය හෝ රට ගැන මුකුත් නොදන්නා ගැමියන් නොව ලංකාවේ ICT කොම්පැණිවල ලොක්කන්ය. ඔවුන් රට රටවල ඇවිද තිබේ, CeBITCOMPUTEX වැනි ලෝකයේ දැවැන්ත තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණ නරඹා ඇතුවාටද, ඒවා ප්‍රදර්ශකයින් ලෙස හෝ ගැනුම් කරුවන් ලෙස සහභාගීවී ඇතුවාටද සැක නැත. එමනිසා හොඳ තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණයක් යනු කුමණාකාරයේ වැඩසටහනක් දැයි මෙම උගත් වැදගත් සංවිධායක මහතුන් හොඳින් දනී.

FITIS හෙවත් Federation of Information Technology Industry Sri Lanka ඔවුන්ගේ ව්‍යාපාරවල වෘත්තිය සංවිධානයයි. ඉන්ෆොටෙල් සංවිධානය කරන්නේ මේ FITIS සංගමයෙන් තෝරාගන්නා කමිටුවකිනි. එපමණක් නොව FITISලා ගැන ගැන යමක් දැනගන්නට ඔවුන්ගේ වෙබඩවියට පිවිසි ලේඛකයාගේ මුවගට සිනාවක් නැගෙන යමක් දකින්නට ලැබිණි. ඉන්ෆොටෙල් 2013 ප්‍රදර්ශණය පවා අවසන්වී තිබෙන මොහොතක FITIS වෙබ් අඩවියේ තවමත් ඇත්තේ ඉන්ෆොටෙල් 2011 හා 2012 විස්තරය. අපේ IT ඉන්ඩස්ට්‍රි සංගමයේ යාවත්කාලීන වීම එතරම්ම ශෝක්ය. සංගමෙයේ අන්තර්ජාල බිහිදොර යාවත්කාලීන කරගන්නට උනන්දුවක් නැති අය ලංකාව "IT Hub" එකක් කරන්නට දතකයි. ඒ සඳහා ආණ්ඩුවෙන් වැඩි සහයක් නැතිබවට කොක්ටේල් පාටිවලදී මැසිවිලි නගනවාටද සැක නැත.

මේ දවස්වල ප්‍රයිවෙට් සෙක්ටර් ලොක්කන්ගේ පාටිවල වැඩියෙන්ම කියවෙන්නේ චීනෙන් ණය ගැනීමය හෙවත් චීනාට රට විකිණීම ගැනය. ආණ්ඩුව පැත්තක තිබ්බත් ලංකාවේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ බොහෝ දෙනෙක් අද කරන්නේ බාල චීන බඩු ලංකාවට ගෙනැවිත් වැඩි ගාණට විකුණා පාරිභෝගිකයින් රැවටීම බව එයාලාම අමතක කරති. අමතක කොට චීනාට ණයවීම ගැන විතරක් කතා කරති. අපේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ හැටි එහෙමය. මේ ලංකාවනේ... සියලු බොරු රැවටිලි මෙහෙට ඔට්ටුයිනෙ. ඕනෑම අටමගලක් අටවාගෙන ආසියාවේ ලොකුම,විශාලතම, ප්‍රමුඛතම යයි කියන්නට අපේ අයියලාට කිසිදු හිරිකිතයක් නැත.  අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත යයි කියාගන්නා පත්තරයක් අපේ රටේ තියෙන්නේත් මේ හිරිකිතයකින් තොරව බොරුකීමේ ජාතික හැකියාව නිසා විය යුතුය.  ලංකාව තිබෙන්නේ අග්නිදිග ආසියාවේ නොව දකුණු ආසියාවේ බව, අග්නිදිග ආසියාවේ වැඩිම ජනගහනය ඇත්තේ ඉන්දුනීසියාවේ බව, දකුණු ආසියාවේනම් ඉන්දියාවේ බව, වැඩියෙන්ම අලෙවිවන පුවත්පත් තිබිය හැක්කේ වැඩිම ජනගහනය තිබෙන රටවල නොවේද යන බාලාංශ දැනුම මේ අයට නැත.

ලෝකයේ වැඩියෙන්ම බොරු කියන්නේ, අවිද්‍යාව, අන්ධ විශ්වාස බෝකරන්නේත් වැඩිම අසරණයින් ගණනක් නොමග යවන්නේත් ලංකාවේ පලවන සිංහල ඉරිදා පත්තර බව ලේඛකයාගේ විශ්වාසයයි. කොහෙන්හෝ අහුලා ගන්නා ගපැලෙන මුසා, අතිශයොක්ති කතා වලින් පිරී ඇති ඒ පත්තර රුපියල් 60 ගෙවා මිලදී ගන්නේ හරවත් දෙයක් කියවන්නට නොලියැවෙන රටක අසරණ මිනිසුන්ය. ජනතාවගේ මුරදේවතාවායයි තමන්වම හඳුන්වාගන්නා මේ මාධ්‍ය ඉන්ෆොටෙල් සංවිධායකින් මවන හිස් බොරු හිස්මුදුනින් පිලිගෙන වචනයක් හෝ වෙනස් නොකොට පලකරන්නේ හොර කට්ටඩි හා ගොඩ වෙද්දුන් ජීවකයින් ලෙස හඳුන්වමින් මිනිසුන්ට රැවටෙන්නට පාරකපන්නා සේය. ඉන්ෆොටෙල් ගැන මාධ්‍යවල පලවුනු අතිශයොක්ති වාර්තා බලා රැවටී ඉන්ෆොටෙල් බලන්නට ඇවිදින් කාලය කා දමාගත් දස දහස් ගණන් මිනිසුන් මෙරට සිටිනවාට සැක නැත.

සිංහල පත්තර ගහන්නේත්, ඉන්ෆොටෙල් සංවිධායකවරු ඉන්නේත් පෞද්ගලික අංශයේ මිස රාජ්‍ය අංශයේ නොවේ..

ලංකාවේ ලොකුම බොරුකාරයන්, රැවටිලිකාරයන් සිටින්නේ රාජ්‍ය නොව අපේ පෞද්ගලික අංශයේයි!!

ලංකාවේ පොදු මහජනතාව විශ්වාසකරන අන්දමට වඩාත්ම දූශිත වන්නේ රජයේ ආයතනයි. මේ අතර පොලීසිය, අධිකරණය, ප්‍රාදේශීය සභා, නගර සභා පලාත් සභා මුල්තැනක් ගනී. මෙය ඇත්තකි. මේ සියල්ල අතරින් වඩාත්ම දූශිත පොලීසිය බව කියැවෙයේ. සුදුපටි ඇඳගත් රාළහාමිලා බාන බැගින් මහපාරේ  තැන් තැන්වල සිටිමින් නිදහසේ මහපාරේ ගමන් කරන, රථවාහන නීති කඩ නොකරන වාහන පවා නවත්වමින්, මිනිසුන්ට නිදහසේ සිය ගමන්බිමන්වල යෙදීමේ අයිතිය උල්ලංඝණය කරමින් පරීක්ශා කරන්නේ ඇයිදැයි පොලිසියේ උසස් නිළධාරියෙකුගෙන් විමසූවහොත් ගත් කටටම "අණතුරු අඩුකිරීමට, රියදුරන්ගේ නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට, බළපත්‍ර නොමැතිව වාහන පදවන්නන් අල්ලා ගැනීමට..." යයි පවසන බවට සැකයක් නැත.  එහෙත් ඇත්ත අපි දනිමු, වැඩි විස්තර වුවමනා නැත. දී කිරට බළලුන්ද සාක්කිදෙන බව අප අසා ඇත.

එහෙත් සැබැවින්ම ගත්කල මේ රටේ ජනතාව වැඩියෙන්ම ගසාකන්නේ පෞද්ගලික අංශයේ සමාගම් යයි කිවහොත් ඔබ පුදුමවනු ඇත.

ඒත් ඇත්ත එයයි...

ඔබ නිතර මිළදී ගන්නා මදුරුකොයිල් එක, ටූත්පේස්ට් ටියුබය, දත්බුරුසුව, සබන්කැටය, ක්ශණික නූඩ්ල්ස් පැකැට්ටුව, ශැම්පූ පැකට්ටුව, පෑන, පැන්සල, මකන කෑල්ල, කිරිපිටි පැකැට්ටුව, යෝගට් කෝප්පය, ක්ශණික පාන පැකැට්ටුව, පැණි බීම බෝතලය, තේ කුඩු පැකැට්ටුව, පොල්තෙල් බෝතලය, සැමන් ටින් එක වැනි සියගණනක් බඩුභාණ්ඩවල මිල ඉකුත් වසර තුල ඒ සමාගම් වලින් වැඩිකොට ඇත්තැයි ඔබට දැනීමක් ඇතිද? නැත. එහෙත් මේ සමාගම් සියල්ලම අඩුම ගණනේ මාස හයකට වතාවක් හෝ (බොහෝවිට කාර්තුවකට වරක් ) සිය භාණ්ඩවල මිළ වැඩිකොට ඇතිවාට සැක නැත.

මිළ වැඩිකරන්න කිට්ටුවෙන විට මොවුන් එක්කෝ කෘත්‍රිම හිඟයක් මවා වෙළඳපොලෙන් බඩු ඉවත්කර ගනී, නැතහොත් විවිධාකාරයේ අලවිකරණ විජ්ජා දමා පාරිභෝගික අවධානය වෙනතක යවයි. ගෑම් කිහිපයක් වැඩියෙන් දීම, එකක් ගත්විට දෙකක් දීම වැනි විජ්ජාවලින් මිළ වැඩිවීම වසා පාරිභෝගිකයා රවටයි. මෙවැනි විජ්ජා විශාල ප්‍රමාණයක් මෙම සමාගම්වල සන්නාම කළමණාකරුවන් (brand managers) හා අලෙවිකරණ කළමණාකරුවන් (marketing managers) සතුව පවතී. මේ සෙප්පට විජ්ජා හරහා මොවුන් ඔබගේ පොකැට්ටුවෙන් ඔබට නොදැනීම වැඩිපුර මුදල් අද්දවා ගන්නා අතරම සමාගමේ වාර්ශික වාර්තාවේ (annual report) සමාජ වගකීම් ප්‍රකාශණය (social responsibility report) වැනි අතුරු වාර්තා එක් කරමින් පිටිසර පලාතක මොකක් හෝ දුප්පත් පාසලකට/ගමකට/ අනාථ නිවාසයකට කරන ලද උපකාර කිහිපයක් පෙන්වා නම්බුව රැකගන්නට උත්සහා කරයි. ඒවා සඳහා මුදල් සොයාගන්නේද ඔබගේ ඇස්වසමින් වසරකට වරක්, දෙකක් හෝ තුනක් මිල වැඩිකොට ඔබගේ පොකැට්ටුවට විදිමින් බව ඔබවත් නොදන්නේය.

එමපණක් නොව මෙලෙස මිල වැඩිකිරීමේදී, බොහෝවිට සමාගම එකතුව කටයුතු කරයි. පැණිබීම සමාගම්, බිස්කට් සමාගම්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමාගම් මේ සඳහා ප්‍රසිද්ධය. එක් සමාගමක් මිළවැඩි කොට දින කිහිපයකින් හෝ සතියකින් දෙකකින් අනෙකුත් සමාගම්ද මිළ වැඩිකරයි. ඔවුන් එසේ කිරීම අනුව, මිළ අනුව වන තරඟය (price competition) නවත්වාගනියි. සටන වෙන්නේ රූපවාහිණී දැන්වීම හරහාය. ඒ සඳහා යන ලක්ශගණන් මුදල් ගන්නේද ඔබේම සාක්කුවෙනි. ඒ කියන්නේ ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක දැන්වීම ගාස්තු ගෙවන්නේද ඔබමය.

ඔන්න ලංකාව හා ලංකාවේ බොරු කයිවාරු ගහන, මිළ වැඩිකොට (පාරිභෝගිකයාට අඩු මිළට විකුණා වෙළඳාම වැඩිකරගෙන නොවේ) ප්‍රොෆිට් පෙන්වන පෞද්ගලික අංශය. ඉන්ෆොටෙලුත් එයාලගෙමනේ.








ගලක්‌ මෙළෙක්‌ කළ, නිම්නයක්‌ වැවක්‌ කළ, දණ්‌ඩක්‌ දඬු මොනරයක්‌ කළ, සංසාරයක්‌ නිර්වාණයක්‌ කළ ඒ ජාතියට කුමක්‌ වීද?

$
0
0

ගලක්‌ මෙළෙක්‌ කළ, නිම්නයක්‌ වැවක්‌ කළ, දණ්‌ඩක්‌ දඬු මොනරයක්‌ කළ, සංසාරයක්‌ නිර්වාණයක්‌ කළ ඒ ජාතියට කුමක්‌ වීද?

පිට දීප දේශ ජයගත් ජාතිය අන්තිමේදී නිදියන පැදුරත් පිටරටින් එන තුරු බලා සිටින තැනට වැටුණේ කෙසේද?

සියවස්‌ කිහිපයකට ප්‍රථම මහා පෞඩ ජාතියක්‌ සුද්දාගේ ශතවර්ෂ එකහමාරක පාලනයෙන් අනතුරුව පරපෝෂිත ජාතියක්‌ බවට පත්වූයේ කෙසේද?

ජාතියේ ආශ්චර්යමත් හැකියාවන් මොටවූයේ කෙසේද? නැතිනම් ඒ හැකියාවන් මොට කළාද? 

ඒ හැකියාවන් මොට කරනු ලැබුවේ මානසික වංචාවක්‌ කරමින්ද?

"මහදැන මුත්තා" සම`ග බැදී ඇති කතා ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඉතා ප්‍රචලිතය. මහදැන මුත්තා යනු මහා දැනුමක්‌ ඇතැයි කියන ගමේ සිටි ගෝල බාලයන් පිරිවරාගත් වයසක නායකයෙකි. ඔහු කළ ක්‍රියා සියල්ල මෝඩ ක්‍රියා විය. ශ්‍රී ලාංකීය සිංහල ජනතාව මෙම කථා අසා වින්දනයක්‌ ලැබුවාට සැක නැත. එකී ශ්‍රී ලාංකිකයන්ගෙන් කීදෙනෙකු "මහදැන මුත්තා"ගේ නිර්මාතෘන් බ්‍රිතාන්‍යය පාලකයින්ගේ සිංහල වන්දිභට්‌ටයින් බව දැන සිටියා දැයි ප්‍රශ්නයකි.


ශ්‍රී ලාංකිකයින් මෝඩයින් බවත්, හරිදේ දැනගැනීමට නම් අප බ්‍රිතාන්‍යයින්ගෙන් අසා දැන ගත යුතු බවත්, අප හට ඉගැන්වීම මෙහි අරමුණ වී ඇත. ලොව ශේ්‍රෂ්ඨ නිර්මාණ බිහි කළ ජාතියක්‌ව සිටි සිංහලයින් අවුරුදු 150 ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු කිසිවක්‌ හරි හැටි කරගත නොහැකි මෝඩ රැළක්‌ සේ "අපට බැරි" යෑයි කියාගත් ජාතියක්‌ බවට පත් වී සිටියේය. කෙසේ හෝ ඉන්දීය නිදහස්‌ සටනේ රැල්ළට හසු වී බ්‍රිතාන්‍ය පාලකයින් 1948 දී ශ්‍රී ලංකාවෙන්ද ගසාගෙන ගිය පසු ශ්‍රී ලංකාව නාමිකව හෝ නිදහස්‌ රටක්‌ බවට පත්විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ කීර්තිය සහ බල පරාක්‍රමය ඉදිරියටත් රැගෙන යාමට ඔවුන්ගේ වාසි තකා බිහිකරගෙන ඇති පොදු රාජ්‍ය මණ්‌ඩලය මා හට නම් ගෙන එන්නේ හුදු අප්‍රසන්න අතීතයක අප මුතුන් මිත්තන් වි`දි දුක්‌ ගැහැට සහ අනේක වධ හිංසාවන්ගේ අමිහිරි සිතිවිලිය.

ඇතැම් ශ්‍රී ලංකිකයින්ට තවමත් බ්‍රිතාන්‍යය ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්‌ ලෙස පෙනුණද මට නම් ඔවුන් පෙනෙනුයේ අප රටේ සම්පත් උදුරාගත් නිදහසෙන් පසුව පවා උපක්‍රමශීලීව අප රට සූරාකමින් සිටින රටක්‌ ලෙසටය. නිදහසින් පසුව ඔවුන් විසින් තෝරාපත් කර ගිය ඔවුන්ගේම අනුගාමිකයින් වැනි "කඵ සුද්දන්" තවමත් මෙරට ඇති අතර ඔවුන්ගේ ලෝකයේ කෙළවර ලෙස අදද ඔවුන් දකිනුයේ "මහා බ්‍රිතාන්‍ය"යයි.

ඇතැමුන් කරුණු එසේ දුටුවද ලෝක ආර්ථීකයේ යථාර්තයන් මෑත ඉතිහාසයේ විශාල ලෙස වෙනස්‌ වෙමින් පවතින අතර බ්‍රිතාන්‍යය ලෝක ආර්ථීක බලවතුන් අතරින් 6 වන ස්‌ථානයට පහත බැස ඇති අතර එම රටෙහි වත්කම් විශාල ලෙස මැදපෙරදිග වැනි තෙල් බලවතුන් විසින් මිළදී ගනිමින් සිටී.

ලොව විශාලතම ආර්ථීකයන් හිමි රටවල්
(වගුව 1 බලන්න)

මැද පෙරදිග සහ රුසියානු මුදල් හමුවේ තම දේපළ විකිණී යද්දී බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පැරණි යටත් විජිතයන් තව දුරටත් ඔවුන්ගේ අතවැසියන් ලෙස සිටිය යුතු බව සිතන ලෙසක්‌ ඔවුන්ගේ ක්‍රියා කලාප වලින් පෙන්නුම් කරයි. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට කරන බලපෑම් මේ බව මොනවට පැහැදිළි කරයි.

"ගහන්න ගහන්න වදින මිනිසාත්, ව`දින්න වදින්න ගහන මිනිසාත්, දෙදෙනාම මෝඩයින්" යෑයි අප ජන වහරේ කියමනක්‌ ඇත. එබැවින් ශ්‍රී ලංකාව තව දුරටත් අසරණ දුප්පත් රටක්‌ නොව තම ස්‌වශක්‌තියෙන් ඉදිරියට යා හැකි ඉතා දක්‍ෂ නිර්මාණ ශක්‌තියෙන් යුතු ජනතාවක්‌ ඇති රටක්‌ බව ලෝකයට කියා පෑමට අප මෙම පොදු රාජ්‍ය මණ්‌ඩල සමුඵ කාලය යොදා ගතයුතු බව මගේ හැ`ගීමයි.

පසුගිය දස වසරක්‌ තරම් වු කෙටි කාලයක්‌ තුළ ඇති වී තිබෙන ආර්ථීක ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන් සහ ජනගහණය වශයෙන් ලොව රටවල් 262 ක්‌ අතරින් හිමිකරගෙන ඇති ස්‌ථානය මෙසේ දැක්‌විය හැක.

ආර්ථීකය අනුව " 71 වන ස්‌ථානය 
ජනගහණය අනුව " 57 වන ස්‌ථානය

(දත්ත මූලාශ්‍රය( http://www.ciaworldfactbook)

තවද පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටවල් 54 අතරින් ශ්‍රී ලංකාවේ ස්‌ථානය මෙසේ සටහන් වේ. 

ආර්ථීකය අනුව " 12 වන ස්‌ථානය
ජනගහණය අනුව " 15 වන ස්‌ථානය 

(දත්ත මූලාශ්‍රය( http://www.indexmundi.com)

පසුගිය දස වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථීක දියුණුව පහත ප්‍රස්‌තාරයේ දැක්‌වේ.


දකුණු කොරියානු උදාහරණය

යටත්විජිතවාදී මානසිකත්වයෙන් මිදී තම රට දියුණුවේ මාවතට යොමු කර ගත් රටක්‌ ලෙස දකුණු කොරියාව අපට ආදර්ශයක්‌ කර ගත හැකිය. 1910 සිට 1945 දක්‌වා වසර 35ක්‌ ජපානයේ යටත්විජිතයක්‌ ලෙස පැවති කොරියාව දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ජපානයේ පසු බැසීමත් සමග 1945 දී ඇමෙරිකාවට දකුණු කොරියාවත් රුසියාවට උතුරු කොරියාවත් හැසිරවීමට පහසු වන සේ දෙකට බෙදා වෙන්කර ගැනිණ. ඉන් පසුව 1950 ජුනි මාසයේ සිට 1953 ජූලි මාසය දක්‌වා පැවති උතුර"දකුණු කොරියානු යුද්ධයෙන් මිලියන 5 කට වඩා වැඩි ජනතාවක්‌ මිය ගියේය. ඉන් අනතුරුව අදටත් කොරියාව උතුරු-දකුණු ලෙස බෙදී පවතී. එම කුරිරු යුද්ධයෙන් පසුව ආර්ථික දියුණුවක්‌ සඳහා කැපවුණු දකුණු කොරියාව 1960 වසරේ සිට "අපට හැකියි" (We Can) යන තේමාව තුළ ඉතා ඉහළ ප්‍රගතියක්‌ ලැබූ මිලියන 50 ක පමණ ජනගහණයක්‌ ඇති රටකි. එම කාලය තුළ ඔවුන් ජපානයට හෝ ඇමෙරිකාවට "වන්දිභට්‌ටකම්" කිරීමෙන් වැළකී තම ආර්ථිකය ගොඩනගා ගැනීමට දේශීය ව්‍යවසායකයින් දිරි ගැන්වීමෙන් විsශාල දියුණුවක්‌ ලබා ගත්තේය.



එම දියුණුවේ උදාහරණ ලෙස අපට දකුණු කොරියානු සමාගම් දෙකක්‌ වන "සැම්සුන් ඉලෙක්‌ට්‍රොනික්‌" සමාගම සහ "හුන්ඩායි හෙවි ඉන්ඩස්‌ටි්‍රස්‌" සමාගම් දැක්‌විය හැකිය. 1970 වසරේ ජපානයේ සැන්යෝ සමාගමේ තාක්‌ෂණය ලබාගෙන පළමු කළු-සුදු රූපවාහිනිය නිපදවූ "සැම්සුන් ඉලෙක්‌ට්‍රොනික්‌" සමාගම වසර 40 කට පසුව අද ලොව විශාලතම ඉලෙක්‌ට්‍රොනික්‌ නිෂ්පාදන සමාගම බවට පත්ව ඇති අතර එම සමාගමේ වාර්ෂික වෙළඳ පිරිවැටුම 2012 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 187 ක්‌ විය. එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්‌ත ආර්ථිකය මෙන් තුන් ගුණයකටත් වඩා විශාලය.

අනෙක්‌ උදාහරණය වන "හුන්ඩායි හෙවි ඉන්ඩස්‌ටි්‍රස්‌" සමාගම 1972 වසරේදී නැව් නිෂ්පාදනයට යොමු වන විට දකුණු කොරියාව සතුව කිසිම නැව් නිෂ්පාදන පළපුරුද්දක්‌ හෝ තාක්‌ෂණයක්‌ නොපැවතිණ. එසේ වුවද ඉන් වසර 400 කට පෙර කොරියානුවන් විසින් නිපදවූවා යෑයි කියන "කොබුක්‌ සාන්" නැමති නැව ශක්‌තියක්‌ කරගත් එම සමාගම නැව් නිපදවීමේ ක්‌ෂේත්‍රයට පිවිසියේ නැව් නිෂ්පාදන ශක්‌තිය තම ජාන (DNA) වල ඇතැයි පවසමිනි. එසේ ආරම්භ කළ නැව් නිෂ්පාදන ක්‍රියාවලිය කොතෙක්‌ සාර්ථක වීද යත් අද වන විට ලොව විශාලතම නැව් නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින සමාගම් හතරම දකුණු කොරියාවට අයත් වන අතර දකුණු කොරියාව නැව් නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ අපරාජිත වීරයින් බවට පත් වී ඇත.

ඉහත තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ශක්‌තිය ජනතාව අවබෝධ කරගත යුතු අතර විශේෂයෙන්ම අප රාජ්‍ය නිළධාරීන් සහ මෙම සමු`ඵව සංවිධානය කරන අනෙකුත් ශ්‍රී ලාංකීය නිළධාරීන් හො`දින් වටහා ගත යුතුය. අප තවදුරටත් බ්‍රිතාන්‍යය ඇතු`ඵ අනෙකුත් බටහිර රටවලට වන්දිභට්‌ටකම් කළ යුතු රටක්‌ නොවන බව අප නිළධාරීන් දැනගත යුතුය.

මෙම සමු`ඵවේ නිරීක්‍ෂකයන් ලෙස වර්ථමාන ලෝකයේ ආර්ථික බලවතුන් වන චීනය, රුසියාව වැනි රටවල් වලටද ආරාධනා කිරීම, රජය විසින් ගෙන ඇති ඉතා ඥානාන්විත ක්‍රියාවකි. ත්‍රස්‌ත්‍රවාදය පරදවා 2009 දී ලැබු ජයග්‍රහණයත් සම`ග ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක්‌ කරා පියනගන බවත්, ලොව ඇති ඉතා ආරක්‍ෂාකාරී රටවල් වලින් එකක්‌ බවත්, අප ලොවට පෙන්වා දිය යුතුය. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අරමුණ කුමක්‌ වුවද, එම`ගින් මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් සහ ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණය ඉදිරියේ ශ්‍රී ලංකාවේ සැබෑ ශක්‌තිය විදහාපෑමට මෙය කදිම අවස්‌ථාවකි.

එසේ අප ශක්‌තිය පැහැදිළි කර දී අප මෙන්ම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ හිංසාවට පත් අනෙකුත් නැගී එන ආර්ථීකයන් සම`ග සාධාරණ වෙළදාම් සහ ආයෝජනයන් කරමින් ශ්‍රී ලංකාව ආර්ථීක බලවතකු කරගැනීමට දැන් කාලය එළඹ තිබේ. 

අප රටේ අභ්‍යන්තර කටයුතු වලට පවා ඇ`ගිලි ගසන ඉහත ස`දහන් කුඩා රටවලට ඇති එකම ශක්‌තිය නම් ආර්ථීක සහ මූල්‍යමය ශක්‌තියයි. ශ්‍රී ලංකාවට එම ශක්‌තිය ලබාගත හැක්‌කේ "අපට හැකිය" යන්න තරයේ විශ්වාස කරමින් ශ්‍රී ලාංකීය ආර්ථීකය අප විසින්ම න`ගා සිටුවීමෙන්ම පමණි.

ලොව කිසිම රටක්‌ වෙනත් රටක්‌ ම`ගින් න`ගා සිටුවා නැත. තම රට න`ගා සිටුවීමට ඕනෑවට වඩා වෙනත් රටවල් සහ වෙනත් රටවල උපදේශකයන් තම රට තුළට ගෙන්වාගත් බෙහෝ රටවල අද සිදු වී ඇත්තේ ආර්ථීක නැගී සිටීමක්‌ නොව ආර්ථීක පරිහානියක්‌ම බව අද ලෝකයේ සිදුවන දෙයින් මනාව පැහැදිළි වේ.

* සමන්ත කුමාරසිංහ

Source: http://www.divaina.com/2013/11/10/feature09.html


COMMENTS

අද ගත්ත රෙදි වැලට ගහන උන බම්බු වලින් හදපු clip එකත් made in china. චැසියෙන් වැඩි හරියක් ලංකාවේ ගහන micro car එකේ කකුලෙන් අදිද්දී මරුටි කැසිනෝ ගහන්න බදු සහන දෙනවා.(කැසිනෝ හොදයි සුද්දන්ගෙන් සල්ලි ගැලව ගන්න.එත් ගලවන සල්ලි ඔක්කොම පිට රටකට යනවා.එතකොට ගෙනාපු ඩොලර් කොටි 240 වගේ 10ගුණයක් වත් ගෙනියනවා) මේවා ගැන කියන්න ගත්තොත් හෙට උදේ යන්න වෙන්නේ සුදු වෑන් එකකින්. මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත් on ගලක්‌ මෙළෙක්‌ කළ, නිම්නයක්‌ වැවක්‌ කළ, දණ්‌ඩක්‌ දඬු මොනරයක්‌ කළ, සංසාරයක්‌ නිර්වාණයක්‌ කළ ඒ ජාතියට කුමක්‌ වීද?

:d පිස්සු හැදෙනවා අප්පා අපේ මිනිස්සු කවද්ද දෙයක් පුළුවන් කියල කිව්වේ ඇහුවොත් දෙයක් ඕක කරන්න බැහැ අපේ මිනිස්සුන්ගේ ලේවල තියෙන්නේ රාවනාගේවත් විජයගේවත් ජාන නෙවෙයි චව් චව් ගෙ ජාන කියලයි මට හිතෙන්නේ එකයි ඇහුවොත් දෙයක් ඕක කරන්න බැහැ ඕක හරියන්නේ නැහැ. වටිනා ලිපියක් හැමදාම ආර්ටිකල් කියෙව්වට කොමෙන්ට් කරන්නේ නැහැ නමුත් මේ ලිපියට කොමෙන්ට් නොකර බැහැ ;(( on ගලක්‌ මෙළෙක්‌ කළ, නිම්නයක්‌ වැවක්‌ කළ, දණ්‌ඩක්‌ දඬු මොනරයක්‌ කළ, සංසාරයක්‌ නිර්වාණයක්‌ කළ ඒ ජාතියට කුමක්‌ වීද?











Google ලෝක වාසීන්ගේ මතකය මොට කරනවාද?

$
0
0


ලෝක ජනතාවගේ මතකය මොට කිරීමේ කාර්යයයේ මූලිකම වැඩ කොටසක් සිදුකරන අංගය බවට ගූගල් සෙවුම් වෙබ් අඩවිය පත්ව ඇති බවට අදහසක් මතුව තිබේ.

මේ බව පැහැදිලි කිරීම සදහා හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පරීක්ෂණ මාලාවක්ම සිදු කර ඇති අතර මේ අනුව වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුම තමන්ගේ බුද්ධිමත් භාවයේ දිගුවක් එසේ නැත්නම් අලූතින් එක් කළ කොටසක් ලෙස මේ අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍ර භාවිත කරමින් සිටින බව අවාධාරණය විය.
මේ පිරිස තමන් නොදන්නා කාරණයක් පිළිබදව සෙවීම සදහා ඉක්මනින්ම පිවිසෙන්නේ මේ ගූගල් සෙවුම් වෙබ් අඩවිය වෙතයි. ඒ හරහා ඊට පෙර පරම්පරාවේ එනම් සිය දෙමව්පියන්ට වඩා ඔවුන් මතක ශක්තියෙන් හීන වී තිබෙන බව සොයා ගෙන ඇත.

මේ පරීක්ෂණයේදී ගූගල් වෙබ් අඩවිය භාවිත කරන සහ භාවිත නොකර උත්තර ලබාදීමට අවසරය ඇති ප‍්‍රශ්න කීපයක් මේ සදහා යොදාගත් සිසුන් පිරිසකගෙන් අසා ඇති ප‍්‍රතිඵල අනුව තම තමන්ගේ බුද්ධි මට්ටම පිළිබදව මානයක් සකසා ගන්නැයි ඔවුන් සිසුන්ගෙන් ඉල්ලා තිබේ.

එසේම මේ සිසුන් පිරිස තමන්ට හිමි මතක ශක්ති ප‍්‍රමාණයට වඩා දරා සිටීමට ඇති කාරණා සියල්ලක්ම පාහේ මෙලෙස ‘ක්ලවුඞ් මතකයන් ’හෙවත් ‘අන්තර්ජාල මතකයන්’වෙතභාර දී තිබෙන බව පර්යේෂකයන් පවසයි.
තවත් අතකින් බැලූ විට මෙය මීට පෙර පරම්පරාවල් තමන්ට දරාගත නොහැකි යම් යම් කාරණාවන් මතකයේ තබා ගන්නටය කියා තම පවුලේ සාමාජිකයන්ට භාර දුන්නා හා සමාන බව ඔවුන්ගේ අදහස වෙයි.

Source: http://lankacnews.com/sinhala/foreign-news/105046/



ඔබත් පිපිඤ්ඤා කන්න...

$
0
0


අපේ රටේ එතරම් වටිනාකමක් හෝ පාරිභෝගික උනන්දුවක් නොතිබුනත් දියුණු රටවල පාරිභෝගිකයින් ඉතාමත් ආශාවෙන් අනුභව කරන, එළවලු සලාද මෙන්ම හැම්බර්ගර් වැනි පහසු ආහාර (fast-food) වල පවා නිතර යොදන "සුපිරි ආහාරයක් - super food"ලෙස පෝශණ වේදීන් හඳුන්වන ඉතා ලාභදායි එළවළුවකි පිපිඤ්ඤා.


පිපිඤ්ඤා අනුභවයෙන් ඔබේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් පහත දැක්වේ.

1. පිපිඤ්ඤා විජලනයට ඉතා හොඳ ආහාරයකි. 90% ජලය අඩංගු පිපිඤ්ඤා අමුවෙන් ආහාරයට ගැනීම සිරුරට ජලය ලබාගත හැකි ඉතා හොඳ ක්‍රමයකි. ඔබේ දරුවන්ටත් නිතර අමුවෙන් පිපිඤ්ඤා කෑමට උනන්දු කරවන්න.

2. පිපිඤ්ඤා සිරුරේ උශ්ණාධික බවට අත්දුටු ප්‍රතිකාරයක් බව බටහිර පෝෂණවේදීන් තහවුරු කරගෙන ඇත.

3. විවිධාකාරයෙන් ශරීරගතවී පටකවල තැම්පත්වෙන විෂ (toxins) සිරුරෙන් ඉවත්කිරීමේ හැකියාව පිපිඤ්ඤා සතුබව සොයාගෙන ඇත. එමෙන්ම නිතර අනුභව කිරීමෙන් වකුගඩු ගල් (kidney stones) දියකර හැරීමේ හැකියාව පිපිඤ්ඤා සතුවේ

4. පිපිඤ්ඤාවල විටමින් A, Bහා C විශාල ප්‍රමාණයක් අඩංගුව. පිපිඤ්ඤා පොත්තේ විටමින් C බෙහෙවින් අඩංගු බැවින් පොත්ත පිටින් ආහාරයට ගැනීම වැදගත්ය. ලංකාවේ සාමාන්‍ය පිසීම් ක්‍රමය හෙවත් හොඳින් තම්බා ගැනීමේදී මෙම විටමින බෙහෙවින් විනාශව යන බැවින් පිපිඤ්ඤා අමුවෙන් කෑම ඉතා වැදගත්ය

5. පිපිඤ්ඤා වැදගත් ඛණිජ ලවණ විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයකි. පොටෑසියම් හා මැග්නීසියම් බෙහෙවින් අඩංගුය.

6. පිපිඤ්ඤා ආහාර ජීර්ණය පහසු කරවන අතර එය තන්තුමය (fiber) ආහාරයක් බැවින් ආහාර මාර්ග පද්ධතිය හොඳ මෙහෙයක් ඉටු කරයි.

7. විඩාබර, ඉදිමුණු දෑස් මත පිපිඤ්ඤා පෙති තබගැනීමෙන් ඒවා ප්‍රබෝධමත් වන අතර ඉදිමුණු ස්වභාව නැතිකල හැකි ප්‍රදාහ-නාශක (anti-inflammatory) රසායණිකයක් පිපිඤ්ඤා වල අඩංගුය.

8. පිපිඤ්ඤා වල secoisolariciresinol, lariciresinol හා  pinoresinol නම් පිළිකා නාශක රසායණික අඩංගු බව සොයාගෙන ඇත.

8. පිපිඤ්ඤා සතුව අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව ඇති බව විද්‍යාත්මක පරීක්ශණවලින් හෙලිවී ඇත. අග්න්‍යාශයෙන් ඉන්සුලින් නිපැදවීම සඳහා අත්‍යාවශ්‍ය හෝමෝනයක් පිපිඤ්ඤාවල අඩංගු අතර පිපිඤ්ඤා සතුව ඇති ස්ටෙරෝල් (sterols) නම් රසායණිකය කොලෙස්ටරෝල් අඩුකිරීමට හේතුවන බවද සොයාගෙන ඇත. පිපිඤ්ඤා වල ඇති පොටෑසියම් හා මැග්නීසියම් රුධිර පීඩනය සමබරව තබාගැනීමට උපකාරීවේ.

9. පිපිඤ්ඤා මුඛ සෞඛ්‍යයට ඉතා හොඳ බව සොයාගෙන ඇත. එහි අඩංගු phytochemcials නම් රසායණික විදුරුමස් වලට හානිකරන, මුඛයෙන් දුගඳ හැමීමට හේතුවන බැක්ටීරියා නසා දමයි.

10. පිපිඤ්ඤා හිසකෙස් හා නියපොතු හොඳින් වැඩීමට හා නීරෝගීව පැවතීමට හේතුවන සිලිකා නම් රසායණිකය බෙහෙවින් අඩංගු ආහාරයකි.


Source: http://www.fitnea.com/14-reasons-you-should-start-eating-cucumber/?utm_source=taboola

සිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් (සල්ගසක්?) වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!

$
0
0

නේපාලයේ ලුම්බිණියේ පිහිටා ඇති මෙම සිද්ධස්ථානය දැන් මායාදේවී විහාරස්ථානය ලෙස හැඳින්වේ. සිද්ධාර්ථ ගෞතමයාණන් මෙලොව එලියදුටු ලුම්බිණී සල් උයන මෙම ස්ථානයේ පිහිටා ඇති බව විශ්වාස කරන අතර බෞද්ධ පුරාවෘත වල මෙම සල් උයනේ සල්ගසක් යට සල් අත්තක් අල්වාගනෙ සිටියදී මහාමායා කුමරිය සිදුහත් කුමරුන් ලොවට බිහිකල බව පැවසේ.

මෙම ස්ථානයේ කැණීම් කටයුතුවල නිරතවන පුරාවිද්‍යාඥයින් ක්‍රි.පූ 6වැනි සියවසට අයත්යයි සැක කෙරෙන දැවමය විහාරගෙයක නටබුන් සොයාගෙන ඇති අතර  එය ගසක් වටකොට ගෙන නිර්මාණය කොට ඇති බවට සාක්ශි හමුව තිබේ. මෙම ගස කුමණ වර්ගයට අයත්දැයි තවමත් පැහැදිලි නැත. එය බෞද්ධ පුරාවෘත්තයේ සඳහන් ආකාරයටම සල් ගසක අවසේශ යයි හඳුනාගැනුන හොත් එය කොතරම් ආස්චර්යමත් වන්නේදැයි ඔබට සිතාගත හැකිද?

ඒ අනුව මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස (?) ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කලහ. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී සොයාගෙන ඇති මෙය මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස එම වාර්තා සඳහන් කරයි.

සිදුහත් කුමරුන්ගේ උපත පිළිබඳව මෙතෙක් පැවති මත භේදය මෙම නව සොයා ගැනීම මගින් නිරාකරණය වනු ඇති බව පුරා විද්‍යාඥයින් පවසති. කි‍්‍රස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ආචාර්ය රොබින් කොනින්හැම් මෙම පර්යේශන මෙහෙයවන අතර ඒ සඳහා අමෙරිකාවේ නැෂනල් ජියෝග්‍රැෆික් (National Geographic Society) ආයතනය දායක වී ඇත.

දැනට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස වන්දනාමාන කෙරෙන සියලුම පූජනීය ස්ථානවල ඇති ගොඩනැගීම් අසෝක අධිරාජ්‍යයාගේ කාලයේ එනම් ක්‍රි.පූ 3වැනි සියවසට අයත්වන අතර ඊට වඩා පැරණි බෞද්ධ විහාරාරාම ඉන්දියාවෙන් මෙතෙක් හමුවී නොමැත. එහෙත් මෙම අපූර්ව සොයාගැනීමත් සමග තත්වය වෙනස් වී ඇත. ආචාර්ය කොනින්හැම් ඇතුලු පිරිස සිදුහත් උපත සැමරීම සළකුණු කිරීමට පිහිටැවූ ස්මාරකයේ පාදම ආසන්නයේ කැනීම් සිදුකල අතර ඊට පහතින් මෙම දැවමය නටබුන් හමුවී ඇති අතර කාබන් කාළ නිර්ණයට අනුව ඒවා කි.පූ 6වැනි සියවසට, එනම් බුදුන් වහන්සේ මෙලොව පහලවූ වකවානුවට අයත් බව තහවුරු වී ඇත.

Agents of S.H.I.E.L.D

$
0
0

Agents of S.H.I.E.L.D යනු රූපවාහිණී ලොව එලිදැක්වෙන අලුත්ම අලුත් රූපවාහිණී වැඩසටහන් මාලාවකි. මෑතකදී අමෙරිකාවේ හා යුරෝපයේ විකාශනය ආරම්භ කල ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් හි පලමුවැනි කතාමාලාව (Season 1) විකාශණය වන අතර 9වැනි කථාංගය (Episode 9) මෙය ලියන අවස්ථාවේ (නොවැම්බර් 26) විකාශණය වෙමින් පවතී. මෙහි කථාංග 1 සිට 8 දක්වා piratebay වැනි ජනප්‍රිය ටොරන්ට් අඩවි හරහා බාගත කල හැක. පලමුවැනි කථාමාලාව (Season 1) කථාංග (Episodes) 10කින් යුතුය.

අමෙරිකාවේ මාවල් කොමික්ස් (Marvel Comics) හා ඒ.බී.සී රූපවාහිණී නාලිකාව මගින් නිර්මාණය කරන ලද මෙයට පාදක වන්නේ අතිශයින්ම ජනප්‍රියවුනු ඇවෙන්ජර්ස් (The Avengers) හා දැන් අමෙරිකාවේ හා යුරෝපයේ තිරගත වෙන තෝර් 2  (Thor 2 - The Dark World) චිත්‍රපටවල චරිත හා ඒ ආශ්‍රිතයෙන් ගොඩ නැගුණු සුපර්-හීරෝ මාදිලියේ තේමාවකි.

තෝර් හා දි ඇවෙන්ජර්ස් චිත්‍රපටවල ප්‍රධාන භූමිකාවක් සිදුකල Strategic Homeland Intervention, Enforcement and Logistics Division (S.H.I.E.L.D) නම් රහසිගත මෙහෙයුම් ඒජන්සියේ ක්‍රියාකාරකම් වටා කතාමාලාව ගෙතී ඇත. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේදී ලෝකී අතින් මියයන ඒජන්ට් ෆිල් කෝල්සන්ගේ චරිතයයි. මියගිය කෝල්සන් මෙහිදී නැවතත් උත්ථාන වී ඇති අතර නවතම වෛද්‍ය තාක්ශණයක පිහිටෙන් මියගොස් සුළුවේලාවකට පසුව කෝල්සන්ව නැවතත් ජීවත්කරවීමට හැකිවූ බව කථාමාලාවේ පසුබිම් විස්තරවල පැහැදිලි කරයි. 2013 සැප්තැම්බර් 24වැනිදා මෙහි මුල් කථාංගය හෙවත් පයිලට් එපිසෝඩය විකාශය වූ අතර එයට අනුව කථාමාලාවේ ආරම්භය සිදුවන්නේ දි ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ අවසානයෙන්, එනම් ලෝකී ගේ නායකත්වයෙන් පෘථිවිය ආක්‍රමණය කරන චිටාවුරී (Chitauri) පිටසක්වලයින් පලවාහැරීමත් සමගමය.


S.H.I.E.L.D ඒජන්සියේ ක්ශේස්ත්‍ර මෙහෙයුම් (field operations) භාරව සිටින කෝල්සන් විවිධ අසාමාන්‍ය සිදුවීම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ හැකියාවන් හා පුහුණුවීම් ඇති, එහෙත් සුපිරි හැකියාවන් නොමැති කුඩා කණ්ඩායමක් නිර්මාණය කරගනී. ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ Project Centipede ලෙස හැඳින්වෙන අභිරහස් ව්‍යාපෘතියක සුළමුල හෙලිකර ගැනීමයි.

දැනට විකාශණය වී ඇති කථාමාලා 8 නැරඹූ විචාරකයින් Agents of S.H.I.E.L.D ඉතා හොඳ වින්දනයක් ලබාදෙන, නිර්මාණශීලී ටෙලිවිශන් කථාමාලාවක් බව ප්‍රකාශයකට පත්කොට ඇති අතර ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. මෙහි මුල්ම එපිසෝඩය හෙවත් pilot episode ලොව පුරා මිලියන 12ක ප්‍රේක්ශකයින් පිරිසක් නැරඹූ බවට වාර්තාවේ.

ලුම්බිණියේ සිදුහත් උපත සිදුවූ ස්ථානයේ පර්යේෂණ විස්තර වීඩීයෝව නරඹන්න

$
0
0
මෙම වීඩියෝව ලුම්බිණියේ පර්යේෂණවලට දායක වන නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයේ අනුග්‍රහයෙනි!

 

මරණින් පසු ජීවිතය පිළිබඳව ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් සාක්ෂි

$
0
0

මරණින් පසු ජීවිතය පිළිබඳ මතය හිතළුවක් පමණක් බව බොහෝ විද්‍යාඥයන් සිතිය හැකි නමුදු ක්වොන්ටම් භෞතික විද්‍යාව මාර්ගයෙන් මරණින් පසු ජීවිතයක් පවතින බව අවබෝධ කරගත හැකි යයි මහාචාර්ය රොබට් ලාන්සා පවසයි.

ඇමරිකාවේ නිව් කැරොලිනාහි වේක් ෆොරස්ට් වෛද්‍ය විද්‍යාලයේ කටයුතු කරන ඔහු පවසන්නේ අප සිතන ආකාරයට ජීවය යනු කාබන් සහ වෙනත් පරමාණුක සංඝටක වලින් නිර්මාණය වූ පොළවට දිරාපත්වන දෙයක් බවයි.

නමුත් අප මරණය විශ්වාස කරන්නේ අපේ චින්තනයට අනුව ජීවය සහ ශරීරය යන දෙක සම්බන්ධ කරමින් නිසා වන අතර ශරීරය විනාශ වී යාමෙන් ජීවිතය විනාශ වන බව අප සිතන නිසා බව මහාචාර්ය ලාන්සා පවසා තිබේ.
ඔහු ඉදිරිපත් කරන ජෛව කේන්ද්‍ර වාදයට අනුව යථාර්ථයේදී මූලික වන්නේ ජීවය වන අතර විශ්වය නිර්මාණය කරන්නේ ජීවය මගින් මිස ජීවය නිර්මාණය කරන්නේ විශ්වය මගින් නොවේ.

ඔහු පවසන්නේ මිනිසුන්ගේ චින්තනයට හැකිවන්නේ එසේ නිර්මාණය වූ විශ්වයේ වස්තුවල දිග පළල තීරණය කිරීමට පමණක් බවයි.

ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව විශ්වය යනු අප සිතන රේඛීය වස්තුවක් නොවන බව පවසන ලාන්සා අවධාරණය කරන්නේ කාලය සහ අවකාශය අපේ මනසේ නිර්මාණයක් බවයි.

එය එසේ පිළිගත් විට අවකාශමය හෝ රේඛීය සීමා මායිම් නැති ලෝකයක අමරණීයත්වය පිළිගත හැකි බව ඔහුගේ අදහසයි.

අසීමිත මන්දාකිණි ප‍්‍රමාණයක් ඇති බව විද්‍යාව විසින් සොයාගෙන ඇති බවත් අප මියගිය විට අපේ ජීවිතය මේ බහු විශ්වයන් අතරට පැමිණෙන අමරණීය පුෂ්පයක් බවට පත්වන බවත් ලාන්සාගේ මතයයි.

http://www.dailymail.co.uk/sciencetech/article-2503370/Quantum-physics-proves-IS-afterlife-claims-scientist.html


http://lankacnews.com/sinhala/miraculous/104799/


2018 වනවිට කාර්යාලවල රාජකාරි සියල්ලම පාහේ රොබෝවරුන්ට කලහැකි වනවා - රොබෝ සේවකයින් නිසා අනාගතයේ විශාල රැකියා වියුක්තියක් ඇතිවිය හැකියි!

$
0
0

මහා බ්‍රිතාන්‍යයේ කෘත්‍රිම බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන "සෙලැටන්"නම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ඇන්ඩෲ ඇන්ඩර්සන් පවසන අන්දමට ඉදිරි වසර 5තුල රොබෝවරුන් හා කෘත්‍රිම බුද්ධි තාක්ශණය දැවැන්ත පිම්මක් ඉදිරිය පැනීමට නියමිත අතර ඒ අනුව දැනට මිනිසුන්ට පමණක් කල හැකි කාර්යාල රාජකාරි විශාල ප්‍රමාණයකට රොබෝවරුන් අනුයුක්ත වීම අනිවාර්යයෙන්ම සිදුවනවා.

ඔහු පවසන අන්දමට කෘත්‍රිම බුද්ධියේ නවතම පර්යේෂණ තුලින් මිනිසුන් මෙන් ඉගෙනගත හැකි පරිගණක නිර්මාණය වෙමින් පවතිනවා. මෙම ක්‍රියාදාමයේ වේගය කලින් අනුමාන කලාට වඩා වේගවත් බව පවසන ඔහු දැන් පරිගණක වලට පිටු සියගණන් දිග වාර්තා ස්කෑන් කිරීම ආධාරයෙන් කියවා ඒවායේ වචන හා වාක්‍ය නිර්මාණය කොට ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් එම වාර්තාවල අන්තර්ගතය අවබෝධ කරගත හැකි තරමට තාක්ශණය දියුණුවී තිබෙනවා. එමෙන්ම මෙම කෘතිම බුද්ධි යන්ත්‍රවලට මිනිසුන්ට වඩා ඉතා වේගයෙන් විශාල වාර්තා කියවා තේරුම් ගෙන ඒ අනුව ගතහැකි පියවර යෝජනා කිරීමේ හැකියාවද ලබාගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස කෘත්‍රිම බුද්ධි පර්යේෂණවල ඉතා ඉදියෙන් සිටින සමාගමක් වන අයි.බී.එම් සමාගම සිය "වොට්සන්"නම්වූ කෘත්‍රිම බුද්ධියක් සහිත සුපිරි පරිගණකය පාරිභෝගික සේවා සැපැයිම සඳහා අනුවර්තනය කරනු ලැබ තිබෙනවා. පාරිභෝගිකයින්ගේ දුරකථන ඇමතුම් ලබාගෙන, ඔවුන් කියනා විස්තරයට සවන්දී තේරුම් ගැනීමටත්, මිනිස් කටහඬකින් පාරිභෝගිකයා අමතා පැහැදිලි කිරීම් හා වැඩි විස්තර ලබාගැනීමටත්, එම තොරතුරු මත පාරිභෝගිකයාට අවශ්‍ය උපදෙස් හෝ සේවා සැපැයිම්ට වොට්සන් සුපිරි පරිගණකය සමත්ව තිබෙනවා.

ඉතා දියුණු කෘතිම බුද්ධියකින් යුතු IBM Watson සුපිරි පරිගණකය - පාරිභෝගික ඇමතුම් වලට සවන්දී පිලිතුරු හා විසඳුම් ලබාදීමේ හැකියාව මෙයට තිබෙනවා.
Watson Engagement Advisorලෙස හඳුන්වා ඇති මෙයට පාරිභෝගිකයාගේ ඇමතුම ලබාගන්නා අතරම සමාගම සතුව එම පාරිභෝගිකයා පිලිබඳව ඇති සියලුම ඉලෙක්ට්‍රොනික ලිපිගොනු, පෙර ඇමතුම්, චෝදනා හෝ ඉල්ලීම් ඇතිනම් ඒවා අධ්‍යයනය කොට එම පාරිභෝගිකයාගේ ගැටලුවට සරිලන ඉතා නිවැරදි පිලිතුරක් හෝ උපදෙස් ලබාදීමේ හැකියාව වොට්සන් සතුවනවා.

විශේෂඥයින් පවසන අන්දමට වොට්සන් වැනි පාරිභෝගික සේවා සපයන කෘත්‍රිම බුද්ධි පරිගණකයකට පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාවේ ගුණාත්මක භාවය ඉතා ඉහලට දැමිය හැකි අතර, ක්ශණිකව පාරිභෝගිකයාගේ ගණුදෙනු ඉතිහාසය, පෙර පැමිණිලි ආදිය ලබාගෙන, ඊට අනුරූපව පිලිතුරු දිය හැකි නිසා ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල සුපිරි සේවාවක් සැපයිය හැකිවනවා. ඒ අනුව මිනිස් පාරිභෝගික සේවා සපයන්නන්ගේ රැකියා ඉතා ඉක්මණින් නැතිවී යන්නට ඉඩ තිබෙනවා.

රක්ශණ සමාගම වල, බැංකුවල, ගුවන් සමාගම් වැනි ආයතන මෙවැනි කෘත්‍රිම බුද්ධි පරිගණක සිය පාරිභෝගික සේවාවලට අනුවර්තනය කරගැනීම ඉතා ඉක්මණින් සිදුකරනු ඇති. එමෙන්ම මෙවැනි පරිගණක වලට බැංකු ණය අයදුම්පත්, ක්‍රෙඩිට්කාඩ් අයදුම්පත්, රක්ශණ වන්දි අයදුම්පත් පිලිබඳ තීරණ ඉතා ඉක්මණින් මෙන්ම ඉතා නිවැරදිව ලබාදී පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කරන අතරම සන්තුශ්ඨියද ඉහල දැමීමට හැකි බව පැවසෙනවා.

සර්බියාවෙන් හමුවූ වසර 8000ක් පැරණි පොකට් කැළැන්ඩරය!

$
0
0

ඉහත පෙනෙන්නේ මෑතකදී සර්බියාවෙන් හමුවුනු නවශිලා  යුගයට අයත් කුඩා චන්ද්‍ර දිනදර්ශණයක්. වල් ඌරු දළයක කොටා ඇති මේ දින දර්ශණයේ චන්ද්‍රයාගේ කලාවන් (lunar phases) පෙන්වන බව පුරාවිද්‍යාඥයින් පවසනවා. වසර 8000ක් පමණ පැරණි මෙය එකල විසූ නව ශිලායුගයේ ගොවීන් කුඹුරුවල බීජ සිටුවිය යුතු කාලය අස්වනු නෙලිය යුතු වකවානුව දැනගැනීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ත්‍රිකෝණාකාර සළකුණු 28ක් මෙහි දක්නට ඇති අතර චන්ද්‍ර මාසයකට දින 28 ඇත. මේ අනුව නව ශිලා යුගයේ යුරෝපීයයන් මෙතෙක් විශ්වාසකල ආකාරයට වඩා දියුණු හා සංකීර්ණ දිවිපෙවෙතක් ගත කරන්නට ඇතැයි යන තර්කයක් මෙවැනි සොයාගැනීම් වලින් ගොඩනැගෙමින් පවතින්වා. කුඩා වල්-ඌරු දළයක මෙය කොටා ඇත්තේ ගොවියෙකුට ඉතා පහසුවෙන් තමන් යන යන තැනකට මෙය ගෙනයාමට පහසුවන ලෙස බවට විශ්වාස කෙරෙනවා.ඒ අනුව මෙය ලොව පැරණිම සාක්කු කැලැන්ඩරය විය හැකියි.

පෘථිවියෙන් 40%ක එකවර ඔත්තු බැලිය හැකි චන්ද්‍රිකාවක්

$
0
0

අවශ්‍ය  ඕනෑම අවස්ථාවකදී ලෝකයේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 40%ක් නිරීක්ෂණය කළ හැකි අති නවීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සැලසුම් කිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි වාර්තා වේ.
ඇමරිකානු හමුදාවන්ට නව තාක්ෂණය එක් කරන ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය හෙවත් ඩර්පා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇති අතර එය සජීවී උපයෝජනය සඳහා පටල ප‍්‍රකාශ නිරූපකය හෙවත් මොයර් [Membrane Optical Imager for Real-Time Exploitation (MOIRE)] ලෙස හැඳින්වේ.

මොයර් චන්ද්‍රිකාව සතුව අෂ්ටාස‍්‍ර හැඩැති දර්පණ 18ක් ඇති අතර එය විහිදීමෙන් විෂ්කම්භය මීටර් 20.7ක් වන දැවැන්ත ඇසක් නිර්මාණය වේ.

මෙම ඇස මගින් සජීවී අති පැහැදිලි ඡයාරූප සහ වීඩියෝ ලබාගත හැකිවන අතර පෘථිවියෙන් කිලෝමීටර 35000ක් ඉහළින් රැඳවූ විට මෙය පෘථිවියෙන් 40%ක භූමි භාගයක සිදුවන  ඕනෑම දෙයක් ඒ මොහොතේදීම නිරීක්ෂණය කිරීමට අවකාශ සලසනු ඇත.

පෘථිවියේ  ඕනෑම ස්ථානයක සජීවී තතු විකාශය කිරීමේ හැකියාව මේ වන විට වෙනත් කිසිදු තාක්ෂණයක් සතුව නොපවතින බව ඩර්පා ආයතනය පවසා තිබේ.  මොයර් චන්ද්‍රිකාව එහි ගොඩනැගීමේ දෙවන පියවරේ පසුවන බව පැවසේ. දැනටමත් විද්‍යාගාරයක මෙම පටල දර්පණ නිර්මාණය කොට සාර්ථකව  එම තාක්ශණය අභ්‍යවකාශ යානයක අඩංගු කරලීම සඳහා අවශ්‍ය තාක්ශණයද තහවුරු කරගෙන ඇත.

මෙවැනි දැවැන්ත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම කළ නොහැක්කක් ලෙස සැලකෙන නමුදු මොයර්හි අෂ්ටාස‍්‍ර දර්පණ ප්ලාස්ටික් පටලයකින් නිර්මාණය කර තිබීම මගින් එය සැහැල්ලූ කරගැනීමට සමත්ව තිබේ.  එය වීදුරු මෙන් නොව හැකිළිය හැකි වන නිසා අභ්‍යවකාශගත කිරීමේදී කුඩා ඉඩකඩක් පමණක් වැය වනු ඇත. 

මෙවැනි පටල දර්පණ නිර්මාණය කිරීමෙන් ඇති ප්‍රධාන වාසිය නම් වීදුරු දර්පණවලට වඩා ඉතා අඩු බරකින් යුතුවීමයි. චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කිරීමේදී එහි බර ඉතා වැදගත් නිර්ණායකයක් වන අතර බර වැඩිවන විට එම යානා අභ්‍යවකාශගත කිරීම සඳහා අතිවිශාල රොකට්ටු අවශ්‍යවන අතර වියදම ඩොලර් බිලියන ගණනකින් ඉහල යයි.

මොයර් චන්ද්‍රිකාවේ ආලෝකය නාභිගත කරන දර්පණය දැනට අභ්‍යවකාශ ගතකොට ඇති විශාල අභ්‍යවකාශ ටෙලස්කෝපයන් () හි දර්පණ සමග සැසඳීමේදී...
සාමාන්‍යයෙන් පටල දර්පණවල ශක්‍යතාවය 30% වන නමුත් මෙම මොයර් ව්‍යාපෘතිට්ය මගින් නිර්මාණය කරන ලද පටල දර්පණයේ ශක්‍යතාවය 55% දක්වා ඉහල දමාගැනීමට හැකිවීම නිසා එම පටල දර්පණ තාක්ශණය ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව දැන් අමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිර්මාණකරුවන් හට හැකිවී ඇත. ඒ අනුව ලොව වෙනත් කිසිදු රටකට නොමැති තරමේ අතිවිශාල දර්පණ සහිත අධි-සංවේදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ හැකියාව නුදුරු අනාගතේදීම අමෙරිකාවට ලැබෙන ඇත.

එකවර පෘථිවි පෘශ්ඨයෙන් 40% ප්‍රමාණයක් නිරීක්ශණය කිරීම හෝ වර්ග කිලෝමීටර් 100ක ප්‍රදේශයක අධිවිබේධන ඡායාරූප ලබාදීමේ හැකියාවද මෙම චන්ද්‍රිකාව සතුවනු ඇත. එමෙන්ම සජීවී වීඩියෝ දර්ශණ ලබාදීමේ හැකියාවට මෙය සතුය.


දෙසැම්බරයේ හික්කඩුවේ කරණම්ගහන තල්මසුන් බලන්න යන්න...

$
0
0

නිල් තල්මසා... මේ තමයි ලෝකයේ ඉන්න ලොකුම ක්‍ෂීරපායි සතා. ක්‍ෂීරපායි සතුන් අතර විතරක් නොවෙයි අනෙක් සෑම සතුන් අතරත් ලොකුම සතා නිල් තල්මසා කිව්වොත් ඒක හරි. ඉතින් මේ නිල් තල්මසුන්ව දෑසින්ම දැක ගන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු වාසනාවක්ද?

ඒ අවස්ථාව අපට පසුගියදා උදාවුණා. ඒ දකුණු මුහුදු තීරයේදී. මීට පෙරත් මම එක් වතාවක් නිල් තල්මසුන් බලන්න ගිහින් තියෙනවා. ඒ ගාලු වරායෙන් පිටත්වන නාවික හමුදාවට අයත් නෞකාවෙන්. ඒ නෞකාව සකසලා තියෙන්නේ තල්මසුන් බලන්න යන චාරිකා සඳහාමයි. හැබැයි අපි මේ පාර තල්මසුන් බලන්න මුහුදු ගියේ නැවකින් නම් නොවෙයි. බෝට්ටුවකින්. හික්කඩුවේ ඩායා ට්‍රාන්ස් හෝටලයේ නැවතිලා හිටපු අපිත් එක්ක තල්මසුන් බලන්න යන්න, එහි පරිසරවේදී සම්පතුත් එකතු වුණා.

හික්කඩුවෙන් ගමන් ඇරැඹූ අපි මිරිස්ස දක්වා අපේ වෑන් එකෙන් ගියා. මිරිස්සෙදී තමයි අපි බෝට්ටුවට ගොඩවුණේ. රළ ගහන මහ මුහුදේ බෝට්ටුවකින් තල්මසුන් බලන්න යන එක අවදානම්ද කියලත් වෙලාවකට හිතුණා. මොකද තල්මසෙක්වත් ඇවිත් බෝට්ටුවේ වැදුණොත් අපි කාටවත් පීනන්නවත් බැහැ. ඒත් ජීවිතාරක්ෂක කබා පැලැඳ සිටි නිසා කිසිම අවදානමක් නැහැ. අනිත් එක, අපිව ගැඹුරු මුහුදට එක්කන් යන බෝට්ටුවේ කප්පිත්තා බොහොම පළපුරුදු කෙනෙක්.


ඔන්න දැන් අපි මුහුදු රැලි අතරින් හිමින් හිමින් අෑත දියඹට යාත්‍රා කරනවා. උදයෙම පිටත් වුණු නිසා තවම හිරු රශ්මිය දැඩි වෙලා නැහැ. මුහුදු සුළඟ ඇඟේ දැවටෙන්නේ දිවගට ලුණු රසයක් එකතු කරමින්.
අන්න... අන්න... වතුර මලක් තිස්ස කෑ ගැහුවා. ඇත්තටම ඒ වතුර මලක් නෙවෙයි. තල්මසුන් ඉන්න බවට හොඳ සලකුණක්. උන් හුස්ම ගනිද්දී ඔය විදියට වතුර මලක් වගේ උඩට විසි කරනවා. ඒ කියන්නේ වතුර මල පේන හරියේ නිල් තල්මසා ඉන්නවා. ඒ වගේ වතුර මල් දෙක තුනක්ම දැන් අපට වරින් වර අප අවට තැනින් තැන දකින්න ලැබෙනවා. ඒ කියන්නේ තල්මස් පවුලක්ම ඉන්නවද දන්නේ නැහැ.

අන්න.. පැන්නා.... අන්න පැන්නා...හසිතගේ කෑ ගැසීමත් එක්ක හැමෝම ඒ පැත්ත බැලුවා. මහ මුහුදේ දැවැන්තයා අපව පිළිගන්නද මන්දා මහා සාගරය මැද හොඳ පිම්මක් පැන්නා මම හැරෙනකොට ඔළුව යට ගිහින්. කඳ හරිය විතරයි දැක්කේ. ඊට පස්සේ වලිගය මුහුදෙන් උඩට මතු වෙලා තත්පර 15ක් විතර තිබුණා. නිල් තල්මසා දන්නවද දන්නේ නැහැ එයාගේ පින්තූර 'මව්බිමේ පළ වෙනවා කියලා. එහෙම දන්නවා නම් මීට වඩා ලොකු පිමි දෙක තුනක් පැනලා පෙන්නයි.

අර ඕෂන් ගර්ල් කතාවේ දැරියට වගේ තල්මසුන් එක්ක කතා කරන්න අපටත් පුළුවන්කම තිබ්බා නම් අපටත් තිබ්බා තල්මසාගෙන් විස්තර ටිකක් දැන ගන්න. කොහොම වුණත් දියඹට ආපු ගමන්ම නිල් තල්මසකු දැක ගන්න ලැබීම අපේ ලොකු වාසනාවක් කියලයි අපිත් එක්ක ගිය සම්පත් කිව්වේ.

හැබැයි මම නම් දන්නවා අපි කොහොමත් වාසනාවන්තයි කියලා. අපි කිව්වේ තිස්සයි මමයි. මොකද මාස තුන හතරකට කලින් යාල ගිහින් කොටි බලන්න යද්දී සෆාරි ජීප් එකේදී නින්ද ගිය මටයි තිස්සටයි හරියටම කොටියා ආපු වෙලාවේදී ඇහැරුණේ වාසනාව නිසා නොවෙයිද? කොටි බලන්න ආපු සුද්දියොත් තිස්සවයි මාවයි පෙන්න පෙන්නා හිනා වෙවී ගියා කියලා කිව්වේ හසිත. ඒ අය හිතන්න ඇති අපි පිටරටවල ඉඳන් යාල එනවා කොටි බලන්න ඒත් මේ ලංකාවේ ගොබිලෝ දෙන්නා කොටි බලන්නේ නැතිව නිදි කියලා. ඉතින් එදා ඒ විදියට කොටි බලන්න අපි දෙන්නා වාසනාවන්ත වුණා වගේ දියඹට ආපු ගමන් නිල් තල්මසුන් බලන්න වාසනාව ලැබණේ තිස්සගෙයි මගෙයි වාසනා ශක්තිය නිසා කියලයි අවසානයේදී හැමෝම තීන්දු කළේ.

ඡායාරූප : අශාන් ගමගේ
සම්පත් ගුණසිංහ

උපුටා ගැනීම : http://www.mawbima.lk/31-44096-news-detail.html

එතෙක් මෙතෙක් ලෝකයේ ජනප‍්‍රියතම වාහනය – TOYOTA COROLLA

$
0
0
1966 වසරේ එලිදැක්වුනු 1වැනි පරම්පරාවේ ටොයෝටා කොරොල්ලා රථය. TOYOTA TECNNO MUSEUM - Nagoya, Japan  | Image Credit : Wikimedia
කලින් කලට ලෝකයේ බොහෝ නිෂ්පාදන සිදුකරන අතරතුර ජපානය ගැන අභිමානයෙන් වැඩකළ කෙනෙක් ‘සකිචි ටොයොඩෝ’. හැම මොහොතකම ඔහු විශ්වාස කළේ ජපනුන්ගේ දෑත් වලින් නිෂ්පාදනයක් නිර්මාණය විය යුතුයි යන්නයි. ඒ නිසාම ඔහු වචනය වගේම ක්‍රියාවත් ඔප්පු කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරනවා.

ඔහු කළ ඒ නිර්මාණය ටොයොටා කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ නිසයි තවදුරටත් නිෂ්පාදන කාර්යයේ ‍යෙදෙන සකිචි ටොයොඩා තම ආදරණීය පුතණුවන් ‘කිචිරෝ ටොයොඩාට’ මෝටර් රථ නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ලබා දෙන්න උනන්දු වෙන්නේ. ඒ කිචිරෝ තුළින් අනාගතයේ මහා කර්මාන්තකරුවකු දැකපු නිසා.

තාත්තාගේ බලාපොරොත්තුව සනාථ කරමින් ලබා ගත් දැනුමත් එක්ක විවිධ අත්හදා බැලීම් කරන කිචිරෝ 1930 දී මෝටර් රථයකට අවශ්‍ය තාක්ෂණය සොයා ගන්නවා. අවුරුදු දෙකක උත්සහයත් එක්ක විසිදෙනෙකුගේ පමණ මහන්සියෙන් ඔවුන් කරන පළමු නිෂ්පාදනය වූයේ A1 කාණ්ඩ මෝටර් රථයයි. ‍ෙම්ත් සමඟ 1933 දී ‘ටොයොඩා’ මෝටර් රථ සමාගම ඔහු ආරම්භ කරනවා. ආරම්භයේදීම ‘ටොයොඩා’ පවුලේ නමින් සිය නිෂ්පාදන කළ අතරම 1936 සැප්තැම්බර් මස අලුත් නමක් සොයන්න ඔවුන් උත්සාහ කළා. පොදු ජනයාගේම හිතසුව පිණිස සිදුකරන නිෂ්පාදනයක් නිසාම කිචිරෝ පව‍ුලේ උදවියත් එක්ක අපූරු යෝජනාවකට එළැඹුණා. අලුත් නමක් ලෝගෝවක් වෙනුවෙන් මහජනයා අතර තරගයක් ආරම්භ කළා. විසිහත්දහසක නිර්මාණ අතරින් ඔවුන් සොයාගත් නාමය වුණේ ‘ටොයො‍ටා’ යි. ජපන් ක්‍රමයේ ටොයොටා යන්න අක්ෂර අටකින් හැදින්වූවා. අංක අට වාසනාව ගෙනෙන අංකයක් ලෙස ජපනුන් අතර ඇති විශ්වාසය නිසාම ටොයොටා මෝටර් රථ සමාගම ලෙස 1937 දී ලියාපදිංචි වෙන්න ගන්නවා.

E20 from 1970, 2nd Generation Corolla | Image Credit : Wikimedia
E80 from 1983, 5th Generation Corolla | Image Credit : Wikimedia
ටොයොටා කොරොල්ලා මුලින්ම ජපානය හඳුන්වා දෙන්නේ 1966 දී. කොරොල්ලා යන වදනෙහි තේරුම මලින් තැනූ ඔටුන්නක් වැනි හිස් පලදනාවක් යන්නයි. 1966 ඔක්තෝම්බර් මස එලිදැක්වුනු මුල්ම ටොයෝටා කොරොල්ලා රථය 110CC ධාරිතාවයකින් යුතු එන්ජිමකින් සමන්විතවුනා. මෙය E10 ලෙස ටොයෝටා සමාගම නම්තබා තිබුණා. 1974 වනවිට ටොයෝටා කොරොල්ලා මාදිලිය ලොව වැඩියෙන්ම අලෙවිවන වාහනය බවට පත්වෙනවා. ලෝකයේ රටවල් අතර ඉතාම හොඳින් අලෙවි වන වාහනය ලෙස ටොයොටා කොරොල්ලා අදටත් ලෝකයේ අංක එකේ රැඳී ඉන්නවා. 2013 ජූලි මාසය වනවිට පරම්පරා එකොළහක් පසු කරමින් මිලියන හතළිහකට අධික ටොයොටා කොරොල්ලා මෝටර් රථ පමණක් ලොව පුරා බෙදී ගොස් අවසන්.  2014 වසරේදී එලිදක්වන්නට නියමිත ටොයෝටා කොරොල්ලා රථය කොරොල්ලා පවුලේ 11වැනි පරම්පරාවේ (11 generation Toyota) රථය වන අතර එය E160 ලෙස නම්තබා තිබෙනවා.

E160, 2014 Toyota Corolla (USA Edition) | Image Credit : Wikimedia
1995 දී ලංකාවට එක ටොයොටා කොරොල්ලා මෝටර් ථයක වටිනාකම වුණේ රුපියල් ලක්ෂ 13 ක්. එහෙත් අද නවීන පන්නයේ වෙළෙඳ පොළට එන ටොයොටා කොරොල්ලා නවතම කාණ්ඩයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 80ටත් වැඩි මිලකට අලෙවි වෙනවා‍.

දිනෙන් දින එකතුවන නවතම තාක්ෂණයත් සමඟ වෙළෙඳ පොළ මෙන් ම ජනතා ආකර්ෂණය දිනාගත් කිචිරෝ ටොයොඩාගේ ටොයොටා මෝටර් රථ අද ලෝකයේ අංක එකේ නාමය බවට පත්ව අවසන්. 1894 ජුනි 11 ජපානයේ උපත ලද කිචිරෝ තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කරමින් මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්ත පෙරැළියක් කරමින් 1952 මාර්තු මස 27 දා සදහටම ජීවිතයෙන් සමුගෙන යන්නේ මෝටර් රථ නිෂ්පාදනයේ යුගයක් නිර්මාණය කළ යුග පුරුෂයකු විදිහටයි.

- වසන්ත ජයසිංහ ආරච්චිගේ / Silumina



රොබෝ සෙබළුන්, රොබෝ සහන සේවකයින් හා රොබෝ සහයකයින් ශිල්ප දක්වන DARPA Robotics Challenge

$
0
0
අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ හෙවත් පෙන්ටගනයේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන DARPA  ආයතනය අනාගතයේ යුධ බිම්වල, ස්වභාවික හෝ ස්වභාවික නොවන ආපදා අවස්ථාවලදී (උදා: සුනාමියක්, න්‍යශ්ඨික බලාගාරයකට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාරයක්) මිනිස් සෙබලුන් හා සහන සේවකයින් සමග හරි-හරියට වැඩකල හැකි රොබෝවරුන් නිර්මාණයේ යෙදී සිටින්නේ සෑහෙන කාලයක සිට. මුලින් මෙම තාක්ශණයන් බිහිකිරීම පැවරී තිබුනේ පෙන්ටගනය සමග සමීපව කටයුතු කරන විශ්වවිද්‍යාල පර්යේෂණාගාර හා එහි කොන්ත්‍රාත් ලබාගන්නා අධිතාක්ශණික සමාගම් වලයටයි.

එහෙත් මෑතක  සිට අමෙරිකානු හමුදාවන් හට තාක්ශණය නිර්මාණය කිරීමේදී මිලිටරිමය නොවන සිවිල් පර්යේෂණායතන, විද්‍යාගාර හා විශිෂ්ඨ නවෝත්පාදන හැකියාවන් ඇති සිවිල් පර්යේෂකයින් හා ඉන්ජිනේරුවන්ගේ හැකියාව යොදාගැනීමේ බලවත් උත්සහයක් පවතිනවා. එසේ කිරීමට හේතුව දැවැන්ත අධිතාක්ශණික සමාගම් මගින් සිදුකරන මිල අධික, සංකීර්ණ තාක්ෂණයන්වලට (උදා: අධික බරපැනක් සහිත, තවමත් 100% සාර්ථක ලෙස මෙහෙයුම්වල යෙදිය නොහැකි F-35 ස්ටෙල්ත් යානාව) වඩා  ප්‍රායෝගික, අඩුමිල තාක්ෂණික නිර්මාණ සිවිල් පුරවැසියන් හා ආයතන මගින් නිර්මාණය වීමේ ඉහල ප්‍රවනතාවයයි. පෙන්ටගනයට හෝ අමෙරිකානු හමුදාවන්හට සම්බන්ධයක් නොමැති සිවිල් පුරවැසියන් හා ආයතන සතු මෙම හැකියාවන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් ලවා අනාගතයට වැදගත් වන ප්‍රායෝගික තාක්ශණයන් නිර්මාණය කරගැනීමේ එක් අවස්ථාවකි මේ "රොබොටික්ස් චැලෙන්ජ්"නම් තරඟය.

නාසා අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉදිරිපත් කෙරුනු "වොල්කරී"ලෙස නම් තැබුණු රොබෝ තරඟකරුවා 
මෙම තරඟය සඳහා ඉදිරිපත් වන රොබෝවන් Humanoid හෙවත් මිනිස් රුව ඇති, මිනිසුන් මෙන් ක්‍රියාත්මකවන රොබෝවන් විය යුතුය. මෙම තරඟයේදී රොබෝ තරඟකරුවන් විසින් සම්පූර්ණ කළයුතු ක්‍රියාකාරකම් 8ක් ඩාර්පා ආයතනය විසින් විස්තරකර තිබෙන්නේ මෙලෙසයි.

1. Drive a utility vehicle at the site. (වාහනයක් පැදවීමේ හැකියාව තිබිය යුතුයි )
2. Travel dismounted across rubble. (වාහනයෙන් බැස, සුන්බුන් හා කඩාවැටුනු ගස්, ගොඩනැගිලි කොටස් විසිරී ගිය ප්‍රදේශයක් හරහා අණතුරකට පත්නොවී ගමන්කිරීම )
3. Remove debris blocking an entryway. (සුන්බුන් ඉවත්කොට දොරටුවක් පාදාගැනීම )
4. Open a door and enter a building. (දොරක් විවරකොට ගොඩනැගිල්ලක් තුලට ඇතුලුවීම )
5. Climb an industrial ladder and traverse an industrial walkway. (ඉණිමගක් නැගීම හා කර්මාණ්තශාලා/බළාගාර වැනි ස්ථානවල සේවකයින්ට ගමන්කිරීමට ඇති පටු කොරිඩෝ වැනි මංපෙතක ගමන්කිරීම )
6. Use a tool to break through a concrete panel. (ආයුධයක් භාවිතා කොට කොන්ක්‍රීට් තට්ටුවක් කඩා ඉවත් කිරීම )
7. Locate and close a valve near a leaking pipe. (පිපිරී ජලය ගලායන බටයක කරාමය ඇති ස්ථානය හඳුනාගෙන එය වැසීම )
8. Connect a fire hose to a standpipe and turn on a valve. (ගිනි නිවන භටයන් හට ජලය ලබාගත හැකි විශාල පයිප්පයකට ජලබටයක් සවිකොට කරාමය කරකවා ජලය ලබාගැනීම )

රොබෝ තරඟකරුවන් හට ලබාදී ඇති මෙම කර්තව්‍යයන් හරහා මිනිසුන් සමග සාමූහිකව ක්‍රියාත්මක විය හැකි, අවශ්‍ය විටක තනිවම තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කල හැකි, ශක්තිමත් මෙන්ම සුනම්‍ය හැකියාවන් මැන බැලීම අරමුණු කෙරෙන බව පෙන්ටගනය පවසනවා. මෙම හැකියාවන් මූලිකව වශයෙන් කොටස් 6කට බෙදා ඇති අතර එක් එක් කර්තව්‍යයේදී තරඟකරුවා මෙම හැකියාවන් සාර්ථකව ප්‍රදර්ශණය කරන්නේදැයි මැනබලමින් ලකුණු ලබාදෙනවා. මෙම හැකියාවන් (capabilities) 6 නම්;

1. Perception - සංජානනය (තම පරිසරය නිරීක්ශණය කොට, එහි වස්තූන් හා සිදුවුවන ක්‍රියාකාරකම් හඳුනාගැනීමේ හා ඒවා එකිනෙක හා ගැලපෙන ආකාරය තේරුම්ගැනීමේ හැකියාව - මෙය රොබෝවෙකුට ලබාදීමට ඉතාම අපහසු හැකියාවයි )

2. Mounted Mobility - වාහනයකට නැග එය පදවාගෙන යාමේ හැකියාව - මේ සඳහා සංජානන හැකියාව හා සුනම්‍ය ක්‍රියාකාරකම් වල යෙදිය හැකි සිරුරකින් සමන්විතවීම අත්‍යාවශ්‍යවේ

3. Dexterity - සියුම් ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාව. මේ සඳහා සුනම්‍ය (flexible) ලෙස මෙහෙයවිය හැකි අංගෝපාංග රොබෝවරයා සතුවිය යුතුය

4. Decision making - තම පරිසරය තුල තිබෙන තත්වය සංජානනය කරගැනීම තුලින් ලැබෙන අවබෝධය, තමාට කිරීමට ඇති කාර්යය හා ගලපා කලයුත්තේ කුමක්දැයි සාර්ථකව තීන්දු කිරීම

5. Dismounted mobility - වාහනයෙන් බැස පාගමනින් වලගොඩැලි, සුන්බුන් විසිරුණු ප්‍රදේශයක් හරහා තම ඉලක්කය වෙත ගමන්කිරීමේ හැකියාව

6. Strength - සුන්බුන් ඉවත් කිරීම, කොන්ක්‍රීට් කැඩීම වැනි කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය ඇති බව ප්‍රදර්ශණය කිරීම.


දෙසැම්බර් 21-23 දක්වා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මෙම අභියෝගතා තරඟයේ අවසන් පූර්ව තරඟයන් පැවැත් වෙන අතර මෙම තරඟ සඳහා දැනට කණ්ඩායම් 17 ඉදිරිපත් වී තිබෙනවා. මෙම කණ්ඩායම් අතරින් ඉහලම ලකුණු ලබාගන්නා රොබෝ තරඟකරුවන් 8දෙනෙකු තෝරාගන්නා අතර ඒවා ඉදිරිපත් කල කණ්ඩායම් වලට 2014 වසරේ අග භාගයේ පැවැත්වෙන අවසාන මහා තරඟයට සහභාගී වීමේ වරම් ලැබෙනවා. එපමණක් නොව, එම රොබෝවන්ගේ හැකියාවන් වඩාත් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය (funding) මෙම කණ්ඩායම් 8ටම පෙන්ටගනයේ අනුග්‍රහයෙන් ලැබෙනු ඇති.

 DARPA Robotics Challenge Trials Live Broadcast!!

 

DARPA Robotics Challenge අවසාන-පූර්ව වටයේ ජයග්‍රහණය ගූගල් සමාගමේ Schaft රොබෝවා දිනාගනී!!!

$
0
0
දින දෙකක් පුරා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වුනු ඩාර්පා රොබොටික්ස් චැලෙන්ජ් රොබෝ තරඟාවලියේ ජයග්‍රහණය ගූගල් සමාගම විසින් මෑතකදී මිළදීගත් ජපාන නවෝත්පාදන සමාගමක් නිර්මාණය කල "ශාෆ්ට්"නම් මානව රූපී රොබෝවා විසින් දිනාගන්නා ලද බව ෆ්ලොරිඩාවෙන් ළැබෙන ආරංචිමාර්ග පවසයි.

ශාෆ්ට් රොබෝවා ඩාර්පා අභි‍යෝග්‍යතා රොබෝ තරඟාවලියේ සම්පූර්ණ කලයුතු කාර්යයන් 8ම ඉතා හොඳින් සම්පූර්ණ කොට ඉහලම ලකුණු ලබාගෙන තිබේ.
අඩි 4කුත් අඟල් 11ක් උසැති ශාෆ්ට් රොබෝවා අනෙකුත් කණ්ඩායම් අභිබවා ලකුණු 27 රැස් කරගත් බව පැවසේ.  ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව එක් කර්තව්‍යයකට ලකුණු 4ක් බැගින් ලකුණු 32ක් විය.

ශාෆ්ට් නිර්මාණය කල ජපන් ඉන්ජිනේරු කණ්ඩායම කලක් ටෝකියෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණාගාරයක සේවය කල අතර මෑතකදී එම විද්‍යාගාරයේ කටයුතු පෞද්ගලික අංශයට භාරදීමෙන් පසු ගූගල් සමාගම විසින් අත්පත් කරගන්නා ලදී.

මේ අනුව ශාෆ්ට් රොබෝවා හා ඔහු නිර්මාණය කල ඉන්ජිනේරු කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර රොබෝවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මූල්‍යමය දායකත්වය ඩාර්පා ආයතනයෙන් පර්යේෂණ සඳහා වන මූල්‍ය ප්‍රධානයක් (research grant) ලෙස ලැබෙනු ඇත. ශාෆ්ට අමතරව වැඩිම ළකුණු ලැබූ කණ්ඩායම් 7ක් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුනටද ඩාර්පා මූල්‍ය ප්‍රධානයන් හිමිවෙනු ඇත.

සබැඳි ලිපි : රොබෝ සෙබළුන්, රොබෝ සහන සේවකයින් හා රොබෝ සහයකයින් ශිල්ප දක්වන DARPA Robotics Challenge

 
Viewing all 1261 articles
Browse latest View live
<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>