Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1261 articles
Browse latest View live

කඳු මුදුනක පිහිටි සෙම්බුවත්ත විල

$
0
0
ඡායාරූප අනුග්‍රහය : http://lahiruakuratiyage.blogspot.com/

සෙම්බුවත්ත විල පිහිටා තිබෙන්නේ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේය. ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව පිහිටි භූමිභාගයේ පිහිටා ඇති මේ විල තියෙන්නෙ ඇල්කඩුව වතුයාය ඇතුලෙ. විල අවට සංචාරකයින් ගැවසෙන ප්‍රදේශය ඉතා ලස්සනට පිලිවෙලට පවත්වාගෙන යන්නේ ඇල්කඩුව වතුයායෙ වර්තමාන අධිකාරිවරයා බව පැවසෙනවා. ඇලුතුල් වීමේ ගාස්තු වශයෙන් එක්කෙනෙක් රුපියල් එකසිය පනහක ටිකට් පතක් ගතයුතු වන අතර ඒ මුදලින් කොටසක් වතුයායෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙ සුභ සාධනයට බැර වෙන අතර ඉතිරිය ඒ අවට පිරිසිදුව තබාගැනීමට හා ස්ංචාරක පහසුකම් පවත්වාගෙන යාමේ බරපැන වශයෙන් යෙදෙනවා.


View Larger Map

කඳවුරු ජීවිතයට කැමති අයට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා. එක්කෙනෙක්ට රුපියල් 500 ක් අය කරනවා.ඇල්කඩුව වතුයාය මෙවැනි සුන්දර පරිසරයක් රටට දායාද කිරීම ගැන ඔවුනට ස්තූති පුදකල යුතුයි.

විල කෘතිමව හදපු එකක් වුනත් ස්වභාවික එකක් වගේ. සුන්දර කඳු පන්ති වලින් වටවෙලා ඇල්කඩුව වතුයායේ උසම තැන තියෙන මේ විල හදන්න ඉස්සල මෙතන තිබිල තියෙන්නේ ගොල්ෆ් පිට්ටනියක්.ඒ විතරක් නෙමෙයි මේ විලෙන් වතුර පල්ලෙහාට ගෙනිහිල්ලා ටර්බයින කරකවල අවට මිනිසුන්ට විදුලිය නිෂ්පාදනය කරනවා.

විල වටේට summer huts හදල තියනවා. ඒවා වල රෑට නවතින්න පුලුවන් බව පැවසුනත් රෑට හරිම සීතලක් දැනෙන බව තතු දන්නන් පවසනවා. ඒ විතරක් නෙමේ, විලගාව දිය උල්පත්වලින් රැස්වෙන ජලය එකතුකරගෙන තැනූ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. විලේ පිහිණීම ඉතා අණතුරුදායක බැවින් ජලක්‍රීඩා කැමති සංචාරකයින්ට මෙම පිහිණුම් තටාකයට බැහැලා සිය ආශාව සම්පූර්ණකර ගන්නට පුලුවන්. නිස්කලංකව පවූලේ කට්ටිය සමග ගතකරන්න ඕන නම් සතියේ දවස් වල එන එක හොඳයි. පෝය දවසට වසා ඇති බව මතක තබාගැනීමත් වැදගත්.

සියළු ඡායාරූප අයිතිය :http://lahiruakuratiyage.blogspot.com/ සතුය











පෘථිවියට ජීවය පැමිණියේ අඟහරුලොවින්ද? (අපි සියල්ලෝම අඟහරුවන් වෙත්ද?)

$
0
0
භූ-රසායන විද්‍යාව (Geochemistry) පිලිබඳව මහාචාර්යවරයෙකු වන ෆ්ලොරිඩා විශ්වවිද්‍යලයේ ආචාර්ය ස්ටීවන් බෙනර් පවසන අන්දමට පෘථිවිය මත අද පවතින ජීවිය මෙහි ආරම්භවූවක් නොව, වසර බිලියන ගණනක් අතීතයේදී අඟහරු ග්‍රහයා මත ඇතිවී අහඹු ලෙස පෘථිවියට පැමිණ මෙහි වැඩී ඇතිබවට සැළකිය හැකි සාධක විශාල වශයෙන් හමුවෙමින් පවතී. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර පැවැත්වුනු භූ-රසායන විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී ආචාර්ය බෙනර් මේ කල්පිතය ඉදිරිපත් කලේය.

ජීවයේ පදනම වන හා ප්‍රෝටීන වැනි සංකීර්ණ අණු ස්වභාවයෙන් නිර්මාණය වූයේ කෙසේදැයි යන්න පිලිබඳව විද්‍යාඥයින් අතර තවමත් නිශ්චිත එකඟතාවයක් නැතත්; කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා පොස්ෆරස් යන මූද්‍රව්‍ය එක්ව RNA, DNA හෝ ප්‍රෝටීන වැනි අතිශය සංකීර්ණ අණු ස්වභාවයෙන් ජනනයවීම සඳහා උත්ප්‍රේරක ලෙස ක්‍රියාකල වෙනත් මූළද්‍රව්‍ය රැසක් තිබෙන බව ජීව-රසායන විද්‍යාඥයින් හා භූ-රසායන විද්‍යාඥයින් පිලිගන්නවා. මොලිබ්ඩිනම් හා බෝරෝන් මින් වඩාත් වැදගත් බව සොයාගෙන තිබෙනවා.

මූලද්‍රව්‍යයක් වූ මොලිබ්ඩිනම් (Molybdenum) අධික ලෙස ඔක්සිකරණය වීමෙන් ඇතිවන ඇතිවන රසායණික සංයෝගයක් කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා පොස්ෆරස් ස්ව-ප්‍රතිජනන හැකියාව ඇති (self-replicating molecules) ජීවාණු බවට සංයෝගවීමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකල බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

 අඟහරු ලොවින් පෘථිවියට කඩාවැටුනු උල්කාපාතයක් - මෙය සහරා කාන්තාරයෙන් හමුවිය



































මහාචාර්ය බෙනර් ඇතුලු විද්‍යාඥයින් පවසන ආකාරයට, වසර බිලියන 3කට පෙර පෘථිවිය මත් ස්ව-ප්‍රතිජනන හැකියාව ඇති අණු (එනම් ඒක සෛලික ජීවීන්ටත් වඩා ප්‍රාථමික ජීවය ) ඇතිවූ බවට විශ්වාස කෙරන කාලයේ, මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මොලිබ්ඩිනම් පෘථිවිය මත පැවතියත්, ඒවා අධික ලෙස ඔක්සිකරණය කිරීමට අවශ්‍ය පමණට ඔක්සිජන් පෘථිවිය මත නොතිබුණු බවයි. වසර බිලියන 3කට පෙර පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ඉතා මදවූ අතර පෘථිවියේ ඔක්සිජන් වැඩිවන්නට පටන්ගත්තේ ප්‍රභාසංශ්ලේෂණය සිදුකල හැකි ක්ලෝරොෆිල් අඩංගු ශාක බිහිවීමත් සමගයි.

වසර බිලියන 3කට පෙර පෘථිවිය ඔක්සිජන්-හීන පරිසරයක් වුවත් ඒ වනවිට අඟහරු ඝණ වායුගෝලයක් සහිත, ඉහල ඔක්සිජන් ප්‍රතිශතයකින් යුතු, මතුපිට ද්‍රව ජලය ගලාගිය, උණුසුම්-තෙත් ග්‍රහලෝකයක් බව අඟහරු ගවේශණය කරමින් සිටින රොබෝ යානා මගින් ලැබෙන දත්ත මගින් සනාථවී තිබෙනවා.

මේ අනුව, වසර බිලියන 3කට පෙර ජීවය ඇතිවීම සඳහා පෘථිවියට වඩා හිතරකර පරිසරයක් අඟහරුවා මත තිබී ඇති අතර විද්‍යාඥයින් පවසන අන්දමට ජීවය මුලින්ම අඟහරු මත ඇතිවී, ඉන්පසු ඒ ජීවානු අඟහරුවා මත ඇතිවූ දැවැන්ත ගිණි කඳු පිපිරීම් හා විශාල උල්කාපාත කඩාවැටීම් නිසා අඟහරුගේ ගුරුව්ත්ව බලයෙන් නිදහස් වී අභ්‍යවකාශයට විසිවී පසුව උල්කාපාත ලෙස පෘථිවියට වැටී පෘථිවිය මත පැළවූ බවයි.

ලිපියේ මුලින් ඇති ඡායාරූපයෙන් පෙනෙන්නේ එලෙස අඟහරුවාගෙන් ඉවතට විසිවී පෘථිවිය මතට උල්කාවක් ලෙස වැටුනු පාශාණයක්. අඟහරුවාගෙන් පෘථිවියට වැටුනු සමහර උල්කාපාත වල ජීවිය පැවති බවට සළකුණු තිබේ යැයි බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරනවා.

2014 වසරේ එලිදැක්වීමට නියමිත විද්‍යාප්‍රබන්ධ හා ත්‍රාසජනක චිත්‍රපට...

$
0
0
RoboCop        [February 2014]






























මෙය 1987 වසරේ තිරගතවුනු රොබෝකොප් චිත්‍රපටයේ 21 වැනි ශතවර්ශය සඳහා වන යාවත්කාලීන නිමැවුම (updated edition) ලෙස හැඳින්වේ. වර්ශ 2028දී අමෙරිකාවේ ඔම්නි-කෝප් සමාගම අතිදැවැන්ත බහුජාතික සමාගමක් ලෙස වැජඹෙයි. රොබෝ තාක්ශණයේ හිනිපෙත්තේ සිටින ඔවුන් අමෙරිකාවේ ඩෙට්‍රොයිට් නගරයේ දරුණු අපරාධ මැඩලීමේ නියතව සිටියදී දැඩිලෙස තුවාල ලැබූ ඇලෙක්ස් මර්ෆී නම් දක්ශ පොලිස් නිළධාරියෙකුහට තුවාල ලබා විනාශවූ සිරුර වෙනුවට රොබෝ සිරුරක් ලබාදේ. මේ අනුව ඇලෙක්ස් මර්ෆි මිනිස්-රොබෝ මුහුවක් හෙවත් හයිබ්‍රිඩ් රොබෝවෙකු බවට පත්වී නැවත සිය පොලිස් රාජකාරි අරඹයි..





Captain America: The Winter Soldier      [April 2014]


































201දී තිරගතවූ Captain America: The First Avenger චිත්‍රපටයේ දෙවන කොටස ලෙස එලිදැක්වෙන මෙම චිත්‍රපටය 2011දී තිරගතවූ  චිත්‍රපටයේ දෙවන කොටස ලෙස එලිදැක්වෙන මෙම චිත්‍රපටයේදී ඔහු ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ රුසියානු කේ.ජී.බී ඔත්තු සේවා ඒජන්තවරියක් ලෙස අප හමුවට ආ නටාශා රොමනොෆ් සමග අභිරහස් සිද්ධිමාලාවක සුළමුල සොයා යයි.






X-Men: Days of Future Past   [May 2014]






X Men කථාමාලාවේ අලුත්ම කථාංගය වන මෙය කාල-හූය (timelines) දෙකක් අතර දිවෙයි. එකක් 1960 ගණන්වල X මෙන් කථාමාලාව ඇරඹූ සමයේ වන සිදුවීම් හා බැඳී පවතින අතර අනෙක වර්තමානය හා නුදුරු අනාගතය තුල සිදුවෙයි. Mystique's Brotherhood ලෙසින් හඳුන්වාගන්නා රුදුරු මියුටන්ට්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා බොහෝ රටවල්වලින් මියුටන්ට් වරුන් පලවාහැර ඔවුන් විනාශකිරීමේ මෙහෙයුම් දියත්වෙන බව, අනාගතයේ එවැනි timeline එකක සිට අණතුරු ඇඟවීමක් ලැබේ. තවමත් එවැන්නක් සිදුවී නැතත් අතීතයේ සමාන්තර එකක සිදුවිය හැකි Mystique's Brotherhood මියුටන්ට්වරුන් සිදුකරණ ප්‍රචන්ඩ ක්‍රියා නිසා එවැනි අනාගතයක් බිහිවිය හැකිබව පණිවුඩයේ කියවේ. මෙවැනි අනාගතයක නීතිය හා සාමය රැකිම "Sentinel"රොබෝ හමුදාවකට පැවරෙන අතර ඔවුන් සියලු මියුටන්ට්වරුන් සතුරන් ලෙස සලකා රුදුරුලෙස මර්ධනය කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

2014 මැයි එලිදැක්වීමට නියමිතය





---/---

Jupiter Ascending        [July 2014]



ජුපිටර් ජෝන්ස් රුසියාවෙන් අමෙරිකාවට ඇතුලුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයෙකි. ඉතා දුගී ජීවිතයක් ගතකරන ඇය රැකියාව ලෙස කරන්නේ වැසිකිලි පිරිසිදු කිරීමයි. හදිසියේම ඇය සොයා කේන් නම් අමුත්තෙකු පැමිණේ. ජාන ඉන්ජිනේරු තාක්ශණයෙන් නිර්මාණය කල පුද්ගලයෙකු වන ඔහු සුපිරි සෙබලෙකි. ජුපිටර් කෙරෙහි සෙනෙහසක් උපදවාගන්නා ඔහු ඇය සොයා පැමිණි කාරණය ඇයට පවසයි.

ඔහු පැමිණියේ ඇයව මරාදැමීමට බවත්, ඔහුව එවන ලද්දේ මානවරූපි බුද්ධිමත් ජීවීන් ගෙන් පිරුණු, විශ්වය පුරා පැතිරුනු අති දියුණු ශිෂ්ඨාචාරයක රැජිණිය විසින් බවත් ඔහු හෙලිකරයි. ජුපිටර්ගේ ජාන සංයුතිය හා ඇය උපන් අවස්ථාවේ පිහිටි ග්‍රහචාරය අනුව ඇය අනාගතයේ විශ්වයේම රැජින වීමට හැකියාව ඇති බව දැනගත් රැජිණ, ඇය මරාදැමීමට ඔහුව එවන ලද බවන් කේන් හෙලිකරයි.

ජුපිටර්ගේ අනාගතය මුක්තිය ගැන දැනගන්නා රැජිණ ඇය කෙරෙහි උපන් ඊශ්‍යයාවෙන් ඇය කෙසේ හෝ විනාශ කිරීමට උත්සහගනු ඇතැයි කේන් ඇයට අණතුරු අඟවයි.

සුපිරි දෘශ්‍ය ප්‍රයෝගවලින් සපිරි මෙම චිත්‍රපටය 2014 ජූලි මස දොරට වැඩීමට නියමිතය








Edge of Tomorrow     [June 2014]


































නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්"ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය, කෲර සටන්විලාශයත් නිසා කිසිදු මිනිස් හමුදාවකට ඔවුන්හා සටනින් ජය නොලැබේ. පෘථිවියේ සෑම දියුණු නගරයක්ම සුන්බුන් බවට හැරෙද්දී කිසිදා සටන්බිමක අත්දැකීම් නැති නවක සෙබලෙකු වන බිල් කේජ් ඔහුගේ අණදෙන නිළධාරියා විසින් මෙහෙයුමකට යවයි. සටනට බට ඔහු මිනිත්තු කිහිපයකින් මියගියත් ඔහු මියයන්නේ පිටසක්වලයින්ගේ අණදෙන නිළධාරියෙකුද මරාගෙනය.

මීලඟ රූපරාමුවේ මියගිය බිල් කේජ් නින්දකින් මෙන් ඇහැරෙන් ආකාරය පෙන්වන අතර ඔහුගේ අණදෙන නිළධාරියා ඔහුව යලිත් සටනට යවයි. සටනට බට ඔහු යලිත් මිය යන නමුත්, මෙවර ඔහු වැඩිකාළයක් සටන්වැදීමට සමත්වෙයි. නැවතත් නින්දකින් මෙන් ඇහැරෙන බිල් සටනට යයි. බිල් කේජි මියයන මුල්ම අවස්ථාවේ ඔහු පිටසක්වලයෙකු සමග පොරබදා මරාගෙන මැරෙන බැවින් පිටසක්වලයා සමග ශාරීරික ගැටුමක් (physical contact with an alien) සිදුවීමේ හේතුවෙන් යම් ආකාරයක කාල චක්‍රයකට (time loop) හසුවී ඔහුගේ අවසන් සටන යලියලිත් සිදුවේ... මියගොස් යලි කාලචක්‍රය අලුත්වී යන සෑම අවස්ථාවකම ඔහුට පෙරට වඩා වැඩිකාළයක් සටන්වැදීමේ හැකියාව ලැබේ. මේ අතර ඔහුගේ සහයට  රීටා ව්‍රටාස්කි නම් අති දක්ශ කොමාන්ඩෝ සෙබළියක් එක්වේ. ඇය ඔහුව පිටසක්වලයන් හා සටනට පුහුණු කරවයි...





Dawn of the Planet of the Apes    [July 2014]


































මෙම චිත්‍රපටය 2011 වසරේ තිරගතවූ "Rise of the Planet of the Apes"චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය කොට තිබෙනවා. "Rise of the Planet of the Apes"චිත්‍රපටයේ අවසන් රූපරාමු කිහිපය ඔබට මතකයට නගාගත හැකිනම්; සුපිරි බුද්ධියක් ලබාගන්නා "සීසර්"චිම්පන්සියා සිය සටන් සගයින් සමග කැළයට යන ආකාරයත් උස ගසක මුදුනේ සිට ඈතින් පෙනෙන නගරය දෙස බලා සිටින ආකාරයත් ඔබට මතක් වනු ඇති. මේ චිත්‍රපටය ආරම්භවන්නේ මේ රූපරාමු පෙලට පසු ඊලඟට එන රූපරාමු කිහිපය පාදක කොට ගෙනයි.

චිත්‍රපයටයේ කථානායක ආචාර්ය විලියම් රොඩ්මන්ගේ අසල්වැසියෙකු වන ඩග්ලස් හන්සිකර් පැරීසිය බලා පියාසර කිරීම සඳහා සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපොලට පිවිසෙන ආකාරයත්, එහිදී ඔහු "සිමියන් වෛරස්"හෙවත් මාරන්තික වානර වෛරසය ආසාදනය වී නාසයෙන් ලේගලමින් සිටින ආකාරයත් පෙන්වයි. පැරීසිය බලා යාමට ගුවන්ගත වන ඔහු ගුවන් මගීන් සියල්ලටම රෝගය බෝ කරන අතර පැරිස් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මගීන් සමග මේ මාරාන්තික වෛරසය ලොව පුරා විහිදී ගොස් බිලියන ගණනක් ජනතාව මිය යයි.

ඉතිරිවන කුඩා ජන කණ්ඩාමයක් හා සීවර්ගේ බුද්ධිමත් වානර හමුදාව සමග පෘථිවියේ ආධිපත්‍යය උදෙසා මිනිසුන් හා බුද්ධිමත් වානරයින් අතර වන අරගලය මේ චිත්‍රපටයෙන් විදහා දැක්වේ.








වසර මිලියන 1.4කට පෙර ජීවත්වුනු හෝමෝ-ඉරෙක්ටස් මානවයාට නූතන මානවයාට මෙන් ආයුධ තැනිය හැකි දෑත් තිබුණාද?

$
0
0
හෝමෝ ඉරෙක්ටස් : ඡායාරූප අයිතිය - යේල් විශ්වවිද්‍යාලය
හෝමෝ ඉරෙක්ටස් යනු මීට වසර මිලියන 1.8කට පමණ පෙර ලොව පහලවී වසර 150,000 පමණ පෙර අභාවයට ගිය දෙපයින් ඇවිද ගිය ආදි මානවයෙකි. මොවුහු අප්‍රිකාවේ බිහිවී ඉන්දියාව හා ශ්‍රී ලංකාව දක්වා පැතිර ගියහ.

වසර මිලියන 1.5කට පෙර ශිලා ආයුධ නිපදවූ හෝමෝ ඉරෙක්ටස් එම කාලයේ සිටම ගින්දර භාවිතාකල බවටද සාක්ශි හමුවී තිබේ. එපමණක් නොව. හෝමෝ ඉරෙක්ටස් පහුරු තනාගෙන  සමුද්‍ර තරණයේ යෙදෙන්නට ඇතැයි විශ්වාසයක් පුරාවිද්‍යාඥයින් තුල පවතී.

මුලින්ම සමාජ ජීවිතයක් ගතකල ආදිමානවයා ලෙසටද හොමෝ ඉරෙක්ටස් පිදුම් ලබයි. ඔවුන්ගේ සමාජ ජීවිතය දඩයක්කරුවන් රැහැක සමාජ ජීවිතයට සමානවූ බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. නූතන මානවයාට බොහෝ සමාන ස්වරූපයක් තිබුණද හෝමෝ ඉරෙක්ටස් හට සංකීර්ණ භාශා හැකියාවක් එනම් කථාකිරීමේ හැකියාව නොතිබූ බව ඔවුන්ගේ හිස්කබල් ෆොසිල පරීක්ශාකරන විද්‍යාඥයින් අනුමාන කරයි. එහෙත් මෙම අනුමානයට විරුද්ධ මත පලකරන විද්‍යාඥයින් කණ්ඩායමක්ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව හෝමෝ ඉරෙක්ටස් හට නූතන මානවයාට තරම්ම සුමට ලෙස කථා කිරීමේ හැකියාව (එනම් ඒ සඳහා අවශ්‍ය ශබ්දය ජනනය කරන මාංශ පේශි) තිබූ බවය.

හෝමො ඉරෙක්ටස් පිලිබඳව පලවන අලුත්ම වාර්තා අනුව, නූතන මානවයාට මෙන්ම සුනම්‍ය ලෙස මෙහෙයවිය හැකි, ශක්තිමත් ඇඟිලි හා හොඳි බලය දරාගත හැකි මැණික් කටුවක් සහිත දෑත් යුගලක් හෝමෝ ඉරෙක්ටස් සතුවිය. කලින් ලැබී තිබූ ෆොසිල සාධක අනුව මෙවැනි දෑත් යුගලක් තිබූ මනවයින් පහලවූයේ මීට වසර 800,000ක් තරම් මෑතකදීය. එහෙත් නොබෝදා හමුවුනු හෝමෝ ඉරෙක්ටස් ෆොසිල වලට අනුව, හෝමෝ ඉරෙක්ටස් හටද එවැනි දෑත් යුගලක් වසර මිලියන 1.4කට පෙරද තිබී ඇත.

එනම් හෝමෝ ඉරෙක්ටස් හට සංකීරණ ආයුධ තැනීමේ හැකියවා පුරාවිද්‍යාඥයින් අනුමාන කලාට වඩා බොහෝ පෙර සිට ආදි මානවයින්ට මෙම හැකියාව තිබී ඇත.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින වැසි [ මොනවද මේ මල් තුහින? ]

$
0
0

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින (මිදුණු පිනි) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2 පමණ දක්‌වා පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සීතලක්‌ පවතින බැවින් මල් තුහින හෙවත්

ඌෂ්ණත්වය පහළ බැසීමත් වැසි නොමැති තත්ත්වයක්‌ පැවතීමත් හේතුවෙන් ජලවාෂ්ප දැඩි සීතලට මිදෙන්නට පටන් ගන්නා අතර එසේ මිදුණු පිනි තණ පත් මත ශාක මත තැන්පත්වී ඇති අයුරු මේ දිනවල දැකගැනීමට හැකි වෙයි.

තුහින හෙවත් පින්න (dew)
තුහින හෙවත් පින්න (dew) ඇතිවන්නේ වායුගෝලයේ ඇති ජලවාශ්ප ඝණීභවනයවී ජල බිංදු බවට පරිවතනය වීමෙනි. මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා පිනි තැම්පත්වන පෘෂ්ඨයේ උශ්ණත්වය (උදා: තණකොල හෝ මකුළුදැළක්) තුශාර අංකයට (dew point) වඩා පහල බැසීමෙනි. මෙය බොහෝවිට සිදුවන්නේ වළාකුළු නොමැති, පැහැදිලි අහසක් ඇති රාත්‍රීකාළයේය. අහසේ වලාකුළු නොමැතිවිට පරිසරයේ උශ්ණත්වය පහලබසින අතර එය තුශාර අංකය පසුකරමින් පහල බසිනවිට පිනි ඇතිවේ.

මල් තුහිණ හෙවත් frost 
මල් තුහිණ හෙවත් frost ඇතිවීමට නම් එය ඇතිවන පෘශ්ඨයේ උශ්ණත්වය තුශාර අංකයට වඩා අඩුමෙන්ම ජලය මිදෙන උශ්ණත්වයට වඩාද අඩුවිය යුතුය, එවිට තුහින හෙවත් පින්න මිදී අයිස් ස්ඵටික වීමෙන් () මල් තුහිණ සෑදේ.

හම්බන්තොට හා මොණරාගල අතහැර ගාල්ලට එන මොණරු

$
0
0
http://upload.wikimedia.org/wikipedia/commons/2/23/Wasgamuwa_Peacock.JPG

ලංකාවේ නාගරික ප්‍රදේශවල ජීවත්වන අප මොණරුන් දකින්නේ බොහෝවිට කතරගම වන්දනාවේ යනවිටය, නැතිනම් යාල ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිටය. මොණරෙකු දැකීම, විශේෂයෙන්ම පිල්විදහාගෙන ඉන්නා මොණරෙකු දකින්නට ලැබීම සතුටක් මෙන්ම වාසනාවක් ලෙසද බොහෝදෙනා සලකති. ලේඛකයාද ඒ කුළකයට අයත්වේ.

එහෙත් අද දිවයින පුවත්පත වාර්තාකරන ආකාරයට මොණරුන් සිය නිජබිමවූත් කඳකුමරුන්ගේ වැයික්කියවූත් හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ අතහැර ගාල්ල ප්‍රදේශයට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවයක් දකින්නට තිබේ.

මේ ඒ වාර්තාවයි...

තිස්‌ස කතරගම යාල හම්බන්තොට ආදී ප්‍රදේශවල ජීවත්වූ මොනරුන් මෑතක සිට පියාසර කර පැමිණ ගාල්ල ප්‍රදේශයේ ගෙවතුවල පිහිටි ගස්‌ උඩ හා වහලවල් උඩ ගැවසෙන අයුරු දක්‌නට ලැබේ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ගාල්ල කරාපිටිය මාඉටිපෙ 3 පටුමගේ පිහිටි නිවසක වහලක්‌ උඩට මොනරකු පැමිණ සිටි ආකාරයයි මේ.


දකුණේ වියළි කලාපයේ ජීවත් වන මොනරුන් තංගල්ල, වීරකැටිය, මාතර, වැලිගම, යක්‌කලමුල්ල ඉමදුව ආදී කැලෑ ප්‍රදේශ හරහා කොට්‌ටව වන රක්‌ෂිතයට ද හියාරේ අක්‌මීමන බටදූව, ගොනාදූව, කපුහේන්පොල කැලෑ ප්‍රදේශවලටද, එම පළාත්වල ගම්මානවලටද ගාල්ල ප්‍රදේශයට ද මෙසේ මෑතක සිට මොනරුන් රංචුපිටින් පැමිණීමට පටන්ගෙන ඇත. මෙයට හේතුව දැනට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුවන ශීඝ්‍ර සංවර්ධන හා වනාන්තරවල ගස්‌ කපා විනාශ කිරීම නිසා ඇතිවන පරිසර දූෂණය විය හැකි බව පරිසරවේදියෝ පවසති.

තවද ගෝලීය උණුසුම වැඩිවීම නිසා වියළි කලාපයේ ඇති ගති දේශගුණිත ලක්‍ෂණ තෙත් කලාපයේද ඇතිවීමට පටන්ගෙන ඇත. අධිවේගී මාර්ගය හා වෙනත් මාර්ග සෑදීමේදී කඳු හා කැලෑබද ප්‍රදේශ කැපීම නිසා ඒ හරහා බාධකවලින් තොරව මොනරුන් පියඹා ඒමට නැඹුරු වී ඇත. තවද මොනරුන්ට සතුරු උපද්‍රව ඇතිකරන වෙනත් පක්‌ෂීන් හෝ සතුන් නොමැත. මේ නිසා මොනරා වනයේ හා ගම්බද ව්‍යාප්තවීමට හැකි ආධිපත්‍යක්‌ දරති.

මේ තත්ත්වය යටතේ තෙත් කලාපයේ ගම්බද කැළෑ ඉඩම්වල කූඩු සාදාගෙන බිත්තර දැමීමටද මොනර රංචු හුරුවී සිටිති. විශේෂයෙන් වියළි කලාපයට වඩා මොනරුන් ආහාර සඳහා තෙත් කලාපයේ ජීවත් වන කටුස්‌සන්, තලගොයි පැටවුන් ගෙම්බන් හා පැටවුන් උරඟයන් ආදී සතුන් කෑමට ඇබ්බැහිවීම නිසා ඉදිරියට මෙම ප්‍රදේශවල ස්‌ථිරවම මොනරුන් බෝවන තත්ත්වයක්‌ ඇතිවිය හැකිය. තවද තෙත් කලාපයේ වෙසෙන කුරුල්ලන් කූඩුවල දමන බිත්තර ද කෑමට ද මොනරුන් පුරුදුවීම නිසා පහතරට කැලෑ ප්‍රදේශ හා වන ප්‍රදේශවල ජීවත් වන පක්‌ෂීන් වර්ග පදවී යැමේ තර්ජනයකට ලක්‌වීමට ද ඉඩ ඇති බවද පරිසරවේදීහු පවසති.

කතරගම දෙවියන්ගේ වාහනය ලෙස මොනරා සලකන නිසා ගම්බද මිනිසුන් පදිංචි නිවාස ආසන්න ඉඩම්වල මොනරුන් ගැවසීම ගැන ජනතාවගේ විරුද්ධත්වයක්‌ නැත. ජනතාව මොනරුන් දැකීමද වාසනාවක්‌ ලෙස ගරුකරති.

මේ අතර අක්‌මීමන ප්‍රදේශයේ ගැමියකු තම ගෙවත්තේ කොස්‌ගසක්‌ මුදුනේ ඉදී තිබුණ වරකා ගෙඩියක්‌ කන මොනරෙකු දැක ඇත. කොස්‌ වනාන්තරවල නොමැත. මෙවැනි ආහාරවලටද අලුතින් මොනරු පුරුදු වී තිබෙන බවත් මෙයින් පෙනී යයි.

විස්‌තර හා ඡායාරූප ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක
http://www.divaina.com/2014/01/03/provin09.html

Most Downloaded Movies & TV shows on BitTorrent, 2013

$
0
0

අන්තර්ජාලයේ බිට් ටොරන්ට් බාගත කිරීම ජාලයක් වන "ටොරන්ට් ෆ්‍රීක්"වෙබ් අඩවිය විසින් මෙම වසර තුල වැඩියෙන්ම බාගත කරන ලැබුවාවූ චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා වල ලැයිස්තුවක් සකසා ඇත. මෙම සංස්කරණය සඳහා දත්ත 2013 ජනවාරි මාසයේ සිට 2013 දෙසැම්බර් මැදභාගය වන තෙක් සළකාබලා ඇති අතර් මෙම දත්ත උකහාගෙන ඇත්තේ අන්තර්ජාල ටොරන්ට් බාගතකිරීම් සේවාවල බාගත කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති ටොරන්ට් ගොනු (torrent files) පිලිබඳ දත්ත බාගත කරන මුදෘකාංග සඳහා (torrent download clients) ලබාදෙන "public BitTorrent trackers"ලෙස හැඳින්වන සේවාවන් ඔස්සේය.

BitTorrent tracker යනු බාගත කල හැකි ගොනු පිලිබඳව නිරන්තරව යාවත්කාලීන වෙමින් එම ගොනුවෙත ටොරන්ට් මෘදුකාංග යොමුකරන සර්වර් වර්ගයක් ලෙස සරලව පැහැදිලි කල හැක. මෙයින් "PublicBitTorrent"හා "OpenBitTorrent"යන BitTorrent tracker සේවාවන් දෙක එක්ව නිරන්තරයෙන් ටොරන්ට් ගොනු මිලියන 5ක පමණ තොරතුරු යාවත්කාලීන කරගනිමින් බාගත කරන්නන් හට ලබාදෙයි.

තවත් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ටොරන්ට් බාගතකිරීම් සඳහා භාවිතාකෙරෙන "පයරට් බේ"අඩවියට අලුතින් ඇතුලත්කරන (new uploads) ලබන ගොනු ප්‍රමාණය 50%කින් පසුගිය වසර තුල ඉහල ගොස් ඇත. මෙසේ සිදුවී ඇත්තේ අමෙරිකාව තුල නිතිවිරෝධී බාගතකිරීම් සඳහා නීතිරීති ඉතා දැඩිවෙමින් පවතින වකවානුවකය.

අමෙරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ට අනුව මෙතරම් විශාල සංඛ්‍යාවක චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා ටොරන්ට් ආධාරයෙන් නීතිවිරෝධීව බාගත කරගනු ලැබුවත් චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් ලොවේ දැවැන්තයා වන අමෙරිකාවේ චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් නිශ්පාදකයින්ගේ ආදායමේ අඩුවක් දකින්නට නොමැත. උදාහරණයක් ලෙස අමෙරිකාවේ චිත්‍රපට අලෙවියෙන් 2012 වසරේ ලැබූ ආදායම ඩොලර් බිලියන 10.8 වන අතර 2013 වසරේදී එය ඩොලර් බිලියන 10.9ක්වේ. එමෙන්ම මේ ආදායම අමෙරිකාව තුල දේශීය වෙළඳපොලෙන් ලැබූ ආදායම් පමණකි. අන්තර්ජාතික වෙළඳපොලෙන් අමෙරිකානු චිත්‍රපට අලෙවි ආදායම් මෙහි ඇතුලත් කොට නොමැත. ඒ අනුව අමෙරිකානු චිත්‍රපට හා රූපවාහිණි වැඩසටහන් නිර්මාණකරුවන් අන්තර්ජාල බාගත කිරීම් නිසා තමන්ගේ ආදායම විශාල ලෙස අඩුවෙන බවට කොතෙක් තර්ක ඉදිරිපත් කලත් එම තර්ක හා ආදායම් වාර්තා නොගැලපෙන බව මෙම පර්යේශකයින් පෙන්වාදෙයි.

2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ චිත්‍රපට

2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ රූපවාහිණී වැඩසටහන්






පිළිකා නසන මංඤොක්කා කොළ මැල්ලුම...

$
0
0
පිටුව #1




පිටුව #2
උපුටාගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය, නිරෝගා විශේෂාංගය

බීජ අයිතිය බහු ජාතික සමාගම්වලට විකිණීමට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්ට බලතලදී ගොවියා දඟගෙයි දමන යෝජිත බීජ පනත!!!

$
0
0

2013 යෝජිත බීජ පනතට මේ වන විටත් විරෝධතා රාශියක්‌ එල්ල වී ඇත. එසේම ඒ මගින් කරන්නට යන්නේ ගොවියාගේ සුජාත අයිතියක්‌ වන බීජ අයිතිය ප්‍රබල බහුජාතික සමාගම්වල භුක්‌තියට සවිකර දීමක්‌ බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රබල විරෝධතා සහ චෝදනා හුදු ආණ්‌ඩු විරෝධීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල බාල වැඩ ලෙස හංවඩු ගසා කිසිවකුටවත් අත සෝදා ගත නොහැක්‌කේ ජාතික නිදහස්‌ පෙරමුණ, හෙළ උරුමය වැනි ආණ්‌ඩුවේ පාර්ශවයන් විසින්ද මෙම යෝජිත බීජ පනත ප්‍රබල ලෙස ප්‍රශ්න කෙරී ඇති බැවිණි. එසේම පාරම්පරික වී ගොවිතැන රැකගැනීම වෙනුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇප කැපවී සිටින මතුගම සෙනවිරුවන් වැනි මහත්වරුන් සහ එම මහත්වරුන් නියෝජනය කරන සංවිධානද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුතු ප්‍රබල වෘත්තීය සමිති විසින්ද මෙම බීජ පනතට සිය දැඩි විරෝධය පළකර ඇත.

මොකක්ද මේ යෝජිත බීජ පනත?

යෝජිත බීජ පනතට අනුව බීජ සහ සියලුම රෝපණ ද්‍රව්‍යවල මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පත් වෙයි. ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළඟ් තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම සහ බීජ පිළිබඳව කථිකා කිරීම පවා සපුරා තහනම් වෙයි.

එනම් තම කුඹුරේ තමන්ට අවශ්‍ය බිත්තරවී හෝ වෙනත් බීජ සකසා ගැනීමට ගොවියාට ඇති අයිතිය නිශ්ප්‍රභ කරයි!! එසේ කිරීම හිරගෙයි ලැගිය යුතු වරදක් බව මෙම නව පනතින් ප්‍රකාශවෙයි!

එම කටයුතු අරඹයා කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ඇතුලු නිලධාරී මණ්‌ඩලයට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස්‌ නිලධාරීන් සතු බල තල හිමිවෙයි. එහි අරුත වන්නේ කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ අභිමතයට යම් ආකාරයකට හෝ පටහැනිව කටයුතු කරන්නන් දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත් වන බවයි. ඒ අනුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට රුපියල් 50,000 ක්‌ දක්‌වා දඩ නියම කිරීමට පමණක්‌ නොව මාස 6ක්‌ දක්‌වා සිපිරි ගෙට යෑවීමට පවා කාෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට බලය හිමිවෙයි. කුඩා බීජ පැකැට්‌ටුවක්‌ ප්‍රවාහණය කරන වාහනය පවා රාජසන්තක කිරීමටද ඔවුන්ට බලය හිමි වෙයි. බොහෝ පාර්ශවයන් විසින් මේ වන විටත් පෙන්වා දී ඇත්තේ මත්කුඩු ජාවාරම, හොර මත් දියර ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් ආදී අතිශයින් දරුණු ගණයේ අපරාධ මැඩීමටවත් පොලිසියට මේ තරම් නීත්‍යානුකූල බල තල ලබා දී නොමැති බවයි.

මේ අනුව සිදුවන්නේ බහුජාතික බීජ සමාගම්වලට, දේශීය බීජ කොම්පැණිවලට මේ රටේ ගොවීන් සතු බීජ නිපදවා ගැනීමේ අයිතිල ලබාදීමට යෙදූ කූට උපක්‍රමයක් මිස වෙන කුමක්ද?

මේ අනුව කෘශිකර්ම ජෙනරාල්, තමාට (හා නිළධාරී රොත්තට) වැඩිම පගාව/ජරාව/විදේශ සංචාර හෝ වෙනත් පඬුරු පාක්කුඩම් පුදන කොම්පැනියට බීජ නිපදවීමේ, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ අයිතිය ලබාදී ගොවියාට කළුකඩ මිලට මෙම කොම්පැණිවලින් බීජ මිළදී ගැනීම අනිවාර්ය කිරීමේ නීතිමය හැකියාව ලැබේ.

ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව අන්තර්ජාලය මුදාහල පෝස්ටරයක්

මෙවැනි පණතක් ගෙන එනවාට වඩා ගොවිතැන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කලානම් හොඳ යැයි ලේඛකයාට සිතේ.

සමස්‌ත බීජ හා සියලුම රෝපණ ද්‍රව්‍යවල පූර්ණ අයිතිකරුවා බවට කෘශිකර්ම ජෙනරාල්ගේ අවසරය ලබනා බහුජාතික සමාගම්කරුවන් පත් කිරීම වෙනුවෙන් මෙම පනත නිර්මාණය කොට ඇති බව පැහැදිලිය. පනත ආරම්භයේ දැක්‌වෙන පරිදි එහි පරමාර්ථ ගුණාත්මක බීජ සපයා දේශීය කෘෂිකර්මය නගාසිටුවීම සහ යුගයට ගැළපෙන පරිදි බීජවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම ආදිය හුදු කිඹුල් කදුළුම පමණි.

මෙවැනි පනත් පිටුපස අමෙරිකාවේ දැවැන්ත කෘශිකාර්මික බහුජාතික සමාගම් සිටින බව විකිලීක්ස් හරහා හෙලිවිය. මෙහි ඉදිරියෙන්ම සිටින්නේඅමෙරිකාවේ මොන්සාන්ටෝ සමාගමයි.

විකිලීක්ස් වලින් හෙලිදරව්වුනු අමෙරිකානු තානාපති කේබල් වලින් කියැවෙන්නේ මොන්සාන්ටෝ සමාගම ලෝකයේ බොහෝ රටවල බීජ අයිතිය තමන් සතු කරගැනීම උදෙසා රාජ්‍ය නිළධාරීන් හා මැති ඇමතිවරුන් බිලිබා ගැනීමේ නිරත වන අතර මේ සඳහා අමෙරිකානු තානාපති කාර්යාලවල පූර්ණ සහය එම සමාගම් වලට ලබාදිය යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිය තානාපති කාර්යාලවලට නියෝග කොට තිබේ.


මොන්සාන්ටෝ සමාගමට අමෙරිකානු තානාපති කාර්යාල සහය ලබාදිය යුතුබවට විකිලීක්ස් හෙලිදරව්ව පිලිබඳ වාර්තාවක්. සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.

වස විෂෙන් තොර බත්පතක්‌ සාදාගැනීමට මං පාදන්නා වූත් අතිශයින් සෞඛ්‍යාරක්‌ෂිත වූත් දේශීය සම්ප්‍රදායික බීජ එහි සුජාත අයිතිකරුවන් වූ ගොවීන්ගෙන් උදුරාගෙන ඒවා විනාශ කොට ඒවායේ ජාන අයිතියද මංකොල්ල කාගෙන බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් කීපයකට පැවරීමේ මෙම යෝජිත බීජ පනතට සියලුම බත් කන ජනතාව විසින් පාට පක්‌ෂ බේද නොසලකා එකහ`ඩින් විරුද්ධ විය යුතුය. යෝජිත 2013 බීජ පනත සම්පූර්ණයෙන්ම හකුලා ගන්නට බල කළ යුතුය. නව බීජ පනතක්‌ අවශ්‍ය නම් ගොවියාගේ බීජ අයිතිය සුරක්‌ෂිත වන පරිදි ද දේශීය ගොවියාගේ අවශ්‍යතා පරිදි ද එය සකස්‌ කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන පරිදි බීජවල ගුණාත්මකභාවය වැඩිකරගන්නට උවමනාම නම් ගොවියාගේ බීජ අයිතියට අත නොතබා ඒ ස`දහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන පරිදි 2003 බීජ පනතට අවශ්‍ය සංශෝධනයන් ද ගෙන ආ හැකිය.


ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව ලොවපුරා විරෝධතා පැවැත්වෙන අයුරු.

අධිවේගී මෝටර් රථ ලොවට අලුතින් පැමිණි කොරියන් සුන්දරිය....

$
0
0
KIA GT4 Stinger 
අමෙරිකානු මෝටර් රථ කර්මාන්තයේ අගනගරය වන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවර දැන් පැවැත්වෙන "2014 Detroit Auto Show"හිදී කොරියානු කියා මෝටර් රථ සමාගම නවතම අධිවේගී ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් හඳුන්වාදුන්නා. ජී.ටී 4 ස්ටින්ජර් ලෙස නම් තබා ඇති මෙය මෙම මෝටර් රථ ප්‍රදර්ශණය පැමිණි බොහෝදෙනෙකුගේ සිත් ඇද ගන්නට සමත්වු බව ඩෙට්‍රොයිට් නුවරින් ලැබෙන වාර්තාවලින් පැවසෙනවා.

Rear wheel drive ආකාරයට නිර්මාණය කොට ඇති මෙය ලීටර් 2 ටර්බෝ චාර්ජ් එන්ජිමකින් බල ගැන්වෙන් අතර එය අශ්ව බල 315ක ජවයක් නිපදවනවා. ගියර් 6කින් යුතු මැනුවල් වර්ගයේ ගියර් පද්ධතියකින් සමන්විත මෙයට අධිවේගී ධාවනයේදී ඉහල කාර්යක්ශමතාවයකින් තිරිංග යෙදිය හැයි "බ්‍රෙම්බෝ"වර්ගයේ "ඩිස්ක් බ්‍රේක්"තිරිංග යොදා තිබෙනවා.

මෙම මෝටර් රථයේ සිත් ඇදගන්නා නිමැවුම හා අධිතාක්ශණික මෙවලම් හා උපාංග කොරියානු මෝටර් රථ කර්මාන්තයේ අනාගතය පිලිබඳව ඉඟියක් ලබාදෙන බව විචාරකයින් පවසනවා. දැනට කොරියානු මෝටර් රථ කර්මාන්තය ප්‍රසිද්ධවී සිටින්නේ  එදිනෙදා භාවිතයට සුදුසු වාහන ඉහල ප්‍රමිතියකින් හා සාධාරණ මිලකට පාරිභෝගිකයින් හට ලබාදීම පිලිබඳවයි. එහෙත් අනාගතයේ කොරියානු සමාගම් මිළ අධික, අධිවේගී මෝටර් රථ වෙළඳපොලට අභියෝගයක් එල්ල කරනු ඇතැයි පිලිගැනෙනවා. දැනට මෙම වෙළඳ පොලේ ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලි හා ජර්මන් නිශ්පාදකයින්.






වර්ෂ 1908 දී මඩකලපු මුහුද අවට ගිලීගිය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ නැව සොයා ගැනේ

$
0
0

ඈත මුහුදේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක්‌ කියෑවෙන ගිලී ගිය නැවක්‌ පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස්‌ තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන යන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ සිදු කරනු ලැබූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස්‌ තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව හඳුනා ගැනීමට පසුගියදා සමත් වූහ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ සිදු කරනු ලැබූ ගවේෂණවලදී මෙතෙක්‌ මේ ප්‍රදේශයේ ගිලීගොස්‌ තිබූ නැව් 17 ක්‌ සොයා ගැනීමට ද හැකිවී ඇති බව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

මේ නැව සම්බන්ධයෙන් තොරතුරු පරිශීලනය කළ මේ ඒකකයේ ගවේෂණ නිලධාරී රුක්‌ෂාන් ප්‍රියනන්දන මහතා අතීත නැව් වාර්තා අධ්‍යයනය කරමින් මේ නැව 1908. 09. 26 වැනි දින මඩකලපුව නාවලඩි කලපුව අසල මුහුදේ ගිලීගොස්‌ තිබූ සර් ජෝන් ජැක්‌සන් නමැති නැව බව තහවුරු කරගෙන ඇතැයි හෙතෙම පැවසීය.

සර් ජෝන් ජැක්සන් නෞකාව ගිලීගිය ස්ථානය ... 


මේ නැව පිළිබඳව පළමු ඔත්තුව ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ කිමිදුම්කරුවකු වන ජී. යෝගරාජා නමැති අයකු බව හෙතෙම පැවසීය.

එදා සයිගොන් ලෙස හඳුන්වනු ලැබූ වර්තමාන වියට්‌නාමයේ හෝචිමින් වරායේ සිට කොළඹ හරහා ප්‍රංශයේ මාසේලීස් වරායට සහල් සහ තිරිඟු පටවාගෙන යමින් සිටියදී නැවෙහි ගල් අඟුරු හිඟ වීම නිසා ඒවා ලබා ගැනීමට ගොඩබිම ආසන්නයට පැමිණීම හේතුවෙන් මේ නැව මෙසේ මුහුදු බත්වී ඇතැයි රුක්‌ෂාන් මහතා තවදුරටත් පෙන්වා දෙයි.

මෙය බොයිලේරු පහකින් සහ අවර පෙති දෙකකින් යුක්‌ත නැවක්‌ වුවද නැවට සම්බන්ධව එහි තිබුණේ එක්‌ අවර පෙත්තක්‌ බවත් අනෙක වෙනත් තැනක තිබී හමුවූ බවද පවසයි.

නෞකාවේ සම්පූර්ණ බර ටොන් 2767 කි. එහි කපිතාන්වරයා විලියම් ග්‍රීන් නමැත්තෙකි. නැව නිපදවා ඇත්තේ 1905 දී මහා බ්‍රිතාන්‍යයේ හෝඩන්-ඔන්-ටයින් කෝරළයේ නොදම්බර්ලන්ඩ් නැව් නිපදවන ආයතනය විසිනි. පසුව මෙය ලන්ඩනයේ වෙස්‌ට්‌ මිනිස්‌ටර් සමාගම යටතේ එම සමාගමේ නැවක්‌ ලෙස ලියාපදිංචි කර ඇති අතර එහි දිග අඩි 360 කි. පළල අඩි 47 අඟල් 6 ක්‌ සහ ගැඹුර අඩි 20 ක්‌ පමණ වේ.

මේ කාලය වනවිට මඩකලපුව ආශ්‍රිත මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියෑළෙන ලාංකික ධීවරයන්ගේ පහසුව පිණිස වෙරළේ ලාම්පු සවි කර තිබිණි. එම එළි ඔස්‌සේ මේ නැව ගමන් කිරීමේදී සලකුණු වැරදීමෙන් නැව බ්‍රීනස් ශෝල් (Brennus Shoal: shoel=ගිලුණු කොරල් කණ්ඩිය) කොරල් පරයේ වැදී අනතුර සිදුවී ඇති බවත් මීට පෙර මෙවැනිම ආකාරයේ තවත් නැවක්‌ මේ ගල් පරයේ හැපී ගිලී ගොස්‌ තිබූ බව ද පවසන රුක්‌ෂාන් මහතා එම නැවද මේ නැව අසලදී සොයා ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැවසීය. මෙම ගල් පරයට බ්‍රීනස් ශෝල් යනුවෙන් නම් තබා ඇත්තේ ඒ එම පරයේ වැදී 1881 වසරේ ජූලි 7වැනි දින මුහුදු බත්වුනු එස්.එස් බ්‍රීනස් නෞකාව සිහිවීම සඳහාය.




1908 වසරේදී කොළඹදී පැවත්වුනු, සර් ජෝන් ජැක්සන් නෞකාවේ අණතුරට පත්වූම පිලිබඳ විමර්ශණ වාර්තාවේ සාරාංශය. මෙය පවත්වන ලද්දේ එවක කොළඹ ප්‍රදේශයේ දිසා විනිසුරු වරයා වූ හර්මන් ලූස් මහතා විසිනි.

මූලාශ්‍රය : http://www.plimsoll.org/resources/SCCLibraries/WreckReports2002/19610.asp

Unique ID:19610
Description:BOT Wreck Report for 'Sir John Jackson', 1908
Creator:Board of Trade
Date:1908



"SIR JOHN JACKSON" (S.S.).

REPORT of a Court of Inquiry held by the District Judge of Colombo into the circumstances attending the wreck of the s.s. "SIR JOHN JACKSON" on a reef off Batticaloa, Ceylon, on 26th September, 1908.

1. The s.s. "Sir John Jackson," of the Port of London, of the register tonnage of 2767 tons, her Official Number being 120607, had on board a cargo of rice and maize and was on her way from Haiphong via Saigon, Sabang, Colombo and other ports to Marseilles. On the 19th September last she left Sabang, at which port 75 tons of coal were taken on although there was enough coal on board to take the ship to Colombo under ordinary circumstances.

2. The master of the ship—William Green—stated that the extra 75 tons of coal were taken on as an extra precaution.

3. After leaving Sabang the ship encountered very rough monsoon weather, strong seas and heavy currents, with the result that instead of making her usual 9 knots an hour the ship sometimes made only 3.4 knots and the voyage to Ceylon took twice as long as in moderate weather; and finding that the coal was running out the master on the 25th September abandoned the idea of making for Colombo and determined to make for Point de Galle.

4. At midnight on the 25th September finding that he had only 13 tons of coal on board the master determined to make for Trincomalee instead of Point de Galle. At 0.45 a.m. on the 26th he accordingly altered his course for Trincomalee, put out one of the boilers and steamed along with two boilers. The wind was then blowing from behind, and the ship was kept on that course till about 3.15 p.m., when land came in sight, and at 3.40 p.m. the course was altered to north north-west. At noon the master had abandoned the idea of making for Trincomalee and had determined to make for Batticaloa, as he had only 9 tons of coal left which he considered insufficient to take the ship to Trincomalee.

5. At 4.30 p.m. the course was altered to north-west north half north; at 6 p.m. to north-west half west; at 6.40 p.m. to north-west, west half west. At that time the native craft in the Batticaloa roads could be seen, though not the town of Batticaloa, and the master calculated that the ship must then have been about tour miles from the roads.

6. At 7.10 p.m. he had run his distance and should have been at Batticaloa, but was not. He then altered the course to west north-west and could see a string of lights all of the same description and with no stand out light—he reckoned he was three miles off then.

7. At 7.20 p.m. the boatswain (who had been at the lead since 6.45 p.m.), for the first time found bottom and reported "5 fathoms," and a second or so afterwards the ship, which was going "dead slow," struck. The order to stop and go full speed astern was then given, but the ship was fast on the rocks.

8. The master judged that he was then about 3 miles off, but next morning he found that he was only about 1 1/2 or 1 3/4 miles away from Batticaloa and on the Brennus Shoal, which is not marked on his chart—a blue back chart corrected up to 1905 supplied to him by the owners of the ship.

9. At the time the ship struck there were about 5 tons of coal left.

10. It seems clear that the master did everything that was possible to secure the safety of the ship. In trying to make for Batticaloa, there is no doubt he adopted the course most likely to secure that safety. Having arrived off Batticaloa with only a few tons of coal left, he could not keep out at sea throughout the night in the rough weather prevailing at the time, and he was accordingly compelled to make for the port. According to the evidence of the master and the chief officer, which there is no reason to doubt, the Batticaloa light, which should have been visible and distinguishable from the other lights, was not so on the night in question.

11. The mishap was due to an error of judgment on the part of the master in heading the ship towards the roads when he did—an error induced by the unfortunate circumstances prevailing at the time—circumstances over which he had no control.

26th October, 1908.

HERMANN A. LOOS,

Acting District Judge

(Issued in London by the Board of Trade on the 15th day of December, 1908.)

120 Wt 4 12/1908 D & S 1 34422 




චීනයේ Change චන්ද්‍ර ගවේෂණ යානයෙන් ගන්නා ලද සඳෙහි පැනොරාමා ඡායාරූපය......

$
0
0
චීනයේ ප්‍රථම සඳගමන සිහිවීම වෙනුවෙන් නිකුත්කරන ලද සමරු මුද්දර හා සමරු පදක්කම
චීනය දියත් කරන ලද "චැන්ගේ"නම් චන්ද්‍රයානය 2013 දෙසැම්බර් 14 වැනිදා සඳමතට ගොඩබසින ලදී. මෙම යානය චැන්ගේ ලෙස නම්කරන ලද්දේ චීන පුරාවෘත්තවලට අනුව සඳට අධිපති දෙවඟන වූ "චැන්ගේ"වෙනුවෙනි. කිලෝග්‍රෑම් 1200ක් බරින් යුතුවූ මෙය රොකට් මෝටර් ආධාරයෙන් සඳමතට සීරුවෙන් ගොඩබස්වන ලදී (soft landing). විද්‍යාත්මක උපකරණ හා කැමරාවලට අමතරව මෙම ලෑන්ඩරය කිලෝග්‍රෑම් 140 බර කුඩා සඳ ගවේෂණ රෝවරයක්ද රැගෙන ආ අතර එයට "යූ-ටූ"යනුවෙන් නම් තබා තිබේ.



යූ-ටූ යනු සඳ දෙවඟන වූ චැන්ගේ දෙව්දුවගේ සුරතල් හාපැටවාගේ නමවේ. යූ-ටූ යන චීන වදනේ තේරුම "jade rabbit"යන්නයි. ජේඩ් යනු කොළ පැහැති මැණික් ගල් විශේෂයකි.

මාස තුනක කාළයක් පුරා වර්ග කිලෝමීටර් 3ක ප්‍රදේශයක් ගවේෂණය කිරීම මෙහි ඉලක්කය වනවා. සූර්ය කෝෂ මගින් බලගැන්වෙන මෙය පෘථිවි දින 14ක් දිගු චන්ද්‍රයාගේ දිවා කාලයේ එක දිගටම ගවේෂණයේ යෙදෙනු ඇති අතර ඉන් පසුව එලබෙන පෘථිවි දින 14ක රාත්‍රීකාලයේදී ""හෙවත් නිද්‍රාශීලී ආකාරයෙන් ගත කරනු ඇත. එම කාලයේදී චන්ද්‍රයාගේ අධික ශීතලෙන් රෝවරයේ සූක්ශ්ම විද්‍යා උපකරණ හා පරිපථ ආරක්ශාකරමින් ඒවා උණුසුම්ව තබාගැනීමටත්, යානයේ අත්‍යවශ්‍ය පරිගණක වැනි උපකරණ ක්‍රියාත්මක කරවාගෙන තැබීමටත් අවශ්‍ය උණුසුම හා විදුලිබලය "radio isotope heater unit"හෙවත් විකිරණශීලී සමස්ථානික මගින් ක්‍රියාත්මක වන තාපකයක් මගින් ලබාදෙන ඇත.


අඟහරුමත ජීවය පිලිබඳව සාක්ශි ලෙස පිලිගත හැකි තොරතුරක් සැඟවූයේ යයි නාසා ආයතනයට නඩුවක් වැටෙයි!! [ඡායාරූපයේ පෙනෙන්නේ ජීවී ද්‍රව්‍යයක් නොව ගලක්! නාසා පිලිතුරු බඳියි]

$
0
0

අගහරු ග‍්‍රහයා මතුපිට ගවේෂණයේ යෙදෙන ඔපර්චුනිටි රෝවරය විසින් ලබාගත් ඡයාරූපයක තිබූ වස්තුවක් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා තාරකා ජෛවවිද්‍යාඥ රාව්න් ජෝසප් විසින් නාසා ආයතනයට විරුද්ධව නඩු පවරා ඇතැයි වාර්තා වේ. නාසා ආයතනයට හා එහි ප‍්‍රධානි චාල්ස් බෝල්ඩන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඉල්ලා ඇත්තේ විය හැකි ජෛව පද්ධතියක් පිළිබඳ වහා පර්යේෂණ පවත්වන ලෙසයි.

ජනවාරි 8දින ඔපර්චුනිටි රෝවරය මගින් ගත් ඡයාරූපයක මධ්‍යය රතු පැහැති සහ වටේ සුදු පැහැති වස්තුවක් දක්නට ලැබෙන අතර එය පිනැකල් දිවයින ලෙස නාසා විද්‍යාඥයින් විසින් නම් කර තිබේ.

එය දින 12කට පෙර එම ස්ථානයේ ගත් ඡයාරූපයක නොමැති බව දක්වන NASA පවසා ඇත්තේ එය ඔපර්චුනිටි රෝවරය ගමන් කිරීමේදී පෙරළී එන්නට ඇති පාෂාණයක් බවයි.

කෙසේවෙතත් ආචාර්ය රාව්න් ජෝස්ප් පවසන්නේ එය නිශ්චිත වශයෙන්ම හත්තක් වැනි දිලීර වර්ධනයක් බවයි.
පෘථිවියේදී එවැනි ජෛව පද්ධතීන් ඇපොතීසියම් ලෙස හඳුන්වන බව ඔහු පවසා තිබේ.  නාසා විද්‍යාඥයන් එය ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් එය කිසිසේත්ම ජීවී ද්‍රව්‍යයක් විය නොහැකි බව පවසනවා.

එය පිළිගත නොහැකි බව පවසා ඇති ආචාර්ය ජෝසප් එම දත්ත ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.  මේ අතර දින 12කට පෙර ගත් ඡයාරුපයේද මෙම දිලීරය යන්තමින් දක්නට ලැබෙන බවත් පැහැදිලි ලෙසම එය එම කාලය තුළ වර්ධනය වී ඇති බවත් ඔහුගේ අදහසයි.


ඉන්දීය මෝටර් රථ මඟී ආරක්‍ෂක පරීක්ෂණවලින් අසමත්

$
0
0

මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත. මෙම පර්‍රික්ශණයේදී පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ධාවනය කල මෙම රථ කොන්ක්‍රීට් ගල් ගොඩක කෙලින්ම ගැටෙන්නට සලස්වා ඇති අතර එය තවත් වාහනයක මුහුණට මුහුණ ලා සිදුවන ගැටීමක් අනුරූ කිරීමක් (simulation) ලෙස සිදුකොට ඇත. මෙහිදී ටාටා නැනෝ රථය ලබාගත් ලකුණු ප්‍රමාණය බිංදුවක් බව මෙම ආයතනය පවසයි. 

යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි. මෙම පරීක්ශණ මාලාව NCAP හෙවත් New Car Assessment Programme ලෙස හඳුන්වයි.

“ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි.

ලෝකයේ ලාබම මෝටර් රථය වන ‘ටාටා නැනෝ’ සහ ‘Ford Figo’, ‘Volkswagen Polo’, 'Maruti Suzuki Alto 800'සහ ‘Hyundai i10’ වර්ගවල මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති. එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේය.

වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බව පැවසෙයි.

මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි.

මේ පිලිබඳව ප්‍රතිචාර දක්වන ටාටා සමාගම සිය වාහන ඉන්දීය ආරක්ශණ සම්මුති (Indian Safety Standards) සියල්ලම සමත්වන ලෙස නිර්මාණය කොට ඇති බව පවසනවා. හයුන්ඩායු සමාගමද මෙම ස්ථාවරයේ සිටින අතර මරුති-සුසුකි සමාගමේ ප්‍රතිචාරය මේවන විට ලැබී නැහැ. ෆෝඩ් සමාගම සිය මෝටර් රථවල ආරක්ශණ විධිවිධාන පූර්ණ සමාලෝචනයක බඳුන් කරන බවට පවසනවා.

Source : http://www.businessinsider.com/indian-cars-are-unsafe-group-says-2014-1

කල්පිටිය මුහුද ඩොල්ෆින් මත්ස්‍යන්ගෙන් පිරේ

$
0
0


මේ කල්පිටිය  අර්ධද්වීපය දෙස්විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන සමයයි. කල්පිටියේ සුන්දර දසුන් නැරඹීම සඳහා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන් සේම, දේශීය සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් ඇතුළු දූපත් 16 ක්ද කල්පිටියේදී නැරඹිය හැකිය.  ජනවාරි මාසයේ සිට දහස් ගණනින් ඩොල්ෆින් මත්ස්‍යයන් කල්පිටි මුහුදට පැමිණෙන අතර, එය අප්‍රේල් මස අවසානය දක්වා සීමා වී තිබෙන්නේ එයින් පසු සයුර රළු වීම නිසාවෙනි.

මෙරට විශාලතම කොරල් පරය බැලීමටත් නිදහසේ මුහුදේ සුන්දරත්වය විඳීමටත් දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පුත්තලම කලපුව හා කල්පිටිය ප්‍රදේශය මෙරට විශාලතම සංචාරක කලාපය ලෙස දැන් සකස් වෙමින් පවතී. මෙහි ඇති දූපත් 31 ආශ්‍රිතව නව හෝටල්, පාවෙන කාමර ඉදිවෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම සංචාරක කලාපය ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ප්‍රදේශය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. සාගර හා වෙරළ සම්පත් සංරක්ෂණ පදනමේ භාණ්ඩාගාරික ඒ.ඩී.එස්. නියාෂ් මහතා පවසන ආකාරයට මේ කල්පිටිය හා ඒ අවට දූපත්වල අතීතය විජය රජු මෙරට ගොඩ බසින ලද කාලයටත් වඩා ඈතට දිව යයි.




“අරාබි වෙළෙන්දන් පෘතුගීසි ලන්දේසි ගොඩ බසින ලද පෘතුගීසි වරාය, ඕලන්ද කොටුව මෙහි තිබෙනවා. පරණ පල්ලි ගොඩනැඟිලි තිබෙනවා. මේ පැත්තේ ඉඩම්වලින් පරණ රෝම ලන්දේසි සල්ලි මතුවෙනවා. ඒ අනුව මෙහි ඈත අතීතයේ ජනාවාස තිබුණු බවට සාක්ෂි තිබෙනවා. මේ ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළයි. ලංකාවේ තිබෙන කඩොලාන 24 න් 15 ක් ම මේ ප්‍රදේශයේ තිබෙන්නේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන සාගර විද්‍යාඥයන් පවසන පරිදි මෙරට වැදගත්ම ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් කොරල් පරය ද පිහිටා ඇත්තේ ද මේ කල්පිටිය දූපත් ආශ්‍රිතව ය. එය බාර් පරය ලෙස හඳුන්වයි. මෙය ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ඇති මුහුදු තීරයේ පිහිටා ඇත. එය කරෙයිතිවු දූපත දක්වා විහිදී යයි. වර්ග කිලෝ මීටර් 308.7 පුරා කොරල් පරය පැතිරී යයි.

මෙහි විශාල ප්‍රදේශයක පැතිරිණු පැතලි වැලි පරයක් සහ බාර් පරය ලෙස හඳුන්වන වර්ග කිලෝමීටර් 40 ක් පමණ පැතිරුණු ප්‍රධාන කොරල් පදාසයන් දෙකක් ද වැලි සහිත ප්‍රදේශයක් ද මෙම බාර් පරයට ඇතුළත් වේ.  1992 දී මේ බාර් පරය හා ඒ අවට වැලිපර ප්‍රදේශය සමුද්‍ර අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි ප්‍රමාණය හෙක්ටයාර 30669.9 කි. ශ්‍රී ලංකාව අවට පිහිටි විශාලතම කොරල් පරය වන මෙහි ලොව දුර්ලභ කොරල් විශේෂ 150 ක් හා දුර්ලභ මත්ස්‍ය විශේෂ සමඟ කොරල් ආශි‍්‍රත මත්ස්‍ය විශේෂ 400 ක් තිබෙනවා. විශාල නිල් තල්මසා, මින්කි තල්මනා, කුරුමන්දා, තල්මසා, සන්නාලි මුල්ල, බෝතල් නගස් මුල්ලා, කබරමුල්ලා වැනි දුර්ලභ මුහුදු ක්ෂීරපායින් ද මේ කොරල් පරය ආශ්‍රිතව ඉන්නවා.   බාර් පරය අවට මුහුදු තීරයේ ඩොල්ෆින් බහුලව ඉන්නවා. මුහුදු සිංහයන් හරි විරල සතුන්. මේ ප්‍රදේශයේ දී මුහුදු සිංහයන් ද දකින්න පුළුවන්. පිලිපිඩියා නම් සීල් මත්ස්‍යයන්, සිටේයියා තල්මසුන්, සන්නාලි මුල්ලන්, බෝතල් නගස්මුල්ලා වොරලිස් ද සයිරේනිසා යන විරල මුහුදු ක්ෂීරපායින් ද මේ ප්‍රදේශයේ ඉන්නවා. ලංකාවේ මේ සතුන් මෙතරම් දකින්න පුළුවන් කල්පිටිය ආශ්‍රිතව පමණයි.


මේ ප්‍රදේශයේ දී අපට දක්නට ලැබෙන තල්මසුන් මුල්ලන් හා මුහුදු ඌරන් යන මුහුදු ක්ෂීරපායෝ මුළු ජීවිතයම ජලජ පරිසරයේ ජීවත්වෙයි. ඔවුන් දිගු ගැබ්බර කාලයකට පසුව තනි පැටවකු පමණක් බිහි කර දිගු කලක් රැක බලාගැනීම කරයි. මේ අනුව ඔවුන්ගේ පරම්පරාව සීමාසහිත වේ. නාරා ආයතනය පවසන පරිදි මේ මුහුදු තීරයෙහි දක්නට ලැබෙන කබරමුල්ලා මෙරට වෙරළ කලාපවලට ආවේණික දුර්ලභ මුහුදු ක්ෂීරපායි විශේෂයෙකි. මේ සතා මෙරට කලපු ඇතුළතට එන එකම මුහුදු ක්ෂීරපායි විශේෂය වේ. කල්පිටියේ දූපත් ආශ්‍රිතව මේ සියලු සතුන් දැකීමට පුළුවන. කල්පිටියේ පුත්තලම් කලපුව ආශ්‍රිතව විවිධ ප්‍රමාණයේ දූපත් 32 ක් පමණ ඇත. මුහුදු තෘණ කඩොලාන ආදියෙන් ගැවසී ගත් මේ දූපත් මනරම් සෞන්දර්යයක් එක් කරයි. ජලජ පක්ෂීහු ද ඒ අසල බහුලය.

තවද ආලංකුඩා මුහුදු තීරය යනු මුහුදු සම්පත් වලින් බහුල ප්‍රදේශයක් වන අතර නොයෙක් වර්ගයේ කුරුළු වර්ග වලින් යුතු ගොඩබිම් තීරයක්ද අසළ දක්නට ලැබේ. ඩොල්ෆින් විශේෂ 4ක්ද, තල්මස් විශේෂ 5ක්ද මෙම ප්‍රදේශයේදී දක්නට ලැබෙන අතර, ඊට අමතරව ශ්‍රි ලංකාවේ මෙම ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන් විශේෂ ක්ෂිරපායී මුහුදු ජීවියකු වන ඩගොන්ස් සත්වයන් ද මෙහිදී දැක ගත හැක.  ඊට අමතරව ස්වභාවික කොරල් පර, තැනිතලා මුහුදු වෙරළ, ලුණු ලේවායන්, සහ කඩොලාන වගුරු බිම්ද මෙම ප්‍රදේශයේ වේ. 





Photo Credit : www.ada.lk ,  http://sinhala.newspot.lk
Sources : [1]  http://ada.lk/article/3893/ [2] http://www.silumina.lk/2010/09/26/_art.asp?fn=ay1009261&p=1


මුතුරාජවෙල රක්ෂිතය විකිණීමේ සැලැස්මක්!!

$
0
0

මුතුරාජවෙල තෙත් බිම යනු කුමක්ද?

මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි.එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ.මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමිවිශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම තෙත් බිම බොහෝ සත්ත්ව හා ශාක වර්ග ගණනාවකට නිජබිමක්ව පවතී.කලපුව හා ඍජුව සම්බන්ධ වී නිර්මිතව ඇති බැවින් ධීවර පවුල් 3200කට පමණ ජීවනෝපාය සැලසී ඇත.ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15% ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිතා කරයි.

මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජණන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පළතුරු , ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයට රුකුලක්ව පවතින මුතුරාජවෙල තෙත් බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි. ඊට ප්‍රධාන හේතුව ප්‍රදේශය පුරා පැතිරී ඇති සොබාසෞන්දර්යයි. මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබාසෞන්දර්යයේ මුලිකාංගයකි.


මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින "කුරුලු උයන"ප්‍රදේශයට අපූර්වත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන්ම විදේශ රටවලින් පැමි‍ණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත් ව පවතී.

දිවයිනේ අගනුවරට ඉතාමත් ආසන්නව පිහිටි මුතුරාජවෙල බස්නාහිර පළාතේ පිහිටි විශාලත ම තෙත් බිම ලෙස ද හඳුනා ගත හැකි ය.

කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්වා විහි දී ඇති මෙම රමණීය තෙත් බිම බටහිරින් සමුද්‍ර තීරයෙන් ද නැෙඟනහිරින් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ද සීමා වේ. වැඩි ප්‍රමාණයක් විහඟුන් දැක ගැනීමේ අදහසින් අප හිමිදිරියේ ම ජාඇළ - බෝපිටිය ප්‍රදේශයෙන් හැමිල්ටන් ඇළ වෙත ළඟා වීමු.

මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයෙන් හැමිල්ටන් ඇළ ඔස්සේ අපගේ යාන්ත්‍රික බෝට්ටුව දියත්වන විට උදෑසන හතයි තිහට පමණ ඇත. එය යාන්ත්‍රික බෝට්ටුවක් වුව ද ඇන්ජිම අශ්වබල අටක අවම බලයෙන් යුක්ත බැවින් වේගය සීමාකාරී ය. නමුත් එය පරිසරයට හිතැති ය.

ඕලන්ද යුගයේ දී කැලණි ග‍ෙඟ් සිට මීගමු කළපුව දක්වා මීගමුව කොළඹ මහාමාර්ගයට සමාන්තරව මුතුරාජවෙල වෙල්යාය හරහා ඇළමාර්ගයක් සකස් කෙරුණි. ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ය. එය ඕලන්ද ඇළ නම් විය. ඕලන්ද යුගය අවසන් වී ස්ථාපිත ඉංග්‍රීසි යුගයේ දී හැමිල්ටන් නම් ආණ්ඩුකාරවරයා යටතේ කැලණි ගඟත් මීගමු කලපුවත් යා කරමින් මීගමුව දක්වාත් එතැනින් පුත්තලම දක්වාත් සකස් කරන ලද හැමිල්ටන් ඇළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා සකස් කෙරුණි. අප ගමන් ගන්නේ එකී හැමිල්ටන් ඇළ ඔස්සේ ය.


නොයෙකුත් සතුරු ආක්‍රමණ හා දුර්භික්ෂ හේතුවෙන් උතුරු මැද පලාතේ සිට නිරිතදිගට සංක්‍රමණය වූ අතීත රජ දරුවන් ගේ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයෙ හි ස්ථාපිතව තිබූ වකවානුවේ දී අප විසින් ගවේෂණය කරන සොඳුරු තෙත් බිම සශ්‍රීක කුඹුරු යායකි. සවන පැරකුම්බා රජ සමයේ දී මුතුමෙන් වටිනා සහල් රජුට ලබා දීම නිසාවෙන් මෙම තෙත් බිම මුතුරාජවෙල ලෙස හැඳින්වුණි. නමුත් ඉන් පසු මේ තෙත් බිම හරහා ඉදි කෙරුණු ඇළ මාර්ගවල අහිතකර ප්‍රතිඵලයක් ලෙස කළපුවේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒමෙන් මෙහි වගා කටුතු අභාවයට යන ලදී. මේ විනාශය නොඉහිලු ප්‍රදේශවාසීන් මෙම විනාශයට පිළියම් යොදන ලෙස රජුට එරෙහිව කැරළි ගැසු බවට ද ප්‍රදේශයේ ජනප්‍රවාද පවතී. සශ්‍රීක මුතුරාජවෙල වෙල්යාය වී වගාවට නුසුදුසු තත්ත්වයට පත් වී පසුකාලීනව සහමුලින් ම නැති වී ගියේ ය. පසුව මෙම භූමිය ක්‍රමයෙන් තෙත්බිම් පරිසර පද්ධතියක් බවට පරිවර්තනය විය. අද මේ තෙත් බිමෙන් සහල් නොලැබුණ ද දෙස් විදෙස් පතල අතිශය වැදගත් ජෛව උරුමයන්ගෙන් සංතතිය වන්නට එකී මිනිස් ක්‍රියාකාරකම හේතු වූ බව කිව හැකි ය.

ජා-ඇළ, වත්තල, මීගමුව සහ කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරට ම අයත් වන මුතුරාජවෙල හෙක්ටයාර 6000කට අධික භූමියක ව්‍යාප්ත ව පවතී. මේ පරිසරය තෙත් බිම් කලාපය, මීගමුව කළපුව, දඬුගම් ඔය ප්‍රදේශය වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

මුතුරාජවෙල පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය


මුතුරාජවෙල පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය උදෙසා විවිධ පරිසර පද්ධතීන්වලින් ලැබෙන දායකත්වය ඉමහත් ය. කඩොලාන, වගුරුබිම්, මිරිදිය ජලමාර්ග, වගාකිරීම අත්හල කුඹුරු, ලඳුකැළැ යනා දී එකිනෙකට වෙනස් පරිසර කොටස් වෙනස් ආකාර ශාක සහ සත්ත්ව විවිධත්වයකට මඟ පාදයි. මෙකී පරිසර පද්ධතීන් සියල්ලම මුතුරාජවෙල තෙත් බිම් වනෝද්‍යානයේදී දැකගත හැකිය.

ලවණ ජලයේ ජීවත් වීමට හැකියාව ඇති ලෝකයේ ඉතා විශාලතම උරගයන් ලෙස සැලකෙන ගැට කිඹුලන් ඉතා වටිනා ස්වභාවික සම්පතකි. අතිතයේ මුතුරාජවෙල තෙත්් බිමේ ද ඉතා හොඳ ගැට කිඹුලන් ගහනයක් දිවි ගෙවුව ද දුස්මාන්තික දඩයම් කිරීම හමුවේ අද ඔවුන් විරල දසුනකි. කිඹුලාට අමතරව කබරගොයා, තලගොයා, කටුස්සන්, හුනන් හා හිකනලුන් මෙන් ම සර්ප විශේෂ රැසක් ද මුතුරාජවෙල උරඟ විවිධත්වය ඉහළ නංවන බව කිව යුතු ය. ඒ අතරින් කඩොලාන දිය බරියාට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ හමුවන ඉතා දුර්ලභ සර්පයෙකු වන කඩොලාන දියබරියාගේ නිදර්ශක හමු වී ඇත්තේ ඉතාමත් ස්වල්පයකි. එයින් ද වැඩි ප්‍රමාණයක් හමු වී ඇත්තේ මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව ය.

තමන් ගේ මවු රටවල ශීතකාලය උදා වූ විට මෙරටට පැමිණෙන සංචාරක පක්ෂින් මෙන් ම දේශීය පක්ෂි විශේෂ රැසක් නැරඹීම සඳහා ද මුතුරාජවෙල තොතැන්නකි. විශේෂයෙන් උදෑසන සහ සවස් කාලයේ දී මුතුරාජවෙල හා මීගමු කළපුව විහඟුන් ගේ පාරාදීසයක් බවට පත් වේ. කරවැල් කොකා, අළුකොකා, රත්යටිමල් කිරලා, ගොළු කිරලා, කුස ඇලි සයුරුකුස්සා, බමුණු පියකුස්සා, මල් පිළිහුඬුවා, මහා පිළිහුඩුවා, ලය සුදු මැදි පිළිහුඩුවා, පුංචි දියකාව, නිල්පෙඳ බිඟුහරයා, අටු වැහි ලිහිණියා සහ කළුපිය ඉපල්පාවා වැනි පක්ෂීන් ඒ අතර සුළබ වෙති. එසේ ම ශ්‍රී ලංකාවට පැමිණෙන දුර්ලභ සංක්‍රමණික පක්ෂියෙකු වන කළු හිසැති මැදි පිළිහුඩුවා ද දැක ගැනීම සඳහා පක්ෂී නිරික්ෂකයන් විශේෂයෙන් මුතුරාජවෙලට පැමිණෙති.

වායුගෝලීය වාතය නිශ්චලව පවතින අවස්ථාවන්හි දී හිමිදිරි උදෑසන මිගමු කළපුව නෙතට ගෙන එන දසුන වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දර බව කිවමනා ය. යන්තම් හෝ සරලිති නොනගන කළපු දිය නිල් පැහැති පිට්ටනියක් බඳු වන අතර ඒ මතට හිරු කිරණ වැටීමෙන් රිදී තැටියෙක් ලෙස දිළිසෙන්නට පටන් ගනී. ඒ අතර කළපුවේ තැන තැන තවමත් කැටි ගැසී තිබෙන මිහිදුම් සළු අතරින් ඔබ මොබ යන ඔරු කරුවන් මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමට උත්සුක වෙනු රමණීය ය. කළපුවෙ තැන තැන තනා ඇති සාම්ප්‍රදායික ධීවර ක්‍රමයක් වන “ මස් අතු” වෙත මුහුදු ලිහිණින් රොක් වන්නේ හිරු උදා වීමෙන් පසුව ය. විශේෂයෙන් මල් කඩොල් ශාක අතු යොදාගෙන තනා ගන්නා මේ ස්වභාවික මත්ස්‍ය කොටු පරිසරය සහ අතීත ශ්‍රී ලාංකිකයන් අතර තිබු මනා සබඳතාවය මොනවට පැහැදිලි කරයි.

කුල 66කට අයත් විවිධ ශාක විශේෂ 194ක ට ද මුතුරාජවෙල තෙත් බිම නිවහන බව සොයාගෙන තිබේ. කළපු හා ගංගා මෝය සරසන ‍ෙසාබාදහමේ සුවිශේෂී නිර්මාණයක් වන කඩොලාන ශාක ප්‍රජාව සැලකීමේ දී ද මුතුරාජවෙල හා මීගමු කළපු තෙත් බිම ඉතා වැදගත් ය. ලවණ මිශ්‍රිත ජලයට හා ඉතා දුෂ්කර පරිසර සාධකයන්ට අනුවර්තනය වෙමින් ඉතා හොඳින් ජීවත් වීමට අවශ්‍ය හැකියාව ඇත. කඩොලාන සහ මීගමු කළපු සංවර්ධන පදනම, මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගින් සිදු කළ සොයා බැලීමක දී පෙනී ගියේ ශ්‍රී ලංකාවේ වාර්තා වන කඩොලාන ශාක විශේෂ 22න් 18ක්ම මේ තෙත් බිමෙහි වාර්තා වන බව ය.

මුතුරාජවෙල තෙත් බිමේ සංචාරය කිරීමෙන් ලද හැකි මිහිරියාවසේ ම සෙසු අති මහත් ප්‍රයෝජන රැසක් ද මේ පරිසර පද්ධතිය මඟින් ආශ්‍රිත ප්‍රජාවට මෙන් ම මුළු මහත් ලක්වැසි ජනතාවට ම හිමි වන බව කිව යුතු ය. නමුත් ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන් අද වන විට මෙම අගනා පරිසර පද්ධතිය අභියෝග රැසකට මුහුණ දී ඇති බව කිව මනා ය. මුතුරාජවෙල තෙත් බිමේ ජෛව විවිධත්වය සහ පාරිසරික අගය සුරැකෙන පරිදි තිරසාරව සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීමට “ මුතුරාජවෙල මහ සැලැස්ම” නමින් සංවර්ධන යෝජනාවලියක් කලකට ඉහත කරලියට පැමිණියේ ය.

මේ යටතේ කොළඹට ආසන්නව දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපයක් ලෙසත් මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත් ඒ අතර ප්‍රදේශය ලෙසත් වෙන් කිරීමට යෝජනා කෙරුණි. ඒ අනුව වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක පනත යටතේ  මුතුරාජවෙල අභයභූමිය, 1996 ඔක්තෝම්බර් 31 වෙනිදා තෙත් බිම් සහ සංරක්ෂකණ අභයභූමියක් ලෙස අංක 947/13 යටතේ ගැසට් නිවේදනයක් නිකුත්  කරමින් ප්‍රකාශයට පත් කර ඇත. මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1029 ක් වෙයි.

මුතුරාජවෙල රක්ෂිතය විකිණීමේ සැලැස්මක් ?

සත්ත්ව සහ ශාක ආඥාපනත උල්ලංගනය කරමින් මුතුරාජවෙල සංරක්ෂිතයට අයත් අක්කර 150 කට අධික භූමි ප්‍රමාණයක් නරග නිර්මාණ ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික ආයතනයට පැවරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මෙම පෞද්ගලික ආයතනය ඉතා සැප පහසුකම් සහිත නගර දෙකක් මේ භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. ආයෝජන මණ්ඩලය විසින් මුතුරාජවෙල භූමි ප්‍රමාණය වෙන් කරවා ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුවෙන්  අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ෂිවාන් ද සිල්වා මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ 2013 දෙසැම්බර් 05 වෙනිදා GB/4/1718/2 දරණ ලිපි අංකය යටතේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙනි. ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් වූ  නගර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙම භූමි ප්‍රදේශ නිදහස් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.


සුඛෝපභෝගී නිවාස, සීඝ්‍රගාමී දුම්රිය, හෝටල්, සාප්පු, වෛද්‍ය ආයතන සහ ගොල්ෆ් පිටියක් මෙම ‘බෝපිටිය අති සුඛෝපභෝගී නගර ව්‍යාපෘති'ය යටතේ ඉදිකිරීමට නියමිත බව වාර්තා පෙන්වා දෙයි. මෙම පෞද්ගලික ආයතනය ඉතා සැප පහසුකම් සහිත නගර දෙකක් මේ භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.


"Pirate Bay"ටොරන්ට් ජාලය වළාකුළට යයි!

$
0
0
ලොව ජනප්‍රියම බිට්-ටොරන්ට් ජාලය ලෙස සැළකෙන "පයරට් බේ"ටොරන්ට් ජාලයේ නිර්මාතෲවරුන් සිය ටොරන්ට් සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යවන සර්වර් සියල්ලම අන්තර්ජාලයේ "ක්ලව්ඩ්"සේවාවක් වෙත ගෙනගොස් ඇතැයි වාර්තාවේ. 

මේ වනවිට බටහිර රටවල් (අමෙරිකාව හා බටහිර යුරෝපය) බුද්ධිමය දේපොල අන්තරජාලය හරහා බාගත කිරීම් වැලැක්වීම සඳහා නීති දැඩි කොට ඇති අතර ඒවා ඉතා දැඩිලෙස ක්‍රියාත්මක කරමින් නොමියේ බුද්ධිමය දේපොල ලෙස සැලකෙන පරිගණක මෘදුකාංග, ක්‍රීඩා, චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය මෙන්ම සංගීත නිර්මාණ බාගත කරගැනීමට ඉඩ සලසන සේවා වසා දමමින් ඒවායේ හිමිකරුවන් අත් අඩංගුවට ගනිමින් සිටිති.

මේ වනවිටත් කලක් ඉතා ජනප්‍රියව පැවති Rapidshare, Megaupload වැනි file-share සේවා මෙන්ම isoHunt වැනි බිට්-ටොරන්ට් ජාල වසාදමා ඇත. තවත් ජනප්‍රිය ටොරන්ට් අඩවි ගණනාවක් ඉදිරි මාසකිහිපය තුල ක්‍රියා විරහිත කරවන බව ඒවායේ හිමිකරුවන් මාධ්‍ය නිවේදන මගින් දැනුම්දී ඇත. මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ නිරන්තරයෙන් සිය සේවා ආයතන එම රටවල පොලීසි මගින් වටලා උපකරණ අත් අඩංගුවට ගැනීමත්, ඒවායේ හිමිකරුවන්ද අත් අඩංගුවට ගෙන කෝටි ගණනින් වන්දි ඉල්ලා නඩුදැමීමේ ප්‍රවනතාවයක්ද මතුවෙමින් පැවතීමයි. නොබොදා  අයිසොහන්ට් ටොරන්ට ජාලයේ හිමිකරු වන ගැරී ෆන්ග්ට බුද්ධිමය දේපොල නීතිවිරෝධීව බෙදාහැරීමට දායකවීමේ වරදට ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙවීමට නියමකරන ලදී.


වැඩිම ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බිට් ටොරන්ට් ජාලය (The most resilient bit-torrent site) ලෙස තමන්ව හඳුන්වාගන්නා පයරට්-බේ ජාලය මෙම නිරන්තර තර්ජනයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස මෙහෙයුම් කටයුතු සියල්ලම අන්තර්ජාල ක්ලව්ඩ්-සර්වර් සේවාවක් මත ස්ථාපනය කොට ඇත. පයරට්-බේ හිමිකරුවන් පවසන අන්දමට ක්ලව්ඩ් සර්වර් සේවාවක් මගින් ලැබෙන ආරක්ශාවට අමතරව ඉතා ඉක්මණින් හා අඩු වියදමකින් සේවාවන් පුලුල් කිරීමේ හැකියාව මෙන්ම මෙහෙයුම් කටයුතු අඩු වියදමකින් කරගැනීමේ හැකියාවද තමන්ට ලැබී ඇත.

ක්ලව්ඩ් සර්වර් පන්නයට අනුවර්තනය වීමෙන් පසුව පයරට් බේ  සේවාවට සිය අනන්‍යතාවය සඟවාගෙන සේවා පවත්වාගන්නට හැකි බව පැවසේ. ක්ලව්ඩ්-සර්වර් සේවාව ලබාදෙන සේවා දායකයාට එම සේවාව භාවිතා කරන්නා එය කුමන කටයුත්තක් සඳහා භාවිතාකරන්නේද යන්න දැන ගැනීමේ හැකියාව අවම වන අතර එම සේවාවන් ලබාදෙන සර්වර් වෙනස් රටවල් කිහිපයක ක්ලව්ඩ් සේවා ලබාදෙන ආයතන ගණනාවක් අතර පතුරවා ඇති අතර මේ අනුව එක් එක් රටවල ජාතික පොලිසී හෝ ආරක්ශක අංශ මින් එක් ක්ලව්ඩ් සර්වරයක් කෙසේ හෝ වසා දැමුව හොත් ඉන් පයරට් බේ ජාලය අඩපණවීමක් සිදු නොවේ.

පයරට් බේ සේවාවේ ආරම්භක සර්වරය පරිගණක කෞතුකාගාරයක ප්‍රදර්ශණයට!


2003 වසරේදී ඇරඹි පයරට් බේ සේවාවට 2013 සැප්තැම්බරයේදී වසර 10ක් සපිරෙන අතර මේ සේවාව ආරම්භකල ගොට්ෆ්‍රිඩ් වාර්ග් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර  සිය දෙමව්පියන්ගේ නිවසේ කාමරයක ඇඳක් යට තබාගෙන පයරට් බේ සේවාව ක්‍රියාත්මක කල පරිගණකය ස්වීඩනයේ ලින්කොපීන්ග් නුවර "The Computer Museum "නම් පරිගණක කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

බිට් ටොරන්ට් ගොනු බාගතකිරීමේ සේවාව මුල් වරට ආරම්භ කරමින් පරිගණක ජාල ලෝකයේ විප්ලවිය වෙනසක් සිදුකල, සමහරුන් ඉතා ආදරය කරන, සමහරුන් දැඩිලෙස පිලිකෙව් කෙරෙන, ලොව පුරා දැවැන්ත විවාදයකට මුලපුරූ "ද පයරට් බේ"ජාලයේ උපත සැමරීමට වෙනුවෙන් මෙය ප්‍රදර්ශණය කරන බව මෙම පරිගණක කෞතුකාගාරයේ අභිරක්ෂක (curator) වන තෝමස් ක්ලිෆර්ඩ් පවසයි.


තල්මස් විශේෂයක් සොයාගත් ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල විද්වතා

$
0
0
ඉන්දු-පැසිපික් සාගර කලාපයේ හමුවන ලොව දුර්ලභ තල්මසුන් වර්ගයක් නව සත්ත්ව විශේෂයක් ලෙස විද්‍යාත්මක ලොවට හඳුන්වා දීමට මෙරට සිටි අද්විතීය විදුධරයකු වූ මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා කටයුතු කළේය. ඒ වර්ෂ 1963දීය. මෙරට මුහුදු වෙරළට ගසාගෙන පැමිණි ආගන්තුක තල්මස් සිරුරක් පිළිබඳ තම තියුණු අවධානය යොමු කළ මෙම කීර්තිමත් ශ්‍රී  ලාංකේය පුත්‍රයා එම තල්මස් කුණ එතෙක් ලෝකයට අනාවරණය කරගෙන නොතිබුණු නවතම ජීවී විශේෂයක් බව වටහා ගන්නට ඇත.

Mesoplodon hotaula යන විද්‍යාත්මක නාමයෙන් මෙම නව තල්මස් විශේෂය නම් කිරීමට දැරණියගල මහතා කටයුතු කළේය. Mesoplodon  යන නාමයට අයත් කරන ලද මෙම නව තල්මසාගේ විශේෂ නාමය ලෙස දැරණියගල මහතා යොදා තිබුණේ ‘හොට උල්ලා’ යන සිංහල වදන  Hotaula ලෙසය. නමුත් මෙම තල්මස් විශේෂය නව විශේෂයක් නොවන බව පසුගිය දීර්ඝ කාලය පුරාවටම විවිධ මති මතාන්තර පැවැතුණද පී. ඊ. පී. දැරණියගල සූරීන් විසින් විද්‍යාත්මකව නම් කරන ලද හොටඋල් තල්මසාගේ නාමකරණය සම්බන්ධ අපගේ අනන්‍යතාව නැවැත වරක් තහවුරු කිරීමට පර්යේෂකයෝ පිරිසක් පසුගියදා කටයුතු කළහ.

2009 වසරේදී සීෂෙල්ස් දූපතකට ගොඩ්ගැසූ මැස්ප්ලෝඩන් හොටුලා තල්මසෙක්
Ziphilidae පවුලට අයත් හොටඋල් තල්මසුන් පිළිබඳ ලෝකයේ තවමත් ඇත්තේ ඉතා විරල තොරතුරු ප්‍රමාණයක් බව සැබෑය. Mesoplodon  ගණයට අයත් ඉන්දු පැසිපික් තල්මසුන් පිළිබඳ එම දත්ත ලබාගෙන ඇත්තේ ශ්‍රී  ලංකාව, කිරිබති, හවායි, මාලදිවයින, සිචෙලීස් වැනි රටවලින් හමුවූ සත්ත්ව නිදර්ශක හතකින් පමණි. පී. ඊ. පී. දැරණියගල මහතා විසින් Mesoplodon hotaula නම් කරනු ලැබීමෙන් වසර දෙකකට පසු එනම් වර්ෂ 1965දී මෙම නව විශේෂය මීට පෙර විද්‍යාත්මකව නම් කරන ලද Mesoplodon ginkgodens විශේෂයම බව  Moore සහ Gilmore යන විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරන ලදී. පසුගිය දශක ගණනාව පුරාවටම මෙම මතයට විරුද්ධව අභියෝග කිරීමට බොහෝ දෙනකු මැළි වුවද බාහිර කායික ස්වරූපය මෙන්ම, ජාන විද්‍යාත්මක පරස්පරතාද උපයෝගි කරගෙන මෙම විශේෂ දෙක, දෙකක් බවට විද්‍යාත්මකව කරුණු දැක්වීමට දේශීය හා විදේශීය විද්වත්හු පිරිසක් පසුගියදා කටයුතු කළහ.

The first specimen of this new species was found in Sri Lanka in 1963. At the time, Paulus Deraniyagala, the director of the National Museums of Ceylon, believed M. hotaula to be a new species and classified it as such, giving it the name it has today.
However, several years after Deraniyagala described the species, it was reclassified as a specimen of an already-existing species, the ginkgo-toothed beaked whale (Mesoplodon ginkgodens).
"Now it turns out that Deraniyagala was right regarding the uniqueness of the whale he identified. While it is closely related to the ginkgo-toothed beaked whale, it is definitely not the same species,"said Merel Dalebout of the University of New South Wales, lead author of a paper describing the once-new-again specimen in the journal Marine Mammal Science.
Source: http://www.natureworldnews.com/articles/5896/20140205/case-mistaken-identity-corrected-reveal-new-beaked-whale-species.htm

ශ්‍රී  ලංකාවේ සිටි ඉතාමත් දක්ෂ හා අද්විතීය විද්‍යාඥයකු වූ පී. ඊ. පී. දැරණියගල හෙවත් පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල මහතා කීර්තිමත් සත්ත්ව විද්‍යාඥයෙකි. පුරාවිද්‍යාඥයෙකි. කලාකරුවෙකි. ඉන්දියානු උප මහාද්වීපයේ සත්ත්ව හා මානව පොසිල පිළිබඳ ඔහු තුළ තිබූ අද්විතීය විශේෂඥතාව ප්‍රකටය. 1939 හා 1963 අතර කාලයේදී ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ධුරය හෙබැවූ ඒ මහතා 1961 හා 1969 අතර කාලයේදී විදේ‍යාදය සරසවියේ කලා පීඨයේ කුලපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

ශ්‍රී  ලංකාවේ සිට වඳවී ගිය බවට විශ්වාස කරන සත්ත්ව විශේෂ ගණනාවක් පිළිබඳ මෙන්ම බළන්ගොඩ මානවයා ලෝකයේ හමුවන තවත් මානව උප විශේෂයක් ලෙස නම් කිරීමටද කටයුතු කරන ලද්දේ පී. ඊ. පී. දැරණියගල මහතා විසිනි.Homo sapiens balangodensis ලෙස බළන්ගොඩ මානව උප විශේෂය නම් කළ ඔහු ශ්‍රී  ලංකාවේ සිට වඳවී ගොස් ඇතැයි විශ්වාස කෙරෙන Leo leo sinhaleyus - 1939 යන ශ්‍රී  ලංකා සිංහයාද, Bibos sinhaleyus - 1962 යන ශ්‍රී  ලංකා ගවරාද, Hexaprotodon sinhaleyus - 1937 යන ශ්‍රී  ලංකා හිපපොටේමස්ද, Rhinoceros sinhaleyus - 1936 යන ශ්‍රී  ලංකා රයිනෝසිරස්ද, Rhinoceros kangavena - 1956 යන ශ්‍රී  ලංකා කඟවේනාද ඔහු විසින් විද්‍යාත්මකව නම් කරන ලද සත්ත්ව විශේෂ අතර වෙති. ඊට අමතරවPanthera tigris sudanensis - 1951 යනුවෙන් අප්‍රිකානු කොටි උප විශේෂයක් විද්‍යාත්මකව අනාවරණය කරන්නටද හෙතෙම කටයුතු කළේය.

වර්තමානයේ තරම් සූක්ෂ්ම හා දියුණු තාක්ෂණික උපකරණ හා කායඡේද විද්‍යාවක් නොතිබුණු යුගයක තමන්ගේ තීක්ෂණ ඇස හා හසළ දැනුම් උපයෝගී කර ගනිමින් මෙසේ නව සත්ත්ව විශේෂ ගණනාවක් විද්‍යාත්මක ලෝකයට අනාවරණය කරන්නට තරම් පී. ඊ. පී. දැරණියගල මහතා සතුව පැවැති හැකියාව අගය කළ යුතුය. ඔහු විසින් නාමකරණය කරන ලද ඇතැම් සත්ත්ව විශේෂවල නිදර්ශක සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වර්තමාන බුද්ධිමතුන්, විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් එම සත්ත්ව විශේෂ ශ්‍රී  ලංකාවේ සත්ත්ව නාම ලේඛනවලින් ඉවත් කර තැබීමටද කටයුතු කර ඇත. නමුත් එවැනි පසුබිමක මහාචාර්ය පී. ඊ. පී. දැරණියගලයන් විසින් මීට අඩසියවසකටත් පෙර විද්‍යාත්මකව නාමකරණය කරන ලද හොටඋල් තල්මසාගේ අනන්‍යතාව නැවැත වරක් තහවුරු වීම මෙරට වර්තමාන විද්‍යාත්මක ප්‍රජාවටද අභියෝගයක් බව අපි සිතමු. එබැවින් එතුමන්ගේ සොයා ගැනීම් දෙස නැවැත වරක් විමර්ශනාත්මකව බැලීමට කාලය එළැඹ තිබේ.

ආචාර්ය දැරණියගල මහතා විසින් 1963දී Mesoplodon hotaula තල්මස් ගණය Mesoplodon ginkgodens තල්මස් ගණයෙන් වෙනස් බවට පලකල මතය නැවත තහවුරු කරමින් අන්තර්ජාතික තල්මස් කොමිසමට (International Whaling Commission) ඉදිරිපත් කරනලද පර්යේෂණ නිබන්ධනය (research paper) මෙතනින් කියවන්න.

ආචාර්ය දැරණියගල මහතා පිලිබඳව දිවයින පුවත්පතේ පළවූ දීර්ඝ ලිපිය..

ශ්‍රී ලංකාවට විශාල කීර්තියක්‌ මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව හා ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව උදෙසා අතිමහත් සේවයක්‌ කළ දැරණියගල මහතා පිළිබඳ ඔබට සුළු විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම මේ ලිපියේ මූලික අරමුණ වේ. මෙම ලිපියට අදාළව එතුමා පිළිබඳව සුළු විස්‌තරයක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළ නමුදු ඔහු සම්බන්ධව සුවිසල් ග්‍රන්ථයක්‌ පළ කිරීමට තරම් කරුණු මේ වන විට මා සතුව ඇත. 1980 දීමා හට මුණගැසුණු පුංචි බණ්‌ඩා කරුණාරත්න සහ 1985දී  මුණගැසුණු පී.බී. සරනේලිස්‌ යන නැසීගිය මහතුන් දෙපළ මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් හඳුන්වා දීමට කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන් දැරණියගල මහතා පිළිබඳව බොහෝ පෞද්ගලික කරුණු කාරණා මා වෙත ලබාදුන් නිසාවෙනි. කරුණාරත්න මහතා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර ඔහු ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය සිරාන් දැරණියගල සමඟ සමීප ඇසුරක්‌ දක්‌වමින් ඔවුන් සමඟ පර්යේෂණවල නිරත වූ ස්‌වභාව විද්‍යාඥයෙකි. සරනේලිස්‌ මහතා පී.ඊ.පී. දැරණියගල මහතා සමඟ ඔහුගේ කැණීම්, ගවේෂණ හා සතුන් එකතු කිරීමේ චාරිකාවලට සහභාගී වෙමින් එතුමා සමඟ සමීප ඇසුරක්‌ පැවැත්වූ අයෙකු විය. මෙම දෙපළ විසින් පී.ඊ.පී. දැරණියගල පිළිබඳව බොහෝ කරුණු මා වෙත යොමු කළද මෙහි අඩංගුව ඇත්තේ එයින් අල්පයකි ....

සම්පූර්ණ ලිපියට මෙතනින් පිවිසෙන්න..

පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]

$
0
0


ශ්‍රී ලාංකේය ජනසමාජයට වැළඳී තිබෙන ව්‍යාධි අතරින් එක් ව්‍යාධියක් නම් අපේ සිශ්ඨාචාරය අති දැවැන්ත බවට හුවාදැක්වීමට ඇති කැමත්තයි. අප රටෙහි, අතීතයේ අපූර්වවූත්, ආර්ථිකමය වශයෙන් සමෘධිමත්වූත්, තාක්ශණයෙන් දියුණුවූත් සිශ්ඨාචාරයක් තිබූ බව සැබෑය. පැරණි හෙලයාගේ විශිෂ්ඨතම නිර්මාණ රාශියක් තවමත් ඊට සාක්ශිදෙයි.ඒ පිලිබඳව මේ ලේඛකයා විවිධ අවස්ථාවල ලියා තිබේ. [මාලිගාවිල ප්‍රථිමා පිලිබඳ ලිපිය මෙතනින් කියවන්න]


මා මේ කථාකරන මෙම ව්‍යාධියේ ලක්ශණ නම් අතීත අභිමානයෙන් කුල්මත්වීම නොව, එම අතීත උරුමයන් මත සිටගෙන වෙනත් නොයෙකුත් බොරු ප්‍රබන්ධ ගොතමින් මේ පිලිබඳව උනන්දුවක් දක්වන පොදු ජනයා මුලාකරවමින්, ඔවුන්ව පැරණි හෙළයා රාවණාට හා පිටසක්වලයන්ටද බද්ධකරමින් හෙළ ජාතිය ලොව ප්‍රමුඛම ජාතිය බව ප්‍රබන්ධමය ලෙස හුවාදක්වමින් රටේ තරුණ සමාජයේ මනස ඔද්දල් කරමින් අතීතකාමී මානසික ලෙඩුන් පිරිසක් කිරීමට යත්න දැරීමයි. මේ සඳහා ලාංකේය මුද්‍රිත මාධ්‍ය විශාල දායකත්වයක් දරයි. එහෙත් මුද්‍රිත මාධ්‍ය වීම නිසාම යම් ස්වයංවාරණයට යටත්ව ඒවා ක්‍රියාත්මක වුවත්, එවැනි වාරණ නොමැති අන්තර්ජාල අඩවි අභූත පුවත් මවමින්, පදනම් විරහිත කටකතා සත්‍යයන් මෙන් හුවාදැක්වෙන ආකාරයට පුම්බමින් මේ ව්‍යාධිය පතුරවීමට කිරීමට සක්‍රියව දායකවෙයි.

එක්තරා ප්‍රකට වෙබ් අඩවියක අද පලවූ ප්‍රවෘත්තියකි පහත ඇත්තේ. මෙය ප්‍රවෘත්තියකට වඩා කටකතාවක් යයිද කිව හැකිය.


        පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි?

March 5, 2014 at 11:53 am | lanka C news
අතීතයේදී පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ.
මෙම කොටසේ මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති අන්දම දක්නට ඇත.
මීටර් හතළිහක පමණ ප‍්‍රදේශයක් පුරාවට මෙම රටා දැකිය හැකි අතර නුවර වැවේ නවීකරණ කටයුතු සඳහා පැමිණි බර වාහන යන්ත‍්‍ර සූත‍්‍ර මේ මතින් ගමන් කිරීම නිසා මැටි සහිත කොටස් විශාල ප‍්‍රමාණයක් කැඞී බිදී ප‍්‍රදේශය පුරා විසිරී පවතී.
තවමත් ජලය පවතින ප‍්‍රදේශවලද මෙම රටාවන් දක්නට ඇති අතර එක් රටාවක් මීටර දෙකක පමණ විශාලත්වයෙන් යුක්තය.එකිනෙකට සමීපව පිහිටා ඇති රටා කොටස් හතරක් පමණ මේ වන විට දක්නට ඇති අතර මේවා සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබේ.
මෙම ස්ථානය පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට අතීතයේදී යොදාගෙන ඇතැයි එක් කතාවකින් කියවෙන අතර තවත් පිරිසක් පවසන්නේ අතීතයේදී මෙහි පුද පූජා පවත්වා ඇති බවය.
SOURCE: http://lankacnews.com/sinhala/news/111440/

හෙඩිම දෙස බැලූවිට සිතෙන්නේ මෙය ස්ටාර් ගේට් එකක්ම බවට ලොව පතල විද්‍යාඥයින් බොහෝ දෙනෙකු සියම් පර්යේෂණ වලට අනුව තහවුරු කොට සැක නැති, නිසැක සොයාගැනීමක් ලෙසිනි. එහෙත් කියවාගෙන යන විට, මෙය ස්ටාර්-ගේට්ටුවක් බව කවුරුන් හෝ කියා ඇති බව කියැවේ. මෙසේ කියන්නේ කවුරුන් දැයි පැහැදිලි නැත. වැවේ පස් අදින ලොරි ඩ්‍රැයිවර්ලා හෝ මාළු බාන මස් මරන්නන් එසේ කියනවා විය හැකිය. 

එපමණක් නොවේ මෙච්චර කළුගල් වලින් විස්කම් නිර්මාණ පිලිබඳව ස්වර්ණමය ඉතිහාසයක් ඇති රටේ මේ ස්ටාර් ගේට් එක තනා ඇත්තේ කළුගලින් නොව මැටිවලිනි. මෙවැනි ලිපි යුනිකෝඩ් වලින් කොටන ටයිපිස්ට්ලාටවත් නිකමට ඇයි බොල මේක මැට්ටෙන් හැදුවේ කියලා හිතෙන්නේ නැත්තේ අකුරුගාණට ගෙවන නිසා වන්නට පුලුවන. එඩිටර්ලාට මොළයක් ඇතිබවට හෝඩුවාවක් හෝ නැති බව අනුමැතිය දෙන ලිපි හා කොමෙන්ටු වල තත්වයෙන් පෙනේ. මොඩරේට් නොකර කොමෙන්ටු නොවැටෙන මෙහි අමු කුණු හබ්බ, ජාතිවාදී, ආගම් වාදී කුණු මජර අදහස් එඩිට් නොකරම අනුමත වී පලවෙයි. මේ එඩිටර්ලාගේ මානසිකත්වය එතරම්ම පහත්ය.


මෙවැනි මෙවැනි මනස්ගාත වෙබ්/බ්ලොග් අඩවි වලට පමණක් සීමාවෙනවා නම් කමක් නැත. අවාසනාවට ලංකාදීප, මව්බිම, රන්දිව, රිවිර වැනි ජාතික යයි කියාගන්නා පත්තරවලටද මේවා තඩි සීර්ෂපාථ වලින් උලුප්පමින් පිටු ගණන බොරු ලියන මාතෘකා වී ඇති බව පත්තර බලන ඕනෑ කෙනෙකුට පෙනේ. වසර කිහිපයකම සිට සිංහල පත්තර වල අතිරේක පිරී ඇත්තේ පාඨකයා රවටන බොරු මැවන මැවැනි මනස්ගාතවලිනි. 

මේවා කියවන විට සිතෙන්නේ ලංකාව ලෝකයේම පමණක් නොව මුලු චක්‍රවාටයේම කේන්ද්‍රස්ථානය බවය. සියල්ලම තිබී ඇත්තේ මෙහිය, සියල්ලම මුලින්ම සොයාගෙන ඇත්තේ අපිය, නැත හොත් අපේ රාවණ සිංහල රජතුමාය. පිටසක්වලයින්ට ටෙක්නොලොජි දුන්නේත් එතුමා බව කවුදෝ රාවණා පිස්සෙකු බ්ලොගයක ලියා තිබෙනවා දැක්කා යාන්තමට මතකය.


රාවණා සඳ දැන් බැසගොස් පිටසක්වල සඳ පායා ඇත.

පිටසක්වල ජීවීන් පැමිණියාය, යානා කඩාවැටුනාය, ඒවා ඒරියා 51 තුල සඟවා ඇතැයිද, පිටසක්වල යනාවල තාක්ශණයෙන් අපේ තාක්ශණය විප්ලවීය දියුණුවක් ලැබුවාය යනුවෙන් කතා ලොව පුරා පැතිරී ඇත. ලේඛකයාද ඒ පිලිබඳව ලියා ඇත. 
1. පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම් විස්තර කෙරෙන MAJESTIC (MAJIC-12) ලිපිගොනු!
2. කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ? (Part 1)
3. කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ? (Part 2)
එහෙත් දැන් බලාගෙන යනවිට පිටසක්වල ජීවීන්ගේ තිප්පොල ලොව තාක්ශණයෙන් හිනිපෙත්තේ සිටින අමෙරිකාව නොව, අතීතයේ තාක්ශණය හිනිපෙත්තේ තිබූ පිරමීඩ තනන යුගයේ ඊජිප්තුව, පඩි පිරමීඩ තනන යුගයේ ඇස්ටෙක්, ඔල්මෙක් වරුන් රජකල ධ්‍යම අමෙරිකාව හෝ නොව අපේ ලංකාවයි. අතීතයේද මෙය පිටසක්වල හෝම් පොලකි, දැන්ද එසේමය. අමෙරිකාවේ මෙන්ම මෙහිද පිටසක්වල යානා කඩා වැටේ, ලෝකයේ දැවැන්ත මහද්වීප වලට වඩා උල්කාපාත, විශයෙන් පිටසක්වල ජීවීන් පිලිබඳ සාක්ශි සහිත උල්කාපාත අභ්‍යවකාශයේ සිට අන් සියලුම මහාද්වීම, මහා සමුදුරු මගහැර මේ වර්ග සැතපුම් 25332 තුලටම කඩාගෙන වැටේ...

මෙයනම් මහා පුදුමයකි. දැන් අරනගංවිල පිටසක්වල ජීවීන් පිලිබඳ කතාවස්තුව නොදන්නා කෙනෙක් නැත. බ්ලොග් අවකාශයේ පැතිරී ඇති අරනගංවිල පිටසක්වල ජීවී පුරාවෘත්තයට අනුව ...
"පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින්  පෙන්වා දෙන ලදි. 
එ අනුව එම  පාෂාන  පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල ‍රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ  වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය.
එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම  ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. 
උපුටාගැනීම ...
http://cyberhiru.blogspot.com/2013/01/diotoms-in-meteorite-aranaganwila-srilanka.html 
මෙහි රතු පැහැයෙන් දක්වා ඇති කරුණ සම්පූර්ණ අසත්‍යයකි. මීට පෙර ඇන්ටාක්ටිකාවෙන් හමුවූ, අඟහරු ග්‍රහයාගෙන් වසර මිලියනයකට පෙර ඉවතට විසිවූවා යැයි සිතන උල්කාපාතයකින්ද ෆොසිලකරණය වූ බැක්ටීරියාවල සළකුණු සොයාගත්තේ යැයි ලොවට කියුවේ නාසා ආයතනයයි. නාසා ආයතනයේ එම නිගමනය නිර්දය ලෙස විවේචනයට බඳුන්වුනු අතර පසුව නාසා ආයතනය එම නිගමනය වැරදි බව නිළවශයෙන්ම පිලිගත්තේය.

ඒ අනුව පිටසක්වල ෆොසිල පිලිබඳ කතාන්තරය ඇරඹෙන්නේ අරනගංවිලෙන් නොව ඇන්ටාක්ටිකාවෙන. මේවා නොදන්නා ඈයෝ බොහෝ ප්‍රබන්ධ ගොතමින් සිටිති. නොදන්නා අයගේ දැනගැනීම පිණිස අඟහරු උල්කාපාතය පිලිබඳව පලවූ විදෙස් වාර්තා දෙකක් උපුටා දක්වමි.
http://www.foxnews.com/science/2014/03/03/odd-mars-meteorite-debate-over-ancient-life/

http://news.discovery.com/space/alien-life-exoplanets/mars-meteorite-structures-cautious-optimism-for-alien-life-140228.htm

මේ ගොසිප් පුවත්වල සඳහන් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් පිලිබඳ ගැටලුවක් නැත. ඔහු පිටසක්වලින් උල්පාත සමග පැමිණෙන ක්ශුද්‍රජීවීන් මගින් විශ්වය පුරා ජීවය පතුරුවන බවට කියැවෙන "පෑන්ස්පර්මියා"නම් කල්පිතයක් ඉදිරිපත් කල විද්‍යාඥයින් දෙපලකින් එක් අයෙකි. දැන් ඔහු බ්‍රිතාන්‍යයේ බකින්හැම් විශ්වවිද්‍යාලයේ පිටසක්වල ජීවය (astrobiology) පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ශකවරයා වන ශ්‍රී ලංකාවට ආඩම්බරයක්වූ විද්‍යාරත්නයකි. අරනගංවිල උල්කාපාත පිටසක්වල ජීවයේ සලකුණු රැගත් ඒවා බව ඔහු හා ඔහුගේ පර්යේශක කණ්ඩායම "ජර්නල් ඔෆ් කොස්මොලොජි"නම් තාරකාවිද්‍යා සඟරාවේ පිලියක් පලකොට ප්‍රසිද්ධ කලහ. මේ පිලිබඳව තවමත් වාද විවාද පැවැත්වේ. ඒවා ඉතා දියුණු ශාස්ත්‍රීය සංවාද වන අතර එවැනි සංවාද සිදු නොකොට, ඔවුන්ගේ නම්ද ඈඳාගෙන හුදෙක් ගල් පැලෙන බොරු පුවත් මැවීම ආචාර්ය වික්‍රමසිංශයන් වැනි විදු රත්නයන්ටද කරන නිග්‍රහයකි. මේ රටෙහි ඉගෙන ගන්නා දරු පරපුරටද කරන අසාධාරණයකි. එම දරුවන් ලොකු මහත්වන්නේ නිවැරදි දැනුම ලබාගෙන නොව බොරු පුස් සත්‍යය ලෙස වටහාගෙන දෑස් අන්ධවය.

COMMENTS:

අපේ උන්නහැලගෙ පොඩි මානසික ආතල් 1ක් තියනවා නෙව ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල ඒකෙ දිගුවක් නෙව ඔය රාවණා පිස්සුව... දැන් ඒ ව්‍යධියෙ අතුරු ප්‍රතිපල තමා ඔය පෙන්නුම් කරන්නෙ... මං දැක්ක නලින් අය්යගෙ බොගේ ඕ ගැන තියනව... හැබැයි ස්ටාර් ගේට් කතාවක් විදියට නෙවේ... මැටි උළු විශේෂයක් විදියට on පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]


ඔය කියන්නේ මේක ගැන වෙන්න ඇති. http://samakayawate.blogspot.com/2014/03/moonstone.html හිනා වෙනවද අඩනවද කියලා හිතා ගන්න බෑ මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත් on පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]

Akurana Pradeshiya Sabawa Alawathugoda

පිළිමේ ඉස් ඉස්සෙල්ලාම කෙලින් කලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ වෙන්න බැරිද on අපේ සැඟවුණු තාක්ශණය : පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද?

Charitha

හොද ලිපි පෙලක් සහිත බ්ලොග් එකක් . සියල්ල කියවන්නම් . පෙන්වු සෙන්නාටත් ලියු ඔබටත් ස්තුතියි on කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අටම්පහුර

ඔය රාවනා බ්ලොග් කියෙව්වමනම් හිනා යනවා අප්පා. එක දවසක් අර හයි වේ එකේ ගියපු වාහනේක මොණරෙක් හැප්පිලා. ඒ දවස්වලමයි අර දඬු මොනරේ ආපහු ඇවිත් කියලා කතාවක් ගියේ. අන්තිමට නිගමනය උනේ රාවණාගේ නැවත පැමිණීමට සූදානම් වෙන්න දඬු මොණරේ ටෙස්ට් කරන්න හයි වේ එකට දාලා කියලා :):) මොකද්ද අප්පා මේ කමෙන්ට් වැටෙන හැටි? මගේ බලවත් විරෝධය :( on පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]

සයුරි

සෙන්නාට ස්තුති කරමින් සම්පූර්ණ ලිපියම ඉතා උනන්දුවෙන් කියෙව්වා. මේවා වෙබ් අඩවි තමන්ගේ ජනප්‍රියත්වය රඳවා ගන්න කරන වැඩක් වෙන්නත් පුළුවන. මෙය පෙන්වා දීම කාලීන වශයෙන් ඉතා වැදගත්. on පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]

සු දී ක

ela kaalekin on පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? [අන්ධ අතීත කාමය විද්‍යාප්‍රබන්ධ හා මුසුකොට අතීත සුපිරි ජාතියක් ගැන පුවත් මැවීම...]

අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [ SAVE OUR CHILDREN FROM DIRTY KFC FASTFOOD - PLEASE SHARE | අපේ දරුවන් කුණු කේ.එෆ්.සී වලින් බේරාගැනීමට මෙය හැකිතාක් බෙදා හරින්න ... ]

$
0
0

අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [Photo]

March 20, 2014 at 12:01 am | lanka C news




ක්‍ෂණික ආහාර අලෙවි කිරීමේ යෙදී සිටින ලෝ ප‍්‍රකට KFC අවන්හල් ජාලයේ මෙරට මීගමුවේ අලෙවි සැලෙන් අලෙවි කරන ලද කුකුල් මස් සහිත ඇණැවුමක පණුවන් සිටීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු 10 වන දින පස්වරු 05.00ට පමණ මීගමුවේ KFC අලෙවි සැලේදීය.
එහි පැමිණි පාරිභෝගිකයෙකු විසින් සිය ආහාරයේ ලණුවන් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් ආයතනයට දැනුම් දුන් පසු ඔවුන් විසින් සමාව ඉල්ලා බිල් පතේ මුදල ආපසු ගෙවීමට කටයුතු කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංගයට ඇමතුමක් ලබා ගෙන සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති අතර එතැනින් ඔහුට පාරිභෝගික සේවා අධාකාරියේ දුරකතන අංක දෙකක් ලබා දී ඊට මේ ගැන පැමිණිලි කරන ලෙස උපදෙස් දී ඇත. කෙසේ වෙතත් එම දුරකතන නාද වුවද ඊට පිළිතුරු දීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නැත.

මෙම පණුවන් සහිත ආහාරය එම පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනයෙන් රූපගත කර ඇති අතර පහත එම පින්තූර දැක්වෙයි.

මින් පෙරද අවස්ථාවක වැල්ලවත්තේදී මෙැවනිම සිද්ධියක් වාර්තා විය.

KFC ආයතනය විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරන ආහාර සඳහා භාවිතා කරන කුකුළු මස් බොහෝ විට මාස පහක් හෝ ඊට වඩා පැරණි ඒවා බවට චෝදනා එල්ල වන අතර ඔවුන්ගේ ආහාර පිසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදී ගැටළු මතු වී තිබිණ.





COMMENTS

[1] මේක පේන විදිහට නම් හාල් වල සිටි පණුවෙක්.කොහොමහරි ආහාරය ඒ හින්දා පරිභෝජනයට සුදුසු වන්නේ නම් නෑ.ඒත් මේ සිදුවීම නිසා යම් වෙළෙඳ නාමයක් වර්ජනය කරන්න කියන එක එච්චර ගවේෂණශීලී නෑ.එහෙම නම් ඒ වෙලෙඳ නාමයට සුවිශේෂී වෙච්ච යමක් හොයා ගන්න වෙනවා.මොකද ලංකාවේ වෙනත් කඩවල්වලත් බත් වල පණුවො ඉඳලා දඩ ගහලා තියෙනවා.ඒත් ඒ කඩ වහන්න කියලා නෑනේ.


REPLY

ඔබගේ දරුවන්ගේ කෑමවල පනුවන් සිටියා නම් ඔබ තව දුරටත් එම අවන්හල වෙත දරුවන් රැගෙන යනවාද? ඔබ නොයනවා නම් එය වර්ජනයක් නොවේද? දරුවන් ඇති අයට තමදරුවන් මෙම අවන්හල වෙත ගෙන නොයන්නයි කීම වරදක් වන්නේ කෙසේද?
කේ.එෆ්.සී වුනත්, වෙන බත්කඩ වුනත් කතාව එකයි. මම කේ.එෆ්.සී වහන්න කිව්වේ නෑ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ශාව වෙනුවෙන් මේකෙන් කෑම කන්න එපා කියලා දැනුවත් කිරීමක් කලා පමණයි.
 ගිණි ගණන්වලට මේවගේ ජරාව විකුණනවානම්, මිනිසුන් දැනුවත් විය යුතුයි. මිනිස්සු දරුවන් අරගෙන මේවාට ගිහින් දරන්න බැරි මිළකට මේවා අරගෙන දෙන්නේ පෝශණ ගුණය කොහොම වුනත්, අඩුම ගානේ පිරිසිදු කමවත් ඇති කියලා හිතාගෙනයි.
ඒකත් නැත්නම් මොන බම්බුවක්ද?

[2] මේ නිව්ස් එක බීබීසී එකෙත් ගියා. ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කෙන්ටකි ලගේ කෙරුවාව ලෝකය පුරාම ප්‍රශ්නකාරී උනා.




Viewing all 1261 articles
Browse latest View live