Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1216 articles
Browse latest View live

POLITICS : රනිල් කපටි නරියාට අඳී - සිරිසේනට කොකා පෙන්වයි?

$
0
0

උපුටාගෙන පරිවර්තනය කලේ ECONOMYNEXT  වෙබ් අඩවියේ ලිපියකිනි

අගමැති රනිල් වික්‍රමසිංහ, සිය පක්ෂයේ සිටින කැරලිකාරයින් යලිත් වරක් මෙල්ලකරගෙන ඔවුන්ගේ පක්ෂපාතිත්වය ලිඛිතව සහතික කරගැනීමට සමත්වී ඇති බව වාර්තාවේ. ඊයේ (13දා) රනිල් විරෝධීන් දුසිමකට වැඩි සංඛ්‍යාවක් අරලියගහ මන්දිරය බලා ගියේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දමා ගෙදර යන ලෙස බලකිරීමටය. කෙසේවෙතත් සාකච්ඡාවෙන් පසුව දැඩිලෙස පසුබෑ ඔවුන් අරලියගහ මන්දිරයෙන් එලියට ආවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිලිගන්නා බව ප්‍රකාශ කරමිනි.

එපමණක් නොව ඔවුන්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමතිවරුන් කිහිපපොලකගේද සහය ඇතිව යූ ඇන් පී ආණ්ඩුවක් සදන්නට අගමැතිවරයාට යොජනාකල බවද අරලිය ගහමන්දිරයෙන් පිටත රැඳීසිටි මාධ්‍යවේදීන්ට පැවසුවා.

අගමැතිවරයා ඉවත්කිරීම සඳහා දැඩි මාධ්‍ය ව්‍යාපෘතියක් ගෙනගිය සිරස රූපවාහිණිය මාධ්‍ය කණ්ඩායමක් අරලියගහ මන්දිරය අභියසට යවා සිටියේ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම එසැනින් වාර්තාකරන්නටයි.

කෙසේවෙතත් මේ සියලු වෑයම් ආපිට හැරවූ රනිල් වික්‍රමසිංහ, එජාපයේ සියලු මන්ත්‍රීන් තමන්ට පක්ෂපාතී බවට ඔවුන්ගෙන් ලිඛිත ප්‍රකාශ පවා ලබාගෙන ඇති අතර එම ලිඛිත ප්‍රකාශ ජනාධිපතිවරයාවෙත යොමුකිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් වන බවයි පැවසෙන්නේ.

චන්ද ප්‍රතිපල නිකුත්වූ සැනින් අගමැති වික්‍රමසිංහ අස්වී යායුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශකොට සිටියේ එජාපය තුල රනිල් විරෝධී කැරැල්ල පිලිබඳව සුභසිහින මවාගෙන බව වාර්තාවනවා. 

එහෙත් 19වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට, අගමැති ඉවත් කිරීම පමණක් නොව, අගමැතිගේ කැමැත්ත නොමැතිව කැබිනට් ඇමතිවරයෙකු පවා ඉවත්කර නොහැකිවනවා.

ව්‍යවස්ථා සංශෝධන මගින් තමාගේ දෑත් බැඳ ඇතිබව අවබෝධකරගෙන ඇති ජනපති මෛත්‍රීපාල, ආණ්ඩුවේ අනාගතය අගමැතිට භාරදී සිටින බවයි වාර්තා වන්නේ. 

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest

ECONOMYNEXT - Prime Minister Ranil Wickremesinghe turned tables on dissidents within his own party and managed to head off a challenge to his leadership after the party's humiliating defeat at local council elections.

More than a dozen dissidents went into his Temple Trees official residence to read the riot act to Wickremesinghe, but meekly walked out saying they had endorsed his leadership.

They even went as far as to suggest that it would be better for the party to form a government on its own with members of President Maithripala Sirisena's Sri Lanka Freedom Party (SLFP).

The private Sirasa television station which had been intensely campaigning for Wickremesinghe’s removal had rushed a television crew to broadcast live what they suggest was the imminent fall of the Prime Minister.

Instead, Wickremesinghe out manoeuvred his opponents and got them to sign letters declaring their support. This is to be presented  to Sirisena as proof that the UNP was fully behind the premier.

Despite claims that Sirisena wanted Wickremesinghe to step down soon after election results were known on Sunday, there is no provision in the constitution for the President to sack the Prime Minister unless through a resolution backed by a majority of members of parliament.

The 19th amendment also means that the president cannot sack even a minister without the concurrence of the prime minister. Obviously aware of the constitutional constrains on him, Sirisena has left the future of the government in the premier's hand.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SOCIAL : මුසල්මානුවන්ගේ සිංහල ගෑණු වඳ බෙහෙත්

$
0
0
ජංගිවලට ඉහලා, ලන්ච් ශීට් වල ගාලා, වඩේ වල පැටිස් වලට දාලා සිංහල ගෑණු වඳ කරන්නම හොයාගත්ත මුසල්මානුවන්ගේ වඳ බේත බොරුවක්ලුනෙ හිටං.

හැබැයි ඉතින් දැන් මේ දොස්තර මහත්තයට පාරේ යන්ඩ බැරිවෙයිද මන්දා............ 

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

POLITICS : කර්නල් ලෆීර්, සිංහලේ යක්කු හා අම්පිටියේ සුමන

$
0
0

කොමාණ්ඩෝ රෙජිමේතුවේ කර්නල් ෆස්ලි ලෆීර් නුවර කොල්ලෙකි. 1996දී රට වෙනුවෙන් මැරුණ එකෙකි. දැන් නුවර සිංහල අයිතිය සුරකින්නට අහිංසකයින්ගේ ගෙවල් ගිණි තියමින්, කඩු පොලු අරගෙන නටන, අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වැනි හුජ්ජ කොල්ලන්, ලෆීර් වැනි මුස්ලිම් කොල්ලන් හා බලන කල හොරිකඩ නරින් පමණය. 

මේ හොරිකඩයින් නටන්නේ උන්ගේ ජාති ආලය නිසාම නොව හැංගි හැංගී උන්ට රුපියල් පොම්පකරමින්, හුලං ගසමින් උන්ව හැකි පමණ ආරක්ෂා කරන ජාතිවාදී සිංහල දේශපාලන-ව්‍යාපාරික හවුලක් විසින් සූක්ෂමව මෙහෙයවන නිසාය. 

උන් නැටවෙන බව උන් දන්නේත් නැත. උන්ව නටවන දේසාපාලුවන් ලොකුම ලොකු තක්කඩි මුස්ලිම් බිස්නස් කාරයින්ගේ හොඳම යාලුවන්ය, බුරියානි පාට්නර්ලාය. ඒ බව මේ නරි දන්නේ නැත.

දවස් තුනකට කලින් ප්ලෑන් කරපු හැටිත්, ප්ලෑන් ලීක්වුනු හැටිත් ජාතිආල සෙට් එක ඩිස්කස් කරන හැටි ඉහල ස්ක්‍රීන් කැප්චරයෙන් පෙනේ. වැඩේ සෙට්වුනේ මේවිධියටය. මැරුණ සිංහල කොල්ලා ගැන මුන්ට ඇති වගක් නැත. 

උගේ මළමිණිය මුන් හොඳහැටි විකුණාගත්තේ "සිංහල කොල්ලෙක් මරලා, ඉවසුවා..."ඇති කියන මාකටින් මැසේජ් එකෙනි.

මුන්ට ඕනෑ මුස්ලිම් ලේය. මුන් පිටුපස්සේ ඉන්නා බිස්නස් කාරයින්ට මුස්ලිම් බිස්නස් අල්ලාගන්නට ඕනෑය. මේ කල්ලියට ආරක්ෂාව දෙන දේශපාලුවන්ට ඕනෑ, මොන මළමිණියෙන් හරි ආපහු බලය ඩැහැගන්නටය. 

මේ වැඩේට ඉතාලියේ කොරියාවේ ජපානයේ ඉන්න සුපිරි දේශප්‍රේමී ඩයල්වලින්ද නොමසුරු යුරෝ යෙන් හා වොන් ලැබෙන බවත් විශ්වාසය. යුරෝපයේ ඉන්නා කාළකණ්නි දෙමළ ඩයස්පෝරාවයි, මුනුයි අතර වෙනසක් නැත. 

එහේ සුද්දන්ට, ජපනුන්ට කොරියන්කාරයින්ට කඹුරා නෙලාගන්නා අස්වැන්නෙන් මෙහෙ ගිණිතියන්නට කොටසක් එවන්නේ හිතේ මනාපෙන් විය යුතුය. රට ජාතිය වැනසීම වෙනුවෙන් යමක් කලා යන කාළකණ්නි සිතුවිල්ලෙන් විය යුතුය

සිංහල ජාතිය බේරාගන්නට, සිංහල ගෑණුන්ගේ ඩිම්බ කෝෂ රැකගන්නට, පිරිමින්ගේ වෘෂණ කෝෂ බේරාගන්නට ඉදිරියට ඇවිත් ඉන්නේ මේ කාළකන්නි සෙට් එකයි. 

මුන් පත්තු කරන ගිණි නිවන්නට එකා පිට එකා මැරී වැටෙන්නට වෙන්නේ යුනිෆෝම් එක ඇඳගත් ගොවි මහත්තුරුන්ගේ පුත්තුන්ට මිස මුන්ට නොවේ.

එදාට මුන් කොහොම හරි රටෙන් පැන ගෙන වෙන රටකට වී මෙහෙ ගින්නට දාන්නට පැට්‍රෝල් එකතුකරනු ඇත.

පතෝල ජනපතිතුමනි, වැඩ බැරි අගමැති තුමන, බොරු සාකච්චා නොතියා කරුණාකර මේ දඩ බල්ලන් යලි එලියට එන්නට නොහැකි පරිද්දෙන් කූඩුකර දමන්න. එහෙම කරන්න පුලුවන් එකෙකුට හමුදාව, පොලීසිය බාර දෙන්න.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

EDUCATION : හයේ පංතියේ සිට විද්‍යාව ඉගෙන ගන්නා ලාංකිකයින්ගේ විද්‍යාත්මක දැනුම | ඒ ලෙවල් වලින් පස්සේ උඩදාගෙන බිස්නස් මැනේජ්මන්ට් කරන සිංහලයින්ගේ බිස්නස් දැනුම

$
0
0

සිංහලයින් විද්‍යාත්මකව වඳකිරීම

සිංහල කාන්තාවන් හා පිරිමින් නිසරු එනම් වඳ බවට පත්කරන පෙති ඇත.

බ්‍රිතාන්‍යයෙන්, ඇමරිකාවෙන් පස්චාත් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති ප්‍රසව හා නාරි විශේෂඥයින් පවා නොදන්නා මේ වඳපෙති සෑම මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සතුව ඇත.

මේ වඳපෙති දැමූ කෑම ගැනීමෙන් ස්ත්‍රී පුරුෂ බේධයකින් තොරව ප්‍රජනන පද්ධතිය අක්‍රිය වෙයි. එහෙත් එවැනි බලසම්පන්න ප්‍රත්‍රික්‍රියා දක්වන මේ රසායණික පෙත්තෙන් වෙන කිසිම අතුරු ආබාධයක් නැත. ඒ නිසා හොරෙන් වඳ පෙති දමා සිංහලයන් වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණය සාර්ථකව සිදුවේ.

වඳ පෙති පමණක් නොව වඳ දියර හා ස්ප්‍රේද ඇත. ඒවාද ඕනෑම මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සතුව ඇත.

වඳ ස්ප්‍රේ කාන්තා යට ඇඳුම්වලට ඉසීමෙන් ඒවා අඳින කාන්තාවන්ගේ යෝනිමාර්ගයට ඒවා අවශෝෂණය වී ඩිම්බ කෝෂ අක්‍රිය කරයි. එහෙත් වෙනත් කිසීම අතුරු ආබාධයක් හෝ වෙනත් අතුරු ප්‍රථිපලයක් නැතිනිසා තමන් වඳ බවට පත්වූ බව ඇය නොදනී.

වඳ ස්ප්‍රේ පිරිමි යට ඇඳුම්වලට ඉසීමෙන් ඒවා අඳින පිරිමින්ගේ වෘෂණ කෝෂවලට අවශෝෂණය වී ශුක්‍ර ධාතු නිපදවීම අඩාල කරයි. එහෙත් වෙනත් කිසීම අතුරු ආබාධයක් හෝ වෙනත් අතුරු ප්‍රථිපලයක් නැතිනිසා තමන් වඳ බවට පත්වූ බව ඔහු නොදනී.

දෙවන ලෝක යුධ සමයේදී හිට්ලර් යුදෙව්වන් වඳ කිරීම සඳහා වෙඩි තැබීමේන්, කුසගිණ්නේ මිය යාමට ආහාර සැපයුම් කපා හැරීමෙන්ගෑ, ස් කාමරවල දැමීමෙන් හා වහල් කඳවුරුවල කුසගිණ්නේ වහල්වැඩ ගැනීමෙන් යුදෙව්වන් මිලියන 5.3 එනම් ලක්ෂ පනස්තුනක් මරාදමන ලදී. එහෙත් යුදෙව් ජාතිය අදටත් ලොව බලසම්පන්න ජාතියකි. යුදෙව්වන් වඳවී නැත.

එහෙත් වඳපෙති හා වඳ ස්ප්‍රේ මගින් මුස්ලිම් ජාතිකයින්ට සිංහලයින් සාර්ථකව වඳ කිරීමේ හැකියාව පවතී. එය කාළය පිලිබඳව ප්‍රශ්ණයක් පමණකි. ඒ පිලිබඳව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නැත.

සිංහල බිස්නස් වලට කෙලින මුස්ලිම් බිස්නස් ප්ලෑන

පහලින් ඇත්තේ ලංකාවේ විශාලම ව්‍යාපාර 50යි. මෙයින් මාස්, බ්‍රැන්ඩ්ක්ස්, හේමාස්, ඩයලොග් (මැලේසියා ), එටිසෙලාට් (UAE), එක්ස්පෝලන්කා වැනි සමාගම් කිහිපයක් ප්‍රධානවශයෙන් මුස්ලිම් ජාතිකයින් සතුව පවතී.

එහෙත් ලංකාවේ ව්‍යාපාරික ක්ශේස්ත්‍රය මුස්ලිමුන් විසින් ගිලගනිමින් ඇත.

ලංකාවේ මෑතකදී ඉහලට නැගි කෝටිපතියන් වන ධම්මික පෙරේරා (වැලිබල්), අෂෝක් පතිරගේ (සොෆ්ට් ලොජික්), WKH වෙගපිටිය (ලාෆ්), හැරී ජයවර්ධන (Distilleries/Stassens), ඉෂාර සිල්වා (ඉන්ද්‍රා ට්‍රේඩර්ස්), ආර් එම් නානායක්කාර (ග්‍රීන් ලංකා ෂිපිං), ජයන්ත ධර්මදාස (නවලෝක ), සේන යද්දෙහිගේ (රිචර්ඩ් පීරිස්), ජී.සී වික්‍රමසිංහ (ඒට්කන් ස්පෙන්ස්) අජිත් දේවසුරේන්ද්‍ර (බ්‍රවුන්ස් / ඒෂියා හොටෙල්ස්) යනාදී ධනවතුන් සිංහලයන් වීම මෙයට අදාල නොවේ.

මුස්ලිම් නොවන (බර්ගර්, දෙමළ ආදී) පේජ් පවුල (කාගිල්ස්), කැප්ටන් පවුල (ජෝන් කීල්ස්), ටී ඒ සෙල්වරත්නම් (සිලෝන් තියටර්ස්), කෙන් බාලේන්ද්‍ර (හිටපු ජෝන් කීල්ස් හා වර්තමාන බ්‍රැන්ඩික්ස් සභාපති ) යනාදීන්ද කෝටිපතියන් සිටීමද අදාල නැත.

ලංකාවේ ලොකුම ධනපතියන් විසිදෙනා අතර මුස්ලිම් මිනිසුන් දෙදෙනෙකු පමණක් සිටීමද අදාලම නැත.

THE TOP 20 RICH LIST

1.    Mr K D Dhammika Perera    36,892,919,197
2.    Mr S E Captain    30,397,447,305
3.    Mr Muzaffar Ali Yaseen    7,364,172,125
4.    Mr YSHIK Silva    7,275,380,383
5.    Mr RM Nanayakkara    4,197,805,870
6.    Mrs Lorraine EM Yaseen    4,018,908,000
7.    Mr A Page    3,972,111,444
8.    Mr HKJ Dharmadasa    3,790,563,260
9.    Mr VR Page    3,416,297,561
10.    Ms L A Captain    2,465,677,826
11.    Mr K Balendra    2,451,630,582
12.    Mrs TA Selvaratnam    2,340,725,010
13.    Dr Sena Yaddehige    1,941,566,790
14.    Mr GC Wickremesinghe    1,902,063,149
15.    Mr JC Page    1,828,986,401
16.    Ms MM Page    1,740,422,298
17.    Mr IC Nanayakkara    1,714,508,688
18.    Mr AM Weerasinghe    1,575,421,959
19.    Mrs KU Amerasinghe    1,500,866,000
20.    Mr A Devasurendra    1,038,519,980

ලංකාවේ සිංහල බෞද්ධ ව්‍යාපාරවලට ඇති ලොකුම තර්ජන වන්නේ;

මස් කඩේ නානා
කොත්තු කඩේ හාජියාර්
ෆෝන් කඩේ හනීෆා
සිල්ලර කඩේ මොහොමඩ්

හැරුණුවිට

ෆැෂන් බග් හා නෝලිමිට්ස්ය.

රෙදිපිලි වෙළඳාමෙන් ෆැෂන් බග්ලාට නෝ ලිමිට්ස් ලාට කරට කර ඉන්නා හවුස් ඔෆ් ෆැෂන්ලා, කැන්ඩි ගෲප්ලා, තිලකවර්ධනලා අදාලම නැත. ඒවා වැහෙන්ඩ ලංවෙලාය.

නැතිනම් පී.සී හවුස් හා ඒෂියන් කොම්පියුටර්ස්ය

පී.සී හවුස්ලාට ඒෂියන්ලාට හොඳ තරඟයක් දෙන EWIS එකේ සංජීව වික්‍රමණායකලා, සොෆ්ට්ලොජික් (ඩෙල්) එකේ අෂෝක් පතිරගේලා, අබාන්ස් (LG) එකේ අබාන් ප්‍රෙස්ටෝන්ජිලා, මෙට්‍රොපොලිටන් (Acer) එකේ අම්බානි පවුලත් අදාලම නැත.

ලොකුම කේස් එක හේමාස් එකය - බේත් ගෙන්වන හේමාස් සුවර් එකටම වඳපෙති ගෙන්වනවා ඇත

හේමාස් එකේ ඩිරෙක්ටර්ලා එකොලහෙන් හතක්ම මුස්ලිම් නොවීමත් අදාලම නැත. ඒ හත්දෙනාගෙන් 4ක්ම සිංහල වීමත් අදාලම නැත. ඒ වගේම හේමාස් එකේ ඩිරෙක්ටර්ලාට පහලින් ඉන්න ටොප් මැනේජ්මන්ට් ටීම් එකේ දහදෙනාගෙන් අට දෙනෙක්ම සිංහල වීමත් කිසිම අදාලත්වයක් නැත.

කොම්පැණිය යන්නේ මුස්ලිම් ඇජෙන්ඩා එකකටය.

සිංහල මිනිස්සුන්ට බිස්නස් බෑ කියන එක අහන්ඩ දෙයක්ද හලෝ. තමුන්ගේ තරඟකාරයෝ කවුද කියලවත් හරියට දන්නේ නැතුව තම්බින්ට බැන බැන දෙයියන්ගේ හාල් කාලා වගේ ඉන්න අයට මොන බිස්නස්ද?

අනගාරික ධර්මපාලතුමා ඔය වගේ සිංහල අයට දුන්නේ ගොන් තඩියා, මීහරකා වගේ විශේෂණ පද.

ජාති වාදේ අවුස්සන පෝස්ට් හද හද කාල කන වෙලාවේ යූ ටියුබ් එකේ තියෙන ධම්මික පෙරේරාගේ වීඩියෝ එකක් වත් බලනවලා අමාරුවෙන් උඩ එන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SOCIAL : බුකියේ චන්ඩි වෙලා!!! උසාවියේදී බය වෙලා හඬාවැටිලා !!

$
0
0
බුකියේ චන්ඩි වගේ, සිංහල ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න වගේ කෑ ගහපු, කුණුහරුප වපුරපු අඩු වයස් අපතයන් දෙදෙනෙකු අත් අඩංගුවට පත්වුනා කියලා ආරංචිවුනේ ඊයේ.

මේ ගූ කොල්ලන් දෙන්නා 17/18 වයසේ ඉස්කෝලේ යන උන් බවත්, ඊයේ උසාවියට ගෙන ආ වෙලාවේ භයවී හඬාවැටුනු බවත් වාර්තා වෙනවා. මේ වාර්තාව පහලින්. මේ බුකි චන්ඩි දෙන්නා ගෙන් එකෙක් 18ට අඩුනිසා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවන්නට උසාවියෙන් නියෝග කර තියෙනවා.

බුකියේ අඩෝව් ගගා, මහා දේශප්‍රෙමයෙන් රඟන, තම්බි මස් රාත්තලම ඉල්ලන ගොඩක් උන් ඔහොම තමයි, බාල ෆෝන් එකකට 99/- ඩෙටාකාඩ් එකක් දාගෙන, නැතිනම් රුපියල් 20,000 විතර යුනිටි ප්ලාසා එකේ තම්බි කඩයකින් ගත්ත සෙකන්ඩ් හෑන් ලැප්ටොප් එකකින් බුකියට රිංගන මුන් හැසිරෙන්නේ රටම උන්ගේ වගේ.

මේවගේ නරි කුදලගෙන ගිහිල්ලා අවුරුද්දකට දෙකකට බරපතල වැඩ ඇතිව හිරේ යැව්වානම් මුන්ගේ අසහනේ සනීප වෙලා මිනිස්සු වෙන්න හිතෙනවා.

හරි හමන් රස්සාවක් නැති, තියෙන එකත් හරියට කරන්න උනන්දුවක් නැති, එහෙමත් නැතිනම් පොඩි කඩයක් කරන ගමන් ඒක දියුණු කරන්නට උත්සහ ගන්නවා වෙනුවට මුස්ලිම් මිනිස්සුන්ගේ කඩව දියුණුවට කැකෑරි කැකෑරී මුන් හදන්නේ සිංහල ජාතිය ගොඩ ගන්න. මුන්වගේ අපතයෝ හින්දා තමයි මෙච්ච මේ රට වැටිලා ඉන්නේ.

බුකියේ චන්ඩි වෙලා ජාතිවාදි කතා කිව්වට, උසාවියේදී භය වෙලා හඬා වැටුනු සිසුන් මෙන්න..!

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.

එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.

http://supirigossip.com/archives/15990

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SOCIAL : තලංගමදී පිපුණ පොහොට්ටුව!

SOCIAL : ජාතිආලෙ නෙමෙයි හලෝ, අපරාදෙ පිච්චෙන හින්දයි සල්ලිටික ෂෝටෙ ගහගත්තේ

$
0
0

මුස්ලිම් කඩ දෙවනත් කල බුදුබණට හීලෑවුනු යක්කු ටිකක් අපරාදෙ නිසා ගිණි තියන්ඩ කලින් සාක්කුවේ ඔබාගත්ත සල්ලි ගැන වැරදියට හිතන්ඩ එපා.

මුස්ලිම් ලාච්චුවකින් ගත්තා කියලා සල්ලි "අල්ලා"ගාන්නෙ නෑනෙ ඔයි!

ඔන්න ෆෙන්ස්; මුන් තමයි ජාතිය බේර ගන්න නුවර දුවගෙන ආපු සිහල ප්‍රේමී යක්කු ටික.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SOCIAL : ෆේස් බුක් එකෙන් මිනීමරන්න, ගිණි තියන්න ප්ලෑන් කරද්දී, වෛරය පතුරුවද්දී ෆේස්බුක් ෆීඩම් කාරයෝ කොහෙද හිටියේ?

$
0
0

ෆේස්බුක් හා වෙනත් සමාජ ජාල තහනම දිගුවී ඇත. එය අපේක්ෂාකල යුතුව තිබුණි. රටටම මහා අපකීර්තියක් ගෙනදුන්, ඩෝප්කාරයින් කල වරදක් දඩමීමා කරගෙන මුලුමහත් ජනවර්ගයකටම එරෙහිව දියත්කල මහා ව්‍යසනය එයට හේතුව විය. සියල්ල සැලසුම්කොට සම්බන්ධීකරණය කරතිබුණේ, අරමුදල් එක් රැස්කර තිබුණේ, කල්ලි තැන් තැන් වලට යොමුකොට තිබුණේ ෆේස්බුක් හා වට්ස්-ඇප් වැනි සමාජ ජාල හරහාය. තවමත් වෛරී ප්‍රකාශණ බුකියේ මතුවෙමින් තිබේ.

සිවුරු හැඳගත් මදාවීන් තවමත් සමාජජාල හරහා වෛරයේ විෂ මුදාහරිමින්, තර්ජනය කරමින්, ගේම ඉවර නැති බව පවසමින් සිටී.

ඉදින් තහනම දිගුකිරීම මහා වරදක්ද?

තවත් පැණයක් ඇසිය යුතුව තිබේ. සමාජ ජාල තහනමට විරෝධය පාන්න, පාරවල් බ්ලොක් කරන්න සැලසුම් කරන භාෂණ නිදහස් චැම්පියන්වරුන්, පර්සනල් ෆ්‍රීඩම් අද්වකාත්ලා, මාද්දිය නිදහස අගයන ඔස්තාර්ලා, මෙතරම් වෛරයක් මේ ජාල හරහා එලිපිටම පතුරුවමින්, ප්‍රසිද්ධියේ රඟද්දී සිටියේ කොහිද, කලේ මොකක්ද යන්නයි?

සෝෂල් මීඩියා තහනම ඉවත්කර ගන්නට තියෙන මේ කැක්කුම, අමාරුව, ගාය මේ ජාල එලිපිට අපහරණය කිරීමේදී මතු නොවුනේ ඇයි? නොතිබුණේ ඇයි? මේ මාධ්‍ය දැඩිලෙස නීතිවිරෝධී, සමාජ විරෝධී ක්‍රියාවලට එලිපිටම භාවිතා කරද්දී මේ ක්‍රියාකාරීන්ට, ඔස්තාර්ලාට එන පොට හොඳනැති බව පෙනුනේ නැද්ද? ඒ සඳහා හඬක් නගන්නට හිතුනේ නැද්ද?

අඩුම ගණනේ මේ වෛරී ප්‍රකාශන ඉවත්කරන්න සංවිධානාත්මකව ෆේස්බුක් වැනි ආයතන වලට පීඩනයක් එල්ල කරන්නට සිතුනේ නැති මෙයාලාට දැන් තහනම ඉවත්කර ගැනීමේ දැඩි රුදාවක් හටගෙන තිබේ.

හේතුව පැහැදිලිය.

මේ නටන්නේ එන්.ජී.ඕ කාක්කන්ය.

මුන්ට මේ සමාජ-ජාල තහනම අලුත්ම ඩොලර් කුට්ටි ඉල්ලමක් වී ඇති බව පැහැදිලිය. දැන් විරෝධතා පවත්වා, පාරේ කෑගසා, පත්‍රිකා ගසා, ලිපි ලියා රිපෝට් යැවූ විට ගිණුම්වලට ඩොලර් බැරවෙනු ඇත.

රටට හෙන ගැහුවත් මුන්ට කමක් නැත. බුකියේ නටන ඕලෙවල් වත් නැති කොල්ලන්, වෛරය පතුවන්නට පෙළඹීම, කඩුපොලු කැති අරගෙන එක් ජනවර්ගයක් වෙසෙන පෙදෙසකට ගොස් ඒ පෙදෙස මහා යුධ පිටියක් කිරීමට උඩගෙඩි දීම, අමිත් වීරසිංහලා, ඥාණසාරලා වැනි ලේමාපිලුන්ගේ ග්‍රහණයට හසුවීමෙන් සිදුවන සමාජ ව්‍යසනය මුන්ට වැඩක් නැත.

ඕනෑ කර තිබෙන්නේ මේ තහනමේ එල්ලී මේ අවුරුද්ද ගොඩදා ගන්නට ඩොලර් මලු කිහිපයක් ලබාගැනීම පමණකි. රටේ අවදානම් තත්වය හමුවේ තව දවස් කිහිපයක් ඉවසන්නට මුන්ට බැරිවී ඇති අමාරුව වෙන කිසිවක් නොවේ.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

REST IN PEACE : ස්ටීවන් හෝකින්ස් (76)

$
0
0

1988 දී පලකල "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්"නම් විශ්වයේ උපත, පැවැත්ම හා අවසානය පිලිබඳව ලියැවුනු පොත සමග ලෝක අවධානයට බඳුන්වූ ස්ටීවන් හෝකින්ස්, ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසු මෙලොව පහලවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයා බවට අවිවාදයෙන් පිලිගැනෙනවා.

පිටපත් මිලියන 20ක් පමණ අලෙවි වී වාර්තා තැබූ "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්"පොත, අතිශය සංකීර්ණ න්‍යායික-භෞතික විද්‍යා (theoretical physics) සංකල්ප ඉතාම සරලව සාමාන්‍ය ජනයාට  තේරුම්ගත හැකි ආකාරයට ලිවීමට සමත්වූ හෝකින්ස් මේ සංකීර්ණ සංකල්පයන් විද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන සෑම දෙනා අතරටම ගෙන ගියා.

මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්ගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථාන පිලිබඳව තබන කෙටි සටහනක් පහතින් තිබෙනවා.

1966 - ආචාර්ය උපාධිය දිනාගත් හෝකිස්න් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස පත්වීම් ලබනවා. සාපේක්ෂතාවාදය පිලිබඳව හා කළු කුහර ඔහුගේ පර්යේෂණයන්ගේ තේමාව වනවා.

1968 - ජෝර්ජ් එලිස් නම් භෞතික විද්‍යාඥයා හා එක්ව "Large Scale Structure of Space-Time"නම් පර්යේෂණ ග්‍රන්ථය පලකලා. විශ්වයේ සැකැස්ම හා එහි ප්‍රසාරණය වීම පිලිබඳ කල්පිතයන් මේ ග්‍රන්ථයේ අඩංගු වුනා

1970 - ක්වන්ටම් න්‍යායයන් හා සාපේක්ෂතාවාදයේ මූළධර්ම ආධාරයෙන් කිසිම විකිරණයක් පිටනොවනවා යැයි විද්‍යාඥයින් සිතාසිටි කළු කුහරවලින් විද්‍යුත් චුම්බක විකිරණ පිටවන බව සොයාගත්තා.

1973 - කළු කුහරවලින් විකිරණ පමණක් නොව ශක්තිය මෙන්ම, පධාර්ථද නිකුත්වෙන බවත්, කළු කුහර පුපුරා යාහැකි බවත් විද්‍යාත්මකව ඔප්පුකලා. මේ සොයාගැනීම "හෝකින්ස් විකිරණ - Hawkin's Radiation"පිලිබඳ නියමය ලෙස පසුව හඳුන්වන්නට පටන්ගත්තා

1988 - "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්" පොත ලියා අවසන් කලා

සාපේක්ෂතාවාදය, කළුකුහර හා විශ්වයේ උපත පැවැත්ම හා අවසානය පිලිබඳව දිගින් දිගටම පර්යේෂණ පැවැත්වූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් සිය ජීවිත කාළය තුල භෞතික විද්‍යාව පිලිබඳව පොත් 15ක් පලකොට තිබෙනවා.

1942දී උපත ලැබූ හෝකින්ස් වයස 21දී මෝටර් නියුරෝන් ඩිසීස් නම් ශරීරයේ මාංෂපේෂි හා ස්නායු අක්‍රියවන රෝගය වැළඳී ඇතිබව සොයාගත් අතර එම රෝගය නිසා ඔහු වසර 2ක් ඇතුලත මිය යන බවත් වෛද්‍යවරුන් ප්‍රකාශකලා. එහෙත් තවත් වසර 55ක් ජීවත් වෙමින් විද්‍යා ලෝකයට අමිල මෙහෙයක් ඉටුකල මහාචාර්ය හෝකින්ස් සිය නිවසේ නිදා සිටියදී මියගිය බව හෝකින්ස් පවුලේ සාමාජිකයින් අද උදෑසන (14) මාධ්‍යවලට පවසා සිටියා.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HEALTH : හැම වෙලාවෙම මහන්සිද? මෙන්න හේතු!

$
0
0

1] අවශ්‍ය පමණට වතුර නොබීම

පර්යේෂණ වලට අනුව සිරුරේ බරින් 2%කට වඩා ජලය අඩුවූ විට එය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපායි. ජලය අඩුවූවිට රුධිරය මදක් ගණවන අතර ඒ අනුව රුධිරය පොම්පකිරීම සඳහා හදවට වැඩි ශක්තියක් වැයවේ. එමෙන්ම මාංෂ පේෂිවලට හා මොලයට අවශ්‍ය ඔක්සිජන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබේ. එවිට නිතරම මහන්සිය දැනීම සිදුවේ.

2] නිසි පරිදි ව්‍යායාම නොගැනීම

බොහෝ දෙනෙකු වැඩ වැඩිවූ විට ව්‍යායාම අතපසු කරයි. අද හරි මහන්සියි කියමින් ඔබගේ දෛනික ව්‍යායාම - මෙය විනාඩි 20ක් 30ක් ඇවිදීම වැනි සුළු ව්‍යායාමයක් විය හැකියි - අතපසු කරන්නේ නම්, ඔබට විඩාව දැනීම වැඩි බව පර්යේෂකයින් සොයාගෙන ඇත.  ව්‍යායාම කිරීමෙන් සිරුරේ ශක්ති ජනන ක්‍රියාවලිය (metabolism) වේගවත්වී, හෘද-රුධිර පද්ධතිය ශක්තිමත්වී සිරුරේ සියලු තැන්වලට ඔක්සිජන් වැඩි රුධිරය ගෙයාමෙන් විඩාව දැනීම අඩුවේ.

3] යකඩ හා විටමින් බී අඩු ආහාර ගැනීම

යකඩ රුධිරය ඔක්සිජනීකෘත වීමට අවශ්‍ය හිමෝග්ලොබින් සඳහා අත්‍යාවශ්‍යය. යකඩ හිඟවීමෙන් හිමෝග්ලොබින් අඩුවී, ඔක්සිජන් ප්‍රවාහණය අඩුවීමෙන් විඩාව දැනිය හැකිය. එමෙන්ම සෛලතුල ශක්ති ජනන ක්‍රියාවලියේදීද යකඩ වැදගත් ක්‍රියාවලියක් ඉටුකරයි.

විටමින් බී යනු, වර්ග 8ක සංකීර්ණයකි (vitamin B complex). B1, B2, B3, B5, B6, B7, B9, B12 යනුවෙන් ඒවා නාමකරණය කොට ඇත. ආහාරවලින් ශක්තිය නිපදවීම සඳහා විටමීන් බී සංකීර්ණය වැදගත්වේ. විටමින් බී අඩුවූ විට නිතරම මහන්සිය දැනේ.

4] ලඟාවීමට ඉතා අපහසු පෞද්ගලික ඉලක්ක සකස්කර ගැනීම

සමහර පුදගලයින් තමන් වෙත ඉතා අපහසු ඉලක්ක ලබාදී ඒවා ලඟාකර ගැනීමට දැඩි ලෙස මහන්සිවේ. වෙහසවී ඉලක්ක හඹායාම හොඳ දෙයක් වන නමුත් නිතරම ඉතා අපහසු ඉලක්ක හඹායාමෙන් ජීවන තෘප්තිය අඩුවී, තමන් පරාජිතයෙකු යන හැඟීම ඇතිවේ. මේ මානසික පීඩනය නිරන්තර විඩාව ලෙස දැනෙන්නට පුලුවන.

5] අනවශ්‍ය ලෙස ආතතියට පත්වීම

සමහර පුදගලයින් සෑම කරුණක් ගැනම ඕනෑවට වඩා කළබලවී ආතතිය ඇතිකර ගනී. උදාහරණයක් ලෙස තමන්ගේ ඇඳුම, අන් අය තමන් දකිනු ඇතැයි සිතන ආකාරය පිලිබඳව, කාර්යාලයේ හැල හැප්පිලි (office politics), ප්‍රධානීන් සමග ඇතිවන සුළු මත ගැටීම්, පෙම්වතා/පෙම්වතිය එතරම් නොසිතා කියන/කරන දැයින් ඇතිවන සුලු අනවබෝධ යනාදිය පිලිබඳව දැඩි ලෙස කරදර වෙමින් නිරන්තර මානසික ආතතියෙන් ජීවත්වේ. මේ ආතතිය නිරන්තර විඩාව ලෙස සිරුරට දැනිය හැකිය.

6] හොඳින් උදය ආහාරය නොගැනීම

පෝෂ්‍යදායි උදය ආහාරයක් නොගැනීම නිසා දවසේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන නොලැබීමෙන් දවසම විඩාව දැනීමට පුලුවන

7] අධික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු ක්ෂණික ආහාර නිරන්තරයෙන් ගැනීම.

සුදු පාන් පිටිවලින් සැකසෙන මෙවැනි ක්ෂණික ආහාරවල තන්තුමය ද්‍රව්‍ය (fiber) හා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට අඩංගු නැති නිසා ඉක්මණින් ජීර්ණයවී වේගයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහලදමයි. එවිට ඉන්සුලින්වල ක්‍රියාකාරිත්වය නිසා ඉක්මණින්ම රුධිරයේ සීනි මට්ටම යලි පහල දමයි.

මෙලෙස දිනකට කිහිප වතාවක් රුධිරයේ සීනි මට්ටම ඉතා ඉහලට ගොස් යලි පහලට වැටීම දිනය පුරා විඩාව දැනවීමට හේතුවන බව පර්යේෂණ වලින් හෙලිවී ඇත. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට හා තන්තු අඩංගු ආහාර මගින් රුධිරයේ සීනි මට්ටම ඉහලයාම පාලනය කරන නිසා එවැනි ආහාර නිතර ගත යුතුය.

8] රාත්‍රීකාලයේ නින්දට පෙර ස්මාර්ට්ෆෝන හා ටැබ්ලට් භාවිතාකිරීම

මෙවැනි උපකරණවල තිරයෙන් නිකුත්වන තීව්‍ර ආලෝකය සිරුරේ රිද්මය හා නින්දිමත දැනීමේ ක්‍රියාවලිය පාලනය කරන circadian rhythm නම් චක්‍රය අවුල්වී නිදිමත දැනීම පමාකරයි. එමෙන්ම පාන්දරට නින්දයාම වැඩිවන නමුත් රැකියාවට යාම සඳහා අවදිවීමට සිදුවීම නිසා අවශ්‍ය පමණට නින්ද නොලැබීමෙන් විඩාව දැනේ.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPACE FLIGHT : මේ සතියේ පොලොවට කඩාවැටෙන චීන අභ්‍යවකාෂ මධ්‍යස්ථානය

$
0
0

චීනය සිය පලමු අභ්‍යවකාෂ මධ්‍යස්ථානය වන ටියන්ගොංග්-1 කක්ෂගත කලේ 2006දී. ඇමරිකාවට හා රුසියාවට පසු අභ්‍යවකාෂ මධ්‍යස්ථානයක් සතුකරගැනීම්ට හැකිවූ බලසම්පන්න රාජ්‍යයක් බවට චීනය එදා පත්වුනා. එදා සිට කක්ෂයේ සැරිසැරූ ටියන්ගොංග්-1 මේ වනවිට අතහැර දමා ඇති අතර එය මේ සතිය තුලදී කක්ෂයෙන් ඉවත්ව උල්කා වර්ෂාවක් මෙන් පොලොවට කඩාවැටෙනු ඇතැයි චීනය පවසනවා.

ප්‍රමාණයෙන් විශාල බස් රථයක් හා සමානවල ටියැන්ගොංග් -1 කඩාවැටීමේදී පෘථිවියේ ජනාකීර්ණ පෙදෙස්වලට එහි කැබැලි කඩාවැටේදැයි බියක් ඇතිවී තිබුණා. මාර්තු 29වැනිදා හා අප්‍රේල් 1වැනිදා අතරතුර කාළයේදී මේ කඩාවැටීම සිදුවන ඇතැයි අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතන අනාවැකි පලකරනවා. ටොන් 9.5ක් බර මේ විශාල යානය පැයට කිලෝමීටර් 15,000ක පමණ වේගයෙන් ඝණ වායුගෝලයට ඇතුලුවනු ඇති අතර ඝර්ෂණය නිසා ඇතිවන දැඩි තාපයෙන් මධ්‍යස්ථානයේ බොහෝ කොටස් විනාශවී ගියත් ඉතා ශක්තිමත්ව තනා ඇති සමහර කොටස් විනාශ නොවී පොලොවට වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

චීන අභ්‍යවකාෂ ආයතනය පවසන අන්දමට 2016 මාර්තුවේදී මේ යානය හා තිබූ පාලන සම්බන්ධතා ගිලිහී ගිය අතර ඒ අනුව එය කක්ෂයේ රඳවාගන්නා රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වීම නිසා දිනකට අඩි 525ක පමණ ප්‍රමාණයකින් එහි කක්ෂය ක්ෂය වෙමින් පැවතුනා. ආරම්භයේදී පොලොවට සැතපුම් 218ක් පමණ ඉහලින් කක්ෂගත්වී තිබූ මෙහි ගමන් මාර්ගය දැන් සැතපුම් 128ක් දක්වා පොලොව දෙසට ලංවී තිබෙන තර ඉදිරි සතිය වනවිට එහි කක්ෂය බිඳවැටී පෘථිවි ගුරුත්වාකර්ෂණය විසින් ඇදගනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

කෙසේ වෙතත් චීන අභ්‍යවකාශ ඒජන්සිය, ඇමරිකාවේ නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාෂ ඒජන්සියේ ගණනය කිරීම් වලට අනුව මේ යානය ඉන්දියානු සාගරයට කඩාවැටෙනු ඇති.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

PHOTOGRAPHY : ෆොටෝෂොප් වළාකුළට යයි!!

$
0
0

ෆෝටෝෂොප් පාවිච්චි කරන අය දැනටමත් Adobe Creative Cloud  ගැන අහලා ඇති. ක්‍රියේටිව් ක්ලව්ඩ් සේවාවෙදි ඇඩෝබි සමාගම එයාලගෙ ෆෝටෝෂොප් හා වෙනත් ග්‍රැෆික් හා වීඩියෝ එඩිටින් මෘදුකාංග මාසික හෝ වාර්ෂික සාමාජික ගාස්තු ක්‍රමයකට (subscription plan) අනුව ලබාදෙනවා. මෙහිදී ඒ මෘදුකාංග අන්තර්ජාලය හරහා භාවිතාකරන්නාගේ පරිගණකයට බාගත වෙලා ස්ථාපනය වෙනවා. එම මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ සාමාජික කාළසීමාව තුලදී පමණකයි. එය කල් ඉකුත්වූ විට මෘදුකාංග ක්‍රියා විරහිත වෙනවා.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීමේ ව්‍යාපාරික ආකෘතියෙන් (software as a service business model) ක්‍රියාත්මකවන ක්‍රියේටිව් ක්ලවුඩ් සේවාව වඩවඩාත් ජනප්‍රිය වූවිට, සාම්ප්‍රදායික මෘදුකාංග විකිණීමේ ක්‍රියාවලිය නවතා දැමෙනු ඇති. ක්‍රියේටිව් ක්ලවුඩ් ආකෘතිය නිසා ඇඩෝබී සමාගමට වාසි රැසක් අත්වෙන බව විචාරකයින් පවසනවා. මොනවාද ඒ වාසි?

1/ මුදල් නොගෙවා මෘදුකාංග සොරෙන් ගැනීම නැවැත්වීමේ හොඳ ක්‍රමයක්වීම. සාමාජික කාළය අවසන්වූ වහාම මෘදුකාංගය ක්‍රියා විරහිතවේ.

2/ කලින් කලට නව සංස්කරණ හඳුන්වාදෙමින් ඒවා මිලට ගැනීමට භාවිතාකරන්නන් පෙළඹවීම වෙනුවට නිරන්තරව යාවත්කාලින වන මෘදුකාංග සාමාජික ගාස්තු ගෙවන සියල්ලන්ටම ලබාදීමට හැකිවීම

3/ මෘදුකාංගය පරිගණකයට බාගත වන නිසා අන්තර්ජාල වේගය නිර්මාණකරුගේ workflow එකට බල නොපෑම.

4/ විවිධ ගණයේ නිර්මාණකරුවන්ට අවශ්‍ය මුදෘකාංග එකතුව කැමති පරිදි තෝරාගැනීම හා එක්වර මුදල් නොගෙවා මාසිකව ගෙවීමේ හැකියාව.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

ARE U SERIOUS? : මෙගා පික්සල් 40ක කැමරා තුනක පද්ධතියක් ඇති Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය

$
0
0

ලබන මාසේ හුවාවී අලුත්ම අලුත් ෆෝන් එකක් මාකට් එකට දානවා. ඒක P20 Pro. කැමරා තුනයි. එකක් මෙගා පික්සල් 40ක කැමරාවක්. අනෙක මේගාපික්සල් 8ක ටෙලිෆොටෝ ලෙන්ස් කැමරාවක්. තවත් එකක් තියෙනවා.

මේ කැමරා තුනම එකතුකරලා සුපිරිම ෆොටෝ ගන්න පුලුවන් විධියට හදලා තියෙන්නේ. කැමරා සිස්ටම් එක කොච්චර සුපිරිද කිව්වොත්  කියන කැමරා බෙන්ච්-මාක් පරීක්ෂණ කරන සමාගමේ හොඳ කැමරා ලයිස්තුවේ උඩටම යන්න P20ට පුලුවන් වෙලා. තියෙනවා.

P20 Pro කැමරා පද්ධතියෙන් මද ආලෝක ඡායාරූපත් ඉතාම සුපිරියි කියලා වාර්තා වෙනවා. පහත ඡායාරූපය කැමරාවේ Low light ISO පහසුකම ක්‍රියාත්මක කරන්න පෙර හා පසු ගත්ත ඡායාරූප. කොහොමද කොලිටිය?

Android 8.1 (Oreo) මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන P20 ඔක්ටා කෝර් ප්‍රධාන ප්‍රොසෙසරයකින් හා මාලී ජී-72 ග්‍රැෆික් ප්‍රොසෙසරයකින් සමන්විත වෙනවා. 128GB රැම් මතකයක් ඇති මෙය 4000 mAh බැටරියකින් බළගැන්වෙනවා.  වර්ණ මිලියන 16ක් පෙන්විය හැකි,  AMOLED capacitive touchscreen වර්ගයේ තිරයක් මෙය සතුවන අතර තිරයේ විශාලත්වය අඟල් 6.1 වෙනවා.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

BIOLOGY : ඩේවිඩ් ඇටෙන්බරෝගේ සමනලයා

$
0
0

බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥ, කතෲ හා රූපවාහිණී ශිල්පී සර් ඩේවිඩ් ඇටෙන්බරෝගේ නමින් ඇමසන් වනයේ දුර්ලභ සමනල වර්ගයක් නම්කොට තිබෙනවා. සිය රූපවාහිණී වැඩහසටන් හරහා සුවහසක් ජනයාවෙත ස්වභාවධර්මයේ අපූර්වත්වය හා එය රැකගැනීමේ වැදගත්කම කියාදුන් ඇටෙන්බරෝ සිදුකල අමිල සේවය වෙනුවෙනුයි මේ නම් කිරීම සිදුකොට තිබෙන්නේ.

Euptychia attenboroughi හෙවත් Attenborough's black-eyed satyr ලෙස නම්කොට ඇති මේ සමනල් විශේෂය ඉහල ඇමසන් වනාන්තරවල දකින්නට ලැබෙන අතර පියාපත් විහිදූ විට  සෙන්ටිමීටර් 2ක් පමණ වනවා. මොවුන් පාද සතරක්  Nymphalidae ඇති සමනල් කුලයට අයත් වනවා.

මෑතකදී හඳුනාගත් මේ සමනල් වර්ගය සොයාගත්තේ ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ අනුග්‍රහයෙන් ඇමසන් වනයේ පර්යේෂණ කටයුතුවල නියුතු කණ්ඩායමක් විසින්.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

BUSINESS : කේත කිහිපයක පරිගණක වැඩසටහනක් ඩොලර් බිලියන 9ක ව්‍යාපාරයක් බවට පත්කරගත් සොයුරන් දෙදෙනා.

$
0
0

පැට්රික් කොලිසන් හා ජෝන් කොලිසන් අයර්ලන්තයේ ලිමරික් පලාතේ ජීවත්වුනු තරුණයින් දෙදෙනෙක්. කුඩාකල සිටම පරිගණක විද්‍යාවට හා ගණිතයට දක්ෂකමක් දැක්වූ මොවුන් දෙදෙනාගෙන් පැට්රික් වයස 15දී අයිසැක් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කොට අයර්ලන්තයේ "Young Scientist and Technology Exhibition"ප්‍රදර්ශණයේදී දෙවන ස්ථානය දිනාගත් අතර ඊලඟ වසරේදී වෙබ් අඩවි නිර්මාණය සඳහා "Croma"නම් පරිගණක භාෂාවක් නිර්මාණය කොට ප්‍රථම ස්ථානය දිනාගත්තේ අයර්ලන්තයේ දක්ෂතම යොවුන් විද්‍යාඥයා බවට පත්වෙමිනි.

වසර 2010දී කොලිසන් සොයුරන් කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය වෙත ගියේ ඔවුන් විසින් නිර්මාණය කල අලුත්ම පරිගණක වැඩසටහනක් මත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහාය. Stripe ලෙසින් නම්කල මේ සමාගමට සිලිකන් නිම්නයේ නමගිය ආයෝජකයින්ගේ ආයෝජන ඇදී ආ අතර ඔවුන්ගේ මෘදුකාංගය ආධාරයෙන් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට තම වෙබ් අඩවිය හරහා භාණ්ඩ විකිණීමේදී ක්‍රෙඩිට්කාඩ් හරහා මුදල් ලබාගැනීමේදී කලින් තිබූ භාදක බොහෝ අඩු කිරීමට සමත්වුනා. කලින් වෙබ් අඩවිය හරහා මුදල් ලබාගන්නා විට බැංකුවක ක්‍රෙඩිට්කාඩ් වලින් ගෙවීම් ලබාගැනීමේදී අවශ්‍යවල "Merchant Account"නම් අවසරය ලබාගැනීමෙන් තොරව ගෙවීම් ලබාගැනීමේ පහසුකම ලැබෙනවා.

අතිශයේන්ම ජනප්‍රියවූ මේ සේවාව නිසා ස්ට්‍රයිප් සමාගමේ වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 9කට ඉහල ගොස් ඇති අතර කොලිසන් සොයුරන් දෙදෙනාගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියනයක් පමණ වෙනවා. 

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HISTORY : කොළඹ සුප්‍රකට තැන්වල නම් හැදුන හැටි!!

$
0
0
පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව
මාලිගාකන්ද හා මාලිගාවත්ත

1587දී සීතාවක රාජසිංහ නරේන්ද්‍රයාණෝ (පලමු රාජසිංහ) කොළඹ පෘතුග්‍රීසි බළකොටුව වටකොට පහරදුනි. මාස නවයක් පුරා කාළතුවක්කු 150කින් හා ඇතුන් 120කින්ද සපිරි 60,000 දහසක සේනාවක් බළකොටුව වටලාගෙන සිටියද පෘතුග්‍රීසීන් යටත් කරගැනීම අපහසුවිය.

සීතාවක රාජසිංහ රජුගේ තාවකාලික වාසස්ථානය වූයේ කොළඹ කොටුවට මදක් ඈතින් වූ උස්බිමකි. රජුගේ වාසභූමිය බවට පත්වූ මේ කඳුගැටය පිහිටි පෙදස මාලිගාකන්ද විය. මාලිගාකන්දේ පිහිටි තාවකාලික රජමාලිගාව වටා පෙදෙස මාලිගාවත්ත නම් විය.

හල්ෆ්ස්ඩෝර්ප්

1655 ඔක්තෝම්බරයේදී ලන්දේසීන්ගේ (ඕලන්දක්කාරයින්) නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම හෙවත් VOC (Vereenigde Oost-Indische Compagnie) සමාගමේ කුලීහේවායින් 11,000ක් දෙවැනි රාජසිංහ රජුගේ 16,000ක හේවා බළඇණියක් සමග පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව යලිත් වටකර ගත්තෝය. ලන්දේසි බළඇණියේ නායකයා ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට් වූ අතර ඔහු නිරීක්ෂණ චාරිකාවක් සඳහා බළකොටුවේ බටහිර පෙදෙසේ සිටිද්දී පෘතුගීසි වෙඩික්කරුවෙකු තැබූ වෙඩිල්ලක් පපුවේ වැදී එතනම මිය ගියේය. ජෙනරාල් හල්ෆ්ට්ගේ නිවස්නය හා අණදෙන මූලස්ථානය තිබූ කුඩා කඳුගැටය ඔහු සිහිවීම සඳහා ලන්දේසීන් විසින් හල්ෆ්ට්ස්-ඩෝර්ප් හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය යන නමින් හඳුන්වන්නට පටන්ගත්තේය.

වුල්ෆෙන්ඩාල් (වූල්වන්දාල්)

දෙවන රාජසිංහ රජු සමග පෘතුග්‍රීසි කොළඹ කොටුව වටලාගෙන සිටි ලන්දේසි හමුදාවේ දෙවැන්නාවූයේ ජෝන් වෑන් ඩාර් ලාන්ය. ඔහුගේ මූළස්ථානය පිහිටියේ හල්ස්ෆ්ඩෝර්ප් කඳුගැටයෙන් මදක් ඈත්වූ තවත් උස්බිමකය. එම උස්බිම සිට කොළඹ වරාය පිහිටි පෙදෙස හා මුහුද හොඳින් දර්ශණය වූ බව පැවසෙනවා. මෙම උස්බිමෙහි පෘතුග්‍රීසීන් විසින් කුඩා දේවස්ථානයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. පෘතුග්‍රීසීන්ගේ යටත්වීමෙන් පසු කොළඹ කොටුව අත්පත්කර ගත් ලන්දේසීන් එම ස්ථානයේ ඕලන්ද රෙපරමාදු ක්‍රිස්තියානි පල්ලියක් ගොඩගැනීමට කටයුතු සූදානම් කලා. අද වුල්ෆෙන්ඩාල් පල්ලිය, එලෙස ලන්දේසීන් ගොඩනැගූ දේවස්ථානයයි.

කඳුගැටයෙන් පහල පෙදස වනලැහැබ් වලින් හා වගුරුබිම්වලින් ගහනවූ අතර ප්‍රමාණයෙන් විශාල නරින් මේ පෙදෙසේ බහුලව සිටි බවත්, එම නරින් වෘක්කයින් ලෙස වැරදිලෙස වටහාගත් ලන්දේසීන් එම පෙදෙස වෘක්කයින් ගහන පහත්බිම හෙවත් වුෆන් ඩාල් ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.

ජින්තුපිටිය

ජින්තුපිටිය පෙදෙස වුල්ෆෙන්ඩාල් පල්ලියේ සිට සිට කිලෝමීටර් භාගයක් පමණ ඈතින් පිහිටි ස්ථානයකි. ගූගල් සිතියම් අනුව වුල්ෆෙන්ඩාල් පල්ලිය පිහිටි පෙදෙස පවා අයත්වන්නේ ජින්තුපිටියටයි.

ජින්තුපිටිය පෙදෙසට ඒ නම ලැබී ඇති අන්දමද රසවත් කතාවකි. ජින්තුපිටිය පෙදෙස අත්පත්කරගෙන සිටි පෘතුග්‍රීසීන් එහි තිබී පුරාතන පර්සියානු අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි නිකායක්වූ නෙස්ටෝරියානු නිකායේ සළකුණු සහිත කුරුසියක් සොයාගෙන තිබෙනවා. එනිසා ඔවුන් එම ස්ථානයේ සැන් තොමේ හෙවත් සාන්ත තෝමස් ශාන්තුවරයා වෙනුවෙන් කුඩා පල්ලියක් ගොඩනගා තිබෙනවා.

සැන් තෝමේ පල්ලිය පිහිටි එලිමහන් පෙදෙස එකල එහි විසූ සිංහලයන් විසින් සැන්තොමේ පිටිය ලෙස හඳුන්වා තිබෙනවා. පෘතුග්‍රීසීන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන් සිය රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට නොගැලපෙන මේ පල්ලිය බිඳදමා එම පල්ලිය අවට පෙදෙස කනත්තක් බවට හරවා තිබෙන අතර එම කනත්තේ රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයින් නොවන, එනම් විශ්වාස නොකරන්නන් (non believers) සඳහා වෙන්කොට තිබෙනවා. විශ්වාස නොකරන්නන් ලන්දේසි බසින් ජෙන්තියෝ ලෙස හඳුන්වන අතර ජෙන්තියෝ වලලා ඇති පිටිය ජෙන්තියෝ පිටිය හෙවත් පසුකලෙක ජින්තුපිටිය බවට පත්වූ බව විශ්වාස කෙරෙනවා.

අලුත්මාවත

කොළඹ වරායේ ජැටිය අසල සිට කැළණි ගඟ මෝය දක්වා දිවෙන පාර අලුත්මාවත ලෙස හඳුන්වනවා. මේ අලුත්මාවතට නම ලැබුනේ ඕලන්ද ආණ්ඩුකාර පෙට්‍රස් වූයිස්ට්  විසින් අලුතින්ම ගල් අතුරා සකසන ලද අලුත්ම පාරක්වූ නිසා බවයි පැවසෙන්නේ. ඕලන්ද යටත්විජිතයක්වූ ලංකාවට පත්කර එවන ලද 20 වැනි ආණ්ඩුකාරවරයා වූ  පෙට්‍රස් වූයිස්ට් කෲර පාලකයෙකු වූවා. ඔහු අතින් බොරු චෝදනා එල්ලවී මරණයට පත්වූයේ ස්වදේශිකයින් පමණක් නොවේ. ඕලන්ද VOC පාලනයේ නිළධාරීන් හා ලංකාවේ පදිංචියට පැමිණ සිටි ඕලන්ද ජනපදිකයින්ද මොහුගේ ද්වේෂයට බඳුන්වී මැරුම්කෑවා. වසර 3ක කුරිරු පාලනයකින් පසු පෙට්‍රස් වූයිස්ට් VOC සමාගමේ මූලස්ථානය වූ ඉන්දුනීසියාවේ බැටාවියාවට ආපසු කැඳවූ අතර එහිදී නඩු විභාගයකින් පසුව හිසගසා මරණයට පත්කොට තිබෙනවා.

විස්ට්වයික් පාර

අලුත් මාවතට සමාන්තරව දිවෙන විස්ට්වයික් පාර, ආන්ඩුකාර වූයිස්ට්ගේ මෝදර පිහිටි නිවෙස වෙත යන මාවතයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

බගතලේ පාර

බගතලේ පාරට නම ලැබුණු හැටිද අපූරුය. බගතලේ පාර හා ඒපෙදෙසට නම ලැබුනේ බ්‍රිතාන්‍ය යුගයේදීය. එකල කොළඹ යනු විසල් නගරයක් නොව කොටුව හා පිටකොටුවෙන් එපිට ග්‍රාමීය පෙදෙසකි. එහි කුරුඳුවතු බහුල විය. (උදා: කොළඹ කුරුඳුවත්ත ). චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් බ්‍රිතාන්‍යයෙන් මෙරට සිවිල් සේවාවට අනුයුක්තවූ ධනවත් බ්‍රිතාන්‍ය ප්‍රභූවරයෙකු වූ අතර ඔහු ගාලුපාරේ සිට (එකල ගාලු පාර කුඩා කරත්ත පාරක් විය ) රාජකීය/තර්ස්ටන් විද්‍යාල දක්වා පැතුරුණු විශාල කුරුඳු වත්තක් මිළදීගෙන එහි මන්දිරයක් ඉදිකලේය. ඒ මන්දිරයට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් "බගතලේ"යන නම තැබුවේලු. බගතලේයනු පැරණි ප්‍රංශ ගෘහස්ථ ක්‍රීඩාවකි.

1800 ගණන්වල බ්‍රිතාන්‍ය ප්‍රභූන් අතරද ප්‍රචලිතව තිබූ මේ ක්‍රීඩාවට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ තිබූ දැඩි ලොල්බව නිසා සිය නිවස එනමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය. ඔහුගේ බගතලේ මන්දිරයට ගාලුපාරේ සිට යන මාවත් බගතලේ පාර ලෙස හඳුන්වන්නට පටන්ගත්තේලු.

ඇල්ෆ්‍රඩ් පෙදෙස / ඇල්ෆ්‍රඩ් හවුස් 

බගතලේ මන්දිරය පසුකලෙක යටත් විජිත ලංකාවේ ප්‍රමුඛතම සිංහල කෝටිපතියා හා විශිෂ්ඨ සමාජ සේවකයෙකුවූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සතුවිය. විශාල තේවතු, පොල් හා කුරුඳු වතු මෙන්ම කර්මාණ්තශාලා හා යටත් විජිත ලංකාවේ බැංකුවල කොටස් හිමියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා කොළඹ "ද සොයිසා"මාතෲ නිවාසය ආරම්භකිරීමට එම භූමිය හා තමන් සතු නිවස පරිත්‍යාග කල අතර, වේල්ස් කුමාර හා වේල්ස් කුමරි විද්‍යාල ආරම්භ කිරීමටද පුරෝගාමී විය. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල හා වෙනත් රෝහල් ගණනාවක් ආරම්භ කිරීමට ධනය හා ඉඩකඩම් පරිත්‍යාග කල දානපතියෙකි.

එකල ලංකාවේ ධනවත්ම ලාංකික ප්‍රභූවරයා මෙන්ම දැඩිලෙස බ්‍රිතාන්‍ය කිරුළට පක්ෂපාතවූ චාල්ස් හෙන්රි ද සොයිසා බ්‍රිතාන්‍ය රජපවුල සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වූවා. මේ සබඳකම් නිසාම ලංකාවට පාතැබූ පලමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන වික්ටෝරියා රැජිණගේ පුත් එඩින්බරෝ හි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු සඳහා රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීමේ වරම දිනාගත්තා.

මේ සඳහා ඔහු බගතලේ මන්දිරය අති විශාල වියදමක් දරා සම්පූර්ණයෙන් නවීකරණය කල අතර නවීකරණය කොට එය "ඇල්ෆ්‍රෙඩ් හවුස්"යනුවෙන් ඇල්ෆ්‍රඩ් කුමරාට ගෞරව පිණිස නම් කලා. එමෙන්ම එම මන්දිරය පිහිටි කුරුඳු වගාව ඉවත්කොට අක්කර එකසිය විස්සක මනරම් උද්‍යානයක්ද සකස් කොට එය ඇල්ෆ්‍රඩ් ගාඩන්ස් ලෙස නම් කලා.

අද බගතලේ පාරට යාබද ඇල්ෆ්‍රඩ් පෙදෙස, ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන්ස්, ඇල්ෆ්‍රඩ් ඇවනිව් යන පාරවල් හා පෙදෙස් පුරා මේ සුවිසල් උද්‍යානය පැතිර තිබුණා. දැන් ඉතිරිව ඇත්තේ ඒ පාරවල් හා පෙදෙස් නාම විතරයි.

ඇල්ෆ්‍රඩ් මන්දිරය 
චාල්ස් පෙදෙස / චාල්ස් වටරවුම / චාල්ස් ඇවනියු

ඇල්ෆ්‍රඩ්/බගතලේ මන්දිරය ආශ්‍රිත කොළඹ 3ට අයත් මේ සියලු පෙදෙස් චාල්ස් හෙන්රිද සොයිසාට අයත්ව තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් මේ සුවිසල් ඉඩකඩම් බෙදාහදාගත් ඔහුගේ දරුමුණුපුරන් සිය පරිත්‍යාගශීලී ඥාතියා සිහිවීම පිණිස තමන්ට අයත්වූ කොටස්වලට චාල්ස් නම යොදා තිබෙනවා. 

ලයාර්ඩ්ස් පෙදෙස / ලයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ 

බගතලේ මන්දිරය නිර්මාණය කල චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ පුත්‍රයෙකුවූ චාල්ස් පීටර් ලයාර්ඩ් කොළඹ නගරයේ පලමු පුරපති වීමේ ගෞරවය දිනාගත් අතර පසුකලක නයිට් පදවියකින්ද උපහාර ලැබුවා. කොළඹ පලමු පුරපතිවූ චාල්ස් පීටර් ලයාර්ඩ් සිහිවීම සඳහායි බම්බලපිටියේ ලයාර්ඩ්ස් පෙදෙස හා ග්‍රෑන්ඩ්පාස් හි ලයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාවත් නම්කොට ඇත්තේ.

චාල්ස් පීටර් ලයාර්ඩ්ගේ පලමු පිරිමි දරුවාවූ චාල්ස් පීටර් ලයාර්ඩ් (පියාගේ නමම ලබා දී ඇත ) ලංකාවේ පලමු අගවිනිසුරු ලෙස පත්වීම් ලැබුවේය.

පෙනීක්වික් පාර

වැල්ලවත්තේ පෙනීක්වික් පාර කොළඹ පුරපතිවරයෙකු, ලංකාවේ පෝස්ට්මාස්ටර් ජෙනරාල් මෙන්ම ලංකා යටත්විජිත රජයේ භාණ්ඩාගාරික තනතුරද ලැබූ චාල්ස් එඩ්වර්ඩ් ඩුකාට් පෙනීක්වික් සිහිවීම සඳහා නම්කොට ඇත.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FACEBOOK : මොකක්ද මේ Cambridge Analytica පලහිලව්ව??

$
0
0
මාර්ක් සකර්බර්ග් කොන්ග්‍රස් අණුකමිටුව ඉදිරියේ හරස් ප්‍රශ්ණවලට මුහුණ දෙමින්
පසුගිය මාස කිහිපය පුරාම ෆේස්බුක් සමාජ ජාලය ලොවපුරා දැඩි කතාබහකට ලක්වුනා. ෆේස්බුක් ව්‍යාජ ගිණුම් දහස්ගණනක් නිර්මාණය කරගත් රුසියානු හැකර්වරුන්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනඩ් ට්‍රම්ප්ගේ ජ‍යග්‍රහණය වෙනුවෙන් ව්‍යාජ පෝස්ටු හා ව්‍යාජ පුවත් (ෆේක් නිවුස්) මවමින් ක්‍රියාත්මකවූ බව මුලින්ම චෝදනාවුනා. මේ චෝදනාවල ඇත්ත නැත්ත සොයාබැලීමට රොබර්ට් මුලර් නම් හිටපු එෆ්.බී.අයි අධ්‍යක්ෂකවරයෙක් පත්කිරීමට ඇමරිකානු ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මුලර්ගේ විමර්ෂණය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඇමරිකානු ජනාධිපතිවරණයේ රුසියානු රහස් මෙහෙයුම් පිලිබඳව විශේෂ ලිපියක් ඉදිරි දින කිහිපය තුලදී ඉදිරිපත් කරන්නට අප සූදානමින් සිටිනවා.

ඉන් පසුව 2018 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත් පලකල විමර්ෂණාත්මක ලිපියකින් ඇමරිකානු චන්දදායකයින් මිලියන 80වකගේ පමණ ෆේස්බුක් දත්ත නීතිවිරෝධී උපක්‍රම හරහා ලබාගත් කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සමාගමක් එම දත්ත මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා පසුබිම සකස්කල බවට හෙලිදරව්කලා.

දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇති කේම්බ්‍රිජ් ඇනලිටිකා පලහිලව්වේ අලුත්ම සිදුවීම වන්නේ අප්‍රේල් 11 වැනිදා (එනම් අද ) ෆේස්බුක් නිර්මාතෲ හා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්, විමර්ෂණයක් සඳහා ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩල අනුකමිටුවක් ඉදිරියට කැඳවීමයි. ඔහු අද දිනයේ එම අනුකමිටුවේ පලමු සැසියට සහභාගී වෙමින් හරස් ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දුන්නා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම

කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන, එහෙත් ඇමරිකානු ආයෝජකයින් වන මර්සර් (Mercer) නම් ධනවත් ආයෝජක පවුල හා කලක් ඩොනල්ට් ට්‍රම්ප්ගේ හිතවතෙකු හා දේශපාලන උපායමාර්ග උපදේශකවූ ස්ටීවන් බැනන් (Steven Bannon) විසින් ආරම්භ කරන ලද සමාගමක්.

චන්දදායකයින් පිලිබඳව ෆේස්බුක් ආදී සමාජජාලා මගින් එක් රැස් කරන විද්‍යුත් දත්ත  ඉතා සියුම්ව හා ගැඹුරින් විශ්ලේෂණය කරමින්, ඒ අනුව එම චන්දදායකයින්ගේ දේශපාලන නැඹුරුව සොයාබලා ඔවුන්ව කේම්බ්‍රිජ් ඇනලිටිකා සේවාදායකයා වන අපේක්ෂකයා වෙත නැඹුරුකිරීම සඳහා විද්‍යුත් ප්‍රචාරණ උපක්‍රම (digital marketing strategies) සකස්කිරීම මේ සමාගමේ ව්‍යාපාරය වනවා.

ෆේස්බුක් හා කේම්බ්‍රිජ් ඇනලිටිකා අභිමුඛවීම

කේම්බ්‍රිජ් ඇනලිටිකා වැනි සමාගම් වලට ෆේස්බුක් සමාජජාලයේ සාමාජිකයින්ගේ පෞද්ගලික තොරතුරු ලැබීමට අඩිතාලම වැටෙන්නේ 2007 වසරේදී ෆේස්බුක් සමාගම, සමාජශීලී ඇප් නිර්මාණය සඳහා ඇතිකල  "Facebook Platform"නම්  මෘදුකාංග පාදමයි. මේ මෘදුකාංග පාදම උපයෝගීකරගෙන මෘදුකාංග නිර්මාණකරුවන්ට  ෆේස්බුක් ජාලයතුල දිවෙන විවිධ තොරතුරු හුවමාරු ඇප් නිර්මාණය කොට සාමාජිකයින් අතර බෙදාහැරීමට හැකිවනවා. මේ ඇප් වලට, එම ඇප් භාවිතා කරන්නාගේ හා ඔහුගේ/ඇයගේ මිතුරු මිතුරියන්ගේ යම් යම් දත්ත භාවිතාකිරීමට අවසර ලබාදීමේ ක්‍රමයකුත් සකස්කොට තිබුණා. ෆේස්බුක් ප්ලැට්ෆෝම් පාදම උපයෝගීකරගෙන දසදහස් ගණනක් ඇප් මේවනවිට නිර්මාණය වී තිබෙනවා.

2013 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පර්යේෂකයෙකු ලෙස සිටි ඇලෙක්සැඩර් කෝගන් (Aleksandr Kogan) නැමැත්තා ෆේස්බුක් ප්ලැට්ෆෝම් මෘදුකාංග පාදම ආධාරයෙන් ෆේස්බුක් සමාජිකයෙකුට තමන්ගේ පෞරුෂත්වය පිලිබඳව තොරතුරු ලබාගත හැකි ප්‍රශ්ණමාලාවක් (personality quiz) රැගත් ඇප් එකක් හඳුන්වාදුන් අතර එය 300,000 පමණවූ ෆේස්බුක් සාමාජිකයින් විසින් ස්ථාපනය කොට භාවිතාකලා. එමෙන්ම එම ඇප් එකට එම සාමාජිකයින්ගේ ෆේස්බුක් මිතුරන්ගේ දත්තද එක් රැස් කිරීමේ හැකියාව තිබුණා. ඒ අනුව මිලියන ගණනක් ෆේස්බුක් සාමාජිකයින්ගේ තොරතුරු මේ ඇප් එක හරහා ඇලෙක්සැන්ඩර් කෝගන් සිය පරිගණකයේ රැස්කරගන්නට සමත්වුනා.

2015දී බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත කල විශේෂ හෙලිදරව්වකට අනුව ඇලෙක්සැන්ඩර් කෝගන් තමන් සතුව තිබූ මිලියන ගණනක් ෆේස්බුක් සාමාජිකයින්ගේ දත්ත ෆේස්බුක් සමාගමේ හෝ එම දත්ත හිමිකරුවන්ගේ අවසරයකින් තොරව නීතිවිරෝධීව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට විකුණා ඇති බව තහවුරුවුනා. ෆේස්බුක් සමාගම පවා මේ දත්ත විකිණීම ගැන දැනගත්තේ ගාඩියන් පුවත්පත් වාර්තාවෙන් පසුව බව අද සිදුවූ කොන්ග්‍රස් මණ්ඩළ විමර්ෂණයේදී මාර්ක් සකර්බර්ග් හෙලිකලා.

සකර්බර්ග් ලබාදුන් තොරතුරු අනුව, මේ පිලිබඳව දැනගත් වහාම ෆේස්බුක් සමාගම ඇලෙක්සැන්ඩර් කෝගන්ගේ ඇප් එක තහනම් කල අතර එම දත්ත මකා දමන ලෙස කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට නීතිඥයින් මගින් දැනුම්දී තිබෙනවා. පසුව එම දත්ත මකාදැමූ බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමන්ට සහතිකවූ බව සකර්බර්ක් කොන්ග්‍රස් විමර්ෂණයේදී පවසා සිටියා.

කෙසේවෙතත් 2018 මාතුවේ බ්‍රිතාන්‍යයේ ගාඩියන් හා ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත්, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මේ දත්ත මකාදමා නොමැති බවත්, ඒවා උපයෝගිකරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චන්දව්‍යාපාරයට වාසිදායක ඩිජිටල් ප්‍රචාරණ දියත්කොට තිබූ බවත් හෙලිකලා. මෙයද තමන් දැනගත්තේ පත්තර වලින් බව සර්කර්බර්ග් සිය සාක්ෂිවලදී හෙලිකලා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ෆේස්බුක් දත්ත භාවිතා කලේ කොහොමද?

දැනට හෙලිවී ඇති කරුණු අනුව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ දත්ත විශ්ලේෂණ විශේෂඥයින්, තමන් සතුව ඇති ෆේස්බුක් සාමාජිකයින්ගේ දත්ත ඇසුරින් ඔවුන්ගේ මනෝරේඛණ විශ්ලේෂණයක් සිදුකිරීමට හැකි ඇල්ගොරිදමයක් (පරිගණක වැඩසටහනක්) නිර්මාණය කොට තිබෙනවා. මේ වැඩසටහනට අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ, පෞරුෂත්වයට, දැක්මට හා වැඩපිලිවෙලට කැමැත්ත ඇති ෆේස්බුක් සාමාජිකයින් හඳුනාගැනීමටත් , ඔවුන් ඉලක්ක කොට ඩිජිටල් දැන්වීම් මුදාහැරීමටත් සමත්වී තිබෙනවා.

ඉතා සංකීර්ණ දත්ත විශ්ලේෂණ වැඩසටහන් හා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග යොදාගෙන සිදුකොට ඇති මේ ව්‍යායාමය සඳහා ඩොලර් මිලියන ගණනින් අයකරගැනීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ක්‍රියාකොට තිබෙනවා. මේ සඳහා මුදල්ගෙවා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන සඳහා බරපැණ දැරූ ව්‍යාපාරිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් බවයි වාර්තාවන්නේ.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HAPPY HOLIDAYS : නිවාඩුකාලේ නිදිමරාගෙන බලන්න හොඳ TV Series

$
0
0
මේ දවස්වල හැමෝටම වගේ අවුරුදු නිවාඩුනේ. සමහර අය නම් Travelling to Nuwara Eliya  වගේ ස්ටස් අප්ඩේට් දාගෙන අවුරුද්දට ගමේ හරි නැතිනම් විනෝද ගමන් හරි යනවා. එහෙම යන්නේ නැතිව අවුරුදු vacation එක ගෙදරට වෙලා stay@home_cation එකක් කරගෙන ඉන්න අයට කාලේ වැයකරන්න හොඳ ඔත්තුවක් දෙන්නයි යන්නේ....

1] Counterpart: Season 01 - Episodes 01 to 10

අහම්බෙන් වගේ දැනගත්ත කවුන්ටර්පාර්ට් හිතුවට වඩා ගොඩක් හොඳයි. මේකෙ ජොන්රේ එක අනුව ත්‍රිලර්/සයන්ස් ෆික්ෂන්/ඩිස්ටෝපියන් ෆියුචර් විධියට ගන්න පුලුවන්. ඇකැඩමි සම්මාන ලාභී ජොනතන් සිමන්ස් හොවර්ඩ් සිල්ක් ලෙස ද්විත්ව රංගනයක් (double acting) සිදුකරන මේ කථාමාලාව නූතන බර්ලින් නුවර හා ජර්මනියේ ස්ථාන පාදක කරගෙන නිර්මාණය වී තියෙනවා.

කථා සාරාංශය : 1987දී, එකල නැගෙනහිර ජර්මනියේ විද්‍යාඥයින් විසින් සිදුකරන ලද යම් පර්යේෂණයක් හේතුවෙන් පෘථිවිය හා හැම අතින්ම සමාන තවත් සමාන්තර ලෝකයක් බිහිවන අතර එම ලෝකය හා මේ ලෝකය සම්බන්ධවන මාවතක් බර්ලින් නුවර එම විද්‍යාගාරය තුල බිහිවෙයි.

වසර 30කට පෙර සිදුවූ ඒ සිදුවීමේදී මෙම දෙවන සමාන්තර ලෝකයේ සිටින සෑම මිනිසෙකු, ගැහැණියක හා දරුවෙකුගේම පිටපතක් මේ අලුත් ලෝකයේද තිබෙන අතර ලෝක දෙක බිහිවීමට පෙර සිදුවූ සියල්ල ඒ දෙදෙනාමට හොඳින් මතක තිබේ. එහෙත් තමන් ජීවත් වන ලෝකයට සමාන්තර තවත් ලෝකයක් තිබෙන බවත්, එම ලෝකයේ තමන් හා හැම අතින්ම සමාන තවත් පුද්ගලයෙක් සිටින බවත් ලෝක දෙකෙහිම සාමාන්‍ය ජනයා නොදන්නා අතර එම ලෝක දෙකෙහිම පාලකයින් ඒබව දැඩි රහසක් ලෙස ආරක්ෂා කරගෙන සිටී.

ඒවගේම තිස් වසරකට පෙර බිහිවූ ලෝක දෙක සෑම අතින්ම එක සමානවුවද ඉන් පසුව කෙමෙන් කෙමෙන් එම ලෝක දෙකතුල සිටින ජනයා වෙනස් තීන්දු තීරණ ගණිමින් වෙනස් මාවත් දෙකක ගමන් ගනිමින් සිටී.

උදාහරණයක් ලෙස ආරම්භක පෘථිවියේ (prime earth) හොවර්ඩ් සිල්ක් ඉතා පහල මට්ටමේ රජයේ රැකියාවකින් සිය වෘත්තීයමය ජීවිතය අරඹන අතර වසර 30කට පසුවත් කිසිදු උසස්වීමක් නොමැතිව එම රැකියාවේම නිරතවයි. එහෙත් සමාන්තර පෘථිවියේ (alpha earth) හොවර්ඩ් සිල්ක් ඉතා දක්ෂ ලෙස සිය රැකියාව කරමින් වසර 30ක ඇවෑමෙන් එම ලෝකයේ බර්ලින් නුවර සිට ක්‍රියාත්මක වන බලසම්පන්න බුද්ධි අංශයක ඉහල බුද්ධි මෙහෙයුම් ක්‍රියාකරුවෙකු බවට පත්වී සිටී.

Prime earth පෘථිවියේ රටවල් බොහොමයක් මිනිස් නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කලත් පෘථිවිය දැඩි ඒකාධිපතිවාදී පාලනයන් ඇත. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඇල්ෆා පෘථිවියතුල අතිශයින් භයානක සාර්ස් වැනි ස්වසන රෝග වෛරසයක් පැතිරී බිලියන ගණනක් ජනයා මියයාම හා ඉන් පසුව ඇතිවූ අරාජිකත්වය පාලනය කිරීමට ඒකාධිපති රජයන් බිහිවීමයි. එමෙන්ම ඇල්ෆා පෘථිවියේ සමහර නායකයින්, මෙම වෛරසය ප්‍රයිම් පෘථිවියේ නායකයින් විසින් තමන් විනාශකීරීම සඳහා හිතාමතා තම ලෝකයේ පැතිරවූ බව විශ්වාස කරමින් ප්‍රයිම් පෘථිවිය කෙරෙහි දැඩි අවිශ්වාසයෙන් හා වෛරයේ පසුවේ.

2] Homeland: Season 07 - Episodes 01 to 09

ගොඩක් ටී.වී සීරීස් පලමුවැනි දෙවැනි සීසන් එකෙන් පස්සේ එපා වෙනවා. එහෙම නොවන ඒවා තියෙන්නේ කලාතුරකින්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඒවගේ එකක්. හෝම්ලෑන්ඩ් තවත් එවැනි සුපිරි ටීවී සීරීස් එකක්. හත්වැනි සීසන් එකට ඇවිල්ලත් තවමත් කිසිම පැකිලීමක් නැතිව බලමින් රසවිඳින්න විතරක් නෙමෙයි, සැබෑ ලෝකයේ බුද්ධි අංශ ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව යමක් අලුතින් ඉගෙන ගන්නත් හෝම්ලෑන්ඩ් බලන්න පුලුවන්.

කථා සාරාංශය : ක්ලෙයාර් ඩේන්ස් හිටපු සී.අයි.ඒ ක්‍රියාකාරිණී කැරී මැතීසන් ලෙස රඟන මෙහි ප්‍රධාන චරිත අතර පැරණි සීසන් වල ප්‍රධාන චරිත වලට පණපෙවූ ඇමරිකානු ජනාධිපතිනී එලිසබෙත් කීන් (S 6-7), ඇයගේ ජාතික ආරක්ෂක උපදේශක සෝල් බැරින්සන් (S 1-7), ඉලෙක්ට්‍රොණික බුද්ධි තොරතුරු විශේෂඥ මැක්ස් (S 1-7) සිටී. මීට අමතරව ජනාධිපතිනී කීන්ගේ ධවල මන්දිර ප්‍රධානී ඩේවිඩ් වෙලිංටන් (S 6-7), එෆ්.බී.අයි ඒජන්ත ඩාන්ටේ ඇලන්, උග්‍ර දක්ෂිණාංශික මාධ්‍යවේදී බ්‍රෙට් ඕකීෆ් ප්‍රධාන චරිතවලට පණපොවනවා.

සී.අයි.ඒ ඒජන්සියන් ඉවත්කරන ලද කැරී මැතීසන් කලක් ජනාධිපති කීන්ගේ ධවල මන්දිර නිළධාරියෙකු ලෙස කටයුතු කලත් දැන් ඉන් ඉවත්වී සිටී. කැරීගේ සී.අයි.ඒ ප්‍රධානී සෝල් බැරින්සන් රාජ්‍ය විරෝධී කටයුතුවල නියැලුනේ යයි අත් අඩංගුවට පත්වුවද දැන් ජනාධිපති කීන්ගේ විශේෂ ඉල්ලීමක් මත ඇයගේ ජාතික ආරක්ෂක උපදේශක බවට පත්වී ඇත.

පසුගිය හෝම්ලෑන්ඩ් කතාමාලා සියල්ලම අරාබි ත්‍රස්තවාදීන් ඇමරිකාව තුල සිදුකරන රහස් ක්‍රියාදාම පාදක කරගෙන නිර්මාණය වී තිබුණද අලුත්ම හෝම්ලෑන්ඩ් හත්වැනි සීසනය ඇමරිකාවේ අලුත්ම සතුරා වන රුසියානු රජයේ රහස් බුද්ධි මෙහෙයුම් හා එම මෙහෙයුම් මගින් ඇමරිකානු ජනාධිපති එලිසබත් කීන්ගේ රජය බිඳ දැමීමට සිදුකරන කූට සැළසුම් වටා ගෙතී තිබේ.

පසුගිය සතියේ හෝම්ලෑන්ඩ් නවවන  එපිසෝඩය විකාශණය වූ අතර ඉතිරි එපිසෝඩ තුන පිලිවෙලින් අප්‍රේල් 15, 22 හා 29 දිනවල විකාශය වනු ඇත. 

2] The Crossing: Season 01 - Episodes 01 to 02

මේක අලුත්ම ටීවී සීරීස් එකක්. තවම පයිලට් එපිසෝඩ් එක හා දෙවන එපිසෝඩ් එක විතරයි විකාශය වෙලා තියෙන්නේ. 

කථා සාරාංශය : ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ මුහුදු වෙරළකට දිනක් රාත්‍රියේ සියගණනක් මුහුදේ ගිලෙමින් සිටින මිනිසුන් ගොඩගසනවා. බොහෝ දෙනෙක් මියගොස් සිටින අතර දිවිගලවා ගන්නේ 47 දෙනෙකු පමණයි. මොවුන් ගිලෙමින් තිබෙන නෞකාවකින් මුහුදට පැනගත් අය බවට නගරයේ ආරක්ෂක අංශ විශ්වාස කලත් දිවිගලවා ගත්තවුන් සියලු දෙනාම විශ්වාස කල නොහැකි අභූත කතාවක් පවසනවා.

ඔවුන් පවසන අන්දමට ඔවුන් මීට වසර 180ක් ඉදිරි අනාගතයේ සිට දිවිබේරා ගැනීම සඳහා යම් කාළ යන්ත්‍රයක් හරහා වර්තමානයට පැමිණියවුන්. මීට වසර 180ක් ඉදිරි අනාගතයේ, එනම් 2198 වකවානුවේදී මිනිස්වර්ගයා වේගයෙන් සමූළඝාතනය වෙමින් පවතිනවා. මෙය සිදුකරන්නේ ඒපෙක්ස් නම් ජාන ඉන්ජිනේරු පර්යේෂණයකින් බිහිවූ, මිනිසුන්ට සමාන, එහෙත් හැම අතින්ම මිනිසුන්ට වඩා සුපිරි බුද්ධියක්, සුපිරි මානව හැකියාවන් (ශක්තිය, වේගය හා සියුම් සංවේදන ) ඇති මේවා ආධාරයෙන් සුපිරි තාක්ෂණයක් ගොඩනගාගත් මානව වර්ගයක් විසින්. ඒපෙක්ස් මානවයා, සාමාන්‍ය මානවයින් දුර්වල, විනාශකොට දැමිය යුතු පිලිලයක් ලෙස සලකන අතර එකවර බිලියන ගණනක් මරාදැමීම සඳහා බිහිසුනු වෛරසයක් ලොවපුරා මුදාහරිනවා. 

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HAPPY HOLIDAYS : නුවරඑළිය මේකාළේ අස්ප ගණන් | නිවාඩුවට යන්න පුලුවන් කඳුකරයේ වෙනත් තැන් ටිකක්

$
0
0

ඇල්ල

'ඇල්ල'කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ලංකාවෙ අපි වැඩිය නොගියත්, ලංකාවට ඇවිල්ලා උඩරට පැත්තේ සංචාරය කරන විදේශිකයින් මහනුවරට පස්සේ කෙලින්ම යන්නේ ඇල්ල පැත්තට. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. බලන්න දේවල් ගොඩක් තියෙන ඇල්ල සංචාරකයින් වැඩි නිසාම නවාතැන් පහසුකම් ගණන් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා ඔන්ලයින් ගිහිල්ලා හොයලා බලලා ගණන් කතාකරගෙන යන්න. 

ඇල්ල සංචාරයේදී අමතක නොකර බලන්න තියෙන දේවල් ටිකක් මෙන්න;

Ella Rock

පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල'කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.

Little Adam's Peak

ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.

Ravana Cave

'ඇල්ල ගල'කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.

Carving of 'Pulasthi Muni'

රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි'සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S'වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.

Ravana Falls

රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.

Nine Arch Bridge (Demodara) & Demodara Railway Station

දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස් එකකට ගොඩ වෙලා දෙමෝදරින් බැහැල යන අයට මෙන්න තියෙනව අපූරු පා ගමනක්. දුර කිලෝමීටර 3කට ආසන්නයි. ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැහැල දකුණු පැත්තට ඇවිදන් යන්න. පැයක් යන්න කලින් ආරුක්කු නවයෙ පාළමට ලඟා පුළුවන්. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.

ඇල්ල සිරි නරඹන්න හොඳ තැන්වල විස්තරය ගත්තේ මෙතනින්.

බදුල්ල

මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. 

නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් තියෙනවා. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

බදුල්ල සිරි නරඹන්න හොඳ තැන්වල විස්තර

මුතියංගන රජ මහා විහාරය

ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.

බෝගොඩ පැරණි විහාරය

බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.

දුන්හිඳ ඇල්ල

බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.

බදුල්ල කතරගම දේවාලය

17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි.

බදුලු ටැම් ලිපිය

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.

බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ 

බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.

බදුල්ල ඔරලෝසු කණුව

බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.

හෝර්ටන් තැන්න

බදුල්ලේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටා තියෙනවා. වැලිමඩ, බෝරලන්ද, ඔහිය හරහා හෝර්ටන් තැන්නට ලඟාවෙන්න පුලුවන්.

දෝව රජමහා විහාරය

බදුල්ලේ සිට කිලෝමීටර් 21 දුරින් දෙමෝදර පසුකර යනවිට දෝව රජමහා විහාරය හමුවෙනවා. දෝව රජ මහා විහාරය වලගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු කලක් සැගවී සිටි සථානයක් ලෙස මෙය සැලකේ. මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම වලගම්බා රජු භාවිතා කල රහස් උමගක්ද මෙහි දක්නට ඇති අතර එහි අවසානයක් මේ දක්වා සොයාගෙන නැත. 

දෙණියායේ ලුම්බිණි තේ වතුයායේ "දළු"තේ මධ්‍යස්ථානය
දෙණියාය

ශීත දේශගුණය විඳිමින්, නිස්කළංක නිවාඩුවක් ගතකරන්න දෙණියාය තෝරාගන්නත් පුලුවන්. ඇවිදින්න බලන්න තැන් ගොඩක් නොතිබුණත්, නිවීහැනහිල්ලේ දවසක් දෙකක් ගතකරමින් පරිසරයේ සුන්දරත්වය විඳින්න දෙණියාය හොඳයි. වැඩි සංචාරක ආකර්ෂණයක් නැතිනිසා එතරම් මිළක් වියදම් නොකර නවතින්නත් පුලුවන්. 

සිංහරාජ තෙත් වනාන්තරය

දෙණියායේ ඉඳන් බලන්න යන්න පුලුවන් හොඳම සංචාරක ආකර්ෂණවලින් එකක් තමයි සිංහරාජය. සිංහරාජ වනාන්තර ගැන ඕනෑතරම් විස්තර ලියවිලා තියෙන නිසා අලුතෙන් මුකුත් ලියන්න යන්නේ නෑ. දෙණියාය නගරයේ ඉඳන් කිලෝමීටර් 8ක් විතර දුරින් සිංහරාජ වනයේ පිවිසුම වෙත යන්න පුලුවන්.

සත්මල් ඇල්ල

ගින් ගඟ හරහා වැටුනු සත්මල් ඇල්ල දෙණියායේ ඉඳන් කිලෝමීටර් 9ක් විතර දුරින් දෙණියාය පල්ලෙගම පාරේ තියෙන්නේ. ලුම්බිණි තේ කර්මාණ්තශාලාව හා "දළු"තේ මධ්‍යස්ථානය තියෙන්නෙත් මේ පාරේමයි.

හත් මාලේ දිය ඇල්ල ලෙසින් ද හැඳින්වෙන එය ඈත සිට බලන විට පියාඹන සමනලයෙකු ලෙසින් ද දිස් වේ. එසේ ගලා හැලෙන මේ සුන්දර ජල කඳ පල්ලේගම ප්‍රදේශයේ දී ගිං ගඟට එකතු වෙයි. 

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FACEBOOK : ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවන්න රුසියන් බුද්ධි අංශ ෆේස්බුක් පාවිච්චිකල හැටි

$
0
0

2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසි අත්කොට ඇමරිකානු දේශපාලන ලෝකයේ අස්ථාවරත්වය වැඩිකිරීමට රුසියානු රජයේ උපදෙස් මත මත රුසියානු බුද්ධි අංශ මගින් මෙහෙයවන හැකර් කණ්ඩායම් ක්‍රියාත්මකවූ බව දැන් තහවුරුවී තියෙනවා. මේ සඳහා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පෞද්ගලිකවම ආශීර්වාද කල බවත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හා චන්දක්‍රමය පිලිබඳව ඇමරිකන් ජනයාතුල ඇති විශ්වාසය කඩවන ආකාරයේ ව්‍යාපෘති සඳහා ඔහු අණලබාදුන් බවත් ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරනවා.

මේ බව ඇමරිකාවේ එවක ජනාධිපති බැරැක් ඔබාමා පවා දැන සිටි බවත් 2016 ඔක්තෝම්බර් 31 වෙනිදා ඔහු, ව්ලැඩිමීර් පුටින්ට දුරකථන ඇමතුමක්දී ඇමරිකන් චන්දව්‍යාපාරයට බලපෑම් සිදුකරන මෙහෙයුම් නවත්වාදමන ලෙස බලකල බවත් එසේ නොකලහොත් ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවටත් දැඩිලෙස අවවාද කොට තිබෙනවා.

2016 දෙසැම්බර් 29වැනිදා බැරැක් ඔබාමා රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් 26 රටින් නෙරපා රුසියානු තානාපති අංශවලට අයත් නිවාස දෙකකට ඇතුලුවීම තහනම් කිරීමටත් පියවර ගත්තා. 

මේ පියවරයන් සඳහා සෘජු හේතුලෙස ඇමරිකානු චන්දදායකයින්ගේ විස්තර ඇතුලත් දත්ත ගබඩාවලට ඇතුලුවීමට රුසියානු හැකර්වරුන් ගත් උත්සහයන් හා ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයේ පරිගණක යන්ත්‍රවලට රුසියානු හැකර්වරුන් ඇතුලුවී තොරතුරු සොරාගැනීම හේතුවනවා. මෙවැනි බරපතල මෙහෙයුම් ව්ලැඩිමීර් පුටින්ගේ සෘජු අණක් නොමැතිව සිදු නොවන බව ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරනවා.

Russian Institute for Strategic Studies නම් රුසියානු බුද්ධි අංශ හා සම්බන්ධ පර්යේෂණ ආයතනය හිලරි ක්ලින්ටන් ජනපතිවරණයෙන් ජයගනු ඇතැයි 2016 මාර්තුව වනවිට නිගමනය කොට තිබූ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේ ගමන්මග වෙනස් කොට හිලරි ක්ලින්ටන් පිලිබඳව තිබූ ජනතා විශ්වාසය පලුදුකිරීමටත්, රුසියාවේ හිතවතෙකු මෙන් ක්‍රියාකරනු ඇතැයි පුටින් විසින් විශ්වාස කල ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම සඳහා සෘජුව මෙහෙයුම් සිදුකිරීමටත් රුසියාව තීරණය කලේ මේ නිගමනයෙන් පසුව බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ ක්‍රියාන්විතය සඳහා ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල භාවිතා කිරීමට රුසියානුවන් තිරණය කොට තිබුණා. රුසියානු හැකර්වරුන් විසින් ඒ වනවිටත් දහස් ගණන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හා ට්විටර් ගිණුම් නිර්මාණය කරගෙන තිබූ අතර ඒවා හරහා හිලරි ක්ලින්ටන්ට අවාසි දායක ප්‍රවෘත්ති විශාල වශයෙන් සංසරණය කරවීමට, ව්‍යාජ පුවත් සහිත පෝස්ටු ෆේස්බුක් හා ටිව්ටර් දැන්වීම් හරහා ප්‍රචලිත කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ෆේස්බුක් හා ට්විටර් දැන්වීම් සඳහා ඩොලර් ලක්ෂගණනින් වැය කොට තිබෙන බව හෙලිවී තියෙනවා.

මාර්ක් සකර්බර්ග් කොන්ග්‍රස් මණ්ඩළයේ හරස් ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රකාශකලේ APT28 නම් රුසියානු හැකර් කණ්ඩායමක් විශාල වශයෙන් ව්‍යාජ ගිණුම් හා ෆේස්බුක් පිටු හරහා හිලරි ක්ලින්ටන්ට අවාසි බොරු ප්‍රවෘත්ති ඇතුලත් දැන්වීම් පලකොට ඇති බවයි. එම ප්‍රවෘත්ති ලක්ෂ ගණනක් ඇමරිකානු චන්ද දායකයින්ගේ ෆේස්බුක් ගිණුමේ ටයිම්ලයින් එකට ඇතුලු කොට ඔවුන්ව නොමග යැවීමට සමත්වූ බව ඔහු පිලිගත්තා. 

DC Leaks නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා වැරදි තොරතුරු ජනමාධ්‍යවේදීන් වෙත යැවීමටද  ඔවුන් සමත්වී ඇති අතර ඒ අනුව එම වැරදි තොරතුරු නිවැරදි තොරතුරු ලෙස ඇමරිකානු ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරවීමටද රුසියානුවන් සමත්වී තිබෙනවා.

එමෙන්ම Internet Research Agency (IRA) නම් ව්‍යාජ ගිණුමක් හරහා ව්‍යාජ තොරතුරු හා ක්ලින්ටන්ට අවාසිදායක බොරු ප්‍රවෘත්ති 80,000ක් පමණ ඇමරිකානු ෆේස්බුක් සාමාජිකයින් වෙත කාන්දු කිරීමටද ඔවුන් සමත්වී තිබෙනවා.මේ සඳහා Internet Research Agency හා සම්බන්ධ කොට තිබූ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 470ක් උපයෝගී කරගෙන තියෙනවා. Internet Research Agency ව්‍යාජ ආයතනයේ බොරු ප්‍රවෘත්ති ඇමරිකානු චන්දදායකයින් මිලියන 120කට අධික පිරිසකගේ ටයිම්ලයින් වලට ඇතුලත්වී තිබෙන බව මාර්ක් සකර්බර්ග් සඳහන් කලා. එමෙන්ම මේ ඉන්ටර්නෙට් රිසර්ච් ඒජන්සිය ක්ලින්ටන්ට අවාසි පණිවුඩ රැගත් ෆේස්බුක් දැන්වීම් 3000ක් ෆේස්බුක් ජාලයේ වැපිරීම සඳහා ඩොලර් 100,000ක පමණ මුදලක් දැන්වීම් ගාස්තුලෙස ෆේස්බුක් ආයතනයට ගෙවා තිබෙනවා. මේ දැන්වීම් ඉලක්කගත චන්දදායකයින් මිලියන 11කගේ ෆේස්බුක් ටයිම්ලයින් වලට ඇතුලත්වී තිබෙනවා.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________
Viewing all 1216 articles
Browse latest View live

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>