Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1216 articles
Browse latest View live

SOCIAL / POLITICS : Kakistocracy - අවුරුදු 374 කලින් ඉස්සෙල්ලම කියවුනු, 2018 අප්‍රේල් මාසයේ ජනප්‍රියම වචනය

$
0
0

"කැකිස්ටොක්‍රසි"මේ වචනය ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති. මම ඇහුවෙත් අදමයි. මේකෙ තේරුම ඉතාම නුසුදුස්සන් (අවිචාරවත් සොරමුළක් කිව්වත් කමක් නෑ) විසින් සිදුකරන රාජ්‍ය පාලනය කියන එක. වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව මේ වචනය ඉස්සෙල්ලම පාවිච්චි කල බවට වාර්තා වෙන්නේ මීට වසර 374කට කලින් එන්ගලන්ත සිවිල් යුද්ධයේදී.

එන්ගලන්තෙ සිවිල් යුද්ධය කියන්නේ 1642 ඉඳන් 1651 වෙනකන් බ්‍රිතාන්‍යයේ රාජකීය පාලනයට පක්ෂවූවන් හා පාර්ලිමේන්තු පාලනයට පක්ෂවූවන් අතර සිදුවුනු සටන් හා අරගලයන්. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පාලනයකට යොමුවෙලා රජපවුලේ බලය සීමා වී, පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර වුනේ මේ සිවිල් යුද්ධයෙන් පාර්ලිමේන්තු පාලනයට පක්ෂවූවන් ජයගැනීමෙන්.

මේ වචනය භාවිතාකල බවට මුල්ම සාක්ෂි තියෙන්නේ පීටර් ගොස්නෝල්ඩ් කියන රාජ්‍ය පාක්ෂිකයා රජුට විරුද්ධව කැරලි ගසන පාර්ලිමේන්තු පාලනයට හිතවත් කණ්ඩායමේ අයගේ පාලනය විස්තර කරන්න.

මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂයට අනුව කැකිස්ටෝස් කියන්නේ ඉතාම නුසුදුස්සන් යන තේරුම ඇති ග්‍රීක වචනය. එතකොට කැකිස්ටෝක්‍රසි කියන්නේ ඉතාමත් නුසුදුස්සන් විසින් ගෙනයන රාජ්‍ය පාලනයකටලු.

අවුරුදු 374ක් පරණ කැකිස්ටෝක්‍රසි ආයෙත් කරලියට ආවේ කොහොමද?


මේ වචනය ආයෙත් කරලියට ආවේ ඊයේ (අප්‍රේල් 13) ඇමරිකාවේ හිටපු සී.අයි.ඒ ප්‍රධානී ජෝන් බ්‍රෙනන් නිකුත්කල ට්විටර් පණිවුඩයකින්. ඒ පණිවුඩය ඉහතින් තියෙනව. ජෝන් බ්‍රෙනන් ට්වීට් කරපු විධියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කැකිස්ටෝක්‍රසි එකක් වන අතර ඒක වේගයෙන් බිඳවැටෙමින් පවතිනවා.

බ්‍රෙනන්ගේ මේ අපූරු ටිවිටර් පණිවුඩයට නිමිත්ත වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු එ.ෆ්.බී අයි ප්‍රධානී ජේම්ස් කොමේ බොරුකාරයෙක් හා දැඩි ආරක්ෂිත තොරතුරු පිටකල රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසමින් පිටකල ට්විටර් පණිවුඩයට පිලිතුරක් විධියට.

ජේම්ස් කොමේව එෆ්.බී.එයි ප්‍රධානී තනතුරෙන් පන්නා දමන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කලේ ඔහුගේ බෑනා හා වෙනත් සමීපතමයින් රුසියානු රජයට හා ඔත්තු සේවාවලට සම්බන්ධ පුද්ගලයින් සමග පැවැත්වූ සන්බඳතා හා හුවමාරු කරගත් තොරතුරු පිලිබඳව විමර්ශණය කරන්නට එෆ්.බී.අයි ප්‍රධානී විධියට ජේම්ස් කොමේ තිරණය කරාට පස්සේ.

ඕං බලන්ටකො හසන්ත ඇමරිකාවෙ පොලිටික්ස්වල රඟේ. අපි හිතන්නේ මේවා වෙන්නේ සිරි ලංකාවේ දේසපාලුවන් අතින් විතරයි කියලා හිටං.




__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

BREAKING NEWS : ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සිරියාවට පහරදෙයි! | සිරියානු සිවිල් යුද්ධය පටන් ගත්තේ කොහොමද?

$
0
0

ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සිරියාවේ රසායණික අවි කර්මාණ්තශාලා හා අවිගබඩා ඇතැයි සැළකෙන ස්ථානවලට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ආරම්භකල බව බටහිර මාධ්‍ය වාර්ත කරනවා. සිරියානු වේලාවෙන් පාන්දර 4ට ඇරඹි මේ ප්‍රහාර සඳහා ගුවන්යානා, කෲස් මිසයිල හා කාළතුවක්කු වෙඩි යොදාගෙන තිබෙනවා. දමස්කස් හා හොම්ස් නගරවල ඇති කර්මාණ්තශාලා හා රසායණික අවි ගබඩා මේ ප්‍රහාරවල ඉලක්ක වූ බවයි පැවසෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාර ඇරඹීමෙන් පසු මාධ්‍ය අමතා ප්‍රකාශකලේ පසුගිය සෙනසුරාදා අසාඩ් රජය එල්ලකල රසායණික ප්‍රහාරයෙන් දරුවන් ඇතුලු 70ක් මියගිය පසු මේ ප්‍රහාර ඇරඹීමට තීරණය කල බවයි.



සිරියානු සිවිල් යුද්ධය පටන් ගත්තේ කොහොමද?


මුලින්ම සිරියාවේ උපක්‍රමීය වැදගත්කම ගැන දැන ගනිමු. සිරියාව පාලනය වන්නේ සුළුතර ශියා මුස්ලිම් පාලකයින් වන අසාඩ් පවුල මගිනුයි. 1971දී බලයට පැමිණි හෆිස් අල් අසාද් වසර 2000 වනතෙක් බලය අල්ලාගෙන සිටි අතර ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍රයා වන බශීර් අල් අසාද් සිරියාවේ බලයට පත්වුනා. සිරියාවේ මුස්ලිම් වරුන්ගෙන් 74ක් සුන්නි මුස්ලිම් වන අතර එය පාලනය කරන අසාද් පවුල ඇතුලු සිරියානු බාත් පක්ෂය ෂියා මුස්ලිම්වරුන් වනවා.

අසාද්වරුන් බලය අල්ලාගෙන සිටීමට උපකාර වන්නේ 1960ගණන්වල සිට ඔවුන් හා එවක සෝවියට් දේශයත් (නූතන රුසියාව ) අතර තිබූ දැඩි සබඳතාවය මෙන්ම ඉරානයෙන් ලැබෙන සහයද හේතුවනවා.

වසර ගණනාවක සිටම යුධගැටුම් හා ඝාතන වලින් පිරී ගිය සිරියාවේ අද පවතින සිවිල් යුද්ධයේ ආරම්භය 2011 වසරේ අරාබිය පුරා පැතිරීගිය අරාබි වසන්තය නම් විරෝධතා ව්‍යාපාරය තුලින් සිදුවුනා. 2011දී අසාද්ගේ පාලනයට විරුද්ධව කැරලි කෝලාහාල හටගත් අතර මේ සිවිල් ගැටුම් යුධ හමුදාව යොදා වෙඩිතබා මර්දනය කිරීමට බසීල් අල් අසාද් උත්සහ කලා. දිගින් දිගටම නිරායුධ උද්ගෝෂකයින් මරාදමමින් ලෙයින් හා යකඩින් අරාබි වසන්තය සිරියාවේ පැතිරීම වැලැක්වීමට සිදුකල උත්සහයේ අවසන් ප්‍රතිපලය වුනේ 2012 ජනවාරිය වනවිට Free Syrian Army (FSA) හෙවත් නිදහස් සිරියානු හමුදාව නමින් සංවිධාන ගණනාවක් එක්ව ගරිල්ලා හමුදාවක් පිහිටුවා ගැනීමයි.

නිදහස් සිරියානු හමුදාවට විරුද්ධව සටන් වදින අසාද්ගේ රජයේ හමුදාවලට ඉරානයෙන්, රුසියාවෙන් හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් යුධ අවි හා උපකාර ලැබෙනවා.



සිරියාව හා ඉරානය

ඉරානය හා සිරියාවේ අසාද් රජය අතර සබඳතා 1980 ගණන් තෙක් ඈතට දිව යනවා. ඊශ්‍රාලයට විරුද්ධව පලස්තීනයේ සටන්වදින හමාස් සංවිධානයට හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අවි හා මුදල් පොම්ප කිරීමට ඉරානය, සිරියාව හා ඇති සබන්ණ්දතා භාවිතා කරනවා. එයට හිලව් ලෙස අසාද් රජයට ඉරාන තෙල් සල්ලි හා ඇති තරම් අවි ආයුධ ලබාදීමට ඉරානය කටයුතු කරනවා. මේ අනුව මැදපෙරදිග සිය බලය පතුරුවා ගැනීමට ඉරානය ඉත්තෙක් ලෙස භාවිතා කරන්නේ අසාද්ගේ සිරියාවයි.

මේ අනුව 2011දී අසාද් පාලනයට විරුද්ධව ඇවිලීගිය දරුණු විරෝධතා තමන්ගේ හොඳම හිතවතා වන අසාද්ගේ විනාශයට හේතුවිය හැකි බවට බියවූ ඉරානය සිරියාව ඉල්ලා සිටි සියලුම යුධ ආධාර ලබාදීමට පමණක් නොව ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ පලපුරුදු සටන්කාමීන් දහස්ගණනක්ද සිරියානු හමුදා සහයට පිටත්කොට එවුවා.

ඉරානයද ෂියා මුස්ලිම් ආගමික පාලනයකින් පාලනය වීම හා අසාද්වරුන් ෂියා මුස්ලිම්වරුන් වීමද ඉරානයට, අසාද් පාලනයට සහයවීමට තවත් හේතුවක් වනවා. කෙසේවෙතත් මේ නිසාම සුන්නි බහුතරයක් සිටින, තෙල් සම්පතින් පොහොසත් අරාබි රටවල්, ඉරානයේ බලපෑම නිෂ්ක්‍රිය කිරීමට සිරියානු කැරළිකාර හමුදාවලට මුදලින් හා අවිආයුධ වලින් ආධාර ලබාදෙනවා.

2013 මාර්තුවේදී සුන්නි රටවල් සාමූහිකයක් වන අරාබි ලීගය අසාද් විරෝධී හමුදාවන්ට සහය දිය යුතුයයි යෝජනාවක් සම්මත කරගන්නවා. මේ රටවල් අතර සෞදි අරාබිය හා කටාර් රාජ්‍යය ඉදිරියෙන් සිටිනවා. කටාර් රාජ්‍යය සිරියානු අසාද් විරෝධීන්ට ඩොලර් බිලියන 3ක ආධාර ලබාදී ඇති බවයි පැවැසෙන්නේ.

සිරියාව හා සෝවියට් දේශය / රුසියාව

සිරියාව හා සෝවියට් දේශය / නූතන රුසියාව අතර සබඳතා සීතල යුද්ධ සමය තෙක්ම විහිදෙනවා. 1960 ගණන්වලදී නූතන සිරියානු යුධ හමුදාව සන්නද්ධ කොට පුහුණු කරවන ලද්දේ සෝවියට් දේශය විසිනුයි. 1971දී බලයට පැමිණි අසාද් රජයට මුලසිටම අවම කොන්දේසි යටතේ සහය පලකල සෝවියට් දේශයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මැද පෙරදිග ලඟම හිතවතා බවට සිරියාව පත්වුනේ එලෙසයි.

අදවන විට උපක්‍රමීය වශයෙන් තනිවී සිටින රුසියාවට, නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක් හැරුනුවිට කෙලින්ම සහය දක්වන, මෙන්ම රුසියාවට අරාබිකරයේ ඇති එකම බිහිදොර වන්නේ අසාද්ගේ යුද්ධයෙන් විනාශවූ සිරියාවයි. සිරියාන් මධ්‍යධරණී වෙරළේ පිහිටි ටාර්ටස් වරාය රුසියානුවන්ට උපක්‍රමීය වශයෙන් ඉතාවැදගත් වන අතර මධ්‍යධරණී මුහුදේ සිය බලය ප්‍රක්ෂේපණය කරන්නට රුසියානු යුධ නෞකා මේ වරායේ රඳවා තිබෙනවා.

2011 සිටම කොන්දේසි විරහිතව අසාද් රජය වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ ජනඝාතක යුද්ධය සාධාරණීකරණය කිරීමට මෙන්ම රුසියානු යුධ නෞකා හා යුධ ගුවන්යානා සිරියාවේ මෙහෙයුම් වලට යොදාගැනීමට රුසියාව පෙළඹ සිටින්නේ අරාබිකරයේ සිටින තම එකම හිතවතාගේ රජය කෙසේ හෝ රැකගණිමින් අරාබිකරයේ රුසියානු බලය පවත්වා ගැනීමේ උවමනාවෙන්.

අති නවීම ගුවන් ආරක්ෂණ පද්ධති, Mi-25 හයින්ඩ් වර්ගයේ ප්‍රහරක හෙලිකොප්ටර් ඇතුලු ඩොලර් බිලියනයක පමණ අවි අසාද් රජයට ලබාදීමට 2011 සිට රුසියාව ක්‍රියාකොට තිබෙනවා. එමෙන්ම රුසියානු ස්පෙට්ස්නාස් විශේෂ බළකායේ සෙබලුන් ඇතුලු රුසියානු සෙබළුන් 11,000ක් පමණ අසාද්ගේ හමුදා සමග මෙහෙයුම් වලට සහභාගීවෙමින් සිටිනවා.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුලු බටහිරයන්ට සිරියාව ගැන ඇති රුදාව

මේ කැක්කුමට ඇති ප්‍රධානම හේතුව වන්නේ වෙන කිසිවක් නොව සිරියාව තුල ඉරාන හා රුසියානු බලය තහවුරුවී බටහිරට දැඩිලෙස විරුද්ධ ඉරානය හා රුසියාවට මැදපෙරදිග බලතුලනය තමන්ට වාසි සහගතලෙස සකසාගැනීම කෙසේ හෝ වැලැක්වීමයි. 

මේ සඳහා ඉත්තන් ලෙස අසරණ සිරියානුවන් යොදාගෙන ඇති අතර ලක්ෂ ගණන් සිරියානුවන් මේ බලරගලය හේතුවෙන් මේවන විටත් මියගොස් සිටිනවා. මේ බල අරගලය තුල ලෙයින්, යකඩින් කෙසේ හෝ බලයේ එල්ලී සිටීම අසාද් ඇතුලු සුළුතර භාත් පක්ෂය උත්සහ ගන්නා අතර සිය විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා ලොවම ප්‍රතික්ෂේප කොට ඇති රසායණික අවි පවා යොදාගැනීමට අසාද්වරුන් කුරිරුවී තිබෙනවා.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

BREAKING NEWS : බ්‍රිතාන්‍යයට පුටින්ගෙන් සයිබර් ප්‍රහාරයක්? රුසියන් බර අවි රැසක් සිරියාවට?

$
0
0


බ්‍රිතාන්‍ය සයිබර් හා ඉලෙක්ට්‍රොණික බුද්ධි අංශය වන GCHQ ඒජන්සිය, රුසියානු සයිබර් ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවිය හැකි බවට අණතුරු අඟවනවා. බ්‍රිතාන්‍යයේ විදුලිසැපයුම, රෝහල් පද්ධතිය හා පොදු ප්‍රවාහණ පද්ධතිය අඩාල කිරීම සඳහා රුසියානු හැකර් කණ්ඩායම් පෙරහුරු පවත්වමින් සිටින බවයි එම බුද්ධි අංශය පවසන්නේ. එමෙන්ම බැංකු හා මූල්‍ය පද්ධති, ගුවන්යානා මෙහෙයුම් පද්ධති මෙන්ම ගෑස් හා ඉන්ධන සැපයුම් පද්ධතිවලද ඇති දුර්වලතා අධ්‍යයනය කොට අණලැබුණු මොහොතකදී දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලකිරීමට රුසියානුවන්ට හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අතර නිවේදනයක් නිකුත්කරන පෙන්ටගනය සිරියාවට මිසයිල ප්‍රහාර එල්ලකොට පැය හතලිස් අටක් ගතවන විට රුසියානු හැකර්වරුන්ගේ සමාජජාල මෙහෙයුම් සියයට 2000කින් වැඩිවී ඇති බව පවසනවා.




මේ අතර යුධ ටැංකි, කාළතුවක්කු හා විශාල ගුවන්යානා නාෂක පද්ධති පටවාගත් රුසියානු නෞකා දෙකක් සිරියාව වෙත පිටත්කොට ‍යැවීමට ජනාධිපති පුටින් පියවරගෙන තිබෙනවා. මේ නෞකාවල ඡායාරූප අද දිනයේ බටහිර මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබුණා. මීට අමතරව අධිවේගී වෙරළාරක්ෂක බෝට්ටු, තාවකාලික පාලම් හා වෙනත් ආපදා සහයක උපාංග රාශියක්ද රුසියාව විසින් සිරියාව වෙත පිටත්කොට යවා තිබෙනවා.


පසුගිය අප්‍රේල් 14 වැනිදා කෲස් මිසයිල සියයකට අධික ගණනක් යොදාගෙන ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් සිරියාවේ රසායණික අවි කම්හල්, ගබඩා හා පර්යේෂණාගාර පිහිටුවා ඇති ස්ථාන තුනකට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලා. මේ ප්‍රහාරය සඳහා ඇමරිකානු යුධ නෞකා හා සබ්මැරීනවලින් කෲස් මිසයිල එල්ලකල අතර බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සිය මිරාජ්, ඩැසෝ සුපර් එන්ඩෙටාර්ඩ්, ටෝර්නේඩෝ හා යුරෝෆයිටර් ටයිෆූන් යානා වලින් දියත්කල කෲස් මිසයිල භාවිතා කලා. මේ මිසයිල සියගණනින් 13ක් බිම හෙලීමට සිරියානු ගුවන්යානා නාෂක අවි සමත් වුවත් මිසයිලවලින් 95%ක්ම නිවැරදිව ඉලක්කය වෙත වැටී තිබෙනවා.

සිරියානු අහසේ පියාසරකල කෲස් මිසයිල
බ්‍රිතාන්‍ය ටෝර්නේඩෝ යානා ප්‍රහාරයට සූදානම් වෙමින්
බ්‍රිතාන්‍යයෙන් සිරියාවට එල්ලකල ස්ටෝම් ෂැඩෝ කෲස් මිසයිලයක්


සිරියානු අර්බුදය ගැන වැඩි විස්තර මෙතනින්...










__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HIKING & BACKPACKING : හයිකින්, බැක්පැකින් යන පුරුදුකාරයෝ නොකරන දේවල් 10ක්

$
0
0

Hiking නැතිනම් විනෝදයට ඇවිදීම ලංකාවේ ජනප්‍රිය වෙමින් යන විනෝද ක්‍රියාවක්. නිවාඩුවක් ලැබුනම හයිකින් යන්න කැමති තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව හයිකින් / බැක්පැකින් ෆේස්බුක් සමූහවල සාමාජිකත්වය අරගෙන තියෙන ප්‍රමාණයෙන් වගේම එයාලා අහන ප්‍රශ්ණ හා ඇතිවන සංවාද වලින් හිතාගන්න පුලුවන්.

හයිකින් vs. බැක්පැකින් vs. ට්‍රෙකින්

ඉස්සෙල්ලම අපි හයික් එකක් හා බැක්පැකින් වල වෙනස වටහාගමු. ඒවගේම මේ දෙකම, ට්‍රෙකින් කියන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලත් දැනගනිමු.

හයිකින් නැතිනම් හයික් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පිටත්වෙලා, ඇවිදලා ආපහු රාත්‍රියට ඉස්සෙල්ලා නවාතැනට එන්න පුලුවන් එක දවසක් ඇතුලත ඉවර කරන්න පුලුවන් ඇවිදීමක්. උදාහරණයක් විධියට හෝර්ටන් තැන්නේ ලෝකාන්තය බලලා ආපහු එන එක හයික් එකක් විධියට ගන්න පුලුවන්.

ගොඩක් වෙලාවට හයික් එකක් සිද්ධවෙන්නේ පිටිසර නැතිනම් ඈත පලාත්වල වුනත්, හයිකින් වලදී නිතරම කලින් හඳුනාගත්, සළකුණු කල මාවත් (ට්‍රේල්) භාවිතා කරනවා. මේ මාවත් පිටිසර ගුරු පාරවල්, අඩි පාරවල් වගේම, විශේෂයෙන් සළකුණු කරනලද කැලෑ මංපෙත් (ෆොරස්ට් ට්‍රේල්) වෙන්න පුලුවන්. ඔබ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය වෙත යනකොට හරි සිංහරාජ වනයේ ඇවිදිනකොට හරි භාවිතා කරන්නේ සළකුණු කරනලද මංපෙත්.

මේ නිසා හයික් එකක් අණතුරුදායක බවින් වගේම වෙහෙසකර බවින්ද අඩුයි. හැබැයි ඒ මංපෙත් නිවැරදිව සළකුණු කරලා තියෙන සිතියමක් හරි හොඳ ජංගම ජී.පී.එස් යන්ත්‍රයක් හරි ගෙනියන එක වඩාත් සුදුසුයි. නැතිනම් මංපෙත් වැරදිලා අතරමං වෙන්න පුලුවන්.

මග සොයාගන්න නිවැරදි සිතියම් හෝ හොඳ ජී.පී.එස් යන්ත්‍රයක් නොමැතිව හයිකින් ගියාම මේ විධිය කරදර වෙන්න පුලුවන්!

බැක් පැකින් කියන්නේ දින දෙකතුනක් ගතවන, රාත්‍රිය කූඩාරම්තුල ගතකරමින් යන දිග හයික් එකකට. බැක් පැකින් යනකොට කූඩාරම්, රාත්‍රියට නිදන ස්ලීපින් බෑග්, ආහාර පිසගන්න උපකරණ හා උදුන් වගේ උපකරණ රාශියක් සහිත විශාල බෑග් පිටේ එල්ලගෙන යන්න වෙනවා. බැක් පැකින් යනකොට, සෑහෙන්න සැළසුම් කරලා යන්න වෙනවා.

ඒවගේම රාත්‍රිය ගතකරන තැන්වල ආරක්ෂාව, වනසතුන් හා සර්පයින්ගෙන් සිදුවිය හැකි අණතුරු පිලිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනවා. ප්‍රථමාධාර කට්ටල, ජලය පිරිසිදු කිරීමේ කට්ටල, සර්පයින් දෂ්ඨකලවිට ගතයුතු ඇන්ටි-වෙනම් (ප්‍රතිවිෂ ) ඉන්ජෙක්ෂන්, උයන පිහින උදුන් හා උපකරණ වගේ දේවල් නිසිලෙස සැළසුම් කරන්න ඕනෑ.

මේ නිසා බැක්පැකින් කරනකොට ඒගැන හොඳ පලපුරුද්දක් තියෙන අය සම්බන්ධ කරගන්න එක හොඳයි. නැතිනම් කැලේ අතරමන් වෙලා බොහෝ කරදර සිද්ධවෙන්න පුලුවන්.

ට්‍රෙකින් කියන්නේ වඩාත් දුෂ්කර, මිනිස් වාසයෙන් තොර පෙදෙස්වල දින ගණනාවක් බැක්පැකින් ආකාරයෙන් ගමන් කිරීම. ට්‍රෙකින් ඉතාම වෙහෙසකර වෙන අතර ඒ සඳහා හොඳ පළපුරුද්දක් ඇති, ඒවගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුවෙන්න ඕනෑ.

ඒ නිසා, මේ උපදෙස් අනුගමය කරන්න උත්සහ කරන්න;

හයිකින්,  බැක්පැකින්,  ට්‍රෙකින් යන පුරුදුකාරයෝ නොකරන දේවල්

1] හොඳට සැළසුම් නොකර, හොයා බලන්නේ නැතුව හයිකින් / බැක්පැකින් සංචාර පිටත්වීම.

හයිකින් ගොඩක් වෙහෙසකරයි. හිතනවාට වඩා අමාරුයි. උදාහරණයක් විදියට Horton Plains පිවිසුමේ ඉඳලා ලෝකාන්තයට බේකර්ස් ඇල්ල මං පෙතෙන්  කිලෝමීටර් 4.5ක දුරක්, කුඩා ලෝකාන්තය පැත්තෙන් ගියොත් කිලෝමීටර් 3.5ක් විතර. ඒත් ඒ ගමන නුහුරු අයට කොයිතරම් වෙහෙසකර වෙනවද?

තමුන්ට/කණ්ඩායමට අධික වෙහෙසට පත්නොවී යන්න පුලුවන් දුර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් තියෙන්න ඕනෑ. ගිහිල්ලා ආයෙත් එන්න යන මුළු දුරම අරගෙන හයික් එක සැළසුම් කරන්න. උපරිම දුර වෙන්න ඕනෑ කණ්ඩායමේ දුර්වලම කෙනාට (නැතිනම් හයිකින් වලට ආගන්තුකයාට) යන්න පුලුවන් දුරයි.

යන පැත්තේ සිතියම් බලලා, මග සළකුණු හා මාර්ගය පැහැදිලිව හඳුනාගන්න. ගූගල් මැප්ස් මත ඕනෑවට වඩා යැපීම දුරපලාත්වලදී භයානකයි. විශේෂයෙන්ම ලංකාවේ ඈත පලාත්වල ගූගල් මැප්ස් වල නිරවද්‍යතාවය සැකසහිතයි. ඒ නිසා මග සළකුණු අහගන්න ප්‍රදේශවාසීන් නැති කැලෑබද පෙදෙස්වල යනවා නම්  ජී.පී.එස් යුනිට් එකක් ගෙන යන්න පුලුවන් නම් හොඳයි.

උඩින් තියෙන ප්‍රවෘත්තියේ නකල්ස්වල අතරමන් වුනු තරුණයින් කියලා තියෙන්නේ ෆෝන් සිග්නල් නැතිවුනාට පස්සේ අතරමන් වුනා කියලයි. ඒ කියන්නේ එයාලා ගූගල් මැප්ස් මත යැපෙන්න හිතාගෙන කැලේට ඇතුලුවෙලා තියෙන්නේ.

ගූගල් මැප්ස් කියන්නේ ගමනක් යනකොට පාරක් හොයාගන්න හොඳ මෙවලමක්. කැලේ ඇතුලේ ඇවිදින්න ගූගල් මැප්ස් මත යැපීම බොහොම භයානකයි කියන එකට මේ ප්‍රවෘත්තිය හොඳ උදාහරණයක්.

2] අලුත්ම සපත්තු, අලුත්ම හයිකින් බූට්ස් පලමුවෙනි සැරේටම දිග හයික් එකකට පාවිච්චි කිරීම.

අලුත්ම බූට්ස්, අලුත්ම සපත්තු සෑහෙන දුරක් යන හයික් එකකට ඉස්සෙල්ලාම පැළඳීමෙන් ඒවායේ අලුත් බව නිසා කකුල් කැපීම, තද වැඩිවීම නිසා ඇතිවන අපහසුව වගේ දේවල් වලින් පීඩා විඳින්න පුලුවන්.

අලුතින් සපත්තු, බූට්ස් ගත්තහම ගොඩක් දුර හයික් එකකට පලදින්න ඉස්සෙල්ලා, කෙටි දුරවල් ඇවිදින ගමන් දෙක තුනකට පාවිච්චි කරන්න. එතකොට ඒවා ගානට ගෙවිලා කකුල්වලට පහසුවෙනවා. ඒවගේම ඒවා පැළඳීම අපහසුනම්, ඒවගේ පාවහන් හයික් එකට අරගෙන යන්නේ නැතුව ඉන්න තීරණය කරන්නත් පුලුවන්.

සපත්තුවලින්, බූට්ස්වලින් කරදර වෙනකොට හයික් එකේ තෘප්තිය විඳිනවා වෙනුවට, වද විඳින්නයි වෙන්නේ. ඒ වගේම හයික් එකේ යන ගෲප් එකේ අනෙක් අයටත් ඔබ නිසා ප්‍රමාද වෙන්න , කරදර වෙන්න සිද්ද වෙනවා.

3] තත්වයෙන් හා ප්‍රමිතියෙන් තොර හයිකින් බැක්පැක්, සපත්තු, ටෙන්ට් ආදිය රැගෙන යාම.

හොඳ සන්නාම තියෙන හයිකින් උපකරණ ගණන්, ඒ නිසා ඔන්ලයින් ෂොප් වල, නැතිනම් හවුස් ඔෆ් ෆැෂන් වගේ තැන්වල විකුණන්න තියෙන අඩුමිල හයිකින් උපකරණ ගන්න සමහර අය පෙළඹෙනවා.

මේ උපකරණ තත්වයෙන් බාලයි. හයිකින්, බැක්පැකින් වලදී බොහොම රළු පාවිච්චියක් තියෙන නිසා ප්‍රමිතිය අඩු ඒවා කැඩෙන, ගැලවෙන ඉරෙන සම්භාවිතාවය වැඩියි.

බැක්පැක් එකක වුනත් සිපර් එකක්, ස්ට්‍රැප් එකක් වගේ පොඩි දෙයක් කැඩුනත් ඒකෙන් ගමනට බාධාවක් වෙනවා. උස්සගෙන යන්න කරදර වෙන්න පුලුවන්. බූට් එකක, සපත්තුවක අඩිය ගැලවුනොත් කොච්චර කරදරද? ඒ නිසා හැකිතරම් ප්‍රමිතියක් තියෙන උපකරණ ගන්න බලන්න.

4] වැඩියෙන් බඩු උස්සාගෙන යාම හෝ ඕනෑ දේවල් ගෙන නොයෑම

බැක්පැක් එකට දාගන්න පුලුවන් හැමදේම අරගෙන, බොහොම බර බැක්පැක් එකක් ගෙනියන කෙනාට වැඩිදුර ඇවිදින්න වෙන්නේ නෑ. බෑග් එකේ බරත් එක්ක ගමන වෙහෙසකරයි. ඒවගේම අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වතුර, කෑම, ප්‍රථමාධාර, ස්ලීපින් බෑග් එක, ටෙන්ට් එක හා වෙනත් උපකරණ රැගෙන නොයෑම තවත් ලොකු වැරැද්දක්.

ගමන සැලසුම්කරන අවස්ථාවේ ගෙනයන්න ඕනෑ මොනවද කියලා ලයිතුවක් හදාගන්න. ඒ ලයිස්තුව දෙතුන් සැරයක් යාවත්කාලීන කරන්න. පලපුරුදු අයගෙන අහලා දැන ගන්න.

5] මංපෙත් සිතියම (ට්‍රේල් මැප්) එකක් හෝ වෙනත් නිවැරදි සිතියමක් රැගෙන නොයෑම.

ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනවත් වුනත්, බැටරි බැස්සම ඒ තාක්ෂණයෙන් වැඩක් නෑ. ජී.පී.එස් යන්ත්‍රයක් වුනත් වතුරට වැටුනොත්, ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ඒ නිසා පොලිතීන් කවරෙක දාපු සිතියමක් අරගෙන යන එක හොඳයි.

සිතියම එක්කම, හොඳ මාලිමාවක් අරගෙන යන්නත් ඕනෑ. ඒවගේම සිතියමක් හරියට කියවගෙන පාර හොයාගන්නත් ඉගෙන ගන්න ඕනෑ.

6] සුදුසු දේශගුණය ඇති කාලය තෝරා නොගැනීම

ලංකාව වගේ නිතරම වහින රටවල්වලට මේක වැදගත්. හයිකින් කරන්න යන්න බලාපොරොත්තුවෙන ප්‍රදේශයට නිතරම වැස්ස නැති නම් දැඩි ඉඩෝරය තියෙන කාල මගහරින්න ඕනෑ.

අපේ මුතුන්මිත්තෝ සිරීපාදෙ යන්න දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකන් සිරිපා වාරය කියලා තෝරාගෙන තියෙන්නේ මේ දැණුම අනුවයි. දෙසැම්බර්-අප්‍රේල් වැස්ස නැතිනිසා සිරිපා කරුණාකරන්න ලේසියි.

(C) Met Department, Sri Lanka
කාළගුණ දෙපාර්තමේන්තුවේ කාළගුණ/දේශගුණය පිලිබඳ දත්ත/වගු හා සිතියම් වගේම, ඒ පැත්තේ පදිංචි පුද්ගලයින් හා සම්බන්ධවීමෙනුත් මේ තොරතුරු දැනගන්න පුලුවන්.

7] උදෙන්ම පිටත් නොවීම / මගදී අනවශ්‍යලෙස ප්‍රමාදවීම

ලංකාව වගේ රටවල්වල ඉක්මණට එලිය වැටෙන නිසා ඉක්මණින් පිටත්වීම හොඳයි. ඒවගේම දවල් 10 විතර වෙනකොට උෂ්ණත්වය දැඩිවෙනවා. මේ නිසා ඉක්මණට පිටත්වෙලා, දැඩි උණුසුම තියෙන දවල් කාලෙ විවේකයටත්, රෑවෙන්න කලින් ආපහු පටන් ගත්ත තැනට එන්න / නැතිනම් රෑට නවතින්න තීරණය කල කෑම්පින් සයිට් එකට හරි යන්න ඕනෑ.

හයිකින් වලදී රෑගමන් අණතුරු දායකයි. හයිකින් යනකොට පාන්දර කාලයේ හා හවස් වෙලා අඳුර වැටෙන වෙලාවේ පාර හොයාගන්න ප්‍රභල විදුලි පන්දම් ගෙන යන්න ඕනෑ.

8] ඩෙනිම් කලිසම් / ඝණ රෙද්දෙන් මැසූ කලිසම් ඇඳගෙන යෑම

ඩෙනිම් කියන්නේ ඝණ කපු රෙද්දක්. ඩෙනිමක් ගහගෙන හයිකින් යනකොට ඉක්මණින් රත්වෙලා අපහසු වෙනවා. වැඩිපුර දාඩිය දානවා.

ලංකාව වගේ උෂ්ණාධික රටවල හයිකින් යන්න හොඳම ක්‍රීඩාවලදී, ව්‍යායාම වලදී අඳින හොඳ ප්‍රමිතියේ ට්‍රැක් බොටම් හා ස්පෝර්ට්ස් ටී ෂර්ට්. මේවා ඉක්මණින් ඇඟ සිසිල් කරනවා. ඒවගේම සැහැල්ලුයි. බුරුලට තියෙන නිසා ඇවිදිනකොට ඇතිල්ලිලා කැපෙන එක අඩුවෙනවා.

උඩරට සීතල පෙදෙස්වල ඇවිදිනවා නම් සීතල වෙලාවට ඇඳගන්න ස්වෙටර් එකක් නැතිනම් ජර්සියක් අරගෙන යන එක හොඳයි. වහින කාලයක් නම් රේන් කෝට් අරගෙන යන්න.

9] හොඳ ප්‍රථමාධාර කට්ටලයක් ගෙන නොයෑම.

ප්‍රථමාධාර කට්ටලයක පැනඩෝල්, සිද්ධාලේප, ඩෙටොල් ප්ලාස්ටර් විතරක් තිබිලා මදි. ලොකු තුවාලයක් හරි අස්ථි බිඳීමක් හරි වුනොත් වෛද්‍යාධාර ලැබෙන තෙක් තුවාලය / බිඳීම ආරක්ෂිතව තියාගන්න ඇලවෙන බැන්ඩේජ් (Adhesive bandage), බැන්ඩේජ් පටි, ගෝස් පටි රෝල බැගින් තියෙන්න ඕනෑ.

ඒවගේම තුවල සුද්ද කරන්න සර්ජිකල් ස්පිරිට් / ඩෙටෝල් වගේ පොඩි බෝතලයකුත්, ඒවගේම තුවලවලට ගාන විශබීජ නාශක බෙටඩීන් වගේ ක්‍රීම් එකක්, තැල්මකට ගාන්න වින්ටජිනෝ ටියුබ් එකක් තිබුණොත් හොඳයි.

මීට අමතරව බඩේ අප්සෙට් / ගැස්ට්‍රික් තියෙන අයට ඕනෑ බේත් / අසමෝදගම් / ඇලර්ජික් (ආසාත්මික තාවය ) රියැක්ෂන් තියෙන අයට පිරිටන් පෙති ගෙනයන එක හොඳයි. බෙහෙත් බොන අය තමන්ගේ බෙහෙත් වඩි අනිවාර්යයෙන් ගෙනියන්න ඕනෑ.

අමතක නොකර හොඳ කතුරක් හා බොක්ස් කටර් පිහියක් දාගන්න.

10] වතුර හා කෑම ගැන නොතැකීම

උදය ආහාරය නොගෙන පිටත්වීම. අතරමගදී කෑම සඳහා ප්‍රෝටීන හා කැලරි වැඩි ආහාරයක් නොගෙන පිටත්වීම. ඇති පමණ වතුර නොගෙනයාම. ආහාරවලටත් වඩා ඇති පමණ වතුර ගෙනයා යුතුය. අවම වශයෙන් එක් පුද්ගලයෙකු ලීටර් 2ක වතුර ප්‍රමාණයක් රැගෙන යා යුතුයි.

විසිකරන පෙට් (PET) වතුර බෝතල් ගෙන නොයන්න. ඒවා සැහැල්ලු වුවත් පරිසරයට විනාශකාරීය.

විශාල ප්ලාස්ටික් වතුර බෝතලයක් මිළදී ගන්න. එයින් වතුර කාන්දු නොවන බව තහවුරු කර ගන්න. වතුර කාන්දුවන බෝතලයක් බැක් පැක් එකට දමාගත් පසු පැක් එකේ ඇති අනෙක් සියලුදෑ ජලයෙන් තෙමී යයි.








__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HIKING & BACKPACKING : එක්ස්පර්ට් බැක්පැකර් කෙනෙක් වගේ කෑම්ප් ෆයර් එකක් හදාගන්න හැටි.

$
0
0

1] ආරක්ෂාව හා ගිණි පැතිරීම වැලැක්වීම

හයිකින්, බැක්පැකින් ගැන හොඳ පළපුරුද්දක් තියෙන අය පරිසර හිතකාමී, පරිසරය සුරකින සංචාරකයින්. ඒ නිසා ඔබත්, කෑම්ප්ෆයර් එකක් ගහන්න පෙර;

- කෑම්ප් සයිට් එකේ කෑම්ප්ෆයර් එකක් ගහන්න අවසර තියෙනවද දැන ගන්න

- කෑම්ප් ෆයර් එකක් පටන්ගන්න ඉස්සෙල්ලා ගින්නක් පැතිරීමට ඇති අවස්ථා නැතිවෙන්න කරන්න පුලුවන් උපරිම දේවල් කරන්න.

2] ආරක්ෂාව වැඩි, ගිණි පැතිරීම් වලක්වන උපක්‍රම

- කෑම්ප් ෆයර් එක ටෙන්ට් හා ස්ලීපින් බෑග් වලට වඩා අඩුම අඩි 6ක් දුරින් ඇති කරන්න වගබලා ගන්න.

- ගස්, වල්පැලෑටි හා උස තණකොළ ආසන්නයේ කෑම්ප් ෆයර් ආරම්භ නොකරන්න.අමු කොළ අතු ඔබ හිතනවාට වඩා වේගයෙන් ගිණි ඇවිලී පැතිරී යයි.

- කෑම්ප් සයිට් එකේ ෆයර්පිට් එකක් තියෙනවානම්, අනිව ඒකෙ කෑම්ප් ෆයර් එක ඇතිකරන්න. වෙන තැන්වල එපා.

- ෆයර් පිට් එකක් නැතිනම්, අඟල් 6ක් විතර ගැඹුරට, අඩි 2-3ක විශ්කම්භය තියෙන කවාකාර ෆයර් පිට් එකක් හදා ගන්න.

- ෆයර් පිට් එක වටේට ලොකු ගල් තියලා සීමාව සළකුණු කරන්න. ගල් තැබීම නිසා ගින්න අවට තණකොල හා වියලි ද්‍රව්‍ය වලට පැතිරීම වලකිනවා.

නිවැරදි ලෙස ආරක්ෂිතව හදපු කෑම්ප් ෆයර් පිට් එකක්

3] කෑම්ප් ෆයර් එක ඉක්මණින් ඇවිලෙන්න, ලෑස්තිකර ගතයුතු දේවල්

i] ලයිටරයක් හෝ ගිණිපෙට්ටිය (මේවා නැතිනම් වැද්දන්ගේ ක්‍රමය පුහුණු වෙලා තියෙන්න ඕනෙ...)

ii] වියලි තණකොට මිටක් දෙකක් / වියලීගිය කොළරොඩු ටිකක් - පත්තුකරගන්න ලේසියි

iii] සිහින් කෝටුකෑලි මිටියක් - කොළැරොඩු ඇවිලිලා ඉවරවෙන්න ඉස්සෙල්ලා ගින්න ඊළඟ පියවරට වැඩි කරගන්න මේවා ලඟ තියෙන්න ඕනෑ.

iv] වියලි අතු/ඉති හෝ දර
======================









4] ටීපී ක්‍රමයට (Teepee Method) කෑම්ප් ෆයර් එක හදාගැනීම

Teepee කියන්නේ ඇමරිකාවේ ප්‍රෙයරී තණබිම්වල ජීවත්වුනු රතු ඉන්දියානුවන් ගෝත්‍රයක්. ඔවුන්ගේ කේතුකාකාර (කේතුවක් හැඩැති ) කූඩාරම්වලටත් කියන්නේ ටීපී ටෙන්ට් කියලා. මේ ගිණිමැළ වර්ගය සකසාගන්නේත් කේතුවක් හැඩයට දරකෝටු අසුරලා නිසා මේ කෑම්ප් ෆයර් වර්ගයටත් ටීපී කෑම්ප් ෆයර් කියලා කියනවා.

ටීපී කෑම්ප් ෆයර් එකක් හදාගන්න එක හරිම ලේසියි.

පලමුවෙන් ෆයර් පිට් එන මැද්දේ වියලි තණකොළ, වියලි කොළරොඩු ආදිය ගොඩක් හදාගන්න. මේ කොළගොඩ අඟල් 6කට වඩා විශාලවෙන්න හදාගන්න එපා.


ඊට පස්සේ රූපයේ පෙනෙන ආකාරයට වියලි දරකෝටු කේතුවක් වගේ රැඳෙන විදියට අසුරාගන්න. කොළරොඩු දල්වා ගැනීම සඳහා මේ දර ඇසුරුමේ එක් තැනක තරමක හිඩසක් තියන්න.




5] ලොග් කැබින් ක්‍රමයට (Log Cabin Method) කෑම්ප් ෆයර් එක හදාගැනීම

ලොග් කැබින් කෑම්ප් ෆයර් එක, ටීපී කෑම්ප් ෆයර් එකක් කාළයක් පුරාවට, ඒ කියන්නේ රාත්‍රිය පුරාවට, නැතිනම් කෑමක් පිසගන්නා තෙක් හොඳින් පවත්වා ගන්න පුලුවන් ක්‍රමයක්.

ලොග් කැබින් කෑම්ප් ෆයර් එකත් පටන්ගන්නේ ටීපී ක්‍රමයට. ගින්න ඇවිලුනාට පස්සේ, රූපයේ විධියට තරමක් විශාල දර, ටීපී ගිණිගොඩ වටේට අසුරන්න. 



එතකොට ඔබට කාළයක් දැල්වෙන, ඉක්මණින් නිවී යන්නෙ නැති ලොග් කැබින් කෑම්ප් ෆයර් එකක් ලැබේවි.







__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

CORPORATE STRATEGY : Analyzing the takeover of Atlas by Hemas Holdings

$
0
0




Hemas Holdings PLC

Hemas Group is a 63 year of corporate giant founded in 1948 by Sheikh Hasannally Esufally as Hemas (Drugs) Ltd. From this humble beginnings, Hemas has grown into a 37 billion rupee corporate empire with interests in pharmaceutical manufacturing and retail, hospitals, leisure, travel, transport and logistics and has a large FMCG operation. 

According to the CEOs report, 2015/2016 financial year saw a 20% growth in FMCG sales with 12% operating margins. As per Lanka Market Research Bureau (LMRB), growth of personal care market was 7% and home care was 3% during 2015/2016 period. Therefore, Hemas FMCG operation has done better than the market growth. Healthcare, where Hemas has manufacturing, pharmaceutical import and distribution as well as hospital operations has grown by 16%.




2015/2016 Hemas Holdings Annual Report


FMCG and Healthcare sectors contribute to almost 80% of the groups revenue with FMCG having a 36.6 share of the revenue pie. Therefore any disturbance to these two sectors would create serious problems for the overall performance of the group.

This decline in a critical sector has come to pass as explained in the 2017/2018 Q3 review of the CEO. The FMCG sector posted a revenue of Rs.12.4Bn for the first nine months ending December 31, 2017, indicating a growth of 1.0% over the previous financial year. This is quite poor showing considering the stellar performance less than two years ago. Further, the Bangladesh FMCG operation which was reported as doing well during 2015/2016 financial year is reportedly dragging the group performance down.

While FMCG was stumbling, healthcare has contributed well and the CEO reported in the 2017/2018 Q3 review that consolidated healthcare sector revenue stood at Rs.16.6Bn, a YoY increase of 19.4% whilst operating profit and earnings grew at 14.5% and 19.3% during the past nine months ending December 31, 2017. However, there are concerns about the long-term profitability and growth prospects of the pharmaceutical manufacturing and distribution due to high price controls and other mechanisms which reduces the ability of the industry to set prices and compete in the market.

The negative sentiment Hemas group has on the medium term prospects of the FMCG and Healthcare sectors is confirmed by their disclosure that the entire proceeds from the April 2015 Rights issue of Rs. 4.1 billion to be invested in FMCG and Healthcare businesses have now been used with the acquisition of Atlas Axillia.  Hemas invested Rs.5.7 billion on the Atlas Acquisition.

However, Hemas board seems to have faith in the long-term prospects of the healthcare industry. During the first quarter of 2017, Rs. 1.45 billion was invested in the construction of a new Morison PLC pharmaceutical plant.


AtlasAxillia, formerly Ceylon Pencil Company

Atlas Axilla Company (Private) Limited manufactures and distributes stationery products. It offers books, pens, school stationery products and sporting items, color products, tissues, and office stationery products. Atlas Axillia Co. was founded in 1959 as Ceylon Pencil Company by the Madanayake Family.  The company is the market leader in school stationery and notebooks, pens, pencils and colour products, with products retailed in over 70,000 outlets across Sri Lanka.

The portfolio includes 350 products under 25 categories. Atlas Axillia brands include “Atlas”, “Zebra X”, “Homerun” "Nimex Tissue" and “Innov8”.  The Company employs 1,300 people and operates two production facilities in Peliyagoda and Kerawalapitiya.  The brand “Atlas” has been voted Sri Lanka’s most loved brand 2017. Atlas holds a leading position in School and Office with over 40% market share.

Nirmal Madanayake, Managing Director of Atlas Axillia Co. states that Atlas Axillia is growing and the board was keen to take the organisation “to the next level” by allowing themselves to be taken over by a strong corporate entity. “We went through a rigorous process to find the right partner, and we saw a great business and cultural fit with Hemas,” says AtalsAxillia Managing Director, Mr. Madanayake explaining the boards decision to allow Hemas to acquire 75.1% of the company .


Details of the acquisition

On January 19, 2018, Hemas acquired 75.1% of Atlas Axillia Company (Private) Limited, for  Rs.5.7Bn.  With the acquisition of Atlas, Hemas is consolidating its leadership in Sri Lankan consumer brands and plans to use brand building experience of Hemas to this new category. AtlasAxillia has a strong profit and dividend track record. Atlas will be the third largest business in the Hemas Holdings Group and will operate independently as a subsidiary of Hemas Holdings PLC.

Based on the historic performance of Atlas it is anticipated that Atlas will add approximately 15% to the group revenues.

Acquisition of Atlas is expected to introduce increased seasonality to Hemas Group earnings due to the importance of the back to school season in December / January which is the peak season for school supply purchases by Sri Lankan families with school going children.


Rationale for the acquisition

Market Growth and Sustainability of the schools supplies segment in the Sri Lankan context.

1] Sri Lanka as a nation is heavily focused on education and parents willingly sacrifice other expenditure and spend on their children's education. As a result school supplies have brisk sales even when others goods and services experience a downturn.

2] Sri Lankan children of school going age are brand conscious and have a big say in the purchases of school supplies. Parents willingly buy the brand of school supplies their children ask for. Atlas being voted as the most loved brand in Sri Lanka enjoys massive mind-share and top of the mind recall when it comes to school supplies.

3] Growth of international school sector and massive expansion seen in private sector higher education providers will add to further growth of the sector.

4] Atlas is also a leader in office stationary and growth can seen in this segment as well due to the growth of commercial activities in Sri Lanka.

Internal Factors at Hemas including over exposure to FMCG and Pharma/Healthcare and prospect of stagnation.

1] The group is heavily exposed to Phama/Healthcare and FMCG with 80% revenue contribution from the two sectors 2015/2016

2] FMCG is the weakest link at Hemas and it is most susceptible to economic fluctuations and declining fortunes of the consumer disposable income.As Steven Enderby has rightly stated, people buy hair gel, aftershave and colognes after they have purchased other necessities and paid the critical bills. FMCG contributes a whopping 36.6% to the group (2015/2016). As such the group needs to reduce their exposure to FMCG.

3] The need to seek revenue growth and profit growth. With slowing down of FMCG and troubles with pharmaceutical sector, Hemas need a strong contributor to continue its growth trajectory. Atlas is expected to contribute upto 15% to the group revenue.

Strengths of Atlas with excellent brand recognition, high market-share and extensive distribution network.

1] Atlas and Homerun are very strong brands. Enjoys approximately 40% market-share in school supplies segment.

2] Comprehensive product portfolio that covers the school and office supplies sectors. 350 brands in 25 segments.

3] Products retailed in over 70,000 outlets across Sri Lanka with an extensive distribution network

4] A workforce of 1300

5] Cutting edge modern technology and processes used in two manufacturing plants.

6] State of the art distribution center

7] SAP systems and Sales Force Automation, the company is able to make its products available across diverse channels in the trade. A specialized Institutional team also enables a B2B service model.

Considering the fact that Hemas need reduce their exposure to FMCG and Heath-care/Pharma industries with the prospect of declining or stagnant growth in those two sectors in the medium term, it is logical that Hemas need an acquisition that gives it the revenue, market-share and a product/brand portfolio in an industry which has been having consistent growth. In this context, AtlasAxillia is a perfect fit as in brings practically all the things Hemas could wish for in a neat package and also in an industry that is similar to FMCG markets it is familiar with





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

CORPORATE STRATEGY : Etisalat & Huch merger - Marriage of convenience or match made in heaven?

$
0
0
Data from TRC and other sources


According to a press release publishedon the Hong Kong based CK Hutchison corporate website, CK Hutchison Holdings and UAE based  Etisalat Telecommunications have reached an agreement to combine their celluar telephony operations in Sri Lanka. According to the information provided, Hutch will have a bigger stake and as such will be in control of the combined operations.

In the opinion of the writer, its about time the minnows of the Sri Lanka mobile telephony industry got their acts together and combined their forces to stand up to the Axiata's Dialog and Mobitel-SLT empires. The combined Etisalat and Hutch would have approximately 22% of the total mobile subscriber base in the country consisting of about 28 million active connections. This is a substantial number considering that no 2 in the industry Mobitel has only 24% of the cake. Therefore, it is quite understandable if Mobitel becomes worried about the proposed merger.

Details of the deal are sketchy and requires TRC approvals and clear many hurdles before it is completed. Assuming that the deal goes through, it is not clear whether the combined operation will be branded as Hutch as they have the controlling stake or would be known as Hutch Etisalat or a completely different name.

While the writer has no definitive inside scoop, the word on the street is that Etisalat is badly affected by communal tensions prevailing in the country. The fact that Etisalat is from UAE which is a cosmopolitan,  forward looking, 21 century economy and a friend of Sri Lanka employing thousands of our "Sinhalese Buddhist" people is lost on some "Sinha Ley (lion's blood)" patriots. Not long ago they "punished" Muslim Etisalat by smashing the SIM cards. 

The joke doing rounds those days was that the idiots who broke/smashed/ate their Etisalat SIM cards and posted photos online, went to the nearest phone shop and bought Dialog SIMs not realizing that it is a company owned and controlled by Malaysian Axiata. Need I say any more?

In the opinion of the writer, what really affected Hutch and Etisalat was actually their past baggage, rather than any anti-Muslim crusade by a handful of nut cases. Hutch is the modern incarnation of CallLink. Those who are old enough would remember that CallLink owned by Singapore Telecom was the second cellular operator to come to Sri Lanka after the pioneer Celltel. While, CallLink metamorphosed into Hutch, Celltel evolved into today's Etisalat. Celltel and CallLink occupied the number one and two slots in the industry those days, much like Dialog and Mobitel today. 

The poor strategic bet Celltel and CallLink made by sticking to analog technology for too long and extremely poor customer service was to be their doom and they have never recovered. A bigger problem was that their corporate parents, Millicom Cellular of CellTel and Singapore Telecom of CallLink were never really committed to the Sri Lankan market and didn't give the investments both companies needed to upgrade their technologies and coverage. Numerous re-branding efforts and frequent ownership changes (there was a time Hutch when was called Tigo) also played a part.

At that time, Mobitel was a distant third and an independent company run until 1998 by Vijendran Watson, a Sri Lankan domiciled in Australia. Vijendran quietly built Mobitel, oversaw its transition to GSM after a bad bet on a dead-end technology called D-Amps. He then moved to Lanka Bell in 1998 with a mandate to turn it around.

Dialog, today's market leader was the also-ran fourth entrant. They pioneered the GSM format and quickly caught up through innovative products and savvy marketing campaigns. Dr. Hans Wijesuriya ran Dialog at that time and marketing was headed by Nushad Perera, one of the most innovative marketers (in my humble opinion) in Sri Lanka. The duo turned the also-ran Dialog into the juggernaut we see today.  

Looking at their history and the baggage they carry today, it would be really advisable if Hutch+Etisalat combine re-branded and rejuvenated their marketing. The brand Hutch has never really connected with the consumer. It kinda feel like a Huchchoom (a sneeze) than a credible brand to me. Therefore, they really need to rethink their brand name and brand positioning. 

Further, they are not going anywhere if they try to take Dialog or Mobitel head-on. That approach is bound to fail. If anyone is in doubt, just ask Airtel...their "simple plan" of cheap calls didn't really pan-out. 

What they need to do to maintain their subscriber base and find some profitable niches undeserved by the Dialog / Mobitel-SLT empires for further growth. They need to expand their data coverage as one of the deal breakers for Hutch and Etisalat even today is their patchy data coverage. The writer had a personal no-data-coverage experience with Etisalat at an out of Colombo town called "Kataragama", where millions visit every year.

So, Good luck to the new couple, Hutch and Etisalat. May the two of you go forth together and multiply. In the meantime, try to see whether you could tick-out the following check list.

1] Make sure that you don't lose your 22% present subscriber base.

2] Ditch your parent company inspired Hutch/Etisalat and seek a trendier, memorable brand name that is acceptable to Sinhala and Tamil speaking people.

3] Work on your 3G/4G data coverage. Even tuk-tuk drivers in Weli Oya and Akkaraipattu are posting selfies on FB these days. Also, some people try to trek thorough Knuckles Forest Range using Google Maps (and get lost).  

4] Seek out under served segments OR create some segments and dominate them. Remember that not everyone on top two networks are happy customers. There is a lot of griping about call plans, data plans, download speeds and FUPs. Capitalize on those. 

5] What ever you guys do, don't ruffle the feathers of the big boys too much too soon. Learn from the mistakes of the boys up north from India.







__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

AUTOMOBILE : ෆෝඩ් කොම්පැණිය කාර් හදන එක නවත්වන්න යයි!

$
0
0

ෆෝඩ් කොම්පැණිය ගැන නොදන්න කෙනෙක් නෑ. 1903දී හෙන්රි ෆෝඩ් පටන් ගත්ත ෆෝඩ් කොම්පැණිය ලෝකයට දායක කරපු තාක්ෂණයන් බොහොමයි.  ඉස්සෙල්ලාම මහා පරිමාණ ලෙස වාහන නිෂ්පාදනය පටන් ගත්තේ හෙන්රි ෆෝඩ්ගේ කොම්පැණිය. අද ලෝකයේ වාහන වගේම වෙන බොහෝ දේවල් නිෂ්පාදනය කරන ඇසෙම්බ්ලි ලයින් (assembly line method of manufacturing) ක්‍රමයෙන් වාහන නිෂ්පාදන ක්‍රමය හෙන්රි ෆෝඩ් නිර්මාණය කලේ 1914දී. 

ඇසෙම්බ්ලි ලයින් ක්‍රමයෙන් ඉතා වේගයෙන් වාහන නිෂ්පාදනය පටන් ගත්ත නිසා ෆෝඩ් සමාගමට ඒ වාහන ඇමරිකාවේ ඒ කාලේ ඇමරිකාවේ නැගීගෙන එමින් තිබුණු මධ්‍යම පාංතික ජනයාට  බොහෝම අඩුවට කුඩා වාහන නිෂ්පාදනය කරන්න පුලුවන් වුනා. 1900 ගණන්වල අස්ස කරත්තෙන් ගමන් ගිය ඇමරිකන් පොදු ජනයට කාර් පුරුදු කලේ ෆෝඩ් කොම්පැණිය.

එහෙම ඉතිහාසයක් තියෙන ෆෝඩ් සමාගම, තමන්ගේ විශාලම වෙළඳපොල වන ඇමරිකා එක්සත් ජනපදයේ කාර් නිෂ්පාදනය කරන එක සම්පූණයෙන්ම වාගේ නවත්වලා දාන්න තීරණය කරලා කියලා ඊයේ ඇමරිකන් මාධ්‍ය වාර්තා කලා. ක්‍රමක්‍රමයෙන් කාර් නිෂ්පාදනයෙන් ඉවත්වෙන්න සූදානම් වෙන ෆෝඩ්, මින් ඉදිරියට ඇමරිකානු වෙළඳපොලට නිෂපාදනය කරන්නේ ඔවුන්ගේ ෆෝඩ් මස්ටෑංග් කියන බොහොම ජනප්‍රිය මාදිලිය විතරයිලු

Ford Mustang
දැනට ෆෝඩ් සමාගම ඇමරිකාවේ නිෂ්පාදනය කරන Fiesta, Focus, Fusion, C-Max, Taurus කියන මාදිලි සියල්ලේම නිෂ්පාදනය නවත්වල දාන්නයි සූදානම.

මේ තීරණයට හේතුව විධියට ෆෝඩ් සමාගම කියන්නේ ඇමරිකානු පාරිභෝගිකයින් කාර් මිළදී ගැනීමෙන් වේගයෙන් ඈත් වෙමින් යනවා කියලයි. ඇමරිකන් පාරිභෝගිකයින් කාර් වලට වඩා SUV, පික් අප්, ක්‍රොස් ඕවර්, මිනිවෑන් වගේ විශාල වාහන ප්‍රියකරන බව වෙළඳපොල සමීක්ෂණවලින් තහවුරුවෙලා තියෙන බවයි ෆෝඩ් කියන්නේ. ඇමරිකාවේ රථවාහන වෙළඳපොල විශ්ලේෂකයින් පවා ෆෝඩ් සමාගමේ මේ තීරණයට සහය දක්වනවා.

ඔවුන් කියන විධියට සිඩෑන්, හැච්බැක්, කොම්පැක්ට්, සබ්කොම්පැක් වගේ කාර් මාදිලි මිළදීගැනීමෙන් ඉවත්වෙන්න ඇමරිකන් පාරිභෝගිකයින් පෙළඹිලා. හැබැයි මේ නැඹුරුව ඉලෙක්ට්‍රික් වාහන මාදිලිවලට බල පාන්නේ නැතිබවයි ඔවුන් කියන්නේ. ටෙස්ලා, චෙව්‍රලේ බෝල්ට්, නිසාන් ලීෆ් වගේ කාර්මාදිලි වලට හොඳ වෙළඳපොලක් ඉදිරියෙදිත් තියෙයි කියලා ඔවුන් කියනවා.



TECH INDUSTRY : Google I/O 2018 වාර්ෂික තාක්ෂණික සම්මන්ත්‍රණය

$
0
0

Google I/O ලෙසින් හැඳින්වෙන ගූගල් සමාගමේ වාර්ෂික තාක්ෂණික සම්මන්ත්‍රණය පසුගියදා කැලිෆෝනියාවේ Shoreline Amphitheater එලිමහන් රංගපීඨයේදී පැවැත්වුනා. මෙය ශ්‍රී ලංකාවද ඇතුලුව ලෝකයේ රටවල් ගණනාවකට සජීවීව විකාෂණය කරන්නට ගූගල් සමාගම කටයුතුකොට තිබුණා.

පසුගිය වසරේ මෙන්ම මෙවරත් I/O සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය (Keynote Speech) සිදුකලේ ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි විසිනුයි. ඊලඟ වසර සඳහා ගූගල් සමාගමේ ප්‍රධාන ප්‍රයත්න මෙන්ම පසුගිය වසරේ සිට මේ දක්වා ලබා ඇති ප්‍රගතියද විස්තර කල සුන්දර්, මින් ඉදිරි වසර කිහිපය, ගූගල් සමාගම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් කුළු ගැන්වෙන, එම තාක්ෂණය මගින් භාවිතාකරන්නන්ගේ ජීවිතය වඩාත් පහසුකල හැකි තාක්ෂණයන් කෙරෙහි විශාල අවධානයක් යොමු කරන බව සඳහන් කලා. ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වෑයමේ අලුත්ම නිර්මාණ හා වැඩිදියුණු කිරීම් කිහිපයක් හඳුන්වා දීමට සුන්දර් හා ඔහුට පසුව දේශන සිදුකල ගූගල් සමාගමේ විවිධ ප්‍රධානීන් ක්‍රියාකලා.


Google Assistant

ගූගල් ඇසිස්ටන්ට් ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි සහයක යන්ත්‍ර දැන් වෙළඳ පොලේ තිබෙනවා. Google Assistant කෘත්‍රිම බුද්ධි සහයකයා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝනයේ ඇප් එකක් ලෙසින් මෙන්ම, නිවසේ අන්තර්ජාලයට සම්බන්ධ වන වෙනම උපාංගයක් ලෙසින්ද මිලදීගත හැකියි.

මේවා ඇමසන් ඇලෙක්සා හා ඇපල් හෝම්පොඩ් කෘත්‍රිම බුද්ධි සහයක යන්ත්‍ර සමග දැඩි තරඟයකට මුහුණදී සිටිනවා. ඒ නිසා මේ යන්ත්‍රවල හැකියාවන් වඩාත් තියුණු කරන්නට ගූගල් කටයුතු කර තිබෙනවා.

උදාහරණයක් ලෙස පෙරදී ගූගල් ඇසිස්ටන්ට් යන්ත්‍රය අමතන සෑම අවස්ථාවකම "Hey Google!"යන වදන පවසා පැනය ඉදිරිපත් කල යුතුයව තිබුනා. ඒ, යන්ත්‍රයට අමතන්නේ තමාව යයි වටහා ගැනීමටයි. එහෙත් දැන් එක් වතාවක් එසේ ඇමතීමෙන් පසු, ඉදිරියට අසන පැන සඳහා "Hey Google"ලෙසින් ඇමතීම සිදුකල යුතු නෑ. ඒ සඳහා ගූගල් ඇසිස්ටන්ට් යන්ත්‍රයට ජවය ලබාදෙන "Google Knowledge Graph"කෘත්‍රිම බුද්ධි විශ්වකෝශය තවත් දියුණු කල බව සුන්දර් පිචායි පවසා සිටියා.


Google Duplex


ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණය ගූගල් කෘත්‍රිම බුද්ධි සහයක වැඩසටහනේ තවත් විප්ලවීය තාක්ෂණයක් ලෙසින් එලිදැක්වුනා. ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණයෙන් ගූගල් ඇසිස්ටන්ට් සහයකයාට ඔබ සමග සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සංවාදයේ යෙදෙන්නට පුලුවන් මෙන්ම ඔබ වෙනුවෙන් දුරකථන ඇමතුම් ගෙන, ඔබ සඳහා අවන්හල්වල අසුන් වෙන් කිරීම, ඔබගේ කොණ්ඩය කැපීමට, නැතිනම් රූපලාවන්‍ය ශිල්පිණිය සමග  වෙලාවක් වෙන්කිරීමටත් ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණය හරහා ගූගල් ඇසිස්ටන්ට් සහයකයාට හැකිබව මේ සම්මන්ත්‍රණයේදී ආදර්ශණය කොට (demonstrate) පෙන්වනු ලැබුවා.

Tensor Processor Unit 3.0


ටෙන්සර් ප්‍රොසෙසර් යුනිට් යනු ගූගල් සමාගම මගින් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවල ප්‍රධාන ප්‍රොසෙසර් පද්ධති ගොඩනැගීම සඳහාම නිර්මාණය කල බලසම්පන්න ක්ෂුද්‍ර පරිපථයක්. මේ පරිපථ මාලාව 2016දී එලිදක්වන ලද අතර එවක ගූගල් සමාගම ප්‍රකාශ කලේ ටෙන්සර් ප්‍රොසෙසර් පරිපථ වසරක කාලයක් අත්හදා බැලීමෙන් පසු ඒ එලිදැක්වීම සිදුකල බවයි.

ඉතා වේගයෙන් කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණය කෙරෙන ආකාරයේ ප්‍රොසෙසර් පද්ධති ගොඩනැගීම සඳහාම නිර්මාණය කොට ඇති ටෙන්සර් ප්‍රොසෙසර් පිටස්තර සමාගම් වලට අලෙවි කරන්නේ නෑ. ඒවා ගූගල් සමාගමේ අතිවිශාල කෘත්‍රිම බුද්ධි පද්ධති ක්‍රියාත්මක වන පරිගණක නිර්මාණය කිරීම සඳහා පමණක් යොදා ගන්නවා.

මේ සම්මන්ත්‍රණයේදී සුන්දර්, ගූගල් ටෙන්සර් ප්‍රොසසර් වල අලුත්ම  මාදිලිය වන Tensor Processor Unit  3.0 එලි දැක්වූවා. මේ ප්‍රොසෙසර්, මීට පෙර භාවිතාකල ටෙන්සර් ප්‍රොසෙසර් වලට වඩා දෙගුණයක් වේගවත් බවයි ගූගල් පවසන්නේ.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

GOOGLE : බෝ පැලේ වගේ හිටිය ගූගල් දැන් නරක් වෙලා

$
0
0

"Don't Be Evil  - දුෂ්ඨ වෙන්න එපා"

ඩෝන්ට් බී ඊවිල් හෙවත් දුෂ්ඨ නොවිය යුතුයි කියන ආදර්ශ පාඨය ගූගල් සමාගමේ අරම්භයේ ඉඳලාම එහි ජානවලට කාවැදිලා තියෙන එකක්. ගූගල් සමාගම  ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශය (code of conduct)පටන් ගත්තේම මේ වාක්‍යයෙන්. 

ගූගල් සමාගම 1998දී ආරම්භවෙලා අවුරුදු දෙකකින්, ඒ කියන්නේ වසර 2000දී තමයි "ඩෝන්ට් බී ඊවිල්"ආදර්ශ පාඨය මුල්කරගත් ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශය නිර්මාණය කරගත්තේ. ගූගල් නිර්මාතෲවරුන් වන ලැරී පේජ් සහ සර්ගෙයි බ්‍රින් යන දෙදෙනාම, ගූගල් සමාගම සෑම කටයුත්තකදීම මේ ආදර්ශ පාඨය හිස් මුදුනින් තබාගෙන ක්‍රියාත්මක වන බවට පොරොන්දුවක් දී තිබුණා. මේ පොරොන්දුව ඔවුන් නිකුත්කල පලමු "කොටස් හිමියන් ඇමතුමේ - Letter to Shareholders"පැහැදිලිව දක්වලා තියෙනවා.


එහෙත් ගිස්මෝඩෝ තාක්ෂණික ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට 2018 අප්‍රේල් මාසයේදී යාවත්කාලීන කරන ලද  ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශයේ මේ "ඩෝන්ට් බී ඊවිල්"ප්‍රතිපත්තිය ඉවත්කරලා. අලුත් ප්‍රකාශයේ ඩෝන්ට් බී ඊවිල් කියලා සඳහන් කරලා තියෙන්නේ අන්තිම වාක්‍යයේ විතරයි.

ගූගල් දැන් දුෂ්ඨ වෙමින් යනවාද?

බොහෝ විචාරකයින් පවසන අන්දමට උත්තරය "ඔව්". එය තහවුරු කරන්නට ඔවුන් ප්‍රභල සාක්ෂි තුනක් ඉදිරිපත් කරනවා.

Project Maven

ඇමරිකන් ඩ්‍රෝන හා ඔත්තුබලන චන්ද්‍රිකා මගින් නිරන්තරයන් ජනනය වන ටෙරාබයිට් ලක්ෂ ගණනක වීඩියෝ හා චායාරූප නිසිපරිදි අධ්‍යයනය කර ඒවායෙන් ලබාගත හැකි බුද්ධි තොරතුරු උකහාගෙන ආරක්ෂක අංශවලට ලබාදීම ඉතා අපහසු කටයුත්තක්. මේ සඳහා ගූගල් සමාගම  (හා වෙනත් සමාගම්) නිර්මාණය කොට ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ ව්‍යාපෘතිය ප්‍රොජක් මෙවන් ලෙස හඳුන්වනවා.  ගූගල් සමාගම ඇමරිකන් ආරක්ෂක අංශ සමග ඉත සමීපව ක්‍රියාත්මක වීම මේ වනවිට සමහර ගූගල් සේවක-සේවිකාවන්ගේ විරෝධයට බඳුන්වී තිබෙනවා.

Deceptive AI

පසුගියදා පැවැත්වුනු ගූගල් I/O තාක්ෂණික සම්මන්ත්‍රණයේදී සුන්දර් පිචාර්යි ගූගල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධි සහයකයාට ලබාදුන් ඩූප්ලෙක්ස් නම් අපූරු පහසුකමක් හඳුන්වාදුන්නා. ඩූප්ලෙක්ස් යනු, පුද්ගලයෙකු සමග දෙබසක් ගෙනයා හැකි, එමගින්, ආසන වෙන්කරවා ගැනීම්, පාරිභෝගික සේවා ලබාගැනීම් වැනි කටයුතු සඳහා ගූගල් ඇසිස්ටන්ට් යොදාගත හැකි තාක්ෂණයක්. I/O සම්මන්ත්‍රණයේදී සිදුකල නිරූපණයකදී (demonstration) ඩූප්ලෙක් තාක්ෂණයෙන් බලගැන්වුනු ගූගල් ඇසිස්ටන්ට් සහයකයා අවන්හලක් අමතා එහි සේවකයුකු සමග සාකච්ඡාකොට කෑමවේලක් සඳහා අසුන් වෙන් කරගන්නවා. මෙහිදී එම අවන්හලේ සේවකයා සිතාගෙන සිටියේ තමන් මේ කතා කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමග කියායි.

මේ විශාල් රැවටිල්ලක් බව සඳහන් කරන විවේචකයින්, එම ගූගල් ඇසිස්ටන් කෘත්‍රිම බුද්ධි සහයකයා තමන්, කෘත්‍රිම බුද්ධි සහයකයෙකු බවත්, තම හාම්පුතා වෙනුව අමතන බවත් ප්‍රකාශකල යුතුව තිබුණා යයි ඔවුන් පවසනවා. මෙවැනි රැවටිලි කාර හැසිරීම් විශාල ආචාරධර්ම ගැටලු (ethical issues) ඇතිකරන බවයි ඔවුන් පවසන්නේ. ගූගල් සමාගම මෙවැනිදෑට සංවේදී නොවීම, ඔවුන් "දුෂ්ඨ නොවී සිටීමේ"ප්‍රතිපත්තියෙන් ඉවත්ව යන බවට කදිම සාධකයක් බවයි කි‍යැවෙන්නේ.

Selfish Ledger

ගූගල් සමාගම ලොවපුරා අන්තර්ජාල භාවිතාකරන් බිලියන ගණනකගෙන් අතිවිශාල දත්ත ප්‍රමාණයක් එකතුකර ගන්නවා. සෑම් ගූගල් සෙවුමකින්ම, සෑම ජීමේල් පණිවුඩයකින්ම, සෑම යූටියුබ් වීඩියෝ නැරඹුමකින්ම ඔවුන් එකතුකර ගන්නා දත්ත, දැන්වීම් සමාගම් වලට විකුණා ඔවුන්ගේ ඉලක්ක දැන්වීම් වලින් ආදායම් උපදවනවා.

සෙල්ෆිෂ් ලෙජර් කියන්නේ මින් එහාට ගිහින් පාරිභෝගිකයින්ගේ හැසිරීම් රටා හඳුනාගැනීමට පමණක් නොව එය තමන්ට රුචි ආකාරයට වෙනස් කරන්නට හැකි කල්පිත තාක්ෂණයක්. මෙය ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන විස්තරාතමක වීඩියෝවක් ගූගල් සමාගමේ selfish ledger පර්යේෂණ කණ්ඩායම සමාගම ඇතුලේ පරිහරණය සඳහා නිකුත් කරලා තිබුණා. මේ වීඩියෝ වේ කොපියක් මාධ්ය ආයතනයකට ලීක් වීමත් සමගයි මේ තොරතුරු හෙලිවුනේ.

ගූගල් වැනි බලසම්පන්න සමාගම් මෙලෙස සිය භාවිතා කරන්නන් බිලියන ගණනකගේ පෞද්ගලික රුචි අරුචිකම් හඳුනාගැනීමට මෙන්ම ඒවා තමන්ට වාසි සහගත ලෙස සූක්ෂ්මව වෙනස් කිරීමට තැත් කිරීම ඉතාම භයානක බවයි විවේචකයින් පවසන්නේ.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

$
0
0




















CHAPTER 00000

අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක.

තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි.

කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා.

පාකිස්ථානය වැනි දකුණු ආසියානු හා ඇෆ්ඝනිස්ථානය වැනි නැගෙනහිර ආසියානු රටවල්වලින් ඇමරිකන්, බ්‍රිතාන්‍ය හා යුරෝපීය ඔත්තුබලන චන්ද්‍රිකා හා ඩ්‍රෝනවලින් එකතුකරන ටෙරාබයිට ලක්ෂගණනක දත්ත තාවකාලිකව ගබඩා කරගැනීම හා අවශ්‍ය ස්ථානවලට ප්‍රති-සම්ප්‍රේෂණය මේ සුවිසල් දත්ත ගබඩාව හරහා සිදුවුනා.

2010 ඔක්තෝම්බරයේ සිට රාත්‍රී කිහිපයකට වතාවක් මැදියමේ පැමිණි සළකුණු රහිත ප්‍රවාහන යානා මගින් ගෙන ආ අධිතාක්ෂණික උපකරණ එකලස් කරන ලද්දේත් එම යානාවලින්ම පැමිණි ඉන්ජිනේරුවන් හා තාක්ෂණවේදීන් විසින්. පූර්ණලෙසම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු සඳහා තාක්ෂණ ශිල්පීන් රැගෙන තෙමසකට වරක් අළු පැහැති යානාවක් පැමිණියා. දින දෙකක් පමණ අසල නවතා තැබෙන යානය තමන් රැගෙන ආ පිරිස සමග පැමිණි අයුරින්ම මැදියම් රැයේ පිටව ගියා.

මුළුමනින්ම අඳුරුවූ ගොඩනැගිල්ල තුල ඇති සියයක් පමණවූ අධිබල පරිගණක යන්ත්‍රවල නිවි විවී දැල්වෙන LED බල්බ මගින් නිකුත්වූ රතු, කොළ හා නිල් ආලොකයෙන් ගමන් මග සොයාගන්නට ඔහුට හැකිවුනා. විටින් විට මහ හඬින් ඇසෙන මගී ජෙට් යානා එන්ජින් ශබ්දය හැරෙන්නට වෙනත් ශබ්දයකට තිබුණේ පරිගණක යන්ත්‍ර සිසිලන පද්ධතිවල හඬ පමණයි.

ඉතා සීරුවෙන් ගොඩනැගිල්ලේ අනෙක් කෙළවරට පැමිණි ඔහුට ඉලක්කය පෙනුනා. සිය විශ්වාසවන්ත ග්ලොක් ස්වයංක්‍රීය පිස්තෝලය දෑතින්ම එල්ලකල ඔහු ඔහු දකුණත මහපට ඇඟිල්ලෙන් ආයුධයේ ආරක්ෂා ලීවරය, සේෆ්ටි සැකසුමේ සිට බර්ස්ට් ෆයර් සැකසුමට වෙනස් කලා. මේ සැකසුමේදී වරක් කොකා ගැස්සීමේදී පිට පිට උණ්ඩ තුනක් බැගින් නිකුත්කලා.

ඇය ඔහුට පිටුපා විශාල පරිගණක තිරයක් ඉදිරිපිට අසුන්ගෙන සිටියා. එය මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලක ටර්මිනලය බව ඔහුට වැටහුනා. ඇයගේ අතැඟිලි කීබෝඩය මත විදුලි වේගයෙන් ඒ මේ අත යන ආකාරය පැත්තකින් ඇයවෙත ලඟාවෙමින් සිටි ඔහු දුටුවා. කඳ කෙළින් තබාගෙන ඇහි පිහ නොහෙලා තිරය දෙස බලාගෙන සිටි ඇය රොබෝවෙකු මෙන් දිස්වුනා.

හැකිතාක් ලංව ඇයව වික්ෂිප්ත කිරීමේ අරමුණින් සීරුවෙන් ඉදිරියට ගිය ඔහුගේ බූට් සපත්තුවට හසුවූ යමක් "කරස්!!"හඬින් කැඩුණා.

"ෂිහ්..."දත්කූරු කමින් සිය කරුමය ගැන සිතන ඔහුට ඇය ක්ෂණයෙකින් ගල් ගැසෙන ආකාරය පෙණුනා.

"හෙල්ලෙන්ඩ එපා........ඔලුවටම තියෙනවා........"ඉඳි පිලිමයක් මෙන් ගල්ගැසී තිරය දෙසම බලාසිටින ඇයට තර්ජනය කලා. හෙල්ලෙන්ඩ එපා යයි අණලැබුනත් එය වගකට නොගත් ඇය ක්ෂණයකින් නැගීසිට ඔහු වෙත හැරුනා. කෝපාවිෂ්ඨව සිටි ඇයගේ දෑස්, පිය නොගැහීම ඔහුවෙත එල්ලව තිබුණා. පරිගණක තිරයේ එලියෙන් ආලෝකමත්ව තිබූ ඇයගේ ගෙළෙහි මස්පිඩු තදවන ආකාරයත්, ඒ සමගම ඇයගේ දෑත් මිටමෙළවෙන ආකාරයත් ඔහු දුටුවා. තම මොහොතකින් ඇය තමන් වෙත කඩාපණින බව ඔහුට හැඟුනා.

"හෙල්ලෙන්ඩ එපා කිව්වා නේද?"ඔහු බුරාහැලුනා. ඇය තමන්ට වඩා දසගුණයක්වත් වේගවත් බවට ඔහු අනුමාන කලා. ඇයගේ හදවත පසාරුවන ලෙස වෙඩි තැබිය හැකිවුවත් එය සැබැවින්ම කල යුතුදැයි ඔහු තුලම දැඩි විරසකයක් තිබුණා. ආතතියෙන් යුතු දෙගිඩියාව ඔහුව පමාකලා. පමාව ඔහුගේ ගතම දහදියෙන් තෙත් කලා. ඇය තමා කවුදැයි හඳුනා නොගත් බව ඔහුට වැටහී තිබුණා.

හිස දෙපසට සෙමෙන් වැනූ ඇය "මට සමාවෙන්න..."කියද්දීම ඔහු සිය සාක්කුවක තිබූ කුඩා විදුලි පන්දම දල්වා ඔහුගේම මුහුණට එල්ලකර ගත්තා.

"මේ මම...."ඔහු කියද්දී කඩා පණින්නට සූදානම්වූ ඇය හිටිවනම නැවතුනා. කෝපාවිෂ්ඨ වියරු පෙනුමක් තිබූ ඇයගේ මුහුණ ක්ෂණයකින්ම සැහැල්ලුවූ බවක් පෙනුනා.

“ඇයි මට තුවක්කුක් දික් කරගෙන?......... මම කවද ඉඳන්ද ඔයාගේ හතුරෙක් වුනේ…? ……...ඔයා මගේ ට්‍රේනින් ඔෆිසර්......මම සන්නද්ධ බුද්ධි අංශයට ආවේ ඔයා නිසා....?” ඇය සැහැල්ලු ස්වරයෙන් කියා සිටියා.

"හම්ම්.. ඔවු ඇත්ත...."කියූ ඔහු මද වේලාවක් ඇය දෙස බලා සිට, සිය පිස්තෝලයේ ෆයර් සිලෙක්ටරය යලිත් සේෆ්ටි සැකසුමට කරකවා එය ඉණේ රුවා ගත්තා..."

"කියන්න බලන්න ඔයා මේ මහ රෑ මොනවද මේ අධි ආරක්ෂිත පරිගණක මධ්‍යස්ථානයේ කරන්නේ කියලා? මේක ලංකාවට අයිති තැනක් නොවෙයි කියලා දන්නවද?"දෑත් ඉණේ තබාගත් ඔහු ඇය දෙස බලමින් ඇසුවා.

"ඔවු.....මං දන්නවා.........නෛතිකව නම් අපි ඉන්නේ මහා බ්‍රිතාන්‍යයේ ස්වෙරී භූමිභාගයක.... බ්‍රිතාන්‍ය GCHQ හා ඇමරිකන් NSA එක හවුලේ ගෙනියන අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ දකුණු ආසියානු මධ්‍යස්ථානයේ..."

"මොනවද උන් ඔයාට කලේ? ඔයා දැන් මනුෂ්‍ය ගැහැණියක් නෙමෙයි නේද?"

"ඔයාට පිස්සුද? ඇයි එහෙම කියන්නේ? මම හිටපු කෙනාමයි..."

“නෑ නෑ.........ඔයා කරන දේවල් මනුස්සයින්ට කරන්න බෑ..."

“ඇයි ඒ?......... ඔයා කියන්නේ මනුස්සයින් තහනම් තැන් වලට ඇතුලු වෙන්නේවත්............ පරිගණක ජාලයක් හැක් කරන්නේ වත් නෑ කියලද? ………..මම කලේ ඒවානෙ?"

"ඔයා හැකර් කෙනෙක් වුනේ කවදා ඉඳලද?"

"මම ඔයාට වඩා කොම්පියුටර් ගැන දන්න බව ඔයාට අමතකද?"

"මම ඔයා ගැන පහුගිය තුන්මාසෙම ඇහැ ගහගෙනයි හිටියේ........දෙසැම්බර් 07 වැනිදායින් පස්සේ ඔයා සම්පූණයෙන්ම වෙනස් වුනා......."

“ඔයා මං ගැන ඔත්තු බැලුවා එහෙනම්..........ඒ කියන්නේ ඔයා මාව විශ්වාස කලේ නෑ කියන එකද? ……………...මම ඔයාව විශ්වාස කලා......ඔයා කියපු හැම දෙයක්ම කලා.....තවමත් එහෙමයි...."

“ඔයා මේ කරන්නෙත් මං කියපුවද?..............දෙසැම්බර් 07වැනිදාට කලින් දැනගෙන හිටපු ගැහැණියව මම විශ්වාස කලා……. එයාට මගේ ජීවිතය බාර දෙන්න වුනත් මම දෙපාරක් හිතන්නේ නෑ.........ඒත් දැන් ඉන්නේ එයා නෙමෙයි.........."

"මම එයාම තමයි......"

“නැහැ!! ඔයා යන්ත්‍රයක්.......රොබෝ කෙනෙක්ද ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ.........ඒත් ඔයා දැන් මැෂින් එකක් බව මට හොඳට තේරෙනවා......"

"මැෂින් එකක්??.............ඔයාට පිස්සු…!!!"



CHAPTER 00001

ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ


"ඔයාට ඕන එක්කොම ඔය බ්‍රීෆින් ඩොකියුමන්ට් එකේ තියෙනවා?"

"DTRA සිලිකන් නිම්න සෙට් එකේ තවත් නොකෙරෙන ප්‍රොජෙක්ට් එකක්..."

"නෑ... මේක ඇත්ත.... දැනටම හතරදෙනෙකුගෙ ටීම් එකක් ට්‍රේනින් වෙනව...."

"මොනවා!!..ඔයා කොහොමද දන්නේ?"

"මම දන්නවනේ.... කොහොමද කියලා අහන්න එපා...ත්‍රිකුණාමලේ නේවි බේස් එකේ ට්‍රේනින් එක යන්නෙ..එයාලගෙ රිසර්ච් සෙන්ටර් එකත් එහෙනෙ තියෙන්නේ"

"මේවගේ සංකීර්ණ ව්‍යාපෘතියක් කරන්න තරම් DTRA එකට තාක්ශණය නෑනෙ..."

"DTRA කරන්නේ සිස්ටම් ඉන්ටග්‍රෙෂන් විතරයි...... ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්නේ ආමි එකෙන්, ලොකු ටෙක් කොම්පැණි ගොඩකින් තාක්ශණය ලැබිලා තියෙනවා..."

“මොන රටවල ටෙක් කොම්පැණිවලින්ද?

"වැඩි හරියක් ඇමරිකන්, තව ඊශ්‍රායල් කොම්පැණි දෙකතුනකුත් තියෙනවා..."

"මම කියන්නද කවී....මෙතන යන්නේ වෙන ගේමක්........මෙයාලා මේ ගූගල්, මයික්‍රෝසොෆ්ට් වල ජොබ් දාලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපිට ආදරේට නෙමෙයි........මේ කරන්නේ ඇමරිකාවේ කොන්තරාත්තුවක්...."

"නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර් ඔයාගේ මාමා බව ඇත්ත. ඒත් ඔයා ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ කන්සල්ටින් ලෝයර් කෙනෙක් විතරනෙ..සාක්කි නැතුව මිනිස්සුන්ට හිතලූ චෝදනා කරන්න එපා.....එහෙම වුනොත් එයාටත් හොඳ නෑ………ආමි එක ඇතුලේ වෙන දේවල් හරියට නොදැන අනවශ්‍ය කොකු දාගන්න එපා. ඔයා දන්නවනෙ ආමි කමාන්ඩර් මේ ප්‍රොජෙක්ට් එකට ලොකු බැකප් එකක් දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි නේවි කමාන්ඩර් එයාගෙ ක්ලාස් මේට්. ඒනිසා තමයි නේවි බේස් එකේ Special Boat Squadron (SBS) ට්‍රේනින් ඒරියා එකේ DTRA combat යුනිට් එකට ට්‍රේන් වෙන්න අවසර දීලා තියෙන්නේ."

"ඒවට මම බය නෑ.....බලමුකෝ....නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර් මගෙ මාමා වෙන එකයි, ආමි-නේවි කමාන්ඩර්ලා ක්ලාස්මේට්ලා වෙන එකයි මගෙ රාජකාරිය කරන එකට අදාල නෑනේ…..මම නිකන් කළු කෝට් ලෝයර් කෙනෙක් නෙමෙයිනෙ කවී, මම කරන්නේ මට නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර් බාරදීපු රාජකාරියනේ. මට මේ ප්‍රොජෙක්ට් එක ගැන වාර්තාවක් හදන්න කියලා ඕඩර් කරලා තියෙන්නේ. අගෝස්තු මාසෙ සිකියුරිටි කවුන්සිල් මීටින් එකේදි මම ලියන රිපෝට් එකේ සාරාංශය දාලා එකේදී ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනෑ,..."

“කියන්න? කොහොමද සෙබළු තෝරගෙන තියෙන්නේ?"

"මම දන්නේ නෑ......"

"කවීෂා...ඇත්ත කියන්න…මම හිතුවේ මේක තවම කන්සෙප්ට් ප්‍රොපෝසල් එකක් විතරයි කියලා…...මේ බ්‍රීෆින් ඩොකියුමන්ට් එකේ තියෙන ඒවා ඇත්තටම මනුස්සයෙකුට කරලා තියෙනවා නම්, ඒ මනුස්සයා වැඩිකල් ජීවත් වෙන්නේ නෑ......බලන්න මොළයට ඩෝපමීන්, සෙරටෝනින්, ඇඟට ඇඩ්‍රිනලීන්, එෆිඩ්‍රිෆීන්....මේවා දැඩි ලෙස ඇබ්බැහිවීම් ඇතිකරනවා.... මේ මිනිස්සුන්ට වැඩි කල් නොගිහින් කුඩු ගහන මිනිස්සුන්ට වෙනදේ වෙනවා.... කොහෙන්ද මේගොල්ලෝ මේවගේ දේවල් කරන්න අවසර ගත්තේ??"

"මම දන්නේ නෑ දසුන්…මම දන්නේ ඔය බ්‍රීෆින් ඩොකියුමන්ට් එකේ තියෙන ඒවයි, එහෙන් මෙහෙන් ඇහෙන ඒවයි විතරයි…... මම දන්න විධියට මේ යුනිට් එකේ ඉන්නෙ ඊලාම් යුද්ධවලදි ආබාධිත වුනු ස්පෙෂල් ෆෝසස් ඔපරේටිව්ස්ලා. සමහර අය මුළු ඇඟම පණනැතිවුනු අය... ඔවුන්, තමන්ව ඕනෑම පර්යේෂණයකට ගන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශෙට තමන්ගේ කැමැත්ත දුන්නලු..."

"එයාලට මොනවද ලැබෙන්නේ??"

"ඔවුන්ට, ජීවිතේ ඉතුරු කාලේ ඇඳකට වෙලා ඉන්නේ නැතුව, නැවතත් යුධ සෙබළෙක් වීමේ වරම..... ඔවුන්ගේ අඹුදරුවන්ට/දෙමව්පියන්ට රුපියල් මිලියන 25ක පාරිතෝෂිකයක් බැගින්...."

"ප්‍රොජෙක්ට් එක මුන් පටන් අරගෙනත් ඉවරයි එහෙනම්......මේක ඇත්තටම වෙනවා...ඩිෆෙන්ස් සෙකට්‍රියි, නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසරුයි හිතාගෙන ඉන්නෙ මේක තවම proof of concept stage එකේ කියලා ......."(proof of concept stage - කල්පිතයක් ප්‍රායෝගික බව සනාථකරගැනීමට මූලික ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරණ අදියර)

"ඔව් දසුන් G10 ව්‍යාපෘතිය සෑහෙන්ඩ සාර්ථකයි...."

"හහ් ඔයත් ඒ පැත්තේ වගේ?"

"අනේ දසුන්, මාව එක එක පැත්තට කොටුකරන්න හදන්න එපා……මොකක්ද ඔය ප්‍රොජෙක්ට් එක ගැන ඔයාගෙ තියෙන තරහ?…......මම ආසයි ඇමරිකාව වගේ රටවලින් විතරක් අහන්න ලැබෙන රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් ලංකාවෙ වෙනවා දකින්න.....අර ඔයා කිව්වා වගේ මමත් නිකන් කෝට්කාරියක් නෙමෙයින්........"

"සොරි කවී, ඔයාට ටිකක් රිදුනා වගේ....."

"මට රිදෙන්න නම් මමත් එහෙම වෙන්න එපෑ....මම ඉලෙක්ට්‍රොණික් ඉන්ජිනියර් කෙනෙක් වුනාට පස්සෙ තමයි ලෝයර් කෙනෙක් වුනේ..."දසුන්ගේ මුඛරි හැසිරීම දන්නා කවීෂා ඔහුට මුදුනා වෙන්න දෙන්න අකමැතිවුනා.

“පුහ්……ඉලෙක්ට්‍රොණික් ඉන්ජිනියර්??…. SLIITද?”

"නෑ මොරටුව..."

"දිස්ට්‍රික් කෝටා එකෙන් වෙන්ඩැති මොරටුව සිලෙක්ට් වුනේ...?"

අන් සියල්ලන්ම තමුන්ට වඩා උගත්කමින් හා බුද්ධියෙන් පහත් යයි සිතන දසුන් සිය සුපුරුදු ගර්හාව දියත්කලා..

"ඔව්……….. කොළඹ දිස්ත්‍රික් කෝටා එකෙන්........ I am a Vishakiyan….තව මොනවාහරි දැනගන්න ඕනෙනම් හෙට එන්න, දැන් මට මීටින් වගයක් තියෙනවා..."කැපී යන ලෙස පිලිතුරු දුන් කවී හුනස්නෙන් නැගිට පිටව ගියා.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත් දසුන් අටවැනි ශ්‍රේණියේ උගනිද්දී බරපතල විනය විරෝධී ක්‍රියාවක නිරතවීම හා එය හෙලිකරගත් විනය භාර ගුරුවරයාට කෝපවී පහරදෙන්නට යාම නිසා පාසැලෙන් අස් කරනු ලැබුවා. ශාන්ත තෝමසයෙන් නෙරපා හැරීමට හේතුව සඟවාගෙන සිටින්නට බොහෝ උත්සහකලත් දැන් ආරක්ෂක සේවාවල හා නීතිඥ වෘත්තියේ සිටින ඔහුගේ පාසැල් සමකාලීනයන් හරහා එය හෙලිවීම වලක්වන්නට දසුන්ට නොහැකිවුනා. එය හෙලිවීම ඔහුට විශාල හීන මානයක් ඇතිකලා. කවීෂා "I am a Vishakiyan - මම විශාඛා විද්‍යාලයේ"කිව්වේ ඔහුගේ පාසැල් අතීතය ගැන ඇය දන්නා බව පෙන්වීමට යයි සිතාගත් දසුන් දැඩිලෙස ලැජ්ජාවටත් කෝපයටත් පත්වුනා.


CHAPTER 00010

Defense Technology Research Agency (DTRA) කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය, චීන වරාය, ත්‍රිකුණාමළය


"අහ්...ඔයා දසුන් වීරකෝන් වෙන්ඩ ඕනෙ?"

"ඔයා කවුද?"

"මම සන්දීප් වනසේකර..."

"කෝ ඔයාලගෙ ලොක්කා?"

"ලොක්කා කිව්වෙ?"

"අර කසුන් සේනානායක කියන හාදයා...."

"එයාද? එයා මේ වෙලාවෙ නම් ඉන්නේ තොප්පිගල කැලේ.....ෆීල්ඩ් ටෙස්ටින් එකක් නිරීක්ෂණය කරන්න ගිහින්...."

"මොනවා ෆීල්ඩ් ටෙස්ටින්? මේ ආබාධිත මිනිස්සුන්ව කැලේට උස්සගෙන ගියාද ඒ පාර....?"

"මිස්ටර් දසුන්.......එයාලා උස්සගෙන ගියේ නෑ......ඇවිදගෙන ගිහින් හෙලිකොප්ටර් එකට නැග්ගේ....බලන්න ආසද?"

තමන් දෙස ඔරවාගෙන සිටින ආරක්ෂක අමාත්‍යාංශ නීතිඥ දසුන් වීරකෝන් දෙස මදහස පාමින් බැලූ සන්දීප් සිය ලැප්ටොප් යන්ත්‍රයේ යමක් ක්ලික් කොට එය දසුන් දෙසට හැරවූවා.

"මට ආයෙ මතක් කරනවද ඔයා කවුද මෙතන කියලා?"

"මතක් කරන්න මම කිව්වෙ නෑනෙ...මම තමයි G10 සෙබළුන්ගේ Battlefield Neurological Simulator and Reaction Enhancer / Battlefield Situational Awareness and Tactical Counter-Measures පද්ධතිවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංග නිර්මාණය කලේ...."සන්දීප් දසුන්ගේ උපහාසාත්මක හැසිරීම අවබෝධකර ගෙන සිටියා. ඔහු සියලු තොරතුරු හොඳින් දැන ගෙන පැමිණ සිටි බව සන්දීප් දන්නවා.

"මචන් ඕකා ගල් ආඳා......."නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර්, සිය ඥාති පුත්‍රයාවන දසුන් වීරකෝන්ව ඩීට්‍රා ආයතනයේ වැඩ කඩාකප්පල් කර දැමීම සඳහා භාවිතා කරන්නට යන බවට අණතුරු අඟවමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින සන්දීප්ගේ මිතුරෙක් කියා සිටියේ සතියකටත් කලින්.

"කල්පනාවෙන් වැඩ කරපන් මචන්, දසුනයා පට්ට මීටරේ....ඕකා ඒලෙවල් කලේ ලන්ඩන් සිලබස් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක, UK ගිහිල්ලා ලෝයර් කෙනෙක් වෙන්න ප්ලෑන් එක තිබිලා තියෙන්නේ....ආරංචියෙ විධියට මූ ලයින් දාගෙන හිටපු සල්ලිකාර කෙල්ලෙක්ගෙ අම්මා කෙනෙක් පාටියකදි මූ ඉන්න තැන කියලා තියෙනවා.......... ඕන මෝඩයෙකුට ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන් අපේ දුව නම් කරන්නේ මෙඩිසින් කියලා...... මූ මචන් ඒකිගෙ අම්මට ඇනෙන්ඩත් එක්ක ලන්ඩන් සිලබස් නවත්තලා ලෝකල් ඒ ලෙවෙල් සයන්ස් කරන්න පටන් අරගත්තා. ටියුෂන් සර්ලා ගෙදරට ගෙන්නගෙන මාස නවයෙන් අවුරුදු දෙකේම සිලබස් කවර් කරගෙන ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විධියට ඒ ලෙවල් කරලා මෙඩිකල් කොලෙජ් සිලෙක්ට් වුනා…....මෙඩිකල් කොලෙජ් ඉන්න ගමන්ම මූ ක්‍රිමිනල් ලෝ ස්පෙෂල් ඩිගියකුත් දාගත්තා.... දැන් දසුනයා ලංකාවෙ ඉන්න MBBS තියෙන එකම ක්‍රිමිනල් ලෝයර්……...පස්සේ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට ගියේ මාමා එතන නිසා., එතනත් ඌ තැනක් හදාගෙන තියෙන්නේ …උගෙ ස්පෙෂල්ටි එක ෆොරෙන්සික්ස් (අධිකරණ වෛද්‍ය)…..හැබැයි ඉතින් පුදුම උණකින් ඉන්නේ....දසුනයා ඒකාලේ ඇටර්නි ජෙනරල්වවත් වැඩිය ගණන් ගන්නේ නෑලු.....මාමා නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර් වුනා විතරයි, මිනිහව ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට ගත්තා කන්සල්ටන්ට් කෙනෙක් විධියට.…."

සන්දීප්ව කල්පණාවෙන් මුදවමින් දසුන් කටහඬ අවදිකලා. "අහ්...එහෙනම් මිස්ටර් වනසේකර තමයි මේ ආබාධිත, සෙබළු සුපිරි සෙබලු බවට පත්කරපු රූකඩ නටවන්නා....??"එවර ඔහු සන්දීප්ව ඇමතුවේ ඔහුගේ වාසගමින්. ඔහු උරණවී ඇති බව සන්දීප්ට තහවුරු වුනා. යමෙක් තමන්ට වඩා හෝ තමන් පමණටම දක්ෂයෙක් බව දැනගත් වහාම දසුන්ගේ හීනමානය හිස ඔසවනවා.

"ම්ම්.... ඔව් මගේ මෘදුකාංගවලින් තමයි ඔවුන් පාලනය වන්නේ.... හැබැයි මොවුන් රූකඩ නෙමෙයි..... සිත් පිත් ඇති මිනිස්සු..."

"මිස්ටර් වනසේකර මට තියෙන ගැටළුවත් ඒකම තමයි..... ඩෝපමීන්, සෙරටෝනින්, ඇඩ්‍රිනලීන්, එෆිඩ්‍රෙෆීන් වලින් පොඟවන මේ මිනිස්සු ඇත්තටම පාලනය කරන්න පුලුවන් වෙයි කියලා හිතනවද?"

"මිස්ටර් දසුන් ඔය ප්‍රශ්නෙ අහන්ඩ ඕනෑ Bio Lab එකේ කට්ටියගෙන්, මේක AI ලැබ් එක...."සන්දීප් දසුන්ට පිලිතුරු දුන්නේ ඇඟටපතට නොදැනී වගේ. තම පිලිතුරෙන් උද්ධච්ඡ දසුන් තවත් එදිරිවාදී වන බව ඔහු දැන සිටියා.

"මම හිතන්නේ මිස්ටර් සන්දීප් උත්තරේ දන්නවා.... ඒත් මට ඔප්පුකරන්න බෑනේ..... කියමු බලන්න, මේ මිනිස්සු මෙහෙයුමකදි වියරු වැටුනොත්, නැතිනම් නියෝග පිලිපදින්නේ නැතිවුනොත්, තමුන්ගේ සොෆ්ට්වෙයාර් වලට එයාලව පාලනය කරන්න පුලුවන්ද?"


CHAPTER 00011

ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම, ජනාධිපති මන්දිරය, කොළඹ - G10 ව්‍යාපෘති සමාලෝචන සැසිය

"මේ G10 ව්‍යාපෘතිය නිසි අවසර ලබාගෙන නෑනේද?"

"ජාතික ආරක්ෂක උපදේශක තුමනි, අපි ගතයුතු අවසර සියල්ල අරගෙන තියෙනවා..."

"බොරු කියන්ඩ එපා, G10 ව්‍යාපෘති යෝජනාවේ තියෙන්නේ මේක කෘත්‍රිම බුද්ධීන් යුතු රොබෝ සෙබෙලෙක් පිලිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය කියලා, මේකෙ කිසිම තැනක නෑ, ආබාධිත සෙබලුන් යොදාගෙන කරන පර්යේෂණයක් කියලා.."

"ඔව්...ඒක ඇත්ත....ආබාධිත සෙබලු නැවත යුධ බිමට යවන්න පුලුවන් තාක්ශණ නිර්මාණය හා ඊට අවශ්‍ය පර්යේෂන කිරීමේ අවසරය Project Reboot ව්‍යාපෘතියෙන් ලබාගෙන තියෙනවා..."

"මේ දෙක එකතුකරලා එක ව්‍යාපෘතියක් කරන්න අවසර දුන්නේ කවුද? රීබූට් ව්‍යාපෘති සැලැස්මේ කිසිම තැනක තියෙනවද මේ සෙබළුන්ට හෝමෝන හා නියුරෝට්‍රාන්ස්මිටර් කෘත්‍රිමව ලබාදීලා ඔවුන් කෘත්‍රිමව උත්තේජනය කරනවා කියලා?"

"සර්, මේ සෙබළුන් දැඩිලෙස ආබාධිතවෙලා, ඇඳට සීමාවෙලා ඉන්න සෙබළු..... ඔවුන්ට මෙම කෘත්‍රිම උත්තේජන අවශ්‍යයි.."

"ඔව්...ඒත් මේ ව්‍යාපෘතිය ආබාධිත සෙබළු නැවත යුධබිමට අනුගතකිරීමේ ව්‍යාපෘතියක් නෙමෙයි නේද? ඔබලාගේ සැලැස්ම සියලුම විශේෂ බළකාවල සමාජිකයින් කෘත්‍රිම රසායණිකවලින් උත්තේජනය වන, කෘත්‍රිම බුද්ධි පරිගණක මගින් මෙහෙයවන ඔබලා කියන පරිදි සුපිරි සෙබළුන් කරන්න...ඔබලා මොනවගේ අධ්‍යනයන්ද කරලා තියෙන්නේ මෙතරම් විශාල මාත්‍රාවලින් හොමෝන හා නියුරෝට්‍රාන්ස්මිටර් ලබාදීමෙන් මේ සෙබළුන්ගේ මනසේ සිදුවිය හැකි දීර්ඝකාලීන වෙනස්කම් ගැන? ...කිසිවක් නෑ නේද? මෙවැනි සෙබළෙකු හෝ සෙබළ ඇණියක් පාළණයෙන් තොරවුනොත් කුමක් වෙයිද කියලා සිතාගන්න පුලුවන්ද?"

"අපට අවසරය තියෙනවා.... ජනාධිපතිතුමා අවසර දුන් EnHO (Enhanced Human Operator) විශේෂ ව්‍යාපෘතිය මගින් ලැබිලා තියෙනවා . EnHO හා රීබූට් ව්‍යාපෘති දෙක ඒකාබද්ධකරලා මේ අලුත් G10 ව්‍යාපෘතිය ඇතිකලේ බොහොම සාධනීය අරමුණු ඇතිව. එයටත් ජනාධිපතිතුමාගේ අත්සන ලැබී තිබෙනවා…..”

"පොඩ්ඩක් ඉන්න..."ආරක්ෂක ජාතික ආරක්ෂක උපදේශකවරයා අතක් ඔසවා ව්‍යාපෘති ප්‍රධානී කසුන් සේනානායකව නැවැත්වූවා.ලඟ අසුන්ගෙන සිටි සන්දීප් , කසුන්ට නිහඬවෙන ලෙස කකුල වද්දා සංඥා කලා.

“ජනාධිපතිතුමනි, මෙතනදි මම කියන්න ඕනෑ ඩීට්‍රා එකේ (DTRA - Defense Technology Resesearch Agency) අය ටිකක් අවංක මදි කියන එක. මේගොල්ලෝ ඔබතුමාවත් මේවට සාක්කි විධියට ගාවගන්නවා. ඒක වැරදියි. මේවා පත්තරවලට ගියාම එයලා ලියන දෙවල් දන්නවනෙ සර්?

“මම දන්නේ නෑ හමුදාපතිතුමාටවත් මේවා හරියට තේරෙනවද කියලා. එක එක වෙලාවට එක එක ලස්සන නම් වලින් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් හදාගෙන එනවා. Reboot කියනවා, EnHO කියනවා, G10 කියනවා. ඒවාවල තියෙන තාක්ෂණය ප්‍රයෝගිකද කියලවත් හොයලා බලලා තියෙනවද? මේ වැඩවල නීතිමය පැත්ත සලකලා බලලා තියෙනවද? මේ සෙල්ලන් කරන්නේ යකඩ රොබෝලා එක්ක නෙමෙයි, මනුස්ස ජීවිත එක්ක. ඒවගේම මේ රටේ මහජන මුදල් එක්ක”

සාවධානව අසා සිටි ජනාධිපතිවරයා මේ අවස්ථාවේ බාධාකිරීමක් කලා. සියලුදෙන නිෂ්ෂබ්දව ඔහුදෙස බැලුවා.

“මේ රටේ ජනාධිපතිවරයා විධියට මම ආඩම්බර වෙනවා ඩීට්‍රා ඒජන්සියේ වැඩකරන තරුණ ළමයින්ගේ තාක්ෂණ දැනුම හා කැපවීම ගැන. මේ අධිතාක්ෂණික දේවල් අපිට හරියට තේරෙන්නේ නෑ තමයි ආරක්ෂක උපදේශකතුමා….. ඒ නිසානේ තරුණ කොල්ලන්ට, කෙල්ලන්ට මේවා බාරදීලා තියෙන්නේ. මම ලඟදි ත්‍රිකුණාමලේ රැස්වීම් වගයකට ගිය ගමන්, හමුදාපතිතුමාගේ ආරාධනයෙන් ඩීට්‍රා රීසර්ච් සෙන්ටර් එකට ගියා. සුද්දගෙ කාල බෝම්බ දාන ප්ලේන් නවත්තන්න හදපු තැනක් ඒක. සුද්දගෙන් පස්සේ එතන වැඩකට අරගෙන තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකෙන්. එතන බොහොම දක්ෂ තරුණ තරුණියන් කුඩා කණ්ඩායමක් වැඩ කරනවා. ගූගල් වගේ පිටරට කොම්පැණිවල වැඩකරපු ළමයිනුත් එතන ඉන්නවා. මම ඒගොල්ලෝ එක්ක කතාකලා. එහෙ ඉඳගෙන ලක්ෂ ගණන් පඩිගන්න පුලුවන්කම තියෙද්දි තමයි මෙහෙ ඉන්නේ. ඉතින් උපදේශකතුමා අපි මේ තරුණයන්ව කළකිරවන්න නරකයි. මෙහෙ මේ ප්‍රොජෙක්ට් එක කඩාගෙන වැටුනොත් ටක් ගාලා ඇමරිකාවෙන් ග්‍රීන් කාඩ් දීලා ඔය තරුණයෝ ටික ඔක්කොම එහෙට ගනියි. එතකොට පාඩුව රටටමයි.”

"දැන් මේ ජී.10 ප්‍රොජෙක්ට් එකට මගේ අවසරය ගත්තා කියලා කියනවා. ඔව් මම අවසරය දුන්නා. හැබැයි මතක තියාගන්න, මම අවසරය දුන්නේ දැන් ඇඳට වැටිලා ඉන්න මේ නිර්භීත මිනිස්සුන් යලිත් දෙපයින් ඇවිද්දන්න, ඒ මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න පුලුවන් වෙයි කියලා. ඒනිසා එගොල්ලන්ගේ ජීවිත ගැන වගකීමෙන් වැඩ කරන්න ඩීට්‍රා එක දැන ගන්න ඕනෑ. ඒවගේම මේ වියදම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි කියන එකත් මතක තියාගන්න…”

"හමුදාපතිතුමාට මොනවද මේ ප්‍රොජෙක්ට් එක ගැන කියන්න තියෙන්නෙ? ඔබ සෑහිමකට පත්වෙනවාද G10 ව්‍යාපෘතිය යන විධිය ගැන?"

“ස්තූතියි ජනාධිපතිතුමනි......ආරක්ෂක මණ්ඩළයේ සමහර සාමාජික මහතුන්ට අපගේ අලුත් ව්‍යාපෘති ගැන යම් ආකාරයක ගැටලු තියෙන බව පේනවා. මම ඒවා නිරවුල් කරන්න උත්සහ කරන්නම්. මුලින්ම රීබූට් ව්‍යාපෘතිය ගැන කියන්න ඕනෑ. ඒක බොහොම සාර්ථකයි. තෝරාගත් ආබාධිත සෙබලුන් පනස් දෙනාම ඉතා සාර්ථකව සාමාන්‍ය ජීවිතයට අනුගත වෙලා තියෙනවා. අපි ඔවුන්ව නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. ඒවගේම හතර දෙනෙක් එයාලගෙ ඉල්ලීම මත නැවත බේසික් ට්‍රේනින් එකට යැවුවා. ඔවුන් හිතවාට වඩා හොඳින් ඒ කෝස් එක අවසන් කලා. දැන් ඔවුන් කොමාණ්ඩෝ කෝස් එකකට යොමුකරලා තියෙනවා. මේ ආබාධිත සෙබලු නැවතත් යුධ මෙහෙයුම් වලට යොමු කරන්න පුලුවන් නම් ඒක ශ්‍රී ලංකා යුධ හමුදාව ලබන විශාල ජයග්‍රහණයක්.

DTRA පර්යේෂණ කණ්ඩායම Enhanced Human Operator (EnHO) වැඩසටහන යෝජනා කලේ මෙවැනි සෙබලුන් සාමාන්‍ය සෙබලුන්ට වඩා වැඩිදියුණු හැකියාවන් තියෙන සෙබලුන් කරන්න. අපිට නිරෝගී සාමාන්‍ය සෙබලුන් මේ ආකාරයට වැඩිදියුණු කරන්න බෑ. ඒක නීතිවිරෝධීයි, ඒවගේම සදාචාර විරෝධීයි. ඒත් රට වෙනුවෙන් යුද්දෙට ගිහිල්ලා, අතපය පූජා කරලා, ආබාධිත වෙලා ජීවිතේ ඉතුරුකාලෙම ඇඳට වැටිලා, බේත් අහුරු පිටින් ගිලදදා ඉන්න, වැසිකිලියටවත් තනියම යන්න පුලුවන් කමක් නැති අවුරුදු 20-30 වයස් වල ඉන්න තරුණ කොල්ලන්ව ආයෙත් නැගිටවලා ගන්න තාක්ෂණයක් දියුණු කරන්න පුලුවන්නම් ඒක නීතිවිරෝධී හෝ සදාචාර විරෝධී නෑ. දෙපය පණ නැතිවුනු කෙනෙක්ටම විතරයි ආයෙ ඇවිදින්න විතරක් නෙමෙයි ආයෙත් දුවන්න, පනින්න, හමුදාවේ නැවත සක්‍රිය සේවයට යන්න පුලුවන්කම ලැබෙනවානම් ඒක මොනතරම් ආස්චර්යයක්ද කියලා තේරෙන්නේ…….”

“ඔවුන්ට හෝමෝන ඉන්ජෙක්ෂන් දෙන බව ඇත්ත. ඒත් වෛද්‍ය නිර්දේශ අනුව මේ ආබාධිතයින්ට කොහොමටත් ඔය හෝමෝන ට්‍රීට්මන්ට් දෙන්න ඕනෑ. නැතිනම් ඔවුන්ට දිවිරැකගන්න බෑ. ReBoot, EnHO දෙකම එකතුකරලා G10 වැඩසටහන හැදුවේ මේ අරමුණු ඔක්කොම ඉටුකරගන්න. මේකට G10 කියලා නමදාලා තියෙන්නේ විශේෂ අදහසකින්. අපි G10 කියලා කෙටියෙන් කියන්නේ Ten Giants කියන එකට. ඒ කියන්නේ දසමහා යෝධයින් කියන අරුත. මේ ආබාධිත තරුණ සෙබළුන්ට යෝධබල යෝධවීරිය දෙන්න හදන වෑයමක් මේක.

ඉදිරියේදී යුධ හමුදාවට මුහුණ දෙන්න වෙන්නේ කෙටි, බිහිසුණු ගරිල්ලා සටන්වලට නැතිනම් ජනාකීර්ණ නගරවල සිදුවන වීදි සටන්වලට. සමහරවිට රසායණික අවි, ජීව අවි යොදාගන්නා සටන් වෙන්න පුලුවන්. ලෝකෙ පුරාම ත්‍රස්තවාදි සංවිධාන අලුත් තාක්ෂණයෙන් සන්නද්ධ වෙනවා. අද වෙනකොට ජෛව ඉන්ජිනේරු තාක්ෂණය කොතරම් දියුණු වගේම ලාභද කියලා කියනවනම් අන්තර්ජාලයෙන් ජාන සංස්කරණ කට්ටල මිළදීගන්න පුලුවන්. මේවා අරගෙන ත්‍රස්තවාදීන්ට සරළ, එහෙත් විනාෂකාරී ජෛව අවි හදාගන්න පුලුවන්.

එවැනි ත්‍රස්තයින් කණ්ඩායමකට මුහුණ දෙන්න අපිට අපේ දක්ෂම විශේෂ බළකා යුනිට් එකක් වුනත් යවන එක අමාරුයි. ඒ සඳහා යවන්න ඕනෑ ඉතාමත් වේගවත්ව ඉලක්කයට ලඟාවෙන්න පුලුවන්, බොහොම බිහිසුණු ලෙස සටන්කරන්න පුලුවන්, සාම්ප්‍රදායික විශේෂ බළකා ක්‍රියාකරුවන්ට වඩා අතිවිශාල ප්‍රහාරක හැකියාවක් ඇති, රොබෝ තාක්ෂණයෙන් වැඩිදියුණු කල සන්නාහ හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් උද්දීපනය කල සංවේදන ඇති අතිවිශේෂ සෙබළුන්. අපේ වෑයම එවැනි විශිෂ්ඨයින් ටිකදෙනෙකු හරි බිහිකරගැනීමයි.


CHAPTER 00100

ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කල රණවිරු උපහාර මියැසි රාත්‍රිය - බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව.

"ගුඩ් ඊවිනින් මිස්...."

"ගුඩ් ඊවිනින්...."කවීෂා තමන්වෙත ලංවුනු තරුණයා දෙස ඕනෑවට එපාවට මෙන් දෑස් යොමුකොට යලිත් ඉවතබලා පිලිතුරු දුන්නා. ඉතාම හොඳින් හැඳ පැළඳගෙන සිටි ඔහුගෙන් හොඳ පෞරුෂයක් දිස්වුනා.

"ඔයා කවීෂා ජයමාන්න නේද?"

"කොහොමද නම හොයා ගත්තේ?"ඇය නළල රැළිකොට, මදක් තදින් ඇසුවා.

“මිස් මාව නොදන්නවා වුනාට මම මිස්ව දන්නවා..."

"ඇත්තට? මාව ගොඩක් අය දන්නවා........ ඔයාට ඊවිනින් එක ගතකරන්න කාව හරි හොයාගන්න ඕනෑනම් අර පැත්තට යන්න......... ඒ පැත්තේ ෆෝසස් වල කෙල්ලෝ ගොඩක් ඉන්නවා......හැබැයි පරිස්සමෙන්.........අනුන්ගේ කෙල්ලන්ට ලයින් දාන්න යන්න එපා..."

මදහස පෑ තරුණයා කමිස සාක්කුවෙන් කාඩ් පතක් ගෙන කවීෂා වෙත දිගුකලා.

"කැප්ටන් ජිත් ගුණවර්ධන.... මිලිටරි ඉන්ටෙලිජන්ස්...."

කාඩ්පත වෙත නෙත් යොමුකල කවීෂා එය උඩින් පල්ලෙන් කියවා යලිත් තරුණයා වෙත දිගුකලා.

"අපරාදෙ කාඩ් එකක් නාස්ති නොකර වෙන කෙනෙකුට දෙන්න...... අනිත් එක ඔෆිෂියල් වැඩවලට දීලා තියෙන විසිටින් කාඩ් ඔහොම කෙල්ලන්ට දික් කරන්න එපා කැප්ටන්...."

"ඔෆීෂියල් වැඩකට තමයි මම මිස්ට කතාකරන්නේ"

නැවතත් නළල රැළිකරගත් කවීෂා කෙලින්ම ජිත්ගේ මුහුණ දෙස බැලුවා. ඔහුත් ඇයගේ දෑස් මග නොහැර බලා සිටියා. මොහොතක් දෑස් රඳවගෙන සිටි ඇය, අත් බෑගයෙන් සිය ජංගම දුරකථනය ගෙන එහි ඇති පණිවුඩ කියවමින්...

"හම්....කියන්න බලන්න... මොකක්ද ප්‍රශ්ණෙ?"

"දසුන් වීරකෝන්...."

"දසුන් වීරකෝන්…??? මොකක්ද මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට දසුන් එක්ක තියෙන ප්‍රශ්ණෙ....?"

"මිස් දසුන්ව දන්නවා නේද?"

"දන්න නිසානෙ ඇහුවෙ එයත් එක්ක තියෙන ප්‍රශ්ණෙ මොකක්ද කියලා? මිස්ට වීරකෝනුත් මෙහෙ ඇවිත් ඉන්නවා....මම කෝල් එකක් දීලා ගෙන්නන්නද? එයාගෙන්ම අහගන්න පුලුවන්නේ...."

"මිස් ජයමාන්න.... ඔය තරමට හරස් වෙන්න එපා.......මම ඔයත් එක්ක හාද වෙන්න හදනවා නෙමෙයි......සීරියස් දෙයක් කතාකරන්න හදන්නේ........!!"

මදක් නිහඬව සිටි කවීෂා කපිතාන් ජිත් ලබාදුන් විසිටින්කාඩ් පත යලිත් කියවමින් සන්සුන් හඬින් කතා කලා

"කියන්න කැප්ටන්, මොනවද මගෙන් දැන ගන්න ඕනෑ.....?"

"මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට ඔයාගෙන් උදව්වක් ඕනෑ වෙලා තියෙනවා. මම ඔයත් එක්ක කතාකරන බව මගේ සීනියර් ඔෆිසර් දන්නවා. අපේ කට්ටිය මේ වටේ ඉන්නවා...එයාලා අපිව කවර්කරගෙන ඉන්නේ....."

එසැනින් වටිපිට බලන්නට උත්සහකල ඇයව ජිත් නැවැත්තුවා.

"වටපිට බලන්න එපා, මා දිහා බලාගෙන කතාකරන්න..."

"මොකක්ද ඔය ගොල්ලො මෙතන කරන්න හදන්න්නේ? මිෂන් එකක්ද?? මුලු ඩිෆෙන්ස් මිනිස්ට්‍රියමයි, මිලිටරි ටොප් බ්‍රාස් එකයි අද මෙතන!!!"

"ඔව්.....එක විධියක මිෂන් එකක්....ඒවගේම ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ හැමෝම මෙතන ඉන්න එක මේවගේ වැඩකට හොඳම අවස්ථාවක්....අපිට ගොඩක් වැදගත් තොරතුරු සපයන්න පුලුවන් කෙනෙක්ව අපේ පැත්තට නම්ම ගන්න හදන මිෂන් එකක් කරන්නයි හදන්නේ..."

"මේ මාව? ඇයි?"කවීෂාගේ මුහුණ අඳුරුවුනා.

"දසුන් වීරකෝන්..... ඔයා මොනවද එයා ගැන දන්නේ?"

"වැඩිය දෙයක් නෑ....එයා මෙඩිකල් ඩොක්ට කෙනෙක්, ඒවගේම දක්ෂ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්, නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්ගේ ඥාති පුත්‍රයෙක්..."

එයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?"

"මොනවිධිය සම්බන්ධයක්ද?"ඇය තියුණු බැල්මක් හෙලුවා.

"රාජකාරි සම්බන්ධතාවලට වැඩි යමක්........ ලඟ හිතවත් කමක්, නැතිනම් රොමෑන්ටික් රිලේෂන්ෂිප් එකක්...."

"නෑ.....එහෙම මුකුත් නෑ...... ඇයි මගේ පෞද්ගලික ජීවිතේ ගැන අහන්නේ....?"

“එහෙම සම්බන්ධකමක් තියෙනවානම් මෙතනින් එහාට මට ඔයත් එක්ක කතාකරන්න බෑ ඒකයි..."

"ඔයාලගෙ රස්සාව ඔත්තු බලන එක නේද? බැලුවෙ නැද්ද හොයලා...?"

"බැලුවා මිස්, හොඳට හොයලා බැලුවා.... ඒත් ඒක ඔයාගෙන්ම අහලා දැන ගන්න එක හොඳ නිසයි ඇහුවේ. අපි දන්නවා මිස්ට දසුන් වීරකෝන් එක්ක රාජකාරි ඇයි හොඳයියට වැඩි යමක් නෑ කියලා....නැතිනම් මම කවදාක්වත් මිස්ට කතා කරන්නේ නෑ...."

“අපිට මිස්ට වීරකෝන් ගැන ඇහ ගහගෙන ඉන්න මිනිස්ට්‍රිය ඇතුලේ කවුරු හරි ඕනේ...."

"මොනවා??? ඔයාලට පිස්සුද කැප්ටන්?"

"මට පිස්සුවක් තියෙනවා කියලා පේනවද ඔබතුමියට?"ජිත් මදක් කිපුණු බව පෙන්වමින් විමසුවා.

“පිස්සු නැතිනම් හැටි වෙන්න ඇති ඔයාලගෙ...! ඔයාල වැඩකරන්නෙත් ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ, ඔයාලගෙ හෙඩ් ඔෆිස් එක තියෙන්නෙත් ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ, ඒත් ඔයාලට ඩිෆෙන්ස් මිනිස්ට්‍රිය ඇතුලෙ ඔත්තුවක් බලවගන්න මිනිහෙක් නෑ කියලද කියන්නේ?"කවීෂා රවමින් ඇසුවා. ඇයගේ කටහඬහි කෝපය ගැබ්වී තිබුණා.

"මම මිස්ගේ සිහින චාරිකාෆේස් බුක් පේජ් එකේ ෆෑන් කෙනෙක්.........මිස් ලියපු කතා ඔක්කොම මම කියෙව්වා..."ජිත් හදිසියේම කතාව වෙනතක යොමුකලා. ඇයගේ එදිරිවාදී ප්‍රතිචාර වැඩිවෙමින් තිබුණ නිසා කතාව වෙනතක යොමු කරන්නට ඔහු සිතුවා....

ජිත් දෙස යොමුකල ඇයගේ මුහුණේ යලිත් සැහැල්ලු බවක් දිස්වුනා.

"මම කැම්පස් යන කාලේ ලියපු පිස්සු කතා ටිකක් කියවලා තියෙන්නේ.... "ඇය ඉවත බලාගෙන පිලිතුරු දුන්නා.

"ඒත් ඒවා වෙන කෙල්ලෝ ලියන ළාමක ප්‍රේම කතා වගේ නෙමෙයි........... ඔයා කතා නායිකාව වෙන රහස් පරීක්ෂක කෙටිකතා.... ඒවාවලට Nancy Drew කතාවල ආභාශය තියෙනවා වගේ පෙනෙනවා......ඔයා නැන්සි ඩෲ ෆෑන් කෙනෙක් නේද……..?"

"ඔව් මම නැන්සි ඩෲ, හාඩි බෝයිස් කතා ඔක්කොම කියවලා තියෙනවා......."

"මිස් කවීෂාට පුලුවන්ද අපේ නැන්සි ඩෲ වෙන්න?"ජිත් යලිත් මාතෘකාවට හැරුනා.

"කැප්ටන් ජිත්, ඔයානම් මාර කපටියෙක්........!"ඇය සිනාසුනා.

“"සමාවෙන්න මිස්.......රාජකාරියනෙ කරන්නේ......"

"ඒ කියන්නේ, ජනාධිපතිතුමාගේ ලඟම විශ්වාසවන්තයෙකු වෙන නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්ගේ නංගිගෙ පුතා ගැන මිලිටර් ඉන්ටෙලිජන්ස් එකට බරපතල සැකයක් තියෙනවා....."

"ඔව්......"

"ඇයි ඒ?"

"අපිට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද?"

"බැරිනම් ඔයා මට මේ තරම් විස්තර කියනවද?"

“මේක සෑහෙන බරපතලයි..........අපරික්ෂාකාරීවුනොත් ඔයාට අණතුරක් වෙන්නත් පුලුවන්...."

"ඔයාලනම් නියම මිනිස්සු කැප්ටන් !!!............

--කවී ඔයාට පුලුවන්ද අපි වෙනුවෙන් ඔත්තු බලන්න?........හැබැයි මැරෙන්නත් ඉඩ තියෙනවා ! --

...........ඔයලා බඳවගන්න ඔත්තුකාරයෝ ඔක්කොටම ඔය කතාව කියලද පටන් ගන්නේ? නැතිනම් මට විතරද?"

කපිතාන් ජිත් සිනාසුනා. ඔහුගේ සගයෙකු වන, මනෝ විශ්ලේෂණ විශේෂඥ ඩොක්ටර් නදීෂ් සේනාධීර, කවීෂා ගැන සකස්කොට තිබූ විශ්ලේෂණ වාර්තාව කොතරම් නිවැරදි දැයි ඔහුට සිතුනා.

"කවීෂා කියන්නේ තද ගති පැවතුම් ඇති තරුණියක්. IQ එක සෑහෙන ඉහලයි. මිතුරියන් අඩුයි. මිතුරන් වැඩියි. ගැහැණුන් අවිශ්වාස කරන තැනැත්තියක් බව අනුමාණ කල හැකියි. පිරිමි ඇසුරට කැමතිවුනත් දිගුකාලීන සබඳතා ගොඩනගාගන්න අකමැතියි. පෙම්වතෙක් නැත. ඇයගේ විශ්වාසය දිනාගන්න අමාරුයි. එහෙත් හිතවත් වුවිට විශාල කැපකිරීම් කරන්න සූදානම් ගතියක් පෙන්වයි. තමන්ගේ ඒ දුර්වලකම දන්නා නිසාදෝ ඇය හිතාමතාම බොහෝ දෙනා අතේ දුරින් තබාගන්නට උත්සහ කරයි. සාමාන්‍ය තරුණියන්ට වඩා නිර්භය, එඩිතර ගතිලක්ෂණ ඇත. කටකාරියක් වන ඇය කිසිවෙකුට දෙවැනි වන්නට අකමැති ගතියක් පෙන්වයි. පෙම්වතෙකු හෝ ඉතා ලඟින් ආශ්‍රය කරන්නන් නොමැතිවීමට මේ ගතිලක්ෂණද බලපානවා යයි අනුමාන කල හැකිය. ත්‍රාසජනක අත්දැකීම් වලට කැමතියි. ක්‍රීඩාශීලීයි. දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් වගේම පාසැල් කාළයේ පිහිණුම් ශූරියක්ද වනවා. මෙවැනි තරුණියන් හා හාදවීමට උත්සහ කිරීමට බොහෝ තරුණයින් බියක් දක්වයි, එහෙත් ඇයගේ විශ්වාසය දිනාගත හැකිනම්, ඇයව ඕනෑම දෙයකට පොළඹවා ගැනීමට පුලුවන...…….”

"නදීෂ් කෙල්ලගේ කේන්දරේ බැලුවා වගේ ලියලා තියෙන දේවල් හරියටම හරි..."යන සිතුවල්ල ජිත් හට ඇතිවෙද්දී කවීෂා කටහඬ අවදිකලා.

"මොකෝ සයිලන්ට් වුනේ එක පාරට?"

"නෑ....ඔයාගෙ සයික් ප්‍රොෆයිල්** එකේ තිබුණ ඒවා කොච්චර ඇත්තද කියලා හිතුවා......"
(** psychological profile - මනෝරේඛය)

"මං ගැන සයිකොලොජිකල් ප්‍රොෆයිල් එකකුත් හදලද?..."කවීෂා පුදුමයෙන් ඇසුවා.

"ඔයාට විතරක් නෙමෙයි, අපි උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම, ඒ කියන්නේ a person of interest කියලා අපි හඳුනගන්න හැමෝටම සයික් ප්‍රොෆයිල් එකක්, බිහේවියර් ප්‍රොෆයිල් එකක් හදනවා…..ඊට පස්සේ තමයි අපි ඇක්ෂන් එකක් ගන්නේ…”

“ඇයි ඉතින් මට මෙච්චර විස්තර කියන්නේ? ඔයලා රහස් රකින්න නෙමෙයිද ඉන්නේ?"

"මම කිව්වා වගේ අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ බරපතල දෙයක්....අපිට ඔයාගේ විශ්වාසය දිනා ගන්න ඕනෑ කවීෂා.... ඒකට ඔයාට මුල ඉඳලම ඇත්ත කියන්න ඕනෑ....මම කරන්නේ ඒක..... ඔයා වගේ කෙනෙක්ව රවට්ටලා උපකාර ගන්න බෑ....... ඔයාගේ සයිකොලොජිකල් ප්‍රොෆයිල් එකෙන් අපි ඉගෙන ගත්ත වැදගත්ම දේ ඒක....අපි බලාපොරොත්තුවන දේ කරලා දෙන්න ඔයාට බුද්ධියයි, ආත්ම ශක්තියයි දෙකම තියෙන බව අපි දන්නවා.......ඇති කරගන්න ඕනෑ විශ්වාසය.......අපිට ඔයාව අවශ්‍යයි...... දසුන් වීරකෝන් ගැන ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා....ඒත් මේක වෙලාව නෙමෙයි.......ඔයාගෙ ප්‍රයිවට් ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද? මගේ එක කාඩ් එකේ තියෙනවා. පැය විසිහතරෙම මම ෆෝන් එක ආන්සර් කරනවා.....කැමතිනම් අපි ආයෙත් හමුවෙමු"


CHAPTER 00101

මාලබේ ව්‍යායාම මංතීරුව, චන්ද්‍රිකා කුමාරතුංග මාවත

පාන්දර පහ පසුවී විනාඩි පහක් යනවිට මාලබේ ටවුම පැත්තෙන් ආ කළුපැහැති නිසාන් ලීෆ් රථයක් චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ඇතුලුකලා. සෙනසුරාදා දිනයක් වූ බැවින් ඒ වනවිටත් ව්‍යායාම කරන්නන් පැමිණි වාහන කිහිපයක් මාර්ගයේ වම්පස නවතා තිබුණා. මදක් ඉදිරියෙන් ඉඩක් ඇති තැනක් සොයාගත් කවීෂා වාහනය නතර කොට ඉන් බසිද්දී ජිත් ඇය වෙත පැමිණියා. අළු පැහැති ට්‍රැක් බොටම් එකකින් සැරසී සිටි ඇයගේ ඇඟටම ඇළුනු සුදු පැහැ ස්පෝර්ට්ස් ටී ශර්ට් එක නිසා උඩුකයේ සුන්දරත්වය මනාව දිස්වුනා. රූමතියක් නොවුනත් සුන්දර මුහුණක් හා පිරිපුන් නාරි දේහයක් හිමි ඇය ඕනෑම පිරිමියෙකුගේ දෑස් ඇදගන්නට සමත්වුනා.

"ගුඩ් මෝනින්...."

"හායි! ගුඩ් මෝනින් කැප්ටන්....!"

"මට ජිත් කියලා කියනවද?"

"ඒක ඔයාගෙ ඇත්ත නමද?"

"පාවිච්චි කරන නම.......ඇත්ත නම අනුප්‍රජිත්...."

“ඒක දෙමළ නමක් නේද?"

"ඔව්..."

"ඔයා දෙමළ නෙමෙයිනෙ..."

"අම්මා දාපු එකනෙ........මොකක්ද දෙමළ පිච්චර් එකක හිටපු අම්මා ආසවුනු කොල්ලෙක් ගේ නමක්..."ජිත් සිනාසෙමින් පැවසුවා.

“ඇත්තද?”

“දුවමුද?"

"වෝම් අප් කරලා පුරුද්දක් නැද්ද කැප්ටන් ජිත්ට?"කවට මුහුණක් මවාගෙන ඇසූ කවීෂා තාපන ව්‍යායාම පටන්ගත්තා.

"ඔයා එන්න කලින් මම වෝම් අප් එක කරලා.....පිංකෙත පන්සල ලඟට දුවලා ආවා...."

"හ්ම්......මං ඒත් බැලුවා දුවන්නත් කලින් දාඩිය දාගෙන මොකද කියලා...."

"දැන් හරි....යමු......"තාපන ව්‍යායාම අවසන් කල ඇය ජිත් ලඟන් සිට ගත්තා. ව්‍යායාම මංතීරුවට බැසගත් ඔවුන් දිවීම ඇරඹුවා. ජිත් සිය ඔරලෝසුවේ විරාම ඝටීකාව (stop watch) ක්‍රියාත්මක කරද්දී වෙලාව අළුයම 5.20 බව එහි තිරයේ දිස්වුනා.

"කීයටද මෙතනට ආවේ?"

"ඊයේ රෑ ඉඳන් මෙතන අප්පා........ ඔයාව කොහොම හරි අල්ලගන්න එපෑ......."ජිත් පවසද්දී ඇය දෙවුර ගස්සමින් සිනාසුනා.

“තව කීදෙනෙක් ආවද ඔයාගෙ සපෝට් ෆෝසස් විධියට...?”

“කවුරුත් නෑ......මං විතරයි..”

තමන් හඳුනන, ආරක්ෂක අංශවලට සම්බන්ධ බොහෝ පිරිමින්ට වඩා සැහැල්ලුවෙන් හැසිරෙන ජිත් පිලිබඳව පැහැදීමක් ඇයගේ සිතෙහි ඇතිවෙමින් තිබුණා. බුද්ධි අංශ නිළධාරියෙකු වූ ඔහු පිලිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ තමන් දන්නා ඉහල නිළධාරීන් හරහා තොරතුරු සපයාගත් කවීෂා, ජිත් මිලිටරි ඉන්ටෙලිජන්ස් බුද්ධි අංශයේ හොඳ නමක් දිනාගෙන සිටින දක්ෂයෙකු බව වටහාගත්තා. ඔහු තමන් ගැන නිසි තක්සේරුවකින් සිටිනා බවද ඇයට තෙරුම් ගියා. ගැහැණුන්ගේ හැකියාවන් මෙන්ම අවශ්‍යතා ගැනද නිසි තක්සේරුවක් ඇති, බොරු චාටු බස් හා අනිසි ලෙන්ගතුකම් නොපාන පිරිමින් හා එක්ව වැඩිකිරීම බොහෝ පහසු බව ඇය අත්දැකීමෙන් දන්නවා. දසුන් වීරකෝන් ගැන තවදුරටත් කතාකිරීමට ජිත්ව ගෙන්වාගන්නට ඇය තීරණය කලේ ඒ අනුවයි.

"දසුන් ගැන කියමුද බලන්න...."නිහඬව ගෙවුනු විනාඩි කිහිපයකින් පසු ඇය ඇසුවා.

"දසුන් වීරකෝන් ගැන ලොකු අවුලක් අපිට තියෙනවා. දැන් සති තුනකට කලින් අඩි 40ක කන්ටේනර් එකක් පරීක්ෂා නොකර නිදහස් කරන්න මෙයා කස්ටම්ස් එකට බලකරලා තියෙනවා. කස්ටම්ස් එකට මෙයා දීපු තොරතුරුවල විධියට ඒ කන්ටේනර් එකේ ඩීට්‍රා එකට බොහොම හදිසි අවශ්‍යතා කියලා ගෙන්වපු බඩු වගයක්. ඒත් ඔයයි මමයි දෙන්නම දන්නවා දසුන් ඩ්‍රීට්‍රා ප්‍රොජෙක්ට් එක ගැන සිකියුරිටි කවුන්සිල් එකට ලියපු රිපෝට් එක. අපේ විශ්ලේෂණයේ විධියට දසුන්ට ප්‍රශ්නෙ තියෙන්නේ ඩ්‍රීට්‍රා එකෙන් කරන ප්‍රොජෙක්ට් එක නෙමෙයි. මිනිහගෙ ආරෝව ඒකෙ වැඩකරන කොල්ලො කෙල්ලෝ එක්කයි. තමුන්ට වඩා දක්ෂයින්ට, වැඩකාරයින්ට, මොළකාරයින්ට දසුන් පුදුම විධියට වෛරකරනවා. ඒක මානසික රෝගයක් වගේ…”

"අපිට තියෙන තොරතුරුවල විධියට දසුන් කස්ටම්ස් එකේ ලොක්කෙකුට කතාකරලා ෆෝන් එක නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්ට දීලා තියෙනවා. එයා තමයි ඕඩර් කරලා තියෙන්නේ කන්ටේනර් එක වහාම නිදහස් කරන්න කියලා...එතන ලොකු අවුල් දෙකක් තියෙනවා....... පලවෙනි එක නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් ඩීට්‍රා යුනිට් එකට දැඩි විරෝධයක් එල්ල කිරීම. එයා හිතන්නේ ඩ්‍රීට්‍රා එක සල්ලි නාස්තියක් කියලා. සිලිකන් වැලී එකේ ඉඳලා ආපු ලංකාවෙ ටික දෙනෙකුට ආණ්ඩුවේ සල්ලි වලින් හොඳ නිවාඩුවක් ගතකරන්නයි, ආපහු ඇමරිකාවට යනකොට එයාලගෙ CV එකට දාගන්න හදාගත්ත වැඩකට නැති ප්‍රොජෙක්ට් එකක් කියලයි නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් හැමෝටම කියන්නේ......එහෙව් මිනිහා කලබලේ ඩ්‍රීට්‍රා එකට ආපු කන්ටේනර් එකක් නිදහස් කරන්න ඕඩර් කරයිද?"

"අනිත් එක තමයි, "ජාතික ආරක්ෂක උපදේශකවරයාගෙන් ලැබුණු අණ අනුව නිදහස් කරන ලදී කියලා"කන්ටේනර් ලියකියවිලි වල දාලා තියෙන මිනිට් එකට අනුව ඇමතුම ලැබුණ වෙලාවෙ දසුන් ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ ඉඳලා නෑ. ඒවෙලාවෙ නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්, ඩිෆෙන්ස් සෙකට්‍රිත් එක්ක, European Union එකේ ආගමන-විගමන ප්‍රධානීන් කිහිපදෙනෙකු එක්ක මිනිස්ට්‍රියෙ සාකච්ඡාවක ඉඳලා තියෙන්නේ...පැය තුනක් ගිය ඒ රැස්වීමේදී කිසිම බාධාවක් කරන්න එපා කියලා ඩිෆෙන්ස් සෙක්ට්‍රි එයාගේ ස්ටාෆ් එකට නියෝග කරලා තිබුණා...."

"එතකොට කොහොමද නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් කස්ටම්ස් ලොක්කට කතාකරේ? දසුන් මිනිස්ට්‍රියේ හිටියෙත් නැත්තම්, එයා කොහොමද ෆෝන් එක දෙන්නේ?"

"අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඒකයි.........දසුන් නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්වත් නොමග යවලා, එයාගෙ නම පාවිච්චි කරලා වෙන ලොකු ගේමක් ගහනවා...."

"ඒත් කෝල් එක?"

"එහෙම ෆේක් කෝල්ස් දෙන්න පුලුවන් රහස් තාක්ෂණයක් තියෙනවා. ඒක වැඩකරන්නේ Artificial Intelligence (AI) ඇප් එකකින්. ඕනෑම කෙනෙකුගේ කට හඬේ සාම්පල් ප්‍රමාණයක් ඇතුලු කරාම, ඒ AI ඇප් එකට අර මනුස්සයාගේ කට හඬින් ඕනෑම දෙයක් කියන විධියට වොයිස් ක්ලිප් එකක් හදන්න පුලුවන්ලු. ඒ ඇප් එක ඇමසන් ඇලෙක්සා, ඇපල් සිරී, මයික්‍රෝසොෆ්ට් කෝටානා වගේ AI වොයිස් ඇප් එකකට සම්බන්ධ කලාම අර මනුස්සයාගේ කටහඬින් සංවාදයක් ගෙනියන්න පුලුවන්ලු....හැබැයි ඒ තාක්ෂණය තාම වාණිජ මට්ටමින් එලිදක්වලා නෑ.........AI ලැබ්වල පර්යේෂණ මට්ටමේ තියෙනවා කියලා තමයි අපිට රිපෝට් වෙලා තියෙන්නේ....."

“ඔය වැඩේ දසුන් කලා කියලා හිතන්නේ කොහොමද? දසුන්ගේ කටහඬත් ඔය විධියටම ෆේක් විධියට හදලා වෙන කෙනෙක් දසුන්ව කොටු වෙන විධියට වැඩේ කලා වෙන්න බැරිද? අනිත් එක ඔයවගේ තාක්ෂණයක් ලංකාවේ තියෙන්නේ කාලඟද?"

දිවයමින් සිටි කවීෂා එක්වරම නැවතුනා. ඇයගේ මුහුණේ විෂ්මය මුසු කරදරකාරී ස්වරූපයක් මැවී තිබුණා.. කවීෂා පසුකර මදක් ගොස් ආපසු හැරුණු ජිත්, නළලේ දාඩිය බිඳු පිසදමමින්… "ඇයි කවී? මොකද?"

කවීෂාට හුස්ම අල්ලන්නට ඉඩදුන් ජිත්, සිය පිටෙහි එල්ලාගෙන ගිය කුඩා බෑගයෙන් ජල බෝතල් දෙකක් ගෙන එකක් ඇයට දී අනෙකෙන් ජලය උගුරු කිහිපයක් බිව්වා.

"ලංකාවේ දක්ෂම AI ටීම් එක කොහෙද ඉන්නේ?"බෝතලේ කටේ තියාගෙන වතුර බොමින් සිටි ජිත් දෙස බලමින් කවීෂා ඇසුවා. ඒ පැණයෙන් ජිත් ගැස්සුනා. ඉස්මෝලේ යන්නට ආවා.

“ඩීට්‍රා AI ලැබ් එකේ....."දෙදෙනාටම එකවර කියවුනා.

“දෙයියනේ........"කවීෂා මංතීරුව අසල සවිකර තිබූ කොන්ක්‍රීට් බංකුවක හිඳ ගත්තා. ජිත් ඇයට එක්වුනා.

"කොහෙන්ද කන්ටේනර් එක ආවේ?"

"චීනේ......ටියැන්ජින් වරායෙන්......"

ජිත් මදක් කල්පනා කලා. වටින් ගොඩින් එලිය වැටෙමින් තිබුණා.

"මම හිතුවේ ඩීට්‍රා එකේ ඉන්නේ හොඳ කොල්ලෝ කෙල්ලෝ ටිකක් කියලා....."කවීෂාගේ කටහඬෙහි කණගාටුවක සේයාවක් ගැබ්වී තිබුණා.

"වෙන්න බෑ කවී......ඩීට්‍රා එකෙන් නෙමෙයි වැඩේ වෙලා තියෙන්නේ……එයාලා චීනෙන් හරි වෙන රටකින් හරි බඩු ගෙන්වන්න කිසිම ඇණවුමක්, ඉල්ලීමක් කරලත් නෑ.…..අපි ත්‍රිකුණාමලේ ආමි, නේවි, එයාෆෝස් බේස් වලින් අහලා බැලුවා.........කන්ටේනර් එකක් ඇවිත් නෑ.....ඒක කොහෙ ගියාද දන්නේ නෑ. ඒ වගේම මේ දවස්වල ඩීට්‍රා යුනිට් එකේ හැමෝම හිටියේ බේස් එකේමයි. එයාලගෙ ලොකු ෆීල්ඩ් ටෙස්ටින් වගයක් යනවා....ප්‍රොජෙක්ට් ලීඩර් කසුන් සේනානායකගෙ ඉඳන් ටීම් එකේ කිසිම කෙනෙක් මාසෙකින් නිවාඩුවක් අරගෙන නෑ.......ගොඩ දෙනෙක් නිදාගන්නෙත් ලැබ් වලමයි කියලයි ආරංචිය. උන් පැය විසිහතරම වැඩලු....."

"ඔය වැගේ වැඩක් කරන්න ලැබ් එකෙන් එලියට යන්න ඕනෙ නෑනෙ............අනිත් එක කන්ටේනර් එක වෙන කොහෙ හරි දාලා ඇති.........කොහොමටත් ඕකෙ තියෙනවා ඇත්තේ ප්‍රොජෙක්ට් එකට ගෙනාපුව නෙමෙයිනේ....ටීම් එකේ දෙතුන් දෙනෙකුගෙ සයිඩ් බිස්නස් එකක් වෙන්න බැරිද?"

"අනික් අතට දසුන් වගේ කෙනෙක් කොහොමද ඔච්චර අධි තාක්ෂණික මෙවලමක් හොයාගන්නේ?"

"කවුරු හරි දුන්නා වෙන්න බැරිද?"

"සමහරවිට එයාව බ්ලැක්මේල් කරලා බලෙන් කර ගත්තද දන්නේ නෑ...."

"දසුන් වගේ මිනිහෙක්ව බ්ලැක් මේල් කරන්න නම් ලේසි නෑ...අනෙක දසුන්ගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්…බැඳුම්කර සීන් එකෙන් පස්සේ ඒ සල්ලිවලින් අරගෙන තිබුණු අරක්කු කොම්පැණිය ඈවර කරනකොට ගත්තේ දසුන්ගේ තාත්තා.... ..දසුන් සල්ලි පස්සෙ පන්නන්නේ නෑ..... "

"බ්ලැක්මේල් කරන්න සල්ලි ගණුදෙනු ඕනෑ නෑනෙ.....මිනිහගෙ මොකක් හරි වීක්නස් එකක් අල්ලගෙන ඇති...."

“සමහරවිට චීන ආයුධ කොන්ත්‍රාත්කාරයෝ හරි වෙන කොන්ත්‍රාත් කාරයෝ හරිද දන්නේ නෑ......"

"ඒත් ලඟදි ලොකු ආයුධ ටෙන්ඩර් නම් එන්න නෑ...."කවීෂා මුහුණේ දහදිය පිසදමමින් කිව්වා.


CHAPTER 00110

අළුයම 3.45, චුන්ඩිකුළම් ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 88ක් ගිණිකොණ දෙසින්, කෝකිළායි කුරුළු අභයභූමි වෙරළ තීරයට ඉහලින්

“While bird one-five-niner this is Echo tower…...you are clear for landing approach…..Turn left heading two three zero” [වයිට් බර්ඩ් 159 මේ එකෝ පාලන කුළුණ, ගොඩබැසීමේ ක්‍රියාවලිය ඇරඹීම සඳහා අවසර දෙනවා……... අංශක 230ක් වමට හරවන්න...]

“Roger that Echo tower…...altitude three-two-thousand…..airspeed one-seven-zero knots...turning to heading two-three-zero” [පණිවුඩය ලැබුණා, පියාසර උස අඩි 32000, වේගය නාවික සැතපුම් 170යි, අංශක 230ක් වමට හරවමින් සිටිනවා……….]

“White bird one-five-niner read back altitude and heading?” [වයිට් බර්ඩ් 159 ඔබගේ පියාසර උස හා ගමන් දිශාව නැවත පවසන්න...]

“White bird one-five-niner read back altitude and heading? Looks like you lost too much altitude……… we lost radar contact...” [වයිට් බර්ඩ් 159 ඔබගේ පියාසර උස හා ගමන් දිශාව නැවත පවසන්න......... පේන විධියට ඔබ ගොඩක් පහත් කරලා වගේ.........ඔබගෙන් එන රේඩාර් සංඥා නැතිවී ගොස් තිබෙනවා.......]

“White bird one-five-niner this is Echo tower ….come in please” [වයිට් බර්ඩ් 159 කරුණාකර අමතන්න....]

“White bird one-five-niner this is Echo tower ….come in please”

“White bird one-five-niner this is Echo tower ….respond please ”

“White bird one-five-niner this is Echo tower ….please switch to emergency frequency …” [වයිට් බර්ඩ් 159 කරුණාකර ආපදා සංඛ්‍යාතයෙන් අමතන්න....]

“mayday…... mayday……mayday……..white bird one-five-niner calling….. we heard an explosion in the cabin...…mayday……. mayday………..we have gunfire in the ca………….” [හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්......මේ වයිට් බර්ඩ් 159 අපට මගී කැබින් එකෙන් පිපුරුම් ශබ්දයක් ඇහුනා......හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්......මගී කැබින් එකතුල වෙඩිතබා ග...]

“White bird this is Echo tower ….read back…” [වයිට් බර්ඩ් මේ එකෝ කුළුණ, කරුණාකර අවසන් පණිවුඩය නැවත පවසන්න.......]

“White bird this is Echo tower ……do you copy?….read back please?” [වයිට් බර්ඩ් මේ එකෝ කුළුණ…………ඔබට ඇහෙනවද?…………………. කරුණාකර අවසන් පණිවුඩය නැවත පවසන්න.......]

“White bird this is Echo tower….do you copy?…” [වයිට් බර්ඩ් මේ එකෝ කුළුණ…………ඔබට ඇහෙනවද?.........]


CHAPTER 00111

උදෑසන 5.30, යුධ සන්නද්ධ බුද්ධි  අංශ රක්ෂක නිවාසය හා ක්ශේස්ත්‍ර මෙහෙයුම් කාර්යාලය, සිංහපුර පාර, පැලවත්ත

"හදිසියේ කල කැඳවීමට මෙතනට ආපු හැමෝටම ස්තූතියි ……………..කැප්ටන් ජිත්, එයාෆෝස් HQ එකෙන් ලැබුණ තොරතුරු කියන්න....."  යුධ සන්නද්ධ බුද්ධි  අංශ ක්ෂේස්ත්‍ර මෙහෙයුම් අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් ජනක දසනායක අණකලා.

"සර් කඩාවැටිලා තියෙන්නේ එයාෆෝස් එකේ හාබින් ‍Y12 ට්‍රාන්ස්පෝට් ප්ලේන් එකක්. ෆ්ලයිට් කෝඩ් එක -වයිට් බර්ඩ් 159 - පයිලට්ලා දෙන්නට අමතරව පැසෙන්ජර් කැබින් එකේ 19 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතරින් දෙන්නෙක් එයාෆෝස්. අනික් දාහත් දෙනාගෙන් හතර දෙනෙක් G10 සෙබළුන්. ඉතිරි 13දෙනාම ඩීට්‍රා එකේ අය. එක්කෙනෙක් ඇරෙන්න මුළු ඩීට්‍රා ටීම් එකම ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා..."

"කවුද ඉතුරුවුන හාදයා?"

"සන්දීප් වනසේකර, AI ටීම් එකේ ටීම් ලීඩර්..."

"මිනිහා දැන් කොහෙද?"

"එයාෆෝස් මිලිටරි පොලීසියෙන් ඩිටේන් කරගෙන ප්‍රශ්ණ කරනවා...."

"එයාෆෝස් එකට කියන්ඩ අපේ ඇනලිස්ට්ලාත් ප්‍රශ්ණකිරීම් නිරීක්ෂණය කරන්න එනවා කියලා.....ජිත්, ඔයා මේ ඉන්වෙස්ටිගේෂන් එක බාරගන්න.....ඇයි සන්දීප් වනසේකර ගිහින් නැත්තෙ?"

"ටෙලිමෙටරි (telemetry) ක්‍රමයට සෙබලුන්ගෙන් සජීවීව එන දත්ත ඇනලයිස් කරන්න එයා ලැබ් එකේ නැවතුනා කියලා කට උත්තරයක් දීලා තියෙනවා...."

"මිෂන් එකේ විස්තර තියෙනවද? මොකක් කරන්නද මේ අය ඔක්කොම එක ෆ්ලයිට් එකකට නැගගෙන තියෙන්නේ?"

"ඔව් සර්, එයා ෆෝස් එකට DTRA යොමුකරපු පියාසැරි ඉල්ලුම්පත්‍රයේ (flight request form) තියෙන විධියට එයාලගෙ ප්ලෑන් එක විස්තර කරලා තියෙන්නේ - low altitutde jump and jungle trek excercise for field data gathering  - විධියට"

"මොකක්ද කරන්න හදලා තියෙන්නේ..?"

"සර් ඉස්සෙල්ලම බයෝ ටීම් එකයි, AI ටීම් එකයි , එයාලගෙ මොබයිල් යුනිට් උපකරණයි චුන්ඩිකුළම් ජාතික වනෝද්‍යානයේ උතුරු කෙරවලේ තියෙන ෆීල්ඩ් ඔෆිස් එකකට ගෙනියන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. එතන පරණ LTTE ගුවන් පථයක් තියෙනවා. දැන් ඒක එයාෆෝස් එකෙන් අලුත්වැඩියා කරලා හදිසි ආපදා හා පුහුණු ගොඩබැස්සවීම් කරන්න ධාවන පථයක් විධියට තියාගෙන ඉන්නවා. පාන්දර 4ට ප්ලේන් එක ලෑන්ඩ් කරලා, ටීම් එකයි බඩුයි බස්සලා ආයෙත් ගුවන් ගත වෙන්නයි බලාපොරොත්තුවෙලා තියෙන්නේ..."

“චුන්ඩිකුළම් වනෝද්‍යානයේ දකුණු කෙලවරේ drop zone එකකට G10 ටීම් එකේ දැනට සූදානම් කරමින් ඉන්න සෙබළු හතර දෙනාව පැරීෂූට් වලින් බස්සවන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. අඩි 1000ක් උඩින් එයාලා යානයෙන් ඉවත් වෙන්න සූදානම් කරලා තිබුණා. එයාලගෙ පැනීම් වලට උදව් කරන්න එයාෆෝස් එකේ “ජම්ප් මාස්ටර්” ඔෆිසර් කෙනෙකුයි, “ලෝඩ් මාස්ටර්” ඔෆිසර් කෙනෙකුයි ෆ්ලයිට් එකේ ගිහින් තියෙනවා.”

G10 සෙබලු හතරදෙනා පැරිෂූට් වලින් ගොඩබැහැලා, ඊට පස්සේ චුන්ඩිකුලම් කැලේ මැද්දෙන් කිලෝමීටර් 30ක දුරක් පයින් ඇවිදගෙන,  ඩීට්‍රා ටීම් එක ඉන්න ගුවන් පථය සොයාගෙන යන එක තමයි මේ එක්සර්සයිස් එක. ඒ යන අතරෙ G10 සෙබලුන්ගේ රොබෝ-බාහිර සැකිල්ල (robotic-exosckeleton), කෘත්‍රිම බුද්ධි පරිගණක හා සංවේදකවල ක්‍රියාකාරිත්වය පිලිබඳව දත්ත එකතුකරන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා.

"ටවර් එකෙන් ලෑන්ඩින් ඇප්රෝච් එකට ඩිරෙක්ෂන්ස් දීලා, ඒ ඩිරෙක්ෂන්ස් ක්‍රියාත්මක කරන බව පයිලට්ලා දැනුම් දීලා ටිකවෙලාවකින් තමයි ප්ලේන් එක කඩා වැටිලා තියෙන්නේ.....අන්තිම රේඩියෝ මැසේජ් එකේදී පයිලට්ලා කියලා තියෙනවා කැබින් එකෙන් පිපුරුම් ශබ්දයක් ආවා, වෙඩිතියාගන්නවා වගේ ශබ්ද ඇහුණා කියලා...."

"G10 සෙබළු ආයුධ ගෙනිහිල්ලා තියෙනවද?"

"නෑ....සන්දීප්ගෙන් කරපු මූලික ප්‍රශ්ණකිරීමේදී එයා කියලා තියෙනවා ඔවුන්ට කිසිම ආයුධයක් නිකුත්කරලා නෑ, ඒවගේම ජීව උණ්ඩ යොදාගෙන ලයිව්-ෆයර් පුහුණුව තාම පටන් අරගෙන නෑ කියලා…”

"ආමි එක මොකද කියන්නේ?"

"ආමි එකෙන් තවම රෙස්පොන්ස් එකක් නෑ. ත්‍රිකුණාමලේ චීනවරාය එයාබේස් එකේ ෆලයිට් සිකියුරිටි භාරව ඉන්න ෆ්ලයිට් සාජන්ට් දැනුම්දීලා තියෙනවා, ෆ්ලයිට් එක පිටත්වෙන්න ඉස්සෙල්ලා කරපු සිකියුරිටි ඉන්ස්පෙක්ෂන් එකේදී ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තිබුණේ නෑ කියලා ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකේ තියෙනවා කියලා...."

"එතකොට පයිලට්ලා වෙඩි තියාගන්නවා, බෝම්බ පුපුරණවා ඇහෙනවා කිව්වේ කොහොමද?"

"ඒක තමයි සර් ගැටලුව........ප්ලේන් එක වෙරලෙන් කිලෝමීටර් 5ක් විතර ඈත මුහුදට වැටිලා තියෙන්නේ, මේ වෙනකොට නේවි එකේ පැට්රෝල් බෝට්ටු ඒ පැත්තට ලංවෙලා කියලයි ආරංචිය....තවම කල් වැඩියි මුකුත් හරියටම හිතාගන්න..."


CHAPTER 01000

Y12 අණතුරෙන් දින දෙකකට පසු; සවස 7.45, Beach Club Bar අවන්හල, ග්ලෝබල් ටවර්ස් හෝටලය.

"හලෝ? ජිත්?, මම කොහෙටද එන්න ඕනෑ....?"

"ගෝල්ෆෙස් හොටෙල් එකට එන්න. එතන ඔයාගෙ කාර් එක පාක් කරලා එන්ට්‍රන්ස් එකට ඇවිදින්න……. ඔයාගෙ නම දීපු ඌබර් ටැක්සියක් එතන තියෙයි ඒකෙ නගින්න. ඔයා එන්න ඕනෙ වැල්ලවත්තෙ ග්ලෝබල් ටවර්ස් හෝටලේට..."

"ඌබර් එක ඔයාලගෙ එකක්ද?"

"නෑ අපේ එකක් නෙමෙයි, හැබැයි ඔයාගෙ නමයි, ෆෝන් නොම්බරයයි දීලා අපි බුක් කරපු එකක්....ඔයාගෙ ෆෝන් එකේ ඌබර් ඇප් එකෙන් බුකින් එක ගියාවගේ අපි බුකින් එක කලේ..."

"හ්ම්ම්.....ඒකත් එහෙමද? ග්ලෝබල් ටවර්ස් වල කොතනටද එන්න ඕනෙ?"කවීෂා නොරුස්නා ස්වරයකින් ඇසුවා.

"ලොබී එකේ Beach Club Bar එකට එන්න. මම එතන ඉන්නවා..."

කලුපැහැති සායකින් හා ලැම හා ගෙල හොඳින් වැසෙන අලු පැහැති “ටර්ටල් නෙක්” පන්නයේ ටී-ෂර්ටයකින් සැරසී, එයට උඩින් කළු පැහැ බ්ලේසරයක් පැළඳ සිටි කවීෂාගේ හැඩකාර සිරුර දෙස ඌබර් රියැදුරා ඇහිපිය නොහෙලා බලා සිටිද්දී  ඇය ග්ලෝබල් ටවර්ස් හෝටලයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලට ගියා. පිලිගැනීමේ නිළධාරිණියගේ උපකාරයෙන් විනාඩි කිහිපයකදී Beach Club Bar එක සොයා ගත් ඇය අවන්හල සිසාරා නෙත් යොමුකලේ ජිත් කොහෙදැයි සොයමින්.

"හලෝ ගුඩ් ඊවිනින් කවීෂා!"ජිත් හුනස්නෙන් නැගිට කවීෂා පිලිගෙන ඇයට අසුන්ගන්නට ආරාධනා කලා.

"ගුඩ් ඊවිනින් ජිත්! තෑන්ක්ස්..."

"ලස්සන තැනක්! නිතරම මෙතනට කෙල්ලෝ අරගෙන එනවද?"

"අපෝ නෑ....මට කෙල්ලෝ එන්ටර්ටේන් කරන්න වෙලාවක් නෑ...මොනවද බොන්නේ?"

"මුකුත් එපා...."

"අනේ...ඇයි එහෙම කියන්නේ? මොනවහරි බොමු..."කියූ ජිත් වේටර්වරයාට සන්කලා.

"මොවද සර්ටයි මැඩම්ටයි ගේන්න ඕනෑ....?"

"මැඩම්ගෙන් අහන්න, මැඩම් ඕඩර් කරන දෙයක් මටත් ගේන්න..."

"ඇල්කොහොල් නැති මොනවද තියෙන්නේ....?"කවීෂා වේටර් දුන් මෙනූ පත කියවන්න වුනා. ජිත් සිය ජංගම දුරකථනයේ පණිවුඩයකට ප්‍රතිචාර ටයිප් කරමින් සිටියා.

"රාස්ප්බෙරි මොහිටෝ එක හොඳයි මැඩම්...ඇල්කොහොල් නෑ....කැමතිනම් සීනි නැතුව ස්වීට්නර් දාලා ගන්නත් පුලුවන්...."

"හරි මට ස්වීට්නර් දාපු රාස්ප්බෙරි මොහීටෝ එකක්.......ඔයාටත් ඒකක් හොඳයිද?"

"මට හොඳට සීනි දාපු රාස්ප්බෙරි මොහීටෝ එකක් ගේන්න....දවල්ට කන්නත් බැරිවුනා......."

"හරි සර්..."

“මොකෝ දවල්ට කෑවෙ නැත්තෙ? ගෙදරින් බත් එක දුන්නේ නැද්ද?"

"මම තනියම ඉන්නේ.......ගෙවල් කඩුගන්නාවේ....ඒත් කෑවෙ නැත්තේ ඒක නිසා නෙමෙයි....මම ඊයේ හිටියේ චුන්ඩිකුලම් පැත්තේ....ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් එකට ගියා, පෙරේදා දවසම චයිනාබේ ඩීට්‍රා ලැබ් එකෙයි, එයාබේස් එකෙයි ගතකලා....කොළඹට ආවේ පහට විතර. ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගත්ත ගමන් ආවේ...."

"හප්පා එහෙනම් හොඳටම මහන්සි ඇති...."

"ගාණක් නෑ....ඔයාව මීට් වුනාට පස්සේ ඔෆිස් එකට යන්න තියෙනවා.......කොහොමද මිස්ටර් වීරකෝන්? මොනවද මිනිහා කරන්නේ? ක්‍රෑෂ් එකෙන් පස්සේ මිනිහගෙ හැසිරීම කොහොමද?"

"එයා හොඳටම කළබළවෙලා වගේ පේනවා, සුදුමැලිවෙලා, ඇදිලා ගිහිල්ලා....වැඩි කතාවකුත් නෑ...වෙනදට මාව දැක්කම ඇවිල්ලා මාත් එක්ක ටිකක් කියවලා යනවා, එත් අද මාව දැක්කම වැඩිය කතා නොකර මග අරින්න හැදුවා..... මොකක්ද මීටින් එකක් කියලා මාරු වුනා....."

“National Security Advisorත් ටිකක් අන්දමන්ද වෙලා වගේ....මුලු ඩීට්‍රා රීසර්ච් ටීම් එකම ඉවරයිනෙ…...ක්‍රෑෂ් එක කොහොම වුනාද කියලා හිතාගන්න බෑ......එයාෆෝස් එක රිපෝට්කරන විධියට මොන හේතුවකට හරි ප්ලේන් එක පුපුරලා තියෙනවා. නේවි බෝට්ටුවකින් මුහුද යටට කැමරා පහත් කරලා ගත්ත වීඩියෝ එකක් මිනිස්ට්‍රියට ඇවිල්ලා. ඩෙෆෙන්ස් සෙකට්‍රියි, එයාගෙ ලඟම ටීම් එකයි ඒක අද උදේ බැලුවා. මම දැක්කේ නෑ, ඒත් දැක්ක අය කියන විධියට ප්ලේන් එකේ පැසෙන්ජර් කැබින් එක පුපුරලා ප්ලේන් එක දෙකට කැඩිලා මුහුදට වැටුනා වගේ පේනවලු...."

කියමින් සිටිදෑට අවධානය යොමු නොකරමින් ජිත් සිය  ජංගම දුරකථනයේ තිරය ස්වයිප් කරමින් සිටිනවා දුටු කවීෂා කතාව නවත්වා ඔහු දෙස තරහින් බලා සිටියා.

"තරහ වෙන්න එපා මැඩම්, ඔයා කියපුවා අකුරක් නෑර මම අහගෙන හිටියා, වැදගත් දෙයක් පෙන්නන්නයි හදන්නේ....ඉවසන්නකෝ..."තිරයෙන් දෑස් ඉවතට නොගෙනම ජිත් කියද්දී කවී අහක බලා ගත්තා.

"මේ බලන්න මේ වීඩියෝ එක......මේක කුච්චුවේලි මුහුදුවෙරළ අයිනේ තියෙන Jungle Beach Resort හෝටලේ මුහුද පැත්තට හයිකරපු CCTV කැමරාවක සටහන් වුනු එකක්. හෝටලේ සිකියුරිටි ගාඩ් ක්‍රෑෂ් එක දැකලා හෝටලේ නයිට් මැනේජර්ට කියලා, එයා පොලීසියට කියලා තියෙනවා. සිකියුරිටි පොලීසියට එයා දැක්ක දේ ගැන කට උත්තරයක් දීලා තියෙනවා. ඒ පොලිස් රිපෝට් එක මට හම්බුවුනාට පස්සෙ මම ඊයේ ඒ හෝටලේට ගියා. ක්‍රෑෂ් එක දකිනකොට සිකුරිටි හිටපු තැන ඉඳන් ආපහු හෝටලේ දිහා බලකොට තමයි මම CCTV කැමරාව දැක්කේ. වීඩියෝ එක පැහැදිලි නෑ. ක්‍රෑෂ් එක වෙන්නේ  කෝකිළායි කුරුළු අභයභූමිය හරියේ. හෝටලේ තියෙන්නේ කුච්චිවේලි වල 27වැනි කිලෝමීටර් කනුව හරියේ. එතන ඉඳන් කෝකිලායි වලට කිලොමීටර් 30ක් විතර තියෙනවා. ඒත් ප්ලේන් එක පුපුරණ ගිණිබෝලේ හොඳට පැහැදිලියි….”

ජිත් පෙන්නපු වීඩියෝ නැවත නැවත ප්‍රතිවාදනය කරමින් කවීෂා එය නිරීක්ෂණය කලා.

"හරියටම පුපුරණ වෙළාව බලන්න...."ජිත් පැවසුවා. කවී කළු-සුදු වීඩියෝවේ ගිණිබෝලය මතුවනවිටම වීඩියෝව pause කලා.

"පාන්දර 3:46:26යි...."කවී CCTV කැමරාවේ ටයිම් ස්ටෑම්ප් එකේ වෙලාව කියමින්, ජිත්ගේ මුහුණ බැලුවා.

"මේ තියෙන්නේ එකෝ කොන්ට්‍රොල් ටවර් එකයි, ‍Y12 එකයි අතර වුනු රේඩියෝ පණිවුඩ හුවමාරුවල ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඒ සංවාද වුනු වෙලාවල් එක්ක.......බලන්න ඉස්සෙල්ලම කොන්ට්‍රෝල් ටවර් එක ඇල්ටිටියුඩ් එකයි, හෙඩින් එකයි නැවත කියන්න කියලා පයිලට්ලාගෙන් ඉල්ලපු වෙලාව...."

3:47AM “White bird one-five-niner read back altitude and heading?” [වයිට් බර්ඩ් 159 ඔබගේ පියාසර උස හා ගමන් දිශාව නැවත පවසන්න...]

"වෙලාවල් හරියටම සමානයි....ඉතින්?"කවීෂා කුතුහලයෙන් ජිත් දෙස බැලුවා.

"දැන් බලන්න ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ විධියට පයිලට්ලා ප්ලේන් එකේ ඇතුලේ වෙඩිතියාගන්නවා කියලා කියන වෙලාව.."

3:53 AM “mayday…... mayday……mayday……..white bird one-five-niner calling…..  we heard an explosion in the cabin...…mayday……. mayday………..we have gunfire in the ca………….” [හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්......එකෝ ටවර් මේ වයිට් බර්ඩ් 159 අපට මගී කැබින් එකෙන් පිපුරුම් ශබ්දයක් ඇහුනා......හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්.....හදිසි ආපදාවක්......මගී කැබින් එකතුල වෙඩිතබා ග...]

“තුනයි පනස් තුනට....ඒත් තුනයි හතලිස් හතට ප්ලේන් එක පිපුරුවා නේද?"

"කවී මම දැන ගත්ත විධියට ටවර් එකෙන් ඉස්සෙල්ලම ස්පීඩ් එකයි ඇල්ටිටියුඩ් එකයි ආපහු කියන්න ඉල්ලන්නේ ඒ මොහොතේ රේඩාර් ප්ලේන් එකෙන් එන රේඩාර් සිග්නල් එකයි, ට්‍රාන්ස්පොන්ඩර් සිග්නල් එකයි දෙකම නැතිවුන නිසා.....ඒ 3.47ට. මම හිතන විධියට පාන්දර 3.53 වෙනකොට ප්ලේන් එක මුහුදට වැටිලත් ඉවරයි...."

"එතකොට, ප්ලේන් එක ගිණිබෝලයක් වෙලා විනාඩි 6කට පස්සේ 3.53ට කොහොමද පයිලට්ලා මේ-ඩේ හදිසි ආපදා මැසේජ් එකක් එවන්නේ ප්ලේන් එක ඇතුලේ පුපුරණ සද්ද, වෙඩි තියාගන්න සද්ද ඇහෙනවා කියලා....?"කවීෂා සුදුමැලිවී ඇසුවා.

“මගේ තියරිය කියන්නද කවි? මේ අන්තිම මැසේජ් එක ආවේ ප්ලේන් එකෙන් නෙමෙයි.....ගොඩක් වෙලාවට මේ මැසේජ් එකත්, ඩිෆෙන්ස් සෙකට්‍රි, කස්ටම්ස් එකට දීපු කෝල් එක වගේම හදපු මැසේජ් එකක්....."




"මේකටත් දසුන් සම්බන්ධයි කියන එකද?"

"නෑ...මම හිතන්නේ නෑ මේ වැඩේට දසුන් හරි අපේ AI ස්පෙෂලිස්ට් සන්දීප් හරි සම්බන්ධයි කියලා...මේක කරන්න ඇත්තේ, කලින් ටෙලිෆෝන් මැසේජ් එක පිටිපස්සේ හිටපු අයමයි....මම හිතන්නේ දසුනුත් බය වෙලා ඉන්නේ"

"ඉතින් මොකටද මේ විදිය රේඩියෝ මැසේජ් එකක් යැව්වේ?"

"මම හිතන්නේ මේක ප්ලේන් ක්‍රෑෂ් එක වුනේ ඩීට්‍රා සෙබලුන් පාළණයෙන් ගිලිහිලා ප්ලේන් එක ඇතුලේ වෙඩිතිබ්බා, නැතිනම් පිපුරුම්ක් ඇතිකලා කියන මතය හදන්න......එතකොට පරීක්ෂණ යන්නේ ඒ පැත්තට...ඇත්තටම ප්ලේන් එකේ බෝම්බයක් තියන්න ඇති..."

“මොකටද ඩ්‍රීට්‍රා යුනිට් එක විනාශ කරනේ? මොකක්ද මේක පිටිපස්සේ ඉන්න අයට තියෙන වාසිය?"

"ඒකනම් කියන්න බෑ කවී....සමහරවිට අනාගතේ තර්ජනයක් එයි කියලා විනාශකලා වෙන්න පුලුවන්, සමහරවිට දසුන් වීරකෝන්ව කොටුකරලා, බයකරලා තියාගන්න කරපු උපක්‍රමයක් වෙන්නත් පුලුවන්.....ඩීට්‍රා එකට වැඩියෙන්ම විරුද්ධවුන කෙනෙක් දසුන්....එයා ගැනත් සැකයක් ඇතිවෙනවා මයි...නැතත් එහෙම වෙයි කියලා එයාව බයකරලා තියාගන්න පුලුවන්.....NSA වුනත් මේකට ගෑවෙන්න පුලුවන් ඉඩකඩ හැදිලා ඉවරයි....අභිරහස් කන්ටේනර් එකට කෙලින්ම දසුනුයි, National Security Advisor සම්බන්ධවෙලා ඉවරයි...ඒවා කස්ටම්ස් ඩොකියුමන්ට් වල සටහන් වෙලා තියෙනවා....ආයෙ මකන්න, හන්ගන්න බෑ.....ප්ලේන් එකේ හයිකල බෝම්බේ ආවේ ඒ කන්ටේනර් එකේ කියලා රාවයක් පැතිරුනොත් දසුන්ව අත් අඩංගුවට ගන්නයි, NSAට පාර්ලිමේන්තු අණුකමිටුවක පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙන එකයි අනිවාර්යයි....මේකෙ පිටිපස්සේ ඉන්න අය දැනටමත් ඒබව දසුන්ට දන්වලා ඇති......ඔයා කියන විධියට දසුන් බයවෙලා ඉන්නේ ඒනිසා වෙන්න ඇති......."



                            CHAPTER 01001

Y12 අණතුරෙන් දින තුනකට පසු; උදෑසන 05.25, ආරක්ෂක අමාත්‍යාංශ නිවාස සංකීර්ණය, ස්කෙල්ටන් පාර, කොළඹ 05

CCTV ආරක්ෂක කැමරා තිරය නිරීක්ෂණය කල ජිත් නිවසේ දොර විවර කලා. දොරටුව අභියස සිටි සෙබලා ආචාරකලා.

"සමාවෙන්න සර්...මේ ලියුම බ්‍රිටිෂ් ඇම්බසියෙන් ආපු නෝනා කෙනෙක් දුන්නා....දැන්මම දෙන්න කියලා කිව්වා....."

"බ්‍රිටිෂ් ඇම්බසියෙන්?"නළල රැළිකරගත් ජිත් ලියුම් කවරය අතට ගත්තා. එය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිළ ලියුම් කවරයක් බව පෙනෙන්නට තිබුණා.

"කවුද මේක බාර ගත්තේ?"

"මම සර්...මම අද ගේට්ටුවෙ සෙන්ට්‍රි ඩියුටි..සර්ගෙ අතටම දෙන්න කියලා කියපු නිසා වෙන කෙනෙකු අතේ එව්වේ නෑ...."

"මේක දීපු සුද්දිව විස්තර කරන්න පුලුවන්ද? කොහොමද එයා ආවේ?"

“Pick Me නැනෝ ටැක්සියකින් ආවේ. නොම්බරේ WP CAA - 3457. අවුරුදු 30ක් විතර බවයි පෙනුනේ. 5 8”ක් විතර උසයි. කොට දුඹුරුපාටට හුරු රන්වන් පාට කොණ්ඩයක් තිබුණා. පිටිපස්සට කරලා පෝනි ටේල් එකක් බැඳලා. පී.ටී කිට් එකක් ඇඳගෙන හිටියේ, තද නිල්පාට ට්‍රැක් බොට්ම් එකකුයි, ඒ පාටම ටීෂර්ට් එකකුයි ඇඳලා හිටියේ...සුදුපාට Reebok ජොගින් සපත්තු දාගෙන හිටියා....කළුපාට wrap-around කණ්නාඩි කුට්ටමක් දාලා හිටපු නිසා ඇස් දැක්කේ නෑ.....කළුපාට කැසියෝ G-SHOCK ඔරලෝසුවක් අතේ බැඳලා තිබුණා...."

“කොහොමද කියන්නේ උස හරියටම 5 8"යි කියලා? දන්නේ කොහොමද?"

“සර් අපේ ගේට්ටුව අඩි 6ක් උසයි. පොලොවෙන් අඟල් 2ක විතර වාසියක් තියලා හයිකරලා තියෙන්නේ. ඒ නෝනා ගේට්ටුව ලඟ ඉන්නකොට ගේට්ටුවට වඩා අඟල් 5ක් විතර කොට බවයි මම දැක්කේ....ඒ නිසා එයා 5 8"විතර වෙන්න ඕනෑ...."

"එතකොට එයාගෙ උස 5 9"වෙන්න ඕනෑ නැද්ද?"ජිත් සෙබලාව පිරික්සන අදහසින් ඇසුවා.

"සර් සපත්තු අඩියට අඟලක් විතර අතහැරලයි 5 8"කිව්වේ...."සෙබලා බොහෝ විශ්වාසයෙන් පැවසුවා.

“සර්ගෙ මූණෙ කරදර පාටක් තියෙනවා........ප්‍රශ්ණයක්ද සර්...?"

"මම මේ බලන්නේ කවුද කියලා?"

"සර් සිකියුරිටි කැමරාවලට අහුවෙලා ඇති....ඒක බලන්න එනවා කියලා ගාඩ් රූම් එකට කියන්නද?"

“ඔව් කියන්න මම එනවා කියලා....උදේ 7.00 ෂටල් බස් එකට කියන්න මාව අරගෙන යන්න කියලා...."

"හරි සර්...."සෙබලා ආචාරකොට යන්න හැරුනා.

“කෝප්‍රල්!"

"සර්?"

"ඔයා වනිගරත්න නේද?"

"ඔව් සර්..."

"බුද්ධි අංශෙ වැඩ කරන්න ආසද?"

කෝප්‍රල් වනිගරත්නගේ මුහුණ ආලෝකමත් වුනා.

"සර් කරනවා වගේ රාජකාරි නේද?.....මම හරිම ආසයි...."ඔහු ප්‍රීතියෙන් කිව්වා. ජිත් බුද්ධි අංශයේ නිළධාරියෙකු බව හමුදා නිවාස සංකීර්ණයේ අයට එතරම් රහසක් වුනේ නෑ.

“තව මාස තුනකින් විතර අලුත් කාණ්ඩයක් බඳවා ගන්නවා...මම කියන්නම් ඇප්ලිකේෂන් එක දාන්න ඕනෑ කාලෙට...."

"බොහොම ස්තූතියි සර්...."සෙබලා සතුටින් ඉපිල කිව්වා.

"දැන් තැන් තැන් වල කියවන්න එපා ....සද්ද නැතුව ඉන්නවා...."

"හරි සර්...මම කාටවත් කියන්නේ නෑ..."කෝප්‍රල් වනිගරත්න අඩියට දෙකට ඉගිල්ලුනා. ඔහු සිටියේ දැඩි සතුටකින්.

කෝප්‍රල් වනිගරත්ත ගැන ජිත් කලක සිටම ඇස ගසාගෙන සිටියා. බලංගොඩ පැත්තේ කුඩා ගමකින් පැමිණ සිටි ඔහු බොහෝ දෑ ඉගෙන ගන්නට කැමති, අමාරුවෙන් ඉංග්‍රීසි පත්තරේ පවා කියවන, වෙනත් අඩු නිළවල සෙබලුන්ට වඩා වෙනස් අයෙකු බව ජිත් නිරීක්ෂණය කලා. කට පමණක් නොව ඇඟද පරිස්සම් කරගෙන, ලෙඩ දාගෙන්නේ නැතුව හැමගේ සිත් දිනාගෙන ඉන්න දක්ශ කොල්ලෙක් ලෙස, හමුදා නිළ නිවෙස් සංකීර්ණයේ නිළධාරීන් අතරද කෝප්‍රල් වනිගරත්නගේ නම කියැවුනා.

"මොළේ කල්පණා කරලා කරන්න ඕනෑ වැඩක් නම් වනිගරත්නට දීලා කරවගන්න .... අනිත් උන් වගේ නෙමෙයි, ඌ හොඳ මීටරේ...."ජිත්ගේ සම-නිළ නිළධාරීන් අල්ලාප සල්ලාපවලදී කතාවුනා.

ලියුම් කවරය අරින්නට පෙර විදුලි බල්බයකට අල්ලා ඇතුලත නිරීක්ෂණය කරන ගමන් එය ගෙනැවිත් දුන් සුදු ගැහැණිය ගැන වනිගරත්න කල විස්තරය මෙනෙහි කලා.

"මිනිහට වැදගත් දේවල් කිසිදෙයක් මිස් වෙලා නෑ....ඇඳුම, සපත්තු බ්‍රෑන්ඩ් එක, අත් ඔරලෝසු බ්‍රෑන්ඩ් එක, කොණ්ඩෙ පාට, බැඳලා තිබුණ විධිය...ආපු වාහනේ නොම්බරේ.....හැම දේම මීටරේට දාගෙන...."  ජිත් වඩාත්ම කැමතිවුනේ වනිගරත්න, ඇයගේ උස ඇස්තමේන්තු කරන්නට යොදාගත් සරල, එහෙත් ඉතා නිවැරදි උපක්‍රමයි.

"ට්‍රේන් කරලා ගත්තම හොඳ ඇනලිස්ට් කෙනෙක් වෙන්න පුලුවන්....පස්සේ ෆීල්ඩ් ඔපරේෂන් වලට ගන්න පුලුවන් වෙයි....."වනිගරත්න, සන්නද්ධ බුද්ධි  අංශයට සුදුසු යයි රෙකමදාරුවක් කරන්නට ජිත් ඒවන විටත් තීරණය කර තිබුණා. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව බුද්ධි අංශයට එන නවකයින් බුද්ධි අංශ නිළධාරීයෙකුගේ රෙකමදාරුව යටතේ බඳවා ගැනෙන්නේ නම්, ඔවුන්ව රෙකමදාරු කරන නිළධාරීන් යටතේම පුහුණුවට අනුයුක්ත කරනවා. ඒ අනුව කෝප්‍රල් වනිගරත්නගේ TO හෙවත් Traininig Officer බවට පත්වී ඔහුගේ බුද්ධි අංශ පුහුණුව ගැන වගකීම පැවරෙනු ඇත්තේ කපිතාන් ජිත් වෙතටයි.

ලියුම්කවරය තුල කුඩා කොලකැබැල්ලක ඡායාවක් දුටු නිසා ජිත් එය විවෘත කලා. එහි දිග නොම්බරයක් ලියා තිබුණා. බැලූබැල්මට ස්කයිප් නොම්බරයක් බවයි පෙනුනේ. සාමාන්‍යයෙන් ස්කයිප් කෝල් ට්‍රේස් කොට එය ලබන්නා සිටින ස්ථානය ආදිය දැනගැනීමට නොහැකියි. මයික්‍රොසොෆ්ට් සමාගමට අයිති VoIP තාක්ෂණයක් මගින් ස්කයිප් ඇමතුම් කේතවන නිසා සංවර්ධිත රටවල බුද්ධි අංශවලට හැර වෙනත් රටවල බුද්ධි අංශවලට සක්යිප් ඇමතුම් දෙන්නන්, ලබන්නන්ගේ අනන්‍යතා සොයාගැනීම ඉතාමත් අපහසුයි.

ජිත් සිය ජංගම දුරකථනයට අංකය ඇතුලුකොට ඇමතුම ගත්තා. කිහිපවතාවක් නාදවුනු පසු, අනෙක් පසින් රිසීවරය ඉස්සූ බව ජිත්ට දැනුනා. ඔහු කතාකලා.

“Hello this is Captain Jith Gunawardene, who is this please?” [හලෝ මේ කැප්ටන් ජිත් ගුණවර්ධන...කවුද මේ?]

“Hello Captain, good morning!...this is Kate from British High Commission, I need to meet you” [සුබ උදෑසනක් කැප්ටන්, මම කේට්, බ්‍රිටිෂ් හයිකොමිෂන් එකෙන්......මට ඔයාව හමුවෙන්න ඕනෑ....]

“May I ask the reason?” [හේතුව කියන්න පුලුවන්ද....?]

“Have some info regarding a certain air crash. Meet me on the south side entrance steps of the Independence Hall. 7.00AM” [ගුවන් අණතුරක් ගැන තොරතුරු තියෙනවා....මාව අද උදේ 7ට නිදහස් චතුරශ්‍රයේ දකුණු පැත්තේ පඩිපෙල උඩදි හමුවෙන්න....]

“I can't meet you at 7.00 its school traffic time…come at 8.00” [හතට එන්න බෑ....ඉකෝලෙ ට්‍රැෆික් නිසා, අටට එන්නම්...]

“No, that's too late for me….. if you can't be there by half past seven you can forget about it” [බෑ පරක්කු වැඩියි. හතහමාරට එන්න බැරිනම් අමතක කරලා දාන්න..]

“Ok 7.30….” [ හරි හතහාමාරට එහෙනම්...]

“I need to know whether I am speaking to the right person……. I will be wearing a blue sweatshirt and a blue track bottom. Be on the steps. When I come there, I will call you from my skype number..” [මට තහවුරු කරගන්න ඕනෑ මම කතාකරන්නේ හරි කෙනාටද කියලා.......පඩිපෙල ලඟ ඉන්න. මම ආවහම ස්කයිප් නොම්බරෙන් ඔයාගෙ ෆෝන් එකට කෝල් එකක් දෙන්නම්.....]

අනෙක් පසින් කේට් ලෙස තමන් හඳුන්වාගත් කාන්තාව දුරක්ථනය විසන්දිකරන හඬ ඇසුනා. ඇයගේ කතාවිලාසය කොක්නි යනුවෙන් හැඳින්වෙන දකුණු ලන්ඩන් ආශ්‍රිත පෙදෙස්වල වැඩි වශයෙන් භාවිතා කෙරෙන ඉංග්‍රීසි කතාවිලාසයක් බව ඔහුට වැටහුනා. ඒ අනුව මැය අඩුම ගණනේ බ්‍රිතාන්‍ය වැසියෙකු විය යුතු බවට ඔහුට සිතුනා.

ඔහු වහාම සිය අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් ජනක දසනායක දැනුවත් කලා. විදෙස් රටක ඔත්තුකරුවෙකු, තානාපති කාර්යාල සේවකයෙකු පමණක් නොව සාමාන්‍ය විදේශිකයෙකු පවා හමුවීමට යන අවස්ථාවලදී විශේෂ පියවර රැසක් ගත යුතුව තිබුණා. යම් ආකාරයක අනවබෝධයක්, ගැටුමක් හෝ වෙනත් ආපදා අවස්ථාවක් ඇතිවුවහොත් බුද්ධි අංශ සම්බන්ධවීම නිසා ජාත්‍යන්තර පලහිලව්වක වුවද පැටලීමට සිදුවිය හැකි බැවින් මේ පියවරයන් ගත්තා. විදෙස් කාන්තාවන් හමුවනවිට, තවත් කළපණාකාරීව, එම කාන්තාවන්ට ලිංගික අතවර කරන්නට හැදුවා යන චෝදනාව කිරීමට කිසිදු ඉඩක් නොදී කටයුතුකල යුතුබවට බුද්ධි අංශවලට අණලැබී තිබුණා.

වෙඩි තැබීමකදී ජීවිතාරක්ෂාව සැලසෙන සැහැල්ලු බුලට්පෲෆ් සන්නාහ ජැකට්ටුව, ඉණ පටියට සවිකල හෝ, වෙනත් ආකාරයකට සඟවාගත් ඉදිරිපස හා පසුපස බොඩි කැම් කැමරා හා වොයිස් රෙකෝඩින් කට්ටලය, පැහැරගෙන යාමකදී ගෙන යන්නේ කොහේටදැයි පෙන්වන ඇඳුමට යටින් සවිකල ජී.පී.එස් ට්‍රැකින් ඩිවයිසය, නොපෙනෙන්නට සඟවාගෙන යන Glock 17 පිස්තෝලය ආදී ආම්පණ්න රැසක් රැගෙන යා යුතු අතර ඒවා සියල්ල නිසිපරිදි පැළඳගැනීම තනිව කල නොහැකිවුනා. ඒ සඳහා තාක්ෂණික නිළධාරියෙකුගේ සහය ඇවැසි වුනු අතර ඔහුගේ සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම හදිසි අවස්ථාවකදී ගලවා ගැනීම සඳහද කණ්ඩායමක් සූදානම්ව සිටියා.


CHAPTER 01010

උදෑසන 6.52, රක්ෂක නිවාස අංක #3 හා ක්ෂේස්ත්‍ර මෙහෙයුම් කාර්යාලය, මලලසේකර මාවත, කොළඹ 7.

බ්‍රිගේඩියර් දසනායකගේ අණපරිදි ජිත් හා තවත් පිරිසක් උදෑසන 6.45 වනවිට මලලසේකර මාවතේ තුරුලතාවලින් ගහන ඇතුලු මාවතක ඇති රක්ෂක නිවාසය වෙත වාර්තාකලා. මෙවැනි රක්ෂක නිවාස පහක් කොළඹ නගරය තුල ඇති අතර රටපුරාම එවැනි ස්ථාන 40ක් පමණ තිබුණා. ඒවා ආරක්ෂක අමාත්‍යාංශය මගින් මිළදිගෙන සන්නද්ධ බුද්ධි  අංශය වෙත ලබාදී තිබුණේ ක්ශේෂ්ත්‍ර මෙහෙයුම් සැළසුම් කිරීමට හා හදිසියකදී ඔත්තුකරුවන් හා මෙහෙයුම් නිළධාරීන්ට රැකවරණ ගත හැකි පරිද්දෙනුයි.

සන්නද්ධ බුද්ධි  අංශයේ එක් ප්‍රහාරක මෙහෙයුම් අංශයක් වන Tactical Action Group (TAG) ලෙස හැඳින්වෙන විශේෂ බළකා පුහුණුව ලැබූ සතර දෙනෙක් හා තාක්ෂණික නිළධාරීන් දෙදෙනෙකු පැමිණ සිටියා. TAG කණ්ඩායමේ නායකයා වූයේ විශේෂ බළකා ලුතිනන් අෂාන් බෝපිටියයි. ජිත්, අෂාන් හා බ්‍රිගේඩියර් දසනායක කොන්ෆරන්ස් කෝල් ආකාරයෙන් සම්බන්ධවී මෙහෙයුම සැළසුම් කලා. ජනාකීර්ණ පෙදෙස්වල, හා නගර මධ්‍යයේ මෙහෙයුම් සිදුකිරීමට විශේෂ පුහුණවක් ලැබ තිබූ අෂාන්ගේ කණ්ඩායම හදිසි අවස්ථාවකදී ජිත්ගේ ආරක්ෂාවට සූදානම් වී සිටියා
.
බුලට් පෲෆ් වෙස්ට් එක හැඳගත් පසු අෂාන් ඔහුට උණඩ පිරවූ ග්ලොක් පිස්තෝලයක් ලබා දුන්නා. ග්ලොක් පිස්තෝලය ජිත් හොඳින් පුහුණුව ලැබූ, දෑස් වසාගෙන වුවද ගලවා යලි සවිකර හැකි තරමට හුරු ආයුධයක්.  එය බුලට් පෲෆ් වෙස්ට් එකටම සවිකර තිබූ පිස්තෝල රඳවනයේ රුවාගත් ජිත්ගේ බුලට් පෲෆ් ජැකට්ටුවට ජී.පී.එස් යන්ත්‍රය සවිකලේ තාක්ෂණ නිළධාරීන් විසින්. උඩින් කළු පැහැ ව්‍යායාම සඳහා භාවිතාකරන ටීෂර්ටයක් හැඳගත් අතර එය කලු ට්‍රැක් බොටමයට ගැලපුනා. ටීෂර්ටයේ ඉදිරිපස බොත්තම් කාසයේ හා පිටුපස කොළරයේ බොඩි  කැමරා කට්ටලය හා වීඩියෝ හා හඬ පටිගතකිරීම් යන්ත්‍රය සවිකලේද ඔවුන් විසින්. එම පටිගත කිරීමේ යන්ත්‍රය කුඩා ජංගම දුරකථනයක් මෙන් පෙනුනා.

ආයුධ රැගෙන යාමේ නීතිවලට අනුව තනිවම මෙහෙයුමක් සිදුකිරීමේදී හෝ ඔත්තු බැලීමේදී බුද්ධි අංශ ආයුධ රැගෙන යන්නේ නෑ, හදිසි පරීක්ෂාවකදී ආයුධයක් සමග හසුවීම බුද්ධි අංශ සාමාජිකයින්ට වුව කරදරකාරී වූ අතර එය මහජනයා කැළඹීමට පත්කිරීමට හා පුවත් මැවීමට හේතුවන නිසා තහනම් නියෝග පනවා තිබුණා. ආයුධ ගෙනයන්නේ නම් සහය සඳහා TAG කණ්ඩායමක් සිටීම අනිවාර්ය වුනා. ඔවුන් විනාඩි කිහිපයක් තුල සිය ඒජන්තයා වෙත පැමිණීමට සූදානමින් සිටියා.

කැමරා හා පටිගත කිරීමේ යන්ත්‍ර හා ජී.පී.එස් යන්ත්‍රය නිවැරදිව ක්‍රියාත්මක වන බව තහවුරුකරගත් තාක්ෂණ ශිල්පීන්, ජිත් මෙහෙයුමට සූදානම් බව ලුතිනන් අෂාන්ට දැන්වූවා.

දැන් හතයි දහයයි. සර් මලලසේකර මාවතෙන් මේට්ලන්ඩ් ප්ලේස් එකට ගිහිල්ලා එතනින් නිදහස් මන්දිරයට යන්න. අපි සර්ව පේන තැන්වල ඉන්නවා. සර් නිදහස් මන්දිරේ වටේ රවුමක් ජොග් කරලා පඩිපෙලේ ඉඳගන්න කියූ ලුතිනන් අෂාන් ආචාර කොට සිය කණ්ඩායම සමග ඔවුන්ගේ ලෑන්ඩ් කෲසර් ජීප් රථය වෙත  පියමන් කලා. ඔවුන් සියලු දෙනාම උදෑසන ව්‍යායාම කරන්නන් ලෙස සැරසී සිටියා.

හතයි විසිපහ වනවිට නිදහස් මන්දිරය වටා සෙමින් දිවයන ජිත් ඔවුන්ට දර්ශණය වුනා. මදක් විවේක ගන්නට මෙන් දකුණු පඩිපෙල මත නැවතුනු ජිත්, ඉණට අත් තබාගෙන බෙල්ලට ව්‍යායාම කරන ආකාරයට හිස කැරකෙව්වා. සැබැවින්ම ඔහු වටපිට නිරීක්ෂණය කරන බව අෂාන්ගේ කණ්ඩායම දැනසිටියා. 


උදෑසන 7.32, නිදහස් මන්දිරයේ දකුණු පියගැටපෙල අසල;

වැඩිවේලාවක් යන්නට පෙර නිල්පැහැ ක්‍රීඩා ඇඳුමකින් සැරසුනු යමෙක් තමන්ගේ දකුණු පසින් සිටින බව ජිත්ට ඇස් කොනින් පෙනුනා. මොහොතකින් ඔහුගේ ජංගම දුරකථනය නාදවුනා. එහි "Kate"නම දිස්වූ අතර ඒ ඇමතුම තමන් ගබඩාකරගෙන තිබූ ස්කයිප් අංකයෙන් බව තහවුරු වුනා. දුරකථනය සාක්කුවට දමාගත් ජිත් ඇය දෙස බැලුවා.

“Nice day for a jog isn't it?” [ජොග් එකකට හොඳ දවසක් නේද?] ඇය ප්‍රසන්නව විමසුවා

“Yes… certainly…..” [ඔව්, ඇත්තටම...] ජිත් පිලිතුරු බැන්දා

“Great!! Join me then…..” [නියමයි! මාත් එක්ක දුවන්න එනවද?] කියූ ඇය සෙමින් නිදහස් උද්‍යානයේ වතුරමල් ඇති පැත්තට දිවයන්න පටන් ගත්තා.ඇය දුවන්න එන්නයි කියපු නිසා සැලැස්ම වෙනස් වුනා. ඔවුන් කලින් හිතුවේ ඇය පඩිපෙල මත හිඳගෙන කතාබස් කරනු ඇති කියලයි. "අෂාන්ගේ කොල්ලොන්ට මාව ෆලෝ කරන්න පුලුවන් වෙයිද මන්දා?"ජිත්ට හිතුනා.

"කට්ට ගෑණි....මේකි බ්‍රිටිෂ් ඇම්බසියෙ වෙන්න බෑ....බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවෙන්ද? සමහරවිට බ්‍රිතාන්‍ය කොක්නි උරුවෙන් ඉංග්‍රීසි කථාකරන්න පුහුණුවුනු රුසියානු FSB ඔත්තුකාරියක් වෙන්නත් බැරිනෑ….” ජිත් කල්පණා කළා.

ජිත් ඇයට මීටර් පහක් පමණ පසුපසින් ගමන්කලා. ඇය වරක් දෙවරක් ඇස් කොණින් ඔහු පසුපසින් එනවාදැයි නිරීක්ෂණය කරන අයුරු ජිත් දැක්කා. ඒත් ඇය වේගය බාලකලේ නෑ. වයස 30ක් පමණවූ ඇයට සිහින් එහෙත් ශක්තිමත්, ක්‍රීඩාශීලී සිරුරක් තිබුණා. උස වනිගරත්න කියූ ආකාරයටම 5 8ක් පමණ වුනා. ඇය පැළඳ සිටි රීබොක් සපත්තු සයිස් 9 හෝ සයිස් 10 වියයුතු බවට ජිත් නිගමනය කලා. අඩි 5යි අඟල් 8ක් උස ගැහැණියකට ඒ සපත්තු විශාල වැඩියි. ඒ අනුව ඇය දැඩි හමුදා පුහුණුවක් ලැබූ තැනැත්තියක් විය යුතුයි. කොමාණ්ඩෝ පුහුණුව වැනි දැඩි හමුදා පුහුණුවලදී නිතිපතා කිලෝ 50ක් 60ක් වැනි විශාල බරක් ඇති උපකරණ මලු රැගෙන සැතපුම් ගණන් දිවයායුතු වනවා.  වසර 18 පමණ ලාබාල තරුණ කාලයේ එවැනි විශාල බරක් නිතරම ඔසවාගෙන දිවයාමට සිදුවීමෙන් දෙපා විශාල වන අතර ඇය පැළඳ සිටින සපත්තු විශාල වීමට හේතුව එය විය යුතු බවට ඔහු අනුමාන කලා.

ඉදිරියට දිවගිය ඇය දකුණු පසට හැරී ශ්‍රී ලංකා පදනම් ආයතන ගොඩනැගිල්ල පසුකරමින් පාපන්දු සම්මේලන ගොඩනැගිල්ලද පසුකොට රේස් කෝස් පිටියට පිවිසුනා. ඒ සමගම ඇයගේ වේගය බාලවුනා. ජිත්ට ඇය අසලට පැමිණෙන්නට සංඥාව එය බව ඔහු තේරුම් ගත්තා. 

“Are we going to stop and have this chat…?” 
[අපි නැවතිලා කතාකරන්නේ නැද්ද? ] ජිත් ඇයගෙන් ඇසුවා.

“No… let's keep running… hope u can keep up..” 
[නෑ අපි දිගටම දුවමු....ඔයාට මගේ වේගෙන් යන්න පුලුවන් කියලා හිතනවා]

“No worries…” [ප්‍රශ්ණයක් නෑ ...] ජිත් පිලිතුරු බැන්දා

“So...who are u? and what can u tell me about the crash…?” 
[ඔයා කව්ද? ප්ලේන් ක්‍රෑෂ් එක ගැන මොනවද දන්නේ?]

“Call me Kate…I will level with you, I am not from HC, I am from MI6….” [මට කේට් කියන්න...මම ඔයාට ඇත්ත කියන්නම්....මම හයිකොමිෂන් එකෙන් නෙමෙයි....මම MI6 බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ...]

“Well…..any white woman with a cockney accent can say she is MI6….even an accent trained Russian agent…” 
[කොක්නි උරුවෙන් කතාකරන ඕනෑම ගෑණියෙකුට පුලුවන්නේ MI6 කියන්න.... ඇක්සන්ට් ට්‍රේනින් ලබපු රුසියන් ඔත්තුකාරියකට වුනත්....]

“Wow…. you identified my accent…? Have you lived in the UK..?” 
[ෂහ් ඔයා මගෙ ඇක්සන්ට් එකත් හඳුනගත්තා....ඔයා එන්ගලන්තෙ ජීවත්වෙලා තියෙනවද?]

“No...its my job to know ….” “How do I know that you are MI6?” 
[නෑ මගෙ රස්සාව ඕවා දැනගෙන ඉන්න එක ] [මම කොහොමද ඔයා MI6 කියලා තහවුරු කර ගන්නේ?]

“We know about your op in Bangalore, India…. You guys killed a UK citizen…” 
[අපි ඔයාලගෙ බැන්ගලෝර් මෙහෙයුම ගැන දන්නවා....ඔයාලා එක්සත් රාජධානියේ පුරවැසියෙක් මරලා දැම්මා...]

“So this meetup is about our Bangalore operation?” 
[ඒ කියන්නේ මේ හමුවීම අපේ බැන්ගලෝර් මෙහෙයුම ගැන කතා කරන්නද?]

“No no…. you did us a favour by killing that piece-of-shit who was planning to link-up with ISIS…” 
[නෑ නෑ ……….ISIS ත්‍රස්තයින්ගේ උදව්වෙන් ත්‍රස්තවාදී නායකයෙක් වෙන්න හීන බලපු ඒ කාළකණ්නියව මරලා දාලා ඔයාලා ඇත්තටම අපිට උදව්වක් කලේ….....]

“I have sent a link to your phone….there is a ZIP file on that link….download it….as soon as you do...the link will stop working…….you will find some interesting photos and videos….. I also want to tell you that the Y12 was not bombed. It was shot down by what we believe to be a experimental railgun…” 
[මම ඔයගෙ ෆෝන් එකට ලින්ක් එකක් එව්වා. එකෙ ZIP ෆෝල්ඩර් එකක් ඇති. ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරපු ගමන් ලින්ක් එක ක්‍රියාවිරහිතවෙයි. ඔයාලට වැදගත් ෆොටෝ/වීඩියෝ ඒ ෆෝල්ඩරේ ඇති…...ඒවගේම  Y12 යානයේ බෝම්බයක් නොතිබුණු බව කියන්න ඕනෑ. ඒක පර්යේෂණ මට්ටමේ තියෙන රේල්ගන් කාළතුවක්කුවකින් වෙඩිතියලා බිමදැම්මා කියන එක තමයි අපේ අනුමානය....]

“What’s a rail gun?” [රේල්ගන් කියන්නේ මොකක්ද?]

“It is an kinetic energy weapon which fires a piece of metal at hypersonic speeds….like Mach 4+ using very powerful magnets and lots of electricity…”
[රේල්ගන් කියන්නේ ගතික ශක්ති අවියක්. ඒකට පුලුවන් ලෝහ උණ්ඩයක් හයිපර්සොනික් වේගයෙන් වෙඩි තියන්න. මක් 4ක විතර වේගයක් උණ්ඩයට ලබාදෙන්න පුලුවන්. උණ්ඩය ප්‍රචාලනය කරන්නේ ප්‍රභල විදුලි ධාරාවකින් ජනනය වන අධිබල චුම්බක ශක්තියෙන්....] 

“What you are saying is that someone built a high tech railgun in this country…..?”
[ඔයා කියන්නේ ලංකාවේ කවුරුහරි අධි තාක්ෂණික රේල්ගන් එකක් හදලා කියලද?]

“What I am saying is that two high-power superconducting magnets  built by a French company for a Chinese kinetic energy research center did not arrive in China….we think it came to Sri Lanka…..”
[මම කියන්නේ මේකයි. ප්‍රංශ සමාගමක්, චීනයේ ගතික-ශක්ති පර්යේෂණාගාරයක් වෙනුවෙන් හදලා යවපු අධිබල සුපිරි සන්නායක චුම්බක දෙකක් චීනයට ගිහිල්ලා නෑ. අපි හිතන්නේ ඒක ලංකාවට ආවා කියලයි....]

“This is crazy…” [මේක නම් පිස්සු කතාවක්....]

“Listen Jith...it sounds crazy….but do you think MI6 would allow me to reveal myself as a MI6 agent to you if they thought this wasn't serious? Now that Sri Lankan intelligence know that I am MI6….i have to leave this country tonight….I can never come here again….. So please find out what hell is going on and who is doing this and stop them before they shoot down a passenger jet with hundreds of innocent people….or do something worse”

[මේ අහන්න ජිත්...මම කියනදේ පිස්සු කතාවක් කියලා ඔයාට හිතෙනවා ඇති, ඒත් ඔයා හිතනවද MI6 බුද්ධි සේවය කවදාක්වත් මට මගේ නියම අනන්‍යතාවය ඔයාට හෙලිකරන්න ඉඩදෙයි කියලා මේ ගැන අපි තදින්ම විශ්වාස කරන්නේ නැතිනම්? දැන් මගේ අනන්‍යතාවය ලංකාවේ බුද්ධි අංශ දන්න නිසා මට අද රෑම මේ රටෙන් පිටවෙන්න වෙනවා. ආයෙ කවදාක්වත් මට ලංකාවට එන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා කරුණාකරලා හොයන්න මොකද්ද මේ වෙන්නේ? කවුද මේක කරන්නේ කියලා? ඔයගොල්ලෝ පරක්කු වුනොත් ඊලඟ ඉලක්කය මිනිස්සු සියගාණක් යන මගී ගුවන්යානයක් වෙන්න පුලුවන්....සමහර විට ඊටත් භයානක දෙයක් වෙන්න පුලුවන්....]  

“Bloody hell!!!………....but is that all you have for me?…. A speculation or a theory? Can you give me some actionable intelligence?
[හත්තිලව්වයි!........ ඒත් මෙච්චරද ඔයාට දෙන්න පුලුවන් තොරතුරු? ඔයා මට ලබලා දිලා තියෙන්නේ අනුමානයක් විතරයි....! මට ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් බුද්ධි තොරතුරක් දෙන්න බැරිද?]

“One name……. Terry Yang…” [නමක් කියන්නම් ...... ටෙරී යැන්ග්...]

“Who is he?” [ඒ කවුද? ]

“Look him up…….he is famous in China….” [හොයලා බලන්න....මිනිහා චීනේ හරි ප්‍රසිද්ධයි...]

“Why can't MI6 help us?” [ MI6 එකට අපිට උදව්කරන්න බැරිද?]

“Our hands are tied…….. PM is going to China to sign a massive trade agreement…. If any MI6 involvement on Chinese interests in Sri Lanka comes out, Chinese will cancel the signing…. We can’t afford that… we got parliamentary elections in a few months….”

[බෑ...අපි හිරවෙලා ඉන්නේ...අපේ අගමැති චීනෙට යනවා බිලියන ගාණක ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කරන්න......MI6 එක චීනෙ ගෑවිච්ච මොකකට හරි අතදැම්මොත් චීන්නු ගිවිසුම් අත්සන්කරන එක අවලංගු කරන්න ඒක අවසරයක් විධියට ගනියි කියලා අපිට බයක් තියෙනවා.....ඒක වෙන්න දෙන්න බෑ....තව මාස කිහිපයකින් එක්සත් රාජධානියේ මැතිවරණය තියෙනවා....]

What about the CIA? Can they tell us anything? [CIAඑකට උදව්වක් කරන්න බැරිවෙයිද?]

CIA…??? [සී.අයි.ඒ?? ] ඇය හඬනගා සිනාසුනා.

“Jith, There was a time when CIA was top dog in the intelligence community. These days CIA only learns something when it is on papers… This is your op Jith… you got to do this on your own…….. And not matter what you do, don't talk to the Chinese…”

[ජිත්….  කාලෙකට ඉස්සෙල්ලා නම් සී.අයි.ඒ එක බුද්ධි තොරතුරු ලෝකයේ ලොක්කා වෙලා හිටියා ඒත් දැන් එහෙම නෑ.......මේ දවස්වල සී.අයි.ඒ එක මොකක් හරිගැන දැනගන්නේ ඒක පත්තරේ ගියහම....මේක ඔයාලගේ රටේ ඔයාලගෙ ඔපරේෂන් එකක් ජිත්....ඔයගොල්ලන්ට තනිවම කරන්න වෙන වැඩක්.......හැබැයි මොනවා කරත් චීන බුද්ධි අංශෙ ගාවගන්න එපා....එයාලට දැනෙන්න අරින්නත් එපා....]

ඒ සමගම ඇයගේ දුරකථනය නාදවෙනු ඇසුනා. එය ගෙන පරීක්ෂාකල කේට්....

“I have to go… my transport is here… ..” [මං යන්න ඕනෑ....මගේ වාහනේ ඇවිල්ලා.....] කියූ ඇය කඩිණම් ගමණින් තුරඟ තරඟ පිටියෙන් එලියට පැමිණ නවත්වා තිබූ කුලීරථයක නැගගත්තා. ඇය යන අයුරු බලාසිටි ජිත්, ඇය ලබාදුන් තොරතුරුවල මුල-මැද-ගලපාගන්නට බැරුව කැළඹිලි සිතින් ලතවුනා.


CHAPTER 01011

Y12 යානය කඩා වැටී සත් දිනක් ගතවීමට ආසන්නයේ; රාත්‍රී 8.45 පමණ

"හලෝ ජිත්? මිස් කෝල්ස් 8යි! ඇයි මොකද? හදිස්සියක්ද?"

"ඇයි ඔයා ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ......අපි ටිකක් කළබල වුනා ඔයාට කරදරයක් කියලා..."

"මම ලොකු වැඩක හිටියේ....සයිලන්ට් දාලා තිබුණේ.....ඔයාව හම්බුවෙන්න පුලුවන්ද? වැදගත් දෙයක් කතාකරගන්න තියෙනවා...."

"ඔයා කොහෙද ඉන්නේ?"

"මම දැන් මිනිස්ට්‍රියෙන් එලියට බහින ගමන්?"

"මෙච්චර රෑවෙනකන් මිනිස්ට්‍රියේ මොකද කලේ?"

"ජිත්! ඔයා ප්‍රශ්ණ අහන්නේ මගේ හස්බන්ඩ් වගේ නේ......ගෙදරින් වත් මගෙන් ඕවා අහන්නේ නෑ....!"කවීශා නුරුස්නා ස්වරයකින් උස් හඬින් කිව්වා

“සොරි කවී මම ඔයාගේ පෞද්ගලික ජීවිතයට කරදර කරනවා නෙමෙයි.......ඔයාගෙ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ මට.....ඒකයි මම කරදර වෙන්නේ...."

"ඕකේ ඕකේ......අපි කොහෙදි හරි හම්බුවෙමුද? හැබැයි ක්ලබ් එකක නම් බෑ......"

"ටොරිංටන් ප්ලේස් එකේ ආකේඩ් එකට එන්න පුලුවන්ද?"

"පුලුවන්.... ආකේඩ් එකේ කොතනටද?"

"කාර්පාක් එකේ වාහනේ නවත්වන්න.....මම ඔයාව එතනින් ගන්නම්......."

"හරි...."

රාත්‍රියේ වාහන තදබදයක් නොතිබුණු නිසා කවීෂාට පැය කාළක් ඇතුලත ගාලුමුවදොර ආරක්ෂක අමාත්‍යාංශයේ සිට ටොරින්ංටන් චතුරශ්‍රයට පැමිණෙන්නට හැකිවුනා. ඇය වාහනය නතර කොට ප්‍රධාන ලාම්පු නිවා දැමූ සැනින් ජිත් ගේ ඇමතුමකින් ඇයගේ දුරකථනය නාදවුනා.

"මගෙ පික් අප් එක ඔයාගෙ කාර් එක පිටිපස්සේ. ඉක්මණට ඇවිල්ලා නගින්න..."

කවීෂා සිය රථයේ දොර වසා දුරස්ථපාලකයෙන් අගුළු දමා ඇයගේ රථයට පිටුපසින් නවත්වාගෙන සිටි පික් අප් රථය දෙස බැලුවා. ඇය බලන බව දුටු ජිත්, රියදුරු අසුනේ සිටි ඔහුව ඇයට හඳුනාගත හැකිවන පරිදි ඇතුලත විදුලිපහණ දල්වා මොහොතකින් නිවා දැම්මා. ඔහු හඳුනාගත් කවී කඩිනම් ගමනින් පැමිණ රථයට ගොඩවුනා.

“කොහෙද යන්නේ?”

"කොහෙවත් නෑ......මේකෙ කොළඹ වටේ රවුමක් දෙකක් යනගමන් කතා කරමු, ඊට පස්සෙ මම ඔයාව ගෙදර ගිහින් දාන්නම්...."

"එතකොට මගෙ කාරෙක?"

"මට යතුර දෙන්න......මම මෙස් එකට ගිහින් අපේ කොල්ලෙකුට කියන්නම් කාර් එක ඔයාගෙ ගෙදරට ගෙනත් දාන්න කියලා.....කමක් නෑ නේද?"

"හ්ම්ම්...."

"බස්සියක් වගේ හුම් ගාන්නෙ මොකද? බඩගිණිද?.... මූණ හෙම්බත්වෙලා.....දවල්ට කෑවේ නෑ නේද?"ජිත්, කවීෂාගේ මුහුණට එබෙමින් ඇසුවා. කවීෂා මුකුත් නොකියා තොල පෙරලුවා.

"පිලවූස් එකෙන් චීස් කොත්තුවක් වාහනේට ගෙන්නගෙන කමුද?"

"හා!!!"ඇය මුවපුරා සිනහසෙමින් කීවා.

"නැත්නම් රෝයල් කොලෙජ් එක ලඟ රහීමා එකෙන් පරාටා කන්නත් පුලුවන්...."ජිත් තවත් යෝජනාවක් ගෙනාවා.

"චීස් කොත්තු......."

"ඕකේ මැඩම්......යුවර් විෂ් ඉස් මයි කමාන්ඩ්....."බෞද්ධාලෝක මාවතේ සෙමෙන් පදවමින් සිටි ජිත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අසලින් යූ ටර්නයක් ගසා ආපසු බම්බලපිටිය දෙසට යන්නට වුනා.

"හයිකොමිෂන් එක ලඟින් වමට දාලා ගියානම් ලේසි නැද්ද?"කවීෂා විමසුවා.

"ගාලුපාර කොළඹ පැත්තට වන් වේ නෙ...බම්බලපිටියෙන් දැම්මම පිලවූස් එක ඉස්සරහ නවත්තගන්න පුලුවන්...."

රාත්‍රී 9.15

කටට දෙකට ගිල දැමූ උණු උණු චීස් කොත්තුව කෝක් සීරෝ වීදුරුවකින් සෝදා පහලට හැරිය ජිත් නිහඬව වාහනය පැදවූයේ කවීෂාට කතාකරන්නට ඕනෑ යයි කියූ දෙය සකසාගන්නට ඇයට අවස්ථාව දෙමින්. ඇය කුමක් හෝ බරපතල යමක් පැවසීමට සූදානම් වන බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනා.

"ජිත්, සන්දීප් වනසේකරව කොළඹ ආමි HQ එකට ගෙනල්ලා. දැන් එතන ඩිටේන් කරගෙන ප්‍රශ්ණ කරනවා. මම ඩිෆෙන්ස් මිනිස්ට්‍රි ලොයර් කෙනෙක් නිසා එයාගෙ ප්‍රශ්නකිරීම් නීරික්ෂණය කරන්නයි, එයාගෙන් ප්‍රශ්ණකාරී තැන් ගැන අහන්නයි අවසර ඉල්ලුවා. අද උදේ ආමි එකෙන් පණිවුඩයක් ආවා මම ආරක්ෂක අමාත්‍යාංශයේ නීති සම්බන්ධීකාරක විධියට සන්දීප්ගේ කේස් එකට සම්බන්ධ වෙනවට විරුද්ධත්වයක් නෑ කියලා. ඩිෆෙන්ස් සෙකට්‍රි අද උදේ මීටින් එකකට මාවත් ගෙන්නුවා. National Security Advisorත් මීටින් එකේ හිටියා. වෙලා තියෙන දේ අනුව සන්දීප්ගේ රඳවා ගැනීමේ නීතිමයභාවය ගැන මගෙන් ඇහුවා.

මම කිව්වා හරියටම යමක් කියන්න නම්, සන්දීප්ගේ ප්‍රශ්ණ කිරීම් වල ඔක්කොම ට්‍රාන්ස්ක්‍රිප්ට් මට ආමි එකෙනුයි එයාෆෝස් එකෙනුයි නිදහස් කරලා දෙන්න කියලා. ඒවා බලලා, ඒවායින් මතුවන ප්‍රශ්ණකාරීතැන් ගැන සන්දීප්ගේ පැහැදිලිකිරීම් බලලා නීතිමය තත්වය ගැන මගේ තක්සේරුව දෙන්න පුලුවන් කියලයි මම දැනුම් දුන්නේ. ඒවගේම සන්දීප් ග්‍රීන් කාඩ් හෝල්ඩර් කෙනෙක් නිසා ඇමරිකන් ඇම්බසියෙන් දැන් ප්‍රෙෂර් කරනවා. එයාලා අහනවා ඇයි සන්දීප්ව හිරකරගෙන ඉන්නේ කියලා. ඉක්මණින් චෝදනා තියෙනවනම් ඉදිරිපත් කරන්න, නැතිනම් නිදහස් කරන්න කියලා.

අද හතර විතර වෙනකම් මම එයාෆෝස් එකෙනුයි, ආමි එකෙනුයි එවපු, සන්දීප්ගේ ප්‍රශණකිරීම් වල ට්‍රාන්ස්ක්‍රිප්ට් කියෙව්වා. ඊට පස්සේ මම ගියා සන්දීප් හම්බුවෙන්න. ඇත්තටම මට පේන විධියට සන්දීප් මේ ක්‍රෑෂ් එකට කිසිම සම්බන්ධයක් නෑ. ඒ කොල්ලා අඬ අඬා ඉන්නේ . එයා බඳින්න ඉඳලා තියෙන්නේ DTRA බයෝ ලැබ් එකේ ඩොක්ටර් ඊෂා බර්තොලමියුස් කියලා කෙනෙක්ව. එයා බයෝ කෙමිස්ට්‍රි ගැන පී.එච්.එඩී එකක් තියෙන, කැලිෆෝනියාවේ ජීවත් වුන ලංකාවේ කෙල්ලෙක්. සන්දීප් Google Assitant AI project ටීම් එකෙන් අස්වෙලා ඩීට්‍රා ටීම් එකට බැඳිලා තියෙන්නෙත් ඊෂා එක්ක ඉන්න ලංකාවට එන්න ඕනෑ නිසා. දෙන්නා ලබන මාසෙ එන්ගේජ් වෙන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. එන්ගේජ්මන්ට් මුද්ද හදන්න දීපු ඕඩරේ රිසිට් එක එයාගෙ වොලට් එකේ. ඒක මට පෙන්නුවා. මම ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා. මම ඔයාට WhatsApp කරන්නම්. කාවහරි ඒ රත්තරන් සාප්පුවට යවලා ඒ ගැන හොයාලා බලන්න්න පුලුවන් නේද? මුද්දෙ ඕඩරේ දෙන්න සන්දීප්මද ගියේ කියලා ෂොප් එකේ සිකුරිටි කැමරා ටේප් වල ඇති මම හිතන්නේ.

ට්‍රාන්ස්ක්ක්‍රිප්ට් වලන් මතුවෙන ගැටලු ඔක්කොටම එයා සෑහීමකට පත්වෙන්න පුලුවන් විධියට උත්තර දුන්නා. ඒවා සළකලා බලලා මම හෙට උදේට ඩිෆෙන්ස් සෙකට්‍රිට මගේ රිපෝට් එක දෙනවා. සන්දීප් කියන විධියට එයා ප්ලේන් එකට බඩු ලෝඩ් කරනකොටත් රන්වේ එක ලඟ ඉඳලා ප්ලේන් එක පිටත්වුනාමයි ඩේටා කලෙක්ෂන් පටන් ගන්න ලැබ් එකට ගිහිල්ලා තියෙන්නේ. එයා කොහොමටවත් පිලිගන්නේ නෑ G10 සෙබලුන්ගේ හැසිරීම් විකෘතිවෙලා, එයාලා කළබලයක් කරලා හරි වෙඩි තියාගෙන හරි ප්ලේන් ක්‍රෑෂ් එක වුනා කියලා.

ටීම් එකේ අය ලඟවත්, එයාෆෝස් එකෙන් දීපු ලෝඩ් මාස්ටර්, ජම්ප් මාස්ටර් ඔෆිසර්ලා ලඟවත් ආයුධ තිබිලා නෑ. පිපිරීමක් ඇති කරන්න පුලුවන් කිසිම දෙයක් එයාලගෙ ඉක්විප්මන්ට් වල තිබුණේ නෑ කියලා සන්දීප් සහතික වෙනවා. පස්සේ මම එයාට MI6 එකේ කේට් දීපු තොරතුරු ගැන ඉඟියක් දුන්නා. ඔයා මට කියපු හැම දෙයක්ම මම කියන්න ගියේ නෑ. එත් මම කයිනටික් එනර්ජි වෙපන්ස් ගැනයි, රේල් ගන් තාක්ෂණය ගැනයි ඇහුවා. එයාට ඒ ෆීල්ඩ් එක ගැන සෑහෙන දැනුමක් තියෙනවා. AI ෆීල්ඩ් එකේ දැන් හිටියට එයා මාස්ටර්ස් ඩිග්‍රිය වෙනකම් ඇප්ලයිඩ් ෆිසික්ස් (applied physics) පැත්තේ රීසර්ච් කරපු කෙනෙක්. සන්දීප් කියන විධියට රෙල්ගන් තාක්ෂණයේ අමාරුම කොටස අධිබල සුපර් කන්ඩක්ටින් මැග්නට් තාක්ෂණය. ඒවගේ මැග්නට් තියෙනවා නම්, රේල් ගන් එකක් ඇසම්බල් කර ගන්න එක එච්චර අමාරු නෑ කියලා කියනවා. සන්දීප් ක්‍රෑෂ් එකට සම්බන්ධයි කියලා සැකයක් ඇතිවෙන කිසිම හේතුවක් නෑ කියලා මම මගේ රිපෝට් එකේ ලියනවා.
දවස් දෙකතුනකින් එයාව නිවාස අඩස්සියෙන් නිදහස් කරයි. මම හිතන්නේ සන්දීප්ව අපේ ඉන්වෙස්ටිගේෂන් එකට සම්බන්ධකරගත්තොත් හොඳයි කියලා. ඔයා මොකද හිතන්නේ?

මදක් වෙලා නිහඬව සිටි ජිත් හඬ අවදිකලා.

"මෙහෙමයි කවී, ඔයා මගෙන් අහන්නේ නැතුව දැනට ඉතාමත්ම රහසිගතව තියෙන තොරතුරු සන්දීප්ට දීපු එකනම් මම කොහොමටත් අනුමත කරන්නේ නෑ. ඕක ලීක් වුනොත් මමයි, මිලිටරි ඉන්ටෙලිජන්ස් එකයි විතරක් නෙමෙයි, බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස් එකත් අමාරුවේ වැටෙනවා. ඒත් ඔයා සන්දීප් ගැන හිතන විධියයි, එයාට මේවා කියන්න ගත්ත තීරණයයි මම චැලෙන්ජ් කරන්නේ නෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. සන්දීප් වගේ විශේෂඥයෙක් මේ ඉන්වෙස්ටිගේෂන් එකට වැදගත් සම්පතක් වෙයි. ඒවගේම මේ අභිරහස විසඳගන්න එයාට දැන් බලවත් පෞද්ගලික හේතුවකුත් තියෙනවා. බඳින්න ඉන්න කෙල්ලවයි, එයාගෙ යාලුවො හැම දෙනාවමයි අමු අමුවේ මරාදැම්මේ කවුද, මොන හේතුවකටද කියලා හොයාගන්න එයා කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි.... මම මගේ කමාන්ඩින් ඔෆිසර්ට කතා කරලා බලන්නම්...."



CHAPTER 01100

Y12 අණතුරෙන් සති දෙකකට පසු; Y12 අණතුර පිලිබඳව බුද්ධි තොරතුරු සමාලෝචන හා උපාය සකස්කිරීමේ රැස්වීම, සන්නද්ධ බුද්ධි  අංශ රක්ෂක නිවාසය හා ක්ශේස්ත්‍ර මෙහෙයුම් කාර්යාලය, පැලවත්ත

මුලසුන හෙබවූ බ්‍රිගේඩියර් ජනක දසනායකගේ අවසරයෙන් ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පිලිබඳ විශේෂඥ, සන්නද්ධ බුද්ධි  තොරතුරු විශ්ලේෂක විකුම් අල්මේදා කණ්ඩායම ඇමතීමට නැගී සිටියා.

මට ලැබුණු අණ අනුව මම චීන ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික ටෙරී යැන්ග් ගැන පූර්ණ විශ්ලේෂණයක් කලා. මා සොයාගත් දේවල් දැන් ඉදිරිපත් කරන්නම්.

62හැවිරිදි ටෙරී යැන්ග්ගේ නියම නම යැන්ග් ටාඕ සී. ඔහු වෙනත් චීන කෝටිපතියන්ට වඩා වෙනස්, මාධ්‍යවල පෙනී නොසිටින නිහඬ ජීවිතයක් ගත කරනවා. ඔහු බිලියනපතියෙක් වුනේ ඩෙන්ග් ෂියාඕ පිංග් චිනයේ ආර්ථිකය වෙළඳපොලකරණය කරමින් ඇතිකල ඉඩකඩම් වෙළඳාම හා පෙට්‍රෝලියම් සිල්ලර වෙළඳාම් ලිහිල් කරණ ප්‍රතිපත්ති වලින් පසුවයි. ශූර ආයෝජකයෙකු වූ ඔහු අතහැර දමාතිබූ චීන රජයට අයත් ඉඩම් ඉතා අඩු මිළට මිළදීගෙන විශාල කර්මාණ්ත කලාප, නිවාස සංකීර්ණ හා කාර්යාල හා සාප්පු සංකීර්ණ ගොඩනැගුවා. YTS Property Holdings නම් ඔහුගේ දේපොල වෙළඳ සමාගම චීනයේ ප්‍රධාන කාර්මික හා වෙළඳ නගර අටකම විශාලතම ඉඩකඩම් හා මූර්ත දේපල හිමි සමාගම වනවා. Shanghai, Hangzhou, Shenzhen, Guangzhou, Wuxi, Nanjing, Ningbo හා Beijing ප්‍රධාන නගරවල ඔහුගේ සමාගම සතු දේපොලවල වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 600ක් බවට ඇස්තමේන්තුකර තිබෙනවා. YTS Liquid Energy යන නමින් හඳුන්වන ඔහුගේ ඉන්ධන බෙදාහැරීමේ හා ඉන්ධන අලෙවිසැල් ජාල සමාගම සතුව චීනය පුරා ඉන්ධන වෙළඳසැල් 6000ක් තිබෙනවා. ඒවගේම මේ සමාගම චීනයේ අන්තර්ජාතික ගුවන්තොටුපොලවල් හයක ගුවන්යානා ඉන්ධන සැපයිමේ ඒකාධිකාරිය තිබෙනවා. YTS Liquid Energy සමාගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 16ක් බවයි මට ලැබුණු වාර්තාවල තියෙන්නේ.

කොහොම වුනත් මීට අවුරුදු 7කට කලින් ටෙරී යැන්ග්ට මොළයේ පිලිකාවක් වැළඳී ඇතිබව සොයාගන්නවා. ඒ සමගම ඔහු සිය එකම දියණිය වන යැන්ග් නිංග් මා හෙවත් නිමා යැන්ග් සිය ව්‍යාපාරයට හවුල්කර ගන්නවා. ඇය ටෙරී යැන්ග් ගේ ව්‍යාපාරවලට සම්බන්ධවන විට වයස 28යි. දැන් 35 හැවිරිදි ඇය, ටෙරී යැන්ගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ ප්‍රධාන සමාගම්  දෙකක, එනම් YTS Property, YTS Liquid Energy සමාගම් වල ප්‍රධාන මෙහෙයුම් නිළධාරිනී (Chief Operating Officer - COO) ලෙස කටයුතු කරනවා. පසුගිය මාස 6ක් පුරාම ටෙරී යැන්ග් සිය කාර්යාලයට පැමිණ නොමැති අතර ඔහු නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව චීන ව්‍යාපාරික මාධ්‍ය අනුමාන කරනවා.

නිමා යැන්ග් දක්ෂ පරිගණක විද්‍යාඥවරියක්. ඇයට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් neural networks නම් පරිගණක තාක්ෂණය පිලිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා. ඒවගේම හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් MBA ව්‍යාපාරික උපාධියක් තියෙනවා. ව්‍යාපාරයට සම්බන්ධවූ වහාම ඇය සිය පියාව පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාණ්තයේ ආයෝජනය කරන්නට පොළඹවා ගත්තා. ඔවුන්ගේ පරිගණක හා තොරතුරු තාක්ෂණ ආයෝජන සියල්ලම Centaris නම් පරිපාලන සමාගමක් (holding company) හරහා මෙහෙයවනවා. මේවෙනකොට විශාල දියුණුවක් ලබලා තියෙන සෙන්ටාරිස් සමාගම චීන ත්‍රිවිධ හමුදා සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම්, ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර හා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග නිර්මාණය කෙරෙන සමාගම් හා පර්යේෂණ ආයතනවල විශාලම ආයෝජකයෙක්බවට පත්වෙලා තියෙනවා.චීනයේ විශාලම කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ආයතන හතරකම අයිතිය සෙන්ටාරිස් සමාගම සතුවෙනවා.  ‍YTS සමාගම් දෙකෙහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරිණිය වන නීමා, සෙන්ටාරිස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරිණිය (CEO) මෙන්ම ප්‍රධාන තාක්ෂණ නිළධාරිණිය (Chief Technology Officer - CTO) වනවා. ඒ අනුව සෙන්ටාරිස් සමාගමේ උපායමාර්ග හා ආයෝජන සියල්ලම නිමා යැන්ග් ගේ දැක්මට අනුව සිදුවෙනවා කියලා හිතන්න වෙනවා.

මෑතක සිට චීන තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රය තුල සෙන්ටාරිස් සමාගමේ අලුත්ම රහස් ව්‍යාපෘතියක් ගැන කතාබහ වෙනවා. එනම් සෙන්ටාරිස් සමාගම, ඔවුන්ගේ ‍YTS සමාගම් සමූහයේ සියලුම මෙහෙයුම් තීරණ මෙන්ම උපායමාර්ගික තීන්දුද ස්වයාර්තව ගතහැකි සුපිරි කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටින බවට පැතිරෙන රාවය. මේ වෑයම සාර්ථකවුව හොත් ‍YTS / Centaris සමාගම් සමූහය කෘත්‍රිම බුද්ධි CEO කෙනෙකු මගින් මගින් පාලනය කරන ලොව ප්‍රථම සමාගම වනු ඇතැයි විචාරකයින් පවසනවා. මේ වෑයමට එක් හේතුවක් ලෙස ‍YTS / Centaris අධිරාජ්‍යයේ නිර්මාතෲ ටෙරී යැන්ගේ රෝගී තත්වය දිනෙන් දිනම අසාධ්‍ය වෙමින් පැවතීම කියලා හිතන්න පුලුවන්.

ඊටත් වඩා අපේ ඉන්වෙස්ටිගේෂන් එකට වැදගත් වෙන දෙයක් මම සොයාගත්තා. යුධ තාක්ෂණ විශ්ලේෂණය පිලිබඳව නම්දරා ඇති Jane’s Defense Review  සඟරාවට අනුව සෙන්ටාරිස් සමාගම විද්‍යුත් චුම්බක තාක්ෂණ ආයුධ නිර්මාණයට අතගහලා තියෙනවා. එවැනි ආයුධ නිපදවාගැනීම ප්‍රමුඛතාවයේ සලකා ක්‍රියා කිරීමට චීන රජය පටන්ගෙන ඇති නිසා සෙන්ටාරිස් සමාගමේ පර්යේෂණවලට චීන රජයේ පූර්ණ සහය හිමිවී තිබෙනවා. චීන නාවික හමුදාවේ යුධ නෞකාවලට රේල් ගන් ආයුධ නිර්මාණය සඳහා සෙන්ටාරිස් හා තවත් චීන සමාගම් කිහිපයක් තරඟවැදී සිටින අතර සෙන්ටාරිස් සමාගම රේල් ගන් තාක්ෂණයෙන් ගුවන්යානා නාෂක අවි නිපදවීමටද පර්යේෂණ පවත්වන බව වාර්තාවනවා.

තවත් වැදගත් සිද්ධියක් තමයි 2017 මාර්තුවේදී සෙන්ටාරිස් සමාගම ප්‍රංශ අධිතාක්ෂණ සමාගමක් වන Rexel සමාගමේ පාලනය සියතට ගැනීමට උත්සහ කිරීම.  රෙක්සෙල් සමාගම සුපිරි සන්නායක හා සුපිරි සන්නායක විද්‍යුත් චුම්බක නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම් වලින් එකක්. කොහොම වුනත් ප්‍රංශ රජයේ මැදිහත්වීම මත රෙක්සෙල් සමාගමේ විශාල කොටස් හිමියන් සිය කොටස් සෙන්ටාරිස් සමාගමට විකිණීම ප්‍රතික්ෂේප කරලා තියනවා. එහෙම වුනත් සෙන්ටාරිස් සමාගම, රෙක්සෙල් සමාගමේ විශාලතම ගැනුම්කරුවෙකු වෙනවා වගේම අතර සමාගම් දෙක අතර තාක්ෂණ හුවමාරු හා පේටන්ට් බළපත්‍ර හුවමාරු ගිවිසුම් ගණනාවක් තිබෙනවා.මම අනුමාන කරන විධියට MI6 ඔත්තුසේවයෙන් අපිට කියපු සුපිරිසන්නායක චුම්බක රෙක්සෙල් සමාගමෙන් සෙන්ටාරිස් සමාගමට යවපු ඒවා වෙන්න ඕනෙ.

ඒ විධියට බලනකොට සෙන්ටාරිස් සමාගම ලංකාවේ මේ වෙන සිද්ධිවලට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා අනුමාන කරන්න පුලුවන්. එම්.අයි 6 එක අපිට ටෙරී යැන්ග් ගැන හොයන්න කියලා ඔත්තුවක් දුන්නේ ඒ නිසා වෙන්න ඕනෙ.


කෝලිත, ඔයාගෙ රිපෝට් එක දෙන්න බලන්න. බ්‍රිගේඩියර් දසනායක විධානය කලා. සන්නද්ධ බුද්ධි  තොරතුරු විශ්ලේෂක හා සයිබර් හා සංඥා බුද්ධි තොරතුරු (cyber and signals intelligence) විශේෂඥ කෝලිත මෙන්ඩිස් නැගී සිටියා.

MI6 එකෙන් අපට ලබලාදීපු ෆෝල්ඩරයේ තිබූ ඡායාරූප හා වීඩියෝ විශ්ලේෂණයට අදාල තොරතුරු මා ඉදිරිපත් කරන්නම්. මේ ඡායාරූප හා වීඩියෝ වල පෙන්නන තැන සිංගප්පූරුවේ රැෆල්ස් ප්‍රදර්ශණ හා සම්මණ්ත්‍රණ සංකීර්ණයේ බව අපට තහරුවුරු වෙලා තිබෙනවා. විඩියෝවට අදාල දර්ශණ රැෆල්ස් සම්මණ්ත්‍රණ ශාලා සංකීර්ණයේම පිහිටි ෆෙයාර්මොන්ට් හෝටලයේ මිළ අධික සුඛෝපභෝගී කාමරයක සිදුවූ ඒවා බවත් තහවුරුයි.

මේ ඡායාරූපවල ඉන්න කාන්තාව හා දසුන් වීරකෝන් ෆෙයාර්මොන්ට් හෝටලයේ ඇති විවිධ අවන්හල් හා සමාජශාලාවල ඉතා කුළුපගව ගැවසෙන ආකාරය පෙන්වනවා. මේ කාන්තාවගේ අනන්‍යතාවය හෙලිකරගන්න තවම බැරිවුනත් ඇය චීන පුරවැසි කාන්තාවක් බවත් ඇය චීනයේ ජාතික බුද්ධි සේවය වන MSS ඒජන්සියේ ඔත්තුකාරියක් බවත් අප අනුමාන කරනවා. ඇය හා දසුන් වීරකෝන් අතර කලක පටන් ලිංගික සබඳතාවයක් තිබී ඇති බව මේ වීඩියෝවෙන් ඔප්පුවෙලා තියෙනවා. මේ කාන්තාව MSS ඔත්තුසේවයේ බව අප අනුමාන කරන්නේ ඔබට මේ තිරයේ පෙනෙන ඡායාරූපය ඔස්සේ කල පරීක්ෂණ වලට අනුවයි.


ඇය භාවිතාකල මේ ලක්ෂරි කාර් එක සිංගප්පූරුවේ Hertz නම් කුලීරථ සමාගමට අයත් එකක්. මේ රථයේ ලියාපදිංචි අංකය අනෙක් ඡායාරූපවල ඉතා පැහැදිලිව පෙනෙන නිසා ඒ ගැන අපි සොයාබැලුවා. මේ ඡායාරුපය ගෙන ඇති දින හා ඊට පැය 72ක පෙර හා පසු කාලසීමාවලදී හර්ට්ස් සමාගමෙන් මේ අංකය ඇති කුළීරිය ලබාගෙන ඇත්තේ කවුරුන් විසින් දැයි අප සිංගප්පුරුවේ සිට ක්‍රියාත්මක වන තොරතුරු මූළාශ්‍රයක උදව්වෙන් සොයාගත්තා. අපට වාර්තාවුනු ආකාරයට මේ කාලසීමාවේදී මේ සුඛෝපභෝගී BMW රථය  Hibiscus Imports and Exports Co Pvt නම් සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් කුලියට ගෙන තිබෙනවා. බුද්ධි තොරතුරු හුවමාරු ගිවිසුම් යටතේ CIA ඔත්තුසේවය ශ්‍රීලංකා සන්නද්ධ බුද්ධි  අංශයට ලබාදුන්, අග්නිදිග ආසියාවේ චීන බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිලිබඳව නිකුත්කල වාර්තාවක Hibiscus Imports and Exports Co Pvt  සමාගම චීන MSS බුද්ධි සේවය මගින් සිංගප්පූරුවේ ආ ආසන්න රටවල විවිධ ක්‍රියාකාරම් සඳහා යොදාගන්නා සමාගමක් බව හෙලිකොට තිබෙනවා. ඒ අනුව මේ කාන්තාව MSS බුද්ධි සේවයේ ක්‍රියාකාරිණියක් බවට වන අනුමානය තවත් ශක්තිමත් වෙනවා.

මේ කාන්තාව ලංකාවට පැමිණී ඇතිදැයි සොයා බැලීමට කටුණායක ගුවන්තොටුපොල ආගමන විගමන කවුන්ටරවල  පසුගිය මාස හයක ආරක්ෂක කැමරා දර්ශණ facial recognition  තාක්ෂණය යොදාගෙන විශ්ලේෂණය කරන්නට අප කටයුතු කලා.  පුද්ගලයින් මිලියනයකගේ පමණ මුහුණු විශ්ලේෂණය කිරීමෙන් පසු මැය ලංකාවට  පැමිණ ඇති බව සොයාගත්තා. සති දෙකක් පමණ ගතවූ මේ විශ්ලේෂණයේදී මේ කාන්තාව පස් වතාවක් චීන ගමන්බළ පත්‍ර තුනක් යොදාගෙන ලංකාවට පැමිණ ඇති අතර ඇය ඒ සෑම වතාවකම දින පහක් හෝ ඊට වැඩි කාළයක් ලංකාවේ ගතකොට තිබෙනවා.ඒවගේම දසුන් වීරකෝන් පිටරට සවාරි යන බොහෝ අවස්ථාවල මේ කාන්තාව මගදී ඔහුට එකතුවෙලා තියෙනවා.  ඒ අනුව  MSS ඒජන්තවරියක් වන මේ කාන්තාව ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ඇතුලු කවයේ වඩාත් විශ්වාසදායක පුද්ගලයෙකුගේ අනියම් බිරිය බවට පත්වී ඇති බවට සැකයක් නෑ.

ඒවගේම බුද්ධි තොරතුරු හුවමාරු ගිවිසුම් යටතේ අපට ජර්මනියේ BND ඔත්තුසේවයෙන් ලැබුණු වාර්තාවක චීන MSS ඔත්තුසේවය ලිංගික සබඳතා මගින් මිනිසුන් පොළඹවාගැනීම සඳහා යොදාගන්නා ඔත්තුකාරියන්ට එම්ෆතින් (emphathin) නම් ජීව රසායණ ද්‍රව්‍යය ලබාදෙන බවට අණතුරු අඟවා තිබෙනවා. එම්ෆතින් මගින් ඇඩ්‍රොස්ටෙනෝල්  නම් ලිංගික ආකර්ෂණ ෆෙරමෝනය නිකුත්වීම උත්තේජනය කරනවා කියලා වෛද්‍ය මතයක් තියෙනවා.

අධිමාත්‍රාවෙන් ඇඩ්‍රොස්ටෙනෝල් ෆෙරමෝනය නිකුත්කරන කාන්තාවන් හා හාදවන පිරිමින්, ඒ ගැහැණුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පොළඹවන දැඩි ලිංගික ආකර්ෂණයක් ඇති කරනවා. දසුන් වීරකෝන් අතිවිශාල අවදානමක් ගනිමින් මේ කාන්තාව සමග හැසිරෙන්නේ මේ ෆෙරමෝනයේ බලපෑමට හසුවීමෙන් බවට අප විශ්වාස කරනවා.ඒවගේම මානසික බැඳිම් ඇතිකරන විවිධ මනෝවිද්‍යා උපක්‍රමත් චීන බුද්ධි අංශ භාවිතා කරනවා. මේ කාන්තාවගේ පෙළඹවීමෙන් දසුන් වීරකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉතාමත් සංවේදී ආරක්ෂක තොරතුරු MSS ඔත්තුසේවය අතට පත්කරන බවයි අප විශ්වාස කරන්නේ…………"


“ස්තූතියි කෝලිත...සන්දීප්!, ඔයා ලෑස්තිනම් ඊලඟට ඔයාගෙ අවස්ථාව..”. බ්‍රිගේඩියර් දසනායක පවසද්දී "මම ලෑස්තියි සර්"කියමින් සන්දීප් වනසේකර ප්‍රොජෙක්ටරය සවිකොට තිබූ ලැප්ටොප් යන්ත්‍රය වෙත ගොස්, සිය වාර්තාව රැගත් පවර්පොයින්ට් ගොනුව ක්‍රියාත්මක කලා.

"ඉස්සෙල්ලම ඔයාගැන හැඳිවීමක් කරලා හිටියොත් හොඳයි සන්දීප්, මෙතන ඉන්න සමහර අය ඔයාව හමුවෙන්නේ පලමුවතාවට...."කපිතාන් ජිත් යෝජනා කරද්දී බ්‍රිගේඩියර් දසනායක එය හිසවනා අනුමත කලා. සන්දීප්ව සන්නද්ධ බුද්ධි  අංශයට සම්බන්ධකරගත යුතුයැයි යෝජනාකල කවීෂා ජයමාන්න, සන්දීප්ගේ වාර්තාව ඇසීමට ඉතා ඕනෑකමින් සූදානම් වෙනු පෙනුනා.

“ස්තූතියි මට මේ මෙහෙයුමට දායක වෙන්න අවස්ථාව ලබා දුන්නාට. මම සන්දීප් වනසේකර. මම භෞතික විද්‍යාඥයෙක් වගේම කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් නිර්මාණ කරන මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. G10 ව්‍යාපෘතියේ සෙබලුන්ගේ පාලන කටයුතු සිදුකරන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග දෙක නිර්මාණය කලේ මා නායකත්වය දුන් කණ්ඩායම….

සුපිරි සන්නායක වලින් ජනනයවන විද්‍යුත් චුම්භක ශක්තියෙන් ක්‍රියාත්මක වන රේල් ගන් අවි පිලිබඳව මා ගැඹුරින් හදාරා නැතත් ඒවා ක්‍රියාත්මකවන භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා….”

“රේල් ගන් එකක් කියන්නේ අධිබල විද්‍යුත් චුම්බකයකින් යම් ඝණ ප්‍රක්ෂිප්තයක් ත්වරණය කරමින් ඒ ප්‍රක්ෂිප්තයේ කයිනෙටික් එනර්ජි හෙවත් ගතික ශක්තියෙන් විශාල විනාශයක් කරන්න පුලුවන් අවියකට. මෙවැනි ප්‍රක්ෂිප්තයකට නැතිනම් ප්‍රොජෙක්ටයිල් එකකට ශබ්දයේ වේගය මෙන් හතර ගුණයක වේගයක්, එනම් පැයට කිලෝමීටර් 4900ක් වගේ වේගයක් තියෙනවා. මේ වගේ තවරණයක් දෙන්න ඉතා කෙටි කාළයකට අධික විදුලි බලයක්, ඒ කියන්නේ මෙගාවොට් 25ක විතර බලයක් තත්පර 5ක් වගේ කාළයකට ලබාදියයුතු වෙනවා….”

“මෙවැනි බලයක් ලබල දෙන්න විශාල විදුලිබල උපපොලක් අවශ්‍ය වෙනවවා. ඒත් නවීන බැටරි තාක්ෂණය හා කැපෑසිටර් තාක්ෂණයෙන් මෙවැනි බලයක් කෙටිකාළයකට ගබඩාකරගන්න පුලුවන් උපක්‍රම තියෙනවා. ඒත් ඒවගේ පද්ධතියක් චාර්ජ් කරන්නත් සෑහෙන විදුලියක් ඕනෑ වෙනවා. ඒවගේම එවැනි පද්ධතියකින් ක්‍රියාත්මක වන අවියකට එකවරක් ප්‍රහාරයක් එල්ලකල පසු ඊලඟ ප්‍රහාරය කරන්න පැය 4ක් 5ක් පද්ධතිය ආරෝපණය කරන්න වෙනවා. කොහොම වුනත් ‍Y12 යානය කඩාවැටුනේ රේල් ගන් ප්‍රහාරයකින් නම්, මේවගේ බළපද්ධතියකින් ක්‍රියාත්මක වෙන එකක් වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා……”

“ඊලඟට අපිට හොයාගන්න තියෙන්නේ මේ අවියේ ට්‍රැකිං හා ගයිඩන්ස් කොහොමද වුනේ කියන එක. ඉලක්කය ට්‍රැක් කරමින් අවිය එල්ල කරේ කොහොමද කියන එක ගැටලුවක්. ඒ සඳහා මොවුන්ට අවියට සම්බන්ධ කරපු ට්‍රැකිං රේඩාර් එකක් තිබුණද නැතිනම් වෙන උපක්‍රමයක් භාවිතා කරාද කියලා හිතන්න වෙනවා. කොහොම වුනත් රේල් ගන් එකකින් විදින ප්‍රොජෙක්ටයිල් එකකට මිසයිලයකට වගේ මගදී ඉලක්කය වෙනස් කරගන්න බෑ. ඒ නිසා ඉතාමත් නිවැරදිව හරි ඉලක්කය ගන්න ඕනෑ. ඒත් මේ Y12 ෆ්ලයිට් එක බොහොම හෙමින්, තනි කෙලින් පියාසර කරපු  නිසා ට්‍රැකිං අමාරු වෙන්න විධියක් නෑ.  Y12 කියන්නේ චීනෙ හදන යානා මාදිලියක්. මේ යානයේ ගුවන්විදුලි පණිවුඩ වලට ඇහුම්කන්දෙන්නයි, ට්‍රාන්ස්පොන්ඩර් එකෙන් එන සංඥා හා දත්ත ඔස්සේ යානයේ ගමන් මග නිවැරදිව හොයාගන්නයි අවශ්‍ය උපකරණ බොහොම ලෙහෙසියෙන් ලංකාවට එවන්න පුලුවන්. ඒවාත් අර අතුරුදහන් වුනු කන්ටේනර් එකේ තියෙන්න ඇති. නැතිනම් අපි නොදන්න තව කන්ටේනර් වරායෙන් පන්න ගත්තද දන්නෙත් නෑ…..”

"සන්දීප්! සමාවෙන්න බාධා කරනවට......අපිට හොයාගන්න බැරිවෙයිද රේල් ගන් එක ෆයර් කරේ කොතන ඉඳන්ද කියලා....?"සන්දීප්ගේ විස්තරයට බාධා කරමින් ජිත් විමසා සිටියා.

“අපිට තියෙන දත්ත අඩු නිසා හරියටම හොයාගන්න අමාරුයි. ඒත් අනුමානයට ආසන්නව හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.  මට ෆල්යිට් එකේ බ්ලැක්බොක්ස් එකේ ඩේටා ලබලා දෙන්න පුලුවන්ද? බ්ලැක් බොක්ස් ඩේටාවල අන්තිමට සටහන්වුනු ජී.පී.එස් ඩේටා අනුව ප්‍රහාරය වදිනකොට යානය අහසේ තිබුණ තැන හොයාගන්න පුලුවන්. ඒවගේම ඇල්ටිටුඩ්, ස්පිඩ්, ඩිරෙක්ෂන් ඩේටා අරගත්තම යානයට වදින්න ප්‍රොජෙක්ටයිල් එකක් විදිනවානම් ඒවා වල ගමන් මාර්ග ප්ලොට් කර ගන්න පුලුවන් වෙයි....”

“කොච්චර ඉක්මණට කරගන්න පුලුවන්ද? ප්ලෑන් එකක් තියෙනවද?"සන්දීප්ගේ විස්තර කිරීම ඉතා උණන්දුවෙන් අසා සිටි බ්‍රිගේඩියර් ජනක දසනායක විමසා සිටියා.
"ඔව් සර්.... ප්ලෑන් එකක් තියෙනවා........මේ ගන් එක ෆයර් කරන්න / නැතිනම් ෆයරින් බැටරි චාර්ජ් කරන්න ලොකු කරන්ට් එකක් ඕනෙ නිසා, සබ්-ස්ටේෂන් එකක් හදන්නේ නැතිව ඔය වගේ කරන්ට් එකක් ගන්න නම්, හයිටෙන්ෂන් ට්‍රාන්ස්මිෂන් ලයින් එකකින් හොරෙන් කරන්ට් ගන්න ඕනෑ.....එහෙම කරන්න නම් ඈත පිටිසර ජනශූන්‍ය ප්‍රදේශයකදී ඕක කරන්න ඕනෑ. ඒ වැඩේ ලේසි නෑ....."

"මේ තියෙන්නේ විදුලිබල මණ්ඩළයේ හයිවෝල්ටේජ් ට්‍රාන්ස්මිෂන් ලයින් සිතියම...."සන්දීප් සිතියමක් ප්‍රොජෙක්ටර් තිරයේ දක්වමින් කියා සිටියා.

මේකේ සී.ඊ.බී එකේ හයිවෝල්ටේජ් ට්‍රාන්ස්මිෂන් ලයින්ස් පෙන්වලා තියෙනවා. සිතියම දිහා බැලුවම පේනවා ප්ලේන් එක වට්ටපු රේල් ගන් එකට බලය ගන්න සුදුසුම ප්‍රදේශය වව්නියාව හා කිලිනොච්චි උපපොලවල් දෙක අතර දිවෙන හයිටෙන්ෂන් ලයින් එක කියලා. මේ ලයින් යන්නේ ඝණ කැලෑ මැද්දෙන්. ඒ නිසා කාටත් නොදැනෙන්න හොරෙන් හයිටෙන්ෂන් පවර් අරගන්න පුලුවන් කියලා මම හිතනවා.

අපි පුලුවන්තරම් ඉක්මණට මේ ඒරියා එකේ ඩ්‍රෝන්  සර්වේ එකක් කරන්න ඕනෑ. දවල්ට නෝමල් ලයිට් එලියෙනුත්, රෑට ඉන්ෆ්‍රා-රෙඩ් බෑන්ඩ් එකෙනුත් ස්කෑන් කරන්න පුලුවන් නම් ඒ පැත්තේ මොනවා හරි අනවසර දෙයක් සිද්ධවෙනවානම් ඒක දැනගන්න පුලුවන් වෙයි.

“සොරි සන්දීප්, එච්චර ඉක්මණට ඩ්‍රෝන් සර්වේ එකක් කරන්න එයාෆෝස් එකෙන් ඩ්‍රෝන් ගන්න අමාරුයි. එහෙම කරන්න නම් ප්‍රසිඩන්ට්ගේ ඕඩර් එකක් ඕනෑ. එහෙම වුනොත් අනිවාර්යයෙන් ඒක දසුන් දැන ගන්නවා….” බ්‍රිගේඩියර් දසනායක සන්දීප්ට අසුබ ආරංචියක් දුන්නා.

"ම්ම්ම්………. කමක් නෑ...අපිට ලෑන්ඩ්සැට්, ඉන්මාර්සැට් වගේ චන්ද්‍රිකා ඡායාරූප සේවයකින් අලුත්ම ඡායාරුප ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?"

"ඔව් ඔව්...අපිට ලෑන්ඩ්සැට්, ඉන්මාර්සැට් සර්විස් දෙකම එක්ක ඇග්‍රීමන්ට් තියෙනවා....."සයිබර් හා සංඥා බුද්ධි තොරතුරු විශේෂඥ කෝලිත පිලිතුරු දුන්නා.

"නියමයි......පහුගිය මාස 2ක ඔය ප්‍රදේශය ඡායාරූපගත වුනු ලෑන්ඩ්සැට්, ඉන්මාර්සැට් ඉමේජස් අරගෙන සන්සන්දනය කරහම මොනවාහරි වෙනසක් වෙලා තියෙනවද කියලා බලන්න පුලුවන්වෙයි...." 

"එහෙනම් හරි, කෝලිත, ඔයාට පුලුවන්ද සන්දීප් එක්ක මේ වැඩේ පටන් ගන්න? ඩිජිටල් ඉමෙජ් ලැබ් එකේ නදුන්වයි, ඉමෙජ් ඇනලිසිස් ස්පෙෂලිස්ට් ට්‍රෙවෝන්වයි සම්බන්ධ කරගන්න....මට හෙට හවස මේ වෙලාවට ප්‍රෝග්‍රස් රිපෝට් එකක් ඕනෑ...."

හරි සර් කියමින් බ්‍රිගේඩියර් වරයාගේ අණ කෝළිත පිලිගත් අතර සියලුදෙන නැගී සිටියා. ජිත්ට හා කවීෂාට නවතින ලෙස සන් කල ඔහු අන් අය පිටව ගිය පසු කවීෂා ඇමතුවා.

“කවීෂා ඔයා දසුන් ගැන ඇහගහගෙන ඉන්න. මිනිහා මිනිස්ට්‍රියේ මොනවද කරන්නේ, කාවද හම්බුවෙන්නේ වගේ දේවල් ගැන සෙවිල්ලෙන් ඉන්න. හැබැයි හැමවේලාවෙම කළ්පණාවෙන්. අපි මේ පැටලෙන්නේ ලේසි පාසු මිනිස්සු එක්ක නෙමෙයි. මේ රටේ බලවත්ම මිනිස්සු එක්ක වගේම ලෝකෙ බලවත්ම රටක බුද්ධි අංශයක් එක්ක. මේක බොහොම සංවේදී මෙහෙයුමක්. ඔයා කිසිම වෙලාවක අනවශ්‍ය අවදානම් ගන්න යන්න එපා. හිතලූ වැඩ කරන්නත් එපා. කරන හැම දෙයක්ම, යන හැම තැනක් ගැනම ජිත්ව දැනුවත් කරලා කරන්න……”

“හරි සර්...අපිට දසුන්ව ඇතුලට ගන්න බැරිද?"

"නෑ නෑ....දැන්ම කල්වැඩියි........අපි දසුන්ව ගත්තොත්, මේකෙ පිටිපස්සෙ ඉඳන් දසුන්ව නටවන රූකඩ නටවන්නෝ වහංවෙනවා.......බලාගෙන ඉමු....."



CHAPTER 01101

එදිනම සවස 7.30ට පමණ. මේට්ලන්ඩ් පෙදෙසේ Sinhalese Sports Club (SSC)  සංකීර්ණයේ ටැවනර්ස් බාර් අවන්හල.

ජිත් අවන්හලට ඇතුලුවී වටපිට බැලුවා. ඈතින් අසුන්ගෙන සිය දුරකථනයේ පණිවුඩ කියවන ශ්‍රී ලංකා රේගුවේ සුපිරින්ටෙන්ඩන්ට් ජයලත් තෙන්නකෝන්ව දැක ඔහු වෙත යන්නට වුනා. ජිත්ට වඩා වසර 15ක් පමණ වැඩිමල් ජයලත්, ජිත්ගේ පුංචි අම්මාගේ සැමියා වුනා. ජිත්ට වඩා වැඩිමල් වුවත් ඔහු ජිත්ව ඇසුරුකලේ ලඟම ඥාතියෙකුට වඩා හොඳම මිතුරෙකු ලෙසින්.

"හලෝ ජයලත් අන්ංකල්..."

"හලෝ ජිත්....කොහොමද? හුඟකාළෙකින් නේද?"

"ඔව් අංකල්....ඉතින් කොහොම මේ දවස්වල කස්ටම්ස් එක එහෙම?"

“කියල වැඩක් නෑ ජිත්...දන්නවනෙ ඉතින් අපිට නිවනක් නෑ කියලා. දැන්නම් එපා වෙලා….. රෑට නිදාගන්ඩත් නෑ, මොකෙක් හරි ලොක්කෙක් නැත්නම් ලොක්කෙක්ගෙ නෑයෙක් හරි දෙගොඩ හරියෙ කෝල් කරනවා අරක රිලීස් කරලා දෙන්ඩ මේකෙ ඩියුටි අඩු කරලා දෙන්ඩ කියලා. ෆෝන් ඕෆ් කරන්ඩත් බෑ අපිත් ඔයාලා වගේම හැම වෙලාවෙම ඔන් කෝල්නෙ……මොනවා හරි බොමුද?”

“ටොනික් වෝටර් හරි ජින්ජර් ඒල් හරි බොන්නම්........ඔන් ඩියුටි තාම..."ජිත් සිනාසුනා.

“මේ දවස්වල 24X7 වගේ....?     වේටර්!..........ටොනික් වෝටර් බෝතලයක් ගේන්න ලයිම් පෙතියි අයිසුයි දාපු වීදුරු දෙකක් එක්ක....!"

"හරි සර්...!"ඇණවුම පිලිගත් වේටර්වරයා කඩිනමින් බාර් එක වෙත යද්දී ජිත් කටහඬ අවදිකලා.

"ඔව් අංකල්, ‍Y12 ක්‍රෑෂ් එක මාර මෙස් එකක්....ඒ නිසා වැඩ ඉවරයක් නෑ.....ඉවරවෙන පාටකුත් නෑ..."

"මං දන්නවා ඔයාට ඒක ගැන විස්තර කියන්න බැරි බව, ඔන් ඩියුටි නිසා මම වැඩිවෙලා ඔයාව තියාගන්නේ නෑ.....මේ ඩොකියුමන්ට්ස් බලන්න.....ඔයා දීපු තොරතුරු අනුව මම අපේ ඉන්ෆෝමේෂන් සිස්ටම් එක චෙක් කරද්දී මේවා එලියට ආවා....."

“මේවා අපේ “Compliance and Facilitation Directorate” එකේ ටැග් වෙච්ච කස්ටම්ස් ක්ලියරන්ස් ෆෝම් වගයක්. මේවා කන්ටේනර් 6ක ඒවා. සිනෝ-ටැප්‍රෝබේන් ට්‍රේඩින් කියලා කොම්පැණියකින් ගෙන්නපුවා.”

“මම කොම්පැණි රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ ඉන්න යාලුවෙකුට කියලා තොරතුරු හොයාගත්තා. අපි නිතරම එයාලගෙන් සැක කටයුතු කොම්පැණිවල තොරතුරු ඉල්ලනවා. කොම්පැණි රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ සටහන් වලට අනුව මේ  සිනෝ-ටැප්‍රෝබේන් ට්‍රේඩින් කොම්පැණිය අයිතිවෙන්නේ සීලාන් ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කියන කොම්පැණියට. සීලන් ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කොම්පැණිය අයිති කාටද කියලා හොයනකොට ඒක අයිති සෙරෙන්ඩිබ් ස්පිරිට්ස් පී.එල්.සී කියන කොම්පැණියට. ඔයා දන්නවද සෙරෙන්ඩිබ් ස්පිරිට්ස් කොම්පැණියේ අයිතිකාරයා කවුද කියලා?"ජයලත්, ජිත් දෙස බලමින් ඇසුවා.

"ඔව්....අනුරුද්ධ වීරකෝන්.....ඔව් ලංකාවේ ප්‍රසිද්ධම අරක්කු කොම්පැණියේ විශාලම කොටස් හිමියා…එයාගේ පුතා වෙන්නේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ දසුන් වීරකෝන්…..මේ කන්ටේනර් වල මොනවද තිබිලා තියෙන්නේ?"ජිත් ෆෝම් කොල පරික්ෂාකරමින් ඇසුවා.

“ඇරලා බලලා තියෙන්නේ එකයි. එකෙ බොහොම හයිටෙක් කොම්පියුටර් තිබිලා තියෙනවා. අනෙක් කන්ටේනර් පහෙත් ඒවාමයි තියෙන්නේ කියලා ඩික්ලයා කරලා තියෙනවා..එයාලගෙ ඩොකියුමන්ට්  වල තියෙන විධියට ලොකු ඩේටා සෙන්ටර් එකකුයි, ක්ලවුඩ් සර්වර් සෙන්ටර් එකකුයි හදන්න ඕනෙ බඩු තමයි ගෙන්නලා තියෙන්නේ...."

"අඩි හතලිහෙ කන්ටේනර් හයකම කොම්පියුටර් ?"

"එහෙම තමයි කියලා තියෙනේ...කොහොමටත් අපේ කොම්ප්ලයන්ස් යුනිට් එකෙන් මේ ඩොකියුමන්ට්ස් වල විස්තර සැක සහිතයි කියල ටැග් කරලා වැඩිදුර හොයන්න කියල සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්ස් ඩිරෙක්ටොරේට් එකට යවලා තියනවා….අරක්කු කොම්පැණියකට අයිති පොඩි කොම්පැණියක් මෙච්චර විශාල කොම්පියුටර් තොගයක් ගෙනවන එක අස්වාභාවිකයි කියන තර්කය අනුවයි කොම්ප්ලයන්ස් එකෙන් සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්ස් එකට යවලා තියෙන්නේ.....ඒත් සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්ස් එකෙන් ලොකු ඇක්ෂන් එකක් අරගෙන නෑ......තවම පෙන්ඩින් ඉන්වෙස්ටිගේෂන් කියලා මාර්ක් කරලා තියෙනවා....ඒ මිනිස්සුන්ට කරගන්න බැරි තරම් වැඩ....ඒක වෙන්න ඇති තාම ඇක්ෂන් අරගෙන නැත්තේ..."

“කොහොම වුනත් සෙන්ට්‍රල් බෑංක් එකේ ඉන්න මගේ හොඳම යාලුවෝ හරහා මේ ගණුදෙනුවේ LC (letter of credit) එකේ ෆොරින් එක්ස්චේන්ජ් හුවමාරු වුනේ කොහොමද කියලා හොයලා බැලුවා. සෙන්ට්‍රල් බෑංක් එකේ, එක්ස්චේන්ජ් කොන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ මගේ යාලුවෙකුගෙන් දැන ගත්ත විධියට LC එකට ඩොලර් ඇවිල්ලා තියෙන්නේ බෑංක් ඔෆ් ඩයිලාන් කියන චීන බැංකුවෙන්. එයාලා සිනෝ ටැප්‍රෝබේන් කොම්පැණියට මේ LC එකට ඕනෑ ඩොලර් එවලා තියෙනවා....සෙන්ට්‍රල් බෑංක් එකට ඇවිල්ලා තියෙන තොරතුරු අනුව මේ සල්ලි එවපු බෑංක් ඔෆ් ඩයිලාන් එකවුන්ට එක සෙන්ටාරිස් කියලා කොම්පැණියට අයිති එකක්...ලංකාවට සල්ලි එවනකොට මොකටද එවන්නේ කියලා විස්තරයක් කරන්න ඕනෑ....සෙන්ටාරිස් එකෙන් දීලා තියෙන විස්තරේ අනුව එයාලා වෙනුවෙන් ඩේටා සෙන්ටර් එකකුයි, ක්ලවුඩ් සර්වර් සෙන්ටර් එකකුයි හදන්න ඕනෑ බඩු ගෙන්වන්න සිනෝ ටැප්‍රෝබේන් කොම්පැණියට මේ සල්ලි එවනවා කියල තියෙනවා..."

“ අපේ සිස්ටම් එකේ පෙන්නන විධියට සිනෝ ටැප්‍රෝබේන් කොම්පැණියටවත්, සීලන් ඉම්පෝට්ස් එක්ස්පෝට්ස් කොම්පැණියවත් මේ ගණුදෙනුවට කලින් හරි ඊට පස්සේ හරි කිසිම ආනයන, අපනයන ගණුදෙනුවක් කරලා නෑ. හැබැයි මේ දෙකේම අවසන් අයිතිකාරය වෙන සෙරෙන්ඩිබ් ස්පිරිට්ස් කොම්පැණිය නම් අරක්කු බිස්නස් එකට ඕනෑ උපකරණ, එතනෝල් හා වෙනත් රසායණික ද්‍රව්‍ය නම් නිතරම ඉම්පෝට් කරනවා…..”

"ඒ කියන්නේ මේ කොම්පැණි දෙක එකම එක ගණුදෙනුවක් කරන්න හදාගත්ත බොරු කොම්පැණි...?"

"මට හිතෙන්නේ එහෙමයි......සෙන්ටාරිස් ගැන ඔයාලා මොනවා හරි දන්නවද?"

“අපේ ඉන්වෙස්ටිගේෂන් වලදි සෙන්ටාරිස් ගැන තොරතුරු ටිකක් හෙලිවෙලා තියෙනවා. ඒක චීන කෝටිපතියෙකුට අයිති හයිටෙක් කොම්පැණියක්. එයාලා මැෂින් ලර්නින්, ආර්ටිෆිෂන් ඉන්ටෙලිජන්ස්, එක්ස්පර්ට් සිස්ටම්ස්, නියුරල් නෙට්වර්ක්ස්, ඩේටා මයිනින් වගේ තොරතුරු තාක්ෂණයේ ඉහලම පැතිවල රීසර්ච් කරන කොම්පැණියක්..."

“හ්ම්ම්...එතකොට ගැටලුව වෙන්නේ ඒවගේ හයිටෙක් එකපර්ටීස් තියෙන කොම්පැණියක් ලංකාවේ අරක්කු කොම්පැණියකට අයිති කවුරුත් නොදන්න කොම්පැණියකට ලොකු ඩේටා සෙන්ටර් එකක් හදන්න බඩු එව්වේ ඇයි කියන එක......මම තව හොයලා බලන්නද?"

"එපා එපා ජයලත් අංකල්.....මේ වැඩේ අණතුරුදායකයි. අංකල් මේ ගැන වෙන කාටහරි කියලා තියෙනවද?"

"නෑ නෑ...ඔයාගෙ ඉල්ලීමට හොයපු නිසා මම වටින් ගොඩින් හෙව්වා මිසක් ඔෆීෂියල් විධියට සටහන් වෙන කිසිම විධයකින් තොරතුරු ගත්තේ නෑ..."

"ඒක හොඳයි........දැන් මේක ගැන හොයන එක නවත්වන්න......මේක පිටිපස්සෙ ඉන්නේ මේ රටේ ලොකුම දළකාරයෝ....අපි පරිස්සම් වෙමු...."

"හොඳයි ජිත්, ඔයා මේවා ගැන මට වඩා දන්නවනේ......"

"මම යන්නද අංකල් එහෙනම්....?"ජයලත් තෙන්නකෝන් ලබාදුන් කඩදාසි කිහිපය පරිස්සමින් නවා උඩ සාක්කුවේ දාගන්නා ගමන් ජිත් ඇසුවා.

තව පැය කාළකින් විතර තමරා එයි......එයාගෙ එරෝබික්ස් ක්ලාස් එක දැන් ඉවරවෙන්න ලඟයි...."

"අද බෑ අංකල්.....මේ ලැබුණු තොරතුරු බොහොම වටිනවා...අදම මේ ගැන හොයන්න ඕනෑ......තමරා පුංචිවයි.....ලසිනි දුවවයි බලන්න මම ලඟදිම එන්නම්කෝ...."

"හොඳයි ජිත්, ලසිනිගෙ 16වැනි උපන්දිනේ ලබන මාසෙ.....තමරා පොඩි ගෙට්ටුගෙදර් එකක් ලෑස්ති කරනවා.....අනිව එන්න...."

"ෂුවර් අංකල්......ලසිනි දැන් ලොකු කෙල්ලෙක් එහෙනම්........මම ගිහින් එන්නම්....පුංචිව මතක් කලා කියන්න....."

සිය මාමා වූ ජ්‍යේෂ්ඨ රේගු නිළධාරියාගෙන් සමුගත් ජිත් අඩියට දෙකට වාහනයට ගොස් ජංගම දුරකථනයෙන් අංකයක් ඇමතුවා.

“කෝප්‍රල් පීරිස්....මේ වෙලාවෙ කොහෙද ඉන්නේ....?"

"සර් මම ගෙදර යන ගමන්........හදිස්සියක් නම් ආපහු එන්නම්.....බයික් එකේ හින්දා ඉක්මණට එන්න පුලුවන්...සර් කොහෙද ඉන්නේ?"

"නෑ නෑ එපා....මම දැන් ඇඩ්‍රස් එකක් ටෙක්ස්ට් කරනවා....ඒක බලලා මතක තියාගෙන මැසේජ් එක මකලා දාන්න....හෙට උදේම ලෑන්ඩ් රෙජිස්ට්‍රියට ගිහිල්ලා ඔය ඇඩ්‍රස් එකේ තියෙන දේපොලවල තෝම්බු හොයලා ඔක්කොම විස්තර අරගෙන එන්න.....උදෙන්ම ඕනෑ...හැබැයි ඔෆීෂියල් විධියට ඉල්ලන්න එපා.......කැචර් කෙනෙකුට කීයක් හරි දීලා පස්ස දොරෙන් ඉක්මණට වැඩේ කරගෙන දහයට ඉස්සෙල්ලා ඔෆිස් එකට එන්න...හරිද?"

"හරි සර්....ගුඩ් නයිට් සර්...."


CHAPTER 01110

පසුදින රාත්‍රී 10.10, 5වැනි පටුමග, කාක දූපත, කොළඹ 15

සන්දීප් හා ජිත් එහි ලඟාවෙන විට අෂාන්ගේ නඩය එහි පැමිණ සිටියා. කාක දූපතේ, නාරා ආයතනය පෙනෙන මානයේ අඩි 12ක් පමණ උස තාප්පයකින් වටවූ සුවිසල් මන්දිරයක් අසල හමුදා ට්‍රක් රථයක් නවතා තිබූ අතර එහි බොනට්ටුව විවරවී තිබුණා. කොළ ටී ෂර්ට් වලින් හා කාකි කොටකලිසම් වලින් සැරසී සිටි කිහිපදෙනුකු ට්‍රක් රථයේ යම් අලුත් වැඩියාවක් කරනු පෙනෙන්නට තිබුණා. ඒ අසල යුධ හමුදා ඉන්ජිනේරු බළකායේ ආපදා රථයක්ද නවතා තිබුණා. ජිත් ඒ පිරිස අතර සිටි අෂාන් හා ඔහුගේ සගයන් කිහිප දෙනෙකු හඳුනාගත්තා.

"අපේ කොල්ලො ටිකක්..."පිරිස පෙන්වමින් සන්දීප්ට පැවසූ ජිත්, ඔහුගේ පික් අප් රථය මාර්ගය අසලට පැමිණ සිටි අෂාන් අසල නතර කලා.

"කොහොමද තත්වෙ?"වීදුරුව පහලට දැමූ ජිත් විමසා සිටියා.

"කිසි හැල හොල්මනක් නෑ...අපි හවස ඉඳන් මෙතන....."

"මේක අයිති සිනෝ ටැප්‍රෝබේන් කොම්පැණියටද?"සන්දීප් විමසා සිටියා.

"ඔව්.... ලෑන්ඩ් රෙජිස්ට්‍රියේ තොරතුරුයි, නගර සභා රෙකෝඩ්ස් වලටයි අනුව  2015දී එන්ගලන්තෙ ඉන්න දෙමළ මනුස්සයෙක් එයාගෙ පරණ ගේත් එක්ක මේ ඉඩම ටැප්‍රොබේන් කොම්පැණියට විකුණලා තියෙනවා...මේ ගේ හදලා තියෙන්නේ ඊට පස්සේ.."ජිත් විස්තර කලා.

"තට්ටු තුනක මහ විසාල ගෙයක්නෙ මේක…”

“ඉඩම ඇතුලෙ CEB එකේ ට්‍රාන්ස්ෆෝමර් එකකුත් තියෙනවා....අපි පොඩි කැමරා ඩ්‍රෝන් එකක් හෙමීට වත්ත උඩින් යවලා බැලුවා...කවුරුවත් නෑ......මාස හයකින් විතර මේන් ගේට් එක ඇරලාවත් නෑ... හැබැයි සයිඩ් එකේ පොඩි ගේට්ටුවක් නම් නිතරම ඇරලා තියෙනවා.....ඩ්‍රෝන් විඩීයෝ එකේ විධියට කිලෝවොට් 25ක ලොකු ස්ටෑන්ඩ් බයි ජෙනරේටර් එකකුත් පේන්න තියෙනවා. පේන විධියට මුලුගේම ඒ.සී කරලා තියෙන්නේ. ලොකු චිලර් ප්ලාන්ට් එකක් දුවනවා. වත්ත ඇතුලේ සෙලියුලර් ටවර් එකේ වයර් යන්නේ ගේ ඇතුලට...“

“අපි තව ටීම් එකක් අද උදේ මේ පැත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංගණනයක් කරන විධියට වටේ ගෙවල් වලට ගිහිල්ල මිනිස්සුන්ගෙන් තොරතුරු එකතුකරන අතරේ මේ ගේ ගැනත් අහලා තියෙනවා. රෑට ඉබේට වත්තෙ ලයිට් වැටෙනවලු, සතියකට සැරයක් වෑන් එකකින් චීන්නු වගයක් එනවලු. හදන කාලේ කන්ටේනර් දෙක තුනකින් බඩු ගෙනාවා මතකයිලු. ගොඩක් වැඩ කරලා තියෙන්නේ චීන්නු. ගේ අයිති චීන කොම්පැණියකට කියලයි මිනිස්සු කියන්නේ...."
"මේ සෙලියුලර් ටවර් එක අයිති කොයි ටෙලිෆෝන් කොම්පැණියටද කියලා බැලුවද?"

"ඔව් කැප්ටන්, අපේ හොයලා බැලුවා....ඒක ලංකාවෙ කිසිම ටෙලිකොම් කොම්පැණියකට අයිති නෑ. හැබැයි ඩයලොග් කොම්පැණියෙන් කිව්වා ඒගොල්ලන්ගේ බ්‍රෝඩ් බෑන්ඩ් ඩේටා නෙට්වර්ක් එකෙන් මේ ටවර් එකට වන් ගිගාබිට් ඩේටා ලින්ක් එකක් තියෙනවලු..."අෂාන් පිලිතුරු දුන්නා.

“බලමු...."කියමින් වාහනයෙන් බැසගත් ජිත් ඒ වනවිටත් හමුදා ට්‍රක් රථයට මුවා වී සෙලියුලර් ටවර් එක නිරික්ෂණය කරමින් සිටි සන්දීප්ට එකතුවුනා. අෂාන්ද ඔවුන් අසලට පැමිණියා.

"මේ ටවර් එකෙන් කෙලින්ම උතුරු පැත්තට ලොකු ඩේටා ලින්ක් එකක් යවනවා වගෙයි පෙන්නේ...."ටවරය නිරීක්ෂණය කරමින් සිටි සන්දීප් පැවසූවා.

"වහලෙ උඩ ලොකු සැටලයිට් ඩිෂ් එකක් තියෙනවා....අඩි 10ක් විතර පලල ලොකු එකක්......මේ තියෙන්නේ...."අෂාන් ඔහු අත තිබූ ටැබ්ලට් පරිගණකයෙන්, ඩ්‍රෝන් යානයෙන් ලබාගත් වීඩියෝව පෙන්වූවා.

"මම ඩේටා කොමියුණිකේෂන් ෆීල්ඩ් එක ගැන වැඩිය දන්නේ නෑ...ඒත් පේන විධියට මේ ඩිෂ් එක සැටලයිට් ඩේටා ඩවුන්-ලින්ක් එකක්.....අප්-ලින්ක් එක ඩයලොග් එකෙන් අරගෙන ඇති....මට හිතෙන විධියට සෙන්ටාරිස් ලගෙ සර්වර් ෆාම් එක තියෙන්නේ මෙතන. සර්වර් ෆාම් එකකට ඕනෙ කරන්ට්, ඒසී, ස්ටෑන්ඩ් බයි පවර් ජෙනරේටර්, ඩේටා ලින්ක් වගේ ඔක්කොම පහසුකම් පෙන්න තියෙනවා..."

“ජෙනරේටර් එක ලඟ තියෙන මේ සුදුපාට ලොකු පෙට්ටි දෙකක් වගේ පෙන්නේ මොනවද?"ජිත් විමසුවා. එම දසුන් දෙස විමසුම් ඇසින් බැලූ සන්දිප්;

"බැක්-අප් බැටරි යුනිට් දෙකක්.....කරන්ට් ගිය වෙලාවක ජෙනිය ස්ටාර්ට් වුනේ නැතිනම්, මේකෙන් කරන්ට් එක දෙනවා...පේන විධියට පැය දොලහක් විතර බැකප් පවර් දෙන්න පුලුවන් ලොකු යුනිට් දෙකක්…….තව ටිකක් රෑවෙලා ඇතුලට රිංගලා බලමුද ජිත්?"සන්දීප් යෝජනා කලා. ජිත් අෂාන්ගේ මුහුණ බැලුවා.

"අපි රෙඩී....."අෂාන් මදහස පාමින් පැවසුවා.

“CCTV කැමරා කීයක් විතර තියෙනවද?"ජිත් අෂාන් දෙස බලමින් ඇසුවා.

"අපි හයක් ගැන්නා....තව ඇති........ඒ වගේම මෝෂන් ඩිටෙක්ටර් එලාම් සිස්ටම් එකකුත් ඇති.........තව මොන මොනවා තියෙනවද දන්නේ නෑ....."

"කැමරා අවුල් කරන එකනම් අමාරු නෑ....මෝෂන් ඩිටෙක්ටර් තමයි වැඩේ....."ජිත් පැවසූවා.

"කරන්න දෙයක් නෑ සර්...රිස්ක් එකක් ගමු...."

“චීන්නු කොහෙ හරි ඉඳන් ඉන්ටර්නෙට් ඩේටා ලින්ක් එකක් හරහා මෙතන 24X7 මොනිටර් කරනවා ඇති...දැනටමත් උන් අපිව නෝට් කරලාද දන්නේ නෑ....."

"විනාඩි 30කට විතර ඩේටා ලින්ක් එක කපා ගන්න පුලුවන් නම් උන්ට මොනිටර් කරන්න බැරි වෙනවා....ඒත් ඒක කරන්න පුලුවන්ද මන්දා..."සන්දීප් අදහසක් දුන්නා.

"පුලුවන්....මම බ්‍රිගේඩියර්ට කතාකරලා ඩයලොග් නෙට්වර්ක් ඔපරේෂන් සෙන්ටර් එකෙන් වැඩේ කරව ගන්නම්...."ජිත් විශ්වාසයෙන් පැවසුවා.

"මේ පැත්තේ ඩයලොග් ටවර් එකේ ඩේටා සර්විස් එකත් නවත්තගන්න ඕනෑ......කවුද දන්නේ සෙකියුරිටි සිස්ටම් එකට බැකප් ඩේටා ලින්ක් එකක් වෙනම අරගෙනද කියලා......"සන්දීප් තව තොරතුරක් දුන්නා.

"රෑ දොලහෙන් පස්සේ ඩයලොග්, මොබිටෙල්, එස්.එල්.ටී, ලංකා බෙල්...ඔය ඔක්කොම කපමු, පැය බාගයයිනෙ....අවුලක් වෙන එකක් නෑ......මීට කලින් ඔපරේෂන් වලදිත් අපි එහෙම කරලා තියෙනවා..."ජිත් සිය ජංගම දුරකථනය රැගෙන වාහනය වෙත යමින් පවසා සිටියා.




CHAPTER 01111

Y12 අණතුරෙන් සති දෙකකට පසු; මධ්‍යම රාත්‍රී 12.25, ආරක්ෂක අමාත්‍යාංශ නිවාස සංකීර්ණය, ස්කෙල්ටන් පාර, කොළඹ 05

කෙලවරක් නැතිව නාදවෙන දුරකථනය නිසල රාත්‍රියේ මහ හඬක් නැගුවත් පෙරදා රාත්‍රී නිදිවර්ජිත මෙහෙයුමෙන් පසු, පසුදින දවසම රාජකාරි කටයුතුවල නිරතවන්න වූ නිසා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි ජිත් අවදිවන්නට මදක් ප්‍රමාද වුනා.

"හලෝ??"

"හලෝ ජිත්....මේ අමිත් බණ්ඩාර....මට ඔයාගෙ කමාන්ඩිං ඔෆිසර් ෆොටෝ එකක් වට්ස්-ඇප් කරන්න කිව්වා. ටිකක් ලොකුයි...ටැබ්ලට් එකෙන් බලනවද? හදිසියි කියලා කිව්වා...."

"ඇත්තද පොඩ්ඩක් හිටපන් මචන්....චාර්ජ් එකට දාලා තියෙන්නේ...."

ජිත්ගේ පාසැල් සමයේ මිතුරෙකු වූ අමිත් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු වූ අතර වනජීවී ඡායාරූපකරණයෙන් නමක් දිනාගෙන සිටියා. National Geographic, Bird Life International, World Wildlife Fund වැනි ලෝකප්‍රකට වනජීවී ආයතන වෙනුවෙන් විවිධ ව්‍යාපෘති වලට සහභාගී වන අමිත් වනජීවී ඡායාරූපකරණය සඳහාම ලංකාවට එන විදෙස් සංචාරකයින් හට මග පෙන්වන්නෙක් ලෙසද ක්‍රියාකලා. අමිත්ගේ තාත්තා මෙන්ම මාමාත් හමුදා නිළධාරීන් වුනා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ විශ්වාසවන්ත ඡායාරූප ශිල්පියෙකු ලෙසත් ඔහු විවිධ අවස්ථා සඳහා සහභාගීකරවා ගත්තා.

"රෑ දහයමාරට විතර මට බ්‍රිගේඩියර්ගෙන් කෝල් එකක් ආවා..ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මම හිටියේ යාල කිට්ටුව එලිෆන්ට් රීච් හෝටලේ....මගෙන් ඇහුවා ටෙලිෆොටෝ ලෙන්ස් එකක් අරගෙන ඉක්මණට මත්තල එයාපෝට් එක ලඟට යන්න පුලුවන්ද කියලා.......මත්තලට රෑ එකොලහමාරට ප්‍රයිවෙට් ජෙට් එකක් ලෑන්ඩ් කරනවා. ඈතක ඉඳන් ඒ ජෙට් එකෙන් එන්නේ කවුද, මෙහෙන් ඒ අයව හම්බුවෙන්න යන්නේ කවුද කියලා ෆෝටෝ, වීඩියෝ ගන්න පුලුවන්ද ඇහුවා....ගත්ත ෆෝටෝ මම එයාට යැවුවා...මේක ඔයාට යවන්න කියලා කිව්වා..."

"හොඳටම එලිය අඩුයි.......මම හිතන්නේ උවමනාවෙන්ම ඒ පැත්තේ ලයිට් ඕෆ් කරලයි තිබුණේ.....මම Infra-red මෝඩ් එකෙන් ගත්ත ෆොටෝ එකක් ඔය. තව ෆොටෝ තියෙනවා. ඒවා ඔක්කොම ෆෝටෝ ලැබ් එකට යවන්න කිව්වා...."












CHAPTER 10000

නොවැම්බර් 20, රාත්‍රී 7.45ට පමණ, වෝටර්ස් එජ් හෝටලයට නුදුරු දියත උයන රථගාල, බත්තරමුල්ල

"කවී ලෑස්තිද?"

"ඔව්.... හොඳයිද?..."ඇය දෑස් විසල් කරමින් ජිත් දෙස බැලුවා. තද නිල් පැහැති කොක්ටේල් ඩ්‍රෙස් මාදිලියේ ගවුමක් හැඳ අඩි උස සපත්තු පැළඳ සිටි ඇය සැබැවින්ම ආකර්ෂණීය වූවා.

"ගොඩක් ලස්සනයි..... "ජිත් කියද්දී ඇය සෙමෙන් වටයක් කැරකුනා.

"කවී මිස්!..... මෙන්න ear piece එක..."කවීෂාගේ රූ සිරියාවෙන් මන්මත්ව මොහොතකට සියල්ල අමතකව සිටි ජිත් යලි පියවි ලොවට ආවා. ක්‍රියාන්විතයේ තාක්ෂණික මෙහෙයුම භාරව සිටි ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරු ලුතිනන් දුමිඳු ඩයස් කවිෂා පැළඳිය යුතු සන්නිවේදන කට්ටලය දිගු කලා.

"ඉයර් පීස් එක කනේ ඇතුලටම තදකරන්න. එතකොට වැටෙන්නේ නෑ..... ටිකක් වෙලා යනකන් නුහුරු බවක් දැනෙයි, ඇහෙන දේවල් පැහැදිලි නෑ වගේ තේරෙයි, ඒත් ටිකකින් කන පුරුදුවෙලා හරි යනවා. අපි රේඩියෝ සෙට් වලින් කියන දේවල් ඔක්කොම ඔයාටත් ඇහෙනවා. ඔයාට උපදෙසක් දෙනවානම්, ඔයාගේ නම කියලා තමයි පටන් ගන්නේ....අපිට කතාකරන්න ඕනෙ වෙන වෙලාවට මේ ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකක් ගන්නවා වගේ කතා කරන්න. මේක නෝමල් ෆෝන් එකක් නෙමෙයි..හැමවෙලාවෙම ඇක්ටිව් මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. ඊට අමතරව ජී.පී.එස් ට්‍රැකින් ඩිවයිස් එකක් වගේම ඉන්ඩෝ ලොකේටර් ට්‍රන්ස්මීටර් එකකුත් තියෙනවා... ජී.පී.එස් සිග්නල් නැතිවෙලාවට ඔයා ඉන්න තැන අපිට දැන ගන්න පුලුවන්..... ඔයාගෙ වටේ සිද්දවෙන හැම කතාබහක්ම අපිට අහන්න පුලුවන්...."

“හරිනේද මිස්....?"ලුතිනන් ඩයස් ඇසුවා.

කවීෂා අසලින්ම සිටි ජිත්ට ඇය චකිතයකින් සිටින බව දැනුනා. "බය වෙන්න එපා කවී.... ඔයා ඇතුලේ තනි වෙන්නේ නෑ..... අෂාන් හැමවෙලාවෙම ඔයාව පෙනෙන මානේ, ඉක්මණට ඔයා ලඟට එන්න පුලුවන් දුරින් ඉඳියි.... අෂාන්ගේ යාලුවෙක් විධියට විදූෂත් ඉන්නවා.... දෙන්නම ස්පෙෂල් ෆෝසස්....එයාලට හැඬල් කරගන්න බැරි දෙයක් නෑ..."

"එයාලා ළඟ වෙපන්ස් තියෙනවද?"

"නෑ....... අපේ ප්‍රෝටොකෝල් වලට අනුව සිවිලියන්ලා ගොඩක් ඉන්න තැන්වල රහස් ක්‍රියාන්විත වලදි වෙපන්ස් ගෙනියන්න බෑ...බය වෙන්න එපා.....අෂානුයි, විදූෂයි ඇවිදින වෙපන්ස් දෙකක්..."

"ඔයා කොහෙද ඉන්නේ?"

"මම ඉන්නේ Water’s Edge කාර් පාක් එකේ...අපේ mobile operations  ට්‍රක් එකේ ඉඳන් මම හැමදේම අහගෙන ඉන්නේ…”

“You are OK…………… right?” ජිත් ඇයගේ මුහුණට එබෙමින් ඇසුවා.

“Okey...I guess…."ඇය මදක් අවිශ්වාසයෙන් මෙන් පිලිතුරු දුන්නා...

“කරදර වෙන්න එපා....ඔයාට පෙර-ක්‍රියාන්විත ආතතිය ඇවිල්ලා....ඕක නෝමල්...... මිෂන් එක පටන්ගත්තම හරියනවා....” කියූ ජිත් ඇයගේ උරහිසට තට්ටුවක් දැම්මා.

ඒ සමගම ඇය අසලට ආවේ මැදිවියට ආසන්නවූ කාන්තාවක්. "කවී මේ ඩොක්ටර් අනුලා....ඩොක්ටර් අනුලා ටොක්සිකෝලොජිස්ට් කෙනෙක් ….."ජිත් ඇයව කවීෂාට හඳුන්වාදුන්නා. ඇය කුඩා මෝර ගුලියක් මෙන් පෙනුනු යමක් ඇය අතට දුන්නා.

"ඔයා  දසුන් එක්ක කතාකර කර ඩ්‍රින්ක් එක ගන්න.....වෙලාවට අෂාන් ඇවිල්ලා දසුන්ට ඩිස්ටර්බ් කරලා....හලෝ දසුන් කියලා එයාව ඉන්ට්‍රඩියුස් කර ගන්න හදයි ....අෂාන් දසුන්ට අත දෙන්න හදනකොට ඔයා දසුන්ගේ අතේ තියෙන ඩ්‍රින්ක් එක ඉල්ල ගන්න..ඒ අතරේ ඔයාගේ අතේ තියෙන ඩ්‍රින්ක් එක අෂාන් එක්ක එතනට ආපු විදූෂ ගනියි.....දසුන්ගේ අවධානය අෂාන්ට යොමුවෙලා තියන අතරේ ඔයා මේක එයාගෙ ඩ්‍රින්ක් එකට මිරිකන්න ඕනෑ....අතේ ගෑවුනාට බය වෙන්න එපා....ඔයාට තත්පර 30ක් ලැබෙයි....ඊට වඩා නෑ....දසුන්ගේ අතට එයාගෙ ඩ්‍රින්ක් එක ආපහු දෙන්න....... විනාඩි පහක් යනකොට එයාට ඉෆෙක්ට් එක දැනෙයි....ඔයාට තේරෙයි එයාගෙ ඇස් ලොකුවෙලා වපර වෙන්න යනවා කියලා....ඒත් එක්කම එයාට බැලන්ස් නැතුව යයි...එයාට කලන්තේ හැදිලා වැටෙන්න යනකොට ඔයා එයාව අල්ලගන්න....එතකොට අෂානුයි විදූෂයි ආපහු එතනට එයි. දසුන්ව  අල්ලගෙන ඉන්දවන්න එයාලා උදව් කරයි..."

ජිත් මෙහෙයුමට පෙර සිදුකරණ පුහුණු සැසි කිහිපයකදීම ඉතා සියුම්ව විස්තර කොට, කවීෂාට ඒ සියල්ල මතකයෙන් කිවහැකි වන තෙක්ම යලි යලිත් වනපොත් කරවූ ක්‍රියාදාමය අවසන් වරට සිහිපත් කලා.

"ඊලඟට ඔයා හැමෝටම ඇහෙන්න ...I am going to call an ambulance... කියලා ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්නවා වගේ පෙන්වන්න...කලබල වෙලා වගේ ඇක්ට් කරන්න...."ජිත් වැඩිදුර උපදෙස් දුන්නා.

"මොනවද මේකේ තියෙන්නේ?"කවී ඇසුවා

"අධි මාත්‍රාවෙන් phencyclidine...සාමාන්‍ය ව්‍යවහාරයේ PCP කියලයි කියන්නේ......ගොඩක් සැර මත්ද්‍රව්‍යයක්.....ක්ලාන්තවෙලා විනාඩි දෙකතුනකින් දසුන් මීමැස්මොරේ හැදුනා වගේ දතකට පූට්ටුවෙලා ගැහෙන්න ගනී...ඒ කියන්නේ ඔවර්-ඩෝස් තත්වයට ඇවිල්ලා….අපිටත් ඕනේ එයාව ඕවර්ඩෝස් කරවලා හෝටලෙන් එලියට ගන්න පොටක් පාදගන්න…..."ඩොක්ටර් අනුලා විස්තර කලා.

"ඒ වෙනකොට අපේ ඇම්බියලන්ස් එක ඇවිල්ලා තියෙයි..ඩොක්ටර් අනුලයි, එයාගෙ නර්ස් නෝනයි ඇම්බියුලන්ස් එකේ ඉන්නවා...දසුන්ට ඉක්මණට ප්‍රති-ඖෂධය දෙන්න ඕනෑ….. නැතිනම් හදවත නවතින්න පුලුවන්........ඔයා අෂාන්ලා එක්ක එකතුවෙලා දසුන්ව ඇම්බියුලන්ස් එකට උස්සගෙන යන්න…....ඒ දෙන්නා දසුන් එක්ක ඇම්බියුලන්ස් එකට නගියි....ඔයා නගින්න එපා....එලියේ ඉන්න.....ඒ වෙනකොට කාර් එක අරගෙන මම එතනට එන්නම්....ඔයා මාත් එක්ක එන්න....අපේ අනිත් කට්ටියත් එතකොටම පිටත් වෙනවා.....දසුන් වැටිලා විනාඩි දහයක් යනකොට හැමෝම වෝටර්ස් එජ් එකෙන් පිටවෙලා තියෙන්න ඕනෑ...."ජිත් අවධාරණය කලා…

"එතකොට CCTV?"කවී ඇසුවා.

“අෂාන් දසුන්ට කතාකරන්න යනකොට විදුෂ අපිට සිග්නල් එකක් දෙනවා. අපේ ටෙක්නිකල් ටීම් එකක් CCTV රූම් එකේ කොන්ට්‍රෝල් PC එකට වෛරස් එකක් දාලා තියෙන්නේ. ඒක අපේ කට්ටිය ඊයේ කලා. උසාවි නියෝගයකට සී.සී.ටී.වී රෙකෝඩ්ස් වගයක් ගන්න ඕනෑ කියලා උසාවි නියෝගයක් අරගෙන  වෝටර්ස් එජ් ගිය ටීම් එක වෛරස් එක ඉන්ස්ටෝල් කරලා ආවා. විදූෂගේ සිග්නල් එක ආපු ගමන් අපිට ඒක රිමෝට් ඇක්ටිව් කරන්න පුලුවන්. වෛරස් එකෙන් CCTV වීඩියෝ රෙකොඩ් අවුල් කරලා දායි...ඒවගේම අපේ මොබයිල් ඔපෙරේෂන් ට්‍රක් එකේ මීටර් 150-200ක් වටේට මොබයිල් ෆෝන් OS අවුල් කරන්න පුලුවන් ට්‍රන්ස්මීටර් එකක් තියෙනවා. ඒ ට්‍රාන්ස්මීටර් එකෙන් රේන්ජ් එකේ තියෙන ඔනම ස්මාර්ට්ෆෝන් එකක බ්ලූටූත් පහසුකම හරහා ඒකෙ OS එක අවුල් කරන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ෆෝන් ජාති දෙකම එකසැරේට අවුල් කරන්න අපේ බ්ලූටූත් ට්‍රාන්ස්මීටර් එකට පුලුවන්. විදූෂගෙ සිග්නල් එක ආපු ගමන් අපි ඒකත් ඔන් කරනවා....මිෂන් එක ඇක්ටිව් වෙන විනාඩි 15 කාළයේ වෝටර්ස් එජ් එක ඇතුලේ CCTV නවතිනකොටම හැමෝගෙම ස්මාර්ට්ෆෝන් රීසෙට් වෙයි. එතකොට ෆොටෝ, වීඩියෝ ගන්න එක නවත්වගන්න පුලුවන්….”

“WOW!!!…..."ලංකාවේ ඉන්ටෙලිජන්ස් ඒජන්සිවලට ඔච්චර හයිටෙක් සෙල්ලම් දාන්න පුලුවන්ද?...."කවී සැබැවින්ම විෂ්මයට පත්වූ බවක් පෙනුනා.

ජිත් ආඩම්බර සිනහවක් පා..."You will see…” යයි පැවසූවා.



CHAPTER 10001


රක්ෂක නිවාසය, රක්ණා-ලංකා පයිනස් වතුයාය, ඔහිය

"කැමරාව ටිකක් හරවන්න..... මූණ පේන්නේ නෑ....."

"ආ දැන් හරි.....මිනිහට කොහොමද?"

"තාම අමාරුයි වගේ......"

"කෝ ඩොක්ටර් අනුලා?"

"මම ඉන්නවා....."කියමින් වෛද්‍ය අනුලා මාපිටිගම වීඩියෝ කැමරාවට හසුවන මානයට පැමිණියා.

"කොහොමද දසුන්ගෙ තත්වෙ?"

"දැන් හොඳයි බ්‍රිගේඩියර්.... හැබැයි හිතුවට වඩා ලොකු රියැක්ෂන් එකක් ආවා........මෙයාගෙ හදවත වයසට වඩා වීක්....පොඩිකාලේ රුමටික් උණ හැදිලා තියෙනවා වගේ....."

"අෂාන්, ප්‍රශ්ණකිරීම්වල තත්වෙ කොහොමද?"

"සර්...මිනිහට අපි මත්තලදි ගත්ත ෆොටෝ එක පෙන්නුවා........ඒකේ මිනිහා ඉන්න බව එයා පිලිගත්තා....අර ගෑණුකෙනා දසුන් එක්ක හැසිරුණ චීන ගෑණි, නම ඩේසී වූ.....ඩේසී වූ එයාගෙ අනියම් බිරිඳ කියලත් එයා පිලිගත්තා.... අනිත් මිනිහා ඩේසිගේ බොඩිගාඩ්ලු......ඩේසි MSS එකේ ඔත්තුකාරියක් කියලා දන්නේ සම්බන්දෙ දුරදිග ගියාට පස්සෙලු......දැන් එයාව බ්ලැක්මේල් කරන්න පුලුවන් ෆොටෝ වීඩියෝ ගොඩක් MSS එකට තියෙනවලු....."

"ලොකු බ්‍රීෆ් කේස් එකේ දාලා ඩේසී වූ දසුන්ට දීලා තියෙන්නේ සල්ලිද?"

"නෑ......දසුන්  ඒකෙ මොනව තියෙනවද කියලා දන්නේ නෑ කිව්වා.......ඒක කාක දූපතේ ඩේටා සෙන්ටර් එකට අතින්ම ගිහිල්ලා බාර දෙන්න කිව්වලු...."

"මිනිහා ඒක දීලද?"

"එතනට ඇවිත් හිටිය චීනෙකුට දුන්නලු....."

වීඩියෝ කැමරාව දෙස බලාගෙන සිටි බ්‍රිගේඩියර් ජනක දසනායක හිස හරවා ජිත්ට කතාකරනු ඔහිය රක්ෂක නිවාසයේ සිට සකයිප් හරහා මූලස්ථානය අමතමින් සිටි අෂාන් දුටුවා.

"ජිත්, ටීම් එකක් යවන්න කාක දුපතේ ඩේටා සෙන්ටර් එක පැත්තට...ඒ පැත්තේ CCTV කැමරාවල පහුවුනු විසිහතර පැයේ රෙකෝඩින් වල බැකප් ගන්න.........බලමු දසුන් ඇත්තටම එතනට ගියාද.......පෙට්ටිය දීපු චීනා හඳුනගන්න පුලුවන් විධියට වැටිලා තියෙනවද කියලා..."

"හරි සර්...."ජිත් අණ පිලිගනිද්දී බ්‍රිගේඩියර්වරයා යලිත් කැමරාව වෙත යොමුවුනා.

“දසුන් දන්නවද Y12 එක බිමදාන්න හේතුව?"

"අපි ඇහුවා...මිනිහා කියන්නේ ඒක ටෙස්ට් ෆයරිං එකක් කියලා.....ඒවගේම ඩීට්‍රා එකේ AI රීසර්ච් නවත්වන්න මොකක් හරි උවමනාවක් එයාලට තිබිලා තියෙනවා කියලත් මිනිහා අනුමාන කරනවා......."

“MSS එකේ ඩේසි වූ, සෙන්ටාරිස් එකේ නිමා යැංග් අතර මොනවගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඩේසි වූ වගේම නිමා යැංග් MSS එකට වැඩ කරනවද? නැතිනම් ඩේසි වූ MSS එකේ වැඩකරන ගමන් නිමා යැංග්ට පාර්ට්-ටයිම් උදව් කරනවද?"

“හරියට පැහැදිලි නෑ සර්....දසුන් කියන විධියට ඩේසී වූ MSS එකට වැඩකරනවා කිව්වට, MSS එක ඇතුලේ තියෙන වෙනම රහස් කණ්ඩායමක සාමාජිකාවක්. ඒ කණ්ඩායමට සල්ලි වියදම් කරන්නේ නිමා යැංග් කියලයි දසුන් කියන්නේ...."

"දසුන් අපිව නොමග යවනවා වෙන්න බැරිද?"

"වෙන්න බෑ සර්....හොඳටම වැටිලා ඉන්නේ....මිනිහා දන්නවානෙ ‍Y12 ෆ්ලයිට් එක බිම දැම්මේ නිමා යැංග්/ඩේසි වූ නියෝජනය කරන කල්ලිය කියලා....එයාලාට MSS එක ඇතුලේ බලසම්පන්න නිළධාරීන්ගේ අනුග්‍රහය තියෙනවා වගේ පේනවලු....මට පේන විධියට දසුන් අපි මිනිහව කුදලගෙන ආපු එකට කැමැත්තෙන් ඉන්නේ.........මිනිහා කියනවා කොළඹට ගෙනියන්න එපා එයාගේ ජිවිතේ අණතුරේ කියලා....මිනිහා පුදුම බයකින් වගේ ඉන්නේ.....ඇහුවා මේ සේෆ් හවුස් එක වටේ ආයුධ සන්නද්ධ ගාඩ්ලා දාලා ඉන්නවද කියලා....මිනිහා කියනවා උන් තැන දැන ගත්තොත් මෙතනට වුනත් ඇටෑක් එකක් දෙන්න පුලුවන් කියලා..."

"පිස්සු.....ඔය මිනිහා අර PCP පෙත්ත නිසා මොළේ කොලොප්පන් වෙලා කියන ඒවා වෙන්න ඇති...ඒත්  මිනිහගෙ ජීවිතේ අණතුරේ කියන එක ඇත්ත… ඔය කියන විධියට මේ ඔපරේෂන් එක කරන්නේ MSS එක ඇතුලේ නීතිවිරෝධී කල්ලියක් නම්, උන් පුලුවන් වෙන පලවෙනි වාරෙම දසුන්ව මරණවා...."

"ඔය සේෆ් හවුස් එක යට කොන්ක්‍රීට් බන්කර් එකක් තියෙනවා නේද?"

"ඔව් සර්...."

"දසුන්වයි, ඩොක්ටර් අනුලාවයි.....නර්ස්වයි හැම වෙලාවෙම බන්කර් එක ඇතුලේ තියන්න.....ඔයාලා හැම වෙලාවෙම වෙපන්ස් රෙඩී කරන්ගෙන ඉන්න....දිගටම ප්‍රශ්ණ කරන්න........ගන්න පුලුවන් හැම තොරතුරක්ම ගන්න........මිනිහා කියන දේවල් වීඩියෝ කරනවා නේද?"

"ඔව් සර් බන්කර් එක ඇතුලේ වීඩියෝ රෙකෝඩර් එක සෙට් කරලා තියෙන්නේ.... ප්‍රශ්ණ කරන්නේ එතන..."

“සප්ලයිස් කොහොමද?"

"සතියකට ඕනෑ කෑම, බොන වතුර තියෙනවා............ජෙනියට දාන්න ලීටර් 25 පෙට්‍රල් කෑන් දෙකක් ඉතුරුවෙලා තියෙනවා......ඒ නිසා ටවුමට යන්න ඕනෑ නෑ....."



CHAPTER 10010 

ඉරණමඩු ජලාශයේ නිරිතදිග ඉවුර, මුලතිව් දිස්ත්‍රික්කය.

ජිත්, අෂාන්, විදූෂ හා සන්නද්ධ බුද්ධි අංශයට අනුයුක්ත දිගුදුර විහිදුම් විශේෂ බළකායේ (LLRP) බලකායේ ලුතිනන් රංග සේනානායක  ඇතුලු සතරදෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායම ගුවන් ගතවී පැයක් පමණ වූවා. ඒ කාළය කතාබහෙන් තොරව ගතවූයේ කුඩා හෙලිකොප්ටරයේ එන්ජින් ඝෝෂාව නිසාම නොවේ.  හිඟුරක්ගොඩ ගුවන්හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ බෙල් 206 යානය, ඉලක්ක ස්ථානයට කිලෝමීටරයක් පමණ ඈතින් ගොඩබස්වන ලෙසයි අණලැබී තිබුණේ. පැය ඉක්මයත්ම හිඟුරක්ගොඩ සිට නාවික සැතපුම් සියය ගෙවීගිය අතර යානය ඉරණමඩු ජලාශයට ආසන්න බව ගුවන් නියමුවන් දැනුම් දුන්නා.

ඉරණමඩු ජලාශය අසල ඉතා රහසින් පවත්වාගෙන ගිය අභිරහස් කඳවුර නිරීක්ෂණය කිරීමට යැවූ සන්නද්ධ බුද්ධි අංශයේ Tactical Action Group (TAG) කන්ඩායමෙන් පණිවුඩ හුවමාරු නැවතී දැන් පැය අටක් ගතවෙලා. පාන්දර තුනට පමණ ප්‍රහාරක කණ්ඩායම කඳවුර අසල වාඩිලාගත් බවට රේඩියෝ පණිවුඩ ලැබුණා. ඈතින් සිටිමින් පැය දෙකක් පමණ නිරීක්ෂණ හා ඡායාරූප ගැනීමේ කටයුතු වල නිරතවූ ඔවුන් කඳවුර අතහැර දැමූ එකක් ලෙස පෙනෙන බව පවසා, එයට ඇතුලුවන්නට සූදානම් වන බව පැවසූවේ පාන්දර පහටයි. ඒවන විටත් ප්‍රදේශයම ඝණ අඳුරින් වැසී තිබුණ බව කපිතාන් රණවක දැනුම් දී තිබුණා. සන්නද්ධ බුද්ධි අංශයේ TAG කණ්ඩායම් යුධ හමුදාවේ කොමාණ්ඩෝ, විශේෂ බළකා රෙජිමේන්තු වලින් මෙන්ම, හමුදා බුද්ධි අංශයේ කළු මෙහෙයුම් ඒකකය වන දිගුදුර විහිදුම් බළකායෙන් අනුයුක්ත කල, ඊලාම් යුධවල සටන් අත්දැකීම් ඇති දක්ෂයින් වුනා. මුලතිව් වනාන්තරයේ සිදුවූ මේ ක්‍රියාන්විතයට අවසන් ඊලාම් යුද්ධයේදී ඉරණමඩු ජලාශය අසල සිදුවූ බිහිසුණු සටන්වලට මුහුණදී අත්දැකීම් තිබූ කපිතාන් සඳුන් රණවකගේ නායකත්වයෙන් යුතු දිගුදුර විහිදුම් විශේෂ බළකායේ සෙබළුන් 12ක් යොදවා තිබුණා.

කඳවුරට ඇතුලුවී විනාඩි දහයක් යන්නට පෙර, තමන්ට තුවක්කු සවිකල පාද සතරක් ඇති යන්ත්‍ර මගින් පහරදෙන බව කපිතාන් රණවක කළබළයෙන් වාර්තාකලා. එම යන්ත්‍ර වියරු වැටුනු සුනඛයින් මෙන් ප්‍රතිප්‍රහාර නොතකා ඉදිරියටම එමින් මැෂින් තුවක්කු හා ග්‍රෙනේඩ් වලින් පහර එල්ලකරන බව ඔහු පැවසුවා. හතර අතින් වෙඩි හඬ ගිගුම් දෙන අයුරු රේඩියෝ පණිවුඩ හරහා ඇසුනු අතර මොහොතකින් සියලුම සෙබළුන්ගේ රේඩියෝ යන්ත්‍ර නිහඬවුනා. වැඩි වේලාවක් ගතවන්නට පෙර ඉරණමඩු ජලාශය අසල කැලයෙන් විශාල පිපිරුම් හඬවල් ඇසුනු බව වන්නි හමුදා අණදෙන මධ්‍යස්ථානය යුධහමුදා මූලස්ථානයට වාර්තා කලා. සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීම සඳහා හමුදා ඛණ්ඩයක් යවන්නට වන්නි අඥාපති යුධ හමුදා මූලස්ථානයෙන් කල ඉල්ලීම සන්නද්ධ බුද්ධි අංශයේ මැදිහත්වීම මත ප්‍රතික්ෂේප වුනා. TAG ප්‍රහාරක ඒකකය ඉරණමඩු ප්‍රදේශයට ඇතුලුවීමට දින කිහිපයකට පෙර මුලතිව් වනාන්තරයතුල පුහුණු ක්‍රියාන්විතයක් පැවැත්වීමට දිගුදුර විහිදුම් බළකාය අවසර ගෙන තිබුණා. පිපිරුම් ශබ්ද එම පුහුණු ක්‍රියාන්විතයේ අදියරක් බව පවසා සැබෑ තත්වය වසන් කරගැනීමට ක්ෂේස්ත්‍ර මෙහෙයුම් ප්‍රධානී බ්‍රිගේඩියර් ජනක දසනායකගේ බලවත් ඉල්ලීම මත සන්නද්ධ බුද්ධි බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් සුසිල් ලියනගේ එකඟවුනා.

කපිතාන් ජිත් හා ලුතිනන් රංග අතර පියාසැරිය පෙර සිදුවූ සාකච්ඡාවට අනුව ඉලක්ක ස්ථානය වෙත ලඟාවී එහි ආරක්ෂාව තහවුරු කිරීම රංගගේ කණ්ඩායම විසින් සිදුකරන අතර ජිත්, අෂාන් හා විදූෂ එය අවසන්වන තෙක් හෙලිකොප්ටරය අසල සූදානමින් සිටිය යුතුවුනා.

චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂාවේදී ඉරණමඩු ජලාශයේ නිරිතදිග ඉවුරු පෙදෙසේ ඝණ වන ලැහැබක් තුල ක්‍රියාත්මක වෙමින් තිබූ අභිරහස් කඳවුරක් හමුවුනේ සතියකට පමණ පෙරයි. සන්දීප් අනුමාන කල පරිද්දෙන්ම විදුලිබල මණ්ඩලයේ අධිවෝල්ටීය සම්ප්‍රේෂණ රැහැන් ඇද ඇති මාර්ගය අසලමයි මේ කඳවුර පිහිටා තිබුණේ. අවට වනාන්තරයේ ගස් මුදුන් වලින් හා එ‍ය ආවරණය වනලෙස ඉහලින් ඇද තිබූ කැමොෆ්ලෑජ් නෙට් නිසා කඳවුර හොඳින් ආවරණය වී තිබුණා. සන්දීප් යෝජනා කල පරිදි උතුරට දිවෙන අධිවෝල්ටීයතා රැහැන් ඇදෙන මාර්ගය අවට පෙදෙස්වල අධෝරක්ත චන්ද්‍රිකා චායාරූප පිරික්සීමේදී අස්වාභාවික ලෙස තාපය විහිදුවන ස්ථානයක් ලෙසයි මෙය මුලින්ම හඳුනාගැනුනේ. පසුව යැවූ ඩ්‍රෝන කැමරාවලට කිසිවක් පෙනෙන්නට නොතිබුණත්, රාත්‍රී කාළයේ ඩ්‍රෝනවල ඇති අධෝරක්ත කැමරාවලට කන්ටේනර් පෙට්ටි මෙන් පෙනෙන නිමැවුම් හයකින් සමන්විත කඳවුර නිරාවරණය වුනා.

එම අභිරහස් කඳවුර දින දෙකක් ඩ්‍රෝන යානා වලින් දිවා රෑ නිරීක්ෂනය කල අතර ඉන්පසුව සිදුවන්නේ කුමක් සොයා බැලීමට බුද්ධි අංශයේ TAG ප්‍රහාරක කණ්ඩායමක් යවන්නට තීරණය වුනා. කඳවුර තුල අධිබල බැටරි ක්‍රියාතමකවන බව අධෝරක්ත ඡායාරූපවලින් තහවුරු වුනා. සන්දීප් අනුමාන කල පරිදිම එම බැටරිවලට අවශ්‍ය අධිබල ආරෝපණ විදුලිය,  අධිවෝල්ටීයතා රැහැන්වලින් හොරෙන් ලබාගෙන තිබූ බව, අධි විබේධන ඩ්‍රෝන ඡායාරූප මගින් එම කඳවුර අසලම තිබූ රැහැන් කුළුණ නිරීක්ෂණයෙන් තහවුරු වුනා. එමෙන්ම කඳවුර තිබෙන ස්ථානයත්, ‍Y12 යානය අහසේ පුපුරාගිය ස්ථානයටත් අදාල දත්ත ලබාගෙන සන්දීප් ගේ සහයෙන් සයිබර් හා ඉලෙක්ට්‍රොණික අංශයේ කෝලිත ඇතුලු කණ්ඩායම සිදුකල ත්‍රිමාණ අනුරූපනයකදී (3D simulation), එම කඳවුරෙන් විදින අධිවේගී ප්‍රක්ෂිප්තයක් ‍Y12 යානයේ ගැටීමට ඇති සම්භාවිතාවය 98% බවට නිගමනය වී තිබුණා.

ත්‍රිමාණ අනුරූපන වලදී හෙලිවූ තවත් බියකරු තොරතුරක්වූයේ අභිරහස් කඳවුර ස්ථානගතවී ඇති ආකාරය අනුව එහි සිට ශ්‍රී ලංකාව ඉහලින් යන ජාත්‍යන්තර මගී ගුවන්යානා වලින් 60% පමණ ඉලක්ක කරගත හැකි වනබවයි. එම යානා ඉතා ඉහලින් පියාසර කරන නිසා, කඳවුර තුල ක්‍රියාත්මක වෙතැයි අනුමාන කල රේල් ගන් කාළතුවක්කුවේ සුළු සීරුමාරුවකින් පසු මධ්‍යම කඳුකරය ඉහලින් යන යානාවක් වුවද ඉලක්ක කරගත හැකි බවටද තහවුරු වුනා. MI6 බුද්ධි අංශයේ කේට්, ජිත් වෙත ලබාදුන් තොරතුර මේ දත්ත හා කදිමට ගැලපුනු නිසා වහාම කඳවුර අත්පත් කරගත යුතු බවයි තීරණය වුනේ.

අභිරහස් කඳවුර තුලට සීරුවෙන් විහිදීගිය රංග ඇතුලු කණ්ඩායමෙන් ජිත් හට ඇමතුමක් ලැබෙන්නට විනාඩි තිහක් පමණ ගතවුනා. ආරක්ෂිත බව දැන්වූ හෙයින් එය තුලට පිවිසි ජිත් ඇතුලු පිරිසට පිපිරී සහමුලින්ම විනාශවී ගිය අඩි 40ක කන්ටේනර් පෙට්ටි හයක් දකින්නට ලැබුණා. ඒවා තුල තිබූ සියල්ල දැවී ගොස් තිබුණා. කන්ටේනර් පෙට්ටි හයම සීරුවෙන් පරීක්ෂාකල ඔවුන්ට එයින් තුනකම අධිබල බැටරි පද්ධති තිබූ බවත්, ඒවා අධිසැර කුළුණෙන් ලබාගත් විදුලියෙන් ආරෝපණය කරන්නට ඇති බවත් පෙනී ගියා. බැටරි ඇති කන්ටේනර් පුපුරා ගොස් තිබූ අතර අනෙක් කන්ටේනර් තුනම ඒවා තුල ඇති සියලු දෑ සමග දැවී හළුවී ගොස් තිබුණා. කඳවුරට ඇතුලුවූ TAG කණ්ඩායමට අත්වූ ඉරණම හෙලිවුනේ පැය කිහිපයක පරීක්ෂාවකින් පසුවයි. කණ්ඩායමේ සියලු දෙනාම මරාදමා හෝ පණපිටින් එක් කන්ටේනරයක් තුලට දමා එය පුපුරා හැරිය බව ඉතුරුවී තිබූ සාක්ෂිවලින් තහවුරු වුනා.

එය සිදුකරන්නට ඇත්තේ කවුරුන් විසින්දැයි තොරතුරක් ලැබුණේ නෑ. එමෙන්ම පහරදෙනවා යයි කියූ පාද සතරක් ඇති රොබෝ යන්ත්‍ර පිලිබඳ එකම හෝඩුවාව රොකට් ග්‍රෙනේඩ් ප්‍රහාරයකින් උණුවී ඇඹරීගොස් තිබුණු අධෝරක්ත ඩිජිටල් දුරදක්ණයක මතකයේ සටහන්ව තිබී සොයා ගත්තේ අෂාන්. එහි මෙමරි කාඩ්පත සීරුවෙන් ඉවත්කරගත් අෂාන් එය සිය ජංගම දුරකථනයට ඇතුලු කොට පරීක්ෂා කිරීමේදී , ග්‍රෙනේඩ් ප්‍රහාරයේ කම්පණය හා තාපය නිසා විකෘත නොවූ එකම එක ඡායාරූපයක් සොයාගත හැකිවුනා. නයිට් විෂන් ආකාරයෙන් සටහන්ව තිබූ ඒ ඡායාරූපයේ පාද සතරක් ඇති, විශාල සුනඛයෙකුගේ ප්‍රමාණය යයි සිතිය හැකි රොබෝ යන්ත්‍රයක් දිස්වුනු අතර එහි පිට මත විශාල පතරොම් පෙට්ටියක් සහිත මැෂින් තුවක්කුවක් හා රොකට් ග්‍රෙනේඩ් විදිනයක් සවිකොට තිබූ බව පෙනුනා.


රොබෝවරුන්ගේ යාන්ත්‍රික පා සටහන් අතර මිනිසුන් සතරදෙනෙකුගේ පා සටහන්ද පැහැදිලිව තිබූ බැවින් කඳවුර විනාශකිරීම හා TAG ඒකකය  ඝාතනය කිරීම තනිකරම රොබෝවරුන්ගේ ක්‍රියාවක් නොවන බව සිතාගත හැකිවුනා. සන්නද්ධ රොබෝ යන්ත්‍ර යොදාගෙන TAG කණ්ඩායමට දැඩි හානි සිදුකොට ඉන් අණතුරුව සාක්ෂි වසන් කිරීම සඳහා ඔවුන්ගේ සිරුරු මෙන්ම ප්‍රහාරයට යොදාගත් සන්නද්ධ රොබෝ යන්ත්‍රද කන්ටේනරයක් තුලට දමා එය පුපුරුවා හැර තිබෙන බව ලුතිනන් රංග සේනානායකගේ මූලික නිගමනය වූ අතර සිදුවී ඇති විනාශය පිලිබඳව හොඳම පැහැදිලි කිරීම එය බව ජිත් හා අෂාන් ද පිලිගත්තා.


CHAPTER 10011 

8.45PM, සන්නද්ධ බුද්ධි බළකායේ S.A.R අංශය, ආරක්ෂක අමාත්‍යාංශය

ඉරණමඩු නිරීක්ෂණ චාරිකාවෙන් පසු කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තාකරණ ලෙස ජිත් හා රංගට අණලැබී තිබුණා. සියලු තොරතුරු රැගෙන එන ලෙසයි බ්‍රිගේඩියර් ජනක නියෝග කොට තිබුණේ. ගුවන් හමුදා මූලස්ථානයේ හෙලිකොප්ටර් අංගනයෙන් ගොඩබැස්ස ඔවුන්, එවා තිබූ වාහනයේ නැගී කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශය වෙත යනවිට රාත්‍රී 8 පසුවී තිබුණා.

“ඔයාලා කියන විධියට, අපේ කොල්ලෝ දොළොස් දෙනා මරලාදාලා තියෙන්නේ ඔය කඳවුරේ හිටපු චීන්නු හතර දෙනා?"උපැස් යුවල යටින් බ්‍රිගේඩියර් දසනායක දෙස බැලූ මේජර් ජෙනරාල් සුසිල් ලියනගේ බැරෑරුම් හඬින් ඇසුවා. විනාශවී ගිය අභිරහස් කඳවුරේ ඡායාරූප, ඩ්‍රෝන හා චන්ද්‍රිකා ඡායාරූප සිය ගණනක් ඇතුලත් ඩොසියරය ඔහු අසල තිබුණා. කපිතාන් ජිත් ගුණවර්ධන, ලුතිනන් අෂාන් බෝපිටිය හා ලුතිනන් රංග සේනානායක මදක් ඈතින් ඇති පුටු කිහිපයක අසුන්ගෙන සිටියා.

“එයාලගෙ පවුල් වලට අපි මොකද කියන්නේ ජනක??............. ආමි කමාන්ඩර්ට අපි මොනවද කියන්නේ? ජනාධිපතිට? ඩිෆෙන්ස් සෙකට්‍රිට? නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර්ට?”

“සර් චයිනීස් MSS එකට මිනිස්ට්‍රියේ හැම තොරතුරක්ම ගියේ දසුන් වීරකෝන් හරහා. තව කීදෙනෙක් ගෙන් චීන්නුන්ට තොරතුරු යනවද දන්නේ නෑ.........මේක ලීක්වෙන්න දෙන්න බෑ..............”

"අලුතින් ලීක් වෙන්න දෙයක් නෑනෙ ජනක, ඕක පුපුරවලා දාපු චීන්නු එහෙම කරන්න ඇත්තේ ඔයාලගෙ ප්ලෑන් දැනගෙනනෙ?"

"එහෙම කියන්න බෑ සර්.......මම හිතන්නේ හදිසිය වුනු දෙයක්.........උන් සූදානමින් ඉඳලා තියෙනවා, ඒත් අපේ ටීම් එක එනවා කියලා උන් දන්නේ නෑ. දන්නවානම් අපේ ටීම් එක එන්න ඉස්සෙල්ලා ඔතන ඩෙමොලිෂ් කරලා පැන ගන්න තිබුණා.........”

“ඒත් අපි යනකොටත් රේල් ගන් එක ඔතනින් ගෙනියලා........ජිතුයි රංගයි එතන සර්ච් කරද්දි අපි දෙමළ කතාකරන ටීම් එකක් ඉරණමඩු වැව වටේ තියෙන ගම්මාන වලට යැවුවා එයාලා මොනවද දන්නේ කියලා බලන්න..... ඒ මිනිස්සුන්ගෙන් ලැබුණු තොරතුරු විධියට මීට සති දෙකකට කලින්, ඒ කියන්නේ දසුන් වීරකෝන්ව අපි අල්ලගෙන දවස් දෙකතුනකට පස්සේ ලොකු කන්ටේනර් දෙකක් ඉරණමඩු කැලේ ඇතුලේ ඉඳන් එලියට එනවා දැකපු අය ඉන්නවා.” 

“ඒ කන්ටේනර් ට්‍රක්වල “යු.හ” නම්බර් ප්ලේට් තිබිලා තියෙනවා. ඉරණමඩු කැලේ නිතරම හමුදාව ඉන්න නිසා ඒ මිනිස්සු සැකයක් හිතලා නෑ. ඒ කියන්නේ දසුන් අතුරුදහන් වුනු ගමන් ඩේසි වූ / නිමා යැංග් ගෲප් එක රේල් ගන් එක වෙන තැනකට යැවුවා. ට්‍රක් දෙක කොහෙද ගියේ කියලා හොයන්න ඉරණමඩු පැත්තේ හැම පාරක්ම අහුවෙන්න හයිකරලා තියෙන සිකියුරිටි කැමරා චෙක් කරන්න අපි පටන් ගත්තා……”

“"ජනක! අපි මේ විධියට ඇත්ත වසං කරලා කරන්නේ අපේම බෙලි කැපෙන සෙල්ලමක්........"

"මම දන්නවා සර්………...ඒත් අපි දසුන් වීරකෝන් ගැන කරපු නිගමනය හරිගියා.........‍Y12 ප්ලේන් එක පිපිරුවේ කොහොමද කියන එක අපි හරියටම හොයා ගත්තා.........හයිටෙන්ෂන් ඉලෙක්ට්‍රික් ලයින් වලින් කරන්ට් අරගෙන චාර්ජ් කරන රේල් ගන් එකක් තියෙන බවයි, ඒක තිබුණ තැනයි අපි හොයා ගත්තා.....චීනයේ ජාතික බුද්ධි සේවය (MSS) ඇතුලේ වෙනම අභිරහස් ගෲප් එකක් තියෙන බව, නිමා යැංග් ඒ ගෲප් එකේ රහස් අරමුණු වෙනුවෙන් සල්ලි පොම්ප කරන බව, අපේ නැෂනල් සෙකියුරිටි ඇඩ්වයිසර්ගේ ඥාති පුත්‍රයා, ඒ ගෲප් එකේ ඇතුලු කවයේ ඔත්තුකාරියකගේ අනියම් සැමියා බවත් අපි හොයා ගත්තා.....කාක දූපතේ තියෙන ඩේටා සෙන්ටර් එක ඩේසි වූ / නිමා යැංග් MSS ගෲප් එකේ රහස් වැඩවලට යොදාගන්න එකක් කියලා අපි හොයාගත්තා.........මේ වෙනකොටත් ඒක හැක් කරන්න පුලුවන් සර්කිට් බෝඩ් එකක් අපි හොරෙන් ඒකේ සර්වර් එකකට හයිකරලා ඉවරයි......දැන් අපි මොනිටර් කරගෙන යනවා.....පුලුවන් තරම් ඉක්මණට ඩේසි වූ ලංකාවට ඇවිලා දසුන්ට දීපු සූට් කේස් එකේ තිබුනේ මොනවද කියන එකයි, රේල් ගන් එක ගෙනිච්චේ කොහෙටද, මොකක්ද ඊලඟ ඉලක්කෙ කියලයි හොයාගන්න ඕනෑ.....එතකම් මේ තොරතුරු හෙලිවෙන එක නවත්වන්න ඕනෑ සර්....."

සිය උපැස් යුවල පිස දමමින් මදවේලාවක් නිහඬව කල්පණාකරමින් සිටි මේජර් ජෙනරල් ලියනගේ; 

“ඕකේ ජනක........ඔයා දන්නවා මම ඔයාගේ නිගමනයන් ගැන තියලා තියෙන විශ්වාසය......ඒවගේම ඔයා ගොඩනගලා තියෙන ඔපරේෂනල් ටීම්වල හැකියාවන් ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා......අර මැරිච්ච කොල්ලෝ දොලොස් දෙනාට සාධාරණයක් කරන්න නම් මුන්ව කොහොම හරි අල්ලන්න ඕනෑ........මම ඩිෆෙන්ස් සෙකට්‍රිට කතාකරලා, එයත් එක්ක ප්‍රසිඩන්ට් හමුබුවෙන්න යන්නම්.......ඔයාටයි ඔයගෙ ටීම් එකටයි මේ ඔපෙරේෂන් එක ඉවරවෙනකන් ඕනෑ හැම දෙයක්ම කරගන්න ස්පෙෂල් ප්‍රසිඩෙන්ෂල් ඔඩර් එකක් විධි‍යට බ්ලැන්කට් කවර් එකක් අරන් දෙන්නම්..........හැබැයි පුතෝ, මේ ඔප් එක ක්‍රෑෂ් වුනොත්, අපි දෙන්නගේම ඔලුගෙඩි රෝල් වෙයි........මට කමාන්ඩ් එක නැතිවෙලා කලින් පැන්ෂන් අරගෙන ගෙදර යන්නවෙයි.........ඔයාටයි ඔයාගෙ ඔෆිසර්ලටයි හිරේ යන්න වෙන්නත් ඉඩ තියෙනවා........පැහැදිලියි නේද?"

“ඔව් සර්..........මේ ඔප් එකේ රිස්ක් එක මම හොඳට දන්නවා.........තැන්ක් යූ සර්....."

ඒ රැස්වීමෙන් පසු මේජර් ජෙනරාල් පිටව ගිය පසු තවත් පැයක් පමණ Surveillance, Analysis & Research (SAR) අංශය තුල සාකච්ඡාවේ නිරතව සිටි බ්‍රිගේඩියර් ජනක, ජිත්, අෂාන් හා රංග සමග එකතුවන්නට සන්දීප් හා කෝලිතත් පැමිණ සිටියා.

“දසුන් දීපු ලොකු බ්‍රීෆ් කේස් එක අරගත්ත චීනා එතනට ආපු සිල්වර් කලර් අව්ඩි A3 එකක නැගලා ගියා. DPL නම්බර් ප්ලේට් තිබුණේ. චයිනීස් ඇම්බසියේ වාහනයක් බව තහවුරු වුනා. ඒත් කවුද ඒකේ හිටියේ, කොහාටද ගෙනිච්චේ කියලා හෝඩුවාවක් තාම නෑ…”

“ඒ කියන්නේ චයිනීස් ඇම්බසිය ඇතුලේ නිමා යැංග් / ඩේසි වූ ගෲප් එකේ කට්ටියට හොඳ බලයක් තියෙනවා කියන එකනෙ....."

“හ්ම්ම්.......මේක කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.........ඉරණමඩු වලින් පිටවෙච්ච රේල්ගන් එක ගැන හෝඩුවාවක් නෑ නේද?"

"නෑ සර්..."ජිත් හිස සලමින් පැවසුවා.



CHAPTER 10100 

10.35PM,  කොල්ලුපිටිය වටරවුම අසල, ගාළු පාර

ඉරණමඩුවේ විනාශය පිලිබඳව තොරතුරු ලැබුණු මොහොතේ සිටම විශාල පීඩනයකින් වැඩ කරන්නට සිදුවූ නිසා ජිත්ට දැඩි වෙහෙසක් දැනුනා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිටවූ ඔහු සිය පික්-අප් රථය ගාළුපාරෙන් පදවාගෙන ගියේ බඩගින්න නිවාගන්න චීස් කොත්තුවක් කන්න හිතාගෙන. චීස් කොත්තු මතක් වෙනකොට ඔහුට කවීෂා මතක්වුනා. "එයා තාම ඇහැරිලාද දන්නේ නෑ……….ඇහැරිලානම් කොත්තුවක් කන්න ආසද කියලා අහන්න ඕනෑ...නිදිමතේ හරි එයි...කොත්තු කැප්ටන්නෙ...."ජිත්ගේ මුවගට සිනහවක් නැගුනා.

සිතෙහි ඇතිවී ඇති වියවුල ඇය හා කතාබස් කිරීමෙන් මදක් හෝ සැහැල්ලු කරගත හැකිය යන හැඟීමද ජිත් වෙත තිබුණා. ඇය කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසාම ජිත් බොහෝ දෑ ඇයට පවසා තිබුණා. එවැනි රහස් රැකීමේ අධිෂ්ඨානය හා අවංකත්වය ඇයතුල තිබුණා.එමෙන්ම ඇය තමන් කෙරෙහි විශේෂ ලැදියාවකින් සිටින බවද ඔහු දැනසිටියා. කවීෂා ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටින බව ජිත්ට වැටහී තිබුණා. ඇයගේ සයිකොලොජිකල් ප්‍රොෆයිලයේත්  ඇයගේ විශ්වාසය දිනාගන්නට සමත් වන්නන් කෙරෙහි ඇතිවන දැඩි බැඳීම පිලිබඳ අනාවැකියක් සටහන් කොට තිබූ බව ඔහු සිහිපත්කලා. කවී ගැන ජිත්ට ඇති එකම බිය වූයේ යම් බරපතල ගැටලුකාරී අවස්ථාවකදී ඇය ඔහු වෙනුවෙන් අනවශ්‍ය අවදානමක් ගැනීමට හෝ වෙනත් ආවේගශීලී ක්‍රියාවක් සඳහා යොමුවේදැයි යන්න පමණයි.

වාහනය මාර්ගයේ අයිනකට කල ජිත් ඇයට ඇමතුමක් ගැනීමට ජංගම දුරකථනය අතට ගත්තා.  එය අන්ලොක් කල ඔහුට, මගහැරී ගිය ඇමතුම් විශාල ප්‍රමාණයක් පිලිබඳ මිස්ඩ් කෝල් ඇලර්ට් පණිවුඩ රැසක් දකින්නට ලැබුනා. මුළු දවසම ඉරණමඩුවේත්, ගුවනේත් ඉන්පසු ජංගම දුරකථන සංඥා අවහිරකල බුද්ධි අංශ සාකච්ඡා කාමර තුලත් ගතකල නිසා ඇමතුම් රැසක් මගහැරී තිබුණා.

උප ලුතිනන් ගයාන් හේමන්තගෙන් ඇමතුම් 21ක් ලැබී තිබූ බව දුටු ඔහු විස්මයට පත්වුනා. "ගයාන්ගෙන් මිස් කෝල් විසි එකක්?? මොකක්ද දන්නෙ නෑ කේස් එක?"

"හලෝ? ගයාන්? මිස් කෝල් මහ ගොඩක්, මොකද?"

"හම්මේ යන්තන් ඇති සර්......මම දැන් පැය ගාණක ඉඳලා සර්ව ගන්න ට්‍රයි කරනවා..........කවී මිස් කෝල් කරාද?"

"නෑ ඇයි?........"

"සර් කවී මිස්ට කෝල් කරාද ඉරණමඩුවේ ඉඳන්?"

"නෑ බං! දවසම හිටියේ සිග්නල් නැති තැන්වල, මොකක්ද වෙලා තියෙන්නේ…?"

"සර්...දොලහට විතර කවී මිස් කෝල් කරලා කිව්වා සර් එයාට වැඩක් පැවරුවා, ඒකට යන්න එලියට බහිනවා කියලා...මිස්ගේ නිසාන් ලීෆ් එකේ බැටරි චාර්ජ් හොඳටම අඩුයි කියපු නිසා මම කාරෙක අරගෙන කොල්ලුපිටියේ චාජින් සෙන්ටර් එකට යන ගමන් හිටියේ. සෙන්ට් මයිකල්ස් එකේ චාර්ජ් මැෂින් එක කැඩිලා....මම මිස්ට කිව්වා පැය බාගයක් ඉන්න මම කාරෙක චාර්ජ් එකට දාලා කැබ් එකක් අරගෙන එන්නම් ඒකෙම යමු කියලා.......එයා බෑ කිව්ව......රහස් තොරතුරක් ගැන හොයන්න කියලා සර් කිව්වා,   හම්බුවෙන්න යන කෙනා මාත් එක්ක ගියොත් මග අරී කියලා, තනියම යන්න කිව්වලු....කියපු දේවල් සැකයි වගේ නිසා මම අනෙක් පැත්තට සර්ට ගත්තා, වැදුනෙ නෑ........ඒ නිසා මම චාර්ජ් කිරිල්ල පැත්තක තියලා වාහනේ හරවගෙන සෙන්ට් මයිකල්ස් එකට ආවා. ස්කූල් ට්‍රැෆික් නිසා ටිකක් වෙලා ගියා. එතකොටත් මිස් ගිහිල්ලා. මම එපාට්මන්ට් සෙකියුරි කැමරා බැලුවා. මිස් අළුපාට කාර් එකක නගිනවා පෙනුනා. හරියට දොර වහගන්නත් ඉස්සෙල්ලා කාර් එක ඇද්දුවා. වීදුරුත් කළු කරලා තිබුණේ.....මම හිතන්නේ අව්ඩි A3 එකක්…පාට මෙටැලික් සිල්වර්...නොම්බරේනම් පැහැදිලි නෑ....ඒත් බොනට් එකේ කොඩි කණුවක් තිබුනා. "

ගයාන්ගේ විස්තරය අවසන්වනවිට ජිත්ගේ සියොලඟ සලිතවී දහදියෙන් තෙත්ව සිටියා.

නිමා යැංගේ කල්ලිය, දසුන් පැහැරගනීමට එකට එක කිරීමට හා ඉදිරි ක්‍රියාමාර්ග නතරකර ගැනීමට කවීෂාව පැහැර ගන්නට ඇති බවයි ඔහුට සිතුනේ. අනුන්ගේ කටහඬින් දුරකථන ඇමතුම් දීමේ තාක්ෂණය ඔවුන් කලිනුත් යොදාගෙන තිබූ නිසා, එලෙසින්ම ඇයවද රවටා ගන්නට ඇති බව ඔහුට පැහැදිලි වුනා. ඔහු දිගුවේලාවක් නිහඬව සිටි නිසාදෝ දැඩි ලෙස පස්චාත්තාපයට පත්ව සිටි ගයාන් දුරකථනය විසන්ධිවුනා යයි සිතමින්;

"හ...හලෝ? සර්???"

"තමුසෙට මම කිව්වනෙ අයිසේ ඔය කෙල්ලව බලාගන්ඩ, එලියට බහින හැම මොහොතකම වෙපන් එකත්  අරගෙන එයා එක්ක යන්න කියලා...!!!"

"ඔව් සර් මම කිව්වා.......මිස්ගෙ ජීවිතේට අණතුරක් වෙන්න පුලුවන් කියලා ඉන්ටෙලිජන්ස් රිපෝට් තියෙනවා, බඩුවක් ගන්න ලඟ කඩේ කටවත් තනියම යන්න එපා කියලා......පහුගිය දවස් ටිකේම එහෙමයි වුනේ සර්…මිස්ට වැඩට එන්න වෙන්නේ නෑ, අසනීපයි කියලා ගත්ත මෙඩිකල් එකත් මිනිස්ට්‍රියට ගිහින් දුන්නේ මම.….මිස් මට එන්න නොකියා එපාට්මන්ට් එකෙන් එලියට බැස්සේ නෑ.....අද උදේ මිස් ජිම් එකට යනකොටත් මට කෝල් කරලා මාත් එක්ක ගියේ....මේ වැඩේටත් එලියට බහින්න ඉස්සෙල්ලා මට කෝල් කලේ ඒක වෙන්න ඇති....ඒත් සර් තනියම යන්ඩ කියලා ඕඩර් කලා කියපු නිසා මමත් බල කරේ නෑ........කෝකටත් කියලයි මම අනෙක් පැත්තට සර්ට කියන්න ගත්තේ........සර් කෝල් කරේ නැතිනම් කව්ද සර් කෝල් කරේ?? මිස් බොරුවක් කලාවත්ද?"

"හරි හරි........කළබල වෙන්න එපා.....ගයාන් දැන් කොහෙද ඉන්නේ?"

"මම සෙන්ට් මයිකල්ස් එපාට්මන්ස් ලඟ ඉන්නේ........කීයට හරි සර් එනකම් මෙතන ඉන්න කියලා මගෙ සී.ඕ කිව්වා..."

ආරක්ෂාව සඳහා කවීෂාව ඇයගේ මාලබේ නිවසෙන්, කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය අසල සෙන්ට් මයිකල්ස් මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව නැවැත්වීමට තීරණය වුනේ දසුන්ව රඳවා ගැනීමේ ක්‍රියාන්විතයටත් පෙරයි. දසුන් අතුරුදහන් වීමත් සමග සතුරා දැඩිලෙස කළබලවන බව ඔවුන් දැන සිටියා. ඊට දින කිහිපයකට පසු ඉරණමඩුවේ රහස් කඳවුර හඳුනාගෙන එයට පහරදීමට තීරණය කිරීමෙන් පසු කවී හා සන්දීප් යන සිවිල් වැසියන් දෙදෙනා රැකගැනීමේ අවශ්‍යතාවය තවත් දැඩිවුනා. සන්දීප්ට කොළඹ නාවික හමුදා නිළධාරී නිවස්නයේ ඉඩක් ලබාගත හැකිවූ අතර කවීෂාට කාන්තා නිළධාරී නිවස්නයක ඉඩ ලබාගැනීම ප්‍රමාදවන නිසා එතෙක් ඇයව, සන්නද්ධ බුද්ධි බලකාය සතු තවත් රක්ෂක නිවාසයක් තිබූ සෙන්ට් මයිකල් මහල් නිවාස සංකීර්ණයේ රඳවන්නට තීරණය කෙරුනා. ඇයගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස, VIP පුද්ගල ආරක්ෂාව පිලිබඳව විශේෂ පුහුණුවක් ලබාසිටි උප ලුතිනන් ගයාන්ව පත්කලේ බ්‍රිගේඩියර් ජනක විසින්මයි.


CHAPTER 10101 

කවීෂා අතුරුදහන්වී දිනකට පසු; පාන්දර 03.15, ආරක්ෂක අමාත්‍යාංශ නිවාස සංකීර්ණය, ස්කෙල්ටන් පාර, කොළඹ 05

කිසිදු හෝඩුවාවක් නොමැතිව කවීෂා අතුරුදහන්වී දැන් දිනක් ගතවෙලා. එදා මුළු රාත්‍රියේම නිදිවර්ජිතව කවීෂා පැහරගත් අව්ඩි A3 වාහනය සොයන්නට වෙහෙසවූ නමුත් එය සාර්ථකවුනේ නෑ. චීන ඇම්බසිය වෙත ලියාපදිංචිවූ වාහන පිලිබඳව මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ලියකියවිලි වල අව්ඩි A3 රථයක් තිබුණේ නෑ. ඒ නිසා එම වාහනය ව්‍යාජ තානාපති සේවා නොම්බර තහඩු සවිකරගෙන ක්‍රියාත්මක වෙන බවයි තිරණය වුනේ. කවීෂා පැහැර ගත්තේත්, දසුන් ලබාදුන් සූට්කේසය ලබාගෙන පිටව ගියේත් එකම අව්ඩි රථයක් බව එම වීඩියෝ පරීක්ෂාවෙන් තවුරු වුනා. එම වාහනය දුටුතැන අත්ඩංගුවට ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් රථවාහන අංශවලට නියෝග නිකුත්කොට තිබුණා.

කවීෂාගේ අතුරුදහන්වීමෙන් ඇතිවූ දැඩි පස්චාත්තාපයත් ඇය පිලිබඳව හෝඩුවාවක් සොයාගැනීමටත් නිදි වර්ජිතව වෙහසවීමත් නිසා ජිත්ට රාජකාරිවලින් ඉවත්ව විවේක ගන්නා ලෙස පෞද්ගලිකවම නියෝග කරන්නට බ්‍රිගේඩියර් ජනක දසනායකට සිදුවුනා.

සවස පහට පමණ සිය නිළනිවසට පැමිණි ජිත් හැඳසිටි ඇඳුම් පිටින්ම ඇඳට වැටුනේ කෙසේ හෝ පැය කිහිපයක්වත් නිදාගැනීමටයි. නිදිවර්ජිතව සිටින්නට උත්සහකිරීමෙන් හෝ, අනවශ්‍ය ලෙස පසුතැවිලිවීමෙන් පලක් නොවන බව ඔහු දැන සිටියා.

"කවී නුවණක්කාරි.......කොහොමහරි ජීවිතේ බේරගනියි....."ඔහුගේ යටිසිත කිව්වා. අඳුර වැටෙනවිට ඔහු ගැඹුරු නින්දට පිවිස සිටියා.

නොකඩවා හැඬවෙන දුරකථනය ඔහුව අපහසුවෙන් අවදිකලා.

"හලෝ??"

"කැප්ටන් ජිත්!.......අෂාන්.......ඉක්මණට පැලවත්තෙ සේෆ් හවුස් එකට එන්න.......අපි ඩේසි වූ අල්ලගත්තා......"

"ඩේසි වූ??..... ගෑණි ආයෙ ලංකාවට ආවද?"

"ඔව්.......සිංගප්පූරුවෙන් එන එමිරේට්ස් ෆ්ලයිට් එකේ පැසෙන්ජර් මැනිෆෙස්ට් එකේ (මගී නාමලේඛණය)  ගෑණි ඉස්සෙල්ලම ලංකාවට ආපු වෙලාවේ පාවිච්චි කරපු ජැස්මීන් ටෑන් කියන නම තිබුණා..ඒ නමින් එයා සිංගප්පූරුවේ පර්මනන්ට් රෙසිඩන්සි බළපත්‍රයකුත් අරගෙන තියෙනවා..ෆ්ලයිට් එක එහෙන් පිටත් වෙනකොටම මැනිෆෙස්ට් එක කටුනායක ඉමිග්‍රේෂන් එකට එනවනෙ......ඒවෙලාවෙ ඩියුටි හිටපු ඉමිග්‍රේෂන් ඔෆිසර් අපිට තොරතුර දුන්නා.......ප්ලේන් එක ලෑන්ඩ් කරපු ගමන්, ගේට් එකට ගන්න ඉස්සෙල්ලා අපේ ටීම් එකක් ප්ලේන් එක ඇතුලෙදිම ගෑණිව අල්ලගත්තා........දැන් පැලවත්තට ගෙනල්ලා...... බ්‍රිගේඩියර් කිව්වා ඔයා එනකන් ක්වෙෂ්චන් කරන්න එපා කියලා...."

"නියමයි!......මම දැන්ම එනවා......."බලාපොරොත්තු සුන්කරගනිමින් සිටි ජිත්ට නව පණක් ලැබුණා.


CHAPTER 10110 

රාත්‍රී 8.45, සන්නද්ධ බුද්ධි  අංශ රක්ෂක නිවාසය හා ක්ශේස්ත්‍ර මෙහෙයුම් කාර්යාලය, පැලවත්ත

Look mister….I told so many times to so many of your officers……...I don’t know where Miss Kaveesha is…
[මහත්මයා...මම මගෙන් ප්‍රශ්ණ කරපු හැම ඔෆිසර් කෙනෙකුටම කිව්වා මම මිස් කවීෂා ඉන්න තැනක් දන්නේ නෑ කියලා...]

I am Captain Jith…you will address me as captain…….How is that possible Miss Daisy Woo?? or shall I call you Jasmine Tan?? or is Sew Eng Khoo better for you?? Your group is behind this……..Do you have any idea what will happen to you if we handed you over to chinese authorities…...you will probably be hanged for treason…..? China is famous for hanging bad people.

[මම කැප්ටන් ජිත්…ඔබ මට කැප්ටන් කියා ඇමතීම හොඳයි...... කොහොමද එහෙම වෙන්නේ මිස් ඩේසි වූ? නැතිනම් මම ඔයාට ජැස්මීන් ටෑන් කියන්නද? සිව් එන්ග් කූ කියලා කිව්වොත් වඩා හොඳද? මේ ගෲප් එක ඔයාලගෙ.....ඔයාට නිකන් හිතනවද අපි ලඟ දැන් තියෙන තොරතුරු එක්ක ඔයාව චීන බළධාරීන්ට බාර දුන්නොත් ඔයාට මොකද වෙන්නේ කියලා? ඔයාට රාජ්‍ය විරෝධී වැඩකලා කියලා එල්ලුම් ගස් යන්න වෙනවා.....ලෝකේ වැඩියෙන්ම මිනිස්සු එල්ලලා මරන රට චීනෙ නේද?]

“කැප්ටන් ජිත්…….ඒ කණ්ඩායම දැන් කැඩිලා ගිහින්....ඇතුලේ බළඅරගලයක් වෙලා...මාස්ටර් යැන්ග් මැරුණට පස්සේ නිමා යැන්ග් හරිම භයානක තීන්දු ගන්න පටන් අරගෙන....දැන් ගෲප් එකේ සමහර බලවතුන් ඈත්වෙලා ඉන්නේ.......නිමා යැන්ග් හා එයාගේ හිතවතුන් ටිකදෙනෙක් යථාර්ථයෙන් ගිලිහිලා, හීන ලෝකයක් ජීවත් වෙනවා...ඔවුන්ට ඕනෑ චීනයයි තායිවානයයි අතර යුද්ධයක් ඇති කරන්න......ඒක ලෝක යුද්ධයක් විධියට ඇමරිකාවත් ඈඳෙන එකක් වෙයි කියලා එයාලා හිතන්නේ නෑ.....”

මේ ගැන මාස්ටර් යැන්ග් දැනගෙන හිටියටද?

ඔව් මම කිව්වා! එයා මට උපදෙස් දුන්නා කණ්ඩායම ඇතුලේම ඉඳගෙන වෙන දේවල් එයාට වාර්තාකරන්න කියලා

ඔයා ඇයි මාස්ටර් යැන්ග්ට හිතවත්? ඔයා හිතවත් වෙන්න ඕනෑ නිමා යැන්ග්ට නෙමෙයිද? එයා නේද ඔයාගේ වියදම් දරන්නේ?

මේ පැනය ඇසූ විගස ඇය නිහඬවුනා. ජිත් බාදා නොකර ඇයට කල් දුන්නා. විනාඩි කිහිපයක් නිහඬව සිටි ඇය ඔහු දෙස බලා.

ටෙරී යැන්ග්;  මම මාස්ටර් යැන්ග් කියලා අමතන කෙනා මගේ තාත්තා නිසා

මොනවා?

ටෙරී යැන්ග් කියන්නේ මගේම තාත්තා. නිමා දන්නේ නෑ. මගේ අම්මා හොං කොං වල. ඒකාලේ හොං කොං අයිති චීනෙට නෙමෙයි, මහා බ්‍රිතාන්‍යයට. අවුරුදු 17දී අම්මා මැන්චෙස්ටර් නුවරට ගියා රංග කළාව ඉගෙන ගන්න. එයාට ඕනෑ වෙලා තියෙන්නේ ඔපෙරා ශිලිපිණියක් වෙන්න. මාස්ටර් යැන්ග් ඒකාලේ - ඒ කියන්නේ 1988 අවුරුද්දෙ - මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අම්මා ඒකාලේ වියදම් හොයාගන්න කැෆේ එකක වැඩකරලා තියෙනවා. මාස්ටර් යැංග්ට  මගේ අම්මා හමුවෙන්නේ ඒ විධියට. ඒ සම්බන්දෙන් පස්සේ අම්මා ගැබිණියක් වුනා. මාව හම්බුවෙලා මාස කීපයකින්, මාස්ටර් යැංග් ඒ කියන්නේ මගේ ජීව ජීවවිද්‍යාත්මක තාත්තා අධ්‍යාපනය අතහැරලා ආයෙ චීනෙට ගියා, අම්මවයි මාවයි ගෙන්න ගන්න කටයුතු ලෑස්ති කරන්න. ඒත් අපිව ගන්න ඉස්සෙල්ලා අම්මා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. මට මාසය හයක් වත් නෑ. බළධාරීන් මාව අනාත නිවාසෙකට බාර දීලා. මම චීන දරුවෙක් නිසා මාව හදාගන්න බාර ගන්න කවුරුත් කැමතිවෙලා නෑ. මම හැදුනේ අනාත නිවාසවල. තාත්තට මාව හොයාගෙන එන්න පුලුවන් කමක් තිබිලා නෑ. ඒ අතරේ එයාගෙ දෙමව්පියන්ගේ බලපැමට එයා චීන කොමියුනිස්ට් පක්ෂයේ බලසම්පන්න නිළධාරියෙක්ගේ දුවෙක්ව කසාද බැඳලා. නිමා යැංග් ඒ විවාහයේ දරුවා.

මාමාගේ සම්බන්ධකම් උඩ මාස්ටර් යැන්ග් ව්‍යාපාරිකයෙක් වෙනවා. බොහොම දක්ෂ නිසා ප්‍රකෝටිපතියෙක් වෙනවා. එයා එන්ගලන්තෙට ආපු හැම සැරේම මාව හොයලා තියෙනවා. කොහොම හරි මට අවුරුදු 15 වෙනකොට එයා මාව හොයාගත්තා. එයා එයාගේ ජීවිතේ ගැන හැම දේම කිව්වා. අඬ අඬා මගෙන්  සමාව ඉල්ලලා එයත් එක්ක චීනෙට එන්න කිව්වා.  මට එන්ගලන්තෙ ජීවිතෙයි, සුද්දන්ගේ ජාතිවාදී කෙනෙහිලියි එපා වෙලා හිටියේ. මම කැමතිවුනා. චීනෙට ගියාට පස්සේ මම හමුදවට බැඳෙන්න ඉල්ලුම්කලා. ඒත් මම මුලු ජීවිතේම වගේ එන්ගලන්තෙ හිටපු නිසා ඔවුන් කැමතිවුනේ නෑ. පස්සේ මගේ තාත්තා, මාස්ටර් යැන්ග් එයා දන්න උසස් MSS නිළධාරියෙකුට මාව හඳුන්වල දුන්නා. එයා කැමතිවුනා මාව MSS එකට බඳව ගන්න.

නිමා ‍යැන්ග් සමාගමට  බැඳිලා චීන හමුදාවට ආයුධ නිර්මාණයට අතගහනකොට මාස්ටර් යැංග් මට එයාට උදව්කරන්න කිව්වා. නිමා මම මාස්ටර් යැංගේ දුව බව නොදැන සිටියත් මාව විශ්වාස කරන්න කියලා උපදෙස් දීලා තිබුණ නිසා නිමා මට හිතවත් වුනා. ඒවගේම මට MSS එක ඇතුලේ තැනක් තිබුණ නිසාත්, නිමා යැන්ග්ව ඔවුන්ගේ සැලසුම් වලට අත්‍යාවශ්‍ය නිසාත්, නිමාගේ විශ්වාසවන්ත MSS ඒජන්තවරිය වුනු මාවත්  ඇතුලේ බිහිවුනු රහස් කණ්ඩායමට ඇතුලත් කරගෙන තිබුණා. නිමා ඒ කණ්ඩායමේ අරමුණු වෙනුවෙන් ව්‍යාපාරික කටයුතු මෙහෙයවන්න ගත්තා.

ඒ කණ්ඩායම නියෝජනය කරන ව්‍යාපාරිකයින් ලංකාවේ විශාල ආයෝජන වලට සම්බන්ධයි. ඔවුන් මෙහෙයුම් සැලසුම් කරන්න ලංකාව තෝරගත්තේ චිනෙට බොහොම හිතවත්, චීන ආයෝජන මත යැපෙන දුර්වල රටක් නිසා. මම දසුන් වීරකෝන්ව මගේ දැලට අහුකරගත්තේ ඔවුන්ගේ උවමනාවට. මගේ සැළසුම නිසා ලංකාවේ රජයේ ඉහලම, රහස්‍යම තොරතුරු මේ කණ්ඩායමට යන්න පටන් ගත්තා.

ඔයාලගෙ ගෲප් එක මොකටද රේල් ගන් එකක් ලංකාවේ හැදුවේ?

ප්ලේන් එකක් බිම දාන්න. සාමාන්‍ය ප්ලේන් එකක් නෙමෙයි, තායිවානේ ජනාධිපති යන ප්ලේන් එක.

මොනවා?? ඔයාලා ලංකාවේ ගුවන්සීමාව ඇතුලේ තායිවාන් ජනාධිපති මරන්නද සැලසුම් කරන්නේ?

නෑ නෑ ලංකාව උඩින් යන කොට නෙමෙයි. අන්තර්ජාතික මුහුදු සීමා උඩින් යනකොට. ලංකාවෙ හැදුවේ චීන බලධාරීන්ගෙන් බේරිලා හදලා ටෙස්ට් කරන්න ඕනෑ නිසා. ටෙස්ටිං එක සාර්ථකව කෙරුනා. ‍Y12 බිම දැම්මේ ඒකෙන් වෙඩිතියලා. ඒක ඔයාලා දැනටමත් දන්නවෙනෙ. ටෙස්ටින් එකෙන් පස්සේ අවස්ථාව උදාවුන ගමන් චීන පාලනේ යටතේ තියන හම්බන්තොට වරායෙන් පිටකරන්න සැලසුම් කරා. සැලැස්ම වුනේ නැවක ඉඳන් වෙඩි තියන්න. අපිට තායිවාන් ජනාධිපති ගමන් කරන යානාවේ ගමන් මාර්ගවල රහස් තොරතුරු තායිවානේ අපේ හිතවතුන්ගෙන් එනවා. ඒ නිසා ප්ලේන් එක උඩින් යන තැනකට අපේ නැව ස්ථානගත කරන්න පුලුවන්. අපේ තාක්ශණවේදීන් රේල් ගන් එක හදලා සීරුමාරු කිරීම් සියල්ලම නිවැරදිව කරලා තිබුනේ.

ඒත් අපි හිතුවේ නෑ, ලංකාවේ බුද්ධි අංශ මේවා හොයාගනී කියලා. මෙහෙම කියනවට තරහා වෙන්න එපා. ලංකාවේ බුද්ධි අංශ ගැන MSS එකට තිබුනේ බොහොම අඩු තක්සේරුවක්.......ඒත් අපි වැරදියි......ඔයාලා ඇත්තටම දක්ශයි. ඔයාලා දසුන්ව වගේම, මාව කොටුකර ගත්තා. මම එදා මත්තලට ආපු එකත්, දසුන්ට දුන්න බ්‍රීෆ්කේස් එක ගැනත් ඔයලා දන්නවා. ඒවගේම අපි කවදාක්වත් හිතුවේ නෑ ඔයලාට ඉරණමඩු මහ කැලේ මැද්දේ තිබුණ අපේ රේල්ගන් සයිට් එක හොයාගන්න පුලුවන් වෙයි කියලා. MSS එකට මින් ඉදිරියට ලංකාවේ බුද්ධි අංශ ගැන අලුතින්ම හිතන්න වෙනවා.

ඇයි ‍Y12 ෆ්ලයිට් එකම තෝර ගත්තේ? විශේෂ හේතුවක් තියෙනවද? නැතිනම් අහඹුලෙස තෝරා ගත්තද?

ඔයාලගෙ ඩීට්‍රා ටීම් එක අපූරු තාක්ෂණයන් වගයක් දියුණු කරනවා කියලා MSS එකට ඉව වැටිලා තිබුණේ. සෙන්ටාරිස් එක ඊටත් වඩා උනන්දුවුනා ඒ තාක්ෂණය ගැන දැනගන්න. ඒ නිසා MSS එකට කලින් ඒ තාක්ෂණය සෙන්ටාරිස් එකට ගන්නයි අපි ‍Y12 වට්ටන්න තීරණය කලේ. සෙන්ටාරිස් එකට ඕනෑ වුනේ ඩීට්‍රා ටීම් එක හදපු තාක්ෂණය සොරාගෙන ඊට පස්සේ ටීම් එකම විනාශකරලා දාලා ප්‍රොජෙක්ට් එක නවත්වන්න. ‍Y12 කඩා වැටිලා ටීම් එකම මැරිච්ච වෙලාවේ තිබුණු කළබැගෑනිය අස්සේ සෙන්ටාරිස් හැකර් ටීම් එකක්, ඩීට්‍රා ප්‍රොජෙක්ට් එකේ කොම්පියුටර් හැක් කරලා එයාලා හදලා තිබ්බ AI මෘදුකාංග, තාක්ෂණික දත්ත, පරීක්ෂණ ප්‍රතිපල, මේ ඔක්කොම හොරා ගත්තා. බිහිසුණු වුනත් ඒ අතින් නිමා යැංග් හරිම දක්ෂයි. ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. රේල් ගන් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා තහවුරු කරගත්තා. ඒවගේම ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා, අවුරුදු ගාණක් මහන්සිවෙලා උපදවාගන්න ඕනෑ තාක්ෂණය සෙන්ටාරිස් එකට නිකන්ම වගේ ලැබුණා.

තමුසෙලා මහ නරුම මිනිස්සු. මිනිස් ජීවිත ගැන තුට්ටුවකටවත් සලකනවද තමුසෙලා?

අපි විතරද? සී.අයි.ඒ එක, එම්.අයි 6 එක, මොසෑඩ් එක මිනීමරන්නේ නැද්ද? තාක්ෂණය හොරකම් කරන්නේ නැද්ද? එයාලා දියුණු රටවල් වුනේ අපේ රටවල් කොල්ල කාලා තමයි. අපි කෙරුවොත් වැරදියි, එයාලා කෙරුවොත් හරි…චීනෙ වට්ටන්න බටහිර රටවල් නොකරන්නේ මොනවද?....

කෝ දැන් රේල් ගන් එක?

හම්බන්තොටින් එලියට ගියා. ඒ නැව තියන තැන ජී.පී.එස් දත්ත තියෙන්නේ නිමා යැංග් ලඟ.

මට කවීෂා ඉන්න තැන කියන්න....එයා තවම ට්‍රේනී කෙනෙක්. මාස හයක් නෑ මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට වැඩකරන්න පටන් අරගෙන....

“කැප්ටන්....., ඔයා, මම, කවීෂා...අපි ඔක්කොම අපේ රටවල් වෙනුවෙන් බිහිසුණු දේවල්, නීතිවිරෝධී දේවල් කරනවා, ඒත් අපි අතරත් ආචාරධර්ම තියෙනවානේද?......MSS එක කවදාක්වත් අපේ රටට කෙලින්ම ද්‍රෝහී නොවුනු, නැතිනම් බරපතල අපරාධයක් නොකරපු වෙනත් බුද්ධි අංශ සාමාජිකයින් මරලා දාන්නේ නෑ. එයලා කරන වැඩ අපි කඩාකප්පල් කරනවා, ඒක අපේ රාජකාරිය......ඒත් නිකරුනේ වෙන බුද්ධි අංශෙක නිළධාරියෙක්ගේ ජීවිතය නැතිවෙන වැඩ අපි කරන්නේ නෑ....මම බලකිරීමක් නැතුවම මෙච්චර දේවල් කිව්වා......ඔය ගෑණු ළමයා ඉන්න තැන දන්නව නම් මම කියනවා.........මම කවීෂා ගැන දන්නේ නෑ...මේ ඇත්ත”

“හම්ම්.....මම හිතන්නේ අපි ලොකු වටයක් ගිහිල්ලා හරි තැනට ආවා. මට කියන්න මේ හැම දෙයක්ම මේ විදියට කියලා දාන්නේ ඇයි  කියලා. කිසිම කේවල් කිරීමක් නෑ, කිසිම කොන්දේසියක් නෑ, කිසි ඉල්ලීමක් නෑ....ටැප් එක ඇරියා වගේ කියාගෙන කියාගෙන යනවා? ඇයි මේ? අපිව නොමග යවන ප්ලෑන් එකක් නේද? “

“මදක් නිහඬව සිටි ඩේසි වූ ජිත් දෙස බැලුවා....ඇයගේ දෑස් තෙත් වී ඇති සැටි ඔහු දුටුවා.........කැප්ටන් ජිත්, මම මේ ඔක්කොම කිව්වේ, මගේ තාත්තා මට අන්තිමට දීපු උපදෙස ඒක නිසා. එයා මැරෙන්න ඉස්සෙල්ලා මට කිව්වේ නිමා යැන්ගේ වියරු සැළැස්ම කොහොම හරි නවත්වන්න නැතිනම් ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙන්න පුලුවන් කියලා.......මට මේවා MSS එකේ ඉහල තැන්වලට කියන්න බෑ....මාව අත් අඩංගුවට අරගෙන හිරේ දායි. පැය විසිහතරක් යන්න ඉස්සෙල්ලා නිමාගේ මිනිස්සු මාව හිර කූඩුවෙම මරලා දායි.........”

ඇය කඳුලු පිස දමද්දී ජිත් ඇයට ටිෂූ කොළයක් දිගුකලා.

“මම මගේ රටට ගොඩක් ආදරෙයි.....මම කවදාක්වත් වෙයි කියලා හිතපු නැති දෙයක් කියන්නද?.......ඒ තමයි මහා සාගරයක් වගේ ලොකු චීනයේ අනාගතය බේර ගන්න එක පුංචි ලංකාවේ මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට කරන්න වෙයි කියන එක..........මම කියන දේවල් වලින් කරන්න පුලුවන් දේ කරන්න........ඒක ඉෂ්ඨවුනාට පස්සේ මාව චීනෙට බාර දෙන්න......මම මැරෙන්න කැමති මගේම රටේදී...”

“දසුන්ට දීපු බ්‍රීෆ් කේස් එකේ මොනවද තියෙන්නේ?”

"මම හිතන්නේ නෑ ඔයා විශ්වාස කරයි කියලා......."

"ඔයා මට කියනවා, ඔයාලා තායිවානේ ජනාධිපති මරන්න සැලසුම් කරනවා කියන එක විශ්වාස කරන්න කියලා.........මේකත් කියලා බලමුද ඩේසි?"

"මගේ තාත්තාගේ විඥාණය......එයාගේ මතකයන්.......එයා දන්න සියලුම දේ.......කොටින්ම එයාගේ මුලු ජීවිතයම.......එයා මැරෙන්න ඉස්සෙල්ලා අපි ඒවා ඩිජිටල් ක්‍රමයට ග්‍රහණය කරගත්තා.........ඒ තාක්ෂණය නිමා යැන්ගේ තවත් අපූර්ව නිර්මාණයක්.........කල්පිතයක් විධියට තිබුණු දෙයක් ඇත්තටම හදන්න එයාට පුලුවන් වුනා.......ඒත් එයා ඒක හැදුවේ අපේ තාත්තාට නෙමෙයි.....එයාට සදාකාලිකව ජීවත්වෙන්න ක්‍රමයක් විධියට.....මට ඒ තාක්ෂණය ගැන විස්තර කරන්න තේරෙන්නේ නෑ......ඒත් මගේ තාත්තාව ඒ විධියට පරිවර්තනය කරන්න උපකාරීවුනු තාත්තාගේ හිතවත්ම පරිගණක විද්‍යාඥයා මට කියලා දීපු විධියට  මොළයේ බිලියන ගණනක් නියුරෝනවල රැඳී තිබුණු මතකයන්, හැඟීම් හා සිතුවිලි, ඩිජිටල් ක්‍රමයට ස්කෑන් කරලා, ඒ පිටපත කෘත්‍රිම බුද්ධි මෙහෙයුම් පද්ධතියක් ඇතුලේ යලිත් ක්‍රියාත්මක වෙන්න පුලුවන් විධියට නිර්මාණය කරපු මහ අපූර්ව තාක්ෂණයක්…..ඒ බ්‍රීෆ් කේස් එක ඇතුලේ ඒ මතකයන් වගේම කෘත්‍රිම බුද්ධි මෙහෙයුම් පද්ධතිය ගබඩා කරලා තිබුණා. හැබැයි, ඒ මතකයන් හා විඥාණය හරිම අස්ථාවරයි...වැඩිකල් ගබඩාකරලා තිබුණම ඒවා වියැකෙනවා කියලයි කිව්වේ.....ඒ නිසා ඒවා යලිත් මිනිස් මොළයකට ඇතුලු කරන්න ඕනෑ.....මම දන්නේ එච්චරයි....."

"ඇයි ඉතින් ඕක ලංකාවට ගෙනාවේ?"

"නිමා කැමතිවුනේ නෑ තාත්තාගේ මනස ඒ විධියට සුරක්ෂිත වෙනවට.......එයා බලාපොරොත්තුවුනේ තාත්තාගේ ඉක්මණ් මරණය.....ව්‍යාපාරවල සම්පූර්ණ බලය එයාට අයිතිවෙන්නේ එතකොට......ඒත් අපි තාත්තාගේ මරණයට ඉස්සෙල්ලා නිමාට හොරෙන් ඔහුගේ මනසේ ඩිජිටල් පිටපතක් ගත්තා.......ඒක ආරංචිවුන ගමන් නිමා ටීම් එකක් එව්වා ලැබ් එක විනාශ කරන්න......අපි බේරුණේ අනූනවයෙන්....තාත්තාට ඕනෑ වුනේ ඔහුගේ මතකයන් මට ලබාදෙන්න, ඒත් නිමා ලැබ් එක විනාශකරපු නිසා ඒක කරගන්න ලැබුණේ නෑ.......ඊට පස්සේ මම කෙලින්ම තාත්තාගේ හිතවත්ම බොඩිගාර්ඩ් එක්ක ප්ලේන් එකක් කුලියට අරගෙන ලංකාවට ආවා.... තාත්තා මට කියලා තිබුන විධියට මම කෙනෙකුව සම්බන්ධ කරගත්තා...එයා තමයි බ්‍රීෆ්කේස් එක ගේන්න ඕනෑ තැන මට කිව්වේ....එයා කව්ද කියලා මම දන්නේ නෑ.......තාත්තාගේ පැරණි හිතවතෙක් හා විශ්වාසවන්තයෙක් කියලා විතරයි දන්නේ....."


CHAPTER 10111 

ඩේසි වූගේ පාපෝච්චාරණයෙන් පැය 18කට පසු; ජනාධිපති මන්දිරය, කොළඹ 01

චීන තානාපතිවරයා ජනාධිපති මන්දිරයට කැඳවා, සන්නද්ධ බුද්ධි අංශය සොයාගෙන තිබූ සියලුම තොරතුරු ඔහුවෙත හෙලිකලේ ජනාධිපතිවරයා හා මේජර් ජනරාල් ලියනගේ ඉදිරියේ බ්‍රිගේඩියර් ජනක දසනායකයි. ජිත්, අෂාන්, සන්දීප් හා විදූෂ වෙනත් කාමරයක සිටි අතර, මාංචු දැමූ ඩේසි වූ හමුදා ආරක්ෂාව සහිතව තවත් කාමරයක රඳවා සිටියා. තොරතුරු හෙලිකිරීමෙන් පසු බලවත් ලෙස වික්ෂිප්තවූ චීන තානාපතිවරයා ඩේසි වූ හා කතා කිරීමට අවශ්‍ය බව කිවූ අතර ඒ කතා බහ තමන් ඉදිරියේ සිදුවිය යුතු බවත්, චීන පරිවතකයෙකු තමන්ට ඒ කතා බහ පරිවර්තනය කල යුතු බවත් ජනධිපති වරය දන්වා සිටියා. එයට එකඟවූ නිසා චීන තානාපතිවරයා, ජනාධිපති වරයා හා ඔහුගේ චීන භාශා පරිවර්තකයා ඩේසි වූ ගෙන් ප්‍රශ්ණ කිරීමේ සැසියට සහභාගීවුනා. බ්‍රිගේඩියර් දසනායක හා මේජර් ජෙනරාල් වෙනත් කාර්යාලයක සිට විඩියෝ හරහා ඒ කටයුත්ත දැකබලා ගත්තා.

පැය තුනකට අධික කාළයක් ගතවූ අතර ජිත් ඇතුලු පිරිස සිටි කාමරයේ දොර විවර කරගෙන චීන තානාපතිවරයා ඇතුලුවුනා. සියලු දෙනාටම අතට අතදී ආචාර කල ඔහු;

"අපේ රාජ්‍ය නායක ගරු සී ජින් පිංග් මැතිතුමා, එතුමාගේ පෞද්ගලික ස්තූතියත්, චීන රජයේ ගෞරවණීය ස්තූතියත් ඔබලාට ලබාදෙන්න කියලා මට නියෝගකලා. ඔබලා මේ කල මහඟු සේවය චීන රජය හා ජනතාව කිසිම ලෙසකින් අමතක කරන්නේ නෑ. අප ඔබට ණය ගැතියි...."

සියල්ලන්ටම අතට අතදී ආචාරකල චීන තානාපතිවරයා, ඈතින් බලාසිටි බ්‍රිගේඩියර් ජනක දසනායකටද යලිත් ආචාර කොට පිටව ගියා. 

"ප්‍රසිඩන්ට් ඔයාලව මුණගැහෙන්න බලාගෙන ඉන්නවා....මේජර් ජෙනරල් ලියනගේ එතුමා එක්ක ඉන්නවා....යමු..."කියමින් සියලුදෙනාම කැටුව ජනාධිපති නිළ කාර්යාලයට ගියා.

"සර්, ඩේසි වූ??"

"ඇම්බැසඩර්ට, ඩේසි වූ එක්ක වහාම බීජිං වලට එන්න කියලා එහෙන් නියෝග ඇවිල්ලා. දැන් මෙහෙන් පිටවුනේ කෙලින්ම එයාපෝට් යන්න.

"අපි තාම කවී ඉන්න තැන දන්නේ නෑ......එයාව හොයාගන්නේ කොහොමද....??"

බ්‍රිගේඩියර් ජනක මුනිවත රැක්කා.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් සියලු දෙනා නොනිල  භෝජන සංග්‍රහයකට සහභාගී වන්නට එකඟ වුනත්, දැඩි සිත් වේදනාවෙන් සිටි ජිත් එය කාරුණිකව ප්‍රතික්ෂේප කලා. බ්‍රිගේඩියර් දසනායක විසින් ජනාධිපතිවරයාට කල පැහැදිලි කිරීමෙන් පසු ඔහු ජිත්ට අතට අතදී සුබ පතා "බය වෙන්න එපා පුතා....... ඒ ළමයව හම්බුවෙයි...!"යනුවෙන් පවසා පිටව යන්නට අවසර දුන්නා.


ජිත් ඔහුගේ පික්අප් රථයට නැගී ගාලු මුවදොර පාරේ පදවාගෙන යන්නට වුනා. යන්නේ කොහාටදැයි ඔහුට හැඟීමක් තිබුණේ නෑ. මේ වනවිට කවීෂා ජීවතුන් අතර සිටීම අවිනිෂ්චිත බව ඔහුට වැටහී තිබුණා. අතුරුදහන්වූ පුද්ගලයෙකුගෙන් පැය 72කට පසුවත් තොරතුරක් නැතිනම් ඔහු/ඇය දැඩි අවදානම් තත්වයක සිටින බවට සළකන්නට පොලිස් රහස් පරීක්ෂකයින් තීරණය කරනවා. කවීෂා කිසිදු තොරතුරක් නැතිව අතුරුදහන්වී දැන් පැය 72ක් පසුවෙලා. නිමා යැංගේ රහස් කල්ලිය මර්ධනය කිරීමේ ක්‍රියාන්විත චීන ආරක්ෂක අංශ විසින් ඉක්මණින් අරඹනු ඇතැයි ජිත් බලාපොරොත්තු වුනා.

හෙලිවූ තොරතුරුවලින් දැඩි කම්පණයට පත් චීන තානාපති වරයා කෙලින්ම චීන ආරක්ෂක ඇමති හා ජනාධිපති ඇමතීමෙන් පසුව ගතයුතු සියලුම පියවර ගැනීමට නියෝග ලැබුණු බව ජනාධිපති වරයා පවසා සිටියා. මේ සියලු තොරතුරු අතිශය සංවේදී රහස්‍ය තොරතුරු ලෙස සළකන බවට ප්‍රතිඥාවක් අත්සන් කිරීමට ඔවුන් සියල්ලටම සිදුවුනා. මේ තොරතුරු හෙලිදරව්වුව හොත් චීනයට දැඩි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා නිසැකයි. එමගින් චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට සිදුවිය හැක්කේ මකා නොදැමිය හැකි හානියක්. චීනයේ ජාතික බුද්ධි සේවය තුල, තායිවාන ජනාධිපතිවරයා මරා දැමීමට කුමණ්ත්‍රණයක් සිදුවීම චීනයේ අභ්‍යන්තර ආරක්ෂාවට මෙන්ම, චීනයේ බුද්ධි අංශ හා හමුදා අංශ පාලනයෙන් ගිලිහී ඇති බවට සැක පහලවෙන්නට පුලුවන්. 

එමෙන්ම සෙන්ටාරිස් වැනි දැවැන්ත චීන සමාගම් මේ කුමණ්ත්‍රණවලට කෙලින්ම පැටලීම, චීන සමාගම්වලට සිය ප්‍රධාන වෙළඳපොලවල් වන බටහිර රටවල දොරටු වැසීයාමට හේතුවන්නට පුලුවන්. දැනටමත් හුවාවී, ලිනෝවෝ, ZTE වැනි චීන සමාගම් වලින් කිසිදු උපකරණයක් මිළදී නොගැනීමට ඇමරිකානු රාජ්‍ය අංශ තීරණය කර තිබෙනවා. මේ කුමණ්ත්‍රණ තොරතුරු හෙලිවුනහොත්, යුරෝපීය රජයන් පමණක් නොව ආසියාවේ දියුණු රටවල් පවා ඇමරිකන් රජය ගත් පියවරම ගන්නට ඉඩ තිබෙනවා. එය චීන ආර්ථිකයට මරු පහරක් වෙනවා නිසැකයි.

රථය සිනමන් ග්‍රෑන්ඩ් හි ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය වෙත පැදවූ ජිත් එහි රථගාලේ වාහනය නවත්වා, පහල බේස්මන්ට් මහලේ පිහිටි කීල්ස් සුපර් සුපිරි වෙළඳ සැළවෙත ගියේ ඉන්ටර්නෙට් බිල ගෙවාදැමීමේ අදහසින්. බිල ගෙවන අතරේ සාක්කුවේ තිබූ දුරකථනයට වට්ස්-ඇප් පණිවුඩයක් ලැබුණු බවට සංඥාවීම නිසා එය ගෙන පරීක්ෂාකල ඔහුට නාඳුනන විදෙස් දුරකථන අංකයකින් එවූ පණිවුඩයක් දකින්නට ලැබුණා. එහි;

“Congrats Jith!!!....... You guys did it!!!…. xkyaxtye    https://bit.ly/2knkMnvg

අත්සන ලෙස යොදා තිබුණු xkyaxtye දෙස මොහොතක් බලාසිටි ජිත්ට එහි x y අකුරු අතරින් kate පැහැදිලි වුනා. 

"ම්ම්ම්..... MI6 එකේ කේට් සුබ පතනවා..එයාලට මෙච්චර ඉක්මණට ආරංචි වෙලාද?..මොකක්ද දන්නේ නෑ ලින්ක් එක?..."  දක්වා තිබූ ලින්ක් එක මත ක්ලික් කලවිට, චීන සින්හුවා ප්‍රවෘත්ති සේවය මගින් නිකුත් කල ට්විටර් පණිවුඩයක් දිස්වූවා.


"හහ්........දූෂණ විමර්ෂණයක්..........MSS එකේ කුමණ්ත්‍රණකාරයෝ අත් අඩංගුවට ගන්නේ දූෂණ චෝදනා කියලා.........මෙහෙ වගේම තමයි එහෙනම් චීනෙත්..."සිතූ ජිත් දුරකථනය යලිත් සාක්කුවේ දාගත්තා.

"මේ සතුට බෙදාගන්න කවී හිටියනම් කොච්චර හොඳද....?"

බිල ගෙවාදැමූ ජිත් අරමුණක් නොමැතිව ක්‍රෙස් කැට් සාප්පු සංකීර්ණයේ ඔහේ ඇවිද ගියා. අතරමග කැමරා හා උපාංග වෙළඳසැළක් දැක නැවතුනු ඔහු, එහි ප්‍රදර්ශණයට තබා තිබූ කැමරා මාදිලි පරීක්ෂාකලා. පාසැල් යන කාළයේ ඡායාරූපකරණය ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වුනා. ඔහුගේ බලාපොරොත්තුව වුනේ පාසැල් ගමන අවසන්වූ පසු වනජීවී ඡායාරූප ශිල්පියෙකු වීමයි. වනජීවී ඡායරූපකරණය ආදායමක් නැති, වියදම් අධික විනෝදාංශයක් නිසා ඡායාරූප ශාලාවක් පටන්ගෙන, මංගල උත්සව ආවරණය කිරීමෙන් වියදම් පියවාගැනීමට ඔහු සැලසුම් කොට තිබුණා.

ඒ සියල්ල වෙනස් වුනේ 2006දී සතරවන ඊළාම් යුද්ධය දරුණුව ආරම්භවීමත් සමගයි. උසස්පෙල විභාගයේ අවසන් ප්‍රශ්ණ පත්‍රය ට පිලිතුරු ලියා ඉවරවුනු සැනින්ම ඔහුට සිය බාප්පාගේ අවමංගල්‍යයට සහභාගී වන්නට සිදුවුනා. යුධ හමුදා කොමාන්ඩෝ නිළධාරියෙකුව සිටි ඔහු ක්‍රියාන්විත රාජාකාරියේදී මියගොස් තිබුණා. මාස කිහිපයක් යන්නට පෙර තවත් පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු හා ඔහුගේ පාසැලේ යහලුවන් කිහිපදෙනෙකුගේම හමුදා පියවරුන් යුද්ධයට බිලිවූ අතර, ඡායාරූපකරණ සිහිනය පසක තැබූ ඔහු, සිය දෙමව්පියන්ගේ විරෝධයද නොතකා ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට බැඳුනා.

සිතිවිලි සයුරේ ගිළීසිටි ඔහුට සිය දුරකථනයේ නාදය ඇසෙන්නට මදක් පමාවුනා.

"කැප්ටන් ජිත් මේ කෝලිත.....ඔයා කොහෙද ඉන්නේ? අනෙක් අයගෙ ෆෝන් ඕෆ් කරලා......."

"එයාලා තාම ප්‍රසිඩෙන්ට්ස් හවුස් එකේ ඩිනර් එකක, මම බෑ කියලා ආවා.....ඇයි කෝලිත?"

"කවීගේ ෆෝන් එක දැන් විනාඩි 10කට කලින් ඇක්ටිව් වුනා.....අපි එයා නැතිවෙච්ච දවසෙ ඉඳලම ඒකෙ සිග්නල් එකට ස්කෑන් කරකරයි හිටියේ......හදිස්සියේම ඇක්ටිව් වුනේ......"

"ඇත්තද..? එයාගේ ෆෝන් එක කොහෙද කියලා ට්‍රේස් කරන්න පුලුවන්ද?"

"ටිකක් වෙලා යනවා........ඔයා ඔයාගේ ෆෝන් එක අතේම තියාගෙන ඉන්න..."

"හරි හරි....ඉක්මණට හොයන්න...."කියූ ජිත් ඉක්මණ් ගමනින් රථගාල වෙත පිය නගන්න වුනා...."

වාහනය ක්‍රෙස්කැට් පරිශ්‍රයෙන් ගාලු පාරට දමන විටම කෝලිතගෙන් යලිත් ඇමතුමක් ආවා.

"ජිත් ට්‍රේස් කරා........ෆෝන් එකේ ලොකේෂන් එක විධියට පෙන්නන්නේ මැරයින් ඩ්‍රයිව් එකේ වැල්ලවත්ත KFC එක ලඟ....ඔයා ඉන්නේ කොහෙද?..."

"මම ගාලු පාරේ ක්‍රෙස් කැට් එක ලඟ.....විනාඩි පහෙන් ගිහෑකි......"

"අපි ෆෝන් එකට කෝල් කරා ආන්සර් කරන්නේ නෑ...."

විදුලි වේගයෙන්  රථය පැදවූ ඔහු කොල්ලුපිටිය මංසන්ධියෙ ආලෝක සංඥා මායිම් නොකොට එක් අතකට දිවෙන මාවතේ වැරදි පැත්තෙන් දකුණට  හරවා කෙලින්ම ස්ටේෂන් පාරට දැම්මා. ඒ අසල රාජාකාරියේ නිරතව සිටි රථවාහන පොලීසියේ රාළහාමිලා ගේ විසිල් හඬ ඇසෙන්නට වූ අතර ඒ කිසිවක් නොතැකූ ඔහු අධික වේගයෙන් ගමන්කලා.

"ෆෝන් එක විසිකරලා ගියාද දන්නේ නෑ........ඒත් ඔන් කරේ ඇයි?......."

වැල්ලවත්ත OZO හෝටලය පසුකරන විටම දුරකථනය නාද වුනා.....එහි අමතන්නා ලෙස "Kaveesha"දිස්වී තිබුණා.

"හලෝ!! කවී??..."

"ජිත්!! ………….ඔයා කොහෙද?......."ඇයගේ කටහඬ බොහෝ දුර්වල බවයි දැනුනේ


"මම මේ ලඟ ඉන්නේ ....විනාඩි දෙකයි......ඔයා කොතනද???"


" KFC එකක් පේනවා...කොහෙ එකද දන්නේ නෑ.......මම ඉන්නේ කාර් එකක..අව්ඩි එකක්...බහින්න බෑ ඇඟට පණනෑ...."


"ඔහොම ඉන්න කවී......මට කාර් එක පේනවා.....ඔයාට මගේ පිකප් එක පේනවාද?"

"ම්ම්ම්.......ඔව්....ඔව්.....ඉක්මණට එන්න ජිත්....මගේ ඔළුව කැරකෙනවා..."


CHAPTER 11000 

තෙමසකට පමණ පසු......අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක.

තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු කපිතාන් ජිත් ගුණවර්ධන සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි.

ඇය ඔහුට පිටුපා විශාල පරිගණක තිරයක් ඉදිරිපිට අසුන්ගෙන සිටියා. එය මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලක ටර්මිනලය බව ජිත්ට වැටහුනා. ඇයගේ අතැඟිලි කීබෝඩය මත විදුලි වේගයෙන් ඒ මේ අත යන ආකාරය පැත්තකින් ඇයවෙත ලඟාවෙමින් සිටි ඔහු  දුටුවා. කඳ කෙළින් තබාගෙන ඇහි පිහ නොහෙලා තිරය දෙස බලාගෙන සිටි ඇය රොබෝවෙකු මෙන් දිස්වුනා.

හැකිතාක් ලංව ඇයව වික්ෂිප්ත කිරීමේ අරමුණින් සීරුවෙන් ඉදිරියට ගිය ඔහුගේ බූට් සපත්තුවට හසුවූ යමක් "කරස්!!"හඬින් කැඩුණා.

"ෂිහ්..."දත්කූරු කමින් සිය කරුමය ගැන සිතන ජිත්ට ඇය ක්ෂණයෙකින් ගල් ගැසෙන ආකාරය පෙණුනා.

"හෙල්ලෙන්ඩ එපා........ඔලුවටම තියෙනවා........"ඉඳි පිලිමයක් මෙන් ගල්ගැසී තිරය දෙසම බලාසිටින ඇයට තර්ජනය කලා. හෙල්ලෙන්ඩ එපා යයි අණලැබුනත් එය වගකට නොගත් ඇය ක්ෂණයකින් නැගීසිට ඔහු වෙත හැරුනා. කෝපාවිෂ්ඨව සිටි ඇයගේ දෑස්, පිය නොගැහීම ඔහු වෙත එල්ලව තිබුණා. පරිගණක තිරයේ එලියෙන් ආලෝකමත්ව තිබූ ඇයගේ ගෙළෙහි මස්පිඩු තදවන ආකාරයත්, ඒ සමගම ඇයගේ දෑත් මිටමෙළවෙන ආකාරයත් ඔහු දුටුවා. තම මොහොතකින් ඇය තමන් වෙත කඩාපණින බව ඔහුට හැඟුනා.

"හෙල්ලෙන්ඩ එපා කිව්වා නේද?"ඔහු බුරාහැලුනා. ඇය තමන්ට වඩා දසගුණයක්වත් වේගවත් බවට ඔහු අනුමාන කලා. ඇයගේ හදවත පසාරුවන ලෙස වෙඩි තැබිය හැකිවුවත් එය සැබැවින්ම කල යුතුදැයි ඔහු තුලම දැඩි විරසකයක් තිබුණා. ආතතියෙන් යුතු දෙගිඩියාව ඔහුව පමාකලා. පමාව ඔහුගේ ගතම දහදියෙන් තෙත් කලා. ඇය තමා කවුදැයි හඳුනා නොගත් බව ඔහුට වැටහී තිබුණා.

හිස දෙපසට සෙමෙන් වැනූ ඇය "මට සමාවෙන්න..."කියද්දීම ඔහු සිය සාක්කුවක තිබූ කුඩා විදුලි පන්දම දල්වා ඔහුගේම මුහුණට එල්ලකර ගත්තා.

"කවී!!!......මේ මම....ජිත්!!"ඔහු කියද්දී කඩා පණින්නට සූදානම්වූ ඇය හිටිවනම නැවතුනා. කෝපාවිෂ්ඨ වියරු පෙනුමක් තිබූ ඇයගේ මුහුණ ක්ෂණයකින්ම  සැහැල්ලුවූ බවක් පෙනුනා.

“ජිත්!! ඇයි මට තුවක්කුක් දික් කරගෙන?......... මම කවද ඉඳන්ද ඔයාගේ හතුරෙක් වුනේ…? ……...ඔයා මගේ ට්‍රේනින් ඔෆිසර්......මම සන්නද්ධ බුද්ධි  අංශයට ආවේ ඔයා නිසානෙ ජිත්....?”  ඇය සැහැල්ලු ස්වරයෙන් කියා සිටියා.

"හම්ම්.. ඔවු ඇත්ත...."කියූ ඔහු මද වේලාවක් ඇය දෙස බලා සිට, සිය පිස්තෝලයේ ෆයර් සිලෙක්ටරය යලිත් සේෆ්ටි සැකසුමට කරකවා එය ඉණේ රුවා ගත්තා..."

"කවීෂා.....කියන්න බලන්න ඔයා මේ මහ රෑ මොනවද මේ අධි ආරක්ෂිත පරිගණක මධ්‍යස්ථානයේ කරන්නේ කියලා? මේක ලංකාවට අයිති තැනක් නොවෙයි කියලා දන්නවද?"දෑත් ඉණේ තබාගත් ඔහු ඇය දෙස බලමින් ඇසුවා.

"ඔවු.....මං දන්නවා.........නෛතිකව නම් අපි ඉන්නේ මහා බ්‍රිතාන්‍යයේ ස්වෙරී භූමිභාගයක.... බ්‍රිතාන්‍ය GCHQ හා ඇමරිකන් NSA එක හවුලේ ගෙනියන අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ දකුණු ආසියානු මධ්‍යස්ථානයේ..."

"මොනවද උන් ඔයාට කලේ කවී? ඔයා දැන් මනුෂ්‍ය ගැහැණියක් නෙමෙයි නේද?"

"ඔයාට පිස්සුද? ඇයි එහෙම කියන්නේ? මම හිටපු කෙනාමයි..."

“නෑ නෑ.........ඔයා කරන දේවල් මනුස්සයින්ට කරන්න බෑ..."

“ඇයි ඒ?......... ඔයා කියන්නේ මනුස්සයින් තහනම් තැන් වලට ඇතුලු වෙන්නේවත්............ පරිගණක ජාලයක් හැක් කරන්නේ වත් නෑ කියලද? ………..මම කලේ ඒවානෙ?"

"ඔයා හැකර් කෙනෙක් වුනේ කවදා ඉඳලද?"

"මම ඔයාට වඩා කොම්පියුටර් ගැන දන්න බව ඔයාට අමතකද?"

"මම ඔයා ගැන පහුගිය තුන් මාසෙම ඇහැ ගහගෙනයි හිටියේ........දෙසැම්බර් 07 වැනිදායින් පස්සේ ඔයා සම්පූණයෙන්ම වෙනස් වුනා......."

“ජිත්?......ඔයා මං ගැන ඔත්තු බැලුවා එහෙනම්?..........ඒ කියන්නේ ඔයා මාව විශ්වාස කලේ නෑ කියන එකද? ……………...මම ඔයාව විශ්වාස කලා......ඔයා කියපු හැම දෙයක්ම කලා.....තවමත් එහෙමයි...."

“ඔයා මේ කරන්නෙත් මං කියපුවද?..............දෙසැම්බර් 07වැනිදාට කලින් දැනගෙන හිටපු කවීෂව මම විශ්වාස කලා……. එයාට මගේ ජීවිතය බාර දෙන්න වුනත් මම දෙපාරක් හිතන්නේ නෑ.........ඒත් දැන් ඉන්නේ ඒ කවීෂා නෙමෙයි.........."

"මම එයාම තමයි......"

“නැහැ!! ඔයා යන්ත්‍රයක්.......රොබෝ කෙනෙක්ද ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ.........ඒත් ඔයා දැන් මැෂින් එකක් බව මට හොඳට තේරෙනවා......"

"මැෂින් එකක්??.............Jith…..you should listen to yourself……. ඔයාට පිස්සු…!!!"

"දෙසැම්බර් 7 වැනිදා සිදුවීමෙන් පස්සේ, දෙසැම්බර් 9 වැනිදා තිබුණු සමාලෝචන රැස්වීම මතකද? ඒ රැස්වීමට ඉස්සෙල්ලා මම ඔයාට ලොකු ෆෝල්ඩර් එකක් දුන්නා මතකද? ඒකේ පිටු 1966ක් තිබුණා කියලා මතකයි නේද?"

"ඔව් ජිත්, හොඳට මතකයි.........ඔයා මට ඒක සම්පූර්ණයෙන්ම කියවලා ආරක්ෂක අමාත්‍යාංශයට බොරු වාර්තාවක් ලියන්න කියලා කිව්වා.......දෙසැම්බර් 7 වැනිදයි ඊට කලින් මාස ගාණක් තිස්සේ අපි මහන්සිවුනු "Operation Terminal Code"බුද්ධි මෙහෙයුමේදී සිදුවුනු බොහෝම දේවල්වල ඇත්ත කතාව ආරක්ෂක අමාත්‍යාංශයටවත් නිළවශයෙන් කියන්න බැරි තරම් රහසිගත නිසා හැමෝටම කියවලා පැත්තක දාන්න පුලුවන් ඇල් මැරුණු රිපෝට් එකක් ලියන්න කියලා ඔයා උපදෙස් දුන්නා...........ඒ උපදෙස මම අකුරටම ක්‍රියාත්මක කලා...මගේ රිපෝට් එක ආමි කමාන්ඩර් කියවලා අනුමත කලා, ජොයින්ට් චීෆ්ලාටත් ගියා, ඩිෆෙන්ස් සෙකට්‍රිටත් ගියා ...ඒ හැමෝම අපි රැවැට්ටුවා.....නැද්ද ජිත්?"

"ඔව්, අපේ කමාන්ඩින් ඔෆිසරුයි, සේනාධිනායකයා වෙන ජනාධිපතියි හැරෙන්නට අනෙක් හැමෝම අපි බොරුවෙන් රැවැට්ටුවා....ජාතික ආරක්ෂාව වෙනුවෙන් එහෙම කලා...."

"මම කියන්න හදන්නේ ඒක නෙමෙයි.........මම ඔයාට පිටු 1966ක තඩි ෆයිල් එක දීලා හරියටම පැයකින් ඔපරේෂන් ටර්මිනල් කෝඩ් එකේ අන්තිම සමාලෝචන රැස්වීම තිබුණා. ඒ රැස්වීමේ ඔයත් හිටියා.....මමත් හිටියා.......ඒ රැස්වීම යන අතරතුරේ ඔයා කියපු දේවල් බැලුවම අනෙක් අයට නොතේරුනත්, මට හොඳටම තේරුණු දෙයක් තිබුණා.......ඒක තමයි, ඒ ෆයිල් එකේ තිබ්බ හැම දෙයක්ම ඔයා කියවලා මතක තියාගෙන තිබුණ බව..........”

“මට කියන්න පිටු 1966ක ෆයිල් එකක් පැයක් ඇතුලත කියවලා හැම දෙයක්ම මතක තියාගන්න පුලුවන් මනුස්සයෝ කී දෙනෙක් ඔයා දන්නවද කියලා??"

"ඔයා Riemann Matrix එක ගැන අහලා තියෙනවද?"

"ආ??"

"රයිමාන් මේට්‍රික්ස්.........ඒක හරියට ඩිස්ක් ඩ්‍රයිව් එකක් වගේ....හැබැයි මැග්නෙටික් අංශු වෙනුවට දත්ත ගබඩා කරලා තියෙන්නේ ත්‍රිමාණ ලේසර් ආලෝක මේට්‍රික්ස් එකක.....ලොකු සූට් කේස් එකක ප්‍රමණයේ එකකට ටෙරාබයිට් 5000ක් විතර ගබඩාකරන්න පුලුවන් ........"

“මම IT ඉගෙන ගන්න නෙමෙයි මෙතනට ආවේ……..”

“IT නෙමෙයි AI....කෘත්‍රිම බුද්ධිය……..Cognitive Impression Modeling කියලා තාක්ෂණයක් තියෙනවා.........තවම පර්යේෂණ මට්ටමේ..........මනුස්සයෙකුගේ මොළයේ තියෙන සියලුම නියුරෝන සබඳතා ස්කෑන් කරලා ඩිජිටර් අනුරූපයක් හදාගන්න පුලුවන් තාක්ෂණයක් ඒක......."

“ඉතින්? "

‘අපි හැමෝම ඔය කතාව දන්නවානේ.......ඩේසි වූ දසුන්ට දීපු ලොකු බ්‍රීෆ් කේස් එකේ තිබුණේ ඔය රයිමාන් මේට්‍රික්ස්ද මොකක්ද කියන එකේ ගබඩාකරපු  ටෙරී යැන්ග්ගේ විඥානය හා ජීවන මතකයන්………”

"දැන් ඒ මතකයන් තියෙන්නේ මගේ ලඟ ජිත්..."

"මොනවා!!!....."

"මාව අරගෙන ගිය චීන මනුස්සයා........එයා පරිගණක විද්‍යාඥයෙක්.........ඒ මතකයන් මගේ මොළයට කාවැද්දුවා.........හැබැයි මතකයන් විතරයි..........ටෙරී යැංගේ විඥානය තවමත් රයිමාන් මේට්‍රික්ස් එකේ.....හැබැයි වැඩිකල් එහෙම තියා ගන්න බෑ........ඒක වියැකෙනවා......."

"මට තේරෙන්නේ නෑ...කවී…………..ඒ මිනිහා ඔයාගේ මනසේ ජීවත් වෙනවාද?"
"නෑ නෑ ජිත්.........එයාගෙ මතකයන් විතරයි.......එයාට මතක, එයා දන්න හැම දෙයක්ම මම දන්නවා....ඒත් එයාගේ විඥානය මට ඇතුලත් කරලා නෑ.......එහෙම කරන්න බෑ.........."

"ඉතින්! දැන් ඔයා මෙතන මොකද කරන්නේ?"

"ටෙරී යැංග්ගේ මනස ආයෙත් ජීවත් කරනවන්න ඕනෑ.........එයා හොඳ මනුස්සයෙක්......එයා හැම මතකයක්ම මගේ ලඟ තියෙන නිසා මම ඒක හොඳටම දන්නවා......."

"මොන කෙහෙල්මලකටද?"ජිත් කෝපයෙන් ඇසුවා.

"එහෙම නැතිනම් මට කවදාක්වත් ඒ මතකයන් නැති කරගන්න බෑ........රයිමාන් මේට්‍රික්ස් එකේ තියෙන විඥානය නැවත අවදිකරන්න පුලුවන් බලසම්පන්න සුපිරි පරිගණකයක් හදන්න ඕනෑ.......ඒතකොට ඒ පරිගණකය ඇතුලේ ටෙරී යැංග් යලිත් ජීවත් වෙන්න පුලුවන්.....එහෙම වුනොත් මට කාවැදිලා තියෙන ඔහුගේ මතකයන් මකා ගන්න එයා උදව් කරයි....මම ඒක දන්නවා........"

“කොහොමද කවී අපි සුපර් කොම්පියුටර් හදන්නේ? ඕවට කෝටි ගණන් සල්ලි ඕනෑ.......ඔයා මේක අස්සට රිංගලා මේක ඇතුලේ ඔය වැඩේ කරන්න හිතන්න එපා......සදහටම හිරේ යන වැඩක්....දැන් යමු...ප්ලීස්...."

"සල්ලි ප්‍රශ්නයක් නෑ......ටෙරී යැන්ගේ රහස් ස්විස් බැංකු ගිණුම්වල අංක ඔක්කොම මම දන්නවා. ඒවාවල තියෙන සල්ලි ගන්න අංකෙ විතරයි ඕනෑ......."කවී සෙමින් ජිත් වෙත පැමිණියා.

"මට උදව් කරන්න........."

"ඔයා මගෙන් උදව් ඉල්ලන්නේ මට හොරෙන් මේ හැම දෙයක්ම හංගගෙන ඉඳලා නේද?"

"මට වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න මාසෙකට වැඩිය ගියා.......ටෙරීගේ මතකයන් අවදි වෙනකොට මම හිතුවේ මට පිස්සු හැදෙන්න එනවා කියලා....මේ ආගන්තුක මතකයන් මගේ ඔලුවට ආවාට පස්සේ මට හිතාගන්න බැරිවිධියට තරහා යනවා........මතකයන් දෙක එකට ගැටෙනකොට මට ඉවසගන්න බෑ........තරහා වැඩිවුනාම මට කිසිකෙනෙක් රුස්සන්නේ නෑ.....ඇඟ වෙවුලන්න ගන්නවා.....කවුරුහරි වචනයක් කිව්වත් කෑගහලා බණින්න හිතෙනවා......මම ඔයාගෙන් ඈත් වෙලා හිටියේ මම පාලනයක් නැතුව කියන කරන මොකකින් හරි ඔයාගේ හිත රිදෙයි කියලා..."

"මට සමාවෙන්න ජිත්.......ඒකයි මම ඔයාගෙන ඈත් වෙලා හිටියේ.......මම රොබෝවෙක් නෙමෙයි......මට කේන්තිය වැඩිවුනාම දරුණු ආවේග එනවා....ඇඟට අමුතු ශක්තියක් එනවා.....මට හරි බයයි මම කාට හරි අණතුරක් කරයි කියලා....මට මාවම පාලනය කරගන්න බෑ වගේ දැනෙනවා........ඔයා වෙඩි තිබ්බා නම් මම මැරෙනවා.......Help me Jith….please……..මට මේ මනුස්සයාව මගේ ඔලුවෙන් අයින් කර ගන්න ඕනෑ......නැත්තම් මට ඇත්තටම පිස්සු වැටෙයි.........."







__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

INFORMATION TECHNOLOGY : ඉන්ටෙල් සමාගම කෝර් 28ක i9 ප්‍රොසෙසරයක් එලිදක්වයි!

$
0
0


මේ දිනවල තායිවානයේ පැවැත්වෙන Computex  තාක්ෂණික ප්‍රදර්ශණයේදී ඉන්ටෙල් සමාගම 28 core, හෙවත් කුඩා ප්‍රොසෙසර් 28කින් යුතු සුපිරි මයික්‍රෝප්‍රොසෙසරයක් එලිදක්වා තිබෙනවා.

Core i9 X- series සන්නාමයෙන් වෙළඳපොලට නිකුත්කිරීමට බලාපොරොත්තුවෙන මෙම ප්‍රොසෙසරයේ කෝර් 28 ගිගාහර්ට්ස් 5ක වේගයෙන් ධාවනය වන බවයි ඉන්ටෙල් පවසන්නේ. පසුගිය වසරේදී ඉන්ටෙල් සමාගම කෝර් 18ක් ඇති i9 ප්‍රොසෙසරයක් හඳුන්වා දුන්නා.

ලබන සැප්තැම්බරය වනවිට පරිගණක නිෂ්පාදකයින් වෙත මෙම ප්‍රොසෙසරය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව ඉන්ටෙල් සමාගම පවසන අතර, පරිගණක විශේෂඥයින් පවසන්නේ මේ අධිබල ප්‍රොසෙසරය ඩොලර් 2000කට පමණ මිළවනු ඇති බවයි.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

PHOTOGRAPHY : 125X Zoom නිකොන් හපනා : Nikon P1000 - 24-3000mm

$
0
0


කැමරාවේ තොරතුරු

125x zoom lens that has the 35mm-equivalent focal range of 24-3000mm

16-megapixel back-side illuminated CMOS sensor that has an expanded ISO range of up to 6400.

JPG + RAW Shoot modes

f/2.8-f/8 through the zoom range

Dual Detect Optical VR in the camera provides 5-stops of camera shake compensation

2.3-million-dot OLED electronic viewfinder and a swiveling 3.2-inch 921K-dot LCD screen

4K video recording, stereo audio recording, Wi-Fi/Bluetooth connectivity, quick start-up











__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

AUTOMOBILE TECHNOLOGY : Nissan Leaf NISMO Sports Edition 2018

$
0
0














__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TV SERIES : Spy Thriller වලට කැමති අයට අලුත්ම ටී.වී සීරීස් තුනක්

$
0
0
ස්පයි ත්‍රිලර් වලට කැමති අයට අලුත්ම ටී.වී සීරීස් තුනක් ඇවිල්ලා තියෙනවා. 

1. Killing Eve - MI5 vs. Russian Professional Assassin (Mini Series : BBC America)


කාලෙකින් බලපු අමුතුම තාලේ කතාවක්. මේ කතාවේ තේමාව වෙන්නේ රුසියානු සම්භවයක් ඇති ප්‍රොෆෙෂනල් ඇසසින් කෙනෙක් වන විලනෙල් (රුසියානු නම ඔස්කානා ඇස්ටන්කෝවා) හා ඇයව සොයන්නට උත්සහ කරන බ්‍රිතාන්‍යයේ එම්.අයි. 5 ඔත්තුසේවයේ චීන සම්භවයක් ඇති ඊව් පොලාස්ට්‍රි නම් ඔත්තුසේවා නිළධාරිණිය අතර සිදුවීම් මාලාවක්. (Warning : This has a serious lesbian theme. But, don't waste your time if you are looking for sex - NO SEX SCENES)

2. The Condor - CIA under cover operations team hit by an inside job (AT&T / MGM / Paramount / SkyDance )


ජෝ ටර්නර් සී.අයි.ඒ ඒජන්සියේ විශේෂ පරිගණක හැකර් ඒකකයක සේවය කරන අති දක්ෂ පරිගණක විද්‍යාඥයෙක්. ඔහු ලියන ලද පරිගණක ඇල්ගොරිතමයක් හරහා විශාල පිරිසක් මරාදැමීමට උත්සහ කරන සෞදි අරාබි සම්භවයක් ඇති ත්‍රස්තවාදියෙක් ප්‍රහාරයට පෙර සොයාගන්නවා. ඒ අතරම එම ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයට පෙර, එම ජීව විද්‍යා අවියෙන් රෝගීවන අයට ප්‍රතිකාර කල හැකි ඖෂධ නිපදවන සමාගම් වල කොටස් විශාල වශයෙන් මිලදී ගැනීමක් ගැන ජෝ ටර්නර්ගේ සී.අයි.ඒ හැකර් කණ්ඩායම සොයාගන්නවා. 

එම සොයාගැනීමෙන් පසු දිනම ජෝ ටර්නර්ගේ හැකර් කණ්ඩායම සේවයකල ස්ථානයට ප්‍රහාරයක් එල්ලවන අතර සිගරට්ටුවක් බීමට එලියට ගොස් සිටි ටර්නර් හැරෙන්නට අන් සියලු දෙනාම මරා දැමෙනවා.

3. Deep State - MI6 covert operations in the Middle East gone wrong (Fox Network)



මැක්ස් ඊස්ටන් එම්.අයි 6 ඔත්තු සේවයේ කලු මෙහෙයුම් විශේෂඥයෙක් ලෙස සේවය කොට ඉන් ඉවත්ව ප්‍රංශයේ ගම්බද පලාතක පදිංචිවී ප්‍රංශ කාන්තාවක් සමග විවාහ වෙනවී නිහඬ ජීවිතයක් ගතකරනවා. එම විවාහයෙන් ඔහුට කුඩා දියණියන් දෙදෙනෙකු සිටිනවා. 

ඔහුගේ කලු මෙහෙයුම් අංශ ප්‍රධානී ජෝර්ජ් වයිට් ඔහුව නැවත සක්‍රිය මෙහෙයුමකට පොළඹවා ගන්නේ ව්‍යංගයෙන් ඔහුගේ දරු පවුලට හානියක් සිදු කරන බවට තර්ජනය කරමින්.

මෙහෙයුම සඳහා ලන්ඩනයට පැමිණෙන ඔහුට, එම්.අයි 6 ඔත්තු සේවයට බැඳී මැදපෙරදිග කලු මෙහෙයුමක් සඳහා ගිය සිය පලමු විවාහයේ පුත්‍රයා වූ හැරී ක්ලාර්ක් ඊස්ටර්න් මරා දමා ඇති බව දැන ගන්නට ලැබෙනවා. ඔහුගේ මිනීමරුවන් සොයා විනාශ කරන ලෙස ජෝර්ජ් වයිට් ඔහුට අණ කරනවා.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

LUNAR ECLIPSE : ශතවර්ෂයේ දිගම චන්ද්‍රග්‍රහණය | ඉන්ස්ටග්‍රෑම් වල දැකපු හොඳම ෆෝටෝ / වීඩියෝ

$
0
0
Great Ocean Road, Melbourne, Australia (adam_dyson)



















































Eclipse 2018


Eclipse


Eclipse


Blood Moon 2018  -  Longest Total Lunar Eclipse of the Century  -  2018-07-27


The Progression of the Lunar Eclipse at Morro Rock & Pillar Rock


Lunar eclipse trail





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

PHOTOGRAPHY : ගිම්හානයේ මල් | Flowers of Summer

$
0
0

මගේ ටිවිටර් ෆීඩ් එකට ඉන්බොක්ස් වුනු ලස්සනම, ලස්සන ගිම්හානයේ මල්.
















































__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPY GAMES : සිරියානු මිසයිල ඉන්ජිනේරුවාගේ මරණය මොසෑඩ් මෙහෙයුමක්?

$
0
0

ආචාර්ය අසීස් අස්බාර්

ආචාර්ය අසීස් අස්බාර්, සිරියානු ජාතිකයෙකි. සිරියානු රජයට ඉතාමත්ම වැදගත් රොකට් ඉන්ජිනේරුවෙකු වූ ඔහු, සිරියාවේ පරම සතුරෙකු වූ ඊශ්‍රායලයේ ජනාකීර්ණ නගරවලට පහරදිය හැකි මිසයිල නිපදවීමේ ව්‍යාපෘතියක ප්‍රධානියා වූවාය. ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වී අසීස් අස්බාර්ට සිරියානු හා ඉරාන රජයන්ගේ නොමද සහය හිමිවී තිබූ අතර පෙර අවසරයකින් තොරව සිරියානු මෙන්ම ඉරාන රජයේ ඉහලම නිළධාරීන් හමුවීමේ අවස්ථාව ලැබී තිබූ පුද්ගලයෙකි. පසුගිය සෙනසුරාදා ඔහු කාර් බෝම්බයකින් මිය යනවිට, " Sector 4"නැමත රහස් කේතයෙන් හඳුන්වන මිසයිල ව්‍යාපෘතියක ප්‍රධානියාවූ අතර 2017දී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් විනාශවූ දැවැන්ත අවිගබඩාව යලි භූගත ගබඩාවක් ලෙස නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධානියාව සිටියේය.

මොහුගේ ඝාතනය ඊශ්‍රායලයේ කුප්‍රකට ඔත්තුසේවය වූ මොසෑඩ් ක්‍රියාන්විතයක් බව සිරියාව මෙන්ම ඉරානයද චෝදනා කරන අතර තමන්ට නිතරම එවැනි අවලාද එල්ලවන බව පවසන මොසෑඩ් ආයතනය තමන් එවැනි අභූත චෝදනා ගනන් නොගන්නා බව පවසනවා.

සිරියාවේ ඉතාමත්ම රහසිගත හා වැදගත් අවි පර්යේෂණාගාර තිබෙන මැස්යාෆ් නගරයේදී මේ කාර් බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් මොසෑඩ් ආයතනය, අසීස් අස්බාර් පසුපස වසර ගණනාවක් තිස්සේම පන්නමින් සිටි බව මැදපෙරදිග රහස් ඔත්තුසේවාවල නිළධාරීන් පවසනවා.  

සිරියාවේ "Syrian Scientific Studies and Research Center"පර්යේෂණායතනයේ Sector 4 ප්‍රධානියා ලෙස ආචාර්ය අස්බාර්, සිය තාක්ෂණය ඉරානය සමගද බෙදාගැනීමේ ව්‍යාපෘතියක නිරතව සිට තිබෙනවා. සිරියාවේ නිෂපාදනය වන ප්‍රභල මිසයිලයක් වන SM600 Tishreen රොකට්ටු නිෂපාදනාගාරයක් ඉරානට ලබාදී ඇති අතර මෙහි නිපදවන රොකට්ටුවල ඉලක්කය හඹායාමේ නිරවද්‍ය බව වැඩිදියුණු කිරීම සඳහා ඉරානය හා හවුල්ව්‍යාපෘතියක සම්බන්ධීකාරක ලෙසද අස්බාර් කටයුතුකරමින් තිබෙනවා.


SM600 Tishreen රොකට්ටු 









__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SCIENCE FICTION : Dark World | කෘෂ්ණ ලෝකය

$
0
0

අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම

ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි!

August 16, 2068, Space.com / AFP / Reuters - ලෝකයේ විශාලම ආලෝක දුරේක්ෂය වන කැනේරි දූපත්වල පිහිටි ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂයෙන් අභ්‍යවකාශය නිරීක්ෂනය කරන තාරකා විද්‍යාඥයින්, පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් අභ්‍යවකාශයේ සිදුවූ දැවැන්ත පිපුරුමක් නිරීක්ෂනය කර තිබෙනවා.

කුමන හේතුවක් නිසා මේ පිපුරුම සිදුවූවදැයි පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයින් අසමත්වී ඇති අතර එය ඉතාමත් අත්භූත හා සසම්භාවී පිපිරීමක් බවයි ඔවුන් පවසන්නේ.

පෘථිවියට සමාන ග්‍රහලෝක ඇති තාරකා තිබෙන සෙෆියස් නම් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපුරුම තාරකා විද්‍යාඥයින්ගේ දැඩි කුතුහලයට හේතුවී තිබෙනවා. සෙෆියස් තාරකා මණ්ඩලය පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් තිබෙන නිසා මේ පිපුරුම මීට වර්ශ 50කට පෙර, එනම් 2018 වර්ශයේ සිදුවී තිබෙනවා.

මෙවැනි පිපිරුම් සුපර්නෝවා නම් තාරකා පිපුරුමක් හෝ කුඩ ක්ෂුද්‍ර කළු කුහරයක් පිපිරීයාමෙන් සිදුවිය හැකි බවට අනුමාන කෙරෙනවා. එහෙත් සමහර තාරකා විද්‍යාඥයින් මේ පිපිරුම ස්වභාවික එකක් නොව, කෘත්‍රිම එකක් බවට මත පලකරනවා.


පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි බවට අනුමාන කෙරෙන ග්‍රහලෝක තිබෙන සෙෆියස් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපිරීම අතිශයින්ම දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක ක්‍රියාකාරිත්වයක් නිසා සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.


"සමහර විට මේ දියුණු පිටසක්වලයින් ග්‍රහලෝකයක් විනාශකල හැකි බෝම්බයක් අත්හදා බැලුවා වෙන්න පුලුවන්.....සමහර විට ඔවුන් සිදුකල භ්යානක  පර්යේෂණයකදී මොකක් හරි ලොකු වැරදීමක් සිදුවී විශාල අණතුරක් සිද්දවුනාද දන්නේ නෑ...." 



වසර පනහකට පෙර;  ජූනි16, 2018 අවසානය ඇරඹුමකි (ආදර කතාවක් නොවේ)

තේජන සිය දුරකථනයේ තිරය දෙස බලාගෙන සිටියේ කරකියා ගත හැකි දෙයක් නැතුව. ඊයේ රාත්‍රියේ සිය පවුලේ ඥාති මිතුරෙකුවූ ජනිත් යහළුවන් වෙනුවෙන් පවත්වපු සාදයේ කැබරේ නැටුම් අවස්ථාවේ ඔහු අඩ නිරුවත් තරුණියක් හා යෙදුනු රංගනයේ වීඩියෝ ක්ලිපයක් මුහුණු පොතට වැටුනේ  කොහොමදැයි සිතා ගන්නට ඔහුට බැරිවුනා. ඔහු ඒ සාදයට ගියේ ජනිත්ගේ පෙරැත්තය නිසාමයි. තේජන සමග එකට ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසැලට ගිය ජනිත් ලන්ඩන් ඕලෙවල් විභාගයෙන් පසු බ්‍රිතාන්‍යයට ගියේ එහි උපාධිය කරමින් සිටි සිය සොයුරිය සමග එක්වීමටයි. 

වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණි ජනිත්ගේ නිවසේ පැවති නිළ උපන්දින සාදයටද සහභාගීවුනු තේජනට මේ සාදයට යන්නට එතරම් උනන්දුවක් තිබුනේ නෑ. යාලුවන්ට කරටි කැඩෙන්නට බොන්න දෙන්න ප්ලෑන් කරපු මේ පාටිය මග අරින්න තේජනට ඕනෑ වුනත් ජනිත්ගේ පෙරත්තය ඊට හරස් වුනා. ඊටත් වඩා ජනිත්ගේ අක්කාගේ පෙරැත්තය ඔහුව වඩාත් පෙළඹවූවා.

"අනේ තේජන ඔයත් යන්න මෙයා එක්ක.....මේ පාටිය ගැන තාත්තා දන්නෙත් නෑ, මට යන්නත් බෑනේ කොල්ලො බොන පාටිවලට.....මෙයා මොකක් හරි පිස්සුවක් නටයිද දන්නේ නෑ....ඔයත් යන්නකො..."

කොහොම වුනත් සාදය කැබරේ සාදයක් බව තේජන දැන ගත්තේ එහි ගියාට පසුවයි. කැබරේ නැටුම් පටන් ගන්නා විටම සාදයෙන් පිටවීමට උත්සහ කලත් ජනිත් ඔහුව නැවැත්වුවා.

"මොකක්ද බං? කොහෙද යන්නේ? ඉඳපන්..., උඹ හරියට ඩ්‍රින්ක් එකක් වත් ගත්තේ නෑ නේද? ඩ්‍රින්ක් එකක් අරගෙන, ඩාන්ස් එකක් බලලා රිලැක්ස් කරලා පලයන් බන්.... කෙල්ලෙක් හිටියා කියලා ඔච්චර බය වෙන්න එපා.....this is twenty first century මචන්....have some fun with us"

ඊට කලින් හමුවූ කතාබස් වලදී ජනිත් කියපු තවත් කතාවකුත් තේජනගේ හිතේ හොල්මන් කලා. ජනිත් කියන්නේ ඇත්තක්ද? උමායා වෙනස්වෙන්න හදනවද? ඔහුගේ හිතට මහා වදයක් දැනුනා...

"මචන් ඔය කැම්පස් ලව් එච්චර සීරියස් ගන්න එපා.......යූ.කේ වල නම් කොල්ලො කෙල්ලෝ ඉස්සෙල්ලා කරන්නේ සෙක්ස්, ඊට පස්සේ තමයි ඒවා ලව් වෙන්නේ......... යුනිවසිටි කාලේ කොල්ලෝ කෙල්ලෝ මැක්සා සෙක්ස් එන්ජොයි කරනවා......අවුරුදු 25 පැන්නට පස්සේ තමයි සීරියස් එකක් පටන් ගන්නේ..උමායා කරන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරිං නේද?....කවුද දන්නේ උඹ ඔය මැරීගෙන ලව් කරාට, එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ලොකු පඩියකට ජොබක් සෙට් කරගත්තට  පස්සෙ උඹ වගේ ඩිසයිනර් කෙනෙක් හොඳ මදිවෙලා සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් බැඳ ගනීද කියලා....?"

උමායා ගැන දැඩි විශ්වාසයක් තිබුණත් මෑතක සිට ඇයගේ හැසිරීම ඔහුටද ප්‍රශ්ණයක් වුනා. ප්‍රශ්ණයට මුල්වුනේ ඔස්ටේලියාවේ ඉඳන් ට්‍රාන්සර් ස්ටුඩන්ට් කෙනෙක් විධිය SLIIT එකට ආපු ලකිත් මලළසේකර. ධනවත් පවුලක එකෙකු වූ ලකිත් ආ දවසේ ඉඳන්ම උමායාට දැල එලන්න ගත්තා. තාත්තාගේ සොරෙන්ටෝ ජීප් එකෙන් කැම්පස් එන ලකිත්, උමායාගේ යෙහෙලියන් ඒකේ පටවාගෙන එහෙ මෙහෙ අරගෙන යමින් ට්‍රීට් දෙන්න පටන් ගත්තේ උමායාවත් ඇද ගන්නා අදහසින්.

උමායාගේ 22වැනි උපන්දිනයට දිනකට පසු තේජනට නුවර යන්නට සිදුවුනේ ෆෝටෝග්‍රැෆි ඇසයිමන්ට් එකකට නුවර ඇම්බැක්කේ දේවාලයේත් සතර මහා දේවාලවලත් ෆෝටෝ ගන්න සිද්දවුනු නිසා. ඇසයින්මන්ට් ගෲප් එකේ අනිත් උන් “ලෝන්ග්.... හොලිඩේ මචන්....ගෙවල්වලින් ට්‍රිප් යන්න කතා කරනවා"කියමින් දිග සති අන්තයක නුවර යන්න අදිමදි කල නිසා තනියම යන්න තේජනට සිද්දවුනා. සති අන්තයේ ලෙක්චර්ස් නොතිබුණත් ඇසයින්මන්ට් එකකට coding කරන්න යාලුවො එක්ක කොම්පියුටර් ලැබ් එකට යන බව උමායා තේජනට කියල තිබුණා.

නුවර ඉන්න අතරේ ලකිත් උමායාට දුන්න සප්‍රයිස් බර්ත්ඩේ පාටි එක ගැන තේජන දැන ගත්තේ මුහුණු පොතේ ෆොටෝවලින්. ෆේස් බුක් එකෙන් දැන ගන්නකන් ඒ ගැන කියන්නවත් උමායා කරදර නොවීම ඔහුට දැඩි වේදනාවක් ගෙන දුන්නා.

දුරකථන ඇමතුමක් දී "ඔයා coding කලේ අරූ එක්ක පිට්සා හට් එකේද?"උමායාගෙන් තරහින් ඇසූ තේජනට;

"මොකක්ද තේජන ඔයාට වෙලා තියෙන්නේ? ඔයාට ඔච්චරම මාව ශුවර් නැද්ද?........ lab එකේ වැඩ ඉවර වෙලා යාලුවෝ එක්ක ගෙදර යන්න හදනකොටයි ඕක වුනේ. හොලිඩේ හින්දා ෂටල් බස් නෑනෙ.... ලිෆ්ට් එකක් දෙන්නම් කියපු නිසයි අපි ජීප් එකට නැග්ගේ....එයාගෙ ප්ලෑන් මම දන්නේ නෑනෙ......එක පාරටම ජීප් එක Pizza Hut එකක් ලඟ නවත්තලා සර්ප්‍රයිස් බර්ත්ඩේ ට්‍රීට් එකක් කිව්වම මම රණ්ඩුවෙලා බෑ කියන්නද? තනියම හිටියා නම් බෑ කියනවා..... මම තෑන්ක්යූ කියලා පිට්සා කෑල්ලක් කෑවා...එච්චයි.....එයා මට පිට්සා කවන්න ආවේ නෑ......"

~ / ~

"තේජන! මොකෝ බන් එකපාරමට සයිලන්ට් වුනේ.......is your chick worrying you now? තේජනගේ සිතුවිලි දාමය බිඳදමමින් ජනිත් ඇසුවා.

"උමායා එහෙම කෙල්ලෙක් නෙමෙයි බන්.......අනික මං ගැන එයාගේ පේරන්ට්ස්ලත් දන්නවා......."

"උඹගේ ඉතිහාසේ ගැනත් දන්නවද?....දන්නේ නැතිනම් දැම්මම කියලා තියපන්......නැත්නම් පස්සේ ඕවා ආරංචිවුනාම කේස් පිට කේස්...."

“දන්නවා බන්.....මගේ ස්ටෝරිය SLIIT එකේ හැමෝම දන්නවා, ස්ටැෆර්ඩ් එකේ උනුයි, ලයිසියම් උනුයි ඉන්නවාගෙ.....මං ගිය ගමන් උන් පැතිරෙව්වා....දැන් ඒක පරණ කතාවක්........උමායා දැනගෙන තමයි සෙට්වුනේ........මගෙන් පොරොන්දුවක් ගත්තා ආයෙ ඒ ලයිෆ් එකට යන්නේ නෑ කියලා....එච්චරයි....."

ස්ටැෆර්ඩ් එකේ ඉන්දැද්දී උසස්පෙල පන්තියේ පලවෙනි වසරේ පලමු වාරයේ නිවාඩු දෙන දවසේ යාලුවෝ එක්ක ගල්කිස්සේ පොඩි හෝටලයක ඉඳගෙන ගන්ජා උරලා පොලීසියට අහුවීම නිසා තේජන හා ඔහුගේ මිතුරන් කිහිපදෙනා පාසැලෙන් නෙරපා දැමුනා. එම හෝටලය ගණිකා මඩමක් බව තේජන දැන ගත්තේ පොලීසියේදී. 

ඔහුගේ මව හා පියා වෙන්ව ජීවත්වුනා. මව යලිත් විවාහවූ අතර පියා ඩුබායි රටේ රැකියාවකට පිටත්වුනා. තේජන පාසැල් ගියේ දෙහිවල සිය මිත්තනියගේ නිවසේ සිටයි. අම්මගේත් තාත්තගේත් වෙන්වීම තේජන දරාගත්තේ යාලුවන් එක්ක හැකිතාක් පිස්සු නැටීමෙන්. දඩබ්බර හැසිරීම, යාලුවන් සමග සීමාව ඉක්මවා විනෝදවීම හා පාසැල් වැඩ නිතරම අතපසු කිරීම නිසා ඔහුට සෑම සතියකම පාසැලේ විනය භාර ගුරුවරයා ලබාදුන් දඬුවම් රඳවාගැනීම් (detention) විඳින්නට සිදුවුනා.

පොලීසියේ සිට අම්මා තාත්තාට කතාකොට සිද්දිය පැවසූ අතර දැඩි ලෙස කෝපවුනු ඔහුගේ පියා ඔහුව තමන් සේවය කල ඩුබායි රටට ගෙන යන්නට උත්සහ කලත් මවගේ මැදිහත්වීම නිසා පාසැලෙන් අස්කරාට පස්සේ Multimedia ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න SLIIT එකට යන්න අවස්ථාව ලැබුනා. ඒකේ අවසන SLIIT කැම්පස් එකේ BSc in Interactive Media  උපාධි පාඨමාලාවට බැඳෙන්නට ඔහුට හැකිවුනත් අතීතය සඟවාගන්න ඔහුට බැරි වුනා.

ඒත් උමායාගේ ආදරය ලැබුනට පස්සේ තමන්ටත් ජීවිතයක් තියෙන බව තේජනට දැනෙන්නට වුනා. හොඳ අනාගතයක් හදාගන්න, උමායා එක්ක එකතුවෙන ලෝකයක් ගැන හිතන්න ඔහු පටන් ගත්තා. ලකිත් මලළසේකර ඒ හීනය විනාශ කරන්නට හදන බවත්, උමායා දැන දැනම ඒ දැලේ පැටලෙන බවටත් ඔහුට හිතෙන්නට වුනා.

“ඉස්සර නම් කොල්ලෙක් නෝට් එකක් ඉල්ලුවත් මට කියනවා, කොල්ලෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වත් මගෙන් අහලයි ඇක්සෙප්ට් කරන්නේ…..දැන් ලකිතයා සෙවල පෙර පෙර පස්සෙන් එන හින්දා  මගේ කබල් වෑන් එකට වඩා උගේ සොරෙන්ටෝ එක හොඳයි කියලා හිතෙනව ඇති එයාට….. ජනිත් කියන එක ඇත්ත……. එයාට ඌත් එක්ක පිට්සා කන්න හොඳනම් මට ටිකක් බීලා ෆන් එකක් ගත්තම මොකද? මම මොකටද මෙච්චර එයාට මාව හොඳ නැතිවේගන යනවානම් මම මොකටද බලෙන් එල්ලිලා ඉන්න හදන්නේ?....”

කැබරේ පාටියේදී බීමතින් නටන්නට ඔහු පෙළඹවූයේ උමායාගේ වෙනස්වීමේ වේදනාව බව දැන සිටියේ ඔහුම පමණයි.

හදිස්සියේම දුරකථනය නාද වෙන්නට ගත් නිසා තේජන ගැස්සුනා.

"Suresh calling….."තිරයේ දිස්වුනා.

"හලෝ?"

"හලෝ තේජන! මොකක්ද හු*** උඹ කරගත්තේ?.....අපිත් චාටර් බන් උඹලගෙ පො*** වැඩ නිසා..... උඹ දැක්කද FB එකේ Insta එකේ යන කොමෙන්ට්ස්?...... .උඹල වගේ පිස්සු හු*** හින්දා අපිටත් ලෙක්චර් හෝල් එකට යන්ඩ වෙන්නේ හූ පාර කාගෙන…...උඹට නම් හෙන ගැහුවත් කමක් නෑ...... උමායා කොහොමද බන් දැන් කැම්පස් එන්නේ?....ආයි උමායා ඉන්න පැත්තකටවත් යන්න එපා...සෙරප්පු පාර තමයි තොට කන්ඩ වෙන්නේ.......ඒකිට මල පැනලා…... මල කියන්නේ මලේ හොඳම එක......තමුන්ගේ කොල්ලා කැබරෙ එකක වල් ගෑණියෙක්ව බදාගෙන නටන හැටි FB, Insta වැටුනම කෙල්ලෙක් කොහොම පාරේ බැහැල යන්නද ඕයි??...."

සුරේෂ් ඇමතුම විසන්ධිකලා

පණිවුඩයක් ලැබුණු බවට සටහන් වුනු නිසා දුරකථනයේ වට්ස් ඇප්  එක විවෘත කල තේජන, ඔහු හා උමායා පමණක් ඉන්න "Umayaa & Thejana 4 Ever"චැට් ගෲප් එකෙන් පණිවුඩය ලැබුණු බව දැක්කා.



Three months later……. 

වටින් ගොඩින් ඇඳිරි වැටෙද්දී පින්න හා මීදුමෙන් ට්‍රයිපොඩයේ රඳවා තිබූ සිය වටිනා කැමරාවත්, ඊටත් වඩා වටින මිලිමීටර් 600 ටෙලිෆොටෝ ලෙන්සයත් ආරක්ෂාකරගන්නට තේජන එය පොලිතීන් කොලයකින් ආවරණය කලා. ෂාහීන් ෆැල්කන් නම් උකුසු විශේෂය ඡායාරූපයට ගැනීම සඳහා ඔහු නකල්ස් වලට ආවේ අද පාන්දර. මීට අවුරුද්දකට විතර කලින් සීගිරියේදී ෂාහීන් ෆැල්කන්ලා ඡායාරූපයට නගාගන්නට ආසාවෙන් හිටියත් එය අතහැර දමන්නට වුනා. කැම්පස් සෙට් එකක් එක්ක ආපු ට්‍රිප් එකේ උමායාත් හිටපු නිසා ෂාහීන් ෆැල්කන්ලා ෆෝටෝ ගන්නවාට වඩා උමායාව යි එයාගේ යාලුවන්වයි ෆෝටෝ ගන්න සිද්ධ වුනා. 

එතරම් අපහසුවක් නැතුව ෂාහීන්ලා බලාගන්න පුලුවන් තැනක් විධියට, සීගිරිය පක්ෂී ලෝලීන් අතර ප්‍රකට වුනත්, උමායා එක්ක ගිය හොඳම ට්‍රිප් එකේ මතකයන් යලිත් අවදිකරගන්නට ඔහු අකමැති වුනා. ලැබුණු පලමුවෙනි නිවාඩුවේම නකල්ස් එන්න තීරණය වුනේ නකල්ස් රක්ෂිතයේ ඉකෝ ලංකා කෑම්පින් සයිට් එකට ටිකක් ඈතින් තියෙන කඳුගැටයක ෂාහීන් ෆැල්කන්ලා ඉන්න බවට ලක්දසුන් සංචාරක ෆෝරම් එකේ පලවෙලා තිබුණු ලිපියක් නිසායි. ෂාහීන් ෆැල්කන් උකුසු විශේෂය ලෝකයේ වේගවත්ම පක්ෂීන් ලෙස සැලකෙන පෙරිග්‍රීන් ෆැල්කන් උකුස්සන්ට ලඟින්ම නෑකම් කියනවා. ඉතා වේගවත් පියාසැරිය නිසා ඡායාරූප ගැනීම ඉතාමත් අපහසු ෂාහීන් ෆැල්කන් ජීවත් වුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200කට වඩා උස ප්‍රදේශවල කඳු ආශ්‍රිතවයි.

ෂාහීන් උකුස්සන් ගැන ලැබුනු ඔත්තුව වගේම ලඟ ගමක තරුණයෙකු වුනු පියතිස්සව තේජනගේ ට්‍රැකර්  විධියට සම්බන්ධකලෙත් ලක්දසුන් එකේ යාලුවෙක්. තනිවම ආපු තේජනව කඳවුරු භූමියට රැගෙන ගිහින් කූඩාරම අටවලා සියල්ල සූදානම් කල පියතිස්ස ආපහු යන්න සැරසුනේ අනපේක්ෂිත විධියට සිය බිරිඳ හා කුඩා දරුවා දැඩි වෛරස් උණකට ගොදුරුවීම නිසා. ඉස්සෙල්ලා කතාවෙලා තිබුණේ පියතිස්ස රෑටත් තේජනගේ තනියට ඉන්නවා කියලයි. පාන්දරට ඒ පැත්තේ ගැවසෙනවා කියලා කියන විශාල ගෝනුන් බලාගන්නත්, රෑට ගස් මුදුන්වල ගැවසෙන දුර්ලභ උණහපුලුවන් බලාගන්නත් තේජනට ලොකු ආසාවක් තිබුණා. ගෝනුන් කොහොම වුනත් රෑට ගස් මුදුන්වල ඉන්න උණහපුළුවෝ බලාගන්න නම් හොඳ ට්‍රැකර්  කෙනෙක් ඉන්නම ඕනෑ. සාමාන්‍ය අයට නොපෙනෙන ගොඩක් සත්තු හොඳ ට්‍රැකර් කෙනෙක්ගේ පලපුරුදු ඇස්වලට හසුවෙනවා.

"සර් බයවෙන්න එපා.....අර පේන්නේ ඉකෝ ලංකා කෑම්ප් එක,.මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් එකයි.........ෂාහීන්ලා ඉන්නේ අර කන්දේ බෑවුමේ. මේ වෙලාවට නෑ.....හවස පහ හය වෙනකොට දකින්න පුලුවන්.....ආයෙත් උදේ හය හත වෙනකන් දකින්න පුලුවන්.... ...හදිස්සියක් වුනොත් ටෝච් එක අරගෙන ඉකෝ කෑම්ප් එකට  යන්න......මේ දවස්වල කට්ටියක් ඉන්න නිසා රෑ එලිවෙනකන් ගිණිමැලේ පත්තු වෙනවා. එහෙ ඉන්න ට්‍රැකර් මගේ නෑයෙක් වෙන අයියා කෙනෙක්. මම සර් ගැන බලන්න කිව්ව...මේ පැත්තේ දිවියෝ නෑ.......ඒ නිසා රෑට බයක් නෑ....ඒත් රෑ ඇවිදින්න යන්න එපා......රෑට මීදුම හරිම ඝණයි.....අතරමං වෙන්න පුලුවන්.....ලොකු හදිස්සියකදි විතරක් ඉකෝ කෑම්ප් එකට යන්න.........මම හෙට උදෙන්ම එනවා.....රෑට පැටියවයි එයාවයි තනිම තියන්න බයයි....අමාරු වුනොත් කවුරුත් නෑනෙ...."

විස්තර කියා, සියල්ල සූදානම් කල පියතිස්ස තේජනගෙන් සමුගෙන ගියේ හවස තුනට විතර. ලොකු තර්මොස් ෆ්ලාස්ක් එකක උණු කෝපි, රෑ කෑමට නූඩ්ල්ස් එක්කම කාන්සියට හප හපා ඉන්න බැදපු මංඤ්ඤොක්කා ලොකු පාර්සලයකුත්  පියතිස්සගෙන් ලැබුණා. දවල් කෑම වේල පියතිස්සගේ ගෙදරින්. එයාගේ තරුණ බිරිඳ හොඳටම උණ තියාගෙනත් අමාරුවෙන් උයලා තිබුණා. බොහොම රසට ගමේ ක්‍රමයට උයලා තිබුණු නිසා බත් මහ ගොඩක් කාපු තේජනට නිදිමතක් දැනුනත්, තංගප්පුව තේවතු යාය අසල වූ ජයතිස්සගේ කුඩා නිවසේ සිට පයින් යන්න වුනු නිසා ඒ ගතිය ඇරිලා ගියා.

පියතිස්ස කියපු විධියටම ෂාහීන් ෆැල්කන්ලා හවස පහ විතර වෙනකොට කඳුගැටයේ තනාගෙන තිබූ කූඩුවලින් එලියට ඇවිල්ලා ගොදුරු සොයා පියඹන්න වුනා. තනිවම හිටපු නිසාත් බොහොම නිස්කළංක පරිසරය නිසාත් හොඳ ෆොටෝ සෑහෙන ප්‍රමාණයක් ගන්න තේජනට පුලුවන් වුනා. 

"රුපියල් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ගත්ත ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් හරියටම වැඩ ගන්න ලැබුණේ අද තමයි...."තේජනට හිතුනා. ලෙන්ස් එක ගන්න ලෑස්ති වෙනකොට බොරුවට සල්ලි නාස්තිකරන්න යනවා කියලා උමායා තේජනගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්තා.

"තාත්තා අමාරුවෙන් එවපු සල්ලිනෙ....අපරාදෙ, බැංකුවෙ දාන්නකො..."ඇය පෙරැත්ත කලා. දැන් එයා නෑ, තියෙන්නේ ලෙන්ස් එක විතරයි. එක දිගටම පැයක් විතර කැමරාව එල්ලකරගෙන වේගෙන් පියාඹන ෂාහීන්ලාව ෆෝකස් කරන්න මහන්සිවුන නිසාත් පැය තුනක් විතර කැලේ මැද්දෙන් ඇවිදගෙන ආපු නිසත් තෙහෙට්ටුවක් දැනුනා. රෑට එන ගෝනුන්ගේ low light ඡායාරූප ගන්න හිතාගෙන කැමරාව ට්‍රයිපොඩ් එකේම තියෙන්නට හැරි තේජන, කැමරාව වහපු පොලිතීන් කොලේ හුළඟෙ යන්නෙ නැතිවෙන්න ගල් කැට කිහිපයක් බරට තිබ්බා. ස්ලීපින් බෑග් එක දිග ඇරලා ඒක උඩින් ඇලවුනේ ටිකක් ඇහැ පියාගන්න. තවම සීතල නැති නිසා ස්ලීපින් බෑග් එක ඇතුලට බැහැගන්න උනන්දුවක් ඇතිවුනේ නෑ.

තෙහෙට්ටු වැඩි නිසාම නිදිමත නොතිබුණත් තේජන දෑස් පියාගෙන කල්පණා ලෝකයක ගිලුනා. කැබරේ නැටුමෙන් පස්සේ ජීවිතය උඩු යටිකුරු වුන හැටි තේජනට මෙනෙහි වුනා. කැබරේ වීඩියෝව මුලු කැම්පස් එකේම පැතිරිලා, ඒක නොදැකපු කෙනෙක් සොයාගන්න බැරිවුන නිසා ලෙක්චර්ස් යන්න බැරි තැනටම වැඩ සිද්දවෙලා තිබුණා. හැමෝම තේජන, උමායාට කරපු අවනම්බුව ගැන කතාකරන්න පටන් ගත්තා. 

"මහ වල් යකෙක්....ඕකා ඉස්කෝලෙ යන කාලෙත් බඩු පොට් එකක ඉඳලා පොලීසියට අහුවෙලයි ඉස්කෝලෙන් අස් කලේ...."

උමායා පමණක් නොව ඔහුගේ යහලු යෙහෙලියන් බොහෝ දෙනෙක් ඔහුව පිලිකුල් කරන බව තේජනට දැනුනා. ඔහුගේ හොඳම සගයාවූ සුරේෂ් පවා ඔහුව මගහැරියා. ඔවුන් තමන්ව ලාදුරු රෝගියෙක් මෙන් සැලකීම තේජනට දරාගත නොහැකි වේදනාවක් වුනා. 

සතියක් විතර දේශන වලට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපු තේජන මෙට්‍රොපොලිටන් කැම්පස් එකට ට්‍රාන්සර් එකක් ගන්න හැදුවත් එය ප්‍රතික්ෂේප වුනා. දැඩි සිත් තැවුලට පත් ඔහුට පිහිටක් වුනේ මල්ටිමීඩියා උපාධි පාඨමාළාවේ සම්බන්ධීකරණ නිළධාරිණිය ලෙස කටයුතු කල ආචාර්යවරියක්.

"ඔයා ගිහිල්ලා කැම්පස් කවුන්සලර්ට කතා කරන්න.....ඔයාගේ මානසික තත්වය කියන්න....එයාගෙන් රෙකමෙන්ඩේශන් එකක් ආවොත් රෙජිස්ට්‍රර් ඔෆිස් එකෙන් ඔයාගෙ ට්‍රාන්සර් රික්වෙස්ට් එක පිලිගනී..."

ඇයගේ මග පෙන්වීම අනුව විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය උපදේශකවරයා හමුවී සියල්ල පවසා සිටි තේජනගේ ඉල්ලීම සාධාරණ බවත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේපකල හොත් ඔහුගේ අධ්‍යාපනය කඩාපප්පල්වී අනාගතය අඳුරු වියහැකි බවටත් කල රෙකමදාරුව නිසා ලේඛකාධීකාර්යාලය තේජනට  SLIIT මෙට්‍රොපොලිටන් කැම්පස් එකට මාරුවක් හදා දුන්නා.

යහලුවන් සියල්ලම මගහැරීම නිසා ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට ඔහු ඒවන විටත් තීරණය කර තිබුණා. සිය ෆෙස්බුක් ගිණුමේ හා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප හා වීඩියෝ සියල්ලම මකා දැමූ තේජන ඒවා ක්‍රියාවිරහිත කලා. සිය දුරකථනයේ මෙමරි කාඩ්පත හා සිම් කාඩ් එක වීසිකොට දැමූ ඔහු, දුරකථනය factory reset කොට එහි තිබූ දත්ත සියල්ලමද මකා දැම්මේ දෙපාරක් හිතන්නේ නැතුව. එයින් නොනැවතුනු ඔහු, අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ගොණු පමණක් බැකප් කරගෙන සිය ලැප්ටොප් යන්ත්‍රය හා ග්‍රැෆික් ඩිසයින් වැඩ සඳහා භාවිතා කල ඩෙස්ක්ටොප් යන්ත්‍රයේද Windows 10 මෙහෙයුම් පද්ධතිය අලුතින්ම ස්ථාපනය කලා. 

උමායා එක්කම පරණ ජීවිතයේ මතක සියල්ලම අකා-මකා උපාධියේ ඉතුරු අවුරුදු එකහමාර කෙසේ හෝ අවසන් කරගෙන ජීවිතය ගොඩදාගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා.

ඒ අතර; 

"තේජන ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා......මාත් එක්ක තරහට ෆොටෝෂොප් කරයිද දන්නේ නෑ….."කියමින් උමායා මැසිවිලි නගන බව කනින් කොණින් ආරංචිවූ නිසා සියල්ලම මකා දැමීමට පෙර ඇය සිටින සියලුම ඡායාරූප මෙමරි කාඩ් පතකට පිටපත් කරපු තේජන එය ඇය වෙත යැව්වේ කුඩා සමුගැනීමේ හසුන්පතක් පතක් සමගයි.

"සුරේෂ්...මචන් මම උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව...මේ මෙමරි චිප් එකයි, මේ කාඩ් එකයි උමායට දීපන්.....?"

"අනේ මේ....උඹට ඕනෑනම් දීපන්.....මට ඔය කේස් වලට පැටලෙන්න බෑ....ඕවාවල මොනවා තියෙනවද දන්නේ නෑ.....මට ලෙඩ දාගන්න බෑ........."

සුසුමක් හෙලූ තේජන.. "ඒකත් එහෙමද? ඒ තරමට මාව එපාවෙලා උඹලට??…..මට එයා ලඟට යන්න බැරි බව උඹ දන්නවානේ……….මේ චිප් එකේ තියෙන්නේ මගෙ ලඟ තිබුණ එයාගෙ ෆෝටෝ ඔක්කොම.....මගෙ ලඟ කිසිම කොපියක් නෑ...මේක මගේ ගුඩ් බයි කාඩ් එක....උඹට ඕනෙ නම් කියවපන්...ඉඳා...." 

කාඩ්පත කවරයෙන් ඉවතට ගෙන සුරේෂ්ගේ මුහුණට දිගුකල තේජන සුරේෂ්ට එය කියවන්නට ඉඩ දුන්නා. පෙරපාසැල් වියේ සිටම ස්ටැෆර්ඩ් පාසැලේ ඉගෙන ගත් තේජනට සිංහලට වඩා බොහොම ලස්සනට ඉංග්‍රීසි බස හසුරුවන්නට හැකිවුනු නිසා එය ඉංග්‍රීසියෙන් ලියා තිබුණා.


හදිසියේම ඇහැරුනු තේජන අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා. පාන්දර 1.35 එහි සටහන්වී තිබුණා. ස්ලීපින් බෑගයෙන් එලියේ නිදාගත් නිසා සීතලට ඇඟ ගල්වී තිබුණා. අමාරුවෙන් තර්මෝස් ෆ්ලාස්ක් එක ඇරගත් තේජන කෝපි කෝප්පයක් වත්කර ගත්තා. මීදුම හා ශීතල නිසා උණු කෝපි කෝප්පයෙන් වාෂ්ප එන්ජිමකින් මෙන් දුම්දානවා. 

බඩගිණ්නක් දැනුනත් හීතල වුනු නූඩ්ල්ස් කන්න හිත් දුන්නේ නෑ. ඒ වෙනුවට මඤ්ඤොක්කා පෙති අහුරක් කටේ දාගත්තා. අවට පරිසරය පුරා මීදුම ලාවට පැතිර තිබුණා. "පාන්දර වෙනකොට නම් මීදුම වැඩිවෙයි."ඔහු හිතුවා.

කූඩාරමෙන් එලියට පැමිණ වටපිට නැරඹූ ඔහුට ඈතින් ඉකෝ ලංකා කඳවුරේ ගිණි මැළය පෙනුනා. රැහැයියන්ගේ ඝෝෂාව වගේම ඈතින් ඇහෙන අමුතු කුරුල්ලෙකුගේ හඬත් කොළඹ ජීවත්වුනු ඔහුට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුනා.  හාත්පස ඝණ අඳුර මකන්නට පුර අටවක හඳෙන් පැතුරුණු එලිය සමත්වුනා. 

"ගෝන්නු එනකොට පාන්දර හතර විතර වෙයි..එලාම් එක තියන්න ඕනෑ.........නැතිනම් ඇහැරෙන එකක් නෑ...."සිතූ තේජන සිය දුරකථනය රැගෙන පාන්දර 3.45ට සකස් කලා. 

තිරයේ දිස්වුනු "No Service"නිවේදනය ඔහුට අනාරක්ෂිත හැඟීමක් ගෙන දුන්නත් පැය භාගයක ගමණකින් ඉකෝ ලංකා කෑම්ප් එකට යන්නට හැකිවීම  එම හැඟීම තුනී කලා.

"දිවියෝ නෑ කිව්වනෙ......මේ පැත්තේ වලස්සුත් නෑ.........මොකටද බය වෙන්නේ? යක්කු එනවා කියලයැ...."ඔහුට හිතුනා. යකුන් ගැන මතක්වන විට කලකට පෙර පැවරුමක් සඳහා අතරින් පතර කියැවූ "Village folk tales of Ceylon"නම් පොතක තිබූ ජනප්‍රවාදයක් මතක් වුනා. එච් පාකර් නම් වාරිමාර්ග ඉන්ජිනේරුවා විසින් 1914දී සම්පාදනය කල මෙම පුරාණ ලාංකික ජනකතා එකතුවේ දුම්බර මිටියාවතේ වාමනයින්ගේ ලෝකයක් ගැන ජනප්‍රවාදයක්  විස්තර කර තිබුණා.

දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ යම් යම් කඳුවල ඇති කුඩා ගුහාතුලින් සඳ ඇති කාලයට එලියට එන අඩි 4ක් හෝ 5ක් උසැති මිටි මානවරූපී සතුන් පිරිසක් ගැන විස්තරයක් තිබුණා. "පිශාචයින්"ලෙස ගැමියන් හැඳින්වූ මොවුන්, කඳුකර ඝණ කැලෑවල සැඟවී දිවි ගෙවන යම් ආකාරයක අර්ධමානව ගෝත්‍රයක් විය හැකි බවට එකල ලක්දිව පර්යේෂණ සිදුකල යුරෝපීය වියතුන් මතපල කොට තිබුණා.

ගැමියන් පැවසූ අන්දමට මේ පිශාචයින්ගෙන් ගැමියන්ට අණතුරක් වූයේ කලාතුරකින්. සඳ ඇති රාත්‍රීවල එලියට පැමිණෙන ඔවුන් කැලෑවේ පැලෑටි එකතු කිරීම හා යාග පැවැත්වීම සිදුකරන බව ජනකතාවල සඳහන් වුනා. මිනිසුන්ට අණතුරක් නොකලත් ඔවුන් සතුව බලගතු මන්ත්‍ර ඇති බවයි ගැමියන් විශ්වාස කලේ. යමෙක් ඔවුන්ට නොදැනෙන්නට ලං වුවහොත් ඒ පුද්ගලයාව ටික වේලාවකට ගල් කිරීමේ මන්ත්‍ර ඔවුන් ලඟ තිබුණා. ඒ මන්ත්‍රයට හසුවන්නන් පැයක් පමණ යනතෙක් අතපය වාරු නැතිව වැටී සිටිනවා. වාමනයින් දැක බිය පත්වූ සමහරුන් සුව කිරීමට තොවිල් නටා කුකුල් බිලි ලබාදීමටද සිදුවන බව ජනප්‍රවාද වල තිබුණා.

ඔවුන් ජීවත්වුනේ පොලොව යට බවත්, කුඩා ගුහා තුලින් විහිදෙන දෝනා වලින් ඔවුන්ගේ ලෝකයට යා හැකි බවත් පැවසුනා. මිනිසුන් දුටුවිට වහා දිවගොස් තමන් එලියට පැමිණි කුඩා ගුහාවට රිංගා ගන්නා කලු වාමනයින් නැවත කලකට දකින්නට ලැබෙන්නේ නෑ. එමෙන්ම ඔවුන් පසුපස හඹා ගොස් එම දෝනාවලට රිංගූ කිසිවෙකුට යලි ආපසු එන්නට ලැබෙන්නේ නැති බවත් පැවසෙනවා. තමන්ගේ ලෝකයට එන කිසිදු මිනිසෙකුට ඒ ලෝකයේ රහස් දැනගෙන මෙලොවට යලි එන්නට වාමනයින් ඉඩ නොදෙන බවයි පැවසුනේ. 

රන්, මිණී මුතු මැණික් වැනි වටිනා දෑ දසත විසිරී ඇති වාමන ලෝකයට පිවිස යලි ආපසු එන්නට වරම් ලැබූ අයද කලාතුරකින් සිටියත් ඔවුන් ජීවිත කාලයම සිහිමද ගතියෙන් පෙලෙන බවයි ගැමි ප්‍රවාදවල සඳහන් වුනේ. වාමන ලෝකයේ දුටු බිහිසුණු දසුන් ඔවුන්ව සදහටම සිහි විකල් කරවන බව ගැමියන්ගේ විශ්වාසය වුනා.

එහි තිබූ තවත් අපූරු විස්තරයක් වූයේ වාමන ලෝකයට රිංගා, කලකට පසුව පැමිණෙන සමහරුන් ඒ ලෝකයේදී අඩුවෙන් වයසට යන බවට වූ විස්තරයයි. වාමන ලෝකයේ මාස ගණනාවක් ඇවිදිමින් සිට ආපසු පැමිණෙන්නට වරම් ලැබූ බවට කියූ පුද්ගලයෙක් ගැන තොරතුරක් ඕලන්ද ජාතික පර්යේෂකයෙකු වාර්තාකොට තිබූ බව කියන එච් පාකර්, ඒ පුද්ගලයාගේ ඥාතීන්ට අනුව ඔහු අතුරු දහන්වී පෝය දොලහකින් (අවුරුද්දකින්) ආපසු පැමිණි බවත්, පැමිණීමෙන් පසු සිහිමද ගතියෙන් පෙලුණු ඔහු, මිනී කන බිහිසුනු අමනුෂ්‍යයින් වෙසෙන, මහා අඳුරු ලෝකයක අතරමංව පාර සොයාගත නොහැකිව ඇවිදිමින් සිටි බවත්, ඔහුව අල්ලාගත් වාමනයින් මාස කිහිපයක් කිහිපයක් ඔහුව සිරකරගෙන සිටි බවත් පවසා තිබෙනවා. වාමන ලෝකයේ මාස කිහිපයක් ගතකොට ආපසු පැමිණීමේදී, ඔහුගේ ඥාතීන් ඔහු මිය ගොස් ඇතැයි සිතා, ඔහු සිහිකොට අවුරුද්දේ දානයද දී අවසන්ව තිබුණා.

වමානයින් ගැන වැඩිදුර තොරතුරු සොයන්නට තේජන සිතා ගත්තත්, අධ්‍යයන කටයුතු නිසාත්, ඊට ටික කලකට පසු උමායා හා හාදවීම නිසාත් ඒ වෙනුවෙන් කාලය යොදවන්න බැරිවුනා.


කෘෂ්ණ ලෝකයේ රැඳවියා

වටපිට බැලූ තේජන හිස අතගෑවා. හිස බිමවැදුනු තැන තඩිස්සිවී තිබූ අතර හිසේ තද හිසේ කැක්කුමක් දැනුනා. තවමත් කන් අගුල් වැටී තිබුණා. අඳුරට හුරුවූ දෑස් කරකැවූ ඔහු තමන් ගැඹුරු වලක් මෙන් තැනක සිටින බව වටහා ගත්තා. ඔහුගේ කැමරාව, දුරකථනය හා අත් ඔරලෝසුවද අතුරුදහන් වී තිබුණා. ඔහු සිටි වල අඩි දහයක් පමණ ගැඹුරු වූ අතර හරි හතරැස් ස්වභාවක් ගත්තා. කවුරු හරි කපපු වලක්. ඔහුට දැඩි ශීතලක් දැනුනා. උඩ බැලූ ඔහුට දැඩි අඳුරක් පෙනුනා. "තවම රෑද?..."

"මං වගේ මෝඩයෙක්..."කන්දේ තුබූ කුඩා ගුහාවක් වැනි සිදුරෙන් ඇතුලට බඩගාන්න සිතුනේ කරුමයට විය යුතු බව ඔහුට සිතුනා. ඔහු අපහසුවෙන් නැගිට්ටා.

ඔහු වෙත යෂ්ඨියක් වැනි යමක් දිගුකල වාමනයා ඔහුට මතක්වුනා. එය පොලු කෑල්ලක් මෙන් පෙනුනත් යම් ආයුධයක් විය යුතු බව ඔහුට සිතුනා. "මොකක් හරි අමුතු තාක්ෂණ අවියක් වෙන්න ඕනෑ...."

බොහොම දියුණු තාක්ෂණයක් වගේ....ඒ කියන්නේ මේ වාමනයින් තාක්ෂණික ශිෂ්ඨාචාරයක් තියෙන ජීවීන් පිරිසක්ද?....පිට සක්වලයින්ද?"තේජනට බියක් දැනුනා. වාමනයා යෂ්ඨිය ඔහු වෙත දිගුකොට තත්පරයක් යන්නටත් පෙර කන්බෙර පුපුරණ තරමට තියුණු හඬක් ඇසුනු බවත් මොහොතකින් ඔහුගේ මස්පිඩු අප්‍රාණිකවී ඇඟ පණනැතිවූ හැටිත් ඔහුට මතක් වුනා.

ගෝනුන් ඡායාරූප කරන්නට අවදිවී කැමරාවේ ටෙලිෆොටෝ ලෙන්සයන් බැලූ ඔහුට ඈත කන්ද පාමුල තුල ගැවසෙන වාමනයින් දකින්නට ලැබුණා. එතකොට පාන්දර හතරට විතර ඇති. වාමනයින් හතර දෙනෙකු සිටි අතර ඔවුන් අත යම් යම් දෑ තිබුණා. ඔවුන් අත්භූත හැසිරීම් පෙන්වමින් සිටියා. ඒවා යම් යාගයක් සිදුකරන විට පෙන්වන හැසිරීම් වලට වඩා ඉතා සූක්ෂමව අවට නිරීක්ෂණය කරන හැසිරීම් බව තේජනට වැටහුනා. ඔවුන් අත තිබූ රිදී පැහැති පෙට්ටි දෑතින් ඔසවා අහසේ ඒ මේ අත කරකවනවා මෙන් පෙනුනා. ඔවුන් ඒ පෙට්ටි ඉහලට ඔසවාගෙන වටේට කැරකුනේ අහසේ යම් දෙවියෙකු යදිනවා මෙන් වුවත්, ඔවුන් ඒ පෙට්ටි අහසේ සෑම දිශාවකටම යොමු කරනවා මෙන් තේජනට පෙනුනා.

"මුන් මේ කරන්නේ යාගයක් නම් නෙමෙයි..."තේජනට හිතුනා.

"දෙයියෝ වඳිනවද? අහස නිරීක්ෂණය කරනවද? මොනවටද? අහසේ යන ගුවන් යානා නිරීක්ෂණය කරනවද? නැතිනම් තරු නිරීක්ෂණය කරනවද?"තේජනගේ සිතේ දහසක් පැන ගොනුවුනා.

වසර සියයකට පෙර පාකර් ගේ පොතේ උපුටා දක්වා තිබූ ගැමි කතාවල, ඔවුන් පාන්දරට දෙවියන් යදින්නට යාග කරන බව පවසා තිබුණේ එතරම් ඈත කාළයේ ජීවත් වූ නූගත් ගැමි ජනයාට මොවුන්ගේ මේ හැසිරීම විස්තර කරන්නට අවබෝධයක් නොතුබුණු නිසා වෙන්නට ඇති.

අත්භූත වාමනයින්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටි තේජනට ෆෝටෝ ගන්න මතක් වුනේ පැය කාළකට විතර පස්සෙයි. කඳුගැටය පාමුල සිටි ඔවුන් කිලෝමීටරයක් පමණ ඈතින් සිටියත් අධිබල ලෙන්සය ඔවුන්ගේ පැහැදිලි දසුනක් ලබා දුන්නා. කැමරාවේ photo + video පහසුකම ක්‍රියාත්මක කල ඔහු ඡායාරූප ගන්නා අතරේම වීඩියෝ දසුන්ද සටහන් කර ගත්තා.

විනාඩියක් ගතවන විටම එක් වාමනයෙකු නැවතී කෙලින්ම දසුන්ගේ කැමරාව දෙස බැලුවා. ඔහු සෘජුවම තමා දෙස බලාසිටින බව අධිබල ලෙන්සය තුලින් දුටු තේජනට බියක් දැනුනා.

මීටර් 1000ක් පමණ ඈතින් අඳුරු කූඩාරමක් තුල සිටින තමාව කොහොම දැක්කා දැයි ඔහුට සිතාගන්නට බැරිවුනා.

"කොහොමද මුන් දැක්කේ? ශටර් එක ක්ලික් වෙන සද්දේ ඇහුනද? වෙන්න බෑ.........අහ් ෂිට්...... ලෝ ලයිට් ෆෝකස් ලේසර් එක....උන් ඒක දකින්න ඇති....."

අඩ අඳුරේ ඡායාරූප ගැනීමේදී ස්වයංක්‍රීය නාභිගත කිරීමේ පද්ධතියට උපකාර වෙන්නට කැමරාවේ ලෙන්සය අසල ඇති බල්බයකින් නිකුත්වෙන රතු ලේසර් කිරණය ඔවුන් දකින්නට ඇතැයි ඔහුට සිතුනා.

"ෂිහ්.....ඒක ඕෆ් කරන්න අමතක වුනානෙ..."

මොහොතකින් අනෙක් වාමනයින්ද නැවතී ඔහු සිටි දෙස බලා සිටි අතර තත්පර කිහිපයකින් පසු ඔහුන් ආපසු හැරී ගස් අතරින් විහිදී ගොස් අතුරුදහන් වුනා. තවත් විනාඩි කිහිපයකින් පසු ඔවුන් කඳු ගැටයේ තිබූ කුඩා ගුහාවක් වැනි විවරයකට රිංගන අයුරු තේජනට පෙනුනා.

පැයක් පමණ වේලා සිදුවූයේ කුමක්දැයි කල්පණාකරමින් සිටි තේජන පාන්දර පහට විතර කඳු ගැටය පැත්තට ඇවිදගෙන ගියේ ඇවිලෙමින් තිබූ කුතුහලය තවත් දරාගන්නට නොහැකිවූ තැනයි.

වාමනයින් ඇතුලුවූ කුඩා සිදුරෙන් අපහසුවෙන් ඇතුලට ගිය තේජනට එම ගුහාව කෙමෙන් කෙමෙන් විශාල වෙන බව පෙනුනා. මුලින් බඩගාගෙන ගිය ඔහුට මීටර් 200ක් පමණ ඇතුලට යනවිට සිට ගැනීමට තරම් එය විශාල වුනා. දුරකථනයේ විදුලි පන්දම දල්වාගත් තේජන දිගටම ඇවිදගෙන ගියේ වාමනයින්ගේ වාසස්ථානය ලඟම ඇතැයි සිතමින්. තවත් මීටර් 300ක් පමණ ඇතුලට ගිය තේජනට එක්වරම දැඩි ශීතල දැනුනා. වටපිට බැලූ ඔහුට ගුහාව තවත් විශාල වී ඇති බව පෙනුනා. ශීතල කෙතරම්ද යත් ඔහුගේ හුස්ම හුමාලය මෙන් පිටවන හැටි ටෝච් එලියෙන් පෙනුනා.

"දැන් ඇති ආපහු යං"ඔහුගේ සිත බල කලත්, කුතුහලය ඊට වඩා දැඩිවුනා. වසර සියගණනකට පසු ජනප්‍රවාදයේ තැන් තැන්වල පමණක් සටහන්ව තිබූ අපූර්ව මානව ගෝත්‍රයක වතගොත සොයාගත් පලමුවැන්නා වීමේ ආශාව, අනවශ්‍ය අවදානමක් නොගැනීමේ හැඟීම යටපත් කලා. තවත් ඉදිරියට ගිය ඔහුට ගුහා කටක් පෙනෙන්නට වුනා.

"මේකනම් නියමයි! කන්ද යටින් අනෙක් පැත්තටම විහිදෙන ගුහාවක් වගේ...."

ගුහා කටින් එලියට ආ ඔහු ඝණ අඳුරින් වැසුනු පෙදෙසකට පය තැබුවා.

"හොඳටම කරුවලයිනෙ.....වෙලාව කීයද?"තමන්ගෙන්ම අසමින් ඔරලෝසුව බැලූ ඔහුට එහි 5.45 දිස්ව ඇති බව පෙනුනා.

"පහයි හතලිස් පහයි....දැන් එලිය වැටිලා තියෙන්න එපෑ...ඇයි මේ කරුවල? වහින්නවත්ද?"කියමින් අහස බැලූ ඔහු තිගැස්සුනා. ඉතා පැහැදිලි අහසේ තාරකා දීප්තිමත්ව දැල්වෙමින් තිබුණා. ඒත් ඔහු තිගැස්සුනේ අහසේ තරු දැකලා නෙමෙයි. දීප්තිමත්ව පායා තිබූ චන්දයන් දෙදෙනා ඔහුගේ සියොළඟ දහදියෙන් තෙත් කලා.

"දෙයියනේ හඳවල් දෙකක්? එකක් ලොකුයි අනෙක පොඩියි.....මේ කොහෙද මේ? මං හීනයක් දකිනවද?"

දැඩි ශීතල ඉක්මණින් දහදිය නිවා දැම්මා. වටපිට බැලූ ඔහුට ගල්කුළු, වලගොඩැලි වලින් ගහන, නිසරු බිමක් පෙනුනා. ඈතින් ගස් වදුලු වැනි අඳුරු සෙවනැලි දිස්වුනා.

"මේ අපේ ලෝකෙ නෙමෙයිද? වාමනයෝ එන්නේ වෙන ලෝකෙකින්ද? ඒත් ගුහාව ඇතුලෙන් කොහොමද වෙන ලෝකෙකට යන්නේ? පොලොව යට වත්ද? එත් පොලොව යටනම් කොහොමද හඳවල්, තරු පේන්නේ?"තේජනගේ සිත වියවුල් වුනා. ආපසු හැරුනු ඔහුට ගුහා කට දිස්වුනා. 

"ආපහු ගුහාව ඇතුලට ගියොත් මෙතනින් පැන ගන්න පුලුවන්...මොන අපායක්ද දන්නේ නෑ මේක..."ඔහුට සිතුනා. වාමන ලෝකය, අපේ ලෝකයට වඩා බොහෝ වෙනස්, අඳුරු, බියකරු ලෝකයක් බවට පුරාවෘත්ත වල සඳහන්ව ඇති දෑ බොහෝ නිවැරදි බව තේජනට සිතුනා.

ඒ සමගම ඔහුට කරේ එල්ලාගෙන සිටි කැමරාව දිස්වුනා. "ටිකක් ඇවිදලා ෆොටෝ ටිකක් අරගෙන ගියානම් හොඳ නැද්ද?"ඔහුගේ කුතුහලය යලිත් ඇවිස්සුනා.

කැමරාව අතටගෙන ක්‍රියාත්මක කල විට එහි බැටරිය බොහෝ දුර්වලවී ඇති බව පෙනුනා. "සීතලට බැට්‍රිය වීක් වෙලා වගේ..."කැමරාවේ ටෙලිෆොටෝ ලෙන්සයෙන් අවට බැලූ ඔහුට ඈතින් අවට විසිර තිබූ කලු පැහැති වස්තූන් ස්වභාවික ඒවා නොවන බවට සැකයක් ඇතිවුනා.

"මේවා ස්වභාවිකව හැඩතල නෙමෙයි වගේනෙ... ලෙන්සය තවදුරටත් සූම් කිරීමට උත්සහ කිරීමේදී බැටරිය වියැකී යාමෙන් ක්‍රියා විරහිත වුනා. 

"ෂිහ්...ලඟට ගිහිල්ලා ෆෝන් කැමරාවෙන් වත් ගන්න බලන්න ඕනෑ..."

හැකිතාක් ඉක්මණින් ඈතින් පෙනුනු කලු පැහැති සුන්බුන් විසිරී ගිය පෙදෙස වෙත තේජන ගමන් කලේ කරුවලේම කරගන්න දෙයක් කරගෙන, මේ ලෝකෙට එලිය වැටෙන්න ඉස්සෙල්ලා පැන ගන්නා අදහසින්. හැකිතාක් වේගයෙන් ඇවිද ගිය ඔහු එක්වරම නැවතුනේ තමන් පල්ලමක් ලඟ සිටින බව දැකීමෙන්. කැමරා ලෙන්සයෙන් බලද්දී  ඔහු එලියට පැමිණි ගුහාව තිබූ පෙදෙස සානුවක් මෙන් උස්බිමක් වූ බව පැහැදිලිවී තිබුණේ නෑ. ඔහුට ඈතින් පෙනුනේ සානුවේ පාමුල ඇති නිම්නයට එහා ඇති දසුන්. ඔහු ඒ සානුවේ අද්දරට පැමිණ සිටියා. ආපසු බැලූ ඔහුට ඈතින් ගුහා කට දිස්වුනා. ගුහාව ඇති දිසාව සිතේ සටහන් කරගත් ඔහු යලිත් පහලින් පෙනුනු නිම්නය දෙස බැලුවා. පෙනෙන්නට තිබූ දෙය නෙත් අදහා නොහැකි තරම් අපූර්ව වූවා මෙන්ම වාමන ලෝකයේ බියකරු බව මොනවට දක්වා සිටියා.



සානුවේ හරි මැදට වෙන්නට කඩාවැටුනු මහා දැවැන්ත යානාවක් පෙනෙන්නට තිබුණා. කීලාකාර හැඩයක් ගත් එය පැත්තකට ඇලවී තිබූ අතර ඉදිරිපස කොටස පොලොවේ ගිලීගොස් ඇති සැටියක් පෙනුනා. යානාවේ පිටුපසින් සැතපුම් ගණනක් ඈතට විහිදෙන වියලීගිය විශාල ගංගාවක් මෙන් පෙනෙන ගැඹුරු සෑරුමක් නිසා එය කඩා වැටෙන මොහොතේ බොහෝ ඈතින් පොලොවේ වැදී ගතික ශක්තිය නිසා බිම දිගේ ඇදීගොස් දැන් තිබෙන තැන නතරවූ බව තේජනට වැටහුනා. ටොන් ලක්ෂ ගණනක් බර යැයි අනුමාන කල හැකි එය පොලොව මත ඇදී යනවිට යෝධ ඩෝසරයකින් පස් හූරා ඇළක් කපනවා මෙන් පොලොව හෑරීගොස් තිබුණා.

තමන් සිටින තැන සිට ඒ යානාවට කිලෝමීටර් 5ක් පමණ ඇතැයි තේජන අනුමාන කලා. සානුවේ සිට නිම්නය වෙත බැස්ම එතරම් තීව්‍ර නොවූ නිසා ඉක්මණින් ඒ දුර යාහැකි බව ඔහු සිතුවා. සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ගත් ඔහු ගමන අරඹන්නට පෙර යලිත් ගුහා දොරටුව දෙස බැලුවේ එය තිබෙන දිසාව හිතේ ධාරණය කරගැනීම, මේ ලෝකයෙන් ගැලවී යා හැකි එකම මගවූ නිසයි. හැකිතාක් ඉක්මණින් යානාව වෙත ගොස් ආපසු පැමිණ ගුහා කටින් පිටව යෑමට අදහස් කල තේජන, යලිත් දිනක හොඳින් සූදානම් වී ආපසු පැමිණෙන්නට ඒවන විටත් තීරණය කරගෙන සිටියා.

නිම්නය පාමුල සිට යානාවට කිලෝමීටර්  පහක් පමණ ඇතැයි කල අනුමානය කොතරම් වැරදිදැයි තේජනට සිතුනා. යානාව අසලට එනවිට පැය එකහමාරකටත් අධික කාලයක් ගතවී තිබුණ අතර ගමන ඉතා වෙහෙසකර වූ නිසා යානය පාමුලට පැමිණෙන විට ඔහුට සිටගෙන සිටින්නට පවා නොහැකි තරමට හතිවැටී තිබුණා. යානය අසල හිඳගෙන වටපිට අවට බැලූ ඔහුට එහි විශාලත්වය සිතාගන්නට නොහැකි වුනා. දික් අතට එක් කෙලවරක සිට අනෙක් කෙලවරට මීටර් 2000ක් වත් ඇතැයි සිතුනා. එමෙන්ම මදක් පැත්තකට ඇලවී තිබූ එහි උස තට්ටු පහක-හයක ගොඩනැගිල්ලක් තරම් වුනා.

අඩුම ගණනේ වසර සියයකට පෙර මෙය කඩා වැටෙන්නට ඇතැයි තේජනට සිතුනා. යෝධ යානාව පතිතවී තිබූ නිම්නය මහා දැවැන්ත තාක්ෂණික යුද්ධයක සුන්බුන් වලින් පිරී තිබුණා. බැලූ බැලූ අත මේ යානාවෙන් ගැලවී වීසිවී ගියායැයි සිතිය හැකි කැබලි විසිරී තිබුණා. සමහර ඒවා ටොන් සියගණන් බර යකඩ කුට්ටි  මෙන් පෙනුනා. ඒ වගේම කඩා වැටුනු හා විනාශවුනු වෙනත් යුධ යන්ත්‍ර යයි සිතිය හැකි දෑද අතර මගදී හමුවුනත් ඒවා ගැන සොයන්නට කල්ගත නොකල තේජන සිය ඉලක්කය වෙත ගමන් කලා.

"මේක ටොන් ලක්ෂ ගණනක් නෙමෙයි මිලියනයක් වත් බර වෙන්න ඇති....කොහොම මේ වගේ එකක් හැදුවද? පොලොවේ හදලා උඩට නග්ගන්න බෑ...බර වැඩියි....මේ වගේ විශාල යානා හදන්න වෙන්නේ  ග්‍රහලෝකයේ කක්ශයේ....ඒ කියන්නේ අභ්‍යකාශයේ යෝධ යානා හදන්න පුලුවන් සුපිරි බුද්ධිමත් ශිෂ්ඨාචාරයක් මේ ග්‍රහලෝකයේ තිබිලා තියෙනවා..."

"මේවා හැදුවේ වාමනයින්ද?.....වෙන්න බෑ........උන් ලඟ දියුණු උපකරණ තිබුණාට මේවා හැදුවේ වාමනයින් වෙන්න බෑ.........උන්ගේ හැසිරීම බොහොම නොදියුණුයි. ටොන් මිලියන ගණක් බර අභ්‍යවකාශ යානා හදන්න පුලුවන් ඥාණ ශක්තියක්, දියුණුවක් තියෙන ගෝත්‍රයක් ගල් ගුහා අස්සේ රිංග රිංග, රෑට කැලේ නටන්නේවත්, මිනිස්සු දැක්කම පැනලා යන්නේවත් නෑනෙ. සමහරවිට වාමනයින් මේ දියුණු ශිෂ්ඨාචාරය හදපු ජීවීන්ගේ වහලුන් විධියට තියාගෙන හිටිය ගෝත්‍රයක්ද දන්නේ නෑ....සමහර විට ඔවුන් මේ ලෝකයේ ස්වදේෂිකයින් වෙන්න ඇති...... දියුණු පිටසක්වලයින් මේ ලෝකය ආක්‍රමණය කලාද දන්නේ නෑ..."

"එතකොට මේ යුද්ධය කවුරුන් අතරද? මේක අධිතාක්ෂණික, ගුවන් හා අභ්‍යවකාෂ යුද්ධයක් බව පැහැදිලියිනේ......එතකොට කා අතරද යුද්ධය වුනේ?.... වෙනත් දියුණු ශිෂ්ඨාචාර දෙකක් තමන් අතර යුද්ධයේදී එක පිලක් මේ ග්‍රහලෝකය කඳවුරක් විධියට යොදාගත්තාද දන්නේ නෑ....ඒ නිසා මේ ග්‍රහලෝකයටත් දරුණු විපාක විඳින්න සිද්ද වෙන්න ඇති...."

දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකන්/බ්‍රිතාන්‍ය හමුදා වගේම ඔවුන්ට සතුරු ජපන් හමුදාත්, පැසිෆික් සාගරයේ නොදියුණු වනචාරී ගෝත්‍ර ජීවත් වුනු දූපත් වල කඳවුරු අටවාගෙන ඔවුනුත් යුද්ධයට ඈඳාගත් බව තේජනට සිහිපත් වුනා. ඒ කඳවුරු නිසා සමහර ගෝත්‍රික දූපත් ගුවන් ප්‍රහාරවලින් මහත් ව්‍යසනයකට ගොදුරු වුනා. මැරුණු ස්වදේශිකයින් ප්‍රමාණය ගැන තවමත් කවුරුවත් හොයලා බලලාවත් නෑ. ලංකාවටත් බෝම්බ වැටුනා. ඇමරිකානුවන් අල්ලාගෙන සිටි, සාමකාමී ස්වදේශිකයින් ජීවත්වුනු හවායි දුපත්වල පර්ල් වරාය මුලුමනින්ම විනාශවුනා. 

“එහෙම දෙයක් වාමන ලෝකයෙත් සිද්ධවෙන්න ඇති............."

මොහොතක් කල්පණා ලෝකයේ ගිලී සිටි තේජනට එක්වරම සද්දයක් ඇසුන නිසා ගැස්සී වටපිට බැලුවා. ඔහු පිටුපසින් වාමනයින් සයදෙනෙකු සිටි අතර දෙදෙනෙක් ඔවුන්ගේ යෂ්ඨි දිගුකරගෙන සිටියා. ගේකුඩා රවුම් මුහුණු තිබූ ඔවුන්ගේ නාසය මුහුණට වඩා කුඩා වූ අතර මුඛය හෝ නාස් පුඩු පෙනෙන්නට තිබුනේ නෑ. සඳවල් දෙකේ එලියෙන් ඔවුන්ගේ කාළවර්ණ සිරුරු දිලිසුනා. කළුවට දිලිසෙන්නේ ඔවුන්ගේ සැබෑ සම නොව යම් ඇඟලුමක්දැයි ඔහුට සැක සිතුනා. ඔවුන් ඇඟටම ඇළුනු ලේටෙක්ස් වැනි ඇදෙන සුලු දෑකින් තැනූ ඇඟැළුමක් දමාගෙන සිටිනවාදැයි තේජනට සිතුනා. ඒ තරමටම ඔවුන්ගේ ඇඟවල් තෙල්පාටින් දිලිසුනා. ඔවුන් නිහඬව බලා සිටියා. ඔවුන් සමග සිටි අනෙකා වාමනයින්ට වඩා අඩි එකහමාරක් පමණ උසින් වැඩිවූ අතර හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන ලෝගුවක් වැනි ගොහෝසු යමක් පොරවාගෙන සිටියා. බැලූ බැල්මට ඔහු මිනිසෙකු විය යුතු බවයි තේජනට සිතුනේ.

එක්වරම තේජනගේ කණ් අඩි පුපුරණ්නාක් මෙන් වේදනාවක් ගෙනදුන් අතර කකුල් පණ නැතිවේගන ගියා.


අන්ධෙරාවේ ඒජන්තයා

සතියක් අතුරුදහන්වී සිටීම නිසා තේජන ගැන රටම දැනගත්තා. ඔහු කූඩාරමෙන් අතුරුදහන්වී ඇතිබව දහවල ඔහු සොයා පැමිණි පියතිස්ස පොලීසියට වාර්තාකොට තිබුණා. වාමන ලෝකයට ඇතුලුවූ ගුහාකටෙන්ම එලියට හා ඔහු මැදියම් රැයේම ඔහු සමග ආ වාමනයින්ගේ උපකාරයෙන් ඝණ කැලෑවට ඇතුලුවුනා.  ඒ ඔහුගේම උවමනාවට. සතියක් තිස්සේ කැලයේ අතරමන් වී සිටි බව බළධාරීන්ට පවසන්නට ඔහුට ඕනෑ වුනා. නකල්ස් කැලය පීරමින් ඔහුව සොයමින් සිටි සෙවුම් කණ්ඩායම් ආසන්නයටම පැමිණෙන තෙක් ඔහුගේ ආරක්ෂාවට රැඳීසිටි වාමනයින් සීරුවෙන් පසුබැස ගියා. වැඩි ගුරුත්වයක් ඇති ලෝකයක ජීවත්වීම නිසාත්, නුහුරු, අමිහිරි ආහාර වැළඳීම නිසාත් ඔහු බොහෝ වෙහෙසට පත්ව සිටියා. ප්‍රශ්ණකිරීම් වලදී සිදුවූ දෙය හා ඔහු දුටු විස්මිත ලෝකය ගැන කිසිවක් හෙලි නොකිරීමට තේජන පරිස්සම් වුනා. ගෝනුන් ඡායාරූප ගන්නට පාන්දර ඒ පැත්තට යාමේදී මීදුම නිසා පාර වැරදී අතරමන් වූ බව ඔහු පවසා සිටියා. නීති ප්‍රකාරව ඔහුට අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලීසියට සිදුවූ අතර රක්ෂිත වනයක අනවසරයෙන් ඇවිදින්නට යාම හා එමගින් අයුතු කළබළයක් ඇති කිරීම ගැන දැඩි ලෙස අවවාද කල විනිසුරුවරයා ඔහුව නිදහස් කලේ යලිත් මෙලෙස වගකීම් රහිතව ක්‍රියාකල හොත් සිරගත කරන බවට තර්ජනය කරමින්.

සිද්ධියෙන් සතියකට පමණ පසු ඔහු අධ්‍යයනය කලයුතු විෂයකට මෙට්‍රොපොලිටන් පීඨයේ ආචාර්යවරුන් නොමැති නිසා ඔහුට දේශන කිහිපයකට සහභාගිවීමට මාලබේ කැම්පස් එකට යන්නට සිදුවුනා. ඔහු දුටු අය 

"අර මෝඩයා ආයෙත් පිස්සු වැඩක් කරලා..", 

"ගන්ජා ගහලා ඉන්ඩ ඇත්තේ බන්....ඌ ගන්ජා කාරයානේ..." 

ආදී අවමන් කතා හා උසුළු විසුළු කරනවා ඇසුනත් තේජනට ඒවා ගණන් ගන්නට ඉස්පාසුවක් තිබුනේ නෑ. 

කලින් ඔහුව ප්‍රතික්ෂේපකල යහලුවන් දුටුතැන ඔවුන්ව උවමනාවෙන්ම මග හරින්නට කටයුතු කල තේජන, වරක් තමන් අසලට පැමිණ කතාකරන්නට මෙන් කැරකෙමින් සිටි සුරේෂ් ලඟට එනවිටම නැගිට යන්නට ගියා. එදිනම දවල් ලන්ච් බ්‍රේක් එකේදී කැෆටේරියා එකේ කෙල්ලන් රොත්තක් සමග සිටින උමායා දුටුවා. ඇය සිටින තැන ලකිතයාද සෙම පෙරමින් සිටිනවා දුටු තේජනට සිනහ පහලවුනා. "තාම හරිගියෙ නැද්ද දන්නේ නෑ......"

ඔහුගේ අවඥා සිනහව දුටු ඇය ඔහු දෙසම බලා සිටින බවත්, ඇයගේ යෙහෙලියන් රොත්ත ඇය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටිනු දුටු තේජන බලවත් නොරුස්නා මුහුණක් මවාගෙන ඔවුන් කිසිවෙකුත් මායිම් නොකර යන්නට ගියා. සැබැවින්ම ඔහුට උමායා ගැන දැන ගැනීමට පවා උනන්දුවක් තිබුණේ නෑ. ඊට වඩා වැදගත් අරමුණක් ඉටුකරගැනීමේ උවමනාව ඔහු පෙලන්නට වුනා. 

පස්වරුවේ පුස්තකාලයේ රෙෆරන්ස් වැඩ සඳහා වෙන්කොට තිබූ පරිගණකයක් ඉදිරිපිට අසුන්ගත් තේජන ටෝර් නම් බ්‍රව්සරය පිලිබඳව තොරතුරු සොයන්නට වුනා. අන්තර්ජාලයේ ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර වලින් සැඟවී ඇති ඩාක් වෙබ් නම් කොටසේ සැරිසැරීම සඳහා නිමවා ඇති ටෝර් බ්‍රව්සරය ක්‍රියාත්මක කරවන ආකාරය පිලිබඳව සොයා බැලීම තේජනට උවමනා වුනා. ඩාක් වෙබ් කොටස විවිධ ජාවාරම් කරුවන් , මත් ද්‍රව්‍ය වෙළඳුන්, සොරා ගත් මෘදුකාංග විකුණන්නන්, ලිංගික සේවා හා ළමා අපචාර වීඩියෝ සපයන්නන් මෙන්ම රහස් දත්ත විකුණන්නන්ගෙ පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධයි. 

සාමාන්‍ය දත්ත ගබඩාවලින් සොයා ගත නොහැකි විශේෂ දත්ත වගයක් ඉතා ඉක්මණින් සොයාගන්නට තේජනට අවශ්‍ය වුනා. නාසා ආයතනයේ "ස්කයි සර්වේ"නම් ව්‍යාපෘතියෙන් වසරක් පාසා එකතුකරන රාත්‍රී අහසේ ඡායාරූප ඔහු වහා සොයාගත යුතුවුනා. ලංකාව ඉහලින් රාත්‍රී අහසේ තාරකා මණ්ඩලවල පිහිටීම් හා පසුගිය වසර දහයක පමණ කාළය තුලදී වෙනස්වීම් සිදුවී ඇතිදැයි සෙවීම ඉතා වැදගත් බව ඔවුන් ඔහුට අවධාරණය කලා. සොරකම් කල නාසා ඡායාරූප අන්තර්ජාලයේ අඳුරු පෙදෙසින් මිලදීගන්නට හැකිදැයි සොයන්නට ඔහු පෙළඹුනේ තර්ජනයක් හෝ බලහත්කාර කමක් නිසා නොවේ. එය කලයුතුයැයි ඔහුට අවබෝධ කරන්නට ඔවුන් සමත්වුනා.

"සල්ලි ගැන ප්‍රශ්ණයක් නෑ......"ඔහු පැවසූවා. "ඕනෑ ගාන කියන්න. අපි දෙන්නම්...."

"එහෙම බෑ....මේවා ගන්න බිට් කොයින් කියලා සල්ලි ජාතියක් ඕනෑ. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනෑ. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා බිට් කොයින් අරගෙන, මේ තොරතුරු සපයන්නන්ට ඒවායින් ගෙවන්න ඕනෑ."

"ඔයාට ක්‍රෙඩිට් කාඩ් කියන දේ තියෙනවාද? "ඇය ඇසුවා. ඇයගේ දෑස් තියුණුවූවා. පෘථිවියට වඩා අඩු එලියකින් හිරු දැල්වෙන, කෙටි දිවාකාලයක් හා ඉතා දිගු රාත්‍රීකාළයක් ඇති ලෝකයක ජීවිතයට පරිණාමයවී සිටි ඇයගේ කනීණිකාව ඇඳුරේ ඇවිදින බැළළියකගේ මෙන් ඉතා විශාලව පිහිටා තිබුණා.  මෘදු එහෙත් ගැඹුරු කටහඬක් තිබූ ඇයට කෝපවූ විට කන් අඩි පැලෙන්නට කැගැසීමේ හැකියාවද තිබුණා. සටන්කාමී පෙනුමක් තිබූ ඇගේ ලා-රෝස පැහැයට බර කුඩුහම කෝපවූ විට රත්පැහැ ගැන්වුනු නිසා ඇයට රෞද්‍ර පෙණුමක් ලැබුණා.  දින කිහිපයක් ඇයගේ කෝපයේ ඉලක්කය වී සිටි නිසා ඔහුට දැන් ඒවා පුරුදුවෙලා.

“තියෙනවා ඒත් එකෙ සල්ලි නෑ...."

"මේක විකුණගන්න......"ඇය, සිය සොයුරා දෙස බලමින් විශාල සුදු මැණික් ගලක් තේජන අත තැබුවා.

"මේක දියමන්තියක් නේද?"

"ඔව්.."

"අපෝ එපා එපා......"

"ඇයි??"ඔවුන් දෙදෙනාම එකවර ඇසුවා.

"මං වගේ පොඩි කොල්ලෙක්, මෙච්චර වටින දියමන්තියක් විකුණන්න ගියොත් අනිවාර්යයෙන් පොලීසියෙන් අල්ලන් යනවා........"

ඇය ඔහු දෙස බැලුවා.

“පොලිස් කියන්නේ ඔවුන්ගේ මහජන ආරක්ෂක සේවාවට.” ඔහු ඇයට පැහැදිලි කලා.

"පොඩි රත්තරන් කෑලි නැද්ද?....පොඩි පොඩි කෑලි.........ඒවා සැකයක් ඇති කරන්නේ නැතුව උගස් බඩු ගන්න තැන්වල තියලා මට සල්ලි ටිකක් හදාගන්න පුලුවන්........"

"පුලුවන්......හොයලා දෙන්නම්......කොච්චර ඕනැද?"

"ග්‍රෑම් 200ක් විතර විතර තිබ්බොත් ඇති...."තේජන අනුමානයට කිව්වා. ටික කාලයකට ඉස්සෙල්ලා උමායාට අතේ බඳින්න බ්‍රේස්ලට් එකක් තෑග්ගක් විධියට හදන්න රත්තරන්වල ගණන් සෙවූ නිසා, යම් අදහසක් ඔහු තුල තිබුණා. ඒත් බ්‍රේස්ලට් වැඩේ කරගන්න හම්බුවුනේ නෑ. උමායාගේ උපන්දිනයට කලින් සල්ලි හොයාගන්න බැරිවුනා.

"ග්‍රෑම් 200ක් කියන්නේ රත්තරන් කොච්චරක් විතරද?"ඔහු විමසුවා.

“ඔයා අපිව පාවලා දුන්නොත්, නැතිනම් හැංගෙන්න හැදුවොත්, මම ඔයාව හොයාගෙන එනවා...." 

ඇය සිහින් දිගු කිනිස්සක් වැනි යමක් ඔහුගේ ගෙලෙහි තබමින් තර්ජනය කලා. වීදුරු වැනි විනිවිද පෙනෙන ස්ඵටික වර්ගයකින් තනා තිබූ එහි තලය කොතරම් තියුණුද, කොතරම් ශක්තිමත්ද යන්න මෙක් ප්‍රහාරයේදී ඔහු අත්දුටුවා. එමෙන්ම ඇයගේ බිහිසුණු සටන් හැකියාවද සියැසින්ම දුටු නිසා ඇය කරන්නේ විහිලුවක් නොවන බව ඔහු දන්නවා. ඇයටත් වඩා බිහිසුණු ලෙස සටන්කල ඇගේ සොයුරා හොඳින් වැඩුනු මිනිසුන් දෙතුන් දෙනෙකුගේ ජවයෙන් පහදුන් දුන් ආකාරය මෙක් නම් අර්ධ-ජීව යන්ත්‍ර එල්ලකල ප්‍රහාරයේදී පණබයේ ගැහෙමින් සිටි තේජන දුටුවා. අයියා නගෝ එකතුවී මෙක් යන්ත්‍ර සතරක් එල්ල කල ප්‍රහාරය අවසන් කලේ ඒවා සහමුලින්ම විනාශ කරමින්. 

තේජනට වැටහුනු ආකාරයට මෙක් ලෙසින් හඳුන්වන්නේ වාමනයින් හා යන්ත්‍ර බද්ධකොට කෘත්‍රිමව නිර්මාණය කරන ලද දෙපයින් ඇවිදින සටන් යන්ත්‍ර වලට. ඒවා එවන්නේ කවුදැයි ඇසූ විට; 

"ඊලඟට හම්බුවෙන මෙකා ගෙන් අහන්න..." 

යනුවෙන් නොරුස්නා ලෙස පිලිතුරු දුන් ඇය යම් කුඩක් ඒවා මත ඉස ගිණි තැබුවා. සහමුලින්ම විනාශ නොකලහොත් එම අබලන් යන්ත්‍රවල මතකයන් වල ඇති තොරතුරු උකහා ගන්නට ඊලඟට එන මෙක් යන්ත්‍රවලට හැකි බව ඔහුට ඇහුනා. කොහොම වුනත් පසු දිනක මෙක් යන්ත්‍ර ගැන තමන් දන්නා සියලු විස්තර තේජනට පවසා සිටින්නට ඇය ක්‍රියාකලා. 

“පරිස්සම් වෙන්න. මෙක් යන්ත්‍රයකට අහුවුනොත් ඔයා වගේ සටන් පුහුණුව නොලැබූ කෙනෙක්ට මරණය නියතයි....” සිෆ් අණතුරු ඇඟවූවා.

මොහොතකට සිතුවිල්ලේ ගිළුනු තේජනට තම පරිගණකයට මදක් ඈතින් ඇති පරිගණකය වෙත යමෙක් පැමිණි බව දැනුනා. 

ගණනකට නොගත් ඔහු යලිත් ටෝර් බ්‍රව්සරය ගැන කියවද්දී ඉතා හුරුපුරුදු විලවුන් සුවඳක් දැනෙන්නට වුනා. හිස හරවා බැලූ ඔහුට ඊලඟ පරිගණකය ක්‍රියත්මක කරවන උමායා දකින්නට ලැබුණා. ඔහු බලන බව දැනුනාක් මෙන් ඇය ඔහු දෙස බැලුවා. එතකොටම ඇය අසලට පැමිණි ලකිත් ඇයගේ කැරකෙන අසුන සෙල්ලමට මෙන් සෙලවූවා. වහා නැගීසිටි තේජන ගිණි විහිදෙන දෑස් වලින් ඔහු දෙස මොහොතක් බැලුවා. 

ලකිත්ගේ හොම්බට දෙකක් අනින්නට සිතුනද ඒ සිතුවිල්ල මැඩපවත්වා ගත් තේජන කෝපයෙන් යන්නට හැරෙද්දී; "විකාරද ලකිත්?...ආවනම් ඔයාගෙ වැඩක් කරගන්න පස්සෙන් ඇවිත් වද නොදී..."උමායා කියනු ඇසුනා.

"බොරු බයිලා......තව ටිකකින් ජීප් කට්ටෙ නැගලා යයි අපූරුවට...."තේජනට හයියෙන්  කියවුනා. ඒ අසල සිටි කිහිප දෙනෙකු ඔහුගේ කතාව ඇසී සිනාසෙනු ඔහු දුටුවා. පුස්ථකාල සේවිකාවක් දබර ඇඟිල්ල දෙතොල් මත තබාගෙන තර්ජනාත්මකව බලද්දී තේජන ඉක්මණින් පිටවුනා.

~ / ~


තේජන ඔරලෝසුව දෙස බැලුවා. පාන්දර 2.35 එහි සටහන් වී තිබුණා. 

කැම්පස් එකෙන් පිටවී මරදානට පැමිණි ඔහු අවට තිබූ සියලුම උකස් බඩු කඩවලට ගොස් ඔහු සතුව තිබූ රන් කැබැලි ටික ටික උකස් තබා රුපියල් ලක්ෂ 5ක් පමණ සොයා ගත්තා. ඒ මුදල් මරදානේ කොමර්ෂල් බැංකු ශාඛාවේ සිය ගිණුමේ තැම්පත් කල තේජන පිටකොටුවට ගොස් එහි සියලුම හරස් වීදිවල ඇවිදිමින් රන් කැබලි උකස් කලා. පසුදින ඉන්ටර්සිටි බසයක නැගී මාතර ගිය ඔහු එහි උකස් කඩ දහයකට පමණ තවත් රන් කැබලි උකස් කොට තවත් ලක්ෂ 6ක් පමණ සොයා ගත්තා. කොමර්ෂල් බැංකුවේ ලක්ෂ 5කුත්, සම්පත් බැංකුවේ ලක්ෂ 5කුත් ඉතිරිය ලංකා බැංකුවේත් තැම්පත් කලා. බැංකුවලින් නිකුත් කල ඩෙබිට් කාඩ් පත් හරහා ගෙවීමෙන් මේ රුපියල් ලක්ෂ දහසයට, ඩොලර් 10,000ක මිළදී ගැනීම් සිදුකල හැකි බව ගූගල් විනිමය අනුපාත කැල්කියුලේටරය පෙන්වා දුන්නා. කොහොම වුනත්, ගූගල් "ඩොලර් ටු බිට්කොයින්"අනුපාත කැල්කියුලේටරයට අනුව මේ ඩොලර් දසදහසම වියදම් කලත් ඔහුට මිළදීගත හැකි වෙන්නේ බිට්කොයින් 1.64ක් පමණක් බව දුටු තේජනට හීල්ලුනා. 

"දෙයියනේ බිට් කොයින් එකක් ඩොලර් හයදාහක් වෙනවද?"

ඔහුගේ අලුත් දුරකථනයට පණිවිඩයක් ලැබී වයිබ්‍රෙට් වෙන බව දුටු තේජන එය ක්‍රියාත්මක කලා. පණිවුඩය එවා ඇත්තේ වාමන ලෝකයේ ඔහු දමා ආ දුරකථනයෙන් බව දැක විශ්මයට පත්වූනු තේජන එය කියෙව්වා.

“Thejana, this message is from Andheraa….Thousand Meks and many Thidiya attack-shuttles stormed Ravin. Base destroyed. Lot of Andhera and Vamana fighters died. Daar wounded. Cannot use stargate near Ravin. You have to come through Kurat stargate. We withdrew to a camp near Kurat. Hope you remember the directions to Kurat. Please hurry, The great war is coming soon…  Siff…”

[තේජන, මේ පණිවුඩය අන්ධෙරාවෙන්…..මෙක් යන්ත්‍ර දහසක් හා තිදියන්ගේ ප්‍රහාරක-ෂටල් යානා රැවින්  වලට පහර දුන්නා. රැවින් කඳවුර විනාශයි. බොහෝ දෙනෙක් මියගියා. ඩාර් තුවාලවුනා. රැවින් අසල තාරකා දොරටුව පාවිච්චි කරන්න එපා. කුරැට් තාරකා දොරටුවෙන් එන්න. ඒ ලඟ කඳවුරකට අපි පසු බැස්සා. කුරැට් තාරකා දොරටුවට යන පාර මතක ඇතැයි හිතනවා. මහා යුද්ධය ලඟම එනවා..ඉක්මණින් එන්න... සිෆ්...]

“දෙයියනේ!!......ඒත් කොහොමද මේ පණිවුඩය එව්වේ? කොහොමද නොම්බරේ දන්නේ?” 

ඔහු දැන් භාවිතා කරන්නේ මාස කිහිපයකට පෙර උමායා සමග විරසකයේදී ගලවා වීසිකල සිම් පතෙහි නොම්බරය බව ඔහුට මතක් වුනා. ඇයත් සමග විරසක්වීමෙන් පසු ලබාගත් අලුත් නොම්බරය ෆෝන් එකක් එක්කම අන්ධෙරාවේදී නැතිවීම නිසා, ඔහුගේ පරණ නොම්බරය ඇක්ටිව් කරගෙන අලුත් සිම් පතක් ගත්තා. ඒ නොම්බරය ඔහුගේ ගූගල් ගිණුම හරහා දුරකථනය ක්‍රියාත්මක කල තැනැත්තා ලබාගන්නට  ඇතැයි තේජනට සිතුනා. තුසිත අංකල්ට හා තාත්තාට යැවූ ඊමේල් පණිවුඩ වලත් අලුත් දුරකථන අංකය සටහන් කොට තිබුණ නිසා මේ පණිවුඩය එවන්නට දැන් පාවිච්චි කරන අංකය තහවුරු කරගන්න පුලුවන් වෙන්න ඇති.

ලංකාව තුල රහසේ ජීවත් වෙන අන්ධෙරාවන් අතලොස්සක් සිටින බවත්, ඔවුන් ඔත්තු ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහුට දැන ගන්නට ලැබී තිබුණා. සමහර විට, මතු ප්‍රයෝජනය තකා ඔහුගේ දුරකථනය මේ ඔත්තුකරුවෙක් අතට පත් කරන්නට ඩාර් සමත්වෙන්න ඇති. පණිවුඩය එවන්නට ඇත්තේ ඒ විධියට. නැතිනම් තාරකා දොරටු හරහා  ගමන් කරන ගුවන්විදුලි තරංග විකෘතිවන බව ඔවුන් වරක කියා සිටි බව තේජනට මතකයි.

නකල්ස් කඳුවැටියේ ඇති ගුහාවෙන් අන්ධෙරා නම් වාමන ලෝකයට ඇති තාරකා දොරටුව විවර වෙන්නේ ඔවුන් රැවින් නමින් හඳුන්වන පෙදෙසකට. කඩා වැටී තිබුණු මහා අභ්‍යවකාශ යානාව අසලදී ඔවුන්ගේ අත්ඩංගුවට පත් තේජන සියලු විස්තර දැන ගත්තේ රැවින් කඳවුරේදී. තේජන යම් ආකාරයක සතුරෙකු හෝ ඔත්තුකරුවෙකු විය යුතුයයි සිතූ රැවින් කඳවුරේ අණදෙන නිළධාරී ඩාර් හා ඔහුගේ රණකාමී සොයුරිය සිෆ් දින කිහිපයක් ඔහුව නිරාහාරව තබමින් ප්‍රශ්ණ කලා. පසුව ඔහු එවැන්නෙක් නොවන බව අවබෝධ වූ නිසා ඔවුන් ඔහුව ආපසු ඇරලවන්නට සූදානම් වුනා. එහෙත් ආපහු යනවාට වඩා, ඔහු රැවින් නිම්නයේ දුටු කඩා වැටුනු යානය ගැනත්, දැවැන්ත යුද්ධයක සළකුණුත් ගැන නිතර විමසන්නට වූ නිසා සිෆ් ඔහු සමග දොඩමලු වුනා. ඩාර් එතරම් කැමත්තක් නොපෙන්වූවත්, ඔහු වැනි තරුණ කොල්ලෙකුගෙන් උදව් ලබාගැනීමට සිෆ් කල යෝජනාව රැවින් කඳවුරේ අනෙක් අන්ධෙරාවන් පිලිගත්තේ ඔවුන්ගේ අනාගතය එතරම්ම අණතුරේ තිබූ නිසා වෙන්න ඇති.

වාමනයින් අන්ධෙරාවේ ස්වදේෂිකයින් වන අතර ඔවුන්ද ඈත අතීතයේදී, එනම් වසර ලක්ෂයකට පමණ පෙර ලංකාවට විවර වුනු තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණි ලාංකික පැරණි මානවයින්. සිෆ්, ඩාර් හා ඔවුන්ගේ පාත්‍රවර්ගයා අන්ධෙරාවට පැමිණ ඇත්තේ මීට වසර දස දහසකට පෙර පමණ පෙර ලංකාවෙන් හා උතුරු ඉන්දියාවේ හිමාල කඳු වැටියේ ඇති තවත් තාරකා දොරටු වලින්.  වසර දසදහසකට පෙර ඉතා දියුණු ජනාවාස තිබූ ලංකාව හා ඉන්දියානු කළාපයේ ඇතිවූ මහා යුද්ධයකින් ගැලවීම සඳහා ඔවුන්, ඔවුන්ගේ පුරාවෘත්තවල තිබූ තොරතුරු ඔස්සේ ලංකාවේ හා ඉන්දියාවේ තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණි බවයි ඇය පැවසූයේ. එහෙත් එම යුද්ධය ඔවුන් සොයාද පැමිණියා. අවසන් යුද්ධය වසර සියයකට පෙර අවසන්වූ බව පැවසූ සිෆ් ඊට පෙර තුන්වතාවක්ම මහා ආක්‍රමණවලට අන්ධෙරාව ගොදුරුවූ බව කියා සිටියා. 

කඩාවැටී තිබූ මහා යානාව ආක්‍රමණිකයින්ගේ ප්‍රධාන තාරකා නෞකාවලින් එකක් බව පැවසූ සිෆ් එය විනාශ කිරීමට අන්ධෙරාවන් හා වාමනයින් එක්ව සිදුකල වික්‍රමාන්විත ක්‍රියාන්විතයක් විස්තර කලා. ආක්‍රමණිකයින්ගේ කුඩා යානා කිහිපයක් සොරකරම් කරගත් කණ්ඩායමක් අහසේ සිට පහරදෙමින් සිටි තාරකා නෞකාවට ඇතුලුවී එය අබලන් කොට කඩාවැටෙන්නට සැලැස්වූ බව ඇය කියාසිටියා. ප්‍රධාන තාරකා නෞකාව අහිමිවූ නිසා ආක්‍රමණිකයින් ඔවුන්ගේ ඉතිරි නෞකා දෙකටද ඒ ඉරණම අත්වේ යයි බියෙන් යුද්ධය අතහැර පලා ගිය බවයි ඇය පැවසූයේ. ඇය කියූ අන්දමට ඒ ක්‍රියාන්විතයට නායකත්වය දී ඇත්තේ ඇයගේ හා ඩාර්ගේ සීයා ඇතුලු පිරිසක් හා ඔවුන්ගේ හිතවත් වාමන හා අන්ධෙරාවන් කණ්ඩායමක්. නෞකාව අත්පත් කරගැනීමේ සටනේදී බොහෝ දෙනා මිය ගිය අතර ඉතිරි අය නෞකාව ග්‍රහලෝකයේ වදින්නට සලස්වමින් මියගියා.

කොහොම වුනත් අන්ධෙරා ග්‍රහලෝකයේ බොහෝ තැන් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයේ තිබුණා. තාරකා නෞකා පිටව යනවිට අන්ධෙරාවේ සිටි ඔවුන් විශාල බලකොටු තනාගෙන සිටි අතර ඒවාට පහරදීම ඉතා දුෂ්කර වුනා. ඔවුන්ගේ සුපිරි තාක්ෂණය භාවිතා කොට අල්ලාගත් වාමනයින් පණපිටින්ම යන්ත්‍ර හා බද්ධකොට ඇවිදින ප්‍රහාරක යන්ත්‍ර නිමවාගන්නට සමත්වුනා. පිරිස් බලයෙන් ඉතා සුලුවූ ආක්‍රමණිකයින් ප්‍රහාර සඳහා යොදාගත්තේ මෙක් ලෙස හඳුන්වන මේ ජීව-යාන්ත්‍රික සෙබලුන්. ඔවුන් නිරන්තරයෙන්ම මෙක් ප්‍රහාර එල්ල කල අතර ඒ සඳහා අන්ධෙරාවේ ඈත පෙදෙස්වල සිටින වාමන ජනාවාස පිටින් අල්ලාගෙන කඳවුරුවල කොටුකරගෙන සිටියා.

වසර ලක්ෂයකට පෙර පැමිණි වාමනයින් තරමටම මේ ලෝකයේ පරිසරයට අනුව පරිණාමය නොවූ නූතන හෝමෝ සැපියන් මානවයින් වූ අන්ධෙරාවන්ට මිනිස් ගති ලක්ෂණ හා හැඩ හුරුකම් තිබුණා. අඳුරු, ශීතල ලෝකයකට හැඩගැසී තිබෙන නිසා ඔවුන්ගේ සම ලාපැහැති වන අතර දෑස්වල කණීනිකා විශාලයි. ශීතල නිසා නාස් පුඩු කුඩා වී ඇති අතර පෘථිවියට වඩා ගුරුත්වබලය වැඩි නිසා ඔවුන්ගේ ඇටසැකිල්ල ඉතා ශක්තිමත්ව හා ඝණව පරිණාමය වී තිබුණා. අන්ධෙරාවන්ට පෘථිවි මානවයින් හා එක්ව දරුවන් බිහිකල හැකි බව, තේජන ඇසූ පැනයකට සිෆ් අහක බලාගෙන පිලිතුරු දුන්නා. කෙලින්ම දෑස් දෙස බලාගෙන කතාකරන, ඉක්මණින් කෝපවන, දැඩි ගතිපැවතුම් ඇති ශක්තිමත් පෞරුෂයක් තිබූ ඇය, ලැජ්ජාවට පත්වූවා යැයි තේජනට හැඟුනු එකම අවස්ථාව එයයි. 

~ / ~


ටෝර් බ්‍රව්සරය හරහා නාසා ආයතනයෙන් පන්නාගත් විවිධ තාක්ෂණික සැලසුම් හා නිර්මාණ, මෘදුකාංග හා වෙනත් දෑ විකුණනන්නන් පිලිබඳව සොයා බැලූ තේජන දින කිහිපයක් වෙහෙසී StarBoyBB8 නැමැත්තෙක් පිලිබඳව තොරතුරු හෙලිකරගත්තා. StarBoyBB8 සමග සාර්ථකව ගණුදෙනු කොට තමන්ට ඇවැසි දෑ ලබාගත් කිහිප දෙනෙකුගේ රෙකමදාරුවන් හමුවූ නිසා ඔහුගේ සහය ලබාගන්නට තීරණය කලා. මේ වනවිට තේජන දින කිහිපයක්ම නිවසෙන් පිටවී තිබුනේ නෑ. දේශණ ගණනාවක් අතහැරුනත්, අන්ධෙරාවන්ට අත්වෙන්නට යන බිහිසුණු ඉරණම වෙනස් කිරීමට කලහැකි සියලු කැප කිරීම් කරන්නට ඔහු තීරණය කොට තිබුණා. සමහර විට එය මරණයෙන් කෙලවර වන්නට පුලුවන්. එහෙත් අන්ධෙරාවේ වැසියන් වසර සිය ගණනක සිට දිනපතා විඳින දුක් ගැහැට, මුහුණ දෙන බිහිසුණු ප්‍රහාර ගැන සලකන විට තමන් මේ කරන කැපවීම සුලු දෙයක් බව ඔහුට වැටහී තිබුණා. 

අන්ධෙරාවට එන ආක්‍රමණිකයින් ඈත තාරකාවකට අයත් ග්‍රහ මණ්ඩලයක ජීවත්වෙන අතිශය දියුණු කාබණික ජීවී විශේෂයක් වන අතර මානවයින් හා අන්ධෙරාවන් මෙන්ම මානවරූපීන් පිරිසක්. එහෙත් ඔවුන්ගේ පරිණාමය හා දියුණුව පෘථිවියේ ජීව පරිණාමයට බොහෝ සෙයින් වෙනස් වුනා. අන්ධෙරාවන් මේ පිටසක්වලයින් හැඳින්වූයේ තිදියා යන නමින්. තිදී යනු අන්ධෙරාවේ ජීවත්වෙන, විටෙක ලක්ෂ ගණනින් බෝවී මහා විනාශයක් කරන පතංගයින් මෙන් පෙනෙන කෘමි වර්ගයක්. තිදියන්ගේ ශාරීරික ව්‍යුහය අධ්‍යයනය කොට ලියා තිබූ සටහන් රැසක් තිබූ අතර බොහෝ උගත් තැනැත්තෙකු ලෙස රැවින් කඳවුරේ ප්‍රසිද්ධියක් ඉසුලූ හාෂ් නම් වයස්ගත අන්ධෙරාවා ඒවායින් කිහිපයක් ඔහුට පෙන්වා සිටියා. 

විශාල ඇස් ඇති දෙපයින් ඇවිදින කෘමියෙකු ගේ හැඩරුව ඇති ඔවුන්ට මොළ දෙකක් තිබෙන බවත්, එකකින් ශරීරය පාලනය කරන අතර අනෙක චින්තන හැකියාව හා උසස් මානසික හැකියාවන් ලබාදෙන අවයවය බව හාෂ් විස්තර කලා. තිදියන්ගේ දෑත් හා දෙපාවල සන්ධි දෙක බැගින් තිබූ අතර ශාරීරිකව දුර්වල නිසා ඔවුන් යානාවලින් පිටතට පැමිණෙන විට ආරක්ෂිත යාන්ත්‍රික ඇඳුමක් ඇඟලා ගන්නවා. මේ යාන්ත්‍රික ඇඳුම මගින් ඔවුනට වේගයෙන් දිවීමේ හා පැනීමේ හැකියාව හා විවිධ සංවේදන හැකියාවන් ලබාදෙන බවත්, එයට සවිකොට ඇති විවිධ ආයුධ මගින් විනාශකාරී ප්‍රහාරයන් එල්ලකල හැකි බවත්  කියාදුන්නා.

තිදියන්ගේ ග්‍රහ මණ්ඩයට ආසන්න තවත් ග්‍රහමණ්ඩයක සිටින එවැනිම දියුණු පිටසක්වලයින් පිරිසක් සමග තිදියන් වසර දහස් ගණනක සිට බල අරගලයක නිරතවෙන බවත්, මීට වසර 10,000කට පෙර ඔවුන් අතර දරුණු යුද්ධයක් පෘථිවිය අයත් සෞරග්‍රහමණ්ඩළයේ සිදුවූ බවත් ඔවුන්ගේ දරුණු ආයුධ වලින් වූ විනාශය නිසා පෘථිවියට දරුණු ශීත කාලයක් උදාවූ බවත්, එයින් ගැලැවීමට එකල පෘථිවි මානවයින් ටික දෙනෙක් තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණ ඔවුන්ගේ ගෝත්‍රය ආරම්භකල බවත් හාෂ් කියා සිටියා. එකල අන්ධෙරාවේ ස්වදේශිකයින් බවට පත්ව සිටි වාමනයින් හා විටින් විට ගැටුම් ඇතිවූවත් පසුව සාමයෙන් ජීවත්වීමට දෙපිරිස එකඟ වූ බවත් වසර අට දහසකට පමණ පෙර ඇතිකරගත් ඒ සාමය තවමත් දෙපිරිස අතර පවතින බවත් ඔහු කියා සිටියා.

"Agents of Andheraa"නමින් ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිලයක් තනාගත් තේජන, VPN ආරක්ෂණ පද්ධතියක් හරහා කැනඩාවේ සිට සම්බන්ධවෙන ආකාරයට StarBoyBB8ගේ ෆේස්බුක් පිටුවේ ඉන්බොක්ස් සටහනක් තැබුවා. පැය කිහිපයකට පසු StarBoyBB8ගෙන් මැසෙන්ජර් පණිවුඩයක් ලැබුනා


Fuck off කියා විසන්ධිවුනත්, පැය කිහිපයකට පසුව බීබී8ගෙන් යලිත් පණිවුඩයක් ලැබුණා. තේජනත් එය බලාපොරොත්තුවෙනුයි සිටියේ. ඔහු සොයන සකයි සර්වේ ඡායාරූප එතරම් දුර්ලභ හෝ වාණිජ වටිනාකමක් නොමැති, පර්යේෂකයින් අතලොස්සකට පමණක් වැදගත් වන දෙයක් නිසා බිට් කොයින් එකක්, එනම් ඩොලර් 6000ක ලංසුව ඔහු පිලිගනු ඇතැයි තේජන අනුමාන කලා. සමහරවිට තව හොයලා බැලුවානම් මීටත් අඩු ගණනකට මේ ඡායාරූප සපයන්නෙක් සොයා ගන්න තිබුණා. ඒත් කාළය ඊට හරස් වුනා. 

“OK….. deal…..this is a 255 gigabyte archive. I will send you the link to the folder once you send me the payment. You have 48 hours to download it. 

[හරි, ගණුදෙනුවට කැමතියි. මේක ගිගාබයිට් 255ක ගොණුවක්. මට සල්ලි එවන්න. මම ෆෝල්ඩර් එකේ ලින්ක් එක එවන්නම්. පැය 48ක් ඇතුලත බාගන්න.]

No….can't do that….I will tell you how this can work. I will send you 10% of the payment and you give me the link for the first 10% of the archive. Once I am happy with it I will send you another 10% and send me the link for the next 10% of the archive. That way we both get what we want. 

[නෑ...එහෙම බෑ....මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා..... මම මුලු ගාණෙන් 10%ක් එවන්නම්. මට ගොණුවේ පලවෙනි 10%ට ලින්ක් එක එවන්න. ඊට පස්සේ තව 10%. මේ ක්‍රමයට අපි දෙන්නටම වැඩේ වෙනවා.]

You are a real prick…. But OK…. that should work. Send me 10% and I will send you the link to the first 25.5GB. 

[තමුසෙ නම් මහා ඇණයක් ඕයි...හරි හරි...මට 10% එවනවා. මම පලවෙනි ගිගාබයිට් 25.5ට ලින්ක් එක එවන්නම්]



බරාරා සමග රහස් හමුව

ගිගාබයිට 255ක ගොණුව සම්පූර්ණයෙන්ම බාගැනීමට තේජනට දින දෙකක් ගියා. එහි කාලානුක්‍රමණිකව වසර 10ක ස්කයි සර්වේ ව්‍යාපෘතියේ ඡායාරූප 10,625ක් තිබුනා. RAW Photo ආකෘතියෙන් තිබූ අධි-විබේධන (high resolution) ඡායාරූප ඇමරිකාවේ ජාතික සාගර පර්යේෂණ ආයතනයේ (NOAA) පර්යේෂණ නෞකාවල හා වෙනත් රටවලට අයත් පර්යේෂණ නෞකාවල සවිකොට තිබූ දුරේක්ෂවලින් ගන්නාලද ඡායාරූපයි. වසරකට කිහිපවතාවක් ඉන්දියානු සාගරයේ යාත්‍රාකරන මේ නෞකා ලබාගත් ඡායාරූප නාසා ආයතනයට යවනු ලැබුවා. බෙංගාල බොක්කේ සිට ඇන්ටාක්ටිකාව දක්වාත්, මැඩගස්කරයේ සිට අග්නිදිග ආසියාව දක්වාත් අහස් කුසේ ඡායාරූප මෙහි තිබෙන බව, එම ඡායාරූප සමග තිබූ විස්තර ඇතුලත් සූචි පත්‍රයේ තිබුණා.

ඔහුගේ ඊලඟ ඉලක්කය වුනේ මේ ඡායාරූප අන්ධෙරාවට ගෙනයාමයි. අන්ධෙරාවන් අතර බොහෝ උගතුත් හා තාක්ෂණවේදීන් සිටි අතර, තේජන ගෙනෙන ඡායාරූප රෙසීනා නම් තාරකා ශාස්ත්‍රඥවරිය වෙත ලබාදිය යුතු බවයි ඩාර් කියා සිටියේ.

ඔවුන් සතුව ආක්‍රමණිකයින්ගෙන් අල්ලාගත් පරිගණක වැනි යන්ත්‍ර තිබූ අතර ඒවා ඉතා සූක්ෂමව සිය භාවිතයට ගැනීමට ශූර අන්ධෙරාවන් සමත්වී තිබුණා. එහෙත් ඒ පරිගණකවලට මේ පෘථිවි පරිගණක ඡායාරූප ගොණු කියවීමට හැකිදැයි යන ගැටලුව නිසා ලැප්ටොප් යන්ත්‍රයද ගෙනයාමට තේජනට සැලසුම් කලා. රැවින් කඳවුරේ යම් ආකාරයක විදුලි බලය තිබුණත්, එය වෙනස් තාක්ෂණයක විදුලි ධාරාවක් සපයන බව තේජන තේරුම් ගත්තේ ඔහුගේ කැමරාවේ බැටරිය චාර්ජ් කිරීමට උත්සහ කිරීමේදී. ඩාර් හා සිෆ් ගේ ප්‍රශ්ණකිරීම් වලදී ඔහුගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට කැමරාව ක්‍රියාත්මක කරවාගෙන එහි ඡායාරූප පෙන්වීමට උත්සහ කලත් එය හරිගියේ නෑ. 

මේ නිසා ලැප්ටොප් එක සඳහා අමතර බැටරි 10ක් මිළදීගෙන ඒවා හොඳින් ආරෝපණය කරගෙන යාමට ඔහු සැළසුම් කලා. රත්තරන් උකස්කොට ලබාගත් ඉතුරු සල්ලි ටිකෙන් මේවා අරගත්තා. මේ බැටරි දහයෙන් දින තුන හතරක් අපහසුවකින් තොරව එය ක්‍රියාත්මක කල පුලුවන් වෙයි. ඒ අතර අන්ධෙරා තාක්ෂණවේදීන්ට අන්ධෙරා විදුලියෙන් එය ක්‍රියාත්මක කරගත හැකි විධියක්ද සොයාගන්නට හැකිවෙනු ඇතැයි. තේජන බලාපොරොත්තු වුනා. තේජන ඔහුගේ පැරණි ලැප්ටොප් යන්ත්‍රය හා චාජරයද අසුරා ගත්තේ ඔවුන්ට උපකාරයක් විධියට. එය යොදාගෙන අත්හදා බැලීම් කිරීමට අන්ධෙරාවන්ට හැකිවෙන නිසා මොකක් හෝ විසඳුමක් සොයාගන්නට ඔවුන්ට පුලුවන් වෙනවා.

සියල්ල සූදානම් කරගත්තත් ඔහුගේ සිතට වදදුන් ගැටලුවක් තිබුණා. ඒ කුරැට් තාරකා දොරටුව සොයා ගැනීමයි. ඔවුන් කියූ ආකාරයට එය තිබුණේ සීගිරියේ පිදුරංගල ගලේ යම් තැනක බව වැටහුනා. එහෙත් ඔවුන් ලබාදුන් තොරතුරු, මග සලකුණු සිතියම් හා ගූගල් ස්ට්‍රීට් විවි ඡායාරූප හා ගලපාගැනීම අපහසු වුනා. එමෙන්ම දිනකට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන තැනක් නිසාත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවලුන් එහි මුරට සිටින නිසාත්, හරියටම තැන නොදැන ගල්ගුහා තුලට රිංගන්නට යාම සියලු සැළසුම් කනපිට හැරවිය හැකි කරදරක වැටීමේ මාර්ගයක් බව ඔහුට සිතුනා.

"මොකද කරන්නේ? කාගෙන්ද අහන්නේ? " 

ගූගල් සිතියම් මෙන්ම තකහනියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට අලෙවි සැලට ගොස් මිලදීගත් සීගිරියේ අඟලේ සිතියම්ද පරික්ෂාකලත් තේජනට පිදුරංගල ගලේ තිබෙන කුඩා ගල්ගුහා හා දෝනා විශාල ප්‍රමාණයකින් කොයි එක නිවැරදි තාරකා දොරටු පිවිසුමදැයි සිතාගන්නට නොහැකිවුනා. පාන්දර දෙක තුන වනතෙක් කල්පණාකරමින් සිටි තේජනට නොදැනීම පරිගණකය ඉදිරිපිට අසුන මතම නින්ද ගියා. ඇහැරුනේ උදේ පහමාරට පාරේ යන චූන් පාන් අංකල්ගේ නළා හඬට.


රැවින් ප්‍රහාරය ගැන පණිවුඩය එවූ ඔහුගේ පරණ දුරකථනයට ඇමතුම් ගණනාවක් ගත්තද එය ක්‍රියාවිරහිත කොට තිබුණා. හදිසියක් නිසා තමන්ව අමතන ලෙස පණිවුඩ පිට පණිවුඩ තැබූවද එයට ප්‍රතිචාර ලැබුණෙත් නෑ.

"ශිහ් මගෙ ෆෝන් එක තියෙන අයව කන්ටැක්ට් කරගන්න පුලුවන් නම් හෝඩුවාවක් ගන්න තිබුණා....."

මුහුණකට සෝදාගෙන පැමිණි තේජනට ටිකක් එලියට බැහැලා ඇවිදින්න හිතුනා. දවස් තුනක් එක දිගට ගේ අස්සේම ඉඳලා ඔහුට එපා වෙලා. ඊට කලින් ජීමේල් එකවුන්ට් එකට ලොග්වුනේ අලුත් මේල් තියෙනවාදැයි බලන්න. ඔහු අතුරුදහන් වීම නිසා අම්මාත් තාත්තාත් ආයෙත් කළබල වෙලා තිබුණා. අම්මාටත් වඩා වාතයක් වුනේ අම්මාගේ දෙවැනි සැමියාවූ තුසිත අංකල්. 

එයා නිතරම ඊමේල් එවන්නයි කෝල් කරන්නයි පටන් අරගෙන. "අම්මව ස්ට්‍රෙස් කරන්න එපා පුතා...එයා ඩයබෙටික්...ප්‍රෙෂරුත් තියෙනවා..."අංකල් කිව්වා. තේජනට ඔහු එක්කවත්, අම්මා එක්කවත් තරහක් තිබුණේ නෑ. ඔහු අම්මාට ඉතා හොඳින් සළකන බවත්, ඇයව සතුටින් තියන්නට වෙහෙසෙන බවත් තේජන දැන සිටියා. ආඩම්බර කුකුල් කේන්තිකාරයෙකු වූ, තරහ ගියවිට අම්මාට පවා අතපය වනන්නට පසුබට නොවූ තාත්තාට වඩා තුසිත අංකල් අම්මාට ඇත්තටම ගැලපෙන බව ඔහුට සිතුනා. 

තුසිත අංකල්ගෙන් ඊමේල් එකක් තියෙනවා නම් කෙටි උත්තරයක් තියලා එලියට බහින්නයි තේජනට හිතුනේ. නැතිනම් මිනිහා කෝල් කරනවා, සමහර වෙලාවට කෝල් කරන්නෙත් නෑ, ගේ ඉස්සරහට ඇවිල්ලා එලියට එනකන් හෝන් කරනවා. තාත්තා කියන විධිය මම දැන් කාටවත් විස්වාසකරන්න බැරි, හිතාගන්න බැරිතරමේ ලෙඩදාගන්නා තක්කඩියෙක් බවට පත්වෙලා. කතාව ඇත්ත ඉතින්. අවුරුදු 16දී ගන්ජා බීලා පොලීසියට අහුවුනා. කැබරේ නටලා කෙල්ලවත් නැති කරගෙන මුලු කැම්පස් එකේම ජෝකර් වුනා, සතියක් නැතිවෙලා හිටියා, දැන් කාට හරි කිව්වොත් "මගේ මේ වෑයම අන්ධෙරා කියන ග්‍රහලෝකය පිටසක්වල ආක්‍රමණයකින් ආරක්ෂාකර ගැනීමට උදව්වීම..."කියලා කෙලින්ම අංගොඩ වාට්ටු කරයි.

තමන්ටම සිනාසෙමින් ගූගල් ඊමේල් කියවූ තෙජනගේ අවධානය, ලැබී තිබූ එක් පණිවුඩයකට යොමුවුනා. එය ගූගල් සේවාව මගින් ස්වයංක්‍රීයව එවන ලද අවදානම් පණිවුඩයක්.

Security alert > New device signed in to thejana.jeewantha@gmail.com

Your Google Account was just signed in to from a new Android device. You're getting this email to make sure it was you.

ෆෝන් එක නැතිවුනාට පස්සේ පාවිච්චියට ගත්ත පැත්තකට දාලා තිබුණු පරණ ෆෝන් එක ගූගල් ඩිවයිසස් ලයිස්තුවට එකතුකරලා තිබුණේ නෑ. එතකොටම ඔහුට අන්ධෙරාවෙදි නැතිවෙලා ලංකාවෙදි ආයෙත් මතුවුන ඔහුගේ Vivo7 ෆෝන් එක ගූගල් "Find My Device"සේවාව යටතේ ලියාපදිංචිකල බව මතක්වුනා. ඉක්මණින් ගූගල් මයි ඩිවයිසස් සේවාවට ලොග් වුනු තේජන, ෆයින්ඩ් මයි ඩිවයිස් පහසුකම ක්‍රියාත්මක කොට, ඔහුගේ දුරකථනය අවසන්වරට ක්‍රියාත්මකවූ ස්ථානයේ තොරතුරු ලබාගත්තා.

හල්දුම්මුල්ලේ තේ වතුවලින් ගහන ග්ලෙනනෝර් ප්‍රදේශයේ එය ක්‍රියාත්මකවූ බවයි ගූගල් සිතියමේ දක්වා තිබුණේ. වෙන කරන්නට දෙයක් නොමැති නිසා හැකිතාක් ඉක්මණට ග්ලෙනනෝර් බලා පිටත්වෙන්න තේජනට සිදුවුනා. ඔහු නැවතී සිටි නුගේගොඩ ඇනෙක්සියේ සිට කිලෝමීටර් 170ක දුරක් යන්නට තිබෙන නිසා ඉක්මණින්ම පිටත් වුනා. 

ඉරිදා දවසක් නිසා ට්‍රැෆික් වැඩිය නොතිබුණත් ට්‍රැෆික් රාළහාමිලාගෙන් නම් අඩුවක් වුනේ නෑ. දෙතුන් පොලක නවත්වා මෝඩ ප්‍රශ්ණවලට උත්තර දෙන්න වුනා. "තනියම යන්නේ ඇයි? කැම්පස් ලමයින්ට වාහන කොහෙන්ද? මේ වාහනේ අයිතිකාරයා කවුද?..."යනාදි ප්‍රශ්ණවලට ඉවසීමෙන් පිලිතුරු දුන් තේජන සවස පහට පමණ ග්ලෙනනෝර් වලට ලඟාවුනා. ග්ලෙනනෝර් වතුයාය හරහා දිවෙන මාවත් වල කිහිප විටක් එහා මෙහා ගමන් කරමින් ගෙලෙනනෝර් තේ ෆැක්ටරිය වෙතත්, ආපසුත් ගමන් කල තේජනට හෝඩුවාවක් සොයාගන්න අමාරු වුනා. අන්තිමට වතු කංකාණි කෙනෙක් බව පෙනෙන දෙමළ සීයා කෙනෙකු ලඟ නැවැත්වූ තේජන;

"අංකල්...මේ පැත්තේ ඉන්නවද ඉංග්‍රීසි හොඳට කතාකරන්න පුලුවන් නෝන නෝනා කෙනෙක් හරි මහත්තයෙක් හරි....?"

“නම මොකද ශර්?”

"නම හරියට දන්නේ නෑ අංකල්....හැබැයි හොඳට ඉංග්‍රීසි පුලුවන්.... මට කොළඹදි හම්බුවුනේ...."

"ෆැක්ටරියේ ඔෆිසර් නෝනට, මාත්තුරුන්ට තමයි ඉන්ග්ලිශ් පුලුවන්...."

"මේ ලඟ ඔෆිසර් කෙනෙක්ගේ ගෙයක් නැද්ද?" 

මදක් කල්පණාකල ඔහු;

"ආ...රිසර්ච් එකේ තේජා මැඩම්ගේ ගේ ලන්ග තියෙන්නේ.......මැඩම් කියයි...." 

"මැඩම් ගෙදර ඇතිද මේ වෙලාවට...?"

"අද ඉරිදනෙ ශර්, ගෙදර ඇති....ඔහොම ඉස්සරාට යන්ඩ.... එතකොට පොඩ්ඩි ගණපති කෝවිලක් තියෙනවා.... ඉට පස්සෙ අම්බුවෙන බෝක්කුව ලඟින් යටට තියෙන පාර.... වානේ ගන්ඩ බැරිවෙයි....නවතලා පයින් යන්ඩ..."

"තැන්ක්යූ අංකල්"

"අරි ශර්..."

මහලු මනුස්සයාගේ මගපෙන්වීමෙන්, තේජා නම් ඒ කාන්තාවගේ නිවස හොයාගන්න විට සවස හය පමණ වුනා. කාමර කිහිපයක නිවසක්වූ එහි ගෙවත්ත විශාලවූ අතර ඉතා අලංකාර මල් හා එළවළු වගාවෙන් යුක්ත වුනා. පොලිතීන් යොදා ඉතා පිලිවලට හදා තිබූ විශාල ග්‍රීන් හවුස් එකකුත් වත්තේ තිබුණා. නිවස ලඟදී අලුත් වැඩියා කොට තිබූ බවක් පෙනුනා. පිටුපසින් විශාල කැළයකින් වැසුනු කන්දක් දකින්නට තිබුණා. ඒ අවට වෙනත් කිසිම නිවසක් දකින්නට ලැබුණේ නෑ. 

"අනවශ්‍ය අවධානය යොමු නොවෙන බොහොම ආරක්ෂිත තැනක්...."තේජනට සිතුනා. ගේට්ටුවට සවිකොට තිබූ විදුලි සීනුව නාදකල ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියා. විනාඩි පහකට පමණ පසුව ජනෙල් තිරය මෑත් කොට යමෙක් බලන ආකාරය පෙනුනා. තවත් විනාඩි කිහිපයකින් මැදිවියේ කාන්තාවක් දොර ඇරියා.

"ඇයි? කාවද හොයන්නේ?"

"ඔය මිසිස් තේජාද?"

"ඔව්..... ඇයි හොයන්නේ?"

"මැඩම්ට කතාකරන්න පුලුවන්ද? වැදගත් දෙයක් කියන්න තියෙනවා"

"ඔයා මොනවද විකුණන්නේ?.....අපිට නම් මුකුත් එපා..."

"මැඩම් මම රෙප් කෙනෙක් නෙමෙයි…..කොළඹ ස්ලිට් කැම්පස් එකේ ළමයෙක්"

මොහොතක් කල්පණාකල ඇය .. "ටිකක් ඉන්න..."කියා දොර වසාගත්තා.

විනාඩි කිහිපයකින් සීතලට අඳින ඝණ හවුස් කෝට් එකක් ඇඟලාගත් ඇය ගේට්ටුව ලඟට ආවා.

"මොන කැම්පස් එකෙන්ද කිව්වෙ?"

"කොළඹ ස්ලිට් එකෙන්...."

"ඔව්....මොනවද මගෙන් කෙරෙන්න ඔනෑ...?"

"මැඩම් මගෙ නම තේජන......මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා අන්ධෙරාවෙන්.... මේ තියෙන්නේ ඒ මැසේජ් එක..."තේජන ෆෝන් එක පෙන්වද්දී ඇයගේ දෑස් විශාලවී කළබල ස්වභාවයක් පෙන්වූවා.

"මැඩම් කළබල වෙන්න එපා.......මම විතරයි ආවේ....කරදරයක් කරන්න නෙමෙයි... ලොකු උදව්වක් ඉල්ලගන්න..."

"කො…..කොහොමද මෙහෙ හොයාගත්තේ?? කවුද කිව්වෙ මෙහෙ එන්න කියලා?"ඇය වටපිට බැලුවා.

"කවුරුවත් කියලා නෙමෙයි....මම හොයාගත්තා....අන්ධෙරාවෙදි නැතිවුන මගේ ෆෝන් එකෙන් මේ මැසේජ් එක ආවේ.....ඒ ෆෝන් එක නැතිවුනොත් හොයාගන්න ඕනෙ නිසා මම කලින් Google Find My Device සර්විස් එක ඇක්ටිව් කරලා තිබුණේ. ෆෝන් එක අන්තිමට ඇක්ටිව් වුනු තැන ගූගල් මැප්ස් වලින් බලා ගත්තා… මම අද උදේ කොළඹ ඉඳන්  ආවේ...ඒත් කරදයක් නම් මම යන්නම්....."

ඔහුගේ දුරකථනය අතට ගත් ඇය පණිවුඩය කියවා මොහොතක් ඔහුගේ මුහුණ දෙස බලාගෙන සිතන්නට වුනා.
"යන්න එපා....ඔහොම ඉන්න....තනියම නේද ආවේ?"

“ඔව් මැඩම්...තනියම...වාහනේ උඩ පාර අයිනේ..."

ඇය ඔහුගේ දුරකථනයද රැගෙන නිවස තුලට ගියා.

~ / ~


“හිස පවා ආවරණය වන ලෙස සැකසුණු ශීතලට අඳින ලෝගුවක් ඇඳ සිටි ඔහු  කාමරයේ ඇති විශාල වීදුරු ජනේලයෙන් එපිට බලාගෙන සිටියා. ඈතින් පෙනෙන තේ යායයට මීදුම ගලාගෙන ආවා. විශාල කාමරයක් වූ එය ඔහුගේ කන්තෝරු කාමරය බව පෙනුනා. ලොකු ලී මේසයක් විශාල පොත් රාක්ක කිහිපයක් හා පරිගණක යන්ත්‍රයක්ද එහි තිබුණා.

"බරාරා....මේ අර ළමයා..."තේජා මහත්මිය කතාකලා. හැරුනු ඔහු, හිස් වැස්ම ඉවත්කොට තේජන ළඟට ආවා. අන්ධෙරාවෙකු වූ ඔහුගෙන් වයස 50ක පමණ පෙනුමක් දිස්වුනා. ඔහුගේ සැබෑ වයස පෘථිවි අවුරුදු 70-80ක් පමණ විය යුතුයි. තේජනගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලූ ඔහු අන්ධෙරාවන්ට ආවේණිකවූ රළු හඬකින්  "ඉඳගන්න පුතා...."කියා  කාමරයේ පැත්තක තිබූ සුවපහසු සෝෆා පුටු කට්ටලයක් පෙන්වා එහි ගොස් අසුන් ගත්තා.

"එන්න තේජා...."ඔහු ඇයව ලඟින් වාඩිකරවා ගත්තා.

“මේ මගේ බිරිඳ….” ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී ඇය උණුසුම් සිනාවක් පා ඔහු දෙස බැලුවා. 

"මානව කාන්තාවක් හා අන්ධෙරා පුරුෂයෙකු අතර සැබෑ ආදරය...."ඇයගේ උණුසුම් බැල්ම දුටු තේජනට සිතුනා

"අපි දැන් අවුරුදු 20ක් එකට ජීවත් වෙනවා.....අපිට දරුවෝ නෑ.......හදන්න බැරි නිසා නෙමෙයි..... දරුවා මං වගේ වුනොත් එයාට මේ ලෝකේ ජීවත් වෙන්න අමාරු වෙනවා....අන්ධෙරාවෙ නම් ගැටලුවක් නෑ.....ඒත් එහෙ යවනවා කියන්නේ මරණ වරෙත්තුව ලියනවා වගේ වැඩක්නේ...."ඔහු කියාගෙන ගියා.

"පුතා අන්ධෙරාවට ගිහින් ආපු කෙනෙක් නේ.......ඉතින් අපේ ලෝකය ගැන විස්තර ටිකක් හරි දන්නවා ඇති නේද?"

"ඔව්....මට සිෆ් ගොඩක් විස්තර කියලා දුන්නා...."

"සිෆ්....රණශූර කෙල්ලක්….....මම මෙහෙ එනකොට එයාලා අත දරුවෝ…....ඩාර් එයාගේ නියුන් සොයුරා....ඩාර්ට තුවාල වෙලා කියලා සිෆ් එවපු පණිවුඩයේ තිබුණා......."

"මගේ ෆෝන් එක එවුවේ සිෆ් ද?"

"ඔව්, සිෆ් නකල්ස්වල ඉන්න වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිළධාරියෙක්ට ලැබෙන්න සලස්වලා...ඒ මනුස්සයා වාමනයින්ට හිතවත්…....අවුරුදු ගාණක් රහස් රැකපු මිනිහෙක්....එහෙමයි අපිට ලැබුණේ. සිෆ් පුතාට එවන්න ඕනෑ පණිවුඩයත් ලියලා එවලා තිබුනා..."

"මම උණු තේ ටිකක් හදාගෙන එන්නම්..මේ ළමයට සීතල ඇති..ඔයත් බොනවා නේද? "තේජා මහත්මිය සිය සැමියා දෙස බලමින් ඇසුවා.

"ඔව්...ගේන්න....ඉඟුරු දාලා, මීපැණි ටිකක් දාලා ගේන්න මට....මේ ළමයට කන්න මොනවා හරිත් ගේන්න.....හොඳටම මහන්සි පාටයි...."

"පුතා මස්-මාළු කනවා නේද?"

"ඔව් මැඩම්..."

“මට මැඩම් කියන්න එපා.....තේජා ඇන්ටි කියන්නකො....ඒක ලේසියිනෙ..."ඇය සිනාසී යන්නට ගියා.

~ / ~


"ඔබතුමා කුරැට් තාරකා දොරටුව තියෙන තැන හරියටම දන්නවාද?"

"තේජාට ඇන්ටි කියන නිසා මට අංකල් කියන්න.... එහෙම ලේසියි නේද?"

"ඔ...ඔව් අංකල්..."තේජන පිලිතුරු දෙද්දී ඔහු සිනාසුනා.

"ඔව් මම දන්නවා..... ඒක බොහොම පොඩි විවරයක්. හොයාගන්න අමාරුයි....ඒත් මම හරියටම කියන්නම්.....මගේ එක රාජකාරියක් වෙන්නේ ලංකාවේ තියෙන අන්ධෙරාවට යන තාරකා දොරටු ආරක්ෂිතව තියෙනවාද හොයලා බලන එක....මම දැන් අවුරුද්දකට කලින් එතනට ගිහින් බැලුවා.. විවරය විවෘතයි...හැබැයි ඇතුලේ වවුල්ලු ඉන්නවා...."

“ලංකාවේ තාරකා දොරටු කීයක් විතර තියෙනවද?"

"මම දන්න විධියට හතරයි....එකක් නකස්ල්වල, අනෙක පිදුරංගල, තව එකක් කුඩුම්බිගල තියෙනවා....අන්තිම එක බුත්තල යුදගනාවේ...ඒක දැන් ගල් කඩා වැටිලා විවරය අවහිර වෙලා..."

"අංකල් මෙහෙ ආවේ තාරකා දොරටුවල ආරක්ෂාවටද?"

"නෑ පුතා, මම අන්ධෙරාවේ සිතියන් ගෝත්‍රිකයෙක්..ඔයාගේ යාලුවෝ; සිෆ්, ඩාර් දෙන්නත් සිතියන්... සිතියන්ලා දක්ෂ රණකාමීන්, හැබැයි හරියට කේන්ති යනවා..... “

"ඒකනම් මම හොඳටම දන්නවා........තව පොඩ්ඩෙන් සිෆ් මාව මරණවා..."තේජන සිනාසෙමින් කිව්වා.

“හැබැයි ඒවගේම තමයි විශ්වාසයක් ඇති කරගත්තම. පණවුනත් දෙනවා... ඒ සිතියන්ලාගේ හැටි…”

අන්ධෙරාවේ ඉන්නේ මානව ගෝත්‍ර ගෝත්‍ර දෙකයි එකක් සිතියන් රණකාමීන්, අනෙක් අයට කියන්නේ සෙල්ටිස් ගෝත්‍රය කියලා. එයාලා බොහොම බුද්ධිමත්. සූක්ෂම වැඩවලට,විද්‍යාවට, තාක්ෂණයට  සෙල්ටිස්ලා උපන් හපන්නු. ඔයාලා වාමනයන් කියන අය නූතන මානවයින් නෙමෙයි. අවුරුදු ලක්ෂයකට විතර ඉස්සෙල්ලා අන්ධෙරාවට ආ පැරණි මානවයින්. හැබැයි ඔවුන් බුද්ධිමත්. ඒවගේම සටන්කාමීයි.

මම මෙහෙ ආවේ නකල්ස්  තාරකා දොරටුවෙන් ලංකාවට රිංග ගත්ත තිදියෙක් හොයාගෙන. ඌ ඒ දොරටුව හොයාගත්තේ අහම්බෙන්. හැබයි ඌ දොරටුව ගැන දැනගෙන ආපහු ගියානම් මේ ලෝකෙට ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා මම ඌ පස්සෙන් ඇවිල්ලා කැලෙන් ආපහු දොරටුවට යන්න ඉස්සෙල්ල පහරදුන්නා....... උන්ගේ ආරක්ෂිත යාන්ත්‍රික ඇඳුම නිසා මරන්න හරිම අමාරුයි. ඒකට සම්බන්ධකරපු සංවේදක තියෙනවා, කැපෙන ආයුධ තියෙනවා. ප්‍රධාන ආයුධය ප්‍රභල කම්පණ තරංග විදිනයක්. ඒකෙන් මීටර් 200ක් විතර දුරට ප්‍රභල කම්පණ තරංග විදින්න පුලුවන්. ඒ කම්පණ තරංගයට අහුවුනොත් කන්බෙර පැලෙනවා, මොලේ සියුම් නහර පුපුරනවා, ඇස්වල නහර පුපුරලා අන්ධවෙනවා. මට හොඳටම තුවාල වුනා. ඒත් මම තිදියාව මරලා දැම්මා. මැරන්න ඉස්සෙල්ලා පණපිටින් ඉන්දැද්දිම උගේ ඔලුවට හයිකරලා තියෙන "කිව්"ඩිවයිස් එක ගලවලා ගත්තා. "කිව්"ඩිවයිස් එකක් හැම තිදියෙකුටම තියෙනවා. තිදියා මැරෙනකොට ඒ ඩිවයිස් එක අක්‍රිය වෙනවා. ආයෙ පණගන්වන්න බෑ.

මැරෙන්න ඉස්සෙල්ලා ගලවාගත්තම අක්‍රිය වෙන්නේ නෑ. ඒක හරිම ප්‍රයෝජනවත්. තිදියන්ගේ ආයුධ, යන්ත්‍ර සියල්ලම ක්‍රියත්මක වෙන්න "කිව්"ඩිවයිස් එකකින් සිග්නල් එකක් යන්න ඕනෑ. නැතිනම් වැඩ කරන්නේ නෑ. ඒ වගේම ඉහල නිළවල තිදියන්ගේ "කිව්"ඩිවයිස් වලට ඕනෑම යන්ත්‍රයක්, ආයුධයක්, යානාවක් පණගන්වන්න පුලුවන්. පහල නිළවල තිදියන්ගේ "කිව්"ඩිවයිස් වලට තියෙන්නේ සීමිත අවසරයක්. මම මරපු තිදියා, ඔවුන්ගේ හමුදා නිළතලවලට අනුව භට ඛන්ඩ අණපති කෙනෙක්. ඒ නිසා ඒ කිව් ඩිවයිස් එක අපට බොහොම වටිනවා. මේ වගේ අමාරුවෙන් ගලවගත්ත කිව් ඩිවයිසස් වලින් තමයි අපි උන්ගේ තාක්ශණය ප්‍රයෝජනයට ගන්නේ.

මට හොඳටම තුවාලවෙලා තිබුණේ.  පාර හොයාගන්නත් බැරුව කැලේ ඉබාගාතේ ඇවිද්දා..... ගහක් යට වැටිලා නිදා ගත්තා. පහුවදා උදේ මම බොන්න වතුර හොයාගෙන ගාටනකොට තරුණ ගෑණු ළමයෙක් හමුවුනා. එයා හොඳටම බයවෙලා කෑහගලා දුවන්න හැරෙනකොටම මම පණනැතුව ඇදගෙන වැටුනා. එයා ආපහු හැරිලා මං ලඟට ආවා.

“ඒ තමයි මට තේජා හමුවුන හැටි... එයා ඒකාලේ පේරාදෙණිය කැම්පස් එකේ උද්භිද විද්‍යා පස්චාත් උපාධිය කරන පර්යේෂිකාවක්. කැලේට ඇවිල්ලා තියෙන්නේ එයා ලියමින් හිටපු පර්යේෂණ පත්‍රිකාවකට ඕනෑ රිසර්ච් වැඩකට. මම පිට ලෝකෙක ජීවියෙක් නිසා එයා හොඳටම බයවුනා. ඒත් මගේ අසරණ කම දැකලා දුක හිතුනා වෙන්න ඇති. එයාට මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුලුවන් කමක් තිබුණේ නෑ. තේජා මාව අමාරුවෙන් ඇවිද්දවගෙන ගිහිලා එයාගේ පොඩි කාර් එකේ දාගෙන ගෙදර ගෙනාවා. මාස ගාණක් මට තනියම බෙහෙත් කලා. එයාගෙ කරුණාව නිසා තමයි මම ජීවත් වෙන්නේ.”

“මම කිව් ඩිවයිස් එකත් අරගෙන ආපහු යනකොට තේජා හොඳටම ඇඬුවා. ආයෙ එන්නේ නැද්ද ඇහුවා. මටත් යන්න කිසිම හිතක් නෑ. ඒත් කිව් ඩිවයිස් එක කොහොම හරි අපේ අයට දෙන්න ඕනෑ නිසා මම ගියා. ගියාට මට ඉන්න හිතුනේ නෑ, එයාව මතක් වෙනවා. අපේ ලෝකෙ ඉන්න කළබලකාර, සටන්කාමී කෙල්ලන්ට වඩා කරුණාවන්ත, නිවිච්ච චරිතයක් තිබුණු, නිහඬ ජීවිතයකට ආශාකල එයාට මම ආදරේ කලා. ඒ නිසා මම ටික දවසකින් එයාව හොයාගෙන ආයෙ ආවා. ඒ අවුරුදු 20කට කලින්. එතකොට එයාට 27ක් විතර.

"මට බාරදුන්නේ අහසේ තාරකා වල පිහිටීම තියෙන ඡායාරූප හොයාගෙන එන්න....පුලුවන් තරම් ඉක්මණට ඕනේ කියලා කිව්වා...... මොකටද කියලා අංකල් දන්නවද?.....ඒවා රෙසීනා කියන තාරකා ශාස්ත්‍රඥවරියට බොහොම ඉක්මණට ඕනෑ වෙලා තියෙනවලු. අංකල් දන්නවද ඇයි කියලා..."

"ඔයා ඒවා හොයාගත්තද?"

"ඔව් නාසා එකේ ස්කයි සර්වේ කියලා අහසේ ඡායාරූප ගන්න ව්‍යාපෘතියක් තියෙනවා. ...ඒ දත්ත ගබඩාවෙන් හොරෙන් පන්නපු ඡායාරූප 10,000ක් විතර හොයා ගත්තා.... අවුරුදු දහයක විතර ෆෝටෝ තියෙනවා....." 

"හ්ම්....ඔයා දක්ෂයෙක් එහෙනම්.....සිෆ් ඔයා ගැන විශ්වාසය තියපු එක හරි.....තාරකා ඡායාරූප ගන්නේ මම දන්න විධියට තිදියන්ගේ ආක්‍රමණය කොච්චර ලඟද කියලා දැන ගන්න..... කොහොමද කියලා කියන්න මට දැනුමක් නෑ........රෙසීනායි, එයාගේ තාරකා නිරීක්ෂණ කණ්ඩායමයි තමයි හරියටම දන්නේ......"

"ඒත් ලංකාව ඉහල අහසේ ඒවා මොකටද දන්නේ නෑ....?"

"අන්ධෙරාවයි....පෘථිවියයි අතර තියෙන තාරකා දොරටු තියෙන්නේ ලංකාවෙයි, ඉන්දියාවේ හිමාලයෙයි විතරයි. හිමාලයේ ඒවා දැන් වැහිලා ගිහින්.... ඒ නිසා විශ්වයේ තවත් තැනක ඉඳන් අන්ධෙරාවට තාරකා දොරටුවක් විවර වෙනවානම්, ඒක ලෝක දෙකේම අහසේ සටහන් වෙනවයි කියලයි කියන්නේ.....පෘථිවියේ වගේ සූක්ෂමව අහස නිරීක්ෂණය කරන උපකරණ අපේ ලෝකයේ නෑනෙ.... ඒ නිසා තමයි මෙහේ ඡායාරූප හොයන්නේ.....තිදියන්ගේ යානා එන්නේ අන්ධෙරාවට ඉහල අභ්‍යවකාශයේ නිර්මාණය වෙන විශාල තාරකා දොරටුවකින්....ඒක හැදෙනකොට දැන ගන්න පුලුවන් කියලයි කියන්නේ...."



අන්ධෙරාවේ අගනුවර : ෂාටිගීර්

බරාරා කියූ පරිදි දින එකහමාරකට පසු රාත්‍රී ජාමයේ වාමනයින් පිරිසකුත් සමග අන්ධෙරා සෙබලුන් පිරිසක් එහි පැමිණියා. ඔවුන්ගේ ආරක්ෂාව සහිතව තේජනව කුරැට් අතරමැදි කඳවුරට ගියා. එහිදී ඔහුට දැන ගන්නට ලැබුනේ රැවින් ප්‍රහාරයේ වාඩුව ගන්නට තිදියන්ගේ කුරැට් බළකොටුවට මහා ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා සිෆ් ඇතුලු දහසකට අධික කණ්ඩායමක් පිටත්ව ගිය බවයි. හරිහැටි සුවය නොලබා තිබුනත්, ඩාර් සිය සොයුරිය සමග ගොස් තිබුණා. සිෆ් දැක ගැනීමේ ආශාවෙන් සිටි තේජන්ගේ බලාපොරොත්තු බොඳවුනා. ඒ වෙනුවට ඇයට කුමක් හෝ අණතුරක් වේදැයි යන බියෙන් ඔහු පෙලෙන්නට වුනා.

පසුදින රාත්‍රියේම තේජනව අන්ධෙරාවන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන ෂාටිගීර් වෙත ගෙනගියේ තිදියන්ගෙන් අල්ලාගන්නා ලද කුඩා භට ප්‍රවාහන ෂටල් යානාවකින්. පිටසක්වල තාක්ෂණයකින් නිමැවුනු එම යානයේ ගමන්කිරීම තේජන ජීවිතයේ ලැබූ අපූර්වතම අත්දැකීමක්. යානය තුල තිබූ තිදියන්ට සැකසූ අසුන් කපා ඉවත් කොට ඒ වෙනුවට මානවයින්ට ගැලපෙන යකඩ අසුන් සවිකොට ආසන පටි සකසා තිබුණා. ඒ ආසන පටි පෘථිවියේ ගුවන්යානාවල ඇති සංකීර්ණ ආසනපටි නොව කැන්වස් වැනි ඝණ රෙදිපටි වලින් තැනූ සරල අසුන්පටි. ඇතුලේ ලා නිල්පාට ආලෝකයක් තිබූ අතර එහි ප්‍රභවය කුමක්දැයි සිතාගන්නට නොහැකිවුනා. තිදියන්ගේ දෑස් නිල් ඇහැයට වඩාත් සංවේදී නිසා ඔවුන්ගේ බොහෝ නිර්මාණ නිල්පාටට හුරු පාටක් ගත්තා. යානය ඇතුලතද ගැඹුරු නිල් පැහැයක් ගත් අතර කවුළු තිබුණේ නෑ.

මානව ගුවන්යානා මෙන් නියමු කුටියේ මීටර්, පරිගණක තිර හා උපකරණ පිරි පුවරු නොතිබූ අතර යානය පියාසර කරවීමේදී ඇවසි සියලුම තොරතුරු නියමුවන් පැළඳි හෙල්මටය තුලට ප්‍රක්ෂේපණය වන බවයි තේජනට දැන ගන්නට ලැබුණේ. තිදියන්ගේ කෘමි ඔලුගෙඩි වලට සරිලන සේ නිර්මාණය කොට තිබූ නියමු හෙල්මට් අන්ධෙරා තාක්ෂණවේදීන් විසින් ඉතා අපහසුවෙන් මානව හිස්වලට ගැලපෙන ලෙස අනුවර්තනය කරගෙන තිබුණා.

එම යානා පැදවීමට ඉගෙන ගත් අන්ධෙරාවන් දෙදෙනෙකු යානය පියාසර කල අතර තිදියන්ගේ ඔත්තු බලන රොබෝ ඩ්‍රෝන් යානා වලට හසු නොවීම සඳහා යානය එක්වරම ඉහල නැග්වූ අතර විනාඩි කිහිපයකින් එය අභ්‍යවකාශය තෙක්ම ඉහල නැග්ගා. කක්ෂගතවීමෙන් පසු තේජනගේ දෑත් ශුන්‍යගුරුත්වයේ පාවෙන්නට පටන් ගත්තා. අසුන් පටියට තදවී සිටි නිසා අසුනේම රැඳී සිටියත් එය ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමක් වුනා. බැඳදමා නොතිබූ කුඩා දෑ යානය තුල ඒ-මේ අත පාවෙන්න පටන් ගත්තා.

විනාඩි පහලොවක් පමණ කක්ශයේ ගමන් කල යානය එක්වරම පහත් කරනු ලැබූ අතර විනාඩි විසිපහකින් පමණ ගමන අවසන් වුනා. ඔහු සමග ගමන් කල එක් අන්ධෙරාවෙකු පැවසූ ආකාරයට ෂාටිගීර් සිට කුරැට් වෙත ඉටෙරු 150ක් පමණ දුරක් තිබුනා. බරාරා කියාදුන් පරිදි ඉටෙරු යනු අපගේ මැනුම් ක්‍රම වලින් කිලෝමීටර් 10ක පමණ දුරක්. එනම් කුරැට් සිට ෂාටිගීර් වෙත කිලෝමීටර් 1500ක පමණ දුරක් තිබෙනවා. තිදියන්ගේ යානයේ වේගය කොතරම්ද යන්න අනුමාන කරගන්නට කෙටි ගණන් බැලීමක් කල තේජනට, එය පැයට කිලෝමීටර් 6000ක පමණ වේගයෙන් ගමන්කල බව අවබෝධවීමෙන් විස්මයට පත්වුනා. 

"දෙයියනේ! පැයට කිලෝමීටර් 6000ක්!!!"ඔහුට කියවුනා. මෙවැනි සුපිරි තාක්ෂණයක් සතු තිදියන් අතින් සමූළඝාතනය නොවී සිටින්නට හැකිවීම අන්ධෙරාවන්ගේ හා වාමනයින්ගේ නොනැසී සිටීමේ අධිෂ්ඨානය හා සටන්කාමී බව කොතරම් දැයි තේජනට සිතුනා. 

ෂාටිගීර් සංකීර්ණය අන්ධෙරාවේ විශාල කඳුකර ප්‍රදේශයක මැදට වන්නට පිහිටා තිබුණා. කඳු හාරා ඇතුලේ විශාල ගුහා හා දෝනා සකස්කරමින් නිර්මාණය කර තිබූ මේ සංකීර්ණය  වසර දහස් ගණනක් තිස්සේම භාවිතා කරන බවත් නිරන්තරයෙන්ම විශාල වන බවත් ඔහු දැනගත්තා. දැනට ලක්ෂයකට අධික අන්ධෙරාවන් හා ලක්ෂ දෙකක් පමණ වාමනයින් මෙහි මෙහි භූගත දෝනාවල දිවි ගෙවනවා. සැබැවින්ම ෂාටිගීර් යනු අන්ධෙරාවේ අගනුවර ලෙස සැළකිය හැකි තැන.

ඡායාරූප ඇතුලත් ඔහුගේ පරිගණකය, අමතර පරිගණකය, බැටරි හා වෙනත් දෑ අන්ධෙරා තාක්ෂණවේදීන්ට ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් පසු, යලිත් කැඳවීමක් ලබන තෙක් විවේක ගන්නා ලෙස ෂාටිගීර් මූලස්ථාන කඳවුරේ සිටි ජ්‍යේෂ්ඨ නිළයක් දරන අන්ධෙරාවෙකු වූ නීර්ගේ දැන්වූවා. අන්ධෙරාවන් අතර පෘථිවි පරිගණක තාක්ෂණය මෙන්ම තිදියන්ගේ පරිගණක තාක්ෂණය පිලිබඳවත් හොඳ දැනුමක් ඇති තාක්ෂණවේදීන් සිටින බව ලැප්ටොප් යන්ත්‍රය ක්‍රියාත්මක කරවන ආකාරය පෙන්වා දෙන්නට යද්දී තේජනට අවබෝධ වුනා. ඔවුන් වින්ඩෝස් 10 පද්ධතිය පිලිබඳව නොදැන සිටියත් පැරණි වින්ඩෝස් පද්ධති භාවිතය දැන සිටියා. සමහරවිට බරාරාගේ මාර්ගයෙන් හෝ වෙනත් අයගේ උපකාරයෙන් පරිගණක හා උපාංග ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා ඇති.

අන්ධෙරා හමුදා නිලතල අනුපිලිවෙලේ ලුතිනන් ජෙනරල් නිළයට සමාන නිළයක් දැරූ නීර්ගේ කෙලින්ම අග්‍ර මණ්ඩළය හෙවත් අන්ධෙරාවේ සිවිල් හා හමුදා පරිපාළණයේ ඉහලම කවුන්සිලයට සෘජුවම රපෝර්තුකරන අන්ධෙරා තාක්ෂණ, විශ්ලෙෂණ හා ඔත්තුබැලීමේ අංශයේ ප්‍රධානියා බව තේජනට දැනගන්නට ලැබුනා. එමෙන්ම ඔහු, නෙෆරිසී රැජිනගේ ඉතාම විශ්වාසවන්ත උපදේශකයෙකු බවත් පැවසුනා.

අග්‍ර මණ්ඩලයේ ජෙනරාල් නිළයට සමාන ඉහලම හමුදා නිළයන් දරන්නන් සත් දෙනෙකුත්, ඉහලම සිවිල් නිළයන් දරන්නන් සත් දෙනෙකුත් සිටි අතර ඔවුන්ගේ නායකත්වය දැරුවේ නෙෆෙරීසී රැජින. මව් පාර්ශවයෙන් රජකමට පත්වෙන ප්‍රවේණි ක්‍රමයකට අන්ධෙරාවන්ගේ රජපෙලපත සකස්වී තිබුණා. අග්‍රමණ්ඩලයේ සාමාජිකයින් දාහතරදෙනා අතරින් සයදෙනෙකු වාමන ගෝත්‍ර නියෝජනය කරනවා. එමෙන්ම රැජිනගේ මෙන්ම රජ පවුලේ පෞද්ගලික ආරක්ෂාව හා සියලුම ආවතේව කටයුතු සිදුකරීමද වාමනයින් අතින් සිදුවන අතර ඔවුන් ඇයටත් රජ පරම්පරාවටත් දැඩිලෙස පක්ෂපාතී බවත් දැනගන්නට ලැබුණා.

“සිෆ්ට කරදයක් වුනේ නැතිනම් හොඳයි….පව් කෙල්ල.......මුලු ජීවිතේම එකම මරාන්තික සටනක්…” 

සුකුමාර, කෙළිලොල් ජීවිත ගතකරන උමායා වැනි කෙල්ලන්ට වඩා සුපිරි තාක්ෂණයක් හිමි කෲර පිටසක්වල සතුරෙකු සමග සටන් වදින්නට පිරිමින් සමග උරෙනුර ගැටී සටන් බිමට යන, එඩිතර සිෆ් හා ඇගේ සටන්කාමී යෙහෙලියන් කොතරම් වටින කෙල්ලන් දැයි ඔහුට සිතෙන්නට වුනා. අන්ධෙරාවේ ගැහැණු, පිරිමි බේධයක් නොතිබූ අතර දෙපාර්ශවයටම සමාන අයිතිවාසිකම් හා වගකීම් තිබුණා.

භූගත ගොඩනැගිල්ලෙන් එලියට පැමිණි තේජන අවට බැලුවා. අඳුර වැටී තිබූ අතර චන්ද්‍රයන් දෙදෙනා පායා තිබුණා. විශාල සඳ තවමත් ක්ෂිතජය අසලද, කුඩා සඳ වඩාත් ඉහලටද නැගී තිබුණා. කුඩා සඳ යයි හැඳින්වූවාට වඩා විශාල සඳ එය බවත්, කුඩාවට පෙනෙන්නේ ඈතින් පිහිටා ඇති නිසා බවත් අන්ධෙරාවන් කියනවා.

අවට සෑම උස් කඳුමුදුනකම අන්ධෙරා හා වාමන රැකවලුන් සිටි අතර ඔවුන් තිදියන්ගේ ඔත්තුබලන ඩ්‍රෝන හා ප්‍රහාරක ෂටල් යානා ගැන විමසිල්ලෙන් සිටියා. ප්‍රමාණයෙන් ලොකු මුර අටොලුවල විශාල යන්ත්‍ර සවිකොට තිබුණා. ඒවා තිදියන්ගේ යාන්ත්‍රික පාබල-හමුදා වලින් අල්ලාගෙන අනුවර්තනය කරගන්නා ලද කම්පණ-තරංග කාළතුවක්කු. ඒවායේ කම්පණ තරංගවලට අසුවෙන ස්වයංක්‍රීය ඩ්‍රෝන හා ප්‍රහාරක යානා විනාඩි කිහිපයකට පාලනයෙන් ගිලිහී යනබවත්, ඒ අවසරයෙන් ඒවාට ප්ලස්මා තුවක්කු වලින් වෙඩිතබා බිමහෙලිය යුතු බවත් ඔවුන් පැවසූවා. නිල්පැහැ ප්ලස්මා ගුලි විදින ප්ලස්මා කාළතුවක්කු කඩාවැටුනු තිදි ප්‍රහාරක යානාවලින් ගලවා ගුවන් ප්‍රහාරක අවි ලෙස අනුවර්තනය කරගැනීමට අන්ධෙරාවන් සමත්වී තිබෙනවා. 

කම්පණ තරංග කාළතුවක්කු හා ප්ලස්මා කාළතුවක්කු ඒකාබද්ධව යෙදෙවීමේ සැලැස්ම වසර පහලොවකට පමණ පෙර, එකල කනිෂ්ඨ රහස් ඔත්තු නිළධාරියෙකු වූ නීර්ගේ විසින් නිර්මාණය කරන ලද්දක් බවත්, එම සැලැස්ම ක්‍රියාවේ යෙදැවූ දා සිට මේ වනතෙක් ෂාටිගීර් වෙත එකදු සාර්ථක ගුවන්ප්‍රහාරයක් එල්ලකරගැනීමට තිදියන්ට නොහැකිවූ බවත් පැවසෙනවා. 

රැවින් කඳවුර විනාශවූයේ මේ ක්‍රමය ක්‍රියාවේ යෙදවීමට අපොහොසත් වීමෙන් තිදියන්ගේ ෂටල් අහසේ සිට පහරදෙමින් අන්ධෙරාවන්ගේ ප්‍රති-ප්‍රහාර අඩපණකිරීම නිසයි. අවශ්‍ය පමණට ප්ලස්මා කාළතුවක්කු සපයාගැනීමට නොහැකිවීම නිසා ඒ විනාශය සිදුවුනා. තිදි ප්‍රහාරක යානා පනහක් පමණ කුරැට් කඳවුරේ තිබෙන බවට තොරතුරු ලැබී තිබුණු අතර කුරැට් කඳවුරට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ එක් අරමුණක් වන්නේ එම යානා සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීම හෝ නොහැකිනම් ඒවායේ ප්ලස්මා කාළතුවක්කු අත්පත් කරගැනීම බවයි තේජනට දැනගන්නට ලැබුණේ.

"දාහක් ගියාලු, කීදෙනෙක් ආපහු එයිද දන්නේ නෑ....."තේජනගේ දෑස් මදක් තෙත්වුනා.

"මේක ඇඳගන්න..."හාෂ්ගේ ගොරහැඩි හඬ තේජනව ඔහුගේ සිතිවිලි ස්වප්නයෙන් අවදිකලා. හාෂ් ගොරෝසු ලෝගුවක් දිගුකරගෙන සිටියා. කඩිමුඩියේ දෑස් පිසදාගත් තේජන සිටි තැනින් නැගිට ලෝගුව ගෙන ඇඟලාගෙන යලිත් ඉඳගත්තා. හාෂ් ඔහු අසලින් වාඩිවුනා.

"ඔබ කරපු සේවයට අපි ඔබට ණය ගැතියි!"

"ඒ ඡායාරූපවලින් ප්‍රයෝජනයක් තිබුණොත් හොඳයි...."

"මට ආරංචිවෙන විධියටනම් රෙසීනා බොහොම සතුටුවෙලා... ඇය කණ්ඩායමත් එක්ක ඒවා සියුම්ව අධ්‍යයනය කරනවා.......ඊට පස්සේ ඇය ඇයගේ නිගමනය කියන්නට රැස්වීමක් කැඳවයි.....ඒකට ඔබටත් ආරාධනාවක් ලැබෙයි..."

"කුරැට් ප්‍රහාරය ගැන ආරංචියක් නැද්ද?......අපේ අයට මොකද වෙලා තියෙන්නේ...?"

"සටන් දරුණුයි කියලා ආරංචියි.......වැඩි විස්තර නෑ.....දුර වැඩියිනෙ.......හැබැයි ප්‍රහාරක කණ්ඩායමේ නායකයෝ සියලුම දෙනා තිදියන්ගෙන් අල්ල ගන්න යානා වලින්  මෙහෙ එන්න ඕනෑ........කුරැට් අතරමැදි කඳවුරේ ඉතිරි සියලුම දෙනාත් ඒක අතහැරලා මෙහෙ එනවා...සටනට ගිය අනෙක් අයත් ගොඩබිම් මාර්ගවලින් මෙහෙ පැමිණෙන්න කියලා නියෝග නිකුත්වෙලා තියෙන්නේ..."

"ඇයි කුරැට් අතහැරලා දාන්නේ?"

"කඳවුර පොඩි වැඩියි....ආරක්ෂාකරන්න අමාරුයි.......රැවින් වැටුනෙත් ආරක්ෂාකරන්න අමාරු නිසා......පොඩි කඳවුරු අතහැරලා සියලුම දෙනා හොඳින් ආරක්ෂිත විශාල කඳවුරුවලට අනුයුක්ත කරන්න අග්‍ර මණ්ඩළය  තීරණයක් අරගෙන..."

හම්ම්ම්....."තේජන සුසුමක් හෙලා ඈත බලාගෙන සිටියා.

ඔහුගේ මුහුණදෙස මදවේලාවක් බලාසිටි හාෂ්..... 

"බයවෙන්න එපා සිෆ් හොඳින් ඇති......"

තේජන හාෂ් දෙස බලා බිම බලාගත්තා. 

"සිෆ් ගැන විතරක් නෙමෙයි.....හැමෝම ගැන බයයි...."තේජන කියද්දී හාෂ් සිනාසුනා.

"සිෆ් යනකොට අණක් දීලා ගියේ දවස් දෙකකට සැරයක් කුරැට් තාරකා දොරටුවට කණ්ඩායමක් යවලා ඔයා ඉන්නවද බලන්න කියලා. ඔයා එනකන් කඳවුර අතහැරලා යන්න එපා කියලා දැඩි නියෝගයක් කරා....සිෆ් මට කිව්වා ඔයා එන්න කලින් ෂාටිගීර් ඇවිල්ලා ඔයා ගේන දේවල් ගැන විස්තර නීර්ගේට කියලා ඔක්කොම ලෑස්ති කරලා තියන්න කියලා. ඔයා එයාව රවට්ටලා පැන ගන්නේ නෑ කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා..... ඇත්තම කියනවනම් මමවත් ඩාර්වත් ඒක එච්චර විශ්වාසකලේ නෑ…....ආපහු ආවත් හිස් අතින් එයි කියලයි අපි හිතුවේ...අපි නාසා එක ගැන අහලා තියෙනවා...පෘථිවි හඳටත් එයාලා මිනිස්සු යැව්වලු නේද?....එහෙම සම්පත් තියෙන තැනකින් මේ ඡායාරූප ගන්න පුලුවන් වෙයි කියලා අපි කොහොමටවත් හිතුවේ නෑ....නැතිනම් මීට කලින් අපි උත්සහ කරනවා...ඒක ගැනත් සමාව ඉල්ලන්න ඕනෑ........අපි ඔයාව අවස්තක්සේරු කලා......”

“කමක් නෑ...විශ්වාසය කියන එක ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ.........ඒක දිනාගන්න ඕනෑ......" 

තේජන කියද්දී හාෂ් හිසවනමින් එය අනුමත කලා.

"දැන් ඔයා අග්‍ර මණ්ඩළයේ විශ්වාසයත්, නීර්ගේ විශ්වාසයත් දිනාගෙන ඉවරයි.......නීර්ගේ ඔබට කැමතියි වගේ. ඒයා අමුතු විධියට හිතන, අපි නොතකන දේවල් ගැන ගොඩක් අවධානය යොමුකරන කෙනෙක්.........මිනිස්සු අඳුනාගැනීමට එයාට හොඳ ඉවක් තියෙනවා......හරි දක්ෂයා"

“ඒ මොකකින් වත් වැඩක් නෑනෙ සිෆ් ගිය විධියටම ආපහු ආවේ නැතිනම්...."තේජනට සිතුනා.

"ඇයි ඔයාලා පෘථිවියෙන් උදව් ඉල්ලන්නේ නැත්තේ?"

"මම කිව්වනේ අපිට පිටසක්වල ප්‍රහාර තුනක් එල්ල වුනා කියලා......පලමුවෙනි ප්‍රහාරයේදී අපි තාරකා දොරටු හරහා නියෝජිතයන් යවලා උදව් ඉල්ලුවා.........අන්තිමට වුනේ අපිට සතුරන් දෙගොල්ලක් එක්ක සටන් කරන්න........පෘථිවි මානවයින් අපේ ලෝකේ අත්පත් කරගන්න හමුදා එවන්න හැදුවා......හිමාලයේ තාරකා දොරටු විනාශ කරලා දැම්මේ ඒ නිසයි......ඒකාලේ මහා බලසම්පන්න, ඒවගේම භූමියට කෑදර රජවරු එහෙ හිටියා....හිමාලයේ තාරකා දොරටු වහලා දැම්මේ ඒ නිසයි..... පෘථිවි පාලකයින්ව අපි විශ්වාස කරන්නේ නෑ....ඒ නිසා උදව් ඉල්ලන්නේ නෑ....අපි කැමති නෑ කාටවත් යටත් වෙලා ඉන්න....."

"හිමාලෙ තාරකා දොරටු ආයේ විවරකර ගන්න බැරිද?"

"ඒවා තියෙන තැන් පවා අපි අමතක කරලා තියෙන්නේ....දැන් ඒවා තිබ්බ තැන් ගැන සටහන් තියාගෙන හිටපු අයවත් නෑ.......ඒ අය මැරිලා ගිහින් සටහන් විනාශවෙලා...."


චිටාරීන්, තිදියන් හා අන්ධෙරාවෝ

"ඉඳගන්න...."නීර්ගේ අසුනක් දක්වා සිටියා. ඔහු තේජනට පෞද්ගලික රාත්‍රී ආහාරයකට ආරාධනා කරන බව හාෂ් දැනුන් දුන්නේ දහවලේදී.

"ස්තූතියි....."ඔහුගේ කාර්යාලය හිතුවාට වඩා කුඩා බව පෙනුනා. තිදියන්ගෙන් අල්ලාගත් විවිධ උපකරණ මේස හා රාක්ක ගණනාවක තිබූ අතර සිතියම්, තිදියන්ගේ යානා හා අවිආයුධ වල හරස් කඩ සටහන් ආදියත් තිදියන්ගේ විවිධ නිළයන්ගේ රූප සටහන් බිත්තිවල අලවා තිබෙනු පෙනුනා...එලියට විරවවූ බැල්කනියක මේසයක් තබා රෑ කෑම ගන්නා තැන සකස් කොට තිබුණා.

"උණු සුප් එකක් බීලා ඉමු..... "පෞද්ගලික සේවකයා උණු සුප් බඳුන් දෙකක් ගෙනාවා.

"මොනවද මේවායේ තියෙන්නේ අපේ පෘථිවි අමුත්තාට බොන්න පුලුවන්ද මේවා??"නීර්ගේ ඇසුවා.

"බීලා බලන්නකෝ ඩායිෆූ.....රන් හතු......හරි අමාරුවෙන් හොයාගත්තේ.....මේ වියළි කාලෙනෙ...."සේවකයා නීර්ගේව තනතුරු නාමයෙන් ඇමතුවා. සේවකයින් කිසිවිටෙකත් නිළධාරීන්ව නමින් ඇමතීමක් සිදුකරන්නේ නෑ. ඒ වෙනුවට සෑමවිටම රාජකරි තනතුරෙන් ඇමතූවා. 

"රන් හතු සුප් නම් ගොඩක් රස ඇති...තේජන බොන්න...."

"ස්තූතියි...."

"තිදියන්ගේ හමුදාවල පරිපාලන සැකැස්ම අපේ වගේද?"තේජන ඇසුවා.

ඔව් හැබැයි නිළයන් බොහොම අඩුයි. ආඥාපති, භට ඛන්ඩ අණපති, පාබල හේවායින් යන විධියට නිළයන් තියෙන බව අපිට හෙලිවෙලා තියෙනවා.

ආඥාපති කෙනෙක් දැන් නෑ. හිටපු කෙනා තාරකා නෞකාවෙදි අපේ අය මැරුවා. දැන් සටන් ගෙනියන්නේ භටඛණ්ඩ අණපතිලා. එක භට ඛණ්ඩ අණපතියෙක් පාබල තිදියන් දහස් ගණනකට අණදෙනවා. ඔවුන්ගේ සටන් මෙහෙයුම් පාලනය වෙන්නේ පරිගණක මගින් . ඉස්සර සියල්ල පාලනය වුනේ ප්‍රධාන තාරකා නෞකාවෙන් . දැන් කඳවුරුවල තියෙන පොඩි පරිගණක වලින් ඒ කඳවුරේ පාබල සේනාංක වගේම මෙක් යන්ත්‍ර හා ඩ්‍රෝන් ප්‍රහාර මෙහෙයවනවා.

අණපතියාගේ සන්නාහ ඇඳුමට සවිකරලා තියෙන පරිගණකය සියලුම තොරතුරු ලබාදීලා සම්බන්ධීකරණය කරනවා. ඒත් දැන් ඔවුන්ගේ තාරකා නෞකා නැති නිසා අන්ධෙරාවේ තැන් තැන්වල තියෙන තිදි කඳවුරු අතර සම්බන්ධීකරණය අඩුයි. අපේ තාක්ෂණවේදීන් කියන විධියට ඔවුන්ගේ සටන් පරිගණකවලට ජාලගත වෙන්න අවශ්‍ය සන්නිවේදන ජාලය දැන් නෑ. 

"තිදියන් සටන් වදින්නේ කොයි විධියටද?"

"අපි දන්න විධියට ඔවුන් හැමවිටම සැලසුම් කරන්නේ පලමු ප්‍රහාරය හිතාගන්න බැරිවෙන තරමේ දරුණු ලෙස එල්ල කරන්න….හැම විටම පලමුවෙනි සටන, බිහිසුණුම සටන හා අවසන් සටන කියන සංකල්පය ඔවුන් භාවිතා කරනවා......ඒ කියන්නේ සටනක් දිග කාළයක් අල්ලාගෙන සිටීමේ හැකියාව ඔවුන්ට නෑ......එහෙම තියෙන්නත් බෑනෙ.......ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන ග්‍රහලෝකයක් ආක්‍රමණය කරනකොට ඉතා ඉක්මණින් සටන ඉවර කරන්න ඕනෑ.....නැතිනම් ආලෝක වර්ෂ ගණන් දිග සැපයුම් ජාල පවත්වාගෙන යන්න වෙනවා....තුවාලකාරයෝ බලාගන්න එක, ශල්‍යාගාර, බෙහෙත්, අමතර කොටස්, උපකරණ, සැපයුම්, ආහාරපාන, මැරන සෙබලුන්, දිග කාළයක් සටන් කරලා වෙහෙසට පත්වෙන සෙබලුන් වෙනුවට අලුත් සෙබලු....මහා විශාල සැපයුම් දාමයක් හදාගන්න වෙනවා.........ඒක කරන්න අමාරුයි.......ඔවුන් දියුණු වුනත්, අපේ විශ්ලේෂණවලට පේන විධියට එතරම්ම දියුණු ජීවීන් නෙමෙයි..........”



“චිටාරී ඊට වඩා බොහෝ දියුණුයි........ඔවුන්ගේ පාබල සෙබලුන් අර්ධ ජීවීන්.......අපි හිතන්නේ ගොවිපොලවල සතුන් ඇතිකරනවා වගේ මහා පරිමාණයෙන් පාබල සෙබලුන් බිහිකිරීමේ තාක්ෂණයක් ඔවුන්ට තියෙනවා.....කෙටි කාළයකින් හොඳින් පුහුණුවුනු සෙබලුන් මිලියන ගණනක් බිහිකිරීමේ හැකියාව ඔවුන්ට තියෙන බව පේනවා..... පෘථිවියේ ගැටෙන්නට සලස්සපු චිටාරී යානාවල විතරක් ලක්ෂ කිහිපයක පාබල සෙබලුන් ඉඳලා තියෙනවා.......ඒත් එතරම් විශාල භට පිරිසක් ගැන කිසිම තැකීමක් නැතුව ඔවුන්ව මරු කටට ඇරියා....එහෙම කරන්නේ ඒ සෙබලුන් සැබෑ චිටාරීන් නොවන නිසා.....ඔවුන් සටන් වදින්නට නිපදවූ ජීවත්වෙන යන්ත්‍ර පමණයි...."

“එහෙම වුනත්, අන්ධෙරාවන්ගේ තාක්ෂණය බලනකොට තිදියන් වසර දහස් ගණනක් ඉදිරියෙන් නේ ඉන්නේ....ඔය තරම් දියුණු තාක්ෂණයක් තියෙන තිදියන්ට තුන් පාරක් ආක්‍රමණය කරලත් මේ ලෝකේ අල්ල ගන්න බැරිවුනු එක පුදුමයි...."

"ආක්‍රමණ තුනක් කිව්වට පලවෙනි ආක්‍රමණය පෘථිවියේදී චිටාරී අතින් වුනු විනාශයට පලිගන්න කරපු එකක්. මීට අවුරුදු 12,000කට විතර කලින් තිදියන් පෘථිවියේ බලය පතුරුවගෙන හිටියා. ඒ කාලයේ දියුණු මානව ශිෂ්ඨාචාර තිබුනේ ඉන්දියානු අර්ධද්වීපය, ලංකාව ආදි ආසියානු රටවල. එහෙත් පෘථිවියේ වඩිහරියක් පෙදෙස් ජනශූන්‍ය නිසා තිදියන් හා මානවයින් අතර විශාල ගැටුම් ඇතිවුනේ නෑ. තිදියන් ජනශූන්‍ය පෙදෙස්වල ජනාවාස හදාගෙන හිටියා කියලා ජනමූලාශ්‍රවල තියෙනවා.

තිදියන්ගේ පරම හතුරන් වෙන චිටාරී තිදියන්ගේ පෘථිවි කඳවුරු වලට පහරදුන්නා...ඒත් තිදියන් ගොඩබිම් සටන්වලින් ජය ගත්තා....චිටාරී කියන්නේ තිදියන්ට වඩා දුෂ්ඨ වර්ගයක්, ඔවුන් පෘථිවිය විනාශ කරන්නට ඔවුන්ගේ තාරකා යානා ගණනාවක් පෘථිවියේ වැද්දුවා...ඒ යානා පෘථිවියේ වැදිලා ග්‍රහලෝකය සෙලවෙන තරමට බිහිසුණු පිපුරුම් ඇතිකලා, පෘථ්වියේ මහා කාළගුණ විපර්යාස ඇතිවුනා…...භුමිකම්පා, මහා සුනාමි, ගිණිකඳු පිපිරීම් වසර සියගණනක් යනතෙක් නැවතුනේ නෑ...ඊට පස්සේ. පෘථිවිය අයිස් යුගයකට ගියා....තිදියන්ට පෘථිවියේ කොලණි අහිමිවුනා. පෘථිවියේ කොලණිවල සිටි ලක්ෂ ගණන් තිදියන් ඉවත්කරගන්න ලැබුණේ නෑ. ඔවුන් සියල්ලම මැරුණා.....අපේ මුතුන් මිත්තෝ තාරකා දොරටු හරහා අන්ධෙරාවට ආවේ ඒ විනාශෙන් බේරෙන්න.

එතකොට අන්ධෙරාව චිටාරී බල ප්‍රදේශයක්, හැබැයි ශීතල, වියළි මේ ග්‍රහලෝකයේ ජනාවාස පිහිටුවන්න චිටාරී එච්චර උනන්දුවුනේ නෑ. චිටාරී කැමති උණුසුම්, වැහිබර කාළගුණයක් තියෙන ලෝකවලට. උන් උරගජීවීන් වීම නිසා ඔවුන් කැමති ඒවගේ ලෝකවලට. ඒකයි පෘථිවිය අල්ලගන්න සටන් වැදුනේ. චිටාරින්, අපේ ලෝකය වෙනත් තාරකා මණ්ඩල ආක්‍රමණය කරන්න අතරමැදි කඳවුරක් විධියට භාවිතා කරා කියලා තමයි අපි අනුමාන කරන්නේ.” 

“තිදියන් මෙහෙ ආවේ චිටාරී හොයාගෙන පෘථිවියේ කොලණිවලට කල විනාශයට  පලි ගන්න. ඔවුන් මුලු වැර යොදලා අඩු ආරක්ෂාවක් තිබුණු අන්ධෙරාවේ චිටාරී බලකොටු වලට හා අභ්‍යවකාශයේ තිබූ සැපයුම් යානා වලට පහරදුන්නා...ඒ සටනින් චිටාරී පැරදුනා....තිදියන් ඔවුන්ව සමූල ඝාතනය කරලා ගියා. ඒත් තිදියෝ යනකොට ඔවුන්ගේ ගවේශකයින් කණ්ඩායමක් මෙහි පර්යේෂණ වලට නවත්තලා ගියේ... ඔවුන් මේ ලෝකයේ අපූරු පිහිටීම ගැන දැනගත්තා... තාරකා දොරටු ගැනත් දැන ගත්තා....ඊලඟට තිදියන් මේ ලෝකය කොළණියක් කරගන්න විශාල කොළණි මෙහෙයුමක් සිද්ද කලා...එතකොට අපි මේ ලෝකයේ ස්ථාවර වෙලා ඉවරයි…”

“අවුරුදු ගණනක සටනකින් පස්සේ අපි තිදියන්ගේ කොළනි වැනසුවා......තිදියන් සටනකට වඩා කොළණි හදන්නට ආපු නිසා ඔවුන්ගේ සටන් බලය අඩුවෙන් තිබුණේ, අපේ ප්‍රහාර එන්න එන්නම දැඩි වෙනකොට ඔවුන් කොළණි යානා අරගෙන ආපහු ගියා....... 

මීට අවුරුදු සීයකට ඉස්සෙල්ලා සිද්ධවුනේ අන්තිම ආක්‍රමණය. එතකොට ඔවුන් තාරකා නෞකා තුනක ලක්ෂ ගණනක් සෙබලු එක්ක ආවේ, ඒත් අපි ඔවුන්ගේ ප්‍රධාන තාරකා නෞකාව විනාශ කරාට පස්සේ ඉතිරි නෞකා දෙක ආපහු දුර පාරෙන් ගියා....ඒ කියන්නේ තාරකා දොරටුවක් ඇරගන්න ඉස්සෙල්ලා ඔවුන් පලාගියා. ඒ ඉතිරි නෞකා දෙකත් අපි විනාශ කරයි කියලා බයට......ඒ තාරකා නෞකා ආරක්ෂාකරන්න පරිවාර නෞකා තිබුණේ නෑ...අපි වගේ නොදියුණු ජීවීන් සිටින ලෝකයක් ආක්‍රමණය කරන්න ඒවා අනවශ්‍යයි කියලා ඔවුන් හිතන්න ඇති.” 

ඒකෙන් අපට පේන්නේ තිදියන් ඔවුන්ගේ පාබල සෙබලුන් නිරපරාදේ වනසාගන්න කැමැත්තක් නැති බව. චිටාරින්ට ඔවුන්ගේ පාබල සෙබලු වටින්නේ නැතිවුනාට තිදියන්ට ඔවුන්ගේ සෙබලු වටිනවා.....ඒකෙන් තහරුවෙන් තව දේවල් තියෙනවා.....තිදියන්ට සම්පත් හිඟයක් තියෙනවා...චිටාරින්ට සාපේක්ෂව තාක්ෂණයේ විශාල අඩුපාඩු තියෙනවා..චීටාරින්ට වගේ හිතූ හිතු අවස්ථාවල තාරකා දොරටු ඇරගැනීමේ තාක්ෂණයක් තිදියන්ට නෑ.......ඒනිසා ආක්‍රමණ සැලසුම් කරන්න ඔවුන් බොහෝ කල් ගන්නවා...."

“ඔවුන්ගේ මව් ලෝකය අපේ ලෝකෙට ආලෝක වර්ෂ පනහක් විතර දුරයි කියලයි අපි හිතන්නේ. ඔවුන්ගේ කොළණි යානා ආලෝකයේ වේගයට වඩා අඩු වේගයකින් යන්න ඇති කියලා අපි හිතනවා. ඒ නිසා කොළණි යානා ආපහු යන්න අවුරුදු 70ක් විතර යන්න ඇති. ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින් අන්ධෙරා කොළණි වැඩසටහන වුනාශ වුනා කියන පණිවුඩය තිදියන්ගේ මව් ලෝකය දැනගන්න ඇති. දැන් අපි ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන්නේ ඒකයි. මේ ආක්‍රමණය සමූළඝාතන ආක්‍රමණයක් වෙනවා කියලා අපට විශ්වාසයි...මෙවර ඔවුන් අපට සියලු වැර යොදලා පහරදෙනවා නිසැකයි...."

"ඒ කියන්නේ අන්ධෙරා ශිෂ්ඨාචාරයේ අවසානය බලාපොරොත්තුවෙන් ඉන්නේ?"

"ඇත්තෙන්ම.......මරාගෙන මැරෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ........අපි කවදාක්වත් යටත් වෙලා වහලුන් වගේ ඉන්නේ නෑ....."


~ / ~


හදිසියේම ඇසෙන්නට වූ පිපිරුම් ශබ්ද නිසා තේජන ගැස්සී ඇහැරුණා. තිදියන්ගෙන් හදිසි ප්‍රහාරයක් එල්ලවන්නට ඇතැයි සිතූ තේජන ප්‍රහාරයක්දී ඉක්මණින්ම වාර්තාකලයුතු ස්ථානයට යන්නට කාමරයෙන් එලියට පැන ගත්තා. එහෙත් එවැනි අවස්ථාවක්දී නාදවන අණතුරු ඇඟවීමේ සංඥා නාදවුනේ නෑ.

"මොකද වෙන්නේ? ප්‍රහාරයක්ද?"ඔහු පලමුවෙන්ම මුනගැසුනු අන්ධෙරාවාගෙන් ඇසුවා..

"නෑ නෑ කුරැට් ප්‍රහාරයට ගිය අය ආපහු එනවා......එයාලගෙ යානා කක්ෂයේ ඉඳන් වේගයෙන් පහත්වෙනකොට ඔය ශබ්දය ඇහෙනවා.."

"අහ්... සොනික් බූම් එක....."තමන්ටම කියාගත් තේජන ඉක්මණින් කාමරය වෙත ගොස් ඔහුට ලැබුණු අන්ධෙරා නිළ ඇඳුම ඇඳ ගත්තා.

"සිෆ් එනවා ඇති...."ඔහුගේ හද ගැහෙන්න ගත්තා.


බිහිසුණු රණශූරියකගේ ආදරය



හැකිතාක් ඉක්මණින් ගොඩබස්වන අංගනය වෙත ගිය තේජන අහස දෙස දෑස් අයා බලා සිටියා. කලින් ගොඩබැස තිබූ යානා තුනේම සිෆ් හිටියේ නෑ. තවත් යානා දොලහක් මග එන බව ගොඩබස්වන ලද යානාවක නියමුවෙක් පැවසුවා.

විශාල පිපුරුම් ශබ්ද සමගින් එකක් පසු පස එකක් යානා වේගයෙන් පැමිණ ගොඩබෑවා. අන්ධෙරා අජඨාකාශ නියමුවන් සැබෑ දක්ශයින් බව ඒ යානා ගොඩබැස්සවීමේ වේගය හා සූක්ෂ්ම බව තහවුරු කලා. නිසි පුහුණු පහසුකම් නොමැතිව, තමන්ගේ සිරුරුවලට හා සංවේදන වලට ගැලපෙන උපකරණ නොමැතිව, ක්‍රියාකාරිත්වය පවා හරිහැටි අවබෝධ කරනොගත් වසර දහස් ගණනක් ඉදිරියෙන් තිබෙන පිටසක්වල තාක්ෂණයකින් නිර්මිත මේ යානා ඔවුන් පියාසර කලේ කුඩා කාළයේ සිටම ඒවා පදවන්නට ඉගෙන ගත්තා වගේ.

අවසන් යානයේ අවසන් මගියාත් බැසගියා. එහෙත් ඒ අතර සිෆ් නොසිටියා මෙන්ම ඇය ගැන දන්නා කෙනෙකු සොයාගන්නටත් බැරිවුනා. උමායා නැතිවීමෙන් ඇතිවූ වේදනාවටත් වඩා දැඩි වේදනාවක් ඔහු සිත වෙලාගත්තා.

“….සටනට ගිය දහසක් දෙනාගෙන් තුන්සිය ගණනක් මිය ගියා. තිදි කඳවුර සහමුලින්ම විනාශයි. පැන යන්නට සමත්වූ කිහිපදෙනෙකු හැරෙන්නට සියලුම තිදියන් මරා දැම්මා. කඳවුර යලි  භාවිතයට නොහැකි පරිදි විනාශකොට දැම්මා. ඔවුන්ගේ යානා සියල්ලම අපේ අතේ....” 

ප්‍රහාරයට අණදුන් අන්ධෙරා කමාන්ඩර්වරයාගේ නිළ ප්‍රකාශය සියල්ලන් ඉදිරියේ කියවනවාත් සමගම ප්‍රීති ඝෝෂා හඬින් ෂාටිගීර් ගිගුම් දෙන්නට වුනා. රැවින් ප්‍රහාරයේ වාඩුව ගන්නට පුලුවන් වුනා වගේම සෑහෙන කාලෙකින් ලැබුනු විශාලම ජයග්‍රහණය මෙය නිසා අන්ධෙරාවන් හා වාමනයින් එකාමෙන් ජය සැමරුවා. සමරන්නට දෙයක් නොතිබුණේ තේජනට පමණයි. ඔහු ලඟ තිබූ පඩිපෙලක් මත හිඳගෙන හිස දෑතේ ඔබාගත්තා.

සිෆ්

"සිෆ්ව ආයෙත් එකම එක සැරයක් දකින්න තිබුණා නම්....."ඔහු මිමිණුවා. කොතරම් වෙලා එහෙම හිටියාදැයි ඔහුට මතක තිබුණේ නෑ. බෙල්ලෙහි ගෑවුනු සීතල යමක් දැනී පියවි සිහියට ආවා. හැරී  එදෙස බැලූ ඔහුට සිහින්, දිගැටි වීදුරු තලයක් දිස්වුනා. ඔහු එය හඳුනාගත්තා.

"සිෆ්!!!!!"ඇය ඔහු අසල සිටගෙන සිටියා.

"ඔයා ආපහු ආවා!!!"තේජනගේ දෑස් කඳුලින් තෙමුනා. 

"තේජන! මොකද මේ???"ඔහු ලඟින් ඉඳගත් ඇය විසල්වූ දෑස් වලින් ඔහු දෙස බලා සිටියා. ඇය කිසිවිටකත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවූ ලෙසින් ඇය විස්මිතවී සිටියා. ඇයගේ මුහුණ ලේ, දහදිය හා දූවිලි වලින් අඳුරුවී තිබුණා. ඇඟ දුහුවිලිවලින් නෑවී තිබුණා දින ගණනාවක් නොකඩවා සටන්කල ඇය බොහෝ වෙහෙසට පත්ව සිටින බව පෙනුණා.

"මම හිතුවේ........"

“ඇයි ඔච්චරම බයවුනේ?...මං මැරුණා කියලද?"විඩාව අතරින් ඇය දසන් විදහා සිනාසුනා. 

"සමාවෙන්න...."තේජන ලැජ්ජාවෙන් මුහුණ පිසදා ගත්තා. "මම ඔයාව දකින්න ආසාවෙන් හිටියේ......."ඔහුගේ ඇස් රතුවී නාසය බරවී තිබුණා.

"කවුරුහරි මම එනකන් බලාගෙන හිටියා කියලා ඇහෙන එක හරිම සතුටක්.....මට එහෙම කවුරුත් ඉඳලා නෑ...."ඇය ඔහුවෙත බරවුනා.

"ඔයා විතරයි මාව විශ්වාස කලේ.....අනෙක් අය හිතුවේ මම පැනලා යයි කියලා...එහෙම නේද?"

"ඔව්....ඒත් මම හරිනෙ...."ඔහුගේ උරහිස මත නිකට තබාගෙන සිටි ඇය මිමිනුවා.

"මම කවදාක්වත් ඔයාගෙ බලාපොරොත්තු කඩ කරන්නේ නෑ...."

"එහෙම කරන්නත් එපා.......මං ගැන කරදර වෙන කෙනෙක් එහෙම කෙරුවොත් ඒක හරිම දුකක් වෙයි..."ඇය යලිත් මිමිනුවා. 

"කොයි වෙලාවෙද ආවේ?"

"ඊයේ රෑ මැදියමේ...ඔයාට හොඳටම නින්ද ගිහින් ඉන්න ඇති, ඒකයි කම්පණ ශබ්දය ඇහෙන්න නැතුව ඇත්තේ.....අපි තිදියන්ගේ කුරැට් කඳවුරේ නායකයා අල්ලගත්තා...... ඌ ප්‍රහාරය අතරමැදදී පැනගන්න උත්සහ කරලා අපේ අයට අහුවුනා..... සාමාන්‍යයෙන් තිදි සෙනෙවියෝ තමන්ගේ පාබල සෙබලුන් තනිකරලා සටනකින් පැනලා යන්නේ නෑ....සෙබලුන්ට පැනගන්න ඉඩදීලා එයාලා මරාගෙන මැරෙන්න සටන් කරනවා....ඒකයි සම්ප්‍රදාය........එහෙම යනවානම්, ඒකට ලොකු හේතුවක් තියෙනවා....ඒ කියන්නේ රැකගත යුතු දෙයක්......උගේ පරිගණකය ගලවගන්න හදනකොට ඌ බොහොම කෝපාවිෂ්ඨවෙලා බිහිසුණු ලෙස දැඟලුවා...ඒක විනාශකරන්න හැදුවා......අපි සැක කරන්නේ ඔහුට මොකක් හරි රහස් පණිවුඩයක් ඇවිල්ලා කියලයි...ඒ පණිවුඩය පරිගණකයේ තියෙන නිසයි පණින්න හැදුවේ......අපි විශේෂ යානයකින් ඔහුව ඊයේ රෑම මෙහෙ ගෙනවා....පරිගණකය අපේ තාක්ෂණවේදීන් පරික්ශා කරනවා.... නීර්ගේ තිදියාගෙන් ප්‍රශ්ණකරනවා..."

"තිදියන්ට කතාකරන්න පුලුවන්ද?"

"බැහැ....මුඛයේ ස්වරාලයක් නෑ......සන්නිවේදනය කරන්නේ විශේෂ අවයවයකින් නිකුත්කරන අධි සංඛ්‍යාත හඬවල් වලින්. ඒවා අපිට ඇහෙන්නේ නෑ...ඒත් අපි ලඟ උපකරණ තියෙනවා. තිදියාගේ අධිසංඛ්‍යාත හඬවල් ඇහෙන ශබ්ද වලට පරිවර්තනය කරන්න. ඊට පස්සේ පුලුවන් ඒවා තේරුම් අන්න.....අපිට කියන්න ඕනෑ දේවල් තිදියන්ගේ අධිසංඛ්‍යාත භාශාවට හරවන්නත් යන්ත්‍ර තියෙනවා.

"එතකොට ඩාර්??"

"පාබල තිදියන් එක්ක ද්වන්ධ සටන්වලට ගිහිල්ලා මැහුම් කඩාගත්තා.......ලේ ගිහිල්ලා වැඩිවෙලා කලාන්තවෙලා වැටෙනකන් සටන් කලා...පස්සේ එයාගේ ගෝලයෝ ටික එයාව උස්සගෙන ගියා... දැන් කට අරින්නත් පණ නැතුව ඉන්නවා........ඩාර්ගේ හැරි එහෙම තමයි...."ඇය සිනාසුනා.

"ඊලඟ සටනට යනකොට මාවත් එක්කගෙන යන්න......."

"ඔයා සටන් කරන්න දන්නවද?"

"නෑ...ඒත් සටනට උදව් කරන්න පුලුවන්.....ප්‍රථමාධාර ගැන දන්නවා.....සී.පී.ආර්. කරන්නත් දන්නවා..."

"සී.පී.ආර්...? ඒ මොකක්ද?"

"සමාවෙන්න....සී.පී.ආර් කියන්නේ කාඩියෝ පුල්මොනරි රිසසිටේෂන්....ඒ කියන්නේ සටනකදි තුවාලවෙලා නැතිනම් කම්පණයට පත්වෙලා හදවත නැවතුන කෙනෙකුගේ පෙනහලුවලට හුලං පිඹින ගමන් හදවත යලි පණගන්වන්න තියෙන ප්‍රථමාධාර උපක්‍රමයක්....මම ඒක ඉගෙන ගෙන තියෙනවා....." 

"අහ් ඇත්තද.......කොච්චර හොඳද?...එහෙනම් මම ඔයාගැන සටන් බිම් වෛද්‍ය ඒකකයට කියන්නම්.....එයාලාට ඔයාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....”

“ඕගොල්ලන්ගේ ලෝකේ හරි දියුණුයි නේද?.......ඇයි සදාකාලික යුද්ධයක් තියෙන අපේ ලෝකෙ ඉන්න හදන්නේ? ආපහු යන්න ආසා නැද්ද?"

"නෑ....කොහොමටවත් නෑ.......ඒ ලෝකේ මට කවුරුවත් නෑ........මෙහෙ ඔයා ඉන්නවා....."

ඔහු ඇයගේ මුහුණ බැලුවා. "ඔයා ආයෙත් ආවේ මං නිසාද?"

"ඔව්......මට ඔයා ඉන්න තැනක ඉන්න ඕනෑ...."

"ඒත්....මාත් එක්ක ඉන්න හරිම අමාරුයි...මම නිතරම රංඩුකරන්නයි බලන්නේ......"

"ලංකාවේ කෙල්ලෝ එක්ක ඉන්න එක ඊට වඩා අමාරුයි....."තේජන සිනාසුනා.

"අප්පෝ එච්චර අමාරුකාරියෝද එහෙ ඉන්නේ?"ඇය හඬනගා සිනාසෙමින් ඇසුවා.

"මෙහෙ ගොඩාක් ලස්සන කෙල්ලෝ ඉන්නවා........විශේෂයෙන් රාජ මාළිගාවේ........එයාලා දිහා බලලා මට අහුවෙන්න එපා ඔන්න....."ඇය කවට ලෙස තර්ජනය කලා.

"හරි...හරි...මම ඒක මතක තියාගන්නම්...." 


තාරකා දොරටු ග්‍රහලෝකය


තේජන රසීනාගේ පර්යේෂණාගාරයේ ඔබ මොබ ඇවිද්දේ ඇය එනතෙක් මදක් රැඳෙන්න යයි ඇයගේ ප්‍රධාන පර්යේෂණ සහයිකාව වුන ඉටෙරා නම් වාමන ගෝත්‍රික කාන්තාව ඔහුට පැවසූ බැවින්. රසීනා පෙර රාත්‍රිය පුරාම ඇයගේ කණ්ඩායමද සමග තේජන රැගෙන ආ ඡායාරූප අධ්‍යයනයේ නිරතවී සිටි බව ඇය පැවසූවා. මදක් විවේක ගන්නට ගිය රසීනා ඉක්මණින් එනු ඇතැයි ඉටෙරා කියා සිටියා.

රසීනාගේ පරීක්ෂණ සහයකයින් ගණනාවක්ම වාමන ගෝත්‍රිකයින් වූ අතර අනෙක් පිරිස අන්ධෙරාවන් වූවා. වාමනයින් තාරකා ශාස්ත්‍රය හා නක්ෂස්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පැමිණියන් ලෙස අන්ධෙරාවේ විශේෂ තැනක් හිමිකරගෙන සිටිනවා. බිත්තිවල සවිකල විශාල කළුලෑලි කිහිපයක්ද තිබූ අතර ඒවා ගණිතකර්ම හා රූපසටහන් වලින් වැසී තිබුණා. එමෙන්ම විවිධ රූපසටහන්, කුඩා ආකෘති, ඇටවුම් හා පොත් දහස්ගණනක් ඇති රාක්ක එහි තිබුණා. ඉන් පොත් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාශාවෙන් ලියා තිබීම විශේෂත්වයක් වුවත් තේජනට එය පුදුමයක් වුනේ නෑ. අන්ධෙරාවන් හැකි සෑම විටම පෘථිවි මානවයින්ගෙ සැඟවී සිටින්නට උත්සහකලත් පෘථිවියේ ශාස්ත්‍රඥාණය ලබාගැනීමට බොහෝ උනන්දුවුනා. කලා. මේවා බරාරා වැනි ඔවුන්ගේ හිතේෂිවන්තයින් හරහා රහසින් හා ක්‍රමාණුකූලව ලබාගන්නා බවයි ඔහු අනුමාන කලේ.

අන්ධෙරා ග්‍රහලෝකය, සිය අක්ෂයෙන් අංශක 27ක් ඇලවී තිබෙනවා. මේ නිසා පෘථිවියට වඩා විශාල සෘතු වෙනස්කම් අන්ධෙරාවේ තිබෙනවා. දහවල ඉතා දිගු, දීර්ඝ ග්‍රීස්ම සෘතුවක් හා රාත්‍රිය ඉතා දිගු දීර්ඝ ශීතකාලයක් අන්ධෙරාවේ තිබෙනවා. එමෙන්ම අන්ධෙරාවේ උතුරු හා දකුණු ධ්‍රැව විශාල හිම තට්ටුවලින් වැසී තිබෙනවා. ගොවිතැනට ඉතාම සුදුසු සශ්‍රීකම පෙදෙස් තිබෙන්නේ ධ්‍රැව වලට පහතින් ඇති පෙදෙස්වලයි.

"තේජන!....සමාවෙන්න, ගොඩක් වෙලා ඉන්නවුනා නේද?"

සිතිවිලි ලෝකයක ගිලීසිටි තේජන අවදිවුනා.

"නෑ වැඩිවෙලාවක් නෑ...."තේජන කියද්දී රසීනා ඔහු අසලට පැමිණ දෑතින්ම ඔහුගේ දෙවුර අල්ලා ගත්තා. වයස හැටක පමණ පෘථිවි මානව කාන්තාවකගේ ස්වභාවය ගත් ඇය අඩුම ගණනේ පෘථිවි අවුරුදු අනූවක් වත් විය යුතුයි.

ඔහුගේ මුහුණ මදවේලාවක් අධ්‍යයනය කල ඇය.

"ම්ම්.... බුද්ධිමත් තරුණ පෘථිවි කොල්ලෙක්......පුතාගේ වයස කීයද?"

"විසිපහයි..... මාන්තා...."තේජාන්විත වයෝවෘද්ධ කාන්තාවක් වූ රසීනාව මාන්තා හෙවත් මෑණියන් යන ගෞරව ආමන්ත්‍රණයෙන් ඇමතුවා.

"හරිම ලාබාලයිනෙ ඔයා.......සිෆ් ඔයාගැන බොහොම පැහැදිලා...."රසීනා කියද්දි තේජන ලැජ්ජා මුසු බයාදු සිනාවක් පෑවා.

"සිෆ් වගේ කෙල්ලෙක්ගේ හිත දිනාගන්න අමාරුයි.....ඇයගේ සිත දිනාගන්න අපේ රණශූර තරුණයින් බොහෝ දෙනෙක් උත්සහ ගත්තා......ඒත් ඇය විශ්වාස කරන්නේ පෘථිවියෙන් ආපු ඔබව....."

"සිෆ් බොහොම නිර්භීත රණශූරියක්.....මම එච්චර නිර්භීත කෙනෙක් නෙමෙයි........"

"හැමෝම යුද්ධ කරන්න ඉපදිලා නෑනෙ පුතා.......සමහර අය යුද්ධෙට උපන් අය......සමහර අය ඉපදිලා ඉන්නේ වෙන දේවල් වලට......ඔබත් එහෙමයි, මාත් එහෙමයි.......අන්ධෙරාවේ පැරණි කියමනක් තියෙනවා - යුද්දෙට යන රණශූරයාගේ ජීවිතය රැඳිලා තියෙන්නේ ඔහුගේ අසිපත තනන කෙසඟ කම්මල් කාරයාගේ අතේ - කියලා...කම්මල්කාරයා නියම පදමට වානේ තලලා අසිපත හැදුවේ නැතිනම් එය සටනේදී කැඩෙනවා. රණශූරයාට මරණය නියමවෙනවා..."

"ඒක ඇත්ත ...."තේජන යලිත් දසන් පෑවා.

"මම ගෙනාපු දේවල් ප්‍රයෝජනවත්ද මාන්තා?" 

"ඔව්! බොහොම...අපි අවුරුදු විස්සක් තිහක් තිස්සේ හොයන ඡායාරූප ඔබ දවස් දෙක තුනකින් හොයාගෙන ආවා......අපි මහ රැජිණවත් දැනුවත් කලා ... ඇයත් ඉදිරියේ දිනක ඔබව මුණගැසීමට කැමැත්තෙන් ඉන්නවා......"

"ඇත්තද මාන්තා.......ඒක මට විශාල ගෞරවයක්......."

"වසර පණහකට විතර පස්සේ අපේ මහ රැජින බැහැදකින්න වරම් ලැබූ එකම පෘථිවි වැසියා.....ඔයා අන්ධෙරාවට කරපු සේවය අපට බොහොම වටිනවා......."

"අන්ධෙරාවේ තාරකා දොරටු ඇතිවෙලා තියෙන්නේ කොහොමද?"තේජන බොහෝ කාලයක් ඔහුගේ සිතට වදදෙමින් තිබූ පැණයක් ඇසුවා. ඔහු ඒ පැණය නීර්ගේ ගෙන් ඇසූවිට ඔහු කිව්වේ "ඕක හොඳටම පැහැදිලි කරන්න පුලුවන් රසීනා මාන්තාට. එයාගෙන් අහන්න.."කියලයි.

"අපි දන්න විධියට අන්ධෙරාව කියන්නේ සුවිශේෂී  ග්‍රහලෝකයක්. අන්ධෙරාවේ රතු සූර්යයා වටා කුඩා කලු කුහරයක් කක්ෂගත වෙලා තියෙනවා. ඒක තියෙන්නේ පෘථිවි මාන වලින් නම් කිලෝමීටර් බිලියන 3.5ක් ඈතින්. මේ කළු කුහරයේ බල පෑම නිසා අන්ධෙරාවේ තාරකා දොරටු නැතිනම් පෘථිවියේ ඔබේ විද්‍යාඥයින්ගේ කල්පිතයන් වල විස්තර කරන අයින්ස්ටයින්-රෝසන් දොරටු ඇතිවෙලා තියෙනවා. ඒවා පෘථිවියට විතරක් නෙමෙයි තවත් ඈත තාරකා මණ්ඩල සීයයකට විතර විවර වෙනවා. සමහර ඒවා ගුහා තුලින් නෙමෙයි, කෙලින්ම භූමියේ පිහිටලා තියෙනවා. ඒ වගේ තැනකින් ඇවිදගෙන ගියහම මතුවෙන්නේ වෙනත් ග්‍රහලෝකයකින්. ඒ අතින් අන්ධෙරාව විශ්මිතයි.

ඒ නිසායි තිදියන් අන්ධෙරාව ගැන මෙතරම් උනන්දු වෙන්නේ. අන්ධෙරාව අල්ලාගත් විට ඔවුන්ට බොහොම අඩු වෙහෙසකින් තවත් තාරකා මණ්ඩල ගණනාවකට යන්න පුලුවන්. අන්ධෙරාව වගේ ග්‍රහලෝක විශ්වයේ බොහොම හිඟයි.

අන්ධෙරා ග්‍රහමණ්ඩලය - Andheraa Solar System

අපි මේ තොරතුරු බොහොමයක් දැනගත්තේ තිදියන්ගේ පරිගණක වලට ඇතුලුවෙන විධිය අපේ තාක්ෂණවේදින් ඉගෙන ගත්තට පස්සේ. ඔවුන් අන්ධෙරාවේ කළු කුහරය ගැනයි, තාරකා දොරටු ගැනයි පර්යේෂණ මහ ගොඩක් කරලා තොරතුරු රැස් කරගෙන තියෙනවා. බොහොමයක් තොරතුරු තේරුම් ගන්න අපේ තාරකා විද්‍යා දැනුම මදි. අපිට තව අවුරුදු සීයක් වත් යයි තිදියන් අපේ ලෝකය ගැන සොයාගෙන තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න.

“ඇයි පෘථිවි අහසේ තාරකා පිහිටීම් තොරතුරු ඔච්චර වැදගත්?"

“"ඒකට හේතුව මේකයි..... අපි විශ්වාස කරන විධියට තිදියන්ගේ ග්‍රහලෝකය ආලෝක වර්ෂ පනහක් ඈතින් තියෙන්නේ. ඔවුන් මෙහෙ එන්නේ කෘත්‍රිම අයින්ස්ටයින් රෝසන් දොරටුවක් තනාගෙන. විශ්වයේ තැන් දෙකක් එකට හා කරන්න පුලුවන් අපූර්ව සංසිද්ධියක් වෙන අයින්ස්ටයින්-රෝසන් දොරටුවක් විවර කරගන්න අතිවිශාල බළශක්තියක් ඕනෑ වෙනවා. චිටාරින් වගේ තිදියන්ට වඩා ගොඩාක් ඉහල තාක්ෂණික දියුණුවක් තියෙන ශිෂ්ඨාචාර මේවගේ බලක්ශක්තිය නිශ්පාදනය කරගන්න තාක්ෂණයන් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඕනෑම විටක, ඕනෑම තැනක, තමන්ට කැමති තැනක් හා සම්බන්ධවෙන තාරකා දොරටු හදාගන්න පුලුවන්.

ඒත් තිදියන් එතරම් දියුණු නෑ. ඔවුන් තාරකා දොරටුවක් තනාගන්නේ සෑහෙන අමාරුවෙන්. අපි ගණනය කරලා තියෙන විධියට තිදියන්නේ සෞරග්‍රහමණ්ඩලයේ කෙලවරක අතිවිශාල තාරකා දොරටු ජනක යන්ත්‍රයක් ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් කුඩා චන්ද්‍රයා තරම් විශාල යන්ත්‍රයක් විය යුතුයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ විශාල බලශක්තියක් යොදවලා කෘත්‍රිමව බොහොම කුඩා කලු කුහරයක් නිර්මාණය කරගෙන. ඒ කලු කුහරය යන්ත්‍රය තුල නිර්මාණය වෙන්න සෑහෙන කාලයකුත්, අතිවිශාල බලශක්තියකුත් ඕනෑ වෙනවා. ඒ කලු කුහරය එක්වරම නිර්මාණය වෙන්නේ නෑ. හෙමින් හෙමින් ඒක විශාල වෙනවා. උපරිම විශාලත්වයට පැමිණියාම විශාල තාරකා නෞකා ගමන් කරන්න පුලුවන් අයින්ස්ටයින්-රෝසන් දොරටුවක් ඇතිවෙනවා. 

දොරටුව උපරිම විශාලත්වයට එන්න කාළයක් යනවා. හැබැයි අපි දන්න විධියට උපරිම විශාලත්වයෙන් ඒ දොරටුව පවත්වාගෙන යන්න පුලුවන් පැයක් පමණ කෙටි කාළයක් විතරයි. ඒ සීමාව තිදියන්ගේ බලශක්ති ප්‍රභව බලසම්පන්න නොවීම පිලිබඳව ගැටලුවක්. ඒ කාලය තුල ඔවුන්ගේ තාරකා නෞකාවලට මෙහාට පැනගන්න පුලුවන්. ඊට පස්සේ බලශක්තිය ඉවරවෙලා කලුකුහරය නෂ්ඨවෙලා දොරටුව වැහෙනවා. ආයෙත් වසර ගණනාවක් යනවා ඔවුන්ට ඒ දොරටුව විවරකර ගන්න බලශක්තිය එක් රැස් කරගන්න.

ඒ විධියට තාරකා දොරටුවක් විවරවෙනකොට අහසේ වෙනස්කම් වෙනවා. අන්ධෙරා අහසේත් මේ වෙනස්කම් ඇතිවුනත් ඒවා නිවැරදිව හසුකරගන්න තාක්ෂණය හෝ නිරීක්ෂණ පහසුකම් නෑ. ඒවගේම ඉතා දීප්තිමත් සඳවල් දෙකක් තියෙන නිසා අන්ධෙරා අහසේ තාරකා රටා නිරීක්ෂන අපහසුයි. පෘථිවියට වගේ සඳ නැති රැයවල් අන්ධෙරාවට නෑ.

තිදියන්ගේ තාරකා දොරටුව විවරකර ගන්න ඔවුන්ගේ ජනක යන්ත්‍රය වසර කිහිපයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ වසර කිහිපය තුල කෙමෙන් කෙමෙන් අයින්ස්ටයින්-රෝසෙන් දොරටුව විශාල වෙනවා. තාරකා නෞකා යවාගන්න පුලුවන් තරම් විශාල වෙන්න සෑහෙන කලක් යනවා. මේ කාලයේදී අහසේ තාරකා රටා සියුම්ව නිරීක්ෂණය කරහම ඒවායේ යම් යම් වෙනස්කම් පේනවා. දොරටුව සම්පූර්ණයෙන්ම විවරවුනාම අන්ධෙරාවේ අභ්‍යවකාශයේ ඉඳලා ඒ දොරටුව තුලින් බැලුවොත් ආලෝක වර්ශ පණහක් ඈතින් තියෙන තිදියන්ගේ ජනක යන්ත්‍රය ලඟ තියෙනවා වගේ බලාගන්න පුලුවන් වෙයි.

අන්ධෙරා අහසේ විතරක් නෙමෙයි, අන්ධෙරාව හා ස්ථාවර තාරකා දොරටු විවරවෙලා සදාකාලිකව අන්ධෙරාව හා සම්බන්ධවෙලා තියෙන පෘථිවි අහසේත් මේ වෙනස්කම් දකින්න පුලුවන්. අපි තාරකා රටා ඡායාරූප හෙවුවේ මේවා හඳුනා ගන්න. අපේ ගණනය කිරීම්වලට අනුව තවත් දින කිහිපයකදී තිදියන්ගේ තාරකා දොරටුව පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වෙලා විශාල යානා ගමන් කරන්න පුලුවන් තත්වෙට පත්වෙනවා.”

“ඒ කියන්නේ තව දින කිහිපයකින් දැවැන්ත තාරකා යානා අන්ධෙරාවට ඉහලින් දකින්න පුලුවන් වෙයි...?"

"ඔව්, තිදියන් මේ වාරයේ සම්පූර්ණ යුධ ශක්තිය යොදලා සමූල ඝාතන ප්‍රහාරයක් දියත්කරන බව අපට විශ්වාසයි...අපේ ශිෂ්ඨාචාරයට වැඩිම වුනොත් තව සතියක් පවතින්න පුලුවන් වෙයි..........."

"ඊට පස්සේ?"

"ඊට පස්සෙ......අපි කවුරුවත් ජීවතුන් අතර ඉන්න එකක් නෑ........."රසීනා සුසුමක් හෙලුවා.


අවසන් සටන

"ඔයාගෙ නම් ඔලුව නරක්වෙලා.............ඔයා නුවණක්කාර කොල්ලෙක්, ඒත් ඔයා හිතනවද මේක නීර්ගේවත් පිලිගනී කියලා....?"සිෆ්, තේජන ඇඳ තිබූ කටුසටහන දෙස විමසුම් දෑසින් බලමින් ඇසුවා.

"දැන් අපිට මොනවද නැති වෙන්න තියෙන්නේ සිෆ්..? ඔයාලගෙ ලෝකට තව දවස් දෙකතුනයි...."

"අපිට සැළසුම් තියෙනවා........?"

"මොනවගේ ඒවද?"

"මට කියන්න බෑ........"

"බැරිද? දන්නෙ නැද්ද?"

"දන්නවා.......කියන්න බෑ..."

"ඇයි? මම කාටහරි කියයි කියලද?.......සිෆ්....මම මෙහෙ නැවතිලා ඔයා එක්ක මරණය තෝරාගත්ත කෙනෙක්......ඒත් මාව විශ්වස නැද්ද...?"

“රජ පවුලයි, තෝරාගත්ත කණ්ඩායමකුයි රහසිගත භූගත බළකොටුවලට යවන්න ඔක්කොම ලෑස්තියි.......එයාලා ආරක්ෂාවෙලා අන්ධෙරා වර්ගයයි, වාමන වර්ගයි ඉදිරියට ගෙනියයි.....අපි නැතිවෙන්නේ නෑ.........."

"කීදෙනෙක්ද?"

"හාරදාහක් විතර...."

"මේ ග්‍රහලෝකයේ ජීවිත ලක්ෂ ගණනක්ති යෙනවා.........මම හදන්නේ ඒ අයව බේරගන්න..."

"තේජන.....අපි හැමෝටම මේකෙන් ගැලවෙන්න බෑ.........ඒත් ඔයාට පුලුවන්........."

"සිෆ්!!!!!!! ඒ විධියටද මම ගැන හිතන්නේ..........?"තේජන කෝපයෙන් කෑ ගැසුවා.

"නෑ නෑ....මම නිකන් කිව්වේ.........ඔයා මැරෙන්න අවශ්‍ය නෑ.......තරහ වෙන්න එපා...."

"කෝ මෙහෙට දෙන්න ඕක........මම යනවා නීර්ගේ හම්බුවෙන්න......."

"තේජන.......ඔයාට එයාව හම්බුවෙන්න බෑ........එයලා හැමෝම ආරක්ෂිත තැන්වල........"

"ඔයාට නීර්ගේට කිසිම පණිවුඩයක් යවා ගන්න බැරිද?"

සිෆ් හිස.දෙපැත්තට වැනුවා. ඒත් ඇගේ දෑස් ඇය කියන්නේ බොරු බව හෙලිකලා.

"ඔයා බොරුකියන්න දන්න කෙනෙකෙ නෙමෙයි සිෆ්......."

"තේජන....මම කියනදේ අහන්න.........."සිෆ් තේජනගේ දෑත් අල්ලා ගත්තා. "ඔයාගේ සැලැස්ම වැඩකරන්නෙ නෑ තේජන........ඔයා දැක්කා නේද තිදියන්ගේ කඩා වැටිච්ච තාරකා නෞකාව කොච්චර විශාලද කියලා......? පොඩි යානාවක් වැද්දුවා කියලා ඒකට මුකුත් වෙයි කියලා හිතනවද......."

"නිකන් වද්දනවා නෙමෙයිනෙ සිෆ්.......ඒකෙ ලොකු බෝම්බයක් තියෙනවා..........."

"එහෙම බෝම්බ තියෙන්නේ ඔයාලගෙ ලෝකෙ තේජන.......මෙහෙ එහෙම ඒවා නෑ........."

"අපි නීර්ගේ ගෙන් අහමු.........මම හිතනවා එයා නොකියන දෙයක් තියෙනවා කියලා...."

"ඔයා කොහොමද එහෙම කියන්නේ?"

"මෙහෙමයි සිෆ්........මේවා වටිනා යුධ යානා.......ඒවා සතුරන් අතට පත්වෙන එක නවත්වන්න උපක්‍රම තියෙන්න ඕනෑ......."

"ඒ කියන්නේ........?"

"මම අනුමාන කරන විධියට තිදියන්ගේ යානාවල ස්වයං-විනාශක (self-destruct) උපක්‍රමයක් තියෙනවා කියලා.......සතුරන් අතට පත්වෙන කොට ඒක පුපුරවලා විනාශකරලා දාන්න උපක්‍රමයක් තියෙන්නම ඕනෑ....."

"එහෙනම් ඇයි අන්තිම සටනේදී අපේ අය අල්ලාගත්ත යානය පුපුරා නොගියේ......."

"සමහරවිට ඒක ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා නොතිබෙන්න ඇති...තිදියන් කිසිම විධියකින් අන්ධෙරාවන් තාරකා යානයකට කඩා වදියි කියලා අනුමාන කරන්න නැතුව ඇති....ඒ නිසා ස්වයං-විනාශක උපක්‍රමය ක්‍රියාවිරහිත කරලා තියෙන්න ඇති...ඒත් තිදියන්ගේ එකම හතුරෝ අපි විතරද?"

“තේජන......ඔයා වෙහෙසෙනවා වැඩියි…...ඔයා ඔලුව අවුල්කරගෙන......මේක අපිට දිනන්න පුලුවන් සටනක් නෙමෙයි........."සිෆ් දුබල පරාජිත හඬකින් පැවසුවා. ඇය ඔහුගේ දෑස් දෙසම බලාගෙන සිටියා. ඔහුගේ දෙකම්මුල් දෑතින් ගත් ඇය ඔහු දෙතොල් මත ඇයගේ දෙතොල් තබා සිපගත්තා. ඔහුගේ මෙන්ම ඇයගේ දෑස්ද කඳුලින් තෙත්ව තිබුණා.

"පරදිනකන් දිනන්න උත්සහ කරමු....." 

“මම කවදාකවත් මැරෙන්න බය වුනු කෙනෙක් නෙමෙයි........ඒත් දැන් මට දුකයි....... ඒ ඔයා දාලා යන්න වෙන නිසා.....ඔයා මාත් එක්ක ඉන්නවා නේද?"තේජනගේ උර මත හිස තබාගත් සිෆ් මිමිණුවා.

"ඔෆ් සිෆ්....අන්තිම හදගැස්ම වෙනකන්ම...."ඔහු ඇය වැලඳගෙන හිස සිපගනිමින් තෙපලුවා.


~ / ~


"ඇයි අපි මේ පෘථිවියෙන් ආපු පොඩි කොල්ලෙක්ගේ විකාර සැලස්මක් වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ?"අග්‍ර මණ්ඩලයේ වයස්ගත සිවිල් නියෝජිතයෙකු හඬ නැගුවා. 

කිහිපදෙනෙකු එකවර කතාකරන්නට පටන්ගත් නිසා ගාලගෝට්ටියක් මෙන් ඇසුනා. මහ රැජිණ සුරත ඔසවා නිහඬවන්නට යයි සංඥා කිරීමෙන් කලබැගෑනිය ක්ෂණිකව නැවතුනා. අඩ කවාකාර මේසයක වටා අසුන් පනවා අග්‍රමණ්ඩලයේ සිවිල් හා යුධ නියෝජිතයින් සිටි අතර රැජිණ දෙපිරිස ඉදිරියෙන් රාජාසනයේ අසුන්ගෙන සිටියා. යුධ නියෝජිතයින් පිටුපසින් නීර්ගේ සිටි අතර ඔහු සමග තවත් ජේෂ්ඨ යුධ සෙනෙවියන්, ඔත්තුසේවා නායකයින්ද සිටියා. සිෆ්, හාෂ් හා තේජන ඊට පසුපසින් වූ අසුන්වල සිටියා. රසීනා හා සිවිල් බුද්ධි මණ්ඩලයේ ජේෂ්ඨයින්, අග්‍ර මණ්ඩළයේ සිවිල් නායකයින් පසුපසින් අසුන්ගෙන සිටියා.

ගාම්භීර හා සන්සුන් හඬින් මහ රැජිණ සභාව ඇමතුවා.

"අපි මේ රැස්වෙලා ඉන්නේ පෘථිවි වැසියාගේ සැලැස්ම ගැන කතාකරන්න විතරක් නෙමෙයි. මේ රැස්වෙලා ඉන්නේ අවසන් ප්‍රහාරයට පෙර අවසන් සැලසුම් ක්‍රියාත්මක කරන්න. මෙයින් පස්සේ කවදා අපට රැස්වෙන්නට පුලුවන් වේවිදැයි දන්නේ නෑ. අප අතරින් කීදෙනෙකු ජීවත් වේදැයි කියන්නත් බෑ..... ඒ නිසා කලබැගෑනි ඇති කර නොගෙන පෘථිවි වැසියාට ඔහුගේ සැලැස්ම විස්තර කරන්න ඉඩ දෙමු...."

මද වෙලාවක් ගතවෙන විට තේජන කටු සටහනක් ලෙස කොළ කැබැල්ලක ඇඳ තිබූ සැලැස්ම විශාල කැන්වසයක් මත ප්‍රතිරූපනය කොට එය අග්‍ර මණ්ඩලය ඉදිරියේ දිග හැරුනා. නීර්ගේ දී තිබූ අණ පරිදි ඔහුගේ සැලසුම් ශිල්පීන් එය ඉතාමත් පිලිවෙලට ඉන්ජිනේරු සැලැස්මක් මෙන් දැක්වෙන ආකාරයට ප්‍රතිරූපනය කොට තිබුණා.

 මොහොතකින් සභාවේ මහලේකම් හා තෝල්ක ලෙස කටයුතුකල වාමන ගෝත්‍රිකයා නැගී සිට..."පෘථිවි වැසියාට සිය සැලැස්ම විස්තර කරන ලෙස මහ රැජිණ අණකර සිටී...."යනුවෙන් පැවසූ අතර තේජන නැගී සිටිද්දී අසලින් අසුන්ගෙන සිටි සිෆ් ඔහුගේ සුරත මිරිකුවා. අන්ධෙරාවන් සිය මහරැජින ඇමතීමට පෙර ඇයට ආචාර කරන ආකරයට හිස නමා ආචාර කල තේජන සිය සැලැස්ම ඇඳ තිබූ විශාල කැන්වසය අසලට ගියා.

"ගෞරවණීය මහ රැජිණියනි, මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපිට තිදියන් ගෙන් අල්ලාගත් යානා නවයක් ඕනෑ වෙනවා. අටක් කක්ෂයේ රැඳී සිටිමින් එකිනෙකා හා ගුවන්විදුලි පණිවුඩ වලින් සම්බන්ධවෙමින් තිදියන්ගේ තාරකා දොරටුව විවර වන්නේ කොතැනදැයි දිවා රෑ විමසිල්ලෙන් සිටිය යුතුයි. නව වැනි යානය කක්ෂයේ යම් තැනක රඳවා තිබෙන්න ඕනෑ. ඔත්තු බලන යානා තිදියන්ගේ තාරකා දොරටුව විවර වී පලමුවැනි තාරකා නෞකාව එය තුලින් මතුවෙන විටම ඒ පණිවුඩය නව වැනි යානය, එනම් ප්‍රහාරක යානයට යැවිය යුතු වෙනවා. එසැණින් ක්‍රියාත්මක වෙන ප්‍රහාරක යානාව  තිදියන්ගේ තාරකා නෞකාව තාරකා දොරටුවෙන් පිට වී අන්ධෙරාව වටා කක්ෂගත වීමට පෙර එහි ගැටී පුපුරුවා ගත යුතුයි..."


තේජන සිය වාක්‍යය අවසන් කරනවාත් සමගම අන්ධෙරා සටන් හමුදා ප්‍රධානී සිය සුරත එසවූවා. මහ රැජිණ ඔහුට අවසර දෙමින් හිස සැලුවා.

“පෘථිවි මානවකය, මේ තාරකා යානා කොතරම් විශාලදැයි ඔබට අවබෝධයක් තිබෙනවාද?”

“ඔවු, මට පෘථිවි මාන වලින් කතාකරන්න අවසර ලැබෙනවානම්, මේ යානා මීටර් 2000ක් පමණ දිගයි, පලල්ම තැනදී මීටර් 400ක් විතර පලල්, උසම ස්ථානය මීටර් 300ක් විතර.”

"හරි, ඒ කියන්නේ විශාල කන්දක් තරම් ලොකුයි කියන එකනෙ... ඔබ හිතනවාද කුරුල්ලෙක් විශාල කන්දක හැපුනම කන්දට මොනවා හරි වෙයි කියලා?"

මොහොතක් නිහඬව සිටි තේජන... "ඔව් සෙනෙවිතුමනි, ඒ කුරුල්ලා විශාල බෝම්බයක් අරගෙන කන්දේ හැපුනොත්..."

සභාවේ සිටි කිහිප දෙනෙකු සෙමින් සිනහසෙන ආකාරය ඔහුට ඇසුනා. සිෆ්ගේ මුහුණ බැලූ ඔහුට ඇය සුරතින් මුව වසාගෙන හිනැහෙනු පෙනුනා. සිනහවට ඇගේ සුන්දර දෑස් පුංචිවී තිබුණා. සිෆ් ඔහුගේ කවට කතාවලට ආශාකලා. 

"එයා මට කැමති වෙන්න ඇත්තෙත් මම කියන විහුලු කතාවලට වෙන්ඩැති...නැතිනම් මගේ මොනවට කැමතිවෙන්නද?" 

අන්ධෙරාවන් අතර හාස්‍යය ඉතා දුලබ වුනා වසර සිය ගණනක් නොනවතින යුද්ධයකින් හෙම්බත්වුනාම හාස්‍යය, විනෝදය කියන්නේ මොකක්ද කියලා අමතක වෙන්න පුලුවන්.

"මම ඔබගේ විහිලු කතාවලට කැමතියි... ඒත් පෘථිවි මානවකයා දන්නවද ඔය කියනව වගේ විශාල බෝම්බයක් තියෙන තැනක්.....එහෙමත් නැතිනම් ඔබ හිතාගෙන ඉන්නවද ආයෙ පෘථිවියට ගිහිල්ලා එහෙම බෝම්බයක් අරගෙන එන්න?........මහ රැජිණියනි, මේ සැලැස්ම කාලය නාස්ති කිරීමක්... තිදියන්ගේ තාරකා යානයකට පොඩි හානියක්වත් කරන්න පුලුවන් ආයුධයක් අපි ලඟ නෑ....ඒකයි ඇත්ත...මේ මානවකයා දැනට අපට කරලා තියෙන උදව් වලට ඔහුට වටිනා ත්‍යාගයක් දීලා මෙහෙන් පිටමන් කරන්න ඕනෑ....ඔහු මෙහෙ මැරෙන්න අවශ්‍ය නෑ.....ඔහුට තව ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් ආපහු පෘථිවියට ගියොත්..."

සභාවේ සිවිල් හා යුධ නායකයි බොහෝ දෙනෙක් ඒ යෝජනාව අනුමත කල බව පෙනුනා. ඒ සමගම මහ රැජින සුරත ඔසවා සභාව නිහඬ කලා.

“සෙන්පතිතුමා, ඔබ දන්නවා සටනකදී පැනලා යන්නේ කොයිවගේ අයද, නැවතිලා සටන් කරන්නේ කොයිවගේ අයද කියලා.....මොහු මැරෙන බව දැන දැනත් කැමැත්තෙන් මෙහි නවතින්න තීරණය කල කෙනෙක්. කවුරුවත් ඔහුව බලෙන් නවතාගෙන නෑ....ඔහු හරි වුනත්, වැරදි වුනත් ඔහු උත්සහ කරන්නේ හැකි පමණින් අපිට උදව් කරන්න...ඒක ගෞරවනීයයි..."

"මට සමාවෙන්න මහ රැජිණියනි..ඔබතුමියගේ අදහස මා එක හෙලා පිලිගන්නවා....ඒත් මගේ තර්කය ...මේ සැලැස්ම ප්‍රායෝගික නොවන කාලය කා දැමීමක්...."

"ඔහුගේ සැලැස්ම නිවැරදියි කියලා ඔප්පු කරන්න ඔහුට අවස්ථාව දෙන්න....ප්‍රශ්ණ තියෙන අය ඔහුගෙන් අහන්න..."රැජිණිය විධාන කලා.

“එහෙමයි මහරාජිණියනි..........හරි...අපි නිකමට හිතමු...ඔබගේ මේ වියරු සැලැස්ම හරිගියා කියලා......එතකොට එක තාරකා යානාවක් විනාශයි.......ඔබ හිතන විධියට එන්නේ එක තාරකා යානයද? ගිය සැරේ තුනක් ආවා......මේ සැරේ එකයි...?” 

“මගේ සැලැස්ම තාරකා නෞකාව විනාශකරන එකම නෙවෙයි. මට රසීනා මාන්තා කියලා දුන් විධියට තාරකා දොරටුවක් කියන්නෙත් හරියට එක කාමරයකින් තව කාමරයකට යන දොරක් වගේ. දොර ඇරලා තියෙන කොට එක කාමරයක ඉඳලා බැලුවම අනෙකේ ඇතුල පේනවා. ඒවගේම මේ කාමරේ ඉඳන් අනෙක් කාමරයේ ඉන්න කෙනෙකුට මොකකින් හරි ගහන්නත් පුලුවන්...."තේජන කියද්දී රසීනා එය අනුමත කරමින් හිස වැනුවා.

“ඒ කියන්නේ අපිට පුලුවන්නම් තිදියන්ගේ තාරකා දොරටුව විවර වෙලා තියෙන කොට එයට ඉදිරියෙන් ඉන්න, අපිට තිදියන්ගේ සෞරග්‍රහමණ්ඩලය පේන්න ඕනෑ...ඒ වගේම තිදියන්ගේ තාරකා දොරටු ජනකය පේන්න ඕනෑ. මම යෝජනා කරන්නේ තිදියන්ගේ තාරකා නෞකාව දොරටුවෙන් එලියට එනකොටම එහි වද්දලා පුපුවරන්න. එතකොට එය පිපිරීමෙන් එන බිහිසුනු කම්පණ තරංගය තාරකා දොරටුව හරහා තිදියන්ගේ තාරකා දොරටු ජනකය වෙත යනවා.”

“මගේ බලාපොරොත්තුව මේ කම්පණ තරංගය තිදියන්ගේ තාරකා දොරටු ජනකය අස්ථාවර කරලා කරලා අක්‍රිය කරවයි කියලා. අපි වාසනාවන්ත වුනොත්, එය පාලනයයෙන් තොරව අස්ථාවර වෙලා පුපුරලා යන්න ඉඩ තියෙනවා.”

"පෘථිවි වැසියා....ඔබගේ මනඃකල්පිත සැලැස්ම සැබැවින්ම අපූරුයි...ඒත් කන්දක් වැනි විශාල මේ තාරකා යානාවක් පුපුරවන් තරම් ලොකු බෝම්බයක් අපට නැති නිසා කණාටුවෙන් කියන්න වෙන්නේ ඕක සුරංගනා කතාවක් විතරයි කියලා...."

මේ මොහොතේ ඔත්තුසේවා ප්‍රධානී නීර්ගේ අත එසවූවා. එය දුටු නෙෆරිසී රැජිණ; 

"ඔව් නීර්ගේ....?"


"මහ රැජිණියනි, මීට වසර 12කට පෙර, ඔබතුමියගේ රහස්‍ය අවසරය මත මගේ මූලිකත්වයෙන් කඩා වැටුනු තාරකා යානය පූර්ණ පරීක්ෂාවකට ලක් කරලා, අපට ලබාගන්න පුලුවන්, ඉගෙන ගන්න පුලුවන් හැම දෙයක්ම අරගන්න සැලැස්මක් හැදුවා....ඒ සැලැස්ම මේ වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වුනා..."

“මීට අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා, ඔය යානාවේ ප්‍රධාන එන්ජින් යන්ත්‍ර තිබෙන කොටසේ මුද්‍රා ලද කුටියක් හමුවුනා. එය විවෘත කරගන්න බැරුව සෑහෙන කලක් අපි විවිධ උත්සහයන් දැරුවා. ඒ කුටිය විවිර කරන්න, නෞකාවේ ප්‍රධානියා නැතිනම් කපිතාන්ගේ Q ඩිවයිස් එක ඕනෑ බව අපට තේරුම් ගියා. බොහොම අමාරුවෙන් අපේ තාක්ෂණවේදීන් කපිතාන්ගේ Q ඩිවයිස් එකට සමාන අනුරූපනයක් හදාගෙන ඒ කුටීරය විවර කලා.”

“ඒතුල අඩි දහයක් පමණ දිග, අඩි පහක් පමණ පලල, අඩි 4ක් පමණ උස පෙට්ටියක් වැනි යමක් තිබුණා. එහි මතුපිට, අමුතු සළකුණක් තිබුණා. එය තිදියන් භාවිතා කරන රූපාක්ෂර හෝ ඔවුන්ගේ හමුදාමය සළකුණු වලට වඩා වෙනස්. මේ පෙනෙන්නේ ඒ සළකුණ..."


“මේ සළකුණේ තේරුම හොයාගත්තේ අපේ රසීනා විද්වතිය. ඇය සොයාගත් විධියට තිදියන්ගේ භාවිතා කරන මේ සළකුණේ තේරුම "ස්වයං නිරුද්ධිය"නැතිනම් “ස්වයං විනාශය.”

“එනම්, යම් අවස්ථාවකදී තාරකා යානය සම්පූණයෙන්ම විනාශකල යුතුනම්, ඒ සඳහා භාවිතාකල හැකි අධිබල බෝම්බයක් ඒ කුටීරය තුල තිබුනා. එය ඉතාමත් ආරක්ෂිත විය යුතු නිසයි, නෞකා කපිතාන්ගේ පෞද්ගලික Q ඩිවයිසයෙන් පමණක් ඒ කුටීරය අරින්නටත්, එම බෝම්බය සක්‍රිය ක්‍රවන්නටත් හැකි ලෙස හදලා තිබුණේ. “

"මහ රැජිණියනි... පෘථිවි වැසියාගේ සැලැස්ම ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය අධිබල බෝම්බයක් අප සතුව තිබෙනවා.....මේ සැලැස්ම ප්‍රායෝගිකයි...පෘථිවි වැසියා ඉස්සෙල්ලම මේ අදහස දැනගන්න සැලැස්සුවේ මට....මෙය ප්‍රායෝගික නොවුනානම් මම කිසිවිටකත් ඔහුගේ සැලැස්ම මේ සභාවට ඉදිරිපත් කරන්නේ නෑ......කාදමන්නට කාලයක් අපට නෑ"

නීර්ගේ කතාව අවසන්කල වහාම අත්පොලසන් නාදයෙන් සභාව ගිගුම් දුන්නා.

"අවසන් සටනට සැරසෙනු....!"නෙෆරිසී මහරාජිණිය විධානය කලා.

“තේජන සිෆ් දෙස බැලුවා....ඇය සිදුවෙන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව තුෂ්නිම්භූතව සිටියා…”

"තේජන....ඔයා කොහොමද දැනගෙන හිටියේ?"

"මම කිව්වනෙ සිෆ්....මම දැනගෙන හිටියේ නෑ......අනුමාන කලා විතරයි....මගේ අනුමානය හරි...!"ඔහු ආඩම්බරයෙන් කිව්වා.




~ / ~


"පලමුනි පිපුරුම නිරීක්ෂණය වුනා....."බෝම්බය රැගත් ෂටල් යානය තිදියන්ගේ තාරකා යානයේ ගැටුන බව නිරීක්ෂණ ෂටල් යානා වාර්තා කරනවා.

"දෙවෙනි පිපිරුමක් වාර්තා වෙනවා......"

"තිදියන්ගේ තාරකා දොරටු ජනක යන්ත්‍රයද?"

"නෑ නෑ.......පේන විධියට ඒ තාරකා යානයේ ස්වයං නාශක උපක්‍රමය ක්‍රියාත්මක වෙලා....."

"තුන්වෙනි පිපුරුමක් නැද්ද?"

"නෑ......තාරකා දොරටුව තවමත් විවෘතයි..”

"දැන් තත්පර 90 පහුවෙලා.....තුන්වෙනි පිපුරුම වාර්තා වෙන්නේ නැද්ද?"

"තාරකා දොරටුව තවමත් විවෘතයි....."

"පොඩ්ඩක් ඉන්න....ෂටල් යානා වලින් පණිවුඩයක් එනවා.........පණිවුඩය පැහැදිලි නෑ.......රේඩියෝ පණිවුඩ අවහිර වෙනවා........""

"හරි!!!!......තුන්වෙනි පිපුරුම වාර්තා වෙනවා........තාරකා දොරටුව  වැසී ගියාලු......."

"තිදියන්ගේ තවත් තාරකා යානා කක්ෂයට ඇතුලු වෙලා තියෙනවද?"

"නෑ.....එකකටයි එන්න පුලුවන් වුනේ......ඒක විනාශයි......තාරකා දොරටුව වැසී ගියා......."

“පෘථිවියාගේ සැලැස්ම හරිගියා......අන්ධෙරාව ආරක්ෂිතයි!...”





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FICTION WRITING : ප්‍රබන්ධයක් ගොතන හැටි | මගේ home-made ක්‍රමය

$
0
0


කතා ලියන්න ආස අයට ආරම්භයක් ගන්න ක්‍රමයක් විධියට මේක අත්හදා බලන්න.

1] සරල ආදර කතාවක් ලියන්න පටන්න ගන්න පුලුවන් විධිය

2] විද්‍යා ප්‍රබන්ධයක් / ඇක්ෂන් ත්‍රිලර් එකක් ලියන්න පටන්ගන්න පුලුවන් විධිය


ප්‍රබන්ධ කිහිපයක් ලියා ඇති නමුත්, ප්‍රබන්ධකරණය හැදෑරූ හෝ සාහිත්‍යය ගැඹුරට හැදෑරූ අයෙක් නොවෙමි. ඒ නිසා මේ සරල මගපෙන්වීමක් ලෙස විතරක් සලකන්න. එහෙත්  මා භාවිතා කරන මේ ක්‍රමයට ඕනෑම කතාවක් ලියාගන්න පුලුවන.. 

ආදර කතා ලියන්න ආස අයටත්, 
අපේ සුපිරි රහස් පරීක්ෂක කතා ලේඛක ඩීමන් ආනන්ද මහත්තයා වගේ රහස් පරීක්ෂක කතා ලියන්න ආස අයටත්
මයිකල් ක්‍රයිච්ටන් වගේ ඇක්ෂන් / ත්‍රිලර් / ලියන්න ආස අයටත්
ඉයන් ෆ්ලෙමිං (ජේම්ස් බොන්ඩ්) වගේ ස්පයි ත්‍රිලර් ලියන්න ආස අයටත්
ඇල්ෆ්‍රඩ් හිච්කොක් වගේ අත්භූත කතා ලියන්න ආස අයටත් මේ ක්‍රමයට පුලුවන්.

හැබයි මේ ක්‍රමය පාවිච්චි කරලා ඉයන් ෆෙලෙමින්ලා, ක්‍රයිච්ටන්ලා වගේ වෙන්න පුලුවන් කියලා මම කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒක විහිලුවක් වෙනවා. කතා ලියන්න ආස අයට ආරම්භයක් ගන්න ක්‍රමයක් විධියට මේක අත්හදා බලන්න.

*] සරල ආදර කතාවක් 

1] වස්තු බීජයක් හොයාගන්න

අපි හිතමු ආදර කතාවක් කියලා. ඕක කොහොමටත් තුන්කොන්, සිවු කොන් ආදරයක් වෙන්න ඕනැනෙ.

  • එක්කෝ ට්‍රයිකරලා තරඟකරුවන් සමග සටන් කරලා අමාරුවෙන් සෙට්කරගෙන ඉවරවෙන happy ever after  කතාවක් වෙන්න පුලුවන්
  • නැතිනම් සෙට්කරගෙන ලව් එක ලස්සනට යනකොට මැද්දට පැනපු දුෂ්ටයෙක් හා සටන්කරලා ජයගන්න එකක් වෙන්න පුලුවන් ඒකත් happy ever after කතාවක්. දුෂ්ටයා වෙන කොල්ලෙක් නැතිනම්, කෙල්ලගෙ තාත්තා, පුතාව කෙල්ලට බන්දලා දෙන්න ට්‍රයිකරන මාමා කෙනෙක් වෙන්නත් පුලුවන්.
  • නැතිනම් සෙට්කරගෙන ලව් එක ලස්සනට යනකොට මැද්දට පැනපු දුෂ්ටයෙක් හා සටන්කරලා පරදින, හිතපු නැති විධියට කෙල්ලත් වෙනස්වෙන, විරහ වේදනාවෙන් පිරිච්ච sad story කතාවක් වෙන්නත් පුලුවන්


2] කතාවෙ මුල මැද අග ගැන හිතන්න.

කෙල්ලව දකිනවා > ට්‍රයිකරනවා > රිජෙක්ට් වෙනවා > පසු නොබැස ට්‍රයිකරනවා > කොහොම හරි කෙල්ලගෙ හිත වෙනස් කරගෙන යාලුකරගන්නවා

කතාව මේ විධියට කොටස් වලට සෙග්මන්ට් කරගෙන ප්ලෑන් එකක් හදාගත්තම ලේසියි. මේ සෙග්මන්ට් එකකට එක පරිච්ඡේදයක්, නැතිනම් දෙකක් තියෙන විදියට ලියන්න පුලුවන්.

3]  ඊට පස්සේ චරිතවලට පණපොවන්න 

එයාලාගෙ ගතිලක්ෂණ, හැසිරීම් රටාව, උගත්කම, රස්සාව, කැමති අකමැති දේවල් ගැන හිතන්න.  කෙල්ල කවුද, කොල්ලා කවුද, අනෙක් කොල්ලා කවුද, අනෙක් කෙල්ල කවුද කියන එක ඩිෆයින් කරගන්න.

කෙල්ල 1 - ටියුෂන් ක්ලාස් යන කෙල්ලෙක්, කැම්පස් කෙල්ලෙක්, කාගිල්ස් එකේ වැඩකරන කෙල්ලෙක්, බැංකුවෙ ටෙලර් කෙල්ලෙක්, රීලෝඩ් දාන කොමියුණිකේෂන් එකේ කෙල්ලෙක්, මර්සඩීස් එකක් ඩ්‍රයිව්කරගෙන යන පොෂ් සල්ලිකාර කෙල්ලෙක්, යාලුවගෙ වෙඩින් එක තිබ්බ හෝටලේ රෙසෙප්ෂන් එකේ ඉන්න කෙල්ල, යාලුවගෙ වෙඩින් එකේ මනමාලිගෙ පැත්තෙන් ආපු ලස්සන කෙල්ලෙක්. 

එයා මොනවිධිය කෙල්ලෙක්ද? ලැජ්ජාකාරී, කුලෑටි, නිතරම බිම බලාගෙන යන, ඇහෙන්න කතාකරන්නෙ නැති කෙල්ලෙක්ද? කෙලිලොල්, බය නැති, දඩිබිඩි කෙල්ලෙක්ද, හොඳ උගත්, තැන්පත් හැබැයි කුලෑටි නැති කෙල්ලෙක්ද? දුප්පත්ද, පෝසත්ද, මිඩ්ල් ක්ලාස්ද, දෙමව්පියෝ කවුද? කොහෙද ඉස්කෝලෙ ගියේ - මේවා ඩිෆයින් කරගන්න.

කොල්ලා 1, කෙල්ල 2, කොල්ලා 2, දුෂ්ඨයා, දුශ්ඨටයාගේ සපෝටර්ලා, වීරයාගේ සපෝටර්ලා, කෙල්ලගෙ යාලුවෝ, කෙල්ලගෙ යාලුවන්ගෙන් වීරයාට සපෝට් කරන අය, දුෂ්ඨයාට සපෝට් කරන අය, දෙපැත්ත කොටවන අය - ඕව ගැනත් හිතලා එයාලගෙ චරිත ඩිෆයින් කරගන්න. ගොඩක් ගැඹුරට, ඉතා සවිස්තරව කරන්න ඕනෑ නෑ. කතාව ගොතාගෙන යනකොට වෙනස් කරගන්න, ගැඹුරු කරගන්න පුලුවන්.

4] දැන් ලෝකේෂන් ගැන හිතන්න. 

කතාව දිග හැරෙන්නේ කොහෙද? මේවා හැමවෙලාවෙම තාත්විකව ගන්න. තැන් මවන්න යන්න එපා. හැමෝම දන්න, ප්‍රසිද්ධ තැන් අරගන්න. එතකොට කතාව කියවන අයට ඒකට සම්බන්ධවෙන්න, චිත්තරූප මවාගන්න ලේසියි.

5] තාත්වික බවෙන් හා වත්මනට ගලපාගත හැකිවෙන ලෙස ලියන්න.

විද්‍යා ප්‍රබන්ධයක් වුනත්, හොල්මන් කතාවක් වුනත්, ආදර කතාවක් වුනත් තාත්වික වෙන ඕනෑ. වර්තමාන සමාජ රාමුවට ගැලපෙන්න ඕනෑ. එතකොට කියවන කෙනාට ඒ කතාව එක්ක සම්බන්ධවෙන්න, චිත්ත රූප මවාගන්න, කියවන ගමන් වින්දනය කරන්න ලේසියි.

කතාවේ වස්තුබිජය ප්‍රබන්ධයක් / හිතලූවක් වුනත් ඒක සැබෑ තාත්වික ලෝකයේ සිදුවෙන දේවල්, තැන් හා පුද්ගලයින් එක්ක බැඳලා ලියනකොට කියවන කෙනාට ඒක ප්‍රබන්ධයක් කියලා හිතෙන එක අඩුයි.

6] භාශාව

සරල භාශාවෙන් ලියන්න, ව්‍යාකරණ ගැන උනන්දුවෙන්න. හැබැයි 100% ව්‍යාකරණානුකූල වෙන්න ඕනෑ නෑ. 

ග්‍රාම්‍ය නැතිනම් වීදි භාශාවෙන් ලියන්න එපා, කතාවේ බොහෝ තැන්වල අරූ, මූ, ගජයා, සඳුනයා, අරකි, මේකි වගේ ග්‍රාම්‍ය භාශාවත්, slang (අපභාෂාව) පාවිච්චිකරලා වත් ලියන්න එපා. එතකොට කතාව කියවන අයට නීරස වෙනවා. කතාකරන භාශාවෙන් කියන්න ඕනෑ දේවල් දෙබස්වලට දාගන්න.

7] ශුභවාදීව ජීවිතයට මුහුණ දෙන කතානායකයෙක් / කතානායිකාවක් ගොඩනගන්න

කතාව පරාජිත ආදරකතාවක් වුනත් ටිකක් ශුභවාදී විධියට upbeat විධියට ලියන්න. මම හිතන ආකාරයට කියවන අය ආසයි ආදරයෙන් පැරදුනත් ශක්තිමත්ව ඉන්න කතානායකයෙකුකට.  මොකද ජීවිතය කියන්නේ එහෙම දෙයකට. කෙල්ල නැතිවුනා කියලා විරහවේදනාවෙන් වහ බොන, නැතිනම් කාන්තා සංහතියටම වෛරකරන කොල්ලෙක් කතානායකයෙක් විධියට අසාර්ථකයි. සැබෑ ජීවිතයෙත් අසාර්ථකයි.



*] විද්‍යා ප්‍රබන්ධයක් / ඇක්ෂන් ත්‍රිලර් එකක්

මේවා ලියන්න විද්‍යා දැනුම / තාක්ෂණික දැනුම ටිකක් තියෙන්න ඕනෑ. ඒකයි ඉස්සෙල්ලම ආදරකතාවකින් පටන් ගන්න එක හොඳ. ඒවා ලියන්න තාක්ෂණික දැනුම ඕනෑ නෑ. මිනිස් ගතිපැවතුම් ගැන දැනගත්තම ඇති.

1] වස්තු බීජය 

කැමති ටී.වී සීරීස් එකක් හරි ෆිල්ම් එකකින් හරි වස්තුබීජය හොයාගන්න පුලුවන්. උදාහරණයක් විධියට - ස්ටාර් ගේ සිරීස් එක ගනිමු. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනු එකක්.

ස්ටාර් ගේට් එකක් ලංකාවේ හොයාගත්තා කියලා හිතා ගන්න. මේකෙන් කතාවක් ලියන්න පුලුවන්. 

2] පසුබිම් පර්යේෂණ නැතිනම් background research කරන්න

හැබැයි ස්ටාර්ගේට් කතාමාලාවේ එන ස්ටාර්ගේට් වල ඉතිහාසය, ක්‍රියාත්මක වෙන ආකාරය, කවුරුන් ඒවා නිර්මාණය කලාද යන්න වගේ දේවල් දැනගෙන ඉන්න ඕනෑ. ඒ තොරතුරු දැනගන්න අමාරු නෑ. ස්ටාර්ගේට් යුනිවර්ස්, නැතිනම් ස්ටාර්ගේට් ප්‍රබන්ධ මාලා විශ්වය ගැන බොහෝ දේවල් "StarGate Wikia"එකේ තියෙනවා.

කැමති අය මේ ලින්ක් එකට ගිහිල්ලා කියවන්න http://stargate.wikia.com/wiki/Stargate_Wiki 

විශ්වය පුරා පැතිරුනු ස්ටාර්ගේට් දොරටු ජාලය නිර්මාණය කලේ කවුරුන්ද? ක්‍රියාත්මක වන මූලධර්ම මොනවාද? වගේ තාක්ෂණික තොරතුරු විශාල ප්‍රමාණයක් මේ ලින්ක් එකේ තියෙනවා. http://stargate.wikia.com/wiki/Stargate (WARNING : සෑහෙන්න දිගයි, විස්තර ගොඩයි )

තාත්වික විද්‍යා ප්‍රබන්ධයක් ලියනකොට / නැතිනම් ඇක්ෂන් ත්‍රිලර් එකක් ලියනකොට ගොඩක් රිසර්ච් කරන්න ඕනෑ. මම ලියපු හැම ප්‍රබන්ධයකටම අදාල වෙන තාක්ෂණයන්, ක්‍රියා දාමයන්, බුද්ධිඅංශවල ක්‍රියාකාරිත්වය වගේ දේවල් ගොඩක් ගැන කියවලා, රිසර්ච් කරලා ඒවා පාවිච්චි කරනවා. 

මම ප්‍රබන්ධයක් ලියනකොට ලොකේෂන් ගැන හොයන්න පැය ගණන් ගූගල් මැප්ස් වල, ස්ට්‍රීට් විව් ඇප් එකේ වගේම ඒ අදාල ලොකේෂන් ගැන විස්තර කියන විකිපීඩියා පිටුවල ගත කරනවා.

ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කියලා ඇහුවොත් - මගේ උත්තරේ - ඒක මගේ ආශාව හා විනෝදාංශය කියලා කියන්න පුලුවන්.

මයිකල් ක්‍රයිච්ටන් වගේ සුපිරි ලේඛකයින් ඔවුන්ගේ ප්‍රබන්ධ සඳහා අවුරුදු ගණන් රිස්චර්ච් කරලා තියෙනවා, විද්‍යාඥයින්, ඔත්තු සේවා නිළධාරීන්, යුද විශේෂඥයින් හමුවෙලා සම්මුඛ සාකච්ඡා පවත්වලා තොරතුරු එක් රැස් කරගන්නවා.

සුද්දෝ විතරක් නෙමෙයි අපේ ඩීමන් ආනන්ද මහත්තයත් ඉස්සර අලුත් කඩේ උසාවියේ අහන මිනීමැරුම් නඩු, ලොකු මංකොල්ලකෑම්වල නඩු අහනවා බලන්න නිතරම  උසාවියට ගිහින් තියෙනවා. ඒ දැනුමෙන් තමයි ඩීමන් ආනන්ද සුපිරි රහස් පරීක්ෂක කතා ලිව්වේ.

සරල ආදර කතාවකට වඩා වැඩි ගැඹුරක් තියෙන ප්‍රබන්ධයක් ලියන්න ආස අය හොඳට බැක්-ග්‍රවුන්ඩ් රිසර්ච් කරන්න පුරුදුවෙන්න.

3] කතාවෙ මුල මැද අග 

මුලදි වෙන්නේ මොනවද? මැද හරියෙදි මොනව වෙන්න ඔනෙද? ඉවර වෙන්නේ කොහොමද? මේ ගැන හිතලා ප්ලොට් එක නැතිනම් කතාවේ synopsis එක හදාගන්න.

4]  ඊට පස්සේ චරිතවලට පණපොවන්න 

5] Action sequences එහෙම නැතිනම් ක්‍රියාදාම සිදුවෙන තැන්වලදී ඒවා තාත්විකව ගොඩනගාගන්න. 

6] පාඨකයාට පසුබිම් තොරතුරු දෙන උපක්‍රම සකසා ගන්න. 

උදාහරණයක් විධියට කතා නායකයාව සිතුවිලි දාමයක ගිල්වලා එයාගේ සැලසුම් නැතිනම් අතීත සිදුවීම්, එක් පරිච්චේදයකින් තව එකකට මාරු වෙනවිට ඒ දෙක අතර මැද සිදුවුන දේවල් එයාට මෙනෙහි වෙන ආකාරයට ලියන්න පුලුවන්.

7] දෙබස් ඇතිවන අවස්ථාවලදි 

ඒ දෙබස් වලින් කතාවේ වැදගත් තොරතුරු හා චරිතවල පසුබිම, සිතුවිලි හා ආකල්ප ඉස්මතුවෙන ආකාරයට ගොඩනගා ගන්න.

8] දැන් ලියන්න --- > ලියපුවා කියවන්න -----> වැරදි තැන් හදාගෙන ඉස්සහරට යන්න --------> ආයෙත් මුල ඉඳන් කියවන්න -------> නොගැලපෙන තැන්, වැරදි තැන් හදාගෙන ඉස්සහරට යන්න -------> ලියපුවා කියවන්න -------> කතාවේ මැද හරියේ / අග හරියේ ලියලා තියෙන ඒවා මුල හරියේ කියපුවට, මවපු චිත්‍රයට ගැලපෙනවාද බලන්න----------->

මම කතාවක් ලියලා ඉවරවෙන කොට ඒක මුල ඉඳන් අගට විසි තිස් වතාවක් කියවලා තියෙනවා. ඉවර වුනාම ඒක පෝස්ට් කරන්න ඉස්සෙල්ලා දවස් දෙකක් විතර විවේක අරගෙන ආයෙ මුල ඉඳන් කියවලා අඩුපාඩු හදලා පෝස්ට් කරන්න.  ලියලා ඉවරවුනු ගමන් කලබලේට පොස්ට් කරන්න එපා.

ඔබට ජය!!!




__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________
Viewing all 1216 articles
Browse latest View live