Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1216 articles
Browse latest View live

SPACE EXPLORATION : NASA InSight අඟහරු මත

$
0
0


නාසා ආයතනය මගින් අඟහරු මත ගොඩ බස්වන ලද ඉන්සයිට් රොබෝ යානය මේ වනවිට අඟහරුවා මත නිරුපද්‍රිතව සිය ගවේෂණ කටයුතුවලට සූදානම් වනවා. යානය ගොඩබැසීමෙන් පසු, සියලු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලෙන ස්වයං නිරීක්ෂණ (self-test) කටයුතුවල යානය නිරත්වෙමින් සිටින බවයි නාසා ආයතනය ට්විටර් පණිවුඩයක් මගින් දන්වා සිටියේ. සැතපුම් මිලියන 300ක ගමනකින් පසු අඟහරුවා වෙත සාර්ථකව ගොඩබසින ලද අටවෙනි යානාව ලෙස ඉන්සයිට් යානාව ඉතිහාසගත වෙනවා. අඟහරුවා මත වසර දෙකක් ගතකල හැකි වන ලෙසයි ඉන්සයිට් යානය නිර්මාණය කොට ඇත්තේ.


යානයට ලබාදී ඇති InSight නම සෑදී ඇත්තේ Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport  යන ආකාරයෙන්. අඟහරු ග්‍රහයාගේ ඇතුලට තත්වය සොයාබලා දත්ත එකතු කිරීම මෙහි මෙහෙයුම් අරමුණ බව නාසා පවසනවා.



Elysium Planitia නම් තැනිතලා පෙදෙසේ ගොඩබසින ලද ඉන්සයිට් යානය අඟහරු මත භූ කම්පණ මැන බැලිය හැකි භූකම්පණ මාණයක් ස්ථානගත කිරීම ඉන්සයිට් රොබෝවාගේ පලමු කාර්යය වනවා. ඒ අනුව අඟහරු ග්‍රහයාගේ ඇතුලත සිදුවන භූ කම්පණ පිලිබඳ දත්ත රැස්කරගෙන ඒ අනුව අඟහරු භූගෝලයේ ඇතුලත ක්‍රියාකාරිත්වය පිලිබඳ ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අඟහරු ග්‍රහයාගේ සංයුතිය, එහි ඇතුලත කොටස පෘථිවිය මේන් ලාවා බෝලයකින් සෑදී ඇතිද, එසේ නැතිනම් එය ඝණ කොටසක්ද යන්නත් සොයා බැලීමද අරමුණු අතර වෙනවා.
















__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

PHOTOGRAPHY : වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප මෙතරම් නෙත් පිනවන්නේ ඇයි?

$
0
0

වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප කොතරම් නෙත් පිනවනවාද? තද රතු තක්කාලි සෝස්, දිලිසෙන එලවළු, පළතුරු, පැණී වෑහෙන් පෑන් කේක්, තට්ටු දෙකේ තුනේ හැම්බර්ගර්. මේ හැම එකක්ම ඡායාරූපවල බොහොම ලස්සනට තියෙන්නේ ඒවා ඇත්තටම ඉතාමත් හොඳින්, වෘත්තීය සූපවේදීන් විසින් පිසීම නිසා හෝ ෆොටෝෂොප් ආධාරයෙන් ලස්සන කිරීම නිසාම නොවේ.

ආහාර ඡායාරූපකරණයේදී ඡායාරූපශිල්පීන් භාවිතාකරන විවිධ උපක්‍රම නිසා මේ කෑම ඉතාම නෙත් ඇදගන්නා ආකාරයට ඡායාරූපගත වනවා. මොනවද මේ උපක්‍රම?

පැණි වෑහෙන පෑන් කේක් - පැණි වෙනුවට රන්වන් පැහැ අලුත්ම එන්ජින් ඔයිල් යොදාගනී.

සුදෝසුදු අයිස්ක්‍රීම් වලින් වැහුන මිල්ක් ෂේක් - අයිස්ක්‍රීම් වෙනුවට යොදාගන්නේ ෂේවින් ෆෝම් වර්ගයකි. ඒවා අයිස්ක්‍රීම් වලට වඩා නෙත් පිනවන අතර දියවන්නේද නැත.



රත් පැහැයෙන් දිලෙන සෝස් වැක්කෙරන සොසේජස් - සෝස් වෙනුවට රතු කුකුල් සායම් යොදාගනී. සොසේජස් රන්වන් පැහැවෙන්නට බදිනවා වෙනුවට ලී වර්ණ ගන්වන පොලිෂ් යොදා රන්වන් පැහැ කරයි.

රන්වන් පැහැ බැදපු කුකුළන් - ලී පොලිෂ් හා වාර්නිෂ් යොදා රන්වන පැහැය ලබාගනී.

දැක්කම ආස හිතෙන අලුත්ම එලවලුවලින් සැදූ බව පේන සලාද - වාර්නිෂ් ස්ප්‍රේ යොදා දිලිසෙන නැවුම් පෙනුම ලබාගනී.


ලස්සන පාට පාට අයිසින් කේක් - කුකුල් සායම් වර්ණක හා අයිසින් වෙනුවට ෂේවින් ෆෝම් වැනි කෘත්‍රිම ෆෝම් නිෂ්පාදන යොදාගනී.

කොළ පැහැයෙන් බැබලෙන බෝංචි තෙම්පරාදුව - බෝංචි සීනි මිශ්‍ර උණුවතුරේ දමා මදවේලාවක් තබයි. දිලිසෙන පෙනුම සඳහා හෙයා ස්ප්‍රේ ඉසිනු ලැබේ.







__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

CEYLON TEA : සිලෝන් ටී - ලංකා තේ කර්මාණ්තයේ වර්ණවත් ඉතිහාස කතාව කෙටියෙන්

$
0
0













1839දී කල්කටාවේ රාජකීය උද්භිද උද්‍යානයේ පාලක ආචාර්ය වැලික්, පේරාදෙණිය උද්භිද විද්‍යා පර්යේෂණ වතුයාය වෙත ඉන්දියාවේ ඇසෑම් තේ පැල කිහිපයක් එවන ලද අතර ඒවා එහි රෝපණය කරන ලදී. මේ වනවිට පේරාදෙණිය උද්භිද උද්‍යානය නිළ වශයෙන් ආරම්භ කොට නොතුබූ නමුත් 1821 සිටම එහි කෝපි, සිංකොනා හා කොකොවා වැනි ආර්ථික බෝග රෝපණය කොට පර්යේෂණ සිදුකරන පර්යේෂණ මධ්‍යස්ථානයක් බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කොට තිබුණි. පේරාදෙණිය උද්භිද උද්‍යානය නිළ වශයෙන් ස්ථාපිත කෙරුනේ 1843දීය.

1841දී මොරිස් ඩී වර්ම්ස් සොයුරන් ලංකාවේ චීනයෙන් ගෙන්වන තේ පැල පුස්සැල්ලාවේ රොත්ස්චයිඩ් වතුයායේ හා රම්බොඩ ලබුකැලේ වතුයායේ රෝපණය කොට චීන තේ වගාකිරීමට උත්සහ කල නමුත් එම උත්සාහයන් අසාර්ථක වුනා. 1842දී තවත් ඇසෑම් තේ පැල පේරාදෙණියට ලැබුණු අතර ඒවා නුවර එළියේ රෝපණය කිරීම සඳහා යවනු ලැබුවා. මේ කර්ත්ව්‍යය භාරව සිටි ඊ.එෆ් ගැප් එම පැළෑටි ඉතා හොඳන් වැඩෙන බව වාර්තාකොට තිබුණා. චීන තේ මෙහි අසාර්ථක වුනත් ඇසෑම් තේ හොඳින් වර්ධනය වූ අතර ලංකාවේ අද වගාකෙරෙන බොහෝ තේ පැල මෙලෙස ඇසෑමයෙන් ගෙන්වා රෝපණය කරන ලද ඒවා බව පැවසෙනවා.

1866දී හේවාහැට ලූල්කොන්ඩෙරා වතුයායේ තරුණ වතුපාළකයෙකු වූ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් හට, එම වතුයායේ අයිතිකරුවූ ජී.ඩී.බී හැරිසන් මහතාගෙන් පේරාදෙණියෙන් ඇසෑම් තේ ඇට ලබාගෙන ඒවා ලූල්කොන්ඩෙරාවේ අත්හදාබැලීමේ රෝපණයක් සිදුකරණ ලෙස අණලැබුණා. ටේලර් එම තේ ඇට, ලූකොන්ඩෙරා වතුයායේ මාවත් දෙපස රෝපණය කල බවයි තේ ඉතිහාසය පවසන්නේ. මේ සඳහා ටේලර් හට ඩබ්ලිව් එම් ලීකී නැමැති තවත් වතුපාලකයෙකුගේ සහය ලැබුණු බවත් වාර්තා වෙනවා. වසර 28ක් පුරා ලංකාවේ විවිධ තැන්වල පර්යේෂණාත්මකව වගාකරමින් තිබූ කර්මාණතයක් ලෙස ස්ථාපිත කිරීමේ ගෞරවය හිමිවන්නේ ලූල්කොන්ඩෙරා වතුයායේ ජේම්ස් ටේලර් වෙතයි.

1867දී ලූල්කොන්ඩෙරා වතුයායේදී ලංකාවේ තේ වගාව ඇරඹුණු අතර ටේලර්ගේ මුල්ම වගාව අක්කර 19ක් වූ බවයි වාර්තා වෙන්නේ.

1872දී ජේම්ස් ටේලර් ලංකාවේ පලමු තේ කර්මාණ්තශාළාව ලූල්කොඩෙරා වතුයායේ ස්ථාපනය කොට අවසන් කිරීමට සමත්වූ අතර එම වසරේදීම පලමු ලූල්කොන්ඩෙරා තේ මහනුවර නගරයේදී අලෙවි කෙරුණා. ලංකාවෙන් අපනයනය කල පලමු Ceylon Tea තේ තොගය 1873දී ලූල්කොඩෙරා වතුයායෙන් ලන්ඩනයට යැවුනු අතර එය රාත්තල් 23ක් එනම් කිලෝග්‍රෑම් 10ක කුඩා තේ තොගයක් වූවා.

1877දී සැමුවෙල් සී ඩේවිඩ්සන් විසින් නිර්මාණය කරන ලද "සිරෝකෝ"තේ දළු වියලන යන්ත්‍ර මෙරටට ගෙන්වනු ලැබුවා. සිරෝකෝ යනු මධ්‍යධරණී මුහුදේ සිට යුරෝපය පුරා හඹායන වියළි සුළං ප්‍රවාහයක්. උණුසුම් කරනලද වාතයෙන් තේ දළු වියලීමේ තාක්ෂණයෙන් මෙම යන්ත්‍රය ක්‍රියාත්මකවූ නිසා සිරෝකෝ යන නම යොදන්නට ඇතැයි විශ්වාසකල හැකියි.

1880දී බ්‍රිතාන්‍යයේ ජෝන් වෝකර් සමාගම ප්‍රථම තේ අඹරණ යන්ත්‍රය (tea rolling machine) හඳුන්වාදුන් අතර ඒ සමගම යන්ත්‍රානුසාරයෙන් මහාපරිමාණයෙන් තේ නිෂ්පාදනයේ පදනම වැටුනු බවයි තේ ඉතිහාසය අපට පවසන්නේ.

1883දී ලංකාවේ පලමු තේ වෙන්දේසිය කොළඹදී පැවැත්වුනු අතර එය "Ceylon Chamber of Commerce"වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් සමර්විල් හා සමාගම මගින් පවත්වනු ලැබුවා. කෝපි වගාව කෝපි කොළ රෝගයෙන් විනාශවෙමින් පැවති අතර තේ වගාව වේගයෙන් වර්ධනය වුනා.



1884දී ජෝන් වෝකර් තේ අඹරණ යන්ත්‍ර ස්ථාපනය කල ප්‍රථම තේ කර්මාණ්තශාලාව නුවර එළියේ ෆෙයරිලෑන්ඩ් (පෙඩ්‍රෝ) වතුයායේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කලා. 1893දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුනු "Chicago World's Fair"දැවැන්ත වෙලඳ ප්‍රදර්ශණයේදී තේ පැකට් මිලියනයක අලෙවි වාර්තාවක් තැබුවා. 1894 දී "Ceylon Tea Traders Association"හෙවත් ලංකා තේ අලෙවිකරුවන්ගේ සංගමය පිහිටුවාගනු ලැබුවා.

1896දී කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය "Colombo Brokers' Association"ස්ථාපනය කරගනු ලැබුවා.  1899 වන විට ලංකාවේ විවිධ වතුයාවල අක්කර 400,000ක පමණ වපරිසයක තේ වවා තිබූ බව යටත්විජිත රාජ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

1925දී තේ පර්යේෂණායතනය ස්ථාපනය කොට තේ පර්යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට බ්‍රිතාන්‍යයන් කටයුතුකල අතර 1927 වනවිට ලංකාවේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 100,000ය ඉක්මවූවා. 1932දී යටත් විජිත රජය "Tea Propaganda Board"හෙවත් තේ ප්‍රචාරණ මණ්ඩළය නම් රාජ්‍ය ආයතනයක් පිහිටුවා ලංකා තේ තවත් ප්‍රචලිත කිරීමට සහය දුන්නා.

ආරම්භයේ සිටම ලංකාවේ තේ වෙලඳාම බ්‍රිතාන්‍යයන් සතුව තුබූ අතර 1941දී මුලින්ම තේ වෙන්දේසියට අතගැසූ දේශීය සමාගම ලෙස පීරිස් හා අභයවර්ධන සමාගම ඉතිහාසයට එක්ව තිබෙනවා. 1958දී එනම් නිදහස ලැබී වසර 10ක් ඉක්මවීමේදී ලක් රජය රාජ්‍ය වතුසංවර්ධන මණ්ඩළය පිහිටුවා තේ කර්මාණ්තය තවත් ඉහලට එසවීමට ක්‍රියාකලා.

1960 වනවිට ලංකාවේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200,000ක් ඉක්මවා තිබූ අතර 1965දී ඉන්දියාව හා චීනය අභිබවා ලංකාව ලොව විශාලතම තේ අපනයන කරුවා බවට පත්වුවා. එනම් 1867දී ජේම්ස් ටේලර්ගෙන් ඇරඹි තේ කර්මාණ්තය හරියටම වසර 100කට පසු ලොව විශාලම තේ කර්මාණ්තය බවට පත්වූවා. ජේම්ස් ටේලර් 1892දී මියගිය අතර ඔහුගේ දෙන මහනුවර මහයියාව සුසානභූමියේ මිහිදන් කොට තිබෙනවා.


__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPACE FLIGHT : ඊලෝන් මස්ක්ගේ SpaceX එකවර චන්ද්‍රිකා 64ක් උඩුගුවනට යැවීමේ උත්සාහයක!

$
0
0

අද දිනයේ ඇමරිකාවේ පැසිෆික් වේලාවෙන් උදෑසන 10.30ට ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතාමත් සංකීර්ණ චන්ද්‍රිකා ගුවන්ගත කිරීමකට සූදානම් වෙනවා. ඒ ක්ෂුද්‍ර චන්ද්‍රිකා 64ක් එකවර පෘථිවි කක්ෂයට මුදාහැරීමේ වෑයමක් සමගයි.

මේ චන්ද්‍රිකා 64 උඩුගුවනට යවන්නේත් අපූර්ව රොකට්ටුවකින්. ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවක් වන මෙය මීට පෙර දෙවතාවක් චන්ද්‍රිකා කක්ෂය වෙත ගෙනගොස් සාර්ථකව යලිත් පොලවට ලඟාවූ එකක්. එය පසුගිය මැයි මාසයේ බංගලිදේශයේ පලමු චන්ද්‍රිකාව ගුවන්ගත කල අතර අගෝස්තුවේ ඉන්දුනීසියානු චන්ද්‍රිකාවක් ගුවන්ගත කොට ආපසු පැමිණියා. 

එකම රොකට්ටුවක් නැවත නැවතත් භාවිත කල හැකි තාක්ෂණය ඇති ලොව එකම අභ්‍යවකාශ ආයතනය ඊලෝන් ගේ ස්පේස් එක්ස් සමාගමයි. චන්ද්‍රිකාවක් කක්ෂයට මුදාහැරීමෙන් පසු ස්පේස් එක්ස් රොකට්, එහි ඉන්ධන ටැංකිවල ඇති ඉතිරි ඉන්ධන භාවිතාකරගෙන යලිත් සීරුවෙන් පොලොවට ගොඩබසිනවා. පසුව නඩත්තු කටයුතු සිදුකොට එම රොකට්ටුව යලිත් උඩුගුවනට යැවිය හැකියි.

මෙම ක්ෂුද්‍ර චන්ද්‍රිකා 64, රොකට්ටුවේ ඉහල කොටසේ ඇති විශේෂයෙන් සකස්කල Payload ඇටවුමක රඳවා ඇති අතර පැය 5ක කාළයකදී එම චන්ද්‍රිකා 64ම නියමිත කක්ෂයන්ට ඇතුලු කිරීම ස්වයංක්‍රීයව සිදුවනු ඇත.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

THE INTERNET : මීලඟ මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් තාක්ෂණයෙන් බලගැන්වෙන ලකුණු?

$
0
0

මයික්‍රෝසොෆ්ට් සමාගම, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග, සිය අලුත්ම බ්‍රව්සරය වූ එජ් හඳුන්වා දුන්නා. ෆයර් ෆොක්ස් හා ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයන්ට වඩා බලගතු මෙන්ම, පැරණි මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්ට වඩා බොහෝ සෙයින් වේගවත් හා නවීන උපාංගයන්ගෙන් පිරි බ්‍රව්සරයක් ලෙසයි මයික්‍රොසොෆ්ට් සිය එජ් බ්‍රව්සරය හඳුන්වා දුන්නේ.

එහෙත් තවමත් බ්‍රව්සර් ලොවේ කිරුළු පැලඳ සිටින්නේ, ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයයි. එහි වෙළඳපොල පංගුව 60%ක්ටත් වැඩි බවයි වාර්තා වන්න්නේ.


මේ අනුව, මයික්‍රොසොෆ්ට් සමාගම සිය අලුත්ම එජ් බ්‍රව්සරයේ "EdgeHTML"තාක්ෂණය අතහැර දමා ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය බලගැන්වෙන ක්‍රෝමියම් තාක්ෂණයෙන් බ්‍රව්සරයක් තනමින් සිටින බව වාර්තා වෙනවා. 

ගූගල් සමාගම ලාබ නොළබන ඕපන් සෝස් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන "ප්‍රොජෙක්ට් ක්‍රෝමියම්"හරහා නිර්මාණය කල ක්‍රෝමියම් වෙබ් බ්‍රව්සර තාක්ෂණය ඕනෑම අයෙකුට භාවිතාකල හැකියි. යම් තරමකට ජනප්‍රියවී ඇති ඔපෙරා බ්‍රව්සරය නිර්මාණය වී ඇත්තේද ක්‍රෝමියම් තාක්ෂණය පාදක කරගෙනයි.

මේ අනුව ඉදිරියේදී එලිදැක්වෙන වින්ඩෝස් 10 අප්ඩේට් ක්‍රියාවලියක් මගින්, අලුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය බාගතකර හැකිවෙනු ඇති. දැනට මෙය "ඇනහයිම්"ලෙස නම් කොට ඇති බවයි මයික්‍රොසොෆ්ට් ආරංචිමාර්ග පවසන්නේ 



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SCI-FI ACTION THRILLER - "ප්‍රොජෙක්ට් ජෙනෙසිස්" : අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධය!

$
0
0


අලුයම 3.24, කටුණායක ගුවන්තොටුපල, ආගමන කවුන්ටර අංක 3 අසල

You got that James Dean daydream look in your eye…….
And I got that red lip, classic thing that you like…….
And when we go crashing down, we come back every time…….
Cause we never go out of style, we never go out of style…….

You've got that long hair slick back, white t-shirt
And I got that good girl faith and a tight little skirt
And when we go crashing down, we come back every time
'Cause we never go out of style, we never go out of style

Lyrics - Style : Taylor Swift ©  Kobalt Music Publishing Ltd., Warner/Chappell Music, Inc


“Can you please reduce the volume of your music…..?” 
[කරුණාකරලා සිංදුවේ සද්දෙ අඩුකර ගන්නවද?] 

ආගමන කවුන්ටර් පෝලිමේ සිටි සුදු ජාතික කාන්තාව ඇය ඉදිරියෙන්, විශාල හෙඩ්ෆෝන් යුගලක් කනේ ගසාගෙන සංගීත නාදයට නැලවෙමින් සිටි තරුණියගේ උරහිසට තට්ටු කරමින් කියුවා.

“Yes...?” ඇය දෙස හැරී බැලූ තරුණිය දෑස් විශාල කරමින් ඇසුවා.

“Your music….it's annoyingly loud…” 
[ඔයාගේ සංගීතෙ සද්දෙ වැඩියි...හරි කරදරයක්] 

කාන්තාව තමන්ගේ කන් දෙකට දැත් තබමින් පිලිතුරු දුන්නා.

“Oh...I am sorry…” කියූ තරුණිය, සිය අත් බෑගයෙන් ජංගම දුරකථනය ගෙන ගීත වාදකයේ ශබ්දය අඩුකලා.

“You are a local aren't you? You should be in a queue on that side... This is for overseas visitors...” 
[ඔයා ලංකාවේ කෙනෙක් නේද? මේ විදේශිකයින්ගේ පෝලිම, ඔයා ඉන්න ඕන අර පැත්තේ පෝලිමක...] 
ඇය උඩ එල්ලා තිබූ දැන්වීම් පුවරුවක් පෙන්වමින් කිව්වා.

මද සිනාවක් පෑ ඇය සිය සුරතේ තිබූ ගමන් බලපත්‍රය පෙන්වා ආපසු හැරුනා. 

"Koninkrijk der Nederlanden - Paspoort” [නෙදර්ලන්ත රාජධාණිය - ගමන් බළපත්‍රය] 
ඇය පෙන්වූ ගමන් බලපත්‍රයේ පිටකවරයේ දක්වා තිබුණා.

"Hi!! Goedemorgen…! “ [සුබ උදෑසනක්!]  
තමන්ගේ වාරය එලැඹුනු වහාම තරුණිය සිය ගමන් බලපත්‍රය ආගමන-විගමන නිළධාරියාට දිගුකරමින් මදහස පෑවා.

“What is your name?” [නම මොකක්ද?]

“Kristeen Van der waal…” [ක්‍රිස්ටීන් වැන් ඩර් වාල්]

“Your address in Netherlands?” [නෙදර්ලන්තෙ ඇඩ්‍රස් එක?]

“1502, Wycker Brugstraat 2, Maastricht, Netherlands” 
[1502, විකර් බෲග්ස්ට්‍රාර්ට්, 2 මාස්ට්‍රිච්, නෙදර්ලන්තය..]

“Your occupation?” [රැකියාව?]

“Umm I am not here for a job interview...why are u asking?” 
[ම්ම්ම්....මං ආවේ ජොබ් ඉන්ටර්විව් එකකට නෙමෙයි..ඇයි අහන්නේ?]

“Please answer the question…” [ප්‍රශ්නෙට උත්තර දෙන්න]

“Engineer…” [ඉන්ජිනේරුවෙක්..]

“What kind of engineer? Civil? Mechanical?” [මොනවගේ ඉන්ජිනේරුවෙක්ද? සිවිල් මිකැනිකල්?]

“Avionics…” [එවියෝනික්ස්]

“Excuse Me?” [මොකක්?]

“I am an avionics engineer….you know… aircraft guidance electronics..I don't think you will understand...” 
[මම එවියෝනික්ස් ඉන්ජිනේරුවෙක්......ගුවන්යානා පාලන ඉලෙක්ට්‍රොණික උපකරණ....මම හිතන්නෑ ඔහේට තේරුම් යයි කියලා.....] 
ඇය සුරත ගුවන් යානයක් මෙන් හසුරවමින් උපහාසාත්මක නොරුස්නා ස්වරයෙන් පිලිතුරු දුන්නා.

“Ah aircraft engineer?” [ආ ගුවන්යානා ඉන්ජිනේරුවෙක්...]

“Yes…. can I go now?” [ඔව් දැන් මට යන්න පුලුවන්ද?]

“Were you born in Sri Lanka to Sri Lankan mother and father?” 
[ඔබ ලංකික දෙමව්පියන්ට දාව ලංකාවේ ඉපදුනු කෙනෙක්ද?]

“Yes…” [ඔව්]

“What is your purpose of visit here? Are you here to search for your biological mother?” 
[මේ සංචාරයේ අරමුණ? ඔයා ඔයාගේ ජීවවිද්‍යාත්මක අම්මා හොයන්නද ආවේ?]

“Why would I want to search for the wretch who abandoned me at a temple when I was a little baby?….my parents are Dutch and I love them…I am here on holiday...” 
[මම අතදරුවා කාලේ පංසලක මාව දාලා ගිය නපුරු ගෑණි ගැන මොනවා හොයන්නද? මගේ දෙමව්පියන් ඕලන්ද...මම එයාලට ආදරෙයි....මම මෙහෙ ආවේ නිවාඩුවකට...]

ඒ පිලිතුරෙන් වික්ෂිප්තව නිහඬවූ ආගමන-විගමන නිළධාරියා විසා මුද්‍රාව තබා බලපත්‍රය ආපසු දුන්නා.

“Thank you for the very long conversation……” [දිග කතාබහට බොහොම ස්තූතියි....] 
කියා තදින් කියූ ඈ කෝපයෙන් ඉවත්ව ගියා.


~ / ~


බීප් බීප් බීප්.... 

ගුවන්තොටුපොල ආගමන-විගමන ගොඩනැගිලි පරිශ්‍රයේ අභ්‍යන්තරයේ රහස් කාර්යාලයක පරිගණකින් අවධානය යොමුකිරීමේ සංඥාවක් නිකුත්වුනා. මොහොතකට පෙර ආගමන විගමන කටයුතු නිමකල ලංකාවේ ඉපදුනු, නෙදර්ලන්ත පුරවැසි සිංහල තරුණිය, ක්‍රිස්ටීනා වැන්ඩර් වාල්ගේ රුව පරිගණක තිරයේ දිස්වුනා.

"අශෝක සර්.....පොඩ්ඩක් එන්න......."පරිගණක තිරය ඉදිරිපිට සිටි පුදගලයා ඈත පිහිටි කියුබිකල් එකක අපහසුවෙන් දෑස් විවරකරගෙන සිටි, කාර්යභාර ආගමන-විගමන පාලක නිළධාරියාට කතාකලා. 

"ඇයි මොකද?"වහා හුනස්නෙන් නැගිට ගත් ඔහු ඉක්මණ් ගමණින් පරිගණකය වෙත ආවා.

"මෙයා ගැන ඇලර්ට් එකක් ආව....දැන් ඉමිග්‍රේෂන් ක්ලියර් වුනේ....ස්පැනිෂ් වයලන්ට් ක්‍රයිම්ස් ඒජන්සියෙන් ඉන්ටර්පොල් එන්ට්‍රියක දාපු ගෑණියෙක් ගෙ පිංතූරයකට මෙයා මැච් වෙනවා…. හැබැයි 45% යි...පාෂල් මැච් එකක්…නෙදර්ලන්ඩ් නැෂනල් කෙනෙක්…. නම ක්‍රිස්ටීන් වෑන්ඩර් වාල්....අවුරුදු 28යි.....මාස්ට්‍රිච් නුවර ඇඩ්‍රස් එකක් දීලා තියෙන්නේ.....”

“කොහෙ ඉඳන්ද ඇවිත් තියෙන්නේ?” 

“ඩුබායි ෆ්ලයිට් එකේ......”

“ඩුබායි වලින්? පුදුමයි... ඇයි ඩුබායි එමිග්‍රේෂන් එකේදී ටැග් වුනේ නැත්තේ?”

“කෙල්ල ඩුබායි එමිග්‍රේෂන් ක්ලියර් වෙද්දි ඩේටා බේස් එක අප්ඩේට් වෙලා තියෙන්න නැතුව ඇති...............ම්ම්ම්.....හප්පට සිරි.........."

"ඇයි??"අශෝක මෙන්ඩිස් පරිගණක තිරයට එබෙමින් ඇසුවා.

"මෙයා ලංකාවේ අම්ම තාත්ත කෙනෙකුට ඉපදුනු කෙනෙක්.....පොඩිකාලෙ හදාගන්න ගෙනිහිල්ලා.... වැරදි මැච් එකක් වෙන්ඩැති නේද සර්......?"

"හ්ම්ම්ම්...සීයට 45%ක මැච් එකක්නෙ......කෝකටත් පස්සේ ඕනෑ වුනොත් ගන්න ඩීටේල්ස් State Intelligence Service (SIS) එකට යවන්න.....නෙදර්ලන්ඩ් නැෂනල් හින්දා ෆොරින් ඉන්ටෙලිජන්ස් ඩිරෙක්ටොරේට් එකටයි යවන්න ඕනෑ....... රහස් පොලීසියටත් කොපියක් යවන්න...මෙයාගෙ විස්තර ප්‍රින්ට් කරලා අපේ "persons of interest"ෆයිල් එකට දාලා ගේන්න, අපි මේ තොරතුර ගැන ගත්ත පියවර සඳහන් කරලා මම මිනිට් එකක් දාලා අත්සන් කරන්න ඕනෑ …..පස්සෙ නැත්තන් ලෙඩක් වෙන්න පුලුවන්....

Airport & Aviation Services එකේ සිකියුරිටි එකෙන්, ඇරයිවල්ස් එකේදී ගෑණි නගින වාහනේ, හම්බුවෙන්න එන අයගැන CCTV වලින් ඩීටෙල්ස් අරගෙන වීඩියෝ ක්ලිප් එකකුත් SIS යවන්න. කෝකටත් හොඳයි........නැතිනම් පහුවෙලා ඕවා හොයන්න උනාම පණ යනවා......"  කටුණායක ගුවන්තොටුපොල කාර්යභාර ආගමන-විගමන පාලක අශෝක මෙන්ඩිස්, සිය කණිෂ්ඨයාට උපදෙස් ලබා දුන්නා.


~ / ~


“Haallo madam…..good morning…!” කොට මහත ගුවන්තොටුපොල කුලීරථ රියදුරා දත් වහල්ලම පෙන්වමින් සිනාසුනා. ඔහුගේ අතෙහි හා ගෙලෙහි බැඳි ඉමිටේෂන් රන් දම්වැල් දිලිසුනා. 

“Good morning….” ඇය පිලිතුරු දෙද්දී කුලී රියැදුරා ඇය අත තිබූ ගමන් බෑගය අතට ගෙන කාරයේ බූට් එකට දමා වැසුවා.

“Where going to madam?” මහත්වූ ලෙන්ගතුකමක් මවාගත් ඔහු දෙකට නැමී විමසුවා

“Why? Don't you have the address??…. I gave to the taxi counter….!!” 
[ඇයි ඇඩ්‍රස් එක නැද්ද? මම ටැක්සි කවුන්ටරේට දුන්නනෙ…]

“Have madam have…….no good hotels that side….. I know nice hotel….” 
[තියෙනවා මැඩම්....ඒ පැත්තේ හොඳ හෝටල් නෑ.........මම හොඳ හෝටලයක් දන්නවා.....] 

කලින් හෝටල් වෙන්කරවා නොගෙන පැමිණෙන හැම සංචාරකයෙකුටම දමන බාසාව දමමින් තමන්ට කොමිස් ගෙවන හෝටලයකට ඇයව ගෙනයන්නට වෑයම් දමද්දී පුදන කොටම කාපි යකා කිව්වා මෙන් ඇය…..

"එක්ස්කියුස් මී ටැක්සි ඩ්‍රයිවර්! කරුණා…....කරලා දීපු ඇඩ්‍රස් එකට මාව ගෙනියන්න........."

නුහුරු උච්චාරණයකින් සිංහල කතාකරමින් උස් හඬින් කියුවා. ඇයගේ රූමත් මුහුණ රතුවී තිබූ අතර පිටුපස අසුනට නැග දඩාස් ගා දොරවසාගත් ඇය දොරගුල ක්‍රියාත්මක කොට හෙඩ්ෆෝන් යුගලය කනේ රුවා ගත්තා. මහ හඬින් කල ගෝරනාඩුව වෙනත් කුලී රථ රියදුරන්ට ඇසුනාවත් දැයි ලැජ්ජාවෙන් වටපිට බැලූ ඔහු රථය පණගන්වා ගත්තා. ගමන අවසන්වෙන තෙක්ම වචනයක් හෝ කතා නොකිරීමට ඔහු පරිස්සම් වුනා.


සවස 4.45, හැඩන් හිල් මාවත, නුවරඑළිය

"ගුඩ් මෝනිං සර්..." 

අපරාධ ස්ථානය බාරව සිටි පොලිස් සාජන් වරයා ඔහු පිලිගැනීමට  බංගලාවේ ඉදිරියට පැමිණ සිටියා. සිවිල් ඇඳුමින් සැරසී සිටින හමුදා කපිතාන්වරයෙකුට සැලූට් ගැසීම පොලිස් නිළධාරීන් නොකලයුතු වුවත් සාජන්වරයා උඩ පැන සැලූට් එකක් ගැහුවේ ගෞරවයටද නැතිනම් ඔහු දැකීමෙන් ඇතිවූ සතුටට දැයි සිතාගන්නට ඔහුට හැකිවුනේ නෑ. ඊයේ සිටම සීතලේ ගැහෙමින් මෙම ස්ථානය මුරකිරීමට සාජන් මහත්තයාට හා තවත් කොස්තාපල් වරුන් කිහිපදෙනෙකුට සිදුවූ අතර ඔහු තවත් ප්‍රමාදවූවානම් අද රාත්‍රියේත් ඔවුන්ට මෙහි රැඳීමට සිදුවනවා.

ඊයේ උදෑසන නුවර එළිය පොලීසියට වාර්තාවූ මේ අපරාධය ගැන සොයා බැලීමට රාජ්‍ය ඔත්තු සේවයේ (SIS) විදෙස් ඔත්තුසේවා අංශය සම්බන්ධ කරගන්න යැයි නියෝග ලැබී තිබුනේ මරණකරු විදේශිකයෙකු වීම නිසාම නොවන බව කපිතාන් විමුක්ති යහම්පත් සැක කලා. අඩි අටක් පමණ උස කළුගල් තාප්පයකින් වටවූ මේ කාමර අටක කුඩා බංගලාව කලක්  දේශීය සංචාරකයින්ට නවාතැන් ලබාදෙන හෝටලයක්වූ අතර එය මරණකරු විසින් මිලදීගෙන සිය පෞද්ගලික නිවහන බවට පතකරගෙන තිබුණේ මීට වසර තුනකට පමණ පෙර බව සාජන් පවසා සිටියා.

"සර් යමුද මිනිය තිබුණු තැන  බලන්න......?"සාජන් තැන නොඉවසිලිමත්ව පැවසූයේ හැකිතාක් ඉක්මණින් මේ රාජකාරියෙන් ගැලවීයන්නට හිතාගෙනයි. විමුක්ති සමග මෝචරියට ගොස් මරණකරුගේ සිරුර පෙන්වා රාජකාරියෙන් නිදහස්වීමට ඔහු සිතන්නට ඇති.

"ටිකක් වටපිට තොරතුරු බලලා යමු...." 

සාජන්ගේ බලාපොරොත්තු සුන්කරමින් පැවසූ කපිතාන් විමුක්ති සිය ජංගම දුරකථනය ගෙන අවට වීඩියෝ කරන්නට වුනා. වෙනදාට මෙවැනි කටයුත්තකට පැමිණෙන්නට පෙර මරණකරු ගැන, අපරාධය සිදුවූ තැන හා ඒ අවට සිටින නිවැසියන් හා ව්‍යාපාර ගැන සම්පූර්ණ තොරතුරුත්, ඒ පෙදෙස් ආවරණය වන ආරක්ෂක කැමරා ආදියේ වීඩියෝ ගෙන්වාගෙන සූදානම් වීම පුරුද්දක් කරගෙන සිටි විමුක්තිට මේ විමර්ෂණයට එන්නට සිදුවුනේ කිසිම සූදානමක් නැතිව.  

විදෙස් ගතව සිටි සිය වැඩිමහලු සොයුරිය සිය පුතා සමග ලංකාවට පැමිණි නිසා විමුක්ති සිටියේ නිවාඩු පිටයි. ඔහු සිය සොයුරිය හා පුතා සමග නුවර ඥාති නිවසක නතරවී සිටින විටයි නුවරඑලි යන ලෙස කොළඹින් අණ ලැබුනේ. කථිකාචාර්යවරයෙකු වූ ඇයගේ සැමියා පර්යේෂණ කටයුත්තක් සඳහා සති කිහිපයකට ඉන්දියාවට පැමිණි අතර ඒ කාලය ලංකාවේ ගත කිරීමට ඇයට ඕනෑ වුනා.

"අනේ මල්ලි වැඩ දාගෙන එහෙ මෙහෙ දුවන්න එපා...මං ඉන්න සති දෙක තුනේ ටිකක් නිවාඩුපිට මාත් එක්ක ඉන්න බලන්න...පුතත් ආසාවෙන් ඉන්නේ මාමා එක්ක ඇවිදින්න යන්න...."අවුරුදු පහක් වයස හුරතල් දඟ මල්ලක් වූ සොයුරියගේ පුත්‍රයාට විමුක්ති දැඩි ලෙස ඇලුම් කලා.

“මරණකාරයගෙ නම මොක්ද?"

"වික්ටර් පොපොවික් කියලා තමයි එයාගෙ ගෙදර වැඩට ඉන්න ගෑණු මනුස්සයා සාක්කි දුන්නේ...වයස අවුරුදු පනස් අටයිලු..."

"රුසියන් කාරයෙක්ද?"

"අපිත් හිතුවේ එහෙමයි....ඒත් මිනිහා ඇමරිකන් කාරයක්ලු, ඇම්බසියෙන් කෙනෙක්ව එවනවා කිව්ව තාම ආවෙ නෑ..." 

මේ විමර්ශණයට SIS සේවය සම්බන්ධ කරන්නැයි බලපෑම ඇමරිකන් තානාපති කාර්යාලය හරහා පැමිණි බව විමුක්තිට පැහැදිලි වුනා. ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරන විමර්ෂණ ඉහල වෘත්තීය මට්ටමකින් සිදු නොවන බව ඇමරිකන් මෙන්ම වෙනත් බටහිර තානාපති කාර්යාල විශ්වාස කරන නිසා සැක කටයුතු ආකාරයට සිදුවන බොහෝ විදේශික මරණවලදී ඒවාට මැදිහත් වීමට SIS සේවයේ විදෙස් බුද්ධි තොරතුරු අංශයට සිදුවුනා. 

පොලිස් විමර්ෂණ දුර්වල මට්ටමක හා අවම වෘත්තීයමය භාවයකින් සිදුවන බවට ඇති එතරම් සත්‍ය නොවූ චෝදනා නිසාත්, වාර්තා විශාල ලෙස ප්‍රමාදවීම නිසාත් මෙරටදී සැක කටයුතු ආකාරයට (අස්වාභාවික අණතුරු, සියදිවි නසාගැනීම්, ඝාතනයවීම් ආදියෙන්) මියයන විදේශිකයින්ගේ යැපෙන්නන්ට ඔවුන්ගේ මරණවලට රක්ෂණ වන්දි ලබාගැනීමේදි හා ඔවුන්ගේ දේපොල බෙදුම් නඩුවලදී විශාල ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවීම තානාපති කාර්යාල SIS මැදිහත්වීම බලාපොරොත්තු වීමට තවත් හේතුවක්.

“වැඩට ඉන්න ගෑණු කෙනා කෝ දැන්?"

"පොලීසියට ගෙනිහිල්ලා පොලිස් අත් අඩංගුවේ ඉන්නේ...... මහේස්ත්‍රාත් තුමා කිව්වා සැක කටයුතු විධියට මරණකරු එල්ලිලා මැරිලා ඉන්න නිසා මරණ පරීක්ෂණ වාර්තාව පිටවෙනකම් ඇප දෙන්න එපා කියලා....ගෑණි හොඳටම අඬනවා.....”

“බය වෙලාද?"

"නෑ....එයා සිංහල, කොළඹදී අඳුනාගත්තා කියලයි කියන්නේ....වික්ටර් පොපොවික් හා මේ ගෑණුකෙනා අතර වෙන සම්බන්ධකමක් තියෙන බවට අපිට සැකයක් තියෙනවා.......ගෑණිගේ යට ඇඳුම් මරණකරුගේ කාමරේ තිබිලා අපිට හම්බුවුනා...ඒවා එයාගේ බව එයා පිලිගත්තා..." 

සාජන් මහත්තයා ඔවුන් විසින් හෙලිකරගත් වැදගත් රහස් තොරතුරක් කපිතාන් විමුක්ති යහම්පත්ගේ කනේ තිබ්බා.

“අයියෝ සාජන්....ඕක මහ දෙයක්ද? වැඩිහිටි පිරිමියෙකුටයි, ගෑණියෙකුටයි එකට නිදාගන්න ලයිසන් ගන්න ඕනෑද? ඒ ගෑණුකෙනා බැඳලා සැමියෙක්, නැතිනම් අනියම් සැමියෙක් එහෙම ඉන්නවා කියලා දන්නවද? එහෙම ඉන්නවනම් එයාලව සැකයි කියලා හිතන්න පුලුවන්........බිරිඳගේ ආදරවන්තයා මරාදාන්න ඔවුන්ට හොඳ නිමිත්තක් තියෙනවනේ...."

"එහෙම දෙයක් දන්නේ නෑ සර්....ගෑණි හලාවත, කසාද බැඳලා තියෙන්නේ වයස 17දී.  මනුස්සයා කරලා තියෙන්නේ මූදු රස්සාව. බැඳලා අවුරුද්දකට පස්සේ මනුස්සයා මූදු ගිහිල්ලා ආපහු ඇවිල්ලා නෑ. .මූදෙදි නැතිවෙලා අවුරුදු විස්සක් විතර වෙනවලු.....මනුස්සයා මලාට පස්සේ ඩුබායි ගිහින් ඉඳලා ඇවිල්ලා තියෙන්නේ 2013දී.”

“ඊට පස්සේ කොළඹ රාමක්‍රිෂ්ණ පාරේ ෆෙයාර් විව් හෝටලෙ රූම් ක්ලීනින් සර්විස් එකේ වැඩකරලා. පොපොවික් ලංකාවට ආපු අලුත නැවතිලා ඉඳලා තියෙන්නේ ෆෙයාවිව් හෝටලේ. දෙන්නා අඳුනාගෙන තියෙන්නේ එහෙම. ඊට පස්සෙ තමයි එයා පොපොවික්ගේ සේවිකාව විධියට ඇවිල්ලා තියෙන්නේ…...අවුරුදු ගාණක් ඩුබායි වැඩකරලා ඉංග්‍රීසි පුලුවන් නිසා පොපොවික් එයාව සේවිකාව කරගන්න ගොඩක් කැමතිවුනාලු......හෝටලේ පඩියට වඩා වැඩි පඩියක් ගෙව්වලු. හැඳුනුම් පතේ විදියට දැන් වයස අවුරුදු 38ක් වෙනවා. ළමයි නෑ. නෑදෑයෝ ආශ්‍රයකුත් නෑ"

වත්ත පුරා ඇවිදිමින් වීඩියෝ ගත කරමින් විවිධ කරුණු ගැන අවධානය යොමුකල කපිතාන් විමුක්ති යහම්පත්, ඊයේ රෑ සිටිම ඩියුටි කෙරුවා මදිවට, ඔහු පසුපස ඇවිදිමින් විස්තර කියමින් සිට හෙම්බත්ව සිටි සාජන් මහතා දෙස බලා 

"දැන් යමු ගේ ඇතුල බලන්න...ඊට පස්සේ මෝචරියට ගිහිල්ලා මරණ පරීක්ෂණ වාර්තාව ඇවිල්ලද කියල බලලම පොලීසියට යමු, මට අර ගෑණු කෙනා එක්ක කතාකරන්න ඕනෑ..." 

බංගලාවේ පහල තට්ටුවේ කාමර තුනකුත්, උඩ තට්ටුවේ කාමර පහකුත් වුවා. උඩ තට්ටුවේ කාමර වලින් විශාල කාමර දෙකක් තිබූ අතර එකක් ඇලෙක්සැන්ඩර් පොපොවික්ගේ නිදන කාමරය වූ අතර අනෙක කාර්යාල කාමරය වූවා. එහි විශාල පොත් රාක්ක තිබූ අතර ඒවා ලංකාව ගැන ලියැවුනු පොත් පත් වලින් හා උද්භිද විද්‍යා පොත්වලින් පිරී තිබුණා. නිදන කාමරයට යාබද කාමරය පොපොවික්ගේ සේවිකාව වූ රීටා පාවිච්චි කල බව පෙනුනා. එම කාමරයේ සිට නිදන කාමරයට දොරක්ද තිබූ අතර, රීටාගේ යයි සැලකිය හැකි රාත්‍රියට අඳින කාන්තා ඇඳුම් කිහිපයක් නිදනකාමරයේ ඇඳුම් රඳවනයක එල්ලා තිබුණා. ඒ නිසා දෙදෙනා අතර සේවක-සේව්‍ය සම්බන්ධයට වඩා අඹුසැමි සම්බන්ධයක් තිබූ බව තහවුරු වුනා.

අනෙක් කාමර දෙකම පොපොවික්ගේ උද්භිද-විද්‍යා පර්යේෂණාගාරය බවට පරිවර්තනය කොට තිබුණා. එය තුල පටක අභිජනන ක්‍රමයට බිහිකල ඕකිඩ් හා වෙනත් පැල සිය ගණනක් තිබුණා. වෘත්තියෙන් උද්භිද විද්‍යාඥයෙකු වූ පොපොවික් මල් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර ඔහු සතුව හක්ගල ප්‍රදේශයේ විශාල මල්වගාවක් තිබෙන බව විමුක්තිට දැනගන්නට ලැබුණා.

"කොහොමද බොඩිය තිබුණේ..?"

"මෙන්න මෙතන සර්....මේ විධියට බැල්කනියෙ ගරාදි වැටෙන් එල්ලිලා තිබුණේ. නයිලෝන් ලනුවක් ගරාදි වැටේ ගැටගහලා එතනින් බිමට පැනලා. දැකලා තියෙන්නේ මේ පැත්තේ හෝටල්වලට කිරි ගේන ලොරියේ කට්ටිය...."

"එතකොට ගෑණු කෙනා ගෙදරද ඉඳලා තියෙන්නේ?"

"නෑ සර් එයා හක්ගල සීතා අම්මාන් කෝවිලේ පූජාවකට රෑ එහෙ නැවතිලා තියෙනවා. එයා හැම මාසෙම අන්තිම සිකුරාදා හවස පූජාවට යනවලු ගිහිල්ලා එලිවෙනකන් කෝවිලේ ඉඳලා පහුවෙනිදා උදේ පූජාවෙන් පස්සෙලු එන්නේ. එයාව කෝවිලට වාහනයෙන් ගෙනෙහින් බස්සලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර් පොපොවික් මයි..”

“ඒ කෝවිල ලඟ හෝටල්වල CCTV බැලුවද?”

“ඔව් සර්, පොපොවික් එයාගේ නිසාන් නවාරා පික්අප් එකෙන් රීටාව කෝවිල ලඟ බස්සලා යන වීඩියෝ තියෙනවා. කෝවිලේ පූසාරිලා සාක්කි දීලා තියෙනවා රීටා රෑ එලිවෙනකම් කෝවිලේ හිටියේ කියලා. ඇලෙක්සැන්ඩර් පොපොවික් කෝවිලට සල්ලි වලින් උදව් කරලා තියෙන නිසා දෙන්නවම කෝවිලේ මිනිස්සු හොඳට දන්නවා..."



උදෑසන 6.55, සටර්ලිං ලයින්ස් ගැරිසනය, ක්‍රෙඩෙන්හිල්, එක්සත් රාජධානිය

පාන්දර හතරට අධික ශීතලේ ගැහෙමින් ශාරීරික යෝග්‍යතා අභ්‍යාසය සඳහා පිටත්ව ගිය කණ්ඩායම ආපසු පැමිණෙන ආකාරය භටඛණ්ඩ සාජන්ට්-මේජර් විලියම් හිල් සිය දුරදක්ණයෙන් නිරීක්ෂණය කරමින් සිටියා. සැතපුම් තුනක් පමණ ඈතින් සිටි ඔවුන්, කාණ්ඩ ගැසී විශාල ඕක් කඳන් ඔසවාගෙන දිව එමින් සිටින අයුරු ඔහු දුටුවා. සාජන්ට්-මේජර් හිල් බ්‍රිතාන්‍යයේ විශේෂ බළකා සේනාංකයේ (UK Special Forces Directorate) තුන්වැනි රෙජිමේන්තුව වන Special Reconnaisance Regiment (SRR) බළකායේ ස්ටර්ලිං ලයින්ස් ගැරිසරනයේ පුහුණු භාර නිළධාරියා වූ අතර ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ සටන් අත්දැකීම් ඇති පදක්කම් ලාභියෙකු වුනා. ඈතින් එන කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටි ඔහුට, තමන් අසලට පැමිණි ආධුනික සෙබලා උගුර පාදන තෙක් ඔහු පැමිණි බවක් දැනුනේ නෑ.

“Good morning sir!” නිළධාරියාගේ අවධානය දිනාගත් ආධුනික සෙබලා ආචාර කලා.

“What is it private?” නොරුස්නා බැල්මක් හෙලූ ඔහු ආධුණික සෙබලාට ගෙරෙව්වා.

“Special despatch from Legoland sir!” [ලෙගෝ-ලන්තයෙන් විශේෂ පණිවුඩයක් සර්!] 

එම්.අයි 6 ඔත්තුසේවයේ මූලස්ථානය ලෙගෝ-ලන්තය යන අන්වර්ත නාමයෙන් හඳුන්වන අතර එහි සිට එවන ලද විශේෂ පණිවුඩයක් සටහන් වුනු මුද්‍රා තැබූ ලියුම්කවරයක් ලබාදුන් ආධුනික සෙබලා ආචාර කොට පිටව ගියා.

මුද්‍රාව කඩා පණිවුඩය කියැවූ සාජන්ට් මේජර් හිල් සිය ඉණෙහි ගසාගෙන සිටි වෝකිටෝකි යන්ත්‍රය ගෙන;

“Staff Sergeant Williams, do you copy?  I need Lieutenant Mohotti here ASAP..over...” 
[ස්ටාෆ් සාජන්ට් විලියම්ස්, ඉක්මණට ලුතිනන් මොහොට්ටිව මෙහෙට එවන්න...]

“Copy….over...” [පණිවුඩය ලැබුණා]

විනාඩි පහලොවකට පමණ පසු හති දමමින් තමන් වෙත දිව එන ලුතිනන් අකිල් මොහොට්ටි දුටු සාජන්ට් මේජර් හිල්;

"WELL! WELL! WELL!…...tired already…...are we lad?............ YOU ARE IN SPECIAL FORCES….not boy-scouts….I really want send you on a ten mile punishment run……...BUT…... I can't…..it seems Legoland wants you urgently…...YOU ARE LEAVING NOW!!!!!……....GET OUT OF MY FACE LIEUTENANT!!!”

[ආ!!!.....මහන්සියි වගේ නේද කොල්ලෝ?......මේක විශේෂ බළකාය.....බාලදක්ෂ ජම්බෝරිය  නෙමෙයි.......හැතැප්ම දහයක දඬුවම් දිවීමක් දෙන්න හිතෙනවා.....ඒත් බෑ.....ලෙගෝ-ලන්තයෙන් තමුන්ට එන්න කියනවා......දැන්ම පිටත්වෙනවා…යනවා ඉතින්...!!!] 

බොරු තරහක් මවාගත් සාජන්ට්-මේජර් බුරා හැලෙද්දී ඔහුට ආචාර කල ලුතිනන් මොහොට්ටි නිළධාරී නිවස්නය වෙත කඩිනම් ගමනින් පිටත්වුනා.


~ / ~


අපරභාග 3.25, MI6 මූළස්ථාන ගොඩනැගිල්ල, වොක්ෂෝල් ක්‍රොස්, ලන්ඩනය 

“Back already handsome..?” [කඩවසම් කොල්ලා...ගිය පයින්ම ආයෙත් ආවද?] 

ලන්ඩනයේ එම්.අයි 6 මූලස්ථානයේ E ඩිවිෂනය තිබූ 12 වැනි තට්ටුවේ කාර්යාල සංකීර්ණයට ඇතුලුවූ විගසම එහි පිලිගැනීමේ නිළධාරිණිය වූ ඇනීටා ට්‍රැවිස්, සිනහමුසු මුහුණින් අකිල්ව පිලිගත්තා. පනස්විය ඉක්මවූ කරුණාවන්ත කාන්තාවක් වූ ඇය දරු දෙදෙනෙකුගේ මවක් වූ අතර සැමියා නාවික හමුදා නිළධාරියෙකු වූවා. 

“Hi Anita…. How are you? …...Do you know what this is about?” 
[කොහොමද ඇනීටා..? මාව හදිස්සියේ ගෙන්නුවේ මොකටද කියලා දන්නවද?]

“They don't tell me anything important luv...I am just the receptionist…” 
[එයාලා වැදගත් කිසිදෙයක් මට කියන්නේ නෑනෙ...මම නිකම්ම නිකන් පිලිගැනීමේ නිළධාරිණියනේ...] කියමින් ඇය සිනාසුනා.

“Take a seat, they are in a conference….want some tea?” 
[ඉඳගන්න..එයලා ඇතුලෙ සාකච්ඡාවක..තේ ටිකක් ඕනෑද?]

“Some tea would nice…thanks Anita…...Who is inside…?” 
[තේ ටිකක් තිබුනොත් ශෝක්...ස්තූතියි ඇනිටා.....කවුද ඇතුලේ ඉන්නේ?]

“The usual crowd..Theresa is here, Ron is here, Jeff from Analysts department, Simon from black ops, Ann from diplomatic liaison…” 
[හැමදෑම එන අය තමයි...තෙරේසා ඉන්නවා, රොන් ඉන්නවා, විශ්ලේෂණ අංශයේ ජෙෆ් ඉන්නවා, කලු මෙහෙයුම් අංශයෙන් සයිමන්, තානාපති සබඳතා අංශයෙන් ඈන්...] ඇනීටා කියාගෙන ගියා.

හැමදෑම එන අය කිව්වත් දකුණු ආසියාවේ ඔත්තුසේවා මෙහෙයවන E ඩිවිෂනයේ ප්‍රධානී තෙරේසා මාෂල් පැමිණෙන්නේ කලාතුරකින්. රොන් සිල්වෙස්ටර් නැගෙනහිර යුරෝපයේ ඔත්තුසේවා මෙහෙයවන  C ඩිවිෂනයේ, රුසියානු අංශයේ ප්‍රධානියා වූ අතර ඔහු එන්නේ රුසියාව ගෑවුනු අවස්ථාවකදී විතරයි. කලු මෙහෙයුම් අංශයේ සයිමන් පීටර්ස් SAS බළකායේ මේජර්වරයෙකු වෙන අතර ඔහු පැමිණෙන්නේ විදෙස් ක්ෂේස්ත්‍ර මෙහෙයුම් සැලසුම් කිරීමේදී පමණයි. 

MI6 පාලන සැකැස්මට අනුව  A ඩිවිෂනය ඇමරිකානු මහද්වීපයේ කටයුතු මෙහෙයවන අතර B ඩිවිෂනය බටහිර යුරෝපයේද ඔත්තුසේවා ජාල පාලනය කරන අතර D ඩිවිෂනය චීනයේද F ඩිවිෂනය අග්නිදිග ආසියාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ කටයුතු සොයා බලනවා. අරාබිකරයේ හා අප්‍රිකාව සම්බන්ධ කටයුතු G ඩිවිෂනයට භාරවී තිබෙනවා. මීට අමතරව ‍HZ ඩිවිෂනය (Hot Zone Division)  බ්‍රිතාන්‍ය හමුදා යුධ වදින ඕනෑම පෙදෙසක විශේෂ ඔත්තුසේවා හා කලු මෙහෙයුම් පාලනය කරනවා. 

එමෙන්ම ST (Sci & Tech) නම් ඩිවිෂනයක්ද තිබෙන අතර එය විදෙස් විද්‍යා හා තාක්ෂණ තොරතුරු පිලිබඳව විශේෂයෙන් සොයාබැලීම සඳහා ඇතිකර තිබෙනවා. මීටත් අමතරව X නම් අතිශය රහසිගත ඩිවිෂනයක්ද තිබෙන බවත් එය හඳුනා නොගත් පියාසර වස්තූන් හා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳව තොරතුරු රැස් කරන බව පැවසෙතත් එවැනි ඩිවිෂනයක් MI6 නිළ ආයතන සැකැස්මේ පෙන්වන්නේ නෑ. 

"මොකක්ද දන්නෙ නෑ කතන්දරේ..."සිතමින් ලොබියේ අසුන්ගත් අකිල් සිය ජංගම දුරකථනය අතර ගත්තේ මවට වයිබර් පණිවුඩයක් යැවීමටයි. හදිසියේ ලන්ඩන් පැමිණෙන බව ගෙදරට කියන්නට බැරිවුන නිසා ඔහු අම්මාට විස්තරය කියා පණිවුඩයක් සටහන් කරන්නට වුනා.

සිංහල තරුණයෙකු වූ අකිල් මොහොට්ටිගේ පියා වෛද්‍යවරයෙකු වූ අතර මව භෞතික චිකිත්සකවරියක් වුනා. ඔහුගේ දෙමව්පියන් බ්‍රිතාන්‍යයට පැමිණියේ 1988 වසරේදී. එකල ලංකාවේ දකුණේ මහා භීෂණයක් හටගෙන තිබූ අතර හමුදා කපිතාන්වරයෙකු වූ ඔහුගේ බාප්පා හමුදාවෙන් අස් නොවූ වරදට දඬුවමක් ලෙස මරා දමා නිවස ගිණිබත් කරනු ලැබුවා. ඒ ගින්නට හසුවූ ඔහුගේ බිරිඳ දරුණු පිලිස්සුම් තුවාල ලැබුවා. 

ඔහුගේ සීයා එක්සත් ජාතික පක්ෂයේ පලාත්සභා මන්ත්‍රීවරයෙකු වූ අතර වෛද්‍යවයෙකුවූ පියාද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වුනා. මාතර තිබූ ඔහුගේ සීයාගේ පාරම්පරික නිවස ගිණිබත් කල දේශප්‍රේමී සහෝදරවරුන් සීයාව මරාදැමීමට සොයද්දී ඔහු සිය පවුල සමග කොළඹට පැන ඉතා අපහසුවෙන් දිවිගලවා ගත්තා. 

එකල තෙමස් ගැබිණියක වූ ඔහුගේ මව හා පියා යන දෙදෙනාමද මරාදමන බවට ගම පුරාම පෝස්ටර් අලවා තිබූ අතර දිවිබේරාගැනීම සඳහා මවත් සමග බ්‍රිතාන්‍යයට පැමිණීමට පියාට සිදුවුනා. ඒ නිසා අකිල් මෙලොව එලිය දුටුවේ බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරයි. අධ්‍යාපනය අවසන්කල ඔහු බ්‍රිතාන්‍ය යුධ හමුදාවට බැඳෙන්නට ඉල්ලුම් කල අතර බ්‍රිතාන්‍යයේ ඉපදී පුරවැසිභාවය ලබා තිබුණු නිසාත්, දෙමව්පියන්ද ඒ වනවිට බ්‍රිතාන්‍ය පුරවැසිබව ලබාගෙන තිබූ නිසාත් ඔහුගේ අයදුම් පත පිලිගැනුනා.

මූලික පුහුණුවෙන් පසු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට SAS විශේෂ බළකායට බැඳෙන්නට අයදුම්කල ඔහු, මූලික යොග්‍යතා පරීක්ෂණවලින් ඉහලින්ම සමත්වීම නිසා ඒ සඳහා තෝරා ගැනුනා. ඉහල IQ අගය හා දකුණු ආසියාතික සම්භවය නිසා ඔත්තුසේවා කටයුතු සඳහා විශේෂයෙන් පුහුණුව ලැබූ ඔහුව SAS බළකායේ සහෝදර විශේෂ බළකායක්වූ, ඔත්තු බැලීමේ හා සතුරු බිම්පෙදෙස්වල රහස්‍ය මුරසංචාර සඳහාම ඇතිකල SRR බළකායට අනුයුක්ත කෙරුනා. ඔහුව MI6 ඔත්තුසේවයේ කළු මෙහෙයුම් අංශයට බඳවා ගැනුනේ SRR බළකායට අනුයුක්තව යේමනයේ ISIS ත්‍රස්ත නාෂක මෙහෙයුම් වල යෙදී දක්ෂතා දැක්වීමෙන් අනතුරුවයි.

MI6 ඔත්තු සේවයට බඳවාගත් පසු ඔහුගේ පලමු ක්ෂේස්ත්‍ර මෙහෙයුම වුනේ ඉන්දියාවේ බැංගලෝරයේ සිදුවුනු සිදුවීමක් ගැන රහස්‍ය පසු විමර්ෂණයක් සිදුකිරීමයි. එහිදී බ්‍රිතාන්‍ය පුරවැසි ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු මරාදමා තිබූ අතර එය මත්පැන් හා මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ගෙන, වැරදීමකින් දියේ ගිලී සිදුවූ මරණයක් ලෙස හුවාදක්වා තිබුණා. මේ ද්‍රවිඩ ජාතිකයා පිලිබඳව MI6 ඔත්තු සේවයද ඇස ගසාගෙන සිටියේ ඔහු ලංකාවේ යලිත් සන්නද්ධ අරගලයක් බිහිකිරීම සඳහා අවිආයුධ ලබාගැනීමට ISIS ත්‍රස්තයින් හා සම්බන්ධ වන්නට ගත් උත්සහයන් පිලිබඳව වාර්තා වීම නිසයි. 

බැංගලෝරයේදී ඔහු සිදුකරන ක්‍රියාකාරකම් පිලිබඳව රහසින් නිරීක්ෂණය කරමින් වාර්තා කරන්නට MI6 ඔත්තුකරුවන් යවා තිබූ අතර සැලැස්ම වුනේ එහිදී ලබාගන්නා තොරතුරු අනුව ඔහු බ්‍රිතාන්‍යයට යලිත් පයතැබූ විගස අත් අඩංගුවට ගැනීමයි. එහෙත් වසර කිහිපයක් තිස්සේ මේ ද්‍රවිඩ ජාතිකයා පසුපස පන්නමින් ඔහුගේ ක්‍රියාකරකම් ගැන හොඳින් තොරතුරු සොයාගෙන සිටි  ලංකාවේ හමුදා බුද්ධි අංශය, මොහුව නිරීක්ෂණය කරමින් සිටි ඉන්දියානු RAW ඔත්තු සේවය මෙන්ම MI6 ඔත්තුකරුවන්ගේද ඇස් වසමින් බැංගලෝරයේ හෝටලයකදී ඔහුට බලෙන් අධික ලෙස මත්පැන් පොවා, කාමරයේ නාන තටාකයේ ගිල්වා මරාදමා තිබුණා. පසුව වාර්තාවූ පරිදි ඔහුව බ්‍රිතාන්‍යයේ සිට බැංගලෝරයට ගෙන්වාගෙන තිබුණේත් ලංකා හමුදා බුද්ධි අංශය තිරය පිටුපස සිට සිදුකල සූක්ෂම මෙහෙයුමකින් බව හෙලිවුනා.

“We should never under-estimate Sri Lankan intelligence agencies again...those guys have become really sophisticated now..…we have to admit that they pulled off a brilliant op in Bangalore..they managed to outfox us and the Indians….Indian RAW dont have a clue even now” 

[මීට පස්සෙ අපි කවදාක්වත් ලංකාවේ බුද්ධි අංශ අවතක්සේරු කරන්න නරකයි....ඔවුන් දැන් බොහොම දියුණුයි....අපි පිලිගන්න ඕනෙ ඔවුන් බැංගලෝරයේ කරපු මෙහෙයුම සුපිරියි කියලා..ඔවුන් අපිවයි, ඉන්දියන් ඔත්තුසේවයි හොඳට නොමග යැව්වා...අපිට ආරංචි විධියට ඉන්දියන් RAW ඔත්තුසේවය මොකද වුනේ කියලා තාම දන්නේ නෑ....] 

බැංගලෝර් සිද්ධියේ ප්‍රතිපල පිලිබඳ අවසන් සමාලෝචන සාකච්ඡාවේදී මෙහෙයුම සැලසුම්කල E ඩිවිෂනයේ මෙහෙයුම් ප්‍රධානී තෙරේසා මාෂල් අවධානය කලා..



සවස 6.30, රිච්මන්ඩ් ඉන් හෝටලය, හැඩන් හිල් මාවත, නුවර එලිය

අකිල් නුවරඑලියට ලඟාවන විට සවස හතර පමණ වී තිබුණා. කලින් සැලසුම්කරගෙන තිබූ පරිදි ඇලෙක්සැන්ඩර් පොපොවික්ගේ නිවස තිබූ හැඩන් හිල් මාවතේම පිහිටි රිච්මන්ඩ් ඉන් නම් කුඩා හෝටලයේ කාමරයක් ලබා ගත්තා. සෙනසුරාදා දිනයක් වුනත් වැහිබර නොවැම්බරය නිසා නුවර එලියේ දෙස් විදෙස් සංචාරකයින් එතරම් නොසිටි අතර කාමර මිලද බොහෝ අඩුවී තිබුණා. අවශ්‍ය නම් ග්‍රෑන්ඩ් හෝටලයේ වුවද නවාතැන් ගැනීමට අවශ්‍ය ගමන් වියදම් ඔහුට ලැබී තිබුණත්, අනවශ්‍ය අවධානය යොමු කර නොගෙන සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීම සඳහා, අඩුමිල, අඩු පහසුකම් ඇති හෝටලයක් තෝරාගැනීමට අකිල් සැලසුම් කලා. සෙනග අඩු නිසා හෝටලයේ කාර්ය මණ්ඩලයද අවම වූ අතර මැනේජර්වරයාත්, රූම් බෝයි කෙනෙකුත් හැරෙන්නට හෝටලයේම වැඩකටයුතු සඳහා සිටියේ පිරිසිදු කරන්නියක් හා කෝකියා පමණයි.

වෙහෙස නිවා ගැනීමට පැයක් පමණ ඇලවී සිටි අකිල් රූම් බෝයි ගෙනැවිත් දුන් මීපැණි තරමට කිරි-සීනි වැඩි තේ එක අප්පිරියාවෙන් ගිල දැම්මේ ශීතල නිසාමයි. ගිණිගත්හේන පසුකරද්දී පටන් ගත් වැස්ස තවමත් කඩින්කඩ තිබූ අතර කඳුකරයම මීදුමෙන් වැසීයමින් තිබුණා. වැස්ස නොතකා එලිය බැස්ස අකිල් ත්‍රීවීලරයක් රැගෙන නුවර එලියේ බේල් බසාර් කඩපොලට ගියේ නුවර එලිය නගරයේ ස්ථිර පදිංචිකරුවන් අඳින රේන් කෝට්, ලාභ ජර්සි හා හිස්වැස්මවල් කිහිපයක් මිළදී ගන්නටයි. එන්ගලන්තයේ සිට එනවිට ගෙනා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන එහා මෙහා යනවිට ඔහු සංචාරකයෙකු බව ඕනෑම කෙනෙකුට තේරුම් යන නිසා, නුවර එලියේ සාමාන්‍ය ජනයා ශීතලට අඳින ඇඳුම්වලට සමාන ඇඳුම් ලබාගන්නට ඔහුට ඕනෑවුනා.

ශීතලට අඳින ඇඳුම් හා ලාබ චීන ව්‍යායාම සපත්තු දෙකක්ද මිලදීගත් අකිල් ගූගල් මැප්ස් හරහා දැනගත්, ඒ අසලම තිබූ මැක්වුඩ්ස් සමාගමේ තේ කෞතුකාගාරයට හා තේපැන් ශාලාවට ගියේ මොනවා හෝ කා හොඳ තේ එකක් පානය කිරීමේ අදහසින්. සවස හයවන තෙක්ම නගරයේ ඒ මේ අත ඇවිදිමින් මාර්ග හා මග සළකුණු හිතේ සටහන් කරගත් අකිල් නැවත හෝටලයට ගියේ ඉදිරි පියවර සැලසුම් කරගන්නටයි. 

තමන්ට කෑම අනවශ්‍ය බව කියූ විට මුහුණ ඇඹුල්කරගත් මැනේජර්; 

"බ්‍රෙක්ෆස්ට් හරි ගන්න සර් මේ දවස්වල බිස්නස් අඩුයිනෙ" 

කියමින් ලතවෙන්නට වූ නිසා අකිල්;  

"හරි...හරි... හෙට උදේට පොල් සම්බෝලයි, පොල් රොටියි, බිත්තර දෙකක් දාලා ලොකු ඔම්ලට් එකකුයි හදලා තියන්න…සැරට චිකන් හොද්දකුත් තිබුණොත් හොඳයි....මම උදේට කන්නේ නවයට විතර....දවල්ට රෑට මුකුත් එපා..."කියමින් වැඩි කතා බහ නවත්වා ගත්තා. 

හවස හතට පමණ හෝටලයෙන් පිටවූ ඔහු මිතුරන් සමග සාදයකට යන බවත් එනවිට පාන්දර එක-දෙක විය හැකි බවටත් මැනේජර් වරයාට පැවසුවා.

"කමක් නෑ සර්, ගේට්ටුවේ සිකියුටි අංකල්ට මම කියලා තියෙන්නම් සර් පාන්දර එයි ඇතුලට අරගන්න කියලා. සයිඩ් එකේ තියෙන දොරක් ඇරලා දෙයි රූම් එකට යන්න....."

හෝටලයෙන් පිටවූ අකිල් ත්‍රීවීලරයක් අල්ලාගෙන ග්‍රෑන්ඩ් හෝටලය පිහිටි ග්‍රෑන්ඩ් හොටෙල් පාරේ අරලිය ෆුඩ් කෝට් අවන්හලට ගියේ රෑ කෑම ගනිමින් ඉදිරි වැඩ ටික නිස්කලංකයේ සැලසුම් කර ගන්නට. අරලිය ෆුඩ් කෝට් එක රෑ එකොලහට වසා දමන නිසා, රෑ කෑමෙන් පසු තව ටිකක් රෑ වෙනතෙක් කාලය ගත කරන්නට හැඩන් හිල් පාරේම තිබූ ලේක් විව් පබ් සමාජ ශාලාවට යන්නට තීරණය කලා. පාන්දර එක දෙක පමණ වනතෙක් බියරයක් තොලගාමින් එහි කාලය ගත කරන්නට අකිල් තිරණය කොට තිබුණා. 

නුවර එලියට ලඟාවී පැය කිහිපයක් යනවිට ඔහුට නිකුත්කොට තිබූ ආරක්ෂිත ටැබ්ලට් පරිගණකයට පණිවුඩ කිහිපයක් ලැබුණු අතර ඉන් එකකින් කියවුනේ නුවරඑලියේ සිදුවූ මිනීමැරුමට සමානකම් ඇති ස්පාඤ්ඤයේ සිදුවූ මිනීමැරුමකට සම්බන්ධ යයි සිතිය හැකි තරුණ කාන්තාවකගේ හැඩහුරුකමට යම් තරමකට සමාන තරුණ කාන්තාවක් දින කිහිපයකට පෙර, එනම් පොපොවික්ගේ අභිරහස් මරණයට පෙර කටුණායකින් ලංකාවට ඇතුලුවී තිබෙන බවයි. 

තානාපති සබඳතා අංශයේ ඈන් විකර්ස් එවා තිබූ ඒ වාර්තාවේ කියවුනු ආකාරයට ස්පාඤ්ඤයේ වයින් සාදන මිදි වතු සඳහා ප්‍රසිද්ධ ලා මැන්චා ප්‍රදේශයේ මේ මිනීමැරුම සිදුවී තිබෙනවා. මිනීමැරුම සිදුවූ අවස්ථාව යයි සැක කෙරෙන කාලසීමාවේදී එම නිවස අසල සිට කලබලයෙන් වාහනයකට නැගගත් කාන්තාවක්, ඒ මොහොතේ එම ස්ථානය පසුකර යමින් සිටි කාර් එකක ඩෑෂ්බෝඩ් කැමරාවේ සටහන්වී තිබෙනවා. මිනීමැරුම ආරංචිවීමෙන් පසුව ඇයගේ හැසිරීම ගැන සැකසිතූ රථයේ රියදුරා එම ඩෑෂ් කැම් වීඩියෝව පොලීසියට ලබාදී තිබෙනවා.  

රාත්‍රී අඳුරේ, ප්‍රභල හෙඩ් ලයිට් ආලෝකයට නිරාවරණය ව තිබූ ඇගේ මුහුණ එතරම් පැහැදිලි නොවුනත්, ලංකාවට ඇතුලුවූ තරුණ කාන්තාව ඇයට 45%කින් සමාන බව ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණය වාර්තාකර තිබෙනවා. අකිල් වඩාත් පුදුමයට පත්කලේ ලංකාවට පැමිණි ඇය නෙදර්ලන්තයට හදාගන්නට ගෙනගිය සිංහල කෙල්ලෙක් වීමයි.

"නෙදර්ලන්තෙට හදාගන්න ගෙනිච්ච ලංකාවේ කෙල්ලෙක් කොහොමද ස්පාඤ්ඤේ මිනීමරන්නේ?" 

අකිල්ට සිතුනා. ඇයගේ ගමන් බලපත්‍රයේ සටහන්ව තිබූ හා ඇය කටුණායක ආගමන-විගමන කවුන්ටරයට ලබාදී තිබූ තොරතුරු අනුව ඇය 28 හැවිරිදි ගුවන්යානා ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවරියක්. ඉපදී මාස කිහිපයකින් ඇයගේ මව ඇයව පන්සලක දමාගොස් ඇති අතර නෙදර්ලන්ත යුවලක් ඇයව හදාගැනීම සඳහා නීත්‍යානුකූලව රැගෙන ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤයේ මියගිය පුද්ගලයා ගැනද වාර්තාවක් ලන්ඩනයෙන් එවා තිබූ අතර, එයට අනුව අන්ද්‍රේ කොමැටොෆ් නම්වූ ඔහුද රුසියානු ජාතිකයෙකු වූවා. දෙදෙනාම උද්භිද විද්‍යා විශේෂඥයින් බවත් පැහැදිලියි. එහෙත් ඔවුන් රුසියාවේදී සේවය කල ආයතන පිලිබඳව තොරතුරු නෑ. බොහෝවිට රජයේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයක සේවය කරන්නට ඇති. එපමණක් නොව ඇලෙක්සැන්ඩර් පොපොවික් මෙන්ම අන්ද්‍රේ කොමැටොෆ්ද 2005 දී රුසියාවෙන් ඇමරිකාව බලා ගොස්, කැලිෆෝනියාවේ අලුතින් ආරම්භකල ජාන ඉන්ජිනේරු සමාගමකට බැඳී සේවය කොට තිබෙනවා. ඒ අනුව දෙදෙනාම කලින් දැන හඳුනාගත් මිතුරන් විය යුතුයි. 

"සෙලැජීන්"නම් ඒ සමාගම 2012දී ඇමරිකාවේ බහුජාතික සමාගමක් වෙන මොන්සාන්ටෝ සමාගම විසින් මිළදීගෙන ඇති අතර, ආරම්භක සේවකයින් ලෙස සමාගමේ කොටස් වලට හිමිකම් ලබාසිටි ඇලෙක්සැන්ඩර්ට හා අන්ද්‍රේට ඩොලර් මිලියන කිහිපය බැගින් කොටස් වටිනාකමට මුදල් ලැබී තිබෙනවා. එම මුදල් සමග ඇමරිකාවෙන් පිටවූ අන්ද්‍රේ කොමැටොෆ් ස්පාඤ්ඤයේ ලා මැන්චා පලාතේ මිදි වත්තක් මිළදීගෙන වයින් කර්මාණ්තයට අතගසා තිබූ අතර, ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණ වසර කිහිපයක් බ්‍රිතාන්‍යයේ ගතකල ඇලෙක්සැන්ඩර් පොපොවික් 2015දී ලංකාවට පැමිණ අපනයන මල්වගාවක් ආරම්භ කලා. මියයන විට පොපොවික් ඇමරිකානු පුරවැසියෙකු වූවා. කොමැටොෆ් ස්පාඤ්ඤ පුරවැසිකම අයදුම් කර තිබුණා.

"දැන් දෙන්නම මරලා දාලා....මරලා තියෙන්නෙත් එකම විධියට…පොපොවික් ගෙදර බැල්කනියේ ගරාදිවැටේ එල්ලිලා මැරුනා වගේ පෙන්නලා, කොමැටොෆ් ගෙදර තරප්පුවේ ගරාදිවැටේ එල්ලිලා මැරුණා වගේ පෙන්නලා...ඇත්තටම දෙන්නම මැරුවේ නෙදර්ලන්තෙට ගිය ලංකාවෙ කෙල්ලද? නැතිනම් ඒවගේ හැඩරුව තියෙන වෙන කෙනෙක්ද….? "

“මොකටද? සල්ලිවලටද? ඒත් මේ මිනිස්සු මහලොකු සල්ලිකාරයෝ නෙමෙයිනෙ. ස්පාඤ්ඤ වයලන්ට් ක්‍රයිම්ස් ඒජන්සියෙන් ලැබී තිබුණු මූලික වාර්තාවලට අනුව කොමැටොෆ්ගේ ඝාතනය ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නැතිනම් වෘත්තියමය ලෙස මිනිස් ඝාතනයන් සිදුකරන මිනීමරුවෙකු ඉතා සැලසම් සහගතව සිදුකරන ලද ඝාතනයක්. ඝාතනය සිදුවූ කොමැටොෆ්ගේ නිවසේ කිසිදු සොරකමක්, පොරබැදීමක් හෝ වෙනත් දෙයක් සිදුවී තිබුණේ නෑ. ඒවගේම ඇඟිලි සළකුණු, පා සටහන් තිබිලා නෑ. ගෙදර සිකියුරිටි එලාම් සිස්ටම් එක සූක්ෂම විධියට අක්‍රියකරලා, CCTV කැමරාවලට අහු නොවෙන කෝණවලින් ගෙදරට ඇතුලුවෙලා තියෙන්නේ. කොමැටෝෆ් තනිවම ජීවත්වූ අතර සිරුර සොයාගෙන තිබෙන්නේ උදෑසන නිවසේ වැඩට එන සේවිකාවයි….”

“කොමැටොෆ් වගේම පොපොවික් රුසියාවේ ගතකල ජීවිත ගැන කිසිම තොරතුරක් නෑ. සමහරවිට ඔවුන් රුසියානු රජය වෙනුවෙන් රහසිගත පර්යේෂණ වල යෙදුනාද දන්නෙත් නෑ. සමහරවිට මේ ඝාතන ඒ පර්යේෂණවලට අදාලද දන්නේ නෑ. ඒත් අවුරුදු 13කට පස්සේ එහෙම කරන ඒකේ තේරුමක් නෑනෙ...ඔවුන් රුසියන් රජයේ රහස් අරගෙන ඇමරිකාවට ගියානම්, එයාලගෙ ඉරණම විසඳෙන්නේ මීට කලින්. රුසියන් SVR එක (විදෙස් ඔත්තු සේවය) රටට ද්‍රෝහිවූ අයට දඬුවම් දෙන්න අවුරුදු 13ක් බලාගෙන ඉන්නේ නෑ…”


“Hi….Ann…thanks for the update..can you find out more about Kristina Van Der Vaal…? Who are her foster parents? Her life history?” 

ඈන් විකර්ස් වෙත පණිවුඩයක් යැවූ අකිල්, ලංකාවට ඇතුලුවී සිටින ක්‍රිස්ටීනා වැන් ඩර් වාල් තරුණියගේ හදාගත් දෙමව්පියන් පිලිබඳව හා නෙදර්ලන්තයේ ජීවිතය පිලිබඳව පසුබිම් විස්තර සොයා එවන ලෙස දැන්වූවා.

~ / ~


ඈන් විකර්ස්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන විට රාත්‍රී දහය පමණ වුන අතර අකිල් අරලිය ෆුඩ් කෝට් එකේ රෑ කෑම ගනිමින් සිටියා. අකිල් ඒ ඉල්ලීම කරන විටත් ඈන්ගේ කාර්යමණ්ඩලය නෙදර්ලන්ත ආගමන-විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය හා බුද්ධි අංශ වන AVID (දේශීය බුද්ධි තොරතුරු) හා MVID (හමුදාමය හා විදෙස් බුද්ධි අංශය) හා සම්බන්ධවී ක්‍රිස්ටීනා වැන් ඩර් වාල් පිලිබඳව තොරතුරු සොයාබලමින් සිට තිබෙනවා. 

ඔවුන් සොයාගත් තොරතුරු අනුව ක්‍රිස්ටිනා වැන් ඩර් වාල්ගේ දෙමව්පියන් ඇය කුඩාකාලයේ මියගොස් තිබෙන බව ඇය රියැදුරු බලපත්‍ර අයදුම් හා ගමන් බලපත්‍ර අයදුම්පත් වල සටහන්කොට තිබෙනවා. ඇය ලබාදී ඇති තොරතුරු අනුව ඇය හැදීවැඩී තිබෙන්නේ නෙදර්ලන්තය හෙවත් ඕලන්දයේ පිටිසර පලාතක් වන ඩ්‍රයබෝර්ග් ප්‍රදේශයේ ළමා නිවාසයකයි. එම ළමා නිවාසයද දැන් වසා දමා තිබෙන අතර එහි සේවය කල අය ගැන තොරතුරු සොයාගන්නට නොහැකිවෙලා. ඇය මුල් යව්වන කාලය ගතකලේ කොහේද යන්න ගැන කිසිම තොරතුරක් නෙදර්ලන්ත රජයේ ලිපිගොණුවල සටහන්වී නැති බවයි පණිවුඩයේ කියවුනේ. ගමන් බලපත්‍ර හා රියැදුරු බලපත්‍ර අයදුම් පත්වල ක්‍රිස්ටීනා වැන් ඩර් වාල් සිය රැකියාව ගුවන්යානා ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවරියක් ලෙසත් ඇය මාස්ට්‍රිච් විශ්වවිද්‍යාලයෙන් එවියොනික්ස් ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් ලබාගත් බව සඳහන් කොට තිබුණත් මාස්ට්‍රිච් විශ්වවිද්‍යාලය එවියොනික්ස් ඉන්ජිනේරු උපාධි පිරි නොනමන බව එම විශ්වවිද්‍යාලය දන්වා එවා තිබෙනවා.

“කවුද දෙයියනේ මේ ක්‍රිස්ටීනා වැන් ඩර් වාල් කියන්නේ? මුලු ජීවිත කතාවම බොරුවක්නෙ...."අකිල් වික්ෂිප්තවුනා.

"මේ විධියට බැලුවාම මේ ගෑණි බොරු නමක් අරගෙන, ලංකාවේ ඉපදුන කෙල්ලෙක් වගේ පෙනී ඉන්න ජාත්‍යන්තර කුළී ඝාතකයෙක් වෙන්න ඕනෑ…බොරු තොරතුරු දීලා නෙදර්ලන්ත ඩ්‍රයිවින් ලයිසන් පාස්පෝට් ගන්න ඇති......ඒ වගේම තව තව රටවල්වලින් පාස්පෝට්, ඩ්‍රයිවින් ලයිසන්, අයිඩෙන්ටි කාඩ් අරගෙන ඇති......මේ වෙනකොටත් බෝට්ටුවක නැගලා ඉන්දියාවට ගිහිල්ලද දන්නේ නෑ.....එහෙදි ඉන්දියන් කෙල්ලෙක් වගේ පෙනී ඉන්න පුලුවන්නෙ....ඇයි මේ දෙන්නම මැරුවේ? මොකක්ද කොන්ත්‍රාත්තුව දෙන්න හේතුව? 

ලෝකෙ දෙපැත්තක තියෙන රටවල් දෙකක ඉන්න කලින් එකට වැඩ කරපු මිනිස්සු දෙන්නෙක් එකම විධියට මරලා දාන්න හේතුව ඒ දෙන්නාම සම්බන්ධ මොකක් හරි රහසක් තියෙන්න ඕනෑ නේ....පොපොවික්ගෙයි කොමැටොෆ්ගෙයි මෑතකදී ඇතිවුනු සම්බන්ධයක් හරි ගනුදෙනුවක් හරි තියෙන්න ඔනෑ..... කොහොම හරි රෑවෙලා පොපොවික්ගේ ගෙදරට රිංගලා බලන්න ඕනෑ....කොම්පියුටර් පොලීසියෙන් ගෙනිච්චද දන්නේ නෑ....නැතිනම් හාඩ් ඩිස්ක් එක ගලවගෙන කොපියක් ඇනලිස්ට් ඩිපාර්ට්මන්ට් එකට යැවුවම එයාලා හොයාගනියි....ඒත් එක්කම ලිපිගොණු ටිකක් අවුස්සලා බලන්න ඕනෑ...මොනවා හරි ගණුදෙනු වල, ඊමේල්වල ප්‍රින්ට් අවුට් තියෙනවද කියලා......"

අවදානමක් ගෙන කෙසේ හෝ පොප්වික්ගේ නිවසට රිංගා ගැනීමට අකිල් සැලසුම් කලා. ඒ සඳහා පාන්දර එක-දෙක වනතෙක් සැකයක් ඇතිනොවන පරිදි කල් බැලිය යුතු නිසා කලින් සැලසුම් කරගත් පරිදිම හැඩන් හිල් පාරේ ලේක් විව් පබ් එක වෙත යායුතු වුනා.


සවස 7.30, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා (SIS) කාර්යාල සංකීර්ණය, ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ 01

ඇලෙක්සැන්ඩර් පොපොවික්ගේ නිවස පරීක්ෂාකල පසු, මෝචරියටත්, ඉන් පසු පොලීසියටත් ගොස් රීටා ප්‍රනාන්දුගෙන් ප්‍රශ්ණකලා. හැඬූ කඳුලෙන් සිටි ඇය ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් දැඩි ලෙස කම්පාවී සිටින බව පෙනුනා.

සිදුකල ප්‍රශ්ණවල රෙකෝඩිං එක SIS එකට ඊමේල් කල අතර රහස්‍ය වාර්තා සකසන යතුරු ලියන්නිය ඒ ප්‍රශ්ණ කිරීම්වල ට්‍රාන්ස්ක්‍රිප්ට් එක විමුක්තිගේ කාර්යාලයට එවා තිබුණා. එය අතට ගත් ඔහු එය කියවන්න වුනා.

"එයා මට හොඳට සැලකුවා, ආදරය කලා, ආසා හැමදේම දුන්නා, එයා මට බිරිඳ වගේ සලකන්න ගත්තට පස්සේ මම පඩි එපා කිව්වා. ඒත් මම අකමැති වුනත් හැම මාසෙම පඩිය වරද්දෙන්නේ නැතුව මගේ බැංකුවට යැව්වා. එච්චර හොඳ මනුස්සයට කව්ද මේ අපරාදෙ කලේ?"ඇය හඬා වැලපුනා

"එයාව හම්බුවෙන්න එන අය කව්ද?"

"මල් වත්තෙ මැනේජර් එනවා එක එක දේවල් කතා කරගන්න. එයා වයසක මනුස්සයෙක් කලින් CIC කොම්පැණියේ මල් වත්තේ වැඩ කරලා පැන්ෂන් ගිය කෙනෙක්.. ගෙදර වත්තෙ මල් හිටවන්න, තණකොල කපන්න මල් වත්තේ මිනිස්සු එනවා. ඒ මිනිස්සු එන්නේ මහත්තයා ගෙදර ඉන්න දවස්වලට විතරයි, මැනේජර්ම එක්කගෙන ඇවිල්ලා වැඩ ටික කරවලා ආපහු එයාලව ගෙනියනවා......වෙන කවුරුවත් එන්නේ නෑ...එයා කවුරුවත් ආශ්‍රය කරන්නේ නෑ...මාත් එක්ක විතරයි... එක්කෝ වත්තට ගිහින් වැඩ කරනවා, නැතිනම් ගෙදර තියෙන ටිෂූ කල්චර් ලැබ් එකේ වැඩ කරනවා.....නැතිනම් පොත් කියවනවා....මල් වත්තේ නැතිනම් එයා හිටියේ ගෙදර....සතියකට දවස් හතරක් ග්‍රෙගරි වැව වටේ ඇවිදින්න හරි වික්ටෝරියා පාක් එකේ ඇවිදින්න හරි යනවා, එතකොට මාවත් එක්කගෙන යනවා...තනියම යන්න ආස නෑ….එතකොට පැය දෙකක් විතර හොඳට දාඩිය දාන්න ඇවිදිනවා...ගෙදරට බඩු ගේන්න සතියකට සැරයක් මාත් එක්ක කාගිල්ස් එකට යනවා…ඉඳල හිටලා බැංකුවට ගියෙත් මාත් එක්ක...එයා නිතරම බැංකු යන්න ආස නැති නිසා බැංකු මැනේජර්ට කතාකරලා බැංකුවේ කෙනෙක්ව ගෙන්වා ගන්නවා.......එයා රෑට තනියම ඉන්නේ මාසෙට එක දවසයි, ඒ මම කෝවිලට යන දවස..."

"ඔයා ආශ්‍රය කරන අය ඉන්නවද?"

"එහෙම අය නෑ, මම තනියම ගෙදරින් එලියට යන්නේ නෑ.....කිරි ගේන කිරි කාරයා, පත්තර කාරයා, තැපැල් පියුම් ඇරෙන්න වෙන කවුරුවත් මම අඳුනන්නේ නෑ...මම නුවරඑලි ආවේ එයත් එක්ක. මේ ගේ රෙපයාර් කරනකම් අපි මාස තුනක් හක්ගල ගෙදරක් කුලියට අරගෙන හිටියේ, ඒ කාලේ ඒ ගෙදර අයිති නෝනයි මහත්තයයි එක්ක ටිකක් කතා බහ කලා, එච්චරයි...මම මෙහෙ කවුරුවත් අඳුරන්නේ නෑ....මම කාටවත් කෝල් කරන්නේත් නෑ...එහෙම යාලුවෝ කියලා අය මට නෑ...මම අවුරුදු පහලොවක් රට හිටියේ.."ඇය තෙත්වූ දෑසින් කියාගෙන ගියා.

“ඇලෙක්සැන්ඩර් කරදරෙන් ඉන්න බවක් පෙනෙන්න තිබුණද?"

"ම්ම්ම්...එහෙම වෙනසක් පෙනුනේ නෑ....එයා මාත් එක්ක මල් වත්තේ වැඩ ගැන නම් කතා කරනවා, හැබැයි ගැටලුවක් තිබුනේ නෑ, වත්තෙ මිනිස්සුත් එයාට ආදරෙයි, අවුරුද්දට දෙපාරක් සිංහල අවුරුද්දටයි, දීපවාලි වලටයි බෝනස් දෙනවා. මරණයක්, කොටහලු මගුලක්, වෙඩින් එකක් කිව්වොත්, කීයක් විතර දෙන්නද කියලා මගෙන් අහලා මම කියන ගානට වැඩියෙන් දෙනවා....ඒ නිසා මිනිස්සු හරිම කැමතියි එයාට..."

."ගෙදරට කවුරුවත්ම අමුත්තෙක්, ටික වෙලාවකට හරි ආවේ නෑ කියලා හොඳටම විශ්වාසද?"

"ම්ම්ම්ම්.....නෑ....ඇයි සර් එහෙම අහන්නේ? කාවහරි සැකද...?"

"ඇලෙක්සැන්ඩර්ව මරපු කෙනා මේ ගේ ගැන හොඳට දන්න කෙනෙක්, වටේ සිකියුරිටි කැමරාවලට අහුවෙලා නෑ, දොර ජනෙල් කඩලා නෑ...ඒ කියන්නේ හොඳට දැනගෙනනෙ ඇවිල්ලා තියෙන්නේ..."විමුක්ති ඇය දෙස නොරුස්නා බැල්මක් හෙලමින් තදින් ඇසුවා. ඒත් ඇය කලබලවුනු බවක් පෙනුනේ නෑ. ඇය කල්පනා කරන්න ගත්තා.

"එයා මැරෙන්න දවස් දෙකකට කලින් පිටරටින් ආපු කෙල්ලෙක් නම් ආවා ගෑනු කෙනෙක්ව අහගෙන..."

"සුද්දියෙක්ද?"

"නෑ සිංහල කෙල්ලෙක්, හැබැයි පොඩිකාලේම රට ගිය කෙල්ලෙක්....එයාගෙ අම්මා හොයනවා කිව්වා....මගේ වයස අහලා එයාගෙ අම්මත් මගේ වයසමයි කිව්වා....මාත් එක්ක ටිකක් කතා කරලා...වත්තෙ මල් බලන්න ආසයි කියලා තැන් තැන්වල තියෙන මල් ගස් ලඟ ඉඳලා සෙල්ෆි ගොඩක් ගත්තා...මාත් එක්කත් ෆොටෝ ගත්තා...."

"ඇයි මේ ගැන කලින් කිව්වේ නැත්තේ?"

"මම එච්චර ඒ ගැන හිතුවේ නෑ...ඇලෙක්සැන්ඩර් එතකොට වත්තට ගිහිල්ලා.....ගෑනු ළමයෙක්නේ..."

"හැඩ හුරුව විස්තර කරන්න පුලුවන්ද?"

"පුලුවන්…….මහතත් නෑ, කෙට්ටුත් නෑ, හොඳට හයි-හත්තිය ඇති ගෑණු ලමයෙක් වගේ පෙනුනේ.....තලෙලුයි....ලස්සනයි....දඟකාර, කටකාර, කිසිම දෙයක බරක් පතලක් ගන්නෙ නෑ වගේ පෙනුන කෙල්ලෙක්....අවුරුදු විසිපහක් විතර ඇති....කොන්ඩෙ උරහිස ගානට, තැනින් තැන තඹපාට වෙන්න බ්ලීච් කරලා වගේ පෙනුනේ...හොඳට සිංහල කතා කලා, හැබයි.. සුද්දියක් කතාකරනවා වගේ, නුහුරට කතාකලේ...."

“වෙන මොනවද මතක?"

“ම්ම්ම්..තව ඇස් දෙක....එයා සන්ග්ලාස් දාගෙනමයි හිටියේ ඒත් ඇහැකට මොකක් හරි ගිහිල්ලා එයා කණ්නාඩි ගැලෙව්වා, එතකොටයි දැක්කේ......එයාගෙ ඇස්දෙක ලොකුයි, කලු ඉන්ගිරියාව ලා දුඹුරුපාටයි...මට ඒ ඇස්දෙක හොඳට මතකයි....මම හිතන්නේ පාට කන්ටැක්ට් ලෙන්ස් දාලා හිටියේ...."

“හරි මම කොළඹින් මහත්තයක් එවනවා, එයා ආටිස්ට් එකෙනෙක්, එයාට ඔය ගෑණු ළමයා ගැන විස්තර කියන්න....එයා ඒ ගෑණු ළමයගෙ රූපයක් අඳින්න උත්සහ කරයි...එයාට උදව් කරන්න...ඔය ගෑණු ළමයා කවුද කියලා අපිට දැන ගන්න ඕනෑ...."



"හානේ....කැප්ටන් විමුක්ති තාම ගියේ නැද්ද??"

එක්වරම ඇසුනු කටහඬින් විමුක්ති කල්පණා ලොවින් මිදුනා.

"ආ...මල්කාන්ති, මොකද මෙච්චර පරක්කුවෙලා? මීටිමක්වත්ද?" 

කපිතාන් විමුක්තිගේ ප්‍රධානියාවූ, යුධ සමයේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය භාරව සිටි ඒ.එස්.පී බන්දුල ධර්මසේනගේ පෞද්ගලික ලේකම්වරිය වූ මල්කාන්ති වර්ණසේන මෙතරම් රෑ බෝවී ඔහු ඉදිරියේ පෙනී සිටීම විමුක්තිගේ පුදුමයට හේතුවුනා.

"අද හස්බන්ඩ් පරක්කු වෙනවා කිව්වා...ඒ නිසා අතපහු වෙලා තිබුණ වැඩ ටිකක් ඉවර කරලා දැම්මා....මම මේක ගෙනාවේ කැප්ටන්ගේ ඩොකියුමන්ට් බොක්ස් එකට දාන්න....."

"මොකක්ද ඔය.......?”

“මේක කටුණායකින් එවපු රිපෝට් එකක්, සැක කටයුතු person of interest  කෙනෙක් සිස්ටම් එකෙන් ඩිටෙක්ට් කරලා......එහෙ ඩියුටි හිටපු ඉමිග්‍රේෂන් ඔෆිසර් එවලා තියෙන්නේ....මේ සීල් කරපු පැකට් එක ධර්මසේන සර්ට එවලා තියෙන්නේ....සර් නිවාඩුනෙ මේ දවස්වල... ඉතින් මම කැප්ටන්ගේ බොක්ස් එකට දාන්නයි ගෙනාවෙ. ඉක්මණට ඇක්ෂන් එකක් ගන්න ඕනෙ වැදගත් දෙයක්ද දන්නෙ නෑනෙ...."

“තැන්ක් යූ මල්කාන්ති....තවත් රෑවෙනකන් ඉන්නවද?"

"නෑ දැන් යනවා, හස්බන්ඩ් කාර්පාක් එකේ ඉඳන් කෝල් කරා....ගුඩ් නයිට්..."

"ගුට් නයිට් මිස්..."කියමින් විමුක්ති කඩිමුඩියේම පැකට්ටුව විවර කලා. එහි ඇති වාර්තා අතරින් එම පුද්ගලයාගේ ඡායාරූප සෙවූ ඔහුට ඒවා හමුවුනා...."

“සිස්ටම් එකට ඇතුලුකර තිබූ ඡායාරූපය, ඇයගේ පාස්පෝට් එකේ ඡායරූපය වගේම ගුවන්තොටුපොලේ විවිධ ආරක්ෂක කැමරාවලට හසුවූ ඇගේ චායාරූප දහයක් ඒ පැකට්ටුවේ තිබුනා.

"දෙයියනේ....රීටා විස්තර කරපු කෙල්ලනෙ මේ ඉන්නේ....වයස විසි අටයි....තලෙලුයි, ලස්සනයි, හෙඩ්ෆෝන් දෙකකුත් බෙල්ලේ....එයාපෝට් සිකියුරිටි කැමරාවල ඒවා....” 

රීටා කිව්වා වගේම විනෝදකාමී happy-go-lucky පෙනුමක් ඇයට තිබුණා. පැකට්ටුවේ තිබූ සී.ඩී තැටියක ගුවන්තොටුපොලේ විවිධ තැන්වල ඇති ආරක්ෂක කැමරාවලින් ගත් ඇයගේ වීඩියෝ ක්ලිප් ගණනාවක් තිබූ අතර එක් ක්ලිපයක ඇය ආගමන-විගමන පෝලිමේ සිටින ආකාරය පෙන්වුවා. හෙඩ්ෆෝනය කනේ රුවාගෙන සංගීත නාදයට හිස සෙමෙන් වනමින් බොහෝ සැහැල්ලුවෙන් ඉන්න බවයි පෙනුනේ.

“මිනියක් මරලා තව රටකට පැනගන්න ඉමිග්‍රේෂන් පෝලිමේ කෙනෙකුට මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්ද?...නැතිනම් මවාගත්ත රඟපෑමක්ද?...ඒත් මේ වගේ එකියකට පුලුවන්ද හොඳ උස මහත, හයයි-හතරේ මිනිස්සු දෙන්නෙක් එල්ලලා මරන්න...? පොපොවික්ගේ බර කිලෝ 90ක් කියලා මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණා..."

“ඒත් මේ ඉන්නේ පොපොවික් මරාදාන්න දවස් දෙකකට ඉස්සෙල්ලා ඒ ගෙදරට ඇවිල්ලා වත්ත ඇතුලේ සෙල්ෆි ගත්ත කෙල්ලනෙ..... වහාම ක්‍රියාත්මකවූ නුවර එලියේදී ඔහුට අපරාධ ස්ථානයේ විස්තර පෙන්වූ සාජන්ට් බක්මීවැව ඇමතුවා.

"සාජන්, මේ කැප්ටන් විමුක්ති...."

"ඔව් සර් කියන්න...."

"දැන් ඩියුටිද, නැතිනම් ඩියුටි ඔෆ්ද..?"

"ඔෆ් වෙලා යන්න හදන්නේ සර්....කමක් නෑ කියන්න...මොනවද කෙරෙන්න ඕනෙ.....?"

"පොපොවික්ගේ සේවිකාව, රීටා තාම පොලිස් රිමාන්ඩ් එකේද?"

"ඔව්, හෙට ආයි උසාවි දාලා බේල් කරන්නයි ඉන්නේ....ඒ මනුස්සයා ගැන පොලීසියට නම් ලොකු සැකයක් නෑ...ඇයි සර්ලට සැකද?....එහෙනම් බේල් වලට නොදා ඉන්න පුලුවන්..."

"නෑ නෑ සාජන්, මම හිතන්නෙත් ඒ මනුස්සයා අහිංසකයි කියලා, සාජන්ගේ ෆෝන් එකේ වට්ස් ඇප් තියන්වද...?"

"ඔව් සර් තියෙනවා...."

"මම දැන් ෆොටෝ දෙක තුනක් එවනවා....ඒ ෆොටෝ රීටට පෙන්නන්න....ඊට පස්සෙ ෆෝන් එක දෙන්න මට කතාකරන්න...."

"හරි සර්, සුලු දෙයක්....සර් එවන්න, මම WPC කෙනෙක් එක්ක යන්නම්....රිමාන්ඩ් එකේ ඉන්න ගෑණු කෙනෙකුට කතාකරනකොට කාන්තා කොස්තාපල් වරියක් ඉන්නම ඕනෑ....විස්තර ලියලා අත්සන් කරන්නත් තියෙනවා......”

~ / ~


"සර්....මේ බක්මීවැව....රීටා මෙතන ඉන්නවා,  ෆොටෝ පෙන්නුවා, ෆෝන් එක දෙන්නද?"

"දෙන්න දෙන්න...."

"රීටා?"

"ඔව් සර්....?"

"දැන් සාජන් මහත්තයා පෙන්නපු ෆොටෝ වල ඉන්න් ගෑණු කෙනාව කලින් දැකලා තියෙනවද?"

"ඔව් සර්....එයා තමයි මහත්තයා මැරෙන්න දවස් දෙකකට කලින් මාව කතාවට අල්ලගත්තේ..!"

"හොඳටම විශ්වාසද?"

"ඔව් සර් හොඳටම විශ්වාසයි....එයාම තමයි...."

"රීටා කියන්නේ කිසිම සැකයක් නෑ...මේ ඉන්නේ, එදා රීටයි පොපොවික් මහත්තයයි ඉන්න බංගලාවට ඇවිල්ලා කතාකර කර හිටපු ගෑණු කෙනාමයි කියලා...මම හරිද?"

"ඔව් සර්...කිසිම සැකයක් නෑ...එයාම තමයි...."

“"හරි...රීටා, සාජන් මහත්තයා කිව්වා හෙට ඔයාට ඇප ලැබෙනවා කියලා.......හැබයි ඔයාගෙ ආරක්ෂාව ගැන අපිට සැකයි....ඒ නිසා මම හෙට ඉඳලා ඔයාට නවතින්න තැනක් ලෑස්ති කරනවා........මේ පරීක්ෂණ ඉවරවෙලා මිනීමරුවා අල්ලගන්නකන් එතන ඉන්න ඕනෙ...හරිද?"

"හරි සර්...."

"ෆෝන් එක දෙන්නකො සාජන්ට..."

"සර්?"

"බක්මීවැව...මම රීටාට නවතින්න දියතලාවේ ආමි කෑම්ප් එකේ මෙස් එකේ තැනක් ලෑස්ති කරනවා.....හෙට මම මහත්තයෙක් එවන්නම් එයාව එක්කන් යන්න...එයා එන්නේ ආමි යුනිෆෝම් එකෙන්...තව ලේඩි ඔෆිසර් කෙනෙකුත් එයා එක්ක එයි ගෑණු කෙනෙක් නිසා....මෙයාව බේල් කරලා ඒ මහත්තයට බාර දෙන්න....මම හෙට උදේම ස්ථානාධිපතිතුමාට කතා කරලා විස්තර දෙන්නම්......හරිනෙ?"

"හරි සර්...එහෙනම් ගුඩ් නයිට් සර්..."


අළුයම 1.45, හැඩන් හිල් පාර, නුවර එළිය

ලේක් විව් පබ් එක වසන්නට ඔන්න මෙන්න තිබියදී ඉන් පිටතට පැමිණි අකිල්, අනෙක් අය පිටව යන තෙක් කල් මරන්නට සාක්කුවේ තිබූ සිගරට් පැකට්ටුව අතට ගෙන සිගරට්ටුවක් දල්වා ගත්තා. සාමාන්‍යයෙන් දුම් නොබොන අකිල්, සිගරට්ටු පානය කලේ ක්ෂේස්ත්‍ර මෙහෙයුම් වලදී පමණයි. සිගරට්ටුවක් දල්වා ගත් විට, එය රසවිඳින ආකාරයට සැකයක් නොමැතිව අවට නිරීක්ෂණය කරමින් කල් මැරීම පහසුවනවා.

දුම් වළලු පිටකරමි සෙමින් ගමන ඇරඹූ අකිල් සට සට ගා වැටෙන පිනි කැටවලින් බේරීමට බේල් බසාර් එකෙන් ගත් වැහි කබාය ඇඟලා ගත්තා. රහමෙර පානයෙන් පදම්වී, මත අඩු වෙන්නට පයින්ම යන්නෙකුගේ ඉරියව් ගනිමින් සෙමින් සෙමින් ගමන් කල අකිල් පොපොවික්ගේ නිවස අසලට එනවිට සිගරට්ටුව අවසන්වී තිබුණා. නිවස පෙනෙන මානයේ නැවතුනු ඔහු තවත් එකක් දල්වා ගත්තේ නිවස අසල පොලිස් රැකවලුන් සිටින්නේදැයි නිරික්ෂණය කිරීමටයි. දැඩි ශීතලත් පින්නත් නිසා පොලිස් රැකවලුන් දෙදෙනාම හිසේ සිට පොරවාගෙන පෝටිකෝව අසල බැරලයක් තුල දැල්වූ ගිණි ගොඩ අසල වකුටුවී සිටිනු ඔහුට පෙනුනා. 

පින්න කෙමෙන් කෙමෙන් වේගවත් වෙමින් පොද වැස්සක් බවට පත්වෙද්දී අකිල්, පොපොවික් බංගලාවේ ඉඩමේ දකුණු මායිමේ ඇති අතහැර දැමූ ඉඩමක් දෙස නෙත් යොමාගෙන සිටියා. එම ඉඩමට ඇතුලුවී තාප්පයෙන් පැන බංගලාවට ඇතුලුවීමට ඔහු ඒ වෙනවිටත් තීර්ණය කොට තිබුණා.

වැස්ස තවත් වේගවත් වෙද්දී හෙමින්ම මානා පඳුරු වලින් වැසුනු ඉඩමට රිංගාගත් අකිල්ට තාප්පය පැන බංගලා ඉඩමට ඇතුලුවීමට ගතවුනේ මිනිත්තු පහකටත් අඩුවෙන්. නිවස පිටුපසට ගිය ඔහු හඬ නොනැගෙන ලෙස ප්‍රවේසමෙන් වසන්නට අමතකවූ ජනේලයක් හෝ දොරක් සොයන්නට වුනා. කුස්සිය අසල ජනේලයක් බුරුල් බව පෙනුනු නිසා එය සෙලවූ ඔහුට එහි අගුල දමා නැති බව පෙනුනා. විනාඩි කිහිපයකින් ඔහු පොපොවික් බංගලාවේ පහත මාලයේ කාමර නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා. ඒ වන විට වැස්ස හදිසියේම නතරව තිබූ නිසා පලාතම නිහඬවී තිබුණා. 

පහත මාලයේ කාමර නිරීක්ෂණය කල ඔහුට, පොපොවික්ගේ කාර්යාල කාමරය තිබිය යුත්තේ උඩ තට්ටුවේ බව වැටහුනා. සීරුවෙන් පඩිපෙල නැගි ඔහු පොපොවික්ගේ නිදන කාමරයට ඇතුලුවුනා. විශාල සයනයක්, කණ්නාඩි මේසයක්, ඇඳුම් අල්මාරි දෙකක් එහි තිබූ අතර වෙනත් යමක් තිබුණේ නෑ. ඉන් පිටවූ ඔහු අසල තිබූ අනෙක් කාමරයට ඇතුලු වෙන්නට යන විටම කාමරයේ බිත්තියක් හද්සියේම නිල් පැහැ එලියකින් ආලෝකමත් වනු පෙනී ගල්ගැසුනා. 

මොහොතකින් බිත්තියෙන් පරාවර්තනය වූ එලිය නැතිවී ගිය අතර එය ඒ මේ අත දුවන බව ඔහුට පෙනුනා. නිසොල්මන්ව ගල්ගැසී සිටි ඔහුට කාමරය තුල යමෙක් සිටින බවත් නිල් පැහැයට හුරු එලිය ඒ පුද්ගලයාගේ අත ඇති ජංගම දුරකථනයේ තිරයෙන් විහිදෙන්නක් බවත් ඔහුට වැටහුනා. ඒ අතර කාමරයේ පොත් පත්, ලිපිගොණු අවුස්සන හඬක්ද ඇසුනා. දුරකථන තිරයේ දුබල එලියෙන් යමෙක් කාමරය තුල කිසිවක් සොයමින් සිටින බව ඔහුට වැටහුනා.

"කවුද මේ රෑ කාමරේ අස්සට රිංග ගත්තේ? හොරෙක්වත්ද?" 

සිතමින් සෙමින් පහත්වූ අකිල් සිය දකුණු කකුලේ  කලවයට බැඳ කලිසම් කකුලට වැසෙන්නට සකස් කොට තිබූ කොපුවෙන් කොමාන්ඩෝ පිහිය සීරුවෙන් එලියට ගත්තා. මිටය තුල තිබූ කුඩා රසායණික ටැංකියකින් සමන්විත වූ එම සටන් පිහියේ මිටෙහි කෙලවර ඇති සේෆ්ටි පින් එක ඇද ගැලවූ විට පිහිතලය කුඩා ටැංකියෙන් වෑස්සෙන රසායණිකයෙන් තෙත් වන අතර එම රසායණිකයෙන් තෙත්වූ පිහිතලයෙන් කැපුණුවිට තුවාලයේ ලේ කැටිගැසීම සිදුනොවන අතර නොකඩවා ලේ ගලා යන අතරම තුවාලය අවට ලේ විෂවී දරුණු වේදනාවක් ගෙන දෙනවා. ගෝණුසු විෂට සමාන නියුරෝ-ටොක්සින් රසායණිකයක් එහි අඩංගුවන අතර සුළු කැපුම් තුවාලයක් ලැබූ අයෙකු වුවද මදවේලාවකින් ක්ලාන්ත කිරීමට තරම් එම විෂ රසායණිකය ප්‍රභල වුනා. පිහිය රඳවන කොපුවේ තවත් පැසක කුඩා සිරිංජයක් වූ අතර එහි ප්‍රතිවිෂ ඖෂධයක් අඩංගුවනා. වැරදීමකින් තුවාලවුව හොත් පිහියෙන් වෑස්සෙන විෂ නසාලීමට එය භාවිතා කලා.

බිමටම පහත්වී තාරා ගමනින් දොරට ලංවූ ඔහු එබී බැලුවා. ඈතින් පෙනුනු විශාල ලියන මේසයේ පුටුවේ අඩවලට හිඳගෙන සිටි යමෙක් ලිපි ගොනු පෙරලමින් ඒවායේ ඡායාරූප ගන්නා අයුරු පෙනුනා. හිසේ සිට පාදාන්තය දක්වාම වැසෙන කාළවර්ණ ජම්ප්-සූට් වැනි ඇඳුමක් ඇඳ සිටියේ කාන්තාවක් බව ඔහුට ඒත්තුගියේ දුරකථන තිරයේ ආලෝකයෙන් මුහුණ ආලෝකමත් වූ මොහොතකයි.

"දෙයියනේ! මේ අර ක්‍රිස්ටීන් වැන් ඩර් වාල් කියන ගෑණි නේද?"ඈන් ඒවා තිබූ ඡායාරූප නිසා අඳුරේ වුවද ක්‍රිස්ටීන්ගේ මුහුණ හඳුනා ගැනීම අපහසු වුනේ නෑ.

"ගෑණි මොනවද මේ හොයන්නේ? ඒත් ඇයි අද? මරපු දවසෙ කිසි කරදරයක් නැතුව ඔය වැඩේ කරගන්න තිබුනේ නැද්ද? එකත් එකටම පස්සේ ලැබුණු හෝඩුවාවක් නිසා වෙන්න ඇති...."

ලෝකයේ කොහේ හෝ සිටින ක්‍රිස්ටීන්ගේ මෙහෙයවන්නන් ඇයට යම් හෝඩුවාවක් ලබාදී යලිත් මෙහි එවා ඇති බව අකිල්ට වැටහුනා. මේ මරණ දෙකම එකකට එකක් සම්බන්ධ බවත්, මේ පිටුපස යම් අභිරහසක් තිබෙන බවත් දැන් පැහැදිලියි. සමහරවිට අන්ද්‍රේ කොමැටොෆ් මරා දමන්නට ඇත්තේ ඔවුන් සොයන තොරතුර ඔහු සතුව ඇතැයි සිතූ නිසා වෙන්නට පුලුවන්. එය ඔහු සතුව නැති බව තහවූරු වුනු නිසා සමීප මිතුරු පොපොවික්ව මරා දමා එය සොයන්නට ඇති. ආයෙත් එන්නට ඇත්තේ අතපසු වූ තැන් යලි පිරික්සා බලන්න හරි අලුතින් ආපු ගෝඩුවාවක් නිසා හරි වෙන්න ඔනෑ. අකිල් අනුමාන කලා.

“සමහරවිට කොමැටොෆ්, පොපොවික් දෙන්නම හවුල් වෙලා කරපු රහස් වැඩක්ද දන්නෙත් නෑ. නැතිනම් දෙන්නම දන්න මොනවා හරි භයානක තොරතුරක් නිසා දෙන්නාවම නිහඬ කරාද දන්නේ නෑ….”

ක්‍රිස්ටීන් ලිපි ගොණුවක් පෙරලා ගෙන කියවමින් සිටි අතර  මහත් උනන්දුවෙන් ලිපිගොණුවේ යම් කඩදාසියක් කියවූ ඈ, එය ගලවාගෙන ඡායාරූප කිහිපයක් ගත්තා.

"පීප් පීප්......පීප් පීප්...."එක්වරම නිවසේ ගේට්ටුව දෙසින් වාහන නලා හඬක් ඇසුනා. දොරටුව ඉදිරියේ යම් වාහනයක් නැවැත්වූ බවත් එය පරණ ඩීසල් එන්ජිමක් ඇති එකක් බවත් අකිල්ට වැටහුනේ එහි එන්ජිමෙන් නිකුත්වූ ශබ්දය නිසල රාත්‍රියේ දැඩිව ඇසෙන්නට වූ නිසායි. කළබලවූ ක්‍රිස්ටීන් වහා නැගිට ජනෙල් තිරය මෑත් කොට බලා කඩිමුඩියේ කාමරයෙන් පිටවෙන්නට හැරුණා.  ඇය දොරටුවෙන් පිට වන්නට ඇසිල්ලකට පෙර කොරිඩෝවේ තිබූ පෙට්ටගමකට මුවාවෙන්නට අකිල්ට හැකිවූ අතර කාමරයෙන් එලියට පැමිණ ඉක්මණින් වටපිට බැලූ ඇයගේ දෑස් දුටු අකිල්ගේ ගත හිරිවැටුනා. ඇයගේ දෑස් අඳුරේ සිටින බැළලියකගේ මෙන් දිලිසුනු ආකාරය දුටු ඔහුගේ ඇඟේ හිරිගඩු පිපුනා. කොරිඩෝව දිගේ දිව ගිය ඇය පඩිපෙල දිගේ බැසගොස් තත්පර කිහිපයකින් අතුරු දහන්වුනා.

"මොකෙක්ද යකෝ මේ ගෑණි??? යකිණ්නක්ද???"ඔහු වික්ෂිප්ත වුනා. ISIS ත්‍රස්තයින් ගහණ යේමනයේ කඳුකර පලාත්වල කුඩා කොමාන්ඩෝ කණ්ඩායම් සමග රහස් කළු මෙහෙයුම්වල යෙදෙමින්, islamic state සැපයුම් ජාල වනසමින්, ඔවුන්ගේ කඳවුරුවලට, අවි ගබඩා වලට, රථ කණ්ඩායම් වලට පහරදෙමින් මුහුණට මුහුණ සටන් කොට අත්දැකීම් තිබූ අකිල් කිසි දිනක මෙතරම් කම්පණයට පත්වී නෑ. දහදියෙන් තෙමී තිබූ නළල පිටි අල්ලෙන් පිස දැමූ ඔහු එලියේ සිදුවෙන දෙයට කන්දීගෙන සිටියා. කිහිප දෙනෙකු ගේට්ටුව ලඟ කතාබස් කරනු ඇසුනා. අසල තිබූ නිදන කාමරයට රිංගා ගත් ඔහු සෙමින් ජනෙල් තිරය මෑත් කොට බලද්දී ගේට්ටුව අසල නවත්වා තිබූ, ඝෝෂාකාරී එන්ජිමක් ඇති ඩීසල් ත්‍රීවීලරයක් පෙනුනා. මුරට සිටි රාළහාමිලා දෙන්නා ගේට්ටුව අසලට ගොස් සිටි අතර ත්‍රීවීලරයෙන් පැමිණි අයෙක් ඔවුන්ට තේවතුර බෝතලයක් හා පාර්සලයක් දෙන අයුරු ඔහුට පෙනුනා. ඔහුගෙන් සිගරට්ටු කිහිපයක්ද ලබාගත් රාලහාමිලාට ඒවා පත්තු කරගන්නට ගිණිපෙට්ටිය ලැබුනේත් ත්‍රීවීලර් ඩ්‍රැයිවර්ගෙන්.

"යන්තම් ඇති...."අකිල් සැනසුම් සුසුමක් හෙලුවා. ක්‍රිස්ටීන් අවුස්සමින් සිටි ලිපිගොණු ගැන සොයන්නට කාමරයට ගිය අකිල්, ඇය කළබලයට අමතකවී දමා ගොස් තිබූ ලිපිගොණුවෙන් ගලවාගත් කඩදාසිය දැක්කා. “ගෑණි ෆොටෝ දෙකතුනක්ම ගත්තේ වැදගත් දෙයක් නිසා වෙන්න ඇති. කලබලේට දාලා ගියේ හොඳ වෙලාවට...නැත්තම් මේකත් අරගෙනනෙ යන්නේ…” කඩදාසිය පරිස්සමින් නවා පසුම්බියේ ලා ගත් අකිල්, එය තිබූ ලිපි ගොණුවද වැහි කබාය අස්සට දාගත්තා.

කඩිමුඩියේ යලිත් කාමරය වෙත ගිය අකිල් ලිපිය ගෙන නොයිවසිල්ලෙන්  කියවන්නට වුනා.



Matale, Ceylon.
Dated 10th October, 1913


Sir Stewart Menzies 
Chief of the Secret Intelligence Service of His Majesty's Government
14, Queen Anne's Gate,
London.

Dear Sir Stewart,

I write to you in confidence to inform you of a matter that, I and my good friend Messrs Thomas Farr believe is of utmost importance to the British Empire and the government of his majesty, King George V. 

Both I and Mr. Farr are planters by profession and hunt game for sport. On 31th August, 1913, I, Mr. Farr and Mr. J J Robinson, a planter and mutual friend were on a elk hunt near Pidurutalagala mountain on the central hills (please see the attached maps and notes)
-
-
-
-
-
Yours faithfully,
Harry Storey,
Manager
Hullangomuwa Estate
Matale (West)



   මාතලේ, 
ලංකාව.
1913, ඔක්තෝම්බර් 10

මහාමාන්‍ය ස්ටුවර්ට් මෙන්සීස්,
මහ රජුගේ රාජාණ්ඩුවේ රහස් ඔත්තු සේවා ප්‍රධානී,
නො. 14, ක්වීන් ඈන් ගේට්,
ලන්ඩන් නුවර.

මහාමාන්‍ය ස්ටුවර්ට් මහතානෙනි,

ඉතාමත් රහසිගතව ඔබ වෙත ලියා දන්වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටත්, අපගේ පස්වැනි ජෝර්ජ් මහරජාණන්ගේ රාජාණ්ඩුවටත් ඉතාමත් වැදගත් කරුණක් පිලිබඳවයි. මේ  තොරතුර මහත්වූ වැදගත් එකක් බවට මා මෙන්ම, මාගේ හිතමිතුරු තෝමස් ෆා මහතාද උදක්ම විශ්වාස කරනවා.

මා හා මාගේ මිතුරු තෝමස් ෆා වෘත්තියෙන් වැවිලි කරුවන් වන අතර දඩයමේ යාම විනෝදාංශයක් කරගෙන සිටිනවා. පසුගිය අගෝස්තු 31 වැනිදා (1913) මා, තෝමස් ෆා හා අප දෙපලගේ කළණ මිතුරෙකු වූ ජේ ජේ තෝමස් මහතා සමග මධ්‍ය කඳුකරයේ පිදුරුතලාගල නම් ප්‍රදේශයේ ගෝණ දඩයමක නිරතවෙමින් සිටියා. (කරුණාකර මේ සමග අමුණා ඇති පිදුරුතලාගල සිතියම්, කටු රූපසටහන් හා පැහැදිලි කිරීමේ සටහන් බලන්න)

උදෑසන සිටම ගෝණ රංචුවක් හඹා ගිය අපට දහවල වනවිට ඔවුන් මග හැරීගිය අතර අප සමග සිටි දඩයම් බල්ලන් දෙදෙනාද ගෝණුන් පසුපස හඹායමින් ඝණ කැලෑවට වැදී අතුරුදහන් වුනා. හවස්වීගෙන එන බැවින් දඩයම අතහැර ආපසු යද්දී මග වැරදී අප තිදෙනා නුහුරු වන පෙදෙසකට පිවිසුනු අතර  ඈතින් ගල්ගුහාවක් දකින්නට ලැබුණා. අප සමග සිටි ජේ ජේ තෝමස් පුරාවිද්‍යා ගවේෂණ සඳහා බලපත්‍රයක් හිමි සිවිල් පුරාවිද්‍යා ගවේෂකයෙකුවූ අතර ඔහු ගල් ගුහාව ඉදිරිපිට තිබූ විශාල ගල්තලාවක කොටා තිබූ ඉපැරණි සළකුණු පරීක්ෂාකලා. ජේ ජේ විසින් එම සළකුණු මේ දිවයිනේ වසර දහස් ගණනකට පෙර ජීවත්වූ ආදි මානවයින් තබාගිය සටහන් බවට හඳුනා ගත්තා. එම සටහන් වලට අනුව, මේ ගල් ගුහාවතුල එම මානව ගෝත්‍රය මහත් ගෞරවනීය ලෙස සැළකූ යමෙකුගේ සොහොන් දෙනක් තිබෙන බව ඔහු පවසා සිටියා.

කලුවර වැටීමට පෙර මග සොයාගත යුතු නිසා ෆා මහතාටත් මටත් ආපසු යන්නට මහත් ඕනෑකමක් තිබුණත් ජේ.ජේ මහතාගේ දැඩි පෙරැත්තය මත ටික වේලාවක් ගල්ගුහාව ගවේෂණය කරමින් ගතකිරීමට අප එකඟවුනා. ගුහාවට ඇතුලුවූ අපට එය සුසානයක් ලෙස භාවිතාකල එකක් බව තහවුරු වුනා. සාමාන්‍යයෙන් ආදි ලංකා මානවයින් සිය මළගියවුන්ගේ සිරුරු දවා අලු බරණි තුල තැම්පත් කොට සොහොන් කොත් සකස් කිරීම චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන ගිය බව ජේ ජේ තෝමස් පවසා සිටි අතර එවැනි සොහොන් කොත් මේ රටේ විවිධ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා. එහෙත් මෙහිදී දකින්නට ලැබුණු සොහොන් කොත් වෙනස් ආකාරයක ඒවා නිසා ජේ ජේ ගේ බලකිරීම මත අප සියලු දෙනාම එකතුව එම සොහොන් කොත වසා උඩින් තබා තිබූ පැතලි ගල් පතුරු ඉවත් කොට පරීක්ෂා කලා.

එම සොහොන් ගැබට එබී බැලූ අපට නෙත් අදහාගන්නට නොහැකිවූ අතර අප තිදෙනාම දැඩි කම්පණයකට පත්වුනා. එම සොහොන් ගැබෙහි සිරුරු තුනක් තිබූ අතර, වසර දහස් ගණනක ඇවෑමෙන් බොහෝ සෙයින් විජලනය වී වියලී ගොස් තිබුණත් ඒවා තවමත් නොදිරා තිබුණා. හැඩරුවෙන් මානවරූපී වුනත් ඒවා මිනිස් සිරුරු නොවන බව අපට සක්සුදක්සේ පැහැදිලි වුනා. රිදී පැහැති අපූරු ඇඟලුම් හැඳසිටි ඔවුන් උසින් අඩි 5ක් පමණ වූ අතර විශාල ඇස් තිබුණා. ඇස් වසා සිප්පි කටු තබා තිබූ අතර ඒවා ඉවත්කල විට, ඔවුන්ගේ ඇස් මිනිස් ඇසක් මෙන් තුන්ගුණයක් පමණ විශාල බව පෙනී ගියා. ලා අළු පැහැති ගොරහැඩි සම පවා විනාශවී ගොස් නොතිබුණු අතර එසේ විය හැක්කේ කෙසේදැයි සිතාගැනීමට පවා නොහැකිවුනා.

ඔවුන් හැඳ සිටි ඇඟලුම රිදී පැහැති, ඉතා සැහැල්ලු ද්‍රව්‍යයකින් නිමවා තිබූ අතර ඒවා අප අඳින ඇඳුම් මෙන් නූල්වලින් ගොතන ලද ඒවා නොවන බව පැහැදිලි වුනා. මුලු ඇඳුමම එකම අච්චුවකින් තනන ලද එකක් බව පෙනුනු අතර කිසිම වාටියක් හෝ මූට්ටුවක් දකින්නට තිබුනේ නෑ. එමෙන්ම එම ඇඟලුම්ද දිරාගොස් තිබුණේ නෑ. දේහයන් විජලනය වී හැකිලීයාම නිසා ඇඳුම් ලිහිල් බව පෙනුනත්, එම ඇඳුම සිරුරට තදවී සිටින ලෙස සකස්කොට තිබූ බවද අපට වැටහුනා. එවැනි ඇඳුම් අඩි 19,000ක් පමණ ඉහල අහසේ පියාසර කරමින් ඔත්තුබලන රාජකීය පියාසර බළකායේ (Royal Flying Corps) නිරීක්ෂණ ගුවන් නියමුවන් පලඳින බව තෝමස් ෆා කියා සිටියා. ෆා මහතාගේ බාල සොයුරා රාජකීය පියාසර බලකායේ ඉන්ජිනේරුවෙකු ලෙස සේවය කරනවා.

ඔවුන්ගේ අතක ඇඟිලි 4ක් තිබූ අතර තුනක් ඉදිරියටත් අනෙක මහපට ඇඟිල්ල මෙන් අනෙක් අතටත් පිහිටා තිබුණා. පාද මිනිස් පාද වලට වඩා සපුරා වෙනස්වූ අතර කුරුල්ලෙකුගේ පාදවලට වඩාත් සමාන වුනා. ඔවුන් ඇවිදින විට පාදවල ඇඟිලි තුනක් ඉදිරියටත්, අනෙක පසුපසටත් පිහිටන බව අපට තේරුම් ගියා. එමෙන්ම ඔවුන්ගේ දණහිසද මිනිසුන්ගේ මෙන් පසුපසට නොව සිවුපා සතුන්ගේ පසුපස ගාත්‍රා මෙන් ඉදිරියට නැවිය හැකි ලෙස පිහිටා තිබුණා.

දේහ අසල ඔවුන්ගේ උපකරණ යයි සැලකිය හැකි යම් යම් දැ තිබූ අතර ඒවා කුමක් සඳහා භාවිතාකරාදැයි සිතා ගත නොහැකි වුනා. එක් දේහයක සුරත අසල තිබූ බිත්තරයක් වැනි කලුපාට අණ්ඩාකාර වස්තුවක් පරීක්ෂාකිරීම සඳහා තෝමස් ෆා සියතට ගත් අතර එකෙනෙහිම එය නිලට හුරු සුදු පැහැයෙන් දිලිසෙන්නට වුනා. බියපත්වූ ෆා අතින් එය ගිලිහී ගිය අතර එකෙනෙහිම ඒ දිලිසීම නැතිවී ගියා. බිම වැටුනු එය ඇල්ලීමට ෆා නොකැමති වූ අතර ජේ ජේ එය අතට ගත් විට යලිත් එලෙසම දිලිසෙන්නට වුනා. එහෙත් අයින් කිසිදු උෂ්ණතවයක් නොදැනුනු බව පැවසූ ජේ ජේ එය යම් ආකාරයට අඳුරේ ආලෝකය පතුරුවන පන්දමක් විය හැකි බවට නිගමනය කලා. අතට ගත්විට එලිය විහිදුවන එවැනි වස්තූන් අප ජීවිතයටම දැක තිබුණේ නෑ.

පසු දිනෙක පැමිණ පූර්ණ ගවේෂණයක් කිරීමට කතිකා කරගත් අප තිදෙනා දෙන වසා තිබූ ගල් පතුරු තිබූ පරිදිම ආපසු තබා පිටව ගියා. සඳ එලියෙන් මග සොයාගෙන රාත්‍රියේම නුවර එලියට පැමිණ එහි නවාතැන් ගත් අප සමුගත්තේ සැප්තැම්බර් 19 වැනි සිකුරාදා (1913) නැවත නුවර එලියේ ප්ලාන්ටර්ස් ඉන් නවාතැන් පොලේදී හමුවෙන්නට ගිවිසගෙනයි. තෝමස් ෆා ඔහුගේ බංගලාව තිබූ මහඑලිය තැන්නට අසු පිටින් පිටත්වූ අතර, ජේ ජේ තෝමස් ඔහුගේ තේවතුයාය තිබූ පස්සර බලා උදෑසන අශ්ව කෝච්චියෙන් පිටත් වුනා. ඔවුන් දෙදෙනාට සමුදුන් මා, මාගේ බංගලාව පිහිටි මාතලේ හුලන්ගොමුව වතුයාය බලා පිටත්වුනේ රාත්‍රී තැපැල් අශ්ව කෝච්චියෙන්.

කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වැනි බදාදා ජේ ජේ තෝමස්ගේ වතු සුප්‍රින්ටැන්ඩන්ට් ලෙස කටයුතු කල ඇල්ෆ්‍රඩ් ගෙට්ස් මා හමුවීමට පැමිණියේ සිය ස්වාමියාවූ ජේ ජේ තොම්සන්  පිලිබඳව තොරතුරු සොයාගෙනයි. ඔහු අගෝස්තු 28 බංගලාවෙන් පැමිණ ඇත්තේ මා සමග දඩයමේ යන බව පවසමින් නිසා තමා සොයාගෙන පැමිණි බව ගෙට්ස් පැවසුවා. පසුව කල සොයාබැලීමකදී පස්සර බලා අශ්වකෝච්චියෙන් පිටත්වූ තොම්සන් අතරමග වැලිමඩදී තමන්ට වැදගත් යමක් අමතකවූ බව අශ්වකෝච්චි රියැදුරාට පවසමින් ඉන් බැසගොස් තිබෙනවා. වැලිමඩ අශ්ව කෝච්චි ස්ටේෂමෙන් නුවර එලිය බලා යන්නට අශ්වයෙකු කුලියටගත් බවද සොයාගත්තා. ඔහු යලිත් පිදුරුතලාගලදී හමුවූ අත්භූත ගුහාවට යන්නට ඇති බවට සැක කල මා, ඒ බව ගෙට්ස්ට නොපවසා ඔහුව යලිත් පස්සරට පිටත් කොට වහාම මහ එලියේ තෝමස් ෆා හමුවෙන්නට ගොස් විස්තර පවසා පසුදින ඔහු සමග ගුහාව පරීක්ෂාවට පිටත්වුනා.

කුලී කරුවන් හෝ මග පෙන්වන්නන් නොමැතිව ගමන්කල නිසා ගුහාව සොයාගන්නට ඉතා අපහසු වූ අතර එය තුලට වන් අපට බිම වැටී සිටි ජේ ජේ තොම්සන්ගේ සිරුර දකින්නට ලැබුණා. ඔහුගේ සිරුර මුළුමණින්ම පිලිස්සී තිබූ අතර ඒ අසල යම් උපකරණයක් වැටී තිබෙන දකින්නට ලැබුණා. 

අත්භූත සිරුරු තැම්පත් කල දෙනෙහි තිබූ උපකරණයක් වූ එය හරි හතරැස්  දණ්ඩක් මෙන් පෙනුනා. එක් පැත්තක කත්තු සතරක් තිබූ අතර ඒවා මේ ජීවීන්ගේ ඇඟිලි වලට ගැලපෙන ලෙස සකසා තිබූ බව පෙනුනා. ඒ අනුව එය යම් ආයුධයක් විය හැකි බවට අප සැකකලා. එය රැගෙන පරීක්ෂාකරන්නට යද්දී යම් වැරදීමකින් එම ආයුධය ක්‍රියාත්මකවී ජේ ජේට වදින්නට ඇතැයි අපට අනුමාන කරන්නට සිදුවුනා.

සිය කෝට් සාක්කුවෙන් පොතක් එලියට ගත් තෝමස් ෆා එය මට පෙන්වමින්, මෙහි සිටින අත්භූත ජීවීන් අඟහරු ලොවින් මෙහි පැමිණියවුන් විය හැකි බවට සඳහන් කලා. ඔහු මට පෙන්වූ පොත එච්.ජී වෙල්ස් මැතිතුමාගේ "ලෝක අතර යුද්ධය"පොතයි. බොහෝ කලකට පෙර කියවා තිබූ ඒ පොත යලිත් මුල සිට අගටම කියවූ බව පැවසූ ෆා, මා ඒ පොත කියවා නැති නිසා ඒ පිලිබඳව කෙටි විස්තරයක් කලා, වෙල්ස්ට අනුව පෘථිවිය ආක්‍රමණය කල අඟහරුවන් දියුණු ආයුධවලින් පහර දුන් බවත්, ඉන් එක් ආයුධයක් මාරක කිරණ ආයුධයක් බවත් පැවසූවා. එම කිරණයට හසුවන්නන් දැවී හලුවී යන බව වෙල්ස් සිය ප්‍රබන්ධයේ විස්තර කොට තිබුණා. ජේ.ජේ අතින් වැරදීමකින් ක්‍රියාත්මක වන්නට ඇත්තේ එවැනි මාරක කිරණ අවියක් බව ෆා අනුමාන කලා. මාරක කිරණ අවි ඇති මේ අඟහරු ජීවීන් දේවත්වයේ ලා සලකන්නට ලංකාවේ ආදී මානවයින් කටයුතු කරන්නට ඇති බවත්, ඔවුන් මියගිය පසු මෙලෙස දෙන සකස් කරන්නට ඇත්තේ ඒ අනුව බවත් තෝමස් ෆා අනුමාන කලා.

මේ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා ගැටුමකට අවි මුවහත් කරන කයිසර්ගේ ඔස්ට්‍රෝ-හන්ගේරියානු අධිරාජ්‍යයේ ඔත්තුකරුවන් මුලු මහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම විහිදී සිටින බව සඳහන් කල තෝමස් ෆා ලංකාවේද වතු වගාවේ හා වෙනත් ව්‍යාපාරවල නිරතවන ඔස්ට්‍රෝ-හන්ගේරියන් හා ජර්මන් ජාතිකයින් විශාල පිරිසක් සිටින බව සිහිපත් කලා. නුවර එලියේද සැලකිය යුතු ජර්මන් ප්‍රජාවක් සිටින අතර ඔවුන් ගෙන් සමහරෙකු කයිසර්ගේ මහ සෙනෙවියා වන බිස්මාර්ක්ගේ ඔත්තු සේවය වෙනුවෙන් මෙහි සිදුවන සියල්ල වාර්තාකරන ඔත්තු කරුවන් විය හැකි බවටද තෝමස් ෆා බිය පලකලා.

මේ භයානක අවිය පිලිබඳව බිස්මාර්ක්ගේ ඔත්තුකරුවන්ට ඉව වැටුනහොත් ඔවුන් කෙසේ හෝ මේවා අත්පත් කරගැනීමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විශාල අණතුරක් විය හැකි බවටත් ඔහු විශ්වාස කල අතර මාද ඔහුගේ අදහසට එකඟ බැවින් හැකි තාක් ඉක්මණින් අධිරාජ්‍යයේ ඔත්තු සේවා දැනුවත් කල යුතු බවට අප එකඟවුනා. එතෙක් මෙය රහසක් සේ තබාගන්නට අප ගිවිස ගත්තා.

1850දී උපන් තෝමස් ෆා අද වනවිට 63 වැනි වියෙහි පසුවන අතර, තමා ඉතා වයස්ගත බැවින්, ඉතා ඉක්මණින්ම තමන් සතු මහ එලියේ නෝත් කෝව් වතුයාය විකුණා දමා සිය පුතා හා දියණිය හා සමග විශ්‍රාම සුවයෙන් විසීමට යලිත් බ්‍රිතාන්‍යය බලා යන බවත් එබැවින්, මේ භාරදූර රාජකාරියෙන් තමන් මුදවන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඒ අනුව මේ අත්භූත ගුහාව පිලිබඳව අධිරාජ්‍යයේ ඔත්තුසේවය දැනුවත් කිරීමේ මේ ලිපිය ලිවීම මා හට පැවරුණා.

හැකි ඉක්මණින් මේ පිලිබඳව සොයා බලන්නට ඔබගේ බලය ලත් නියෝජිතයින් එවන මෙන් උදක්ම ඉල්ලා සිටිනවා. මෙහි පැමිණෙන ඔබගේ නියෝජිතයින්ට මග පෙන්වීම හා වෙනත් පහසුකම් සැලසීමට අප මහරජාණන්ට කැපවූ බ්‍රිතාන්‍ය වැසියෙකු වන මා බැඳී සිටින බව පවසන්නට කැමැතියි. එතෙක් මේ රහස දන්නා එකම මිනිසුන් දෙදෙනා වන තෝමස් ෆා හා මා රහස රැකගෙන ඔබ නියෝජිතයින්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙයට විශ්වාස,

හැරී ස්ටෝරේ,
කළමණාකරු,
හුලන්ගොමුව වතුයාය,
මාතලේ (බටහිර)



පෙරවරු 11.30, රිච්මන්ඩ් ඉන් හෝටලය, හැඩන් හිල් මාවත, නුවර එලිය

අකිල් රාත්‍රියේ ඉතුරු ටිකත් නිදිවර්ජිතව පොපොවික්ගේ නිවසින් රැගෙන ආ ලියකියවිලි කියවා බැලුවා. එහි තිබූ සියලු දෑ ලන්ඩනයට වාර්තා නොකරන්නට තීරණය කලේ තව දුරට සොයාබලා තහවුරු කරන්නට ඉඩ තබාගනිමින්. ඒ වෙනුවට ඈන් විකර්ස්ට හා දකුණු ආසියානු අංශයේ බුද්ධි තොරතුරු විශ්ලේෂක ජෙෆ් ඩැනියල්ස් වෙත තොරතුරු ඉල්ලා පණිවුඩ කිහිපයක් යැවුවා. 

පාන්දර පහට පමණ නින්දට වැටුනු අකිල් ඇහැරුනේ උදේ කෑම ලෑස්තියි යයි පවසන්නට රූම් බෝයි දොරට තට්ටු කරනකොටයි. ඉක්මණින් කෑමටික ගිල දැමූ අකිල් දහයට පමණ පිටවී ගියේ නගරයේ වෙනත් හෝටලයක් සොයාගැනීම සඳහායි. එක දිගට එකම තැන නතරවී සිටීමෙන් අනවශ්‍ය කුතුහලයන් ඇතිවන නිසාත් ආරක්ෂාවට හොඳ නැති නිසාත් නුවර එලිය නගරයට මදක් ඈතින් පුස්සැල්ලාව පාරේ ග්ලෙන් ෆීල්ඩ් පාරේ නිස්කලංක තැනක පිහිටි "ලේක් විව් හොටෙල්"නම් තැනක් සොයාගත් ඔහු එතනට අත්තිකාරමක් ගෙවා හවසට කාමරයට එන බව පවසා ආපසු පැමිණියා.

"සර් දැන් යනවා නේද? සර් එලියට ගිය වෙලාවේ සර්ගේ කොළඹ යාලුවෙක් ආවා...."

"යාලුවෙක්??"කුතුහලයෙන් ඇසූ අකිල්ගේ සිතෙහි දැඩි සැකයක් මතුවුනා. කවුරුවත් මම ලංකාවට එනවා කියලා දන්නේ නෑනෙ……...."කෝ දැන් එයා? නම මොකක්ද කිව්වේ..."

"නම කිව්වේ නෑ...සර්ව දන්නවා කිව්වා...ටවුමෙදි සර්ව දැකලා අඳුන ගත්තා...ඒත් කතා කරන්න බැරිවුනා නිසා ඉන්න තැන හොයාගෙන ආවා කියලයි කිව්වේ...ලොබී එකේ ඉඳ ගත්ත සර් එනකම් කියලා...."

අකිල් සමග ලොබියට ගිහ මැනේජර්.."කෝ මේ මනුස්සයා...එලියට ගියාවත් ද?......සමන්! කෝ අර මේ සර්ව හොයාගෙන ආපු මහත්තයා?"

"සිගරට් එකක් පත්තු කරගන්න කියලා ගාඩන් එක පැත්තට ගියා... දැන් එයි..."රූම් බෝයි සමන් උත්තර බඳිද්දී

"සර් රූම් එකට යන්න...මම ආවම එක්කගෙන එන්නම්..." 

"හරි…... මගෙ බිල හැදුවද?....තව ටිකකින් චෙක් අවුට් වෙනවා...."

"සර් බඩු ටික ලෑස්තිකරගන්න මම සමන් අතේ බිල එවන්නම්...."

කතාවෙන් පසු අකිල් කල්පනාවෙන් වටපිට බලමින් සිය කාමරයට ගියේ කොළඹ යාලුවා යයි කියාගත් මනුස්සයා කවුදැයි කල්පණාකරමින්.

"සිංහලෙන්නෙ කතාකරන්න ඇත්තෙ....මෙහෙ ඉන්න නෑයෙක්වත් මාව ටවුමෙදි දැකලා අඳුරගෙන හොයාගෙන ආවද දන්නේ නෑ........ලෙඩක්ද මන්දා..."සිතමින් දොර විවරකගෙන ඇතුලට ආ අකිල්ට අමුත්තක් දැනුනා. කාමරය අඳුරුවී තිබුණා. පිටව යනවිට ජනේලයේ ඝණ තිර රෙද්ද මෑත්කොට කාමරයට එලිය වැටෙන්නට සකස්කොට ගිය බව ඔහුට මතක තිබුණා. 

"රූම් බෝයි කාමරේට ආවද දන්නේ නෑ....."අකිල්ට සිතුනා.

කාමරයට ඇතුලුවූ ඔහු දොර අසලම ඇති ප්‍රධාන විදුලි ස්විචය ක්‍රියාත්මක කලා. කාමරය ආලෝකමත්වූ විගසම බිමවැටී තිබූ ඡායාරූපයකට නෙත් යොමුවුනා. A4 ප්‍රමාණයේ විශාල ඡායාරූපයක්වූ එය අතට ගත් අකිල් දුටුවේ බැල්කනියෙන් එල්ලෙමින් සිටි පොපොවික්ගේ රුවයි. මොකක් හෝ ලොකු වැරැද්දක් සිදුවී ඇති බව දැනුනත් ප්‍රතික්‍රියා කරන්නට පෙර අඩවලට විවරව තිබූ කාමයේ දොර දඩස් ගා වැසුනු අතර ක්ෂණිකව ආපසු හැරුණු ඔහුට දොර අසල සිටගෙන ඔහු වෙත පිස්තෝලයක් එල්ලකරගෙන සිටි අයෙක් දකින්නට ලැබුණා.

“Who are you? What the hell is this? ” [ඔයා කවුද? මොකක්ද මේකෙ තේරුම?]

“Captain Vimukthi Yahampath…. State Intelligence Service….. Don't try anything stupid Mr. Gihan Jayasinghe…….or can I call you Lieutenant Akil Mohotti?” [කැප්ටන් විමුක්ති යහම්පත්.....SIS...... මෝඩ වැඩ එහෙම කරන්න හදන්න එපා මිස්ටර් ගිහාන් ජයසිංහ....නැතිනම් මම ලුතිනන් අකිල් මොහොට්ටි කියලා කතාකරන්නද?]

“Oh….fuck!!!” අකිල්ගේ මුහුණ අඳුරුවුනා.

“I will try not to fuck this up for you Mr. Mohotti, but that depends on you…..keep your hands on your head, sit on that chair and lets have a chat….” [මම මේක අනන්නෙ නැතුව කරන්න බලන්නම්...හැබැයි ඒක තියෙන්නේ ඔයාගෙ අතේ....අත් දෙක ඔලුව උඩ තියාගෙනම ඔතන පුටුවෙන් ඉඳගන්න......අපි පොඩි කතාවක් දාමු.....]

"මාව අත් අඩංගුවට ගන්නද යන්නේ?"

"ඕනෙ නම් මට පුලුවන්……. හොර පාස්පෝට් එකකින් රටට ඇතුලුවීම.......අපරාධ ස්ථානයකට අනවසරයෙන් ඇතුලුවීම......ඔයාට ගැලවෙන්න ටිකක් අමාරුවෙයි මිස්ටර් මොහොට්ටි..."විමුක්ති පැහැදිලි කරද්දී අකිල් කිහිප වතාවක් දොර දෙස බලනු දුටු ඔහු;

"කවුරුහරි එනකන් ඉන්නවද? දැන් චෙක්-අවුට් වෙනවා නේද? රූම් බෝයි බෑග් ටික ගන්න දොරට තට්ටුකරයි කියලා නේද ඉන්නේ....? කරදර වෙන්න එපා..... පොලීසියෙන් පැට්‍රෝල් කාර් එකක් ඇවිල්ලා මැනේජර්ගෙනුයි, ගෝලයන් ගෙනුයි ප්‍රශ්ණ වගයක් අහනවා, හෝටලේට ප්‍රොස්ටිටියුට්ලා ගේනවා කියලා පැමිණිල්ලක් ආවා කියලා........කවුරු හරි එන්න ටිකක් වෙලා යයි.....එතකං අපි චැට් චැට් කරමු..."විමුක්ති ඇඟට පතට නොදැනී කිව්වා.

“වෙන්න පුලුවන්, ඒත් ඔයාට මාව ඇරස්ට් කරන්න බෑනේ..."

"මට බෑ.......ඒත් නුවරඑලියේ පොලීසියේ මගේ යාලුවන්ට පුලුවන්.......එයාලා දන්නවා මම SIS කියලා....... පොපොවික් ඝාතනයට ඔයා සැකයි කිව්වම ඇති....."

“Fuck you man……..!!” අකිල් නොරුස්නා ස්වරයකින් නොසරුප් වදනක් කියමින් තරහෙන් අහකබලා ගත්තා.

“NO! FUCK YOU!!!….for messing in my investigation…...” [තමුසෙ තමයි ඇන ගත්තෙ මගේ පරීක්ෂණයට හොට දාන්න ඇවිල්ලා.........]

"මම පොපොවික්ව මැරුවේ නෑ...."

"ඒක මම දන්නවා...........තමුන් ලංකාවට එනකොට පොපොවික් මැරිලා ඉවරයි.......මම අහන්නේ මොකටද හොර පාස්පෝට් එකකින් ලංකාවට ආපු තමුන්, මරණකාරයාගේ ගෙදරට රිංගුවේ කියලයි?"

"මොනවද තියෙන සාක්කි......?"

“මිස්ට මොහොට්ටි........පොපොවික්ගේ ගේ ලඟ පාරේ මම ස්පයි කැමරා තුනක් හයිකරලා තියෙන්නේ...පාන්දර දෙකට විතර පොද වැස්සේ තමුන් සිගරට් එකක් බිබී ගේ දිහා බලාගෙන ඉඳලා දකුණු පැත්තේ තියෙන ඉඩමට රිංගනවා පේනවා.....තාප්පෙන් පොපොවික්ගේ වත්තට පනින හැටිත් පේනවා.........ලේක් විව් පබ් එකේ CCTV වලත් තමුන් ඉන්නවා.....ඕනෙ නම් වීඩියෝ සාක්කි බ්‍රිටිෂ් හයිකොමිෂන් එකටත් යවන්න පුලුවන්......ඒනිසා ඔයාට චොයිස් එකක් තියෙනවා......ඇරස්ට් වෙලා, හයි කොමිෂන් එක දැන ගෙන ලෝයර් කෙනෙක් එවලා බේල් කරගන්නකම් දවස් දෙක තුනක් කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ එක්ක නුවරඑලිය පොලිස් රිමාන්ඩ් එකේ ඉන්නවද, නැත්තම් මට ඇත්ත කියනවද?”

“මගෙ ඇත්ත නමයි, රෑන්ක් එකයි දැන ගත්තේ කොහොමද..?"අකිල් කුතුහලයෙන් අසා සිටියා.

“මීට අවුරුදු හතරකට කලින් තමුන් ඇත්ත නම පාවිච්චි කරලා ලංකාවට ආවා, අපි ලඟ රෙකෝඩ් තියෙනවා......හයිටෙක් එන්ගලන්තෙ ඉපදුනු ඔයාලා හිතනවා ඇති ලංකාව තාම ගල් යුගයේ කියලා...ඒත් අපිට ෆේෂල් රෙකග්නිෂන්, බිහේවියර් ප්‍රෙඩික්ෂන්, ඩීප් ඩේටා මයිනින් වගේ අලුත්ම තාක්ෂණයන් තියෙනවා. ඒවායින් වැඩ ගන්න දන්න්න හොඳ වැඩකාරයොත් ඉන්නවා....ඒ මිනිස්සු පැය විසිහතරෙම මේ රට ආරක්ෂාකරන්න කැපවෙලා ඉන්නවා….ඔයලා හිතාගෙන ඉන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි මිස්ටර් මොහොට්ටි....”

ඒ කතාව ඇසුනු අකිල් මදහස පෑවා. "අපි දන්නවා මිස්ටර් යහම්පත්....අපිට SIS එක ගැනයි ලංකාවේ යුධ හමුදා බුද්ධි අංශයයි ගැන ලොකු ප්‍රොෆෙෂනල් රෙස්පෙක්ට් එකක් තියෙනවා......."

“හහ්...? බ්‍රිටිෂ් ආමි එකට ලංකාවේ අපි ගැන ලොකු ප්‍රොෆෙෂනල් රෙස්පෙක්ට් එකක් තියෙනවා...? කොහොමද? කවද ඉඳන්ද ඒක වුනේ?"

"බ්‍රිටිෂ් ආමි එක නෙමෙයි බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස්.....MI6...... 4වැනි ඊලාම් යුද්දෙන් පස්සේ ඒක ඇතිවුනේ........බැංගලෝර් ඔපරේෂන් එකයි, ටර්මිනල් කෝඩ් ඔපරේෂන් එකයි නිසා ඒ රෙස්පෙක්ට් එක වැඩිවුනා....."

"බැංගලෝර් ඔපරේෂන් එකයි ටර්මිනල් කෝඩ් ඔපරේෂන් එකයි SIS වැඩ නෙමෙයි.......ඒවායේ ගෞරවය මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට......දැන් ලුතිනන් අකිල් මොහොට්ටි කියන්න හදන්නේ ඔයා MI6 ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කෙනෙක් කියලාද?"

"ඔව්......සුද්දෙක් එවන්නේ නැතුව මාව එව්වේ මම සිංහලයෙක් නිසා......."

"ඔයා කළු සුද්දෙක් මිස්ටර් මොහොට්ටි...."

"නෑ...වැරදියි.....මගේ වර්ගය සිංහල.... ජාතිකත්වය බ්‍රිතාන්‍ය....පක්ෂපාතිත්වය බ්‍රිතාන්‍ය රජයට හා රැජිණට...."

"ඔයාගෙ පක්ෂපාතිත්වය පැහැදිලිකරාට ස්තූතියි....මම ඒක මතක තියාගන්නම්......ඔය කියන කතා ඔප්පු කරන්න පුලුවන්ද?............"

“පුලුවන්...මගේ සාක්කුවේ තියෙන ෆෝන් එක ගන්න දෙනවානම්.......ඒකෙ තියෙනවා මගේ MI6 Digital ID එක...."



පස්වරු 12.45, බන්ඩාරවෙල - වැලිමඩ පාර, ලන්දෙගම හන්දිය
 
SIS විදෙස් බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධානී ඒ.එස්.පී බන්දුල ධර්මසේනගෙන් ලැබුණු ඇමතීමකට පිලිතුරු දීමට වාහනය අයින්කොට නවැත්වූ විමුක්ති, අකිල් දෙස බලා "Can I trust you not to run?"යයි ඇසුවා. සිනාසුනු අකිල් පිලිතුරක් දෙන්නට සූදානම් වුවත් ඒ වන විටත් විමුක්ති සිය ප්‍රධානියාට කතාකරමින් නෑසෙන මානයකට යමින් සිටියා. ඒ අවසරයෙන් සිය ආරක්ෂිත ස්මාර්ට් ෆෝනය අතට ගත් අකිල් ඔහු සේවය කල දකුණු ආසියාව භාර C ඩිවිෂනයේ ප්‍රධානී තෙරේසා මාෂල් වෙත MI6 අභ්‍යන්තර ඊමේල් සේවාව හරහා කෙටි වොයිස් මේල් වාර්තාවක් යැවූවා. බ්‍රිතාන්‍ය ඔත්තුසේවා ක්ෂේස්ත්‍ර නිළධාරීන්ට නිකුත්කරන ආරක්ෂිත ස්මාර්ට්ෆෝනය හා ටැබ්ලට් පරිගණකයේ, MI6 අභ්‍යන්තර ඊමේල් සේවාවට ඉතාමත් ආරක්ෂිත ලෙස පිවිසිය හැකි ඇප් එකක් ඇතුලු කොට තිබුණා. 

බැලූ බැල්මට සාමාන්‍ය ස්මාර්ට්ෆෝනයක් ලෙස පෙනෙන එහි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ලෙස පෙනෙන ආකාරයට මෙහෙයුම් පද්ධතිය සකස්කොට තිබුණා. එයින් සාමාන්‍ය දුරකථන ඇමතුම්, කෙටිපණිවුඩ හා අන්තර්ජාල පිවිසුම් පහසුකම් ලැබුණු අතර MI6 ඔත්තුසේවය මගින් ක්‍රියාත්මක කරන INTGRIN ජාත්‍යන්තර පරිගණක ජාලයට ඇතුලුවීම සඳහා ක්‍රියාත්මක කලයුතු ඇප් එක පණගැන්වුනේ retinal scan login ක්‍රමයටයි. දුරකථනය නිකුත්කල M6 නිළධාරියාගේ රෙටිනාව හෙවත් දෘෂ්ඨිවිතානය හඳුනාගැනීමෙන් පමණක් ක්‍රියාත්මකවූ ඒ මෘදුකාංගයට අනවසර ඇතුලුවීමේ උත්සහයන් හඳුනාගැනීමේ හැකියාව තිබූ අතර එවිට දුරකථනය තුල ඇති මිලිග්‍රෑම් කිහිපයක ප්ලාස්ටික පුපුරණ ද්‍රව්‍ය ක්‍රියාත්මකවී එය සම්පූණයෙන්ම විනාශවී යනවා. 
(INTGRIN -  INTegrated  Global Reconnaissance and Intelligence Network) 

තෙරේසා මාෂල් වෙත සමාලෝචන වාර්තාවක් යවා අවසන්වූ පසු තානාපති සබඳතා අංශයේ ඈන් විකර්ස්ගේ කාර්යමණ්ඩලය හා ජෙෆ් සේවියර්ගේ C ඩිවිෂන විශ්ලේෂණ කණ්ඩායම එවා තිබූ අලුත් තොරතුරු මොනවාදැයි සොයා බැලුවා. ක්‍රිස්ටීනා වැන්ඩර් වාල් ඩුබායි ගුවන්තොටුපොලේ ඩියුටි ෆ්‍රී සාප්පුවල ඇවිදින හැටි දැක්වෙන පැහදිලි CCTV ඡායාරූප හා වීඩියෝ කිහිපයක්ම තිබූ අතර ඒ අනුව රාත්‍රියේ ඔහු දුටු අත්භූත ගැහැණිය ඇයම බව අකිල්ට තහවුරු වුනා. ඉතා සැහැල්ලුවෙන් නිවාඩුවකට යන්නට සූදානම්වන තරුණ කෙල්ලෙකුගේ ස්වරූපය ඇයගෙන් දිස්වුනා. තවත් තොරතුරු අලුත් ගොඩක් තිබුණා. විමුක්ති ඇමතුම අවසන්කොට යලි වාහනයට පැමිණෙන්නට පැය භාගයක් පමණ ගිය නිසා ඒ සියල්ල කියවාගන්නට අකිල්ට වෙලාව ලැබුණා.

“That was a long call from your boss…. Trouble from office?” [බොස්ගෙන් දිග කෝල් එකක්, මොකක් හරි ලෙඩක්ද?]

“No...” කියමින් විමුක්ති වාහනය පණගන්වා ගත්තා. 

“අපේ චීෆ් සති දෙකක් පිටරට නිවාඩුවකට ගිහින් හිටියේ. අද ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ෆුල් රිපෝට් එකක් දෙන්න වුනා. ඔයාගෙ හයිටෙක් MI6 ෆෝන් එකට මොනවත් අප්ඩේට් ඇවිල්ලා නැද්ද?” විමුක්ති අකිල් දෙස බැල්මක් හෙලමින් බලමින් ඇසුවා.

"තියෙනවා...ඒත් ඊට කලින් යමක් කියන්න ඕනෑ....."

"ඒ මොකක්ද?"

"ක්‍රිස්ටීනා වැන්ඩර් වාල්.... ඒ ගෑණි පස්සේ පන්නනකොට ප්‍රවේසම් වෙන්න ඕනෑ....."

"ඇයි?...ගෑණි ප්‍රොෆෙෂනල් ඇසසින් කෙනෙක් නිසාද....?"

"ඒ විතරක් නෙමෙයි.... ගෑණි අමුතුයි....."

"ම්ම්ම්.... අමුතුයි?...... මේ ගෑණි ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා හිටපු එකියක්ද?"විමුක්ති සිනාසෙමින් ඇසුවා.

“මම එයාව එදා රෑ දැක්කා...."

"මොනවා? කොහෙදිද?"විමුක්තිගේ දෑස් විශාල වුනා

"එදා රෑ මම පොපොවික්ගේ ගෙට රිංගලා උඩ තට්ටුවට ගියා. මම එයාගේ ඔෆිස් රූම් එකට ඇතුලුවෙන්න හදනකොටම කාමරේ ඇතුලේ එලියක් දැක්කා.....මම හිතුවේ හොරෙක් ඇවිල්ලා කියලා.... දොරෙන් එබිලා බලනකොට ගෑණි ෆයිල් එකක් පෙරලගෙන ඩොකියුමන්ට්ස් ෆොටෝ ගහනවා...මම බලාගෙන හිටියා ගෑණි මොකද කරන්නේ කියලා....එතකොට මුරට හිටපු පොලිස්කාරයන්ට තේයි සිගරටුයි අරගෙන ආපු ඩීසල් ත්‍රීවීල් ඩක්කුවේ සද්දෙට ගෑණි බයවුනා.... දොරෙන් එලියට එන්න ඉස්සෙල්ලා මම කොරිඩෝ එකේ තියෙන ලොකු පෙට්ටගමට මුවා වුනා... එයා එලියට ඇවිල්ලා වටපිට බැලුවා...තත්පරයකට විතර...මාව දැක්කේ නෑ...ඒත් මම ගෑණිගේ ඇස්දෙක දැක්කා...කොටියෙක්ගේ ඇස් වගේ කරුවලේ දිලිසුනා......."

“විමුක්ති මොහොතක් කල්පනා කලා. "ඔයාට විශ්වාසද ගෑණි නයිට් විෂන් ගොගල්ස් දාගෙන හිටියේ නෑ කියලා...ඒවායේ ලෙන්ස් රෑට ඔය විධියට දිලිසෙනවා...."

"නෑ විමුක්ති...යේමනයේ අපි කරපු නයිට් ඔපරේෂන්වලදී...මම ලෝකෙ හොඳම, ඇඩ්වාන්ස්ම නයිට් විෂන් ගොගල්ස් පාවිච්චිකරලා තියෙනවා....අපේ හැම ඇටෑක් යුනිට් එකක්ම ඒවා පාවිච්චි කලා...මේ ගෑණි ඒවා දාගෙන හිටියේ නෑ....."

"ම්ම්ම්....රීටත් කිව්වෙ ගෑණිගෙ ඇස් දෙක හරි ලොකුයි, ඒ වගේම අමුතුයි කියලා..."

"කවුද රීටා කියන්නේ?? එයා ක්‍රිස්ටීන්ව දැකලා තියෙනවද?"අකිල් කුතුහලයෙන් විමසුවා.

"රීටා කියන්නේ පොපොවික්ගේ සේවකාව හා අනියම් බිරිඳ. පොපොවික් මැරෙන්න දවසකට දෙකකට ඉස්සෙල්ලා, නුහුරු විධියට සිංහලෙන් කතාකරන, පිටරට ඉඳලා අම්මව හොයාගෙන ආවා කියාගෙන ක්‍රිස්ටීන් පොපොවික්ගේ ගෙදර ඇවිල්ලා රීටා එක්ක කතාකර කර ඉඳලා සෙල්ෆි ගොඩකුත් අරගෙන ගිහිල්ලා. ගැණි කියලා තියෙන්නේ එයාව පොඩි කාලේ හදාගන්න රට ගෙනිච්චා දැන් ඇත්ත අම්මව හොයනවා කියලයි....ක්‍රිස්ටීන්ගේ ෆොටෝ පෙන්නුවම රීටා එයාව අඳුනගත්තා."

"ඒ කියන්නේ රීටාගේ ජීවිතේ අණතුරේ.... කොහෙද එයා දැන් ඉන්නේ?"අකිල් විමුක්ති දෙස බලමින් ඇසුවා

"මම ගොඩක් ආරක්ෂිත තැනකට යවලා තියෙන්නේ.....ලොකු ආමි කෑම්ප් එකක්...වෙන මොනවද දැක්කේ?"

"එයා සෙල්ලක්කාර කෙල්ලෙක් වගේ හැසිරෙන එක රඟපෑමක්...මට ගෑණි ඩුබායි එයාපෝට් එකේ ඉන්න ෆොටෝ/වීඩියෝ අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුණා....ඒකෙ ඉන්න ගෑණියි මම දැකපු ගෑණියි දෙන්නම එක්කෙනා...මට ඒක විශ්වාසයි.... හැබැයි මම රෑ දැකපු ගෑණි හොඳ මිලිටරි ට්‍රේනින් ලබපු ගෑණියෙක්.... කරුවල වුනත් මම ගෑණි කොරිඩෝවේ දුවලා තරප්පුවට පැනපු හැටි දැක්කා..තරප්පුව දිගේ බැස්සේ නෑ උඩ ඉඳන් පැන්නා. ඇඩ්වාන්ස් කොම්බැට් ට්‍රේනින් නොලබපු කෙනෙකුට කරුවලේ එහෙම පනින්න බෑ..."

“මට ලොකු ප්‍රෙහෙලිකාවක් තියෙනවා......ඇයි MI6 එක මේතරම් මේ කේස් එකට උනන්දු...?"

"ඒ ප්‍රශ්නෙ මටත් තියෙනවා......මිෂන් බ්‍රීෆින් එකට ඇවිල්ල හිටපු කට්ටිය මාව ඇතුලට ගන්න කලින්  මීටින් එකක් තිබ්බා...එතන මගේ බොස් තෙරේසා මාෂල්, රුසියන් මෙහෙයුම් බාර රොන් සිල්වෙස්ටර්, බ්ලැක් ඔපෙරේෂන්ස් හෙඩ් සයිමන් පීටර්ස් හිටියා. එයාලා ඇවිල්ලා හිටියේ ලොකු ඔපරේෂන් එකක් සැලසුම් කරන්න. මට නියෝග ලැබුනේ ක්‍රිස්ටීනාව ලෝකේට් කරගෙන එයා ඉන්න තැන රිපෝට් කරලා එයාව නිරීක්ෂණය කරමින් ඉන්න විතරයි...මට දීපු ඕඩර් එක මම ක්‍රියාත්මක කරනවා...ඒත් මේකට රොන් සම්බන්ධ වෙලා තියෙන්නේ එක්කෝ ක්‍රිස්ටීනා රුසියාවට සම්බන්ද රුසියන් ඔපෙරටිව් කෙනෙක් නිසා නැතිනම් පොපොවික්ලා රුසියාවේ කරපු පර්යේෂණ වලට මේකෙ ලොකු සම්බධයක් තියෙන නිසා...ඒත් මොකක්ද කියලා හිතා ගන්න බෑ..."

“"ඇලෙක්සැන්ඩර් පොපොවික් රුසියාවේ ජීවත්වෙන කාලයේ මොනවද කලේ කියලා මොනවහරි තොරතුරක් තියෙනවද?"

"මට එහෙම තොරතුරක් දීලා නෑ..අපේ ඉන්ෆොමේෂන් සිස්ටම් එකේ මට ඇක්සස් කරන්න අවසර තියෙන ඩේටා බේස් වල නෑ..ඒත් මම අපේ සිස්ටම් එකට ලොග්වෙලා වෙලා පොපොවිකුයි ක්‍රිස්ටීනා මැරුවා කියලා සැක කරන එයාගේ යාලු අන්ද්‍රේ කොමැටොෆ් කියන හාදයයි ඇමරිකාවේ කරපු දේවල් ගැන මම ටිකක් හෙව්වා.... දෙන්නම උද්භිද විද්‍යාඥයින් කියලයි විස්තරවල තියෙන්නේ. එයාලා 2005දී ඇමරිකාවට ගිහිල්ලා එහෙ අලුතෙන් පටන් ගත්ත සෙලැජින් කියන බයෝටෙක් රිසර්ච් කොම්පැණියකට සම්බන්ධවෙලා වැඩකරලා. මේ කොම්පැණිය 2012දී මොන්සාන්ටෝ කොම්පැණිය සල්ලි වලට ගන්නවා....."

"මොන්සාන්ටෝ කියන්නේ පිලිකා හැදෙනවා කියලා තහනම් කරලා තියෙන රවුන්ඩ් අප් වල්නාෂකය හදන කොම්පැණියද?"

"ඔව් ඒක තමයි.....2012 වෙනකොට සෙලැජින් සමාගම එයාලගෙ රීසර්ච් වලට පේටන්ට් බලපත්‍ර 68ක් දිනාගෙන තිබුණා. මේ පේටන්ට් හැට අටෙන් පනස් එකක් මොන්සාන්ටෝ කොම්පැණියේ අයිතියට පත්වුනා...අනෙක් 17ම ඇමරිකන් ආණ්ඩුවේ යුධ තාක්ෂණ පර්යේෂණ ඒජන්සිය වෙන Defense Advanced Research Projects Agency (DARPA)  එකට පවරගෙන තියෙනවා...."

“"මට තේරෙන විධියට ඒවා සෛල උත්තේජන තාක්ෂණ පේටන්ට්.... පේටන්ට් කිහිපයක් rapid cellular repair and regeneration  කියන තාක්ෂණයේ ඒවා. තවත් ඒවා mitochondrial metabolism booster කියලා තාක්ෂණයකට අදාල ඒවා. තව රුධිරයේ හිමොග්ලොබින් වල ඔක්සිජන් ගෙන යන ධාරිතාව වැඩිකිරීම ගැනත් පේටන්ට් ඔය පේටන්ට් දාහතේ තිබිලා තියෙනවා. මම ජීව විද්‍යාව ඉගෙන ගෙන නැති නිසා මට එච්චර තෙරුමක් නෑ. ඒත් ඒ පේටන්වල වැඩි විස්තර පේටන් දත්තගබඩා වලින් මකලා. හැඳින්වීම විතරයි තියෙන්නේ....” අකිල් කියාගෙන ගියා.

"මමත් ගැඹුරට බයෝලොජි ඉගෙන ගෙන නෑ.....ඒ ලෙවල් වලට බයෝලොජි කලා, හොඳට පාස් වුනෙත් නෑ....ඒත් විශාල ශක්තියක් හා ජවයක් තියෙන, තුවාල වුනාම ඉක්මණට සනීපවෙන සුපිරි මිනිසෙක් නැතිනම් සෙබලෙක් බිහිකරන්න ඕනෑ මූලික තාක්ෂණ සමහරක් තමයි ඔයා ඔය විස්තර කලේ....රැපිඩ් සෙල් රීජෙනරේෂන් කියන්නේ ඉක්මණට තුවාලවුනු සෛල, මැරුණු සෛල වෙනුවට අලුත් සෛල හැදෙනවා කියන එකනෙ. මයිටොකොන්ඩියා වල තමයි ශක්තිය ඉපදවෙන්නේ. ඒවගේම ශක්ති ජනනය බූස්ට් කරන්න නම් වැඩිපුර ඔක්සිජන් සෛලවලට ගෙනියන්න ඕනේ....." 

"ඔයා කියන්නේ ක්‍රිස්ටීන් රුසියන්කාරයෝ හදපු සුපිරි සෙබලියක් කියලද?"

"වෙන්න පුලුවන්.......නැතිනම් කිලෝග්‍රෑම් අනූවක් බර පොපොවික්ව ලනුවක් දාලා බැල්කනියේ එල්ලුවේ කොහොමද....? අඩුම ගානේ තුන්දෙනෙක්වත් ඕනෙ එච්චර බර මනුස්සයෙක්ව ඔය විධියට එල්ලන්න......කොමැටෝෆුයි පොපොවිකුයි රුසියාවේ සිදුකරපු රහසිගත පර්යේෂණ ඇමරිකාවේදී ප්‍රතිනිර්මාණය කරන්න ඇති. ඒ නිසා එයාලාගේ පර්යේෂණ වලින්ම බිහිකරපු ක්‍රිස්ටීනාව එවන්න ඇති එයාලව ඉවරයක් කරන්න."විමුක්ති අනුමාන කලා.

"කොමැටෝෆ්ව මරලා තිබුනෙත් ඔය විධියටමයි......එයත් කිලෝ සීයක් බර මනුස්සයෙක්.....ගෙදර තරප්පුවේ ගරාදිවැටේ එල්ලලා තිබුනේ....."අකිල් විස්තර කලා.

"ඒත් මට හිතාගන්න බැරි ක්‍රිස්ටීන් වැන්ඩර් වාල් කියන්නේ ලංකාවේ අම්මා කෙනෙකුට ඉපදුනු කෙල්ලෙක් වෙන එක.....එයාව හදාගන්න අරගෙන ගිහින් තියෙන්නේ නෙදර්ලන්තෙට....සමහරවිට මෙයා ඒ කෙල්ල විධියටම ප්ලාස්ටික් සැත්කම් වලින් මුහුණ හදපු රුසියන් කෙල්ලෙක්ද දෙන්නේ නෑ....ඔයා මොනවද හිතන්නේ අකිල්?"

"එහෙම වෙන්නත් පුලුවන්, හැබැයි ගැණිගේ නෙදර්ලන්තෙ ජීවිතේ ගැන විස්තර ඔක්කොම බොරු.... අම්මා තාත්තා ගැන විස්තරයක් නෑ...දෙන්නා එයා පොඩිකාලෙම මැරිලා කියලා official රෙකෝඩ්වල තියෙන්නේ....හැදුනෙ ලමා නිවාසෙකලු, ඒත් ඒ ලමා නිවාසෙ ගැන හෝඩුවාවක් නෑ...... රස්සාවයි, උපාධියයි දෙකම බොරු..... ඒ නිසා රුසියන් ඒජන්ට්ලා නෙදර්ලන්ත පාස්පෝට් තියෙන ජෝඩුවක් විධියට එයාව නෙදර්ලන්තෙට ගෙනියලා එතනින් රුසියාව ගෙනිච්චද දන්නේ නෑ....."

"ඒත් ඇයි ලංකාවෙ අනාත කෙල්ලෙක්ව ඔච්චර වදවෙලා ගෙනියන්නේ? රුසියාවේ කෙල්ලෝ නැතිද?"විමුක්ති ප්‍රශ්ණකලා.

"කවුද දන්නේ ලෝකේ හැම වර්ගයකම අනාත ලමයි ඔය විධියට පර්යේෂණ වලට රුසියාවට ගෙනිච්චද කියලා.......සමහරවිට ලංකාවේ ඉන්න සමහර මිනිස්සුන්ගේ ජානවල සුවිශේෂී ගතිගුණ තියෙනවද දන්නේ නෑ....."

“අනෙක් ප්‍රශ්නෙ ඇයි ඇමරිකන් පුරුවැසියෙක් වුනු, සැලජින් කොම්පැණියේ එයාට අයිති කොටස් වලට මොන්සාන්ටෝ එකෙන් ඩොලර් මිලියන 10ක් හම්බුවුනු පොපොවික් මල් වවන්න කියලා ලංකාවටම ආවේ? අනිත් එක මිනිහගේ මල් බිස්නස් එක එච්චර සාර්ථකත් නෑ....වෙන රටවල් නැද්ද?

“ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ඩොකියුමන්ට් එකක් මගෙ ලඟ තියෙනවා. ඒක මම තවම MI6 එකටවත් යවලා නෑ. ඒත් ඒක කියෙව්වට පස්සේ ඔයාට කාර් එක එලවගන්න බැරිවෙන්න පුලුවන්...ඒ නිසා ඔයා මාව ගෙනියන සේෆ් හවුස් එකට ගිහිල්ලම ඒක කියවමු...."

අළුයම 3.35, වන්නි දිස්ත්‍රික්කයේ, කිලෝමීටර් 10ක් ඉහල අහස

“пять минут до зоны сброса...” [ගොඩබසින්නට ඉලක්ක ස්ථානයට විනාඩි පහයි!] 
යානයේ නැවිගේටර් නියමුවා පවසනු හෙඩ් ෆෝන් තුලින් ඇසුනා. ඉතා ඉහල අහසේදී ගුවන් යානයෙන් ඉවත්ව HALO* ආකාරයට පැරිෂූට් පැනීමක් සඳහා සූදානම්වූ පස් දෙනා අසුන්වලින් නැගිට යානයේ පසුපස දොරටුව වෙත පෝලිමේ ගියා. විශාල උපකරණ මලු හා ඔක්සිජන් ටැංකි නිසා ඔවුන් මදක් අපහසුවෙන් ගමන්කල බව පෙනුනා. ජම්ප් මාස්ටර් ලෙස කටයුතු කල ඇලෙක්සි ඩොගලොෆ් දොරටුව අසල සිටිමින් ඔවුන් සියලු දෙනාගේම උපකරණ යලිත් පරික්ෂා කලා.
* High Altitude Low Opening 

“перемычки готовы…” [පනින්නන් සූදානම්...] 
ජම්ප් මාස්ටර් රේඩියෝ යන්ත්‍රය හරහා නියමු කුටියට දැනුම් දුන්නා. නිකොලායි ක්‍රැස්නොෆ්ගේ පුද්ගලික හමුදාවේ පැරාටෲපර් කණ්ඩායම සූදානමින් සිටියා. රුසියානු ස්පෙට්ස්නාස් ගුවනින් බසින බළකායේ (V.D.V) සේවයකොට අත්දැකීම් ඇති මොවුන් ක්‍රැස්නෝෆ්ගේ කුලී හමුදාවෙන් ප්‍රහාරක සේවා ලබාගන්නා සේවාදායකයින්ට විශ්වාසවන්ත සේවයක් ලබාදුන්නා. ඉතා රහසිගතව වෙනත් රටවලට පැරිෂූට් වලින් ගොඩබැස ඝාතනයන්, කඩාකප්පල්කාරී ක්‍රියා හෝ පැහැරගැනීමක් සිදුකොට හීන් සීරුවේ ඒ රටෙන් පැනයාමට මොවුන් දක්ෂයන් වූවා. 

“пара минут…” [තව විනාඩි දෙකයි] නියමුවා පැවසුවා. ඒ වනවිට හෙඩ්ෆෝන් ගලවා සිටි කණ්ඩායමට තව විනාඩි දෙකක් ඇති බව ජම්ප් මාස්ටර් සුරතේ ඇඟිලි දෙකකින් දක්වා සිටියා. ඒත් සමගම යානයේ බඳහි රතුපැහැ විදුලි බල්බ දැල්වෙන්නට වුනා.

“рампа открыта….” [පිටුපස දොරටුව විවර වනවා.....]
නියමු කුටියෙන් අණතුරු ඇඟවීම ලැබෙනවාත් සමගම ඇන්ටනෝෆ් 12 යානයේ පිටුපස විශාල කාගෝ දොරටුව විවර වෙන්න පටන් ගත්තා.

“30 секунд .... прыгать на зеленый…” [තත්පර 30යි  කොළපැහැති බල්බය පත්තුවුනාම පනින්න...] නියෝගය ලැබෙද්දී යානය තුල රතුපැහැති බල්බ නිවි නිවී දැල්වෙන්නට වුනා. තත්පර 30ක් ගතවුනු තැන ඒවා කොළ පැහැයෙන් දැල්වෙන්නට වූ අතර සූදානමින් සිටි පැරිෂූට් භටයින් එකා පස්සේ එකා යානයෙන් ඉවත්වුනා.

“пять перемычек очистили самолет…..” [පස්දෙනා යානයෙන් ඉවත්වුනා...] ජම්ප් මාස්ටර් නියමු කුටියට වාර්තාකලා. නියමු කුටියේ සිටි ප්‍රධාන නියමුවා කුටියේ තිබූ Iridium 9555 චන්ද්‍රිකා දුරකථනය රැගෙන කෙටි පණිවුඩයක් යැවුවා. 

ඩුබායිහි එමිරේට්ස් පැලස් හෝටලයේ සුපිරි කාමරයක, සල්ලාල රූමතියකට තුරුලුවී ඩැල්මෝර් විෂ්කි වීදුරුවක් තොලගාමින් සිටි නිකොලායි ක්‍රැස්නෝෆ්ගේ ජංගම දුරකථනය පණිවුඩයක් ලැබුණු බව සටහන් කරමින් වයිබ්‍රේට් වුනා. 

“оставляя воздушное пространство лантана.....” [දෙවන කණ්ඩායම පිටත්වුනා....ලංකා ගුවන්සීමාවෙන් ඉවතට යමින් සිටිනවා.....] පණිවුඩයේ සටහන්ව තිබුණා.




උදෑසන 7.35 ශාන්ත බෙනඩික්ට් තාපසාරාමය, ඇඩිෂම්

“මම කතා කරන්නම්, ඔයා මගෙ ඇසිස්ටන් විදියට ඉන්න..."විමුක්ති, අකිල්ට උපදෙස් දුන්නා.

ඈතින් පොලිස් ජීප් රථයක් නවත්වා තිබූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා මෙන් පෙනුනු පුද්ගලයෙකු පියතුමෙකු සමග කතාකරමින් සිටියා. ඒ අසලට යනවිට පියතුමා ඔවුන් දෙස බැලූ අතර ස්ථානාධිපතිවරයා ඔවුන් දෙස බලමින් "ඔයාලා කවුද? මොනවද මෙතන කරන්නේ?"යයි විමසුවා.

සිය රාජකාරි හැඳුනුම් පත අතට ගත් විමුක්ති එය පෙන්වමින්  කතාකලා.

"මහත්තයා එස්.අයි.එස් එකෙන්?"කියමින් ස්ථානාධිපතිවරයා සැලූටයක් ගසද්දී පියතුමා මදක් කළබලවූ බවක් පෙන්වූවා.

"ෆාදර්, මේ මහත්තයලා එස්.අයි.එස් එකෙන්..."ස්ථානාධිපතිවරයා සියතේ තිබූ විමුක්තිගේ හැඳුනුම් පත පෙන්වූවා.

"එස්.අයි.එස්??"

"ඔව් ෆාදර්....අපි ස්ටේට් ඉන්ටෙලිජන්ස් ඒජන්සියෙන්....නුවර එලියේ ෆොරිනර් කෙනෙක්ගේ මර්ඩර් කේස් එකක් ඉන්වෙස්ටිගේට් කරන්න ආවේ....මගෙ කමාන්ඩින් ඔෆිසර් කිව්වා මෙහෙටත් ඇවිල්ලා බලන්න කියලා...මෙහෙ ඉන්න සමහර ෆාදර්ලා බ්‍රිටිෂ් නැෂනල්ස්ලා කියලයි කිව්වෙ..."

"ඔව් මෙහෙ පුහුණුවෙන්න ආපු ආධුනික තාපසවරු දොලහක් ඉන්නවා.....එයාලා බ්‍රිටිෂ්...."පියතුමා මද අස්වැසිල්ලක් ලැබූ පරිද්දෙන් පිලිතුරු දුන්නා.

"කාට හරි අණතුරක් එහෙම වෙලාද?"

"ෆාදර් ඇන්තනිට තමයි කරදරේ වුනේ....එයා සද්දයක් ඇහිලා බලන්න එනකොට ඇතුලෙ හිටපු හොරා කලබල වෙලා එයාට කනප්පුවකින් ගහලා.....ඩොක්ටර් බැලුවා..... තැලුම් විතරයි කිව්වා...එයා දැන් හපුතලේ නර්සින් හෝම් එකකට ඇඩ්මිට් කලා විවේක ගන්න...."

"අපිට එතන බලන්න පුලුවන්ද?"

"ම්ම්ම්ම්...."පියතුමා මදක් කල්පණාකරද්දී ස්ථානාධිපතිවරයා "ෆාදර් මෙයලාලා රජයේ බුද්ධි අංශයෙන්නේ.... බයවෙන්න දෙයක් නෑ...."

“පොඩ්ඩක් ඔහොම ඉන්න මම අපේ ලොකු ෆාදර්ගෙන් අහලා එන්නම්.”

ඔහු ඈතට යනවිට ස්ථානාධිපතිවරයා විමුක්ති සමග කතාකලා.

"මෙයාලා හරිම අකමැතියි තාපසාරාමේ ඇතුලට අමුත්තන් ගන්න........අපේ කොස්තාපල්ලා කවුරුවත් ඇතුලට ගත්තේ නෑ....මට විතරයි තැන පෙන්නුවෙත්....."

"ඇයි ඒ...?"අකිල් කුතුහලයෙන් ඇහුවා.

"ඇඩිෂම් තාපසාරාමේ හැටි එහෙම තමයි.......එයලා ගතකරන්නේ බොහොම නිහඬ, අල්පේච්ඡ ජීවිතයක්.....කන්නේ බොන්නේ මේ වතුවල හැදෙන දේවල් විතරයි.... වැඩ බොහොම නිහඬව තමයි..... ඇතුලෙ තොරතුරු පිටතට දෙන්න කැමතිම නෑ....."

“මේක මහ පරණ බංගලාවක් නේද?"අකිල් වටපිට බලමින් ඇසුවා. "හරිම ලස්සන තැන...."

“1910දී හදලා තියෙන්නේ තෝමස් විලියර්ස් කියන වතු අයිතිකාර සුද්දෙක් එයාගෙ බංගලාව විධියට...එයා තමයි මැක්වුඩ්ස් තේ කොම්පැණියේ නිර්මාතෲ.....පස්සේ බංගලාව තාපසාරාමයක් විදියට ශාන්ත බෙනඩික් නිකායට පැවරුනා....."ස්ථානාධිපතිවරයා විස්තර කරා.

"කට උත්තරේ මොනවද තියෙන්නේ?"

"ෆාදර් ඇන්තනි කියන විධියට එයා කුටියේ පොතක් කියව කියව ඉන්නකොට පාන්දර එකහමාරට විතර උඩ තට්ටුවේ පුස්තකාලේ පැත්තෙන් සද්දයක් ඇහිලා...එයා හිතලා තියෙන්නේ පූසෙක් කියලා. මෙහෙ ලොකු පූසෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා.....එය උඩ තට්ටුවට නැගලා පූසට කතාකරන කොට එකපාරමට කළු ඇඳගත්ත එකෙක් ලොකු කනප්පුවක් ඇඟට විසිකරලා........ඒක මහ බර කනප්පුවක්.......ෆාදර් කියපු විධියට ඒ මිනිහා ඉඳලා තියෙන්නේ සේප්පුව ලඟ...එතන ඉඳගෙනම කනප්පුවට පයින් ගැහුවලු...ඒක ඇඟේ වැදිලා වැටෙන අතරේ ඌ පැනගෙන....ෆාදර් කෑගහන සද්දෙට මුරකාරයොයි අනෙක් ෆාදර්ලයි දුවගෙන ඇවිල්ලා...."

“ෆාදර් කියන්නේ පයින් ගැහුවා.. කනප්පුව තල්ලුවෙලා ඇවිල්ලා එයාගෙ ඇඟේ වැදුනා කියලා........ඒක හරි බර පරණ කනප්පුවක්..... පයින් ගැහුවට තල්ලුවෙයි කියලා හිතන්න බෑ....උස්සලා විසිකරන්න ඇති..ෆාදර්ට කරුවලේ හරියට පේන්ඩ නැතුව ඇති....ඒත් ඒක උස්සන්න මිනිස්සු දෙන්නෙක්වත් ඕනෑ...... ෆාදර්ට ලොකු ඩැමේජ් එකක් වුනේ නැති එක පුදුමයි...."

“සේප්පුව කඩලද?"

"ඔව් හැබයි අගුලෙන් නෙමෙයි.... සේප්පු දොරේ වානේ සරනේරු දියවෙන්න මොනවද දාලා....මම හිතන්නේ ඇසිඩ්.....ඒ දොර කිලෝ පනහක් විතර බරයි....ආදි කාලේ සේප්පුවක්...... ගලවලා පැත්තකින් තියද්දී පෙරලිලා...ඒ සද්දෙට තමයි ෆාදර් ඇන්තනි ඇවිල්ලා තියෙන්නේ...."

කතාබහ අතරේ ඇතුලට ගිය පියතුමා යලිත් පැමිණියා.

"එස්.අයි.එස් මහත්තුරු දෙන්න විතරක් එන්න....."

ඒ ඉල්ලීමෙන් පසු විමුක්ති හා අකිල් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සමුගෙන පියතුමා පසුපසින් ගියා.

"මුත්තුලිංගම්....මේ මහත්තුරුන්ට සිද්දිය වුන තැන පෙන්නන්න.... මහත්තයලා ඇතුලෙ ෆොටෝ ගන්නේ නෑ නේද?"

"නෑ ෆාදර්..අපිට සිද්දිය වුන තැන පරීක්ෂාකරන්න ලැබුනොත් ඇති...."විමුක්ති පිලිතුරු දුන්නා.

ඇඩිෂම් බංගලාවේ කෙයාටේකර් හෙවත් පාලකවරයා ලෙස කටයුතුකල මුත්තුලිංගම් පසුපසින් තරප්පුව නැගගෙන උඩුමහලට පිවිසි විමුක්ති හා අකිල් විශාල පුස්තකාලයක් මෙන් පෙනෙන තැනකට ආවා. එහි පොත් රාක්ක පැරණි පොත්පත් වලින් පිරී තිබුණා. එහි පොත් කියවමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ආධුනික තාපසවරුන් කිහිපදෙනෙක්, ඔවුන් එහි එනවිටම සෙමින් නැගිට පිටව ගියා.

"මේ තියෙන්නේ ශර් සේප්පුව...."මුත්තුලිංගම් අපරාධය සිදුවූ ස්ථානය පෙන්නුවා.

"සේප්පුවේ තිබුණු මොනවා හරි නැතිවෙලාද?"අකිල් විමසුවා.

“නෑ ශර්...මේ සේප්පුවේ යතුර කැඩිලා, දැන් අවුරුදු හතලිහකින් විතර ඇරලා නෑ....ඇතුලේ මොනවා තියෙනවද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැ....දැන් තමයි දන්නේ මේ බංගලාව හදවපු තෝමස් විලියර් මහත්තයාගේ ඩොකියුමන්ට්ස් පරිස්සමට තියපු තැන කියලා..... පරණ ඔප්පු, ලියකියවිලි තමයි තියෙන්නේ........හොරා හිතන්න ඇති රත්තරන්, මණික් වගේ වටින දේවල තියෙනවා කියලා...."

"සේප්පු දොරේ සරනේරු කඩලා තියෙන්නේ ඇසිඩ් දාලද?"අකිල් විමසුවා. සේප්පුව තබා තිබූ බුරුත ලීයෙන් තැනූ බිමේ විශාල පැල්ලමක් තිබුණා. එම පැල්ලම ඇඟිල්ලෙන් පිරිමැද්ද විමුක්ති අකිල් දෙස බැලුවා......

"ඇසිඩ්ද?"

"නෑ.....ඇසිඩ් නම් මෙච්චර ඉක්මණට වේලෙන්නේ නෑ....තෙතට තියෙන්න ඔනෑ....අනික් එක ඇඟිල්ල පිච්චෙන්න ඕනෑ.....ඒවගේම වානේ දිය කරන්න තරම් සැර නයිට්‍රික් ඇසිඩ් වගේ ඇසිඩ් එකක් මේ ලීයත් කාගෙන යන්න ඕනෑ .එහෙම වෙලා නෑ....වෙන මොනවාහරි ......හිතා ගන්න බෑ...."

පහත්වී දණ බිම ඇනගෙන විශාල පැල්ලම නිරීක්ෂණය කල අකිල්; “I think I know…..”  

"What’s your theory?" [ඔයාගෙ උපකල්පණය මොකක්ද?] විමුක්ති අකිල් දෙස බැලුවා.

"I think our girlfriend poured liquid nitrogen…." [මම හිතන්නේ අපේ යෙහෙලිය ද්‍රව නයිට්‍රජන් වක්කරලා]

“The Dutch girl….?” [මේ අපේ ඕලන්ද කෙල්ලගෙ වැඩක් කියලද කියන්නේ?] මුත්තුලිංගම් ලඟින් සිටිමින් කතාබහ අසාගෙන සිටි නිසා විමුක්ති ක්‍රිස්ටීන්ගේ නම නොකියා සිටියා. 

"Yep…." [ඔව්..]

"කොහෙන්ද ලික්විඩ් නයිට්‍රජන් හොයාගන්නෙ?"

"එච්චර අමාරු නෑ විමුක්ති...මෙඩිකල් ලික්විඩ් නයිට්‍රජන් කියලා ලික්විඩ් නයිට්‍රජන් ජාතියක් ඔපරේටින් තියටර් තියෙන ඉස්පිරිතාලවල පාවිච්චි වෙනවා.......ගෑණි කොහෙන් හරි පොඩි සිලින්ඩර් එකක් හොරකම්කර ගන්න ඇති.... ලික්විඩ් නයිට්‍රජන් සෙන්ට්‍රිග්‍රේඩ් සෘණ 200ක විතර තියෙන්නේ.......ඒක වානේවලවලට වැක්කෙරුවහම වානේ වල හයිය නැතිවෙලා ගඩොල් වගේ කුඩුවෙනවා....මෙයා සරනේරු කඩලා තියෙන්නේ එහෙම .... මේ පේනවා නේද සරනේරුවල කුඩුවුන කෑලි.....හැබැයි මොනවටද මේක කැඩුවේ කියලා හිතාගන්න බෑ.........."අකිල් පවසද්දී විමුක්ති;

"එයා හොයපු දේ හම්බෙලා තියෙනවා වගේ පේන්නේ............යමු පහලට.....වාහනේදී එකේදී කියන්නම්....මෙතන වෙන බලන්න දෙයක් නෑ.........."

~ / ~

"භාවනා කරලා ඉවරවුනාම විස්තරේ කියන්න.....මට හදිස්සියක් නෑ......"වාහනයට ගොඩවී පැය භාගයක් යන තෙක්ම නිහඬව රථය මෙහෙයවන විමුක්ති දෙස බලමින් අකිල් උපහාසාත්මකව පැවසුවා. ඔහු විමුක්ති හෙලිකරගත් රහස දැනගන්නට නොයිවසිල්ලෙන් සිටියා.

“සොරි අකිල්...මම මේක ගලපගන්නයි වෙලා ගත්තේ.........ඉස්සෙල්ලම කියන්න ඕනේ ඇඩිෂම් වලට පොපොවික්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා..... ඒක මට කලින් තේරුනේ නෑ...දැන් තමයි ක්ලික් වුනේ......පොපොවික්ගේ පික් අප් එකේ ඩෑෂ් කැම් එකක් තියෙනවා. ඒකෙ රෙකෝඩිං ඔක්කොම මම බැලුවා.....මිනිහා රීටාව සීතා අම්මන් කෝවිලට ඇරලවලා කෙලින්ම ඇඩිෂම් ඇවිල්ලා තිබුණා...ඒක එච්චර වැදගත් කියලා මට හිතුනේ නෑ….මම හිතුවේ නිකන් විසිට් එකක් කියලා...ඒවගේම පොපොවික්ගේ ගෙදර කුස්සියේ ඇඩිෂම් එකේ හදන ජෑම්, කෝඩියල්, සෝස් බෝතල් තියෙනවා මම දැක්කා....ඒකත් මෙතනට එන්න හේතුවක් විදියටයි මම කලින් ගත්තේ......ඒවගේම මිනිහා මීට කලිනුත් ඇඩිෂම් ඇවිල්ලා, මෙතන ෆාදර්ලා එක්ක සම්බන්ධයක් හදාගෙන තියෙනවා….මිනිහා ආගමික තැන්වලට සල්ලි දෙනවා කියලා රීටාගේ කට උත්තරේ තියෙනවා...සමහරවිට සල්ලි ප්‍රදානයක් කරන්න ඇති...මොකද මිනිහා වාහනේ කෙලින්ම මේන් ගේට් එකෙන් ඇතුලට ගත්තා...එහෙම ඇතුලට ගන්නේ වැදගත් විසිටර්ලාව විතරයි......මිනිහා මෙතනට සෙට් වෙන්න ඇත්තේ ඔය සේප්පුවට විදින්න ක්‍රමයක් හදාගන්න...... මිනිහා සේප්පුවේ තියෙන දේ ගැන දැනගෙන ඉන්න ඇති.... ක්‍රිස්ටීනා මිනිහගෙ ඔෆිස් එකේ තිබුණ සටහන් වලින් ඔය හෝඩුවාව හොයා ගන්න ඇති....කවුද දන්නේ ගෑණි කී සැරයක් රෑට රෑට ඔය ගෙදෙට්ට රිංගුවද කියලා...අපි දන්නෙත් ඔයා ගෑණිව දැකපු නිසානෙ....."

"ඉන්න මම පෙන්නන්නම්....."කියූ විමුක්ති සිය කමිස සාක්කුවෙන් තරමක් මහත පෑනක් එලියට ගත්තා.

"මේකෙ ස්පයි කැමරා එකක් තියෙනවා....මම සේප්පුවේ තියෙන ඒවා රෙකෝඩ් කරා.... ඕකෙ කරෙන් ගලවන්න..... ඔය යු.එස්.බී පෝට් එක මගේ ටැබ් එකට ගහන්න එතකොට රෙකෝඩින් එක බලන්න පුලුවන්....."

අකිල් වීඩියෝව ධාවනය කලා.

"සේප්පුවේ දෙවෙනි තට්ටුව බලන්න....පේනවද දූවිලි වැදිච්ච නැති තැනක මාක් එක......මම හිතන්නේ එතන තිබුණේ නෝට් පොතක්......ඒකේ ඔය කියල අත්භූත ගුහාවට යන සිතියම ඇති........"

“ඒත් ඔය සිතියම් ඇඩිෂම් එකේ සේප්පුවට ආවේ කොහොමද??"අකිල් ව්‍යාකූල හඬකින් ඇසුවා.

"හරියටම දන්නේ නෑ අකිල්..ඒත් ඔය සේප්පුව තෝමස් විලියර්ස්ගේ කියලා තහවුරු වුනානේ....තෝමස් විලියර්ස් කියන්නේ 1900 ගණන්වල ලංකාවේ හිටපු ලොකුම තේවතු අයිතිකාරයෙක්....... ඔයා හොයාගත්ත ලියුම අත්සන් කරපු හැරී ස්ටෝරේ මාතලේ තේවත්තක මැනේජර් කෙනෙක්........සමහරවිට දෙන්නා යාලුවෝ වෙන්න ඇති.....සමහවිට තෝමස් විලියර්ස්, හැරී ස්ටෝරේගෙ තේවත්තේ අයිතිකාරයා වුනාද දන්නේ නෑ....ඒ විශ්වාසෙ උඩ හැරී ස්ටෝරේ ඔය තොරතුරු ආරක්ෂිතව තියන්න එයාගෙ හාම්පුතාට දුන්නද කවුද දන්නේ....තෝමස් විලියර්ස් කියන්නේත් එන්ගලන්තෙ රදල පරම්පරාවක මිනිහෙක්නෙ....බ්‍රිතාන්‍යයටයි, රැජිණටයි හොඳටම පක්ෂපාතී වෙලා ඉන්න ඇති...මිනිහා ඇත්තටම “සර්” තෝමස් විලියර්ස්...ඒ කියන්නේ රැජිණ අතින් නයිට් නම්බුනාමයක් ලබපු කෙනෙක්....ඔය වගේ බැරෑරුම් රහසක තොරතුරු සඟවලා තියාගන්න භාරකරන්න පුලුවන් විශ්වාසවන්තම මනුස්සයෙක්........මොකද ඔයා හිතන්නේ?" 

විමුක්ති සිය කල්පිතය විස්තර කරමින් අකිල් දෙස බැලුවා.



අළුයම 1.45, පිදුරුතලාගල රක්ෂිත වනාන්තරය

ඝණව වැඩුනු පඳුරුවලින් වටවුනු ගල් දෙබොක්කාවකට මුවාවුනු ඇය, සිය පිටෙහි එල්ලාගෙන සිටි බෑගය දෑතට ගෙන එහි සීරුවෙන් එහි සිප් එක විවර කලා. රැහැයියන්ගේ හඬත්, සුළඟේ දෝංකාරයත් හැරෙන්නට වෙන කිසිම හඬක් නොතිබුණු නිසා බෑගයේ සිප් එක අරින හඬින් පවා සතුරාට තමන් සිටිනා ඉසව්ව ගැන හෝඩුවාවක් ලබාගත හැකි බව ඇය දන්නවා. ඇයගේ සුපිරි දෙනෙත් වලට කෑළි කැපිය හැකි ඝණ අඳුරේ වුවද සෑහෙන හොඳින් අවට පෙනුනත් සතුරාද ඊටත් වඩා හොඳින් අඳුරේ පෙනෙන නයිට් විෂන් දෙනෙති හා සිරුරේ උණුසුමෙන් ඇයව හඳුනාගත හැකි අධෝරක්ත ස්කෑනර් රැගෙන පැමිණ ඇති බවට ඇය අනුමාන කලා. 

නිකොලායි ක්‍රැස්නොෆ්ගේ ඝාතක කණ්ඩායම් සෑම විටම නවීනතම අවි හා උපකරණලින් සන්නද්ධව සිටියා. සෑම වසරකම අබුඩාබියේ පැවැත්වෙන IDEX යුධ අවි ප්‍රදර්ශණයට සිය විශ්වාසවන්ත සහයකයින් යවන ක්‍රැස්නොෆ් අති නවීනතම ආයුධ හා යුධ උපකරණ මිලට ගත්තා. කලක් බිලියනපති ක්‍රැස්නොෆ්ගේ පෞද්ගලික හමුදාවේ ඉහලම නිළයක් දැරූ ඇය, ක්‍රැස්නෝෆ් වෙනුවෙන් වසර කිහිපයක්ම අයිඩෙක්ස් අවි ප්‍රදර්ශණයට සහභාගීවී තිබුණා.  

උපතින් ලිහිණි ගුණසිංහ ලෙස නම් ලබා සයමස් විය පසුකරන්නටත් පෙර නෙදර්ලන්තයේදී ක්‍රිස්ටීනා වැන්ඩර් වාල් ලෙස භෞතීස්මව, සතරවැනි උපන්දිනය ලබනවිටම රුසියාවේ අභිරහස් ජාන පර්යේෂණ මධ්‍යස්ථානයකට සොරෙන් ගෙනයන ලද ඇය ළමා කාළය ගතකලේ කුංෆූ හා කික්-බොක්සිං සටන් ක්‍රම, මානසික ඒකාග්‍රතාවය සඳහා භාවනා ක්‍රම, පිහිණීම හා කිමිදීම මෙන්ම ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙමින්. රුසියානු ගුලාග් සිරගෙවල්වල ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබූ දරුණු අපරාධකාරයින් හා මිනිස් ඝාතනවලට සිරගතවූ මිනීමරුවන් සමග සටන්වලට ඇයව යොමුකල පුහුණුකරුවන් ඇයට අනුකම්පා විරහිතව මෙන්ම ඉතාමත් ඉක්මණින් මිනිසෙකු මරාදැමිය හැකි ක්‍රම ප්‍රගුණ කරවූවා. වයස දහතුනක් වනවිට හොඳින් වැඩුනු පිරිමියෙකුට පහරදී බිමහෙලා ඔහුගේ ගෙල කඩා මරාදැමීමට ඇයට පුලුවන් වුනා. අවුරුදු පහලොවේ සිට සෑම වසරකම ගිම්හාන සෘතුවේ මාස දෙකක් ඇයගේ පුහුණුකරුවන් ඇයව රුසියාවේ ටයිගා මහා වනාන්තරයට ගෙනගොස් දැමුවේ තනිවම ජීවත්වෙමින් දිවිරැකගැනීම පුහුණුවීමටයි. උපකරණ ලෙස ඇයට ලැබුණේ කොමාණ්ඩෝ පිහියක් හා ජෙට්-ෆ්ලේම් ලයිටරයක් පමණයි. දඩයක්කරුවන් විසින් අතහැර දැමූ ලීකොට වලින් තැනූ කැබින් එකක දිවිගෙවූ ඇය කුසගින්න නිවා ගත්තේ සාවුන් වැනි කුඩා සතුන් අල්ලා මස් පලහා කමින්. සතෙකු අල්ලා ගැනීමට නොහැකිවූ විට ඇයට දිනගණන් නිරාහාරව සිටින්නට සිදුවුනා. කාන්සිය මගහැරුනේ ලීකොට පැලේ කුඩා අල්මාරියක තිබූ; “නිරායුධ දඩයම් කලාව” හා “කැලයේ දිවි රැකගැනීම” ගැන උපදෙස් තිබූ පොත් කියවීමෙන්. ඒවායේ තිබූ උගුල් ඇටවීමේ, සතුන් මැරීමේ හා ජීවිතාරක්ෂක උපදෙස් ඇයට වනපොත්වී තිබුණා පමණක් නොව දිවි රැකගැනීම උදෙසා දිනපතා ඒවා අත්හදා බැලීමටද සිදුවුනා. මේ සියලු පුහුණුවීම් වසය දහඅට සැපිරීමට පෙර නිමකල ඇය පිටසක්වල ජාන ලැබීමට සුදුස්සෙකු බවට බවට පත්වුනා. රුසියානු හා තවත් විවිධ ජාතීන්වල ප්‍රතිග්‍රාහකයින් දාහත් දෙනෙකුටද එම ජාන ලැබුණද දරුණු ආසාත්මිකතා හේතුවෙන් සමහරුන් මියගිය අතර අනෙකුන්ගේ අවයව හා මනස් විකෘති වුනා. එම පිටසක්වල ජාන සාර්ථකව මුහුවුනේ ලාංකික තරුණියක් වූ ක්‍රිස්ටීනා නොහොත් ලිහිණිගේ ජාන සමග පමණයි.

ක්‍රිස්ටීනා නොහොත් ලිහිණි සුපිරි සෙබලියක් බවට පත්කල ප්‍රොජෙක්ට් ජෙනෙසිස් ව්‍යාපෘතිය නිකොලායි ක්‍රැස්නොෆ්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යයය හා රුසියානු රජය සුසංයෝගයෙන් බිහිව තිබුණා. කෙසේ වෙතත් ව්‍යාපෘතියේ පර්යේෂණ තුලින් බිහිකල තාක්ෂණය හා සාර්ථකව ඉවැඩි කරන ලද එකම මානවයාවූ ක්‍රිස්ටීනා බෙදාගැනීමේ දැඩි මතගැටුම් උඩ ඇතිවූ විරසකය නිසා නිකොලායි ක්‍රැස්නොෆ්ගේ ජෙනෙසිස් ව්‍යාපෘතියේ විද්‍යාගාර සියල්ලමත්, විද්‍යාඥයින් හා තාක්ෂණවේදීනුත් රුසියානු රජය අත්පත්කරගත්තත් එහි අග්‍ර නිර්මාණය වූ ක්‍රිස්ටීනා, ක්‍රැස්නෝෆ්ට පක්ෂපාතව ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ සතුරන් වනසන පෞද්ගලික හමුදාවේ විශ්වාසවන්තම සෙනෙවියා බවට පත්වුනා. රුසියාව තහනම් රටක්වූ පසු ස්විට්සර්ලන්තය හා අබුඩාබිය සිය මූලස්ථාන කරගත් නිකොලායි ක්‍රැස්නෝෆ් ලෝකයේ ප්‍රභලම පෞද්ගලික රහස් ඔත්තුසේවය, විශාලම පෞද්ගලික සයිබර් ප්‍රහාර ඒකකය හා බලසම්පන්න කුලී හමුදාවක් බිහිකරගෙන සිටියා. ලෝකයේ ඕනෑම ධනවතෙකුට හෝ රාජ්‍යයකට සිදුකරගැනීමට ඕනෑවූ නොනිළ අවි ප්‍රහාර, ඝාතන, බුද්ධි තොරතුරු, රහස් තාක්ෂණ, ව්‍යාපාරික රහස්, හැකින් ප්‍රහාර හා රහසේ ලබා ගතයුතුවූ විශේෂඥ ආරක්ෂක සේවා ක්‍රැස්නෝෆ්ගේ සමාගම ලබාදුන්නා. එවැනි බලයක් ඇති නිකොලායි ක්‍රැස්නෝෆ්ගේ විශ්වාසවන්තම හා ප්‍රියතම සෙනෙවියා වූ ක්‍රිස්ටීනා දැන් ඔහුගේ ලොකුම හතුරා වී සිටින අතර ඇයගේ හිස ගෙන ඒමට ඔහු ඝාතක කණ්ඩායමක් එවා තිබෙනවා.

බෑගයෙන් පසුම්බියක් වැනි යමක් එලියට ගත් ක්‍රිස්ටීනා එය තුල තිබූ සිරින්ජයක් හා ඖෂධ වයලයක් එලියට ගත්තා. කටුව වයලය තුලට යවා මිලි ලීටර් 30ක් සිරින්ජයට පුරවාගත් ඇය එය සිය බෙල්ලේ බල නහරයට එන්නත් කරගත්තා. දෑස් පියාගත් ඇයට මෙත්කැතිනෝන්, එෆිඩ්‍රීන් හා ඇඩ්‍රිනලින් අඩංගු ඒ බලගතු උත්තේජකය නහරවැල් පුරා දුවමින් ගත පුබුදුවන අයුරු දැනීගියා. තවත් මොහොතකින් සිදුවන දේ දැනසිටි ලිහිණි/ක්‍රිස්ටීනා ඒ පසුම්බියේම තිබූ කුඩා ලී කැබැල්ලක් දත්වලට හසුකරගෙන තදින් සපාගගෙන දෑත් මිටිමොලවා පපුවට තදකරත්තා.  ඖෂධ මිශ්‍රණය මොළය පුරා දිවයමින් ස්නායු අධි-උත්තේජනයකට බඳුන්කරද්දී ඇය මීමැස්මොර රෝගියෙකු මෙන් ගැහෙන්නට වුනා. මොළයේ සිනැප්සවල ක්‍රියාකාරිත්වය එක්වරම ඉහලයාම නිසා පරිග්‍රහණ හෙවත් seizure අවස්ථාවට ඇය පත්ව සිටියා.

විනාඩි කිහිපයකින් පරිග්‍රහණය නැවතුනු අතර මුලු සිරුරම දහදියෙන් නෑවීගොස් තිබුණා. නළලෙන් රූරා වැටෙන දහදිය පිටි අත්ලෙන් පිස දැමූ ඇය දෑස් පියාගෙන සවන් යොමුකලා. මොහොතකින් දහදිය නිවීගොස් ගත ශීතල වී හෘද ස්පන්ධන වේගය අඩුවුනා. සිරුරේ ක්‍රියාත්මකවෙමින් තිබූ බලගතු රසායණිකයන් ඇයගේ සංවේදන ත්‍රීව්‍රකොට මනස නිරවුල් කලා. ඈතින් රේඩියෝ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් ක්‍රියාත්මක වන හඬක් ඇයට ඇසුනා. ක්‍රැස්නොෆ්ගේ ඝාතකයින් සතර දෙනා රේඩියෝ පණිවුඩ මගින් සම්බන්ධවී දිශා සතරකින් තමන්ව වටකරමින් පිදුරුතලාගල ගුවන් හමුදා පරිශ්‍රය දෙසට පන්නන බව ඒවන විටත් ඇය තේරුම්ගෙන සිටියා. ඔවුන්ගේ ක්‍රියාන්විත රටාව ඇය හඳුනාගත්තා. ගුවන්හමුදා කඳවුරු හා රූපවාහිණී කුළුණ ඇති පරිශ්‍රයේ යම් උස් තැනක ඔවුන්ගේ කණ්ඩායමේ පස්වැන්නා වූ සනයිපර් වෙඩික්කරුවා සැඟවී කල්බලමින් සිටිනවා විය යුතුයි. අනෙක් අය ඇයව කෙසේ හෝ එදෙසට පැන්නිය යුතුව තිබුණා. තමන්ව කොටුකරගෙන මරා දැමීම ඔවුන්ගේ ඉලක්කය වුනා. එය එතරම් පහසුනොවූවත් ක්‍රැස්නොෆ් සිය හොඳම දක්ෂයින් මේ ක්‍රියාන්විතයට යොදවා ඇති බවට සැකයක් තිබුණේ නෑ.

හරි හැටි මග සලකුණු නොමැතිව පිදුරුතලාගල කැලයට ඇතුලුවීම ගැන ඇය පසුතැවුනත්, තමන් ගැන ඉව අල්ලමින් සිටි ක්‍රැස්නොෆ්ගේ ඝාතකයින් නොසිතූ පරිද්දෙන් කැලයේදී තමන්ට පහරදීම නිසා ඒ අදහස වෙනස්වුනා. ඇඩිෂම් තාපසාරාමයේ සේප්පුවෙන් ලබාගත් සටහන් පොතේ දළසටහන් මීට වසර සියයකට වඩා පැරණි ඒවා නිසා, ඒවායේ ඇති මගසළකුණු වර්තමානය හා ගලපාගන්නට අපහසුවුනා. නිවැරදි සිතියම් හා සූක්ෂම අධ්‍යයනයකට අවශ්‍ය කාළය තිබුණේනම් අතීතය හා වර්තමානය ගලපාගන්නට හැකියාව තිබුණත් ක්‍රිස්ටීනාට ඒ දෙකම තිබුණේ නෑ. කළයුතු දෑ ඉක්මණින්ම කිරීමට ඇයට සිදුවුනා. ඇයගේ ඉක්මණ්වීම නිවැරදි බව දැන් ඇයට වැටහුනා. 

"මුන් මගෙ පස්සෙන් මෙහෙට ආපු එක හොඳයි.......කැලේ ඇතුලෙදිම ඉවරයක් කරලා දාන්න ඕනෑ.....වෙන තැනක වුනොත් අහිංසක මිනිස්සු අණතුරේ…."ඇය අදිටන් කරගත්තා. ක්‍රැස්නෝෆ්ගේ සමහර රුසියානු ඝාතකයින් මිනිස් ජීවිත තුට්ටුවකට ගණන් නොගත් අතර සිය ඉලක්කය සපුරාගන්නට අහිංසකයින් දුසිම් ගණනක් බිහිසුණු මරණවලට ගොදුරු කරන්නට ඔවුන් දෙපාරක් සිතුවේ නෑ. ඉතා සූක්ෂමව හා වෙනත් කිසිවෙකුට අණතුරක් සිදු නොවන්නට සිදුකල යුතු ඝාතන සඳහා කැස්නෝෆ් බ්‍රිතාන්‍ය, කොරියානු හා ජපන් විශේෂ බළකාවල සේවය කොට විශ්‍රාම ගිය මෙහෙයුම්කරුවන් ඉතා ඉහල මිලක් ගෙවා සේවයේ යොදවාගත්තා. ක්‍රිස්ටීනාද බොහෝ කලක් කැස්නෝෆ්ගේ ඉතාමත් සංවේදී මෙහෙයුම් වල යෙදුනු, ලඟාවන්නට ඉතාමත් අපහසු ඉලක්ක ඝාතනය කල සුපිරි මෙහෙයුම්කාරියක්ව සිටියා. කෙසේ හෝ අද අලුයම ඉර ගැනෙන්නට ක්‍රැස්නෝෆ්ගේ රුසියානු ඝාතක නඩය මරාදැමිය යුතුම වුනා. ක්‍රිස්ටීනා ක්‍රියාත්මක වුනා. රේඩියෝ පණිවුඩ හඬ ඇසුන ඉසව්ව දෙසට ගොදුරක් නෙත ගැටුනු කොටි දෙනක් මෙන් සීරුවෙන් ඇදෙන්නට වුනා. 

“ты ее видишь?” [ඒකිව පේනවද?] ඝණව වැඩුණු මානා පඳුරු අතරින් සෙමින් අඩිය තබමින් සිටි එකෙකු සිය සගයන් ඇමතුවා.

“Нет…” [නෑ…] තවෙකුගෙන් පිලිතුරු ලැබුණා

“где эта сука….?” [මේ බැල්ලි කොහෙට වුනාද...?] අනෙකා ශාපකලා

“держать глаза открытыми….!!!” [ඇස් කන් ඇරගෙන හිටපල්ලා....!!!] නායකයා විධාන කලා

“запустить беспилотный…она близка” [ඩ්‍රෝන් එක උඩට යවන්න....ගෑණි ලඟම ඇති....] ස්නයිපර් වෙඩික්කාරයා ඉල්ලීමක් කලා

“толстый туман…” [මීදුම ඝණ වැඩියි.....] ඈතින් ඈතින් සිටි සතරවැන්නාගෙන් පිලිතුරක් ලැබුණා

“Перестаньте разговаривать…..!!!” [කතාව නවත්තපල්ලා.....!!] නායකයා ගෝරනාඩුකලා

"ආහ්!!....."ඈතින් ගමන්කරමින් සිටි එකෙකුගේ බෙල්ලේ කඩියෙක් කෑවා මෙන් තියුණු වේදනාවක් දැනුනා... ඔහු බෙල්ල අතගෑවා. අතට අසුවුනු කටුවක් වැනි යමක් අතට ගෙන එදෙස බලද්දී.....

"මැක්සිම්....තමුසෙට මොකද?"

"මුකුත් නෑ.....බෙල්ලේ කටුවක් ඇණුනා........."

"කටුවක්.......??"රේඩියෝ යන්ත්‍රයේ අනෙක් කොන සිටි එකා විමතියෙන් අසද්දී පඳුරක් අසල ගුලිවී සිටි ඇය එක්වරම ඔහුවෙත කඩා පැන ඔහුව පෙරලාගෙන බිම වැටුනා. ඈතින් සිටි ස්නයිපර් වෙඩික්කාරයා ඒ දැඟලීම දුටු අතර ඔහු එදෙසට පිට පිට වෙඩි තැබුවා. සයිලන්සරයක් සවිකොට තිබූ නිසා වෙඩි හඬක් ඇසුනේ නෑ. අවට ගල්කුලුවල වැදුනු උණ්ඩවලින් ගල්පතුරු ගැලවී විසිවෙද්දී ක්‍රිස්ටීනාගේ සුරතේ රැඳී තිබූ පිහිය මැක්සිම්ගේ උගුරුදණ්ඩ වෙන්කර තිබුණා. මරුවිකල්ලෙන් දඟලන ඔහු සදහටම නිසලවුනේ ඇයගේ කොමාණ්ඩෝ පිහිය ඔහුගේ හිස පිටුපස කුඩා මොළය පසාරුකරගෙන ඇතුලටම කිඳා බැසගිය පසුවයි. පලාතම එක්වරම නිහඬ වුනා. අවතාරයක් මෙන් මතුවූ ඇය යලිත් පඳුරු අතරින් අතුරුදහන්වූ බව ඈත සිටි ස්නයිපර් වෙඩික්කරුවා වාර්තා කලා.

“Максим мертв…!!! васили отправить беспилотный……!” [ඒකි මැක්සිම්ව මැරුවා...!! වසිලි දැන්වත් ඩ්‍රෝන් එක යවනවා.....!] 

“васили отправить беспилотный…..заткнись Иван!” [වසිලි ඩ්‍රෝන් එක යවන්න....ඉවාන් කටවහගනින්!]

නායකයාගේ විධානය ලැබුණු වහාම වසිලි සිය බැක්පැක් එකෙහි රඳවාගෙන සිටි කුඩා ඩ්‍රෝන් යානය සුරතට ගත්තා. මොහොතකින් එය සෙමින් ඉහල නැගි අතර වමතට බැඳගෙන සිටි ටච්-ස්ක්‍රීන් ටැබ්ලටයකින් එය පාලනය කරන්න පටන් ගත්තා.

"අධෝරක්ත කැමරාව ක්‍රියාත්මක කරන්න...! ග්‍රිඩ් පැටර්න් එකෙන් සර්ච් කරන්න...!"නායකයා අණකලා.

"අධෝරක්ත කැමරාව ක්‍රියාත්මකයි......"

අවර පෙති සතරක් ඇති කුඩා, එහෙත් බලසම්පන්න ඩ්‍රෝනය ග්‍රිඩ් සර්ච් පැටර්න් නම් සෙවුම් ක්‍රියාවලියේ නිරතවෙද්දී බිම හිඳගෙන එය ක්‍රියාත්මක කරමින් සිටි වසිලිගේ දැස් පාලක තිරය වෙත යොමුවී තිබුණා. තිරයේ එලියෙන් ඔහුගේ මුහුණ ආලෝකමත්වී තිබුණා.

"මෝඩයෝ.... බ්ලැන්කට් එකෙන් මූණයි ස්ක්‍රීන් එකයි වහගණින්... ලයිට් දාලා වගේ......"ඈත සිටි ස්නයිපර් වෙඩික්කරුවා කියද්දී වසිලි හිස එසවූවා. සිය වරද වටහාගත් ඔහු පැසෙන් කළු පොලියෙස්ටර් බ්ලැන්කටය ගන්නට සූදානම් වුවත් ඔහු ප්‍රමාද වැඩිවුනා. මැක්සිම්ගෙන් අත්පත් කරගත් කෝල්ට් M4 සුපර්-කාබයින් රයිෆලයේ ඉලක්කය ගත් ක්‍රිස්ටීන් උණ්ඩය මුදා හැරියා. අධිබල උණ්ඩය වසිලිගේ වම් කණ පසාරුකරගෙන ගොස් අනෙක් පසින් එලියට ආවා. පාලනයෙන් ගිලිහුණු ඩ්‍රෝනය ඈතට ඇදී යද්දී…. 

"අරකි වසිලිට තිබ්බා!!!....මීදුම වැඩියි.......මුකුත්ම පේන්නේ නෑ.....ඩ්‍රෝන් එකත් නෑ…...වික්ටර් මොනව හරි කරනවා......!!"ස්නයිපර් වෙඩික්කාර ඉවාන් කියනු රේඩියෝව තුලින් අනෙකුන්ට ඇසුනා.

"ෂිහ් තමුසෙලගෙ අඬවැඩියාව!!! අර කෙල්ලට තරම් ආත්මශක්තියක් උඹලට නැද්ද?....මට තනියෙන් එන්ඩයි තිබුණෙ....එන සැරේ මම තනියම ඇවිල්ලා ඕකිව කෑලිවලට කපනවා.....ඉවාන්, බොරිස් .....පසු බහිනවලා....... ඉක්මණට පිකප් එකට එනවලා......වෙලාවට ආපු නැති එකා දාලා යනවා......."කෝපයෙන් කියූ ඝාතක කණ්ඩායමේ නායක වික්ටර් සීරුවෙන් පසු බසින්න පටන් ගත්තා. මැක්සිම්ගෙන් ගලවාගත් රේඩියෝ රිසීවරය කණේ රුවාගෙන සිටි ක්‍රිස්ටීනාටද එම විධානය හොඳින් ඇසුනා.

ක්‍රිස්ටීනා මෙන්ම ඇය පසුපස ඉව අල්ලමින් ආ වික්ටර්ගේ නඩයද පිදුරුතලාගල වනයට ඇතුලුවුනේ කඳපොල පැත්තේ සිටයි. වික්ටර්ගේ වාහනය කැලයේ අද්දර නවතා ඇතිබව ඇය නිගමනය කලා. පොපොවික් නිහඬකිරීමෙන් පසු ගතවූ සෑම දිනක්ම ඇය හයිකින් පැමිණි ඉන්දියානු සම්භයවයක් ඇති මැලේසියානු තරුණියක් මෙන් රඟපාමින් කඳපොල පිදුරුතලාගල රක්ෂිත වන මායිමේ ගතකලා. රාත්‍රිය ගතකල කුඩා නවාතැන් පොලට අනන්‍යතාවය තහවුරු කිරීමට ඇය සතුව තිබූ මැලේසියානු ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කෙරුණා. ඇය කඳපොල පැත්තේ සිට පිදුරුතලාගල වනයට ඇතුලුවිය හැකි මං පෙත් නිරික්ෂණය කරමින් හා ඒ සලකුණු සිය ටැබ්ලට් පරිගණකයේ ගූගල් මැප්ස් සිතියමට ඇතුලත්කර ගනිමින් වසර සියයකට පෙර හැරී ස්ටෝරේ ඇතුලු පිරිසට හමුවූ අත්භූත ගුහාවට ලඟවිය හැකි මං සොයමින් සිටියා. ඇඩිෂම් සටහන් හමුවීමෙන් පසු ඇය සෙවූ ගුහාව සොයාගත හැකිවුවද පටන් ගත් කාරිය අවසන්වී තිබුනේ නෑ.

එම පෙදෙසේ මංමාවත් හා භූවිෂමතා හොඳින් අවබෝධකරගෙන සිටි ක්‍රිස්ටීනා, නිහඬව පසුබසිමින් සිටි වික්ටර්, ඉවාන් හා බොරිස්ට නොදැනෙන්නට ඔවුන් පසුපසින් ගියා. විනාඩි හැටක පමණ වෙහෙසකර ගමණකින් පසු වික්ටර් ඇතුලු පිරිස පැමිණි අළු පැහැති ටොයෝටා හයිලක්ස් පිකප් රථය ඈතින් දිස්වූ අතර පිරිස කඩිණමින් එයට ගොඩවෙනු ඇය දුටුවා. 

රියැදුරු අසුනට ගොඩවූ වික්ටර් ප්‍රධාන ලාම්පු නොදල්වා නයිට් විෂන් උපකරණය ආධාරයෙන් ගමන ඇරඹුවා. තීව්‍ර බෑවුම් සහිත මාර්ගයේ වේගයෙන් රථය පැදවූ වික්ටර් යන ගමන් මග උස් බිමක සිට නිරීක්ෂණය කල ක්‍රිස්ටීනා රයිෆලය රථය වෙත එල්ලකලා. අවස්ථාව එලඹෙන තෙක් ඇහිපිය නොහෙලා බලාසිටි ඇය වේගයෙන් යන රථය අවදානම් වංගුවක් ගන්නා මොහොතේම ඉදිරිපස ටයරයට වෙඩි තිබ්බා. Armour piercing හෙවත් ඝණ වානේ තහරුවක් පසාරුකරගෙන යාහැකි ජවයකින් යුතු එම උණ්ඩයෙන් ටයරය පුපුරාගොස් රථය පාලනයෙන් ගිලිහෙනවාත් සමගම එහි වීදුරු වෙත නොකඩවා වෙඩි තබන්නට ගත් ඇය වෙඩි තැබීම නැවැත්වූයේ රථය ප්‍රපාතයෙන් නොපෙනීගිය පසුයි.

"ප්‍රෂෙයි වික්ටර්....." [ගුඩ්බායි වික්ටර්....] පැවසූ ඇය තත්පර කිහිපයකින් රයිෆලය කැබලිවලට ගලවා සිය හයිකින් බැක් පැක් එක තුල අසුරා ගත්තා. මැක්සිම්ගෙන් ගලවාගත් පතරොම් මැගසින් පිරවූ බැන්ඩොලියරය පරීක්ෂාකල ඇයට එහි එක් පැසක තිබූ ග්‍රෙනේඩයක් හසුවුනා. "Термит [ටර්මිට්]"එහි ලියා තිබුණා. යකඩ පවා උණුකලහැකි තරම් උණුසුමකින් දැවෙන, එහෙත් පුපුරා නොයන තර්මයිට් ග්‍රෙනේඩයක් ඇය දුටුවා. තමන් මරා දැමුනු පසු සිරුර හඳුනාගත නොහැකිවෙන ලෙස පුලුස්සා දැමීමට එය ගෙන ආවා විය යුතුයි. මදක් කල්පණාකල ඇය ග්‍රෙනේඩය ගලවා ඉවත්කරගෙන බැන්ඩොලියරය සිය පැසට දමාගත්තා. 

තවමත් දැඩි මීදුමෙන් වැසුනු හාත්පස මිනිස් පුලුටක් දකින්නට තිබුණේ නෑ. ගලින් ගලට පනින කොටි දෙනක් මෙන් ගල්කුලු, ගස් වදුලු අතරින් වේගයෙන් ගමන් කල ඇය විනාඩි කිහිපයකින් වික්ටර් හා කල්ලිය ගමන් කල පික්අප් රථය වැටුනු ඉස්සවට ලඟාවුනා. එබී බැලූ ඇයට අඩි දෙසීයක් පමණ පහතින් පැත්තකට පෙරලී තිබූ රථය දකින්නට ලැබුනා. රියැදුරු අසුන්වල ගමන්කල වික්ටර්ගේ හා අනෙකාගේ අතපය, කුඩුවීගිය ඉදිරිපස වීදුරුවෙන් එලියට වැටී එල්ලෙමින් තිබුණා. ග්‍රෙනේඩයේ ආරක්ෂක පින් එක ගලවා දැමූ ඇය එල්ලය බලා විසි කලා. කැඩුනු පැති ජනේලයකින් ඇතුලට වැටුනු තර්මයිට් ග්‍රෙනේඩය බොල් ශබ්දයකින් පිපිරී හිරු මෙන් දීප්තිමත් එලියකින් දැල්වෙන්නට වුනා. මොහොතකින් මුලු රථයම ගිණිජාලාවකින් වෙලුනා.

"එලිවෙනකොට පිච්චුනු යකඩ විතරක් ඉතුරුවෙයි..."තමන්ටම කියා ගත් ඇය සිය බැක්පැක් සාක්කුවෙන් හෙඩ් ෆෝනය හා දුරකථනය එලියට ගත්තා. සිය ප්‍රියතම ගීතය වාදනය කරවූ ඇය හෙඩ්ෆෝනය පැලඳගෙන මීදුමෙන් වැසීගිය, පිණි වැස්සෙන් තෙත බරිතවූ පාලු මාවතේ ඇවිද යන්නට වුනා. 

සට සට ගා වැටෙන වැටෙන ලොකු පිණි කැට සෙමින් සෙමින් පොද වැස්සක් බවට පත්වූ අතර සුලඟ වේගවත්වී ඇයව තෙමාදැම්මා. මැක්සිම්ගේ උගුරුදණ්ඩ කපාදැමීමේදී විදිමින් ඉහිරී ගත නැහැවී තිබූ රත්පැහැ රුහිරු, මහ වැස්සෙන් සේදී යද්දී ලිහිණි//ක්‍රිස්ටීනා ගීත නාදයෙන් නැලවෙමින් පියවර තැබුවා. සුළඟ, අයිස් වතුර මෙන් දැනෙන වැස්ස පමණක් නොව ඇටමිදුළු තුලට කිඳාබසින දැඩි ශීතල ගැන හෝ ඇයට වගක් තිබුණේ නෑ. 

You got that James Dean daydream look in your eye…….
And I got that red lip, classic thing that you like…….
And when we go crashing down, we come back every time…….
Cause we never go out of style, we never go out of style…….

You've got that long hair slick back, white t-shirt
And I got that good girl faith and a tight little skirt
And when we go crashing down, we come back every time
'Cause we never go out of style, we never go out of style

Style © Taylor Swift 



රාත්‍රී 11.30, වලපනේට කිලෝමීටර් 25ක් දුරුන් මහවැලි රජමාවතේ යම් තැනක...

"වලපනේට කිලෝමීටර් විසිපහයි...."විමුක්ති රිය පදවන ගමන් මාර්ගය අසලවූ මග සළකුණු පුවරුවක් කියවූවා.

"වෙලාව කීයද?"විමුක්ති ඇසුවා.

"එකොලහමාරයි!.... බඩත්ගිණියි..."ඔරලෝසුව දෙස බලමින් පිලිතුරු දුන් අකිල් කුස අතගෑවා.

"හැබෑටම දවල්ට කෑවෙත් නෑ නේද?..මේ පැත්ත හොඳටම පාළුයි....කඩ ඔක්කොම වහලා........නුවර එළියට ගිහින් නයිට් කඩයක් අල්ලමු?"විමුක්ති අකිල් දෙස බලමින් ඇසුවා.

"යනකොට පාන්දර එකවත් වෙයි නේද? කඩවල් ඇරලා තියෙයිද?..."

"රවුමක් දාලා බලමු......බස් ස්ටෑන්ඩ් එක හරියේ පොඩි කඩයක් හරි ඇරලා තියෙයි..."

ඇඩිෂම් බංගලාවේ කල විමර්ෂණයෙන් පසු, ක්‍රිස්ටීනා, ඇඩිෂම් තාපසාරාමයට රහසින් ඇතුලුවී පැරණි සේප්පුවක් කඩා එයතුල තිබූ යම් සටහන් පොතක් වැනි දෙයක් රැගෙන ගිය බව තහවුරුවුනා. පියතුමන් හා කතාබහේදී පැහැදිලිවුනේ එම සේප්පුවේ තෝමස් විලියර්ස් බොහෝ රහසිගත ලෙස ආරක්ෂාකල ලිපිගොණු ගබඩාකොට තිබූ එකක් බවත් ඔහුගේ මරණයෙන් පසු එය විවෘත නොකල බවත්. 

ක්‍රිසිටීනා එහි ඇති දෑ ගැන තොරතුරු කොහොම සොයාගත්තාදැයි පැහැදිලි නොවුනත් ඇය රැගෙන ගොස් තිබුණේ පිදුරුතලාගල තිබූ පිටසක්වලයින්ගේ දේහයන් ඇති අභිරහස් ගුහාව සොයාගත හැකි සළකුණු සටහන් තිබූ එකක් බව අනුමාන කල හැකි වුනා.

ඇන්තනි පියතුමා සමග කල කතාබහේ දී ඔහුගේ මුවින් ගිලිහුණු තොරතුරක් අකිල්ටත් විමුක්තිටත් යම් බලාපොරොත්තුවක් දුන්නා. එනම් මාතලේ රත්තොටට ආසන්නයේ කයිකාවල නම් පෙදෙසේ ඇති පැරණි ගරාවැටුනු දේවස්ථානයක භූමියේ, මාතලේ හුලන්ගොමුව වතුයායේ කළමණාකරු ලෙස සේවයකල හැරී ස්ටෝරේගේ දේහය මිහිදන් කොට ඇති බවයි. වියපත්වූ ස්ටෝරේ මියයාමට වසර කිහිපයකට පෙර එය ඉදිකොට අවසන්වූ බවයි පැවසුනේ. ඒ අනුව ඒ දේවස්ථානය සොයා යාමට විමුක්තිත් අකිලුත් තීරණය කලේ හැරී ස්ටෝරේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට යැවූ ලිපියේ තිබූ තොරතුරු ගැන යම් හෝඩුවාවක් එහි යම් තැනක හෝ සටහන් කොට තිබේවිදැයි යන සැකයෙන්. හැරී ස්ටෝරේ මියයනතෙක්ම බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලින් පිලිතුරක් නොලැබූ නිසා ඔහු සතු ලියකියවිලි මහළු වයසේදී ඇඩිෂම් බංගලාවේ හා මැක්වුඩ්ස් සමාගම් සමූහයේ නිර්මාතෲ තෝමස් විලියර්ස්ට භාර දුන්නත්, අනාගතයේ යම් කෙනෙකුට දැනගත හැකි ලෙස තොරතුරක් ඔහු ඉදිකල දේවස්ථානයේ හෝ, ඔහුගේ දෙන තුල ඉතිරිකර යාමට පෙළඹුනාදෝ යන සැකය දෙදෙනාටම තිබුණා.

හපුතලේ ඇඩිෂම් සිට පැය පහක පමණ වෙහෙසකර ගමනකින් පසු හවස හතරට පමණ කයිකාවලට ලඟාවූ ඔවුන්ට දේවස්ථානය ගැන තොරතුරු ලබාදුන්නේ අතරමගදී හමුවූ ගැමියෙකු විසින්. ඔහු දුන් හෝඩුවා අනුව ඇන්ග්ලිකන් උරුවට තැනූ කුඩා දේවස්ථානය සොයා ගත් දෙදෙනා කැලෑවෙන් වැසී තිබූ එයට පිවිස හැකි තරම් හොඳින් එය පිරික්සුවා. දිරාගිය අල්තාරයේ  කොටා තිබූ කුරුසියේ මැද කුඩාවට, එහෙත් පැහැදිලිව සටහන්කර තිබූ අංක කිහිපයක් අකිල්ගේ නෙත ගැටුනේ එහිදීයි. 6.59N 80.46E ලෙසින් සටහන් කොට තිබූ අතර අකිල් සිය දුරකථනයේ ගූගල් මැප්ස් වැඩසටහනට එම ඉලක්කම් ඇතුලුකල විට එය පිදුරුතලාගල රක්ෂිතයේ යම් තැනක් දක්වා සිටියා.

"මම හිතුවා හරි... පේනවද? මේ ඉලක්කම් ලැඩිටියුඩ්, ලොන්ජිටියුඩ්...අක්ෂාංශ දේෂාංශ..... ඉයෙස් ඉයෙස් ඉයෙස් !! "අකිල් පොඩි එකෙක් මෙන් සතුටින් ඉපිල උඩ පැන්නා..."

"නැටුවා ඇති දැන් යමු...පාරවල් මීදුමෙන් වැහෙන්න ඉස්සෙල්ලා පැන ගමු...."විමුක්ති හදිස්සි කලා.

"පොඩ්ඩක් ඉන්න...මේ මනුස්සයාව පොඩ්ඩක් සිහිපත් කරලා යමු....."

වන වදුලෙන් වැසී තිබූ හැරී ස්ටෝරේගේ දෙන සළකුණු කල ශෛලමය සොහොන් කොත මත කැලයෙන් කඩාගත් මල් කිහිපයක් තැබූ අකිල් “තැන්ක් යූ මිස්ට හැරී ස්ටෝරේ.... මේ යුවර් සෝල් රෙස්ට් ඉන් පීස්….” දෑස් පියාගෙන මිමිණුවා.

~ / ~

 
මාර්ගය වංගු සහිත වූ අතර මග දෙස නිවසක් හෝ මිනිස් පුලුටක් දකින්නට තිබුණේ නෑ. මාතලේ සිට වලපනේ හරහා නුවර එලියට යන මාර්ගයේ කොටසක් මහවැලි රජමාවතෙන් යායුතුවූ වුනා. එය වික්ටෝරියා /රන්දෙණිගල / රන්ටැඹේ අභයභූමිය හරහා දිවෙමින් තිබුණු අතර මග දෙපස ඝණවනාන්තරය කාළවර්ණයෙන් දිස්වුනා. වලපනේට තවත් කිලෝමීටර් 15ක් ඇති බව මාර්ගයේ පැත්තකවූ කිලෝමීටර් කණුව දක්වා සිටියා. පොද වැස්ස හා මීදුම නිසා විමුක්ති වාහනයේ හෙඩ්ලයිට් වලට අමතරව සවිකොට තිබූ ප්‍රභල ස්පොට් ලයිට් ලාම්පු දල්වාගෙන ධාවනය කලා. 

"දඩාස්!!!!.....ඩොක ඩොක ඩොක...."වාහනය ඒ පැත්තට මේ පැත්තට ඇදෙන්නට වුනා.... විමුක්ති අපහසුවෙන් සුක්කානම එහෙ මෙහෙ කරකවමින්, වාහනය පොද වැස්සෙන් හා පින්නෙන් තෙමී ලිස්සන තාර පාර මත තබාගන්නට උත්සහ කරද්දී ඉදිරිපස ගරු අසුනේ සිටි අකිල් ක්ෂණයෙන් ක්‍රියාත්මකවී වාහනයේ හෑන්ඩ් බ්‍රේක් ලීවරය ඉහලටම ඇද්දා. ඇන්ටි-ලොක් තාක්ෂණයේ බ්‍රේක් පද්ධතිය නිසා රෝද ලොක්වී ලිස්සා නොගිය එය පාර හරහට කැරකී නැවතුනා…

"මොකද වුනේ විමුක්ති?"

"ටයර් එකක් පිපිරුවා වගේ.... පුදුමයි....අලුත්ම ටයර්...."පිටි අල්ලෙන් නළලේ දහදිය පිසදමමින් විමුක්ති වාහනයෙන් බහින්න හැදුවා. එහෙත් දොර අරින්නට පෙර අකිල් ඔහුගේ බාහුවෙන් දැඩිව අල්ලාගත්තා.

"බහින්න එපා.......... දොරවල් ලොක් නේද?.......එන්ජිම ස්ටාර්ට් එකේ තියන්න...."

"ඇයි?? මොකද?"අකිල් දැඩි විමසිල්ලෙන් හා සැකයෙන් වටපිට බලනු දුටු විමුක්ති ඇසුවා.

"ටයර් අලුත්ම අලුත්.... ගුඩ්ඉයර් 4 X 4 .... ඒ ටයර් ලේසියෙන් පුපුරන්නේ නෑ....අපි හයියෙන් ආවෙත් නෑනෙ.... මොකක් හරි අවුලක් තියෙනවා...."අකිල් සැක පලකලා.

"ක්‍රිස්ටීනාද?"

"කියන්න බෑ......"

“Oh….fcuk!....” අකිල්ට හීල්ලුනා... ඒත් සමගම ඝණ අඳුර  හා මීදුම අතරින් තුවක්කු මානාගෙන ඔවුන් දෙසට එන පස් දෙනෙකුගේ කණ්ඩායම තවමත් දැල්වෙමින් තිබූ රථයේ ප්‍රධාන ලාම්පු එලියෙන් විමුක්ති දුටුවා. ඉදිරියන්ම පැමිණි රැකවලාගේ තුවක්කු කටින් ගිණි දැල් මතුවෙනු දුටු අතර මොහොතකින් ප්‍රධාන ලාම්පු දෙක හා ස්පොට් ලයිට් ලාම්පු දෙක පුපුරාගොස් පලාතම අඳුරින් වැසුනා. ඔවුන්ගේ රයිෆල වලින් නිකුත්වුනු ඉලක්ක සළකුණු ලේසර් කිරණ ඝණ අඳුරේ මීදුම කපාගෙන තමන් වෙත විහිදී එන අයුරු අකිල් දුටුවා.

~ / ~

අතහැර දැමූ තේ කම්හලක් මෙන් පෙනෙන ස්ථානය කොහේ එකක්දැයි සිතා ගන්නට නොහැකි වුනා. ඔවුන්ව පැහැරගත් මොහොතේ සිට පැය දෙකක් ගමන්කල බව පමණක් තහවුරුවුනේ කල්ලිය ඔවුන්ගේ ඔරලෝසු ගළවාගැනීමට උනන්දුවක් නොදැක්වූ නිසයි. අකිල්වත් විමුක්තිවත් කම්හලේ වහලයේ ආධාරක ලෙස සිටුවා තිබූ වානේ කණුවල බැඳ දමා සිටියා.

"Zo…. you been beezy…….planning  hike in  woods I zee…..mmmm?" [උඹලා සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා...... කැලේ ඇවිදින්න යන්න හිතුවා වගේ....] අකිල්ගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ගූගල් මැප්ස් සිතියම පිරික්සමින් කණ්ඩායමේ නායකයා මෙන් පෙනී සිටි රුසියානුවා පැවසූවා. අනෙක් රැකවලුන් ඔහු කර්නල් යූරී ලෙසින් ඇමතුවා. ඔහුගේ ගොරෝසු රුසියානු උරුවේ ඉංග්‍රීසි තේරුම් ගැනීම මදක් අපහසු වුනා.

“Diz iz where da cave location….?” රුසියානුවා දුරකථන තිරය විමුක්තිගේ මුහුණ වෙත දික් කරමින් ඇසුවා. විමුක්ති අහක බලා ගත්තා.

“Oh…no anzwer?.......perhapz you tell me…….?” අකිල්ගේ කොලරයෙන් තදකරගෙන අල්ලා ඔහුව තමන් වෙත ඇදගත් රුසියානුව දුරකතන තිරය පෙන්වූවා.

“We are looking for your mother…to ask her why she gave birth to an asshole like you…”  අකිල් පිලිතුරු දෙද්දී රුසියානුවා ඔහුට වැරෙන් කම්මුල් පහරක් ගසා මුහුණට කෙල ගැසුවා...... “тупой идиот!!!” [ මෝඩ බූරුවා!!! ] ඔහු අසල සිටි සන්නද්ධ රැකවලා අකිල්ගේ උදරයට තුවක්කු බඳෙන් ඇන්නා. ඔහු වේදනාවෙන් කෑගැසුවා. රැකවලා යලිත් පහරදෙන්නට උත්සහ කලද එය නැවැත්වූ යූරී..... “босс убьет их…” [මුන්ව මරණ එක ලොක්කා කරයි…]

“Fcuk you Russian asshole…..” අකිල් වේදනාව තදකරගෙන කෑගැසුවා...

“කටවහගෙන හිටපන් අකිල්.....” 

"මට ලොකු අමාරුවක් නෑ........."අකිල් පැවසුවත් විමුක්ති එය විශ්වාස කලේ නෑ. අකිල්ගේ මුහුණේ දැඩි වේදනාවක් පෙනෙන්නට තිබුණා...ඔහුගේ කට ලේ පැහැවී තිබුණා.

“четыре из вас выполняют вахту…” [උඹලා හතර දෙනා එලිය ගාඩ් කරපල්ලා....] යූරී විධාන කලා. ඔහුගේ අණ පිලිගත් රැකවලුන් සතර දෙනා තුවක්කු රැගෙන එලියට ගියා. අකිල්ගේත් විමුක්තිගේත් ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණකයද අතට ගත් යූරී මදක් ඈතින් තිබූ බංකුවක හිඳ ගත්තා. අකිල් බ්‍රිතාන්‍ය ඔත්තුසේවයේ නිළධාරියෙකු බව ඔවුන් වටහා නොගත්ත බව විමුක්තිට අවබෝධවුනා. විමුක්තිගේ වොලට්ටුවේ තිබූ හැඳුනුම්පත අනුව ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ බවනම් ඔවුන් දැන ගත්තා. අකිල්ද එවැන්නෙකු බව ඔවුන් සිතන බවයි පෙනුනේ.

"විමුක්ති!.... නිකොලායි ක්‍රැස්නෝෆ් එනවලු...."යූරීගේ අවධානය ටැබ්ලට් පරිගණකට යොමුවී තිබෙද්දී අකිල් ඇහෙන-නෑහෙන හඬින් කිව්වා.

"කොහොමද දන්නේ?"

"මට රුසියන් ටිකක් තේරෙනවා.....මුන් බොස් එනවා කියලයි කිව්වෙ....."

“ටිකක් ඇහැ පියාගමු....හෙට මොනවා වෙයිද දන්නේ නෑ...."විමුක්ති පැවසූවා. ක්‍රැස්නෝෆ් විසින්ම ඔවුන්ව මරාදමනු ඇතැයි යූරී සඳහන්කල බව අකිල් විමුක්තිගෙන් සැඟවූවා.


~ / ~


කාළය ගෙවී ගියා. දැඩි මහන්සිය නිසා පියවෙන්නට යන දෑස් අපහසුවෙන් විවරකරගෙන සිටින්නට විමුක්ති උත්සහකලා. ඔහුට අකිල්ගේ තත්වය ගැන ලොකු බියක් තිබුණා. උදරයට වැදුනු තුවක්කු බඳ පහර නිසා ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට තුවාල සිදුවී අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවෙනු ඇතැයි විමුක්තිට සැකයක් තිබුණා. ඒ නිසාම ඔහු නිතරම අකිල් දෙස බලමින් ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කරමින් සිටියා. පිටුපසට කොට බැඳ තිබූ අකිල්ගේ අතක රැඳුනු ඔරලෝසුවේ කටු වෙලාව පාන්දර තුන බව දක්වා සිටියා.

ඈතින් පුටුවක හිඳගෙන සිටි යූරී නිදිකිරා වැටෙන්නට වුනා. ඔහු පානය කල සිගරට් කොට පුටුව වටේටම වැටී තිබුණු අතර පලාතම සිගරට් දුම පිරී තිබුණා. ඔහුදෙස බලා සිටි විමුක්ති යලිත් අකිල් දෙස නෙත් යොමු කරන විටම උඩ සිට යමක් තමන් අසලටම වැටෙනු දුටුවා. වහලයේ දුවමින් සිටි හූනෙක් විය යුතුයයි සිතමින් එය දෙස බලන විට එය කුඩා සුදු පැහැ ගුළියක් වැනි යමක් බවයි පෙනුනේ. හොඳින් සපන ලද චුයින්ගම් ගුළිය දැක පුදුමයට පත්වූ විමුක්තිට ඉබේම උඩ බැලුනා. කම්හලේ යකඩ වහලයේ බටයක් මත දෙකකුල් පටලවාගෙන සිටි ඇය දුටු ඔහු තිගැස්සුනා. ක්ෂණයකින් ඇය සිය දබර ඇඟිල්ල දෙතොල මත තබා නිහඬව සිටින ලෙස අණකලා. පටලාගෙන සිටි කකුල් නිදහස් කරගත් ඇය යකඩ ගරාදිවල දෑතින් එල්ලී සෙමින් සෙමින් යූරී දෙසට යන්නට වුනා.

"මේකි සාතන්ගේ දුවෙක් ද කොහෙද..."අකිල්ට සිතුනා. අතින් අත මරු කරමින් ඇය කෙලින්ම යූරී සිටින තැනටම ගමන් කලා. අකිල්ට කතාකරන්න ඕනෑ වුනත්, ඒ හඬින් නිදා වැටෙමින් සිටි යූරී අවදිවෙතැයි ඔහු බිය වුනා. 

හරියටම යූරී සිටින තැනට ඉහලින් ස්ථානගතවූ ඇය කුමක් කරන්නට යන්නේදැයි ඔහු ඇස් පිය නොගහා බලා සිටියා. එක්වරම ඇය වැටෙනු ඔහු දුටුවා. කෙලින්ම වැටුනු ඇයගේ දෙපා  නිදාවැටෙමින් සිටි යූරීගේ කොන්ද මත පතිතවුනා. පුටුවත් කඩාගෙන බිම වැටුනු යූරීට සිහි එලවාගන්නට කාළයක් වත් නොතිබූ අතර ඇඟ මත පතිතවී  රෝල්වී ගිය ක්‍රිස්ටීනා වෙත බිම වැටී වේදනාවෙන් කෑගසමින් සිටි යූරී සිය පිස්තෝලය ගෙන පිට පිට වෙඩි තැබුවා. කිලෝ හැටක් හැත්තෑවක් බර ක්‍රිස්ටීනා ඇඟට ඇදවැටීම නිසා දැඩි ලෙස තුවාල ලබා සිටි ඔහුගේ වෙඩි එකකටවත් එල්ලයක් තිබුණේ නෑ. නහයෙන් කටින් ලේ දාගෙන නැගිටින්නට දඟලමින්ම වෙඩි තැබූ යූරීගේ පිස්තෝලයේ පතරොම් ඉවර වෙන තෙක්ම එහාට මෙහාට පනිමින් සිටි ක්‍රිස්ටීනා පතරොම් අවසන් වුනු යූරී වෙත සෙමින් ඇවිද ගියා. යූරී මරු විකල්ලෙන් මෙන් ඈතකට විසිවී තිබූ ඔගේ රයිෆලය වෙත බඩගන්න වුනා. එහෙත් ක්‍රිස්ටීනා වැරෙන් හිසට එල්ලකල පා පහරෙන් ඔහු උඩුබෙලි අතට රෝල් වුනා. ඔහු සිහිසුන් වී සිටියා.

"Kristina NO!!! Don’t Don’t……………... STOP…. PLEASE…."අකිල් විමුක්ති දෙදෙනාම කෑගැසුවත් ඇය එය කණකට ගත්තේ නෑ. බූට් සපත්තුවෙන් යූරීගේ උගුරු දන්ඩ වැරෙන් පාගාගෙන සිටි ක්‍රිස්ටීනා, ගැහෙමින් තිබූ ඔහුගේ සිරුර නිසල වෙන තෙක්ම පය අහකට ගත්තේ නෑ.

“What about the others??” [එලියෙ මුරට හිටපු උන්?] විමුක්ති ඇසුවා.

“Dead…”

“Did you really have to kill Yuri??? ….. He was helpless...” විමුක්ති නිදහස් කල ඇය, අකිල්ගේ බැමි කපන අතරේ ඔහු ඇසුවා.

“I saved your butt…. So don't question my judgement pretty boy!….I was expecting a thank you!” [ලස්සන කොල්ලා...උඹව බේර ගත්තේ මම, මගෙන් හේතු අහන්න එන්න එපා....මම හිතුවේ මට ස්තුති කරයි කියලා.] ඇය සැරෙන් කිව්වා.

“දැන්වත් කට වහගනින් බං නැත්තං උඹ මේකිගෙනුත් ගුටිකනවා.” විමුක්ති අණතුරු අඟවද්දී ලේ පැහැවුනු දත් විළිස්සූ අකිල් මෝඩ හිනාවක් දැම්මා.

"උඹට කොහොමද? රිදෙනවද?"

"හොඳටම රිදෙනවා ඒත් අවුලක් නෑ....."

" Internal Bleeding තියෙනවද දන්නේ නෑ...."විමුක්ති අකිල්ට තුවක්කු බඳ පහර වැදුනු තැන පිරික්සද්දී එදෙස බලා සිටි ක්‍රිස්ටීනා...

"Don't worry...pretty boy will live…….if there is internal bleeding he would be screaming in pain or unconscious…." [බයවෙන්න එපා, ලස්සන කොල්ලා ජීවත්වෙයි..... ඇතුලේ ලේ ගැලීමක් තියෙන්න විදියක් නෑ...එහෙම වුනානම් මේ වෙනකොට වේදනාවෙන් මොර දෙනවා, නැතිනම් සිහිනැති වෙලා....]

“Well pretty girl….thanks for saving me………....name’s Lieutenant Akil Mohotti…. Special Reconnaissance Regiment…. on a mission with MI6” [හොඳයි ලස්සන කෙල්ලෙ.... බේර ගත්තට ස්තූතියි....නම ලුතිනන් අකිල් මොහොට්ටි....ස්පෙෂල් රෙකොනයිසන්ස් රෙජිමන්ට්......දැන් MI6 මිෂන් එකක...."

අකිල්ගේ පම්පෝරිය ඇහුනු විමුක්තිට බකස් ගා හිනා ගියා.

“Wow! MI6 mission?…. Impressive……….was getting caught to a Russian hit squad part of your mission…?” [වාව්....MI6 මිෂන් එකක්?........රුසියන් ඝාතන කල්ලියකට අහුවෙන එකත් මිෂන් එකේ කෑල්ලක්ද?] දෑත් ඉණමත තබාගත් ක්‍රිස්ටීනා අවඥාවෙන් අසද්දී විමුක්ති හඬනගා සිනාසුනා.

“Why fuck are you laughing?? We didn't have a chance did we??” [ තමුසෙ මොන මගුලකටද හිනාවෙන්නේ? අපිට චාන්ස් එකක් තිබුණෙම නෑ....නැද්ද?]

“I know….I saw what happened…” [ ක්‍රිස්ටීනා කියද්දී දෙදෙනාම වික්ෂිප්ත වුනා.]

What? How? [මොනවා ඒ කොහොමද?]

“ඔයාලා යනකොට, එනකොට මම මුලු ගමනෙදිම ඔයාලව බයික් එකකින් ෆලෝ කලා. ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටියේ. දවල් වරුවේ මම ඔයාලට කිලෝමීටරයක් විතර පිටිපස්සෙන් හිටියේ. රෑවුනාම මම හෙඩ් ලයිට් නැතුව මීටර් පන්සීයක් විතර ඈතින් ආවේ. මම වෙච්ච දේ දැක්කා….”

Shit...you were tailing us the whole trip??? You cunning cat…!! [මුළු ට්‍රිප් එකේදිම ඔයා පස්සෙන් හිටියද?......කපටි බැළලි…]

උද්ධච්ච කොල්ලො දෙන්නාට මීට වඩා පරිස්සම් වෙන්න තිබුණා. මම නැත්තම් ඔයාලට ක්‍රැස්නොෆ්ගෙ බුලට් කාලා වැලලෙන්නයි ඉරණම් වෙලා තිබුණේ.



පාන්දර 4.00 පසුවී විනාඩි කිහිපයක් ගතවී ඇත. බදුල්ල චෙන්කලාඩි A5 මාර්ගයේ, මදුල්සිමා වතුයාය ආසන්නයේ

“Vimukthi you take the wheel. I will sit in the back and keep you guys awake.” [විමුක්ති වාහනේ ගන්න. අකිල් ඉස්සරහින් නගින්න. මම පිටිපස්සේ ඉඳගෙන ඔයාලව ඇහැරවලා තියාගන්නම්...]

“OK… its about three hours to Nuwara Eliya….that is where we are going right madam?” [නුවර එලියට පැය තුනක විතර ගමණක්...එහෙ නේද යන්නේ මැඩම්…?] විමුක්ති විමසුවා. ඔවුන්ගේ දිවිබේරාගත් ක්‍රිස්ටීනාගේ සැලැස්මට ක්‍රියාත්මක වෙන්නට දෙදෙනාම තීරණය කොට තිබුණා. ඇය සිත්පිත් නැති ලෙස ඝාතනයන් සිදුකල ශූර ඝාතකයෙක් වුවද, දැන් ඇය ක්‍රියාත්මක වන්නේ නිකොලායි ක්‍රැස්නෝෆ්ගේ වියරු සැළසුම් පරාජය කිරීමට බව අකිල්ට මෙන්ම විමුක්තිටත් තහවුරුවී තිබුණා. එමෙන්ම ඇය ඒ වන විටත් පිටසක්වලයින්ගේ සිරුරු තැම්පත්කොට තිබූ ගල්ගුහාව තිබෙන තැන සොයාගෙන තිබෙන බවද ඔවුන්ට වැටහුනා. 

පැරණි තේ ගබඩාව වටේ මුරට සිටි රුසියානුවන්ගේ සිරුරු ඇතුලට දමා දොරවසා දැමූ ඔවුන් ඉක්මණින් පිටවුනේ තේ දලු නෙලන්නියන් වැඩට එලි බහින්නට පෙර නොපෙනීයා යුතු නිසාමයි.

“Yes...lets go to that safe-house in Pussallawa…” [ඔවු, ඉස්සෙල්ලම පුස්සැල්ලාවෙ ඔයාලගෙ රක්ෂක නිවාසයට යං] ඇය එසේ කියද්දී අකිල් හා විමුක්ති මූණෙන් මූණ බලාගත්තා.

“You know about that place too…?] [ඔයා ඒතැනත් දන්නවද?] අකිල් අසද්දී ඇය සිනාසුනා.

“You don't know me Akil….” [ඔයාලා මම ගැන දන්නේ නෑ අකිල්....] ක්‍රිස්ටීනා නොහොත් ලිහිණි දුන් පිලිතුරෙන් වික්ෂිප්තවූ දෙදෙනාම නිහඬවුනා. විමුක්ති, රුසියන් කණ්ඩායම පැමිණි කොහෙන් හෝ කුලියට ගත් ලෑන්ඩ් කෲසර් ජීප් රථ දෙකෙන් වැඩිම ඉන්ධන තිබුණු රථය පණගන්වාගෙන මාර්ගයට අවතීර්ණ වුනා. නිහඬතාවයෙන් විනාඩි කිහිපයක් ගෙවුනා.

“OK, its a long drive. Let me tell you about me and what happened….I have never told this to anyone…..I never had any friends….I was always alone….trying to survive or trying to kill...” 

[ගොඩක් වෙලා යන ගමනක්නේ....මගේ කතාව කියන්නම්. මේක මම කවදාක්වත් කාටවත් කියපු දෙයක් නෙමෙයි. මට යාළුවෝ ඉඳලාම නෑ...මම හැමදෑම හිටියේ තනිවෙලා....එක්කෝ ජීවිතේ රැකගන්න සටන්කරමින්...නැතිනම් කාගෙ හරි ජීවිතයක් නැති කරන්න වෙහෙසෙමින්....] 

ඇය ජනේලයෙන් ඉවත බලාගෙන පවසද්දී පිටුපස බලන කණ්ඩාඩියෙන් ඇයදෙස බලා සිටි විමුක්තිට ඇය ගැන දැඩි අණුකම්පාවක් ඇතිවුනා... 

"පව් කෙල්ල.....කොච්චර අසරණද?....ජීවිතේ කවදාක්වත් යාලුවෙක් ඉඳලා නෑලු......"

“නිකොලායි ක්‍රැස්නෝෆ්ට අබුඩාබියේයි ස්විට්සර්ලතෙයි හරහා ක්‍රියාත්මක වන පෞද්ගලික ආරක්ෂක සමාගමක් තියෙනවා Glanoss කියලා. එකේ විශේෂ මෙහෙයුම් අංශයේ තමයි මම වැඩකලේ. මැදපෙරදිග, නැගෙනහිර යුරෝපියා හා දකුණු ඇමරිකානු රටවල ආණ්ඩුවලට අවශ්‍ය ආයුධ, පුහුණුව, VIP පුද්ගල ආරක්ෂාව වගේ දේවල් තමයි පිටතට පේන බිස්නස් එක විධියට කලේ. ඒවගේම සාමාන්‍ය වෙළඳපොලේ නැති, අලුත්ම රුසියන් ආයුධ හොරෙන් ලබාගෙන විකුණන බිස්නස් එකකුත් ග්ලැනෝස් හරහා සිද්ද වුනා. ඒත් ග්ලැනෝස් වැඩියෙන්ම ප්‍රසිද්ධ වුනේ රහස් බුද්ධි තොරතුරුවලට. දූෂිත රුසියන්, බ්‍රිටිෂ්, ඇමරිකන්, ජර්මන් හා ඉන්දියන් ඔත්තුසේවා නිළධාරීන් හරහා ලබාගන්න බුද්ධි තොරතුරු ක්‍රැස්නෝෆ් වැඩිම ලංසුව තියෙන ඕනෑම කෙනෙකුට විකුණුවා.”

“...ග්ලැනෝස් එකේ රහසිගතම අංශය වුනේ විශේෂ මෙහෙයුම් කරපු Special Activities Division (SAD) එක. SAD එකට ලෝකෙ හොඳම විශේෂ බළකාවලින් විශ්‍රාම ගිය දක්ෂ කොමාන්ඩෝ සෙබලු 70ක් විතර පූර්ණකාළීනව වැඩකලා. තවත් සීයක් විතර ඕනෑ වෙලාවට ගෙන්න ගන්න පුලුවන් වුනා. මේ කොමාන්ඩෝ ටීම් වලට ලෝකේ ඕනෑම රටකට රහසින් ඇතුලුවෙලා විශේෂ මෙහෙයුම් කරන්න, ඕනෑම කෙනෙක් මරලා දාන්න හැකියාව තිබුණා.  මම SAD එකේ මිෂන් කමාන්ඩර් කෙනෙක් විධියට වැඩකලා. ලෝකේ ධනවත් රටවල් තමන්ගේ සෙබලු යවන්නේ නැතුව හොරෙන් කරගන්න ඕනෑ මිෂන් වලට ක්‍රැස්නෝෆ්ගේ කොමාන්ඩෝ ටීම් කුලියට ගත්තා….”

“...මම අවුරුදු 18 ඉඳන්ම ක්‍රැස්නෝෆ්ට වැඩකලා. ඒකාලේ පොඩි සමාගමක් වුනු ග්ලැනෝස් දැන් කෝටිපති සමාගමක්. ක්‍රැස්නෝෆ් මට හොඳට ගෙව්වා. ලෝකෙ රටවල් දොළහකින් මට පාස්පෝට් විතරක් නෙමෙයි ඒ රටවල ඩ්‍රයිවින් ලයිසන්, ගෙවල්, ජාතික හැඳුනුම්පත් සපයලා දුන්නා. සල්ලි කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. ඒත් මට මේ මරණ රස්සාව තිත්ත වෙලා තිබුණේ. ඒත් ක්‍රැස්නෝෆ් කවදාක්වත් මට අස්වෙලා යන්න නොදෙන බව මට විශ්වාසයි. ඒ එයාගෙ ප්‍රතිපත්තිය. එයාට සම්බන්ධවුනු ඕනෑම කෙනෙක් මැරෙනකන් එයාට වැඩකරන්න ඕනෑ. ද්‍රෝහීවෙන ඕනෑම කෙනෙක්ට මරණය අනිවාර්ය වුනා. සමහරවිට පවුල් පිටින් කෲර විධියට මරලා දැම්මා….”

“....ඒනිසා මම ක්‍රැස්නෝෆ්ගෙන් නිදහස් වෙන්න කාලෙක තිස්සේ ප්ලෑන් කලා. මට ඕනෑ ඉන්ජෙක්ෂන් ලැබුණේ ක්‍රැස්නොෆ්ගෙන්. ඒත් මම ඒ ඉන්ජෙක්ෂන් එක ගැන හොඳට ස්ටඩී කරලා ඒවා මටම හදාගන්න පුලුවන් ලැබ් එකක් ලිතුවේනියාවේ මට අයිති ගෙදරක හදාගත්තා. තවත් එකක් නවසීලන්තෙ හදන්නයි හිතාගෙන හිටියේ. මගේ ප්ලෑන් එක වුනේ ක්‍රැස්නෝෆ්ට හොරෙන්  නවසීලන්තෙට පැනලා එහෙ ඈත පලාතක පොඩි ෆාම් එකක් අරගෙන තනියම ජීවත්වෙන්න….”

“....ඒ අතරේ තමයි මට කැස්නෝෆ් ස්පාඤ්ඤයේ ජීවත්වුනු අන්ද්‍රේ කොමැටෝෆ් මරලාදාන කොන්ත්‍රාත්තුව දුන්නේ. මට පුදුම හිතුනා කොමැටෝෆ් වගේ මනුස්සයෙක්ව මරන්න මාව යවන එකට. එයාව මරන්න ඕනෑම ආධුනිකයෙකුට පුලුවන්. ජීවත්වුනේ මිදිවත්තක තනියෙන්ම. ඒත් ක්‍රොමැටෝෆ් කිව්වේ එයාව හෙමින්ම ඉවරයක් කරලා එයාගෙ පුද්ගලික ලිපිගොනු, කොම්පියුටර් හාඩ් ඩිස්ක්, ෆෝන්, ටැබ්ලට් වගේ දේවල් අරගෙන එන්න කියලා….”

“....ක්‍රැස්නෝෆ් හිතන්න ඇති මට කොමැටෝෆ් අඳුනගන්න බැරිවෙයි කියලා. ඒත් මට මනුස්සයාව හොඳට මතකයි. මාව ජාන වෙනස් කිරීමට භාජනය කරපු පර්යේෂණ කණ්ඩායමේ එයා හිටියා. කොමැටෝෆ් විතරක් නෙමෙයි ඒ ටීම් එකේ පොපොවිකුත් හිටියා…”

“...මම අන්ද්‍රේ කොමැටොෆ්ව මරන්න යනකොට එයා මාව බලාපොරොත්තුවෙන් හිටියා. එයා කිව්වා ක්‍රැස්නෝෆ් එයාව මරන්න ඉන්න බව එයා දන්නවා කියලා. මට පොපොවික් ගැන කිව්වේ කොමැටොෆ්. දෙන්නා කලින් හොඳ යාලුවෝ. ලංකාවේ තියෙන පෞරාණික පිටසක්වල දේහ ගැන කොමැටෝෆ් දැනගෙන තියෙන්නේ පොපොවික් ගෙන්. දෙන්නා සැළසුම්කරලා තියෙන්නේ ලංකාවට ඇවිල්ලා පිටසක්වල සිරුරු හොරකම් කරගෙන සුපිරි ජාන තාක්ෂණයන් නිර්මාණය කරන්න….”

“...කොමැටෝෆ් කියන විධියට එයාට ඕනෑ වුනේ පර්යේෂණ කරලා ලැබෙන තාක්ෂණය පොදු අවකාශයට මුදා හැරලා ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් විධියෙ ක්‍රමයක් ඇතිකරමු කියලා. ලෝක පූජිත සුපිරි විද්‍යාඥයින් විධියට ලෝකෙට යමක් කරලා මැරෙන්න පුලුවන් කියලයි කොමැටෝෆ් යෝජනා කරලා තියෙන්නේ. ඒත් පොපොවික් සල්ලි පෙරේතයා. ඒයා මේ තාක්ෂණය දියුණුකරන්න ක්‍රැස්නෝෆ්ව සම්බන්ධකරගමු කියලා යෝජනා කරලා. කොමැටොෆ් කියපු විධියට එයා තදින් විරුද්ධවුනාලු…”

“...කොමැටොෆ් මරණ කොන්ත්‍රාත්තුව මට ලැබුනේ ඒ විධියට. කොමැටෝෆ් කිව්වා එයා මැරෙන්න ලෑස්තියි කියලා. ඒත් කොහොමහරි පොපොවික් ලංකාවේ හොයමින් ඉන්න පිටසක්වල සිරුරු හොයාගන්න එක වලක්වන්න කියලා මගෙන් පොරොන්දු ගත්තා. එයා කරලා තියෙන පර්යේෂණවල තොරතුරු ඔක්කොම මට දුන්නා විනාශකරන්න කියලා. ඒවගේම කොහොමහරි පොපොවික්ව නවත්වන්න කියලත් මගෙන් බැගෑපත්ව ඉල්ලුවා…..”

“...කොමැටොෆ්ගේ අන්තිම ඉල්ලීම වුනේ වේදනා රහිත මරණයකට ඉඩ දෙන්න කියලා. එයා ඒකට සැලැස්මකුත් හදාගෙන තිබුණා. එයා කිව්වේ මම එයාව මරන්න ආවානම් මට හැමදේම කියනවා, වෙන කෙනෙක් ආවානම් සියදිවි නසාගන්න ලෑස්තිවෙලා හිටියා කියලයි. එයාම දීපු පොටෑසියම් සයනයිඩ් ඉන්ජෙක්ෂන් එක ගහලා මම එයාව මැරුවා. එයා කිව්වා පණ යනකම් එයාගෙ අත අල්ලගෙන ඉන්න කියලා. ඊට පස්සේ මම එයාව එල්ලිලා මැරිච්ච විධියට පේන්න එයාගෙ බොඩි එක එල්ලුවා….”

"පිටසක්වල ජාන අරගෙන පොපොවික් මොනවද කරන්න ඉඳලා තියෙන්නේ?"අකිල් විමසුවා.

“කොමැටොෆ් කියපු විධියට නම් මහා වියරු සැලසුම්....පොපොවික්ගේ සූදානම වෙලා තිබුනේ වර්ග හයක සුපිරි සෙබලුන් නිර්මාණය කරන්න. ඔවුන් මට වඩා බොහොම ශක්තිමත්, ඒවාගේම මිනිස් විශේෂ සෙබලුන්ට ක්‍රියාත්මක වෙන්න අපහසු ඉතා දුෂ්කර පරිසරවල හොඳින් ක්‍රියාත්මක වෙන්න පුලුවන් විධියට තමයි බිහිකරන්න සූදානම් කරලා තිබුණේ….”

උදාහරණයක් විධියට පොපොවික් දුෂ්කර කාන්තාවල මෙහෙයුම් කරන්න සෙබලුන් නිර්මාණය කරන්න සැලසුම් කලා. සති ගණනක් වතුර බොන්නේ නැතුව, දැඩි හිරු රශ්මියෙන්, දූවිලි කුණාටුවලින් පිඩා විඳින්නේ නැතුව ඉන්න පුලුවන් ගති ලක්ෂණ දෙන්න ඔහු සැලසම් කරලා තිබුණාලු. ඒ වගේම ඔහු සැලසුම් කරපු සමුද්‍රික සෙබලුන් මාළුන් වගේ වතුරේ කිමිදෙන්න පුලුවන්, කරමල් වගේ අමතර අවයවයකින් ජලයේ ඔක්සිජන් උරාගන්න පුලුවන් විදියට බිහිකරන්න සැලසුම් තිබුණා. ඒ වගේම පොලවට සැතපුම් දහයක් පහලොවක් ඉහල ඔක්සිජන් හා වායුගෝල පීඩනය ඉතා අඩු අහසේ පීඩන ඇඳුම් හා ඔක්සිජන් නැතුව ඉන්න පුලුවන් ගුවන් සෙබලුන්වත් සැලසුම් කරලා තිබුණා.

ඒ විතරක් නෙමෙයි ඝණ කැලෑවල, වඳුරන් වගේ ගහෙන ගහට පණිමින් ඉතා වේගයෙන් ගමන් කරන්න පුලුවන් කැලෑ සෙබලුන්, කෑළි කපන්න පුලුවන් අඳුරේ දවල් වගේ ඇස් පේන රාත්‍රී සෙබලුන් වගේම සෙන්ට්‍රිග්‍රේඩ් සෘණ හතලිහ වගේ දැඩි ශීතලක් තියෙන ධ්‍රැවාශ්‍රිත පෙදෙස්වල හොඳින් මෙහෙයුම් කරන්න පුලුවන් සෙබලුනුත් ඔහු සැලසුම් කරලා තිබුණා.

“දෙයියනේ පොපොවික්කාරයා හැබෑ පිස්සෙක් නේ..!"

"ඔව් හැබැයි කොමැටෝෆ් කියපු දේවල් ඇත්ත බව මට පොපොවික්ගේ පර්යේෂණ සටහන් හා පරිගණක දත්ත වලින් තහවුරු වුනා. මම රෑට රෑට ඒ ගෙදරට රිංගලා පොපොවික්ගෙන් ගන්න පුලුවන් තොරතුරු ඔක්කොම ගත්තා. මට ඇඩිෂම් තාපසාරාමයේ සේප්පුව ගැන හෝඩුවාව ලැබුණෙත් පොපොවික්ගේ සටහන් වලින්….."

“......පොපොවික් බොහොම සූක්ෂමව පිටසක්වල සිරුරු තමන් සතුකරගන්න සැලසුම් කරමින් ඉඳලා තියෙනවා. මිනිහා කාටත් හොරෙන් තවත් වෙනම ලැබ් එකක් හදන්නත් සැලසුම් කරගෙන හිටියේ. පිටසක්වල සිරුරු එතනට ගෙනියන්නයි ඉඳලා තියෙන්නේ. ඒක ග්‍රේට් වෙස්ටර්න් වතුයායට මායිම්ව තියෙන, අලුතින් තේ වවන්න බැරි නිසා අතහැරලා දාපු පොඩි තේවතු කෑල්ලක තියෙන ලොකු ගෙයක හදන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. මට ෆයිල් අස්සේ තිබිලා ඔප්පුවයි සල්ලි ගෙවපු රිසිට් වගයකුයි හම්බුවුනා. ගේ රෙපයාර් කරන්න පටන් අරගෙනයි තිබුනේ…..”

"ඒත් පොපොවික් වගේ රුසියන් කාරයක් කොහොමද මේ පිටසක්වල සිරුරු ගැන දැනගත්තේ...?"ක්‍රිස්ටීනාගේ අරුම පුදුම විස්තරය නිහඬව අසාගෙන සිටි විමුක්ති කටහඬ අවදිකලා.

"ඒක ඇත්ත....සාමාන්‍යයෙන් ආරක්ෂක පියවරක් විධියට ව්‍යාපෘතියක වැඩකරන විද්‍යාඥයින්ට වගේම එක මෙහෙයවන අයටවත්, තමන්ට දීලා තියෙන ජානමය ද්‍රව්‍ය හරි වෙනත් දෙයක් හරි ලැබුණේ කොහෙන්ද කියලා කියන්නේ නෑ.......MI6 ඔත්තුකාරයෝ පිටරටවල් වලින් හොරකම් කරගත්ත තාක්ෂණික මෙවලම් එන්ගලන්තෙට යැව්වහම ඒවා පරීක්ෂාකරන විද්‍යාඥයින්, තාක්ෂණවේදීන් ඒවා කොහොම, කොහෙන් ලැබුණාද කියලා දන්නේ නෑ...."අකිල් එකඟවුනා.

"ඇත්ත....ඔතනදි තමයි මේ කතාව 1914දි හැරී ස්ටෝරේ එන්ගලන්තෙට යවපු ලියුමට සම්බන්ධ වෙන්නේ........ මට මේ විස්තරේ කිව්වෙත් කොමැටොෆ්, එත් එයා කොහොම දැන ගත්තද දන්නේ නෑ.....සමහරවිට පොපොවික් කිව්වද දන්නෙත් නෑ......" 

ක්‍රිස්ටීනා ඉතිහාස කතාව පටන්ගත්තා.

"අකිල් ඔයා අහලා තියෙනවද 1960 ගණන්වල එම්.අයි 6 එක ඇතුලේ ඉඳන් සෝවියට් කේ.ජී.බී එකට වැඩකරපු කිම් ෆිල්බී කියලා  ඩබල් ඒජන්ට් කෙනෙක් ගැන....?"

“ඔව්...හොඳටම දන්නවා...එම්.අයි.6 එකට අලුතින් බඳවා ගන්න හැමෝටම කිම් ෆිල්බි ගැන ඉගෙන ගන්න එක අනිවාර්යයි. තවමත් කිම් ෆිල්බි එම්.අයි.6 එකට කරපු සම්පූර්ණ ඩැමේජ් එක ඇස්තමේන්තු කරගන්න බෑලු…….” අකිල් පිලිතුරු බැන්දා.

“ඔය කියන කිම් ෆිල්බී 1962දී විතර හැරී ස්ටෝරේලා යවපු ලියමන ගැනත් තොරතුරු තියෙන පරණ ඩොසියර් වගයක් කේ.ජී.බී එකට යවලා තියෙනවාලු. එතනින් පස්සේ රුසියන්කාරයින් මේක ගැන ඇත්ත නැත්ත හොයලා, කොහොමහරි ඒ ලියමන සත්‍ය එකක් කියලා තහවුරු කරගෙන මේ ගුහාව හොයාගන්න ලංකාවට එන්න මාන බලබල ඉඳලා තියෙනවාලු. 1971 ලංකාවේ කැරැල්ලක් ඇතිවෙලා, ඒකාලේ ආණ්ඩුව වැටෙන්න වගේ යනකොට ඒකාලේ අගමැතිනි මිසිස් බණ්ඩාරනායක රුසියාවෙන් උදව් ඉල්ලලා තියෙනවා. ඒ එවපු හමුදා කණ්ඩායම් එක්ක, රහස් කේ.ජී.බී ටීම් එකක් ලංකාවට ඇවිල්ලා නුවරඑලියේ රේස් කෝස් එකේ කඳවුරු බැඳගත්තා කියල කියනවා…සති ගාණක් මුලු රටේම ඇඳිරිනීතිය දාලා, මිනිස්සුන්ට එලියට බහින එක තහනම් කරලා තිබුණ නිසා රුසියන් ටීම් එකට පිදුරුතලාගල කැලෑව පීරලා ගුහාව හොයාගන්න ලේසි වුනාලු.......”

“…..හැබැයි එයාලා ගුහාව හොයාගන්නකොට ඒ ගුහාවෙ පිටසක්වල බොඩීස් තිබිලා නෑ....මුලු ගුහාවම හිස්කරලා තිබුණලු....හැබැයි හැම අඟලක්ම පරීක්ෂාකරපු  එයාලට එක සිරුරකින් ගැලවිලා වැටිලා තිබුන එකම එක ඇඟිලි පුරුකක් හම්බුවුනාලු.....

“මොනවා?? ඒ කොහොමද? ගුහාව ගැන තව අය දන්නවද?...” අකිල්, විමුක්ති දෙන්නාම එකවර ඇසුවා.

"ඒකනම් මටත් හිතාගන්න බෑ.......සමහරවිට හැරී ස්ටෝරේ හරි තෝමස් විලියර්ස් හරි එයාලගෙන් පස්සේ මේ ගුහාවේ තියෙන් අත්භූත දේවල් පරිස්සම් කරන්න භාරකරපු අය ඉන්නවද දන්නේ නෑ. එයාලා මේ ගැන බොහොම රහසින් ඇහ ගහගෙන ඉඳලා රුසියන් කාරයෝ කැලේ පීරන්න පටන් ගන්නකොට බොඩීස් ටික ගුහාවෙන් එලියට ගෙනිහිල්ල හැංගුවද දන්නේ නෑ..."

“පුදුමයි.....හිතාගන්නත් බෑ....”

“පොපොවික් මේ ගැන දැනගෙන තියෙන විදිය ඊටත් පුදුමයි. 1971දී මේ සිද්දිය වෙනකොට පොපොවික් අවුරුදු හතක ළමයෙක්. එයාගේ දෙමව්පියන් ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලයේ වැඩකරලා තියෙන්නේ. තාත්තා සෝවියට් හමුදා නිළධාරියෙක්. තානාපති කාර්යාලයේ හමුදාමය සම්බන්ධීකාරක විදියට වැඩකරලා. අම්මා ඉස්සර ඉංග්‍රීසි ගුරුවරියක්ලු. ලංකාවෙදි එයා තානාපති කාර්යාලයේ පරිවර්තකවරියක් ලෙස වැඩිකරමින් ඉඳලා තියෙනවා. ඒ දෙන්නා මේ ගැන ගෙදරදි කතාබහ කරන්න ඇති. පොපොවික් මේවා හොරෙන් අහගෙන ඉඳලා තියෙනවා කියලා හිතන්න පුලුවන්….සමහරවිට පොපොවික්ට ජීව විද්‍යාව හදාරන්න උනන්දුවක් ඇතිවුනේ මේ නිසා වෙන්න ඇති. කොහොම හරි එයා අවුරුදු විස්සකට පස්සේ ලංකාවෙන් හොයාගත්ත පිටසක්වල ජාන වලින් අලුත් මිනිස් වර්ගයක් බිහිකරන්න පිහිටවපු "ප්‍රොජෙක්ට් ජෙනේසිස්"ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා…...”

"ම්ම්ම්.....ක්‍රිස්ටීනා....ඔයාගෙ වයස කීයද?"

"විසිඅටයි....ඇයි...."

"ඉපදුනේ 1990වෙ?"

"ඔව් ඉතින්?...... මොකක්ද ප්‍රශ්නෙ...?"

"දැන් ඔයා කියපු විධියට, රුසියන්කාරයින්ට ඒලියන් ජාන හම්බුවුනේ 1971දීනම් 1990 වෙනකම් මොකද කලේ?"

"ඔයා හිතන්නේ පිටසක්වල ජාන අධ්‍යයනය කරලා තේරුම් ගන්න එක, ඒවා මිනිස් ජාන එක්ක මුහුකරන එක ලේසියි ලේසි වැඩක් කියලද?"

"ඒක ඇත්ත.....එයාලට අවුරුදු දහනවයක් යන්න ඇති පර්යේෂණ සාර්ථක කරගන්න..."විමුක්ති ක්‍රිස්ටීනා සමග එකඟවුනා.

"ඇත්තටම ඔය පිටසක්වලයෝ කොහෙන් ආපු ජීවීන් කියලා හොයාගෙන තියෙනවද?"විමුක්ති පිටුපස අසුනේ සිටි ක්‍රිස්ටීන් දෙස බලමින් ඇහුවා...."

"අන්ද්‍රේ කොමැටොෆ් කියපු විධියට, හෝමෝ සැපියන් මානවයන් බිහිවෙන්නත් කලින් පෘථිවියේ කොළණි හදාගෙන හිටපු ඉතාමත් බුද්ධිමත් ජීවීන් වර්ගයක්. චිටාරී කියලා උන් තමුන්ව හඳුන්වගෙන තියෙනවා... “

"ඒත් මට තේරුම් ගන්න බැරි තව දෙයක් තියෙනවා........ඔයා ගියේ කොමැටෝෆ්ව මරලා දාන්න.....මරණය පෙනි පෙනී තමුන්ව මරන්න ආපු කෙනාට පැය ගාණක් තිස්සේ මහා ලොකු විස්තරයක් කරනවා.........."අකිල් අසද්දී වාහනය පදවමින් සිටි විමුක්ති පිටුපස බලන කණ්ඩාඩියෙන් ඇය දෙස බැලුවා…..”
“කොමැටෝෆ් හොඳට දැනගෙන හිටියා එයා ක්‍රැස්නෝෆ්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනකොට මරණවරෙත්තුව ලියාගන්නවා කියලා. එයා මට කතාකරපු විධියට මට තේරුනේ දුවෙකුට කතාකරනවා වගේ කියලයි. එයා කිව්වා මගේ අතින් එයාගේ මරණය වෙන එක සැනසිල්ලක් කියලා....."

"..ඕක නෙමෙයිනේ දැන් තියෙන ප්‍රශ්නේ.....අපි දන්නේ මේ ජීවීන්ගේ සිරුරු කොහාටද ගෙනිච්චේ කියලා...ඒ අස්සේ ක්‍රැස්නෝෆ් එනවා අපේ බෙලි කපාගෙන යන්න....අපි කොහොමද මේ සිරුරු කොහාටද ගෙනිච්චේ කියලා හොයාගන්නේ....?"

“..මෙහෙමයි විමුක්ති....අපිට කවදාක්වත් මේ බොඩීස් වෙන තැනකට ගෙනිච්චේ කවුද කියලා දැනගන්න හම්බුවෙන්නේ නෑ.....ඒත් ඒවා බොහොම කළබලේට අරගෙන ගිය බව හිතාගන්න පුලුවන්......ඒ නිසා ගොඩාක් ඈතක ගෙනියන්න හරි, පිදුරුතලාගල මහ කැලෙන් එලියට ගෙනියන්න හරි නැතුව ඇති......ඒ කියන්නේ ඒවා පරණ ගුහාව ලඟම තැනක හංගලා ඇති...... ගුහාව වටේට කිලෝමීටර් 5ක විතර ප්‍රදේශයක් හොඳට නිරීක්ෂණය කලොත් හොයාගන්න අමාරුවෙන එකක් නෑ.....අපි තුන්දෙනෙක් ඉන්නවානෙ...."

“...කොහොමද දෙයියනේ අවුරුදු 47කට ඉස්සෙල්ලා පිදුරුතලාගල කැලෑවේ කොහේ හරි හංගපු මළමිණී හොයාගන්නේ...?" 

“..අපිට බැරිනම් කාටවත් පුලුවන් වෙන්න විධියක් නෑනෙ.....ඒ කියන්නේ කොච්චර ලොක්කෙක් වුනත් ක්‍රැස්නෝෆ්ටත් බැරිවෙනවා...එහෙම නේද ක්‍රිස්ටීනා..?"විමුක්ති ඇය දෙස කණ්ඩාඩියෙන් බලමින් ඇසුවා.

“..පොඩි හෝඩුවාවක් පොපොවික්ගේ පර්යේෂණ සටහන්වලින් දැන ගත්තා....මේවා වළදාලා තියෙනවා නම් ඒ හරියේ ගස්වැල් හැදෙන්න විධියක් නෑ කියලා...."

"ඇයි ඒ?"

"ඒවා පිටසක්වල සිරුරු නිසා....ඒවාවල ජීව ද්‍රව්‍ය පෘථිවියේ බැක්ටීරියාවලට දිරවාගන්න බැරිවෙනවා.... ඒ නිසා තමයි ඒවා අවුරුදු දාස් ගාණක් දිරන්නේ නැතුව තිබුමේ....ඒවගේම ඒවා උරාගන්න ගස්වැල් මැරෙනවා ඇති...."

“ක්‍රැස්නොෆ් ඒක දන්නවාද?

"නෑ කියලා හිතමු....පොපොවික් පෞරාණික පිටසක්වලයින් ගැන විස්තර තියෙන පොත්, පර්යේෂණ පත්‍රිකා සිය ගාණක් කියවලා වැදගත් දේවල් එයාගෙ සටහන් පොත්වල ලියාගෙන තිබුණා......අපි හිතමු එයාට එයාගෙ බොස්ට ඔය ටික කියාගන්න බැරිවෙන්න ඇති කියලා....කොමැටෝෆ් වගේ නෙමෙයිනේ...මිනිහා මැරෙන්න ලෑස්තිවෙලා හිටපු කෙනෙක් නෙමෙයිනේ..."

ඔයා මුල් ගුහාවට ගියා නේද?"

"ඔව් ඒත් වැඩිය ගවේෂණය කරගන්න බැරිවුනා....මට ප්‍රහාරයක් එල්ලවුනා...."

"යූරීගේ ටීම් එක පිදුරුතලාගල කැලේදී ඔයාටත් පහරදුන්නද?"

"නෑ ඒ ටීම් එක ලීඩ් කලේ වික්ටර් කියලා ස්පෙට්ස්නාස්කාරයෙක්....මම උන් ඔක්කොම මැරුවා....."ක්‍රිස්ටීනා ගානක් නැතුව කිව්වා.

"ක්‍රැස්නෝෆ් ටීම් කීයක් එවලද?"

"ඕන තරම් එවන්න ටීම් එයාට ඉන්නවා....ඕනෑ දේ කරගන්න මිනිහා ඕනෑ තරම් සල්ලි විසිකරයි.....ඕනෑ තරම් ජීවිතත් බිලිදෙයි....ඒ මිනිහගෙ හැටි....මිනිහට විරුද්දවෙන කෙනෙක් ලෝකෙ කොහෙ හිටියත් කෝටි ගාණක් හරි වියදම් කරලා මරලා දානවා...."

අපි ඔක්කොටොම මැරෙන්න වුනත් මේ පිටසක්වල සිරුරු මිනිහට අයිතිවෙන්න දෙන්න බෑ...කොහොම හරි හොයාගෙන විනාසකරන්න ඕනෑ..."

"විනාශ නොකර වෙන ක්‍රමයක් නැද්ද? අපි විනාශ කරන්නේ විශ්වයේ තවත් දියුණු ජීවීන් ඉන්නවා කියන එකට දැනට තියෙන එකම සාක්ෂිය නේද?"

"ඒත් කරන්න දෙයක් නෑ අකිල්....ඔයාලා උදව්වෙන්නේ නැත්තම් මම තනියම හරි කරනවා...නැත්තම් උත්සහකරලා මැරෙණවා..."


පස්වරු 6.55, පිදුරුතලාගල රක්ෂිතය, නුවර එළිය

දවසක් පුරාම වෙහෙසවෙමින් කල සෝදිසියේ ප්‍රතිපල ලැබෙනවිට සවස හය පමණ වුනා. මුල් ගල් ගුහාවට කිලෝමීටර් 4ක් පමණ ඈතින් නොගැඹුරු වලක වළදමා තිබූ සිරුරු සොයාගත්ත. පොපොවික්ගේ සටහන්වල තිබූ පරිද්දෙන්ම වසර හතලිහකට  පෙර වලදමා තිබූ එම සිරුරු තිබුණ තැන මීටර් දහයක් පමණ වපරිසයේ කිසිම පැලෑටියක් හෝ තණකොල ගහක් හෝ වැවී තිබුනේ නෑ.

සෙමින් පස් ඉවත් කොට බැලූවිට සිරුරු දකින්න්ට තිබූ අතර එවා තවමත් දිරා පත්වී තිබුනේ නෑ. වසර දහස් ගණනක් ශෛලමය බරණිවලද, තවත් වසර 40ක් මහපොලවේද තිබුණත් ඒවා එලෙසම තිබුනේ මහා පුදුමාකාර ලෙසයි. එම සිරුරු ජීර්ණය කිරීමේ හැකියාව පෘථිවියේ බැක්ටීරියා හා දිලීරවලට තිබුණේ නැති නිසාම ඒවා සුරැකෙන්නට ඇතැයි විමුක්ති අනුමාන කලා. සියවසේ මහා පුදුම සොයාගැනීමක් වූ මේ පිටසක්වල සිරුරු විනාශ කිරීමට අකිල්ටවත් විමුක්තිටවත් ඕනෑකමක් නොතිබුණත් ක්‍රිස්ටීනා මිනිස්වර්ගයාට මහා විනාශයක් සිදුකල හැකි මේවා විනාශකල යුතුමයයි ක්‍රිස්ටීනා දැඩිලෙස කියා සිටියා.

විශ්වයේ මිනිසාට වඩා අතිශය දියුණු තාක්ෂණයේ හිනිපෙත්තේ සිටින පිටසක්වල ජීවිය ඇති බවත්, වසර දසදහස් ගණනකට පෙර ඔවුන් පෘථිවියට පැමිණ මෙහි අණසක පතුරුවාගෙන සිටි බවටත් මේ සිරුරු සාක්ෂි දැරුවා. දැවැන්ත පියාසර යානාවලින් අහස් කුස සැරිසැරූ, ඕනෑම දෙයක් මොහොතකින් දවා හළුකල හැකි සුපිරි අවිවලින් සන්නද්ධ මොවුන් පැරණි මානවයින් දෙවියන් බවට සලකා අදහන්නට, පුද පූජා පවත්වන්නට, පැරණි ගීතාවලිවල, ශ්ලෝකවල ඔවුන්ගේ ගතිලක්ෂණ සටහන් කොට තබන්නට පැරණි මානවයා කටයුතු කරන්නට ඇති.

"මේ හැමදේම අලුකරලා දාන්න ඕනෑ.....කිසිම දෙයක් ඉතුරු කරන්න බැහැ.....එක ඇඟිලි පුරුකකින් මං වගේ කෙනෙක් හැදුවානම්, මේ සිරුරු ලබාගන්න ක්‍රැස්නෝෆ් වගේ හිත්පිත් නැති මිනිහෙකුට මොනවා කරන්න බැරිවෙයිද?"ක්‍රිස්ටීනා අනෙක් දෙදෙනා දෙස බලමින් කිව්වා. ඇයගේ තර්කය නිවැරදිබව ඔවුනට නොවැටහුනා නොවෙයි.

"අවුරුදු දාස් ගාණක නොදිරා ඉතිරිවෙච්ච මේවා අපි කොහොම විනාශ කරන්නද? අනෙක මේ හදිස්සියේ...?"අකිල් විමසා සිටියා.

"අපි නාපාම් වලින් පුච්චලා දාමු..."

"නාපාම්???.....නාපාම් ගිණි බෝම්බ කොහෙන්ද අපිට??....ඔයා කොහෙන් හරි ගෙනාපුවා තියෙනවද?"අකිල් විමතියෙන් ඇසුවා.

“ලේසියෙන් හදාගන්න පුලුවන්නේ.....ඔයලා කෙමිස්ට්‍රි ඉගෙන ගෙන නැද්ද අප්පා?"

"මම නම් කෙමිස්ට්‍රි ඉගෙන ගෙන තියෙනවා.....හැබැයි ගිණිබෝම්බ හදන විධියනම් ඉගැන්නුවේ නෑ අපිට..."විමුක්ති මදහසපාමින් පැවසුවා. අකිල් හිස කසමින් ක්‍රිස්ටීනා දෙස බලා සිටියා.

“ඔයාලා ගිහින් තියෙන්නේ හරිම බෝරින් ඉස්කෝලවලට....මම ගිය ඉස්කෝලේ නම් උදේ ඉඳන් හවස් වෙනකම් ඉගැන්නුවේ කාටහරි අතපය කැඩෙන්න ගහන හැරි, බෙලි කඩන හැටි.... පිහිතලයක් වත් නැතුව මාස ගාණක් කැලේ නොමැරී ජීවත් වෙන හැටි....කුස්සියක හරි ගරාජ් එකක හරි තියෙන දේවල් වලින් බෝම්බ හදන හැටි.....අන්න ඉස්කෝල...."ක්‍රිස්ටීනා හිනැහුනා.

"හරි හරි....කෙමිස්ට්‍රි ටීචර් එහෙනම් අපිට උගන්වනවද...?"

"ලීටර් විස්සක් සුපර් ඩීසල් ඕනෑ.....ඒවගේම පුලුවන්තරම් පොලිස්ටියරින් හොයාගන්න ඕනෑ....තිනර් කෑන් එකකුත් ඕනෑ....තිනර් පටස් ගාලා ඇවිලෙනවා......"

“පොලිස්ටියරින්??...ඒවා කොහෙන්ද හොයන්නේ??"අකිල් නහය කසමින් ඇසුවා.

"රිජිෆෝම් මචන් රිජිෆෝම්...."විමුක්ති පැහැදිලි කලා.
"ආ...රිජිෆෝම් හොයාගන්න එක ලේසියි....ටවුමෙ රිජිෆෝම් පැකින් විකුණන කඩයක් තියෙනවා.....මම ටවුමෙ ඇවිදිනකොට තැනක් දැක්කා...බසාර් එක හරියේ කඩේ තියෙන්නේ...."

"ඉක්මණ් කරමු, දැම්මම ගිහිල්ලා බඩුටික ලෑස්තිකරගෙන....ඉක්මණට ආපහු එමු....ක්‍රැස්නෝෆ් කාරයා තවත් ටීම් එකක් එක්ක ඇවිල්ලා අපිව හොයනවා ඇති...."


~ / ~

උදෑසන 6.48, පෙඩ්‍රෝ වතුයාය ආසන්නයේ, නුවර එළිය

ඕනෑ කරන බඩුමුට්ටු ටික හොයාගෙන ක්‍රිස්ටීනාගේ උපදෙස් අනුව ගෙදර හදපු නාපාම් බැරල් එකක් අරගෙන යලිත් කැලයට රිංගාගන්නට සෑහෙන්න වෙහෙසෙන්න වුනා.... කිලෝ පනහක් පමණ බර නාපාම් මිශ්‍රණය ක්‍රිස්ටීනා අපහසුවක් නැතිව තනිවම උස්සාගෙන ගියේ අකිල්වත් විමුක්තිවත් පුදුම කරමින්...ඒත්... ගම්වැසියන්ගේ ඇස්වසා ඇතුලට රිංගාගත යුතුනිසා සෑහෙන්න කරදරවෙන්න වුනා..... 

පාන්දර දෙකට පමන යලිත් සිරුරු වලදැමූ තැනට ලඟාවුනු ඔවුන් සිරුරු මිහිදන්කොට තිබූ වල විශාල කලා. ගින්න පැතිරී කැලයම ගිණිගැනීම වැලැක්වීම අතිශයින්ම වැදගත් නිසා, තිදෙනාම එකතුවී වල වටේට අඩි හතරක් පමණ උසට පස් වැටියක් හැදුවා. සිරුරු වැහෙන්නට නාපාම් මිශ්‍රණය වත්කොට, ඊට උඩින් පේන්ට් තිනර් දමා සූදානම් කලා. අනෙක් දෙන්නාට හැකිතාක් ඈතට යන ලෙස උපදෙස් දුන් ක්‍රිස්ටීනා පත්තුකල ගිණිකූරක් වල තුලට දමා දිව ආවා.    පේන්ට් තිනර් වාෂ්පය ඩුම් ශබ්දයක් නගමින් එක්වරම ඇවිලී ගිය අතර දම් පැහැ ගිණිබෝලයක් මෙන් උඩට ආවා. එයින් ගින්න ඇරඹුනු අතර පාන්දර පහ පමණ වන තෙක් නොකඩවා ඇවිලුනා. රාත්‍රියේ පැයැක් පමණ වර්ශාව වැටුනත්, ක්‍රිස්ටීනා කියූ පරිදිම ඩීසල් හා රිජිෆෝම් එක්කොට හැදූ නාපාම් මිශ්‍රණය බුර බුරා දැල්වෙන්නට වුනා....

පාන්දර පහ පමණ වන විට සිරුරුවල අඟුරු හැරෙන්නට කිසිවක් ඉතිරිවී නැති බව සනාතවුනා. වටේට ඉදිකල පස්වැටිය කඩා වල තුලට දමා සම්පූර්ණයෙන්ම වසා දැමූ ඔවුන් හය පමණ වනවිට ආපසු යන්නට හැරුනා. අකිල් හා විමුක්ති දැඩි ලෙස වෙහෙසවී සිටියත් ක්‍රිස්ටීනාට වෙහෙස ගෑවිලාවත් නැති බව දුටු ඔවුන් පුදුම වුනා.

"ඔයාට මහන්සි දැනෙන්නෙම නැද්ද?"විමුක්ති ඇසුවා.

"දැනෙනවා...ඒත් දවස් තුනක් විතර එකදිගට වෙහෙස වුනොත් විතරයි.... නැතිනම් ගාණක් නෑ..."

සියල්ල අවසන් වනවිට උදෑසන හත පමණ වුනත් වැහි බීරිම නිසා තවම දැඩි ශීතලක් හා මද අඳුරක් තිබුණා. ආපසු හැරුනු ඔවුන් ක්‍රිස්ටීනාගේ මග පෙන්වීම අනුව කැලයෙන් එලියට පැමිණීම ඇරඹුවා. මහ කැලෑවල තනිවම ජීවත්වීම, මග සොයාගැනීම හොඳින් පුහුණුවී තිබුනු ක්‍රිස්ටීනා මග පෙන්වමින් ඉදිරියෙන් යද්දී අකිල් හා විමුක්ති නිහඬව ඇය පසුපසින් ඇදුනා.

“Can we take a break……please??” අකිල්ට විවේකයක් ඕනෑ වුනා. විමුක්තිත් දැඩි ලෙස වෙහෙසට පත්ව තිබුණා. ඇඩිෂම් බංගලාවට ගිය දා සිටම දින දෙකක් හරි හැටි නින්දක් නැතිව නොකඩවා ක්‍රියාත්මක වීම නිසා ඒ මහන්සිය පුදුමයක් වුනේ නෑ. එහෙත් ක්‍රිස්ටීනා තවමත් සුපුරුදු ජවයෙන් ක්‍රියාත්මකවුනේ පිටසක්වල ජාන ඇයට ලබාදී තිබූ සුපිරි හැකියාවන් නිසාමයි.

“Ya sure……..we are entering Pedro tea estate….” දැන් පෙඩ්‍රෝ තේ වතුයාය ආසන්නයට පැමිණ ඇතිබව පැවසූ ක්‍රිස්ටීනා දෙදෙනාට විවේක ගන්නට ඉඩදී අසල වූ ගල්තලාවකට ගොඩවී අවට බලන්නට වුනා. ඇය නැගෙනහිර දෙසට මුහුණලා සිටි අතර කළු වළාකුළු මෑත්වී හිරු දිස්වෙන්නට පටන්ගෙන තිබුනා.

"හරීම ලස්සනයි.......!"ඇය දෑත් ඉණට තබාගෙන හිමිදිරියේ නැවුම් වාතයෙන් ලය පුරවාගන්නා හැටි ඈතින් ගලකට පිටදී බිම වැතිරීගෙන සිටි අකිලුත් විමුක්තිත් බලා සිටියා.

"කෙල්ල ලස්සනයි නේද බං....?"අකිල් විමුක්තිගේ දෑස් දෙස බලමින් ඇසුවා. විමුක්ති ක්‍රිස්ටීනා වෙත විශේෂ ලෙන්ගතු කමකින් හැසිරෙන බවත් ඇයද එයට ප්‍රතිචාර දක්වන බවත් අකිල්ට දැනී තිබුනා. යම් අවස්ථාවලදී දෙදෙනාගේ දෑස් හමුවන අවස්ථාවලදී ඇයගේ දෙකොපුල් රතුවන ආකාරයද ඔහු දැක තිබුණා. කොල්ලෙක්ගේ දෑස් හමුවූවිට කෙල්ලෙක් රතුවෙන්නේ ඇය සැබැවින්ම ඔහු ගැන කැමැත්තක් ඇතිනම් විතරයි. 

"හම්....."විමුක්ති ඕනෑවට එපාවට පිලිතුරු දෙද්දී අකිල් සිනාසුනා.

"මචන්....ඔය කෙල්ල කාත් කවුරුවත් නැති කෙනෙක්......කෙල්ල උඹට හොඳටම කැමතියි.....ලංකාවෙ නවත්තගනින්, බැරිනම් යන තැනක උඹත් පලයන්....."

“ඇත්තටම එයාමට කැමතියි කියලා උඹට හිතෙනවද?"

"ඔව් බන්....උඹට නෝට් නැතිවුනාට මට හොඳට තේරෙනවා..... කෙල්ල උඹට මාර කැමතියි....මං ප්‍රශ්ණයක් ඇහුවත් උත්තර දෙන්නේ උඹ දිහා බලාගෙන.....උඹගෙ මෝඩ ජෝක් ඔක්කොටම ඒකිට හිනා වෙනවා....එහෙම වෙන්නේ....කැමතිනම් විතරයි බන්..."

“ඒත් මේ නෝමල් කෙල්ලෙක් නෙමෙයිනෙ බන්......ඇවිදින වෙපන් එකක්......ඉන්ටර්පොල් එකෙනුත් හොයන ඇසසින් කෙනෙක්......පිටසක්වල ජාන තියෙන සුපිරි බලයක් තියෙන ජීවිතයක්"

"එහෙම වෙන්න ඇතිබන්....ඒත් මේ කෙල්ල නෝමල් ජීවිතයක් ගතකරන්න ආස, ආදරය කරන්න, ආදරය ලබන්න ආස කෙනෙක් කියලා උඹට හිතෙන්නේ නැද්ද?...එයාව වෙපන් එකක් කෙරුවෙ/වුනේ එයාගෙ ඕනෑ කමටද? එයා මිනීමරන්නේ ආසාවටද? නෑනෙ....පුංචිකාලේ ඉඳන්න මරන්න, වෙඩි තියන්න, ගහගන්න, යුද්ධ කරන්න ඉගෙනගත්තෙ එයාගේ ඕනෑ කමකටද....? She needs a chance to be normal girl ….only you can give it to her….be the man she trusts and loves….”

“උඹට ශුවර්ද? උඹ පම්පෝරි ගහනකොට මම හිතුවේ උඹ කැමතියි කියලා......"

“නෑ බන්.... මට ආස කෙල්ලෙක් ඉන්නවා ලන්ඩන්වල....”

“සුදු කෙල්ලෙක්ද?”

“ඔව්...."

"උඹ අහලද තියෙන්නේ එයාගෙන්...?"

"තාම නෑ...."

"යකෝ උඹ මට මෙතන ඉඳන් බණ කියනවා....උඹ ආස කෑල්ලගෙන් උඹ තාම අහලා නෑ....."විමුක්ති කියද්දී අකිල් සිනාසුනා.

"මේ සැරේ ගිය ගමන් අහනවා...."

එක්වරම ඈතින් රතිඤ්ඤාවක් පුපුරණවා මෙන් ශබ්දයක් ඇසුණු අතර දෙදෙනාටම එදෙස බැලුනා. අණතුර වටහාගත් විමුක්ති ඇයවෙත යන්නට හැරුණත් ඔහු පමාවුනා. ශබ්දයේ වේගයෙන් පැමිණි, වානේ පවා විනිවිද යා හැකි ආමර් පියර්සින් ස්නයිපර් උණ්ඩය ඇයගේ උඩුකය පසාරුකරගෙන ගොස් අනෙක් පසින් මතුවෙද්දී ඇය බිම ඇදගෙන වැටුනා. 

"ක්‍රිස්ටීනා........!!!!"විමුක්ති කෑගසාගෙන ඇයවෙත දිව ගොස් ඇය වත්තන් කරගනිද්දී ඇයගේ අප්‍රාණික හිස පැත්තකට වැටුනා. විශාල තුවාලයෙන් වහ වහා ගලායන රුධිරයෙන් ඇයගේ මුලු ගතම තෙමී යමින් තිබුණා.

වෙඩි ශබ්දය ඇසුනු දෙස අකිල් බලාසිටියේ තුවක්කුකරුවා තමන් හා විමුක්තිවත් ඉලක්ක කරගැනීමට හොඳටම ඉඩ තිබුණ නිසයි. ඈත තේ පඳුරකින් මෑත්වී තමන් දෙස බලාගෙන අවඥාවෙන් අතවනන නිකොලායි ක්‍රැස්නෝෆ් දකින්නට ලැබුණා. අකිල්ගේ සියොලඟ කෝපයෙන් වෙවුලන්න ගත්තා.
“You shot a woman in the back you LOWLY MOTHER FUCKER!!!!.....I will get you mother fucker….!!! I will get you for this….!!!” අකිල් දබරඇඟිල්ල උලුක්කරමින් කෝපයෙන් මොරදුන්නා.

ක්‍රිස්ටීනාට වෙඩිතැබූ තුවක්කුව දෑතට ගත් ඔහු අකිල්ට පෙනෙන්නට එය සිපගෙන සුරතින් ඉහලට එසවූවේ ඔහුට ද්‍රෝහිවූ සතුරෙකු සියතින්ම මරාදැමීමේ ප්‍රීතිය සැමරීමටයි. ඔහු කිලෝමීටරයක් පමණ ඈතින් සිටි නිසා කිසිවක් කරකියා ගන්නට හැකියාවක් අකිල්ට තිබුණේ නෑ. ඔහු අසරණවී බලා සිටිද්දී නිකොලායි යන යන තැන දක්කාගෙන යන ඔහුගේ ආරක්ෂකයා ඈතක සඟවාගෙන නවත්වා තිබූ වාහනය ඔහු අසලට ගෙන ආවා.

නැවතත් අකිල්ට පෙනෙන්නට තුවක්කුව ඉහලට ඔසවා වැනූ ක්‍රැස්නෝෆ් අකිල් දෙස කෙලින් බලා සුරතේ දබර ඇඟිල්ල ඔහු වෙත යොමුකොට යලිත් දබර ඇඟිල්ල හා මැදැගිල්ල V අකුරේ හැඩයට තබාගෙන එය සිය දෑස්වෙත එල්ල කරගත්තා.

"මම උඹ දිහා බලාගෙන ඉන්නේ ...... පරිස්සම් වෙයන්...."ප්‍රභල කුළී හමුදාවක අයිතිකරුවාවූ ප්‍රකෝටිපති රුසියානු ආයුධ වෙළෙන්දා හස්ත මුද්‍රාවෙන් අකිල්ට තර්ජනය කලා. සැබැවින්ම ක්‍රැස්නෝෆ්ට උවමනාවක් තිබුණානම් අකිල්ව හා විමුක්තිවත් ඊලඟ උන්ඩ දෙකෙන් බිම හෙලන්නට ඔහුට හැකියාව තිබුණා. 

“අකිල් මෙහෙ වරෙන්....!!!” ක්‍රිස්ටීනාව වත්තන් කරගෙන කඳුලු පෙරමින් සිටි විමුක්ති වෙත අකිල් දිවගියා. 

"විමුක්ති මෙයාට ඉන්ජෙක්ෂන් එක දෙමු....."

"වැඩක් නෑ බං...."විමුක්ති හඬමින් කිව්වා. සුරතින් ඇයගේ වැලමිට ඇතුලත අතගෑ අකිල් ඇයගේ නාඩි සොයන්නට වුනා.

"නාඩි වැටෙනවා........මැරිලා නෑ.........විමුක්ති!!!.......මට උදව් කරපන්!!!"අකිල් හඬ නැගුවා. දරාගත නොහැකි දුකකින් සිටි විමුක්ති ප්‍රතික්‍රියා දක්වන්නට පමා වෙද්දී අකිල් ඇයගේ ඉනෙහි බැඳගෙන තිබූ පැස විවරකොට ඉන්ජෙක්ෂන් කට්ටලය ගත්තා. ඉන්ජෙක්ෂන් කටුව ගෙන එයට මිලීටර් 30ක් පුරවද්දි...

"වැඩි නැද්ද?  මිලිලීටර් දහයයි කියලා නේද කිව්වේ?"විමුක්ති බිඳුනු හඬින් ඇසුවා.

"සාමාන්‍ය වෙලාවට දහයයි........ජීවිතේ අණතුරේ තියෙන වෙලාවට තිහයි....."විශ්වාසයෙන් කියු අකිල් ක්‍රිස්ටීනාගේ බෙල්ලේ බලනහරය සොයද්දී විමුක්ති ඇයගේ හිස වත්තන් කරගෙන සිටියා.

එන්නත විද අවසන්ව ඇය දෙසම බලාගෙන සිටි අකිල්ටත්, ඇයව වත්තන් කරගෙන සිටි විමුක්තිටත් ඈතින් අමුතු ශබ්දයක් ඇසුනා... ඒවන විටත් නිකොලායි ක්‍රැස්නෝෆ්ගේ සුපිරි ලෑන්ඩ්රෝවර් ඩිස්කවරි රථය ඈතට ඇදී යමින් තිබුණා. පෙඩ්‍රෝ වතුයාය මැදින් යන පාර ඉතා පටු මෙන්ම දැඩි ලෙස අබලන්ව තිබූ නිසා එය වලගොඩැලි බේරමින් මන්දගාමීව ගමන්කලා. 

ඈත කඳුගැටයක් අසලින් ගිණි දැල්ලක් මතුවනු පෙනුනා. සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නටත් පෙර කඳුගැටයේ සිට විදුලි වේගයෙන් පැමිණි රොකට්ටුවක් ක්‍රැස්නෝෆ් ගමන්කරමින් සිටි ඩිස්කවරියේ වැදී හෙන හඬ නගමින් පුපුරා ගියා. පිපුරුමේ කම්පණයට පලාතම සෙලවුනු අතර අඩි විස්සක් පමණ උඩ විසිවූ ජීප් රිය ගිණිගනිමින් ආපසු වැටී  හෙලකට පෙරලුනා.

"ඒ කවුද?"

"දන්නේ නෑ....” විමතියෙන් ගිණිගන්නා රථය දෙස බලාසිටි අකිල් පැවසූවා.

"ඔය ඇත්තමද?"ක්‍රිස්ටීනා වත්තන් කරගෙන සිටි විමුක්ති නළල රැළිකරමින් ඇසුවා.

"මං දන්නෙ නෑ බන්....පොඩ්ඩක් හිටහන්...ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා."



“Oh….yeah….oooh yeah…. “ අකිල් ස්මාර්ට්ෆෝන් තිරයදෙස බලාගෙන ප්‍රිතීයෙන් ඉපිලුනා..

“WHAT????” විමුක්ති සැරෙන් ඇසුවා. 

"MI6 බ්ලැක් ඔපස් කමාන්ඩර් රොන් ස්කෝෆීල්ඩ්ගෙන් මැසේජ් එකක්. අකිල් විමුක්තිට දුරකථනය දුන්නා.

.“Sorry Akil, we couldn't get there in time to save the girl….see you in London….TC, Ron…” [සමාවෙන්න අකිල් කෙල්ලව බේරගන්න බැරිවුන එකට....අපි ටිකක් පරක්කු වුනා....ලන්ඩන්වලදි හමුවෙමු....රොන්..]

"මිනිහා මෙහෙද?"

"නෑ...එයාගෙ ටීම් එකක් මෙහෙ ඇවිල්ලා ඇති...."

"එයාලට අපිට උදව් කරන්න බැරිද? මේ කෙල්ලගෙ පණයනවා...."

“නෑ මං හිතන්නේ නෑ එයලා මේකට පැටලෙයි කියලා....හිට් එකකින් පස්සේ පැය හතරක් පහක් ඇතුලත රටෙන් පිටවෙන්න ඕනෑ....ඒක තමයි MI6 බ්ලැක් ඔප්ස් ප්‍රෝටොකොල් එක..."

ඉන්ජෙක්ෂන් එක වැඩකරනවා වගේ තේරෙනවද?"

"තවම ලේ යනවා...ඒත් නාඩි වැටෙනවා......වැඩිකල් අල්ලා ඉන්න එකක් නෑ.....ඉක්මණට මොනවා හරි කරමු..."


අලුයම 1.38 - හදිසි අණතුරු අංශයේ දැඩි සත්කාර ඒකකය, කොළඹ ජාතික රෝහල.

ලබ් දබ් ලබ් දබ් ලබ් දබ් ලබ් දබ් ......

රෝගියාගේ හදවත වේගයෙන් ගැසෙන ආකාරය ඉලෙක්ට්‍රෝ-කාඩියෝගෑම් යන්ත්‍රයේ උස් ඉරි වශයෙන් සටහන්වෙමින් ඇදී ගියේය... ඒවායේ ක්‍රමවත්බවක් තිබුනේම නෑ...

"නර්ස් මොකද තත්වෙ?"දැඩි සත්කාර ඒකකයට ඇතුලුවුනු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සුදුමැලිවී සිටි තරුණ හෙදිය දෙස බලමින් ඇසුවේය... එහඬින් ගැස්සුන හෙදිය මුවින් නොබැන ECG තිරය දෙසට වෛද්‍යවරයාගේ දෑස යොමුකෙරෙව්වාය. තත්පර කිහියක් ඒ දෙස බලා සිටි වෛද්‍යවරයා....

"නර්ස් මේට්‍රන්ට එන්ඩ කියන්න..."

හෙදිය වහා කාමරයේ වූ ඉන්ටර්කොම් දුරකථනය වෙත දිව ගියාය. මොහොතකින් ප්‍රධාන මේට්‍රන් හෙදිය තවත් හෙදියක හා වෛද්‍යවරුන් දෙදෙනෙකු සමග දැඩි සත්කාර ඒකකයේ දොරටුව කඩාගෙන මෙන් ඇතුලට වැදුනා. එකෙනෙහිම ඉලෙක්ට්‍රෝ-කාඩියෝග්‍රෑමයේ අණතුරු හැඟවීමේ බීප් බීප් නාදය විලාපයක් මෙන් ඇසෙන්නට විය.

"සර් පේෂන්ට් ෆ්ලැට් ලයිනිං!..."මේට්‍රන්වරිය කළබලයෙන් පැවසූ අතර. අනෙක් තරුණ හෙදියන් දෙදෙනා ගල්ගැසී මෙන් බලා සිටියා....

"යෙස් අයි කැන් සී දැට්!.."...ලොකු ඩොක්ටර්ගේ ගෙරැවිල්ලෙන් තිගැස්සුනු එක් හෙදියකගේ අතවැදී ශළ්‍ය උපකරන බහා තිබූ බෙලෙක් බන්දේසියක් මහ හඬ නගමින් බිම පතිතවුනා.

"කුසල්! මෙයාට හාර්ට් කොම්ප්‍රෙශන් දෙන්න.... විපුල එපිනෙෆ්‍රීන් ඉන්ජෙක්ශන් එක ලෑස්තිකරන්න - 30ml දාන්න....ඉක්මන් කරනවලා... මේට්‍රන්! ඩිෆිබ්‍රිලේටර් මැශින් එක චාර්ජ් කරන්න!..නර්ස්! වෙන්ටිලේටර් මැශින් එක.......කට ඇතුලට ටියුබ් එකදාලා එයා පැසේජ් එක ක්ලියර් කරන්න....කියන්නත් ඕනෙද තව??.....

“මේට්‍රන්!!!! මේ නර්ස්ලා මුකුත් දන්නෙ නැති බබ්බුද බයවෙලා බලාගෙන ඉන්නේ?? ...... විපුල එපිනෙෆ්‍රීන් එක ගහන්න....” විශේෂඥ වෙදැදුරු ඊ.සී.ජී තිරයෙන් දෑස් ඉවතට නොගෙන දැඩි එහෙත් සන්සුන් ස්වරයකින් විධානකොට සිටියා...

"චාර්ජ් එක හරි සර්..."

"කෝ එපිනෙෆ්‍රීන්??"

දිගු ඉන්ජෙක්ශන් කටුවක් සහිත සිරින්ජය ගෙන ආ වෛද්‍ය විපුල සිරිවර්ධන සිරින්ජය දෑතින් ගෙන ඇඳමත පණ අදිමින් සිටි රෝගියාගේ හදවතම ඉලක්කකොට, ඉන්ජෙක්ශන් කටුව ඉල ඇට දෙකක් අතරින් ඇතුලට යැවුවා. හදවත් මාංශපේශියට එපිනෙෆ්‍රීන් (ඇඩ්‍රිනලින්) ඇතුලුවත්දී ඊ.සී.ජී තිරයේ ඇඳෙමින් තිබූ තනි ඉර උස් පහත් වන්නට තැතැනුවත් තත්පර කිහිපයකින් වෑයම අත්හැරියා සේ නැවතත් තනි ඉරක් ලෙස ඇදී ගියා..සිරින්ජර් කටුව ඉවත්කල විගස වෛද්‍ය කුසල් විතාරන රෝගියාගේ පපුව සම්බාහනය කරමින් හදවත පනගන්වන්නට කරන උත්සහය යලිත් ඇරඹූ අතර එක් හෙදියක් රෝගියාගේ මුඛයට ඇතුලු කරන ලද බටයකට සවිකරන ලද කෘතිම ස්වසන උපකරණයකින් ඔහුගේ පෙනහලු ඔක්සිජන් පීරි වාතයෙන් පුවරමින් සිටියා.

Clear? හදවත පණගන්වන්නට විදුලි සැරවද්දන උපකරණයේ ඉලෙක්ට්‍රෝඩ දෙක දෑතින් ගත් හදවත් රෝග විශේෂඥ ලලිත් කළුපහණ සූදානමින් ඇසුවා.

Clear!! රෝගියාගේ සිරුර මත දෑත් තබාගෙන සිටි සියලුදෙන දෑත් ඉවතට ගනිද්දී හදවත සම්බාහනය කරමින් සිටි වෛද්‍ය කුසල් සියලු දෑත් රෝගියා මතින් ඉවත්වූ බව තහවුරුකලා.

ඉලෙක්ට්‍රෝඩ දෙක රෝගියාගේ නිරාවරණය වූ ලයමත ස්පර්ශවෙත්දී "ජග්!"යන ශබ්දය ඇසුනු අතර රෝගියාගේ ලය වක්වී ඉදිරියට එසවී නැවත ඇඳමතට පතිතවුනා. දෙතුන්වතාවක් ගැහුණු හදවත යලික් අක්‍රියවූ අතර ඊ.සී.ජී මැශිමේ බීප් බීප් විලාපය නැවතත් ඇසෙන්නට වුනා.

"Double the charge!! ..... "රෝගියාගේ හදවත පණගන්වන්නට යොදන වෝල්ටීයතාවය දෙගුණ කොට සකසන ලෙස විශේෂඥ කළුපහණ අණකලා.

"Clear?"

"Clear!!"

ජග්!! ප්‍රභල විදුලිසැරය පපුවෙන් ඇතුලුවත්ම රෝගියාගේ සිරුර තුනටියෙන් ඉහලට එසවුනු අතර නැවතත් ඇඳට වැටුනා. ඊ.සී.ජී මැශිමේ බීප් බීප් විලාපය නොකඩවා ඇසුනා.

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"Again!"

"Clear?"

"Clear!"

ජග්................................................................බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....බීප්....

"හම්...."සුසුමක් හෙලු විශේෂඥ වෛද්‍ය ලලිත් කළුපහණගේ මුහුණේ දිස්වුනේ පරාජිත ස්වභාවයක්. විදුලි-සැර අල්ලන මැශිමේ ඉලෙක්ට්‍රෝඩ දෙක නැවතත් ඒවායේ රඳවන මත තැබූ ඔහු නළලේ දහදිය පිටිඅල්ලෙන් පිස දමා දැඩි සත්කාර ඒකකයේ බිත්තියක රඳවා තිබූ විශාල ඔරලෝසුව දෙස බැලුවා.

"මේට්‍රන්...ටයිම් ඔෆ් ඩෙත්... 2.09 AM....සයින් කරන්න ඕනෑ ඒවා ලෑස්ති කරලා මගෙ ඔෆිස් එකට එවන්න...මම ඒවා ඉවරවෙනකම් යන්නේ නෑ..."

හරි සර්!


අලුයම 2.49, වෛද්‍ය රථගාල, කොළඹ ජාතික රෝහල

මරණකරුගේ වාර්තා ලියා අවසන්වූ විශේෂඥ වෛද්‍ය ලලිත් කළුපහණ යලි නිවෙස බලා යාමට සිය වාහනය වෙත පැමිණෙමින් සිටියා. සිය පර්ජෝ 301 රථයේ දොර විවරකල ඔහු කරේ තිබූ ස්තස්කෝපය ඉදිරිපස අසුන මතට දමා රථයේ පසුපස දොර විවර කලේ රෑ හදිසි රාජකාරියක නිවසින් එලිය බසින විට අවදිවන සිය බිරිඳ සාදා දෙන කෝපි ෆ්ලාස්කය ගෙන කෝපි ටිකකින් උගුර තෙමාගැනීමටයි.

“Excuse me sir…” මහ පාන්දර අනපේක්ෂිතව තමන් ඉදිරියේ පෙනී සිටි තරුණයා දුටු වෛද්‍ය කළුපහණ තිගැස්සුනා.

"තමුන් කවුද? මේ මහ රෑ මොකද මෙතන?"ඔහු වටපිට බලමින් ඇහුවා.

"කළබලවෙන්න එපා සර්....උදව්වක් ඉල්ලන්න ආවේ......"විමුක්ති බැගෑපත් හඬින් පැවසුවා.

"මොකක්ද උවමනාව..... ඥාති ලෙඩෙක්ද....මගේ වාට්ටුවෙද ? අමාරුද...?"අසමින් තමන් ඉදිරියේ සිටි තරුණයා දෙස හොඳින් බැලූ වෛද්‍ය කළුපහණට යම් සැකයක් ඇතිවුනා. ඔහුගේ ඇඳුම් කිළිටි වීතිබු අතර මුහුණ දැඩි වෙහෙසකාරී බවක් පෙනුනා....එකෙනෙහිම තරුණයාගේ කලිසම දෙස බැලූ ඔහුට එහි වියලී ගිය විශාල ලේ පැල්ලම් දකින්නට ලැබුනා..."

ඔහුගේ දෑස් විශාල වුනා "පුතා!!!! ඔයා කාට හරි අණතුරක් කලාද? නැතිනම් ඇක්සිඩන් එකකින් ඔයාට තුවාල වුනාද?"

“අනේ නෑ සර්….එහෙම දෙයක් නෙමෙයි.......ඒත් ලොකු උදව්වක් ඉල්ලගන්න ආවේ..සර් මම SIS….ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකේ.....මේ අයි.ඩී එක...” විමුක්ති වෙවුළන හඬින් පවසමින් සිය රාජකාරි හැඳුනුම් පත දිගුකලා.. ඔහුගේ වචන පවා පැටලෙන්නට වුනා.

“සර්…. අපිට ලෙඩෙක්ව බලව ගන්න ඕනෑ...."පිටුපසින් ඇසුනු කටහඬ නිසා වෛද්‍ය කළුපහණ හැරී බැලුවා.

"මේ කව්ද…???"

"මගේ යාළුවෙක්....සර් ..."

"සර් මම ලුතිනන් අකිල් මොහොට්ටි.....මම ඉපදුනේ එන්ගලන්තෙ.... දැන් රාජකාරි කරන්නේ MI6 බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස් එකට...."අකිල් සිය ස්මාර්ට්ෆෝනයේ තිබූ ඩිජිටල් හැඳුනුම්පත තිරයට ගෙන පෙන්වූවා.

“ම්ම්ම්.....??? එන්ගලන්තෙ MI6 එකයි ලංකාවේ SIS එකයි මේ මහරෑ මෙතන?....ඇඳුම් කිළුටුයි....ඇඟවල් පුරාම ලේ පැල්ලම්......මොකක්ද මේ කළබැගෑනිය.?...කියනවලා බලන්න...?” නළල රැළිකරගනිමින් තරුණයන් දෙදෙනා දෙස බලාසිටි වෙදැදුරා තරමක් තදින් විධාන කලා.

"අනේ සර්....ඉක්මණට අපිත් එක්ක එනවද? අපිට වෙඩි වැදුනු ගෑණු ළමයෙක් බේරාගන්න සර්ගේ උදව් ඕනෑ..."

"මොනවා!!! වෙඩි වැදුනු කෙල්ලෙක්??....ඉතින් ඕයි ඉක්මණට ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනියනවා.......මෙතන මොකද කරන්නේ? තමුසෙලද කෙල්ලට වෙඩි තිබ්බේ???"

"කොහොමටවත් බෑ සර්, එයා සාමාන්‍ය ගෑණු ළමයෙක් නෙමෙයි......ස්පෙෂල් මිෂන් ඔපරෙටිව් කෙනෙක්.........හොස්පිටල් එකකට එයාව ගෙනියන්න කොහොමටවත් බෑ.....උදව් කරන්න සර්...ප්ලීස්....සර් නාවොත් එයා මැරෙනවා....ගොඩක් ලේ ගිහිල්ලා...."විමුක්ති බැගෑපත් වුනා. ඔහුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණා.

"බුලට් එක ඇතුලෙද?"

"නෑ සර් එක්සිට් වූන්ඩ් එකක් තියෙනවා..... බුලට් එක කඩාගෙන එලියට ගිහිල්ලා....ආමර් පියර්සින් රවුන්ඩ් එකක්...."

"හොඳටම විශ්වාසද එක්සිට් වූන්ඩ් එකක් තියෙනවා කියලා?"

"ඔව් සර් මේ.....” අකිල් සිය ජංගම දුරකථනයේ සටහන් කරගත් ඡායාරූප පෙන්වූවා.

“මේ ලංකාවේ කෙල්ලෙක්නේ....මම හිතුවේ MI6 ඔපරෙටිව් කෙනෙක් කියලා...." 

"සර් මෙයා ලංකාවේ ඉපදිලා තියෙන්නේ...ඒත් දැන් රෂියන් සිටිසන් කෙනෙක්....."

"සර් යන ගමන් තව විස්තර කියන්නම්...අපේ වාහනේ එලියේ තියෙන්නේ....සර්ගේ කාර් එක පාක් එකේ තිබුනට කමක් නෑ නේද?"

"ඒකට කමක් නෑ ...මේක දාලා යන්....කොහෙද පේෂන්ට් දැන් ඉන්නේ...?"

"සේෆ් හවුස් එකක...."

“එක්සිට් වූන්ඩ් එක ගොඩක් ලොකුයි....තත්වෙ බරපතලයි වගේ....මොකක්ද තුවක්කුව? මොකක්ද බුලට් එකේ කැලිබර් එක?....දන්නවද?"

“හයි පවර්ඩ් ස්නයිපර් රයිෆල් එකක්....මිලිමීටර් 7.62x51 ටයිටේනියම් රවුන්ඩ් එකක් වෙන්න ඕනෙ.....”

“ඒ කියන්නේ .308 කැලිබර් එකේ නේද?"තුවක්කු උණ්ඩ පිලිබඳව වෛද්‍යවරයාගේ දැනුමෙන් අකිල් වික්ෂිප්තවූ බව ඔහුගේ මුහුනේ සටහන් වුනා.

"මම යුද්දේ කාලේ අවුරුදු පහලොවක් අනුරාධපුර, යාපනේ හොස්පිටල් වල ට්‍රෝමා සර්ජන් කෙනෙක් විධියට වැඩකලා.....මම දැකලා නැති බුලට් වූන්ඩ්ස් ජාතියක් නෑ මගෙ හිතේ..."මද සිනාවකින් ඔහු අකිල්ට පිලිතුරු දුන්නා.

විමුක්ති වෙගයෙන් රථය ධාවනය කරද්දී අකිල් ක්‍රිස්ටීනා ගැන හැකිතාක් විස්තර පවසා සිටියා.

"මෙයා වගේ වෙන කෙනෙක් මේ ලෝකෙ නෑ...ඒකයි එයාව හොස්පිටල් එකකට ගෙනියන්න බැරි...."විමුක්ති කියද්දී වෛද්‍ය කළුපහණ මදක් කල්පණාවට වැටුනා.

"නෑ...ඔය විධිය පේෂන්ට් කෙනෙක් මම මීට අවුරුදු දෙකකට කලින් දැකලා තියෙනවා.....මමයි එයාට ට්‍රීට් කලේ...මගේ ඔපෙරේටින් ටේබල් එකේ එයා මළා.... අමුතු කොල්ලෙක්...ඇක්සිටන්ට් එකකින් හොඳටම තුවාලවෙලා ගෙනාවේ.....එයාගේ ලේත් හොඳටම අමුතුයි....මළාට පස්සේ එයාගෙ මිනිය හොරකම් කලා.... රෂියන් ඉන්ටෙලිජන්ස් එකයි...ඇමරිකන් සී.අයි.ඒ එකයි……..අපේ මිලිටරි ඉන්ටෙලිජන්ස් එකයි සම්බන්ධවුනු මහා අභිරහසක් ...ඒක ගැන කිසිම දෙයක් කතාකරන්න එපා කියලා මට තදින් අවවාද කරලා තියෙනවා....."

“කවුද ඒ පේෂන්ට් ඩොක්ටර්?"

"නමක් දන්නේ නෑ....මම හිතුවේ සිංහල කොල්ලෙක් කියලා.....පස්සෙ දන්නේ රෂියන් සිටිසන් කෙනෙක් කියලා...අපි කිව්වේ පේෂන්ට් X කියලා.....ඔයාලත් මාව හොයාගෙන ආවේ පේෂන්ට් Xට ට්‍රීට් කලේ මම කියලා දැනගෙන නේද?"

"නෑ සර් අපි පේෂන්ට් X කේස් එක දන්නේ නෑ....ක්‍රිස්ටීනා කියපු විධියට එයාව නිර්මාණය කරපු ලැබ් එකෙන් සාර්ථකව බිහිවුනු එකම පිටසක්වල ජාන තියෙන කෙනා එයා කියලා.....ක්‍රිස්ටීනත් ලංකාවේ ඉපදුනු කෙල්ලෙක්, පොඩිකාලේ හදාගන්න ඕලන්දෙට ගෙනිහිල්ලා...එතනින් රුසියාවේ ලැබ් එකට ගෙනියන්න ඇති..."

"එතකොට ක්‍රිස්ටීනා කියන්නේ පිටසක්වල ජාන මුහුකරලා බිහිකරපු ලංකාවේ කෙල්ලෙක්....? පේෂන්ට් X ඒවගේම බිහිකරාද දන්නේ නෑ...."වෛද්‍ය කළුපහණ අනුමාන කලා.

"එයා කියපු විධියට පිටසක්වල ජාන එයාට ඇතුලුකරලා තියෙන්නේ අවුරුදු 15 විතර වුනාට පස්සේ.....ඒ වෙනකම් දැඩි යුධ පුහුණුවක් දීලා තියෙනවා එයාව සූදානම් කරන්න....එයාගෙ උපන් නම ලිහිණි ගුණසිංහ කියලත් කිව්වා...."

"ඔයාලා ඇත්තමද මට කියන්නේ ඔයාලා පේෂන්ට් X කේස් එක දන්නේ නෑ කියලා...?"

"ඇත්තමයි සර්...මම සර්ව හොයාගෙන ආවේ සර් ගැන මම දන්න නිසා...මම යුද්ධෙ කාලේ එස්.ටී.එෆ් එකේ හිටියේ වෙඩිකාපු, බෝම්බ පාරවල් කාපු මගේ යාළුවො ගොඩදෙනෙක්ගේ ජීවිත බේරුවේ සර්....ඒ විශ්වාසෙට හොයාගෙන ආවේ. ගෙදරට ගියාම මැඩම් කිව්වා සර් හදිසි සර්ජරි එකකට හොස්පිටල් ආවා කියලා....ඒකයි ඉවරවෙලා  එනකම් කාර්පාක් එකේ රැකගෙන හිටියේ...."

ඒ පිලිතුරෙන් මහත්වූ තෘප්තියක් ලැබූ විශේෂඥ වෛද්‍ය කළුපහණ මද සිනා පහලකරමින් "ජීවිත බේරන එක මගේ රස්සාවනෙ පුතා...ඒත් අදනම් මම අසාර්ථක වුනා.....මම දැන් ඔපරේට් කරපු පේෂන්ට් නම් මැරුණා..."යයි පිලිතුරු දුන්නා.

“ඒත්….කොහොම හරි ක්‍රිස්ටීනාව බේරගන්න බලන්න සර්....එයා හරිම ශක්තිමත්.....කිලෝ පනහක් හැටක බරක් උස්සගෙන හැතැප්ම ගානක් පයින් යන්න පුලුවන්....අඩි විස්සක් තිහක් උඩක ඉඳන් පනින්න පුලුවන්....රෑ කෑලි කපන්න පුලුවන් කරුවලේ වුනත් බැළලියකට වගේ හොඳට පේන ඇස් තියෙනවා....දවස් දෙකතුනක් නිදාගෙන්නේ, විවේක ගන්නේ නැතුව එකදිගටම වෙහෙසෙන්න පුලුවන්...මහා පුදුම නිර්මාණයක්......" 

"බලමු…..මාව ගෙනියන්නකො......"ඔහුගේ ස්වර්යේ අධිෂ්ඨානයක් ගැබ්ව තිබුණු බව අකිල්ට මෙන්ම විමුක්තිටත් දැනුනා.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

AUTOMOBILE TECHNOLOGY : ටෙස්ලා දැන් ලොකු ළමයෙක් | ලෝකයේ විශාලම ඉලෙක්ට්‍රික් කාර් සමාගම් අතර චීන සමාගම් 3ක්!!!

$
0
0

චීනයේ BAIC, BYD හා Cherry ලෝකයේ විශාලම අලෙවියක් ඇති ඉලෙක්ට්‍රික් සමාගම් පහට ඇතුලත් වී ඇත. අනෙක් දෙක වන්නේ ඇමරිකාවේ ටෙස්ලා හා ජපානයේ නිසාන් සමාගමයි.

ටෙස්ලා දැන් ලොකු ළමයෙක්!


මේ අතර ටෙස්ලා, ලෝකයේ විශාලම කොටස් වෙළඳපොල වටිනාකම් ඇති සමාගම් දහය අතරින් සතරවැනි ස්ථානය ලබා ඇත. ඩොලර් බිලියන 190ක් වටින ටොයෝටා ඉහලින්ම ඇති අතර ඩොලර් බිලියන 80ක් වටිනා වොක්ස්වැගන් දෙවැනියටද, ඩොලර් බිලියන 57ක් වටිනා ජර්මනියේ ඩේම්ලර් තුන්වැනි ස්ථානයේද පසුවන අතර ඩොලර් බිලියන 54ක් වටින ටෙස්ලා සතරවැනි තැන දිනාගැනීමට සමත්ව ඇත. 

මේ දැවැන්ත මෝටර් රථ සමාගම් දහයෙන් නවයක්ම වසර 100කට වඩා පැරණි ඉතිහාසයන් ඇති සමාගම් වන අතර 2003දී ආරම්භවූ ටෙස්ලා මෝටර් ලෝකයේ අතදරුවෙකි.



ටෙස්ලා ලෝකයේ ලොකුම මෝටර් රථ වෙළඳ පොල වන ඇමරිකා එක්සත් ජනපදයේ පස්වැනියට ජනප්‍රියම වාහන මාදිලිය බවටද පත්වෙලා.

ටොයෝටා කොරොල්ලා ඇමරිකාවේ ජනප්‍රියම මාදිලිය වන අතර, ටොයෝටා කැම් රි දෙවැනි ජනප්‍රියම මාදිලියයි. තුන්වැනි සතරවැනි තැන් හොන්ඩා අකෝඩ් හා සිවික් දිනාගෙන ඇති අතර ටෙස්ලා මොඩල් 3, ඇමරිකානු ජනතාව අතර පස්වැනියට ජනප්‍රියම මෝටර් රථ මාදිලියවේ. වසර පහලොවක ළදරු ඉතිහාසයක් ඇති සමාගමකට මෙය කොතරම් විශාල ජයග්‍රහණයක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

BUSINESS : කොටස් වෙළඳපොල ගැන දැනගන්න

$
0
0
කොටස් වෙළඳපොල (c) Image Credit : Ada Derana via Roar.lk
කොටස් වෙළඳපොල කියන්නේ මොකද්ද?

කොටස් වෙළඳපොල කියන්නේ රටක සීමිත පොදු සමාගම්වල (Public Limited Companies) අයිතිය දැක්වෙන කොටස් හා එම සමාගම් වලින් හා රජය මගින් නිකුත්කරන ණයපත් (Government & Corporate Debt Instruments) මිළදීගැණීම හා විකිණීම කල හැකි වෙළඳ පොළකි.

කොටස් වෙළඳපොල හරහා එහි ලයිස්තුගත සමාගම්වලට (listed PLCs) තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා කොටස් විකිණීම හෝ ණයකර නිකුතුවෙන් ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය සපයාගත හැකි අතර ආයෝජකයින්ට තැරැව්කාර සමාගමක් (Stock Brokering Company) හරහා එම කොටස් හෝ ණයකර මිළදීගත හැකිය.

මෙහි මූලස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි පිහිටා ඇති අතර එහි ශාඛා මහනුවර, මාතර, කුරුණෑගල, යාපනය සහ මීගමුව යන නගර වල පිහිටා ඇත.

කොටස් වෙළඳපොල නියාමය වන්නේ කොහොමද?

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (Securities and Exchange Commission of Sri Lanka) මගින් නියාමනය වේ. 1987 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් සුරැකුම්පත්  හා විනිමය කොමිෂන් සභාව නීතිගත කොට ඇත. මේ පනත 1991, 2003 හා 2009 වසරවලදී සංශෝධනය කොට යාවත්කාලීන කොට ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ විධිමත්, සාධාරණ සහ පාරදෘශ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළක්‌ ඇති කිරීම සහ පවත්වාගෙන යාමයි. ඒ සඳහා සුරැකුම්පත් වෙළෙඳපොළට සම්බන්ධ නීති රීති සහ විධිවිධාන පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත්ය. ඒ අනුව ලංකා කොටස් වෙළඳපොල, එනම් ව්‍යාපාර වස්තු හුවමාරු වෙළඳපොල නියාමනය කිරීමේ පූර්ණ බළතල සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සතුව ඇත.  

කොළඹ කොටස් වෙළඳපොල නැතහොත් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඉතිහාසයෙන් බිඳක්..

වර්ෂ 1896 - කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ලෙස ආයතනයක් පිහිටුවාගෙන කොටස් හුවමාරුව ඇරඹීම

වර්ෂ 1904 - කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය ලෙස වෙනස්වීම

වර්ෂ 1985 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව බිහිවීම

වර්ෂ 1986 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව අන්තර්ජාතික සුරැකුම්පත් හුවමාරු ෆෙඩරේෂණයේ සාමාජිකත්වය ලැබීමෙන් ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වීම

වර්ෂ 1987 - අංක 36 සුරැකුම්පත් සභා පණත යටතේ සුරැකුම්පත් වෙළඳපොල හා ප්‍රාග්ධන වෙළඳපොල නියාමනය ස්ථාපනය වීම

වර්ෂ 1990 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව, කොළඹ ව්‍යාපාරවස්තු හුවමාරුව ලෙස ජාත්‍යන්තර සම්මතයට අනුව නම් වෙනස්වීම.

වර්ෂ 1991 - කොටස් ගණුදෙනු පහසුකරන මධ්‍යම තැම්පතු ක්‍රමය (Central Depository System) බිහිකිරීම හා ඒ අනුව කොටස් ගණුදෙනු නිෂ්කාශනය ස්ව්‍යංක්‍රීය කරවීම

වර්ෂ 1996 - කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ශත සංවස්තරය සැමරීම

ව්‍යාපාරයක කොටස් (Company Shares) යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

සමාගමක ප්‍රාග්ධනය සමාන කොටස් වලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් "කොටසක් - share"ලෙස අර්ථදැක්විය හැකිය. උදාහරණයක් ලෙස සමාගමක් කොටස් 100,000 විකිණීමට අදහස් කරන්නේ නම්, ඉන් කොටස් 1000ක් මිළදීගන්නා ආයෝජකයෙක්, එම සමාගමේ මුලු හිමිකාරිත්වයෙන් 1%කට හිමිකම් දරයි.

(1000 /100,000) X 100 = 1%

එම සමාගම කොටසක් විකුණන්නේ රුපියල් 50කට නම්, සමාගමේ මුළු ප්‍රාග්ධනය 50 X 100,000 = රුපියල් 5,000,000 වන අතර, කොටස් 1000ක් මිලදීගන්නා තැනැත්තා රුපියල් 50,000ක් ආයෝජනය කොට සමාගමේ මුළු ප්‍රාග්ධනයෙන් 1% සපයා සමාගමේ මුළු අයිතියෙන් 1%ක ප්‍රමාණයක් හිමිකර ගනී.

එවිට මෙම පුද්ගලයා සමාගමේ shareholder කෙනෙකු හෙවත් කොටස් හිමියෙකු හෙවත් ආංශික අයිතිකරුවෙකු බවට පත්වේ.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ගණුදෙනුවන ව්‍යාපාර වස්තු වර්ග

චන්දබලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares)

1/ මේ කොටස් හිමියා සමාගමේ ආංශික අයිතිකරුවෙකු බවට පත්වේ

2/ සමාගමේ කොටස් හිමියන්ගේ මහා සභාරැස්වීමේදී (annual general meeting of shareholders), සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩළය ඉදිරිපත් කරන යෝජනාවලට චන්දය ප්‍රකාශකොට කැමැත්ත හෝ අකමැත්ත පෙන්වීමේ අයිතිය ලබාගනී.

3/ සමාගමේ වාර්ශික වාර්තාව ලැබීමට හිමිකම් දරයි.

4/ සමාගමේ ලාභාංශවලට හිමිකම් කියයි. එහෙත් ඒ සඳහා විශේෂ අයිතියක් නොළබයි. යම් යම් අවස්ථාවලදී සමාගම ලාභ ලැබූවත් සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ නොගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩළය තීරණය කරන්නට පුලුවන. එමෙන්ම ලාභාංශ ගෙවනවිට, සාමාන්‍ය කොටසකට කොතරම් ගෙවන්නේද යන්න තීරණය කරන්නේද අධ්‍යක්ෂක මණ්ඩළයයි.

5/ සමාගම බංකොලොත්වී ඈවර කිරීමක් (එනම් එහි සියලු සම්පත් විකුණාදැමීමක්) සිදුවන්නේනම්, සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවනු ලබන්නේ සමාගමෙන් මුදල් ලැබිය යුතු අනෙක් සියළුම පාර්ෂවවලට ගෙවා අවසන්වීමෙන් පසුවයි. එවිට එවිට සාමාන්‍ය කොටස් හිමියන්ට ආයෝජනය කල මුදල පවා ආපසු නොලැබීයාමේ අවදානමක් ඇත. මෙය කොටස්වල ආයෝජනය කරන කොටස්හිමියන් දැරිය යුතු පොදු අවදානමකි.

චන්දබලය රහිත (නිෂ්ඡන්ද) කොටස් (Ordinary non voting shares)

1/ මේ කොටස් හිමියන්ට චන්දය ප්‍රකාශකිරීමේ අයිතිය නොලැබේ. 

2/ සාමාන්‍ය කොටස් හිමියන්ට ලැබෙන අන් සියලු අයිතිවාසිකම් ලැබෙන අතර, ඔවුන් දරන සියලු වගකීම් හා අවදානම් දැරිය යුතුය.

වරණීය කොටස් (Preference shares)

වරණීය කොටස් හිමියන් විශේෂ වරප්‍රසාදවලට හිමිකම් කියන අතර සාමාන්‍ය කොටස් හිමියන් දරණ අවදානමට වඩා ඉතා අඩු අවදානමක් දරයි. එබැවින් වරණීය කොටස් හිමියන් සමාගමේ අයිතිකරුවන් එනම් ආංශික හිමිකරුවන් ලෙස නොසලකයි.

1/ කලින් ගිවිසුම්ගත ආකාරයට ස්ථිර ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් කියයි

2/ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ නොලැබෙන විටක වුවද ආංශික කොටස් හිමියන්ට ලාභාංශ හිමිවිය හැකිය.

3/ සමාගම් ඈවර කිරීමකදී වුව ආංශික කොටස් හිමියන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට පෙර ගෙවීම් සිදුකරයි.

කොටස් බළපත්‍ර (Share warrants)

අනාගතයේ යම් දිනක, නිෂ්චිත මිළකට සමාගමේ කොටස් මිළදී ගැනීමේ අයිතිය ලබාදෙමින් වර්තමානයේ නිකුත්කරන ලියවිල්ලකට කොටස් බළපත්‍රයක් යයි කියයි. මේවාද සාමාන්‍ය කොටස් මෙන්ම ව්‍යාපාර වස්තු හුවමාරුවේ ගණුදෙනු කල හැකිය.

කොටස් බලපත්‍රයකට වළංගු කාළසීමාවක් ඇති අතර, එම දිනට පෙර එය ක්‍රියාත්මක කල යුතුය. මේවා බොහෝවිට ණයකර නිකුතුවලදී, එම ණයකරවල ආකර්ෂණීයභාවය වඩාත් වැඩිකොට, ආයෝජකයින් ඇදගැනීමට භාවිතා කරයි.

බළපත්‍රයේ සඳහන් මිලට වඩා, කොටස් වෙළඳපොලේ, එම කොටසක මිළ වැඩිනම්, කොටස් බළපත්‍රලාභියාට වාසි වන්නේ, ඉහල මිලකට අලෙවිවන කොටසක්, අඩු මිළකට ලබාගැනීමේ අවස්ථාව ලැබෙන නිසාය.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සමාගම් ලයිස්තුගත කල හැකි පුවරු (Boards where listed companies can get enlistment) 

CSE Main Board - ප්‍රධාන පුවරුව

මෙහි ලයිස්තුගතවීම සඳහා සමාගමකට පහත කොන්දේසි සැපිරීමට සිදුවනු ඇත.

1/ ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.මිලියන 500කට වැඩිවීම

2/ නොකඩවා පිට පිට තුන්වසරක් ලාභ ලබා තිබීම

3/ පිට පිට වසර දෙකක් ධනාත්මක ශුද්ධ වත්කම් (net assets) තිබීම
Net Assets = Total Assets-(Total Liabilities + Preferred Stock)

4/ සමාගමේ නිකුත්කල ප්‍රාග්ධනයෙන් 25% මහජනතාවට කොටස් ලෙස විකුණා තිබීම හා අවම කොටස් 100ක් හිමි කොටස් හිමියන් 1000කට නොඅඩු සංඛ්‍යාවක් සිටීම

දැනට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ සමාගම් 170ක් ලයිස්තුගත වී ඇත.

CSE Dirisavi Board - දිරිසවි පුවරුව

දිරිසවි පුවරුවේ ලයිස්තුගතවීම සඳහා පහත කොන්දේසි සපුරා තිබිය යුතුය

1/ ප්‍රකාශකල ප්‍රාග්ධනය (stated capital) රු.මිලියන 100කට වැඩිවීම

2/ ඉල්ලුම් කරන වසරට පෙර වසරෙහි ධන ශුද්ධ වත්කම් තිබීම

3/ සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 10% මහජනතාවට නිකුත්කොට තිබීම හා එය අවම වශයෙන් කොටස් හිමියන් 200ක් අතර බෙදීගොස් තිබීම.

4/ මූලික මහජන නිකුතුවකින් (Initial Public Offering - IPO) තොරව දිරිසවි පුවරුවේ ලයිස්තුගතවීමට අදහස් කරන සමාගමක්, සිය නිකුත්කල ප්‍රාග්ධනයෙන් (issued capital) 50%ක් ප්‍රධාන කොටස් හිමියන් 3 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර බෙදීගොස් ඇති බව තහවුරුකල යුතුය.

අසාදු ලයිස්තු

අසාදු ලයිස්තු යනු, විවිධ කොටස් වෙළඳපොල කොන්දේසි හා නීතිරීති කඩ කිරීම නිසා, ප්‍රධාන පුවරුවෙන් හා දිරිසවි පුවරුවෙන් ඉවත්කල සමාගම් ඇතුලත් කරන ලයිස්තු වර්ගයි. මෙවැනි ලයිස්තු 3ක් ඇත.

Watch List ලයිස්තුව - මෙහි ඇතුලත් වන්නේ ව්‍යාපාර ව්‍යාපාර පාලන කොන්දේසී (corporate governance regulations of CSE/SEC) කඩකල සමාගම්, මූල්‍ය වාර්තා හා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකල සමාගම්, විගණනය කල ගිණුම්වල දෝෂ ඇති සමාගම් ආදියයි.

Dealings Suspended ලයිස්තුවතාවකාලිකව ගණුදෙනු වලක්වා ඇති සමාගම්

Trading Suspended ලයිස්තුවකොන්දේසි සපුරණ තෙක් අඛණ්ඩව කොටස් ගණුදෙනු වලක්වා ඇති සමාගම්. මෙය වඩාත් තදබල වරදවල් සිදුකල ඇති සමාගම් ලයිස්තුගත කිරීමකි.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

ARTIFICIAL INTELLIGENCE : රොබෝවරුන් නිසා රස්සාවල් නැතිවෙන්නේ නෑ!

$
0
0

කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණයේ වේගවත් වර්ධනය නිසා නුදුරු අනාගතයේදී මිනිස් සේවකයින්ට රැකියාව විශාල ලෙස අහිමිවී යනු ඇතැයි බොහෝ වාර්තා පලවෙනවා. මිනිසෙකු වෙනුවට, ඒ හා සමාන හැකියාවන් ඇති රොබෝවන් හෝ කෘත්‍රිම බුද්ධි මෘදුකාංග සේවයේ යෙදවීම ඉතාමත් වාසිදායක වනවා. වේතන ගෙවීමට සිදු නොවීම, විඩාවට පත් නොවීම, වැරදීම් සිදු නොකිරීම, මානසික ගැටලු වලින් අකාර්යක්ෂම බවට පත් නොවීම ආදිය නිසා රොබෝ හා කෘත්‍රිම බුද්ධි සේවකයින්, මිනිස් සේවක සේවිකාවන්ට වඩා අතිශයෙන්ම වාසි සහගත වුනු ඇති.

කෙසේවෙතත් ලෝකයේ විශාලතම ශ්‍රම සැපයුම් (මෑන් පවර්) සමාගමක් වන ManpowerGroup මගින් ලෝකයේ රටවල් 44ක, සමාගම 19,000 සහභාගීකරගෙන සිදුකරන ලද සමීක්ෂණයකදී හෙලිවී ඇති තොරතුරු වලට අනුව වැඩියෙන්ම කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණයන් සඳහා ආයෝජනය කරන සමාගම් සිය මිනිස් බඳවා ගැනීම්ද ඒ හා සමගම වැඩි කිරීමට සූදානම් වෙනවා. 

මෙයට හේතු ලෙස සැලකෙන්නේ වඩාත් වාසි දායක ලෙස රොබෝ හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් ප්‍රතිපල ලබාගැනීමට එම රොබෝවන් හා සමග එක්ව වැඩ කිරීමට මිනිස් සේවකයින් යෙදවීම සිදුකල යුතු බ්වට ඇති පිලිගැනීමයි.

කොතරම් දියුණු වුවත් නූතන රොබෝ තාක්ෂණයේ සීමා තිබෙනවා. එහෙයින් රොබෝවන්ට හොඳින්ම කලහැකි කටයුතු ඔවුන්ට පවරා ඔවුන්ට කල නොහැකි කටයුතු සඳහා මිනිසුන් යොදවමින් මිනිස්-රොබෝ-කෘත්‍රිම බුද්ධි සුසංයෝගය අනාගත වැඩබිම්වලදී වඩාත් ඉහල ප්‍රතිපල ලඟාකරදෙන බවයි නූතන කළමණාකරන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

රොබෝ හා කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර හා සුසංයෝගයෙන් වැඩකිරීමට සේවක සේවිකාවන් පුහුණු කිරීම සඳහා දැනටමත් බටහිර සමාගම් විශාල ලෙස පුහුණු වැඩසටහන් නිර්මාණය කරමින් සිටිනවා. මානව සම්පත් පර්යේෂකයින්ට අනුව, රොබෝ තාක්ෂණය හා වැඩ කිරීමට අදාල නව දැනුම ඉගෙන ගැනීමට අපොහොසත්වන සේවකයින්ට රැකියා අහිමිවීමේ අවදානම ඉහල යන අතර, ඉක්මණින් එම තාක්ෂණයන් ඉගෙන ගත හැකි සේවක සේවකාවන් සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPECIAL FORCES : නයිරෝබි ත්‍රස්තයන්ට පහරදුන් අත්භූත සුදුජාතික සෙබලා කවුද?

$
0
0



පසුගියදා නයිරෝබි නුවර සිදුවූ බිහිසුණු ත්‍රස්තප්‍රහාරය මැඩපැවැත්වීමට කෙන්යානු පොලීසිය හා ආරක්ෂක හමුදා කටයුතු කරද්දී, ඔවුන්ගේ උදව්වට අත්භූත පුද්ගලයෙකු එක්වුනා. සිවිල් ඇඳුමකින් සැරසී, විශේෂ බළකා උපයෝගීකරගන්නා වෙඩිනොවදින කබා හා වෙනත් උපාංගවලින් සැරසී මුහුණ ආවරණය කරගෙන සිටි ඔහු ත්‍රස්තයන් සැඟවී සිටින තැන් ඉලක්ක කරමින් වෙඩි තබන අයුරුත්, ප්‍රහාරයට මැදිවූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථාන වලට ගෙනයන අයුරුත්, කෙන්යානු ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන ආකාරයත් ත්‍රස්ත ප්‍රහාරය වාර්තා කිරීම සඳහා ඒ අවට රැඳී සිටි වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්වී තිබුණා. ඔහුගේ රුව ප්‍රහාරය සිදුවෙමින් පවතිද්දීම ට්විටර් පණිවුඩ හරහා  ලොවපුරා පැතිරී ගිය අතර ඔහුගේ අනන්‍යතාවය පිලිබඳව වාද විවාද හටගැනුනා.






















මොහුගේ අනන්‍යතාවය තවම හෙලිවී නැතත්, ඔහු සතුව තිබූ අවි හා ඔහුගේ සටන් විලාශය නිරීක්ෂණය කල යුධ විශේෂඥයින්, ඔහු බ්‍රිතාන්‍ය SAS විශේෂ බළකායේ හෝ ඇමරිකානු නේවි සීල් විශේෂ බළකායේ මෙහෙයුම් කරුවෙකු බවට විශ්වාස කරනවා.


බ්‍රිතාන්‍ය පුවත්පත්වලට අනුව ඔහු බ්‍රිතාන්‍ය එස්.ඒ.එස් විශේෂ බළකා මෙහෙයුම්කරුවෙකු වන අතර කෙන්යානු විශේෂ බළකාය පුහුණු කිරීම සඳහා එරටට පැමිණි කණ්ඩායමේ සමාජිකයෙකු බවට විශ්වාස කෙරෙනවා. ඇමරිකානු මාධ්‍ය පවසන්නේ ඔහු කෙන්යාවේ ක්‍රියාත්මක වන ඇමරිකානු නේවි සීල් කොමාණ්ඩෝ කණ්ඩායමක සාමාජිකයෙකු බවයි.


__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

AVIATION : හෙලිකොප්ටර් වලට යා නොහැකි තැන්වන යන ඊශ්‍රායලයේ කොමරන්ට්

$
0
0

ඊශ්‍රායලයේ ටැක්ටිකල් රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන කොමරන්ට්, නියමු රහිත, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කල හැකි රොබෝ ඩ්‍රෝන් යානයකි.කොමරන්ට් වැනි නියමු රහිත රොබෝ යානයක වැදගත්කම ඊශ්‍රායල් යුධ හමුදාවට අවබෝධවූයේ 2006 වසරේ අවසන්වුනු අන්තිම ලෙබනන් යුද්ධයෙන් පසුවයි. 

Landing Footprint - Helicopter vs. Cormorant
නියමුන් සහිත විශාල, අධික ශබ්දයක් නිකුත් කරන සාම්ප්‍රදායික හෙලිකොප්ටර් යානා යොදාගෙන සිදුකල නොහැකි, සතුරු ප්‍රදේශවල අතරමන් වූ හමුදා භටයින්, තුවාලකරුවන් හා රහස් මෙහෙයුම් සඳහා සතුරු ප්‍රදේශවලට යවනු ලැබූ විශේෂ මෙහෙයුම් ක්‍රියාකරුවන් නැවත ගෙන්වාගැනීම වැනි අණතුරුදායක මෙහෙයුම් සඳහා නියමු රහිත යානයක් නිර්මාණය කල යුතුබව ලෙබනන්-ඊශ්‍රායල් යුධයෙන් පසු තහවුරු වුනා.

කොමරන්ට් යානයට පියාසර හැකියාව ලබාදෙන අවරපෙති දෙක ආවරණයකල කුටීර තුල ක්‍රියාත්මක වන අතර ඒවා, හෙලිකොප්ටරයක අවරපෙතිවලට වඩා කුඩා වනවා. ඒ නිසාම ඉතා කුඩා ඉඩක ගොඩබැසීමේ හැකියාවද ලබා තිබෙනවා. සාමාන්‍ය හෙලිකොප්ටරයක් ගොඩ බැසීමට අවශ්‍ය විශාල ඉඩකඩක් කොමරන්ට් යානයට අවශ්‍ය වන්නේ නෑ.


කොමරන්ට් යානයේ විශේෂ හැකියාවන්


  1. නියමුවන් අවශ්‍ය නොවන නිසා අනවශ්‍ය ලෙස නියමු ජීවිත අණතුරුවලින් ආරක්ෂාකර ගැනීමට හැකිවීම
  2. කිලෝමීටර් 50ක දුර පරාසයක, මෙට්‍රික් ටොන් භාගයක භාණ්ඩ හෝ පිරිස් ගෙනයාමේ හැකියාව.
  3. අධික වේගයෙන් සුළං හමනවිටදී වුව ඉතාමත් නිවැරදිව අහසේ එක්තැනක සිටීමේ සුපිරි hover හැකියාව
  4. හදිසි ආපදාවක් හෝ සතුරු ප්‍රහර නිසා අවරපෙති අඩපණවුවහොත් සම්පූර්ණ යානයම නිරුපද්‍රිතව බස්ස්වාගත හැකි පැරිශූට් පද්ධතියක් තිබීම.
  5. අමතර උපාංග ගෙනයාමේ හැකියාව.









__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

ARTIFICIAL INTELLIGENCE : ෆින්ලන්තය රටේ හැමෝටම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උගන්වන්න සැරසෙයි!

$
0
0


පසුගිය වසරේ (2018) ෆින්ලන්ත රජය අලුත් මහජන අධ්‍යාපන ව්‍යාපෘතියකට අතගැසුවා. ඒ, ෆින්ලන්තයේ සියලුම පුරවැසියන්ට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳවත්, ඉන් වැඩගැනීම පිලිබඳවත් උගන්වන අධ්‍යාපන වැඩසටහනකට සහභාගීවීමට අවස්ථාව ලබාදීමයි.

ElementsofAI ලෙස හඳුන්වන මෙම අධ්‍යාපන වැඩසටහන ෆින්ලන්තයේ හෙල්සිංකි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ අදහසක් අනුව නිර්මාණය කල එකක්. දැනට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දැවැන්තයින් බවට පත්ව සිටින්නේ ඇමරිකාව හා චීනයයි. ඔවුන් එකිනෙකා පරයමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෙවලම් හා රොබෝවරුන් නිර්මාණය කරමින් සිටිනවා.

ඩොලර් බිලියන ගණනින්වන විශාල ආයෝජන මතින් ගොඩනැගෙන මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට කුඩා රාජ්‍යයක් වන ෆින්ලන්තයට නොහැකි බව අවබෝධකරගත් එරට රජය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණකරණයට උත්සහකරනවා වෙනුවට, ප්‍රායෝගිකව හා ඵලදායිලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය එරට කර්මාණ්ත හා සේවා නිෂ්පාදනයට දායක කරගැනීම සිය ඉලක්කය කරගෙන සිටිනවා. දැනට සිදුකොට ඇති පර්යේෂණ අනුව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඵලදායිව යොදවා ගැනීමෙන් අතිවිශාල ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බව හෙලිවී තිබෙනවා.
ෆින්ලන්ත රජයේ අරමුණ වෙන්නේ ඉතාමත් ඉක්මණින් හා ඵලදායි ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආර්ථික වර්ධනයට දායක කරගන්නා ප්‍රමුඛපෙලේ රටක් බවට ෆින්ලන්තය පත් කිරීමයි. සිය පුරවැසියන්ට නොමිලයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳව හැදෑරීමේ පහසුකම් ලබා දෙන්නට ඔවුන් සූදානම් වෙන්නේ ඒ අනුවයි. 

ෆින්ලන්ත රජයේ අරමුණ කෘත්‍රිම බුද්ධි ඉන්ජිනේරුවන් හෝ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නිර්මාණය කල හැකි මෘදුකාංග ඉංජිනෙරුවන් බිහිකිරීම නොව, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් වල තාක්ෂණය ගැන යම් අවබෝධයක් ඇති, එම තාක්ෂණයෙන් හොඳින් වැඩගත හැකි පුරවැසියන් බිහිකිරීමයි. වර්තමානයේ පරිගණක සාක්ෂරතාවය ඇති සේවක සේව්කාවන්ට ඇති ඉල්ලුමට සමාන හෝ ඊටත් වඩා විශාල ඉල්ලුමක් තව වසර කිහිපයකින් කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණ සාක්ෂරතාවයට ඇතිවන බව ෆින්ලන්ත රජය පැහැදිලිව අවබෝධකරගෙන තිබෙනවා.

සිය පුරවැසියන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයහොඳින් දැනුවත්වී එම තාක්ෂණය භාවිතාකිරීමේ දක්ෂයන් වුවහොත්  ෆින්ලන්ත සමාගම් වලට එම තාක්ෂණයෙන් උපරිම පල නෙලාගත හැකි බවත්, එමෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ සේවක සේවිකාවන් සොයමින් සිටින ඇමරිකානු හා යුරෝපීය බහුජාතික සමාගම් විශාල ලෙස ෆින්ලන්තයේ ආයෝජනයට පෙලෙබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

නුදුරු අනාගතයේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග වැඩකල හැකි, ඒ පිලිබඳව හොඳ අවබෝධයක් ඇති ශ්‍රමිකයින්ට අතිවිශාල ඉල්ලුමක් ඇතිවන බව ලෝක ආර්ථික සමුලුව, ලෝක බැංකුව හා OECD සංවිධානය විසින් සිදුකොට ඇති සමීක්ෂණ වලින් තහවුරුවී තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FILM : ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන නොදන්න දේවල්

$
0
0
















මේ දිනවල තිරගතවන ට්‍රාන්ස්ෆෝමර්ස් - බම්බල්බී චිත්‍රපටය ඔබ නරඹා තිබෙන්න පුලුවන්. නැතිනම් ඊට පෙර තිරගතවුනු ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට නරඹා තිබෙන්න පුලුවන්. මාවල්, ඩී.සී කොමික්ස් වැනි වෙනත් ප්‍රබන්ධමය සිනමා විශ්වයන්ට වඩා ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට වෙනස් වන්නේ ඒවායේ අවස්ථා සම්බන්ධය ගලපාගැනීම බොහෝ අපහසු නිසයි. 

කොටින්ම ට්‍රාන්ස්ෆෝමර්ස් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මෙලොවට ආවේ කොහොමද? කොහේ ඉඳන්ද? මොන හේතුවකටද කියලා තේරුම් පවා ගැනීම අපහසුයි. ඒ වගේම බොහොමයක් ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපට ආරම්භයේ පෙන්වන අතීතයට සම්බන්ධ රූපමාලා කොටස තේරුම් ගැනීමත් අපහසුයි. 

ඔබත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට රසවිඳින්නෙක් නම්, ඔබටත් මේ ගැටලු තියෙන්න පුලුවන්. 

විද්‍යාගවේෂණටත් මේ වගේ දේවල් ගැන හොයන්න, දැනගන්න නොසංසිඳෙන කුතුහලයක් (ඇත්තටම කිව්වොත් ලෙඩක්) තියෙන නිසා අන්තර්ජාලය පීරලා, ට්‍රාන්ස්ෆෝමර්ලාගේ ඉතිහාස කතාව හා ජනප්‍රිය ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටවල අවස්ථා සම්බන්ධ ගලපාගන්න පුලුවන් තොරතුරු රැසක් හොයාගත්තා. මේ ලිපිය, ඒ හොයාගත්ත තොරතුරුවලින් සකස් කරපු එකක්. 

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාව නිර්මාණය කලේ කවුද?

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ උප්පති කතාව ගැන විවිධ මතවාද තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට බිහිවෙන්න බොහෝ කාළයකට ඉස්සෙල්ලයි  ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික්ස් නැතිනම් චිත්‍රකතා බිහිවුනේ. ඒවාවල දැක්වෙන ට්‍රාන්ස්ෆෝමර්ස් උපත ගැන තොරතුරු ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමා විශ්වයේ (Transformer Cinematic Universe) හඟවන උප්පති කතාවට වඩා බොහෝ වෙනස්. ලංකාවේ වැඩි දෙනෙක් ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන දන්නේ චිත්‍රපට වලින් නිසා ඒ තොරතුරු විතරක් කියන්නම්.

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ උප්පති කතාවට යම් සම්බන්ධයක් "Age of Extinction - ඒජ් ඔෆ් එක්ස්ටින්ෂන්"චිත්‍රපටයේ පෙන්වනවා. ඒ චිත්‍රපටය ආරම්භය, පෘථිවියේ ඩයිනසෝරයන් රජකරන, අවුරුදු මිලියන 65කට පෙර සිදුවීම් මාලාවක් දක්වනවා. එහි එක් රූපරාමුවක පිටසක්වල ජීවියෙකුගේ සුරතක් යම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවන බවක් පෙන්වනවා. ඒ හා සමගම එම පිටසක්වල යානයෙන් යම් ආකාරයක සුපිරි බෝම්බ වර්ගයක් නිකුත්වෙන අතර ඒවා පුපුරා යනවිට එයට හසුවෙන ඩයිනසෝරයන් මෙන්ම ගස්වැල් ආදී සියලුම ජීවී ද්‍රව්‍ය ලෝහයක් බවට පත්වෙන බව පෙන්වනවා.


වසර මිලියන 65කට පෙර පෘථිවියේ ඩයිනෝසර යුගය අවසන්කල පිටසක්වලයින් "The Creators"හෙවත් නිර්මාපකයින් ලෙස හඳුන්වනවා. ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයේ අලුත්ම චිත්‍රපටවල මේ ක්‍රියේටර් පිටසක්වලයින් Quintessons ලෙසින්ද හඳුන්වනවා.

ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයට අනුව, ඔටෝබොට් (autobot) ලෙස හඳුන්වන ට්‍රාන්ස්ෆෝමර් කෘත්‍රිම බුද්ධි ජීවීන් මෙන්ම ඔවුන්ගේ පරම සතුරන් වන ඩෙසෙප්ටකෝන්වරුන්  (decepticons) දෙපාර්ශවයම ක්‍රියේටර්වරුන්ගේ නිර්මාණ බවයි පැවසෙන්නේ. 

ට්‍රාන්ස්ෆෝමර් ඔටෝබොට්වරුන් හා ඩෙසෙප්ටිකොන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන "සයිබර්ට්‍රෝන්"ග්‍රහලෝකයත් ක්‍රියේටර්ස් සුපිරි පිටසක්වලයින්ගේ නිර්මාණ බවයි පැවසෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයේ තොරතුරු වලින් හෙලිවන ආකාරයට සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය සෙනසුරු ග්‍රහයා තරම් විශාල, කෘත්‍රිමව නිර්මාණය කල ලෝහමය ග්‍රහලෝකයක් වනවා. 

ක්‍රියේටර් ජීවීන් මෙලෙස පෘථිවියේ සියලු ජීවය සයිබර්ෆෝමින් නම් ක්‍රියාවලියෙන් ලෝහ බවට හරවන්නට හේතුවක් තිබෙනවා. එම ලෝහය ට්‍රාන්ස්ෆෝමියම් ලෙස හඳුන්වන සුපිරි ලෝහයක් වන අතර ක්‍රියේටර් ජීවීන්ගේ තාක්ෂණයේ පදනම මෙම සුවිශේෂ ලෝහවර්ගය මත ගොඩනගා තිබෙනවා. ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් වරුන් නිර්මාණය කරන්නටද භාවිතාකරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමියම් ලෝහයයි. ක්ෂණයකින් හැඩතල වෙනස්කරගන්න්ට පුලුවන් සුපිරි හැකියාවක් මේ ට්‍රාන්ස්ෆෝමියම් ලෝහයට තිබෙනවා.  ක්‍රියේටර් වරුන් වසර මිලියන 65කට පෙර පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශකර දමන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමියම් නිපදවා ගැනීමටයි.

වසර ලක්ෂ ගණනක් ක්‍රියේටර්ස් පිටසක්වලයින්ගේ ග්‍රහණයේ සිටි සයිබර්ට්‍රෝන් යාන්ත්‍රික ජීවීන් විශාල අරගලයකින් පසු ක්‍රියේටර් ජීවීන්ව පලවාහැර සිය නිදහස දිනාගන්නවා. බොහෝකාලයක් සාමකාමී හා සමෘධිමත් ජීවිත ගතකල සයිබර්ට්‍රෝන් යාන්ත්‍රික ජීවීන් අතර යම් යම් ගැටුම් හටගන්නා අතර ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදී සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ අයිතිය වෙනුවෙන් සටන් වදිනවා. මොවුන්ගෙන් එක් කණ්ඩායමක් ට්‍රාන්ස්ෆෝමර්වරුන් ලෙස තමන්ව හඳුන්වාගන්නා අතර අනෙක් පිරිස ඩෙසෙප්ටිකොන් ලෙස තමන්ව නම් කරගන්නවා.

ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ නායකයා ඔප්ටිමස් ප්‍රයිම් වන අතර ඩෙසෙප්ටිකොන්වරුන්ගේ නායකයා මෙගට්‍රෝන් වනවා.

ට්‍රාන්ස්ෆෝමර් රොබෝ ජීවීන් පෘථිවියට පැමිණෙන්නේ ඇයි?

සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ පාලනය සඳහා ඔටෝබොට් හා ඩෙසෙප්ටිකොන්වරුන් අතර ඇතිවූ යුද්ධයේදී ඔවුන් දෙපිරිසගේම අරමුණක් වී ඇත්තේ ඔවුන් හුදෙක් බුද්ධිමත් යන්ත්‍ර වලින් ඔබ්බට ගොස් සවිඥාණික ජීවීන් (sentient life) බවට පත්කල "AllSpark"නම් ඉපැරණි වස්තුවක් තමන් සතුකරගැනීම සඳහායි. අති ප්‍රභල බළශක්ති ප්‍රභවයක්වූ ඕල්ස්පාර්ක් වස්තුව විශ්වය තරම්ම පැරණි බව පමණක් පැවසෙන අතර එය නිර්මාණයකල සුපිරි ජීවින් කවුරුන්ද යන්න ගැන සඳහනක් නෑ. ට්‍රාන්ස්ෆෝමර්වරුන් නිර්මාණය කල ක්‍රියේටර් ජීවීන්ද ඕල්ස්පාර්ක් වස්තුවෙන් ප්‍රයෝජනගත් බවයි පැවසෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර්වරුන් ක්‍රියේටර්වරුන් පලවාහැරීමෙන් පසු ඕල්ස්පාර්ක් වස්තුව ඔවුන්සතු වෙනවා.

යුද්ධයට පෙර ඕල්ස්පාර්ක් වස්තුව ඩෙසෙප්ටිකෝන්වරුන්ගේද එකඟතාවය මත ඔටෝබොට්වරුන්ගේ ආරක්ෂාව යටතේ තිබූ බවයි පැවසෙන්නේ. යුද්ධයේ කූටප්‍රාප්තියේදී සයිබර්ට්‍රෝන් මව් ග්‍රහලෝකය විනාශවීයාමට පෙර ඔප්ටිමස් ප්‍රයිම් විසින් එය ඩෙසෙප්ටිකෝන්වරුන්ගේ ග්‍රහණයට පත්වීම වැලැක්වීමට විශ්වයේ ඉතා ඈත ග්‍රහලෝකයක් වෙත යවනවා. එම ග්‍රහලෝකය පෘථිවිය බවයි පැවසෙන්නේ.

ඩෙසෙප්ටිකෝන්වරුන්ගේ නායක ලෝඩ් මෙගාට්‍රෝන් ඕල්ස්පාර්ක් වස්තුව සොයමින් නූතන මානවයින් බිහිවීමට වසර දහස් ගණනකට පෙර පෘථිවියට පැමිණි බවත් වසර දහස් ගණනක් එය සොයමින් සිට පසුව බළශක්තිය හීනවීමෙන් හෝ වෙනත් දෝශයකින් ඇන්ටාක්ටිකාවේදී අධික ශීතලට හසුවී නිද්‍රාවට පත්වෙනවා. 1867දී ඇන්ටාක්ටිකාව ගවේෂණය කල බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙකුවූ Archibald Witwicky මෙගට්‍රෝන් සොයාගෙන නිද්‍රාවටපත්ව සිටින ඔහුව බ්‍රිතාන්‍යයටත්, ඉන්පසු ඇමරිකාවටත් ගෙන එනවා.

ඔප්ටිමස් ප්‍රයිම්ගේ උපනායකයෙකුවූ සෙන්ටිනල් ප්‍රයිම්ද මෙගාට්‍රොන් හඹාගෙන පෘථිවියට පැමිණෙන අතර ඔහුගේ යානය යම්හේතුවකින් සඳමතට කඩාගෙන වැටී ඔහු වසර දසදහස් ගණනක්ම සඳමත ඔහුගේ යානයේ අක්‍රියව සිටිනවා.

1950 ගණන්වලදී සඳෙහි ඡායාරූපගත් යානාවලින් ලැබුණු ඡායාරූපවල සෙන්ටිනල් ප්‍රයිම්ගේ යානය සටහන්වී තිබුණ බවත් ඇමරිකාව ඇපලෝ සඳගවේෂණ චාරිකා ආරම්භකලේ මේ අත්භූත පිටසක්වල යානය ගවේෂණය කිරීමේ යටි අරමුණින් බවත් ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්ව වංශකතාවේ දැක්වෙනවා.


මෙගට්‍රොන් හා සෙන්ටිනල් ප්‍රයිම් ගිය මං ඔස්සේ පැමිණි වෙනත් ඔටෝබොට් ට්‍රාන්ස්ෆෝමර්වරුන් මෙන්ම ඩෙසෙප්ටිකෝන්වරුන්ද වසර දහස්ගණනක සිටම පෘථිවියේ ජීවත්වන බව විවිධ ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටවල දැක්වෙන රූපරාමවලින් තහවුරු වෙනවා. Transformers : Revenge of The Fallen චිත්‍රපටයට අනුව ඔවුන් ඊජිප්තු පිරමීඩ නිර්මාණයටද දායක වන අතර, ඊටත් වසර දහස්ගණනකට පෙර අයිස් යුගයේදී ආදිමානවයින් සමගද ඩයිනසෝරයින්ගේ වෙස්ගත් ට්‍රාන්ස්ෆෝමර්වරුන් පෘථිවියේ සිට තිබෙනවා. Transformers : Last Knight චිත්‍රපටයට අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආතර් රජුගේ නයිට්වරුන් සමගද සේවය කොට තිබෙනවා. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී නට්සීන්ට විරුද්ධවද ට්‍රාන්ස්ෆෝමර්වරු රහසිගතව සටන්වැදී තිබෙනවා.



මෙගට්‍රෝන් යලි අවදිවීම හා ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියට පැමිණීම

1897දී ඇන්ටාක්ටිකාවේදී සොයාගෙන ඇමරිකාවට මෙගට්‍රොන්ගේ නිද්‍රා දේහය රැගෙන ආ ආචිබෝල්ඩ් විට්විකීගේ මී මුනුපුරා වන සෑම් විට්විකීගේ පරීක්ෂණයකදී මෙගාට්‍රෝන් යලි පණගැන්වෙන අතර ඔහු විසින් සිය ඩිසෙප්ටිකෝන් සගයන්ට යවනලද පණිවුඩයක් ලැබීමෙන් වසර දහස් ගණනාවකට පසු නූතන ට්‍රාන්ස්ෆෝමර් විශ්වයේ දකින්නට ලැබෙන ඩිසෙප්ටිකොන්වරුන් පෘථිවියට එනවා. එම පණිවුඩයට රහසේ සවන්දුන් ඔප්ටිමස් ප්‍රයිම්ද මෙගට්‍රෝන් පෘථිවියේ බව දැනගෙන මෙහි පැමිණෙනවා.

Transformers (2007), Revenge of the Fallen (2009), Dark of the Moon (2011), Age of Extinction (2014), The Last Knight (2017), Bumblebee (2018) යන චිත්‍රපට සියල්ලේම නූතනයේ සිදුවීම්වලට පාදක වන්නේ මෙගට්‍රොන් යලි අවදිවීම හා ඔහු හඹා ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියට පැමිණීමත් යන සිදුවීම් අලලායි.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

PRE-HISTORY : යලිත් අම්පාරෙන් නිට්ටෑවෝ මතුවෙයි!!!!!!

$
0
0


අම්පාර, දමන, තොට්ටම ප්‍රදේශයෙන් කුඩා ශරීරයක් සහිත (කුරු) මිනිස් රුවට සමාන පෙනුමක් සහිත මානව වර්ගයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. රාත්‍රී කාලයේදී පැල් රැකීම සදහා යන ගම්වාසීන් විසින් අඩි දෙක හමාරක් පමණ උසැති මෙම කුරු මිනිසුන් දැක ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ දේ සොයා කැණීම් කරද්දි කුටුම්බිගල ගල් බෙනයක් තිබි හමුවු පාෂාණිභුත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි..”
මේ අතර මීට වසරකට පමණ පෙර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඔහු චීනයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයක කල අධ්‍යයන කටයුත්තක් ආශ්‍රයෙන් මෙම මානව විශේෂය පිළිබඳ විශේෂ තොරතුරු කිහිපයක් ඔහු විසින්දිවයින පුවත්පතට සම්පාදනය කල ලිපියකින් උපුටාගෙන පහත දක්වා තිබෙනවා.

''පසුගියදා මම චීනයේ බීජිං නගරයේ තිබෙන විශාලතම සංස්‌කෘතික, පුරාවිද්‍යාත්මක හා වෙනත් වැදගත්කම්වලින් යුතු කෞතුකාගාරය නැරඹීමට ගියා. එහිදී මගේ සිත් ගත් කාරණයක්‌ වූයේ ෂෝකෝඩියම් නමින් හඳුන්වන ප්‍රදේශයේදී හමු වූ පීකිං මිනිසාගේ හිස්‌ කබල සහ ඇටසැකිලි සහිත ඔහුගේ කතාව ජීවමානව දැක ගැනීමට හැකිවීමයි. කවුද මේ පීකිං මිනිසා. මේ විසිවන සියවසේ මුල් භාගයේදී මීට වසර ලක්‌ෂ 2 කට පමණ පෙර විසූ අපේ මානවයාගේ පුරුකක්‌. අපි දැන් ජීවත්වන මානවයාට වඩා උසින් අඩු, ශරීර ශක්‌තියෙන් අඩු මොළයේ විශාලත්වයත් තරමක්‌ අඩු හැබැයි හැඩහුරුකමින් හා ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයෙන්ම සමාන මේ මානව ඇටසැකිල්ල හා ඔහුගේ පොසිලය හමු වුණා. මේ තුළින් මානවයා හා ඔහුගේ පැරණි පරපුර පිළිබඳ අලුත් දැනුමක්‌ ලෝකයට ලැබුණා. මෙවැනිම මිනිසෙක්‌ හමු වුණා ජාවා රටින්, එනම් ඉන්දුනීසියාවෙන්. ඔහුට ජාවා මිනිසා කියා කියන්නේ. 


 මෙය දැකීමේදී වැටහී ගිය කාරණයක්‌ නම් ශ්‍රී ලංකාවේදී ප්‍රචලිත නිට්‌ටෑවන් පිළිබඳ කතාව. තවමත් ලංකාවේ කිසිම තැනකින් නිට්‌ටෑවකුගේ පොසිලයක්‌ හෝ නිට්‌ටෑවකු පිළිබඳ වෙනත් පුරා විද්‍යාත්මක සලකුණක්‌ නම් ලැබී නැහැ. නමුත් ඉතා ශක්‌තිමත් ජනකතාවක්‌ තිබෙනවා. එනම් තරමක්‌ මිටි ඇඟ පුරා මයිල් පිරි නිට්‌ටෑවන් නම් මානවයන්ගේ මූලික ක්‍රියාකාරීත්වය සහිත පිරිසක්‌ ලංකාවේ කඳුකර ප්‍ර්‍රදේශවල, වනාන්තර ප්‍ර්‍රදේශවල ගල්ගුහා තුල ජීවත් වූ බවයි. එක්‌තරා අවස්‌ථාවකදී ලංකාවේ පැරණි ජන කණ්‌ඩායම වන වර්තමාන වැදි ජනයාගේ පිරිස්‌ මේ නිට්‌ටෑවන් සම්පූර්ණයෙන්ම වඳ කළ බව කියෑවෙනවා. කෙසේ වෙතත් මේ නිට්‌ටෑවන්ගේ ජාන වැදි ජනයා තුළටත්, වැදිජනයාගෙන් නූතන  ලාංකික මානවයින්ටත්, විශේෂයෙන්ම සිංහල ජනයාටත් ඇතුළු වී ඇති බවට සැකයක්‌ නැහැ. 
 මේ නිට්‌ටෑවන් සහ පීකිං මිනිසා අතර සම්බන්ධය කුමක්‌ද? 

ඉතා කුඩා මනුෂ්‍ය වර්ගයක්‌ වර්තමාන මනුෂ්‍යයා පැමිණීමට පෙර ලෝකය පුරා වාසය කළ බව නම් සහතිකයි. යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍ර්‍රදේශවල මීට සමාන පුද්ගලයෙක්‌ වාසය කර තිබෙනවා. ඔහුව නියෑන්ඩතාල් නමින් හඳුන්වනවා. මේ ක්‍රියාවලිය පිළිබඳ නූතන විද්‍යාත්මක කියවීම කුමක්‌ද? ඒ වගේම ආගමික කියවීම කුමක්‌ද කියන එක ගැන අපි මදක්‌ අවධානය යොමුකළ යුතුයි. ඇත්තටම නූතන භෞතික විද්‍යාත්මක, ඒ වගේම ජාන විද්‍යාත්මක පොසිල විද්‍යාත්මක ඉතිහාසය ගැන සලකා බලද්දී යම් යම් දත්ත ප්‍රමාණයක්‌ විද්‍යාඥයින් අප ඉදිරියේ තබනවා. ඒ තමයි මීට වසර බිලියන 13.5 කට පමණ පෙර පෘථිවියේ උපතත්, ද්‍රව්‍යයේ උපතත්, ශක්‌තියේ උපතත් සිදු වූ බවට විද්‍යාඥයින් දරණ මතය. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ නමුත් මෙය ඉතාම බලගතු මතයක්‌ හැටියට ප්‍ර්‍රකාශ කෙරෙනවා. ඒ වගේම පෘථිවිය මේ ඉපදුණු ද්‍රව්‍ය හා ශක්‌තීන් ඇතුළු ක්‍රියාවලියේ ප්‍රථිපලයක්‌ හැටියට වර්තමාන පෘථිවිය නම් ක්‍රියාවලිය වසර බිලියන 4.5 කට පමණ පෙර බිහි වූ බවයි ප්‍ර්‍රකාශ කෙරෙන්නේ. ඒ වගේම මේ පෘථිවිය මත අවශ්‍ය වායුගෝලමය, ජීවමය වාතාවරණය පහළ වීමෙන් පසු ප්‍ර්‍රථම සරළ ජීව විභේදනයන් මීට වසර බිලියන 3.8 කට පමණ පෙර බිහි වූ බව ප්‍ර්‍රකාශ කරනවා. ඒ වගේම මානවයා චිම්පන්සීන් වැනි එක හා සමාන සත්ව විශේෂවල මුල් මව මීට වසර මිලියන 6කට පෙර, එනම් අවුරුදු ලක්‌ෂ 60 කට පමණ පෙර බිහි වූ බවත් විශ්වාස කරනවා. 


 ඒ වගේම විවිධ මානව විභේදනයන්, පීකිං මිනිසා ඒ වගේම ජාවා මිනිසා, නිට්‌ටෑවා වේවා නියෑන්ඩතාල් වේවා විවිධ මානව විභේදනයන් ගණනාවක්‌ මීට වසර ලක්‌ෂ 25ක පෙර දැක ගන්න හැකිවුණු බව වාර්තා වෙනවා. ඒ වගේම අපි හඳුනා ගන්නා මේ ක්‍රි්‍රයාවලියේ අලුත්ම තත්ත්වය ඒ කියන්නේ නියෑන්ඩතාල් ඒ වගේම ඩෙනිසෝවන් නමින් හඳුන්වන මානවයා, පීකිං මානවයා, නිට්‌ටෑවන් වැනි අය මීට වසර ලක්‌ෂ 5කට පමණ පෙර පැහැදිලිව විද්‍යාමාන වූ බවයි දැනට තිබෙන පොසිල සාක්‌ෂි ප්‍රකාශ කරන්නේ. ඒ වගෙම මීට වසර ලක්‌ෂ 3 කට පෙර ගින්දර සොයා ගත් බවත් මේ වර්තමාන මානවයාගේ සලකුණුවලින් යුතු හෝමෝසේපියන්ගේ යුගය වසර ලක්‌ෂ 2 කට පමණ පෙර බිහි වුණු බවත් වාර්තා වෙනවා. ඊට පසු මේ පිරිස්‌ රංචු ගැසී, කණ්‌ඩායම් හැදිලා මීට වසර 70000 කට පමණ පෙර මූලික බස ගල් අවි ආයුධ ඒ වගේම ඔවුනට අවශ්‍ය කරන ජීවන ක්‍රමයන් බිහිකරගෙන මානව සංක්‍රමණ සිදු වූ ක්‍රියාවලියක්‌ විදිහට හඳුනා ගන්නවා. 
 ඒ වගේම වසර 30000 කට පමණ පෙර විශ්වාස කෙරෙනවා එතෙක්‌ පැවති මානව විභේදනයන්ගේ විවිධ කණ්‌ඩායම්, නියෑන්ඩතාල්වරු වේවා, නිට්‌ටෑවන් වේවා, පීකිං මානවයා වේවා, ජාවා මානවයා වේවා මේ කුඩා මානවයාට හිතකර කණ්‌ඩායම්, කිට්‌ටුවෙන් හිටපු කුඩා මිනිසුන් පරාජය කර උස මිනිසුන් ජයග්‍ර්‍රහණය කළ බව. ඒ අනුව වර්තමාන හෝමෝසේපියන් වසර 30,000 කට පමණ පෙර සිට ලෝකයේ ආධිපත්‍ය දරා ගත් බවත් ඔවුන් අන් අයව පරාජය කළ බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් යුරෝපීය මිනිසුන් ගැන කතා කරනවා නම් තවමත් ඔවුන්ගේ ජානවලින් 20% ක්‌ ම නියෑන්ඩතාල්වරුන්ගෙන් පැවැත එන බව පැහැදිලියි. ලංකාවේ අපේ වැදි ජනයාට, අනිවාර්යයෙන්ම නිට්‌ටෑවන් පැවතියා නම් ඔවුන්ගේ ජාන මිශ්‍ර්‍ර වී තිබෙන්න පුළුවන්. ඒ ජාන අපේ සිරුරුවලත් අනිවාර්යයෙන්ම පවතින්න පුළුවන් බව ඉතාම පැහැදිලියි. 
 ඒ වගේම හිම දියවීමේ මහා ක්‍රි්‍රයාවලිය මීට අවුරුදු 15,000කට පමණ පෙර ඇති වුණා. අපි හඳුන්වා ගන්නා ඒ ක්‍රි්‍රයාවලියත් සමග සූර්යයාගේ අපගමන ක්‍රි්‍රයාවලිය අවුරුදු 20,000 කට පසු සිදුවන, එම ක්‍රි්‍රයාවලියත් සමග විශාල ප්‍ර්‍රදේශවල හිම දියවෙලා මිනිස්‌ වර්ගයාට විවෘත වීම් සිදු වුණා. විශේෂයෙන්ම උතුරු යුරෝපීය ප්‍ර්‍රදේශ, උත්තරධ්‍රැවීය ප්‍ර්‍රදේශ, දක්‌ෂිණ ධ්‍ර්‍රeවීය ප්‍රදේශ පමණක්‌ නෙමෙයි මේ ලංකාව වැනි දූපත්, ඉන්දුනීසියාව වැනි දූපත් ප්‍ර්‍රධාන රටවල්වලින් කැඩී වෙන්වී ගිහිල්ලා මුහුදින් යටවෙලා, හිම දියවෙලා ඒ මගින් මුහුදු මට්‌ටම ඉහළට ගිහිල්ලා අලුත් දූපත් හා සංක්‍රමණික ජනතාවන් බිහි වීමේ තත්වයන් මේ තුළ ඇතිවුණා. ඒ නිසා මානව සංක්‍ර්‍රමණ එතෙක්‌ අයිස්‌වලින් වැසී තිබුණ ප්‍ර්‍රදේශවලට ගමන් කළා පමණක්‌ නෙමෙයි නව දූපත් බිහි වීම විසින් අලුත් ජන කණ්‌ඩායම්, සංස්‌කෘතීන් ඒ තුළ බිහි වූ බවත් වාර්තා වෙනවා. 
 කෙසේ වෙතත් අපි ඉතාමත්ම හොඳින් වටහා ගත යුතු වන්නේ මේ මහා සංක්‍රමණත් සමග කෘෂි විප්ලවයක්‌ වසර 12,000කට පමණ පෙර පැමිණි බවත්, ධාන්‍ය ආදිය සොයා ගත් බවත්. මෙහිදී පැරණිම ධාන්‍ය සොයාගෙන තිබෙන්නේ  ලංකාවෙන් හා චීනයෙන් බව අප අමතක කළ යුතු නැහැ. ඒ අනුව අප වසර 12,000 ක පමණ සිට බලගතු කෘෂිකාර්මික ජාතියක්‌ බවට පරිවර්තනය වුණා. ඒ වගේම මීට වසර 5000කට පමණ පෙර නගර බිහි වීම, නව වාස්‌තු නිර්මාණ ඇතිවීම හා රාජ්‍යයන් බිහිවීම සිදු වී තිබෙනවා. මේ තමයි දැනට ලෝකයේ බටහිර ජාතීන් පිළිගත් විද්‍යාත්මක ක්‍රියාවලිය. ලෝකයේ නොයෙක්‌ ගැටළු විටින් විට නොයෙක්‌ දෙනා මතුකොට තිබෙනවා. දැනට පිළිගත් ක්‍රියාවලිය බවට පත්වී තිබෙන්නේ මෙයයි. ඒ වගේම ප්‍ර්‍රබල ජාන විද්‍යාවේ ක්‍රි්‍රයාකාරීත්වයත් සමගම කාන්තාවන්ගේ විශේෂ ජානයක්‌ හඳුනාගනු ලැබුවා. එම ජානය පිරිමින්ගේ ජානය වගේ නෙමෙයි, මවගෙන් දියණියට, දියණියගෙන් ඇයගේ දියණියට ආදි වශයෙන් නොවෙනස්‌ව යන ජානයක්‌. මේ ජානය විශ්ලේෂණය කළායින් පසු ජාන විද්‍යඥයින් එළඹුනු නිගමනය තමයි හෝමෝසේපියන් පළමුව අප්‍රි්‍රකාවේ කෙන්යා ප්‍ර්‍රදේශයෙන් බිහිව ඇති බව. ඒ අනුව මේ කෙන්යා ප්‍රදේශයෙන් ඇරඹිලා සංක්‍රමණිකයන් බවට පත්වූ හෝමෝසේපියන්වරු ලෝකයේ ආධිපත්‍යය අත්පත් කර ගත් බවට වූ බලගතු මතයක්‌ ඇතිවී තිබෙනවා. මෙම මතය මා නම් එතරම් පිළිනොගන්නා නමුත් ලෝකය පුරාම මානව විභේදනයන් පැවතුණා. පීකිං මිනිසා නිට්‌ටෑවන් වැනි අය ඒ වගේම අපේ වැදි ජනයා වැනි පිරිස්‌ ඔවුන්ට විවිධ අවස්‌ථාවල පැමිණි සංක්‍රමණිකයින්ගේ ජාන හමු වූ බවයි වාර්තා වෙන්නේ. 
 එයට ආගමික කියවීමනුත් ඉතා වැදගත්. විශේෂයෙන්ම බයිබලය ප්‍රමුඛ මැදපෙරදිගින් බිහි වූ ආගම්වල උත්පත්ති කතාවන් මගින් ඉතා සරළව පැවති ජීව විශේෂ සංකීර්ණ ජීව විශේෂ බවට පත්වීමත් නෝවාගේ පුතුන් තිදෙනා වන ෂෙන් හැම් සහ ජෙප්ගෙන් ලෝකය බිහි වූ බවත් වාර්තා වෙනවා. මේ ෂෙන් හැම් සහ ජෙප් පිළිවෙලින් හඳුනා ගනු ලැබෙන්නේ, සුදු මිනිස්‌සු එහෙම නැත්නම් කලු මිනිස්‌සු, කහ මිනිස්‌සු ලෙසයි. මෙය ඉතාමත්ම රළු බෙදීමක්‌ නමුත් මේක එක්‌තරා ආකාරයකට මේ ආගමික කියවීම දැන් විද්‍යාත්මක කියවීමක්‌ බවටත් පරිවර්ථනය වී තිබෙනවා. විශේෂයෙන්ම ඩාවින් විසින් සිය පරිනාමවාදය ඉදිරිපත් කළා. එමගින් අභ්‍යන්තරයේ සිදුවන කිසියම් වෙනස්‌වීම්වලින් බිහිවන ජීව විශේෂ තරඟය විසින් පරිසරයේ අභියෝගවලට මුහුණ දෙමින් ජය ගන්නා බවත්, ඔවුන් ආධිපත්‍ය දරණා බවටත් ඔහු මතයක්‌ පළ කළා. එතනදී මේ අභ්‍යන්තර වෙනස ඇතිවීම සසම්භාව්‍ය සිද්ධියක්‌ හැටියටයි විස්‌තර වුණේ. කෙසේ වෙතත් ඔහුට අභියෝගයක්‌ එල්ල කරමින් ලමාක්‌ කිව්වේ පාරිසරික තත්වයන් විසින්ම, අන්‍යයන්ගේ බලපෑම විසින්ම මේ වෙනස්‌වීම් සිදුවන බවයි. කෙසේ වෙතත් එය මෙතනදී වාද විවාද කරන්න සුදුසු කාරණයක්‌ නොවුනත් ලමාක්‌ගේ මතය වඩා වැදගත් මතයක්‌ බව ඩාවින්ට වඩා අප පිළිගත යුතුයි වර්තමාන ලෝක තත්වයත් සමග.
 ඒ වගේම අපේ බුද්ධ ධර්මයෙත්, එහි එන අග්ගඤ්ඤ සූත්‍ර්‍රයේ මානව පරිණාමය ගැන ඉතා වැදගත් ප්‍ර්‍රකාශනයක්‌ කෙරිලා තිබෙනවා. 

එය බොහෝ දුරට බටහිර විද්‍යාත්මක මතයට ඉතා සමානයි. කිසියම් ආකාරයක සරළ ජීවීන්ගේ සිට සංකීර්ණ ජීවීන් දක්‌වා තණ්‌හාව නිසා මිනිස්‌ පරිණාමය සිදු වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍ර්‍රය දේශනා කොට තිබෙනවා. රාජ්‍යය, රජෙක්‌, සමාජ කණ්‌ඩායම් ඇති වූ ආකාරය, එහිදී සිදු වූ පරිසරය සමග වූ අරගලය, මානවයා අතර අරගලය එක්‌තරා සරල බසකින් ඒ අග්ගඤ්ඤ සූත්‍ර්‍රයේ විස්‌තර කොට තිබෙනවා. සමහරු මෙය බෞද්ධ දේශනාවක්‌ හැටියට හඳුනා ගන්නෙත් නැහැ. නමුත් කිසියම් බලගතු පරිණාමවාදී මතයක්‌ එහිදී ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙයින් අප හඳුනාගත යුතු කාරණා තිබෙනවා. විද්‍යාඥයින් හිතනා තරම් සරළ ක්‍රි්‍රයාවලියක්‌ නෙමෙයි මිනිසාගේ පරිණාමය. 


 ඒ වගේම මිනිසාගේ නෑ හිත මිත්‍ර්‍රයින් තවත් අතිවිශාල ප්‍ර්‍රමාණයක්‌ ලෝකයේ ජීවත් වූ බවත් නිට්‌ටෑවන් හා පීකිං මිනිසා අපේ මුතුන් මිත්තන්ගේ ජීවමය කොටස්‌ බවත්, ඔවුන්ගේ ජාන අපේ සිරුරුවල තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි. ඉතින් පීකිං මිනිසා සහ නිට්‌ටෑවන් පිළිබඳව අප තවත් සොයා බැලිය යුතුයි. පිකිං මිනිසාගේ නම් පොසිලය හමු උනා. නිට්‌ටෑවන් පිළිබඳව අපද සොයා බැලිය යුතුයි. 
 පාඨලී චම්පික රණවක
NOW READ : නිටෑවුන් ගැන ඉතිහාස මූලාශ්‍රවල තොරතුරු කියවන්න...








__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

INDUSTRIAL SPYING : චීන Huawei බුද්ධිමය දේපොල හොරකමේ යයි!

$
0
0

  • අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී.

  • ජපානයේ Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවී


  • Fujitsu සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයා


  • ඇමරිකාවේ T Mobile සමාගමේ රොබෝ තාක්ෂණය සොරාගත් හුආවී සේවකයින් දෙදෙනා.


  • 2019 දෙසැම්බර් මාසයේ, කැනඩාවේ වැන්කූවර් නුවරදී හුආවේ සමාගම ප්‍රධාන මූල්‍ය නිළධාරිණිය (Chief Finance Officer) වන Meng Wanzhou අත් අඩංගුවට


"Miraj Diamond Glass" (C)  Akhan Semiconductor Inc
අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී.

Akhan Semiconductor Inc. කුඩා ඇමරිකානු නවෝත්පාදන සමාගමක්. ඇඩම් ඛාන් නම් ව්‍යවසායික ඉන්ජිනේරුවරයා විසින් ස්ථාපනය කරන ලද මේ කුඩා සමාගම, ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් යන්ත්‍රවලට යෙදිය හැකි, නොකැඩෙන, නොසීරෙන, දියමන්ති ආලේපණයක් සහිත වීදුරු වර්ගයක් නිර්මාණය කලා. දැනට අයිෆෝන් හා වෙනත් මිලෙන් වැඩි ජංගම දුරකථනවල භාවිතාවෙන ගොරිල්ලා ග්ලාස් නම් වීදුරු වර්ගයට වඩා දසගුණයක ශක්තියකින් හා සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුතු මේ වීදුරු වර්ගය "Miraj Diamond Glass"ලෙස නම්කොට තිබුණා. 

ඒ අනුව කෝටි ගණනක් වටිනා කර්මාණ්තයක් වන ජංගම දුරකථන හා ටැබ්ලට් වල තිරයට යොදන වීදුරු නිශ්පාදන වෙළඳපොලේ යම් කොටසක් හිමිකරගැනීමට තමන්ට හැකියාව ඇතැයි ගණන් බැලූ ඇඩම් ඛාන් හා ඔහුගේ ව්‍යාපාරික සගයින් ඉහලම තලයේ ස්මාර්ෆෝන් නිෂ්පාදකයින් සමග සාකච්ඡා ඇරඹූ අතර එම වීදුරුවේ සාම්පල ඔවුන් වෙත යැවුනා. ඇපල්, සැම්සුංග් හා හුවාවී එලෙස මිරාජ් ඩයමන්ඩ් ග්ලාස් වීදුරු සාම්පල් ලබාගත් සමාගම් අතර වුනා.

පරීක්ෂණ සඳහා සාම්පල ලබාදීමේ ගිවිසුමට අනුව එම සාම්පල වලට හානි කිරීම තහනම් වූ අතර ඒවා ඇමරිකාවෙන් පිටතට යැවීමද තහනම්වූ අතර ලබාදුන් පරිද්දෙන්ම දින 60කින් ඒවා නැවත එවිය යුතු වුනා. සැම්සුන්ග් ඇපල් වැනි සමාගම් නියමිත පරිදිම එම වීදුරු ආපසු එවූ අතර, එවා මහාපරිමාණයෙන් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියා.

එසේ වුවත් හුආවී සමාගමට යවන ලද සාම්පල ආපසු පොරොන්දුවූ වෙලාවට නොලැබුණු අතර ඒවා ආපසු ලබාදෙන ලෙස ඉල්ලා යවන ලද ඊමේල් පණිවුඩවලටද ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. දිගින් දිගටම කරන ලද ඉල්ලීම් වලින් පසුව, මාස ගණනාවකට පසු සාම්පලය ආපසු ලැබුණු අතර එය කැබලි කිහිපයකට කැඩී තිබුණා.



තමන් විසින් නිර්මාණය කොට පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබූ, වාණිජමය වශයෙන් කෝටි ගණනක් වටින නිර්මාණය හුආවී සමාගම විසින් ප්‍රති-ඉන්ජිනේරුකරණයට බඳුන්කොට කොපිකර ගැනීමට උත්සහ කොට ඇතිබවට තිබූ දැඩි සැකය නිසා සමාගම ඇමරිකානු FBI පොලීසියට පැමිණිලි කල අතර FBI පර්යේෂණාගාරවලදී සිදුකල පරීක්ෂාවලදී හුආවී සමාගම එම වීදුරු සාම්පලය දැඩි ලෙස විවිධ විශ්ලේෂණවලට බඳුන්කොට ඇති බවත්, එය ඇමරිකාවෙන් පිටකොට චීනයට යවා පරීක්ෂාකොට ඇති බවටත් හෙලිවුනා. 

සේවකයින් දෙතුන් දෙනෙකු පමණක් සිටින, තවමත් ගැණුම්කරුවන් පවා නැති, ඉතා කුඩා සමාගමක් නිර්මාණයකල නව තාක්ෂණයක් සොරා ගැනීමට චීන රජයේ සෘජු සහය ලබන හුආවී වැනි දැවැන්ත චීන සමාගම් දරන නිර්ලජ්ජී උත්සහයට මේ සිදුවීම තවත් එක් උදාහරණයක් බවයි ඇමරිකානු රජය පවසන්නේ.

වීදුරුව බිඳීයාමට හේතුව කිලෝවොට් 100කට අධික බලයක් ඇති ලේසර් කිරණයක් එයට එල්ලකොට සිදුකල පරීක්ෂාවක් බවයි FBI පර්යේෂණාගාරය පවසන්නේ. මෙවැනි දියමන්ති පටලවලින් ආවරණය කරණ ලද වීදුරු අධිබල ලේසර් අවි නිශ්පාදනයේදී ලේසර් කිරණ නාභිගත කිරීම සඳහාද යොදාගන්නා බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.



Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවී

Cisco Systems Inc පරිගණක ජාල හා අන්තර්ජාල සම්බන්ධතා සඳහා රව්ටර් නම් උපකරණ නිර්මාණය කරන ලොව විශාලතම සමාගම් වලින් එකක්. සිස්කෝ රව්ටර් භාවිතා කරන මෘදුකාංග හා තාක්ෂණය පරිගණක ජාල නිර්මාණයේදී සම්මතය ලෙසට භාවිතාකරන අතර ඒවා ජාල ඉන්ජිනේරුකරණයේදී (network engineering) නැතුවම බැරි තාක්ෂණයක්.

2003දී හුආවී සමාගමට එරෙහිව නඩුවක් පැවරූ සිස්කෝ සමාගම, හුආවී සමාගම තමන්ගේ රව්ටර් හා නෙට්වර්ක් ස්විච් උපකරණවල ඇති මෘදුකාංගවල මූල-කේත (source code) සොරාගෙන ඇති බවට චෝදනා කලා. 2004වනවිට එම මෘදුකාංග ඇතුලත් උපකරණ වෙළඳපොලෙන් ඉවත් කිරීමට හුආවි සමාගම පියවර ගත්තා.

ෆුජිට්සූ සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයා

2004 ජූනියේදී Fujitsu Network Communications සමාගම, SuperComm tradeshow තාක්ෂණික ප්‍රදර්ශණයේදී ඔවුන්ගේ ප්‍රදර්ශණ කුටියේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ  හුආවී සමාගමේ සේවකයෙකු ෆුජිට්සු කුටියේ ප්‍රදර්ෂණයට තබා තිබූ ඔවුන්ගේ නවතම උපාංගයක පිට ආවරණ ගලවා ඉවත්කොට ඡායාරූප ගනිමින් සිටියදී ආරක්ෂකයින්ට හසුවුබව හෙලිකල සිටියා. මේ පිලිබඳව හුආවී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීයාට නිළවශයෙන් දැනුම් දුන් බව ෆුජිට්සු සමාගම පවසා සිටියා. මෙම උපාංගය ඩොලර් මිලියනක් වැයකොට ෆුජිට්සූ සමාගම නිර්මාණය කල අලුත්ම පරිගණක ජාල හැසිරවීමේ උපකරණයක් බව ෆුජිට්සූ සමාගම හෙලිකලා.

Yi Bin Zhu නම්වූ මේ හුආවී ඉංජිනේරුවා සතුව තිබී සිස්කෝ, ලූසන්ට්, ටෙල්ලැබ්ස්, නෝටෙල් වැනි තවත් අධිතාක්ෂණක සමාගම්වල උපාංගවල අභ්‍යන්තර ඡායාරූප හමුවී තිබුණා. මේ අනුව හුආවී බුද්ධිමය දේපොල සොරාගැනීම ඉතාමත් සැලසුම් සහගතව සිදුකරන බවට තහවුරු වුනා.

ඇමරිකාවේ T-Mobile සමාගමේ රොබෝ තාක්ෂණය සොරාගත් හුආවී සේවකයින් දෙදෙනා.

2012–2013 වසරවලදී කිහිප වතාවක් ටී-මොබයිල් සමාගමේ විද්‍යාගාරයකට රහසින් ඇතුලුවූ හුආවී සේවකයින් දෙදෙනෙකු, එහි නිර්මාණය කරමින් තිබූ, ජංගම දුරකථන ස්වයංක්‍රීය පරීක්ෂාකල හැකි රොබෝ යන්ත්‍රයක සැලසුම් හා අභ්‍යන්තර කොටස්වල ඡායාරූප සොරාගත් බවට චෝදනා කොට සිටියා. එලෙස හොරෙන් ලබාගත් තාක්ෂණයෙන් හුආවී සමාගම ඔවුන්ගේම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කොට ඇතිබවයි ටී-මොබයිල් සමාගම පවසන්නේ.

2019 දෙසැම්බර් මාසයේ, කැනඩාවේ වැන්කූවර් නුවරදී හුආවේ සමාගම ප්‍රධාන මූල්‍ය නිළධාරිණිය (Chief Finance Officer) හා එහි නිර්මාතෲවරයා වන  Ren Zhengfeiගේ දියණිය,  Meng Wanzhou අත් අඩංගුවට පත්වූයේ ඇමරීකාව කල ඉල්ලීමකටයි. 

ඇයගේ මූලිකත්වය යටතේ හුආවී සමාගම, ඇමරීකාව විසින් සම්බාධක පනවා ඇති ඉරාණය සමග ඇමරිකානු බැංකු හරහා මූල්‍ය ගණුදෙනුකල බවත්, ඒ සඳහා ඇමරිකානු බැංකුවලට සාවධ්‍ය තොරතුරු ලබාදුන් බවටත් ඇයට චෝදනා ගොනුවී තිබෙනවා.





විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

ARTIFICIAL INTELLIGENCE : ට්‍රම්ප්ගේ AI ප්ලෑන් එක

$
0
0
















කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණයේ මූලික අඩිතාලම ඇමරිකාවේ පර්යේෂණාගාරතුල හා ඇපල්, ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත සමාගම් හරහා සිදුවුනත් මේ වනවිට ඇමරිකාව අභිබවා චීනය, ප්‍රංශය හා කැනඩාව මේ තාක්ෂණයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

අදවනවිට චීනය වැනි රටවල රජයේ මූලිකත්වයෙන් හා පෞද්ගලික සමාගම්වල සහභාගිත්වයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කොට වැඩ ගැනීම සඳහා අතිවිශාල ආයොජනයන් සිදුකරමින් සිටියත්, ඇමරිකාව එම තාක්ෂණ දියුණු කිරීම පෞද්ගලික සමාගම වලට භාරදී කරබාගෙන සිටින ආකාරයක් පෙන්නුම් කලා. 

මේ ආකාරයෙන් ඇමරිකාවට යුධමය හා ආථිකමය ලෙස අභියෝග කල හැකි රටවල් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නිම් වලලු පුලුල් කරගනිමින් සිටියදී ඇමරිකාව පසුබා සිටිම විශාල තර්ජනයක් බව එරට බුධිමතුන් දැඩිලෙස අදහස් පලකරනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් මයිකල් මැටිස්, නුදුරු අනාගතයේ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂාව තහවුරුකර ගැනීම සඳහාත්, ඇමරිකානු ආරක්ෂක හමුදාවල අද්විතීය ස්ථානය රඳවාගැනීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය සඳහාත් වහාම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කිරීමේ ජාතික වැඩපිලිවක් අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප්ට ලිඛිතව දන්වා තිබෙනවා. ඔහු මේ බව අවධාරණය කලේ 2017දී චීන රජය එලිදැක්වූ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ජාතික වැඩපිලිවෙල අධ්‍යයනය කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

මේ සියල්ල සැලකිල්ලට ගෙන ඇති ජනාධිපති ට්‍රම්ප්, සිය වාර්ශික ජාතිය ඇමතීමේ කතාවේදී (State of the Nation Address, 2019) අනාගත කර්මාණ්ත සඳහා ඇමරීකාව සූදානම් කිරීමේ දැවැන්ත වැඩපිලිවලක් නුදුරේදී ඉදිරිපත්කරන බව ප්‍රකාශකලා. මෙම අනාගත කර්මාණ්ත; කෘත්‍රිම බුද්ධිය, 5G සන්නිවේදන තාක්ෂණය හා ක්වන්ටම් පරිගණක තාක්ෂණය මත බිහිවෙනු ඇතැයි ඔහු අනාවැකි පලකොට සිටියා.

මෙහි පලමු පියවර ලෙස ට්‍රම්ප් රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය "American AI Initiative"නම් ජාතික කෘත්‍රිම බුද්ධි පත්‍රිපත්තිමාලාවක් එලි දක්වා තිබෙන අතර ඊට අනුබද්ධ ජනාධිපති නියෝග රැසක් ඉඩිරියේදී නිකුත්වීමට නියමිතයි.

ඇමරිකන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ප්‍රතිපත්තිමාලාවේ සාරාංශය මෙලස සටහන් කල හැකියි.

1. ප්‍රතිපාදන වැඩිකිරීම හා දැනට ලබාදී ඇති ප්‍රතිපාදන කෘතිම බුද්ධි තාක්ෂණ පර්යේෂණ සඳහා අනුගත කිරීම

2. ඇමරිකානු රජය සතු අතිවිශාල පරිගණක මධ්‍යස්ථාන, පර්යේෂණ දත්ත හා වෙනත් තාක්ෂණ සම්පත් කෘත්‍රිම බුද්ධි පර්යේෂකයින් වෙත නිදහස් කිරීම.

3. රජය අනුබද්ධ National Institute of Standards and Technology (NIST) හරහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා තාක්ෂණ සම්මතයන් නිර්මාණය කිරීම

4. අමෙරිකානු ශ්‍රම බළකාය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩගැනීමට හා ඒ හා බද්ධව ක්‍රියාකිරීමට පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම

5. කෘත්‍රිම බුද්ධි පර්යේෂණ හා තාක්ෂණ ක්ශේස්ත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතාවය ඇමරිකානු ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීම








__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPACE : ස්තූතියි Opportunity@Mars ඔබට සුබ රාත්‍රියක්!!!

$
0
0
"මගේ බැටරිය හොඳටම දුර්වලයි..... කරුවල වැටීගෙනත් එනවා....."ඔපර්චූනිටි රොවරය අවසන්වරට පෘථිවියට එවූ පණිවුඩය.

















__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SPACE : මීතේන් පාදක ජීවයක් සෞරග්‍රහමණ්ඩළයේ????

$
0
0





















අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?

විද්‍යාඥයින් කල්පණාකරන ආකාරයට කාබන් මෙන්ම සංකීර්ණ සංයෝග සෑදිය හැකි වෙනත් මූළද්‍රව්‍ය පාදක කරගෙනද ජීවය හටගන්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස සිලිකන් මූළද්‍රව්‍යයය පාදක කරගෙන සංකීර්ණ සංයෝග ස්වභාවිකව පැවතිය හැකි අතර ඒවා යම් ආකාරයකින් ස්වාත්තයෙන්ම ප්‍රතිජීවනය වීම, එනම් ජීවී ආකාරයට පත්වීමද සිදුවිය හැකියි.

මේ කල්පිතය අනුව යමින් නාසා විද්‍යාඥ ඇමැන්ඩා හෙන්ඩ්‍රික්ස්, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන ටයිටන් මත යම් ආකාරයක ජීවියක් පැවතිය හැකි බවට කල්පිතයක් ගොඩනගා තිබෙනවා. ඇය පවසන අන්දමට ටයිටන් ග්‍රහයා මත මීතේන් හා වෙනත් සංකීර්ණ හයිඩ්‍රොකාබන් ද්‍රව මුහුදු හා විල් ආකාරයෙන් පවතිනවා. මේ හයිඩ්‍රෝකාබන් ජලාශවල යම් ආකාරයක මිතේන් පාදක කරගත් ජීවයක් පැවතිය හැකි බවයි ඇය අනුමාන කරන්නේ.

එම මිතේන් ජීවය අප දන්නා කාබන් ජීවයට වඩා අපූර්ව අන්දමින් වෙනස්විය හැකි බවත්, එවැනි ජීවයක් හඳුනාගැනීම පවා ඉතාමත් අපහසු විය හැකි බවත් පවසනවා.

සෙන්ටිග්‍රේඩ් සෘණ 180ක අධික ශීතලක් පවතින ටයිටන් මත ජල අණුහෝ ඔක්සිජන් පවතින්නේ නෑ. ඒ නිසා ටයිටන්ගේ ජීවය ජලය හෝ ඔක්සිජන් මත රඳා නොපවතින, අපදන්නා ජීව සෛළ ආකෘතියට වඩා සම්පූණයෙන්ම වෙනස් ආකෘතියකින් ශක්තිය නිපදවා ගන්නා ජීවීන් වනු ඇති.

ඇස්ටොසෝමයක් 
පෘථිවි ජීවයේ සෛල, ලිපිඩමය පටලයකින් ආවරණය වූ ප්‍රාක්ප්ලාස්මයකින් සමක්විත වෙනවා. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගත වන අතර, මේ පටලය මගින් සෛල අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරයකින් වෙන්කරගන්නවා. විද්‍යාඥයින් පවසන අන්දමට ටයිටන් ජීවයේ සෛළයකට මෙවැනිම සෛල පටලයක් තිබිය හැකිවුවත් එය ලිපිඩමය පටලයක් නොව යම් ආකාරයක නයිට්‍රජන්, කාබන් හා හයිඩ්‍රජන් අඩංගු, අධික ශීතලෙන් විනාශ නොවන ද්‍රව්‍යයක් විය යුතුයි.

මෙවැනි පටලයක් ඇස්ටොසෝමයක් (azotosome) ලෙස හඳුන්වන අතර එවැන්නක ආකෘතිය ඉහත ආකාරයට වනු ඇතැයි අනුමාන කරනවා. මෙම ඇස්ටොසෝම් පටලය, පෘථිවි ජීව සෛල පටලයක් මෙන්ම  අර්ධ පාරගමය නොහොත් සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට ඉඩසලසන පටලයක් වනු ඇති. ඒ අනුව සෛලයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ඇතුලට ගැනීමටත්, අපද්‍රව්‍ය පිට කිරීමටත්, පරිසරයේ වෙනත් ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීමටත් හැකි ලෙස නිර්මාණය වී තිබෙනු ඇති.

ටයිටන් වායුගෝලයේ ඉතා බහුලව ඇති බවට සොයාගෙන ඇති acrylonitrile (C3H3N) නම් හයිඩ්‍රෝකාබන් අණුව, මේ ආකාරයට මීතේන් පාදක සෛලපටලයකට ඉතාමත් සුදුසු බව පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා.

Dragonfly mission to Titan, 2024-2025

ටයිටන් මත මීතෙන් පාදක ජීවයට හිතකර සාධක ඇතිදැයි සොයාබැලීම සඳහා ඩ්‍රැගන්ෆ්ලයි ලෙස හැඳින්වෙන ඩ්‍රෝන් යානයක් ලෙස ක්‍රියාකරන රොබෝ ගවේෂකයෙකු යැවීමට සැලසුම් සකස්කෙරෙමින් තිබෙනවා. 2024-2025 කාළයේදී පිටත්කරවීමට සැලසුම් කරඇති මේ ගවේෂන යානය මගින් ටයිටන් මතුපිට ස්ථාන කිහිපයකට ගොඩබැස සාම්පල එකතුකරගෙන විශ්ලේෂණය කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

MOBILE : අද බාසිලෝනා නුවරදී ඇරඹෙන MWC 2019

$
0
0

GSM ජංගම දුරකථන තාක්ෂණ නිර්මාණ සම්බන්ධීකරණය සඳහා පිහිටුවාගෙන තිබෙන GSM Association සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන Mobile World Congress තාක්ෂණික ප්‍රදර්ශණය ලෝකයේ අලුත්ම ජංගම දුරකථන තාක්ෂණය එලිදැක්වීමේ බිහිදොර බවට පත්ව තිබෙනවා.

මෙවර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී පැවැත්වෙන මේ ප්‍රදර්ශණය මුල්තැන 5G තාක්ෂණයට, VR හෙවත් වර්චුවල් රියැලිටි තාක්ෂණ උපාංගවලට හා නැමිය හැකි තිර ඇති fold-able screen තාක්ෂණයට ලැබෙනු ඇතැයි අනාවැකි පලවෙනවා. දැනටමත් සැම්සුන්ග් හා හුආවී සිය තාක්ෂණයේ දුරකථන එලිදක්වා ඇති අතර ඒවා පිලිබඳ වැඩිදුර තොරතුරු මේ ප්‍රදර්ශණයේදී හෙලිකෙරෙනු ඇතැයි තාක්ෂණ වාර්තාකරුවන් විශ්වාස කරනවා.

සැම්සුන්ංග්, හුආවී, ඔපෝ, මයික්‍රෝසොෆ්ට්, එල්.ජී, සෝනී, ක්වල්කොම්, සියෝමී වැනි සමාගම් සිය අලුත්ම තාක්ෂණයන් මෙහිදී එලිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.

මීට පැය කිහිපයකට පෙර ආරම්භවුනු MWC 2019 පලමු දේශනය පවත්වන හුආවී සමාගමේ රිචඩ් යූ, සමුළුව ඇමතූ ආකාරය





Mobile World Congress 2019 දී මේවන විට හඳුන්වාදී ඇති අලුත්ම දුරකථන හා උපාංග කිහිපයක්


නැමිය හැකි හුවාවී මේට් X දුරකථනය.




කැමරා පහක් ඇති, DSLR කොලිටියේ ඡායාරූපගත හැකි  Nokia 9 PureView




මයික්‍රොසොෆ්ට් හොලෝ ලෙන්ස් 2 VR හෙඩ්සෙට් උපාංගය


චීනයේ සයෝමී සමාගම හෙලිදැක්වූ ඔවුන්ගේ පලමු 5 ස්මාර්ට්ෆෝනය Xiaomi 5G Mi Mix 3










__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

ROUND-UP : තවත් ග්ලයිෆොසේට් පිලිකා නඩුවක් ඇමරිකාවේදී

$
0
0
ඇමරිකාවේ මොන්සාන්ටෝ සමාගම නිෂ්පාදනය කරන ග්ලයිෆොසේට් (රවුන්ඩ්-අප්) වල් නාෂකය නිසා තමා පිලිකා රෝගියෙකුවූ බවට චෝදනා කරමින් කැලිෆෝනියා වැසියෙකු දැමූ නඩුවක් විභාගකිරීමට සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆෙඩරල් අධිකරණය තීරණයකොට තිබෙනවා.

70 හැවිරිදි හාඩිමෑන් විසින් පවරා ඇති මේ නඩුවේ තින්දුව තවත් එවැනි නඩු දහස් ගණනක ඉරණම විසඳනු ඇතැයි නීතිඥයින් පවසනවා.

කෙසේවෙතත් බොහෝ ඇමරිකානු නියාමන ආයතන ග්ලයිෆොසේට් හා පිලිකා අතර සබඳතාවයක් ඇතැයි පිලිගැනීමට මැලිවන අතර ග්ලයිෆොසේට් නිෂ්පාදකයාවන මොන්සාන්ටෝ සමාගම පර්යේෂණ සියගණනකින්ම ග්ලයිෆොසේට් පිලිකාකාරකයක් නොවන බව තහවුරුවී ඇතැයි දැඩි ලෙස පවසනවා.

වසර 30කට අධික කාළයක් සිය ගොවිපොලේ වල්නාෂක ලෙස රවුන්ඩ්-අප් යෙදූ එඩ්වින් හාඩමෑන් තමන්ට ඇතිවී ඇති පිලිකා තත්වය රවුන්ඩ්-අප් වල්නාෂකය නිසා හටගත්තක් ලෙස පිලිගෙන තමන්ට ඇතිවී ඇති මාරක රෝගය වෙනුවෙන් විශාල වන්දියක් ලබාදෙන ලෙස නඩුවෙන් ඉල්ලා සිටිනවා.

තීන්දුව ලැබීමට මසක පමණ කාලයක් ගතවනු ඇතැයි නීති විශාරදයින් පවසනවා.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________
Viewing all 1216 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>