Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all 1216 articles
Browse latest View live

SPACE FLIGHT : ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සූලය ගොඩබසී

$
0
0

ප්‍රකෝටිපති තාක්ෂණවේදී ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කල ඩ්‍රැගන් ගගනගාමී අභ්‍යවකාෂ කැප්සූලය අද දින ඉතා සාර්ථකව පෘථිවියට ගොඩබැස්සා.

පසුගිය සෙනසුරාදා රාත්තල් 400ක බඩුබාහිරාදියද "රිප්ලී"නම් මානවරූපී ඩමියද රැගෙන අභ්‍යවකාෂගතවූ ඩ්‍රැගන් කැප්සූලය ස්වයංක්‍රීයවම අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානයට සම්බන්ධවූවා.

මෙම යානය ගගනගාමීන් තුන්දෙනෙකු රැගෙන යාමට නිර්මාණය කර තිබුණත් පලමු ගමන සිදුකලේ "රිප්ලි"ලෙස නම් කල ඩමියක් පමනයි. ඊට රිප්ලි යන නම තබා ඇත්තේද ඊලෝන් විසින්ම බවත් එය රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කල සුප්‍රකට "ඒලියන්"චිත්‍රපට මාළාවේ වීරවරිය වන වොරන්ට් ඔෆිසර් රිප්ලි (සිගර්නි වීවර්) සිහිවීම සඳහා බවත් පැවසෙනවා.

එම මානවරූපී ඩමිය ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කර තිබෙන ගගනගාමී ඇඳුම් කට්ටලය (spacesuit) පැලඳගෙන ගමන්කොට තිබෙන අතර එම ඩමිය පුරාවටම ගමනේදී ගගනගාමියෙකුට දැනෙන සංවේදන බොහොමයක දත්ත එකතුකල හැකි සංවේදක රැසක් සවිකොට තිබෙනවා.

දින පහක් අභ්‍යවකාෂයේ ගතකල ඩ්‍රැගන් යානය අද අලුයම අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානයෙන් වෙන්ව පැරිෂූට් ආධාරයෙන් ඉතා සෙමෙන් සාගරයට පහත්වූවා.

Demo 1 හෙවත් පලමු ආදර්ශනය ලෙස නම්කර තිබූ මේ මෙහෙයුමේ අරමුණු වන්නේ;

1. කක්ෂගත යානය පාලනය කරන එවියොනික්ස් ඉලෙක්ට්‍රොණික් පද්ධතියේ ක්‍රියාකාරිත්වය මැන බැලීම

2. අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානය හා සම්බන්ධවන ඩොකින් යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම

3. සන්නිවේදන පද්ධති හා පණිවුඩ හුවමාරු පද්ධති පරීක්ෂාවට බඳුන් කිරීම.

4. යානයතුල ඔක්සිජන්, වායු පීඩනය හා උෂ්ණත්වපාලන පද්ධතිවල ක්‍රියාකාරිත්වය උරගාබැලීම.

5. සූර්යකෝෂ හා බළ-උත්පාදන පද්ධති පිරීක්සීම

6. යානයේ ගමන්මග පාලනය කරන කුඩා රොකට් පද්ධතියේ ක්‍රියාකාරිත්වය මැන බැලීම

7. ඩ්‍රැගන් කැප්සූලයා අභ්‍යවකාශයට විදීමේදී, කක්ෂගත අවස්ථාවේදී හා ආපසු පැමිණීමේදී එහි සියලු පද්ධතිවල ඒකාග්‍රතාවය මැනබැලීම.

8. ෆැල්කන් 9 රොකට්ටුව, ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඇතුලු සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අගැයිම.

නාසා ආයතනයෙන් ලැබුණ මූලික වාර්තා අනුව මේ කඩඉම් ඉලක්ක සියල්ලම ඉතා සාර්ථකව සැපිරීමට ඩ්‍රැගන් අභ්‍යවකාෂ යානය සමත්වී තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FILM : Captain Marvel ගැන නොදන්න දේවල්

$
0
0

මේ දවස්වල තිරගත වෙන මාවෙල් කොමික්ස් සිනමා විශ්වයේ අලුත්ම නිමැවුම වන කැප්ටන් මාවෙල් චිත්‍රපටය ගැන විස්තර ටිකක් ගෙන එන්නයි සූදානම් වෙන්නේ.

කැප්ටන් මාවල් චරිතයයේ සම-නිර්මාතෲ වන්නේ මාවෙල් විශ්වයේ බොහෝ චරිත මැවූ ස්ටැන් ලී නම් සුපිරි චිත්‍රකතාකරුවායි. කැප්ටන් මාවෙල් නිර්මාණයට වස්තුබීජය ලබා දෙන්නේ කලක් මාවෙල් කොමික්ස් චිත්‍රකතා ලෝකයේ දැවැන්තයෙකු වූ ජීන් නෝලන් නිර්මාණය කල කැප්ටන් කැරොල් ඩැන්වර්ස් නම් චරිතය පාදක කරගෙනයි. 

මාවෙල් කොමික්ස් සඳහා ජීන් නෝලන් විසින් නිර්මාණය කරන ලද චරිත අතර ඩෙයාර් ඩෙවිල් හා ඩොකටර් ස්ට්‍රේන්ජ් ප්‍රධානවන අතර ඔහු නිර්මාණය කල කැප්ටන් කැරොල් ඩෙන්වර්ස් නම් ඇමරිකන් ගුවන් හමුදා කපිතාන්වරියගේ චරිතය ස්ටැන් ලී විසින් මිස් මාවෙල් හා කැප්ටන් මාවෙල් චරිතවලට පරිවර්තනය කරනවා.

ඇනා බෝඩෙන් හා රයන් ෆෙල්ක් සම-අධ්‍යක්ෂණයෙන් නිමැවුන කැප්ටන් මාවෙල් සිනමා සිත්තමේ කැප්ටන් මාවෙල් චරිතයට පණ පොවන්නේ 29 හැවිරිදි බ්‍රී ලාර්සන්. 2019 මාර්තු 8 වැනිදා තිරගතවූ අතර එය මේවනවිට ඩොලර් මිලියන 825ක ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.

ඇමරිකන් ගුවන්හමුදා කපිතාන් කැරොල් ඩැන්වර්ස් - කැප්ටන් මාවෙල් සුපිරි වීරවරිය වන්නට පෙර

කැප්ටන් මාවෙල් කතා-වස්තුවේ අවස්ථා සම්බන්ධය කෙටියෙන්

කැප්ටන් මාවෙල් චිත්‍රපටය නැරඹීමේදී එහි රූපරාමු පෙලගස්වා ඇති ආකාරය නිසා එහි කතාව තේරුම්ගැනීම අපහසුවෙන්න පුලුවන්. ඒ අපහසුතාවය මගහරවාගන්නට අත්වැලක් විධියට මේ චිත්‍රපටයේ විවිධ අවස්ථා ගැලපෙන්නේ කොහොමද කියලා විස්තරයක් කරන්නම්.

කැරොල් ඩැන්වර්ස් අති දක්ෂ F-15 ජෙට් නියමුවෙක් වන අතර ඇයගේ දක්ෂතා නිසාම ඇමරිකන් ගුවන්හමුදාව හා නාසා ආයතනය ඒකාබද්ධව පවත්වාගෙන යන Project P.E.G.A.S.U.S. ව්‍යාපෘත්‍රියේ පරීක්ෂණ ගුවන්නියමු (test pilot) ලෙස පත්වීමක් ලබනවා. ඒ 1987-1989 කාළවකවානුවේදීයි. ප්‍රොජෙක්ට් පෙගසස් ව්‍යාපෘතිය ටෙසරැක්ට් නම් අපූර්ව ශක්තිප්‍රභවයේ ශක්තිය උකහාගෙන අධිවේගී ගුවන් හා අභ්‍යවකාෂ යානා නිර්මාණය සඳහා ස්ථාපනය කොට ඇති අතර මේ කාළවකවානුවේ එම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතුකලේ ආචාර්ය වෙන්ඩි ලෝසන් නම් විද්‍යාඥවරියයි.

ටෙසරැක්ට් නම් මේ ශක්ති ප්‍රභවය ඉන්ෆිනිටි ස්ටෝන්ස් ලෙස හැඳින්වෙන අපූර්ව බලයන් සහිත වස්තුප්‍රභවයන් ගෙන් එකක් වන අතර ඒවා නිර්මාණය කරන ලද්දේ වසර මිලියන ගණනකට පෙර විශ්වයේ ජීවත්වූ  Cosmic Entities ලෙසින් හැඳින්වෙන සුපිරි බුද්ධියක් ඇති ජීවීන් පිරිසක් විසින් බවයි මාවෙල් වංශකතාවේ දැක්වෙන්නේ.

ආචාර්ය වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල්

ආචාර්ය වෙන්ඩි ලෝසන් සැබැවින්ම මානව විද්‍යාඥවරියක් නොවන අතර ඇය ක්‍රී නමින් හැඳින්වෙන මානවරූපී සුපිරි පිටසක්වල ගෝත්‍රයක සාමාජිකාවක් වනවා. ක්‍රී ගෝත්‍ර නාමයෙන් මා-වෙල් (Mar-vell) නම්වූ ඇය, සිය වර්ගයාගේ ආක්‍රමණශීලී, යුධකාමී පැවැත්ම ප්‍රතික්ශේප කරමින්, රහසේ පෘථිවියට පැමිණ මානව විද්‍යාඥවරියක් ලෙස වෙස් ගෙන ටෙසරැක්ට් ශක්තිප්‍රභවයෙන් ක්‍රියාත්මකවන "ලයිට් එන්ජින්"නම් ආලෝකයේ වේගයෙන් ගමන්කල හැකි ප්‍රචාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා.

වෙන්ඩි ලෝසන්හට කපිතාන් කැරොල් ඩැන්වර්ස් මුනගැසෙන්නේ ඇයව පෙගසස් ව්‍යාපෘතියට අනුයුක්ත කල පසුව වන අතර දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා.

ආචාර්ය වෙන්ඩි ලෝසන්, ඇයගේ පර්යේෂණයන් පෘථිවියේ සිදුකලත්, ඊට අමතරව පෘථිවි කක්ෂයේ යම් තැනක ක්ලෝකින් ඩිවයිස් නම් සැඟවීමේ උපක්‍රමයක් මගින් සඟවා ඇති කක්ෂගත විද්‍යාගාරයක පෘථිවියේ ඇති නොදියුණු තාක්ෂණයට වඩා අතිශය දියුණු තාක්ෂණයන් ආධාරයෙන් පර්යේෂණ සිදුකරනවා. ඇය මේ කක්ෂගත විද්‍යාගාරයතුල ඇයගේ ක්‍රී ගෝත්‍රය සමග යුධවැදී සමූළඝාතනය වී සැඟවෙමින් සිටින ස්ක්‍රල්ස් නම් තවත් පිටසක්වල ගෝත්‍රයක සාමාජිකයින් පිරිසක් සඟවාගෙන සිටිනවා. ඇයගේ අරමුණ වන්නේ ලයිට් එන්ජින් ප්‍රචාලන තාක්ෂණය ස්ක්‍රල් ගෝත්‍රයට ලබාදී ඔවුන්ට ක්‍රී ප්‍රහාරවලින් ආරක්ෂාවිය හැකි විශ්වයේ ඈත කෙලවරකට සැඟවී යන්නට අවස්ථාව ලබාදීමටයි.

රොනන් නම් යුධකාමී ක්‍රී ජෙනරාල්වරයා හා ක්‍රී විශේෂ මෙහෙයුම් බළකායක් ලෙස ක්‍රියාත්මකවන "ස්ටාර්ෆෝස්"බළකාය ආචාර්ය වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල් ගැන සෙවිල්ලෙන් සිටින අතර ඔත්තුකරුවන් මාර්ගයෙන් ඇය ලයිට් එන්ජින් නම් ආලෝකයේ වේගයෙන් ගමන්කල හැකි එන්ජින් තාක්ෂණයක් නිර්මාණකරමින් සිටින බව දැනගන්නවා. ඇයගෙන් එම තාක්ෂණය උදුරාගැනීම සඳහා රොනන් ගේ උපදෙස් මත ස්ටාර්ෆෝස් බළකායේ කමාන්ඩර්වරයෙකු වන යොන් රොග් පෘථිවිය බලා පැමිණෙනවා. ඔවුන් පෘථිවිය හඳුන්වන්නේ කරදරකාරී-කළහකාරී නොදියුණු ජීවීන් වාසයකරන C-53 ග්‍රහලෝකය ලෙසයි. ඔවුන් පෘථිවි වැසියන් ටෙරාන්වරුන් ලෙස හඳුන්වනවා.

රොනන් ගේ ආක්‍රමණිකයින් තමා සොයා එන බව අවසන් මොහොතේ දැනගන්නා ආචාර්ය වෙන්ඩි ලෝසන් ටෙසරැක්ට් ප්‍රභවයේ බලය උකහාගෙන ක්‍රියාත්මක වන ලයිට් එන්ජින් ප්‍රචාලන යන්ත්‍රය සවිකල අභ්‍යවකාෂ ගුවන්යානය, කක්ෂයේ ඇති විද්‍යාගාරයේ සැඟවීමට හදිසියේ පිටත්වෙන්නට සූදානම්ව ඒ සඳහා ගුවන් නියමුවෙකු සොයනවා. ඒ හදිසි ගුවන්ගමන සඳහා කපිතාන් කැරොල් ඩැන්වර්ස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. කෙසේ වෙතත් ඒ මොහොතේදී පවා කැරොල් ඩැන්වර්ස්, ආචාර්ය වෙන්ඩි ලෝසන්ගේ නියම ස්වභාවය හෝ ඇය නිර්මාණය කල අභ්‍යවකාශ ගුවන්යානයේ නියම හැකියාවන් දන්නේ නෑ.

කැරොල් ඩැන්වර්ස්ට සුපිරි බළය ලැබෙන හැටි

කක්ෂයට යාමට පෙර ඔවුන්ගේ යානයට යොන් රොග් පහර දෙන අතර එම ප්‍රහාරයෙන් කැරොල් ඩෙන්වර්ස් හා වෙන්ඩි ලෝසන් ගමන්ගත් යානය කඩාවැටෙනවා. යානය කඩාවැටුන පසු ආචාර්ය වෙන්ඩි ලෝසන්ගේ තමන් කවුදැයි කැරොල් ඩැන්වර්ස්ට හෙලිකරන අතර, ලයිට් එන්ජින් තාක්ෂණය කෙසේ හෝ ආරක්ෂාකරන්නැයි අයැදිනවා. ඒ මොහොතේ ක්‍රී කමාන්ඩර් යොන් රොග් එම ස්ථානයට පැමිණෙන අතර රොන් යොග් එල්ලකල වෙඩි පහරකින් ඇය මිය යනවා. මා-වෙල් මරාදමන රොන් යොග් කැරොල්ගෙන් බළශක්ති ප්‍රභවය ගැන විමසනවා.

වෙන්ඩි ලෝසන්ගේ අවසන් ඉල්ලීම පරිදි යොන් රොග් අතට ලයිට් එන්ජින් තාක්ෂණය පත්වීම වැලැක්වීම සඳහා කැරොල් ඩැන්වර්ස් කඩාවැටුනු යානයේ බළශක්ති ප්‍රභවය ඇති ස්ථානයට වෙඩි තබන අතර එය පුපුරා යද්දී එම බළශක්ති ප්‍රභවය කපිතාන් වෙන්ඩි ලෝසන්ගේ සිරුරට උරාගන්නවා. ඇයට සුපිරි බලයක් ලැබෙන්නේ ඒ අනුවයි.

එන්ජිම පුපුරා යාමෙන් සිහිසුන්වන කපිතාන් කැරොල් ඩැන්වර්ස්ගේ සිරුරට ලයිට් එන්ජිම බළගැන්වූ බළශක්ති ප්‍රභවයේ ශක්තිය උරාගත්බව තේරුම්ගන්නා යොන් රොග් ඇයව සිය මව් ග්‍රහලෝකය වන හාලා ග්‍රහලෝකය වෙත ගෙනයනවා.

හාලා ග්‍රහලෝකය, ක්‍රී අධිරාජ්‍යය, රොනන් ද ඇකියුසර් හා යොන් රොග්

ක්‍රී යනු මානවරූපී, යුධ කාමී පිටසක්වල ගෝත්‍රිකයින් පිරිසකි. සක්වල දියුණු ජීවීන් අතර අතිශයින්ම දියුණු තාක්ෂණයක් හා යුධකාමී විනයකින් යුතු ක්‍රී ග්‍රහ මණ්ඩල දහස් ගණනක සිය බලය පතුරුවාගෙන අධිරාජ්‍යයක් ගොඩනාගෙන ඇති අතර එම අධිරාජ්‍යයේ අග්‍ර-ග්‍රහලෝකය (capital planet) වන්නේ හාලා ග්‍රහලෝකයයි. ක්‍රී අධිරාජ්‍යය පාලනය වන්නේ Supreme Intelligence නම් කෘත්‍රිම බුද්ධි මනසකින් වන අතර ක්‍රී ගෝත්‍රය බිහිකල සියලුම දක්ෂයින්ගේ හා ශ්‍රේෂ්ඨයින්ගේ මනස්වල එකතුවක් ලෙසින් එය ක්‍රියාත්මක වනවා.

රොනන් ද ඇකියුසර්, ක්‍රී ග්‍රහලෝකයේ රණකාමී පරම්පරාවකින් පැවත එන අතර බිහිසුණු යුධ සෙනෙවියෙකු ලෙසද ප්‍රකටය. ක්‍රී අධිරාජ්‍යය හා සැන්ඩර්වරුන්ගේ නෝවා අධිරාජ්‍යය සමග යුද්ධයේදී විශාල මෙහෙයක් ඉටුකල ඔහු, ක්‍රී අධිරාජ්‍යය සැන්ඩර්වරුන් සමග සාම ගිවිසුමකට එළඹුනු පසු දැඩි කෝපයකින් පසුවේ. එමෙන්ම ක්‍රී අධිරාජ්‍යය හා ස්ක්‍රල්වරුන් සමග වර්තමානයේ කෙරෙන යුද්ධයේදීද ස්ක්‍රල් ශිෂ්ඨාචාරය විශ්වයෙන් අතුගා දැමිය යුතුය යන ප්‍රතිපත්තියේ සිටින ඔහු ස්ක්‍රල්වරුන් සිටින සෑම ග්‍රහලෝකයක්ම සොයමින් විනාශකොට දමයි.

වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල් නිර්මාණය කල ලයිට් එන්ජින් තාක්ෂණය උදුරාගැනීම සඳහා පෘථිවියට පැමිණෙන යොන් රොග්, රොනන්ගේ අනුගාමිකයෙකු වන අතර ඔහුගේ අණ අනුව ක්‍රියාත්මක වේ.

කපිතාන් කැරොල් ඩැන්වර්ස්, ක්‍රී ස්ටාර්ෆෝස් බළකායට අනුයුක්තවීම

ලයිට් එන්ජිම පුපුරා යාමෙන් පසුව එහි සුපිරි බලය කැරොල් ඩැන්වර්ස් ගේ සිරුරට උරාගත් බව තේරුම්ගන්නා යොන් රොග් ඇයව හලා ග්‍රහලෝකයට ගෙනයයි. පිපුරුමේ කම්පණය නිසා සිහිසුන්ව සිටින ඇයගේ මනසේ මතකයන් මකාදමන සුප්‍රීම් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය, ඇය ක්‍රී ස්ටාර්ෆෝස් මෙහෙයුම්කාරියක් බවට අලුත් මතකයන් කාවද්දයි.

ඇයව සිය අනුගාමිකයා කරගන්නා ලෙස යොන් රොග්ට අණකරන සුප්‍රීම් ඉන්ටෙලිජන්ස්, ඇයව ක්‍රී-මානව දෙමුහුම් ජීවියෙකු බවට පත්කිරීම සඳහා යොන් රොග් ගේ රුධිරය ඇයට එන්නත් කරයි. රොන් යොග් යටතේ සටන් පුහුණුවන වන ඇය ස්ටාර්ෆෝස් විශේෂ බළකායට අනුයුක්ත වන අතර පෘථිවියේ සිය ජීවිතය පිලිබඳව සියල්ල අමතකව සිටින ඇය, "වර්ස්"යන නම භාවිතා කරයි.

වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් යලි පෘථිවියට පැමිණීම

ටෝෆා නම් ග්‍රහලෝකයේ ඇති ස්ක්‍රල් ජනාවාස ගැන ඔත්තු බැලීමට ගිය සෝ-ලාර් නම් ඔත්තුකරුවා බේරාගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. රොනන්ගේ ඇකියුසර් බළ ඇණියේ ප්‍රහාරක යානා එම ග්‍රහලෝකයට පහර දෙන අතර, ස්ටාර්ෆෝස් විශේෂ බළකාය සෝ-ලාර් ගලවාගෙන ආපසු පැණගැනීමට සැලසුම් කරනවා. මෙහෙයුමට යොන් රොග් නායකත්වය දුන් අතර වර්ස් (කැරොල් ඩැන්වර්ස්) හා මින්-අර්වා නැමති වෙඩික්කාරිය ඇතුලු පිරිසක් සහභාගි වෙනවා.

මෙය ස්ක්‍රල් වරුන් විසින් වර්ස් ග්‍රහණයට ගෙන ඇයගේ මනස පිරික්සීම සඳහා ඇටවූ උගුලක් වන අතර එහිදී C-53 ග්‍රහලෝකය ගැන ස්ක්‍රල් ජෙනරාල්වරයෙකු වන ටේලෝස් දැනගන්නවා. ස්ක්‍රල්වරුන්ගේ ග්‍රහණයෙන් මිදී වර්ස් පලායන අතර ටේලෝස් C-53 හෙවත් පෘථිවියට මා-වෙල් හා ඇයගේ ලයිට් එන්ජීන් තාක්ෂණය සොයාගෙන පැමිණෙනවා. වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් යලි පෘථිවියට පැමිණෙන්නේත්, නික් ෆියුරි හා ෂීල්ඩ් ඔත්තුසේවාව හා එක්වන්නේත් මේ ගමනේදීයි.

තම නියම අතීතය ක්‍රමයෙන් සිහිපත්කරගන්නා වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් ස්ක්‍රල් වරුන්ට ක්‍රී ග්‍රහණයෙන් මිදී පලායන්නට ඉඩසළසනවා. රොන් යොග් හා ඇතිවන අවසන් සටනේදී ඇය ඔහුව පරදවා ආපසු හාලා ග්‍රහලෝකයට යවන්නේ සුප්‍රීම් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධි පාලකයාට හා රොනන්ට දීමට පණිවුඩයක්ද සමගයි.









__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

EDUCATION : පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි! හොඳ ඉස්කෝලෙකට යන්නේ කොහොමද ඉතින්?

$
0
0


ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මේ ලියන මමත් පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්ද විද්‍යාලයට ඇතුලත් වෙන්න වරම් ලබපු කෙනෙක්. ආනන්දයට ඇතුලුවීමෙන් මට ලැබුණු දේවල් කොතරම්ද කියලා තක්සේරු කරන්න බෑ. අදටත් මම ආනන්දීයෙක් බව ආඩම්බරයෙන් කියනවා.

ඒත්; ඇත්තටම ශිෂ්‍යත්ව විභාගය ළමා මනසට හොඳද කියලා හිතන්න ඕනෑ.

මම දන්න විධියට ශිෂ්‍යත්ව විභාගය මුලින්ම බිහිකරලා තියෙන්නේ දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාරයක් ලබාදීලා ඒ දරුවන් පාසැල් හැරයාම වලක්වන උපක්‍රමයක් විධියට. පස්සේ මේ විභාගේ හොඳ දක්ෂ දරුවන්ට අගනුවර හරි තමුන්ගේ පලාතේ හරි හොඳ පහසුකම් හා ගුරුවරු ඉන්න පාසැලකට යන්නට අවස්ථාව සලස්වන ක්‍රමයක් බවට පරිවර්තනය වුනා. ඒ ඒකේ කිසිම වැරැද්දක් නෑ.

ඒත් වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගය විසින් දරුවන්ගේ ජීවිත වලට පුංචි වයසේම ඇති කරන පීඩනය කොතරම් දරුණුද කියන එක වැඩි හිටියන්ට තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන්.

තුන වසරේ ඉඳලම ශිෂ්‍යත්ව පංති - සමහර පංති ඔන්ලි ෆෝ බ්‍රයිට් චිල්ඩ්‍රන්

ශිෂ්‍යත්වය කියන්නේ මහා වාණිජ ව්‍යාපාරයක්. තුන වසරේ ඉඳලම දරුවන්ව ශිෂ්‍යත්ව පන්ති යවනවා. සෙනසුරාදා, ඉරිදා, පාසැල් නිවාඩුකාළවල මේ පංති නොකඩවා පැවැත්වෙනවා. දරුවන්ට නිවාඩුවක්, සෙල්ලම් කරන්න කාළයක් මේ පංති මාස්ටර්ලා දෙන්නේ නෑ.

සමහර ශිෂ්‍යත්ව පන්තිවලට ළමයි ගන්නේ ඉස්කෝලේ ළකුණු බළලා. ඒ කියන්නේ ඒවා ඔන්ලි ෆො බ්‍රයිට් චිල්ඩ්‍රන්. "වැඩ බැරි"ළමයින්ව ඒ පංතියකට බඳව ගන්න මේ ටියුෂන් ඔස්තාර්ලා කැමතිනෑ. ඒ, දුර්වල ළමයි ෆේල් වුනොත් එයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකට හොඳ නෑ. ඒ විතරක් නෙමෙයි දුර්වල ළමයි ඒ පන්තිවලට ගන්නවාට බ්‍රයිට් ළමයින්ගේ අම්මලාත් විරුද්ධයිලු. මොකද දන්නවද? දුර්වල ළමයින්ට උගන්වන්න කාළේ ගතකරන කොට එයාලගේ දක්ෂ ළමයින්ට වේගෙන් ඉස්සරහට යන්න බැරිවෙන නිසා.

ඉතින් ශිෂ්‍යත්වෙට අවුරුදු දෙකකටත් ඉස්සෙල්ලා ළමයින්ව බෙදලා අදක්ෂ කියලා වැඩි කොටසකට හොඳ ශිෂ්‍යත්ව පන්තිවලත් දොර වැහෙනවා.

ඉස්කෝලවලත් දක්ෂ ළමයි වෙනම අරගෙන උගන්වනවා. අනෙක් ළමයි - ඒ කියන්නේ මෝඩ ළමයි - පැත්තක කාලේ කනවා. මේවා ඇත්තටම වෙනවා. හැබැයි කවුරුවත් කතා කරන්නේ නෑ.

ඒවගේ දරුවන්ගේ මානසික මට්ටම මොනතරම් වැටෙනවද? මම මෝඩයි, මට වැඩ බෑ කියලා ඔයවගේ පුංචි හිතකට කා වැදුනම, ඒ දරුවාගේ ඉරණම මොකක්ද?

ක්ලාස් ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තියට නොගියොත් ළමයා ඉවරයි

ශිෂ්‍යත්ව පොල් වත්තේ පොල් කඩන අය අතර ඉස්කෝලේ පහේ පන්තියේ ක්ලාස් ටීචර්ලත් ඉන්නවා. එයාගේ පන්තියට නොයන ලමයි ..... උන් ළමයි නෙමෙයි

දරුවන්ට ඉතාම දුෂ්ඨ විධියට සළකන මිනිස්සු අතර ඉදිරියෙන්ම ඉන්නේ පොඩි පන්තිවල පන්තිභාර ගුරුවරියන්. එයලා තමයි ළමා පරපුර වැඩියෙන්ම වනසන්නේ. 

තෑගි බෝග උස්සගෙන එන දෙමව්පියන්ගේ දරුවන්ට, එයාගෙ ටියුෂන් එකට එන දරුවන්ට වී.අයි.පී ට්‍රීට්මන්ට් හා හොඳම ළකුණු ලැබෙනවා. අනිත් ළමයි ළමයි නෙමෙයි. 

--- මේ කියන්නේ දුවලා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්, පෞද්ගලික අත්දැකීම් වලින් කියන එක  මතක් කරන්න ඕනෑ ---

කොහොම හරි ශිෂ්‍යත්වය ගොඩදාගන්න දරුවන් මරවන මැරවිල්ල හොඳද?

ගොඩක් ළමයි එක ශිෂ්‍යත්ව පන්තියකට විතරක් ගිහිල්ලා නවතින්නේ නෑ. පන්ති දෙක තුනකට යනවා. එකක් ඉස්කෝලේ ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තිය. අනෙක් පන්තිය ලෝක පූජිත ශිෂ්‍යත්ව ඔස්තාර්ගේ පන්තිය. ඊට පස්සේ ටයිම් කරලා පේපර් කරවන විභාග පුහුණු පන්තිය.

මේ විධියට අවුරුදු තුනක් විතර රෑ දවල් නොබලා පන්ති යවලා යවලා යවලා වනපොත් කරලා තමයි ළමයින්ව විභාගෙට වාඩිකරවන්නේ.

මේ වැඩි නරක බව දෙමව්පියන් නොදන්නවා නෙමෙයි. ඒත් විභාගෙ තියෙන නිසා, පාස්කරවගන්න වෙන්න ඕනෑ නිසා දැන දැන මරවනවා.

ශිෂ්‍යත්වේ පාස් වුනා කියමු. ලොකු ඉස්කෝලෙකට ගියා කියමු. අවුරුද්දක් විතර අම්මලා ආඩම්බරෙන් පාරම් බෑවා කියමු....ඊට පස්සේ?

ඊට පස්සේවත් ඒ දරුවන්ට සැනසිල්ලක් තියෙනවද? නෑනේ.

ලොකු ඉස්කෝලේ ඉන්නේ ඔක්කොම දක්ෂයෝ. දැන් එයාලා එක්ක ඔට්ටුවෙලා පන්තියේ පලවැනි පස්දෙනා අතරට එන්න දරුවන්ව ආයෙත් මරවන්නේ නැද්ද? ටියුෂන් යවන්නේ නැද්ද?

හයේ පන්තියේ ඉඳන්ම වැඩ හයටම ටියුෂන් යන, ඊටත් පස්සේ ස්විමින්, මියුසික් ක්ලාස්, ක්‍රිකට් ඇකඩමි, ඉලොකියුෂන් දක්කන, ඉරිදටත් නිදහසේ ගෙදර ඉන්න නැතුව දහම්පාසැල් දක්කන ළමා වහල්ලු නේද දැන් ඉන්නේ?

ඉතින් ශිෂ්‍යත්වය ඇත්තටම හොඳද? ආනන්දේ, රෝයල් එකේ, විසාකා එකේ ගුරුවරුන්ගෙන් අහලා බලන්න එයාලාගේ ඉස්කෝලවල පිරිලා ඉන්නේ ඇත්තටම දක්ෂ ළමයින්ද කියල?

ශිෂ්‍යත්වෙන් ඇත්තටම දක්ෂ ළමයි තේරෙනවා නම් ඇයි ආනන්දේ, නාලන්දේ, විසාකාවේ, දේවිබාළිකාවේ දරුවෝ ඉස්කෝලෙන් පස්සේ ටියුෂන් කඩවල රස්තියාදු වෙන්නේ?

ඇත්තටම අහලා බලන්න...උත්තරේ පුදුම හිතෙයි. වැඩියෙන්ම ඉන්නේ වැඩ නමයටම ටියුෂන් යන, පොත් කටපාඩම් කරලා ලකුණු ගන්න ළමයි. 

හිතන්න පුලුවන් ළමයි නෙමෙයි.




__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

SOCIETY / CULTURE : දෙමව්පියන් කෙයා සෙන්ටර් එකක දමා අවුරුදු නිවාඩුව සැමරීම වැරදිද?

$
0
0
මේ ස්ක්‍රීන් ෂොට් එක මගේ ට්විටර් ධාරාවෙන් ගත්ත එකක්. මහළු දෙමව්පියන් දින කිහිපයකට රැකබලා ගන්න සුරැකුම් මධ්‍යස්ථානයක් පත්තරේක ලුහුඬු දැන්වීම් තීරයේ දාපු දැන්වීමකට දැඩි කෝපයටත්, කම්පාවටත් පත්වුනු සිංහලේ පොරක් දාපු කොමෙන්ටුවක් එක්කම මේක ට්වීට් කරලා තියෙන්නේ මුන්සා මුස්ටාක් නමින් පෙනීසිටින මාධ්‍යවේදිනියක් (ඇයගේ ට්විටර් හැඬලයේ විධියට).

මුන්සා මුස්ටාක් මහත්මිය මම පෞද්ගලිකව දන්නේ නැතත් ඇයව ට්විටර් අවකාශයේදී හඳුනාගන්නේ මෛත්‍රීපාල මැතිතුමාගේ රනිල් අගමැති ගෙදරයැවීමේ මෙහෙයුමේදී. 

මේ මෙහෙයුමේදී ඇය දැඩිලෙස මෛත්‍රී විරෝධී පාර්ශවයට සහය දැක්වූවා. ඇයගේම වචනවලින් කියනවානම් ඇය සටන් වැදුනේ රනිල් වෙනුවෙන් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමට හා රාජපක්ෂ පාලනය යලිත් කරලියට ඒම වැලැක්වීමට. ඒ අනුව ඇය මිනිස් නිදහස අගයන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, යුක්තිය අගයන, කාන්තා අයිතීන් සුරැකීමට කැපවෙන තැනැත්තියක් ලෙස පෙනී සිටියා.

එවන් අදහස් දරන ඇය, යුරෝපයේ ජීවත්ව සිටින බව/සිටි බව ට්විටර් හරහා ඇඟවූ ඇය, ලුහුඬු දැන්වීමක් දැක "Enjoy the holidays by dumping your aged parents at an elders home? Wow!" යනුවෙන් පැවසීම මට පෙනෙන්නේ මහා ආත්ම වංචාවක් ලෙසයි. 

ඒත් මේ ලිපිය ලියන්නේ මුන්සා මුස්ටාක් විවේචනය කිරීමට නොව ආත්ම වංචනික ශ්‍රී ලාංකේය සමාජයේ පටු, පසුගාමී අදහස් විවේචනය කිරීමටයි. 

අවාසනාව වන්නේ උගත්, ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී, මිනිස් නිදහස අගයන ලේඛිකාවක හා මාධ්‍යවේදිනියක් වන මුන්සා, මෙවැනි අවස්ථාවලදී, බොරු සිංහලේ මානසිකත්වයෙන් සිටින, පසුගාමීන් සමග සිටගැනීමයි.

යකෝ මේක මොන රටක්ද? මහළු අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසයක දාලා ට්‍රැවලිං ටු නුවරඑලිය මොන පාපයක්ද?

මහලු දෙමව්පියන් රැකබලා ගැනීම දරුවන්ගේ යුතුකමක් බව ලංකාවේ නීති සංග්‍රහයේ පවා තියෙනවා. මහළු මවක්, පියෙක් තමන්ට දරුවන් නොසලකන බව පොලීසියට පැමිණිලි කලවිට එම දරුවන්ට නඩු පැවරීමට පවා පොලීසියට පුලුවන්.

ඒත්;

එහෙමයි කියලා මහළු දෙමව්පියන් ඉන්න දරුවන්ට නිවාඩුවක් ගතකරන්න, විනෝද ගමනක් යන්න, ටිකක් විවේකයෙන් ඉන්න බෑ කියලා නීතියක්, රීතියක් හෝ සම්මතයක් තියෙනවද?

දෙමව්පියන් මහලුවුනාම ඔවුන්ට දුරගමන් යන්න, ඇවිදින්න, වෙහෙස වෙන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. 

ඒ වගේම වෙලාවට බේත් ටික ගන්න, වෙලාවට නිදාගන්න ඕනෑ බවත්, සීතල වැඩි වුනත්, රස්නෙ වැඩිවුනත්, කෑම බීම වෙනස්වුනත්, නිදාගන්න ඇඳ, කොට්ටය මෙට්ටය පවා  වෙනස්වුනත් ඔවුන් ඉක්මණින් වෙහෙසට පත්වෙන බව, අසනීප වෙන බව කියන්න ඕනෑ දෙයක්ද?

එතකොට දෙමවිපියන් බලා ගැනීමේ වගකීම තියෙන දරුවන්ට, තමුන්ගේ දරුමල්ලන් එක්ක, දින දෙකතුනක විනෝද ගමනක් යන එක, හැමදෑම කරන කරවැන්නෙන් ටිකක් මිදිලා නිදහසේ ඉන්න අයිතියක් අවසරයක් නැද්ද?

එහෙම කරන්න දෙමව්පියන් මැරෙනකන් බලා ඉන්න ඕනෑද?

"මුන් මැරිලා යන්නෙත් නෑනෙ...."කියලා සැමියාට, බිරිඳට හිතෙන විධියට මහා කරුමයක් බවට මහලු දෙමව්පියන් පත්වෙන්න ඕනෑද?

ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම දෙම්ව්පියන් රැකබලාගැනීමේ වගකීම වැටෙන්නේ බිරිඳට නේද? 

තමන්ගේ සැමියාට සැලකීම, ලිංගිකව සතුටුකිරීම, දරුවන් වදා බලාගැනීම, ඉවීම පිහීම ගේදොර ලස්සනට තියාගැනීම, දරුවන්ට ඉගැන්වීම, හා ගෙදර ආර්ථිකයට දායක වෙන්න රස්සාවක් කරනගමන් සැමියාගේ මහළු අම්මා තාත්තා බබාලා වගේ බලාගන්න එක පැවරෙන්නේත් බිරිඳට නේද?

අවුරුද්දකට දවස් දෙකතුනක් වත් මේ බරින් නිදහස් වෙලා, සැමියා හා දරුවන් එක්ක සතුටින් කොහේ හරි යන්න ඇයට අවසර නැද්ද? 

ඇය කිසිම සතුටක් නැති, නමට සහකාරිය - හැබෑවට මෙහෙකාරිය ලෙස ජීවිතය ගෙවිය යුතුද?

එහෙම ආසවක් තියෙන මිනිස්සු / ගෑනු / බිරින්දෑවරු දෙමව්පියන්ට සලකන්න නොදන්න අමනුස්සයින් විධියට හංවඩු ගහන්න ලංකා සමාජයේ ඇතැම් පිරිස් පෙළඹෙන්නේ ඇයි?

උගත්, ලෝකය දැකපු, යුරෝපයේ ජීවත්වුනු මුන්සා මුස්ටාක් වැනි කාන්තාවන් පවා මේ මුග්ධ, ආත්මාර්ථකාමි, හනමිටි අදහස් දරන්නන් සමග එකට සිටගන්නේ ඇයි?

වෙනත් රටවල්වල;

** පැය කිහිපයකට කුඩා දරුවන් බලා කියාගෙන, දෙමව්පියන්ට හවස චිත්‍රපටියක් බලන්න යන්න, උත්සවයකට, සැමරීමකට, නයිට් ක්ලබ් එකක ටිකක් විනෝදවන්නට යන්නට අවස්ථාව සලසන "Babysitter / Au-pair"සේවාවන් තියෙනවා. 

බේබිසිටර් කෙනෙකුට දරුවා දීලා, ටිකක් විනෝද වෙන්න අවන්හලකට, නයිට් ක්ලබ් එකකට යන අම්මා නරුම ගෑණියෙක් කියා ඒ රටවල මිනිස්සු හිතන්නේ නෑ. 

මෙහෙ එහෙම දෙයක් ආරංචිවුනොත් ඒ ගෑණුකෙනාව පත්තරකාරයෝ, ටීවී කාරයෝ, බුකි වීරයෝ එකතුවෙලා බේබදු වෙසඟනක් කරලා ඉවරයි. ඒ ගෑණිගේ මිනිහා කොන්ද පණනැති, ගෑණිව හදාගන්න බැරි පොන්නයෙක් කරලත් ඉවරයි.

** නිවාඩුවට ඇවිදින්න යන්න, පිටරටකට සංචාරයකට යන්න ඉඩසලසමින් මහලු දෙමව්පියන්ව බලාගන්න සුරැකුම් මධ්‍යස්ථාන තියෙනවා. ඒවා හොඳින් නියාමනය වෙනවා. 

එවැනි තැනක සතියක් දෙකක් දෙමව්පියන්ව නවත්තලා නිවාඩුවකට යන දරුවන් නරුම දරුවන් නෙමෙයි. 

සුද්දෝ සුද්දියෝ තමන්ගේ දෙමව්පියන්ට ආදරේ නෑ, බලාගන්නේ නෑ කියලා හිතන්න එපා. උනුත් අම්මලාට තාත්තලාට ආදරෙයි ඒවගේම ජීවිතේ විඳින්නත් ආසයි. 

ලංකාව යනු නොදියුණු, පසුගාමී, පටු අදහස් ඇති මුග්ධයින්ගේ රටක් කියන්නේ මෙන්න මේ නිසයි.

අපේ පසුගාමී අදහස්, මතිමතාන්තර තව ටිකක් මතක් කරගනිමු.

1] ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබා උසස්පෙල විෂයකින් වැඩිම ලකුණු ගත් දරුවා හා ඇයගේ පාසැල විවේචනය කරමින් ඇයගේ විශ්ෂ්ඨත්වය හෑල්ලුකල දේශපාලුවෙක් සිටින රට - ඊලඟ චන්දෙදිත් ඌට චන්දෙ දෙන මිනිස්සු ඉන්න රට

2] ජාත්‍යන්තර පාසැල්වල දරුවන් ජාතික උසස්පෙල විභාගයට පාසැලේ නමින් නොව පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පමණක් පෙනීසිටිය යුතුබවට අලුත් නීතියක් ගෙනා නීච, නිවට අධ්‍යාපන බලධාරීන් සිටින රට

3] කැඩිලා හදාගන්න බැරිවුනු කෝච්චිය හදලාදීපු ප්‍රයිවෙට් කැම්පස් කොල්ලා ගැන මීඩියාවල යනකොට, ඌ වීරයෙක් වෙනකොට දරාගන්න බැරිවුනු රේල්ලු බොස්ලා, තමුන්ගේ නිරුවත් වහගන්න හිතලා කොල්ලා අයිති නැති දෙයක් කලා, ඌට නඩුදානවා කියලා වොයිස්කට් දුන්න රටක් මේක. 

වෙන රටකනම් කොල්ලට ශිෂ්‍යත්වයකුත් දීලා, ඉගෙනීමෙන් පස්සේ හොඳ පඩියකට ඉන්ජිනේරු රස්සාවකුත් පොරොන්දුවෙලා ඉවරයි.

4] පුංචි පංතිවලදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම නොකලයුතුයයි ප්‍රසිද්ධියේ කියූ - බ්‍රීතාන්‍ය පාස්පෝට් එකකට හිමිකම් කියූ රතන හිමි සිටින රට - හා ආයෙත් එයාට චන්දෙ දෙන මිනිස්සු ඉන්න රට. 

5] ඒවගේම ආසියාවේ රිදීසීනුව යයි විරුදාවලිය ලැබූ, චතුර සිංහල කථික බංඩාරනායක මහතා පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසියෙන්ම කතාකල බව අමතක කරන මිනිස්සු ඉන්න රට

6] තමන්ගේ පුතා රෝයල් හා දුව විසාකා දමාගත්පසු ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන ගන්න දරුවන්ට ජාතියක් ජම්මයක් නැති, අක්මුල් නැති දරුවන් බව ප්‍රසිද්දියේ කියූ, විසාකා හා රෝයල් ලැබෙන්නට පෙර හොඳම ඉන්ටර්නැෂනල් එකකට දරු දෙන්නා යැවූ  විරවංශ වීරයෙකු වී ඇති රට.

7] දුවලා, පුතාලා, අක්කලා ප්‍රයිවෙට් කැම්පස්, ෆොරින් කැම්පස් වලට යවන අතරේ පුද්ගලික විශ්වවිද්‍යාල වසාදමව් කියමින් රජයේ විශ්වවිද්‍යාලවල දරුවන් පාරේ දක්කවන, නිදහස් අධ්‍යාපනය සුරකින්නට වලිකන දේශප්‍රේමී හොරුන් සිටින රට

8] වතුර බීපු ප්ලාස්ටික් බෝතලේ තැන නොතැන නොබලා වීසිකරන,  කුණු බක්කිය පෙනි පෙනී කුණු බිමදාලා යන, ට්‍රිපක් යන බස් එක නවත්තපු ගමන්, ආයෙත් සතෙකුට වත් එතැන ඉන්නට බැරිවෙන්නට වනසා දමා යන ගමන් විල්පත්තු බේරාගැනීමේ මිෂන් එකට බුකිය හරහා සෙට් වෙන  පරිසර හිතකාමී ජනයා වෙසෙන රට

9] මූදු වෙරලේ, ගං ඉවුරේ සුව විඳිමින් අරක්කු, බියර් බීලා, බෝතලෙත් බිඳලා, වීදුරුකටු එතනම දමා යන වානර මිනිසුන් සිටින රට





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HISTORY : විශ්මිත ලෙස මහා ගින්නක පූර්ණ විනාශයෙන් ගැලවුනු නෝට්‍රේඩේම් හෙවත් අපගේ මව්තුමියගේ දේවස්ථානය

$
0
0
ගින්නෙන් පසු පලමු ගුවන් දර්ශන
නෝට්‍රඩේම් යනු ප්‍රංශ භාශාවෙන් අවර් ලේඩි එනම් අපගේ මව්තුමියයි. පැරීසියේ සුප්‍රකටම ස්මාරකයක් වන මෙය වසර 800කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ලෝක උරුම ස්මාරකයක් මෙන්ම කතෝලික ප්‍රංශ ජනයාගේ හදවත වන් වටිනා සිද්ධස්ථානයක්.

Cathédrale Notre-Dame de Paris යන නිළ නාමයෙන් හඳුන්වන නෝට්‍රඩේම් බැසිලිකාව පිහිටි ස්ථානය ප්‍රංශයේ කතෝලික දහම ව්‍යප්තවීමටත් පෙර ගැලෝ-රෝමන් එනම් ප්‍රංශ-රෝමන් අධිරාජ්‍යය කාලයේදී දේවස්ථානයක් පිහිටා තිබූ පූජනීය ස්ථානයක්. 

රෝමන්වරුන් ඇදහූ ජුපිටර් හෙවත් බ්‍රහස්පතී දෙවියන් වෙනුවෙන් කැපකල දේවස්ථානයක නටඹුන් 1710දී මේ ස්ථානයෙන් සොයාගත් බව වාර්තාවෙනවා. ඉන් පසුකාලයේ කිතුදහම ප්‍රංශයේ පැතිරීමත් සමග මෙතැන ශාන්ත ස්ටීවන් සාන්තුවරයා වෙනුවෙන් කැපකල දේවස්ථානයක් ගොඩනගා තිබෙනවා. 

අද අප දකින නෝට්‍රඩේම් දේවස්ථාන සංකීර්ණය ගොඩනැගීම ඇරඹුනේ 1163දී පැරීසියේ බිශොප්තුමා වූ මොරීස් ද සලී පියතුමාගේ මූලිකත්වයෙන්. ප්‍රංශ ගොතික් ගෘහනිර්මාණ ශෛලියෙන් නිර්මාණය වූ මෙහි පාදම 1163දී තැම්පත්වුනු අතර 1345දී ගොඩනගා අවසන් කලා.

ජෝන් දි සේන්ට්-වික්ටර් ( Jean de Saint-Victor) නම් වංශකතාකරුවා සිය Memorial Historiarum වංශකතාවේ සටහන් කරන පරිද්දෙන් නෝට්‍රෙඩේම් දේවස්ථානයේ වැඩකටයුතු 1163 මාර්තු 24 - අප්‍රේල් 25 අතර කාලයේ ආරම්භවුන අතර වසර 182ක දිර්ඝ කාළයක් පුරා අදියරයන් ගණනාවකින් කඩින් කඩ ඉදිකිරීම් සිදුවුනා.

නෝට්‍රෙඩේම් දේවස්ථානයට පලමු අපල කාලය ලැබුවේ 1793 ප්‍රංශ විප්ලව සමයේදීයි. ප්‍රංශ විප්ලවකරුවන් නෝට්‍රේඩේම් දේවස්ථානය ප්‍රංශ රජපෙලපතේ සංකේතයක් ලෙස සළකා එය කතෝලික පල්ලියේ පාලනයෙන් උදුරාගත්තා. මේ කාළය තුල මෙහි තිබූ පුරාවස්තු ගණනාවක් විනාශකල අතර එය කලක් ගබඩාවක් ලෙසත් භාවිතාකොට තිබෙනවා.

1801දී ප්‍රංශයේ අලුත් රජු නැපෝලියන් බොනපාර්ට් මෙය යලිත් කතෝලික පල්ලියට ලබාදුන් අතර 1804දී නැපෝලියන් බොනපාර්ට් හා ඔහුගේ පලමු රැජිනවූ ජොසෆීන් නෝට්‍රේඩෑම් දේවස්ථානය තුලදී ප්‍රංශයේ අධිරාජ්‍යයා හා රැජිණ ලෙස අභිශේක ලැබුවේ 7වැනි පියස් පාප්වහන්සේගේ ආශීර්වාදය ලබමිනුයි. 1810දී පුතෙකු ලැබීමට අපොහොසත්වීම නිසා නැපෝලියන් ජොසෆීන්ගෙන් දික්කසාදවූ අතර ඔහුගේ අතගත් අලුත් රැජිණවූ ඔස්ට්‍රියාවේ මේරි-ලුවී අතර විවාහය සිදුවුනේත් නොට්‍රෙඩේම් දේවස්ථානයේදීමයි.

1844දී ලුවී ෆිලිප් රජු නොට්‍රේඩෑම් දේවස්ථානය නවීකරණය හා විශාල කිරීම සඳහා ජෝන් බැප්ටිස්ට් ඇන්ටොයින් ලෑසස් හා යුජීන් වොලේ-ඩි-ලක් යන ගෘහනිර්මාණශිල්පීන් දෙදෙනා තෝරාගත් අතර ඔවුන් වසර 25ක් පුරාවටම මේ දේවස්ථානය නවීකරණය කිරීම හා විශාලකරමින් පැරණි ආකෘති අනුව නවාංග එකතුකලා.

2019 වන විට 1844දී ලුවී රජුගේ අනුග්‍රහයෙන් උස්කොට ඉදිකරණ ලද කුළුණ (spire) අලුත්වැඩියා කිරීමේ මෙහෙයුමක් ඇරබී තිබූ අතර ගින්න හටගෙන ඇත්තේ මේ අලුත්වැඩියාවන් සඳහා ඉදිකරතිබූ යකඩ පලංචි ආශ්‍රිතකරගෙන බවයි දැන් වාර්තා වෙන්නේ.














__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

NATIONAL DEVELOPMENT : නැකතට වැඩකරන අපි නොදියුණු, නැකැත් නොබලන රටවල් දියුණු ඇයි?

$
0
0

බුකියේ පොඩි පෙරලිකාරයෙක් අහපු වටින ප්‍රශ්ණයක් නිසා මේක ලියන්න හිතුනා. 

ඇත්තටම රටක් විධියට අපි දුප්පත් ඇයි? ඉන්දියාව, පාකිස්තානය, අප්‍රිකාවේ බොහෝ රටවල්, නැගෙනහිර ආසියාවේ ඉන්දුනීසියාව, පිලිපීනය, බුරුමය, ලාඕස්, කැම්බෝඩියාවේ වගේ සමහර රටවල් දුප්පත් ඇයි?

සුද්දන්ගේ රටවල් පෝසත් ඇයි?

සුද්දෝ පෝසත් ඇයි කියලා අහනකොට වැඩිදෙනෙක්ගේ උත්තරය වෙන්නේ; "සුද්දෝ අපේ රටවල් ආක්‍රමණය කරලා, අපේ වස්තුව කොල්ලකාගෙන ගියා, ඒකයි උන් පෝසත්...අපි දුප්පත්"ඒත් ඇත්ත මේකද?

එහෙනම් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෝර්වේ, ස්වීඩන්, පින්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය පෝසත් වුනේ කොහොමද? 

එන්ගලන්තේ තරම් ලොකු යටත් විජිත කවදාක්වත් නොතිබුණු ජර්මනිය දෙපාරක්ම ලෝකෙත් එක්කම යුද්ධ කරන්න තරම් ධනය, තාක්ෂණය, යුධ ශක්තිය ඇතිකරගත්තේ කාව කොල්ලකාලාද?

වසර 250 තිස්සේම ලෝකයෙන් වෙන්වී සාම්ප්‍රදායික, ෂෝගන් රණකාමීන් පාළනය කල, සංවෘත, පසුගාමී රටක් වුනු ජපානය, 1854දී බලෙන්ම ලෝකයට විවරකලේ ඇමරිකානු නාවික කොමදෝරු මැතිව් පෙරී ගේ නෞකා බළඇණියයි. ඇමරිකන් බළපුලුවන්කාරකම් හමුවේ නිවටව පසුබෑ ජපනා, යලිත් කිසිදා එවන් ජාතික අවමානයකට බඳුන් නොවීමට අධිෂ්ඨානකරගත්තා. මේයිජි අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් නිර්මාණයකල මෙයිජි ව්‍යවස්ථාවට අනුව නූතන රාජ්‍යයක් ගොඩනැගීමේ වෑයම ඇරඹුනේ 1868දීයි. හැකිතාක් ඉක්මණින් කාර්මිකකරණයවී, බටහිර ජාතීන්හා සමානවීමට ජපනා මහා විශාල ජාතික ව්‍යායාමයක් ඇරඹුවේ ඉන් පසුවයි. ජපානය යටත්විජිත අල්ලගන්න පෙලඹුනේ කාර්මිකරණයවී යුධ ශක්තියෙන් අනූනවූ පසුවයි.

එහෙනම් ජපනා පෝසත්වුනේ, දියුණුවුනේ අනුන්ගේ රටවල් කොල්ලකාලා නෙමෙයි. ස්වශක්තියෙන්.

සුද්දා කොල්ලකාපු නිසා අපි දුප්පත් කියන කතාව ආතල් වුනත්, ශෝක් වුනත් ඇත්තක් නොවෙයි.

ලංකාව වගේම ඝර්මකළාපයේ බොහෝ රටවල් දුප්පත්. මේකට හේතු ඩිවලොප්මන්ට් ඉකොනොමික්ස් වන උගන්වනවා.

සාරාංශලෙස මේ හේතු;

1] 365 දවසේම ඇති දැඩි හිරු රෂ්මිය නිසා එලිමහනේ දිර්ඝකාළයක් වැඩ කිරීම අපහසුවීම. උෂ්ණාධික පරිසරයක තුන්සිය හැටපස් දවසේම ජීවත්වීම පීඩාකාරී වෙහෙසකර අප්‍රසන්න දිවියක් වීම. ඒවගේම අධික වර්ශාව හා අධික පෑවිල්ල යන කාළගුණ විපර්යාසවලට සෞම්‍යකලාපීය රටවල්වලට වඩා වැඩියෙන් බඳුන්වීම හා ඉන් ඇතිවල වගා විනාශයන් සෞම්‍යකලාපීය රටවලට වඩා දැඩිවීම.

2] මැලේරියාව, බරවා, ඉබෝලා, ඩෙංගු, පාචනය, අතීසාරය, කහ-උණ, නයිල් වෛරසය වැනි බෝවෙන රෝග සෞම්‍ය කළාපීය රටවලට වඩා ඝර්මකලාපයේ රටවල ඉතා වැඩිවීම. වසර පුරාම පවතින උෂ්ණ-තෙත් කාළගුණය මෙයට වැඩියෙන්ම හේතුවෙනවා. මේ නිසා මෑතක් වනතුරුම ඝර්මකළාපීය ජනයාගෙන් වැඩි පිරිසක් වසරේ බොහෝ දින ගණනක් රෝගීව, ඔත්පලව ගතකිරීම සාමාන්‍ය දෙයක්වී තිබුණා.

3] ශීතකාලයක් නොමැති බැවින් හා ඕනෑම කාළයක යම් යම් බෝග මගින් කුසපුරාවගත හැකිවීම නිසා නිශ්විත කාළයක වැඩ අවසන් කොට අස්වනු ගෙට ගැනීම, සතුන්ට ආහාර ගබඩාකොට තබාගැනීම, ශීත කාලයේ මාස තුනහතරක් උණුසුම ගන්නට ගිණි උදුනට උවමනා දරකොට කපා ගෙට ගැනීම වැනිදෑ සිදුකිරීම හුරු නොවීම. 

අවුරුද්දේ ඕනෑම දවසක එලියට බැහැලා ටිකක් දුර ගියාම කන්නට ගෙඩියක් හොයාගන්නට පුලුවන් වීම නිසා අනාගතය ගැන එතරම් සිතීමට, සැලසුම් කිරීමට උවමනා නොවීම.

ඒත් බටහිර ශීත කාළයක් ඇති රටවල තත්වය එසේ නොවෙයි. මාර්තුවේ වසන්තයේ සිට ජූලියේ ග්‍රීස්ම සෘතුව ඉවරවෙනකම් තියෙන මාස 5ක 6ක කාලයේ අවුරුද්දේ ඉතුරු මාස හතරේ  කන්නට ඕනෑ කෑමබීම, සත්තුන්ට කන්න පිදුරුටික, මාස හතරක් පහක් නොකඩවා පත්තුවෙන්න ඕනෑ ගිණි උදුනට උවමනා දරකොට ටික, ශීතලෙන් රැකෙන්න ඕනෑ ඝණ ලොම් ඇඳුම් ටික, පොරෝන ටික සකසා ගත්තේ නැත්නම් ඒ පවුලට ශීත සෘතුවේ ජීවත් වෙන්න හැකිවෙන්නේ නෑ.

නූතන සුභසාධන සැලසුම් ස්ථාපනයවීමට පෙර අතීතයේ වසර දහස්ගණනක සිටම, ශීත රටවල ක්‍රියාශීලීනොවී අලසවන්නන්ට කුස ගින්නේ, ශීතලේ මියයාමට සිදුවීම නිසා පොදුවේ බොහෝ අලසයින් සමාජයෙන් ඉවත්වයාම (නැචුරල් සිලෙක්ෂන් න්‍යාය)

4] එලිමහනේ වැඩකල නොහැකි ශීතකාලය, නිවෙස තුල සිටිමින් යම් යම් ගෘහ කර්මාණ්ත, හස්තකර්මාන්ත, තාක්ෂණික නිර්මාණ සිදුකිරීම සඳහා මනස යොමුකල හැකි කාළයක් ලැබීම. සෞම්‍යකළාපීය රටවල නව නිර්මාපකයින්, ව්‍යවසායකයින් සිය සංකල්පයන් වැඩිදියුනු කරගන්නේ, ඒවා ගැන සිතමින් සැලසුම් කරන්නේ මාස 4ක් 5ක් පවතින ශීතකාලයේ නිවෙස්තුලටවී ගතකරමිනි.

ඝර්මකළාපීය රටවල ජනයාට මෙවැනි අවස්ථා ස්වභාවයෙන්ම හිඟවීම හා සෑම දිනකම ආහාර සපයාගැනීමට පමණක් වෙහෙසවීමට සිදුවීම. 

5] ධනවත්වීම, ලෞකික ජීවිතය සාර්ථකකරගෙන සැපවත් ජීවිත ගතකිරීම, සාධාරණව ව්‍යාපාර කිරීම වැනි ලෞකික ධර්මතා ප්‍රවර්ධනය කරන ක්‍රිස්තියානි ආභාශය බටහිර රටවල්වල ජනයා දියුණුවට යොමුකරවන්නට දායකවුනා. 

විශේෂයෙන් ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් හා රෙපරමාදු ක්‍රිස්තියානි නිකායන් මහන්සිවී වැඩකරමින්, ව්‍යාපාර දියුණුකර ගැනීම බොහෝ ඉහලින් සළකනවා.

බෞද්ධ ධර්මය ආදී ලෝකෝත්තර දියුණුව අගයකරන, සැපසම්පතින් යුතු ලෞකික ජීවිත ගැන වැරදි වැටහීමක් ඇතිකරන (බුදුන් වහන්සේ මෙසේ කියා නැතත්, බණ කියන හාමුදුරුවරු කියන්නේම මෙය නොවේද?) ආගමික ආභාශයන් ඝර්මකළාපයේ ඉන්දියාව, ලංකාව, හා ආසියාවේ පැරණි බෞද්ධ උරුමය ඇති රටවල් දියුණු නොවීමට තවත් හෙතුවක් වේ.

එමෙන්ම දැඩි කුළබේධයෙන් ජනයා පාගාගෙන,  කුලීන බමුණන් අතලොස්සක් සියල්ලන්ම යටපත්කරගෙන සිටින, හින්දු ආගමික ආභාශය බොහෝ ඉන්දියානුවන් දුප්පත් කිරීමට තවත් විශාල දායකත්වයක් දරනවා.

දෙවියන් සතුටුකිරීම උත්සව, යාගහෝම පැවැත්වීම, ජහ-ජරා ගංගා නදියේ බැසගෙන ලෙඩවී මියයාම හා එසේ සිදුනොවුනොත්  තමන්ගේ කුළයේ ආකාරයට වැටෙන දෙයක් කාගෙන දිවිගෙවීමට පෙළඹවීමට කුළවත් බමුණන් හැකි හැම දෙයක්ම කලා.

6] දුප්පත් ආසියාතික හා අප්‍රිකානු රටවල්වල දැඩි කුළබේධ, වර්ගබේධ හා ආගම් බේද මගින් ඇතිකරන පසුගාමිත්වය.

මේ බේධ නිසා අඩු කුළවල දක්ෂයන්ට, අන්‍යාගමික දක්ෂයින්ට ඉගැනීම, ව්‍යාපාරික කටයුතු, පරිපාලන තනතුරු බොහෝ ලෙස අහිමිවෙනවා.  එවැනි රටවල් සිය මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට අපොහොසත් වෙනවා. මානව සම්පත අපතේ යවන රටවල් දුප්පත් වෙනවා. 

මෙවැනි රටවල කපටි දේශපාලකයින්, මේ බේධ දඩමීමාකරගෙන බලය අල්ලාගෙන, ඒ බේද වපුරමින් හැමදා බලයේ සිටිනවා. 

රොඩේෂියාව හෙවත් සිම්බාබ්වේ කියන, අප්‍රිකාවේ කලක් පෝසත්ම රටවුනු, පුදුම විධියට ස්වභාවික සම්පත්වලින් පිරුණු, අප්‍රිකාවේ සාරවත්ම පසක් හිමි රට අද අන්ත දුප්පත් හිඟන රටක්වෙලා තියෙන්නේ එහෙමයි.

පකිස්තානය බැලුවත්, ඇෆ්ඝනිස්තානෙ බැලුවත්, සුඩානෙ, සෝමාලියාව බැලුවත් එහෙමයි. ආගම්බේධය, වර්ගබේධය, කුළබේධය මේ රටවල මහා පිළිකාවක් ලෙසින් රටවල් දුප්පත් කරනවා, යුද්ධ කළකෝලහාල ඇතිකරනවා, ශූර දේශපාලක කපටින්ට බලයට එන්නට, බලය අල්ලාගෙන රට සූරාකෑමට පාරකපනවා.

මහන්සිවී වැඩකරන, නොපසු බට උත්සායෙන් වැඩකරන ඕනෑම ජාතියක, ආගමක, කුළයක එකෙකුට දියුණු වෙන්නට, පෝසත් වෙන්නට ඉඩ ලැබෙන, උන්ගේ මහන්සියට, වීරියට ගරුකරන, තැන දෙන රටවල් ධනවත් වෙනවා, කාර්මිකකරණය වෙනවා, හැමෝගෙම ජීවන තත්වයන් ඉහල දමාගන්නවා.

බටහිර රටවල් පෝසත් වෙන්නත්, අපි දුප්පත් වෙන්නට අඩුවැඩිවශයෙන් මේ හේතු දායක වෙනවා.

ලංකාව පසුගාමී රටක් වෙලා තියෙන්නෙත් අඩුවැඩි වශයෙන් ඔය හේතුන් ඔක්කොම එකට එකතුවීම නිසයි. 

මහින්ද මහත්තයාගේ බිරිඳ කතෝලික බැතිමතියක් වීම, රනිල්ගේ පැටිකිරියේ ක්‍රිස්තියානි අක්මුල් තිබීම, මුස්ලිම් එවුන් බිස්නස්වලින් ඉහල යාම  Hemas, MAS, NoLimits, FashionBug වැනි දැවැන්ත ව්‍යාපාර ගොඩනගා ගැනීම, දෙමළ කොල්ලන් කෙල්ලන් සිංහල උන්ට වඩා හොඳින් ඉගෙනගැනීම දැඩි වේදනාවෙන් කළකිරීමෙන් සළකන; 

අපේ ජාතිය, අපේ ආගම සුපිරියි, අනික් උන් දෙන දෙයක් කාලා, වෙනදෙයක් බලාගෙන ඉන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්න  අපවැනි මෝඩයින් සිටින රටවල් දුප්පත් වෙනවා. 

හැම අවුරුද්දේම නැකතට කාලා වැඩ ඇල්ලුවත්, චාරිත්තරේට සරං ඇඳගෙන බුලත් හුරුලු අරගෙන නෑදෑගෙවල්වල ගියත්, හැම පෝයටම සිල් ගත්තත්, හැමදෑම බණ ඇහුවත් මේ මෝඩකම් අතහරිනකම් අපේ දුප්පත්කම අඩුවෙන්නේ නෑ.



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HISTORY : ජර්මනිය අදටත් හිට්ලර්ට ණයගැති ඇයි?

$
0
0
1938දී පලමු කාණ්ඩයේ වොක්ස්වගන් බීටල් රථයක් පරීක්ෂාකරන ඇඩෝල්ෆ් හිට්ලර් - ඔහුගේ වම්පසින් සිටින්නේ බීට්ල් නිර්මාණ කණ්ඩායමේ නායක ෆර්ඩිනන්ඩ් පෝෂ තාක්ෂණවේදියායි (පෝෂ සුපිරි කාර් සමාගමේ නිර්මාතෲ)

නූතන ජර්මානුවා ඇඩෝල්ෆ් හිට්ලර් ගැන කතාකිරීමට පවා අකමැතියි. හිට්ලර් ගැන නට්සීන් ගැන හොඳක් කීම, අගැයිම ජර්මනිය තුල හිරගත වීමට තරම් වරදක් වෙනවා. හිට්ලර්ගේ කෲර ප්‍රතිපත්ති නිසා මිලියන ගණනක් මිනිස් ජීවිත අහිමිවූ අතර ලක්ෂ ගණනක් වහල් කඳවුරුවල දිනකට පැය 12ක් පාන් පෙත්තකට වැඩ කරමින් මිය ගියා. තවත් දහස් ගණනක් ගෑස් කාමරවල මියගියා.

ඒත්, යුද්ධයේ මහා විනාශයෙන් දශක දෙකක් යනවිට ජර්මනිය යුරෝපයේ ප්‍රභලම ආර්ථිකය ගොඩනගා ගන්නා ගන්නට පාදම වැටුනේ කොහොමද?

එන්ගලන්තයේ වාහන කර්මාණ්තය කඩාවැටෙද්දී බෙන්ස්, බී.එම්.ඩබලිව්, වොක්ස්වගන්, අවුඩි, පෝෂ වාහන සමාගම් සිය වෙළඳපොල පංගුව සීග්‍රයෙන් වැඩිකරගනට පටගත්තේ කොහොමද?

එන්ගලන්තයේ ඉලෙක්ට්‍රොණික උපකරණ නිශ්පාදන සමාගම් දියවී යද්දී ජර්මනියේ සීමන්ස්, බොෂ් දිය්ණුවෙන් දියුණුවට පත්වුනේ කොහොමද?

අයි.ජී ෆාර්බෙන්, හෙන්කෙල්, තයිසන්-ක්‍රප්, BASF, බේයර්, බෙයර්ස්ඩෝර්ෆ්, මර්ක්, බොෂ්, සීමන්ස් වැනි කාර්මික සමාගම ලෝකයේ ලොකුම බහුජාතික සමාගම් බවට යලි පත්වුනේ කොහොමද?

මේ පස්චාත් යුධ කාර්මික විප්ලවයට අඩිතාලම දැම්මේ වෙන කවුරුන්වත් නොව ජර්මනිය විනාශකල ඇඩෝල්ෆ් හිට්ලර්මයි.

හිට්ලර් බලයටපත්වුනු 1930 දශකයේ ලොවපුරා මහා ආර්ථික අවපාතයක් හෙවත් Great Depression එකක් තිබුණු අවදියයි. පලමුවෙනි ලෝක යුද්දෙන් පැරදිලා, නන්නත්තාරවෙලා හිටපු ජර්මනියේ රැකියා විරහිතභාවය 30% පැනලා තිබුනේ. ඒවගේම අධි-උද්ධමනය නිසා ජර්මන් මාක් 1000කට පාන්ගෙඩියක් ගන්න බැරි කාලෙක හිට්ලර් බලවත් වුනා.

මේ කාලේ තිබුණු ජර්මන් ආණ්ඩු, ජනතාවට සහන සලසන්න කියලා බැංකු, නිෂ්පාදන කර්මාණ්ත, රේල්ලු, වරායවල් ආදී සියලු ආර්ථික මර්මස්ථාන ජනසතුකරලා, ඒවායේ ජවය නැතිකරලා තිබුණේ.

ඔහු බලයට පත්වූ වහාම ඔහු ගෙනා ආර්ථික ප්‍රතිපත්ති අනුව;

රජය ආර්ථික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා ඒවා පුද්ගලික ව්‍යවසායකයින්ට බාරකලා. ව්‍යවාසකත්වය ඉහලින්ම අගය කරලා ව්‍යාපාරිකයින්ට සියලු සහන දුන්නා. - යුද්දෙන් විනාශවුනත් ජර්මන් ව්‍යාපාර යලි නැගිට්ටේ මේ පන්නරය ඔවුනට තිබුණ නිසා වෙන්න පුලුවන්.

2) විද්‍යාවට-තාක්ෂණයට දැඩිලෙස උනන්දුකරලා විශ්වවිද්‍යාල, පර්යේෂණායතනවලට හැකි සෑම පහසුකමක්ම දුන්නා. විද්‍යාඥයින්, පර්යේෂකයින් ආර්ථික කටයුතුවලට දායක කරගත්තා. - මේ නිසා යුද්ධය අවසන්වුනාට පස්සේ ජර්මන් ආර්ථිකය, කර්මාණ්ත යලි ගොඩනගන්න ඕනෑ විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, පර්යේෂකයි ඇති තරම් බිහිවී තිබුණා. ඔවුන් යුද්ධයට ගොඩනැගූ තාක්ෂණය ජර්මන් ආර්ථිකය ගොඩනගන්න යොදාගන්න හැකියාව ඇතිකරගෙන සිටියා.

3) දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කලා. එහි අරමුණ වුනේ හැකිතාක් විරැකියාව දුරලා මිනිසුන් වැඩට යොමු කිරීම. මේ ව්‍යාපෘති අතර;

- ලෝකයේ පලමු අධිවේගී මාර්ග ජාලය වන ජර්මන් ඔටෝභාන් ජාලය ඇතිකලා. WWII ආරම්භවෙන කොට ජර්මනියේ කිලෝමීටර් තුන්දහසකට අධික අධිවේගී මාර්ග ජාලයක් බිහිවී තිබුණා.

- යුරෝපයේ බොහෝ රටවල් යාකරන දුම්රිය මාර්ග පද්ධතියක් හා කාර්යක්ෂම දුම්රිය සේවයක් ඇතිකලා.

- අභ්‍යන්තර ගුවන් තොටුපොලවල් ඇතිකරලා අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා මගී ප්‍රවාහන ගුවන්සේවාවක් ඇතිකලා.

- රෝහල්, පාසැල්, විශ්වවිද්‍යාල හා තාක්ෂණික අධ්‍යාපන ආයතන විශාලවශයෙන් බිහිකොට අනාගත ජර්මනය හොඳම සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ඇති රටක් බවට පත්කරන්නට විශාල ආයෝජනයන් සිදුකලා.

4) අනාගත යුද්ධයක් සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රසායණික කර්මාණ්ත හා ඔෂධ කර්මාණ්තවල විශාල ආයෝජනයන් සිදුකලා. BASF, බේයර්, මර්ක්, හෙන්කෙල්, බෙයර්ස්ඩෝර්ෆ් වැනි සමාගම් ලෝකයේ හොඳම රසායණික හා ඔෂධ සමාගම් බවට පත්වෙන්නට උපකාර කලා.

5) යුධ කටයුතු සඳහා අවශ්‍ය යුධ රථ, ටැංකි, ට්‍රක් රථ නිර්මාණය හා නිෂපාදනය සඳහා බෙන්ස්, පෝෂ වැනි සමාගම් වලට දැවැන්ත ආයෝජනයන් සිදුකරලා නවීන පෙට්‍රෝල් හා ඩීසල් එන්ජින් තාක්ෂණයන් නිර්මාණය කරගන්නට සහය දුන්නා.

6) යුධ ගුවන්යානා නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙසර්ෂ්මිට්, බී.එම්.ඩබලිව් (ගුවන්යානා එන්ජින්), හයින්කෙල්, යුන්කර්ස් ගුවන්යානා සමාගම්වල තාක්ෂණ හා නිෂ්පාදන කටයුතු ඉහල නංවාගන්නට විශාල ආයෝජනයන් සිදුකලා. මේ සමාගම් වල වැඩකල බොහෝ දෙනෙක් පසුකලක ජර්මන් වාහන කර්මාණ්තය හා වෙනත් කාර්මික භාණ්ඩ නිෂපාදන සමාගම්වලට සිය ඥාණය ලබාදි ඒවා ලෝකයේ හොඳම කාර්මික සමාගම් බවට පත්කරන්නට සහය දුන්නා. (යුද්ධයෙන් පසු බොහෝ කාළයක් යනතෙක් ජර්මනියට ගුවන්යානා නිෂපාදනය තහනම්කොට තිබුණා)

7) වානේ, තඹ හා වෙනත් ලෝහවර්ග නිෂ්පාදනය ඉහල නංවාගන්නට ජර්මන් ලෝහ කර්මාණ්ත සමාගම්වල අයෝජනයන් වැඩිකලා. අදටත් ලෝකයේ හොඳම වානේ හා වටිනා ලෝහ නිෂ්පාදකයින් අතර ජර්මන් සමාගම් ඉහලින්ම සිටිනවා.

8) අලුත් ඖෂධ, ප්‍රතිකාර ක්‍රම, ශළ්‍ය උපක්‍රම, ප්‍රතිජීවක, නිර්වින්දන ආදී වෛද්‍ය තාක්ෂණයන් බිහිකරන්නට බොහෝ ලෙසින් ආයෝජනයන් සිදුකලා. ජර්මන් සමාගම් ලෝකයේ හොඳම ඖෂධ සමාගම් අතර ඉන්නට මෙයත් හේතුවක් වෙලා තියෙනවා. ජර්මනියේ බ්‍රෝන්, ටෙම්ලර්, බේයර්, මර්ක්, ෂෙරින්ග්, බෝරින්ගර්-ඉන්ගල්හයිම් වැනි ඖෂධ සමාගම් ලෝකයේ හොඳම ඖෂධ සමාගම් අතර වැජබෙන්නේ අහම්බයෙන් නොවේ.

9) ජර්මනියේ කර්මාණතවලට, වාහන නිෂපාදනයට, ගුවන්යානා නිෂපාදනයට ඕනෑ විදුලි හා ඉලෙක්ට්‍රොණික උපකරණ හදන්න, හමුදාවලට ඕනෑ සන්නිවේදන උපකරණ හදන්න ජර්මනිය සීමන්ස්, බොෂ්, බ්ලූපන්ක්ට්, ගෘන්ඩිග්, ටෙලිෆන්කන්, බ්‍රෝන් වැනි සමාගම්වලට ආයෝජනයන් සිදුකලා. මේ සමාගම් වලින් අදටත් සීමන්ස් හා බොෂ් සමාගම් ලෝකයේ විශාලම බහුජාතික අධිතාක්ෂණික ඉලෙක්ට්‍රොණික සමාගම් අතර තියෙනවා.

10) ඇමරිකාවේ හෙන්රි ෆෝඩ්ට පස්සේ සාමාන්‍ය මිනිහාට, අඩු මුදලකට යන්නට පුලුවන් පොඩි වාහනයක් හදන්න සැලසුම් කලේ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ මූලිකත්වයෙන්. ඊට පෙරද ජර්මනියේ අඩු වියදම් කාර් ව්‍යාපෘති තිබුණත් ඒවා එතරම් සාර්ථක වෙලා තිබුනේ නෑ. හිට්ලර්, පෝෂ සමාගමේ ෆර්නිනැන්ඩ් පෝෂ ඇතුලු කණ්ඩායමක් රැස්කරලා, පැයකට කිලෝමීටර් 100ක වේගයෙන් යන්න පුලුවන්, ශීත සෘතුවේදී රේඩියේටරයේ වතුර මිදීමේ කරදරය නැති, වාතයෙන් සිසිල් වෙන (air cooled) වැඩිහිටියන් දෙදෙනෙකුට හා ළමයින් 3 දෙනෙකුට පහසුවෙන් යා හැකි, ඉතාමත් කාර්යක්ෂම කාර් රථයක් හදන්න අණකලා.

සුප්‍රකට වොක්ස්වගන් බීටල් නිර්මාණය වුනේ මේ අනුවයි. වොක්ස්=ජනයා / වගන්=වාහනය. එනම් පොදු ජනයාගේ වාහනය හදන්නයි වොක්ස්වගන් සමාගම බිහිවුනේ. යුද්ධය ඇරඹීම නිසා හිට්ලර් ජීවතුන් අතර සිටිද්දී වොක්ස්වගන් බීටල් රථ පාවිච්චි කරන්න ජර්මානුවන්ට ඉඩකඩ නොලැබුණත්, යුද්ධෙන් පස්සේ බිටල් කාරෙක ලෝකෙටම විකුණන්න ඔවුන්ට හැකිවුනා. අදටත් ලෝකයේ විශාලම අලෙවි වාර්තා තියා ඇති වාහන මාදිලිවලින් එකක් වෙන්නේ හිට්ලර්ගේ වොක්ස්වගන් බීටල් රථයයි. 1938 ඉඳන් 2003 නිෂ්පාදනය කල බීටල් කාර් ප්‍රමාණය 21,529,464 කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇති.

මේ කාර් මිලියන 21.5න්, කාර් මිලියන 15.4ක්ම හදලා තියෙන්නේ ජර්මනියේ කර්මාණ්තශාලාවල. ඉතුරුවා වොක්ස්වගන් සමාගම ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය ඇතුලු රටවල් 14ක කර්මාණතශාලාවල ඒ රටවල භාවිතය හා ආසන්න රටවලට අපනයනය සඳහා නිෂ්පාදනය කොට තිබෙනවා.


__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HISTORY : පුරාණ ලංකාවේ ශ්‍රී විභූතිය හා කෘෂි ආර්ථික මිත්‍යාව

$
0
0
ලංකාවේ බොහෝ දෙනා පැරණි කෘෂි ආර්ථිකය මගින් අපේ මුතුන් මිත්තන් ලබා තිබූ සෞභාග්‍යය ගැන මහත් ආශ්වාදයෙන් කතාකරයි. දුටුගැමුණු රුවනවැලි සෑය සෑදූවේ, මහා පරාක්‍රමබාහු පරාක්‍රම සමුද්‍රය සාදන්නට බරපැන සොයාගත්තේත් කුඹුරු ගොවිතැනින් බව විශ්වාස කරයි. ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බවට ඇති ඉතිහාස මූලාශ්‍ර මේ සඳහා සාක්ෂිලෙස ඉදිරිපත් කරයි.

එහෙත් මේ විශ්වාසය ඇත්තක්ද?

වැව් අමුණු බැඳ මිනිස්සුන්ට කන්ඩ බත් සපයාගැනීමේන් පමණක් මහා විහාර කර්මාණ්ත කරන්නට, එමෙන්ම ඒවා හොඳින් නඩත්තු කොට පවත්වාගෙන යන්නට, දසදහස් ගණනක් පැවිදි භික්ෂූන්ට දිනපතා, තුන්සිය හැටපස් දිනකම සියල්ල නොමිලයේ සපයන්නට ගොවිතැන්බත්  ආර්ථිකයක් තියෙන රටකට පුලුවන්ද?

අනුරාධපුරයේ, පොලොන්නරුවේ, රුහුණේ මාළිගාවිල වැනි ස්ථානවල ඇති විහාර කර්මාණ්ත දෙස බලනවිට ඒවා මහා දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘති බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ කර්මාණ්තවලට වැයවෙන අතිමහත් බරපැන රටවැසියාට හාල් එලවලු විකුණා ලබාගන්නට රජෙකුට පුලුවන් වෙනවාද? මේ මහා වෙහෙර කර්මාණ්ත සඳහා යන ශ්‍රමය, ගොයිතැන් වැඩ ඉවරවී පැමිණෙන ගොවියන්ගේ ශ්‍රමයෙන් පමණක් ලබාගත හැකිද?

මේවායේ නිර්මාණ කටයුතුකල දහස්ගණනක් ශිල්පීන් සියල්ලන්ම වසර ගණනාවක් නොමිලයේ සිය සේවා සැපවූවා යයි සිතිය හැකිද? එසේනම් මේ සියල්ලටම ධනය සොයාගත්තේ හාල්, එළවළු වවා රටවැසියන්ටම විකුණා අමතරව මුතුමැණික් ටිකක් රෝමන්කාරයින්ට, චීනුන්ට විකුණා රජු ලබාගන්නා බදු මුදල්වලින් යයි සිටිය හැකිද?

පැරණි ලංකාව සෞභාග්‍යමත් රටක් වුනේ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් විශාල මිත්‍යාවක් වනවා පමණක් නොව, රටේ අනාගත ඉදිරිගමනට විශාල බාධාවක් වී තිබෙනවා. උගතුන්, ආචාර්යවරුන්, නායකහිමිවරුන් මෙන්ම දේශපාලන නායකයින්ද මේ මිත්‍යාව විශ්වාසකිරීම නිසා රට පස්සට යනවා මිස ඉදිරියට යන්නේ නෑ.

අනාදිමත් කාළයක සිටම ලංකාව වෙළඳ කේද්‍රස්ථානයක් බවට සාක්ෂි ඕනෑ තරම් මතුවෙමින් තියෙනවා. අනුරාධපුර යුගයේ, රුහුණු රාජ්‍යයේ, පොලොන්නරු යුගයේ මේ රටේ තිබූ සෞභාග්‍යය පැරණි ලෝකයේ නැව්මාර්ග හා සේද මාවත හරහා වැටී තිබුණා. ලංකාවේ මන්නාරම පැත්තේ, නැගෙනහිර ත්‍රිකුණාමළය පැත්තේ හා රුහුනේ හම්බන්තොට පෙදෙසේ ඉතාමත් දියුණු වරායවන් තිබූ බවටත්, එයින් සිංහල රජවරු වෙළඳුන්ට ආරක්ෂාව හා පහසුකම් සපයා බදුමුදල් රැස්කරගත් බවටත් සාක්ෂි තිබෙනවා. 

ලංකාවට පැමිණි ෆාහියන් අනුරාධපුර නගරය ගැන කර කෙටි විස්තරයේදී එය ඉතා මනාව සැකසූ විථි ඇති, පිරිසිදු, අලංකාර නගරයක් බවත්, එහි සුදු පිරියම්කල විශාල මන්දිරවල ධනවත් වෙළඳ සිටුවරු ජීවත් වෙන බවත් පවසා තිබෙනවා. මේ වෙළඳ සිටුවරු අතර පර්ෂියන්, අරාබි, චීන හා රෝමන් ජාතිකයින්ද සිටිබවත් ඔහු ලියා තිබෙනවා.

ඒ කියන්නේ පැරණි අනුරාධපුර, නූතනයේ දියුණු රටක නගරයක් මෙන් ධනවත් ව්‍යාපාරිකයින් ජීවත් වුනු, විවිධ රටවල ධනවතුන් නිවහන කරගත්, සමෘධිමත්, සාමකාමී නගරයක් බවයි. මේ ධනවතුන්ගේ වෙළඳාමෙන් අයකරගත් රේන්ද හා බදු බෞද්ධ රජවරු විසින් විහාරකර්මාණත කරවීමට, නඩත්තුවට හා දසදහස් ගණන් භික්ෂු පරපුරක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමට යොදාගත්තා කියා සිතන්න පුලුවන්.

ලක් රජුන් ධනවත්කල වෙළඳාම

ලෙස්ලි ගුණවර්ධන ඉතිහාසඥයා (1938-2010) පවසන අන්දමට ලංකාවේ වාරිකර්මාණ්ත හා විහාරකර්මාණ්තවල ස්වර්ණමය යුගය, ලංකාවේ විදෙස් වෙළඳාමේ හිණිපෙත්තේ තිබූ අවධිය බව පවසනවා. මෙයට හේතුව විදෙස් වෙළඳාමෙන් රජවරුන් විශාල ආදායම් ඉපදවා ඒවා වාර්කර්මාණ්ත හා බුදුදහමේ උන්නතිය සඳහා වැයකීමට උත්සුකවීමයි.මහාවංශයේද අනුරාධපුර නගරයේ බටහිර දොරටුව ආසන්නයේ විදෙස් වෙළඳුන් සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන්කොට තිබූබව සඳහන් කරනවා.

අනුරාධපුර හා පොලොන්නරු යුගවලදී ඉතාමත් සංවිධානාත්මක වෙළඳ ව්‍යුහයක් ක්‍රියාතමක වුනු බවට වාර්තා තිබෙනවා. ධනවත් වෙළඳුන්ගේ වෙළඳ සංගම්, හා රජුගේ නිළධාරීන් එක්ව මේ වෙළඳ කටයුතු කල බවත්, පොලොන්නරු යුගයේදී රජවාසලේ ප්‍රධාන වාණිජ නිළධාරී යනුවෙන් තනතුරක් පවා තිබුණු බවත්, රජු වෙනුවෙන් සියලු වෙළඳ කටයුතු, බදු අයකිරීම්, වරාය පරිපාලනයන් මේ නිළධාරියා හරහා සිදුවූ බවත් පැවසෙනවා. මාන්තොට වරායේ බැංකු කටයුතු පවා සිදුවූ බවට සාක්ෂි තිබෙනවා.

ලංකාවේ මුල්ම වෙළඳාම - ලෝහ, ඛණිජ, මුතු මැණික් හා දමස්කස් වානේ

ක්‍රි.පූ 900 සිට 400 දක්වා කාළයේ ලංකාවේ වැදගත්ම අපනයනවී තිබෙන්නේ කඳුකරයේ ඇති යපස් හා වෙනත් ඛණිජ වර්ගයි. එමෙන්ම උතුරේ මුතුපරවල මුතු හා රට ඇතුලෙන් බහුලව හමුවන මැණික්ද ප්‍රධාන ආදායම් මාර්ග වුනා.

එමෙන්ම 1996දී පුරාණ ලංකාවෙ යකඩ කර්මාණතය ගැන පර්යේෂණ පත්‍රිකාවක් ලියූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජී.ජූලෙෆ්, 13 වැනි සියවසේදී කරලියට පැමිණි සුප්‍රකට දමස්කස් වානේ නිෂ්පාදනය සඳහා ලංකාවේ නිෂ්පාදනය කල වූට්ස් ස්ටීල් (Woots Steel) නම් වානේ ආනයනය කල බව පෙන්වා දෙනවා. දමස්කස් වානේ සඳහා ලංකාවේ වානේ නිෂ්පාදනාගාරයක් සමනල වැව ප්‍රදේශයේදී හමුවී තිබෙනවා. දමස්කස් වානේ, එකල වානේ තාක්ෂණයේ ඉහලම නිර්මාණය බවයි පැවසෙන්නේ.

දමස්කස් වානේ වලින් තැනූ කඩු එකල මැදපෙරදිග රණකාමීන්ගේ ප්‍රියතම අවිය වුනා. ශක්තිමත්, සැහැල්ලු මෙන්ම, නැමීගියවිට නොකැඩෙන දමස්කස් වානේ කඩු සටන්කරුවාට විශාල වාසියක් ලබාදුන් බව පැවසෙනවා.

ලංකාවේ වෙළඳාම්කල විදෙස් ව්‍යාපාරිකයින් ගැන, වෙළඳ සංගම් හෝ ගිවිසුම් ගැන යම් යම් තොරතුරු අම්පාරේ බඹරගස්තලාව සෙල් ලිපියකින්, අනුරාධපුර අලියකඩ සෙල්ලිපියකින්, කතරගම බෝවත්තගල සෙල්ලිපියෙන්, හම්බන්තොට ගෝනගලින්, මොණරාගල මඩුගස්මුල්ල සෙල්ලිපියකින් හා කුරුණෑගල විල්බා විහාරයේ සෙල්ලිපිවලින් හමුවී තිබෙනවා. 

ලංකාවට වැඩියෙන්ම වෙළඳාමට ආවේ ග්‍රීක, රෝමන් හා චීන වෙළඳුන් බව රටපුරා බොහෝ පෙදෙස් වලින් හමුවී ඇති අතිවිශාල ග්‍රීක, රෝම, චීන කාසිවලින් සිතාගත හැකියි. මේ වෙළඳුන් විශාල ප්‍රමාණයක් වසර සියගණනක් තිස්සේම ලංකාවට පැමිණෙමින්, මෙහි යම් යම් කල් ජීවත් වෙමින් (සුලං හා කාළගුණය ගෝචර වෙනතෙක් විය යුතුයි) වෙළඳාම් කොට තිබෙනවා. ග්‍රීසිය, රෝමය, හා චීනය පැරණි ලෝකයේ ධනවත්ම රටවල් වූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.

මීට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව හා වියට්නාමය සමගද් පැරණි ලංකාවේ වෙළහෙළඳාම් සිදුවී තිබෙනවා.

පැරණි ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථාන - ගොඩවාය, ගෝකන්න හා මාන්තොට

රුහුණු රාජ්‍යයේ මහා නැව් තොටුපොල වුනේ හම්බන්තොට ගොඩවාය වරායයි. රුහුණු රටේ සෞභාග්‍යය සඳහා මේ තොටුපොලෙන් සිදුවූ ආනයන, අපනයන හේතුවුනා. රුහුණේ මාළිගාවිල මහා විහාරකර්මාණ්ත, කිරිවෙහෙර විහාර කර්මාණතයට, තිස්ස්මහාරාම විහාරකර්මාණ්තයට මේ ආදායම් යෙදවෙන්නට ඇති කියා සිතන්නට පුලුවන්. 

අනුරාධපුරයෙන් සිදුවන පාලනය පිලිගත්තත් රුහුණු රටේ රජවරු ධනවත්, බලසම්පන්න රජවරු බවත් අනුරාධපුරයෙන් ඔවුන්ට දැක්වූ ගරුසැලකිලිවලින් පෙනෙනවා. අනුරාදපුරේ රජකම්කල දේවානම්පියතිස්ස, තමන්ට ලැබුණු ජය ශ්‍රී මහා බෝධි අංකුරවලින් එකක් රුහුණට යවන්නේ රුහුණේ රාජ්‍යයේ මේ ශක්තිය, හා වෙළඳ බලය නිසාමයි. මේ බළයේ කේන්ද්‍රස්ථානය ගොඩවාය වරාය කියා සිතන්න පුලුවන්.

ත්‍රිකුණාමළයේ ගෝකන්න වරාය තවත් එවැනිම වාණිජ කේන්ද්‍රස්ථානයක්. බුදුන්ගෙන් කේෂධාතු ලබාගත් තපස්සු හා භල්ලුක නෞකාපති වෙළඳ සොයුරන් එම ධාතු රැගෙන ත්‍රිකුණාමළයට ආවේ නිකම් නොවන බව සිතාගන්න. ධනවත් වෙළෙන්දන් දෙදෙනෙකු, තමන්ට ලැබුණු මහානර්ඝ ධාතූන්ද රැගෙන, නොදියුණු මිනිසුන් ඉන්න රටක, පාලු වරායකට යන්නේ කුණාටුවකට අහුවුන විටක මිස වෙළඳාමට නොවේ. ඒ කියන්නේ බුදුන් වැඩවැසූ කාළයේ පවා නැගෙනහිර ලංකාවේ ගෝකන්න, ධනවත් වෙළඳුන් ආකර්ෂණය කරගත් වෙළඳ මර්මස්ථානයක් වුන නිසාමයි. මේ වරායේ ආදායම් අනුරාධපුරයේ රජවරුන් ධනවත් කල බව සිතාගත හැකියි.

මීලඟ වැදගත්ම වරාය හා වෙළඳ මධ්‍යස්ථානය වුනේ මන්නාරමේ මාන්තොට වරායයි. පර්ෂියන් බොක්ක, රතුමුහුද, නැගෙනහිර අප්‍රිකාව හා බටහිර ඉන්දියාව හා වෙළඳාම්කල ප්‍රධාන තොටුපොල බවට මාන්තොට පත්ව තිබුණා. එමෙන්ම මන්නාරමේ වටිනා මුතු අපනයනය වුනේත් මාන්තොට වරායෙනුයි. අනුරාධපුරයෙන් පාලනය වුනු මාන්තොටින්ද මහත් ධනයක් උපයාගන්නට අනුරාධපුර රාජධාණියට හැකිවෙන්නට ඇති.

පෙරදිග-අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානයවූ පැරණි ලංකාව.

පස්වැනි ශතවර්ෂය වෙනවිට ලංකාව නැගෙනහිර ලෝකය හා බටහිර ලෝකය අතර වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ බවට සාක්ෂි තිබෙනවා. 

චිනයෙන් සේද රෙදි හා චීන පිඟන් භාණ්ඩ, ඉන්දියාවෙන් රත්‍රන්, මුතු, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු හා කපු රෙදිද, ඊජිප්තුවෙන් හා පර්සියාවෙන් අශ්වයින්, වයින්, වීදුරු හා සුවඳ විලවුන්ද, සුප්‍රකට පර්සියානු බුමුතුරුණුද ලොව පුරාවටම යැවීමේ මධ්‍යස්ථානයක් බවට 7,8,9 ශතවර්ෂය වෙනවිට ලංකාව පත්ව තිබුණා.
චෝල ආක්‍රමණ නිසා වෙළඳාම බොහෝ සෙයින් අඩපණවුවද යලිත් විජයබාහු I (1055-1110) හා පරාක්‍රමබාහු I (1132-1153) රජවරුන්ගේ කාළයේ ඉතා සීග්‍රයෙන් වෙළඳාම වැඩිව්වුනා.

පොලොන්නරු යුගයේ අවසානයත් සමග වෙළහෙළඳාම් කෙමෙන් කෙමෙන් අඩුවුනා. සතුරු ආක්‍රමණ නිසා රාජධාණි රට අභ්‍යන්තරයට ගෙනයන්නට සිදුවුනු නිසා වෙළඳ මර්මස්ථාන වූ වරායයන් කෙමෙන් කෙමෙන් අභ්‍යාවයට යාම හා විදෙස් නාවිකයින් ලංකාවේ වරායන් මගහරිමින් ගමන් කරන්නට පටන් ගත්තා. 

එහෙත් යාපහුවේ පලවැනි බුවනෙකබාහු (1272-1284) මිසර රාජධානිය සමග වෙළඳ ගණුදෙනු ඇතිකරගැනීම සඳහා දූතපිරිසක් යැවූ බව වාර්තාවෙනවා.  අනර්ඝ මුතු, විවිධ මැණික්, අලිඇතුන්, කපුරෙදි, වටිනා දැව හා ශක්තිමත් හෙල්ලයන් සෑදීමට අවශ්‍ය ලී සැපයිය හැකි බව ඔහු සිය දූතයන් අතර විස්තර යවා තිබෙනවා. එමෙන්ම වසරකට නැව් 20ක සරිලන සැපයුම් එවිය හැකි බවද ඔහු දන්වා යවා තිබෙනවා.

එමෙන්ම මෑතකදී සෝමාලියාවෙ මොගඩිෂු නුවර කැණීම්වලින් හමුවූ කාසි අතර පලමුවැනි බුවනෙකබාහු රජුගේ රාජකීය මුද්‍රාව සහිත කාසි හමුවී තිබෙනවා. අද සෝමාලියාව යුධගැටුම් පිරි දුප්පත් රටක් වුනත්, මධ්‍යතන යුගයේදී මොගඩිෂු වරාය අප්‍රිකාවේ පිවිසුම් දොරටවක්වූ, ඉතා කාර්යබහුළ වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පැවසෙනවා.

තුන්වන ශතවර්ෂයේ ග්‍රීක ඉතිහාසකරුවෙකු වූ මෙගස්තීනස්ගේ ලියවිලිවල ලංකාවේ අලිඇතුන් වර්ණනාකොට තිබෙනවා. ඉතා ශක්තිමත් හා පහසුවෙන් පුහුණුකලහැකි අලි ඇතුන් ලැබෙන්නේ ලංකාවෙන් බව ඔහු කියා තිබෙනවා. 

Sources :
http://www.island.lk/2005/09/05/features6.html
http://lakdiva.org/muse04/exhibit/start.html
http://adsabs.harvard.edu/abs/1996Natur.379...60J
https://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka







__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR ATTACKS : ආයෙත් යුද්ධයකටද?

$
0
0
මේ ලියන මොහෝතේ රටේ මළගෙවල් 200කට වැඩිය. තවත් සිය ගණනක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටී. බොහෝ දෙනා නිදිවර්ජිතව, වී.පී.එන් දමාගෙන ෆේස්බුක්, ට්විටර් ආදී සමාජජාලවල වුනු විනාශය ගැන කඳුලු සළති, රටේ අනාගතය ගැන බිය පලකරති. ආරක්ෂක හමුදා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වේ.

බ්ලොග් කරුවෙකු ලෙස මගේ අදහස් මෙසේ ලියාතබමි....

ඔව්, මහත් විනාශයක් සිදුවී ඇත. සංචාරක කර්මාණ්තය අණතුරේය. ලංකාවට ආශාවෙන් ආ විදේශිකයින් සෑහෙන කලක යලි නො එනු අත.

එහෙත්...

තිස් වසරක වාර්ගික යුද්ධයට වඩා මෙය වෙනස් බව වටහා ගන්න. එදා කළු ජූලියේදී ලොවම සිටියේ අපර විරුද්ධව ප්‍රභාකරන්ගේ පැත්තේය.

අද...අද ලොවම අපි සමගය.

පැරීසියේ අයිෆල් කුළුණ පැරිස් වෙලාවෙන් රාත්‍රී 12ට අඳුරු විය. ටෙල් අවීව් නුවර අපේ ජාතික කොඩියෙන් ආලෝකමත් කල ගොඩනැගිල්ලකින් ඔවුන් අප සමග දුක වේදනාව බෙදාගත්හ. මොස්කව් නුවර ශ්‍රී ලාංක තානාපති කාර්යාලය අසල රුසියානුවෝ මල්කළඹයන් තබමින් මියගිය වුන්ට සිය ශෝකය බලකරන බව දකින්නට ලැබේ. මැලේසියාවේ දුකබෙදාගන්නා සැමරුමකි. ඉන්දියාවද අප සමගය. පාකිස්තානයද එසේමය.

සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට රටේ ජනතාව සංයමයෙන් බලාසිටිති. සියලු ආගමික නායකයෝ සංයමය, ඉවසීම, සහෝදරත්වය ඉල්ලා සිටිති.

සියල්ලේම නරකම පැත්ත සිතීම සාධාරණ වුවත්, මෙය වෙනස් බව අප අවබෝධ කරගත යුතුය.


ප්‍රභාකරන් අප සමග යුධ කරමින්, බටහිරින් රැකවරණ, ආරක්ෂාව මෙන්ම සිය අරගලයේ සාධාරණත්වය පෙන්වමින් ඔවුන් රවටමින් මුදල් රැස් කළහ. ලොව ඉදිරියේ ජාතියක් ලෙස අප අසරණවිය. බෝම්බයක් පිපිරූවිට බොරු ශෝකප්‍රකාෂ හැරෙන්නට ත්‍රස්තක්‍රියා අඩපණ කරන්නට යමක් කරන්නට පටන් ගත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන විනාශයෙන් පසුවය.

එහෙත් අද ලංකාවට චෝදනා කරන්නට, බටහිර සිටින දෙමළ ඩයස්පෝරා හිටපු කොටි කිහිපදෙනෙකු හැරෙන්නට වෙන කෙනෙකු නැත. සියල්ලන්ම අප සමග සිටගෙන ඇත.

පැරීසිය, ලන්ඩනය, නිව් යෝර්ක් නුවර, බොස්ටන් නුවර, ජර්මනිය, නෙදර්ලන්තය, ජිහාඩි ප්‍රහාරවලින් බැටකා ඇත. ඔවුන් අප සමග සිටින්නේ ඒ බැවිනි.


මෙය වෙනස් කියන්නේ ඒ නිසාය. 

ඒ වෙනස එලෙසම තබාගනිමින් ලොවම, එමෙන්ම සාමකාමී මුස්ලිම් රටවල්ද අප සමග තබාගත හැක්කේ මෙරට අහිංසක මුසල්මානුවන් ආරක්ෂකරීමෙන්ම පමණකි.

අප රට ලෝක ජිහාඩින්ගේ රේඩාරයට හසුවූයේද ජාතිවාදී, ස්වෝතමවාදී සුළු පිරිසකට හිතාමතා උපකාර කිරීමෙන් බව අප මෝඩ නොවී තේරුම්ගත යුතුය. ඒ විනාශය අප වලක්වාගත යුතුය. අපගේ රටේ වාසය කරන මුසල්මානු ප්‍රජාව ආරක්ෂාකිරීම සිදුකල යුතුමය. බෝම්බ දැම්මේ අපගේ නිවෙස අසල නිවෙස්වල සිටින මුසල්මානුවන් නොවේ. අප රැකියාස්ථානයේ සිටින සහෝදර මුසල්මානුවන්ද නොවේ.

මෙය අතිවිශාල මුදල් සම්භාරයක් වැයකරමින්, ජාත්‍යන්තර ජිහාඩි සංවිධාන, මෙරට සිටින අන්තවාදීන් ඉතා සුලුපිරිසක් යොදවාගෙන සිදුකල මෙහෙයුමකි. සංවිධානය, සූක්ෂම බව, ගෙනා බෝම්බවල විනාශකාරීබව එයට සාක්ෂි සපයයි. සිරියාවේ සටන්වලට ගොස්, රහසේ මෙරටට පැමිණි ලාංකික ජිහාඩින් මෙයට තාක්ෂණික සහය දෙන්නට ඇත. එහෙත් ඔවුන් ඉතා සුළුතරයකි.

දැන් ඉක්මණින්ම කළයුත්තේ මෙහෙයුමේ ඉතිරිවැඩ කල, සැඟවී සිටින ජිහාඩින් සොයාගැනීමයි. එය කලයුතුමය. ආරක්ෂක හා බුද්ධි අංශ වැඩ අරඹා ඇත. ඔවුනට ඒ වැඩ කරගෙන යාමට ඉඩදී අප පරීක්ෂාකාරීව සිටිය යුතුය.

ඉන් පසු ලොව බුද්ධි අංශ හා ඒකාබද්ධව මෙම ජිහාඩි වෛරසය සම්පූර්ණයෙන්ම අඩපණකල යුතුය. 

ආරක්ෂක අංශ එය කරද්දි

ජිහාඩින් නොවන ලාංකික මුස්ලිම් කොල්ලන් කෙල්ලන් ජිහාඩින් වීම වැලැක්වීම අප සියලු දෙනාගේම යුතුකමයි. එය කල හැක්කේ බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අපටම පමණකි.

වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ තම්බින්ට බයේ නැමිලා හිටපන් කියා නෙමෙයි. 


සංයමයෙන්, අවධානයෙන්, සැකකටයුතු ලෙස හැසිරෙන උන් ගැන දෑස් යොමා සිටින අතරම අහිංසකයින්ව ආරක්ෂාකල යුතුය කියන එකයි.

මඩකළපුවට, පුත්තලමට, නුවරට, දර්ගාටවුමට බස් පිටින් ගොස් ගේම ඉල්ලන්නට, මුස්ලිම් දේවස්ථානවට හානි කරන්නට, අසල්වැසි මුසල්මානුවන්ට තමුන්ගේ නිවෙස්, ගෙවල්, කඩ, බිස්නස් අතහැර යන්නට සිතෙන පරිදි වැඩ කරන්නට එපා කියන එකයි.

83දී අප කලෙත් ඕකමයි. දැන්වත් ජාතියක් ලෙස මොලේ පාවිච්චි කරමු.

මේ කියන්නේ; 

කාත්තන්කුඩියේ හෙල්මට් නැතුව ගියා කියන එකට අපි කළබලවිය යුතු නැත. මෝඩ මුස්ලිම් කොල්ලන් ටිකක් ගොන් පාට් දැම්මාට අපි ගොන් විය යුතු නැත. ජිහාඩින්ට ඕනෑත් ඒ ටික කරගනන්ටය. 

සිංහල අන්තවාදීන්, අරාජිකවාදීන්ද මෙවැන්නක් වෙනතෙක් බලා සිටි බවද අමතක නොකරන්න. ජිහාඩින්ට මෙන්ම සිංහල අන්තවාදීන්ටද හිස ඔසවන්නට නොදීම මිලියන 21ක්ව මේ රටේ සැමගේම යුතුකමයි.

මෙයින් අපට ගොඩ එන්නට හැකිය. සාමකාමී වූවිට, ආරක්ෂාව තහවුරුවූ විට සංචාරකයින් නැවත එනු ඇත. මේ සුන්දර රට ඔවුන් ඉතාමත් ආශා කරන සංචාරක පාරාදීසයකි. ඔවුන් නැවත් එනු ඇත. එතෙක් අප රට ආරක්ෂාකරගෙන සාමයෙන් සිටින්නට හැකි සෑම දේම කරමු.









__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR / SECURITY SITUATION : What we know about Easter Sunday attackers | පාස්කු ඉරිදා ප්‍රහාරකයින් ගැන දැනට ඇති තොරතුරු

$
0
0
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.

ප්‍රධාන ධාරාවේ මුස්ලිම් නායකයින්, බොහෝ කළකට පෙර අන්තවාදීන් ගැන අණතුරු අඟවා තිබුණ බව තවුරුයි!


ජාතියක් ලෙස අප එක් අතකින් දැඩි කණගාටුවක් ඇති කරන, එමෙන්ම අනෙක් අතට යම් ආකාරයක් සැනසිල්ලක් දෙන කාරණාවක් ඊයේ අනාවරණය වුනා. ඒ, වසර කිහිපයකට පෙර සිටම මුස්ලිම් ආගමික නායකයින් මේ අන්තවාදී අණතුර කලින්ම හඳුනාගෙන එම එම අන්තවාදීන්ගේ, නම්ගම් ආදිය රජයට ලබාදී තිබූ බවයි. මේ බව, ආගමික සහජීවනය සඳහා කැපවුනු ස්වාමින් වහන්සේලාද තහවුරු කොට තිබෙනවා. මුස්ලිම් ආගමික නායකයින් මේ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්;

1] මුස්ලිම් නමින් පෙනී සිටියත් නබි තුමා දෙසූ මාර්ගයේ නොයන සැබෑ මුස්ලිම් වරුන් නොවන බව

2] මුස්ලිම් ඇඳුමින් සැරසුනත්, අන්තවාදී, දැඩි විනාශකාරී මතවල එල්බගෙන සිටින බවද

3] ඔවුන්ගේ සංවිධාන, නම් ගම්, ක්‍රියාකාරකම් හඳුනාගෙන තිබූ බවද

තහවුරු වී ඇති අතර මේ සියලු තොරතුරු බෞද්ධාමික නායකයින් සමග මෙන්ම රජයේ වගකිවයුත්තන් සමගද බෙදාගෙන තිබුණා.

මෙය සැබැවින්ම සැනසිලි දායක කරුණක් වන්නේ, සිංහල අන්තවාදීන් හා ස්වෝත්තමවාදීන්ගේ ප්‍රධාන සටන්පාථය වන "මුස්ලිම් උන් ඔක්කොම එකයි, උන් හදන්නේ සිංහලයාව වඳ කරන්න.."යන්න පැහැදිලි මනසකින්, සමබරව සිතන ජනතාවට බොරුවක් බව ඔප්පු වීමයි.

මීට වසර 3-4 පෙර අන්තවාදී ක්‍රියාකාරකම් වැඩිවෙන විට, සර්ව ආගමික කතිකාවත් වලදී මේ සියලු තොරතුරු ප්‍රධාන ධාරාවේ මුස්ලිම් ආගමික නායකයින් ලබාදී ඇත්තේ, අහිංසක මුස්ලිම් ජනතාවට එල්ල වන චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගන්නට මෙන්ම, අන්තවාදීන්ගේ දැඩි බලපෑමට බඳුන්ව සිටින සිය ජනතාව මුදාගැනීමට බව පැහැදිලියි.

ඔවුන් එසේ කර ඇත්තේ ගැලවිජ්ජාවකට නොවන බව, ඔවුන් හෙලිකල බොහෝ අන්තවාදීන් මේ ප්‍රහාරවලට සෘජුවම හෝ වක්‍රවම සහභාගීවී ඇති බව දැන් පැහැදිලි නිසාවෙනි.

ප්‍රහාරයට ISI හෝ අල්-කේඩා සම්බන්ධයක් තිබිය යුතුබව තහවුරුවී නැතත් 99%ක සම්භාවිතාවයක් තිබෙනවා.

National Thowheeth Jama’ath කල්ලිය දේශිය කල්ලියක් වුවද, එයට අරමුදල්, පුහුණුව, අභිප්‍රේරණය හා රැඩිකල් මතයන් එබ්බවීම විදේශවල ක්‍රියාත්මකවන ඉස්ලැමික් ස්ටේට් හෝ අල්-කේඩා සහය ලැබී තිබෙන බවට විශ්ලේෂකයින් අනුමාන කරන හේතු;

1] මේ කල්ලිය හා වෙනත් ලාංකික මුස්ලිම්වරුන්ගෙන් සැදුනු අන්තවාදී කල්ලිවල ප්‍රධාන සාමාජිකයින් කිහිපයක් හෝ රහසේ ඉරාකය, සිරියාව ආදී රටවල සටන්වලට සහභාගීවී, පුහුණුව, පන්නරය, රැඩිකල්වීම හා විදෙස් ජිහාඩින් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ජිහාඩය ලංකාවට ගෙන ඒමට නැවත මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබීම.

2] පාස්කු ඉරිදා මෙහෙයුමේ සංකීර්ණත්වය

ඒ සඳහා අවශ්‍ය විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය, බෝම්බ සැකසුම් තාක්ෂණය, ඔත්තුබැලීමේ ක්‍රමවේදයන්, සැලසුම් ක්‍රමවේදයන් ආදිය ලංකාවේ බුදුපිලිම කඩමින් සිටි මුස්ලිම් අන්තවාදීන් සුලු පිරිසකට 2016 සිට වසර කිහිපයක් තුල ස්වෝත්සායහෙන්, කිසිදු විදෙස් මගපෙන්වීමකින් තොරව බිහිකරගන්නට ගන්නට සමත්වුනා සිතීම අපහසුවීම හා තාර්කික නොවීම

4] විදෙස් අධ්‍යාපනය ලැබූ ලංකාවේ ප්‍රධාන / ධනවත් මුස්ලිම් පවුල්වල තරුණයින් ගණනාවක් දැඩි රැඩිකල් අන්තවාදී සංවිධානවල සාමාජිකයින් බවට පත්වී ඇති බවට දැන් තහවුරුවි ඇති තොරතුරු. උදාහරණයක් ලෙස දෙමටගොඩ නිවස ලංකාවේ ධනවත්ම මුස්ලිම් ජාතිකයෙකුට අයත් අතර ඔහුගේ පුතුන් සියලුදෙනා පාස්කු ප්‍රහාරයට දායකවූ බව තහවුරුවී ඇත.

මෙවැනි උගත්, ධනවත් මුස්ලිම් තරුණයන් 32ක් අන්තවාදී කල්ලිවලට නතුවී ඇතිබව 2016දී අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශකොට තිබෙනවා.


මොවුන් රැඩිකල් වන්නට ඇත්තේ බටහිර අධ්‍යාපනය ලබන කාළයේදී හඳුනාගත් රැඩිකල් මතධාරී මුස්ලිම්වරුන් ඇසුරින් බව සිතිය හැකියි. සමහරවිට ඔවුන් එම රටවල සිට සිරියාවේ, ඉරාකයේ සටන් සඳහා සහභාගීවුනා විය හැකියි.

5] පාස්කු ප්‍රහාරයේ ඉලක්කවූ කතෝලිකයින් හා විදේශිකයින් සමග ගැටුමක්, දේශීයව ගොඩ්නැගුනු, දේශීය න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මකවන රැඩිකල් ජිහාඩීන්ට නොතිබිය හැකිවීම. ඉලක්ක සියල්ලම අන්තර්ජාතික ජිහාඩි සංවිධානවල ප්‍රධාන ඉලක්කවන කතෝලිකයින් / ක්‍රිස්තියානින් හා සුදුජාතිකයින් වීම.

ඒ නිසා මේ ප්‍රහාරය ජාත්‍යන්තර මෙහෙයවීමකින් ජාත්‍යන්තරව පණිවිඩයක් යැවීමට යොදාගත් එකක් බව සිතිය හැකිවීම.

එමෙන්ම මේ ප්‍රහාරය අල්-කේඩා සැලසුමකට වඩා ISI සැලසුමක් වීමේ සම්භාවිතාවය වැඩි බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ. එයට හේතුව මෑතකාලීනව අල්කේඩා සංවිධානය මෘදු ඉලක්ක (සිවිල් ඉලක්ක ) වලට පහරදීමෙන් ඈත්වී යාමේ ප්‍රවනතාවයක් තිබීමයි. එහෙත් ISI දැඩි ම්ලේඡ්ඡ ප්‍රහාර සිය ප්‍රධාන මෙහෙයුම් ඉලක්ක බවට පත්කරගෙන තිබෙනවා.

මෙරට බුද්ධි අංශ වලට විදෙස් බුද්ධි තොරතුරු, විශේෂයෙන්ම ඉන්දියාවෙන් හා ඇමරිකාවෙන් ලැබෙන බවත්, ඒවා බොහෝ සෙයින් නිවැරදි බවත් තහවුරුවීම.

පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වන සාමාජිකයින්ගේ නම්ගම්, ඉලක්ක හා ප්‍රහාර මාදිලි ගැන ඉතා නිවැරදි තොරතුරු අප්‍රේල් 11 වනවිට ලැබූ තිබූ බව දැන් හොඳින් පැහැදිලියි.

හෝටල්, ආගමික මධ්‍යස්ථාන හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක බව ඇමරිකානු ඔත්තුසේවා මගින්ද ලංකා බුද්ධි අංශවලට තොරතුරු ලබාදී තිබෙනවා.

ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු ඉන්දියානු බුද්ධි අංශ මගින් අල්ලාගත් රැඩිකල් මුස්ලිම් ජාතිකයෙකු හෙලිකල ඒවා බවයි දැන් තහවුරුවී ඇත්තේ. ජමාත් සංවිධානය තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන බවත්, ඉන්දියාවෙදී අල්ලගත් ජිහාඩියා එහි සාමාජිකයෙකු බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මොහොමඩ් සකීර් හුසේන් නැමති මොහු ශ්‍රී ලාංකිකයෙකු බවත්, චෙන්නායිහීදී අත් අඩංගුවට පත්වූ බවත් වාර්තා වෙනවා. මොහු පාකිස්තානු බුද්ධි අංශය මගින් මෙහෙයවන්නෙකු බවත්, පාකිස්ථාන තානාපති කාර්යාළයේ අමීර් සිද්දිකි නැමති පාකිස්ථාන බුද්ධි අංශ නිළධාරියෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ලංකාවේ නැගෙනහිර පලාතේ, දේශිය ජිහාඩි කල්ලිවල ක්‍රියාකාරකම් ගැන ඉන්දියානු බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් සිටින බවයි පැවසෙන්නේ. එයට හේතුව ඉන්දියාවේ පූනේ නුවර අවන්හලක සිදුවී පිපිරීම සිදුකල තැනැත්තාට ලංකාවේදී, පාකිස්ථාන ඔත්තුසේවය මගින් පුහුණුවක් ලබාදුන් බවට ඇති සැකයයි. ඔහු ලැබූ පුහුණුව කුමක්දැයි පැහැදිලි නෑ. නැගෙනහිරපලාතේ ජිහාඩි ක්‍රියාකාරකම් හරහා පකිස්ථාන ඔත්තුසේවය මෙන්ම ISI හෝ අල්ඛේඩා සංවිධාන ඉන්දියාවේ ත්‍රස්තක්‍රියා මෙහෙවිය හැකි බවට දැඩි බියක් ඉන්දියානු ආරක්ෂක අංශ තුල තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රහාරය ඉන්දියානු, ඇමරිකානු හා යුරෝපීය බුද්ධි අංශවල සහයෝගීතාවය ඉහල තලයකට නැංවීමට හේතුවනු ඇති.

මාලදිවයින් ජාතිකයින් 100කට අධික පිරිසක් ඉරාකයේ හා සිරියාවේ සටන්වලට පිටත්වී ඇති අතර මොවුන් සමග පාකිස්ථාන්, ශ්‍රී ලාංකික හා වෙනත් ආසියාතික මුස්ලිම් අන්තවාදීන් කලාපය අස්ථාවර කිරීමට කටයුතු කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඊජිප්තුවේ IS ප්‍රහාර ලංකාවේ පාස්කු ප්‍රහාරයට සමාන බව පැවසෙනවා. ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි සුලුතරය නිරන්තර IS ප්‍රහාරවල බඳුන්වෙන අතර ඊට අමතරව ඊජිප්තුවේ සංචාරක කර්මාණ්තයටද IS ප්‍රහාර එල්ලවී තිබෙනවා.

ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ඉලක්කද, ඊජිප්තු අයි.එස් ඉලක්ක වලට හැම අතින්ම සමානයි.

මේ නිසා බටහිර හා දකුණු ආසියාවේ බුද්ධි අංශ දැඩි සහයෝගයෙන් හා හොඳ සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මකවිය යුතුබවයි ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ.

දැනටමත් අවශ්‍ය ඕනෑම සහයක් ලංකාවට දීමට ඇමරිකාව සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇති අතර ඊයේ අගමැති රනිල්ට දුරකථන ඇමතුමක් දුන් බවද පැවසෙනවා. ඒ අනුව ඇමරිකන් FBI විමර්ශණ ඒජන්සිය නිළවශයෙන් ලංකාවට සහය දෙන බව ආරක්ෂක ලේකම් වරයා ඊයේ ප්‍රකාශකොට තිබුණා.

ඉන්දියානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ පමණක් නොව චීන ඔත්තුසේවාද ලංකාවට සහය දෙනු ඇති. විශේෂයෙන්ම ලංකාවේ ඇති අතිවිශාල චීන ආයෝජන හා චීන ජාතිකයින් රැකියා කිරීම නිසා චීන බුද්ධි අංශයද මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනු ඇති.

Sources:

https://timesofindia.indiatimes.com/world/south-asia/pakistani-jihadis-rising-in-sri-lanka-india-warned/articleshow/68998049.cms
http://www.colombotoday.com/kanthankudi-11/
http://www.ft.lk/top-story/Blame-game-over-terror-attacks/26-676853
https://www.theguardian.com/world/2019/apr/22/sri-lanka-bombings-islamist-group-blamed-but-focus-also-on-failure-of-security-forces?CMP=Share_iOSApp_Other
https://www.bloomberg.com/news/articles/2019-04-22/sri-lanka-muslims-had-warned-officials-about-group-behind-attack
https://twitter.com/NalakaG/status/1120328156391641096
https://www.asiatimes.com/2019/04/article/suspected-isis-video-claims-lankan-easter-bombing-2/
https://www.i24news.tv/en/news/international/asia-pacific/1555947073-analysis-sri-lanka-attacks-show-that-the-salafi-jihadist-threat-continues-to-cast-a-global-shadow

TERROR ATTACKS : ISIS, Their History and Growth | ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තකල්ලියේ ඉතිහාසය හා වර්ධනය

$
0
0
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.

තව්හීත් ජමාත් කල්ලිය අයි.සි.ස් බව සැකයෙන් තොරව ඔප්පුවේ.

National Thowheeth Jama’ath නම් ත්‍රස්ත කල්ළිය ඉස්ලැමික් ස්ටේට් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයට සිය කැපවීම ශපතකල එමෙන්ම එය වෙනුවෙන් අහිංසකයින් මරාදමන්නට දිවුරුම් දෙන ඡායාරූප දැන් අයි.සී.ස් මාධ්‍ය ජාලය හරහා ප්‍රසිද්ධවී තිබෙනවා. ඒ අනුව මේ ලේඛකයාද ඇතුලුව බොහෝ විචාරකයින් මෙන්ම රජයේ විමර්ෂකයින්ගේද අනුමානය සත්‍යවී තිබෙනවා.


මොකක්ද මේ ISIS?

IS, ISIS, ISIL, Islamic State, Daesh යන විවිධ නම්වලින් විචාරකයින් හා විදෙස් මාධ්‍ය හඳුන්වන සංවිධානයේ මූලාරම්භය සිදුවන්නේ 1999දී.

අයි.සිස් කල්ලියේ ආරම්භක සංවිධානය වූ Jama'at al-Tawhid wal-Jihad  (1999-2005)

Jama'at al-Tawhid wal-Jihad (Congregation of Monotheism and Jihad) ලෙස ආරම්භයේදී තමන්ව හඳුන්වාගත් මේ ත්‍රස්ත කල්ලියේ නමෙහි තේරුම "එක් දෙවියෙකු පමණක් ඇති බව අදහන, ඉස්ලාමයේ සතුරන්ට එරෙහිව යුධවදින්නන්ගේ එකමුතුව"ලෙස සරළව පරිවර්තනය කල හැකියි.

මෙහි සමාරම්භක නායකයා වන්නේ ජෝර්දාන ජාතික ත්‍රස්ත්වාදියෙකු වන අබු මුසාබ් අල්-සාක්වාකී නැමැත්තායි. සෝවියට්-ඇෆ්ඝන් යුද්ධයේදී සෝවියට් හමුදාවලට එරෙහිව සටන්වදින්නට ඇෆ්ඝනිස්තානයට ගිය සාක්වාකී සෝවියට් හමුදා පිටත්ව යාමෙන් පසු යලි ජෝර්දානයට පැමිණියත් පසුව ඇෆ්ඝනිස්ථානයේදී ඔහු හඳුනාගත් ඔසාමා බින් ලාඩන් සැපයූ අරමුදල් සමගින් සිය අලුත් සංවිධානයේ සටන්කරුවන් පුහුණු කිරීම සඳහා ඇෆ්ඝනිස්ථානයේ හීරැට් නම් ප්‍රදේශයේ පිහිටි පුහුණු කඳවුරකට අනුයුක්ත වුනා.

අල්-සාක්වාකීගේ මූළධර්මවාදී ඉස්ලාමිය අදහස් බින් ලාඩන්ගේ හා ඔහු මූලිකත්වය දැරූ අල්-කේඩා සංවිධානයේ අදහස්වලටත් වඩා අන්තවාදී බව බින් ලාඩන් විසින් පවා සඳහන් කොට ඇති අතර, මේ හේතුවෙන් දෙදෙනා අතර මතගැටුම්ද ඇතිවී තිබෙනවා. අබු මුසාබ් අල්-සාක්වාකීගේ මතවාදය අනුව ශියා මුස්ලිම්වරුන් පවා දුටු තැන මරාදැමිය යුතු ඉස්ලාම් නොවන අශුද්ධයින් වුනා.

කෙසේවෙතත් අල්-සාක්වාකී සිය Jama'at al-Tawhid wal-Jihad සංවිධානය ආරම්භකලේ ජෝර්දානයේ රාජාණ්ඩුව පෙරලා දැමීමටයි. එය මුස්ලිම් විරෝධී රජයක් බවට ඔහු විශ්වාස කලා. ඒ සඳහා අරගලයට සටන්කාමීන් පුහුණු කිරීමටයි ඔහු ඇෆ්ඝනිස්ථානයට පැමිණියේ. 2001දී ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කල පසු, අල්-සවාරී හා ඔහුගේ කල්ලිය ඊසානදිග ඉරාකයට පැනගියා.

2003දී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කලවිට අල්-සාක්වාකී සිය සටන්කාමීන් ඇමරිකන් හමුදාවලට එදිරිව යෙදවූ අතර එහිදී ඇමරිකානුවන් මරාදැමීමට ආශාවෙන් ඉරාකයට පැමිණි විදෙස් ජිහාඩින් විශාල ප්‍රමාණයක් හා ඉරාක ජාතිකයින් විශාල ප්‍රමාණයක් අල්-සාක්වාකීගේ Jama'at al-Tawhid wal-Jihad  සංවිධානයට බැඳී ඇමරිකානුවන් හා සටන් කලා.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කාර් බෝම්බ, සැඟවූ බෝම්බ, ආර්.පී.ජී ප්‍රහාර ආදිය භාවිතා කරමින් ඇමරිකානු හමුදා, සහන සේවකයින්, ඉරාක හමුදා සෙබලුන්, වාර්තාකරුවන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයි ආදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කල අල්-සාක්වාකීගේ ජමාත් කල්ලිය, ඒවා වීඩියෝ කරමින් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරමින් සිය සංවිධානයට අරමුදල් හා සටන්කාමීන් ආකර්ෂණය කරගත්තා.

2004 ඔක්තෝම්බරයේදී අල්-සාක්වාකී සිය සංවිධානය, බින් ලාඩන්ගේ අල්-ක්වේඩා සංවිධානයට පක්ෂපාත බව ප්‍රකාශකල අතර ඒ පක්ෂපාතිත්වය වෙනුවෙන් දිවුරුමක්ද දී සිය සංවිධානය අල්-කේඩා හා ඒකාබද්ධ කලා. මෙහිදී අවධානයේ තබාගත යුතු කරුණක් වන්නේ අල්-කේඩා යනු තනි සංවිධානයක් නොව ඉස්ලාමීය ජිහාඩි සංවිධාන සමූහයක එකතුවක් බවයි.

2006දී අල්-සාක්වාකී ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගියා. 2006න් පසු මෙහි නායකයා වූයේ අබු ඔමර් අල් කුරාෂී අල් බැග්ඩෑඩී නම් නම් ත්‍රස්තවාදියායි.




Islamic State of Iraq (ISI) - (2006-2013)

2006දී ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් (අයි.එස්.අයි ) නමින් නම වෙනස්කරගත් Jama'at al-Tawhid wal-Jihad සංවිධානය අබු ඔමර් අල් කුරාෂී අල්-බැඩෑඩීගේ නායකත්වය යටතේ ඉරාකයේ ඇතැම් පෙදෙස්වල කාලිෆේට් රාජ්‍යක් හෙවත් මහම්මත්තුමාගෙන් පැවත එන කාලිෆ් නම් නායකයෙකු යටතේ පාලනය වන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කලා. මෙම නව රාජ්‍යයේ එමීර්වරයා ලෙස බැග්ඩෑඩී පත්වුනා. එය පාලනය කිරීම සඳහා දස දෙනෙකුගෙන් යුතු කැබිනෙට්ටුවක්ද පත්කර ගත්තා.

2007දී ඇමරිකානු රජය, ඉරාක යුද්ධයට නව ජවයක් යෙදැවූ අතර මෙයින් වූයේ අයි.එස්.අයි සංවිධානයට දැඩි හානි සිදුවුන අතර 2008දී දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව සිටියා. මෙයට තවත් හේතුවක් වූයේ අයි.එස්.අයි කල්ලිය පාලනය කල පෙදෙස් දැඩි ඉස්ලාමීය නීති හා කෲර වදහිංසා භාවිතා කරන්නට යාම නිසා ඔවුන්ට එම පෙදෙස්වල ජනයාගේ හා එම පෙදෙස්වලින් මොවුන්ට එකතුව සිටි සටන්කාමීන් අරගල කරමින් සංවිධානය අතහැර යාමට පටන් ගැනීමයි.

2010දී අයි.එස්.අයි කල්ලියට තවත් දැඩි පසුබෑමක් ඇතිවුනේ අල්-බැග්ඩෑඩී හා උප නායක අල් මස්රී යන දෙදෙනාම ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරවලින් මියයාමයි. ඉන් පසු අයි.එස්.අයි කල්ලියේ නායකත්වය භාරගත්තේ අබු බකර් අල්-බැග්ඩෑඩි නම් ත්‍රස්තයා වන අතර ඔහු තවමත් අයි.එස්.අයි හා එහි අනුප්‍රාප්තික සංවිධානය වන අයි.එස්.අයි.එල් සංවිධානයට නායකත්වය දෙනවා.

අබු බකර් අල්-බැග්ඩෑඩි, ඇමරිකානුවන් විසින් මරාදැමූ සිය සංවිධානයේ ඉහල නායකත්ව තනතුරුවලට සදාම් හුසේන්ගේ හමුදාවල සිට, ඇමරිකානුවන් විසින් වසර ගණනාවක් සිරකොට ගෙන සිටි ඉරාක හමුදා නායකයින් පත්කර ගත්තා. ඇමරිකානුවන් හා දැඩි වෛරයෙන් සිටි ඔවුන්, අයි.එස්.අයි සංවිධානය නැවත ශක්තිමත් කරමින් ඇමරිකානුවන්ට දැඩි ප්‍රහාර එල්ලකරන්නට පටන් ගත්තා. 2013වන විට ඉරාකය පුරා කාර් බෝම්බ පුපුරවමින් ජන ජීවිතය අස්තාවර කරමින්, ඉරාක රජය අකර්මන්‍ය කරන්නට ඔවුන් ක්‍රියාකල අතර මොවුන්ගේ කෲර ත්‍රස්ත ක්‍රියා නිසා මසකට ඉරාක වැසියන් 1000කට වඩා මිය යන තත්වයක් 2013 අවසන්වන විට ඉරාකයේ ඇතිවී තිබුණා.

Islamic State of Iraq and the Levant (ISIL) (2013–2014)

2013 අප්‍රේල් මස හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්කල අබු බකර් අල්-බැග්ඩෑඩි අයි.සි.ස් සංවිධානය හා අල්-ක්වේඩා යටතේ ඇති සංවිධාන සියල්ල මෙන්ම සිරියාවේ අසාද් රජයට විරුද්ධව සටන්වදින අල් නුස්රා සටන් පෙරමුණ එක්කොට "අල් නුස්රා"නම් පෙරමුණක් බිහිකොට ඇති බවත් එහි නායකත්වය අයි.සි.ස් සංවිධානය විසින් ලබාගෙන ඇති බවත් ප්‍රකාශකලා.

මේ ඒකාබද්ධ පෙරමුණ මින් ඉදිරියට ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් ද ලෙවන්ට් හෙවත් ඉරාකය හා සිරියාව ඇතුලත් ලෙවන්ට් ලෙස හඳුන්වන ප්‍රදේශයද ඇතුලත්ව බිහිකල කාලිෆේට් රාජ්‍යය ලෙස ක්‍රියාත්මකවන බවද පැවසූවා. ලෙවන්ට් යනුවෙන් හඳුන්වන අති විශාල ප්‍රදේශය පැරණි සිරියන් රාජධානි පැවති ප්‍රදේශයක් වන අතර මේ යෙදුම 15වැනි ශතවර්ෂයේ සිටම භාවිතා වනවා. පැරණි ලෙවන්ට් ප්‍රදේශයට සිරියාව, ඊශ්‍රයලය, ජෝර්දානය, පලස්තීනය හා සයිප්‍රසයද ඇතුලත් අතිවිශාල භූමි ප්‍රදේශයක්

එම වසරේදීම ඉරාකයේ ඇමරිකානු සිරකඳවුරු වලට දැඩි ප්‍රහාරමාලාවක් එල්ලකල අයි.එස්.අයි.එල් ත්‍රස්තයින් ඉරාක යුද්ධයේදී ඇමරිකානුවන් හා සටන්වැදී විශාල පන්නරයක් ලබාගෙන සිටි සටන්කාමීන් 500ක් පමණ නිදහස්කර ගත්තා.

අල් බැග්ඩෑඩිගේ බලහත්කාර එකමුතුව තරයේ ප්‍රතික්ෂේප කල අල් ක්වේඩා සංවිධානය බැග්ඩෑඩිගේ ISIL කාලිෆෙට් සංවිධානය අතර ඇතිවී තිබූ දැඩි බළ අරගලය අවසන් වුනේ බැග්ඩෑඩිගේ ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් ලෙවන්ට් (ISIL) සංවිධානය සමග සියලුම ආකාරයේ ගණුදෙනු හා සහයෝගීතාවයන් අත්හැර දමන බවට අල්-කේඩා නායකත්වය සිදුකල ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමගයි. අල් නුස් රා සංවිධානයේ නායකත්වයද, සිය සටනට බලෙන් එක්ව, සිය සංවිධානයේ නම පවා උදුරාගන්නට උත්සහකල බැඩ්ගෑඩිගේ යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ශේප කලා.

කෙසේ වෙතත් විවිධ ඉරාක හා සිරියන් සටන්කාමී සංවිධාන ඒකාබද්ධ කරගැනීමට සමත්වූ අල්-බැග්ඩෑදී දරුණු සටන්වලින් පසුව 2014 වනවිට ඉරාකයේ මෝසුල් හා ෆලූජා නගර හා සිරියාවේ රඛා හා ඇලෙප්පෝ නගරද ඇතුලු විශාල ප්‍රදේශයක බලය තහවුරුකරගෙන එම විශාල ප්‍රදේශය Islamic State of Iraq and the Levant කාලිෆේටය ලෙස පාලනය කලා.

Islamic State (2014-2019)

2014 ජූනියේදී අබු බකර් අල්-බැග්ඩෑඩි, අලුතින් අල්ලාගත් ඉරාකයේ හා සිරියාවේ භූමිප්‍රදේශයන් දැඩි ශරියා නීතිවලින් පාලනය වල, සියලුම අන්‍යාගමික අශුද්ධයින්ගෙන් පිරිසිදු ශුද්ධවූ ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් කාලිෆේටයක් බවට ප්‍රකාශකල අතර සිය සටන ලොව පුරා ව්‍යාප්තකරන බවට ශපත කලා. ඒ අනුව global caliphate හෙවත් ලොවපුරා පැතුරුණු කාලිෆේටයක් ප්‍රකාශයට පත්කලා.

ඒ අනුව ලොවපුරා මුස්ලිම් රාජ්‍ය හා මුස්ලිම් බැතිමතුන් වාසය කරන සියලුම රටවල් මුස්ලිම් වැසියන්ගේ දේශපාලනික, ආගමික, ආර්ථික හා යුධමය කටයුතු සියල්ලම සිය කාලිෆේටය යටතට පත්වන බව ප්‍රකාශයට පත්කලා. මේ කාලිෆේටය ඉස්ලැමික් ස්ටේට් ලෙස හඳුන්වන බව පැවසූ බැග්ඩෑඩී, තමන් මේ ලෝක ඉස්ලාමීය කාලිෆේටයේ කාලිෆ් වරයා ලෙස ක්‍රියාකරන බවත් පවසා සිටියා.

2014 ජූලිය වනවිට ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටය වෙනුවෙන් සටන් කිරීමට නව සටන්කාමින් 6300කට අධික ප්‍රමාණයක් සිරියාව තුලට පිවිස සිටියා. මොවුන් බොහෝ දෙනෙක් විදේශික මුස්ලිම්වරුන් වන අතර ඔවුන් අතර පාකිස්තානුවන්, මාලදිවයින් ජාතිකයින්, බංගලිදේශ් ජාතිකයින් මෙන්ම ලංකාවෙන් ගිය මුස්ලිම් තරුණයින්ද වුනා.

2015වන විට ඉස්ලැමික් ස්ටේට් සටන්කාමීන් ලිබියාවේ ට්‍රිපොලි හා බෙන්ගාසි යන නගරකරාද පැතිර සිටි අතර ඊජිප්තුව, යේමනය, පිලිෆීනයේ ඉස්ලමීය සටන්කාමී සංවිධානද ඉස්ලැමික් ස්ටේට් රාජ්‍යයට සිය පක්ෂපාතීත්වය ප්‍රකාශකොට ඉරාක-සිරියා සටන්බිම් වලට සටන්කාමීන් යවන්නට වුනා. ඇෆ්ඝනිස්ථානයේද ඉස්ලැමික් ස්ටේට් සාමාජිකයින් සිටියත් ඔවුනට දැඩි ලෙස විරුද්ධවූ ඇෆ්ගන් තලේබාන්වරුන් ඉස්ලැමික් ස්ටේට් සාමාජිකයින් යයි හඳුනාගත් සියලුදෙනා මරාදමන්නට වුනා. එමෙන්ම ඉස්ලැමික් ස්ටේට් වෙනුවෙන් ඇෆ්ඝන් සටන්කාමීන් ආකර්ෂණය කරගැනීමේ නිරතවුනු මුල්ලා අබ්ඩුල් රවුෆ් ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය නිසා ඇෆ්ඝනිස්තානයේ ඉස්ලැමික් ස්ටේට් ක්‍රියාකාරකම් විශාල ලෙස අඩුව ගියා.

2015-2017 ඉරාකයේ හා සිරියාවෙ දැඩි පසුබෑම්වලට ලක්වන්නට ඉස්ලැමික් ස්ටේට් සටන්කාමීන්ට සිදුවූ අතර ඉරකායේ හා යේමනයේ ඇමරිකන් ප්‍රහාර, සිරියාවේ, අසාඩ් රජය හා රුසියාව එක්ව සිදුකල ප්‍රහාර, ඉරානය සිය දේශසීමා අසල ඉස්ලැමික් ස්ටේට් කඳවුරු හා බලකොට වලට එල්ලකල ප්‍රහාර හමුවේ දැඩි ලෙස පසුබාන්නට අල්බ් ඇග්ඩෑඩීට සිදුවූ අතර 2019 දෙසැම්බර් මසවන විට ඉස්ලැමික් ස්ටේට් සංවිධානයට ඔවුන් 2014-2015 කාළයේ පාලනය කල සියලුම ලිබියානු, ඉරාක හා සිරියානු භූමිපෙදෙස් අහිමිව ගිය අතර සටන්කාමින් 10,000කට අධික පිරිසක් මියගියා.

ලෝක ත්‍රස්තවාදයට යොමුවීම හා ලොවපුරා ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාර උත්සන්න වීම

2015 සිටම දැඩිලෙස ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවූ විට අල් බැඩ්ඩෑඩී නව සාමාජිකයින් බඳවාගන්නට හා විදෙස් රටවල මුස්ලිම්වරුන් රැඩිකල් කරමින් එම රටවල ත්‍රස්තක්‍රියා ඇති ඇතිකිරීමේ ව්‍යාපරයක් පටන් ගත්තා. මේ මගින් මුස්ලිම් ජනයාට වින කරන අශුද්ධ ක්‍රිස්තියානින් හා වෙනත් ආගමිකයින් මරාදැමීමට එම රටවල මුස්ලිම් තරුණයින් බඳවා ගැනීමේ රැඩිකල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට පටන්ගත්තා.

ඇල් බැග්ඩෑඩිගේ ලෝක ඉස්ලාමීය රාජ්‍යය විසින් ලොව පුරා සිදුකරන ලද කෲර ඝාතනයන් පිලිබඳ කෙටිසටහනක් පහතින් තිබෙනවා.

2015 ටියුනීසියානු ප්‍රහාරය - ටියුනීසියාවේ ප්‍රකට සංචාරක මධ්‍යස්ථානකට එල්ලකල ප්‍රහාරයකින් යුරෝපීය සංචාරකයින් 38ක් මියගියා.

2015 ටියුනීසියානු ජාතික කෞතුකාගාර ප්‍රහාරය - විදෙස් සංචාරකයින් ඇතුලු 24ක් මියගියා

2015 යේමනයේ සනානා ශියා පල්ලියට එල්ලකල ප්‍රහාරය - මේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දෙවියන් යදිමින් සිටි ශියා බැතිමතුන් 142ක් මියගියා.

2015 රුසියානු සංචාරකයින් ප්‍රවාහණය කරන Metrojet Flight 9268 පියාසැරිය ගුවනේදී පුපුරුවා හැරීම - රුසියානු සංචාරකයින් ඇතුලු 224ක් මියගියා.

2015 තුර්කියේ අන්කාරා නුවර ප්‍රහාරය - අනකාරා නුවර මධ්‍යම දුම්රියපොලට එල්ලකල ප්‍රහාරයෙන් තුර්කි වැසියන් 109දෙනෙකු මියගියා.

2015 ප්‍රංශයේ පැරිස් ප්‍රහාරය - මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් ප්‍රංශ වැසියන් 130ක් මියගියා.

2016 තුර්කියේ ඉස්තාන්බුල් බෝම්බය - විදෙස් සංචාරකයින් 11ක් මියගි

2016 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බෝම්බ ප්‍රහාරය - සිවිල් වැසියන් 32ක් මියගියා

2016 තුර්කියේ ඇටාටර්ක් ගුවන්තොටුපොල - සංචාරයකයින් ඇතුලු සිවිල් වැසියන් 48ක් මියගියා.

2016 ප්‍රංශයේ නීස් නුවර ප්‍රහාරය - සිවිල් වැසියන් 106ක් මියගියා.

2016 ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ප්‍රහාරය - ශියා භක්තික සිවිල් වැසියන් 80ක් මියගියා

2016 ජර්මනියේ බර්ලින් ප්‍රහාරය - සිවිල් වැසියන් 12ක්

2017 තුර්කියේ ඉස්තාන්බුල් ප්‍රහාරය - රාත්‍රී සමාජශාලාවක් සිදුවූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හා සංචාරකයින් 39ක් මියගියා.

2017 බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රහාරය - සංගීත සංදර්ෂණයකදී සිදුවූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 22ක් මියගියා

2017 ඉරානයේ ටෙහෙරාන් ප්‍රහාරය - සිවිල් වැසියන් 18ක් මියගියා

2018 පාකිස්තාන ප්‍රහාරය - සිවිල් වැසියන් 131ක් මියගියා

2019 ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව හා මඩකළපුව (මියගිය ගණන දිනෙන් දින ඉහල යන බැවින් එය සඳහන් කරන්නේ නැත )


https://en.wikipedia.org/wiki/Jama%27at_al-Tawhid_wal-Jihad
https://en.wikipedia.org/wiki/Islamic_State_of_Iraq_and_the_Levant
https://www.dailymail.co.uk/news/article-6951609/Inside-factory-Sri-Lanka-jihadists-plotted-slaughter-Christians.html
https://qz.com/248787/a-short-political-history-of-the-barbaric-terrorists-who-call-themselves-the-islamic-state/



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR ATTACKS : ලංකා ජමාත් ත්‍රස්තයින් හා ඔවුන්ගේ IS මෙහෙයුම්කරුවන් හඳුනාගැනීමට උපකාරිවුනු මොරොක්කෝ බුද්ධි අංශය

$
0
0


DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.

ලංකා බුද්ධි අංශවලට, පාස්කු ප්‍රහාරයේ යෙදුනු ත්‍රස්තයින් නවදෙනාගේ අනන්‍යතාවය, ඔවුන් අයත් ලංකා මුස්ලිම් අන්තවාදී සංවිධානය හා ඔවුන්ගේ විදේශවෙල වෙසෙන ඉස්ලැමික් ස්ටේට් (IS) මෙහෙයුම්කරුවන් (handlers) හඳුනාගැනීමට මොරොක්කෝ ත්‍රස්ත-නාෂක බුද්ධි අංශ මගින් ලබාදුන් ඉතා රහස්‍ය තොරතුරු උපකාරීවූ බව ඉන්දියාවේ පලවන බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කරනවා.

ප්‍රහාර සිදුවූ බව ආරංචිවූ වහාම රහසේම සිය ඔත්තුකරුවන් මෙහෙයවා ඇති මොරොක්කෝ බුද්ධි අංශ මේ පිලිබඳව තොරතුරු සිය ඔත්තුකරුවන් ජාලය හරහා ලබාගෙන ඇති අතර ප්‍රහාර සිදුවී පැය හතලිස් අටක් යන්නටත් මත්තෙන් ඒ තොරතුරු ලංකා හා ඉන්දීය බුද්ධි අංශවෙත ලබාදී තිබෙනවා.


මේ ප්‍රහාරය විදෙස් ත්‍රස්ත සංවිධානයක් මගින් මෙහෙයවන්නට ඇතැයි යන්න බොහෝ විශ්වාසයකින් ප්‍රකාශකරන්නට අගමැතිවරයාට හා රජයේ වෙනත් මාධ්‍ය ප්‍රකාශකයින්ට හැකිවී ඇත්තේ මෙම බුද්ධි තොරතුරු මතයි. ඒ අනුව ලංකාවේ විමර්ෂකයින්ට හා බුද්ධි අංශවලට වේගයෙන් ත්‍රස්තයින් හඹා යන්නට හා ඔවුන් පැන යාමට පෙර අල්ලාගැනීමට මේ තොරතුරු උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි.

එමෙන්ම තවත් ප්‍රහාර කිහිපයක් එල්ලවීමට ඉඩ ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු travel advisory නිවේදනය හා ඉන්දියානු බුද්ධි අංශ අණතුරු ඇඟවීම් තිබූ අතර ප්‍රහාරකයින් සැලසුම් කොට තිබූ මේ ප්‍රහාරද අතරමග අත්හැර දැමීමට මේ තොරතුරු හේතුවන්නට ඇති.

උදාහරණයක් ලෙස ගුවන්තොටුපොල සිට එන මාර්ගයේ තිබූ විශාල පයිප්ප බෝම්බය කුමන හේතුවකට එතැනට ගෙනාවාද? සමහර විට විදෙස් ගතව සිටි ජනාධිපතිවරයා ප්‍රහාර ආරංචිවූ සැනින් ලංකාවට පැමිණෙන බව අනුමාන කල ත්‍රස්තයින් ඔහුව ඉලක්ක කලා වන්නට පුලුවන. ඔහුගේ පැමිණීම ප්‍රමාදවන විට ඔවුන් එය අතහැර පලා ගියා වන්නට පුලුවන්. 

එසේම අග්‍රාමාත්‍යවරයාද පැය 48 යනතෙක් විපතට පත්වූවන් බලන්නට නොගිය බවට චෝදනා තිබුණද ඔහුද ඉලක්කයක් බවට බුද්ධි තොරතුරු ලැබුණා විය හැකිය. මේවා මාධ්‍යවලට හෙලිකරමින්, මාධ්‍ය සංදර්ශ නොපවත්වන්නේ මේ තොරතුරු අපවෙත ලබාදීම සඳහා දිවි පරදුවට තබා ක්‍රියාත්මකවන දෙස් විදෙස් බුද්ධි අංශවල ඔත්තුකරුවන් ආරක්ෂාකරගැනීමටයි.

අග්‍රාමාත්‍යවරයා පවා විදෙස් මාධ්‍ය සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ සමහර පැණවලදී, පරීක්ෂණවලට බාධාවන නිසා තමන්ට ලබාදිය හැක්කේ සීමිත තොරතුරු පමණක් බව ප්‍රකාශකලා.

අහන්න ලැබෙන්නෙවත් නැති මොරොක්කෝව මෙයට සම්බන්ධ වුනේ කොහොමද?

ලංකාව මෙන් තුන්ගුණයක් පමණ විශාල මොරොක්කෝව උතුරු අප්‍රිකාවේ මධ්‍යධරණී මුහුදට මුහුණලා පිහිටා තිබෙනවා. ඉතා සෞම්‍ය දේශගුණයක් ඇති මෙය යුරෝපීය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක්. රාජාණ්ඩුවක් මගින් පාලනයවන මොරොක්කෝවේ ජනගහනය මිලියන 35ක් වන අතර ඉන් වැඩි දෙනා සුන්නි ඉස්ලාම් භක්තිකයින් වෙනවා.

ඉස්ලැමික් ස්ටේට් වැනි සංවිධානද සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන බැවින් මොරොක්කෝව නිරන්තරයෙන් ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ගොදුරුවන රටක්.

මොරොක්කෝ තරුණයින් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට සහයදීම වැඩිවෙමින් ඇති අතර ඒ නිසාම නිතර නිතර ත්‍රස්ත ප්‍රහාරවලට බඳුන්වනවා. මේ ප්‍රහාර වැඩිවශයෙන්ම ඉලක්ක කරගන්නේ විදෙස් සංචාරකයින්. ඊයේ, එනම් අප්‍රේල් 23වැනිදාත් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට හිතෛෂී තරුණයින් 7 දෙනෙකු ආයුධ හා අන්තවාදී ප්‍රකාශ පත්‍රිකා සමග අත් අඩංගුවට ගත් බව මොරොක්කෝ ත්‍රස්ත නාෂක පොලීසිය ප්‍රකාශකලා. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය හා ඇමරිකාව, ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි රටක් ලෙස මොරොක්කෝව පිලිබඳව travel advisoryනිකුත්කර තිබෙනවා.

එමෙන්ම ස්පාඤ්ඤයේ සෙවයිල් නුවර පාස්කු දින ප්‍රහාරයක් සඳහා සූදානම්වූවායයි සැක කෙරෙන ඉස්ලැමික් ස්ටේට් ජිහාඩියෙකු මොරොක්කෝවේදී අත් අඩංගුවට ගත්බව අප්‍රේල් 17 වැනිදා ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශය පැවසූවා. ස්පාඤ්ඤ-මොරොක්කෝ ඒකාබද්ධ බුද්ධි අංශ මෙහෙයුමක් මේ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු හෙලිකරගත් බවයි පැවසෙන්නේ.

මේ හේතුව නිසා මොරොක්කෝව ඉස්ලැමික් ස්ටෙට් හා අනෙකුත් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තයින් පිලිබඳව තොරතුරු සොයාබැලීමට ඉතාමත් සූක්ෂම ඔත්තුසේවා ජාලයක් පවත්වාගෙන යනවා. එමෙන්ම මොරොක්කෝ ත්‍රස්ත නාෂක පොලීසිය හා බුද්ධි අංශ ඉතා හොඳින් පුහුණුව ලැබූ, දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන නිළධාරීන්ගෙන් සමන්විත වන අතර එම බුද්ධි අංශ ඇමරිකානු, යුරෝපීය, බ්‍රිතාන්‍ය හා ඉන්දියානු බුද්ධි අංශ සමගද වෙනත් මිත්‍ර අරාබි රටවල්වල බුද්ධි අංශ සමගද ඉතාමත් සහයෝගයෙන්, බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින්, සම්බන්ධීකරණය කරනවා.

ලංකා ජමාත් කල්ලියේ ප්‍රහාර සැලවූ විගස ඒ පිලිබඳව ඉතාමත් ඉක්මණින් තොරතුරු සොයාගැනීමට මොරොක්කෝ බුද්ධි අංශවලට හැකියාව ලැබුණේ මේ නිසා බවයි ආරක්ෂක තොරතුරු විචාරකයින් පවසන්නේ.

Sources
https://www.business-standard.com/article/news-ians/morocco-shared-key-intelligence-with-sri-lanka-india-on-bombings-ians-exclusive-119042400494_1.html
https://thedefensepost.com/2019/04/17/spain-jihadist-planning-seville-attack-arrested-morocco/
https://www.gov.uk/foreign-travel-advice/morocco/terrorism


__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR ATTACKS : ලංකා IS ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන් රැඩිකල් වුනේ බ්‍රිතාන්‍යයේ ?

$
0
0


ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්

ඉන්සාන් සීලවන් ධනවත් කර්මාණ්තශාලා හිමිකරුවෙකි. සුඛෝපභෝගී ලෑන්ඩ්කෲසර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා නිතර විදේශගත වේ. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලය පුපුරුවා හැරි එක් බෝම්බ කරුවෙකි.

ඉන්ෂාෆ් ඉබ්‍රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයෙක මොහොමඩ් යූසුෆ් ඉබ්‍රහීම් නැමැත්තාගේ පුත්‍රයෙකි. ඔහු දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවායි. ඔහුගේ සොයුරා ඉල්හාම් ඉබ්‍රහිම් (32) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරවාහැරි බෝම්බකරුවායි.   

ඉන්ෂාෆ් ඉබ්‍රහීම් (වම් පස) දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවා හා ඔහුගේ සොයුරු ඉල්හාම් ඉබ්‍රහිම් (දකුණු පස) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරුවා හැරි ජිහාඩියායි.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් කොළඹ ටජ් සමුද්‍රා හෝටලයට බෝම්බයක් රැගෙන ගියත්, එය පිපිරී නොයෑම නිසා යලි ඔහු කාමරයක් වෙන්කරවාගෙන සිටි දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් කුඩා හෝටලයට ගිය අතර. එහිදී බෝම්බය පුපුරාගියේය. අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක වසර දෙකක් උපාධිය හදාරා පසුව ඔස්ට්‍රේලියාවේදී පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරා යලි ලංකාවට පැමිණියෙකි.

එමෙන්ම ඉන්ෂාෆ් ඉබ්‍රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරික පියාගේ කුළුබඩු ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) වූ ඉන්ෂාෆ් ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන පසුව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකද අධ්‍යාපනය ලබා ඇත. ඔහු පවුලේ සොයුරන් අතරින් දක්ෂම ව්‍යාපාරික මොළකරුවා බව පැවසේ.

බටහිර පන්නයේ නවතම විලාසිතා පරිහරණය කල, සුඛෝපභෝගී, සුපිරිකාර් භාවිතාකල, දරුවන් සිව් දෙනෙකුගේ පියෙකුවූ මේ කෝටිපති තරුණයන් රැඩිකල් ජිහාඩින් වී මරාගෙන මැරෙන්නට තීරණය කලේ කෙසේද? කාගේ අනුදැනුම යටතේද යන්න විමර්ෂකයින්ට විශාල ගැටලුවක් වී තිබෙනවා.

ඉතා ධනවත් මොවුන් රැඩිකල් ඉස්ලාම්වාදයට ගොදුරුවී ජිහාඩින් වුනේ බ්‍රිතාන්‍යයේදීද?

තව්හීඩ් ජිහාඩින්ගෙන් කිහිපදෙනෙකු බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබීම හා නිතරම බ්‍රිතාන්‍යයට ගමන්කොට තිබීම නිසා බ්‍රිතාන්‍ය ආරක්ෂක හා ඔත්තුසේවා මේ වනවිට දැඩි තිගැස්මකට පත්වී තිබෙනවා. මේ වනට විටත් බ්‍රිතාන්‍යයේ MI5, MI6 හා ස්කොට්ලන්ඩ් යාර්ඩ් ඔත්තුසේවා විමර්ෂකයින් ලංකාවට පැමිණ තොරතුරු සොයන අතර මොවුන් බ්‍රිතාන්‍යයේදී හමුවුනේ කවුරුන්ද, ඇසුරුකලේ කවුරුන්ද යන්න සොයා බැලීම දැඩි  අවශ්‍යතාවයක් ලෙස බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සළකන්නේ තවමත් ඔවුන්ට අල්ලාගත නොහැකිවුනු රැඩිකල් ජිහාඩින් මේ බෝම්බකරුවන් ඇසුරුකරන්නට ඇතැයි යන සැකය නිසායි.

බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ඇන්තනි ලීස් පවසන අන්දමට ලංකා ජිහාඩින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ 2006-2009 අවධිය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා මුස්ලිම් සිසුන් අතර මූලධර්මවාදී මතවාදයන් දැඩිලෙස පැතිර තිබූ සමයක් බවයි. විශ්වවිද්‍යාලවල ඇති විවිධ ශිෂ්‍ය සමාජ හරහා රැඩිකල් ජිහාඩි මතවාද, ලෝකයේ විවිධ රටවලින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණෙන මුස්ලිම් සිසුන් රැඩිකල් කරන්නට ක්‍රියාකොට තිබෙන බව ඔහු පවසනවා.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යය ජාතික අරබි සම්භවයක් ඇති තරුණයෙකු වූ මොහොමඩ් එම්වාසි 2006-2009 වසරවල බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් සරසවියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බවත්, එහිදී රැඩිකල් මූළධර්මවාදයේ ගොදුරක් බවට පත්වූ ඔහු පසුව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට බැඳී ඉරාකයේ මිනිස් ඝාතන සිදුකල බවත්, ඔහු රැඩිකල් වන්නට ඇත්තේ සරසවියේ ඉස්ලාමීය ශිෂ්‍ය සංගම්වලදී හමුවූ වෙනත් රැඩිකල් මතධාරී සිසුන් හා ඔවුන් පිටුපස සිටින රැඩිකල් ඉමාම්වරුන් ඇසුරෙන් බවයි මහාචාර්ය ලීස් අනුමාන කරන්නේ. 

සුප්‍රකට ජිහාඩි ජෝන් නමින් හැඳින්වෙන අයි.සි.ස් අළුගෝසුවා මොහොමඩ් එම්වාසි බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. 2015 නොවැම්බරයේදී සිරියාවේ රඛා නුවරදී ජිහාඩි ජෝන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ඩ්‍රෝන යානා දෙකකින් එල්ලකල මිසයිල ප්‍රහාරයකින් මියගියා.

2006 වසර ඇතුලත් කාළ පරිච්ඡේදය බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ මුස්ලිම් තරුණයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඊට ටිකකලට පසු විවිධ ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධවීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල, ඉස්ලාමීය සිසුන් රැඩිකල් බවට පත්කරන, රැඩිකල් තිඹිරිගෙවල් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විශ්වාස කරනවා.


ඡායාරූපය : 2016 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මොහොමඩ් යූසුෆ් ඉබ්‍රහීම්  (ඉෂානා එක්ස්පෝර්ට්ස් සභාපති) අපනයන සම්මානයක් ලබාගන්නා අතර ඔහු අසල සිනාමුසු මුහුණින් සිටින්නේ මොහොමඩ් යූසුෆ් ඉබ්‍රහීම්ගේ වැඩිමහල් පුත් ඉන්ෂාෆ් ඉබ්‍රහීම්ය.ඔහු ෂන්ග්‍රී-ලා හෝටලයේ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එකෙකි. ඔහුගේ බාල සොහොයුරා ඉල්හාම් ඉබ්‍රහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විනාශකල මාරක ජිහාඩියායි.

ඉන්දියානු, බන්ගලිදේශ හා ඇෆ්ඝන් ජිහාඩින් හා සම්බන්ධයි

ජමාත් සංවිධානයේ යූටූබ් කෑකෝපප්පා මෙන්ම එම සංවිධානයේ නායකයා/නිළ ප්‍රකාශකයා හා න්‍යායාචාර්යවරයා වන මොහොමඩ් සහරාන් හෂීම් ධනවතෙකු නොවන අතර, දුප්පත් පවුලකින් පැවත එයි. එහෙත් ඔහු රැඩිකල් ඉස්ලාම් න්‍යායයේ විද්‍යාර්ථියෙකුවන අතර දක්ෂ කථිකයෙකු හා විවාදයෙහි දක්ෂයෙකි.

පසුගිය නොවැම්බරයේදී ඉන්දියාවේ සිදුකල මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ඉන්දියානු අයි.එස් රැඩිකල් සාමාජිකයින්ගෙන් ප්‍රශ්ණකිරීමේදී හා ඔවුන් සමග තිබී අත් අඩංගුවට ගත් සී.ඩී තැටි, USB පෙන්ඩ්‍රයිව් හා ජංගම දුරකථන ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණවලදී මොහොමඩ් සහරාන් හෂීම් හා ඔහුගේ ත්‍රස්ත සගයින් ගැන බොහෝ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවිසින් ලංකාවට ලබාදුන් අතර බෝම්බ ප්‍රහාර එල්ලවූ දිනයේ අන්තර්ජාලය හරහා හුවමාරුවුනේ මේ තොරතුරු ඇසුරින් අපගේ බුද්ධි අංශ සකස්කල වාර්තාවක්.

මේ ඉන්දියානු විමර්ෂණයේදී හෙලිවූ තවත් කරුණක් වන්නේ මොහොමඩ් සහරාන් හෂීම් නිතර නිතර බංගලිදේශයේ ඉස්ලැමික් ස්ටේට් ක්‍රියාකාරින් හා සම්බන්ධතා පවත්වා තිබෙනවා.

එමෙන් තවත් වාර්තාවකට අනුව මොහොමඩ් සහරාන් හෂීම් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලැමික් ස්ටේට් කල්ලියක් සමගද සබඳතා පවත්වා ඇති බවයි. හෂීම් ඇෆ්ඝන් ඉස්ලැමික් ස්ටේට් ජිහාඩින් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ජංගම දුරකථන වාර්තා පවා ඉන්දියාව සතුව තිබෙනවා.


https://www.dailymail.co.uk/news/article-6953737/Sri-Lanka-suicide-bombers-studied-UK-says-countrys-defence-minister.html
https://www.dailymail.co.uk/news/article-6955605/First-pictures-Sri-Lankas-middle-class-suicide-bomber-brothers-murdered-innocents.html
https://www.abc.net.au/news/2019-04-25/pregnant-wife-of-sri-lanka-bomber-detonates-suicide-vest/11045306
https://www.asiatimes.com/2019/04/article/sri-lankan-bombers-unmasked-amid-intell-fiasco/
https://www.theguardian.com/world/2019/apr/24/sri-lanka-knew-of-extremist-network-months-before-blasts-sources?CMP=share_btn_tw


__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR ATTACKS : සහරාන් ඉන්දියාවට පැන ගිහින්???

$
0
0
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.

සහරාන් ජන ඝාතකයා මියගියේ නැද්ද?

අද දහවල් ප්‍රංශයේ ජාත්‍යන්තර පුවත්සේවය වන France24 පුවත් සේවය, ලංකාවේ බෝම්බ ප්‍රහාර පිලිබඳව විකාශය කල ප්‍රවෘතියකින් ලැබූ තොරතුරු මත තව්හීඩ් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායක හා න්‍යායාචාර්ය මොහොමඩ් සහරාන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැක කල හැකියි. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ඉන්දියාවේ යම් ස්ථානයක සිට සහරාන් තවත් වීඩියෝ කිහිපයක් නිකුත් කොට ඇති බවයි. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබෙන්නේ තමන් කලින් සමාජ ජාල අවහිර කිරීම අවසන් කිරීමට කලින් තීරණය කොට තිබුණත්, සමාජ ජාලවල පසුගිය පැය කිහිපයේදී පලවී ඇති යම් යම් වීඩියෝ අධ්‍යයනය කිරීමෙන් පසු, එම තහනම දීර්ඝකිරීමට තීරණය කල බවයි.

කෙසේ වෙතත් France24 ප්‍රවෘත්ති සේවා වෙබ් අඩවියේම පලවන තවත් වාර්තාවකින්, මොහොමඩ් සහරාන් ෂැන්ග්‍රී-ලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් මියගිය බව ජනාධිපතිවරයා උපුටා දක්වමින් පවසනවා. එම වෙබ් පිටුවට මෙතනින් පිවිසිය හැකියි. සමහර විට, මේ වීඩියෝ කලින් රූගත කොට, තව්හීද් ජමාත් කල්ලියේ ඉන්දියානු සහචරයින් වෙත යවා තිබී, ඔවුන් ඒවා සමාජ ජාලවලට මුදා හැරියා වන්නට පුලුවන්. අප විසින් මීට පෙර පලකල ලිපියේ, සහරාන් විසින් දිගින් දිගටම ඉන්දියාවේ, බංගලිදේසයේ හා ඇෆ්ඝනිස්තානයේ අයි.සි.ස් කල්ලි හා තව්හීද් ජමාත් කල්ලි සමග සම්බන්ධතා පවත්වා ඇතිබව, ඉන්දිය බුද්ධි අංශ සොයාගෙන ඇති බව වාර්තා කලා.

කෙසේ වෙතත් මේ ලේඛකයා එම වීඩියෝ නරඹා නොමැති අතර, රජය විසින් සමාජ ජාල අවහිර කොට ඇති හදිසි නීතිය ක්‍රියාත්මක වන මේ මොහොතේ, වෙනත් උපක්‍රම වලින් සමජ ජාලවලට පිවිසීම නීති විරෝධී බැවින් එවැනි උත්සහයක් නොගත් බව සටහන් කල යුතුයි.



පුහුණුව ආමි මොහිදීන්ගෙන් හා සිරියාවේදී

මේ වනවිට විමර්ෂකයින් සොයාගෙන ඇති කරුණු අනුව, මේ ප්‍රහාරකයින් හා තවත් පිරිස් සමහරක් ආමි මොහිදීන් නැමැත්තාගෙන් පුහුණුව ලබා තිබෙනවා. එමෙන්ම කිහිපදෙනෙක් සිරියාවේ ඉස්ලැමික් ස්ටේට් කඳවුරුවල පුහුණුව ලබා ඇති අතර ලංකාවේ නැගෙනහිර පලාතේ, නුවරඑලිය හා තවත් ස්ථානවල පුහුණුවීම් සිදුකල තිබෙනවා. පස්යාලේ කැලෑවක බවට සඳහන් කෙරෙන මෙවන් ස්ථානයක, තහවුරු නොවූ ඡායාරූපයක් දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ සංසරණය වුනා. එම ඡායාරූපය පහත දැක්වෙනවා.



එමෙන්ම ඝාතකයින් ව්‍යායාම මධ්‍යස්ථානයකද පුහුණුවී ඇති අතර සිය ජාතික හැඳුනුම් පත් භාවිතා කරමින්, යම් පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක හෝ ක්‍රීඩාගාරයක පාපන්දු ක්‍රීඩාකොට තිබෙනවා. මෙම ප්‍රහාරකයින්ගේ බෝම්බ එකලස් කොට ඇත්තේද ආමි මොහිදීන් විසින්. මුස්ලිම් ජාතිකයෙකුට අයත් දෙමටගොඩ පිහිටි ලෝහ ප්‍රතිචක්‍රීයකරණය කරන කර්මාණ්තශාලාවකදී මේ බෝම්බ එකලස් කොට ඇති අතර, එම බෝම්බ සෑදීමට මේ කම්හල් අයිතිකරු උදව් දී තිබෙනවා. Colossus Copper නම් වූ මේ ක්‍රමාණ්තශාලාවේ අයිතිකරු වූ  ඉල්හාම් ඉබ්‍රහීම් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයේදී දිවිනසා ගත්තා. ඔහු පාස්කු ඉරිදාට පෙර සිකුරාදා නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සැම්බියාවේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා දින කිහිපයකට රටින් පිටව යන බව සිය බිරිඳට පවසමින්.

ප්‍රහාරය IS අනුබලයෙන් සිදුවූ බව ඔස්ට්‍රෙලියානු අගමැති තහවුරු කරයි.

පාස්කු ප්‍රහාර මාලාව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධීකරණයෙන් සිදුව ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පුවත්පත් වාර්තාකරුවන් හමුවේ තහවුරුකොට තිබෙනවා. ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටයට හා එහි කාලිෆ්වරයා ලෙස දැන් ක්‍රියාකරන අබු බකර් අල්-බැග්ඩෑඩී වෙත කැපවීම හා මරණයට පත්වීමට සූදානම් බවට ශපත කෙරෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඉස්ලැමික් ස්ටේට් නිළ පුවත්සේවය විසින් නිකුත්කරනු ලැබුවා.



ලංකාවේ තව්හීද් ජමාත් සංවිධාන කීයක් තියෙනවද?

තව්හීද් ජමාත් යන නම භාවිතාකරන සංවිධාන ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේවා තව්හීද් ජමාත් නම භාවිතාකලත් ඔවුන් සියල්ලන් අන්තවාදී මතවාද දරන්නන් නොවේ. සමහර සංවිධාන මූළධර්මවාදී ඉස්ලාම් අදහස් දැරුවත් ඒවා තම කණ්ඩායමේ සාමාජිකයින් අතර පමණක් පවත්වාගෙන යන බව තමයි ඔවුන් කියන්නේ.

Tamil Nadu Thowheed Jamat

තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය ඉන්දියාව, ලංකාව ඇතුලු රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය, මොහොමඩ් සහරාන්ගේ නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය සමග සබඳතා ඇති බවට වාර්තා ඇතත්, තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රකාශකයෙකු වන අබ්දුල් රහ්මාන් ද හින්දු පුවත්පතට ප්‍රකාශ කලේ නම හැරුනකොට වෙනත් කිසිම සම්බන්ධයක් හෝ පොදු ක්‍රියාකාරකමක් තමන් හා අන්තවාදී මොහොමඩ් සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් සංවිධානය සමග නොමැති බවයි.

ද හින්දු පුවත්පතේ වාර්තාවෙන් හෙලිවුන තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය, තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයට ශුද්ධවූ කුරාණයේ සිංහල භාශා පරිවර්තනයක් පලකරන්නට යයි ආරාධනා කලත්, යම් යම් විරෝධතා හා වැරදි වැටහීම් ඇතිවීමේ අවදානම නිසා එය අත්හැර දැමූ බවයි.

තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ විකිපීඩියා පිටුවට අනුව එය සමාජසේවා කටයුතු හා මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පීඩන කණ්ඩායමක් (pressure group) ලෙස ක්‍රියාත්මක වන බවයි.

Sri Lanka Towheeth Jama'ath

තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය සමග සමීප සබඳතා ඇති ශ්‍රී ලංකා තව්හීද් ජාත් සංවිධානය, සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් සංවිධානයේ මිනීමරු ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරනවා. ඔවුනට දිය හැකි උපරිම දඬුවම් දිය යුතු බවට ප්‍රකාශ කරන මොවුන් තමන් මොහොමඩ් සහරාන්ගේ අන්තවාදී අදහස් ගැන විරෝධය පලකොට තිබෙන බවද අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය, සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් කල්ලියේ ඉස්ලැමික් ස්ටේට් පක්ෂපාතිත්වය පිලිබඳව අවබෝධයෙන් සිටි බවත්, මීට වසර තුනකට පෙරම ඔහු ගැන ආරක්ෂක අංශ දැනුවත් කල බවත් එම සංවිධානය ප්‍රකාශ කරනවා.

එමෙන්ම ප්‍රහාරවලින් තුවාල ලැබුවන්ට ලේ ලබාදීම සඳහා තම සංවිධානය මහනුවරදී ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද සංවිධානය කල බවයි එම සංවිධානය පවසන්නේ.

කෙසේවෙතත් මෙම සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකු බෞද්ධ විරෝධී වෛරී ප්‍රකාශ සමාජ ජාල ඔස්සේ මුදාහැරීම නිසා අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මේ අතර ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවකට අනුව ඊයේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු ලේකම්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධි-වේගීමාර්ගයේ බණ්ඩාරගම කාර්යාලයේ සේවයකල මොහු සහරාන්ගේ ජමාත් කල්ලියේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ දේශන මාලාවකට සහභාගීවූ බව පිලිගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සාමාජිකයින්ගේ ඡායාරූපයක් තිබී හමුවී තිබෙනවා. එමෙන්ම ඔහුගෙන් මේ බෝම්බ කරුවන් පිලිබඳව තොරතුරු රැසක් හෙලිවී තිබෙනවා.

කෙසේවෙතත්මේ  සංගමයේ ලේකම් M H M ෆාසී, තමන් අනතවාදී බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. 

Ceylon Thowheed Jamaath

සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් කැඩීගිය පිරිසක් විසින්. රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ හිටපු ලේකම්වරයෙකු වූ රශ්මීන් නැමැත්තා ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය සමග ඇති සමීප සබඳතාවලට තමන් අකමැති බවයි. එමෙන්ම යම් යම් ආගමික කරුණුද හේතුවෙන් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ බොහෝ සාමාජිකයින් ඉන් ඉවත්ව සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයට එක්වෙමින් සිටින බව ඔහු පවසනවා.

National Thowheeth Jama'ath

කාත්තන්කුඩියේ මොහොමඩ් සහරාන් විසින් ආරම්භකල නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය ආරම්භයේ සිටම ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටයේ මූළධර්ම හා ක්‍රියාවලිය අගයකරමින් දේශනා, ෆේස්බුක් හා යූ ටියුබ් වීඩියෝ සමාජගතකල අන්තවාදී, ත්‍රස්තවාදී සංවිධානයක්.

කලක් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ සිටි සහරාන් 2016 වසරේදී ඉන් ඉවත්ව අන්තවාදී නැෂනල් තව්හීද් ජමාත් පිහිටුවාගෙන සිටිනවා. කුඩා දරුවන් මූළධර්මවාදයට නැඹුරුකිරීම, අන්‍යාගම් දැඩිලෙස විවේචනය කිරීම හා බෞද්ධ භික්ෂූන් සමග කලහ ඇතිකරගැනීම, බුදුපිලිම වලට හානිකිරීම ආදී සමාජවිරෝධී අන්තවාදී කටයුතු නිසා වෙනත් මුස්ලිම් සංවිධාන නැෂනල් ජමාත් සංවිධානය පිලිබඳව නිළවශයෙන් බළධාරීන්ට පැමිණිලි කොට තිබෙනවා.

බී.බී.සී වාර්තාවකට අනුව නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය ඉතා කුඩා අංකුර කණ්ඩායමක් (splinter group) බවත් එහි ෆේස්බුක් පිටුව සතියකට වරක් පමණ යාවත්කාලීන වන අතර එහි ට්විටර් ගිණුම 2018 මාර්තුවේ සිටම යාවත්කාලීන වී නෑ. 

මානවනැල්ලේ කුප්‍රකට බුදුපිලිමවලට හානිකිරීමේ සිද්ධිය පිටුපසද නැෂනල් ජමාත් කල්ලිය සිටින බවයි වාර්තා වන්නේ.




SOURCES FOR THIS ARTICLE

https://www.deccanherald.com/national/india-seeks-info-from-sri-lanka-on-ntj-730454.html

https://newsin.asia/sri-lanka-thowheed-jamath-denies-involvement-in-blasts/

http://www.dailynews.lk/2019/04/26/local/183911/former-sri-lanka-thowheed-jamath-member-arrested

https://www.thehindu.com/news/international/sri-lanka-easter-blasts-sri-lanka-towheeth-jamaath-dissociates-itself-from-national-thowheed-jamaath-tamil-nadu-thowheed-jamath-denies-links/article26914131.ece

https://www.france24.com/en/20190426-suspected-bombing-mastermind-died-blast-sri-lanka

https://www.firstpost.com/world/sri-lanka-blasts-fatima-ibrahim-identified-as-one-of-the-suicide-bombers-wife-of-sl-millionaire-blew-self-up-with-unborn-child-6508131.html

https://www.thehindu.com/news/international/sri-lanka-easter-blasts-sri-lanka-towheeth-jamaath-dissociates-itself-from-national-thowheed-jamaath-tamil-nadu-thowheed-jamath-denies-links/article26914131.ece

https://en.wikipedia.org/wiki/Tamil_Nadu_Thowheed_Jamath

https://en.wikipedia.org/wiki/National_Thowheeth_Jama%27ath

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

FILM : ඇවෙන්ජර්ස් : එන්ඩ්-ගේම් [ WARNING MAJOR SPOILERS!!]

$
0
0

ඇවෙන්ජර්ස් : එන්ඩ්-ගේම් චිත්‍රපටය පසුගිය 22දා ඇමරිකාවේ තිරගතවූ අතර අප්‍රේල් 29 වනවිට බොහෝ රටවල තිරගතවෙයි ලංකාවේ පවතින ආරක්ෂක තත්වය නිසා එම තිරගත කිරීම මැයිමස පලමුවෙන සතිය දක්වා කල්දමා ඇත.

ජෝ රූසෝ හා ඇන්තනි රූසෝ සොයුරන් දෙදෙනා අධ්‍යක්ෂණය කල එන්ඩ් ගේම් පැය 3කුත් විනාඩි 2ක ධාවන කාළයක් ඇති දීර්ඝ චිත්‍රපටයකි.

මෙය ප්‍රධාන වශයෙන්ම ඇවෙන්ජර්ස්-ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයේ දෙවන කොටස නමුත්, ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්, ඈන්ට් මෑන් ඇන්ද වොස්ප්, හා නොබෝදා තිරගතවූ කැප්ටන් මාවල් චිත්‍රපටවලට සම්බන්ධය. එන්ඩ්-ගේම් චිත්‍රපටය මාවල් සිනමා විශ්වයේ 22වැනි චිත්‍රපටය වන අතර අතර "ඉන්ෆිනිටි සාගා"නම් මාවල් සිනමා වෘතාන්තයේ අවසාන පරිච්ඡේදය පිළිඹිබු කරයි.

WARNING : SPOILERS AHEAD!!!

ඉන්ෆිනිටි ස්ටෝන්ස් නම් අපූර්ව බලයන් ඇති මාණික්‍යයන් තමන් සතු කරගන්නා තේනෝස් ඒවායින් ලැබෙන සුපිරි බළයෙන් විශ්වයේ සියලුම චක්‍රවාටවල ජීවත්වන බුද්ධිමත් ජීවී විශේෂවලින් 50%ක් විනාශකර දමයි. විශ්වයේ ස්වභාවික තුලනය යලි ඇතිකිරීමට මෙය සිදුකරන බව තේනෝස් පවසයි. ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය අවසන් වන්නේ එතැනිනි.

SPOILER!! චිත්‍රපටය ආරම්භ වන්නේ ක්ලින්ට් බාර්ටන් (හෝක් අයි ) සිය දියණියට දුන්නෙන් විදීම පුහුණු කරන රූපරාමුවකිනි. ඇය ඉලක්කයට විදින අතරම තේනෝස් ඉන්ෆිනිටි මාණික්‍ය ආධාරයෙන් සිදුකරණ ක්‍රියාව නිසා ඔහුගේ පවුලේ සියලුම දෙනා අලුබවට හැරේ.

සති තුනකට පසු ටෝනි ස්ටාර්ක් හා නෙබියුලා (තේනෝස් ගේ දෙවන දියණිය ) බෙන්ටාර් නම් අභ්‍යවකාෂ යානයේ පාවෙමින් සිටී. ඔක්සිජන් අවසන් වෙමින් යන නිසා ටෝනි ස්ටාක් සිය පෙම්වතිය වන පෙපර් පොට්ස්ට අවසන් රේඩියෝ පණිවුඩයක් සටහන්කොට නින්දට යයි.

කෙසේ වෙතත් ඔහුව හා නෙබියුලාර්ව ගලවා ගන්නේ ඊට සුලු වේළාවකට පසු එතැනට පැමිණෙන කැරොල් ඩැන්වර්ස් (කැප්ටන් මාවෙල්) විසිනි. ඇය ඔවුන් දෙදෙනා පෘථිවියේ ඇවෙන්ජර්ස් බළකොටුවට රැගෙන යයි. හාමත්වී සිටින ටෝනිට, පෙපර් පොට්ස් හා තේනෝස්ගේ විනාශයෙන් (decimation) ඉතිරිව සිටින ඇවෙන්ජර්ස්වරුන් මුණගැසෙයි.

මේ අවස්ථාවේදී ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා) ටෝනි ස්ටාක්ගෙන් තේනෝස් පිලිබඳව විමසන අතර ඔහු ස්ටිව් රොජර්ස්ට බැණවදින්නට පටන්ගනී. හාමත්වීම හා දැඩි වෙහෙස නිසා ක්ලාන්තවන ටෝනි ස්ටාක් නොමැතිව තේනෝස් සොයා යාමට ඉතිරිව සිටින ඇවෙන්ජර්ස්වරු තීරණය කරයි.

මේ ඇවෙන්ජර්ස් කණ්ඩායමට ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායමේ රොකට් එකතුව සිටින අතර තේනොස් සිය ඉන්ෆිනිටි මාණික්‍ය පෘථිවියේදී භාවිතා කරද්දී ඉන් අපූර්වතම රේඩියෝ සංඥාවක් නිකුත්වූ බව තම උපකරණවලට හසුවූ බව පවසන රොකට් එම සංඥාව යලිත් විශ්වයේ වෙනත් ග්‍රහලෝකයකින්ද නිකුත්වූ බව පවසයි.

තේනෝස් සොයා මේ ග්‍රහලෝකයට ලඟාවල පිරිසට තනිවම සිටින තේනොස් හමුවේ. තේනෝස්ට පහරදී ඉනිෆිනිටි මාණික්‍ය පිලිබඳව විමසන විට තමන් ඒවා විනාශකල බව තේනෝස් පවසයි. එම මාණික්‍ය මහා විනාශකාරී ඒවා නිසා ඒවා එම මාණික්‍යවල බළයෙන්ම විනාශකොට දැමූ බව තේනෝස් පවසා සිටියි.තේනෝස් සමග දැඩි කෝපයෙන් සිටින තෝර්, සිය ස්ටෝම් බ්‍රේකර් අවියෙන් තේනෝස්ගේ හිසගසා දමයි.

වසර පහක් ඉදිරියට දිවෙන කතාව ඈන්ට් මෑන් (ස්කොට් ලැන්ග්) වෙත යයි. ඈන්ට් මෑන් චිත්‍රපටය අවසානයේ ඔහු ක්වන්ටම් රෙල්ම් නම් කාළය, ස්කන්ධය හා අවකාෂය නොපවතින ස්ථානයක සිරගතවෙයි. එම ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය ඇති කරන යන්ත්‍රය හා ඔහුගේ වෑන් රථය අතහැරදැමූ ගබඩාවක තිබෙන අතර එම ගබඩාවේ කෑම සොයාගන මීයෙකු දැඟලීම නිසා ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය නිර්මාණය කොට ඈන්ට්මෑන්ව සිරගත කොට තිබෙන යන්ත්‍රය ක්‍රියා විරහිතවී නැවත් ඔහු සිය වෑන් රථය තුල මතුවෙයි.

ගබඩාවෙන් පිටවන ඈන්ට් මෑන්, තේනොස් සිදුකල ඩෙසිමේෂන් සමූල ඝාතනය පිලිබඳ දැනගනී. ඇවෙන්ජර්ස් බළකොටුවට පැමිණෙන ඔහු, ඩෙසිමේෂන් සමූළඝාතනය ආපසු හැරවීමට ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය භාවිතාකල හැකි බව නටාෂා රොමනෝෆ්ට (බ්ලැක් විඩෝ) හා ස්ටීව් රොජර්ස්ට පවසයි.

නටාෂා, ස්ටීව් හා ඈන්ට් මෑන්, ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය පිලිබඳව දැනුමක් ඇති ටෝනි ස්ටාර්ක් සොයා ගොස් ඔහුගෙන් ඒ පිලිබඳව විමසයි. ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය ආධාරයෙන් කාළය ආපසු හරවා තේනොස් නැවැත්වීම සිදුකිරීම සිදුකල නොහැකි බවත්, එයට උත්සහ කිරීමෙන් ඔවුන් මරණයට පත්වූ බවත් ටෝනි ස්ටාර්ක් පවසන අතර පිරිස බලාපොරොත්තු කඩකරගෙන පිටව යයි.

ඔවුන් පිටව ගිය පසු ටෝනි ස්ටාර්ක්, සිය අයන්මෑන් සන්නාහයට සම්බන්ධකොට ඇති F.R.I.D.A.Y.  නම් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය ආධාරයෙන් ක්වන්ටම් රෙල්ම් සංසිද්ධියන් කාළ තරණය කල හැකිද යන්න විමසා සිටින අතර, ඇය (ෆ්‍රයිඩේ) යන්ත්‍රයට යම් යම් වෙනස්කම් සීදුකල හොත් එය සාර්ථකවීමේ සම්භාවිතාවයක් ඇති බව හෙලිකරයි.

මේ අතර සිය උත්සහය අත් නොහරින ස්ටීව්, නටාෂා හා ස්කොට්, කවන්ටම් විද්‍යාව පිලිබඳව විශේෂඥයෙකු වන බෲස් බැනර් (හල්ක්) හමුවී ඔහුගෙන් මේ පිලිබඳව විමසයි. ඩේමේෂන් විනාශයෙන් පසුව ගැමා රේ පර්යේෂණ ආධාරයෙන් හල්ක් ශරීරය පවත්වා ගණිමින් සිය මතකය හා බුද්ධිය පවත්වා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරගෙන සිටින බෲස් බැනර්/හල්ක් එලෙස කාළ තරණය ඉතා අපහසු වුවත් ඔවුනට උදව් කිරිමට එකඟවෙයි.

තෝර් සිය කණ්ඩායමට එකතුකර ගැනීමට බෲස් බැනර් හා රොකට් ඔහු මේවනවිට ජීවත්වන නෝර්වේ බලා යන අතර එහිදී ඔහු සිත් වේදනාව නිසා බේබද්දෙකු බවට පත්ව ඇති බව සොයාගනී. කෙසේ වෙතත් ඔවුනට උදව් කිරීමට තෝර් එකඟවෙයි.

බෲස් බැනර් ක්වන්ටම් රෙල්ම් යන්ත්‍රයෙන් සිදුකල පර්යේෂණ සාර්ථකවී ඔහුට ක්ලින්ට් බාර්ටන් (හෝක් අයි ) අතීතයේ යම් දිනයකට ආපසු යවා, ඔහුගේ නිවසින් යමක් ගෙන ඒමට සලස්වන අතර ඒ අනුව පර්යේෂණ සාර්ථකවෙයි. ඔවුන්ගේ අරමුණ තේනෝස් ඉන්ෆිනිටි මාණික්‍ය තමන් සතුකර ගැනීමට පෙර කාළයකට ගොස් ඒවා ලබාගෙන ආපසු පැමිණ ඩෙසිමේෂන් සංසිද්ධිය ආපසු හැරවීමයි.

__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

HISTORY : වසර 5300කට පෙර ඝාතනය වුනු හිම මිනිසාගේ මරණ පරීක්ෂණය

$
0
0


හිම මිනිසාගේ අවසන් පැය - ක්‍රිස්තු පූර්ව 3280, ඇල්ප්ස් කඳුවැටියේ ඔස්ට්‍රියා-ඉතාලි දේශසීමාව අසල

සුන්දර ඇල්ප්ස් කඳුවැටියට ග්‍රීස්ම සෘතුව උදාවුනා පමණි. තවමත් දැඩි ශීතලකින් පරිසරය වැසී තිබුණි. හිරු උදාවී තිබුණු නිසා අවට ග්ලැසියරවල හිම දියවෙමින් සිහින් දිය පාරවල් ඇතිවෙමින් තිබුණි.

ඝණව වැඩුණු, දික්වූ රැවුලක් ඇති, මැදිවියේ යයි සිතිය හැකි ශක්තිමත් මිනිසෙක් හෙමින් හෙමින් ඉහලට නගිමින් සිටී. අවට පරිසරය නිසලය. ඔහු ශීතල පරිසරයට ඉතා උචිත අන්දමින් සැරසී සිටියි. උණුසුම රඳවන සමින් මැසූ ඝණ කලිසමක් වැනි ඇඟලුමක්, ඝණ සම් කබායක්, ශාඛ මැලියම් හා පිදුරු වලින් සකසාගෙන තිබුණු හිම සපත්තු හා ලොම් තොප්පියකින් ද සැරසී සිටි ඔහු, මේ දීර්ඝ, කටුක ගමණට හොඳින් සූදානම්ව බව පෙන්වා සිටියා.

මෑතකදී සිදුවූ යම් ගැටුමක් නිසා ඔහුගේ දකුණු අතේ විශාල, ගැඹුරු කැපුමක් තිබූ අතර එය යාන්තමින් සුවවෙමින් තිබුණා. ලඟම මිනිස් වාසයෙන් බොහෝ ඈතක සිටි ඔහුට තමන් ආරක්ෂිතයි යන හැඟීමක් ඇතිවන්නට ඇති. ගිමන් නිවාගන්නට මදක් නැවතුනු ඔහු, උරයේ එල්ලාගෙන සිටි සමින් කරන ලද පැසෙන් කෑම ස්වල්පයක් අනුභව කලේ තව බොහෝ දුර යායුතු නිසයි. ගිමන් නිවාගත් ඔහු යලිත් යන්නට සැරසුනා.

රෑබෝ වෙන්නට පෙර සිය ගමනාන්තයට හෝ රාත්‍රිය ගතකල හැකි ගුහාවක් ඇති තැනකට යන්නට ඔහු සැලසුම් කලා විය යුතුයි. එහෙත් ඔහුට නොදැනෙන්නට ඔහුගේ සතුරා ඔහු පිටුපසින් හඹා එමින් සිටියා. මාරක ප්‍රහාරයක් එල්ලකරන්නට තරම් ලංවූ සතුරා අවස්ථාව ලද සැනින් එල්ලය බලා ඊතලය මුදා හැරියා. හරියටම උරහිසට වැදුනු ඊතලය, ඔහු බිම හෙලුවා. ඔහු සන්තකයේ තිබූ සියල්ලම අවට විසිරී යද්දී සතුරා ආපසු හැරුණු අතර, ඔහුගේ සිරුර ශීතල ග්ලැසියරය මත නිසල වුනා.



විසිවෙනි සියවගේ වැදගත්ම පුරාවිද්‍යා සොයාගැනීමක්වූ ඔට්සි හමුවූ ස්ථානය අසල ඇති ස්මාරකය


වසර 5300කට පසු හමුවූ අපරාධ ස්ථානය (crime scene)

මේ ඉපැරණි අපරාධ ස්ථානය ලොවට හෙලිවුනේ 1991දී ඉතාලි කඳුන් නගින්නන් දෙදෙනෙකුවූ එරිකා හා හෙල්මුට් සැමුවෙල් යන අඹුසැමි යුවලටය අහම්බෙන් හමුවූ පසුවයි. හිම දියවී ඔහුගේ සිරුර නිරාවරණය වූ නිසා, මළසිරුර හඳුනාගැනීමට ඔවුන් දෙදෙනාට හැකිවුනා. එම ස්ථානය සටහන් කරගත් ඔවුන් වහාම ආපසු ගොස් බළධාරීන්ට දැනුම් දුන්නා. තමන් සොයාගත්තේ තඹ යුගයේ ඝාතනයවුනු පුද්ගලයෙකු බව ඔවුන් දැනගත්තේ විශේෂඥයින් සිරුර පරීක්ෂාකිරීමෙන් පසුවයි. ඔහු "ඔට්සි"ලෙසින් හඳුන්වන්නට පර්යේෂකයින් තීරණය කලේ ඔහු හමුවූ නූතන ඉතාලියට අයත් Ötztal පෙදෙස නිසායි.

ඔට්සි ජීවත්වුනු වසර 5300කට පෙර කාළය, සුප්‍රකට ස්ටෝන්හෙන්ජ් ස්මාරකයේ පලමු ගල්වැටි තනා අවසන්වූ කාලයයි. චැල්කොලිතික් හෙවත් තඹ යුගයේ ජීවත්වුනු ඔට්සිගේ මරණ පරීක්ෂණය 1991දී ඇරඹුන අතර එය තවමත් අවසන්වී නෑ. ඉතාමත් සෙමින්, බොහෝ සූක්ෂමව සිදුකෙරෙන මේ පරීක්ෂණ හා පර්යේෂණ නිසා තඹ යුගයේ යුරෝපීයයන්ගේ දිවිපැවැත්ම ගැන බොහෝ තොරතුරු හෙලිවෙලා තියෙනවා.

වසර 5300කට පෙර ඇද වැටුනු ආකාරයටම සිටින ඔට්සි-1991
ග්ලැසියරයක, අයිස් තට්ටුවක් මත මියගිය නිසා හොඳින් ආරක්ෂාව තිබෙන ඔට්සිගේ දේහය.

ඔට්සිගේ දේහය ඉතාමත් හොඳින්, නරක්වෙන්නට පෙර දැඩි ශීතලෙන් මිදුනු නිසා ඔහුගේ ජාන පවා හොඳින් සුරැකී තිබෙනවා. ඔහුගෙ ජාන පරීක්ෂාවෙන් හෙලිවුනේ ඔට්සි අයත්වූ ජනවර්ගය, වසර 8000කට පෙර නවශිලා යුගයේදී (neolithic) බටහිර ආසියාතික පෙදෙස්වලින් යුරෝපයට සිදුවූ මහා ජනසංක්‍රමණය හරහා යුරෝපයට පැමිණි ජනවර්ගයක්. ඔහුගේ මුතුන්මිත්තන් දැන් බටහිර යුරෝපයෙන් වඳවීගොස් ඇතත් මධ්‍යධරණී සාගරයේ ඇති කෝර්සිකා හා සාඩීනියා වැනි දූපත්වල, ඔට්සිගේ ජාන හිමි ජනයා අදටත් වාසය කරනවා.

මියයනවිට 46 හැවිරිදි වියේ පසුවූ ඔට්සි අඩි පහයි අඟල් තුනක් උසවූ, රාත්තල් 110ක් (කිලෝ 49ක්) පමණ බරවූ, නූතනයේ ජීවත්වන මිනිසුන්ට සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙකු බව හෙලිවී තිබෙනවා. දුෂ්කර දිවිය හා කටුක ආහාර නිසා සිරුරේ මේධ ප්‍රමාණය ඉතා අඩුවූ අතර ඔහුගේ සියලුම දත් හොඳින් තිබුණ නිසා ඔහු මුඛ රෝග හා දත් දිරායාමෙන් දැඩිලෙස පීඩා වින්දෙකු නොවන බව තහවුරු වී තිබෙනවා. ඔහුගේ දෑස් දුඹුරු පැහැවූ අතර උරහිසට පමණ වැඩී තිබූ කොණ්ඩයද දුඹුරු පැහැ බව ජාන පරීක්ෂාවෙන් තහවුරුවී තිබෙනවා. එමෙන්ම ඔහු සතුව තිබූ සරළ උපකරණ හා තඹ පොරොව භාවිතාකොට තිබූ ආකාරය අනුව ඔහු දකුණත හුරුවූ පුද්ගලයෙකු බවද තහවුරු වී තිබෙනවා.

ඔට්සිගෙන් හෙලිවන, තඹ යුගයේ යුරෝපීයයන්ගේ සෞඛ්‍ය තත්වය.

1. ජාන පරීක්ෂණ ප්‍රතිපල අනුව ඔට්සිගේ වර්ගයාට හදවත් රෝග වැළදීමේ ඉහල ප්‍රවණතාවයක් තිබී තියෙනවා.

2. ඔට්සි හට ලයිම්ස් ඩිසීස් නම්, කිනිතුල්ලන්ගෙන් බෝවෙන රෝගය වැළදී තිබුණා.

3. ඔට්සි විදුරුමස් දියවීමේ රෝගයෙන්ද පෙලී තිබෙනවා.

4. ඔහුගේ පිත්තශයෙන් ගල් (gallstones) හමුවී තිබෙනවා

5. ඔට්සිට කිරි ආහාර විශවීමේ (lactose intolerance) ප්‍රවණතාවයක්ද තිබුණා යයි අනුමාන කරන්නට පුලුවන්

6. ඔහු වාතරක්ත (arthritis) රෝගයෙන්ද පෙලී තිබෙනවා



ඔට්සි ගමනට සූදානම් වුනු විධිය

ඔට්සි ඔහුගේ අවසන් චාරිකාව හොඳින් සැලැසුම් කල බව ඔහු සතුව තිබූ දෑ නිසා තහවුරු වෙනවා. ඔහු ජීවත්වුනු ගම්මානයේ යම් බලවෙතුකු හෝ චන්ඩියෙකු සමග තිබූ ආරෝවක් නිසා ඔහු ගමහැර යන්නට සිතුවා විය යුතුයි.

ඔහුට හොඳන් නිමවන ලද තඹ පොරොවක් තිබූ අතර, ඒ අනුව ඔහු යම් ආකාරයක (ඒකාලේ හැටියට ) යමක්-කමක් ඇති පුද්ගලයෙකු බව අනුමාන කරනවා. බර්ච් ගසේ මැලියම් වලින් අලවා, ඉරාගත් සම් පටිවලින් හොඳින් මිටට බැඳතිබූ ඔහුගේ පොරවට සමාන වෙනත් පොරවක් යුරෝපයේ වෙනත් තඹ යුගයේ ජනාවාසවලින් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින්ට මෙතෙක් හැකිවී නෑ.

මුව-හමින් සකසන ලද ඊතල පැසක් ඔහු සතුවූ අතර එහි ඊතලවලට ෆ්ලින්ට් නම් ගිණිගල් වර්ගයේ පතුරුවලින් සකසාගන්නා ලද ඊතල හිස් සවිකොට තිබුණා. නව ශිලා යුගයේ සිටම උල් ෆ්ලින්ට් පතුරු සතුන්ගේ මස් කැපීම හා ආයුධවල උල් කොටසට යොදාගෙන තිබුණා.

බර්ච් ගසේ කොටයකින් තනන ලද පෙට්ටි දෙකක් ඔහුගේ ගමන්මල්ලේ තිබූ අතර එකක තිබූ අඟුරු වැනි යමක් නිසා, තඹ යුගයේ මිනිසුන් ඉක්මණින් ගිණි ගොඩක් සකසා ගැනීම සඳහා පෙට්ටියක දමන ලද දැවෙන අඟුරු (embers) ගෙන ගිය බව සිතාගත හැකි වනවා.

එමෙන්ම චර්ට් නම් ගිණිගල් වර්ගයෙන් සකසන තලයක් සහිත කුඩා පිහියක්ද ඔහුගේ පැස තුල තිබුණා.

ඝණ ලොම් ඇති වලස් සමින් සදන ලද තොප්පියකින් හිස හොඳින් උණුසුම් කරගත් ඔට්සි එළු හා බැටලු සමින් කරන ලද කබායක් හා කලිසමක් වැනි යට ඇඳුමක් හැඳ සිටියා. හිමෙහි ඇවිදින විට කිඳා බැසීම වලක්වන්නට, විශාල පෘෂ්ඨයක් ඇති හිම සපත්තු (snow shoes) ඔහු සතුව තිබූ අතර මුවසම් හා පිදුරුවලින් ඒවා සකසාගෙන තිබුණා.

ඔට්සිගේ ජීවිකාව

ඔට්සි ජීවත්වුනු යුගය නූතන මානවයා ගොවිතැන ආරම්භකල යුගය ලෙස සැලකෙනවා. ඔට්සිගේ පැස තුල තිබූ ධාන්‍ය වර්ග, වගාකල ඒවා මිස වල් ධාන්‍ය වර්ග නොවන බවයි විද්‍යාඥයින් පවසන්නේ. එමෙන්ම ඔහු සතුන් ඇතිකිරීමද කර තිබෙනවා.

ඔහු සතුව තිබූ තඹ පොරොව, ඔහුම සාදාගත් එකකට වඩා ධාන්‍ය හෝ සතුන් ලබාදී හුවමාරු කරගත් එකක් බවයි පුරාවිද්‍යාඥයින් වැඩි පිරිසක් විශ්වාස කරන්නේ. එමෙන්ම ශීත කාළයේ සතුන් දඩයම් කිරීමද ඔහු කරන්නට ඇති. සමහරවිට ගණුදෙනුවකදී ඇතිවූ විරසකයක් හෝ දඩයම් බිම් වෙන්කරගැනීමේදී ඇතිවුනු ආරවුලක් දුරදිග යාම නිසා ඔහු ගම අතහැර යන්නට සිතාගන්නට ඇති අතර, ඔහුගේ සතුරා/සතුරන් ඔහු හඹාගොස් සිය කෝන්තරය ඔහුගේ මරණයෙන් අවසන් කරන්නට ඇති.

ඔට්සි සතුව තිබූ පොරොව පිරිසිදු තඹ පොරවක්. ඒ අනුව පිරිසිදු තඹ නිපදාවා ගැනීමේ තාක්ෂණය මෙකල යුරෝපීය ජනයා සතුව තිබුණත්, ටින් ලෝහය හා මිශ්‍රකොට වඩා ශක්තිමත් ලෝකඩ තනාගැනීමේ තාක්ෂණය තවමත් බිහිව තිබුණේ නෑ. එමෙන්ම මේ කාලය වනවිට පස පෙරලන නගුළ නිර්මාණය කරගෙන තිබූ නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහල යමින්, ගොවීන් යම් ආකාරයකට සශ්‍රීක ජීවිත ගතකරන තත්වයට පැමිණ තිබුණා. අතිරික්ත අස්වැන්න තඹ කාර්මිකයින්ට, වෙනත් කර්මාණ්තකරුවන්ට ලබාදී ඒ වෙනුවට උණුසුම් ඇඳුම්, ආයුධ, ඊ හිසවල් ආදිය ලබාගන්නට ඇති බව අනුමාන කෙරෙනවා.





__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR : ISIS නායක අබු-බකර් බැග්ඩෑඩි වසර 5කට පසු එලිබසී. පාස්කු ප්‍රහාරය ගැනත් කියයි.

$
0
0

අප්‍රේල් 29, (ටයිම් සඟරාවසී.එන්.එන්, වොෂිංටන් පෝස්ට්)

අයි.සි.ස් හෙවත් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ නායකයායයි සැලකෙන පුද්ගලයෙකු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔහුගෙන් වීඩියෝවක් නිකුත්වුනේ වසර 5කට පසුවයි. 

මෙහිදී ඔහු සිරියාව හා ඉරාකය ඈඳාගෙන නිර්මාණය කල ඉස්ලාමීය රාජ්‍යයේ අවසාන නගරයවූ බැගූස් නගරය වෙනුවෙන් පැවති සටන අවසන් බව පවසා තිබෙනවා. බැගූස් අහිමිවූ ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට දැන් සිය මනෝමය කාලිෆේටය සම්පූර්ණයෙන්ම අහිමිවී තිබෙනවා.

මේ වනවිට බැග්ඩෑඩී සිය විශ්වාසවන්ත සහචරයින් කිහිපදෙනෙක් සමග සිරියානු / ඉරාක දේශසීමාවේ කාන්තාර පෙදෙස්වල සැඟවෙමින් සිටින බවයි වාර්තාවන්නේ. එමෙන්ම පසුගිය පෙබරවාරියේදී බැග්ඩෑඩිගේ වැඩිමහල් පුත්‍රයා රුසියානු ප්‍රහාරයකින් මියගියා.

මෙම කතාවේදී බැග්ඩෑඩි පැවසූ වැදගත් කරුණු අතර;

1] ඉස්ලාමීය රාජ්‍යය බිඳවැටුනත් සටන අතහැර නොයන බව

2] ප්‍රංශයට ප්‍රහාර දැඩි කරන ලෙස සිය ත්‍රස්ත අනුගාමිකයින්ගෙන් ඉල්ලීම

3] ලංකාවේ ප්‍රහාර අගය කරමින් එය බටහිරට පාඩමක් ඉගැන්වූ ප්‍රහාරයක් බව පැවසීම

4] මින් ඉදිරියට කරන සටන සතුරාට හැකිතාක් හානි සිදුකරන ප්‍රහාර ඇතුලත් සටනක් බව

ඇමරිකානු බුද්ධි අංශ බැග්ඩෑඩී මරාදැමීමට හෝ අල්ලා ගැනීමට උපකාරී වන තොරතුරකට ඩොලර් මිලියන 25ක තෑග්ගක් ලබාදෙන බව පවසනවා.

2014දී ඉරාකයේ මෝසුල් නුවර අල්-නූරී පල්ලියේදී ප්‍රසිද්ධියේ සිදුකල කතාවට පසු බැග්ඩෑඩී නිකුත්කල පලමුවෙනි වීඩියෝ ප්‍රකාශය මෙයයි.

Sources:

https://www.washingtonpost.com/world/middle_east/isis-leader-baghdadi-appears-in-a-video-for-the-first-time-in-five-years/2019/04/29/a82611d4-6a9b-11e9-bbe7-1c798fb80536_story.html?utm_term=.beff8b250984

https://edition.cnn.com/2019/04/29/middleeast/isis-leader-abu-bakr-al-baghdadi-video-intl/index.html?utm_source=twCNN&utm_medium=social&utm_content=2019-04-29T17%3A33%3A04&utm_term=image

http://time.com/5579918/isis-leader-appears-in-video/?xid=tcoshare#2a93b234-6878-4872-9312-40cdfa1d9d8b?utm_source=twitter.com&utm_medium=social&utm_campaign=social-share-article









__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR : අල්-ක්වේඩා / ISIS සංවිධාන දෙකම ඇමරිකාවේ නිර්මාණ!!!!

$
0
0































අති උතුම් කාඩිනල්තුමා කියූ බලවත් රට ඇමරිකාවද?

පසුගිය දිනක අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමාණන් විවාදාත්මක ප්‍රකාශයක් සිදුකලා. එනම් "මේ අන්තවාදී මුස්ලිම් සංවිධාන පිටුපස ලෝකයේ බලවත්ම රාජ්‍යයක් සිටිනවා..."යන්නයි.

මොකක්ද මේ බලවත් රට? මැද පෙරදිග රටක්ද? මැදපෙරදිග ධනවත් රටවල්, දුප්පත් රටවල වහාබිවාදය හා වෙනත් අන්තවාදී මුස්ලිම් නිකායවල් පෝෂණය කරන බව නොරහසක්. මේ සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ලවන්නේ සෞදි අරාබියට හා කටාර් රාජ්‍යයටයි.

මේ අතරිනුත් කටාර් රාජ්‍යයට ගල්ෆ් රටවල්වලින් පවා දැඩි විරෝධයක් එල්ල වනවා. අල්-ක්වේඩා, හා ඉස්ලැමික් ස්ටේට් වැනි මුස්ලිම් ත්‍රස්ත සංවිධානවලට අනුග්‍රහය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේනය, යේමනය, ලිබියාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව කටාර් රාජ්‍යයට දැඩි ආර්ථික සම්බාධක පනවා තිබෙනවා.

කටාරයට ඇති තවත් චෝදනාවක් වන්නේ යේමනයේ ත්‍රස්ත සංවිධානයක් වන හෝති සංවිධානයට කටාරයෙන් මුදල් ලැබෙන බවයි. එමෙන්ම ඉරානයෙන්ද හෝති ත්‍රස්ත සංවිධානයට මුදල් ලැබෙන බවට චෝදනා තිබෙනවා. ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් වන අල්-ජසීරා අයිති වන්නේත් කටාර් රාජ්‍යයටයි.

ඒත් කාඩිනල්තුමා මේ සඳහන් කල "බලවත් රාජ්‍යය"කටාරයද? නැතිනම් සෞදි අරාබියද? කටාරය හා සෞදි අරාබිය ඉතා ධනවත් වුවත්, ඒවා බලවත් රටවල් ලෙස හැඳින්විය හැකිද? ඒවා කලාපීය බලවතුන් වුවත් ගෝලීය බලවතුන් ලෙසට පිලිගත හැකිද?

නූතන ලෝකයේ ගෝලීය බලවතුන්, එනම් ආර්ථික හා යුධමය බලය ගෝලීයව ප්‍රක්ෂේපණය කල හැකි රාජ්‍යයන් වන්නේ ඇමරිකාව හා රුසියාව මූලිකවමත්, බ්‍රිතාන්‍යය හා චීනය දෙවැනුවත්ය. ඒ අතරිනුත් මුලු ලොව පුරාම සිය යුධමය මෙන්ම ආර්ථික බලය ලොවපුරා ප්‍රක්ෂේපණය කිරීමේ හා ලොව ධනවත් රටවල් පවා සිය බලයට නම්මවා ගත හැකි එකම රාජ්‍යය ඇමරිකාව බව අවිවාදයි. යුධමය හා විනාශකාරී අවි සලකනවිට රුසියාවද ඇමරිකාව තරමටම බලවත් වුවත් ඇමරිකාවට ඇති ආර්ථික බලය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව මේ රටවල් වලට නෑ. උදාහරණයක් ලෙස රුසියාවටද ඇමරිකානු ආර්ථික සම්බාධක වැටී ඇති අතර චීනය සමග ආර්ථික යුද්ධයක් කිරීමට ඇමරිකාව සැරසෙනවා.

අල් කයිඩාවට පදනම දැමූ ඇමරිකාව

1983දී ඇෆ්ඝනිස්තාන් ගරිල්ලන් ධවල මන්දිරයට ගෙන්වා සාක්ච්චාකරන රොනල්ඩ් රීගන්

ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීමේ ඇමරිකානු රහස්‍ය ප්‍රතිපත්තියට පදනම වැටුනේ 1979 වසරේදීය. එවක ජනාධිපති ජිමී කාටර්ගේ ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නියෙෆ් බ්‍රිසින්ස්කි (Zbigniew Brzezinski) සෝවියට් දෙශයට පාඩමක් ඉගැන්වීමට ඇෆ්ඝන් ගරිල්ලන් සන්නද්ධ කිරීමට යෙදූ සැළසුමත් සමගයි. එය ඊලඟට පත්වූ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ වඩාත් වේගවත්ව සිදුවුනා.

බ්‍රිසින්ස්කි මේ සඳහා පාකිස්තානයේ බුද්ධි අංශය, සෞදි අරාබිය මෙන්ම බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයද හවුල්කරගෙන ඩොලර් බිලියන ගණනක අවි ආයුධ හා පුහුණුව ඇෆ්ඝන් ගරිල්ලන් අතට පත්කලා. බ්‍රිසින්ස්කි යෙදූ උපාය කෙටිකාලීන සාර්ථකවුනා.

හිටපු බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය රොබින් කුක් පවසන අන්දමට ඔසාමා බින් ලාඩන් හා අල්කයිඩාව තනිකරම සී.අයි.ඒ ඇතුලු බටහිර ඔත්තුසේවාවල නිර්මාණයක්. අල් කයිඩා යන යෙදුම පවා මුලින්ම භාවිතාකොට ඇත්තේ බටහිර මගින් පුහුණුකොට ආයුධ හා අරමුදල් ලබාදෙන විවිධ ඇෆ්ඝනිස්තාන ගරිල්ලා කණ්ඩායම් වල විස්තර ඇතුලත් දත්තගබඩාවක් හැඳින්වීමට බව පැවසෙනවා.

මේ ක්‍රියාකාරකම් හේතුවෙන් දහස් ගණන් සෝවියට් සෙබලුන් ඇෆ්ඝනිස්ථානයේදී මියගියා. කෙසේ වෙතත් මේ උපායමාර්ගයේ දීර්ඝකාලීන ප්‍රතිපලය වූයේ ඇමරිකන් ඩොලර්වලින් හා අවි වලින් සන්නද්ධ කොට, පුහුණුවූ උසාමා බින් ලාඩන් නම් ත්‍රස්තවාදියා 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට සිය ඉතිහාසයේ එල්ලවූ දැවැන්තම ප්‍රහාරය එල්ලකිරීමයි. තමන් කිරිපොවා හදාගත් පොළඟා තමන්ටම විදිනු ඇතැයි ඇමරිකානුවන් කිසිවිටකත් සිතන්නට නැතුව ඇති. සමහර විට එසේ සිදුවන බව දැන දැනම, කිසිවක් නොදත් අයුරින් සිටියා වන්නටද පුලුවන.

2001 සැප්තැම්බර් 11, World Trade Center ප්‍රහාරයේ වැඩිම වාසිය CIA ඔත්තු සේවයටයි.

ඔසාමා බින් ලාඩන් ඇතුලු තලේබාන් / අල් කයිඩා ත්‍රස්ත රැළ පෝෂණය කලේ, සන්නද්ධකලේ හා ආරක්ෂාකලේ ඇමරිකාවේ සී.අයි.ඒ ඔත්තු සේවයයි. 

එමෙන්ම ගුවන්යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලවන බවට විවිධ තොරතුරු ලැබී තිබියදීත් එය වැලැක්වීම සඳහා කිසිදු පියවරක් ගැනීමට සී.අයි.ඒ ඔත්තුසේවය හිතාමතා හිතාමතා අතපසුකල  බව තවමත් නැගෙන චෝදනාවක්. තමන්ට ලැබුණු තොරතුරු ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව භාරව සිටින එෆ්.බී.අයි ඇතුලු ආයතන දැනුවත් කිරීමට යම් යම් සී.අයි.ඒ ඉහල නිළධාරීන් නොකල බවත්, එසේ කලේ එම ප්‍රහාය වැලැක්වීමේ කිසිදු උවමනාවක් ඔවුනට නොතිබූ නිසා බවටද චෝදනා නැගෙනවා.

ඒ අනුව සැප්තම්බර් 11 ප්‍රහාරයේ හා ඇමරිකානු ජනඝාතනයේ මූලික වගකීමෙන් සී.අයි.ඒ ඔත්තුසේවයට ගැලවෙන්නට හැකියාවක් නෑ. 

සැප්තැම්බර් 11 ප්‍රහාරය සී.අයි.ඒ ඔත්තුසේවාවට මෙන්ම යුධවාදී, අන්ත දක්ෂිණාංශික ඇමරිකානු දේශපාලකයින්ටද, ප්‍රකෝටිපත් ඇමරිකානු ආයුධ වෙළෙන්දන්නටද මහත් වාසියක් වූවා. සී.අයි.ඒ සංවිධානය පෙර නොවූ විරූ ආකාරයට අරමුදල් හා පිරිස් බළයෙන් ශක්තිමත්වූ අතර, ඇෆ්ගනිස්තානය, ඉරාකය, සුඩානය, යේමනය ආදී රටවල මෙහෙයුම් ව්‍යාප්තකර ගැනීමටද හැකිවුනා. 

ඇෆ්ඝන් හා ඉරාක යුද්ධයන් වලට ඇමරිකාව යෙදවූ ඩොලර් බිලියන සියගණන්වූ අතිවිෂාල මුදල් සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් සීල්.අයි.ඒ ඔත්තු සේවයට මෙන්ම ඇමරිකානු ආයුධ වෙලෙන්දන් හා යුධ කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවලට ඇදුනු බව නොරහසක්.

ISIS බිහිවන්නට අඩිතාලම දැමුවේත්, එය හරහා සිරියාවේ අසාද්ගේ පාලනය පෙරලන්නට උත්සහකලේත් ඇමරිකාවමයි.

2001 සැප්තැම්බර් ප්‍රහාරයට සදාම් හුසේන්ගේ සම්බන්ධයක් ඇතිබව හා සදාම් හුසේන් සමූළඝාතන අවි (Weapons of Mass Destruction) නිපදවාගෙන සිටින බවට සී.අයි.ඒ ඔත්තුසේවාවේ ප්‍රධානී ජෝර්ජ් ටෙනට් හා එවක ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් නම් දක්ෂිණාංශික යුධවාදියා විසින් ජෝර්ජ් ඩබලිව් බුෂ් ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමෙන් පසු බින් ලාඩන් සොයා 2002දී ඇෆ්ඝනිස්ථානය හා සමූළ ඝාතක අවි සොයා 2003දී ඉරාකයද ආක්‍රමණය ඇරඹුනා.

ඉරාක ආක්‍රමණයේදී ඇමරිකාව පලමුවෙන්ම සිදුකරන ලද අඥාණ ක්‍රියාව වන්නේ මුලුමහත් ඉරාක රජය හා සන්නද්ධ හමුදා විසිරුවා හැරීමයි. සුන්නි මුස්ලිම් වරයෙකු වූ සදාම් හුසේන්, බහුතර ශියා මුස්ලිම් වරුන් ජීවත්වන ඉරාකය පාලනය කිරීම සඳහා ආගම්වාදයෙන් වෙන්වුනු (secular) බහු ආගමික පාලන තන්ත්‍රයක් පිහිටුවා තිබුණි. ඉතා කාර්යක්ෂම පාලන තන්ත්‍රයක් හා දක්ෂ, හොඳින් සන්නද්ධ හමුදාවක්ද සදාම් හුසේන් යටතේ ඉරාකයට තිබුණත්, අඥාණ ඇමරිකානුවන් මේ සියල්ල විසුරුවා දමා ඇමරිකන් ගැති ශියා මුස්ලිම් නායකයින්ට පාලනය බාරදෙන ලදී. මෙයින් පාලන තන්ත්‍රය බිඳවැටී රට අරාජිකවූ අතර එමගින් දස දහස් ගණන් සුන්නි මුස්ලිම්වරුන්ට රජයේ රැකියා හා හමුදාවේ රැකියා අහිමිවිය. එමෙන්ම ධනවත් සුන්නිවරුන්ට සිය ව්‍යාපාර හා දේපොල අහිමි කිරීමට ඇමරිකන් ගැති ශියා ඉරාක පාළකයින් ක්‍රියාකලේය.

පසු කලෙක සුන්නි ත්‍රස්ත සංවිධානයක්වන ඉස්ලැමිට් ස්ටේට් (ISIS / IS) සඳහා දක්ෂ සටන්කරුවන් හා ඔවුන්ගේ කෲර රාජ්‍යයේ පාලන තන්ත්‍රය මෙහෙයෙවන්නට දායකවුනේ ඇමරිකානුවන් සමග දැඩි වෛරයෙන් සිටින ඉරාක සුන්නි හමුදා නිළධාරීන් හා සදාම්ගේ රජයේ සුන්නි මුස්ලිම් පරිපාලකයින්ය. 

එමෙන්ම පසුව ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා (ISIS) ලෙස භෞතීස්මවුනේ ආරම්භයේදී අල්-ක්වේඩා ඔෆ් ඉරාක් නම් ඔසාමා බින් ලාඩන්ගේ අල්-ක්වේඩාවේ ඉරාක ශාඛාවයි. අල් ක්වේඩාව බිහිකොට සන්නද්ධ කලේ ඇමරිකාව බව අප දැනටමත් දන්නවා.

2010වන තෙක් ඇමරිකානු හමුදා සමග බිහිසුනු ලෙස සටන්කොට දහස් ගණන් ඇමරිකානුවන් මරාදැමූ ඉරාක අල්කයිඩාව, 2010න් පසු ඉරාකය හා සිරියාව එකතුකොට සිය මනහ්කල්පිත සුපිරි ඉස්ලාම් රාජ්‍යය නිර්මාණය කරගැනීම සඳහා දැඩිලෙස අස්තාවරවූ බශාර් අල්අසාද් ගේ සිරියානු පාලනය පෙරලාදැමීම සඳහා සිය අවධානය යොමුකලා.

රුසියානු හා ඉරාන සහය ලබන අසාද්ගේ පාලනයට විරුද්ධව සටන්වදින ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සන්නද්ධ කිරීමටද මේ අතර ඇමරිකාව ක්‍රියාකල අතර, ඩොලර් මිලියන ගණන් වටිනා ආයුධ ඒ සඳහා සිරියාවට යැවුනු අතර මේ බොහෝ ආයුධ ලබාගත් සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් ISIS සංවිධානයට පක්ෂපාතවී සටන් වදින්නට පටන්ගෙන තිබෙනවා.

මේ අනුව අද ලෝකයටම මහා පිළිකාවක්වී දහස් ගණන් අහිංසකයින් මරාදමන ISIS සංවිධානය බිහිවීමට හා පෝෂණයවීමට අවශ්‍ය සියළුම සාධක සපයා දුන්නේ ඇමරිකාවම මිස වෙන රටක් නොවේ.

ඒ අනුව අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමා පලකරන අදහස බොහෝ සෙයින් සත්‍යබව පිලිගත හැකියි. ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තවාදය බිහිවීමට හා වැඩිදියුණුවීමට ඕනෑ සියලුම පෝෂකද්‍රව්‍ය ලබාදෙන ලද්දේ ලොව ආර්ථික හා යුධමය බලවතාවන ඇමරිකා එක්සත් ජනපදයයි.

තව්හීඩ් ජමාත් හදමින් ගෝඨාභය ඇමරිකාව ඉරාකයේ හා ඇෆ්ඝනිස්තානයේ කල මෝඩකමම ලංකාවේ සිදුකලාද?

මෙය දැන් දැන් ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන් හා ගෝඨාභය විරෝධී සංවිධාන එල්ලකරන චෝදනාවක්. තව්හීද් ජමාත් හා බොදුබල සේනා යන දෙකම නිර්මණය කරමින් පෝෂණය කලේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මකවූ යම් යම් බුද්ධි අංශබවටයි චෝදනා නැගෙන්නේ.

මෙහි යථාතත්වය දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහු යටතේ ක්‍රියාත්මකවූ බුද්ධි නිළධාරීන් පමණයි.

කේසේ වෙතත් වර්ගවාදී හෝ ආගම්වාදී අන්තවාදී සංවිධාන, විවිධ දේශපාලන අරමුණ සඳහා භාවිතාකිරීම සිදුකරන්නේ ඇමරිකාව පමණක්ම නොවේ. 1977 සිටම ලංකාවේ දෙමළ ජාතිවාදී ත්‍රස්තකල්ලි බිහිකොට පුහුණුකරමින් රැකබලා ගත්තේ ඉන්දියානු රජයේ රහස් අනුදැනුම මත ඉන්දියානු බුද්ධි අංශයවන RAW සංවිධානයයි.

එම ත්‍රස්තවාදී සංවිධාන විනාශකිරීමට එවක පැවති සියලුම රජයන් මුළුවැර යොදා ප්‍රහාර අරඹන සෑම අවස්ථාවකම අහිංසක දෙමළ ජනයාට හානිවන බව පවසමින් රාජ්‍ය තාන්ත්‍රික පීඩන උපක්‍රම හා කෙලින්ම ආක්‍රමණශීලී ක්‍රියා (ගුවනින් ආහාර දැමීම ) ආදී සිදුකරමින් ලංකාව දිගින් දිගටම අස්ථාවර කලේ ඉන්දියාවේ කලාපීය අරමුණුවලට පටහැනිව බටහිර ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කල ලංකා රජය අස්තාවර කොට රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් කිරීමටයි.

කෙසේ වෙතත් මේ ත්‍රස්ත පෝෂණය අවසන්වූයේ ඉන්දියාවේ ජනාදරයට පත් එමෙන්ම බලහත්කාරයෙන් ගුවනින් ආහාරදමමින්, පසුව බලහත්කාරයෙන් ඉන්දුලංකා සාමගිවිසුමක් ලංකාවේ ඇඟේ ගැසූ රජීව් ගාන්ධිට සිය ජීවිතය අහිමිවීමෙන් හා 1200ක් පමණ ඉන්දියානු සෙබලුන්ට (ඉන්දීය සාමසාධක හමුදාවේ) ජීවිත අහිමිවීමෙන්ය.

මෙයින් පසු කලාපීය රටවල සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය කිරීමේ හා රැකබලා ගැනීමේ ඉන්දියානු ප්‍රතිපත්තිය නිමාවට පත්වූ බවයි පැවසෙන්නේ.

තව්හීද් ජමාත් මෙලෙස රජයේ බුද්ධි අංශ පෝෂණය කල සංවිධානයක් නම්, රටක් ලෙස අප දැන් එහි ප්‍රතිපල හොඳින් භුක්ති විඳින බව පවසන්නට පුලුවන්. තව්හීද් ජමාත් බිහිකිරීම හෝ අඥාත ලෙස බිහිවූ ඒ අන්තවාදී සංවිධානයට දළුලා වැඩෙන්නට, අරමුදල් රැස්කරන්නට හා සිය අන්තවාදී අදහස් වපුරන්නට ඉඩදී බලා සිටීමේ අස්වැන්න අප අද හොඳින් නෙළාගනිමින් සිටිනවා. ඩොලර් බිලියන ගණනක් ආදායම් උපයන සංචාරක කර්මාණ්තය දැන් සම්පූර්ණයෙන්ම විනාශවී යාම මින් එක් අස්වැන්නක් පමණයි.

ලංකාව චීනයට ලංවීමට ඇමරිකාව පිලිතුරු දෙන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදය හරහා රට අස්තාවර කිරීමෙන්ද?

යම් යම් විදෙස් විචාරකයින්, ලංකාවේ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරය, චීනයට ලංවෙන ලංකාව අස්තාවර කිරීමේ ඇමරිකන් ව්‍යාපෘතියක් ලෙසත් හඳුන්වනවා. ඔවුන් ඊට උදාහරණයක් ලෙස ඇමරිකාව මියන්මාරයේ රොගින්යා මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින් සිටින්නේ, චීන ලැදි මියන්මාර රජය අස්තාවර කිරීමට බව පෙන්වා දෙනවා. ලංකාව දෙවැනි උදාහරණය බවත්, එවැනිම ව්‍යාපෘති, චීනය සමග සමීප සබඳතා ඇතිකරගනිමින් සිටින පාකිස්තානයේද ක්‍රියාත්මක වන බවයි පවසන්නේ.


SOURCES:
https://medium.com/notes-from-the-freak-show/how-the-u-s-created-al-qaeda-dee95fa43bd8
https://www.brookings.edu/opinions/how-the-united-states-enabled-al-qaeda/
https://medium.com/notes-from-the-freak-show/how-the-u-s-created-al-qaeda-dee95fa43bd8
https://theintercept.com/2018/01/29/isis-iraq-war-islamic-state-blowback/
https://www.theguardian.com/commentisfree/2015/jun/03/us-isis-syria-iraq
https://www.globalresearch.ca/america-created-al-qaeda-and-the-isis-terror-group/5402881
https://www.quora.com/Did-the-U-S-really-create-ISIS-How
https://www.wired.com/story/terror-industrial-complex-isis-munitions-supply-chain/






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR : රටේ මරබිය නැති කරනු!

$
0
0
ආරක්ෂක හමුදාවලට ආහාරපාණ වලින් සංග්‍රහකරන ද්‍රවිඩ යුවතියක්. මරබියේ ඉන්නවාට වඩා කල යුත්තේ මෙවන් දේ නොවේද?

අද හවස ගෙදර එන විට අපේ පැත්තේ නිවැසියන් සිය ජංගම දුරකථනද අතැතිව පාරටවී සිටිනු දකින්නට ලැබුනා.

"මොකද වෙලා තියෙන්නේ?"

"ඔයා කොයි පැත්තෙ ඉඳන්ද ආවේ?....ඩෝං ගාලා සද්දයක් ආවා...."

තවත් කොහේ හෝ පුපුරායාමක් සිදුවී ඇතැයි බියපත්වී සිටි අසල්වැසි කාන්තාව මගෙන් අසා සිටියාය.

අසිහියෙන් මෙන් ගෙට පැනගත් මම වැඩ ඇරී නිවෙස බලා එමින් සිටි බිරිඳට ඇමතුමක් ගත්තේ ඇය කොහේ සිටින්නේදැයි සොයා බැලීමටයි. දෙරන 24/7 දමාගෙන, අනෙක් පැත්තෙන් ටිවිටර් අප්ඩේට් තිබේදැයි බලමින් පැයක් පමණ කාදමන්නට සිදුවූයේය.

ඩෝං සද්දය යම් අවලමෙකු පත්තුකල අලිඩොං රතිඤ්ඤාවක් විය යුතුය.

සඳුදාට පාසැල් පටන්ගත්තද යවන්නේ නැතැයි බෝහෝ දෙමව්පියන් කියයි. සියල්ලන්ම දැඩි බියකිනි. ඇමරිකානු තානාපතිවරියද ත්‍රස්ත කණ්ඩායම් සක්‍රීයව ප්‍රහායකට අර අඳින බව පවසයි. රට වටෙන්ම පුපුරණ ද්‍රව්‍ය කිලෝ ගණන්, හමුදා ඇඳුම්, බෝම්බ සාදන උපකරණ, වෝකිටෝකි හසුවේ.

ඇමතිවරුන්ගේ, මන්ත්‍රීලාගේ ගෙවල්වලින් කාර්යාල වලින් පමණක් නොව ඩ්‍රයිවර්ලාගේ ගෙවල්වලින්ද පුපුරණ ද්‍රව්‍ය හසුවෙමින් යයි. අහුවුනේ නැති කිලෝ කොච්චරදැයි කියන්න දන්නා කෙනෙක් නැත.

තවත් සුදු ඇඳුම් සමග මුස්ලිමුන් කිහිපදෙනෙකු හසුවී තිබේ. ඊලඟට සිද්දවෙන්නේ මොන විනාසයක්දැයි කියන්නට දන්නා කෙනෙකු නැති ගානය.

කාඩිනල්තුමා තමන්ට ලැබී ඇති තොරතුරු මත දේවමෙහෙයන් තහනම්කොට ඇති අතර කතෝලික පාසැල් ආරම්භය කල්තබන ලෙස ඉල්ලා ඇත. ජන ජීවිතය බොහෝ සෙයින් අඩාලවී ඇත.

තව කොච්චරකල් මේ විධියට හැංගිලා, පණ බයේ ඉන්නද?

රජයේ ඇත්තන්ගේ පිස්සු කෙලීමේ අවසානයක් නැත. රාජිත ගෝඨාට බණී. ගෝඨා ආණ්ඩුවට බනී. ෆොනී හැමෝටම බණී. විමල් ආණ්ඩුවටද ආණ්ඩුව විමල්ටද බනී. මුස්ලිම් ජනතා නියෝජිතයින් යයි කියාගන්නා එවුන් "අපි ඕවට නෑ ඔන්න"තාලය දමමින් ශේප් වෙන්නට බලයි.

මේ මරබිය, මේ පිස්සු නැටීම අවසාන කිරීමට කාළය පැමිණ ඇත.

පලමුවෙන්ම

1] පැයෙන් පැයට දෙන "අරවා අහුවුනා...මේවා අහුවුනා"කියමින් දෙන බ්‍රේකින් නිවුස් මළදානය නැවැත්විය යුතුය.

ඕවා දකින මිනිස්සුන්ට එලියට බහින්නට හිතෙන්නේ නැත. ත්‍රස්තයාගේ අරමුණත් එයමය. මිනිසුන් බියෙන් ත්‍රස්ත කිරීමයි. මරණබය ඇති කිරීමයි. ජිහාඩින් සැඟවුනු තැන්වලම සිටගෙන පුකෙන් සිනාසෙමින් සිටින බව මට විශ්වාසය.

2] හමුදාවට, පොලීසියට බලය ලබාදී ඇති නිසා, ඔවුන්ට රාජකාරිය නිහඬව කරන්නට ඉඩ දිය යුතුය. මොකක් හෝ මගුලක් අසුවූ වහාම කැමරා අටවගෙන එතැනට කඩා පනින මාධ්‍යකාරයින් නැවැත්විය යුතුය.

3] රටේ ආරක්ෂාවට අදාලවන සියලුම ප්‍රවෘත්ති, බ්‍රේකින් නිව්ස්ද ඇතුලුව, මාධ්‍ය මධ්‍යස්ථානයක් මගින් නියාමනය කොට නිකුත්වන ක්‍රියාදාමයක් වහා ඇතිකල යුතුය.

4] පණ බයේ ඉන්නවා වෙනුවට, අවධානයෙන්, කල්පණාවෙන් ඉන්නට, සැක කටයුතු යමක් හෝ කෙනෙක් දුටුවිට ක්ෂණයෙන් ක්‍රියාත්මකවීමට ජනතාවට ඉගැන්විය යුතුය.

5] ආණ්ඩුවේ උන් හැංගී නොසිට පාරට බැස ජනතාව සමග සිටිය යුතුය. ඔක්කොටම කලින් හැංගිලා, බැරියර් දාගෙන ඉන්නේ උන් ටිකය. මුන් වගේ නිවට නායකයින් සිටිනා රට පුදුම අවාසනාවන්ත රටකි.

6] කාදිනල්තුමාද මදක් සන්සුන් විය යුතුය. ආණ්ඩුවත් එක්ක ඇරියස් පිරිමහන අවස්ථාවක් නොවන බව එතුමා වටහාගත යුතුය. හැම පල්ලියක් ලඟම පොලිස් ස්ථානයක් ඇතිකල නොහැකි බව එතුමා අවබෝධකරගත යුතුය. සෑම පල්ලියකම ආරක්ෂාවට ගමේ / ඒ අවට කිතුනු තරුණයින් එක් රැස් කරගෙන ආරක්ෂක හා සෝදිසි වැඩපිලිවෙල ඇතිකල යුතුය.

7] සිංහල බෞද්ධයින්ගේ බිය නැති කිරීමට සංඝරත්නය පෙරමුණ ගත යුතුය. පන්සල් ආරක්ෂා කිරීමට බෞද්ධ තරුණයින්ගෙන් සැදි සෝදිසි හා ආරක්ෂක කමිටු ඇතිකොට පන්සල් භූමිවලට ඇතුලුවන්නන්, පොලීසියේද සහය ඇතිව හොඳින් පරීක්ෂාකල යුතුය. මිනිස්සුන්ට නිදහසේ මලක් පූජාකරගැනීමේ අවස්ථාව උදාකර දිය යුතුය.

8] මෙතරම් අවදානම් තත්වයක් තිබියදීත් මී හරකුන් මෙන් තැන් තැන් වල වාහන පාර්ක් කොට, අඩුම ගණනේ නමක් ෆෝන් නොම්බරයක්වත් නොතියා යන උන්ගේ වාහන රාජසන්තක කොට, නඩුදමා සතියකට හෝ හිරේ දැමිය යුතුය. මේ දෙගාත් හරකුන් පාඩමක් ඉගෙන ගන්නේ එවිටම පමණකි.

අවාසනාවට කාදිනල්තුමාද, දේශපාලකයින්ද, මවුලවිලාද ඇතුලු සියල්ලන්ම මේ කරන්නේ ඇරියස් කවර්කර ගැනීමකි. කෙලවෙන්නේ රටට බව කවුරුත් නොසිතයි. 

සියල්ලන්ම එකතුවුනහොත්;
- ජිහාඩියාට බෝම්බ මළු කරතියාගෙන එන්නට බැරිබව, 
- බෝම්බ ලොරි, වෑන් නවත්වා මාරුවී යන්නට බැරිබව, 
කාටත් හොරෙන් බෝම්බ ඩ්‍රෝන් එවන්නට බැරිබව
- සුදු ඇඳගෙන සුයිසයිඩ් ජැකට් දාගෙන, ජිහාඩි ගෑණුන්ට පන්සල්වලට රිංගන්නට බැරි බව කවුරුත් නොසිතයි.




__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

TERROR / FAKE NEWS : කාත්තන්කුඩියේ ISIS ටී ශර්ට් ඇඳගත්ත මුස්ලිම් කොල්ලන්ගේ ෆොටෝ එක

$
0
0

ඊයේ, ට්විටර් හා ෆේස්බුක් හරහා ගිණ්නක් මෙන් පැතිරගිය කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් ඉස්සරහා අයි.සි.ස් ටී ෂර්ට් ඇඳගත් මුස්ලිම් කොල්ලන් සෙට් එක, බොරු ප්‍රවෘත්තියක්, හෙවත් ෆේක් නිවුස් එකක් බව අනාවරණය වෙලා තියෙනවා.

මේ ඡායාරූපය පිලිබඳව සත්‍ය තොරතුරු හා ඒවා ලබාගත් මූළාශ්‍රයන් පහත දක්වා තියෙනවා.

1] මේ ඉන්නේ ලංකාවේ මුස්ලිම් කොල්ලෝ නෙමෙයි, ඉන්දියාවේ රමන්තපුරම් පෙදෙසේ කොල්ලො ටිකක්

2] මේ ඡායාරූප අරගෙන තියෙන්නේ ලඟදී නෙමෙයි, 2014 අවුරුද්දේ රාමසාන් උත්සවය කාලයේ

3] ඡායාරූපය 2014දී ෆෙස්බුක් දාලා මකලා දාපු එකක්. උස්සලා තියෙන්නේ හින්දු පත්තරෙන්.

4] ඉන්දියන් පොලීසිය කරපු විමර්ෂණයකදී මේ කොල්ලෝ සෙට් එක මුස්ලිම් වුනාට අයි.සි.ස් එකට සම්බන්ධයක් නැති බව තහවුරු වෙලා. මුන් කොහෙද තියෙන ගාමන්ට් එකකින් ඕඩර් කරපු ටී ෂර්ට් වගයක්ලු.

මේ තියෙන්නේ ද හින්දු පත්තරේ මේ ගැන පලවුනු ලිපියේ ලින්ක් එක. ගිහින් බලන්න.






Viewing all 1216 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>