නාසා ආයතනය මගින් අඟහරු මත ගොඩ බස්වන ලද ඉන්සයිට් රොබෝ යානය මේ වනවිට අඟහරුවා මත නිරුපද්‍රිතව සිය ගවේෂණ කටයුතුවලට සූදානම් වනවා. යානය ගොඩබැසීමෙන් පසු, සියලු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලෙන ස්වයං නිරීක්ෂණ (self-test) කටයුතුවල යානය නිරත්වෙමින් සිටින බවයි නාසා ආයතනය ට්විටර් පණිවුඩයක් මගින් දන්වා සිටියේ. සැතපුම් මිලියන 300ක ගමනකින් පසු අඟහරුවා වෙත සාර්ථකව ගොඩබසින ලද අටවෙනි යානාව ලෙස ඉන්සයිට් යානාව ඉතිහාසගත වෙනවා. අඟහරුවා මත වසර දෙකක් ගතකල හැකි වන ලෙසයි ඉන්සයිට් යානය නිර්මාණය කොට ඇත්තේ.
යානයට ලබාදී ඇති InSight නම සෑදී ඇත්තේ Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport යන ආකාරයෙන්. අඟහරු ග්‍රහයාගේ ඇතුලට තත්වය සොයාබලා දත්ත එකතු කිරීම මෙහි මෙහෙයුම් අරමුණ බව නාසා පවසනවා.
Elysium Planitia නම් තැනිතලා පෙදෙසේ ගොඩබසින ලද ඉන්සයිට් යානය අඟහරු මත භූ කම්පණ මැන බැලිය හැකි භූකම්පණ මාණයක් ස්ථානගත කිරීම ඉන්සයිට් රොබෝවාගේ පලමු කාර්යය වනවා. ඒ අනුව අඟහරු ග්‍රහයාගේ ඇතුලත සිදුවන භූ කම්පණ පිලිබඳ දත්ත රැස්කරගෙන ඒ අනුව අඟහරු භූගෝලයේ ඇතුලත ක්‍රියාකාරිත්වය පිලිබඳ ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අඟහරු ග්‍රහයාගේ සංයුතිය, එහි ඇතුලත කොටස පෘථිවිය මේන් ලාවා බෝලයකින් සෑදී ඇතිද, එසේ නැතිනම් එය ඝණ කොටසක්ද යන්නත් සොයා බැලීමද අරමුණු අතර වෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________