බුකියේ පොඩි පෙරලිකාරයෙක් අහපු වටින ප්‍රශ්ණයක් නිසා මේක ලියන්න හිතුනා.
ඇත්තටම රටක් විධියට අපි දුප්පත් ඇයි? ඉන්දියාව, පාකිස්තානය, අප්‍රිකාවේ බොහෝ රටවල්, නැගෙනහිර ආසියාවේ ඉන්දුනීසියාව, පිලිපීනය, බුරුමය, ලාඕස්, කැම්බෝඩියාවේ වගේ සමහර රටවල් දුප්පත් ඇයි?
සුද්දන්ගේ රටවල් පෝසත් ඇයි?
සුද්දෝ පෝසත් ඇයි කියලා අහනකොට වැඩිදෙනෙක්ගේ උත්තරය වෙන්නේ; "සුද්දෝ අපේ රටවල් ආක්‍රමණය කරලා, අපේ වස්තුව කොල්ලකාගෙන ගියා, ඒකයි උන් පෝසත්...අපි දුප්පත්"ඒත් ඇත්ත මේකද?
එහෙනම් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෝර්වේ, ස්වීඩන්, පින්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය පෝසත් වුනේ කොහොමද?
එන්ගලන්තේ තරම් ලොකු යටත් විජිත කවදාක්වත් නොතිබුණු ජර්මනිය දෙපාරක්ම ලෝකෙත් එක්කම යුද්ධ කරන්න තරම් ධනය, තාක්ෂණය, යුධ ශක්තිය ඇතිකරගත්තේ කාව කොල්ලකාලාද?
වසර 250 තිස්සේම ලෝකයෙන් වෙන්වී සාම්ප්‍රදායික, ෂෝගන් රණකාමීන් පාළනය කල, සංවෘත, පසුගාමී රටක් වුනු ජපානය, 1854දී බලෙන්ම ලෝකයට විවරකලේ ඇමරිකානු නාවික කොමදෝරු මැතිව් පෙරී ගේ නෞකා බළඇණියයි. ඇමරිකන් බළපුලුවන්කාරකම් හමුවේ නිවටව පසුබෑ ජපනා, යලිත් කිසිදා එවන් ජාතික අවමානයකට බඳුන් නොවීමට අධිෂ්ඨානකරගත්තා. මේයිජි අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් නිර්මාණයකල මෙයිජි ව්‍යවස්ථාවට අනුව නූතන රාජ්‍යයක් ගොඩනැගීමේ වෑයම ඇරඹුනේ 1868දීයි. හැකිතාක් ඉක්මණින් කාර්මිකකරණයවී, බටහිර ජාතීන්හා සමානවීමට ජපනා මහා විශාල ජාතික ව්‍යායාමයක් ඇරඹුවේ ඉන් පසුවයි. ජපානය යටත්විජිත අල්ලගන්න පෙලඹුනේ කාර්මිකරණයවී යුධ ශක්තියෙන් අනූනවූ පසුවයි.
එහෙනම් ජපනා පෝසත්වුනේ, දියුණුවුනේ අනුන්ගේ රටවල් කොල්ලකාලා නෙමෙයි. ස්වශක්තියෙන්.
සුද්දා කොල්ලකාපු නිසා අපි දුප්පත් කියන කතාව ආතල් වුනත්, ශෝක් වුනත් ඇත්තක් නොවෙයි.
ලංකාව වගේම ඝර්මකළාපයේ බොහෝ රටවල් දුප්පත්. මේකට හේතු ඩිවලොප්මන්ට් ඉකොනොමික්ස් වන උගන්වනවා.
සාරාංශලෙස මේ හේතු;
1] 365 දවසේම ඇති දැඩි හිරු රෂ්මිය නිසා එලිමහනේ දිර්ඝකාළයක් වැඩ කිරීම අපහසුවීම. උෂ්ණාධික පරිසරයක තුන්සිය හැටපස් දවසේම ජීවත්වීම පීඩාකාරී වෙහෙසකර අප්‍රසන්න දිවියක් වීම. ඒවගේම අධික වර්ශාව හා අධික පෑවිල්ල යන කාළගුණ විපර්යාසවලට සෞම්‍යකලාපීය රටවල්වලට වඩා වැඩියෙන් බඳුන්වීම හා ඉන් ඇතිවල වගා විනාශයන් සෞම්‍යකලාපීය රටවලට වඩා දැඩිවීම.
2] මැලේරියාව, බරවා, ඉබෝලා, ඩෙංගු, පාචනය, අතීසාරය, කහ-උණ, නයිල් වෛරසය වැනි බෝවෙන රෝග සෞම්‍ය කළාපීය රටවලට වඩා ඝර්මකලාපයේ රටවල ඉතා වැඩිවීම. වසර පුරාම පවතින උෂ්ණ-තෙත් කාළගුණය මෙයට වැඩියෙන්ම හේතුවෙනවා. මේ නිසා මෑතක් වනතුරුම ඝර්මකළාපීය ජනයාගෙන් වැඩි පිරිසක් වසරේ බොහෝ දින ගණනක් රෝගීව, ඔත්පලව ගතකිරීම සාමාන්‍ය දෙයක්වී තිබුණා.
3] ශීතකාලයක් නොමැති බැවින් හා ඕනෑම කාළයක යම් යම් බෝග මගින් කුසපුරාවගත හැකිවීම නිසා නිශ්විත කාළයක වැඩ අවසන් කොට අස්වනු ගෙට ගැනීම, සතුන්ට ආහාර ගබඩාකොට තබාගැනීම, ශීත කාලයේ මාස තුනහතරක් උණුසුම ගන්නට ගිණි උදුනට උවමනා දරකොට කපා ගෙට ගැනීම වැනිදෑ සිදුකිරීම හුරු නොවීම.
අවුරුද්දේ ඕනෑම දවසක එලියට බැහැලා ටිකක් දුර ගියාම කන්නට ගෙඩියක් හොයාගන්නට පුලුවන් වීම නිසා අනාගතය ගැන එතරම් සිතීමට, සැලසුම් කිරීමට උවමනා නොවීම.
අවුරුද්දේ ඕනෑම දවසක එලියට බැහැලා ටිකක් දුර ගියාම කන්නට ගෙඩියක් හොයාගන්නට පුලුවන් වීම නිසා අනාගතය ගැන එතරම් සිතීමට, සැලසුම් කිරීමට උවමනා නොවීම.
ඒත් බටහිර ශීත කාළයක් ඇති රටවල තත්වය එසේ නොවෙයි. මාර්තුවේ වසන්තයේ සිට ජූලියේ ග්‍රීස්ම සෘතුව ඉවරවෙනකම් තියෙන මාස 5ක 6ක කාලයේ අවුරුද්දේ ඉතුරු මාස හතරේ කන්නට ඕනෑ කෑමබීම, සත්තුන්ට කන්න පිදුරුටික, මාස හතරක් පහක් නොකඩවා පත්තුවෙන්න ඕනෑ ගිණි උදුනට උවමනා දරකොට ටික, ශීතලෙන් රැකෙන්න ඕනෑ ඝණ ලොම් ඇඳුම් ටික, පොරෝන ටික සකසා ගත්තේ නැත්නම් ඒ පවුලට ශීත සෘතුවේ ජීවත් වෙන්න හැකිවෙන්නේ නෑ.
නූතන සුභසාධන සැලසුම් ස්ථාපනයවීමට පෙර අතීතයේ වසර දහස්ගණනක සිටම, ශීත රටවල ක්‍රියාශීලීනොවී අලසවන්නන්ට කුස ගින්නේ, ශීතලේ මියයාමට සිදුවීම නිසා පොදුවේ බොහෝ අලසයින් සමාජයෙන් ඉවත්වයාම (නැචුරල් සිලෙක්ෂන් න්‍යාය)
නූතන සුභසාධන සැලසුම් ස්ථාපනයවීමට පෙර අතීතයේ වසර දහස්ගණනක සිටම, ශීත රටවල ක්‍රියාශීලීනොවී අලසවන්නන්ට කුස ගින්නේ, ශීතලේ මියයාමට සිදුවීම නිසා පොදුවේ බොහෝ අලසයින් සමාජයෙන් ඉවත්වයාම (නැචුරල් සිලෙක්ෂන් න්‍යාය)
4] එලිමහනේ වැඩකල නොහැකි ශීතකාලය, නිවෙස තුල සිටිමින් යම් යම් ගෘහ කර්මාණ්ත, හස්තකර්මාන්ත, තාක්ෂණික නිර්මාණ සිදුකිරීම සඳහා මනස යොමුකල හැකි කාළයක් ලැබීම. සෞම්‍යකළාපීය රටවල නව නිර්මාපකයින්, ව්‍යවසායකයින් සිය සංකල්පයන් වැඩිදියුනු කරගන්නේ, ඒවා ගැන සිතමින් සැලසුම් කරන්නේ මාස 4ක් 5ක් පවතින ශීතකාලයේ නිවෙස්තුලටවී ගතකරමිනි.
ඝර්මකළාපීය රටවල ජනයාට මෙවැනි අවස්ථා ස්වභාවයෙන්ම හිඟවීම හා සෑම දිනකම ආහාර සපයාගැනීමට පමණක් වෙහෙසවීමට සිදුවීම.
5] ධනවත්වීම, ලෞකික ජීවිතය සාර්ථකකරගෙන සැපවත් ජීවිත ගතකිරීම, සාධාරණව ව්‍යාපාර කිරීම වැනි ලෞකික ධර්මතා ප්‍රවර්ධනය කරන ක්‍රිස්තියානි ආභාශය බටහිර රටවල්වල ජනයා දියුණුවට යොමුකරවන්නට දායකවුනා.
විශේෂයෙන් ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් හා රෙපරමාදු ක්‍රිස්තියානි නිකායන් මහන්සිවී වැඩකරමින්, ව්‍යාපාර දියුණුකර ගැනීම බොහෝ ඉහලින් සළකනවා.
බෞද්ධ ධර්මය ආදී ලෝකෝත්තර දියුණුව අගයකරන, සැපසම්පතින් යුතු ලෞකික ජීවිත ගැන වැරදි වැටහීමක් ඇතිකරන (බුදුන් වහන්සේ මෙසේ කියා නැතත්, බණ කියන හාමුදුරුවරු කියන්නේම මෙය නොවේද?) ආගමික ආභාශයන් ඝර්මකළාපයේ ඉන්දියාව, ලංකාව, හා ආසියාවේ පැරණි බෞද්ධ උරුමය ඇති රටවල් දියුණු නොවීමට තවත් හෙතුවක් වේ.
එමෙන්ම දැඩි කුළබේධයෙන් ජනයා පාගාගෙන, කුලීන බමුණන් අතලොස්සක් සියල්ලන්ම යටපත්කරගෙන සිටින, හින්දු ආගමික ආභාශය බොහෝ ඉන්දියානුවන් දුප්පත් කිරීමට තවත් විශාල දායකත්වයක් දරනවා.
දෙවියන් සතුටුකිරීමට උත්සව, යාගහෝම පැවැත්වීම, ජහ-ජරා ගංගා නදියේ බැසගෙන ලෙඩවී මියයාම හා එසේ සිදුනොවුනොත් තමන්ගේ කුළයේ ආකාරයට වැටෙන දෙයක් කාගෙන දිවිගෙවීමට පෙළඹවීමට කුළවත් බමුණන් හැකි හැම දෙයක්ම කලා.
6] දුප්පත් ආසියාතික හා අප්‍රිකානු රටවල්වල දැඩි කුළබේධ, වර්ගබේධ හා ආගම් බේද මගින් ඇතිකරන පසුගාමිත්වය.
මේ බේධ නිසා අඩු කුළවල දක්ෂයන්ට, අන්‍යාගමික දක්ෂයින්ට ඉගැනීම, ව්‍යාපාරික කටයුතු, පරිපාලන තනතුරු බොහෝ ලෙස අහිමිවෙනවා. එවැනි රටවල් සිය මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට අපොහොසත් වෙනවා. මානව සම්පත අපතේ යවන රටවල් දුප්පත් වෙනවා.
මෙවැනි රටවල කපටි දේශපාලකයින්, මේ බේධ දඩමීමාකරගෙන බලය අල්ලාගෙන, ඒ බේද වපුරමින් හැමදා බලයේ සිටිනවා.
රොඩේෂියාව හෙවත් සිම්බාබ්වේ කියන, අප්‍රිකාවේ කලක් පෝසත්ම රටවුනු, පුදුම විධියට ස්වභාවික සම්පත්වලින් පිරුණු, අප්‍රිකාවේ සාරවත්ම පසක් හිමි රට අද අන්ත දුප්පත් හිඟන රටක්වෙලා තියෙන්නේ එහෙමයි.
පකිස්තානය බැලුවත්, ඇෆ්ඝනිස්තානෙ බැලුවත්, සුඩානෙ, සෝමාලියාව බැලුවත් එහෙමයි. ආගම්බේධය, වර්ගබේධය, කුළබේධය මේ රටවල මහා පිළිකාවක් ලෙසින් රටවල් දුප්පත් කරනවා, යුද්ධ කළකෝලහාල ඇතිකරනවා, ශූර දේශපාලක කපටින්ට බලයට එන්නට, බලය අල්ලාගෙන රට සූරාකෑමට පාරකපනවා.
මහන්සිවී වැඩකරන, නොපසු බට උත්සායෙන් වැඩකරන ඕනෑම ජාතියක, ආගමක, කුළයක එකෙකුට දියුණු වෙන්නට, පෝසත් වෙන්නට ඉඩ ලැබෙන, උන්ගේ මහන්සියට, වීරියට ගරුකරන, තැන දෙන රටවල් ධනවත් වෙනවා, කාර්මිකකරණය වෙනවා, හැමෝගෙම ජීවන තත්වයන් ඉහල දමාගන්නවා.
බටහිර රටවල් පෝසත් වෙන්නත්, අපි දුප්පත් වෙන්නට අඩුවැඩිවශයෙන් මේ හේතු දායක වෙනවා.
ලංකාව පසුගාමී රටක් වෙලා තියෙන්නෙත් අඩුවැඩි වශයෙන් ඔය හේතුන් ඔක්කොම එකට එකතුවීම නිසයි.
මහින්ද මහත්තයාගේ බිරිඳ කතෝලික බැතිමතියක් වීම, රනිල්ගේ පැටිකිරියේ ක්‍රිස්තියානි අක්මුල් තිබීම, මුස්ලිම් එවුන් බිස්නස්වලින් ඉහල යාම Hemas, MAS, NoLimits, FashionBug වැනි දැවැන්ත ව්‍යාපාර ගොඩනගා ගැනීම, දෙමළ කොල්ලන් කෙල්ලන් සිංහල උන්ට වඩා හොඳින් ඉගෙනගැනීම දැඩි වේදනාවෙන් කළකිරීමෙන් සළකන;
අපේ ජාතිය, අපේ ආගම සුපිරියි, අනික් උන් දෙන දෙයක් කාලා, වෙනදෙයක් බලාගෙන ඉන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්න අපවැනි මෝඩයින් සිටින රටවල් දුප්පත් වෙනවා.
හැම අවුරුද්දේම නැකතට කාලා වැඩ ඇල්ලුවත්, චාරිත්තරේට සරං ඇඳගෙන බුලත් හුරුලු අරගෙන නෑදෑගෙවල්වල ගියත්, හැම පෝයටම සිල් ගත්තත්, හැමදෑම බණ ඇහුවත් මේ මෝඩකම් අතහරිනකම් අපේ දුප්පත්කම අඩුවෙන්නේ නෑ.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________