මේ ලියන මොහෝතේ රටේ මළගෙවල් 200කට වැඩිය. තවත් සිය ගණනක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටී. බොහෝ දෙනා නිදිවර්ජිතව, වී.පී.එන් දමාගෙන ෆේස්බුක්, ට්විටර් ආදී සමාජජාලවල වුනු විනාශය ගැන කඳුලු සළති, රටේ අනාගතය ගැන බිය පලකරති. ආරක්ෂක හමුදා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වේ.
බ්ලොග් කරුවෙකු ලෙස මගේ අදහස් මෙසේ ලියාතබමි....
ඔව්, මහත් විනාශයක් සිදුවී ඇත. සංචාරක කර්මාණ්තය අණතුරේය. ලංකාවට ආශාවෙන් ආ විදේශිකයින් සෑහෙන කලකට යලි නො එනු අත.
එහෙත්...
තිස් වසරක වාර්ගික යුද්ධයට වඩා මෙය වෙනස් බව වටහා ගන්න. එදා කළු ජූලියේදී ලොවම සිටියේ අපර විරුද්ධව ප්‍රභාකරන්ගේ පැත්තේය.
අද...අද ලොවම අපි සමගය.
පැරීසියේ අයිෆල් කුළුණ පැරිස් වෙලාවෙන් රාත්‍රී 12ට අඳුරු විය. ටෙල් අවීව් නුවර අපේ ජාතික කොඩියෙන් ආලෝකමත් කල ගොඩනැගිල්ලකින් ඔවුන් අප සමග දුක වේදනාව බෙදාගත්හ. මොස්කව් නුවර ශ්‍රී ලාංක තානාපති කාර්යාලය අසල රුසියානුවෝ මල්කළඹයන් තබමින් මියගිය වුන්ට සිය ශෝකය බලකරන බව දකින්නට ලැබේ. මැලේසියාවේ දුකබෙදාගන්නා සැමරුමකි. ඉන්දියාවද අප සමගය. පාකිස්තානයද එසේමය.
සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට රටේ ජනතාව සංයමයෙන් බලාසිටිති. සියලු ආගමික නායකයෝ සංයමය, ඉවසීම, සහෝදරත්වය ඉල්ලා සිටිති.
සියල්ලේම නරකම පැත්ත සිතීම සාධාරණ වුවත්, මෙය වෙනස් බව අප අවබෝධ කරගත යුතුය.
ප්‍රභාකරන් අප සමග යුධ කරමින්, බටහිරින් රැකවරණ, ආරක්ෂාව මෙන්ම සිය අරගලයේ සාධාරණත්වය පෙන්වමින් ඔවුන් රවටමින් මුදල් රැස් කළහ. ලොව ඉදිරියේ ජාතියක් ලෙස අප අසරණවිය. බෝම්බයක් පිපිරූවිට බොරු ශෝකප්‍රකාෂ හැරෙන්නට ත්‍රස්තක්‍රියා අඩපණ කරන්නට යමක් කරන්නට පටන් ගත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන විනාශයෙන් පසුවය.
එහෙත් අද ලංකාවට චෝදනා කරන්නට, බටහිර සිටින දෙමළ ඩයස්පෝරා හිටපු කොටි කිහිපදෙනෙකු හැරෙන්නට වෙන කෙනෙකු නැත. සියල්ලන්ම අප සමග සිටගෙන ඇත.
පැරීසිය, ලන්ඩනය, නිව් යෝර්ක් නුවර, බොස්ටන් නුවර, ජර්මනිය, නෙදර්ලන්තය, ජිහාඩි ප්‍රහාරවලින් බැටකා ඇත. ඔවුන් අප සමග සිටින්නේ ඒ බැවිනි.
මෙය වෙනස් කියන්නේ ඒ නිසාය.
ඒ වෙනස එලෙසම තබාගනිමින් ලොවම, එමෙන්ම සාමකාමී මුස්ලිම් රටවල්ද අප සමග තබාගත හැක්කේ මෙරට අහිංසක මුසල්මානුවන් ආරක්ෂකරීමෙන්ම පමණකි.
අප රට ලෝක ජිහාඩින්ගේ රේඩාරයට හසුවූයේද ජාතිවාදී, ස්වෝතමවාදී සුළු පිරිසකට හිතාමතා උපකාර කිරීමෙන් බව අප මෝඩ නොවී තේරුම්ගත යුතුය. ඒ විනාශය අප වලක්වාගත යුතුය. අපගේ රටේ වාසය කරන මුසල්මානු ප්‍රජාව ආරක්ෂාකිරීම සිදුකල යුතුමය. බෝම්බ දැම්මේ අපගේ නිවෙස අසල නිවෙස්වල සිටින මුසල්මානුවන් නොවේ. අප රැකියාස්ථානයේ සිටින සහෝදර මුසල්මානුවන්ද නොවේ.
මෙය අතිවිශාල මුදල් සම්භාරයක් වැයකරමින්, ජාත්‍යන්තර ජිහාඩි සංවිධාන, මෙරට සිටින අන්තවාදීන් ඉතා සුලුපිරිසක් යොදවාගෙන සිදුකල මෙහෙයුමකි. සංවිධානය, සූක්ෂම බව, ගෙනා බෝම්බවල විනාශකාරීබව එයට සාක්ෂි සපයයි. සිරියාවේ සටන්වලට ගොස්, රහසේ මෙරටට පැමිණි ලාංකික ජිහාඩින් මෙයට තාක්ෂණික සහය දෙන්නට ඇත. එහෙත් ඔවුන් ඉතා සුළුතරයකි.
දැන් ඉක්මණින්ම කළයුත්තේ මෙහෙයුමේ ඉතිරිවැඩ කල, සැඟවී සිටින ජිහාඩින් සොයාගැනීමයි. එය කලයුතුමය. ආරක්ෂක හා බුද්ධි අංශ වැඩ අරඹා ඇත. ඔවුනට ඒ වැඩ කරගෙන යාමට ඉඩදී අප පරීක්ෂාකාරීව සිටිය යුතුය.
ඉන් පසු ලොව බුද්ධි අංශ හා ඒකාබද්ධව මෙම ජිහාඩි වෛරසය සම්පූර්ණයෙන්ම අඩපණකල යුතුය.
ආරක්ෂක අංශ එය කරද්දි
ජිහාඩින් නොවන ලාංකික මුස්ලිම් කොල්ලන් කෙල්ලන් ජිහාඩින් වීම වැලැක්වීම අප සියලු දෙනාගේම යුතුකමයි. එය කල හැක්කේ බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අපටම පමණකි.
වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ තම්බින්ට බයේ නැමිලා හිටපන් කියා නෙමෙයි.
සංයමයෙන්, අවධානයෙන්, සැකකටයුතු ලෙස හැසිරෙන උන් ගැන දෑස් යොමා සිටින අතරම අහිංසකයින්ව ආරක්ෂාකල යුතුය කියන එකයි.
මඩකළපුවට, පුත්තලමට, නුවරට, දර්ගාටවුමට බස් පිටින් ගොස් ගේම ඉල්ලන්නට, මුස්ලිම් දේවස්ථානවට හානි කරන්නට, අසල්වැසි මුසල්මානුවන්ට තමුන්ගේ නිවෙස්, ගෙවල්, කඩ, බිස්නස් අතහැර යන්නට සිතෙන පරිදි වැඩ කරන්නට එපා කියන එකයි.
83දී අප කලෙත් ඕකමයි. දැන්වත් ජාතියක් ලෙස මොලේ පාවිච්චි කරමු.
මේ කියන්නේ;
මේ කියන්නේ;
කාත්තන්කුඩියේ හෙල්මට් නැතුව ගියා කියන එකට අපි කළබලවිය යුතු නැත. මෝඩ මුස්ලිම් කොල්ලන් ටිකක් ගොන් පාට් දැම්මාට අපි ගොන් විය යුතු නැත. ජිහාඩින්ට ඕනෑත් ඒ ටික කරගනන්ටය.
සිංහල අන්තවාදීන්, අරාජිකවාදීන්ද මෙවැන්නක් වෙනතෙක් බලා සිටි බවද අමතක නොකරන්න. ජිහාඩින්ට මෙන්ම සිංහල අන්තවාදීන්ටද හිස ඔසවන්නට නොදීම මිලියන 21ක්ව මේ රටේ සැමගේම යුතුකමයි.
මෙයින් අපට ගොඩ එන්නට හැකිය. සාමකාමී වූවිට, ආරක්ෂාව තහවුරුවූ විට සංචාරකයින් නැවත එනු ඇත. මේ සුන්දර රට ඔවුන් ඉතාමත් ආශා කරන සංචාරක පාරාදීසයකි. ඔවුන් නැවත් එනු ඇත. එතෙක් අප රට ආරක්ෂාකරගෙන සාමයෙන් සිටින්නට හැකි සෑම දේම කරමු.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________