ආරක්ෂක හමුදාවලට ආහාරපාණ වලින් සංග්රහකරන ද්‍රවිඩ යුවතියක්. මරබියේ ඉන්නවාට වඩා කල යුත්තේ මෙවන් දේ නොවේද? |
අද හවස ගෙදර එන විට අපේ පැත්තේ නිවැසියන් සිය ජංගම දුරකථනද අතැතිව පාරටවී සිටිනු දකින්නට ලැබුනා.
"මොකද වෙලා තියෙන්නේ?"
"ඔයා කොයි පැත්තෙ ඉඳන්ද ආවේ?....ඩෝං ගාලා සද්දයක් ආවා...."
තවත් කොහේ හෝ පුපුරායාමක් සිදුවී ඇතැයි බියපත්වී සිටි අසල්වැසි කාන්තාව මගෙන් අසා සිටියාය.
අසිහියෙන් මෙන් ගෙට පැනගත් මම වැඩ ඇරී නිවෙස බලා එමින් සිටි බිරිඳට ඇමතුමක් ගත්තේ ඇය කොහේ සිටින්නේදැයි සොයා බැලීමටයි. දෙරන 24/7 දමාගෙන, අනෙක් පැත්තෙන් ටිවිටර් අප්ඩේට් තිබේදැයි බලමින් පැයක් පමණ කාදමන්නට සිදුවූයේය.
ඩෝං සද්දය යම් අවලමෙකු පත්තුකල අලිඩොං රතිඤ්ඤාවක් විය යුතුය.
සඳුදාට පාසැල් පටන්ගත්තද යවන්නේ නැතැයි බෝහෝ දෙමව්පියන් කියයි. සියල්ලන්ම දැඩි බියකිනි. ඇමරිකානු තානාපතිවරියද ත්‍රස්ත කණ්ඩායම් සක්‍රීයව ප්රහායකට අර අඳින බව පවසයි. රට වටෙන්ම පුපුරණ ද්‍රව්‍ය කිලෝ ගණන්, හමුදා ඇඳුම්, බෝම්බ සාදන උපකරණ, වෝකිටෝකි හසුවේ.
ඇමතිවරුන්ගේ, මන්ත්‍රීලාගේ ගෙවල්වලින් කාර්යාල වලින් පමණක් නොව ඩ්රයිවර්ලාගේ ගෙවල්වලින්ද පුපුරණ ද්‍රව්‍ය හසුවෙමින් යයි. අහුවුනේ නැති කිලෝ කොච්චරදැයි කියන්න දන්නා කෙනෙක් නැත.
කාඩිනල්තුමා තමන්ට ලැබී ඇති තොරතුරු මත දේවමෙහෙයන් තහනම්කොට ඇති අතර කතෝලික පාසැල් ආරම්භය කල්තබන ලෙස ඉල්ලා ඇත. ජන ජීවිතය බොහෝ සෙයින් අඩාලවී ඇත.
තව කොච්චරකල් මේ විධියට හැංගිලා, පණ බයේ ඉන්නද?
රජයේ ඇත්තන්ගේ පිස්සු කෙලීමේ අවසානයක් නැත. රාජිත ගෝඨාට බණී. ගෝඨා ආණ්ඩුවට බනී. ෆොනී හැමෝටම බණී. විමල් ආණ්ඩුවටද ආණ්ඩුව විමල්ටද බනී. මුස්ලිම් ජනතා නියෝජිතයින් යයි කියාගන්නා එවුන් "අපි ඕවට නෑ ඔන්න"තාලය දමමින් ශේප් වෙන්නට බලයි.
මේ මරබිය, මේ පිස්සු නැටීම අවසාන කිරීමට කාළය පැමිණ ඇත.
පලමුවෙන්ම
1] පැයෙන් පැයට දෙන "අරවා අහුවුනා...මේවා අහුවුනා"කියමින් දෙන බ්‍රේකින් නිවුස් මළදානය නැවැත්විය යුතුය.
ඕවා දකින මිනිස්සුන්ට එලියට බහින්නට හිතෙන්නේ නැත. ත්‍රස්තයාගේ අරමුණත් එයමය. මිනිසුන් බියෙන් ත්‍රස්ත කිරීමයි. මරණබය ඇති කිරීමයි. ජිහාඩින් සැඟවුනු තැන්වලම සිටගෙන පුකෙන් සිනාසෙමින් සිටින බව මට විශ්වාසය.
2] හමුදාවට, පොලීසියට බලය ලබාදී ඇති නිසා, ඔවුන්ට රාජකාරිය නිහඬව කරන්නට ඉඩ දිය යුතුය. මොකක් හෝ මගුලක් අසුවූ වහාම කැමරා අටවගෙන එතැනට කඩා පනින මාධ්‍යකාරයින් නැවැත්විය යුතුය.
3] රටේ ආරක්ෂාවට අදාලවන සියලුම ප්රවෘත්ති, බ්‍රේකින් නිව්ස්ද ඇතුලුව, මාධ්‍ය මධ්‍යස්ථානයක් මගින් නියාමනය කොට නිකුත්වන ක්‍රියාදාමයක් වහා ඇතිකල යුතුය.
4] පණ බයේ ඉන්නවා වෙනුවට, අවධානයෙන්, කල්පණාවෙන් ඉන්නට, සැක කටයුතු යමක් හෝ කෙනෙක් දුටුවිට ක්ෂණයෙන් ක්‍රියාත්මකවීමට ජනතාවට ඉගැන්විය යුතුය.
5] ආණ්ඩුවේ උන් හැංගී නොසිට පාරට බැස ජනතාව සමග සිටිය යුතුය. ඔක්කොටම කලින් හැංගිලා, බැරියර් දාගෙන ඉන්නේ උන් ටිකය. මුන් වගේ නිවට නායකයින් සිටිනා රට පුදුම අවාසනාවන්ත රටකි.
6] කාදිනල්තුමාද මදක් සන්සුන් විය යුතුය. ආණ්ඩුවත් එක්ක ඇරියස් පිරිමහන අවස්ථාවක් නොවන බව එතුමා වටහාගත යුතුය. හැම පල්ලියක් ලඟම පොලිස් ස්ථානයක් ඇතිකල නොහැකි බව එතුමා අවබෝධකරගත යුතුය. සෑම පල්ලියකම ආරක්ෂාවට ගමේ / ඒ අවට කිතුනු තරුණයින් එක් රැස් කරගෙන ආරක්ෂක හා සෝදිසි වැඩපිලිවෙල ඇතිකල යුතුය.
7] සිංහල බෞද්ධයින්ගේ බිය නැති කිරීමට සංඝරත්නය පෙරමුණ ගත යුතුය. පන්සල් ආරක්ෂා කිරීමට බෞද්ධ තරුණයින්ගෙන් සැදි සෝදිසි හා ආරක්ෂක කමිටු ඇතිකොට පන්සල් භූමිවලට ඇතුලුවන්නන්, පොලීසියේද සහය ඇතිව හොඳින් පරීක්ෂාකල යුතුය. මිනිස්සුන්ට නිදහසේ මලක් පූජාකරගැනීමේ අවස්ථාව උදාකර දිය යුතුය.
8] මෙතරම් අවදානම් තත්වයක් තිබියදීත් මී හරකුන් මෙන් තැන් තැන් වල වාහන පාර්ක් කොට, අඩුම ගණනේ නමක් ෆෝන් නොම්බරයක්වත් නොතියා යන උන්ගේ වාහන රාජසන්තක කොට, නඩුදමා සතියකට හෝ හිරේ දැමිය යුතුය. මේ දෙගාත් හරකුන් පාඩමක් ඉගෙන ගන්නේ එවිටම පමණකි.
අවාසනාවට කාදිනල්තුමාද, දේශපාලකයින්ද, මවුලවිලාද ඇතුලු සියල්ලන්ම මේ කරන්නේ ඇරියස් කවර්කර ගැනීමකි. කෙලවෙන්නේ රටට බව කවුරුත් නොසිතයි.
සියල්ලන්ම එකතුවුනහොත්;
- ජිහාඩියාට බෝම්බ මළු කරතියාගෙන එන්නට බැරිබව,
- බෝම්බ ලොරි, වෑන් නවත්වා මාරුවී යන්නට බැරිබව,
- කාටත් හොරෙන් බෝම්බ ඩ්‍රෝන් එවන්නට බැරිබව
- සුදු ඇඳගෙන සුයිසයිඩ් ජැකට් දාගෙන, ජිහාඩි ගෑණුන්ට පන්සල්වලට රිංගන්නට බැරි බව කවුරුත් නොසිතයි.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________