ඊයේ, ට්විටර් හා ෆේස්බුක් හරහා ගිණ්නක් මෙන් පැතිරගිය කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් ඉස්සරහා අයි.සි.ස් ටී ෂර්ට් ඇඳගත් මුස්ලිම් කොල්ලන් සෙට් එක, බොරු ප්‍රවෘත්තියක්, හෙවත් ෆේක් නිවුස් එකක් බව අනාවරණය වෙලා තියෙනවා.
මේ ඡායාරූපය පිලිබඳව සත්‍ය තොරතුරු හා ඒවා ලබාගත් මූළාශ්‍රයන් පහත දක්වා තියෙනවා.
1] මේ ඉන්නේ ලංකාවේ මුස්ලිම් කොල්ලෝ නෙමෙයි, ඉන්දියාවේ රමන්තපුරම් පෙදෙසේ කොල්ලො ටිකක්
2] මේ ඡායාරූප අරගෙන තියෙන්නේ ලඟදී නෙමෙයි, 2014 අවුරුද්දේ රාමසාන් උත්සවය කාලයේ
3] ඡායාරූපය 2014දී ෆෙස්බුක් දාලා මකලා දාපු එකක්. උස්සලා තියෙන්නේ හින්දු පත්තරෙන්.
4] ඉන්දියන් පොලීසිය කරපු විමර්ෂණයකදී මේ කොල්ලෝ සෙට් එක මුස්ලිම් වුනාට අයි.සි.ස් එකට සම්බන්ධයක් නැති බව තහවුරු වෙලා. මුන් කොහෙද තියෙන ගාමන්ට් එකකින් ඕඩර් කරපු ටී ෂර්ට් වගයක්ලු.
මේ තියෙන්නේ ද හින්දු පත්තරේ මේ ගැන පලවුනු ලිපියේ ලින්ක් එක. ගිහින් බලන්න.