ප්‍රහාරයේදී සහරාන් මියගියාද යන්න ගැන බුද්ධි අංශතුල බරපතල සැකයක් මතුව තිබෙනවා. මෙයට හේතුව ශන්ග්රිලා හෝටලයෙන් හොයාගත් බෝම්බකරුගේ හිසත්, සහරාන්ගේ මුහුණුවරත් අතර ඇති වෙනස්කම්ය.
ඒ අනුව සහරාන් බෝම්බය තබා, දුරස්ථ උපක්‍රමයකින් පුපුරවා පැන ගන්නට ඇති බවයි බුද්ධි අංශ අනුමාන කරන්නේ.මේ සඳහා ඇති වෙනත් සාධක;
1/ සහරාන් මේ ප්‍රහාරය සඳහා දැඩි ලෙස කැපවීම
2/ වෙනත් නායකයෙකු නම් කොට නොතිබීම
3/ රටවටෙන්ම අසුවෙන විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය අනුව, එක් ප්‍රහාරයක් පමණක් සැලසුම් කරන්නට ඇතැයි යන්න විශ්වාස කිරීමට අපහසු වීම.
මේ අනුව, සහරාන් ත්‍රස්තයා කොහේ හෝ සැඟවී ත්‍රස්ත කටයුතු සැලසුම් කරමින් සිටිනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
Source : http://www.dailynews.lk/2019/05/04/local/184616/suspicion-over-zahran%E2%80%99s-death