සහරානයාගේ හැංගිමුත්තම හා දෙවන ප්‍රහාර රැළ්ල
ජමාතයින් ටොන් ගණනක් පුපුරණ ද්‍රව්‍ය, හමුදා නිළ ඇඳුම්, භික්ෂු සිවුරු, කාන්තා සුදු ඇඳුම් රැස්කරගෙන සිටියේ ඇයි? බොහෝ දෙනෙකු අසන ප්‍රශ්ණයකි. අගමැතිවරයා මේ පිලිබඳව විදෙස් මාධ්‍යයවේදියෙකුට සඳහන් කොට සිටියේ දෙවැනි ප්‍රහාර රැල්ලක් සූදානම් කොට තැබුවා විය යුතුයි යන්නයි.
එමෙන්ම කොටි සංවිධානය සිදුකලාක් මෙන් නැගෙනහිර පලාතේ සන්නද්ධ අරගලයක් අරඹා, ඒ පෙදෙස් ඉස්ලාම් කාලිෆේටයේ කොටසක් ලෙස හඳුන්වා ගැනීමට, දහස් ගණන් මුස්ලිම් තරුණයින් සටනට ආකර්ෂණය කරගෙන එමෙන්ම විදෙස් ජිහාඩින් ගෙන්වා ගැනීමට සැලසුම්කලා විය යුතුමය
සහරාන්, මරාගෙන මැරෙන බවට බොරු විජ්ජාවක් පෙන්වා, දිවුරුම්දීමේ වීඩියෝවේදීද මුහුණ නිරාවරණය කරගෙන, "ඔන්න මම මැරෙනෝ....හරිදෝ...."කියලා අහන්නාක් මෙන් කාළකණ්නි මුහුණ පෙන්නාගෙන ඉන්නේ...හරි මූ මළා, දැන් ඉතින් ඉවරයි කියා ආරක්ෂක අංශ, බුද්ධි අංශ සිතනු ඇතැයි උපකල්පණය කරමින්ය.
මෙතරම් මෝඩයෙකු වූ සහරානයාට බිලියන 7ක වත්කම් බැරකරන්නට උගේ ධනවත් ආධාරකරුවන් මොනතරම් මෝඩයන් විය යුතුද? විදේශික මුසල්මානුවන්ට ආවේණික, පටු, ආවේගශීලී, දුරදිග නොපෙනෙන හැසිරීම පිලිබඳව කෙටි විශ්ලේෂණයක් ලිපිය අග කොටසේ ඇත. ලංකාවේ මුසල්මානුවන් බහුතරය මෙතරම් පසුගාමී, ගෝත්‍රික නරුමයින් නොවන බව මගේ හැඟීමයි. තම දියණියන්ට උගන්වන්නට ඔවුන් බොහෝ සේ මහන්සිවන්නේ ඒ නිසාය.
මුස්ලිම් සංහාරයක් පිලිබඳ ජමාතයින්ගේ බොඳවූ සිහිනය

මේ මෝඩයින්ගේ සැලසුම සාර්ථකවීම සඳහා ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවය වුනේ පාස්කු ප්‍රහාරයෙන් පසු රටතුල මහා විශාල මුස්ලිම් සංහාරයක් ඇරඹිමයි. දර්ගා ටවුන්, දිගන හා ඊට පෙර මාවනැල්ලේ මුස්ලිම් කෝළහාලවල පූර්වාදර්ශ අනුව, මෙය අනිවාර්ය සිදුවීමක් බවට සහරාන් හා ඔහුගේ පිටුපස සිටින (බුද්ධි අංශ දැනටමත් දන්නා හෝ නොදන්නා) මොළකරුවන් (???) සිතන්නට ඇත.
ඒ අනුව;
1] පාස්කු ප්‍රහාරය, 1983 දෙමළ සංහාරය මෙන් සංහාරයක ඇරඹීමක් වී දහස් ගණන් මුස්ලිම් ව්‍යාපාර විනාශ වීමට, මුස්ලිම් මිනිසුන් කපා කොටා මරාදැමීම ඇරඹෙනු ඇතැයි ඔවුන් උදක්ම විශ්වාස කරන්නට ඇත.
2] බුද්ධි අංශ, මෙන්ම ආරක්ෂක හමුදා දැඩි ලෙස අකර්මණ්‍ය වී ඇති බවත්, ඔවුනට කිසිවක් කරකියාගත නොහැකි, ඉතාමත් දුර්වල මට්ටමක සිටින බවත් ඔවුන් අනුමාන කරන්නට ඇත. ඒ අනුව ඔවුන් අද සමාජයේ සාමාන්‍යයෙන් පවතින විශ්වාසය වන, බුද්ධි අංශ දැඩිලෙස විනාශවෙලා, ඔවුන් කිසිවක් දන්නේ නෑ, කිසිවක් කරගනන්ටත් බෑ.... යන උපකල්පණයෙන් සිටින්නට ඇත.
3] එකිනෙකා කා කොටා ගන්නා මෛත්‍රී / රනිල් විසංයෝගය නිසා රට දේශපාලනිකව අනාතවී ඇති නිසා, රජයටද මහා මුස්ලිම් සංහාරය පාලනය කරන්නට නොහැකි වෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති.
පැතූ ප්‍රතිචාරය නැත - නොසිතූ ප්‍රතිචාර ඇත
මුසල්මානුවන්ට සැබෑ සහජීවනයේ දෑත දිගුකරන කාදිනල් |
2] නායක හිමිපාණන්වහන්සේලා ඇතුලු පැවිදි / ගිහි බෞද්ධ නායකත්වයේ සංයමය හා සැබෑ සහජීවනය ආරක්ෂා කරන්න ලෙස ඉල්ලීම, බෞද්ධයින් උසි නොගැන්නවීම අපේක්ෂා නොකරන්නට ඇති. ඔවුන් උපකළ්පණය කරන්නට ඇත්තේ සියලු බෞද්ධ භික්ෂූන් ගලගොඩ අත්තේ ඥාණසාර භූමිකාව රඟ දක්වනු ඇති බවයි.
3] මුස්ලිම් වියතුන්ගේ සංවිධාන හා නිළ මුස්ලිම් ආගමික නායකයින්ගේ හැසිරීම අපේක්ෂා නොකරන්නට ඇති. තමිල් සෙල්වම් ගෙදරින් එලියට බහිනකොට හරියට ඉලක්කෙට ගහපු අපේ බුද්ධි අංශවලට මුන් මොක්කුදැයි අහන්නේ විමල් වීරවංශ නොව මුස්ලිම් වියතෙකු හා මුස්ලිම් ප්‍රජාවේ නායකයෙකි.
4] බුද්ධි අංශ මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී යයි නොසිතන්නට ඇත. ඒ අනුව ඔවුන්ට සිය ප්‍රතිවාදියාගේ සැබෑ හැකියාවන් පිලිබඳව සියුම්, උපායමාර්ගික බුද්ධි තොරතුරු තිබුණ බවක් නොපෙනේ. අඩුම ගණනනේ හැම තැනම ඇති CCTV පිලිබඳව හෝ අවධානයක් යොමුකල බවක් නොපෙනේ.
5] ඉන්දියාවෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරුවල සවිස්තර භාවය ගැන හාංකවිසියක් දැන නොසිටින්නට ඇත. ඒ අනුව මනෝමය ලොවක සැරිසරමින් සිය සැලසුම් සකස්කරන්නට ඇත. ඉන්දියාවේ රෝ ඔත්තුසේවය පාක්ස්තානයෙන් එන නිරන්තර ත්‍රස්ත තර්ජනවලට මුහුණ දෙන්නට දැඩි ලෙස කැපවී, සියලුම මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටින බව ගැන අවබෝධයක් තිබී නොමැත.
6] එමෙන්ම සිංහල බොදු හා කිතුණුවන් සිය කෝපය මුස්ලිම් ප්‍රජාව මුදා නොහැර සිටී යයි උපකල්පණය නොකරන්නට ඇති.
7] ලොව පුරා අයිසිස් විරෝධී රවටල බුද්ධි අංශ ක්ෂණයෙන් ලංකාව වෙත පැමිණෙමින්, තොරතුරු ලබාදෙමින් ක්‍රියාතමක වනු ඇතැයි නොසිතන්නට ඇති. ඉන්දියාව තමුන් ගැන මෙතරම් සෙවිල්ලෙන්, සියුම් ලෙස තොරතුරු රැස්කරමින් සිටින්නට ඇති බව කිසිවිටකත් ඔවුන් අපේක්ෂා නොකල බව පෙනේ.
ඒ අනුව පාලනයකින් තොරව සිදුවන මුස්ලිම් සංහාරය නිසා රටේ ආර්ථිකය දැඩිලෙස අස්තාවර වී, ලෝකයෙන් දේශපාලනිකව හුදෙකලාවූ රටක්, එනම් 1983 ජූලියේදී බිහිවූ ශ්‍රී ලංකාව බවට 2019 අප්‍රේල් මසදී ලංකාව යලිත් පත්වෙනු ඇති බව ජමාතයින් ඉතා දැඩි ලෙස විශ්වාස කරන්නට ඇත. මේ අන්ධ විශ්වාසය හා වැරදි උපකල්පණ හා වැරදි ඇස්තමේන්තු නිසා පාස්කු ප්‍රහාර කුරුමාණම දැනටනම් (අවාසනාවට හෙට වන විට මෙය වෙනස්විය හැකිය - අනාගතය තවමත් අවිනිශ්චිතය) වැරදී ගොස් ඇති බව කිව හැකිය.
ඒ අනුව අබු බකර් බැග්ඩෑඩීගේ කුඩුවී සුනුවිසුණු වී ඇති ඉස්ලාම් කාලිෆේටයේ එක අන්ඩක් බවට ලංකාව පත්කරගැනීමේ වියරු සිහිනයක ගිලී ස්වයං වින්දනයේ යෙදෙමින් සිටින්නට ඇත.
දැනට ගණනයකල හැකි ආකාරයට - ජමාතයින්ට අහිමිවූ දෑ
1] ටොන් ගණනක් පුපුරණද්‍රව්‍ය, රුපියල් බිලියන 7ක ස්ථාවර වත්කම්, රුපියල් මිලියන 140ක ජංගම වත්කම් හා වටිනා තොරතුරු හා පුහුණුව ඇති සටන්කාමීන් ජමාතයින්ට මේ වෙනකොටත් අහිමිවී ඇත.
2] ලොව පුරා බුද්ධි අංශ උන් ගැන දැඩි ලෙස සොයන්නට පටන්ගෙන ඇත. ඉන්දියා හා විශේෂයෙන් සෞදි අරාබිය දැනටමත් ලංකා ජමාතයින් අත් අඩංගුවට ගෙන ඇත. මෙය ජමාතයින්ට කිසිසේත්ම වැඩදායි ප්රවනතාවයක් නොවේ.
3] සැඟව සිටින සහරානයාට නැවත් ලංකාවතුල හෝ ඉන්දියාවතුල හෝ වෙනත් තුන්වැනි රටක නිරුපද්‍රිතව ක්‍රියාත්මක වෙමින් සම්පත් රැස්කිරීම. මෙහෙයුමක් සැලසුම් කිරීම එතරම් පහසු නොවේ.
බැග්ඩෑඩී පවා , සිය විශ්වාසවන්තයින් තිදෙනෙකු පමණක් (බොඩිගාඩ් ලෙස ක්‍රියාකරන සොයුරා, රියදුරා, පණිවුඩකාරයා) සමග සිරියා/ඉරාක වැලිකතරේ කොහේ හෝ සැඟවී, කිනම් මොහොතක ඇමරිකන් හෙල්ෆයර් මිසයිලයක් හිසමත පතිතවේදෝ යයි සිතමින් ගතකරන කාලයකි මෙය.

4] පාලනයකින් තොරව ක්‍රියාත්මකවෙන මඩරාසා ඉස්ලාම් පාසැල් ප්‍රතිශෝධනය කොට නියාමනය කලයුතු බව මුස්ලිම් ආගමික නායකත්වය හා විද්වත් ප්‍රජාව එකඟවී, ඒ පිලිබඳව ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඊලඟ පරම්පරාවේ මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගැනීමට මෙය ඉවහල්වනු ඇත.
5] මෙරටට හොරෙන් පැමිණ අන්තවාදී මත උගන්වන විදෙස් උලමාවරු ඇතුලු, වීසා රහිත විදේශිකයින් 600ක් දැනටමත් පිටුවහල් කොට ඇත.
6] අවැඩදායි ප්‍රති-ත්‍රස්ත පණත ගොඩදමා ගැනීමේ අවස්ථාව වේගයෙන් අහිමිවීගෙන යයි
7] කෙලින්ම නොකීවත් ඇත්තටම ප්‍රධාන ධාරාවේ මුස්ලිම් ප්‍රජාව පවා ප්‍රතික්ෂේප කරන බුර්කාව හා නිකාබය මුස්ලිම් ප්රජාවතුලින්ම ප්‍රතික්ෂේප වෙමින් යයි. ප්‍රධානම මුස්ලිම් විද්‍යාලයක් වන සහිරා විද්‍යාලය ඉදිරිපිට ගසා ඇති පුවරුව මෙයට සාක්ෂි සපයයි.
8] අන්තවාදය උගන්වන නීති විරෝධී මුස්ලිම් පල්ලි වසාදමන ලෙස කියන්නේ මුස්ලිම් වියතුන්ගේ සංවිධානයයි. අන්තවාදී, වහාබ්වාදී නාඩගම රටෙන් තුරන්කොට, ප්‍රධාන ධාරාවේ ඉස්ලාමය ඉස්මතුවෙමින් යයි. එය ජමාතයින්ට අවැඩ, රටේ සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවට හොඳ ප්රවනතාවයකි.
9] බෞද්ධයන්, කිතුණුවන් කෝපගන්වමින් රටපුරා හැම අස්සක, මුල්ලකම ඉදිවෙන මුස්ලිම් පල්ලි ව්‍යාප්තය අඩාලවනු ඇත.
9] බෞද්ධයන්, කිතුණුවන් කෝපගන්වමින් රටපුරා හැම අස්සක, මුල්ලකම ඉදිවෙන මුස්ලිම් පල්ලි ව්‍යාප්තය අඩාලවනු ඇත.
සහිරා විද්‍යාලය ඉදිරිපිට ගේට්ටුවේ සවිකොට ඇති නිවේදනය - ඡායාරූපය ට්විටර් ගිණුමකිනි |
ආවේගශීලී, කෙටිකාලීන සැලසුම් හා දීර්ඝකාලීන උපක්‍රමීය චින්තයක් නොමැතිවීම නිසා විනාශවී යන මුස්ලිම් ලෝකය.
1] පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ලොව පලමු මුස්ලිම් ත්‍රස්ත සංවිධානයයි. එහෙත් එය ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වන්නට ක්‍රියාකලේ ඇමරිකාව, ඊශ්‍රායලය හා තවත් බටහිර රටවල් කිහිපයක් පමණයි. ලොව වෙනත් රටවල් සියල්ලටම එය හා එහි නායක යසර් අරෆත් පලස්තීනු ජනයාගේ විමුක්ති අරගලයේ නායකයායි.
එහෙත් අදවන විටත් පලස්තීන ජනයාට ලැබුණු විමුක්තියක් නැත. මෙයට ඊශ්‍රායලය හා ඇමරිකාවට බැණ වැදුනද ගැටලුව ඇත්තේ පලස්තීනුවන් අතර ඇති අසමගිය, අසීමිත වෛරය හා අනෙකාට යම් ජයග්‍රහණයක් ලබාදී තමන්ද ජය ලැබීමේ උපායමාර්ගය ප්‍රතික්ෂේප කිරීමයි.
2] පැරණි ඉතිහාසයක් ඇති, සෞම්‍ය දේශගුණයක් හා, සාරවත් පසක් ඇති ලෙබනනයට ධනවත්, සාමකාමී, සමෘධිමත් රටක් වීමේ ඉහල සම්භාවිතාවයක් ඇත. එහෙත් 1975 සිටම විවිධ සිවිල් යුද්ධ, අරගල ආක්‍රමණ වලට මුහුණදි සිටී. හේතුව වැඩිවශයෙන්ම රටතුල සිටින ශියා හා සුන්නි මුස්ලිම්වරුන්ගේ බල අරගල හා ඒ සඳහා විදෙස් මැදිහත්වීම්වලට ඉඩසැලසීමයි.
3] ඉරානය තෙල්සම්පතින් අනූන, ස්වභාවික සම්පත් සපිරි වාසනාවන්ත රටකි. එහෙත් අවාසනාවට මූළධර්මවාදී පාලනය, නූතන ලෝකයෙන් වෙන්ව, දැඩි මූළධර්මවාදී පාලනයක් ගෙනයාම, වෙනත් රටවල අන්තවාදී සංවිධානවලට මුදල් යෙදවීම, සමූළඝාතක අවි නිපදවාගැනීමේ උමතුව නිසා ලෝකයේ ධනවත්ම මැදපෙරදිග රට බවට පත්වීමේ අවස්ථාව අහිමිකරගෙන සිටී.
4] ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, පැරණි ශිෂ්ඨාචාරයකට හිමිකම් කියයි. මානව ශිෂ්ඨාරයේ එක් තිඹිරිගෙයක් පැරණි ඉරාකයේ පිහිටා ඇත. සදාම් හුසේන් ඉරානය සමග කල යුද්ධයෙන් මහා සම්පත් ප්‍රමාණයක් විනාශකර ගන්නා ලදී. එහෙත් ඔහු ඉරාකය ඉහල යටිතල පහසුකම් ඇති, ඉතා හොඳින් උගත් ජනතාවක් සිටින රටක් බවට පත්කලේය. එහෙත් කෲර පාලකයෙකු වූ අතර ඔහුගේ අවසානය මෙන්ම ඉරාක ජනතාවගේ විනාශයේ ආරම්භය වූයේ කුඩා, නිරයුධ රටක්වූ කුවේටය ආක්‍රමණය කිරීමයි. දැඩි විනාශයකින් එම ආක්‍රමණය අවසන්වූ අතර අසීමාන්තික ලෙස ඇමරීකාව ඇතුලු බටහිර ප්රකෝපගැන්වීම, රසායණික අවි සිවිල් වැසියන් වෙත මුදා හැරීම, ජනඝාතක අවි ලබාගැනීමට උත්සහ කිරීම ආදි අදුරදර්ශී අඥාණ ක්‍රියා නිසා අදවන විට ලක්ෂ ගණන් මියගිය, පූර්ණලෙසම විනාශවූ රටක් වී ඇත.
5] පාකිස්තානයද ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, ඉපැරණි ජනතාවක් වෙසෙන, බොහෝ ස්වභාවික සම්පත් ඇති, අතිශයින්ම ධනවත්වීමේ සම්භාවිතාවයක් ඇති රටකි. එහෙත් අද වනවිට, අස්ථාවර, ඉන්දියාව සමග අහේතුකව ගැටුම් ඇතිකර ගන්නා, බළලෝභී, අඥාණ පාලකයින් ඉන්න රටක් වී ඇත. දේශපාලනිකව රට අස්ථාවරය. වාර්ගික ගැටුම්, ඉස්ලාම් නිකායන් අතර ගැටුම් නිරන්තරයෙන් සිදුවේ. ඇෆ්ඝනිස්ථානය ආසන්නයේ ඇති දුශ්කර ප්‍රදේශවල රජයේ පාලනයක් නැති තරම්ය.
ලෝකයට විශාල ගණිතමය හා විද්‍යාත්මක ඥාණයක් ලබාදුන්, ඉතා ධනවත් සිටුවරුන් ජීවත්වූ, මහා අධිරාජ්‍ය ගොඩනැගූ මුස්ලිම් ලෝකය අද විනාශවෙමින් යයි. තවමත් ධනවත් අරාබි රටවල් ඇති නමුත් ඒවාවලින් බොහොමයක් නිදහස්, නිවහල් මිනිසුන් වෙසෙන රටවල් නොවේ. සෞදි අරාබිය, කටාරය, ජෝර්දානය, කුවේටය, ඕමානය ආදී රටවල් ධනවත් වුවත් ඒ තෙල් සම්පතෙන් හා ඒ හා බැඳුනු පෙට්‍රෝලියම් ආර්ථිකයෙනි. වේගයෙන් විදුලි වාහනවලට, ප්ලාස්ටික් විමුක්ත පරිසරයකට යන, පරිගණක තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ජාන ඉන්ජිනේරු විද්‍යාව ආදී තාක්ෂණයන් හරහා නව කාර්මික විප්ලයවක් කරා වේගයෙන් යන ලෝකයත් සමග තෙල් සල්ලි වලින් සමෘධිය පවත්වාගෙන යන රටවල් වලට තව කොතෙක් කල් එලෙස සිටිය හැකිද?