සොයාගත් ස්ථානය - 1936දී යාපනයේ වඩමාරච්චි පෙදෙසින් හමුවිය.
දිස්වීම - රන් පත්‍රයක, පේලි හතරක ලියවුනු 2වැනි සියවසේ භ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විතය.
යුගය - ක්‍රිව: 126-170 රජකල වසභ රජ සමයේ පැරණි සිංහල භාෂාවෙන් (භ්‍රාමීය අක්ෂර යොදාගෙන) ලියා ඇත.
සන්නසේ පණිවුඩය - සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
පරිවර්තනය - ශ්‍රේෂ්ඨ වසභ රජු රාජ්‍ය කරන සමයේදී, ඉසිගිරිය ඇමති නකදිව (නාගදීපය එනම් යාපනය ) පරිපාලනය ගෙන යන අතරතුර පියගුක තිස නැමැත්තෙක් බදකර-අතනේ (එනම් පැරණි වල්ලිපුරම් ප්‍රදේශයේ ) විහාරයක් කරවන ලදී.
වැදගත්කම - මෙම සන්නස ඉතිහාසඥයින්ට වැදගත් වන්නේ, එමගින් නකදිව හෙවත් නාගදීපය ලෙස මහාවංශයේ, චුලවංශයේ සඳහන් වන ස්ථානය නූතන යාපනය බවට තහවුරු වීමයි. නාගදීපය හෙවත් නූතන යාපනය බුදුන් වැඩි නාගදීපයම බවත්, සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට ගොඩබැස්ස ජම්මුකොළපටුණ වරාය යාපනයේ කන්කසන්තුරේ අසල වරායක් බවත් තහවුරු කරගැනීමටද මේ සන්නස උපකාරී වුනා.